< السورة السابقة | فهرس السور | السورة التالية >
surah078
An-Naba (78)
The Announcement, makkah, 40 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ عَمَّ يَتَسَآءَلُونَ ١
(නබියේ!) කුමක් ගැන ඔවුන් කෙනෙකුට කෙනෙකු විමසා ගන්නෙහුද?
عَنِ ٱلنَّبَإِ ٱلْعَظِيمِ ٢
අති ශ්‍රේෂ්ඨ වූ පුවත ගැන (නොවේද?)
ٱلَّذِى هُمْ فِيهِ مُخْتَلِفُونَ ۳
ඒ ගැන ඔවුන් පරස්පර විරෝධී (අදහස් දරමින්) සිටින්නාහ.
كَلَّا سَيَعْلَمُونَ ٤
(නොඑසේය). ඉතා ඉක්මනින් ඔවුන් (සත්‍යය) හොඳින් දැන ගන්නාහ.
ثُمَّ كَلَّا سَيَعْلَمُونَ ٥
අනිවාර්යයෙන්ම ඉතා ඉක්මනින් (එහි සත්‍යය) හොඳින් දැන ගන්නාහ.
أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ مِهَٰدًۭا ٦
(මෙතරම් විශාල) භූමිය අපි (ඔබට) තොටිල්ලක් වශයෙන්ද,
وَٱلْجِبَالَ أَوْتَادًۭا ۷
කඳු, සවි කරන ලද ඇණ වශයෙන්ද නිර්මාණය කළේ නැද්ද?
وَخَلَقْنَٰكُمْ أَزْوَٰجًۭا ۸
ජෝඩු ජෝඩු වශයෙන් ඔබව අපිම උත්පාදනය කර ඇත්තෙමු.
وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًۭا ۹
අපිම ඔබගේ නින්ද, (ඔබට) විරාමයක් බවට පත් කළෙමු.
وَجَعَلْنَا ٱلَّيْلَ لِبَاسًۭا ١۰
අපිම රාත්‍රිය (ඔබට) පොරවණයක් බවට පත් කළෙමු.
وَجَعَلْنَا ٱلنَّهَارَ مَعَاشًۭا ١١
අපිම දහවල (ඔබගේ) ජීවනෝපාය (සොයා ගන්නා කාලය) බවට පත් කළෙමු.
وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًۭا شِدَادًۭا ١٢
ඔබට ඉහළින් ඇති ශක්තිමත් අහස් හතද අපිම නිර්මාණය කළෙමු.
وَجَعَلْنَا سِرَاجًۭا وَهَّاجًۭا ١۳
එහි (සූර්යයා) ආලෝකය විහිදුවන (මිණි) පහනක් වශයෙන්ද නිර්මාණය කළෙමු.
وَأَنزَلْنَا مِنَ ٱلْمُعْصِرَٰتِ مَآءًۭ ثَجَّاجًۭا ١٤
ඝන වලාකුළෙන් ඉමහත් වර්ෂාව වසින්නට සලස්වන්නෙමු.
لِّنُخْرِجَ بِهِۦ حَبًّۭا وَنَبَاتًۭا ١٥
එමගින් ධාන්‍යයද, පැළෑටිද, ගස් කොළන්ද පැළවෙන්නට සලස්වන්නෙමු.
وَجَنَّٰتٍ أَلْفَافًا ١٦
අතුවලින් ගහණ වූ උයන් වතුද (උත්පාදනය කරන්නෙමු).
إِنَّ يَوْمَ ٱلْفَصْلِ كَانَ مِيقَٰتًۭا ١۷
නියත වශයෙන්ම (මොවුන් තර්ක කර, ප්‍රතික්ෂේප කරමින් සිටින) එම විනිශ්චය දිනයම (විනිශ්චය කිරීමට) නියමිත කාලය වන්නේය.
يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ فَتَأْتُونَ أَفْوَاجًۭا ١۸
(ඒ වෙනුවෙන්) සූර් (නමැති හොරණෑව කවදා හෝ) පිඹිනු ලබන දිනදී ඔබ සමූහ සමූහ වශයෙන් පැමිණෙනු ඇත.
وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتْ أَبْوَٰبًۭا ١۹
අහස විවර කරනු ලැබ, (එහි) විවිධ මාර්ගයන් ඇති වන්නේය.
وَسُيِّرَتِ ٱلْجِبَالُ فَكَانَتْ سَرَابًا ٢۰
කඳු (තම ස්ථානයෙන් බැහැර වී) තල්ලූ කරනු ලැබ, සුණු විසුණු වී (පාවී) යනු ඇත.
إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًۭا ٢١
නියත වශයෙන්ම නිරය (මෙම පාපතරයන්ගේ පැමිණීම) බලාපොරොත්තුවෙන් සිටින්නේය.
لِّلطَّٰغِينَ مَـَٔابًۭا ٢٢
(පාපතරයන් වන) මෙම සීමාව ඉක්මවූවන්ගේ වාසස්ථානය එයයි.
لَّٰبِثِينَ فِيهَآ أَحْقَابًۭا ٢۳
එහි ඔවුන් කල්ප කල්පාන්තයක් රැඳී සිටිනු ඇත.
لَّا يَذُوقُونَ فِيهَا بَرْدًۭا وَلَا شَرَابًا ٢٤
ඔවුන් (වෙනත් කිසිම) පානයක් හෝ සිසිළක් හෝ සුවය විඳින්නේ නැත,
إِلَّا حَمِيمًۭا وَغَسَّاقًۭا ٢٥
එහි උතුරණ ලෝදියත්, සැරවත් මිස.
جَزَآءًۭ وِفَاقًا ٢٦
(එය ඔවුන්ගේ ක්‍රියාවන්ට) සරිලන ඵලවිපාක වන්නේය.
إِنَّهُمْ كَانُوا۟ لَا يَرْجُونَ حِسَابًۭا ٢۷
(මන්දයත්) නියත වශයෙන්ම ඔවුන් (විනිශ්චය දින) ප්‍රශ්න ගණනය කිරීම විශ්වාස කළේම නැත.
وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَا كِذَّابًۭا ٢۸
අපගේ ආයාවන් බොරු කරමින්ම සිටියහ.
وَكُلَّ شَىْءٍ أَحْصَيْنَٰهُ كِتَٰبًۭا ٢۹
එහෙත් මේ සියල්ල අපි (අපගේ සටහන්) පොතෙහි සටහන් කර ගත්තෙමු.
فَذُوقُوا۟ فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا ۳۰
එබැවින් (විනිශ්චය දිනදී ඔවුන්ට) “දඬුවම මිස, අපි ඔබට (වෙන කිසිවක්) අධික නොකරන්නෙමු. එබැවින් (මෙය) විඳ බලනු” (යයි පවසන්නෙමු).
إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا ۳١
(නමුත්) භය භක්තියෙන් යුත් අයට නම්, නියත වශයෙන්ම ඉමහත් භාග්‍යයන් ඇත.
حَدَآئِقَ وَأَعْنَٰبًۭا ۳٢
(වාසය කිරීමට) උයන් වතුද, (අනුභවයට) මිදි පලතුරුද,
وَكَوَاعِبَ أَتْرَابًۭا ۳۳
(භාර්යයාවන් වශයෙන්) සම වයසෙන් යුත් (රූපලාවන්‍යයෙන් පිරි) කන්‍යාවන්ද,
وَكَأْسًۭا دِهَاقًۭا ۳٤
(පානයන්ගෙන්) පිරි කුසලානද, (ඔවුන්ට ලැඛෙණු ඇත).
لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًۭا وَلَا كِذَّٰبًۭا ۳٥
එහිදී ඔවුන් කිසිම පුහු වදනක් හෝ බොරුවක් හෝ සවන් නොදෙන්නාහ.
جَزَآءًۭ مِّن رَّبِّكَ عَطَآءً حِسَابًۭا ۳٦
(මේවා සියල්ල මොවුන්ගේ පින් වලට) සරිලන ඵලවිපාක වශයෙන්ම (ලැඛෙණු ඇත. ඊට අමතරව) ඔබ දෙවියන්ගේ සන්නිධානයෙන් පරිත්‍යාග වශයෙන්ද, (තවත් බොහොමයක්ද ඔවුන්ට ලැඛෙණු ඇත).
رَّبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ٱلرَّحْمَٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًۭا ۳۷
ඔහුම අහස් හා භූමිය ආදී මේවා අතරේ ඇති සියල්ලේ අයිතිකරුය. අසීමිත දයාබරවන්තයෙකි. එහෙත් (එදිනදී කිසිවෙකුත්) ඔහු ඉදිරියේ කතා කිරීමට ශක්තියක් අත් කර නොගන්නාහ.
يَوْمَ يَقُومُ ٱلرُّوحُ وَٱلْمَلَٰٓئِكَةُ صَفًّۭا ۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَٰنُ وَقَالَ صَوَابًۭا ۳۸
(ජිබ්රීල් නමැති පරිශුද්ධ) ආත්මයද, මලායිකාවරුන්ද, කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් සිටින එදිනදී කිසිවෙකුත් ඔහු ඉදිරියේ කතාද නොකරන්නාහ. එහෙත් කවුරුන් රහ්මාන්ගේ අනුමැතිය ලබා ගත් අතර සත්‍යය (පමණක්) කියන්නේද, ඔහු හැර.
ذَٰلِكَ ٱلْيَوْمُ ٱلْحَقُّ ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا ۳۹
මෙවැනි දින (පැමිණීම) නියතය! එබැවින් කැමති අය තම දෙවියන් වෙතම වාසස්ථානය සොයා ගත යුතුය.
إِنَّآ أَنذَرْنَٰكُمْ عَذَابًۭا قَرِيبًۭا يَوْمَ يَنظُرُ ٱلْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ ٱلْكَافِرُ يَٰلَيْتَنِى كُنتُ تُرَٰبًۢا ٤۰
නියත වශයෙන්ම ඔබට සමීපවුණු එක් දඬුවමක් ගැන අපි අනතුරු අඟවන්නෙමු. එදිනදී සෑම මිනිසෙකුම තම දෑතින් (සිදු කර) යැවූ දැය (තම දෑසින්) දැක ගන්නේය. ප්‍රතික්ෂේප කරන්නන් නම්, තමන් පස් බවට පත්වීම සිටියා නම් අගනේය නොවේදයි දෝඩවන්නාහ!