< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ تَبَارَكَ ٱلَّذِى نَزَّلَ ٱلْفُرْقَانَ عَلَىٰ عَبْدِهِۦ لِيَكُونَ لِلْعَٰلَمِينَ نَذِيرًا ۝١

(පින් පව් දෙක පැහැදිලිව) වෙන්කර දැනුම් දෙන මෙම ධර්මය තම වහලා (මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කෙරෙහි පහළ කළ තැනැත්තා ඉතාමත් භාග්‍යවන්තයෙකි. මෙය ලෝකවාසී සියල්ලන්වම බිය ගන්වා අනතුරු අඟවන්නක් බවට ඇත්තේය.

ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَلَمْ يَتَّخِذْ وَلَدًۭا وَلَمْ يَكُن لَّهُۥ شَرِيكٌۭ فِى ٱلْمُلْكِ وَخَلَقَ كُلَّ شَىْءٍۢ فَقَدَّرَهُۥ تَقْدِيرًۭا ۝٢

(මෙම ධර්මය පහළ කළ තැනැත්තා කෙබඳු අයදයත් අහස් හා භූමියෙහි පාලනය ඔහුටම අයත්ය! ඔහු කිසිවෙකුවත් (තමන්ගේ) දරුවන් වශයෙන් ඇර ගත්තේද නැත. ඔහුගේ පාලනයෙහි ඔහුට කිසි සහායයෙකුද නැත. ඔහුම සියල්ල උත්පාදනය කර, ඒවාට අයත් ස්වභාවයද සැලැස්වූ අයයි.

وَٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ ءَالِهَةًۭ لَّا يَخْلُقُونَ شَيْـًۭٔا وَهُمْ يُخْلَقُونَ وَلَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ ضَرًّۭا وَلَا نَفْعًۭا وَلَا يَمْلِكُونَ مَوْتًۭا وَلَا حَيَوٰةًۭ وَلَا نُشُورًۭا ۝۳

(මෙසේ තිබියදී සමානයන් තබා නමදින්නන්) ඔහු නොවන දැය දෙවිවරුන් වශයෙන් ඇර ගන්නාහ. ඒවා කිසිවක් උත්පාදනය කළේ නැත. (එහෙත්) ඒවාද කිසිම හොඳක් හෝ නරකක් හෝ කර ගැනීමට ශක්තියක් නැති දැයයි. තවද පණ දීමට හෝ මරණයට පත් කිරීමට හෝ පණ දී නැගිට්ටවීමට හෝ ශක්තියක් නැති දැය වශයෙන්ම ඇත්තේය.

وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَٰذَآ إِلَّآ إِفْكٌ ٱفْتَرَىٰهُ وَأَعَانَهُۥ عَلَيْهِ قَوْمٌ ءَاخَرُونَ ۖ فَقَدْ جَآءُو ظُلْمًۭا وَزُورًۭا ۝٤

ප්‍රතික්ෂේප කරන්නන් මෙසේ පවසන්නාහ: “(ශුද්ධ වූ කුර්ආනය වන) මෙය, බොරු ගොතා ඔහු මනක්කල්පිත කර ගත් දැයක් මිස, වෙන කිසිවක් නැත. මෙහි (මනක්කල්පිත කිරීමෙහි) වෙනත් ජනතාවන් ඔහුට උදව් කරන්නාහ”. (නමුත් සත්‍යය කුමක්දයත් මෙමගින්) ඔවුන්ම අපරාධයද, බොරුවද පවසන්නාහ.

وَقَالُوٓا۟ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ ٱكْتَتَبَهَا فَهِىَ تُمْلَىٰ عَلَيْهِ بُكْرَةًۭ وَأَصِيلًۭا ۝٥

තවද “මෙය පෙර විසූවන්ගේ ප්‍රබන්ධ කතාවකි. (මෙසේ) මෙය උදේ සවස මොහුට සමුදීරණය කර පෙන්වනු ලැබේ. මෙය මොහු (අන් අයගේ උදව්වෙන්) ලියා ගනු ලබන්නේය” යයිද ඔවුන් (ප්‍රතික්ෂේප කරන්නන්) පවසන්නාහ.

قُلْ أَنزَلَهُ ٱلَّذِى يَعْلَمُ ٱلسِّرَّ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ إِنَّهُۥ كَانَ غَفُورًۭا رَّحِيمًۭا ۝٦

(එයට නබියේ!) ඔබ මෙසේ පවසනු: “(එසේ නොව). අහස්හිද, භූමියෙහිද ඇති රහස් දන්නේ කවුරුන්ද, ඔහුම මෙය පහළ කළේය. (ඔබ පසුතැවිලි වී ඔහු දෙසට හැරුණහොත්) නියත වශයෙන්ම ඔහු (ඔබගේ මෙම වැරදි වලට) ඉතාමත් සමාව දෙන්නෙකු හා කරුණාව දක්වන්නෙකු වශයෙන් සිටින්නේය”.

وَقَالُوا۟ مَالِ هَٰذَا ٱلرَّسُولِ يَأْكُلُ ٱلطَّعَامَ وَيَمْشِى فِى ٱلْأَسْوَاقِ ۙ لَوْلَآ أُنزِلَ إِلَيْهِ مَلَكٌۭ فَيَكُونَ مَعَهُۥ نَذِيرًا ۝۷

(නැවතත්) ඔවුන් මෙසේ පවසන්නාහ: “මෙම දූතයාට (කුමක් නම් සිදු වී ඇත්ද)? ඔහු (අප මෙන්ම) ආහාර අනුභව කරන්නේය. කඩ වීදියටද යන්නේය. (ඔහු දෙවියන්ගේ දූතයා වශයෙන් සිටින්නෙහි නම්), ඔහු වෙනුවෙන් මලායිකාවරයෙකු යවනු ලැබ, ඔහු, ඔහු සමග එක්කාසු වී බිය ගන්වා අනතුරු ඇඟවිය යුතු නොවේද?

أَوْ يُلْقَىٰٓ إِلَيْهِ كَنزٌ أَوْ تَكُونُ لَهُۥ جَنَّةٌۭ يَأْكُلُ مِنْهَا ۚ وَقَالَ ٱلظَّٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًۭا مَّسْحُورًا ۝۸

“නැතහොත් ඔහුට නිධානයක් ලබා දිය යුතු නොවේද? නැතහොත් ඔහු ආහාරයට ගත යුතු (පලතුරු වර්ග ලබා දිය හැකි) උයන් වත්තක් ඔහුට තිබිය යුතු නොවේද?”යි මෙම අපරාධකරුවන් (විශ්වාසවන්ත-යින්ගෙන් විමසන අතර) “ඔබ සූනියම් කරන ලද මිනිසාවම අනුගමනය කරන්නෙහුය” යයිද පවසන්නාහ.

ٱنظُرْ كَيْفَ ضَرَبُوا۟ لَكَ ٱلْأَمْثَٰلَ فَضَلُّوا۟ فَلَا يَسْتَطِيعُونَ سَبِيلًۭا ۝۹

(එබැවින් නබියේ!) ඔබ ගැන ඔවුන් විවිධ උදාහරණයන් ඉදිරිපත් කරන්නෝද යන්න අවධානය කර බලනු. මොවුන් (සම්පූර්ණයෙන්ම) මාර්ගය වැරද ගියහ. ඍජු මාර්ගය අත් කර ගැනීමට මොවුන්ට නොහැකිය.

تَبَارَكَ ٱلَّذِىٓ إِن شَآءَ جَعَلَ لَكَ خَيْرًۭا مِّن ذَٰلِكَ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ وَيَجْعَل لَّكَ قُصُورًۢا ۝١۰

(නබියේ! ඔබගේ දෙවියන් වන ඔහු ඉතාමත් භාග්‍යවන්තයෙකි. ඔහු අදහස් කළහොත් (මෙම ප්‍රතික්ෂේප කරන්නන් ඉල්ලා සිටින මාලිගාවන් කිමෙක්ද?) මීටත් වඩා උසස් ස්වර්ගයන් ඔබට ලබා දිය හැකි අයෙකි. ඒවායෙහි දිය දහරා සදාකල් ගලමින් ඇත්තේය. (ඒවායෙහි) ඔබට බොහෝ මාලිගාවන්ද සලස්වා තබනු ඇත.

بَلْ كَذَّبُوا۟ بِٱلسَّاعَةِ ۖ وَأَعْتَدْنَا لِمَن كَذَّبَ بِٱلسَّاعَةِ سَعِيرًا ۝١١

ඇත්තෙන්ම මොවුන් (විනිශ්චය) කාලයම බොරු කරන්නාහ. කවුරුන් (විනිශ්චය) කාලය බොරු කරන්නෝද, ඔවුන්ට නිරයම අපි සැලසුම් කර තබා ඇත්තෙමු.

إِذَا رَأَتْهُم مِّن مَّكَانٍۭ بَعِيدٍۢ سَمِعُوا۟ لَهَا تَغَيُّظًۭا وَزَفِيرًۭا ۝١٢

එය මොවුන්ව දුටු වහාම බුර බුරා නගින ගිනිදැල් වල ගෝෂාව මොවුන්ට ඉතාමත් ඈත සිටම තමන්ගේ සවනට ඇසෙන්නේය.

وَإِذَآ أُلْقُوا۟ مِنْهَا مَكَانًۭا ضَيِّقًۭا مُّقَرَّنِينَ دَعَوْا۟ هُنَالِكَ ثُبُورًۭا ۝١۳

ඔවුන්ව (ඔවුන්ගේ අත් පා) බැඳ එහි ඉතාමත් තදබදව ඇති ස්ථානයක වීසි කරනු ලැබුවහොත් අමාරුකම දරා ගත නොහැකිව (මරණය ළඟා විය හැකි) විනාශයම එහිදී ඔවුන් ආරාධනා කරන්නාහ.

لَّا تَدْعُوا۟ ٱلْيَوْمَ ثُبُورًۭا وَٰحِدًۭا وَٱدْعُوا۟ ثُبُورًۭا كَثِيرًۭا ۝١٤

(එබැවින් ඒ අවස්ථාවේදී ඔවුන්ට) “අද දින ඔබ විනාශයක් පමණක් ආරාධනා කරන්නෙහුය. බොහෝ විනාශයන් ආරාධනා කර ගනු” (යයි කියනු ලැබේ).

قُلْ أَذَٰلِكَ خَيْرٌ أَمْ جَنَّةُ ٱلْخُلْدِ ٱلَّتِى وُعِدَ ٱلْمُتَّقُونَ ۚ كَانَتْ لَهُمْ جَزَآءًۭ وَمَصِيرًۭا ۝١٥

(නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “(නිරය වන) එය උසස්ද? නැතහොත් පරිශුද්ධවන්තයින්ට පොරොන්දු වන ලද ස්ථීර වූ ස්වර්ගයන් උසස්ද? එය ඔවුන්ට (හොඳ) ඵලවිපාක වශයෙන්ද, ඔවුන් සේන්දු වන ස්ථානය වශයෙන්ද ඇත්තේය.

لَّهُمْ فِيهَا مَا يَشَآءُونَ خَٰلِدِينَ ۚ كَانَ عَلَىٰ رَبِّكَ وَعْدًۭا مَّسْـُٔولًۭا ۝١٦

එහි ඔවුන් කැමති සියල්ල ඔවුන්ට ලැඛෙනු ඇත. (එහි) ඔවුන් සදාකල් රැඳී සිටිනු ඇත”. (නබියේ!) මෙයම ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් ඉල්ලා ලබා ගත යුතු පොරොන්දුව වශයෙන් ඇත්තේය.

وَيَوْمَ يَحْشُرُهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ فَيَقُولُ ءَأَنتُمْ أَضْلَلْتُمْ عِبَادِى هَٰٓؤُلَآءِ أَمْ هُمْ ضَلُّوا۟ ٱلسَّبِيلَ ۝١۷

ඔවුන්වද, අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටි (අල්ලාහ් නොවන) දෙවිවරුන්වද, (විනිශ්චය සඳහා) ඒකරාශී කරන දිනදී (එම දෙවිවරුන්ගෙන්) “මගේ මෙම වහලූන්ව ඔබ මාර්ගය වැරද යාමට සැලැස්සූවෙහුද? නැතහොත් ඔවුන් තමන් විසින්ම මාර්ගය වැරද ගියෙහුද?”යි (දෙවියන්) විමසනු ඇත.

قَالُوا۟ سُبْحَٰنَكَ مَا كَانَ يَنۢبَغِى لَنَآ أَن نَّتَّخِذَ مِن دُونِكَ مِنْ أَوْلِيَآءَ وَلَٰكِن مَّتَّعْتَهُمْ وَءَابَآءَهُمْ حَتَّىٰ نَسُوا۟ ٱلذِّكْرَ وَكَانُوا۟ قَوْمًۢا بُورًۭا ۝١۸

එයට ඒවා (දෙවියන්ට) “ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔබව හැර (අන් කිසිවක්) අපි, අපට ආරක්ෂකයෙකු වශයෙන් ගැනීම අපට සුදුසු නැත. එහෙත් ඔබම ඔවුන්ටද, ඔවුන්ගේ මුතුන් මිත්තන්ටද සැප සම්පත් දුන්නෙහිය. ඔවුන් (ඔබව) සිහි කිරීම අමතක කර දමා (තමන් විසින්ම පාපයන් කර) විනාශ වී යන මිනිසුන් බවට පත් වූහ” යයි පවසනු ඇත.

فَقَدْ كَذَّبُوكُم بِمَا تَقُولُونَ فَمَا تَسْتَطِيعُونَ صَرْفًۭا وَلَا نَصْرًۭا ۚ وَمَن يَظْلِم مِّنكُمْ نُذِقْهُ عَذَابًۭا كَبِيرًۭا ۝١۹

(එබැවින් එම ප්‍රතික්ෂේප කරන්නන්ට “ඔබව මාර්ගය වැරද යාමට සැලැස්සුවේ මොවුන්ම යයි) ඔබ පැවසූ දැය මේවා බොරු බවට පත් කළේය. එබැවින් (අපගේ දඬුවම) වළක්වා දැමීමට හෝ (මේවායෙන්) උදව් උපකාර ලබා ගැනීමට හෝ ඔබට නොහැකිය. එබැවින් ඔබගෙන් කවුරුන් අපරාධ කරමින් සිටියේද, ඔහු ඉමහත් වූ දඬුවම විඳීමට නියත වශයෙන්ම අපි සලස්වන්නෙමු” (යයි පවසන්නෙමු).

وَمَآ أَرْسَلْنَا قَبْلَكَ مِنَ ٱلْمُرْسَلِينَ إِلَّآ إِنَّهُمْ لَيَأْكُلُونَ ٱلطَّعَامَ وَيَمْشُونَ فِى ٱلْأَسْوَاقِ ۗ وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍۢ فِتْنَةً أَتَصْبِرُونَ ۗ وَكَانَ رَبُّكَ بَصِيرًۭا ۝٢۰

(නබියේ!) ඔබට පෙර අපි යැවූ අපගේ දූතයින් සියල්ල නියත වශයෙන්ම (ඔබ මෙන්) ආහාර අනුභව කරන්නන් වශයෙන්ද, කඩ මණ්ඩියෙහි සැරිසරන්නන් වශයෙන්ද සිටියහ. එහෙත් ඔබගෙන් සමහරෙක් අනිත් අයට පිරික්සුමක් බවට පත් කළෙමු. එබැවින් (විශ්වාසවන්තයිනි! මෙම ප්‍රතික්ෂේප කරන්නන් වේදනා කිරීම) ඔබත් විඳ දරාගෙන සිටින්නෙහුද? (නබියේ!) ඔබගේ දෙවියන් (සියල්ල) අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.

۞ وَقَالَ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا لَوْلَآ أُنزِلَ عَلَيْنَا ٱلْمَلَٰٓئِكَةُ أَوْ نَرَىٰ رَبَّنَا ۗ لَقَدِ ٱسْتَكْبَرُوا۟ فِىٓ أَنفُسِهِمْ وَعَتَوْ عُتُوًّۭا كَبِيرًۭا ۝٢١

(පරලොවදී) අපව හමු වීම කවුරුන් විශ්වාස නොකළෝද, ඔවුන් “අප කෙරෙහි (කෙළින්ම) මලායිකාවරුන් පහළ කළ යුතු නොවේද? නැතහොත් (අපගේ ඇස්වලින්) අපි, අපගේ දෙවියන්ව බැලිය යුතු නොවේද?”යි පවසන්නාහ. මොවුන් තමන්ව ඉතාමත් විශාලවන්තව අදහස් කර ගනිමින් සීමාව ඉක්මවා (යන්න) ගියහ.

يَوْمَ يَرَوْنَ ٱلْمَلَٰٓئِكَةَ لَا بُشْرَىٰ يَوْمَئِذٍۢ لِّلْمُجْرِمِينَ وَيَقُولُونَ حِجْرًۭا مَّحْجُورًۭا ۝٢٢

(ඔවුන්ව විනාශ කර දැමීමට පැමිණෙන) මලායිකාවරුන්ව ඔවුන් දකින දිනදී එම වැරදිකරුවන්ට එදින කිසිම ශුභාරංචියක් නැත. “(ඔබට) වෙනස් කළ නොහැකි බාධාවක් ඇති කරනු ලැබ ඇත්තේය” යයි ඔවුන් පවසනු ඇත.

وَقَدِمْنَآ إِلَىٰ مَا عَمِلُوا۟ مِنْ عَمَلٍۢ فَجَعَلْنَٰهُ هَبَآءًۭ مَّنثُورًا ۝٢۳

(මෙලොවදී) ඔවුන් කරමින් සිටි කාරණාවන් අපි බැලූවහොත් (එහි කිසිම හොඳක් නොමැති බැවින් සුළගේ පාවී) විසිරී යන දූවිලි බවට ඒවා අපි පත් කළෙමු.

أَصْحَٰبُ ٱلْجَنَّةِ يَوْمَئِذٍ خَيْرٌۭ مُّسْتَقَرًّۭا وَأَحْسَنُ مَقِيلًۭا ۝٢٤

එදිනදී (විශ්වාසවන්තයින් වන) ස්වර්ගවාසීන් නම්, හොඳ වාසස්ථානයන්හිද, හාන්සි වන අලංකාරවත් ස්ථානයන්හිද සිටින්නාහ.

وَيَوْمَ تَشَقَّقُ ٱلسَّمَآءُ بِٱلْغَمَٰمِ وَنُزِّلَ ٱلْمَلَٰٓئِكَةُ تَنزِيلًا ۝٢٥

අහස් වලාකුළෙන් වෙන්වන දිනදී මලායිකාවරුන් සමූහ සමූහයන් වශයෙන් බසිනු ඇත.

ٱلْمُلْكُ يَوْمَئِذٍ ٱلْحَقُّ لِلرَّحْمَٰنِ ۚ وَكَانَ يَوْمًا عَلَى ٱلْكَٰفِرِينَ عَسِيرًۭا ۝٢٦

එදිනදී සත්‍ය වූ රාජ්‍යය රහ්මාන් (එක් කෙනෙකු)ටම ඇත්තේය. (එය) ප්‍රතික්ෂේප කරන්නන්ට (ඉතාමත්) දරුණු දිනයක් වශයෙන්ද තිඛෙණු ඇත.

وَيَوْمَ يَعَضُّ ٱلظَّالِمُ عَلَىٰ يَدَيْهِ يَقُولُ يَٰلَيْتَنِى ٱتَّخَذْتُ مَعَ ٱلرَّسُولِ سَبِيلًۭا ۝٢۷

මෙදිනදී අපරාධකාරයා තමන්ගේ දෑත් සපා ගනිමින් (අපගේ) “දූතයා සමග මමත් (ඍජු) මාර්ගය අනුගමනය කර ගියා නම් හොඳයි නොවෙද?”යි පවසනු ඇත.

يَٰوَيْلَتَىٰ لَيْتَنِى لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًۭا ۝٢۸

(තවද) “මගේ ශෝකයයි! (පාපයන් කරන මෙන් මාව පෙළඹවූ) අසවලා, මා මගේ මිතුරෙකු වශයෙන් නොගෙන සිටියා නම් හොඳයි නොවෙද?

لَّقَدْ أَضَلَّنِى عَنِ ٱلذِّكْرِ بَعْدَ إِذْ جَآءَنِى ۗ وَكَانَ ٱلشَّيْطَٰنُ لِلْإِنسَٰنِ خَذُولًۭا ۝٢۹

මා වෙත හොඳ ඔවදන් පැමිණි පසුවද, එයින් ඔහුම මාව මාර්ගය වැරද යැවුවේය! එම ෂෙයිතාන්, මිනිසාට ඉමහත් කුමන්ත්‍රණකාරයෙකු වශයෙන් සිටියේය!” (යයිද විලාප නගනු ඇත).

وَقَالَ ٱلرَّسُولُ يَٰرَبِّ إِنَّ قَوْمِى ٱتَّخَذُوا۟ هَٰذَا ٱلْقُرْءَانَ مَهْجُورًۭا ۝۳۰

(ඒ අතර අපගේ) දූතයා “මගේ දෙවියනේ! නියත වශයෙන්ම මගේ ජනතාව මෙම කුර්ආනය සම්පූර්ණයෙන් එපා වී (තල්ලූ කර) දැමූහ” යයි පවසනු ඇත.

وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِىٍّ عَدُوًّۭا مِّنَ ٱلْمُجْرِمِينَ ۗ وَكَفَىٰ بِرَبِّكَ هَادِيًۭا وَنَصِيرًۭا ۝۳١

මේ අන්දමට සෑම නබිවරයෙකුටම වැරදිකරුවන්ව, සතුරන් වශයෙන් පත් කර තිබුණෙමු. (නබියේ! ඔබට) ඍජු මාර්ගය දැනුම් දී උදව් කිරීමට ඔබගේ දෙවියන්ම ප්‍රමාණවත් අයෙකි.

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْلَا نُزِّلَ عَلَيْهِ ٱلْقُرْءَانُ جُمْلَةًۭ وَٰحِدَةًۭ ۚ كَذَٰلِكَ لِنُثَبِّتَ بِهِۦ فُؤَادَكَ ۖ وَرَتَّلْنَٰهُ تَرْتِيلًۭا ۝۳٢

(නබියේ! ඔබව) ප්‍රතික්ෂේප කරන මොවුන් “මෙම කුර්ආනය සම්පූර්ණයෙන්ම ඔහු කෙරෙහි එක වර පහළ කළ යුතු නොවේද?”යි විමසන්නාහ. මෙසේ අපි ටිකෙන් ටික පහළ කර, (මෙය පිළිවෙලකට සිටින සේ නියම ආකාරයකට) සැලැස්වූවේ, ඔබගේ හෘදය ශක්තිමත් කිරීමටයි!

وَلَا يَأْتُونَكَ بِمَثَلٍ إِلَّا جِئْنَٰكَ بِٱلْحَقِّ وَأَحْسَنَ تَفْسِيرًا ۝۳۳

(මෙම ප්‍රතික්ෂේප කරන්නන් කුමන හෝ ප්‍රශ්නයක් අසා ඒ වෙනුවෙන්) කුමන උදාහරණයක් ඔබ වෙත ඔවුන් ගෙන ආවා වුවද, (ඊටත් වඩා) සත්‍ය වූ (කාරණාවන්)ද, අලංකාරවත් වදන්ද අපි ඔබට පහළ කර නැත්තේ නොවේ.

ٱلَّذِينَ يُحْشَرُونَ عَلَىٰ وُجُوهِهِمْ إِلَىٰ جَهَنَّمَ أُو۟لَٰٓئِكَ شَرٌّۭ مَّكَانًۭا وَأَضَلُّ سَبِيلًۭا ۝۳٤

මොවුන්වම නිරයට මුණින් අතට දමා ඇදගෙන යනු ලබන්නාහ. මොවුන්ම ඉමහත් වු නපුරු ස්ථානයෙහි රැඳී සිටින්නන් හා මාර්ගය වැරද ගියවුන්ද වන්නාහ.

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ وَجَعَلْنَا مَعَهُۥٓ أَخَاهُ هَٰرُونَ وَزِيرًۭا ۝۳٥

(මෙයට පෙර) නියත වශයෙන්ම අපි මූසාට තව්රාත් නමැති) ධර්මයක් ලබා දී තිබුණෙමු. ඔහුගේ සහෝදර හාරූන්ව ඔහුට ආමාත්‍යවරයෙකු බවටද පත් කළෙමු.

فَقُلْنَا ٱذْهَبَآ إِلَى ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا فَدَمَّرْنَٰهُمْ تَدْمِيرًۭا ۝۳٦

(ඒ දෙදෙනාට) “ඔබ දෙදෙනාම අපගේ සාධකයන් බොරු කළ අය වෙත යනු” යයි පැවසුවෙමු. (එසේ ඔවුන් ගිය පසුද, ඔවුන් ප්‍රතික්ෂේප කර හැරිය බැවින්) අපි ඔවුන්ව සහමුලින්ම විනාශ කර දැමුවෙමු.

وَقَوْمَ نُوحٍۢ لَّمَّا كَذَّبُوا۟ ٱلرُّسُلَ أَغْرَقْنَٰهُمْ وَجَعَلْنَٰهُمْ لِلنَّاسِ ءَايَةًۭ ۖ وَأَعْتَدْنَا لِلظَّٰلِمِينَ عَذَابًا أَلِيمًۭا ۝۳۷

නූහුගේ ජනතාවද (අපගේ) දූතයින්ව බොරු කළ බැවින් ඔවුන්වද ගිල්වා දමා, මිනිසුන්ට ඔවුන්ව එක් සාධකයක් බවට පත් කළෙමු. මෙවැනි අපරාධකරුවන්ට වේදනා ගෙන දෙන දඬුවමම අපි සැලසුම් කර තබා ඇත්තෙමු.

وَعَادًۭا وَثَمُودَا۟ وَأَصْحَٰبَ ٱلرَّسِّ وَقُرُونًۢا بَيْنَ ذَٰلِكَ كَثِيرًۭا ۝۳۸

ආද්, සමූද් (ජනතාවද), රස් (නමැති අගල්)වාසීන්වද හා මොවුන් අතරේ තවත් බොහොමයක් සමූහයන්ද, (අපි විනාශ කර ඇත්තෙමු).

وَكُلًّۭا ضَرَبْنَا لَهُ ٱلْأَمْثَٰلَ ۖ وَكُلًّۭا تَبَّرْنَا تَتْبِيرًۭا ۝۳۹

(ඔවුන් හොඳ වැටහීමක් ලබා ගනු පිණිස) ඔවුන් සියල්ලන්ටම අපි බොහොමයක් උදාහරණයන් පැවසුවෙමු. (ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කර දැමූ විට), ඔවුන් සියල්ලන්වම අපි සහමුලින්ම විනාශ කර දැමුවෙමු.

وَلَقَدْ أَتَوْا۟ عَلَى ٱلْقَرْيَةِ ٱلَّتِىٓ أُمْطِرَتْ مَطَرَ ٱلسَّوْءِ ۚ أَفَلَمْ يَكُونُوا۟ يَرَوْنَهَا ۚ بَلْ كَانُوا۟ لَا يَرْجُونَ نُشُورًۭا ۝٤۰

නියත වශයෙන්ම (මක්කාවෙහි සිටි කාෆිර්වරුන්) නපුරු ගල් වැසි පහළ වූ ගම අසළින් (විටින් විට) පසු කර යමින් සිටින්නාහ. එය මොවුන් බැලූවේ නැද්ද? ඇත්තෙන්ම මොවුන් (පරලොවදී) පණ දී නැගිට්ටවීම විශ්වාස කළේම නැත.

وَإِذَا رَأَوْكَ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا ٱلَّذِى بَعَثَ ٱللَّهُ رَسُولًا ۝٤١

(නබියේ!) මොවුන් ඔබව දුටුවහොත් ඔබව සමච්චලයෙන්ම ඇර ගන්නාහ. “මොහුවද අල්ලාහ් (තමන්ගේ) දූතයා වශයෙන් යැවුවේ?” (යයි පවසන්නාහ).

إِن كَادَ لَيُضِلُّنَا عَنْ ءَالِهَتِنَا لَوْلَآ أَن صَبَرْنَا عَلَيْهَا ۚ وَسَوْفَ يَعْلَمُونَ حِينَ يَرَوْنَ ٱلْعَذَابَ مَنْ أَضَلُّ سَبِيلًا ۝٤٢

(තවද) “අපි ස්ථීරව නොසිටියෙමු නම්, අපගේ දෙවිවරුන්ගෙන් අපව හරවා මාර්ගය වැරද යවන්නට ඉඩ තිබුණි” (යයිද පවසන්නාහ. විනිශ්චය දිනදී) ඔවුන් දඬුවම දෑසින් දකින විට, මාර්ගය වැරද ගියවුන් කවුරුන්දැයි යන්න හොඳින් දැන ගන්නාහ.

أَرَءَيْتَ مَنِ ٱتَّخَذَ إِلَٰهَهُۥ هَوَىٰهُ أَفَأَنتَ تَكُونُ عَلَيْهِ وَكِيلًا ۝٤۳

(නබියේ!) තම (ශරීර) ආශාවන් (තමන් අනුගමනය කරන), තමන්ගේ දෙවියන් වශයෙන් කවුරුන් ගත්තේද, ඔහුව ඔබ බැලූවෙහිද? ඔබ ඔහුට ආරක්ෂකයෙකු වශයෙන් සිටින්නෙහිද?

أَمْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ ۚ إِنْ هُمْ إِلَّا كَٱلْأَنْعَٰمِ ۖ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا ۝٤٤

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (ඔබගේ වදන් කණින්) අසන්නාහ යයි හෝ නැතහොත් එය සිතන්නාහ යයි හෝ ඔබ අදහස් කළෙහිද? ඔවුන් සතුන් මෙන් අය වන්නාහ මිස, වෙන කිසිවක් නැත. තවද (සතුන්ටත් වඩා) ඉතාමත් මාර්ගය වැරද ගිය අය වශයෙන්ද සිටින්නාහ.

أَلَمْ تَرَ إِلَىٰ رَبِّكَ كَيْفَ مَدَّ ٱلظِّلَّ وَلَوْ شَآءَ لَجَعَلَهُۥ سَاكِنًۭا ثُمَّ جَعَلْنَا ٱلشَّمْسَ عَلَيْهِ دَلِيلًۭا ۝٤٥

(නබියේ!) ඔබගේ දෙවියන් සෙවණැල්ල කෙසේ (අඩු කරන්නේද), වැඩි කරන්නේද යන්න ඔබ අවධානය කළේ නැද්ද? ඔහු අදහස් කර තිබුණේ නම්, එය ස්ථීරව තිබීමට සැලැස්විය හැකිය. සූර්යයාව, චන්ද්‍රයා ඉදිරියෙන් අපිම පත් කළෙමු.

ثُمَّ قَبَضْنَٰهُ إِلَيْنَا قَبْضًۭا يَسِيرًۭا ۝٤٦

පසුව අපිම එය ටිකෙන් ටික අප දෙසට අඩු කර (හකුළා) ගන්නෙමු.

وَهُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلَّيْلَ لِبَاسًۭا وَٱلنَّوْمَ سُبَاتًۭا وَجَعَلَ ٱلنَّهَارَ نُشُورًۭا ۝٤۷

ඔහුම ඔබට රාත්‍රිය පොරවණයක් වශයෙන්ද, නින්ද අපහසුතාවයන් පහ කර සැතපීමක් වශයෙන්ද, දහවල (ඔබ) ඒ මේ අත සැරිසැරීම සඳහා (අලෝකයක් වශයෙන්)ද පත් කළේය.

وَهُوَ ٱلَّذِىٓ أَرْسَلَ ٱلرِّيَٰحَ بُشْرًۢا بَيْنَ يَدَىْ رَحْمَتِهِۦ ۚ وَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءًۭ طَهُورًۭا ۝٤۸

ඔහුම තම වරප්‍රසාදයන් පහළ කිරීමට පෙර (සිසිල්) සුළඟ ශුභාරංචියක් වශයෙන් වන්නේය. (මිනිසුනේ!) අපිම වලාකුළෙන් පරිශුද්ධ වූ ජලය වසින්නට සලස්වන්නෙමු.

لِّنُحْۦِىَ بِهِۦ بَلْدَةًۭ مَّيْتًۭا وَنُسْقِيَهُۥ مِمَّا خَلَقْنَآ أَنْعَٰمًۭا وَأَنَاسِىَّ كَثِيرًۭا ۝٤۹

මැරී ගිය භූමියට එමගින් අපි ජීවය ලබා දී අපගේ උත්පාදනයන්ගෙන් වූ එළු, ගව, ඔටුවන් වැනි සතුන්ටද, බොහෝ මිනිසුන්ටද එය පානය කිරීමට සලස්වන්නෙමු.

وَلَقَدْ صَرَّفْنَٰهُ بَيْنَهُمْ لِيَذَّكَّرُوا۟ فَأَبَىٰٓ أَكْثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورًۭا ۝٥۰

ඔවුන් හොඳ වැටහීමක් ලබා ගනු පිණිස (මෙම කාරණාව බොහෝ වාර ගණනක්) ඔවුන්ට විටින් විට ගෙනහැර දැක්වූවෙමු. එහෙත් ඔවුන් (ඒවා) ප්‍රතික්ෂේප කර දැමූහ. (මන්දයත්) මිනිසුන්ගෙන් බොහොමයක් ඉතාමත් ගුණමකු අය වශයෙන්ම සිටින්නාහ.

وَلَوْ شِئْنَا لَبَعَثْنَا فِى كُلِّ قَرْيَةٍۢ نَّذِيرًۭا ۝٥١

අපි අදහස් කර තිබුණේ නම්, සෑම රටකටම බිය ගන්වා අනතුරු ඇඟවිය හැකි දූතයෙකු අපි යවා ඇත්තෙමු.

فَلَا تُطِعِ ٱلْكَٰفِرِينَ وَجَٰهِدْهُم بِهِۦ جِهَادًۭا كَبِيرًۭا ۝٥٢

එබැවින් (නබියේ!) මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට අවනත නොවනු. තවද (කුර්ආනය වන) මෙය (සාක්ෂි වශයෙන්) තබා ඔබ ඔවුන් සමග දැඩි ලෙස තර්ක කරනු.

۞ وَهُوَ ٱلَّذِى مَرَجَ ٱلْبَحْرَيْنِ هَٰذَا عَذْبٌۭ فُرَاتٌۭ وَهَٰذَا مِلْحٌ أُجَاجٌۭ وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخًۭا وَحِجْرًۭا مَّحْجُورًۭا ۝٥۳

ඔහුම මුහුදු දෙකක ජලයන්ද එක්කාසු කර ඇත්තේය. එකක් ඉතා රසවත් හා මනරම් ජලයයි. අනිත් එක ලූණු හා තිත්ත රසයෙන් යුත් ජලයයි. මේ දෙක අතරේ බිඳ දැමිය නොහැකි බාධකයක් ඇති කර ඇත්තේය.

وَهُوَ ٱلَّذِى خَلَقَ مِنَ ٱلْمَآءِ بَشَرًۭا فَجَعَلَهُۥ نَسَبًۭا وَصِهْرًۭا ۗ وَكَانَ رَبُّكَ قَدِيرًۭا ۝٥٤

ඔහුම එක් ජල (බිඳකින්) මිනිසාව නිර්මාණය කරන්නේය. පසුව එයට ලේ සම්බන්ධ ඥාතීන්ද, විවාහ සම්බන්ධයෙන් වූ ඥාතීන්ද ඇති කරන්නේය. (නබියේ!) ඔබගේ දෙවියන් (තමන් කැමති ආකාරයන් සියල්ල කිරීමට) බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.

وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُهُمْ وَلَا يَضُرُّهُمْ ۗ وَكَانَ ٱلْكَافِرُ عَلَىٰ رَبِّهِۦ ظَهِيرًۭا ۝٥٥

මෙසේ තිබියදී (පිළිරූ ආරාධනාවන් කරන) ඔවුන් නම්, තමන්ට යම්කිසි හොඳක් හෝ නරකක් හෝ කරන්නට ශක්තියක් නැති අල්ලාහ් නොවන දැය නමදින්නාහ. මෙම ප්‍රතික්ෂේප කරන්නන් තමන්ගේ දෙවියන්ටම සතුරන් වශයෙන් සිටින්නාහ.

وَمَآ أَرْسَلْنَٰكَ إِلَّا مُبَشِّرًۭا وَنَذِيرًۭا ۝٥٦

(නබියේ!) ශුභාරංචි පවසන්නෙකු වශයෙන්ද, බිය ගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ද මිස, ඔබව මා යැව්වේ නැත.

قُلْ مَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِلَّا مَن شَآءَ أَن يَتَّخِذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًۭا ۝٥۷

“දෙවියන්ගේ (ඍජු) මාර්ගයෙහි යාමට අදහස් කරන්නා (කිසිම බාධාවක් නැතිව ඕනෑතරම්) එහි යන්නට හැකිය යන්න මිස, මේ වෙනුවෙන් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත” යයි (නබියේ!) ඔබ පවසනු මැනව!

وَتَوَكَّلْ عَلَى ٱلْحَىِّ ٱلَّذِى لَا يَمُوتُ وَسَبِّحْ بِحَمْدِهِۦ ۚ وَكَفَىٰ بِهِۦ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرًا ۝٥۸

මරණයෙන් තොර සදා අමරණීය ජීවය (වන අල්ලාහ් එක්) කෙනෙකුවම ඔබ විශ්වාස කරනු. ඔහුගේ ප්‍රශංසාව පවසා, ඔහුව සුවි ශුද්ධ කරමින් සිටිනු. තම වහලූන් (කළ) පාපයන්(ගේ තරාතිරම් ගැන) ඔහු හොඳින් දැන සිටීම ප්‍රමාණවත්ව ඇත්තේය.

ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا فِى سِتَّةِ أَيَّامٍۢ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۚ ٱلرَّحْمَٰنُ فَسْـَٔلْ بِهِۦ خَبِيرًۭا ۝٥۹

ඔහුම අහස්ද, භූමියද, මේවා අතර ඇති දැයද දින හයකින් උත්පාදනය කළේය. පසුව ඔහු අර්ෂ් මත තම රාජ්‍යය ස්ථීරවත් කළේය. ඔහුම (ඉමහත් දයාබරවන්තයා වන) රහ්මාන්ය. මේ ගැන දැනුවත් අයගෙන් අසා දැන ගනු.

وَإِذَا قِيلَ لَهُمُ ٱسْجُدُوا۟ لِلرَّحْمَٰنِ قَالُوا۟ وَمَا ٱلرَّحْمَٰنُ أَنَسْجُدُ لِمَا تَأْمُرُنَا وَزَادَهُمْ نُفُورًۭا ۩ ۝٦۰

(එබැවින්) “එම රහ්මාන්ව හිස බිම තබා නමදිනු” යයි ඔවුන්ට කියනු ලැබුවහොත් “රහ්මාන් කවරෙක්ද? ඔබ පවසන සියල්ලට අපගේ හිස නමා නමදින්නද?”යි විමසන්නාහ. තවද එය (එසේ පැවසීම) ඔවුන්ට පිළිකුලම වැඩි කරන්නේය.

تَبَارَكَ ٱلَّذِى جَعَلَ فِى ٱلسَّمَآءِ بُرُوجًۭا وَجَعَلَ فِيهَا سِرَٰجًۭا وَقَمَرًۭا مُّنِيرًۭا ۝٦١

අහස්හි ග්‍රහ මණ්ඩලය නිර්මාණය කර, එහි (සූර්යයා) ආලෝකයක් වශයෙන්ද, චන්ද්‍රයා දීප්තිය ගෙන දෙන්නක් වශයෙන්ද නිර්මාණය කළ ඔහු,(එම රහ්මාන් ඉතාමත්) භාග්‍යයෙන් යුත් අයෙකි.

وَهُوَ ٱلَّذِى جَعَلَ ٱلَّيْلَ وَٱلنَّهَارَ خِلْفَةًۭ لِّمَنْ أَرَادَ أَن يَذَّكَّرَ أَوْ أَرَادَ شُكُورًۭا ۝٦٢

ඔහුම රාත්‍රියද, දහවලද පිළිවෙලින් පැමිණෙන සේ සලස්වා ඇත්තේය. (මෙමගින්) හොඳ වැටහීමක් ලබාගෙන, ඔහුට කෘතඥ වීමට කැමැත්තන්, කෘතඥ වීම සඳහාම (මෙසේ කර ඇත්තේය).

وَعِبَادُ ٱلرَّحْمَٰنِ ٱلَّذِينَ يَمْشُونَ عَلَى ٱلْأَرْضِ هَوْنًۭا وَإِذَا خَاطَبَهُمُ ٱلْجَٰهِلُونَ قَالُوا۟ سَلَٰمًۭا ۝٦۳

රහ්මාන්ගේ (ස්තූතියෙන් පිරි) වහලූන් (කවුරුන්දයත්) භූමියෙහි (ඉතාමත් විනීතවද), යටත් පහත්වද කටයුතු කරන්නාහ. මෝඩයින් ඔවුන් සමග තර්ක කිරීමට ඉදිරිපත් වුවහොත් ‘සලාමුන්’ යයි කියා (ඔවුන්ගෙන් ඈත් වී) යන්නාහ.

وَٱلَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّدًۭا وَقِيَٰمًۭا ۝٦٤

තවද ඔවුන් තමන්ගේ දෙවියන්ව සිට ගනිමින්ද, හිස බිම තබා රාත්‍රීන් සියල්ලෙහි නමදිමින්ම සිටින්නාහ.

وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا ٱصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ ۖ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا ۝٦٥

තවද ඔවුන් “අපගේ දෙවියනේ! නිරා වේදනාව අපගෙන් ඔබ වළක්වා හරිනු මැනව! මන්දයත් එහි වේදනාව නම්, නියත වශයෙන්ම ස්ථීර වූ දුක් කරදරයක් වන්නේය” යයි ප්‍රාර්ථනා කරමින්ම සිටිනු ඇත.

إِنَّهَا سَآءَتْ مُسْتَقَرًّۭا وَمُقَامًۭا ۝٦٦

“(තවද) ටික වේලාවක් හෝ නැතහොත් ස්ථීරව හෝ රැඳී සිටීමට එය ඉතාමත් නපුරු ස්ථානයකි. (එබැවින් එයින් අපව ඔබ බේරා ගනු මැනව!” යයි ප්‍රාර්ථනා කරනු ඇත).

وَٱلَّذِينَ إِذَآ أَنفَقُوا۟ لَمْ يُسْرِفُوا۟ وَلَمْ يَقْتُرُوا۟ وَكَانَ بَيْنَ ذَٰلِكَ قَوَامًۭا ۝٦۷

තවද ඔවුන් වියදම් කළහොත් සීමාව ඉක්මවා නොයනු ඇත. මසුරුකමද නොකරනු ඇත. මෙහිදී මධ්‍යස්තවම සිටිනු ඇත.

وَٱلَّذِينَ لَا يَدْعُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ وَلَا يَقْتُلُونَ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلْحَقِّ وَلَا يَزْنُونَ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ يَلْقَ أَثَامًۭا ۝٦۸

තවද ඔවුන් අල්ලාහ් සමග වෙනත් කිසිවෙකුත් දෙවියන් යයි ආරාධනා නොකරනු ඇත. අල්ලාහ් (ඝාතනය නොකළ යුතුය යයි) තහනම් කර ඇති කිසිම මිනිසෙකුව ඔවුන් අසාධාරණයේ මරා දමන්නේද නැත. අපචාරයේද නොහැසිරෙනු ඇත. එබැවින් කවුරුන් හෝ මේවා කිරීමට ඉදිරිපත් වුවහොත් ඔහුට (එම පාපයට අයත්) දඬුවම අත් කර ගැනීමට සිදු වනු ඇත.

يُضَٰعَفْ لَهُ ٱلْعَذَابُ يَوْمَ ٱلْقِيَٰمَةِ وَيَخْلُدْ فِيهِۦ مُهَانًا ۝٦۹

විනිශ්චය දිනදී නම්, ඔහුගේ දඬුවම දෙගුණයක් කරනු ලැබූවෙකු වශයෙන්ද, අවමන් කරනු ලැබූවෙකු වශයෙන්ද එහි සදාකල් රැඳී සිටිනු ඇත.

إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ عَمَلًۭا صَٰلِحًۭا فَأُو۟لَٰٓئِكَ يُبَدِّلُ ٱللَّهُ سَيِّـَٔاتِهِمْ حَسَنَٰتٍۢ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۭا ۝۷۰

එහෙත් (ඔවුන්ගෙන්) කවුරුන් පාපයන්ගෙන් ඈත් වී (සමාව ඉල්ලා සිටිමින්) විශ්වාසය තබා දැහැමි කාරණාවන් කරන්නෝද, එවැන්නන්ගේ පාපයන් අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.

وَمَن تَابَ وَعَمِلَ صَٰلِحًۭا فَإِنَّهُۥ يَتُوبُ إِلَى ٱللَّهِ مَتَابًۭا ۝۷١

කවුරුන් පසුතැවිලි වී (පාපයන්ගෙන්) ඈත් වී දැහැමි කාරණාවන් කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම සම්පූර්ණයෙන්ම අල්ලාහ් වෙතම හැරෙන්නාහ.

وَٱلَّذِينَ لَا يَشْهَدُونَ ٱلزُّورَ وَإِذَا مَرُّوا۟ بِٱللَّغْوِ مَرُّوا۟ كِرَامًۭا ۝۷٢

තවද ඔවුන් බොරු සාක්ෂි නොපවසන්නාහ. (පුහු කාරණාවන් සිදු වන ස්ථානයන්ට නොයන්නාහ). කිසි විටෙක පුහු ක්‍රියාවන් (සිදු වන) ස්ථානයන් දෙසට ගියා වුවද, (එවායෙහි සම්බන්ධ වන්නේ නැති අතර) ගෞරවණීය අන්දමට (එය පසුකර) යනු ඇත.

وَٱلَّذِينَ إِذَا ذُكِّرُوا۟ بِـَٔايَٰتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا۟ عَلَيْهَا صُمًّۭا وَعُمْيَانًۭا ۝۷۳

තවද ඔවුන් තමන්ගේ දෙවියන්ගේ ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත් අන්ධයාද, බිහිරාද මෙන් ඒ කෙරෙහි ඇද හැළෙන්නේ නැත. (එය සම්පූර්ණයෙන්ම හොඳින් වටහා ගන්නා අතර, එය අත් කරගෙන කටයුතු කරන්නාහ).

وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَٰجِنَا وَذُرِّيَّٰتِنَا قُرَّةَ أَعْيُنٍۢ وَٱجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا ۝۷٤

තවද ඔවුන් “අපගේ දෙවියනේ! අපගේ භාර්යයාවන්වද, අපගේ දරුවන්වද, අපට ඇස් පිනා යාමට ලබා දෙනු මැනව! තවද පරිශුද්ධවන්තයින්ට මාර්ගෝපදේශ-කයින් වශයෙන්ද අපව ඔබ පත් කරනු මැනව!” යයි ප්‍රාර්ථනා කරමින් සිටින්නාහ.

أُو۟لَٰٓئِكَ يُجْزَوْنَ ٱلْغُرْفَةَ بِمَا صَبَرُوا۟ وَيُلَقَّوْنَ فِيهَا تَحِيَّةًۭ وَسَلَٰمًا ۝۷٥

මෙවැන්නන්ට ඔවුන් දුක් කරදර විඳ දරා ගැනීමේ හේතුවෙන් උසස් මාලිගාවන් (පරලොවදී) ලබා දෙනු ලැබේ. “ශාන්තිය හා සමාදානය (අත් වේවා!)” යන ආශීර්වාදය සමග එහිදී පිළි ගනු ලබන්නාහ.

خَٰلِدِينَ فِيهَا ۚ حَسُنَتْ مُسْتَقَرًّۭا وَمُقَامًۭا ۝۷٦

එහි සදාකල් රැඳී සිටිනු ඇත. ටික වේලාවක් රැඳී සිටියා වුවද කම් නැත, සදාකල් රැඳී සිටියා වුවද කම් නැත, එය ඉතාමත් (හොඳ) අලංකාරවත් වාසස්ථානයකි.

قُلْ مَا يَعْبَؤُا۟ بِكُمْ رَبِّى لَوْلَا دُعَآؤُكُمْ ۖ فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ يَكُونُ لِزَامًۢا ۝۷۷

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ මගේ දෙවියන්ව ආරාධනා කර ප්‍රාර්ථනා නොකරන්නේ නම්, (ඒ වෙනුවෙන්) ඔහු ඔබව ගණනයට ගන්නේ නැත. මන්දයත් ඔබ (ඔහුගේ ආයාවන්) නියත වශයෙන්ම බොරු කරමින්ම සිටියෙහුය. එහි දඬුවම ඔබව අනිවාර්යයෙන්ම හසු කර ගන්නේය”.