< السورة السابقة | فهرس السور | السورة التالية >
surah069
Al-Haaqqa (69)
The Reality, makkah, 52 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلْحَآقَّةُ ١
සත්‍ය සිද්ධියයි!
مَا ٱلْحَآقَّةُ ٢
එම සත්‍ය සිද්ධිය කිමෙක්ද?
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحَآقَّةُ ۳
(නබියේ!) එම සත්‍ය සිද්ධිය කිමෙක්ද යන්න ඔබ දන්නෙහිද?
كَذَّبَتْ ثَمُودُ وَعَادٌۢ بِٱلْقَارِعَةِ ٤
සමූද් (නමැති ජනතාව)ද ආද් (නමැති ජනතාවද මරණයට පත් වූවන්ව) තට්ටු කර නැගිට්ටවන (ඒ සිද්ධිය) බොරු කළහ.
فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا۟ بِٱلطَّاغِيَةِ ٥
එබැවින් සමූද් (නමැති ජනතාව) එක්තරා විශාල ශබ්දයක් මගින් විනාශ කරනු ලැබූහ.
وَأَمَّا عَادٌۭ فَأُهْلِكُوا۟ بِرِيحٍۢ صَرْصَرٍ عَاتِيَةٍۢ ٦
ආද් (නමැති ජනතාව) නම්, අධි වේගයෙන් හමන (සුළි) සුළඟ මගින් විනාශ කරනු ලැබූහ.
سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍۢ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومًۭا فَتَرَى ٱلْقَوْمَ فِيهَا صَرْعَىٰ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍۢ ۷
රාත්‍රීන් හතක්ද, දහවල් අටක්ද, නොකඩවා ඔවුන් කෙරෙහි ඔහු එය හමන්නට සැලැස්සුවේය. (නබියේ! ඒ අවස්ථාවේදී ඔබ එහි සිටියහොත්) මුල් නොමැතිව ඇද වැටුණු ඉඳි ගස් මෙන් එම ජනයා බිම වැටී තිඛෙනු දැක ඇත්තෙහිය.
فَهَلْ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٍۢ ۸
ඔවුන්ගෙන් කිසිවෙකුත් බේරී (ජීවත්ව) සිටිනු ඔබ දකින්නෙහිද?
وَجَآءَ فِرْعَوْنُ وَمَن قَبْلَهُۥ وَٱلْمُؤْتَفِكَٰتُ بِٱلْخَاطِئَةِ ۹
ෆිර්අව්න්ද, ඔහුගෙන් පෙර සිටි අයද, උඩු යටිකුරු ලෙස පෙරළා දමන ලද රටෙහි සිටි (ලුත්ගේ) ජනයාද, (එම සත්‍ය සිදුවීම ප්‍රතික්ෂේප කර) පාපයන් කරමින්ම සිටියහ.
فَعَصَوْا۟ رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةًۭ رَّابِيَةً ١۰
තවද ඔවුන් තම දෙවියන්ගේ දූතයාටද වෙනස්කම් කළහ. එබැවින් ඔහු, ඔවුන්ව ඉතාමත් තදින් අල්ලා ගත්තේය.
إِنَّا لَمَّا طَغَا ٱلْمَآءُ حَمَلْنَٰكُمْ فِى ٱلْجَارِيَةِ ١١
(නූහු නබිගේ සමයෙහි ඇති වූ ජල ගැල්මෙහි) ජලය පිරී ඉතිරී ගිය අවස්ථාවේදී නියත වශයෙන්ම අපි ඔබව (ඔබගේ මුතුන් මිත්තන්ව) නැවෙහි පටවා (බේරා) ගත්තෙමු.
لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةًۭ وَتَعِيَهَآ أُذُنٌۭ وَٰعِيَةٌۭ ١٢
එය ඔබට එක් පාඩමක් වශයෙන් පත් කිරීමටද, එය කණින් අසන කෙනෙකුට මතකයේ තබා ගැනීම සඳහාද, (එසේ කළෙමු).
فَإِذَا نُفِخَ فِى ٱلصُّورِ نَفْخَةٌۭ وَٰحِدَةٌۭ ١۳
වරක් (තදින්) සූර් (නමැති හොරණෑව, දිනකදී) පිඹිනු ලැබ-
وَحُمِلَتِ ٱلْأَرْضُ وَٱلْجِبَالُ فَدُكَّتَا دَكَّةًۭ وَٰحِدَةًۭ ١٤
භූමියද, කඳුද උදුරා (වීසි කරනු ලැබ), එකකට එකක් ගැටී තදින් පහර වැදුනහොත්-
فَيَوْمَئِذٍۢ وَقَعَتِ ٱلْوَاقِعَةُ ١٥
එදිනදීම (යුග අවසානයේ) ඉමහත් වූ සිදුවීම සිදු වනු ඇත.
وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِىَ يَوْمَئِذٍۢ وَاهِيَةٌۭ ١٦
එදිනදී අහස පුපුරා විවර වී පඞරැල් මෙන් බවට පත් වනු ඇත.
وَٱلْمَلَكُ عَلَىٰٓ أَرْجَآئِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍۢ ثَمَٰنِيَةٌۭ ١۷
(නබියේ!) මලායිකාවරුන් එහි පැතිවල සිටින්නාහ. තවද එදිනදී ඔබ දෙවියන්ගේ අර්ෂ්, මලායිකාවරුන් අට දෙනෙකු තමන්ට ඉහළින් ඔසවාගෙන සිටිනු ඇත.
يَوْمَئِذٍۢ تُعْرَضُونَ لَا تَخْفَىٰ مِنكُمْ خَافِيَةٌۭ ١۸
(මිනිසුනේ!) එදිනදී ඔබ (ඔබගේ දෙවියන් ඉදිරියේ) ගෙන යනු ලබන්නෙහුය. ගුප්ත වූ ඔබගේ කුමන කාරණාවක් වුවද, ඔහුට සැඟවෙන්නේ නැත.
فَأَمَّا مَنْ أُوتِىَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقْرَءُوا۟ كِتَٰبِيَهْ ١۹
කවුරුන් තමන්ගේ දකුණු අතෙහි ක්‍රියාකාරකම් ලේඛනය දෙනු ලබන්නෙහිද, ඔහු (ඉතාමත් සතුටින් අන් අයට) “මෙන්න! මගේ ක්‍රියාකාරකම් ලේඛනය. මෙය ඔබ කියවා බලනු” යයිද-
إِنِّى ظَنَنتُ أَنِّى مُلَٰقٍ حِسَابِيَهْ ٢۰
“නියත වශයෙන්ම මා මගේ ප්‍රශ්න ගණනයට මුහුණ දෙන්නෙමි යයිම විශ්වාස කර සිටියෙමි” යයිද පවසනු ඇත.
فَهُوَ فِى عِيشَةٍۢ رَّاضِيَةٍۢ ٢١
එබැවින් ඔහු තෘප්තියට පත් විය හැකි සැප සම්පත් වලින් පිරි-
فِى جَنَّةٍ عَالِيَةٍۢ ٢٢
උසස් ස්වර්ගයෙහි සිටිනු ඇත.
قُطُوفُهَا دَانِيَةٌۭ ٢۳
එහි ඇති පලතුරු (මොවුන් නිදා සිටියා වුවද, සිටිගෙන සිටියා වුවද, සෑම තත්වයකදීම අතින් ඇල්ලිය හැකි අන්දමට මොවුන්ට) සමීපයෙන් තිඛෙනු ඇත.
كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَآ أَسْلَفْتُمْ فِى ٱلْأَيَّامِ ٱلْخَالِيَةِ ٢٤
(මොවුන්ට) “පසුගිය කාලයේදී ඔබ එක්කාසු කර තබා ඇති දැය (පින් ඇති දැයෙහි) හේතුවෙන් ඕනෑ තරම් මේවා අනුභව කරනු, පානය කරනු” (යයි කියනු ලැබේ).
وَأَمَّا مَنْ أُوتِىَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيْتَنِى لَمْ أُوتَ كِتَٰبِيَهْ ٢٥
කවුරුන් තමන්ගේ වම් අතෙහි ක්‍රියාකාරකම් ලේඛනය දෙනු ලබන්නෙහිද, ඔහු “මගේ ක්‍රියාකාරකම් ලේඛනය මා හට දෙනු නොලැබ තිබුනා නම් අගනේය නොවෙද?”
وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ ٢٦
“මගේ ගණනය මෙය යයි මා නොදැනුවත්ව සිටියා නම් අගනේය නොවෙද?”
يَٰلَيْتَهَا كَانَتِ ٱلْقَاضِيَةَ ٢۷
“මා මරණයට පත් වූ වහාම මගේ කාරණාව අවසන් වී ගියා නම් අගනේය නොවෙද?”
مَآ أَغْنَىٰ عَنِّى مَالِيَهْ ۜ ٢۸
“මගේ වස්තුව මට කිසිම ප්‍රයෝජනයක් අත් කර දුන්නේ නැත නොවෙද!”
هَلَكَ عَنِّى سُلْطَٰنِيَهْ ٢۹
“මගේ බල-පුළුවන්කාරකමද මගෙන් ඈත්ව විනාශ වී ගියා නොවෙද!”යි ෙදාඩවනු ඇත.
خُذُوهُ فَغُلُّوهُ ۳۰
(තවද) “ඔහුව අල්ලා ගනු! ඔහුට විළංගු දමනු!”
ثُمَّ ٱلْجَحِيمَ صَلُّوهُ ۳١
“පසුව ඔහුව නිරයට තල්ලූ කර දමනු” යයිද-
ثُمَّ فِى سِلْسِلَةٍۢ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًۭا فَٱسْلُكُوهُ ۳٢
“රියන් හැත්තෑවක් දිග ඇති දම්වැලෙන් ඔහුව බැඳ දමනු” යයිද (පවසන්නෙමු).
إِنَّهُۥ كَانَ لَا يُؤْمِنُ بِٱللَّهِ ٱلْعَظِيمِ ۳۳
“නියත වශයෙන්ම ඔහු ඉමහත් වූ අල්ලාහ්ව විශ්වාස කළේ නැත”.
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ ۳٤
“දුප්පතුන්ට (ආහාර ලබා නොදුන් අතර අන් අයවද) ආහාර ලබා දෙන මෙන් ඔහු පෙළඹවූවේද නැත”.
فَلَيْسَ لَهُ ٱلْيَوْمَ هَٰهُنَا حَمِيمٌۭ ۳٥
“එබැවින් අද දින ඔහුට මෙහි කිසිම මිතුරෙකු නැත”.
وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍۢ ۳٦
“(තුවාල වලින් වෑහෙන) සැරව වතුර මිස, (ඔහුට) වෙනත් කිසිම) ආහාරයක් නැත” (යයිද කියනු ලැබේ).
لَّا يَأْكُلُهُۥٓ إِلَّا ٱلْخَٰطِـُٔونَ ۳۷
එය වැරදිකරුවන් මිස, (වෙන කිසිවෙකුත්) පානය නොකරන්නාහ.
فَلَآ أُقْسِمُ بِمَا تُبْصِرُونَ ۳۸
(ජනතාවෙනි!) ඔබ බලන දැය මතද, (ඔබගේ බැල්මට ලක් වූ දැය මතද) ඔබ නොබැලු දැය මතද-
وَمَا لَا تُبْصِرُونَ ۳۹
(ඔබගේ බැල්මට ලක් නොවූ දැය මතද) සත්තකින්ම!
إِنَّهُۥ لَقَوْلُ رَسُولٍۢ كَرِيمٍۢ ٤۰
මෙය නියත වශයෙන්ම (අප විසින් දැනුම් දෙන ලද ප්‍රකාරම) ඉතාමත් ගෞරවණීය දූතයෙකු විසින් පවසන ලද දැයක් වන්නේය.
وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍۢ ۚ قَلِيلًۭا مَّا تُؤْمِنُونَ ٤١
මෙය කවියෙකුගේ වදනක් නොව. එහෙත් (මෙය) ඔබ ඉතාමත් අල්ප වශයෙන්ම විශ්වාස කරන්නෙහුය.
وَلَا بِقَوْلِ كَاهِنٍۢ ۚ قَلِيلًۭا مَّا تَذَكَّرُونَ ٤٢
(මෙය) එක්තරා නිවිතිකරුවෙකුගේ වදනක්ද නොව. (එහෙත් මෙමගින්) ඉතාමත් අල්ප වශයෙන්ම ඔබ හොඳ දැනුමක් ලබන්නෙහුය.
تَنزِيلٌۭ مِّن رَّبِّ ٱلْعَٰلَمِينَ ٤۳
ලෝකයන් සියල්ල උත්පාදනය කර, පෝෂණය කරන්නා විසින් (මෙය), පහළ කරනු ලැබ ඇත්තේය.
وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ ٱلْأَقَاوِيلِ ٤٤
ඔහු අප කෙරෙහි යම්කිසි වදනක් මනක්කල්පිතව බොරු ගොතා පැවසුවහොත්-
لَأَخَذْنَا مِنْهُ بِٱلْيَمِينِ ٤٥
ඔහුගේ දකුණත අපි (තදින්) අල්ලාගෙන-
ثُمَّ لَقَطَعْنَا مِنْهُ ٱلْوَتِينَ ٤٦
ඔහුගේ පණ නාලය අපි කපා දමන්නෙමු.
فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَٰجِزِينَ ٤۷
ඔබගෙන් කිසිවෙකුටත් (එයින්) ඔහුව වළක්වා හැරිය නොහැක.
وَإِنَّهُۥ لَتَذْكِرَةٌۭ لِّلْمُتَّقِينَ ٤۸
නියත වශයෙන්ම මෙය භය භක්තියෙන් යුත්තන්ට හොඳ ඔවදනක් වශයෙන්ම ඇත්තේය.
وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ ٤۹
එහෙත් ඔබගෙන් (එය) බොරු කරන්නන්ද ඇත්තේය යන්න නියත වශයෙන්ම අපි හොඳින් දනිමු.
وَإِنَّهُۥ لَحَسْرَةٌ عَلَى ٱلْكَٰفِرِينَ ٥۰
නියත වශයෙන්ම මෙය ප්‍රතික්ෂේප කරන්නන්ට දුක ගෙන දෙන්නක් වශයෙන්ම ඇත්තේය.
وَإِنَّهُۥ لَحَقُّ ٱلْيَقِينِ ٥١
(එහෙත්) නියත වශයෙන්ම මෙය පොඩියක් හෝ සැකයෙන් තොර සත්‍යයක් වන්නේය.
فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ ٥٢
එබැවින් (නබියේ!) ඔබ ඉමහත් වූ ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමය සුවිශුද්ධ කරමින් සිටිනු මැනව!