< السورة السابقة | فهرس السور | السورة التالية >
surah046
Al-Ahqaf (46)
The Dunes, makkah, 35 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ حمٓ ١
හා. මීම්.
تَنزِيلُ ٱلْكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ ٢
(සියල්ලන්ටම වඩා) ශ්‍රේෂ්ඨයෙකු හා ඥානවන්තයෙකු වන අල්ලාහ් විසින් මෙම ධර්මය පහළ කරනු ලැබ ඇත්තේය.
مَا خَلَقْنَا ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ وَأَجَلٍۢ مُّسَمًّۭى ۚ وَٱلَّذِينَ كَفَرُوا۟ عَمَّآ أُنذِرُوا۟ مُعْرِضُونَ ۳
අහස්ද, භූමියද, ඒවා අතර ඇති දැයද නියමිත කාරණාවකට හා (ඒවාට) නියමිත කාල අවකාශයකටද මිස, අපි උත්පාදනය කළේ නැත. කවුරුන් (අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් තමන්ට බියගන්වා අනතුරු අඟවන ලද දැය ප්‍රතික්ෂේප කර හරින්නාහ.
قُلْ أَرَءَيْتُم مَّا تَدْعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِى مَاذَا خَلَقُوا۟ مِنَ ٱلْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌۭ فِى ٱلسَّمَٰوَٰتِ ۖ ٱئْتُونِى بِكِتَٰبٍۢ مِّن قَبْلِ هَٰذَآ أَوْ أَثَٰرَةٍۢ مِّنْ عِلْمٍ إِن كُنتُمْ صَٰدِقِينَ ٤
(එබැවින් නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු:”අල්ලාහ් හැර ඔබ (දෙවියන් යයි) කුමක් ආරාධනා කරන්නෙහුද, ඒවා ගැන ඔබ අවධානය කළෙහුද? ඒවා භූමියෙහි කුමක් නම් උත්පාදනය කර ඇත්තෙහුද යන්න ඔබ මා හට පෙන්වනු! නැතහොත් අහස්හි (ඒවායේ රාජ්‍යයන් හෝ නැතහොත් එවා උත්පාදනය කිරීමෙහි හෝ) ඒවාට කිසියම් හවුලක් ඇත්ද? ඔබ සත්‍යවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, මෙයට (සාක්ෂි වශයෙන්) පෙර තිබූ යම්කිසි ධර්මයක්, නැතහොත් (මේ සම්බන්ධයෙන් වූ) ඥාන සාක්ෂීන් ගෙන එනු”.
وَمَنْ أَضَلُّ مِمَّن يَدْعُوا۟ مِن دُونِ ٱللَّهِ مَن لَّا يَسْتَجِيبُ لَهُۥٓ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ وَهُمْ عَن دُعَآئِهِمْ غَٰفِلُونَ ٥
විනිශ්චය දින දක්වා (ආරාධනා කළා වුවද), ඒවා මොවුන්ට පිළිතුරු දෙන්නේ නැත. එබැවින් (මෙවැනි) අල්ලාහ් නොවන දැය ආරාධනා කරන්නන්ට වඩා ඉතාමත් දුර්මාර්ගිකයන් කවරෙක්ද? ඒවා තමන්ව මොවුන් ආරාධනා කිරීම ගැනද දන්නේ නැත.
وَإِذَا حُشِرَ ٱلنَّاسُ كَانُوا۟ لَهُمْ أَعْدَآءًۭ وَكَانُوا۟ بِعِبَادَتِهِمْ كَٰفِرِينَ ٦
තවද මිනිසුන්ට (පණ දී) නැගිට්ටවනු ලබන අවස්ථාවේදී ඒවා මොවුන්ට සතුරන් බවට පත් වී මොවුන් (තමන්ව) නමදිමින් සිටීමද ඒවා ප්‍රතික්ෂේප කර දමනු ඇත.
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا بَيِّنَٰتٍۢ قَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلْحَقِّ لَمَّا جَآءَهُمْ هَٰذَا سِحْرٌۭ مُّبِينٌ ۷
අපගේ පැහැදිලි ආයාවන් මොවුන්ට සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත්, තමන් වෙත පැමිණි එම සත්‍ය (ධර්මය) ප්‍රතික්ෂේප කර දමා, මෙය පැහැදිලි සූනියමක් යයිද පවසන්නාහ.
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ إِنِ ٱفْتَرَيْتُهُۥ فَلَا تَمْلِكُونَ لِى مِنَ ٱللَّهِ شَيْـًٔا ۖ هُوَ أَعْلَمُ بِمَا تُفِيضُونَ فِيهِ ۖ كَفَىٰ بِهِۦ شَهِيدًۢا بَيْنِى وَبَيْنَكُمْ ۖ وَهُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ ۸
(නබියේ!) ‘මෙය ඔහු බොරුවට මනක්කල්පිත කර ගත්තේය’ යයි (ඔබ ගැන) ඔවුන් පවසන්නෙහුද? (එසේ නම්, නබියේ!) ඔබ මෙසේ පවසනු: “මෙය බොරුවට මනක්කල්පිත කළේ නම්, (ඒ වෙනුවෙන්) අල්ලාහ් (මාව දඬුවම් නොකරනු ඇත්ද? ඒ අවස්ථාවේදී අල්ලාහ්)ට එරෙහිව ඔබ මා හට කිසිම (උදව්වක්) කරන්නට ශක්තියක් නොමැත්තන් (බවට පත් වනවා නොවෙද!) මේ ගැන (මට විරුද්ධව) ඔබ කුමක් නම් පවසන්නෙහුද, ඒවා ඔහු හොඳින් දැන සිටින්නේය. (එබැවින්) මටත් ඔබටත් අතරේ ඔහුම මෙයට ප්‍රමාණවත් සාක්ෂියක් වශයෙන් සිටින්නේය. ඔහුම ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය”.
قُلْ مَا كُنتُ بِدْعًۭا مِّنَ ٱلرُّسُلِ وَمَآ أَدْرِى مَا يُفْعَلُ بِى وَلَا بِكُمْ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَىَّ وَمَآ أَنَا۠ إِلَّا نَذِيرٌۭ مُّبِينٌۭ ۹
(නබියේ! ඔවුන්ට නැවතත්) ඔබ මෙසේ පවසනු මැනව! (දෙවියන් යැවූ) දුතයින්ගෙන් මා අළුතින් පැමිණි කෙනෙකු නොව. (මට පෙර දූතයින් බොහොමයක් පැමිණ ඇත්තාහ). තවද මා ගැන හෝ නැතහොත් ඔබ ගැන හෝ කුමක් කරනු ලබන්නේදැයි යන්න මා දන්නේ නැත. මට වහී මගින් දැනුම් දෙන ලද දැයම මිස, (වෙන කිසිවක්) මා අනුගමනය කරන්නෙකුද නොව. මා ප්‍රසිද්ධියේ බියගන්වා අනතුරු අඟවන්නෙකු මිස, වෙන කිසිවෙකු නොව.
قُلْ أَرَءَيْتُمْ إِن كَانَ مِنْ عِندِ ٱللَّهِ وَكَفَرْتُم بِهِۦ وَشَهِدَ شَاهِدٌۭ مِّنۢ بَنِىٓ إِسْرَٰٓءِيلَ عَلَىٰ مِثْلِهِۦ فَـَٔامَنَ وَٱسْتَكْبَرْتُمْ ۖ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ ١۰
(නබියේ!) ඔබ මෙසේ පවසනු: (යුදෙව්වනි! මෙම ධර්මය) අල්ලාහ්ගේ සන්නිධානයෙන්ම පැමිණ තිබියදී, ඔබ උඞඟූ වී මෙය ප්‍රතික්ෂේප කර දැමූවෙහුය! (ඔබගේ වාර්ගිකයින්ට අයත්) ඉස්රායීල පරම්පරාවේ දරුවන්ගෙන් වූ කෙනෙකු මෙවැනි (ධර්මයක් පැමිණෙන්නට ඇත්තේය යන කාරණාවෙහි) සාක්ෂි දරමින් (එය) ඔවුන් විශ්වාස කර තිබීම ඔබ අවධානය කළෙහිද? නියත වශයෙන්ම අල්ලාහ් (මෙවැනි) අපරාධකාර ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوا۟ لَوْ كَانَ خَيْرًۭا مَّا سَبَقُونَآ إِلَيْهِ ۚ وَإِذْ لَمْ يَهْتَدُوا۟ بِهِۦ فَسَيَقُولُونَ هَٰذَآ إِفْكٌۭ قَدِيمٌۭ ١١
ප්‍රතික්ෂේප කරන්නන් විශ්වාසවන්තයින්ට “මෙය යහපතක් වශයෙන් තිබුණහොත් (මෙය අත් කර ගැනීමට) මෙය කෙරෙහි (මෙම නූගත් ජනයා) අපට වඩා ඉදිරියට නොයන්නාහ. (මෙහි කිසිම යහපතක් නැත. එනිසාම මෙය අපි ප්‍රතික්ෂේප කර හැරියෙමු)” යයිද පවසන්නාහ. ඔවුන් මෙය (මෙම සත්‍ය ධර්මය), අනුගමනය නොකර සිටියදී ‘මෙය පැරණි බොරු ප්‍රබන්ධ කතා’ යයිද ඔවුන් පවසන්නාහ.
وَمِن قَبْلِهِۦ كِتَٰبُ مُوسَىٰٓ إِمَامًۭا وَرَحْمَةًۭ ۚ وَهَٰذَا كِتَٰبٌۭ مُّصَدِّقٌۭ لِّسَانًا عَرَبِيًّۭا لِّيُنذِرَ ٱلَّذِينَ ظَلَمُوا۟ وَبُشْرَىٰ لِلْمُحْسِنِينَ ١٢
මීට පෙර මුසාගේ ධර්මය (ජනතාවට) මාර්ගෝපදේශයක් වශයෙන්ද, වරප්‍රසාදයක් වශයෙන්ද තිබුණි. මෙය නම්, (එය) සත්‍යය කර තබන ධර්මයක් වශයෙන් (පැහැදිලි) අරාබි භාෂාවෙන් ඇත්තේය. (තවද) අපරාධකාරයින්ට බියගන්වා අනතුරු අඟවමින්ද, හොඳ කරන්නන්ට සුභාරංචි පවසමින්ද ඇත්තේය.
إِنَّ ٱلَّذِينَ قَالُوا۟ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسْتَقَٰمُوا۟ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ١۳
කවුරුන් “අපගේ දෙවියන් අල්ලාහ්” යයි පවසා, (ඔහු පහළ කරන ලද මෙම ධර්මය විශ්වාස කර, එහි) ස්ථීරවද සිටින්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම කිසිම බියක් නැත. ඔවුන් දුක් වන්නේද නැත.
أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَنَّةِ خَٰلِدِينَ فِيهَا جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ ١٤
මෙවැන්නන්ම ස්වර්ගවාසීන්ය. ඔවුන් කරන (දැහැමි) ක්‍රියාවන්ට ඵලවිපාක වශයෙන් සදාකල්ම එහි ඔවුන් රැඳී සිටිනු ඇත.
وَوَصَّيْنَا ٱلْإِنسَٰنَ بِوَٰلِدَيْهِ إِحْسَٰنًا ۖ حَمَلَتْهُ أُمُّهُۥ كُرْهًۭا وَوَضَعَتْهُ كُرْهًۭا ۖ وَحَمْلُهُۥ وَفِصَٰلُهُۥ ثَلَٰثُونَ شَهْرًا ۚ حَتَّىٰٓ إِذَا بَلَغَ أَشُدَّهُۥ وَبَلَغَ أَرْبَعِينَ سَنَةًۭ قَالَ رَبِّ أَوْزِعْنِىٓ أَنْ أَشْكُرَ نِعْمَتَكَ ٱلَّتِىٓ أَنْعَمْتَ عَلَىَّ وَعَلَىٰ وَٰلِدَىَّ وَأَنْ أَعْمَلَ صَٰلِحًۭا تَرْضَىٰهُ وَأَصْلِحْ لِى فِى ذُرِّيَّتِىٓ ۖ إِنِّى تُبْتُ إِلَيْكَ وَإِنِّى مِنَ ٱلْمُسْلِمِينَ ١٥
මිනිසා තමන්ගේ දෙමව්පියන්ට කෘතඥ වන මෙන් අපි ඔහුට හොඳ ඔවදන් දුන්නෙමු. ඔහුගේ මව ඉතාමත් අමාරුවෙන් (ගර්භයෙහි) ඔහුව උසුළාගෙන හිඳ, ඉතාමත් අමාරුවෙන්ම ඔහුව ප්‍රසූත කරන්නීය. ඇය ගැබ් ගත් දා පටන් මොහු කිරි බීම අත්හරින තුරු මාස තිහක් (ඉතාමත් අමාරුවෙන් ගත කරන්නීය). මොහු තරුණ වියට පත් වී අවුරුදු හතළිහ අත් කර ගතහොත්, “මගේ දෙවියනේ! ඔබ මා කෙරෙහිද, මගේ දෙමව්පියන් කෙරෙහිද, පහළ කරන ලද දයාව සඳහා මා කෘතඥ වී ඔබගේ තෘප්තිය අත් කර ගත හැකි හොඳ ක්‍රියාවන් කරන මෙන් (වූ හොඳ දැනුමක්) ඔබ මා හට ලබා දෙනු මැනව! (මට උදව්වට සිටින සේ) මා වෙනුවෙන් මගේ පරම්පරාවේ දරුවන්ව ඔබ පිළිසකර කර තබනු. නියත වශයෙන්ම මා ඔබව බැලූවෙමි. තවද නියත වශයෙන්ම මා (ඔබට සමපුර්ණයෙන්ම අවනත වූ) මුස්ලිම්වරුන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙමි” යයි පවසනු ඇත.
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ نَتَقَبَّلُ عَنْهُمْ أَحْسَنَ مَا عَمِلُوا۟ وَنَتَجَاوَزُ عَن سَيِّـَٔاتِهِمْ فِىٓ أَصْحَٰبِ ٱلْجَنَّةِ ۖ وَعْدَ ٱلصِّدْقِ ٱلَّذِى كَانُوا۟ يُوعَدُونَ ١٦
මෙවැන්නන් කළ හොඳ දැය මා බාර ගෙන, ස්වර්ගවාසීන් වන මොවුන්ගේ පාපයන්ද ප්‍රතික්ෂේප කර හරින්නෙමු. මොවුන්ට දෙනු ලැබූ මෙම පොරොන්දුව සත්‍යය වූ පොරොන්දුවක් වන්නේය.
وَٱلَّذِى قَالَ لِوَٰلِدَيْهِ أُفٍّۢ لَّكُمَآ أَتَعِدَانِنِىٓ أَنْ أُخْرَجَ وَقَدْ خَلَتِ ٱلْقُرُونُ مِن قَبْلِى وَهُمَا يَسْتَغِيثَانِ ٱللَّهَ وَيْلَكَ ءَامِنْ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ فَيَقُولُ مَا هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ ١۷
කවුරුන් තම දෙමව්පියන්ට (ඔවුන් පරලොව ගැන පැවසූ හොඳ වදන් ප්‍රතික්ෂේප කර) “චී, චී! ඔබට කුමක් සිදු වී ඇත්ද! (මා මරණයට පත් වූ පසු) පණ ගන්වනු ලබන්නෙමි යයි ඔබ මාව බිය ගන්වන්නෙහුද? නියත වශයෙන්ම මට පෙර කොපමණදෝ සමූහයන් ඉකුත්ව ගියහ. (ඔවුන්ගෙන් කිසිවෙකුත් නොපැමිණ සිටියදී මා පමණක් පණ දී නැගිට්ටවනු ලබන්නෙමිද?)”යි පැවසුවේද, (ඔහුව) බේරා ගන්නා මෙන් ඒ දෙදෙනාම අල්ලාහ් වෙතින් ප්‍රාර්ථනා කර, (පසුව ඔහුට) “ඔබට කුමන වින්නැහියක්ද! ඔබ (අල්ලාහ්ව) විශ්වාස කරනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයකි” (යයි පවසන්නාහ). එයට ඔහු “මේ සියල්ල පෙර සිටියවුන්ගේ ප්‍රබන්ධ කතා මිස, වෙන කිසිවක් නොව. (මෙය මා විශ්වාස කරන්නේම නැත)” යයි පවසන්නේය.
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ حَقَّ عَلَيْهِمُ ٱلْقَوْلُ فِىٓ أُمَمٍۢ قَدْ خَلَتْ مِن قَبْلِهِم مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ ۖ إِنَّهُمْ كَانُوا۟ خَٰسِرِينَ ١۸
මෙවැන්නන්ට නම් -මොවුන්ට පෙර ඉකුත්ව ගිය (පාපතරයන් වන) මිනිස් හා ජින්වරුන්ගේ සමුහයන් මෙන් (මොවුන්ද විනාශ වී) මොවුන් කෙරෙහිද (අල්ලාහ්ගේ දඬුවම අනිවාර්යයෙන්ම පැමිණ පහළ වනු ඇතැයි) පොරොන්දුව සත්‍යය වී ගියේය. මෙවැන්නන් පරාජය අත් කර ගත්හ.
وَلِكُلٍّۢ دَرَجَٰتٌۭ مِّمَّا عَمِلُوا۟ ۖ وَلِيُوَفِّيَهُمْ أَعْمَٰلَهُمْ وَهُمْ لَا يُظْلَمُونَ ١۹
(මොවුන්ගෙන්) සෑම කෙනෙකුටම (පින් හෝ පව් හෝ) ඔවුන්ගේ ක්‍රියාවන්ට සරිලන පදවීන්හි ඇත්තේය. එබැවින් ඔවුන්ට තමන්ගේ ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක පූරණ වශයෙන්ම දෙනු ලබන්නාහ. (පින් අඩු කර හෝ පාපයන් වැඩි කර හෝ) ඔවුන්ට (පොඩියක් හෝ) අපරාධ කරනු නොලබන්නාහ.
وَيَوْمَ يُعْرَضُ ٱلَّذِينَ كَفَرُوا۟ عَلَى ٱلنَّارِ أَذْهَبْتُمْ طَيِّبَٰتِكُمْ فِى حَيَاتِكُمُ ٱلدُّنْيَا وَٱسْتَمْتَعْتُم بِهَا فَٱلْيَوْمَ تُجْزَوْنَ عَذَابَ ٱلْهُونِ بِمَا كُنتُمْ تَسْتَكْبِرُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَبِمَا كُنتُمْ تَفْسُقُونَ ٢۰
ප්‍රතික්ෂේප කරන්නන්ව නිරය ඉදිරියට ගෙන එනු ලබන දිනදී (ඔවුන්ට) “ඔබ ලොවෙහි ජීවත්ව සිටි කාලයෙහි (ඔබ ලබා තිබූ) ඔබගේ හොඳ දැය සියල්ල (දැහැමි කාරණාවන්හි උපයෝගී නොකර ඔබගේ සුව පහසුව සඳහාම උපයෝගී කර), අපතේ හැර එහි සුවය වින්ෙඳහුය. එබැවින් ඔබ භූමියෙහි සාධාරණයෙන් තොර ආඩම්බර බස් ෙදාඩමින්ද, පාපයන් කරමින්ද, සිටි හේතුවෙන් අවමන් ගෙන දෙන දඬුවම ම අද දින ඔබට ඵලවිපාක වශයෙන් දෙනු ලබන්නෙහුය” (යයි කියනු ලැබේ).
۞ وَٱذْكُرْ أَخَا عَادٍ إِذْ أَنذَرَ قَوْمَهُۥ بِٱلْأَحْقَافِ وَقَدْ خَلَتِ ٱلنُّذُرُ مِنۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِۦٓ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍۢ ٢١
(නබියේ!) ඔබ (හූද් නබි වන) ආද් (නමැත්තන්)ගේ සහෝදරයාව සිතා බලනු. -ඔහුට පෙර හා පසුව දූතයින් බොහොමයක් නියත වශයෙන්ම පැමිණ ඇත්තාහ.- තමන්ගේ ජනයාව (ඔහු) අහ්කාෆ් නමැති ස්ථානයෙහි (හමු වී ඔවුන්ට) බියගන්වා අනතුරු අඟවා “අල්ලාහ් හැර (වෙන කිසිවෙකුත්) ඔබ නොනමදිනු. (නැමදුවහොත්) නියත වශයෙන්ම ඉමහත් වූ දිනක දඬුවම ගැන (එය ඔබ කෙරෙහි පහළ වනු ඇතැයි) ඔබ වෙනුවෙන් මා බිය වන්නෙමි” (යයි කීවේය).
قَالُوٓا۟ أَجِئْتَنَا لِتَأْفِكَنَا عَنْ ءَالِهَتِنَا فَأْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ٢٢
එයට ඔවුන් “අපගේ දෙවියන්ව හැර දමා අපව හරවා දමන්නටද ඔබ අප වෙත පැමිණියේ? ඔබ ඇත්තෙන්ම සත්‍යවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, ඔබ අපව බිය ගන්වන දඬුවම අප වෙත ගෙන එනු” යයි පැවසූහ.
قَالَ إِنَّمَا ٱلْعِلْمُ عِندَ ٱللَّهِ وَأُبَلِّغُكُم مَّآ أُرْسِلْتُ بِهِۦ وَلَٰكِنِّىٓ أَرَىٰكُمْ قَوْمًۭا تَجْهَلُونَ ٢۳
එයට ඔහු (ඔවුන්ට “ඔබට දඬුවම කවදා යවනු ලබන්නේද යන) ඥානය අල්ලාහ්ගේ සන්නිධානයෙහිම ඇත්තේය. තවද කුමක් මගින් මා යවනු ලැබුවේද, එයම මා ගෙනහැර දක්වන්නෙමි. එහෙත් බුද්ධිය නැති ජනතාවක් වශයෙන්ම ඔබව මා දකින්නෙමි” යයි පැවසුවේය.
فَلَمَّا رَأَوْهُ عَارِضًۭا مُّسْتَقْبِلَ أَوْدِيَتِهِمْ قَالُوا۟ هَٰذَا عَارِضٌۭ مُّمْطِرُنَا ۚ بَلْ هُوَ مَا ٱسْتَعْجَلْتُم بِهِۦ ۖ رِيحٌۭ فِيهَا عَذَابٌ أَلِيمٌۭ ٢٤
පසුව (දඬුවමට සළකුණක් වශයෙන් පැමිණි) වලාකුළ ඔවුන් සිටි මිටියාවත් දෙසට පැමිණෙනු දුටු ඔවුන්, මෙය අපට වර්ෂාව ලැඛෙන්නට එන වලාකුළු යයි පැවසූහ. (එයට ඔවුන්ට) “නොඑසේය! මෙය ඔබ ඉක්මන් වූ දඬුවමයි. -(මෙය එක්තරා) සුළඟකි. මෙහි වේදනා ගෙන දෙන දඬුවම ඇත්තේය” (යයිද කියනු ලැබීය).
تُدَمِّرُ كُلَّ شَىْءٍۭ بِأَمْرِ رَبِّهَا فَأَصْبَحُوا۟ لَا يُرَىٰٓ إِلَّا مَسَٰكِنُهُمْ ۚ كَذَٰلِكَ نَجْزِى ٱلْقَوْمَ ٱلْمُجْرِمِينَ ٢٥
(එබැවින්) එය තම දෙවියන්ගේ නියෝගයට අනුව සියලූ වස්තූන් විනාශ කර දැමීය. සූර්යයා උදා වූ අවස්ථාවේදී (ඔවුන් වාසය කළ විනාශ වූ) ඔවුන්ගේ ගෙවල් මිස, වෙන කිසිවක් දක්නට ලැබුනේ නැත. මේ අන්දමටම වැරදි කරන ජනතාවට අපි ඵලවිපාක දෙන්නෙමු.
وَلَقَدْ مَكَّنَّٰهُمْ فِيمَآ إِن مَّكَّنَّٰكُمْ فِيهِ وَجَعَلْنَا لَهُمْ سَمْعًۭا وَأَبْصَٰرًۭا وَأَفْـِٔدَةًۭ فَمَآ أَغْنَىٰ عَنْهُمْ سَمْعُهُمْ وَلَآ أَبْصَٰرُهُمْ وَلَآ أَفْـِٔدَتُهُم مِّن شَىْءٍ إِذْ كَانُوا۟ يَجْحَدُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ٢٦
ඔබට මෙහි කර නොදුන් සැප පහසුකම් සියල්ල නියත වශයෙන්ම අපි (එහිදී) ඔවුන්ට සපයා දී තිබුනෙමු. තවද අපි ඔවුන්ට සවනද (දුන්නෙමු). ඇස්ද (දුන්නෙමු. සිතා බැලිය හැකි) හෘදයද දුන්නෙමු. එහෙත් ඔවුන් අල්ලාහ්ගේ ආයාවන් ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන් ඔවුන්ගේ කණ්ද, ඔවුන්ගේ ඇස්ද, ඔවුන්ගේ හෘදයන්ද, ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් අත් කර දුන්නේ නැත. (දඬුවම ගැන) ඔවුන් සමච්චල් කරමින් සිටීමම ඔවුන්ව වට කර ගත්තේය.
وَلَقَدْ أَهْلَكْنَا مَا حَوْلَكُم مِّنَ ٱلْقُرَىٰ وَصَرَّفْنَا ٱلْءَايَٰتِ لَعَلَّهُمْ يَرْجِعُونَ ٢۷
ඔබ වටා (වාසය කරමින්) සිටි ගම්වාසීන්වද නියත වශයෙන්ම අපි විනාශ කර දැමුවෙමු. ඔවුන් (පාපයන්ගෙන් ඈත් වී අප වෙත) ආපසු හැරී එනු පිණිස, බොහොමයක් ප්‍රාතිහාර්යයන් (එකක් පසු එකක් වශයෙන්) අපි පෙන්වමින් සිටියෙමු. (එහෙත් ඒවා ඔවුන් සැලකිල්ලකට ගත්තේම නැත. එබැවින් අපි ඔවුන්ව විනාශ කර දැමුවෙමු).
فَلَوْلَا نَصَرَهُمُ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ قُرْبَانًا ءَالِهَةًۢ ۖ بَلْ ضَلُّوا۟ عَنْهُمْ ۚ وَذَٰلِكَ إِفْكُهُمْ وَمَا كَانُوا۟ يَفْتَرُونَ ٢۸
(අල්ලාහ්ට තමන්ව) ළං කර තැබිය හැකි දෙවිවරුන් යයි අල්ලාහ් නොවන දැය මොවුන් ඇර ගත්තා නොවේද, ඒවා හෝ ඔවුන්ට උදව් කළ යුතු නොවේද? නමුත් ඒවා සියල්ල මොවුන්ගෙන් ඈත් වී (සැඟවී) මාර්ගය වැරද ගියහ. මේවාම ඔවුන් බොරුවට පැවසූ දැයද, ඔවුන් මනක්කල්පිත කළ දැයද වන්නේය (යයි පැහැදිලි වී ගියේය).
وَإِذْ صَرَفْنَآ إِلَيْكَ نَفَرًۭا مِّنَ ٱلْجِنِّ يَسْتَمِعُونَ ٱلْقُرْءَانَ فَلَمَّا حَضَرُوهُ قَالُوٓا۟ أَنصِتُوا۟ ۖ فَلَمَّا قُضِىَ وَلَّوْا۟ إِلَىٰ قَوْمِهِم مُّنذِرِينَ ٢۹
(නබියේ!) මෙම කුර්ආනයට සවන් දෙනු පිණිස, ජින්වරුන්ගෙන් සමහරෙකුව අපි ඔබ වෙත පැමිණෙන ලෙසට සැලැස්සුවෙමු. ඔවුන් එහි පැමිණි අවස්ථාවේදී (තම වාර්ගිකයින්ට) “ඔබ කට පියාගෙන (මෙයට සවන් දෙමින්) සිටිනු” යයි පැවසූහ. (මෙය සමුදීරණය කර) අවසන් වූ වහාම, තමන්ගේ වාර්ගිකයින් වෙත ගොස් ඔවුන්ට බියගන්වා අනතුරු ඇඟවීමට ඉදිරිපත් වූහ.
قَالُوا۟ يَٰقَوْمَنَآ إِنَّا سَمِعْنَا كِتَٰبًا أُنزِلَ مِنۢ بَعْدِ مُوسَىٰ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ يَهْدِىٓ إِلَى ٱلْحَقِّ وَإِلَىٰ طَرِيقٍۢ مُّسْتَقِيمٍۢ ۳۰
(ඔවුන්ට) “අපගේ වාර්ගිකයිනි! නියත වශයෙන්ම අපි එක් ධර්මයකට සවන් දුන්නෙමු. එය මූසාගෙන් පසු පහළ කරනු ලැබ ඇත්තේය. (එය) තමන්ට පෙර ඇති ධර්මයන්ද සත්‍යය කරන්නේය. (එය) සත්‍යයෙහිද ඍජු මාර්ගයෙහිද ඇතුළු කරන්නේය”.
يَٰقَوْمَنَآ أَجِيبُوا۟ دَاعِىَ ٱللَّهِ وَءَامِنُوا۟ بِهِۦ يَغْفِرْ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُجِرْكُم مِّنْ عَذَابٍ أَلِيمٍۢ ۳١
“අපගේ වාර්ගිකයිනි! අල්ලාහ්ගේ දෙසට ආරාධනා කරන්නන්ට පිළිතුරු දී ඔහුව විශ්වාස කරනු. ඔබගේ පාපයන්ට ඔබට (අල්ලාහ්) සමාව දෙනු ඇත. වේදන ගෙන දෙන දඬුවමෙන්ද ඔබව බේරා ගනු ඇත”.
وَمَن لَّا يُجِبْ دَاعِىَ ٱللَّهِ فَلَيْسَ بِمُعْجِزٍۢ فِى ٱلْأَرْضِ وَلَيْسَ لَهُۥ مِن دُونِهِۦٓ أَوْلِيَآءُ ۚ أُو۟لَٰٓئِكَ فِى ضَلَٰلٍۢ مُّبِينٍ ۳٢
“කවුරුන් අල්ලාහ් දෙසට ආරාධනා කරන්නාට පිළිතුරු නොදෙන්නේද, (ඔහුව නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් කරනු ඇත. දඬුවමෙන් බේරීමට) ඔහු භූමියෙහි (කොහේ දිව්වා වුවද, අල්ලාහ්ව) පරාජය කර හැරීමට නොහැක. (අල්ලාහ් වන) ඔහු හැර, ඔහුව ආරක්ෂා කරන්නන් කිසිවෙකුත් නැත. (ඔහුව ප්‍රතික්ෂේප කරන) මෙවැන්නන් ප්‍රකට දුර්මාර්ගයෙහිම සිටින්නාහ” යයි පැවසූහ.
أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَلَمْ يَعْىَ بِخَلْقِهِنَّ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحْۦِىَ ٱلْمَوْتَىٰ ۚ بَلَىٰٓ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ۳۳
අහස්ද, භූමියද කිසිම ආයාසයක් නැතිව උත්පාදනය කළ අල්ලාහ් මරණයට පත් වූවන්ව පණ දෙන්නට නියත වශයෙන්ම බලසම්පන්නයෙකු යන්න ඔවුන් අවධානය කළ යුතු නොවේද? එසේය! නියත වශයෙන්ම ඔහු සියල්ලටම බලසම්පන්යෙකි.
وَيَوْمَ يُعْرَضُ ٱلَّذِينَ كَفَرُوا۟ عَلَى ٱلنَّارِ أَلَيْسَ هَٰذَا بِٱلْحَقِّ ۖ قَالُوا۟ بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ ۳٤
ප්‍රතික්ෂේප කරන්නන්ව නිරය ඉදිරියට ගෙන එනු ලබන දිනදී (ඔවුන්ට) “මෙය සත්‍යය නොවේද?”යි (විමසනු ලැබේ). එයට ඔවුන් “අපගේ දෙවියන් මත සත්තකින්ම! එසේය! (සත්‍යයකි)” යයි පවසන්නාහ. (එයට ඔවුන්ට) “ඔබ (මෙය) ප්‍රතික්ෂේප කළ හේතුවෙන් (මෙහි) දඬුවම ඔබ විඳිමින් සිටිනු” යයි පවසනු ඇත.
فَٱصْبِرْ كَمَا صَبَرَ أُو۟لُوا۟ ٱلْعَزْمِ مِنَ ٱلرُّسُلِ وَلَا تَسْتَعْجِل لَّهُمْ ۚ كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَ مَا يُوعَدُونَ لَمْ يَلْبَثُوٓا۟ إِلَّا سَاعَةًۭ مِّن نَّهَارٍۭ ۚ بَلَٰغٌۭ ۚ فَهَلْ يُهْلَكُ إِلَّا ٱلْقَوْمُ ٱلْفَٰسِقُونَ ۳٥
(නබියේ! අපගේ) දූතයින්ගෙන් වූ ස්ථීරවත් වීරයින් (අමාරුකම්) විඳ දරාගෙන සිටි අන්දමටම ඔබත් (විඳ දරාගෙන) ඉවසිල්ලෙන් සිටිනු. ඔවුන් වෙනුවෙන් (වූ දඬුවම) ඔබ ඉක්මන් නොවනු. ඔවුන්ට පොරොන්දු වන ලද දැය ඔවුන් දකින දිනදී (මෙලොවෙහි) එක් පැයක් මිස, (අධික වශයෙන්) රැඳී සිටියේ නැතැයි (ඔවුන් අදහස් කරන්නාහ. මෙය ඔබ ඔවුන්ට) දැනුම් දිය යුතු පුවතයි. එබැවින් පාපයන් කළ ජනයා මිස, (වෙන කිසිවෙකුත්) විනාශ කරනු ලබයිද? (ඇත්තෙන්ම නැත).