< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلضُّحَىٰ ۝١

පෙරවරුවේ (ආලෝකය) මත සත්තකින්ම!

وَٱلَّيْلِ إِذَا سَجَىٰ ۝٢

සඟවා ගන්නා (අන්ධකාර) රාත්‍රිය මත සත්තකින්ම!

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ ۝۳

(නබියේ!) ඔබගේ දෙවියන් ඔබව අත්හැර දැමුවේද නැත. (ඔබව) පිළිකුල් කළේද නැත.

وَلَلْءَاخِرَةُ خَيْرٌۭ لَّكَ مِنَ ٱلْأُولَىٰ ۝٤

(ඔබගේ) පසු තත්වය පෙර තත්වයට වඩා නියත වශයෙන්ම ඔබට ඉතාමත් උසස් වශයෙන් ඇත්තේය.

وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰٓ ۝٥

ඔබගේ දෙවියන් නැවත (නැවතත් විවිධ උසස් පදවීන්) ඔබට ලබා දෙනු ඇත. (එමගින්) ඔබ තෘප්තියට පත් වන්නෙහිය.

أَلَمْ يَجِدْكَ يَتِيمًۭا فَـَٔاوَىٰ ۝٦

අනාථයෙකු වශයෙන් ඔබව දුටු ඔහු (ඔබට) වාසස්ථානයක් (ලබා දී අනුග්‍රහය) දැක්වූවේ නැද්ද?

وَوَجَدَكَ ضَآلًّۭا فَهَدَىٰ ۝۷

යමක් කර කියා ගත නොහැකිව ඔබ සිටිනු දුටු ඔහු ඍජු මාර්ගයෙහි (ඔබව) ඇතුළු කළේය.

وَوَجَدَكَ عَآئِلًۭا فَأَغْنَىٰ ۝۸

දිළිඳුකමින් සිටි ඔබව දුටු ඔහු, (ඔබව) ධනවතෙකු බවට පත් කර හැරියා (නොවෙද?)

فَأَمَّا ٱلْيَتِيمَ فَلَا تَقْهَرْ ۝۹

(එබැවින් (මේවාට කෘතඥ වනු පිණිස) ඔබ අනාථයින් සමග කෝප නොවනු.

وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنْهَرْ ۝١۰

හිඟමන් ඉල්ලන්නාව එළවා නොදමනු.

وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ ۝١١

(ඔබව දැන සිටින) ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන් (අන් අයට) දැනුම් දී (ඔහුට කෘතඥ වෙමින්) සිටිනු මැනව!