< السورة السابقة | فهرس السور | السورة التالية >
surah024
An-Noor (24)
The Light, madinah, 64 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ سُورَةٌ أَنزَلْنَٰهَا وَفَرَضْنَٰهَا وَأَنزَلْنَا فِيهَآ ءَايَٰتٍۭ بَيِّنَٰتٍۢ لَّعَلَّكُمْ تَذَكَّرُونَ ١
(මෙය) එක් පරිච්ඡේදයකි. මෙය අපිම පහළ කර, (මෙහි ඇති නිති රීති) අපිම නියම කර ඇත්තෙමු. තවද (මෙමගින්) ඔබ හොඳ වැටහීමක් ලබා ගැනීම පිණිස පැහැදිලි ආයාවන්ම අපි මෙහි පහළ කර ඇත්තෙමු.
ٱلزَّانِيَةُ وَٱلزَّانِى فَٱجْلِدُوا۟ كُلَّ وَٰحِدٍۢ مِّنْهُمَا مِا۟ئَةَ جَلْدَةٍۢ ۖ وَلَا تَأْخُذْكُم بِهِمَا رَأْفَةٌۭ فِى دِينِ ٱللَّهِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ ۖ وَلْيَشْهَدْ عَذَابَهُمَا طَآئِفَةٌۭ مِّنَ ٱلْمُؤْمِنِينَ ٢
අපචාරයේ හැසිරෙන ගැහැනිය, අපචාරයේ හැසිරෙන පිරිමියා, මොවුන්ගෙන් සෑම කෙනෙකුටම කස පහරවල් සියයක් ගසනු. ඇත්තෙන්ම ඔබ අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස කරන්නන් වශයෙන් සිටින්නෙහු නම් අල්ලාහ් නියම කළ මෙම නියෝගය ඉටු කිරීමෙහි, ඒ දෙදෙනාගේ කාරණාවෙහි ඔබට ආදර කරුණාව ඇති නොවිය යුතුය. ඔවුන් දෙදෙනාට (දඬුවම වශයෙන්) වේදනා ගෙන දෙන අවස්ථාවේදී, විශ්වාසවන්තයින්ගෙන් එක් කණ්ඩායමක් (එයට) සාක්ෂි වශයෙන් එහි සිටිය යුතුය.
ٱلزَّانِى لَا يَنكِحُ إِلَّا زَانِيَةً أَوْ مُشْرِكَةًۭ وَٱلزَّانِيَةُ لَا يَنكِحُهَآ إِلَّا زَانٍ أَوْ مُشْرِكٌۭ ۚ وَحُرِّمَ ذَٰلِكَ عَلَى ٱلْمُؤْمِنِينَ ۳
(දීන වූ) අපචාරයේ යෙදෙන පිරිමියෙකු (තමන් මෙන්) අපචාරයේ යෙදෙන ගැහැනියෙකු, නැතහොත් සමානයන් තබා නමදින ගැහැනියෙකු මිස, (වෙන කිසිවෙකු) විවාහ කර නොගන්නේය. (එසේම) අපචාරයේ යෙදෙන ගැහැනියක් (දීන වූ) අපචාරයේ යෙදෙන පිරිමියෙකු, නැතහොත් සමානයන් තබා නමදින්නෙකු මිස, (වෙන කිසිවෙකු) විවාහ කර නොගන්නීය. මෙවැනි විවාහය විශ්වාසයවන්තයි-න්ට තහනම් කර ඇත්තේය.
وَٱلَّذِينَ يَرْمُونَ ٱلْمُحْصَنَٰتِ ثُمَّ لَمْ يَأْتُوا۟ بِأَرْبَعَةِ شُهَدَآءَ فَٱجْلِدُوهُمْ ثَمَٰنِينَ جَلْدَةًۭ وَلَا تَقْبَلُوا۟ لَهُمْ شَهَٰدَةً أَبَدًۭا ۚ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْفَٰسِقُونَ ٤
කවුරුන් පතිවත රකින කාන්තාවන් කෙරෙහි අපවාද කියා, (එයට අවශ්‍ය) සාක්ෂීන් හතරක් ඔවුන් නොගෙනාවහොත් ඔවුන්ට ඔබ කස පහරවල් අසූවක් ගසනු. පසුව ඔවුන් (එවැන්නන්) පවසන සාක්ෂිය කිසි කලෙක බාර නොගනු. (මන්දයත්) නියත වශයෙන්ම ඔවුන් (සීමාව ඉක්මවූ) නපුරන්ය.
إِلَّا ٱلَّذِينَ تَابُوا۟ مِنۢ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ٥
එහෙත් (මොවුන්ගෙන්) කවුරුන් හෝ මින් පසුව (තමන්ගේ වැරදිවලින්) ඈත් වී පසුතැවිලි වී (තමන්ගේ ගති පැවතුම්) පිළිසකර කර ගතහොත් නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුන්ට) සමාව දෙන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَٱلَّذِينَ يَرْمُونَ أَزْوَٰجَهُمْ وَلَمْ يَكُن لَّهُمْ شُهَدَآءُ إِلَّآ أَنفُسُهُمْ فَشَهَٰدَةُ أَحَدِهِمْ أَرْبَعُ شَهَٰدَٰتٍۭ بِٱللَّهِ ۙ إِنَّهُۥ لَمِنَ ٱلصَّٰدِقِينَ ٦
කවුරුන් හෝ තමන්ගේ භාර්යයාවන් කෙරෙහි (අපචාර) චෝදනා ඉදිරිපත් කර, තමන් හැර ඔවුන් වෙත සාක්ෂීන් (හතරක්) නොතිබුණහොත් තනියෙන් (පවසන ඔහුගේ සාක්ෂිය බාර ගැනීම සඳහා) ඔහු නියත වශයෙන්ම තමන් සත්‍යයම පවසන බවට අල්ලාහ් මත හතර වාරයක් දිව්රා පැවසිය යුතු අතර;
وَٱلْخَٰمِسَةُ أَنَّ لَعْنَتَ ٱللَّهِ عَلَيْهِ إِن كَانَ مِنَ ٱلْكَٰذِبِينَ ۷
පස්වැනි වාරයේදී (මෙම කාරණාවෙහි) තමන් බොරු පවසන්නෙකු වශයෙන් වුවහොත්, නියත වශයෙන්ම අල්ලාහ්ගේ ශාපය තමන් මත ඇති විය යුතුය යයිද (ඔහු පැවසිය යුතුය).
وَيَدْرَؤُا۟ عَنْهَا ٱلْعَذَابَ أَن تَشْهَدَ أَرْبَعَ شَهَٰدَٰتٍۭ بِٱللَّهِ ۙ إِنَّهُۥ لَمِنَ ٱلْكَٰذِبِينَ ۸
(ඔහුගේ භාර්යයාව වැරදිකාරියක් නොවූවද), ඇය තමන් මත නියම කළ යුතු දඬුවමෙන් මිදීම සඳහා (ඇය එය ප්‍රතික්ෂේප කර) නියත වශයෙන්ම (තමන්ගේ ස්වාමිපුරුෂයා වන) ඔහු බොරුවක්ම පවසන්නේය යයි අල්ලාහ් මත දිව්රා හතර වාරයක් පැවසිය යුතු අතර;
وَٱلْخَٰمِسَةَ أَنَّ غَضَبَ ٱللَّهِ عَلَيْهَآ إِن كَانَ مِنَ ٱلصَّٰدِقِينَ ۹
පස්වැනි වරට ඇත්තෙන්ම ඔහු (මෙම කාරණාවෙහි) සත්‍යය පවසා සිටයේ නම්, තමන් මත අල්ලාහ්ගේ ශාපය ඇති විය යුතුය යයිද, (ඇය පැවසිය යුතුය. මෙමගින් ඇය කෙරෙහි නියම විය යුතු දඬුවම පහ කර හරිනු ලැබේ).
وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ وَأَنَّ ٱللَّهَ تَوَّابٌ حَكِيمٌ ١۰
අල්ලාහ්ගේ දයාවද, ඔහුගේ කරුණාවද ඔබ කෙරෙහි නොතිබී නියත අල්ලාහ් පාපයන්ට ඉතාමත් සමාව දෙන්නෙකු වශයෙන්ද, ඥානවන්තයෙකු වශයෙන්ද නොසිටියේ නම්, (ඔබගේ පවුල් ජීවිතයම කැඩී බිඳී විසිරී යන්නට ඉඩ තිබුණි).
إِنَّ ٱلَّذِينَ جَآءُو بِٱلْإِفْكِ عُصْبَةٌۭ مِّنكُمْ ۚ لَا تَحْسَبُوهُ شَرًّۭا لَّكُم ۖ بَلْ هُوَ خَيْرٌۭ لَّكُمْ ۚ لِكُلِّ ٱمْرِئٍۢ مِّنْهُم مَّا ٱكْتَسَبَ مِنَ ٱلْإِثْمِ ۚ وَٱلَّذِى تَوَلَّىٰ كِبْرَهُۥ مِنْهُمْ لَهُۥ عَذَابٌ عَظِيمٌۭ ١١
කවුරුන් (ආයිෂා (රළි) තුමිය මත බොරු ගොතා) අපවාද පැවසුවෝද ඔවුන්ද, ඔබගෙන් වූ එක් සමුහයකි! (විශ්වාසවන්තයිනි! ඔබගේ සතුරන් අදහස් කරමින් සිටි අන්දමට) ඔබට යම්කිසි හානියක් එමගින් ඇති වූවේ යයි ඔබ නොසිතිය යුතුය. (සතුරන්ගේ අදහසට විරුද්ධව) එය ඔබට යහපතක් වශයෙන්ම අවසන් විය. අපවාද පැවසූ සෑම කෙනෙකුටම ඔවුන් (අපවාද පවසා) සොයා ගත් පාපයෙහි ප්‍රමාණයට සරිලන දඬුවම් ඇත. මෙම අපවාදයෙහි ඔවුන්ගෙන් කවුරුන් ඉමහත් දායකත්වයක් දැරුවෝද, ඔවුන්ට ඉමහත් දඬුවම් ඇත.
لَّوْلَآ إِذْ سَمِعْتُمُوهُ ظَنَّ ٱلْمُؤْمِنُونَ وَٱلْمُؤْمِنَٰتُ بِأَنفُسِهِمْ خَيْرًۭا وَقَالُوا۟ هَٰذَآ إِفْكٌۭ مُّبِينٌۭ ١٢
විශ්වාසවන්තයින් වන ඔබ - පිරිමිද, ගැහැණුද- මෙය ආරංචි වූ වහාම තමන් (මෙන් විශ්වාසවන්තයින්) ගැන හොඳ පැහැදීමක් ඇති කරගෙන “මෙය පැහැදිලි අපවාදයකි” යයි පැවසිය යුතු නොවේද?
لَّوْلَا جَآءُو عَلَيْهِ بِأَرْبَعَةِ شُهَدَآءَ ۚ فَإِذْ لَمْ يَأْتُوا۟ بِٱلشُّهَدَآءِ فَأُو۟لَٰٓئِكَ عِندَ ٱللَّهِ هُمُ ٱلْكَٰذِبُونَ ١۳
(අපවාද පැවසූ) ඔවුන් මෙයට අවශ්‍ය සාක්ෂීන් හතරක් ගෙන ආ යුතු නොවෙද? මෙයට අයත් සාක්ෂීන් ඔවුන් නොගෙනා බැවින් නියත වශයෙන්ම ඔවුන්ම බොරුකාරයින් යයි අල්ලාහ් වෙතම ඇති විය.
وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ لَمَسَّكُمْ فِى مَآ أَفَضْتُمْ فِيهِ عَذَابٌ عَظِيمٌ ١٤
මෙලොවදීද, පරලොවදීද ඔබ කෙරෙහි අල්ලාහ්ගේ දයාවද, කරුණාවද නොතිබුණේ නම්, මෙය ඔබ (දුර දිග නොබලා) ස්ථාපිත කරමින් සිටි හේතුවෙන් ඉමහත් වූ දඬුවම ඔබව අල්ලා ගන්නට ඉඩ තිබුණි.
إِذْ تَلَقَّوْنَهُۥ بِأَلْسِنَتِكُمْ وَتَقُولُونَ بِأَفْوَاهِكُم مَّا لَيْسَ لَكُم بِهِۦ عِلْمٌۭ وَتَحْسَبُونَهُۥ هَيِّنًۭا وَهُوَ عِندَ ٱللَّهِ عَظِيمٌۭ ١٥
(අපවාදයක් වන) මෙය ඔබ (කෙනෙකුගෙන් කෙනෙකු වශයෙන්) ඔබගේ දිවෙන් (මුවින්) ගෙන, ඔබ (ස්ථීරව) නොදන්නා කාරණාවක් ඔබගේ මුවින් පවසමින් සැරිසරන්නෙහුය. මෙය ඔබ සාමාන්‍ය දැයක් වශයෙන්ද ගණනය කළෙහුය. නමුත් මෙය නම්, අල්ලාහ්ගේ සන්නිධානයෙහි (පාපයන්ගෙන්) මෙය ඉමහත් දැයක් වශයෙන් ඇත්තේය.
وَلَوْلَآ إِذْ سَمِعْتُمُوهُ قُلْتُم مَّا يَكُونُ لَنَآ أَن نَّتَكَلَّمَ بِهَٰذَا سُبْحَٰنَكَ هَٰذَا بُهْتَٰنٌ عَظِيمٌۭ ١٦
ඔබ මෙය ආරංචි වූ සැණින් “මෙවැනි කාරණාවක් අපි (අපගේ මුවින්) කතා කිරීමද අපට සුදුසු නැත. ඔබ ඉතාමත් අති පරිශුද්ධවන්තයෙකි. මෙය ඉමහත් අපවාදයකි” යයි ඔබ පැවසිය යුතු නොවේද?
يَعِظُكُمُ ٱللَّهُ أَن تَعُودُوا۟ لِمِثْلِهِۦٓ أَبَدًا إِن كُنتُم مُّؤْمِنِينَ ١۷
ඇත්තෙන්ම ඔබ විශ්වාසවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, මෙවැනි කාරණාවෙහි මින් පසු කිසි කලෙක ඔබ ඇතුළු නොවී සිටින මෙන් අල්ලාහ් ඔබට හොඳ ඔවදන් දෙන්නේය.
وَيُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْءَايَٰتِ ۚ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ١۸
(මෙසේ) අල්ලාහ් තමන්ගේ ආයාවන් ඔබට විවරණය කර පවසන්නේය. අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
إِنَّ ٱلَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ ٱلْفَٰحِشَةُ فِى ٱلَّذِينَ ءَامَنُوا۟ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ ۚ وَٱللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ ١۹
කවුරුන් (මින් පසුවද) විශ්වාසවන්තයින් අතරේ (මෙවැනි) අවමන් ගෙන දෙන කාරණාවන් විසුරුවා හැරීමට අදහස් කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම මෙලොවදීද, පරලොවදීද ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම් ඇත. (එමගින් ඇති වන හානිය) අල්ලාහ්ම හොඳින් දන්නේය. ඔබ නොදන්නෙහුය.
وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ وَأَنَّ ٱللَّهَ رَءُوفٌۭ رَّحِيمٌۭ ٢۰
අල්ලාහ්ගේ දයාවද, කරුණාවද ඔබ කෙරෙහි නොතිබී, අල්ලාහ් ඉමහත් ආදරයෙන් යුත්තෙකු වශයෙන්ද, කරුණාවන්තයෙකු වශයෙන්ද නොසිටියේ නම්, (ඔහුගේ දඬුවම් දැනටමත් ඔබව අල්ලා ගන්නට ඉඩ තිබුණි).
۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّبِعُوا۟ خُطُوَٰتِ ٱلشَّيْطَٰنِ ۚ وَمَن يَتَّبِعْ خُطُوَٰتِ ٱلشَّيْطَٰنِ فَإِنَّهُۥ يَأْمُرُ بِٱلْفَحْشَآءِ وَٱلْمُنكَرِ ۚ وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ مَا زَكَىٰ مِنكُم مِّنْ أَحَدٍ أَبَدًۭا وَلَٰكِنَّ ٱللَّهَ يُزَكِّى مَن يَشَآءُ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌۭ ٢١
විශ්වාසවන්තයිනි! ෂෙයිතාන්ගේ පා සටහන් අනුගමනය නොකරනු. (මන්දයත්) කවුරුන් ෂෙයිතාන්ගේ පා සටහන් අනුගමනය කර යන්නේද ඔහුව, ඔහු අවමන් ගෙන දෙන කාරණාවන්ද, පාපතර ක්‍රියාවන්ද කරන මෙන් නියත වශයෙන්ම පොළඹවමින්ම සිටිනු ඇත. අල්ලාහ්ගේ දයාවද කරුණාවද ඔබ කෙරෙහි නොතිබුණේ නම්, ඔබගෙන් කිසිවෙකුත් කිසි කලෙක පරිශුද්ධවන්තයෙකු වශයෙන් සිටිය නොහැක. එහෙත් අල්ලාහ් තමන් අදහස් කරන අයව පරිශුද්ධවන්තයින් බවට පත් කරන්නේය. අල්ලාහ් සවන් දෙන්නෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
وَلَا يَأْتَلِ أُو۟لُوا۟ ٱلْفَضْلِ مِنكُمْ وَٱلسَّعَةِ أَن يُؤْتُوٓا۟ أُو۟لِى ٱلْقُرْبَىٰ وَٱلْمَسَٰكِينَ وَٱلْمُهَٰجِرِينَ فِى سَبِيلِ ٱللَّهِ ۖ وَلْيَعْفُوا۟ وَلْيَصْفَحُوٓا۟ ۗ أَلَا تُحِبُّونَ أَن يَغْفِرَ ٱللَّهُ لَكُمْ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌ ٢٢
ඔබගෙන් වූ (වස්තූන්ගෙන්) වරප්‍රසාද ලත් අයද, (අනුන්ට උදව් කිරීමට) හැකි අයද, (තමන්ගේ) ඥාතීන්ට හෝ දුප්පතුන්ට හෝ අල්ලාහ්ගේ මාර්ගයෙහි හිජ්රත් කළ අයට හෝ (කිසිවක්) නොදෙන්නෙමි යයි නොදිව්රිය යුතුය. (ඔවුන්ගෙන් ඔබට යම්කිසි අවැඩක් සිදු වී තිබුණේ නම්) එයට සමාව දී (පරණ හිතේ අමාරුව) ගණනයට නොගෙන අත්හැර දමනු. අල්ලාහ් ඔබට සමාව දීම ඔබ කැමති නොවන්නෙහුද? අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.
إِنَّ ٱلَّذِينَ يَرْمُونَ ٱلْمُحْصَنَٰتِ ٱلْغَٰفِلَٰتِ ٱلْمُؤْمِنَٰتِ لُعِنُوا۟ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌۭ ٢۳
කවුරුන් විශ්වාසවන්ත පතිවත රකින අහිංසක කාන්තාවන් කෙරෙහි අපවාද චෝදනා කරන්නෙහුද, ඔවුන් නියත වශයෙන්ම මෙලොවදීද පරලොවදීද (දෙවියන්ගේ) ශාපයට ලක් වන්නාහ. තවද (පරලොවදී) ඔවුන්ට ඉමහත් වූ දඬුවම් ඇත.
يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ وَأَيْدِيهِمْ وَأَرْجُلُهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ ٢٤
(නබියේ! එක් දිනක් ගැන ඔබ ඔවුන්ට මතක් කර දෙනු). එදිනදී ඔවුන්ගේ දිවද (මුවද), ඔවුන්ගේ අත්ද, ඔවුන්ගේ කකුල්ද, (පවා) ඔවුන්ට විරුද්ධව ඔවුන් කළ දැය සම්බන්ධයෙන් සාක්ෂි දරණු ඇත.
يَوْمَئِذٍۢ يُوَفِّيهِمُ ٱللَّهُ دِينَهُمُ ٱلْحَقَّ وَيَعْلَمُونَ أَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ ٱلْمُبِينُ ٢٥
එදිනදී (ඔවුන්ගේ ක්‍රියාවන්ට) සාධාරණව ලැබිය යුතු ඵළවිපාක අල්ලාහ් ඔවුන්ට පූරණ වශයෙන්ම දෙනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සත්‍යය එළිදරව් කළ හැකි අයෙකි යන්න ඔවුන් දැන ගනු ඇත.
ٱلْخَبِيثَٰتُ لِلْخَبِيثِينَ وَٱلْخَبِيثُونَ لِلْخَبِيثَٰتِ ۖ وَٱلطَّيِّبَٰتُ لِلطَّيِّبِينَ وَٱلطَّيِّبُونَ لِلطَّيِّبَٰتِ ۚ أُو۟لَٰٓئِكَ مُبَرَّءُونَ مِمَّا يَقُولُونَ ۖ لَهُم مَّغْفِرَةٌۭ وَرِزْقٌۭ كَرِيمٌۭ ٢٦
නරක ගැහැනුන් නරක පිරිමින්ටද, නරක පිරිමි නරක ගැහැනුන්ටද සුදුසු අයයි. (එසේම) පරිශුද්ධ වූ ගැහැනුන් පරිශුද්ධ වූ පිරිමින්ටද, පරිශුද්ධ වූ පිරිමින් පරිශුද්ධ වූ ගැහැනුන්ටද, සුදුසු අයයි. මෙවැන්නන්ම (මෙම වංචනිකයින්) පවසන අඩුපාඩුවලින් පරිශුද්ධවන්ත වූවන්ය. මොවුන්ට (පරලොවදී) සමාවද ඇත. ගෞරවණීය (අන්දමේ) ආහාරද ඇත.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَدْخُلُوا۟ بُيُوتًا غَيْرَ بُيُوتِكُمْ حَتَّىٰ تَسْتَأْنِسُوا۟ وَتُسَلِّمُوا۟ عَلَىٰٓ أَهْلِهَا ۚ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ ٢۷
විශ්වාසවන්තයිනි! ඔබට අයත් නැති නිවෙස් වලට (ඇතූළු වීමට අදහස් කළහොත්) එහි සිටින අයට සලාම් කියා (ඔවුන්ගේ) අනුමැතිය ලැඛෙන තුරු ඇතුළු නොවනු. මෙසේ කටයුතු කිරීම ඔබටම ඉතාමත් හොඳය. (මෙය අමතක නොකර) ඔබ අවධානයේ තබා ගනු මැනව!
فَإِن لَّمْ تَجِدُوا۟ فِيهَآ أَحَدًۭا فَلَا تَدْخُلُوهَا حَتَّىٰ يُؤْذَنَ لَكُمْ ۖ وَإِن قِيلَ لَكُمُ ٱرْجِعُوا۟ فَٱرْجِعُوا۟ ۖ هُوَ أَزْكَىٰ لَكُمْ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌۭ ٢۸
එම නිවසෙහි (සිටින්නන්ගෙන්) කිසිවෙකුත් ඔබ නොදුටුවහොත් ඔබට අනුමැතිය ලැඛෙන තුරු එහි ඇතුළු නොවනු. (තවද මේ අතර නිවසට ඇතුළු නොවී) ‘ඔබ ආපසු හැරෙනු’ යයි (එම නිවසේ සිටින ගැහැනුන් ආදී කවුරුන් හෝ) ඔබට කියනු ලැබුවහොත් ඒ අන්දමටම ඔබ ආපසු හැරෙනු. මෙයම ඔබව පරිශුද්ධ කර තබනු ඇත. ඔබ කරන දැය අල්ලාහ් හොඳින් දැන ගන්නේය.
لَّيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَدْخُلُوا۟ بُيُوتًا غَيْرَ مَسْكُونَةٍۢ فِيهَا مَتَٰعٌۭ لَّكُمْ ۚ وَٱللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ ٢۹
(විශ්වාසවන්තයිනි!) පදිංචිව නැති නිවසක ඔබගේ බඩු බාහිරාදිය යම් කිසිවක් තිබී, (ඒ සඳහා) ඔබ එහි (අනුමැතියක් නොමැතිවම) ඇතුළු වුවහොත් එය ඔබ කෙරෙහි වරදක් නැත. ඔබ (ඔබගේ මනසෙහි) සඟවා ගන්නා දැයද, ඔබ එළිදරව් කරන දැයද අල්ලාහ් හොඳින් දන්නේය.
قُل لِّلْمُؤْمِنِينَ يَغُضُّوا۟ مِنْ أَبْصَٰرِهِمْ وَيَحْفَظُوا۟ فُرُوجَهُمْ ۚ ذَٰلِكَ أَزْكَىٰ لَهُمْ ۗ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا يَصْنَعُونَ ۳۰
(නබියේ!) විශ්වාසවන්ත පිරිමින්ට ඔබ මෙසේ පවසනු. ඔවුන් තමන්ගේ බැල්ම පහතට යොමු කර තබා ගනු. තමන්ගේ රහස් ස්ථානයන්ද ආරක්ෂා කර ගනු. මෙය ඔවුන්ව පරිශුද්ධ කර තබනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් කරන දැය හොඳින් දැන ගන්නේය.
وَقُل لِّلْمُؤْمِنَٰتِ يَغْضُضْنَ مِنْ أَبْصَٰرِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا ۖ وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّ ۖ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوْ ءَابَآئِهِنَّ أَوْ ءَابَآءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنَآئِهِنَّ أَوْ أَبْنَآءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوَٰنِهِنَّ أَوْ بَنِىٓ إِخْوَٰنِهِنَّ أَوْ بَنِىٓ أَخَوَٰتِهِنَّ أَوْ نِسَآئِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَٰنُهُنَّ أَوِ ٱلتَّٰبِعِينَ غَيْرِ أُو۟لِى ٱلْإِرْبَةِ مِنَ ٱلرِّجَالِ أَوِ ٱلطِّفْلِ ٱلَّذِينَ لَمْ يَظْهَرُوا۟ عَلَىٰ عَوْرَٰتِ ٱلنِّسَآءِ ۖ وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِن زِينَتِهِنَّ ۚ وَتُوبُوٓا۟ إِلَى ٱللَّهِ جَمِيعًا أَيُّهَ ٱلْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ ۳١
(නබියේ!) විශ්වාසවන්ත කාන්තාවන්ටද ඔබ මෙසේ පවසනු: ඔවුන්ද තමන්ගේ බැල්ම පහතට යොමු කර තබා ගනිමින් තමන්ගේ පතිවතද ආරක්ෂා කර ගනු. (තවද, තමන්ගේ ශරීරයේ වැඩි හරියක්) පිටතට දැකිය හැකි දැය හැර, තමන්ගේ අලංකාරයද, (ඇඳුම් ආයිත්තම්, ආභරණ වැනි) අලංකාරයද, පිටතට නොපෙන්වා සඟවා ගනු. තමන්ගේ හිස් වස්නා සේලයෙන් ලැමදද සඟවා ගනු. කාන්තාවන් තමන්ගේ ස්වාමිපුරුෂයින්, තමන්ගේ පියවරුන්, තමන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පියවරුන්, තමන්ගේ පුතුන්, තමන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පුතුන්, තමන්ගේ සහෝදරයින්, තමන්ගේ සහෝදරයින්ගේ පුතුන්, තමන්ගේ සහෝදරියන්ගේ පුතුන්, නැතහොත් (මුස්ලීම්වරුන් වන) තමන් (සමග සම්බන්ධකම් ඇති) තමන්ගේ කාන්තාවන්, තමන්ගේ දකුණු අත් හිමි කර ගත් අය, නැතහොත් කාන්තාවන්ගෙන් කැමැත්තක් නැතිව තමන්ව බලාපොරොත්තුවෙන් ජීවත් වන පිරිමින්, කාන්තාවන්ගේ සැඟවුණු අවයවයන් දැන නොගත් කුඩා වයසේ සිටින (පිරිමි) දරුවන් ආදී මොවුන් හැර, (අන් අයටද තමන් හැඳ සිටින ඇඳුම් ආයිත්තම්, ආභරණ වැනි) තමන්ගේ අලංකාරයද, ලක්ෂණද නොපෙන්වනු. තවද තමන්ගේ අලංකාරයෙහි සඟවා ඇති දැය දැනුම් දීමට (භූමියෙහි) තමන්ගේ පාදයන් හප්පමින් ගමන් නොකරනු. විශ්වාසවන්තයිනි! (මෙහි ඔබගෙන් යම්කිසි වරදක් ඇති වුවහොත්) ඔබ සියල්ලන්ම ජයග්‍රහණය කිරීම පිණිස අල්ලාහ් දෙසින්ම පව් සමාව ඉල්ලා (ඔබගේ මනස) හරවා ගනු.
وَأَنكِحُوا۟ ٱلْأَيَٰمَىٰ مِنكُمْ وَٱلصَّٰلِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَآئِكُمْ ۚ إِن يَكُونُوا۟ فُقَرَآءَ يُغْنِهِمُ ٱللَّهُ مِن فَضْلِهِۦ ۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌۭ ۳٢
(පිරිමි වුවද, කාන්තාවන් වුවද) ඔබගෙන් යම්කිසිවෙකුටත් ජීවන සහකරුවෙකු නොසිටියහොත් ඔවුන්ට විවාහ කර දෙනු. (එසේම ජීවන සහකරුවන් නැති) ඔබගේ වහලූන්ගෙන් වූ හොඳ අයටද විවාහ කර දෙනු. ඔවුන් දුප්පතුන් වුවද, අල්ලාහ් තමන්ගේ දයාව මගින් ඔවුන්ව පොහොසතුන් බවට පත් කරනු ඇත. (දානමාන කිරීමෙහි) අල්ලාහ් ඉතාමත් වශාලවන්තයෙකු හා (මිනිසුන්ගේ තත්වය) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
وَلْيَسْتَعْفِفِ ٱلَّذِينَ لَا يَجِدُونَ نِكَاحًا حَتَّىٰ يُغْنِيَهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ ۗ وَٱلَّذِينَ يَبْتَغُونَ ٱلْكِتَٰبَ مِمَّا مَلَكَتْ أَيْمَٰنُكُمْ فَكَاتِبُوهُمْ إِنْ عَلِمْتُمْ فِيهِمْ خَيْرًۭا ۖ وَءَاتُوهُم مِّن مَّالِ ٱللَّهِ ٱلَّذِىٓ ءَاتَىٰكُمْ ۚ وَلَا تُكْرِهُوا۟ فَتَيَٰتِكُمْ عَلَى ٱلْبِغَآءِ إِنْ أَرَدْنَ تَحَصُّنًۭا لِّتَبْتَغُوا۟ عَرَضَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَمَن يُكْرِههُّنَّ فَإِنَّ ٱللَّهَ مِنۢ بَعْدِ إِكْرَٰهِهِنَّ غَفُورٌۭ رَّحِيمٌۭ ۳۳
(දරිද්‍රතාවයෙන්) විවාහ කර ගැනීමට ශක්තියක් නොමැති අය, අල්ලාහ් තමන්ගේ දයාව මගින් (ඔවුන්ගේ දිළිඳුකම පහ කර) වස්තුව ලබා දෙන තුරු ඔවුන් (උපවාසයේ යෙදෙමින්) ස්ථීරව තමන්ගේ පතිවත ආරක්ෂා කර ගත යුතුය. ඔබගේ වහලූන්ගෙන් කවුරුන් හෝ (එක්තරා නියමිත මුදලක් එක්කාසු කර ලබා දෙන බවටද, තමන්ව නිදහස් කර හරින ලෙසටද පවසා, එයට අයත්) හිමිකම් පත්‍රය ලියන මෙන් කැමති වී, එහි ඔවුන් වෙත යහපතක් ඔබ දුටුවහොත් (එනම් නිදහස් වූ පසු ඔවුන් ගෞරවණීය අන්දමට තම ජීවිතය ගත කරනු ඇතියි ඔබ දුටුවහොත්) හිමිකම් පත්‍රය ඔවුන්ට ලියා දෙනු. (විශ්වාසවන්තයිනි!) අල්ලාහ් ඔබට ලබා දී ඇති වස්තුවෙන් ඔබ ඔවුන්ට දී, (ඔවුන්ට නිදහස් වීමට උදව්) කරනු. තම පතිවත රකිමින් සිටින ඔබගේ වහල් ස්ත්‍රීන් මෙලොව ජීවිතයට අයත් එක් අල්ප වස්තුව ඔබට ලබා ගැනීම පිණිස, අපචාරයේ හැසිරෙන ලෙස ඔබ බල නොකරනු. ඔවුන්ව කවුරුන් හෝ බල කිරීමට ලක් කළහොත් නියත වශයෙන්ම බල කිරීමට ලක් වූ ඔවුන්ට අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු හා කරුණාවන්තවද සිටින්නේය. (එහෙත් බල කළ අය ඉමහත් පාපතරයෙකු වන්නේය).
وَلَقَدْ أَنزَلْنَآ إِلَيْكُمْ ءَايَٰتٍۢ مُّبَيِّنَٰتٍۢ وَمَثَلًۭا مِّنَ ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلِكُمْ وَمَوْعِظَةًۭ لِّلْمُتَّقِينَ ۳٤
නියත වශයෙන්ම අපි ඔබට පැහැදිලි කරන ආයාවන්ද, ඔබට පෙර ඉකුත්ව ගිය අයගේ උදාහරණයන්ද, භය භක්තිකයින්ට හොඳ ඔවදන්ද (මෙහි) පහළ කර ඇත්තෙමු.
۞ ٱللَّهُ نُورُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ مَثَلُ نُورِهِۦ كَمِشْكَوٰةٍۢ فِيهَا مِصْبَاحٌ ۖ ٱلْمِصْبَاحُ فِى زُجَاجَةٍ ۖ ٱلزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌۭ دُرِّىٌّۭ يُوقَدُ مِن شَجَرَةٍۢ مُّبَٰرَكَةٍۢ زَيْتُونَةٍۢ لَّا شَرْقِيَّةٍۢ وَلَا غَرْبِيَّةٍۢ يَكَادُ زَيْتُهَا يُضِىٓءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌۭ ۚ نُّورٌ عَلَىٰ نُورٍۢ ۗ يَهْدِى ٱللَّهُ لِنُورِهِۦ مَن يَشَآءُ ۚ وَيَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَٰلَ لِلنَّاسِ ۗ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ ۳٥
අල්ලාහ් අහස් හා භූමිය (ආදි)යෙහි ඉතාමත් ආලෝකමත්ව සිටින්නේය. ඔහුගේ ආලෝකයට ඇති උපමාව පහනක් ඇති ගැබකට සම වන්නේය. එම පහන එක් පළිඟූ බඳුනක් තුළ ඇත්තේය. එම බඳුන නම්, මුතු වලින් නිම වූ තරුවක් මෙන් (බබළමින්) ඇත්තේය. භාග්‍යය ලත් සෙයිතූන් තෙල් (එහි) දවනු ලැබේ. එය පහළ රටවල් වලින්ද නොව; ඉහළ රටවල් වලින්ද නොව. එම තෙල් ස්පර්ශ නොකළා වුවද, බැබළෙන්නේය. (එයත්) ආලෝකය මත ආලෝකයක් වශයෙන් (බැබළෙන්නේය). අල්ලාහ් තමන් අදහස් කරන්නන්ව තම ආලෝකය දෙසට ඇතුළු කරන්නේය. මිනිසුන්ට අල්ලාහ් (තමන්ගේ ගති ගුණයන් දැනුම් දීම පිණිස) මෙවැනි උදාහරණයන් පවසන්නේය. අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකි.
فِى بُيُوتٍ أَذِنَ ٱللَّهُ أَن تُرْفَعَ وَيُذْكَرَ فِيهَا ٱسْمُهُۥ يُسَبِّحُ لَهُۥ فِيهَا بِٱلْغُدُوِّ وَٱلْءَاصَالِ ۳٦
(එම පහන්) නිවෙස්හි (දල්වනු ලැබ) ඇත්තේය. එම නිවාසයන්හි අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය පවසා, එය ගෞරව කරන මෙන් අල්ලාහ් අනුමැතිය දී ඇත්තේය. ඒවායෙහි උදේ සවස ඔහුව සුවිශුද්ධ කරමින්,
رِجَالٌۭ لَّا تُلْهِيهِمْ تِجَٰرَةٌۭ وَلَا بَيْعٌ عَن ذِكْرِ ٱللَّهِ وَإِقَامِ ٱلصَّلَوٰةِ وَإِيتَآءِ ٱلزَّكَوٰةِ ۙ يَخَافُونَ يَوْمًۭا تَتَقَلَّبُ فِيهِ ٱلْقُلُوبُ وَٱلْأَبْصَٰرُ ۳۷
(ඒවායෙහි) බොහොමයක් දෙනා සිටින්නාහ. (ඔවුන් කෙබඳු අයදයත්) ඔවුන්ගේ ආර්ථීක ගනු දෙනු ආදිය ඔවුන් අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය නැමදුම් කිරීමෙන්ද, සලාතය ස්ථීරව ඉෂ්ඨ කිරීමෙන්ද, සකාතය ගෙවීමෙන්ද ඔවුන් වෙනතකට හරවා දමන්නේ නැත. ඔවුන්ගේ හෘදයන්ද බැල්මද (බියෙන් තිගැස්සී) දැඟලිය යුතු දිනය (ගැනම ඔවුන් සෑම විටම) බියෙන් සිටින්නාහ.
لِيَجْزِيَهُمُ ٱللَّهُ أَحْسَنَ مَا عَمِلُوا۟ وَيَزِيدَهُم مِّن فَضْلِهِۦ ۗ وَٱللَّهُ يَرْزُقُ مَن يَشَآءُ بِغَيْرِ حِسَابٍۢ ۳۸
ඔවුන් කරමින් සිටි (දැහැමි) දැයට වඩා අලංකාරවත් ඵලවිපාක අල්ලාහ් ඔවුන්ට දෙනු ඇත. තමන්ගේ දයාව මගින් නැවත (නැවතත්) ඔවුන්ට අධික වශයෙන් ලබා දෙනු ඇත. අල්ලාහ් තමන් අදහස් කරන අයට අප්‍රමාණව ලබා දෙන්නේය.
وَٱلَّذِينَ كَفَرُوٓا۟ أَعْمَٰلُهُمْ كَسَرَابٍۭ بِقِيعَةٍۢ يَحْسَبُهُ ٱلظَّمْـَٔانُ مَآءً حَتَّىٰٓ إِذَا جَآءَهُۥ لَمْ يَجِدْهُ شَيْـًۭٔا وَوَجَدَ ٱللَّهَ عِندَهُۥ فَوَفَّىٰهُ حِسَابَهُۥ ۗ وَٱللَّهُ سَرِيعُ ٱلْحِسَابِ ۳۹
කවුරුන් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූවෝද, ඔවුන්ගේ ක්‍රියාවන් කාන්තාරයේ ඇති වන මිරිඟූව මෙන් ඇත්තේය. පිපාසයට පත් වූ අය එය, ජලය යයි අදහස් කරමින් ඒ අසළට පැමිණෙන විට, කිසිවක් ඔහු දකින්නේ නැත. එහෙත් අල්ලාහ්වම ඒ ස්ථානයේ දකින්නේය. ඔහු මොහුගේ ගණනය අවසන් කර හරින්නේය. (එනම් ඔහුව මරණයට පත් කරන්නේය). අල්ලාහ් ප්‍රශ්න කිරීමෙහි ඉතාමත් තීව්රවන්තයෙකි.
أَوْ كَظُلُمَٰتٍۢ فِى بَحْرٍۢ لُّجِّىٍّۢ يَغْشَىٰهُ مَوْجٌۭ مِّن فَوْقِهِۦ مَوْجٌۭ مِّن فَوْقِهِۦ سَحَابٌۭ ۚ ظُلُمَٰتٌۢ بَعْضُهَا فَوْقَ بَعْضٍ إِذَآ أَخْرَجَ يَدَهُۥ لَمْ يَكَدْ يَرَىٰهَا ۗ وَمَن لَّمْ يَجْعَلِ ٱللَّهُ لَهُۥ نُورًۭا فَمَا لَهُۥ مِن نُّورٍ ٤۰
නැතහොත් (ඔවුන්ගේ වැඩ කටයුතු) මුහුදෙහි ගැලී ඇති අන්ධකාරයට සම වන්නේය. එය රළ මත රළ මගින් වසාගෙන සිටින අතර වලාකුළුද (ඒ මත වැටී) වසාගෙන ඇත්තේය. තවද ඔහු තම අත දිගු කළා වුවද, එය දැක ගත නොහැකි වන තරමට අන්ධකාරයද එකක් මත එකක් වශයෙන් වටකර ගෙන ඇත්තේය. අල්ලාහ් කවුරුන් හට ආලෝකය ලබා නොදුන්නේද, ඔහුට (කිසි තැනක සිට හෝ) කිසිම ආලෝකයක් ළඟා වන්නේ නැත.
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يُسَبِّحُ لَهُۥ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَٱلطَّيْرُ صَٰٓفَّٰتٍۢ ۖ كُلٌّۭ قَدْ عَلِمَ صَلَاتَهُۥ وَتَسْبِيحَهُۥ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِمَا يَفْعَلُونَ ٤١
අහස්හිද, භූමියෙහි ඇති දැයද, (මේවා අතර ඇති දැයද, විශේෂයෙන්) පක්ෂීන්ද, තමන්ගේ) අත් තටු විහිදා (පියාඹමින්) නියත වශයෙන්ම අල්ලාහ්ව සුවිශුද්ධ කරමින් සිටින බව (නබියේ!) ඔබ නුදුටුවෙහිද? මේවා සියල්ල තමන් සුවිශුද්ධ කරමින් නැමදිය යුතු ආකාරයට නියත වශයෙන්ම දැනගෙනම සිටින්නාහ. අල්ලාහ්ද ඔවුන් කරමින් සිටින දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
وَلِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَإِلَى ٱللَّهِ ٱلْمَصِيرُ ٤٢
අහස් හා භූමියෙහි පාලනය අල්ලාහ්ටම අයත්ය! ඔහු වෙතම (සියල්ලන්ම) ආපසු හැරී යා යුතුව ඇත්තේය.
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يُزْجِى سَحَابًۭا ثُمَّ يُؤَلِّفُ بَيْنَهُۥ ثُمَّ يَجْعَلُهُۥ رُكَامًۭا فَتَرَى ٱلْوَدْقَ يَخْرُجُ مِنْ خِلَٰلِهِۦ وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مِن جِبَالٍۢ فِيهَا مِنۢ بَرَدٍۢ فَيُصِيبُ بِهِۦ مَن يَشَآءُ وَيَصْرِفُهُۥ عَن مَّن يَشَآءُ ۖ يَكَادُ سَنَا بَرْقِهِۦ يَذْهَبُ بِٱلْأَبْصَٰرِ ٤۳
(නබියේ!) ඔබ බැලූවේ නැද්ද? නියත වශයෙන්ම අල්ලාහ්ම (විවිධ ප්‍රදේශයන්හි සී සීකඩ වී ඇති) වලාකුළු එකට අලවා ඒවා ඒකරාශී කර, එකක් මත එකක් වශයෙන් අසුරන්නේය. පසුව එම වලාකුළෙහි මධ්‍යයෙන් වර්ෂාව වසින්නට සලස්වනු ඔබ දකින්නෙහිය. ඔහුම අහසෙහි ඇති (වලාකුළු) කඳුවලින්, කැට වශයෙන් වූ (ගල්වැසි) වසින්නටද සලස්වන්නේය. එය ඔහු අදහස් කරන අය මත වැටෙන්නට සලස්වන්නේය. ඔහු අදහස් කරන අයගෙන් එය වළක්වා ගන්නේය. එහි විදුලියේ ආලෝකයෙන් ඇස් පෙනුම උදුරා ගන්නට තැත් කරන්නේය.
يُقَلِّبُ ٱللَّهُ ٱلَّيْلَ وَٱلنَّهَارَ ۚ إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةًۭ لِّأُو۟لِى ٱلْأَبْصَٰرِ ٤٤
රාත්රියද, දහවලද අල්ලාහ්ම (නැවත නැවතත්) මාරු කරමින් සිටින්නේය. බුද්ධිය ඇති අයට නියත වශයෙන්ම මෙහි (හොඳ) පාඩමක් ඇත.
وَٱللَّهُ خَلَقَ كُلَّ دَآبَّةٍۢ مِّن مَّآءٍۢ ۖ فَمِنْهُم مَّن يَمْشِى عَلَىٰ بَطْنِهِۦ وَمِنْهُم مَّن يَمْشِى عَلَىٰ رِجْلَيْنِ وَمِنْهُم مَّن يَمْشِى عَلَىٰٓ أَرْبَعٍۢ ۚ يَخْلُقُ ٱللَّهُ مَا يَشَآءُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ٤٥
ජීවීන් සෑම එකක්ම අල්ලාහ් ජලය මගින්ම උත්පාදනය කර ඇත්තේය. ඒවායෙන් සමහරක් තම උදරයෙන් (නයින් මෙන්) බඩ ගාමින් යන්නේය. ඒවායෙන් (වෙනත්) සමහරක් කකුල් දෙකෙන් ගමන් කරන්නාහ. ඒවායෙන් (තවත්) සමහරක් කකුල් හතරෙන් ගමන් කරන්නාහ. (මෙසේ) අල්ලාහ් තමන් අදහස් කරන දැය (කැමති ආකාරයට) උත්පාදනය කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකි.
لَّقَدْ أَنزَلْنَآ ءَايَٰتٍۢ مُّبَيِّنَٰتٍۢ ۚ وَٱللَّهُ يَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ٤٦
(මිනිසුනේ!) පැහැදිලි කළ හැකි ආයාවන්ම නියත වශයෙන්ම අපි (මෙහි) පහළ කර ඇත්තෙමු. එහෙත් අල්ලාහ් තමන් කැමති (හොඳ) අයව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය.
وَيَقُولُونَ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلرَّسُولِ وَأَطَعْنَا ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌۭ مِّنْهُم مِّنۢ بَعْدِ ذَٰلِكَ ۚ وَمَآ أُو۟لَٰٓئِكَ بِٱلْمُؤْمِنِينَ ٤۷
(නබියේ! මෙම වංචනිකයින්) “අල්ලාහ්වද, (ඔහුගේ) දූතයාවද, අපි විශ්වාස කර, අවනත වී කටයුතු කරන්නෙමු” යයි පවසන්නාහ. මින් පසුවද ඔවුන්ගෙන් එක් කොටසක් ප්‍රතික්ෂේප කර හරින්නාහ. එබැවින් මොවුන් (සත්‍ය) විශ්වාසවන්තයින් නොව.
وَإِذَا دُعُوٓا۟ إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ لِيَحْكُمَ بَيْنَهُمْ إِذَا فَرِيقٌۭ مِّنْهُم مُّعْرِضُونَ ٤۸
එසේම තමන් අතරේ (ඇති වූ ආරවුලෙහි) විනිශ්චය ලබා ගැනීමට අල්ලාහ් වෙතද, ඔහුගේ දූතයා වෙතද, පැමිණෙනු යයි ආරාධනා කරනු ලැබුවහොත් ඔවුන්ගෙන් එක් කොටසක් ප්‍රතික්ෂේප කර හරින්නාහ.
وَإِن يَكُن لَّهُمُ ٱلْحَقُّ يَأْتُوٓا۟ إِلَيْهِ مُذْعِنِينَ ٤۹
තීන්දුව ඔවුන්ට අනුකූලව තිබුණහොත් (අපගේ දූතයාට) හිස නවන්නන් (මෙන්) වශයෙන් ඔහු වෙත පැමිණෙන්නේය.
أَفِى قُلُوبِهِم مَّرَضٌ أَمِ ٱرْتَابُوٓا۟ أَمْ يَخَافُونَ أَن يَحِيفَ ٱللَّهُ عَلَيْهِمْ وَرَسُولُهُۥ ۚ بَلْ أُو۟لَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ ٥۰
ඔවුන්ගේ හෘදයන්හි අසනීපයක් ඇත්තේද? නැතහොත් (ඔහු ගැන) මොවුන් සැකයට භාජනය වූවෙහුද? නැතහොත් අල්ලාහ්ද, ඔහුගේ දූතයාද, ඔවුන්ට අපරාධයක් කරනු ඇතැයි බිය වන්නෙහුද? නොඑසේය. (ඔවුන්ට අපරාධයක් කරනු නොලබන්නාහ). (මෙබැවින්) මොවුන්ම තමන්ට තමන්ම නපුරක් කර ගත්හ.
إِنَّمَا كَانَ قَوْلَ ٱلْمُؤْمِنِينَ إِذَا دُعُوٓا۟ إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ لِيَحْكُمَ بَيْنَهُمْ أَن يَقُولُوا۟ سَمِعْنَا وَأَطَعْنَا ۚ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ٥١
එහෙත් ඇත්තෙන්ම විශ්වාසය තැබූවන් නම්, ඔවුන් අතරේ (ඇති වූ ආරවුලෙහි) විනිශ්චය ලබා ගැනීමට අල්ලාහ් වෙතද, ඔහුගේ දූතයා වෙතද, පැමිණෙන මෙන් ආරාධනා කරනු ලැබුවහොත් එයට ඔවුන් “අපි සවන් දුන්නෙමු. අපි අවනත වුනෙමු” යයි පවසනවා මිස, වෙන කිසිවක් පවසන්නේ නැත. මෙවැන්නන්ම සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කළ අයයි.
وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَخْشَ ٱللَّهَ وَيَتَّقْهِ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْفَآئِزُونَ ٥٢
කවුරුන් අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද අවනත වී අල්ලාහ්ට බිය වී (ඔහුට වෙනස්කම් කිරීම අත්හැර දමා) ඈත් වී සිටින්නෝද, එවැන්නන්ම නියත වශයෙන්ම (පරලොවදීද) භාග්‍යය ලත් අයයි.
۞ وَأَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَٰنِهِمْ لَئِنْ أَمَرْتَهُمْ لَيَخْرُجُنَّ ۖ قُل لَّا تُقْسِمُوا۟ ۖ طَاعَةٌۭ مَّعْرُوفَةٌ ۚ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ ٥۳
(නබියේ!) ඔබ ඔවුන්ට නියෝග කළහොත් ඔවුන්ද නියත වශයෙන්ම (යුද්ධයට) පිටත්ව යන බවට අල්ලාහ් මත ස්ථීරව දිව්රන්නාහ. ඔබ (ඔවුන්ට) මෙසේ පවසනු: “(මෙසේ) නොදිව්රනු. ඔබ අවනත වී කටයුතු කිරීම දන්නා කරුණකි. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය”.
قُلْ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ ۖ فَإِن تَوَلَّوْا۟ فَإِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُم مَّا حُمِّلْتُمْ ۖ وَإِن تُطِيعُوهُ تَهْتَدُوا۟ ۚ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلْبَلَٰغُ ٱلْمُبِينُ ٥٤
(තවද) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ්ටද, (ඔහුගේ) දූතයාටද (ඇත්තෙන්ම) ඔබ අවනත වී කටයුතු කරනු. ඔබ ප්‍රතික්ෂේප කළහොත් නම්, (අපට කිසිම පාඩුවක් නැත. මන්දයත්) ඔහු කෙරෙහි ඇති අනිවාර්යය යුතුකම නම්, ඔහු (තමන්) කෙරෙහි පටවනු ලැබූ (දූත මෙහෙවර ඔබ වෙත ගෙනහැර) දැක්වීමයි. ඔබ කෙරෙහි ඇති යුතුකම නම්, ඔබ මත පටවනු ලැබූ දැයයි. (එනම් ඔහුට අවනත වී කටයුතු කිරීමයි). ඔබ ඔහුට අවනත වී කටයුතු කළහොත් ඔබම ඍජු මාර්ගයෙහි යන්නෙහුය. (අපගේ දූත මෙහෙවර) පැහැදිලිව දැනුම් දීම මිස, (වෙන කිසිවක් අපගේ) දූතයා කෙරෙහි අනිවාර්යය නැත.
وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِى ٱلْأَرْضِ كَمَا ٱسْتَخْلَفَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ ٱلَّذِى ٱرْتَضَىٰ لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّنۢ بَعْدِ خَوْفِهِمْ أَمْنًۭا ۚ يَعْبُدُونَنِى لَا يُشْرِكُونَ بِى شَيْـًۭٔا ۚ وَمَن كَفَرَ بَعْدَ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْفَٰسِقُونَ ٥٥
(මිනිසුනේ!) ඔබගෙන් කවුරුන් හෝ ඇත්තෙන්ම විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කළහොත් ඔවුන්ට පෙර ඉකුත්වූවන් (භූමියට) අධිපතීන් කළ ආකාරයටම මොවුන්වද නියත වශයෙන්ම භූමියෙහි අධිපතීන් කරන බවටද, ඔහු කැමති ධර්මයක මොවුන්ව ස්ථීර කර තබන බවටද, මොවුන්ගේ බිය, සමාදානයද ආරක්ෂාවද බවට මාරු කර හරින බවටද, නියත වශයෙන්ම අල්ලාහ් පොරොන්දු වී ඇත්තේය. “ඔවුන් මා හට කුමක් හෝ දැයක් සමානයන් වශයෙන් නොතබා මාවම නමදිනු” මින් පසුව (ඔබගෙන් කවුරුන් හෝ ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වුවහොත් නියත වශයෙන්ම ඔවුන් ඉමහත් පාපතරයින්ය.
وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ ٥٦
(විශ්වාසවන්තයිනි!) සලාතය නොකඩවා ඉටු කර, සකාතයද ගෙවා, (ඔහුගේ) දූතයාව (සම්පූර්ණයෙන්ම) අනුගමනය කරමින් සිටිනු. ඔබ (දෙවියන්ගේ) දයාව අත් කර ගන්නෙහුය.
لَا تَحْسَبَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ مُعْجِزِينَ فِى ٱلْأَرْضِ ۚ وَمَأْوَىٰهُمُ ٱلنَّارُ ۖ وَلَبِئْسَ ٱلْمَصِيرُ ٥۷
(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන් භූමියෙහි (දිව ගොස් සැඟවී බේරී) අපව පරාජය කර හරින්නෙහු යයි ඔබ නොසිතනු. (ඔවුන්ව අනිවාර්යයෙන්ම දඬුවමට හසු කරන්නෙමු. පරලොවදී) ඔවුන් යන තැන නිරයයි. එය රැෙඳන ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරුය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لِيَسْتَـْٔذِنكُمُ ٱلَّذِينَ مَلَكَتْ أَيْمَٰنُكُمْ وَٱلَّذِينَ لَمْ يَبْلُغُوا۟ ٱلْحُلُمَ مِنكُمْ ثَلَٰثَ مَرَّٰتٍۢ ۚ مِّن قَبْلِ صَلَوٰةِ ٱلْفَجْرِ وَحِينَ تَضَعُونَ ثِيَابَكُم مِّنَ ٱلظَّهِيرَةِ وَمِنۢ بَعْدِ صَلَوٰةِ ٱلْعِشَآءِ ۚ ثَلَٰثُ عَوْرَٰتٍۢ لَّكُمْ ۚ لَيْسَ عَلَيْكُمْ وَلَا عَلَيْهِمْ جُنَاحٌۢ بَعْدَهُنَّ ۚ طَوَّٰفُونَ عَلَيْكُم بَعْضُكُمْ عَلَىٰ بَعْضٍۢ ۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْءَايَٰتِ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ ٥۸
විශ්වාසවන්තයිනි! ඔබගේ වහලූන්ද, ඔබගෙන් වැඩි වියට පත් නොවුන (කුඩා) දරුවන්ද, (ඔබ තිරය පිටුපස රහසිගතව සිටින අවස්ථාවන්හිදී) ඔබ වෙත (පැමිණෙන්නේ නම්, ඔබගේ) අනුමැතිය තුන් වරක් ඔවුන් ඉල්ලා සිටිය යුතුය. (එම කාලයන් නම්), ෆජ්රු සලාතයට පෙරද, (නින්දට යාම සඳහා ඔබගේ වැඩිපුර) ඇඳුම් ගලවා සිටින අවස්ථාව වන ලූහර් කාලයේදීද, ඉෂා සලාතයෙන් පසුවද ආදී (මෙම) කාලයන් තුනේදීම ඔබ තිරය පිටුපස රහසිගතව සිටින අවස්ථාවන්ය. මේවා හැර, (අන් අවස්ථාවන්හිදී ඔබගේ අනුමැතිය නැතිවම ඔවුන් ඔබ වෙත පැමිණීම) ඔවුන් කෙරෙහිද වරදක් නැත. ඔබ කෙරෙහිද වරදක් නැත. (මන්දයත්) මොවුන් වරින් වර ඔබ වෙත පැමිණිය යුතු අය වශයෙන්ද, ඔබගෙන් කෙනෙකු අනිත් කෙනා වෙත යා යුතු අය වශයෙන්ද සිටින බැවින් (වරින් වර අනුමැතිය ඉල්ලා සිටීමට අවශ්‍ය නැත). මෙසේ අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَإِذَا بَلَغَ ٱلْأَطْفَٰلُ مِنكُمُ ٱلْحُلُمَ فَلْيَسْتَـْٔذِنُوا۟ كَمَا ٱسْتَـْٔذَنَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ ءَايَٰتِهِۦ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ ٥۹
ඔබගේ දරුවන් වැඩි වියට පත් වූ විටද, ඔවුන්ද තමන්ට වැඩිමහල් අයගෙන් අනුමැතිය ඉල්ලා සිටිය යුතු අන්දමට අනුමැතිය ඉල්ලා සිටිය යුතුය. මෙසේ අල්ලාහ් තමන්ගේ ආයාවන් ඔබට විවරණය කර පවසන්නේය. අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَٱلْقَوَٰعِدُ مِنَ ٱلنِّسَآءِ ٱلَّٰتِى لَا يَرْجُونَ نِكَاحًۭا فَلَيْسَ عَلَيْهِنَّ جُنَاحٌ أَن يَضَعْنَ ثِيَابَهُنَّ غَيْرَ مُتَبَرِّجَٰتٍۭ بِزِينَةٍۢ ۖ وَأَن يَسْتَعْفِفْنَ خَيْرٌۭ لَّهُنَّ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌۭ ٦۰
විවාහයට අකමැති මහළු වයසට පත් (ඒ මේ අත සැරිසැරීමට නොහැකිව වාඩි වී සිටින) මහළු ස්ත්‍රීන්, තමන්ගේ අලංකාරය පෙන්විය යුතු යයි අදහසක් නොමැතිව තමන්ගේ උඩ ඇඳුම් ගලවා සිටීමෙහි ඔවුන් කෙරෙහි වරදක් නැත. එයින්ද ඔවුන් වැළකී සිටීම ඔවුන්ට ඉතාමත් හොඳය. අල්ලාහ් සියල්ල සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
لَّيْسَ عَلَى ٱلْأَعْمَىٰ حَرَجٌۭ وَلَا عَلَى ٱلْأَعْرَجِ حَرَجٌۭ وَلَا عَلَى ٱلْمَرِيضِ حَرَجٌۭ وَلَا عَلَىٰٓ أَنفُسِكُمْ أَن تَأْكُلُوا۟ مِنۢ بُيُوتِكُمْ أَوْ بُيُوتِ ءَابَآئِكُمْ أَوْ بُيُوتِ أُمَّهَٰتِكُمْ أَوْ بُيُوتِ إِخْوَٰنِكُمْ أَوْ بُيُوتِ أَخَوَٰتِكُمْ أَوْ بُيُوتِ أَعْمَٰمِكُمْ أَوْ بُيُوتِ عَمَّٰتِكُمْ أَوْ بُيُوتِ أَخْوَٰلِكُمْ أَوْ بُيُوتِ خَٰلَٰتِكُمْ أَوْ مَا مَلَكْتُم مَّفَاتِحَهُۥٓ أَوْ صَدِيقِكُمْ ۚ لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَأْكُلُوا۟ جَمِيعًا أَوْ أَشْتَاتًۭا ۚ فَإِذَا دَخَلْتُم بُيُوتًۭا فَسَلِّمُوا۟ عَلَىٰٓ أَنفُسِكُمْ تَحِيَّةًۭ مِّنْ عِندِ ٱللَّهِ مُبَٰرَكَةًۭ طَيِّبَةًۭ ۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْءَايَٰتِ لَعَلَّكُمْ تَعْقِلُونَ ٦١
(විශ්වාසවන්තයිනි! වෙනත් නිවෙස් වලින් ආහාර ගැනීමෙහි) අන්ධයා කෙරෙහි වරදක් වන්නේ නැත. අසනීපකාරයෙකු කෙරෙහිද වරදක් වන්නේ නැත. ඔබ කෙරෙහිද වරදක් (වන්නේ නැත). ඔබ, ඔබගේ ගෙදරදී හෝ නැතහොත් ඔබගේ පියවරුන්ගේ නිවසේදී හෝ නැතහොත් ඔබගේ මව්වරුන්ගේ නිවෙසේදී හෝ නැතහොත් ඔබගේ සහෝදරයින්ගේ නිවසේදී හෝ නැතහොත් ඔබගේ සහෝදරියන්ගේ නිවසේදී හෝ නැතහොත් ඔබගේ පියාගේ සහෝදරයින්ගේ නිවසේදී හෝ නැතහොත් ඔබගේ පියාගේ සහෝදරියන්ගේ නිවසේදී හෝ නැතහොත් ඔබගේ මවගේ සහෝදරයින්ගේ නිවසේදී හෝ නැතහොත් ඔබගේ මවගේ සහෝදරියන්ගේ නිවසේදී හෝ නැතහොත් යතුරු ඔබ අතේ ඇති නිවසේදී හෝ නැතහොත් ඔබගේ මිතුරන්ගේ නිවසේදී හෝ (ආහාර) අනුභව කිරීම ඔබ කෙරෙහි වරදක් වන්නේ නැත. එහිදී ඔබ සියල්ලන්ම එකට එක්කාසු වී හෝ නැතහොත් තනි තනියෙන් හෝ අනුභව කළා වුවද කම් නැත. (එය ඔබ කෙරෙහි වරදක් නැත). නමුත් ඔබ කුමන නිවසකට ඇතුළු වුවද, අල්ලාහ් විසින් ඔබට උගන්වන ලද ඉතාමත් භාග්‍යවන්ත පරිශුද්ධ වූ (අස්සලාමු අෙලෙයිකුම් යන) වදන ඔබ, ඔබ තුළ (කෙනෙකුට කෙනෙකු) පවසා ගනු. මෙසේ අල්ලාහ් ඔබට (තමන්ගේ) ආයාවන් විවරණය කර පවසන්නේය (යන්න) ඔබ දැන ගනු මැනව!
إِنَّمَا ٱلْمُؤْمِنُونَ ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَإِذَا كَانُوا۟ مَعَهُۥ عَلَىٰٓ أَمْرٍۢ جَامِعٍۢ لَّمْ يَذْهَبُوا۟ حَتَّىٰ يَسْتَـْٔذِنُوهُ ۚ إِنَّ ٱلَّذِينَ يَسْتَـْٔذِنُونَكَ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ يُؤْمِنُونَ بِٱللَّهِ وَرَسُولِهِۦ ۚ فَإِذَا ٱسْتَـْٔذَنُوكَ لِبَعْضِ شَأْنِهِمْ فَأْذَن لِّمَن شِئْتَ مِنْهُمْ وَٱسْتَغْفِرْ لَهُمُ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ٦٢
නියත වශයෙන්ම සත්‍ය විශ්වාසවන්තයින් (කවුරුන්දයත්) අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද විශ්වාස කළ අයයි. ඔවුන් යම්කිසි පොදු කාරණාවක් ගැන (සාකච්ඡා කිරීමට) ඔහුගේ (දූතයා) වෙත රැස්වී සිටියහොත් ඔහුගේ අනුමැතිය නොමැතිව (සභාවෙන්) ඔවුන් යන්නේම නැත. (එසේ යාමට අවශ්‍යතාවයක් ඇති වුවහොත් නබියේ!) නියත වශයෙන්ම කවුරුන් ඔබගේ අනුමැතිය ඉල්ලා (ඔබ අනුමැතිය දුන් පසුම) යන්නෝද, ඔවුන්ම අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද ඇත්තෙන්ම විශ්වාස කළ අයයි. එබැවින් ඔවුන් තමන්ගේ යම්කිසි (හදිසි) වැඩක් සඳහා ඔබ වෙතින් අනුමැතිය ඉල්ලා සිටියහොත් ඔවුන්ගෙන් ඔබ කැමති අයට අනුමැතිය දෙනු. ඔවුන්ට අල්ලාහ් වෙතින් සමාවද ඉල්ලා සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු හා කරුණාවන්තයෙකුද වශයෙන් සිටින්නේය.
لَّا تَجْعَلُوا۟ دُعَآءَ ٱلرَّسُولِ بَيْنَكُمْ كَدُعَآءِ بَعْضِكُم بَعْضًۭا ۚ قَدْ يَعْلَمُ ٱللَّهُ ٱلَّذِينَ يَتَسَلَّلُونَ مِنكُمْ لِوَاذًۭا ۚ فَلْيَحْذَرِ ٱلَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِۦٓ أَن تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ ٦۳
(විශ්වාසවන්තයිනි! ඔබව අල්ලාහ්ගේ) දූතයා ආරාධනා කළහොත් (එය) ඔබ, ඔබ අතරේ කෙනෙකු අනිත් කෙනාව ආරාධනා කරන්නාක් මෙන් නොසිතනු. (ඔහුගේ ආරාධනාවට අනිවාර්යයෙන් සවන් දෙනු). නියත වශයෙන්ම ඔබගෙන් කවුරුන් (අපගේ දූතයා රැස් කළ සභාවෙන්) රහසේ ලෙස්සා යන්නෝද, ඔවුන්ව අල්ලාහ් හොඳින් දන්නේය. එබැවින් කවුරුන් ඔහුගේ නියෝගයන්ට වෙනස්ක කරන්නෝද, ඔවුන් තමන්ට යම්කිසි විපතක් හෝ නැතහොත් වේදනා ගෙන දෙන දඬුවම හෝ පැමිණ සේන්දු වනු ඇතැයි යන්න ගැන බිය වෙමින් සිටිය යුතුය.
أَلَآ إِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ قَدْ يَعْلَمُ مَآ أَنتُمْ عَلَيْهِ وَيَوْمَ يُرْجَعُونَ إِلَيْهِ فَيُنَبِّئُهُم بِمَا عَمِلُوا۟ ۗ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۢ ٦٤
නියත වශයෙන්ම අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල අල්ලාහ්ට අයත් දැය යන්න දැන ගනු. ඔබ (අද දින) සිටින තත්වයද, නියත වශයෙන්ම (අල්ලාහ්) හොඳින් දන්නේය. ඔහු වෙත ගෙන එනු ලබන දිනදී (සිටින තත්වයද හොඳින් දන්නේය. එබැවින්) ඔවුන් කරමින් සිටිය දැය (එදිනදී) ඔහු ඔවුන්ට දැනුම් දෙනු ඇත. අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.