< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ۝١

විශ්වාසවන්තයින්ම නියත වශයෙන්ම ජයග්‍රහණය කළහ.

ٱلَّذِينَ هُمْ فِى صَلَاتِهِمْ خَٰشِعُونَ ۝٢

ඔවුන් කෙබන්ඳු අයදයත්, තමන්ගේ සලාතයන් ඉතාමත් මනස තුළ බියෙන් යුතුව සලාත් කරන්නාහ.

وَٱلَّذِينَ هُمْ عَنِ ٱللَّغْوِ مُعْرِضُونَ ۝۳

ඔවුන් පුහු කාරණාවලින් ඈත් වී සිටින්නාහ.

وَٱلَّذِينَ هُمْ لِلزَّكَوٰةِ فَٰعِلُونَ ۝٤

ඔවුන් සකාත්ද ගෙවමින් සිටින්නාහ.

وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَٰفِظُونَ ۝٥

ඔවුන් තමන්ගේ රහස් ස්ථානයන් (අපචාරයෙන්) ආරක්ෂා කර ගන්නාහ.

إِلَّا عَلَىٰٓ أَزْوَٰجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ ۝٦

එහෙත් ඔවුන් තමන්ගේ භාර්යයාවන් වෙත හෝ නැතහොත් තමන්ගේ දකුණු අත් හිමි කර ගත් (වහල්) ස්ත්‍රීන් වෙත හෝ (එක්කාසු වීමෙන්) නියත වශයෙන්ම (ඔවුන් වැරදිකරුවන් නොවන්නාහ. එබැවින් මෙම කාරණාවෙහි) ඔවුන් නින්දා කරනු නොලබන්නාහ.

فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْعَادُونَ ۝۷

මෙයට පටහැනි දැයක් කවුරුන් හෝ කැමති වුවහොත් ඔවුන් සීමාව ඉක්මවූ අය බවටද, (වැරදිකරුවන් බවටද) පත් වන්නාහ.

وَٱلَّذِينَ هُمْ لِأَمَٰنَٰتِهِمْ وَعَهْدِهِمْ رَٰعُونَ ۝۸

තවද ඔවුන් (විශ්වාස කර බාර දෙනු ලැබූ) තමන්ගේ විශ්වාසයට අයත් දැයද, තමන්ගේ පොරොන්දුවද ගෞරව කරමින් කටයුතු කර;

وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَوَٰتِهِمْ يُحَافِظُونَ ۝۹

තමන්ගේ සලාතයන්ද නියමිත කාලයන්හි (නොකඩවා) ඉටු කර සලාත් කරන්නාහ.

أُو۟لَٰٓئِكَ هُمُ ٱلْوَٰرِثُونَ ۝١۰

මෙවැන්නන්ම සත්‍ය උරුමක්කාරයින්ය.

ٱلَّذِينَ يَرِثُونَ ٱلْفِرْدَوْسَ هُمْ فِيهَا خَٰلِدُونَ ۝١١

එබැවින් මොවුන් ෆිර්දවුස් (නමැති ස්වර්ගය) උරුම කරගෙන එහි සදාකල් රැඳී සිටින්නාහ.

وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ مِن سُلَٰلَةٍۢ مِّن طِينٍۢ ۝١٢

නියත වශයෙන්ම (ආරම්භයේදී පළමු) මිනිසාව කිරි මැටියේ සාරයෙන් උත්පාදනය කළෙමු.

ثُمَّ جَعَلْنَٰهُ نُطْفَةًۭ فِى قَرَارٍۢ مَّكِينٍۢ ۝١۳

පසුව එය අපි ඉන්ද්‍රිය බවට පත් කර, ඉතාමත් ප්‍රවේසම් සහිත ස්ථානයක තැන්පත් කළෙමු.

ثُمَّ خَلَقْنَا ٱلنُّطْفَةَ عَلَقَةًۭ فَخَلَقْنَا ٱلْعَلَقَةَ مُضْغَةًۭ فَخَلَقْنَا ٱلْمُضْغَةَ عِظَٰمًۭا فَكَسَوْنَا ٱلْعِظَٰمَ لَحْمًۭا ثُمَّ أَنشَأْنَٰهُ خَلْقًا ءَاخَرَ ۚ فَتَبَارَكَ ٱللَّهُ أَحْسَنُ ٱلْخَٰلِقِينَ ۝١٤

පසුව එම ඉන්ද්‍රිය ලේ කැටියක් බවට පත් කළෙමු. පසුව එම ලේ කැටිය මාංශ පිණ්ඩයක් බවට පත් කළෙමු. පසුව එම මාංශ පිණ්ඩයෙන් ඇට කටු නිර්මාණය කර, එම ඇට සැකිළ්ලට මස් මාංශ ඇන්ෙඳව්වෙමු. පසුව එය (පූරණ) මිනිස් (ජීවිතයක් බවට පත් කළෙමු. මෙසේ උත්පාදනය කළ) අල්ලාහ් ඉමහත් භාග්‍යවන්තයෙකි. (ඔහු) උත්පාදයකයින්ගෙන් ඉතාමත් අලංකාරවන්තයෙකි.

ثُمَّ إِنَّكُم بَعْدَ ذَٰلِكَ لَمَيِّتُونَ ۝١٥

(මිනිසුනේ!) මින් පසුව නියත වශයෙන්ම ඔබ මරණයට පත් වන්නේය!

ثُمَّ إِنَّكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ تُبْعَثُونَ ۝١٦

ඉන්පසුව විනිශ්චය දිනදී නියත වශයෙන්ම ඔබ (පණ දී) නැගිට්ටවනු ලබන්නෙහුය.

وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَآئِقَ وَمَا كُنَّا عَنِ ٱلْخَلْقِ غَٰفِلِينَ ۝١۷

(මිනිසුනේ! මෙසේ අපි ඔබව පමණක්ද උත්පාදනය කර ඇත්තේ? නියත වශයෙන්ම ඔබට ඉහළින් ඇති අහස් හතද අපිම උත්පාදනය කළෙමු. (ඒවා සෑම එකකම ඔබ වැනි උත්පාදනයන් ඇත්තේය. මේවා උත්පාදනය කර ඇති අතර) මෙම උත්පාදනයන්ට (අවශ්‍ය දැය) ගැන අපි නොසැලකිලිමත් නොවූවෙමු. (ඒවාට අවශ්‍ය සෑම දැයක්ම පරිපූරණ වශයෙන් අපි උත්පාදනය කර ඇත්තෙමු).

وَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءًۢ بِقَدَرٍۢ فَأَسْكَنَّٰهُ فِى ٱلْأَرْضِ ۖ وَإِنَّا عَلَىٰ ذَهَابٍۭ بِهِۦ لَقَٰدِرُونَ ۝١۸

වලාකුළෙන් (අපගේ) සැලසුමට අනුව වර්ෂාව වසින්නට සලස්වන්නෙමු. එය භූමියෙහි රැෙඳන සේ සලස්වන්නෙමු. එය (භූමියෙන්) පහ කිරීමටද අපි බලසම්පන්න වෙමු.

فَأَنشَأْنَا لَكُم بِهِۦ جَنَّٰتٍۢ مِّن نَّخِيلٍۢ وَأَعْنَٰبٍۢ لَّكُمْ فِيهَا فَوَٰكِهُ كَثِيرَةٌۭ وَمِنْهَا تَأْكُلُونَ ۝١۹

එමගින් ඉඳි, මිදි (ආදී) වතුද ඔබ වෙනුවෙන් අපි උත්පාදනය කරන්නෙමු. ඒවායෙන් ඔබට අවශ්‍ය බොහොමයක් පලතුරු වර්ග ඇත්තේය. ඒවායෙන් (බොහොමයක් වර්ග) ඔබ අනුභව කරන්නෙහුය.

وَشَجَرَةًۭ تَخْرُجُ مِن طُورِ سَيْنَآءَ تَنۢبُتُ بِٱلدُّهْنِ وَصِبْغٍۢ لِّلْءَاكِلِينَ ۝٢۰

තූර්, සිනායි කන්ෙඳහි වැඩෙන (සෙයිතූන් නමැති ඔලිව්) ගසද (අපි උත්පාදනය කරන්නෙමු). එය තෙල්ද, ආහාරයට ගන්නා අයට රසයක්ද ලබා දෙන්නේය.

وَإِنَّ لَكُمْ فِى ٱلْأَنْعَٰمِ لَعِبْرَةًۭ ۖ نُّسْقِيكُم مِّمَّا فِى بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَٰفِعُ كَثِيرَةٌۭ وَمِنْهَا تَأْكُلُونَ ۝٢١

නියත වශයෙන්ම එළු, ගව, ඔටුවන් ආදී දැයෙන් ඔබට පාඩමක් ඇත්තේය. මේවායේ තන බුරුල් වලින් (කිරි) අපි ඔබට පොවන්නෙමු. තවද ඔබට බොහොමයක් ප්‍රයෝජනද ඇත්තේය. ඒවායෙන් සමහරක් ඔබ අනුභව කරන්නෙහිය.

وَعَلَيْهَا وَعَلَى ٱلْفُلْكِ تُحْمَلُونَ ۝٢٢

ඒවා මතද, නැව් මතද ඔබව ගෙන යනු ලබන්නේය.

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦ فَقَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ ۖ أَفَلَا تَتَّقُونَ ۝٢۳

නියත වශයෙන්ම අපි නූහු (නබිව) අපගේ දූතයා වශයෙන් ඔහුගේ ජනතාව වෙත යැව්වෙමු. ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔහු හැර, වෙනත් හිමියෙකු ඔබට ඇත්තේම නැත. (ඔහුට) ඔබ බිය විය යුතු නොවේද?”යි පැවසුවේය.

فَقَالَ ٱلْمَلَؤُا۟ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ مَا هَٰذَآ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَآءَ ٱللَّهُ لَأَنزَلَ مَلَٰٓئِكَةًۭ مَّا سَمِعْنَا بِهَٰذَا فِىٓ ءَابَآئِنَا ٱلْأَوَّلِينَ ۝٢٤

(ඔහුව) ප්‍රතික්ෂේප කළ ඔහුගේ ජනතාවගෙන් වූ ප්‍රධානීන් (තමන්ගේ ජනතාවට නූහු නබිව ගෙනහැර දක්වමින්) “මොහු ඔබ වැනි මිනිසෙකු මිස, වෙන කිසිවෙකු නොව. එහෙත් ඔහු ඔබ කෙරෙහි උසස් පදවියක් දරන්නට අදහස් කරන්නේය. (ඇත්තෙන්ම) අල්ලාහ් (අප වෙත දූතයෙකු යවන්නට) අදහස් කළේ නම්, මලායිකාවරුන්වම යවන්නට ඉඩ තිබුණි. පෙර විසූ අපගේ මුතුන් මිත්තන් වෙත මෙවැනි කාරණාවන් අපි අරංචි වී ඇත්තේ නැත” යයිද

إِنْ هُوَ إِلَّا رَجُلٌۢ بِهِۦ جِنَّةٌۭ فَتَرَبَّصُوا۟ بِهِۦ حَتَّىٰ حِينٍۢ ۝٢٥

“මොහු එක්තරා පිස්සු මිනිසෙකු මිස, වෙන කිසිවෙකු නොව. එබැවින් (මොහු පවසන සත්‍යය) ටික කලක් ඉවසා බලනු” යයිද පැවසූහ.

قَالَ رَبِّ ٱنصُرْنِى بِمَا كَذَّبُونِ ۝٢٦

(එයට නූහු නබි) මගේ දෙවියනේ! මොවුන් මාව බොරුකාරයා කර හැරිය බැවින් ඔබ මා හට උදව් කළ යුතුය” යයි ප්‍රාර්ථනා කළේය.

فَأَوْحَيْنَآ إِلَيْهِ أَنِ ٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَآءَ أَمْرُنَا وَفَارَ ٱلتَّنُّورُ ۙ فَٱسْلُكْ فِيهَا مِن كُلٍّۢ زَوْجَيْنِ ٱثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ ٱلْقَوْلُ مِنْهُمْ ۖ وَلَا تُخَٰطِبْنِى فِى ٱلَّذِينَ ظَلَمُوٓا۟ ۖ إِنَّهُم مُّغْرَقُونَ ۝٢۷

එයට අපි ඔහුට “අපි දන්වන ආකාරයටම ඔබ අපගේ ඇස් ඉදිරියේ නැවක් ඉදි කරනු. අපගේ නියෝගය ඇති වී ලිප (මත ඇති දැය) උතුරා යන්නට ආරම්භ වුවහොත් (සෑම ජීවියෙකුගෙන්ම) පිරිමි ගැහැනු දෙක දෙක බැගින් එක්කාසු වූ ජෝඩු ජෝඩු වශයෙන් ඔබගේ පවුලේ උදවියගෙන් කවුරුන් කෙරෙහි අපගේ (දඬුවම ගැන වූ) පොරොන්දුව ඇති වූවේද, ඔහුව හැර, අනිත් (ඔබගේ පවුලේ) උදවියද ඔබ එහි පටවා ගනු. අපරාධකරුවන් ගැන ඔබ මා වෙත කිසිවක් (මැදිහත් වී) කතා නොකරනු. නියත වශයෙන්ම ඔවුන් (ජල ගැල්මෙහි) ගිල්වා දමනු ලබන්නාහ” යයි වහී දැන්වූවෙමු.

فَإِذَا ٱسْتَوَيْتَ أَنتَ وَمَن مَّعَكَ عَلَى ٱلْفُلْكِ فَقُلِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى نَجَّىٰنَا مِنَ ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ ۝٢۸

(තවද ඔහුට මෙසේ පැවසුවෙමු): “ඔබත්, ඔබගෙන් වූ අයත් නැවෙහි නැග වාඩි වූ පසු, ‘අපරාධකාර ජනතාවගෙන් අපව බේරාගත් අල්ලාහ්ටම සියලූ ප්‍රශංසා!’ යයි පවසනු මැනව!”

وَقُل رَّبِّ أَنزِلْنِى مُنزَلًۭا مُّبَارَكًۭا وَأَنتَ خَيْرُ ٱلْمُنزِلِينَ ۝٢۹

“තවද ‘මගේ දෙවියනේ! ඔබ මාව ඉතාමත් භාග්‍යවන්තයෙකු වශයෙන් (භාග්‍යයෙන් පිරි ස්ථානයෙහි ඔබගේ අමුත්තෙකු වශයෙන් නැවෙන්) බැසීමට සලස්වනු මැනව! ඔබ නම්, බැසීමට සලස්වා සංග්‍රහ කිරීමෙහි ඉතාමත් උසස්වන්තයෙකි’ යයි ප්‍රාර්ථනා කරනු මැනව!” (යයිද කීවෙමු).

إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ وَإِن كُنَّا لَمُبْتَلِينَ ۝۳۰

(මෙසේ මිනිසුන්ගේ විශ්වාසය) අපි පිරික්සූමට ලක් කළා වුවද, නියත වශයෙන්ම මෙහි සාධකයන් බොහොමයක් ඇත.

ثُمَّ أَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قَرْنًا ءَاخَرِينَ ۝۳١

(ජල ගැල්මෙහි ගිලී ගිය) මොවුන්ගෙන් පසු අපි (ආද් නමැති) වෙනත් සමූහයක් උත්පාදනය කළෙමු.

فَأَرْسَلْنَا فِيهِمْ رَسُولًۭا مِّنْهُمْ أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ ۖ أَفَلَا تَتَّقُونَ ۝۳٢

ඔවුන්ගෙන් වූ (හූද් නමැති) කෙනෙකුවම ඔවුන්ට (අපගේ) දූතයා වශයෙන් යැව්වෙමු. ඔහු (ඔවුන්ට) “අල්ලාහ් එක් කෙනෙකුවම නමදිනු. ඔහුව හැර, ඔබට වෙන හිමියෙකු ඇත්තේම නැත. (ඔහුට) ඔබ බිය විය යුතු නොවේද?”යි (කීවේය).

وَقَالَ ٱلْمَلَأُ مِن قَوْمِهِ ٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِلِقَآءِ ٱلْءَاخِرَةِ وَأَتْرَفْنَٰهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا مَا هَٰذَآ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ يَأْكُلُ مِمَّا تَأْكُلُونَ مِنْهُ وَيَشْرَبُ مِمَّا تَشْرَبُونَ ۝۳۳

එයට (ඔහුව) ප්‍රතික්ෂේප කර හැරිය ඔහුගේ ජනතාවගෙන් වූ ප්‍රධානීන්ද, විනිශ්චය දිනය හමු වීම ගැන බොරු කරමින් සිටි අයද, මෙලොව ජීවිතයේ සැප සම්පත් අප විසින් ලබා දී තිබියදී (ඔවුන් තම ජනතාවට හූද් නබිව ගෙනහැර දක්වා) මෙසේ පැවසූහ: “මොහු ඔබ වැනි මිනිසෙකු මිස, වෙන කිසිවෙකු නොව. ඔබ අනුභව කරන දැයම ඔහුත් අනුභව කරන්නේය. ඔබ පානය කරන දැයම ඔහුත් පානය කරන්නේය”.

وَلَئِنْ أَطَعْتُم بَشَرًۭا مِّثْلَكُمْ إِنَّكُمْ إِذًۭا لَّخَٰسِرُونَ ۝۳٤

“එබැවින් ඔබ මෙන් (මෙම) මිනිසාව ඔබ අනුගමනය කළහොත් නියත වශයෙන්ම ඔබ පරාජයම අත් කර ගන්නෙහුය.

أَيَعِدُكُمْ أَنَّكُمْ إِذَا مِتُّمْ وَكُنتُمْ تُرَابًۭا وَعِظَٰمًا أَنَّكُم مُّخْرَجُونَ ۝۳٥

ඔබ මරණයට පත් වී ඇට කටු බවටද, පස් බවටද පත් වූ පසු, ඇත්තෙන්ම ඔබ (පණ පිටින්) ඉකුත් කරනු ලබන්නෙහුය යයි ඔහු ඔබව බිය ගන්වන්නෙහුද?

۞ هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوعَدُونَ ۝۳٦

ඔහු ඔබව බිය ගන්වන එම කාරණාවද ඉතාමත් ඈතින්ය! ඉතාමත් ඈතින්ය! (එය සිදු වන්නට හැකි දැයක් නොව)”.

إِنْ هِىَ إِلَّا حَيَاتُنَا ٱلدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ ۝۳۷

“අපට මෙලොව ජීවිතය මිස, වෙන ජීවිතයක් නැත. (මෙහිම) අපි ජීවත්ව සිට මරණයට පත් වන්නෙමු. (මෙයින් පසු පණ ලබා දී) අපිව නැගිට්ටවන්ට යන්නේ නැත.

إِنْ هُوَ إِلَّا رَجُلٌ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًۭا وَمَا نَحْنُ لَهُۥ بِمُؤْمِنِينَ ۝۳۸

මොහු අල්ලාහ් කෙරෙහි බොරු ගොතා මනක්කල්පිත කර පවසන මිනිසෙකු මිස, වෙන කිසිවෙකු නොව. මොහුව අපි විශ්වාසම නොකරන්නෙමු” (යයිද පැවසූහ).

قَالَ رَبِّ ٱنصُرْنِى بِمَا كَذَّبُونِ ۝۳۹

එයට ඔහු “මගේ දෙවියනේ! මොවුන් මාව ඛෙරුකාරයෙකු කර දැමූහ. ඔබයි මා හට උදව් කළ යුත්තේ” යයි ප්‍රාර්ථනා කළේය.

قَالَ عَمَّا قَلِيلٍۢ لَّيُصْبِحُنَّ نَٰدِمِينَ ۝٤۰

(එයට) ඔහු (දෙවියන්) “(පොඩියක් ඉවසා සිටිනු). ඉතාමත් ඉක්මනින් මොවුන් දුකෙහි ගැලී යනු ඇත” යයි පැවසුවේය.

فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ بِٱلْحَقِّ فَجَعَلْنَٰهُمْ غُثَآءًۭ ۚ فَبُعْدًۭا لِّلْقَوْمِ ٱلظَّٰلِمِينَ ۝٤١

එබැවින් ඇත්තෙන්ම (හෙණ හඞ වැනි) ශබ්දයක් ඔවුන්ව අල්ලා ගන්නා ලදී. අපි ඔවුන්ව (ගං වතුරෙහි ගසාගෙන යා හැකි) කුණු ගොඩවල් මෙන් බවට පත් කළෙමු. එබැවින් අපරාධකාර ජනතාව කෙරෙහි (දෙවියන්ගේ) ශාපය ඇති විය.

ثُمَّ أَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قُرُونًا ءَاخَرِينَ ۝٤٢

මොවුන්ගෙන් පසුවද අපි බොහොමයක් සමූහයන්ව උත්පාදනය කළෙමු.

مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَـْٔخِرُونَ ۝٤۳

සෑම සමූහයකගේම (තම තමන්ගේ) වාරය ඉස්සර වන්නේද නැත. ප්‍රමාද වන්නේද නැත.

ثُمَّ أَرْسَلْنَا رُسُلَنَا تَتْرَا ۖ كُلَّ مَا جَآءَ أُمَّةًۭ رَّسُولُهَا كَذَّبُوهُ ۚ فَأَتْبَعْنَا بَعْضَهُم بَعْضًۭا وَجَعَلْنَٰهُمْ أَحَادِيثَ ۚ فَبُعْدًۭا لِّقَوْمٍۢ لَّا يُؤْمِنُونَ ۝٤٤

නැවතත් අපි අපගේ දූතයින්ව කෙනෙකුගෙන් පසු කෙනෙකු වශයෙන් යවමින්ම සිටියෙමු. (අපගේ) දූතයා කුමන සමූහයක් වෙත පැමිණියා වුවද, ඔවුන් ඔහුව බොරුකාරයා කරමින්ම සිටියහ. එබැවින් අපිත් (එම සමූහයන්ව) කෙනෙකුගෙන් පසු කෙනෙකු වශයෙන් විනාශ කරමින්ම සිටියෙමු. ඔවුන් සියල්ලන්වම (පසුව පැමිණෙන්නන් කතා කරන) සාමාන්‍ය ඉතිහාසයක් බවට පත් කළෙමු. එබැවින් විශ්වාසය නොතැබූ (මෙවැනි) ජනතාවට විනාශයයි!

ثُمَّ أَرْسَلْنَا مُوسَىٰ وَأَخَاهُ هَٰرُونَ بِـَٔايَٰتِنَا وَسُلْطَٰنٍۢ مُّبِينٍ ۝٤٥

පසුව අපි මූසාටද ඔහුගේ සහෝදර හාරූන්ටද අපගේ ආයාවන්ද පැහැදිලි සාධකයන්ද ලබා දී,

إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَٱسْتَكْبَرُوا۟ وَكَانُوا۟ قَوْمًا عَالِينَ ۝٤٦

(අපගේ දූතයින් වශයෙන්) ෆිර්අව්න් වෙත හා ඔහුගේ ප්‍රධානීන් වෙතද යැව්වෙමු. ඔවුන් නම්, උඞඟූ වී ආඩම්බර බස් ෙදාඩන මිනිසුන් වශයෙන් සිටියහ.

فَقَالُوٓا۟ أَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عَٰبِدُونَ ۝٤۷

එබැවින් ඔවුන් මෙසේ පැවසූහ: “අපි මෙන් මිනිසුන් වන මේ දෙදෙනාව අපි විශ්වාස කරන්නෙමුද? මොවුන්ගේ මිනිසුන්ද (අපට වහලූන් වශයෙන් සිටිමින්) අපට වැඩ කරන්නාහ”

فَكَذَّبُوهُمَا فَكَانُوا۟ مِنَ ٱلْمُهْلَكِينَ ۝٤۸

එබැවින් මේ දෙදෙනාව බොරුකාරයින් යයි ඔවුන් පැවසූහ. මේ හේතුවෙන් ඔවුන්ව විනාශ කරනු ලැබූහ.

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ لَعَلَّهُمْ يَهْتَدُونَ ۝٤۹

ඔවුන් ඍජු මාර්ගයෙහි යනු පිණිස මූසාට නියත වශයෙන්ම අපි ධර්මයක් ලබා දුන්නෙමු. (එහෙත් එය ඔවුන් සැලකිල්ලකට ගත්තේ නැත).

وَجَعَلْنَا ٱبْنَ مَرْيَمَ وَأُمَّهُۥٓ ءَايَةًۭ وَءَاوَيْنَٰهُمَآ إِلَىٰ رَبْوَةٍۢ ذَاتِ قَرَارٍۢ وَمَعِينٍۢ ۝٥۰

මර්යම්ගේ පුතාවද, ඔහුගේ මවවද අපි සාධකයක් බවට පත් කර, ඒ දෙදෙනාවද (ඉතාමත් සශ්‍රීක) දිය දහරාවලින් පිරි (වාසය කිරීමට) ඉතාමත් (සුදුසු) උසස් භූමියෙහි ජීවත්වීමට සැලැස්සුවෙමු.

يَٰٓأَيُّهَا ٱلرُّسُلُ كُلُوا۟ مِنَ ٱلطَّيِّبَٰتِ وَٱعْمَلُوا۟ صَٰلِحًا ۖ إِنِّى بِمَا تَعْمَلُونَ عَلِيمٌۭ ۝٥١

(අපි යැවූ සෑම දූතයෙකුටම) මගේ දූතයාණෙනි! ඔබ පරිශුද්ධ දැයම අනුභව කරනු. නියත වශයෙන්ම මා, ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නෙමි.

وَإِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمْ أُمَّةًۭ وَٰحِدَةًۭ وَأَنَا۠ رَبُّكُمْ فَٱتَّقُونِ ۝٥٢

“නියත වශයෙන්ම ඔබගේ මෙම සමූහය එකම සමූහයකි. (මෙහි කිසිම භේදයක් නොමැත). මම ම ඔබගේ දෙවියන්ය. එබැවින් ඔබ මටම බිය වනු” (යයි අණ කර තිබුණෙමු. ඔවුන්ද තම ජනතාවට මේ අන්දමටම පවසමින් සිටියහ).

فَتَقَطَّعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ زُبُرًۭا ۖ كُلُّ حِزْبٍۭ بِمَا لَدَيْهِمْ فَرِحُونَ ۝٥۳

එහෙත් (යුදෙව්වන්) තමන්ගේ ධර්ම කාරණාවන් විවිධ කොටස්වලට ඛෙදාගෙන, සෑම සමූහයක්ම තමන් වෙත ඇති කොටස මගින් සතුටට පත් වන්නාහ.

فَذَرْهُمْ فِى غَمْرَتِهِمْ حَتَّىٰ حِينٍ ۝٥٤

(නබියේ!) ඔබ එක් කාලයක් දක්වා ඔවුන්ව ඔවුන්ගේ ආරවුලෙහි (ගැලී සිටින්නට) අත්හැර දමනු.

أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِۦ مِن مَّالٍۢ وَبَنِينَ ۝٥٥

අපි ඔවුන්ට දරුවන්ද, වස්තූන්ද ලබා දී උදව් කරමින් සිටීම ගැන ඔවුන් කුමක් නම් සිතමින් සිටියෙහුද?

نُسَارِعُ لَهُمْ فِى ٱلْخَيْرَٰتِ ۚ بَل لَّا يَشْعُرُونَ ۝٥٦

(මෙබැවින් නියත වශයෙන්ම) අපි ඔවුන්ට හොඳක් කිරීමෙහි තීව්‍රව සිටින්නෙමුද? (මෙසේ සිතා ගත්තෙහුද?) එසේ නොව! (එය කුමක් සඳහාද යන්න) ඔවුන් වටහා ගන්නේ නැත.

إِنَّ ٱلَّذِينَ هُم مِّنْ خَشْيَةِ رَبِّهِم مُّشْفِقُونَ ۝٥۷

නියත වශයෙන්ම කවුරුන් තමන්ගේ දෙවියන්ට බිය වී වෙව්ලමින් සිටින්නෝද ඔවුන්ද,

وَٱلَّذِينَ هُم بِـَٔايَٰتِ رَبِّهِمْ يُؤْمِنُونَ ۝٥۸

කවුරුන් තමන්ගේ දෙවියන්ගේ ආයාවන් ඇත්තෙන්ම විශ්වාස කරන්නෝද ඔවුන්ද,

وَٱلَّذِينَ هُم بِرَبِّهِمْ لَا يُشْرِكُونَ ۝٥۹

කවුරුන් තමන්ගේ දෙවියන්ට (කිසිවක්) සමානයන් නොකර සිටින්නෝද ඔවුන්ද,

وَٱلَّذِينَ يُؤْتُونَ مَآ ءَاتَوا۟ وَّقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَىٰ رَبِّهِمْ رَٰجِعُونَ ۝٦۰

කවුරුන් තමන්ට සුදුසු වන අන්දමට දානමාන කරන අතර ඔවුන්ගේ හෘදයන් නියත වශයෙන්ම තමන්ගේ දෙවියන් වෙත ආපසු යන්නෙමු යයි බිය වෙමින් සිටින්නෝද ඔවුන්ද,

أُو۟لَٰٓئِكَ يُسَٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَهُمْ لَهَا سَٰبِقُونَ ۝٦١

(ආදී) මොවුන්ම දැහැමි කාරණාවන්ගෙන් (කෙනෙකුට වඩා කෙනෙකු) ඉදිරියට යාමට වේගයෙන් යන්නාහ.

وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَلَدَيْنَا كِتَٰبٌۭ يَنطِقُ بِٱلْحَقِّ ۚ وَهُمْ لَا يُظْلَمُونَ ۝٦٢

අපි කිසිම ආත්මයක් තමන්ගේ ශක්තියට අධික වශයෙන් (යම් කිසිවක් කරන මෙන්) බල කරන්නේ නැත. (සෑම කෙනෙකුගේම) නිවැරදි (දෛනික) සටහනද අප වෙත ඇත්තේය. (ඔවුන්ගේ පින් අඩු කර හෝ පාපයන් වැඩි කර හෝ) ඔවුන්ට අපරාධයක් කරනු නොලබන්නාහ.

بَلْ قُلُوبُهُمْ فِى غَمْرَةٍۢ مِّنْ هَٰذَا وَلَهُمْ أَعْمَٰلٌۭ مِّن دُونِ ذَٰلِكَ هُمْ لَهَا عَٰمِلُونَ ۝٦۳

එහෙත් ප්‍රතික්ෂේප කරන ඔවුන්ගේ හෘදයන් මෙය (මෙම ධර්මය) ගැන (සැක කර), අවුල් වියවුලෙහි ගැලී සිටින්නාහ. මේ හැර ඔවුන් කරමින් සිටින වෙනත් බොහෝ (නපුරු) කාරණාවන්ද ඇත්තේය.

حَتَّىٰٓ إِذَآ أَخَذْنَا مُتْرَفِيهِم بِٱلْعَذَابِ إِذَا هُمْ يَجْـَٔرُونَ ۝٦٤

එබැවින් ඔවුන්ගේ සැප සම්පත්හි ගැලී සිටින්නන්ව දඬුවම මගින් අපි අල්ලා ගත්තේ නම්, ඔවුන් එවෙලේම (තිගැස්සී, තමන්ව බේරා ගන්නා මෙන්) ආරක්ෂාව පතා ශබ්ද නගන්නාහ.

لَا تَجْـَٔرُوا۟ ٱلْيَوْمَ ۖ إِنَّكُم مِّنَّا لَا تُنصَرُونَ ۝٦٥

(ඒ අතර ඔවුන්ට) “අද දින ඔබ ආරක්ෂාව පතා ශබ්ද නොනගනු. නියත වශයෙන්ම ඔබ අප විසින් උදව් කරනු නොලබන්නෙහුය.

قَدْ كَانَتْ ءَايَٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَكُنتُمْ عَلَىٰٓ أَعْقَٰبِكُمْ تَنكِصُونَ ۝٦٦

නියත වශයෙන්ම මගේ ආයාවන් ඔබට සමුදීරණය කර පෙන්වූ සෑම විටම, ඔබ පිටුපස පෙන්වා යමින් සිටියෙහුය.

مُسْتَكْبِرِينَ بِهِۦ سَٰمِرًۭا تَهْجُرُونَ ۝٦۷

ඔබ උඞඟූ වී (ඔබගේ) නිසොල්ලාසයන්හිද මේ ගැන (සමච්චල් කරමින්) ෙදාඩවමින් සිටියෙහුය” (යයි කියනු ලැබේ).

أَفَلَمْ يَدَّبَّرُوا۟ ٱلْقَوْلَ أَمْ جَآءَهُم مَّا لَمْ يَأْتِ ءَابَآءَهُمُ ٱلْأَوَّلِينَ ۝٦۸

(අපගේ) වදන් ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? නැතහොත් ඔවුන්ගේ පෙර විසූ මුතුන් මිත්තන් වෙත නොපැමිණි යම්කිසිවක් මොවුන් වෙත පැමිණියේද?

أَمْ لَمْ يَعْرِفُوا۟ رَسُولَهُمْ فَهُمْ لَهُۥ مُنكِرُونَ ۝٦۹

නැතහොත් තමන් වෙත පැමිණි දූතයාව තමන් නොදන්නේය යනුවෙන් (පවසා) ඔවුන් ප්‍රතික්ෂේප කරන්නෙහුද?

أَمْ يَقُولُونَ بِهِۦ جِنَّةٌۢ ۚ بَلْ جَآءَهُم بِٱلْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَٰرِهُونَ ۝۷۰

නැතහොත් “ඔහුට පිස්සු හැදී ඇත” යයි පවසන්නෙහුද? එසේ නොව. (අපගේ දූතයා) ඔහුට සත්‍යය ගෙන ආවේය. එහෙත් ඔවුන්ගෙන් බොහොමයක් දෙනා එම සත්‍යය පිළිකුල් කරන්නාහ.

وَلَوِ ٱتَّبَعَ ٱلْحَقُّ أَهْوَآءَهُمْ لَفَسَدَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ ۚ بَلْ أَتَيْنَٰهُم بِذِكْرِهِمْ فَهُمْ عَن ذِكْرِهِم مُّعْرِضُونَ ۝۷١

දිව්රුම ඔවුන්ගේ (වැරදි) අදහස් අනුගමනය කරන්නෙහු නම්, නියත වශයෙන්ම අහස්ද, භූමියද, ඒවායේ ඇති දැයද විනාශ වී යනු ඇත. එබැවින් ඔවුන්ට හොඳ ඔවදනම යැව්වෙමු. එහෙත් ඔවුන් නම්, තමන් වෙත පැමිණි එම හොඳ ඔවදනම ප්‍රතික්ෂේප කර හැරියහ.

أَمْ تَسْـَٔلُهُمْ خَرْجًۭا فَخَرَاجُ رَبِّكَ خَيْرٌۭ ۖ وَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ ۝۷٢

නැතහොත් ඔබ ඔවුන්ගෙන් යම්කිසි කුලියක් ඉල්ලන්නෙහිද? (එසේත් නැත. මන්දයත්) ඔබගේ දෙවියන් (ඔබට) ලබා දෙන කුලියම ඉතාමත් උසස් වශයෙන් ඇත්තේය. ඔහු නම්, දානමාන කරන්නන්ගෙන් ඉතාමත් උසස්වන්තයෙකි.

وَإِنَّكَ لَتَدْعُوهُمْ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ۝۷۳

(නබියේ!) නියත වශයෙන්ම ඔබ ඔවුන්ව ඍජු මාර්ගයටම ආරාධනා කරන්නෙහිය.

وَإِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ عَنِ ٱلصِّرَٰطِ لَنَٰكِبُونَ ۝۷٤

කවුරුන් පරලොව විශ්වාස නොකරන්නෝද, ඔවුන් ඍජු මාර්ගය ප්‍රතික්ෂේප කළ අය වන්නාහ.

۞ وَلَوْ رَحِمْنَٰهُمْ وَكَشَفْنَا مَا بِهِم مِّن ضُرٍّۢ لَّلَجُّوا۟ فِى طُغْيَٰنِهِمْ يَعْمَهُونَ ۝۷٥

අපි ඔවුන් කෙරෙහි ආදර කරුණාව පහළ කර, ඔවුන්ට ඇති වූ දුක් ගැහැට පහ කළා වුවද, ඔවුන් (නැවතත්) මුරණ්ඩුකමෙන් යුතුව තමන්ගේ දුර්මාර්ගයෙහිම ගිලී දඟලන්නාහ.

وَلَقَدْ أَخَذْنَٰهُم بِٱلْعَذَابِ فَمَا ٱسْتَكَانُوا۟ لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ ۝۷٦

අපි ඔවුන්ව දඬුවම මගින් අල්ලා ගත්තා වුවද, ඔවුන් තමන්ගේ දෙවියන් වෙත හැරෙන්නේ නැත. (ඔහු වෙත) යටත් පහත්ව ප්‍රාර්ථනා කරන්නේද නැත.

حَتَّىٰٓ إِذَا فَتَحْنَا عَلَيْهِم بَابًۭا ذَا عَذَابٍۢ شَدِيدٍ إِذَا هُمْ فِيهِ مُبْلِسُونَ ۝۷۷

ඔවුන් කෙරෙහි දරුණු දඬුවමෙහි එක් ෙදාරටුවක් විවෘත කර හැරියේ නම්, ඔවුන් තිගැස්සී තමන්ගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්නේය.

وَهُوَ ٱلَّذِىٓ أَنشَأَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَٰرَ وَٱلْأَفْـِٔدَةَ ۚ قَلِيلًۭا مَّا تَشْكُرُونَ ۝۷۸

ඔහුම ඔබ වෙනුවෙන් සවන, ඇස් පෙනීම, හෘදය, ආදී දැය නිර්මාණය කළ අයයි. (මෙසේ තිබියදී ඔහුට) ඉතාමත් සුළු වශයෙන්ම කෘතඥ වන්නෙහුය.

وَهُوَ ٱلَّذِى ذَرَأَكُمْ فِى ٱلْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ ۝۷۹

ඔහුම ඔබව භූමියෙහි (විවිධ ප්‍රදේශයන්හි) විසිරී (වාසය කර) බෝවන්නට සලස්වන්නේය.

وَهُوَ ٱلَّذِى يُحْىِۦ وَيُمِيتُ وَلَهُ ٱخْتِلَٰفُ ٱلَّيْلِ وَٱلنَّهَارِ ۚ أَفَلَا تَعْقِلُونَ ۝۸۰

ඔහුම පණ දෙන්නේය. මරණයටද පත් කරන්නේය. රාත්‍රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමද ඔහුගේ නියෝගයන්ට අනුවය! (මෙතරම් දැයක්වත්) ඔබ දැන ගත යුතු නොවේද?

بَلْ قَالُوا۟ مِثْلَ مَا قَالَ ٱلْأَوَّلُونَ ۝۸١

කිමෙක්ද! (මොවුන්ට) පෙර සිටියවුන් පැවසූ අන්දමට මොවුන්ද පවසන්නාහ.

قَالُوٓا۟ أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا وَعِظَٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ ۝۸٢

(එනම්) “අපි මරණයට පත් වී ඇටසැකිළි බවටද, දිරාපත්ව පස් බවටද පත් වූ පසු, ඇත්තෙන්ම අපි නැගිට්ටවනු ලබන්නෙමුද?”යි (ඔවුන් පැවසූ අන්දමටම මොවුන්ද) පවසන්නාහ.

لَقَدْ وُعِدْنَا نَحْنُ وَءَابَآؤُنَا هَٰذَا مِن قَبْلُ إِنْ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ ۝۸۳

(තවද) “මීට පෙර නියත වශයෙන්ම අපිත් අපගේ මුතුන් මිත්තන්ද මේ අන්දමටම පොරොන්දු දෙනු ලැබ සිටියෙමු. එය පෙර විසූ අයගේ ප්‍රබන්ධ කතා මිස, වෙන කිසිවක් නැත” (යයිද පවසන්නාහ).

قُل لِّمَنِ ٱلْأَرْضُ وَمَن فِيهَآ إِن كُنتُمْ تَعْلَمُونَ ۝۸٤

(එබැවින් නබියේ! ඔබ ඔවුන්ට) “භූමියද, එහි ඇති දැයද කා හට අයත් දැයද? ඔබ දන්නෙහු නම් පවසනු!” යයි කියනු.

سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَذَكَّرُونَ ۝۸٥

එයට ඔවුන් “අල්ලාහ්ට අයත් දැයයි!” යයි පවසන්නාහ. (එසේ නම් “මෙමගින්) ඔබ හොඳ වැටහීමක් ලබා නොගන්නෙහුද?”යි පවසනු.

قُلْ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ ٱلسَّبْعِ وَرَبُّ ٱلْعَرْشِ ٱلْعَظِيمِ ۝۸٦

(තවද) “අහස් හතට දෙවියන්ද, ඉමහත් වූ අර්ෂ් වලට දෙවියන්ද කවරෙකුද?”යි විමසනු මැනව!

سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَتَّقُونَ ۝۸۷

එයට ඔවුන් “(සියල්ල) අල්ලාහ්ට අයත් දැයයි!” යයි පවසන්නාහ. “(එසේ නම්) ඔබ ඔහුට බිය විය යුතු නොවේද?”යි කියනු.

قُلْ مَنۢ بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَىْءٍۢ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِن كُنتُمْ تَعْلَمُونَ ۝۸۸

(තවද) “සියලූ වස්තූන්හි බලය කවුරුන් අතේ ඇත්තේද? කිසිවෙකු විසින් බේරා නොගන්නා ලද, (නමුත් සියල්ලන්වම) බේරා ගත හැකි අය කවරෙක්ද? ඔබ දන්නෙහු නම්, (පවසනු)” යයි කියනු.

سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ فَأَنَّىٰ تُسْحَرُونَ ۝۸۹

එයට ඔවුන් “(සියලූ බලයද) අල්ලාහ්ට අයත් දැයයි!” යයි පවසන්නාහ. “(එසේ නම්) ඔබ, ඔබගේ බුද්ධිය කොහේදී නම් නැති කර ගත්තෙහුද?”යි කියනු.

بَلْ أَتَيْنَٰهُم بِٱلْحَقِّ وَإِنَّهُمْ لَكَٰذِبُونَ ۝۹۰

අපි ඔවුන්ට සත්‍යය ලබා දී තිබුණෙමු. (මෙයට විරුද්ධව පවසන) ඔවුන් නියත වශයෙන්ම බොරුකාරයින්ය!

مَا ٱتَّخَذَ ٱللَّهُ مِن وَلَدٍۢ وَمَا كَانَ مَعَهُۥ مِنْ إِلَٰهٍ ۚ إِذًۭا لَّذَهَبَ كُلُّ إِلَٰهٍۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ ۚ سُبْحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ۝۹١

අල්ලාහ් දරුවන් ඇර ගත්තේ නැත. ඔහු සමග වෙනත් හිමියෙකුද නැත. එසේ නම්, සෑම දෙවියෙකුම තමන් උත්පාදනය කළ දැය, (තමන් සමග එක්කාසු) කරගෙන කෙනෙකු අනිත් කෙනා කෙරෙහි යුද්ධ කර, ඉහළින් යාමට ආරම්භ කරනු ඇත. (ප්‍රතික්ෂේප කරන) මොවුන් වර්ණනා කරන මේවායෙන් අල්ලාහ් ඉතාමත් උසස්වන්තයෙකි.

عَٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ فَتَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ ۝۹٢

ඔහු රහසද, නොරහසද දන්නෙකි. මොවුන් සමානයන් වශයෙන් තබන දැයෙන් අල්ලාහ් ඉතාමත් උසස්වන්තයෙකි.

قُل رَّبِّ إِمَّا تُرِيَنِّى مَا يُوعَدُونَ ۝۹۳

“මගේ දෙවියනේ! ඔබ ඔවුන්ට පොරොන්දු වන දඬුවම ඔබ මා හට පෙන්වන්නේ නම්,

رَبِّ فَلَا تَجْعَلْنِى فِى ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ ۝۹٤

මගේ දෙවියනේ! (ඒ සමගම) මෙම අපරාධකාර ජනතාවත් සමග ඔබ මාව එක්කාසු නොකරනු (මැනව!)’ යයි (නබියේ!) ඔබ ප්‍රාර්ථනා කරනු මැනව!

وَإِنَّا عَلَىٰٓ أَن نُّرِيَكَ مَا نَعِدُهُمْ لَقَٰدِرُونَ ۝۹٥

මන්දයත් නියත වශයෙන්ම අපි ඔවුන්ට පොරොන්දු දෙන ලද දඬුවම ඔබට පෙන්වීමටද බලසම්පන්න වෙමු”

ٱدْفَعْ بِٱلَّتِى هِىَ أَحْسَنُ ٱلسَّيِّئَةَ ۚ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ ۝۹٦

(නබියේ!) පාපයන් පින් මගින්ම ඔබ වළක්වා ගනු මැනව! ඔවුන් (ඔබ ගැන) පවසන දැය අපි හොඳින් දනිමු.

وَقُل رَّبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَٰتِ ٱلشَّيَٰطِينِ ۝۹۷

තවද “මගේ දෙවියනේ! (පාපතර කාරණාවන් ගැන) ෂෙයිතාන්ගේ පෙළඹවීමෙන් මාව ආරක්ෂා කර ගන්නා මෙන් මා ඔබ වෙතින් ඉල්ලා සිටිමි.

وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحْضُرُونِ ۝۹۸

මගේ දෙවියනේ! ෂෙයිතාන් මා වෙත නෑවිත් සිටීමටද ඔබ වෙතින් ඉල්ලා සිටින්නෙමි” යයි (නබියේ!) ඔබ ප්‍රාර්ථනා කරමින් සිටිනු මැනව!

حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَهُمُ ٱلْمَوْتُ قَالَ رَبِّ ٱرْجِعُونِ ۝۹۹

(ප්‍රතික්ෂේප කරමින් සිටින) ඔවුන්ගෙන් කවුරුන්ට හෝ මරණය ළඟා වුවහොත් (ඔහු තම දෙවියන්ට) “මගේ දෙවියනේ! මාව (ලොවට) ආපසු හරවා යවනු.

لَعَلِّىٓ أَعْمَلُ صَٰلِحًۭا فِيمَا تَرَكْتُ ۚ كَلَّآ ۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَآئِلُهَا ۖ وَمِن وَرَآئِهِم بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ ۝١۰۰

“මා අත්හැර දමා පැමිණි (ලොවෙහි) එහි (මින් පසු) හොඳ කාරණාවන්ම මා කරමින් සිටින්නෙමි” යයි පවසනු ඇත. (එහෙත් එය සිදුවිය හැකි කාරණාවක්) නොව. (මෙවැනි අවස්ථාවේදී) ඔහු කියන පුහු වදනක් (මිස, වෙන කිසිවක් නැත). ඔවුන්ට පෙර එහි (පණ දී) නැගිට්ටවන දින දක්වා එක් ආවරණයක් ඇති වනු ඇත.

فَإِذَا نُفِخَ فِى ٱلصُّورِ فَلَآ أَنسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍۢ وَلَا يَتَسَآءَلُونَ ۝١۰١

සූර් (නමැති හොරණෑව කවදා හෝ) පිඹිනු ලැබුවහොත් එදිනදී ඔවුන් අතරේ බන්ධනයක් නොතිඛෙණු ඇත. කෙනෙකුගේ (සුවදුක්) වෙනත් කෙනෙකු නොවිමසනු ඇත. (තම තමන්ගේ දුක විශාලව පෙණෙනු ඇත).

فَمَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ۝١۰٢

කවුරුන්ගේ (පිනෙහි) බර ගණනයෙන් (වැඩි) වන්නේද, ඔවුන්ම ජයග්‍රාහකයින්ය.

وَمَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فِى جَهَنَّمَ خَٰلِدُونَ ۝١۰۳

කවුරුන්ගේ (පිනෙහි) බර අඩු වන්නේද, ඔවුන් තමන්ට තමන්ම පාඩුව ඇති කරගෙන සැමදා නිරයෙහි රැඳී සිටින්නාහ.

تَلْفَحُ وُجُوهَهُمُ ٱلنَّارُ وَهُمْ فِيهَا كَٰلِحُونَ ۝١۰٤

ඔවුන්ගේ මුහුණු (නිරා) ගින්න දවා (තොල් පෙති දැවී හැකිළී), එහි ඔවුන් මුහුණු විකෘතිවුවන් වශයෙන් සිටින්නාහ.

أَلَمْ تَكُنْ ءَايَٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَكُنتُم بِهَا تُكَذِّبُونَ ۝١۰٥

(ඔවුන්ට) “ඔබ කෙරෙහි මගේ ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවේ නැද්ද? ඒවා ඔබ බොරු කරමින්ම සිටියෙහුය” (යයි කියනු ලැබේ).

قَالُوا۟ رَبَّنَا غَلَبَتْ عَلَيْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْمًۭا ضَآلِّينَ ۝١۰٦

එයට ඔවුන් “අපගේ දෙවියනේ! අපගේ අවාසනාව අපව යටපත් කළේය. එබැවින් අපි දුර්මාර්ගයෙහි ගියෙමු” යයි පවසනු ඇත.

رَبَّنَآ أَخْرِجْنَا مِنْهَا فَإِنْ عُدْنَا فَإِنَّا ظَٰلِمُونَ ۝١۰۷

(තවද) “අපගේ දෙවියනේ! මෙයින් (මෙම නිරයෙන්) අපව පිටමං කර හරිනු. (පාපයන් කිරීමට) නැවතත් ඉදිරිපත් වුවහොත් අපි ඉමහත් අපරාධකරුවන් බවට පත් වන්නෙමු” (යයි පවසනු ඇත).

قَالَ ٱخْسَـُٔوا۟ فِيهَا وَلَا تُكَلِّمُونِ ۝١۰۸

එයට ඔහු “එහිම අවමානයට ලක් වී සිටිනු. ඔබ මා සමග කතා නොකරනු” යයි පවසනු ඇත.

إِنَّهُۥ كَانَ فَرِيقٌۭ مِّنْ عِبَادِى يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱغْفِرْ لَنَا وَٱرْحَمْنَا وَأَنتَ خَيْرُ ٱلرَّٰحِمِينَ ۝١۰۹

නියත වශයෙන්ම මගේ වහලූන්ගෙන් එක් කොටසක් සිටියහ. ඔවුන් (මා හට) “අපගේ දෙවියනේ! අපි (ඔබව) විශ්වාස කරන්නෙමු. ඔබ අපගේ වැරදිවලට සමාව දී අප කෙරෙහි දයාව පහළ කරනු මැනව! දයාව පහළ කරන්නන්ගෙන් ඔබ ඉතාමත් උසස්වන්තයෙකි” යයි ප්‍රාර්ථනා කරමින් සිටියහ.

فَٱتَّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّىٰٓ أَنسَوْكُمْ ذِكْرِى وَكُنتُم مِّنْهُمْ تَضْحَكُونَ ۝١١۰

නමුත් “ඔබ නම්, මාව සිහි කිරීම සම්පූර්ණයෙන්ම අමතක කර දමා ඔවුන්ව අපහාසයට ලක් කරමින් ඔවුන් ගැන සිනහසෙමින් සිටියෙහුය.

إِنِّى جَزَيْتُهُمُ ٱلْيَوْمَ بِمَا صَبَرُوٓا۟ أَنَّهُمْ هُمُ ٱلْفَآئِزُونَ ۝١١١

(ඔබගේ අපහාසය) ඔවුන් විඳ දරාගෙන සිටීමේ හේතුවෙන් අද දින නියත වශයෙන්ම මා ඔවුන්ට (හොඳ) ඵලවිපාක දුන්නෙමි. ඇත්තෙන්ම ඔවුන්ම ජයග්‍රහණය අත් කර ගත් අයයි” (යයිද දෙවියන් පවසනු ඇත).

قَٰلَ كَمْ لَبِثْتُمْ فِى ٱلْأَرْضِ عَدَدَ سِنِينَ ۝١١٢

(තවද) “ඔබ භූමියෙහි කොපමණ වසර ගණනක් සිටියෙහුද?”යි ඔහු විමසනු ඇත.

قَالُوا۟ لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍۢ فَسْـَٔلِ ٱلْعَآدِّينَ ۝١١۳

එයට ඔවුන් “එක් දිනක් නැතහොත් දිනකින් සුළු කොටසක් රැඳී සිටින්නට ඇත්තෙමු. (මේ ගැන) ගණනය කර ඇත්තවුන්ගෙන් ඔබ විමසනු මැනව!” යයි පවසන්නාහ.

قَٰلَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلًۭا ۖ لَّوْ أَنَّكُمْ كُنتُمْ تَعْلَمُونَ ۝١١٤

එයට ඔහු “එක් සුළු කාලයක් මිස, (භූමියෙහි අධික කාලයක්) ඔබ රැඳී සිටියේ නැත. (මෙය) කළින්ම ඔබ දැන සිටිය යුතු නොවේද?”යි පවසනු ඇත.

أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَٰكُمْ عَبَثًۭا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ ۝١١٥

“(කිමෙක්ද!) අපි ඔබව උත්පාදනය කළේ නියත වශයෙන්ම නිකරුණේ යයිද, ඔබ අප වෙත නැවතත් ගෙන එනු නොලබන්නෙහුය යයිද ඔබ ස්ථීර වශයෙන් අදස් කරමින් සිටියෙහුද?”යි (පවසනු ඇත).

فَتَعَٰلَى ٱللَّهُ ٱلْمَلِكُ ٱلْحَقُّ ۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْكَرِيمِ ۝١١٦

එබැවින් සත්‍යය රජු වන අල්ලාහ් ඉතාමත් උසස්වන්තයෙකි. ඔහු හැර නමදින්නට යුතු හිමියෙකු නැත. ගෞරවණීය අර්ෂ් වලට අයත් දෙවියන් ඔහුය!

وَمَن يَدْعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ لَا بُرْهَٰنَ لَهُۥ بِهِۦ فَإِنَّمَا حِسَابُهُۥ عِندَ رَبِّهِۦٓ ۚ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلْكَٰفِرُونَ ۝١١۷

(නබියේ!) කවුරුන් අල්ලාහ් සමග වෙනත් හිමියෙකු (දෙවියන් යයි) ආරාධනා කරන්නේද, ඔහු වෙත එයට අයත් කිසිම සාධකයක් නැත. ඔහුගේ (පාපයන්ගේ) ගණනය ඔහුගේ දෙවියන් වෙතම (තීන්දු කරනු ලැබේ). නියත වශයෙන්ම (සත්‍යය) ප්‍රතික්ෂේප කරන මෙවැන්නන් ජයග්‍රහණය කරනු නොලබන්නාහ.

وَقُل رَّبِّ ٱغْفِرْ وَٱرْحَمْ وَأَنتَ خَيْرُ ٱلرَّٰحِمِينَ ۝١١۸

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මගේ දෙවියනේ! ඔබ (මා හට) සමාව දී කරුණාව දක්වනු මැනව! කරුණාව දක්වන්නන්ගෙන් ඔබ ඉතාමත් උසස්වන්තයෙකි”.