< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلشَّمْسِ وَضُحَىٰهَا ۝١

සූර්යයා මතද, එහි ආලෝකය මතද-

وَٱلْقَمَرِ إِذَا تَلَىٰهَا ۝٢

(එය අවරට ගිය) පසු එය පසුපස උදා වන චන්ද්‍රයා මතද-

وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا ۝۳

(සූර්යයා) ආලෝකවත් වන දහවල මතද-

وَٱلَّيْلِ إِذَا يَغْشَىٰهَا ۝٤

(එය) වසා ගන්නා රාත්‍රිය මතද අහස මතද-

وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا ۝٥

එය උත්පාදනය කළ අය මතද-

وَٱلْأَرْضِ وَمَا طَحَىٰهَا ۝٦

භූමිය මතද එය දිග හැරූ අය මතද-

وَنَفْسٍۢ وَمَا سَوَّىٰهَا ۝۷

ආත්මය මතද, එය (මිනිසා වශයෙන්) නිර්මාණය කළ අය මතද-

فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا ۝۸

එහි හොඳ නරක එයට දැනුම් දුන් අය මතද සත්තකින්ම!

قَدْ أَفْلَحَ مَن زَكَّىٰهَا ۝۹

කවුරුන් (පාපයන්ගෙන් ඈත් වී) තමන්ව පරිශුද්ධ කර ගත්තේද, ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කළේය.

وَقَدْ خَابَ مَن دَسَّىٰهَا ۝١۰

කවුරුන් එය (පාපයෙහි) වළලා දැම්මේද, ඔහු නියත වශයෙන්ම පරාජය අත් කර ගත්තේය.

كَذَّبَتْ ثَمُودُ بِطَغْوَىٰهَآ ۝١١

සමූද් නමැති සමූහය (සාලිහ් නබිව) තමන්ගේ අපරාධය මගින් බොරුකාරයා කළහ.

إِذِ ٱنۢبَعَثَ أَشْقَىٰهَا ۝١٢

ඔවුන්ගෙන් වූ එක් අභාග්‍යවන්තයෙකු ඉදිරියට පැමිණි විට-

فَقَالَ لَهُمْ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقْيَٰهَا ۝١۳

අල්ලාහ්ගේ දූතයා (වන සාලිහ් නබි) ඔවුන්ට “(මෙය) අල්ලාහ්ගේ ඔටු දෙනකි. (මෙයට වේදනා නොකරද) මෙයට වතුර බීම (වළක්වා නොකරද) අත්හැර දමනු” යයි පැවසුවේය.

فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنۢبِهِمْ فَسَوَّىٰهَا ۝١٤

එහෙත් ඔවුන් ඔහුව බොරුකර, උගේ කකුලේ නහරය කපා දැමූහ. එබැවින් ඔවුන්ගේ දෙවියන් ඔවුන්ගේ මෙම පාපයෙහි හේතුවෙන් ඔවුන් කෙරෙහි දඬුවම පහළ කර, ඔවුන් සියල්ලන්වම (බිමට) සමතලා කර දැමුවේය.

وَلَا يَخَافُ عُقْبَٰهَا ۝١٥

මෙම තීරණය ගැන (තමන්ව පළි ගනු ලබාවිදෝ යයි) ඔහු බිය වූවේ නැත.