< السورة السابقة | فهرس السور | السورة التالية >
surah092
Al-Lail (92)
The Night, makkah, 21 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلَّيْلِ إِذَا يَغْشَىٰ ١
(සියල්ල) සඟවා ගන්නා (අන්ධකාර) රාත්‍රිය මත සත්තකින්ම!
وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ ٢
ආලෝකමත් දහවල මත සත්තකින්ම!
وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ ۳
පිරිමි, ගැහැනුන්ව උත්පාදනය කළ අය මත සත්තකින්ම!
إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ ٤
(මිනිසුනේ!) නියත වශයෙන්ම ඔබගේ උත්සාහයන් විවිධ අන්දමට ඇත්තේය.
فَأَمَّا مَنْ أَعْطَىٰ وَٱتَّقَىٰ ٥
එබැවින් (ඔබගෙන්) කවුරුන් දානමාන කර, (අල්ලාහ්ට) බිය වී-
وَصَدَّقَ بِٱلْحُسْنَىٰ ٦
(මෙම ධර්මයෙහි ඇති) හොඳ කාරණාවන්ද (හොඳ යයි) සත්‍යය කර තබන්නේද-
فَسَنُيَسِّرُهُۥ لِلْيُسْرَىٰ ۷
ඔහුට (ස්වර්ගයට අයත් ඍජු) මාර්ගය අපි පහසුවෙන් ලබා දෙන්නෙමු.
وَأَمَّا مَنۢ بَخِلَ وَٱسْتَغْنَىٰ ۸
කවුරුන් මසුරුකම් කර, (අල්ලාහ්වද) නොසලකා-
وَكَذَّبَ بِٱلْحُسْنَىٰ ۹
(මෙම ධර්මයෙහි ඇති) හොඳ කාරණාවන්ද බොරු කර තබන්නේද-
فَسَنُيَسِّرُهُۥ لِلْعُسْرَىٰ ١۰
ඔහුට අමාරුකමට අයත් (නිරයෙහි) මාර්ගයම අපි පහසු කර තබන්නෙමු.
وَمَا يُغْنِى عَنْهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ ١١
ඔහු (නිරයෙහි) වැටෙන විට ඔහුගේ වස්තුව, ඔහුට (කිසිම) ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත.
إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ ١٢
නියත වශයෙන්ම ඍජු මාර්ගය පෙන්වීමම අපගේ යුතුකම වන්නේය.
وَإِنَّ لَنَا لَلْءَاخِرَةَ وَٱلْأُولَىٰ ١۳
නියත වශයෙන්ම මෙලොවද, පරලොවද අපගේමය.
فَأَنذَرْتُكُمْ نَارًۭا تَلَظَّىٰ ١٤
(මක්කාවාසීනී!) දළු ලා දැවෙන ගින්න ගැන මා ඔබට බිය ගන්වා අනතුරු අඟවන්නෙමි!
لَا يَصْلَىٰهَآ إِلَّا ٱلْأَشْقَى ١٥
ඉතාමත් අභාග්‍යවන්තයෙකු මිස, (වෙන කිසිවෙකුත්) ඒ තුළට ඇතුළු වන්නේ නැත.
ٱلَّذِى كَذَّبَ وَتَوَلَّىٰ ١٦
ඔහු (අපගේ ආයාවන්) බොරු කර, ප්‍රතික්ෂේප කර දමනු ඇත.
وَسَيُجَنَّبُهَا ٱلْأَتْقَى ١۷
භය භක්තිකයාම එයින් බේරෙනු ඇත.
ٱلَّذِى يُؤْتِى مَالَهُۥ يَتَزَكَّىٰ ١۸
ඔහු (පාපයන්ගෙන් තමන්ව) පරිශුද්ධ කර ගැනීම පිණිස තමන්ගේ වස්තුව (දානමාන වශයෙන්) දෙනු ඇත.
وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعْمَةٍۢ تُجْزَىٰٓ ١۹
ඔහු පිළිතුරු වශයෙන් දිය හැකි අන්දමට කිසිවෙකුගේ කෘතඥභාවයක් ඔහු කෙරෙහි නොතිබියදී-
إِلَّا ٱبْتِغَآءَ وَجْهِ رَبِّهِ ٱلْأَعْلَىٰ ٢۰
ඉතාමත් උසස් තම දෙවියන්ගේ ශුද්ධ වූ බාර ගැනීම කැමති වී (දානමාන කරනු ඇත).
وَلَسَوْفَ يَرْضَىٰ ٢١
(දෙවියන් ඔහුට ලබා දෙන වරප්‍රසාදයන් ගැන) පසුව ඔහුද තෘප්තියට පත් වන්නේය.