< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ أَضَلَّ أَعْمَٰلَهُمْ ۝١

කවුරුන් (මෙම ධර්මය) ප්‍රතික්ෂේප කර දමා, අල්ලාහ්ගේ මාර්ගයෙහි (මිනිසුන් ගමන් කිරීමද) වළක්වමින් සිටියෝද, ඔවුන්ගේ (කුමන්ත්‍රණය වන මෙම) ක්‍රියාවන් (අල්ලාහ්) ප්‍රයෝජනයක් නැති දැය බවට පත් කළේය.

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَءَامَنُوا۟ بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٍۢ وَهُوَ ٱلْحَقُّ مِن رَّبِّهِمْ ۙ كَفَّرَ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ ۝٢

කවුරුන් (අල්ලාහ්ව) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන්ද කර, මුහම්මද් (නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) නමින් පහළ කරනු ලැබූ එය තමන්ගේ දෙවියන්ගේ සන්නිධානයේ සිට පැමිණි සත්‍ය (ධර්මය) යයි විශ්වාස කරමින් සිටියෝද, ඔවුන් (නොදැනුවත්ව කළ) නපුරු ක්‍රියාවන් ඔවුන්ගෙන් පහ කර, ඔවුන්ගේ තත්වයද (දෙවියන් හොඳ අතට හරවා) පිළිසකර කළේය.

ذَٰلِكَ بِأَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ ٱتَّبَعُوا۟ ٱلْبَٰطِلَ وَأَنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّبَعُوا۟ ٱلْحَقَّ مِن رَّبِّهِمْ ۚ كَذَٰلِكَ يَضْرِبُ ٱللَّهُ لِلنَّاسِ أَمْثَٰلَهُمْ ۝۳

මන්දයත් නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන් බොරුවම අනුගමනය කරමින් සිටියහ. විශ්වාසය තැබූවන් නම්, නියත වශයෙන්ම තමන්ගේ දෙවියන්ගෙන් පැමිණි සත්‍යයම අනුගමනය කරමින් සිටියහ. මෙසේම (අනිත්) මිනිසුන්ට අල්ලාහ් ඔවුන්ගේ තත්වය උදාහරණ වශයෙන්ම (ගෙනහැර දක්වා පැහැදිලි) කරන්නේය.

فَإِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُوا۟ فَضَرْبَ ٱلرِّقَابِ حَتَّىٰٓ إِذَآ أَثْخَنتُمُوهُمْ فَشُدُّوا۟ ٱلْوَثَاقَ فَإِمَّا مَنًّۢا بَعْدُ وَإِمَّا فِدَآءً حَتَّىٰ تَضَعَ ٱلْحَرْبُ أَوْزَارَهَا ۚ ذَٰلِكَ وَلَوْ يَشَآءُ ٱللَّهُ لَٱنتَصَرَ مِنْهُمْ وَلَٰكِن لِّيَبْلُوَا۟ بَعْضَكُم بِبَعْضٍۢ ۗ وَٱلَّذِينَ قُتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ فَلَن يُضِلَّ أَعْمَٰلَهُمْ ۝٤

(විශ්වාසවන්තයිනි! ඔබට විරුද්ධව යුද්ධ කරන) ප්‍රතික්ෂේප කරන්නන්ව ඔබ හමු වන්නේ නම්, (කිසි චකිතයක් නැතිව) ඔවුන්ගේ ඛෙලි කපා දමනු. ඔවුන්ව ඔබ පරදවා හැරියහොත් (ඉතිරි අයව සිර)භාරයට ගෙන බැඳ දමනු. ඉන් පසුව (ඔවුන් වෙනුවට) යම්කිසි වන්දියක් ලදහොත් හෝ නැතහොත් (වන්දියක් නොමැතිව ඔවුන් කෙරෙහි) අනුකම්පාවෙන් හෝ අත් හැර දමනු. (මෙසේ යුද්ධ කරන සතුරන්) තම ආයුධ බිම තබන තුරු (යුද්ධ කරනු). මෙය (අල්ලාහ්ගේ නියෝගයකි). අල්ලාහ් අදහස් කර තිබුනේ නම්, (ඔවුන් ඔබ සමග යුද්ධ කිරීමට පැමිණීමට පෙරම) ඔවුන්ගෙන් පළි ගන්නට ඉඩ තිබුණි. එහෙත් (යුද්ධය මගින්) ඔබගෙන් සමහරෙකුව තවත් සමහරෙකු මගින් පිරික්සන්නේය. එබැවින් අල්ලාහ්ගේ මාර්ගයෙහි කවුරුන් කපනු ලැබ (මරණයට) පත් වන්නෝද, ඔවුන්ගේ (පින් ඇති) ක්‍රියාවන් අපතේ හරින්නේ නැත. (එයට සරිලන ඵලවිපාකම දෙනු ඇත).

سَيَهْدِيهِمْ وَيُصْلِحُ بَالَهُمْ ۝٥

ඔවුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කර, ඔවුන්ගේ තත්වයද පිළිසකර කර හරිනු ඇත.

وَيُدْخِلُهُمُ ٱلْجَنَّةَ عَرَّفَهَا لَهُمْ ۝٦

තවද ඔහු ඔවුන්ට දැනුම් දෙනු ලැබූ ස්වර්ගයෙහිද ඔවුන්ව ඇතුළු කරන්නේය.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تَنصُرُوا۟ ٱللَّهَ يَنصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ ۝۷

විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ට උදව් කළහොත් ඔහුද ඔබට උදව් කර, ඔබගේ පාදයන් ස්ථීර කර හරින්නේය.

وَٱلَّذِينَ كَفَرُوا۟ فَتَعْسًۭا لَّهُمْ وَأَضَلَّ أَعْمَٰلَهُمْ ۝۸

කවුරුන් (මෙම ධර්මය) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට විනාශයයි! (ඔවුන්ගේ කකුල් අස්ථාවර කර) ඔවුන්ගේ ක්‍රියාවන් සියල්ල ප්‍රයෝජනවත් නොවන දැය බවට පත් කරනු ඇත.

ذَٰلِكَ بِأَنَّهُمْ كَرِهُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ فَأَحْبَطَ أَعْمَٰلَهُمْ ۝۹

මන්දයත් අල්ලාහ් පහළ කර තැබු දැය ඇත්තෙන්ම ඔවුන් පිළිකුල් කර, (ප්‍රතික්ෂේප) කර දැමූහ. එබැවින් ඔවුන්ගේ ක්‍රියාවන් සියල්ල (අල්ලාහ්) විනාශ කර දැමුවේය.

۞ أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ دَمَّرَ ٱللَّهُ عَلَيْهِمْ ۖ وَلِلْكَٰفِرِينَ أَمْثَٰلُهَا ۝١۰

ඔවුන් භූමියෙහි සංචාරය කර බැලූවේ නැද්ද? එසේ නම්, ඔවුන්ට පෙර (නපුර කරමින්) සිටි අයගේ අවසානය කෙසේ වූයේද යන්න දැක ගනු ඇත. (කළින් නපුර කරමින් සිටි) ඔවුන්ව අල්ලාහ් සහමුලින්ම විනාශ කර දැමුවේය. ප්‍රතික්ෂේප කරන්නන්ටද මේවා වැනි දැයම හමු වනු ඇත.

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ مَوْلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَأَنَّ ٱلْكَٰفِرِينَ لَا مَوْلَىٰ لَهُمْ ۝١١

මන්දයත් විශ්වාසය තැබූවන්ගෙන් ආරක්ෂකයා වශයෙන් අල්ලාහ්ම සිටින්නේය. ප්‍රතික්ෂේප කරන්නන්ට නම්, ඔවුන්ට නියත වශයෙන්ම කිසිම ආරක්ෂකයෙකුද නැත.

إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۖ وَٱلَّذِينَ كَفَرُوا۟ يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ ٱلْأَنْعَٰمُ وَٱلنَّارُ مَثْوًۭى لَّهُمْ ۝١٢

කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අල්ලාහ් දිය දහරා සදා ගලමින් ඇති ස්වර්ගයන්හි ඇතුළු කරන්නේය. කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් සතුන් කන්නාක් මෙන් කමින්ද, (සතුන් මෙන්) සුවය විඳිමින්ද සිටින්නාහ. (එහෙත්) ඔවුන් (අවසාන වශයෙන්) රැෙඳන ස්ථානය නිරයයි.

وَكَأَيِّن مِّن قَرْيَةٍ هِىَ أَشَدُّ قُوَّةًۭ مِّن قَرْيَتِكَ ٱلَّتِىٓ أَخْرَجَتْكَ أَهْلَكْنَٰهُمْ فَلَا نَاصِرَ لَهُمْ ۝١۳

(නබියේ!) ඔබගේ රටින් ඔබව පිටමං කළ අයට වඩා කොපමණදෝ රටවැසියන් ඉතාමත් ශක්තිවන්තයින් වශයෙන් සිටියහ. (ඔවුන් කළ අපරාධයන්හි හේතුවෙන්) ඔවුන්ව අපි විනාශ කර දැමුවෙමු. (ඒ අවස්ථාවේදී) ඔවුන්ට උදව් කරන්නන් කිසිවෙකුත් සිටියේ නැත. (එබැවින් මොවුන් මොන මුල්ලකටද! මොවුන්වද අපි අනිවාර්යයෙන්ම විනාශ කර දමන්නෙමු!).

أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّهِۦ كَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُم ۝١٤

කවුරුන් තම දෙවියන්ගේ පැහැදිලි (ඍජු) මාර්ගය මත සිටින්නේද ඔහු, කවුරුන්ගේ නපුරු කාරණාවන් අලංකාරවත් ලෙස පෙන්වනු ලැබුවේද ඔහුට, සමාන වන්නෙහිද? (මෙවැනි) ඔවුන් තමන්ගේ (ශරීර) ආශාවන්ම අනුගමනය කරන්නාහ.

مَّثَلُ ٱلْجَنَّةِ ٱلَّتِى وُعِدَ ٱلْمُتَّقُونَ ۖ فِيهَآ أَنْهَٰرٌۭ مِّن مَّآءٍ غَيْرِ ءَاسِنٍۢ وَأَنْهَٰرٌۭ مِّن لَّبَنٍۢ لَّمْ يَتَغَيَّرْ طَعْمُهُۥ وَأَنْهَٰرٌۭ مِّنْ خَمْرٍۢ لَّذَّةٍۢ لِّلشَّٰرِبِينَ وَأَنْهَٰرٌۭ مِّنْ عَسَلٍۢ مُّصَفًّۭى ۖ وَلَهُمْ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَمَغْفِرَةٌۭ مِّن رَّبِّهِمْ ۖ كَمَنْ هُوَ خَٰلِدٌۭ فِى ٱلنَّارِ وَسُقُوا۟ مَآءً حَمِيمًۭا فَقَطَّعَ أَمْعَآءَهُمْ ۝١٥

පරිශුද්ධවන්තයින්ට පොරොන්දු දෙන ලද ස්වර්ගයෙහි උදාහරණය නම්, එහි හානියකින් තොර (පරිශුද්ධ වූ) දිය දහරා ඇත්තේය. (පරිශුද්ධ වූ) රසය වෙනස් නොවන කිරි වලින් යුත් ගංඟාවන්ද ඇත්තේය. පානය කරන්නන්ට ඉමිහිරි රසයක් ගෙන දිය හැකි මිදි රසයෙන් පිරි ගංඟාවන්ද ඇත. තවද පැහැදිලි මී පැනි ගංඟාවන්ද ඇත්තේය. තවද එහි ඔවුන්ට සියලූ අන්දමේ පලතුරු වර්ගද, තමන්ගේ දෙවියන්ගේ සමාවද (ඔවුන්ට) ඇත. (මෙවැනි සුවයන් විඳින අය), නිරයෙහි සදාකල් රැඳී සිටිමින් උතුරණ ලෝදිය පොවනු ලැබ, බඩවැල් සියල්ල කඩා විනාශ කර දැමිය හැකි අයට සමාන වන්නෙහිද?

وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ حَتَّىٰٓ إِذَا خَرَجُوا۟ مِنْ عِندِكَ قَالُوا۟ لِلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ مَاذَا قَالَ ءَانِفًا ۚ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُمْ ۝١٦

(නබියේ! ඔබ මෙම ධර්මය සමුදීරණය කළ අවස්ථාවේදී) ඔබට සවන් දෙන අය (මෙන් සිටින්නන්) ඔබගෙන් ඈත් වී පිටමං වූ වහාම, (විශ්වාසවන්තයින් වන මෙම ධර්ම) ඥානය ලබා දෙනු ලැබූ අයට (සමච්චලයෙන් “ඔබගේ නබි වන) ඔහු, ටිකකට කළින් කුමක් නම් කීවෙහිද?”යි විමසන්නන්ද ඔවුන්ගෙන් සිටින්නාහ. මෙවැන්නන්ගේ හෘදයන් මත අල්ලාහ් මුද්‍රා කර හැරියේය. (එබැවින්) මොවුන් තමන්ගේ (ශරීර) ආශාවන් අනුගමනය කරමින් කටයුතු කරන්නාහ.

وَٱلَّذِينَ ٱهْتَدَوْا۟ زَادَهُمْ هُدًۭى وَءَاتَىٰهُمْ تَقْوَىٰهُمْ ۝١۷

කවුරුන් ඍජු මාර්ගයෙහි ගමන් කරන්නෝද, (ඔවුන් මෙම ධර්මය සවන් දෙන හේතුවෙන්) ඔවුන්ගේ ඍජුභාවය (නැවත නැවතත්) වැඩි කර, පරිශුද්ධ භාවයද, ඔවුන්ට (දෙවියන්) ලබා දෙන්නේය.

فَهَلْ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةًۭ ۖ فَقَدْ جَآءَ أَشْرَاطُهَا ۚ فَأَنَّىٰ لَهُمْ إِذَا جَآءَتْهُمْ ذِكْرَىٰهُمْ ۝١۸

(නබියේ! එම පාපතරයන්) තමන් වෙත හදිසියේ පැමිණිය හැකි විනිශ්චය (දින දඬුවම) මිස, (වෙන කිසිවක්) ඔවුන් බලාපොරොත්තු වන්නෙහුද? මන්දයත් එහි සළකුණු නියත වශයෙන්ම පැමිණ ඇත. එය ඔවුන් වෙත පැමිණි පසු (ඒ ගැන) ඔවුන්ට අවවාද කිරීමෙන් කුමන ප්‍රයෝජනයක්ද?

فَٱعْلَمْ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ وَٱسْتَغْفِرْ لِذَنۢبِكَ وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ ۗ وَٱللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَىٰكُمْ ۝١۹

(නබියේ!) නියත වශයෙන්ම අල්ලාහ් හැර වෙන කිසිම දෙවියෙකු නැත යන්න ඔබ (ස්ථීර වශයෙන්) දැනගෙන, විශ්වාසය තැබූ පිරිමින් වෙනුවෙන්ද, විශ්වාසය තැබු ගැහැනුන් වෙනුවෙන්ද, ඔබ වෙනුවෙන්ද, පව් සමාව ඉල්ලා සිටිනු මැනව! (විශ්වාසවන්තයිනි!) ඔබගේ හැසිරීමද, ඔබගේ වාසස්ථානයන්ද අල්ලාහ් හොඳින් දන්නේය.

وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُوا۟ لَوْلَا نُزِّلَتْ سُورَةٌۭ ۖ فَإِذَآ أُنزِلَتْ سُورَةٌۭ مُّحْكَمَةٌۭ وَذُكِرَ فِيهَا ٱلْقِتَالُ ۙ رَأَيْتَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ يَنظُرُونَ إِلَيْكَ نَظَرَ ٱلْمَغْشِىِّ عَلَيْهِ مِنَ ٱلْمَوْتِ ۖ فَأَوْلَىٰ لَهُمْ ۝٢۰

විශ්වාසය තැබූවන්ගෙන්ද, (බොහොමයක් දෙනා යුද්ධය ගැන) යම්කිසි (තනි) පරිච්ඡේදයක් පහළ කළ යුතු නොවේද?යි පවසන්නාහ. එසේම (පැහැදිලි හා) එක් ස්ථීර වූ පරිච්ඡේදයක පහළ කරනු ලැබ, යුද්ධ කරන මෙන් එහි පවසා තිබුනහොත්, කවුරුන්ගේ හෘදයන්හි අසනීප ඇත්තේද, ඔවුන් මරණාසන්නයට පැටළී සිහි මූර්ඡා වී වැටී සිටින්නන් බලන්නාක් මෙන් (නබියේ!) ඔබව, ඔවුන් බලනු ඔබ දකින්නෙහිය! එබැවින් මොවුන්ට විනාශයයි!

طَاعَةٌۭ وَقَوْلٌۭ مَّعْرُوفٌۭ ۚ فَإِذَا عَزَمَ ٱلْأَمْرُ فَلَوْ صَدَقُوا۟ ٱللَّهَ لَكَانَ خَيْرًۭا لَّهُمْ ۝٢١

(නබියේ! ඔබට) අවනත වී කටයුතු කිරීමද, (ඔබ වෙත කුමක් පැවසුවා වුවද), ගෞරවණීය අන්දමට කතා කිරීම ම (ඔවුන්ට අගනේය). එබැවින් (යුද්ධය ගැන) එක් කාරණවක් අවසන් වූ පසු, අල්ලාහ්ට ඔවුන් සත්‍යය වශයෙන් කටයුතු කළේ නම්, එය ඔවුන්ටම හොඳක් වශයෙන් තිඛෙනු ඇත.

فَهَلْ عَسَيْتُمْ إِن تَوَلَّيْتُمْ أَن تُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ وَتُقَطِّعُوٓا۟ أَرْحَامَكُمْ ۝٢٢

(වංචනිකයිනි!) ඔබ (යුද්ධයට නොපැමිණ) ඈත් වූ පසු ඔබ භූමියෙහි ගොස් නපුර කර, ඔබගේ නෑකම් බිඳ දැමීමට බලන්නෙහුද?

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ فَأَصَمَّهُمْ وَأَعْمَىٰٓ أَبْصَٰرَهُمْ ۝٢۳

මෙවැන්නන්ව අල්ලාහ් ශාප කර, ඔවුන්ව බිහිරන් බවට පත් කර, ඔවුන්ගේ ඇස් පෙනුමද පහ කර, අන්ධයින් බවට පත් කළේය.

أَفَلَا يَتَدَبَّرُونَ ٱلْقُرْءَانَ أَمْ عَلَىٰ قُلُوبٍ أَقْفَالُهَآ ۝٢٤

ඔවුන් මෙම කුර්ආනය පරිශීලණය කර බැලිය යුතු නොවේද? නැතහොත් (ඔවුන්ගේ) හෘදයන් මත අගුල් දමනු ලැබුවේද?

إِنَّ ٱلَّذِينَ ٱرْتَدُّوا۟ عَلَىٰٓ أَدْبَٰرِهِم مِّنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْهُدَى ۙ ٱلشَّيْطَٰنُ سَوَّلَ لَهُمْ وَأَمْلَىٰ لَهُمْ ۝٢٥

නියත වශයෙන්ම කවුරුන් හට ඍජු මාර්ගය මෙය යයි පැහැදිලි වූ පසුද, ඔවුන් (එය කෙරෙහි නොගොස්) තමන්ගේ පසුපසට හැරී ගියෝද, ඔවුන්ගේ වැරදි සිතුවිලි ෂෙයිතාන් විස්තීරණය කර ඔවුන්ට (ඒවා) අලංකාරවත් කරද හැරියේය.

ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لِلَّذِينَ كَرِهُوا۟ مَا نَزَّلَ ٱللَّهُ سَنُطِيعُكُمْ فِى بَعْضِ ٱلْأَمْرِ ۖ وَٱللَّهُ يَعْلَمُ إِسْرَارَهُمْ ۝٢٦

මන්දයත් නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ් පහළ කළ (මෙම ධර්මය) පිළිකුල් කරන්නන් (වන යුදෙව්වන්ට) “අපි සමහර කාරණාවන්හි ඔබවම අනුගමනය කර කටයුතු කරන්නෙමු” යයි (රහසින්) පවසන්නාහ. ඔවුන්ගේ රහස් අල්ලාහ් හොඳින් දන්නේය.

فَكَيْفَ إِذَا تَوَفَّتْهُمُ ٱلْمَلَٰٓئِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَٰرَهُمْ ۝٢۷

ඔවුන් (මරණයට පත් වන විට) පණ අත්පත් කර ගන්නා මලායිකාවරුන් මොවුන්ගේ මුහුණු වලටද, මොවුන්ගේ පිට කොඳු වලටද, (තදින් පහර දෙන්නාහ. ඔවුන්) පහර දෙන විට (ඔවුන්ගේ තත්වය) කෙසේ තිඛෙන්නට ඇත්ද!

ذَٰلِكَ بِأَنَّهُمُ ٱتَّبَعُوا۟ مَآ أَسْخَطَ ٱللَّهَ وَكَرِهُوا۟ رِضْوَٰنَهُۥ فَأَحْبَطَ أَعْمَٰلَهُمْ ۝٢۸

මන්දයත් අල්ලාහ්ට කෝපය ඇති කරවන දැයම මොවුන් අනුගමනය කර, ඔහුව කෝපයට පත් කරන දැය පිළිකුල් කරමින් සිටියහ. එබැවින් මොවුන්ගේ (පින් ඇති) ක්‍රියාවන් (අල්ලාහ්) විනාශ කර දැමුවේය.

أَمْ حَسِبَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخْرِجَ ٱللَّهُ أَضْغَٰنَهُمْ ۝٢۹

කවුරුන්ගේ හෘදයන්හි (කුහකකම නමැති) අසනීපය ඇත්තේද, ඔවුන් තමන්ගේ ක්‍රෝධය අල්ලාහ් එළිදරව් කර නොදමනු ඇතැයි අදහස් කරමින් සිටින්නෙහුද?

وَلَوْ نَشَآءُ لَأَرَيْنَٰكَهُمْ فَلَعَرَفْتَهُم بِسِيمَٰهُمْ ۚ وَلَتَعْرِفَنَّهُمْ فِى لَحْنِ ٱلْقَوْلِ ۚ وَٱللَّهُ يَعْلَمُ أَعْمَٰلَكُمْ ۝۳۰

(නබියේ!) අපි කැමති වුවහොත් ඇත්තෙන්ම ඔවුන්ව, ඔබට (ප්‍රත්ත්‍යක්ෂයෙන්ම) පෙන්වා හරින්නෙමු. (එවිට) ඔවුන්ගේ (මුහුණේ) සළකුණු වලින්ම ඔබ ඔවුන්ව නියත වශයෙන්ම දැන ගන්නෙහිය. ඔවුන්ගේ (උපායශීලී) කතාබහේ හැඩයෙන්ම ඔබ ඔවුන්ව නියත වශයෙන්ම දැන ගන්නෙහිය. (වංචනිකයිනි!) අල්ලාහ් ඔබගේ වැඩ කටයුතුද හොඳින් දන්නේය.

وَلَنَبْلُوَنَّكُمْ حَتَّىٰ نَعْلَمَ ٱلْمُجَٰهِدِينَ مِنكُمْ وَٱلصَّٰبِرِينَ وَنَبْلُوَا۟ أَخْبَارَكُمْ ۝۳١

(විශ්වාසවන්තයිනි!) ඔබගෙන් (හිත ඇතිවම) යුද්ධ කරන්නන් කවුරුන්ද යන්නද, (යුද්ධයේදී ඇති වන අමාරුකම් ස්ථීරව) විඳ දරාගන්නා අය කවුරුන්ද යන්නද අපි දැනගෙන (දැනුම්) දෙන තුරු ඔබවද, ඔබ ගැන වූ කාරණාවන්ද නියත වශයෙන්ම අපි පිරික්සුමට ලක් කරමින්ම සිටින්නෙමු.

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ وَشَآقُّوا۟ ٱلرَّسُولَ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْهُدَىٰ لَن يَضُرُّوا۟ ٱللَّهَ شَيْـًۭٔا وَسَيُحْبِطُ أَعْمَٰلَهُمْ ۝۳٢

නියත වශයෙන්ම කවුරුන් ඍජු මාර්ගය මෙය යයි තමන් තුළ පැහැදිලි වූ පසුවද, (එය) ප්‍රතික්ෂේප කර දමා, අල්ලාහ්ගේ මාර්ගය (අන් අයට) වළක්වා ලමින් (අල්ලාහ්ගේ) දූතයාට විරුද්ධව කටයුතු කරන්නෝද, ඔවුන් (එමගින්) නියත වශයෙන්ම අල්ලාහ්ට කිසිම හානියක් කර හැරීමට නොහැකිය. ඔවුන්ගේ (කුමන්ත්‍රණ වන) වැඩ කටයුතු (සියල්ල) නියත වශයෙන්ම අල්ලාහ් විනාශ කර දමනු ඇත.

۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَلَا تُبْطِلُوٓا۟ أَعْمَٰلَكُمْ ۝۳۳

විශ්වාසවන්තයිනි! ඔබ (ඇත්තෙන්ම) අල්ලාහ්ටද, අවනත වනු. (ඔහුගේ) දූතයාටද අවනත වනු. (ඔවුන්ට වෙනස්තම් කර) ඔබගේ (පින් ඇති) ක්‍රියාවන් ඔබ අපතේ නොහරිනු.

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ ثُمَّ مَاتُوا۟ وَهُمْ كُفَّارٌۭ فَلَن يَغْفِرَ ٱللَّهُ لَهُمْ ۝۳٤

නියත වශයෙන්ම කවුරුන් ප්‍රතික්ෂේප කර, අල්ලාහ්ගේ මාර්ගයද, වළක්වා දමා ප්‍රතික්ෂේප කරමින්ම සිටින්නෝද, ඔවුන් (ගේ වැරදි වලට) අල්ලාහ් කිසි කලෙක සමාව දෙන්නේම නැත.

فَلَا تَهِنُوا۟ وَتَدْعُوٓا۟ إِلَى ٱلسَّلْمِ وَأَنتُمُ ٱلْأَعْلَوْنَ وَٱللَّهُ مَعَكُمْ وَلَن يَتِرَكُمْ أَعْمَٰلَكُمْ ۝۳٥

(යුද්ධ කරන විශ්වාසවන්තයිනි! අවමන් ගෙන දෙන අන්දමට) ඔබ ධෛර්යය බිඳී සමාදානය ඉල්ලා නොසිටිනු. (මන්දයත්) ඔබම මුදුන්පත් වන්නෙහුය. අල්ලාහ් ඔබ සමගම සිටින්නේය. ඔබගේ (පින් ඇති) ක්‍රියාවන්ගෙන් කිසිවක් ඔහු අඩු කර දමන්නේ නැත.

إِنَّمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا لَعِبٌۭ وَلَهْوٌۭ ۚ وَإِن تُؤْمِنُوا۟ وَتَتَّقُوا۟ يُؤْتِكُمْ أُجُورَكُمْ وَلَا يَسْـَٔلْكُمْ أَمْوَٰلَكُمْ ۝۳٦

මෙලොව ජීවිතය නම්, ඇත්තෙන්ම (පුහු) සෙල්ලමක් හා විනෝදයක් පමණි. ඔබ විශ්වාසය තබා (ඔහුට) බිය වී කටයුතු කළහොත් ඔබගේ ඵලවිපාක ඔහු ඔබට ලබා දෙනු ඇත. ඔබගේ වස්තූන් ඔහු (තමන් වෙනුවෙන්) ඔබගෙන් ඉල්ලන්නේ නැත.

إِن يَسْـَٔلْكُمُوهَا فَيُحْفِكُمْ تَبْخَلُوا۟ وَيُخْرِجْ أَضْغَٰنَكُمْ ۝۳۷

(ඔබගේ යහපතක් සඳහාම ඉල්ලනු ඇත. එසේ) ඔහු (තමන් වෙනුවෙන්) ඔබ වෙතින් එය ඉල්ලා බල කළා වුවද, (එය නොදී) ඔබ මසුරුකම් කරන්නෙහුය. (ඒ අවස්ථාවේදී) අල්ලාහ් ඔබගේ නපුරු සිතුවිලි එළිදරව් කර හරිනු ඇත.

هَٰٓأَنتُمْ هَٰٓؤُلَآءِ تُدْعَوْنَ لِتُنفِقُوا۟ فِى سَبِيلِ ٱللَّهِ فَمِنكُم مَّن يَبْخَلُ ۖ وَمَن يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَن نَّفْسِهِۦ ۚ وَٱللَّهُ ٱلْغَنِىُّ وَأَنتُمُ ٱلْفُقَرَآءُ ۚ وَإِن تَتَوَلَّوْا۟ يَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ ثُمَّ لَا يَكُونُوٓا۟ أَمْثَٰلَكُم ۝۳۸

(ජනතාවෙනි!) ඔබ හොඳින් අවධානයෙහි තබා ගනු. අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් කිරීමට කැඳවන අවස්ථාවේදී මසුරුකම් කරන්නාද, ඔබ අතරේ සිටින්නේය. (එසේ) කවුරුන් හෝ මසුරුකම් කළහොත් ඔහු තමන්ට විනාශයක් වශයෙන්ම මසුරුකම් කරන්නේය. අල්ලාහ් නම්, අවශ්‍යාතාවයන් නොවන්නෙකි. ඔබ අවශ්‍යතාවයන් උවමනා අය වශයෙන්ම සිටින්නෙහුය. (ඔහුගේ නියෝගයන් නැවතත්) ඔබ ප්‍රතික්ෂේප කළහොත් (ඔබව විනාශ කර දමා) ඔබ නොවන ජනතාවක් (ඔබගේ ස්ථානයෙහි) මාරු කර (පත් කර) හරින්නේය. පසුව ඔවුන් ඔබ මෙන් නොවන්නාහ.