< السورة السابقة | فهرس السور | السورة التالية >
surah068
Al-Qalam (68)
The Pen, makkah, 52 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ نٓ ۚ وَٱلْقَلَمِ وَمَا يَسْطُرُونَ ١
නූන්. පෑන මතද, (එමගින්) ඔවුන් ලියන ලද දැය මතද සත්තකින්ම!
مَآ أَنتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍۢ ٢
(නබියේ!) ඔබ, ඔබ දෙවියන්ගේ දයාවෙන් පිස්සෙකු නොව.
وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍۢ ۳
නියත වශයෙන්ම ඔබට අවසානයක් නැති (දීර්ඝ) ඵලවිපාකයක් ඇත්තේය.
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍۢ ٤
නියත වශයෙන්ම ඔබ ඉමහත් වූ හොඳ ගති ගුණයන්ගෙන් යුත් කෙනෙකු වශයෙන්ම සිටින්නෙහිය.
فَسَتُبْصِرُ وَيُبْصِرُونَ ٥
ඉතාමත් ඉක්මනින් ඔබත් දැක ගන්නෙහිය. ඔවුන්ද දැක ගනු ඇත.
بِأَييِّكُمُ ٱلْمَفْتُونُ ٦
ඔබගෙන් කවුරුන් පිස්සෙකු යයිද-
إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ ۷
ඔහුගේ මාර්ගයෙන් වැරද ගිය අය කවුරුන්දැයිද, නියත වශයෙන්ම ඔබගේ දෙවියන් හොඳින් දන්නේය. ඍජු මාර්ගයෙහි යන්නන්වද ඔහු හොඳින් දන්නේය.
فَلَا تُطِعِ ٱلْمُكَذِّبِينَ ۸
එබැවින් (නබියේ!) මෙම බොරුකාරයින්ව ඔබ අනුගමනය නොකරනු!
وَدُّوا۟ لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ ۹
ඔවුන්, ඔබ එකඟ වී පැමිණියහොත් (ඉන්) පසුව එකඟ වී පැමිණීමට ඔවුන් කැමති වන්නාහ.
وَلَا تُطِعْ كُلَّ حَلَّافٍۢ مَّهِينٍ ١۰
(නබියේ! සෑම දේකටම) දිව්රන කිසිම නීචයෙකුට හෝ ඔබ අවනත නොවනු.
هَمَّازٍۢ مَّشَّآءٍۭ بِنَمِيمٍۢ ١١
(ඔහු) සදාකල් (ඕපාදූප) වැරදි කියමින්, කේලාම් කීමම රැකියාවක් බවට පත් කරගෙන සැරිසරන්නා-
مَّنَّاعٍۢ لِّلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ ١٢
කවදත් දැහැමි කාරණාවන් තහනම් කරන සීමාව ඉක්මවා ගිය විශාල පාපතරයෙකි.
عُتُلٍّۭ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ ١۳
දරුණු ලෙස සිතන්නෙකි. මේ සියල්ල තිබියදී ජාතියෙන්ද නීචයෙකි.
أَن كَانَ ذَا مَالٍۢ وَبَنِينَ ١٤
කෙසේ හෝ දරුවන්ද, වස්තූන්ද (ඔහුට) තිඛෙන්නේය යන්නට (ඔහු උඞඟූ වී)-
إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ ١٥
අපගේ ආයාවන් ඔහුට කියවා පෙන්වනු ලැබුවහොත් ‘(මෙය) පෙර සිටියවුන්ගේ ප්‍රබන්ධ කතා’ යයි පවසන්නේය.
سَنَسِمُهُۥ عَلَى ٱلْخُرْطُومِ ١٦
(සැමදා සිටිය හැකි අන්දමටද, සෑම කෙනෙකුම දැන ගත හැකි අන්දමටද) ඔහුගේ නාසයෙහි ඉතා ඉක්මනින් එක් සළකුණක් තබන්නෙමු.
إِنَّا بَلَوْنَٰهُمْ كَمَا بَلَوْنَآ أَصْحَٰبَ ٱلْجَنَّةِ إِذْ أَقْسَمُوا۟ لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ ١۷
නියත වශයෙන්ම අපි මොවුන්ව පිරීක්සුවෙමු. එම උයන් වත්තේ අයිතිකරුවන්ව අපි පිරීක්සූ ආකාරයටම (එම වත්තේ අයිතිකරුවන්) එහි ඇති අස්වැන්න (පසු දින) අළුයම ගොස් කපා ගන්නෙමු යයි දිව්රූහ.
وَلَا يَسْتَثْنُونَ ١۸
එහෙත් (ඉන්ෂා අල්ලාහ්-අල්ලාහ් අදහස් කළහොත් යයි) ආරක්ෂාව පතන වදන ඔවුන් පැවසුවේ නැත.
فَطَافَ عَلَيْهَا طَآئِفٌۭ مِّن رَّبِّكَ وَهُمْ نَآئِمُونَ ١۹
එබැවින් ඔවුන් නින්දෙහි ගැලී සිටින අවස්ථාවේදීම ඔබ දෙවියන්ගේ සන්නිධානයෙන් එක් විපතක් (පැමිණ) එම වත්ත පිස දමා (විනාශ කර) දැමීය.
فَأَصْبَحَتْ كَٱلصَّرِيمِ ٢۰
අස්වැන්න සියල්ල (මුළින් උපුටා) විනාශ කළාක් මෙන් (එය විනාශ) වී ගියේය.
فَتَنَادَوْا۟ مُصْبِحِينَ ٢١
(එය නොදත් වතු අයිතිකරුවන්) උදේ පාන්දරින්ම කෙනෙකුට කෙනෙකු ශබ්ද නගා ආරාධනා කර-
أَنِ ٱغْدُوا۟ عَلَىٰ حَرْثِكُمْ إِن كُنتُمْ صَٰرِمِينَ ٢٢
“ඔබ අස්වැන්න කපා ගන්නේ නම්, (එය නෙලා ගැනීමට) ඔබගේ වතුපිටි වලට උදේ පාන්දරින්ම පැමිණෙනු” (යයි කියා ගත්හ).
فَٱنطَلَقُوا۟ وَهُمْ يَتَخَٰفَتُونَ ٢۳
(තමන් තුළ) කෙනෙකුට කෙනෙකු ඉතාමත් සෙමෙන් කතා කරමින්ම ගියහ.
أَن لَّا يَدْخُلَنَّهَا ٱلْيَوْمَ عَلَيْكُم مِّسْكِينٌۭ ٢٤
“(හිඟමන් ඉල්ලන) යම්කිසි දුප්පතෙකු ඔබ වෙත අද දින එහි ඇතුළු වීමට නොපැමිණිය යුතුය”
وَغَدَوْا۟ عَلَىٰ حَرْدٍۢ قَٰدِرِينَ ٢٥
(මෙසේ තීරණය කර ගනිමින්) උදේ පාන්දරින් නෙලා ගත හැකිය යන අදහසින් ඉතාමත් ස්ථීරවත්ව ගියහ.
فَلَمَّا رَأَوْهَا قَالُوٓا۟ إِنَّا لَضَآلُّونَ ٢٦
(ගොස්) එය බැලු විට, (අස්වැන්න සියල්ල විනාශ වී තිඛෙණු දැක “මෙය අපගේ නොව. වෙනත් කෙනෙකුගේ වත්තකට) නියත වශයෙන්ම අපි පාර වැරදී පැමිණ ඇත්තෙමු” යයි පැවසූහ.
بَلْ نَحْنُ مَحْرُومُونَ ٢۷
(පසුව එය තමන්ගේ වතු යයි දැනගත් ඔවුන්), ‘නැත, අපිම (අපගේ ඵල ප්‍රයෝජන) නැති කර ගත්තෙමු” (යයි පැවසූහ).
قَالَ أَوْسَطُهُمْ أَلَمْ أَقُل لَّكُمْ لَوْلَا تُسَبِّحُونَ ٢۸
ඔවුන්ගෙන් වූ (පොඩියක් බුද්ධිය ඇති) එක් දැනමුත්තෙකු ඔවුන්ට “(විටින් විට) මා ඔබට පැවසුවේ නැද්ද? (මා පැවසූ අන්දමට) ඔබ (දෙවියන්ව) සුවිශුද්ධ කරමින් සිටිය යුතු නොවේද?”යි කීවේය.
قَالُوا۟ سُبْحَٰنَ رَبِّنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ ٢۹
එයට ඔවුන් “අපගේ දෙවියන් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. නියත වශයෙන්ම අපිම (අපට) හානියක් කර ගත්තෙමු” යයි කියා-
فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ يَتَلَٰوَمُونَ ۳۰
පසුව ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට වශයෙන් කෙනෙකුට කෙනෙකු නින්දා කර ගත්හ.
قَالُوا۟ يَٰوَيْلَنَآ إِنَّا كُنَّا طَٰغِينَ ۳١
“අහෝ අපගේ විනාශයයි! නියත වශයෙන්ම අපි අපරාධ කළෙමු.
عَسَىٰ رَبُّنَآ أَن يُبْدِلَنَا خَيْرًۭا مِّنْهَآ إِنَّآ إِلَىٰ رَبِّنَا رَٰغِبُونَ ۳٢
නියත වශයෙන්ම අපි අපගේ දෙවියන්වම බලන්නෙමු. අපගේ දෙවියන් මීටත් වඩා උසස් දැයක් අපට දිය හැකිය” යයිද පැවසූහ.
كَذَٰلِكَ ٱلْعَذَابُ ۖ وَلَعَذَابُ ٱلْءَاخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ ۳۳
(නබියේ! ඔබව ප්‍රතික්ෂේප කරන මොවුන්ටද) මෙවැනි දඬුවමම ලැඛෙණු ඇත. පරලොව දඬුවම නම්, (මීටත් වඩා) ඉතාමත් විශාලය යන්න ඔවුන් දැන ගත යුතු නොවේද?
إِنَّ لِلْمُتَّقِينَ عِندَ رَبِّهِمْ جَنَّٰتِ ٱلنَّعِيمِ ۳٤
නියත වශයෙන්ම භය- භක්තිකයින්ට තමන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙහි ඉතාමත් සුවය දෙන ස්වර්ගයන් ඇත.
أَفَنَجْعَلُ ٱلْمُسْلِمِينَ كَٱلْمُجْرِمِينَ ۳٥
(අපට සම්පූර්ණයෙන්ම අවනත වන) මුස්ලීම්වරුන්ව (පාපයන් කරන) වැරදිකරුවන් මෙන් අපි පත් කරන්නෙමුද?
مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ ۳٦
ඔබට කුමක් සිදු වී ඇත්ද? (දෙදෙනාම සමාන යයි) කෙසේ නම්, තීන්දු කරන්නෙහුද?
أَمْ لَكُمْ كِتَٰبٌۭ فِيهِ تَدْرُسُونَ ۳۷
නැතහොත් ඔබ වෙත (කුමක් හෝ) ධර්ම පුස්තකයක් ඇත්තේද? එහි ඔබ (මේ දෙදෙනාම සමාන යයි) කියවා ඇත්තෙහුද?
إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ ۳۸
ඔබ කැමති වන දැය නියත වශයෙන්ම ඔබට ලැබේවි යයි එහි ඇත්තේද?
أَمْ لَكُمْ أَيْمَٰنٌ عَلَيْنَا بَٰلِغَةٌ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ ۙ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَ ۳۹
නැතහොත් ඔබ තීරණය කරන්නේ විනිශ්චය දිනය දක්වා නියත වශයෙන්ම ඔබට ලැඛෙමින්ම පවතීවි යයි අපි ඔබට දිව්රා දී ඇත්තෙමුද?
سَلْهُمْ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ ٤۰
(නබියේ!) ඔබ ඔවුන්ගෙන් මෙසේ විමසනු: (එසේ නම්), මෙයට ඔවුන්ගෙන් කවුරුන් නම්, වගකිව යුත්තෙකුද?
أَمْ لَهُمْ شُرَكَآءُ فَلْيَأْتُوا۟ بِشُرَكَآئِهِمْ إِن كَانُوا۟ صَٰدِقِينَ ٤١
නැතහොත් ඔවුන්ට, ඔවුන් (සමානයන් තබා නමදින) දෙවිවරුන්ද (වගකිව යුත්තන්?) මෙහි ඔවුන් සත්‍යවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, ඔවුන් සමානයන් වශයෙන් තැබූ දැය, (සාක්ෂියට) කැඳවාගෙන එනු.
يَوْمَ يُكْشَفُ عَن سَاقٍۢ وَيُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ فَلَا يَسْتَطِيعُونَ ٤٢
තිරය ඉවත් කරනු ලබන දිනදී හිස බිම තබා සුජූද් කරන මෙන් ඔවුන්ව ආරාධනා කරනු ලැබේ. (ඔවුන්ගේ පාපයන්ගේ බර ඔවුන්ව වද දෙමින් තිඛෙන බැවින් එසේ කිරීමට) ඔවුන් විසින් නොහැකි වනු ඇත.
خَٰشِعَةً أَبْصَٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌۭ ۖ وَقَدْ كَانُوا۟ يُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ وَهُمْ سَٰلِمُونَ ٤۳
ඔවුන්ගේ බැල්ම නම්, පහත්ව තිඛෙනු ඇත. අවමානය ඔවුන් වටා වට කරගෙන තිඛෙණු ඇත. (මෙලොවදී) සැපවත් (ශරිර සෞඛ්‍යයෙන් පිරි අය වශයෙන්) සිටි අවස්ථාවන්හිදී හිස බිම තබා සුජූද් කිරීමට නියත වශයෙන්ම ආරාධනා කරනු ලැබූහ. (එහෙත් තමන්ගේ උඞඟූබවින් එය ප්‍රතික්ෂේප කර දැමූහ).
فَذَرْنِى وَمَن يُكَذِّبُ بِهَٰذَا ٱلْحَدِيثِ ۖ سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ ٤٤
එබැවින් (ඔබ මැදට නොපැමිණ) මාවද මෙම පුවත් බොරු කරන මොවුන්වද අත්හැර දමනු. ඔවුන් නොදැනුවත් අන්දමට ඉතා ඉක්මනින් ඔවුන්ව අමාරුකමෙහි පැටළෙන්නට සලස්වන්නෙමු.
وَأُمْلِى لَهُمْ ۚ إِنَّ كَيْدِى مَتِينٌ ٤٥
(ඔවුන්ගේ පාපයන් වැඩි වනු පිණිස) ඔවුන්ව අත්හැර දමා තබන්නෙමු. නියත වශයෙන්ම මගේ සැලැස්ම ඉතාමත් බලවත්ය. (ඔවුන්ට බේරෙන්නටම නොහැකිය).
أَمْ تَسْـَٔلُهُمْ أَجْرًۭا فَهُم مِّن مَّغْرَمٍۢ مُّثْقَلُونَ ٤٦
(නබියේ!) ඔබ ඔවුන් වෙත (දඬුවම් බද්දක් වශයෙන්) යම්කිසි කුලියක් ඉල්ලා සිටින්නෙහිද? එසේ නම්, (ඒ වෙනුවෙන් ඔවුන්) ණය වූ (නැතහොත් එම දඬුවම් බද්දේ බර ඔසවන්නට නොහැක). ඔවුන් ගිලී ගියෙහුද?
أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ ٤۷
නැතහොත් ගුප්ත කාරණාවන් (ලියනු ලබන සටහන) ඔවුන් වෙත තිබී, එහි (තමන්ව හොඳ අය යයි) ලියමින් සිටින්නෙහුද?
فَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلْحُوتِ إِذْ نَادَىٰ وَهُوَ مَكْظُومٌۭ ٤۸
(නබියේ!) ඔබ දෙවියන්ගේ නියෝගයන් වෙනුවෙන් ඉවසා සිටිනු. මාළුවා (ගිල ගත්) මිනිසා (යූනුස් නබි) මෙන් ඔබත් පත් නොවනු. (ඔහු තම ජනතාව සමග කෝපයට පත් වී නැවෙහි ගොස්, මුහුදෙහි ගිලී මාළුවෙකු විසින් ගිල ගනු ලැබීය. එහි සිටිමින්) ඔහු කෝපය ගිල ගනිමින් ප්‍රාර්ථනා කරමින් සිටීම සිතා බලනු (මැනව!)
لَّوْلَآ أَن تَدَٰرَكَهُۥ نِعْمَةٌۭ مِّن رَّبِّهِۦ لَنُبِذَ بِٱلْعَرَآءِ وَهُوَ مَذْمُومٌۭ ٤۹
ඔහුගේ දෙවියන්ගේ දයාව ඔහුව අත්කර නොගත්තේ නම්, (එම) එළිමහන් පිටියේ වීසි කරනු ලැබ නින්දා කරනු ලැබූවෙකු වශයෙන්ම සිටින්නට (ඉඩ) තිබුණි.
فَٱجْتَبَٰهُ رَبُّهُۥ فَجَعَلَهُۥ مِنَ ٱلصَّٰلِحِينَ ٥۰
(දෙවියන්ගේ දයාව ඔහුව අත්කර ගත් බැවින්) ඔහුගේ දෙවියන් ඔහුට (සමාව දී) තෝරාගෙන, ඔහුව දැහැමියන්ගෙන් කෙනෙකු බවට පත් කළේය.
وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُوا۟ لَيُزْلِقُونَكَ بِأَبْصَٰرِهِمْ لَمَّا سَمِعُوا۟ ٱلذِّكْرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجْنُونٌۭ ٥١
(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන් හොඳ ඔවදන විනාශ කරන සෑම අවස්ථාවේදීම, ඔවුන් තමන්ගේ බැල්ම මගින්ම ඔබව බිම දමන්නන් මෙන් (කෝපයෙන් යුතුව වෙව්ලමින්) බලන්නාහ. තවද (ඔබ ගැන) නියත වශයෙන්ම ඔහු පිස්සෙකු යයි පවසන්නාහ.
وَمَا هُوَ إِلَّا ذِكْرٌۭ لِّلْعَٰلَمِينَ ٥٢
(ඔබ ඔවුන්ට සමුදීරණය කර පෙන්වන) මෙය (සාමාන්‍යයෙන්) ලෝකවාසීන් සියල්ලන්ටම එක් හොඳ ඔවදනක්ම මිස, වෙන කිසිවක් නැත.