< السورة السابقة | فهرس السور | السورة التالية >
surah079
An-Naazi'aat (79)
Those who drag forth, makkah, 46 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلنَّٰزِعَٰتِ غَرْقًۭا ١
(පාපතරයින්ගේ ආත්මය) තදින් උදුරා ගන්නා අය මත සත්තකින්ම!
وَٱلنَّٰشِطَٰتِ نَشْطًۭا ٢
(හොඳ අයගේ ආත්මය පහසුවෙන්) අත්පත් කර ගන්නා අය මත සත්තකින්ම!
وَٱلسَّٰبِحَٰتِ سَبْحًۭا ۳
(අහසෙහිද, මුහුදෙහිද) අධි වේගයෙන් (පියාඹා) පිහිනා යන අය මත සත්තකින්ම!
فَٱلسَّٰبِقَٰتِ سَبْقًۭا ٤
(දෙවියන්ගේ නියෝගය ඉටු කිරීමට) තරඟ කරමින් ඉදිරියට යන අය මතද සත්තකින්ම!
فَٱلْمُدَبِّرَٰتِ أَمْرًۭا ٥
සියලූ කාරණාවන්ම (දෙවියන්ගේ නියෝගයට අනුව) පරිපාලනය කරන අය මතද සත්තකින්ම!
يَوْمَ تَرْجُفُ ٱلرَّاجِفَةُ ٦
(දරුණු භූමි කම්පාවෙන් භූමිය) දැඩි ලෙස චලනය වන දිනදී,
تَتْبَعُهَا ٱلرَّادِفَةُ ۷
(නැවත) නැවතත් ඉන් පසුවද නොකඩවා (බොහොමයක් භූමි චලනයන්) පැමිණෙන (දින අනිවාර්යයෙන්ම යුග අවසානය සිදු වන්නේය).
قُلُوبٌۭ يَوْمَئِذٍۢ وَاجِفَةٌ ۸
එදිනදී හෘදයන් සියල්ල තිගැස්සී වෙව්ලමින් තිඛෙණු ඇත.
أَبْصَٰرُهَا خَٰشِعَةٌۭ ۹
ඔවුන්ගේ බැල්ම නම්, (බියෙන්) පහත හෙළමින් තිඛෙණු ඇත.
يَقُولُونَ أَءِنَّا لَمَرْدُودُونَ فِى ٱلْحَافِرَةِ ١۰
(මෙසේ තිබියදී ප්රතික්ෂේප කරන්නන් මෙය ප්රතික්ෂේප කර) “අපි (මරණයට පත් වූ පසු) ඇත්තෙන්ම (පණ ලබා දී) කළින් තිබූ තත්වයට ආපසු ගෙන එනු ලබන්නෙමුද?”
أَءِذَا كُنَّا عِظَٰمًۭا نَّخِرَةًۭ ١١
“(එයත්) අපි දිරා පත් වී ඇට කටු බවට පත් වූ පසුද, (පණ ලබා දී නැගිට්ටවනු ලබන්නෙමුද?)” යයි පවසන්නාහ.
قَالُوا۟ تِلْكَ إِذًۭا كَرَّةٌ خَاسِرَةٌۭ ١٢
“එසේ නම්, එය ඉමහත් අලාභ සහිත ආපසු ගැනීමකි” යයිද ඔවුන් (සමච්චලයෙන් මෙන්) පවසන්නාහ.
فَإِنَّمَا هِىَ زَجْرَةٌۭ وَٰحِدَةٌۭ ١۳
(මෙය එසේ සිදු විය හැකි දැයක් නොව යයි ඔවුන්ට දැනෙන්නට ඉඩ ඇත. එහෙත් අපට නම්) එය එක්තරා භයානක චලනයක්, (එක්තරා බලපෑමක් හා භයානක ශබ්දයක්) පමණකි.
فَإِذَا هُم بِٱلسَّاهِرَةِ ١٤
එවෙලේම ඔවුන් (සියල්ලන්ම පණ ලැබී නැගිට විත්) එක්තරා ස්ථානයක ඒකරාශී වන්නාහ.
هَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ ١٥
(නබියේ!) මූසාගේ පුවත ඔබට ළඟා වූවේද?
إِذْ نَادَىٰهُ رَبُّهُۥ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًى ١٦
‘තුවා’ නමැති පරිශුද්ධ වූ ඇළට ඔහුගේ දෙවියන් ඔහුව කැඳවා,
ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ ١۷
“නියත වශයෙන්ම ෆිර්අව්න් සීමාව ඉක්මවා ගියේය.
فَقُلْ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ ١۸
ඔබ ඔහු වෙත ගොස් (ඔහුට “පාපයන්ගෙන් ඈත්ව) ඔබ පරිශුද්ධවන්තයෙකු බවට පත් වීමට කැමැත්තෙහිද?”
وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ ١۹
“(එසේ නම්) ඔබ දෙවියන් දෙසට යා හැකි මාර්ගය මා ඔබට දැනුම් දෙන්නෙමි. ‘ඔහුට ඔබ බිය වනු’යි පවසනු” (යයි මූසාට දෙවියන් නියෝග කළේය).
فَأَرَىٰهُ ٱلْءَايَةَ ٱلْكُبْرَىٰ ٢۰
(මූසා ඔහු වෙත ගොස් එසේ පවසා) විශාල ප්රාතිහාර්යයක්ද ඔහුට පෙන්වූවේය.
فَكَذَّبَ وَعَصَىٰ ٢١
එහෙත් ඔහු නම්, (එය) බොරු කර, (ඔහු කියූ දැයට) වෙනස්කම් කළේය.
ثُمَّ أَدْبَرَ يَسْعَىٰ ٢٢
පසුව (ඔහුව) ප්රතික්ෂේප කර, (ඔහුට විපත් කිරීමටද) උත්සාහ කළේය.
فَحَشَرَ فَنَادَىٰ ٢۳
මේ වෙනුවෙන් (තම ජනතාව) ඒකරාශී කර, (ඔවුන්ට) නිවේදනයක්ද නිකුත් කළේය.
فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلْأَعْلَىٰ ٢٤
(ඔවුන්ට) “මමයි ඔබට උසස් දෙවියන්” යයිද පැවසුවේය.
فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلْءَاخِرَةِ وَٱلْأُولَىٰٓ ٢٥
එබැවින් අල්ලාහ් ඔහුව මෙලොව හා පරලොව දඬුවම මගින් අල්ලා ගත්තේය.
إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةًۭ لِّمَن يَخْشَىٰٓ ٢٦
ඇත්තෙන්ම බිය වන්නන්ට මෙහි එක්තරා හොඳ පාඩමක් ඇත්තේය.
ءَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ ٱلسَّمَآءُ ۚ بَنَىٰهَا ٢۷
(මිනිසුනේ! හැඩරුව) නිර්මාණයෙහි ඔබ බලවන්තයින්ද? නැතහොත් ඔහු උත්පාදනය කළ අහසද?
رَفَعَ سَمْكَهَا فَسَوَّىٰهَا ٢۸
ඔහුම එහි මුදුන ඔසවා එය සැලසුම් කළේය.
وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَىٰهَا ٢۹
එබැවින් එහි රාත්රිය අන්ධකාර කර, (සූර්යයා මගින්) දහවල එළියට ගෙන, (ආලෝකමත්) කළේය.
وَٱلْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَىٰهَآ ۳۰
මින් පසුව ඔහුම භූමිය දිග හැරියේය.
أَخْرَجَ مِنْهَا مَآءَهَا وَمَرْعَىٰهَا ۳١
ඔහුම එයින් ජලයද, තණ (බිම්)ද ඉකුත් කරන්නේය.
وَٱلْجِبَالَ أَرْسَىٰهَا ۳٢
කඳුද ඔහුම එහි ස්ථීරවත් කළේය.
مَتَٰعًۭا لَّكُمْ وَلِأَنْعَٰمِكُمْ ۳۳
ඔබටද ඔබගේ සතුන්ටද ප්රයෝජනවත් විය හැකි දැයද (එහි නිර්මාණය කළේය).
فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلْكُبْرَىٰ ۳٤
(විනිශ්චය දින) ඉමහත් වූ විපත පැමිණියහොත්-
يَوْمَ يَتَذَكَّرُ ٱلْإِنسَٰنُ مَا سَعَىٰ ۳٥
මිනිසා කළ සෑම දැයක්ම එදිනදී ඔහුගේ මතකයට නැගෙනු ඇත.
وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِمَن يَرَىٰ ۳٦
බලන්නෙකුට (පෙණෙන අන්දමට) නිරය ඉදිරියට ගෙනැවිත් තබනු ඇත.
فَأَمَّا مَن طَغَىٰ ۳۷
කවුරුන් සීමාව ඉක්මවා (විනිශ්චය දිනය ප්රතික්ෂේප කර)
وَءَاثَرَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا ۳۸
මෙලොව ජීවිතය තෝරා ගත්තේද
فَإِنَّ ٱلْجَحِيمَ هِىَ ٱلْمَأْوَىٰ ۳۹
නියත වශයෙන්ම ඔහු රැදෙන ස්ථානය නිරයයි.
وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفْسَ عَنِ ٱلْهَوَىٰ ٤۰
කවුරුන් තම දෙවියන්ගේ සන්නිධානයෙහි (ප්රශ්න කිරීම සඳහා නැගී සිටීම) ගැන බිය වී (පහත් වර්ගයේ ශරීර) ආශාවන්ගෙන් ඈත්ව තමන්ව වළක්වා ගත්තේද-
فَإِنَّ ٱلْجَنَّةَ هِىَ ٱلْمَأْوَىٰ ٤١
නියත වශයෙන්ම ඔහු රැදෙන ස්ථානය ස්වර්ගයයි.
يَسْـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرْسَىٰهَا ٤٢
(නබියේ!) විනිශ්චය දිනය ගැන එය කවදා එන්නේදැයි ඔබගෙන් ඔවුන් විමසන්නාහ.
فِيمَ أَنتَ مِن ذِكْرَىٰهَآ ٤۳
ඒ ගැන ඔබ මතක් කර (දීම මිස, පවසන්නට) ඇත්තේ කුමක්ද?
إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ ٤٤
එහි අවසානය නම්, ඔබ දෙවියන් වෙතම ඇත්තේය.
إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخْشَىٰهَا ٤٥
ඒ ගැන බිය වන්නන්ට නියත වශයෙන්ම ඔබ බියගන්වා අනතුරු අඟවන්නෙකු (මිස, වෙන කිසිවෙකු නොව. එය පැමිණෙන සමයද, කාලයද දැන්වීම ඔබගේ යුතුකමක් නොව).
كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوٓا۟ إِلَّا عَشِيَّةً أَوْ ضُحَىٰهَا ٤٦
එය ඔවුන් (දෑසින්) දකින දිනදී සවස හෝ නැතහොත් උදේ හෝ එක අල්ප මොහොතක් මිස, (මෙලොවදී) රැඳී සිටියේ නැත යයිම ඔවුන්ට දැනෙනු ඇත.