< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ عَبَسَ وَتَوَلَّىٰٓ ۝١

(අපගේ නබිවරයා වන) ඔහු කෝපයෙන් වෙව්ලූවේය. ප්‍රතික්ෂේප කළේය. (කුමක් සඳහාද?)

أَن جَآءَهُ ٱلْأَعْمَىٰ ۝٢

තමන් වෙත එක් අන්ධයෙකු පැමිණි නිසාය.

وَمَا يُدْرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ ۝۳

(නබියේ! ඔබ වෙත පැමිණි) ඔහු, පරිශුද්ධවන්තයෙකු බවට පත් විය හැකිය යන්න ඔබ දන්නෙහිද?

أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكْرَىٰٓ ۝٤

නැතහොත් (ඔබගේ හොඳ ඔවදන) ඔහු සිතා, හොඳ ඔවදන මගින් ඔහු ප්‍රයෝජනයක් අත් කර ගත හැකිය යන්න ඔබ දන්නෙහිද?

أَمَّا مَنِ ٱسْتَغْنَىٰ ۝٥

(එසේ තිබියදී ඔහුව ඔබ කුමක් නිසා කෝපයෙන් වෙව්ලා ප්‍රතික්ෂේප කළෙහිද? නබියේ! ධර්මය) කවුරුන් නොසළකා හරින්නේද,

فَأَنتَ لَهُۥ تَصَدَّىٰ ۝٦

ඔහු දෙසටම ඔබගේ අවධානය යොමු කරන්නෙහිය.

وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ ۝۷

ඔහු පරිශුද්ධවන්තයෙකු බවට පත් නොවුවහොත් ඒ ගැන ඔබ කෙරෙහි කිසිම වැරැද්දක් නැත (නොවෙද!)

وَأَمَّا مَن جَآءَكَ يَسْعَىٰ ۝۸

කවුරුන් (තමන් විසින්ම) ඔබ වෙත දිව එන්නේද,

وَهُوَ يَخْشَىٰ ۝۹

ඔහුම (අල්ලාහ්ට) බිය වන්නෙකි.

فَأَنتَ عَنْهُ تَلَهَّىٰ ۝١۰

එහෙත් ඔබ ඔහුව නොසලකා හරින්නෙහිය.

كَلَّآ إِنَّهَا تَذْكِرَةٌۭ ۝١١

එසේ කිරීම හොඳක් නොව. (ශුද්ධ වූ කුර්ආනය වන) මෙය ඇත්තෙන්ම හොඳ ඔවදනකි.

فَمَن شَآءَ ذَكَرَهُۥ ۝١٢

කවුරුන් (ඍජු මාර්ගයෙහි යාමට) කැමති වන්නේද, ඔහු මෙයට (සවන් දී) මතකයේ තබා ගන්නේය.

فِى صُحُفٍۢ مُّكَرَّمَةٍۢ ۝١۳

මෙම අල්කුර්ආනය ඉතාමත් ගෞරවණීය පුස්තකයකි,

مَّرْفُوعَةٍۢ مُّطَهَّرَةٍۭ ۝١٤

ඉතාමත් ශ්‍රේෂ්ඨය, පරිශුද්ධය (ලව්හුල් මහ්ෆූල් නමැති)

بِأَيْدِى سَفَرَةٍۢ ۝١٥

ඉතාමත් ගෞරවණීය හොඳ අය වන ලියන්නන්ගේ අත්වලින් (ලියන ලදී)

كِرَامٍۭ بَرَرَةٍۢ ۝١٦

ඔවුහු ගෞරවාන්විතය පිරිසිදුය.

قُتِلَ ٱلْإِنسَٰنُ مَآ أَكْفَرَهُۥ ۝١۷

(පාපයන් කරන) මිනිසාට විනාශයයි! ඔහු කොපමණ කෙළෙහිගුණ නොදන්නෙකු වශයෙන් සිටින්නේද!

مِنْ أَىِّ شَىْءٍ خَلَقَهُۥ ۝١۸

කුමක් මගින් ඔහුව උත්පාදනය කරනු ලැබ ඇත්තේද (යන්න ඔහු අවධානය කළෙහිද?)

مِن نُّطْفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ ۝١۹

එක් ඉන්ද්‍රිය බිඳක් මගින්ම ඔහුව උත්පාදනය කර, (ඔහු සිටින මේ ආකාරයටම, ඔහුව මිනිසා වශයෙන් නිර්මාණය කර), ඔහුව සැලසුම් කළේය.

ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ ۝٢۰

පසුව ඔහු (කරනු ලබන පව් පින්වලට අයත්) මාර්ගය ඔහුට පහසු කර තැබුවේය.

ثُمَّ أَمَاتَهُۥ فَأَقْبَرَهُۥ ۝٢١

පසුව ඔහුව මරණයට පත් වීමට සලස්වා, සොහොනෙහි ඔහුව ඇතුළු කර හරින්නේය.

ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ ۝٢٢

පසුව ඔහු කැමති අවස්ථාවක (පණ දී) ඔහුව නැගිට්ටවන්නේය.

كَلَّا لَمَّا يَقْضِ مَآ أَمَرَهُۥ ۝٢۳

එහෙත් නියත වශයෙන්ම ඔහු, ඔහුගේ නියෝගයන් ඉටු කරන්නේ නැත.

فَلْيَنظُرِ ٱلْإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ ۝٢٤

තවද මිනිසා තමන්ගේ ආහාරය, (එය කොහි සිට, කෙසේ නම් පැමිණෙන්නේද යන්න පොඩියක්) අවධානය කර බැලිය යුතුය.

أَنَّا صَبَبْنَا ٱلْمَآءَ صَبًّۭا ۝٢٥

නියත වශයෙන්ම අපිම බොහෝ ජලය වසින්නට සලස්වා-

ثُمَّ شَقَقْنَا ٱلْأَرْضَ شَقًّۭا ۝٢٦

පසුව භූමියද, පුපුරා (පැළෙන්නට සලස්වා)-

فَأَنۢبَتْنَا فِيهَا حَبًّۭا ۝٢۷

පසුව එයින් බීජයන් පැළවී වැඩෙන්නට සලස්වන්නෙමු.

وَعِنَبًۭا وَقَضْبًۭا ۝٢۸

(මෙසේ) මිදි (පලතුරු) ද (වෙනත්) එළවළුද,

وَزَيْتُونًۭا وَنَخْلًۭا ۝٢۹

සෙයිතූන් (ඔලිව්)ද, ඉඳිද,

وَحَدَآئِقَ غُلْبًۭا ۝۳۰

ඝනට වැඩුණු අතුවලින් පිරි වතුද,

وَفَٰكِهَةًۭ وَأَبًّۭا ۝۳١

පලතුරු වර්ගද, තණ, ගස්වැල් ආදියද, ,

مَّتَٰعًۭا لَّكُمْ وَلِأَنْعَٰمِكُمْ ۝۳٢

ඔබටද ඔබගේ සතුන්ටද, ප්‍රයෝජනවත් වන සේ ඉකුත් කරන්නෙමු.

فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ ۝۳۳

(යුග අවසන් වන විට) කණ් බිහිර වන තරමට (භයානක) ශබ්දයක් ඇති වන්නේ නම්,

يَوْمَ يَفِرُّ ٱلْمَرْءُ مِنْ أَخِيهِ ۝۳٤

එදිනදී මිනිසා (තිගැස්සී) තම සහෝදරයාගෙන්ද,

وَأُمِّهِۦ وَأَبِيهِ ۝۳٥

තම මවගෙන්ද, තම පියාගෙන්ද,

وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ ۝۳٦

තම භාර්යයාවගෙන්ද, තම දරුවන්ගෙන්ද ඈත් වී වේගයෙන් දුවන්නේය.

لِكُلِّ ٱمْرِئٍۢ مِّنْهُمْ يَوْمَئِذٍۢ شَأْنٌۭ يُغْنِيهِ ۝۳۷

එදිනදී ඔවුන්ගෙන් සෑම මිනිසෙකුටම අන් අයව සලකන්නට නොහැකි තත්වයක් ඇති වනු ඇත.

وُجُوهٌۭ يَوْمَئِذٍۢ مُّسْفِرَةٌۭ ۝۳۸

(එහෙත්) එදිනදී සමහර මුහුණු අලෝකමත්ව ඇති ඒවා වශයෙන්ද-

ضَاحِكَةٌۭ مُّسْتَبْشِرَةٌۭ ۝۳۹

සන්තෝෂයෙන් සිනහමුසු ඒවා වශයෙන්ද ඇත.

وَوُجُوهٌۭ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌۭ ۝٤۰

එදිනදී වෙනත් සමහර මුහුණු මත දූවිලි වැදී තිඛෙණු ඇත.

تَرْهَقُهَا قَتَرَةٌ ۝٤١

(ශෝකයෙන්) අන්ධකාර වී තිඛෙණු ඇත.

أُو۟لَٰٓئِكَ هُمُ ٱلْكَفَرَةُ ٱلْفَجَرَةُ ۝٤٢

මොවුන්ම (විනිශ්චය දිනය) ප්‍රතික්ෂේප කර, පාපයන් කරන්නන්ය.