< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ حمٓ ۝١

හා. මීම්.

وَٱلْكِتَٰبِ ٱلْمُبِينِ ۝٢

පැහැදිලි මෙම ධර්මය මත සත්තකින්ම!

إِنَّآ أَنزَلْنَٰهُ فِى لَيْلَةٍۢ مُّبَٰرَكَةٍ ۚ إِنَّا كُنَّا مُنذِرِينَ ۝۳

නියත වශයෙන්ම අපි මෙය, ඉතාමත් භාග්‍යයෙන් පිරි (ලයිලතුල් කද්ර් නමැති) එක් රාත්‍රියකදී (පළමු වරට) පහළ කර, නියත වශයෙන්ම අපි (මෙමගින්) බිය ගන්වා අනතුරු අඟවන්නෙමු.

فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ ۝٤

බුද්ධියෙන් පිරි සියලූ (හේතූන්ද), කාරණාවන්ද එහිම අපගේ නියෝගයන්ට අනුව (විද්‍යාත්මක අන්දමට) නිර්මාණය කරනු ලැබ ඇත්තේය.

أَمْرًۭا مِّنْ عِندِنَآ ۚ إِنَّا كُنَّا مُرْسِلِينَ ۝٥

(නබියේ!) නියත වශයෙන්ම අපි (ඔබව ඔවුන් වෙත අපගේ දූතයා වශයෙන්) යවන්නෙමු.

رَحْمَةًۭ مِّن رَّبِّكَ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ۝٦

(මෙය) ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයක් වන්නේය. නියත වශයෙන්ම ඔහුම (සියල්ලම) සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَآ ۖ إِن كُنتُم مُّوقِنِينَ ۝۷

ඔබ ඇත්තෙන්ම (සත්‍යය) විශ්වාස කරන්නන් වශයෙන් සිටියහොත් අහස් හා භූමියෙහිද, ඒවා මධ්‍යයෙහි ඇති දැයෙහිද අයිතිකරු ඔහුම (යන්න විශ්වාස කරනු).

لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحْىِۦ وَيُمِيتُ ۖ رَبُّكُمْ وَرَبُّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ ۝۸

ඔහු හැර වෙන හිමියෙකු නැත. ඔහුම පණ දෙන්නේය. මරණයටද පත් කරන්නේය. ඔහුම ඔබගේ පෝෂණය කරන්නා හා පෙර ඉකුත්ව ගිය අයගේ පෝෂණය කරන්නාද වන්නේය.

بَلْ هُمْ فِى شَكٍّۢ يَلْعَبُونَ ۝۹

එහෙත් ඔවුන් (මෙම කාරණාවෙහිද පුහු) සැකයෙහි සෙල්ලම් කරමින් සිටින්නාහ!

فَٱرْتَقِبْ يَوْمَ تَأْتِى ٱلسَّمَآءُ بِدُخَانٍۢ مُّبِينٍۢ ۝١۰

(නබියේ!) පැහැදිලි වූ දුමාරයක් අහසින් පැමිණෙන දින ඔබ බලාපොරොත්තු-වෙන් සිටිනු.

يَغْشَى ٱلنَّاسَ ۖ هَٰذَا عَذَابٌ أَلِيمٌۭ ۝١١

මිනිසුන්ව එය වට කර ගනු ඇත. එය වේදනා ගෙන දෙන දඬුවමක් වන්නේය.

رَّبَّنَا ٱكْشِفْ عَنَّا ٱلْعَذَابَ إِنَّا مُؤْمِنُونَ ۝١٢

(එදිනදී මිනිසුන් දෙවියන්ට) “අපගේ දෙවියනේ! අපගෙන් මෙම දඬුවම පහ කරනු. නියත වශයෙන්ම අපි (ඔබව) විශ්වාස කරන්නෙමු” (යයි ප්‍රාර්ථනා කරන්නාහ).

أَنَّىٰ لَهُمُ ٱلذِّكْرَىٰ وَقَدْ جَآءَهُمْ رَسُولٌۭ مُّبِينٌۭ ۝١۳

(ඒ අවස්ථාවේදී ඔවුන්ගේ හොඳ වැටහීම) කෙසේ නම් ඔවුන්ට ප්‍රයෝජනවත් වේවිද? නියත වශයෙන්ම (අපගේ) පැහැදිලි දූතයා (ඊට පෙර) ඔවුන් වෙත පැමිණම ඇත්තේය.

ثُمَّ تَوَلَّوْا۟ عَنْهُ وَقَالُوا۟ مُعَلَّمٌۭ مَّجْنُونٌ ۝١٤

එහෙත් ඔවුන් ඔහුව ප්‍රතික්ෂේප කර, (ඒ ගැන “මොහු) කවුරුන් විසින් හෝ උගන්වනු ලැබූ පිස්සෙකි” යයි පැවසූහ.

إِنَّا كَاشِفُوا۟ ٱلْعَذَابِ قَلِيلًا ۚ إِنَّكُمْ عَآئِدُونَ ۝١٥

ඇත්තෙන්ම (ඔබ වැටහීමක් ගනු ඇතැයි) එම දඬුවමෙන් (පසුද) ටික (කලකට) පහ කර හැරියෙමු. (එහෙත්) නියත වශයෙන්ම ඔබ (පාපයන් කිරීමටම) නැවත උත්සාහ කරන්නෙහුය.

يَوْمَ نَبْطِشُ ٱلْبَطْشَةَ ٱلْكُبْرَىٰٓ إِنَّا مُنتَقِمُونَ ۝١٦

ඉතාමත් තදින් අපි අල්ලා ගනු ලබන එදිනදී නියත වශයෙන්ම (ඔවුන් වෙත) අනිවාර්යයෙන්ම පළි ගන්නෙමු.

۞ وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَآءَهُمْ رَسُولٌۭ كَرِيمٌ ۝١۷

මොවුන්ට පෙරද ෆිර්අව්න්ගේ ජනයාව නියත වශයෙන්ම පිරික්සුවෙමු. ඔවුන් වෙත (අපගේ) ගෞරවණීය දූතයෙකු පැමිණියේය.

أَنْ أَدُّوٓا۟ إِلَىَّ عِبَادَ ٱللَّهِ ۖ إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ۝١۸

(පැමිණි ඔහු) “අල්ලාහ්ගේ වහලූන් (වන ඉස්රායීල පරම්පරාවේ දරුවන්)ව මා වෙත බාර දෙනු. නියත වශයෙන්ම මා (දෙවියන් වෙතින්) ඔබ වෙත පැමිණ ඇති විශ්වාසවන්ත දුතයෙකි.

وَأَن لَّا تَعْلُوا۟ عَلَى ٱللَّهِ ۖ إِنِّىٓ ءَاتِيكُم بِسُلْطَٰنٍۢ مُّبِينٍۢ ۝١۹

අල්ලාහ්ට ඔබ වෙනස්කම් නොකරනු. නියත වශයෙන්ම මා ඔබ වෙත පැහැදිලි සාධකයක් ගෙනැවිත් ඇත්තෙමි” (යයි පැවසුවේය. එයට ඔවුන් “අපි ඔබව ගල් වලින් ගසා මරා දමන්නෙමු” යයි පැවසූහ.

وَإِنِّى عُذْتُ بِرَبِّى وَرَبِّكُمْ أَن تَرْجُمُونِ ۝٢۰

එයට මූසා) “මාව ඔබ ගල්වලින් ගසා මරා නොදමන ලෙසට මගේ දෙවියන්ද, ඔබගේ දෙවියන්ද (වන අල්ලාහ් වෙතින්) නියත වශයෙන්ම මා ආරක්ෂාව පතන්නෙමි” (යයි කීවේය).

وَإِن لَّمْ تُؤْمِنُوا۟ لِى فَٱعْتَزِلُونِ ۝٢١

“ඔබ මාව විශ්වාස නොකළහොත් මාව අත්හැර දමා ඈත් වනු” (යයිද පවසා),

فَدَعَا رَبَّهُۥٓ أَنَّ هَٰٓؤُلَآءِ قَوْمٌۭ مُّجْرِمُونَ ۝٢٢

තම දෙවියන්ට “නියත වශයෙන්ම මොවුන් පාපයන් කරන ජනතාවක් වශයෙන්ම සිටින්නාහ” යයි පැවසූහ.

فَأَسْرِ بِعِبَادِى لَيْلًا إِنَّكُم مُّتَّبَعُونَ ۝٢۳

(එයට දෙවියන්) “ඔබ (ඉස්රායීල්වරුන් වන) මගේ වහලූන්ව රාත්‍රියේදීම කැඳවාගෙන පිටත්ව යනු. එහෙත් නියත වශයෙන්ම ඔවුන් ඔබ පසුපස ලූහුබැඳ එනු ඇත.

وَٱتْرُكِ ٱلْبَحْرَ رَهْوًا ۖ إِنَّهُمْ جُندٌۭ مُّغْرَقُونَ ۝٢٤

(ඔබට යාම සඳහා දෙබෑ කරන ලද) මුහුද ඒසේ තිබියදීම (ඔබ මුහුද තරනය කර) හරිනු. නියත වශයෙන්ම ඔවුන්ගේ හමුදා (සියල්ල මුහුදෙහි) ගිල්වා දමනු ලබන්නාහ” (යයි පවසා, ගිල්වා දැමුවේය).

كَمْ تَرَكُوا۟ مِن جَنَّٰتٍۢ وَعُيُونٍۢ ۝٢٥

(ඔවුන්) කොපමණදෝ උයන් වතුද, දිය දහරාද,

وَزُرُوعٍۢ وَمَقَامٍۢ كَرِيمٍۢ ۝٢٦

(කොපමණදෝ) ගොවිතැන්ද, උසස් ගෙවල්ද, අත්හැර දමා ගියහ.

وَنَعْمَةٍۢ كَانُوا۟ فِيهَا فَٰكِهِينَ ۝٢۷

ඔවුන් සුවය විඳිමින් තිබූ (කොපමණදෝ) සුඛෝපභෝගී වස්තූන්ද (අත්හැර දමා ගියහ).

كَذَٰلِكَ ۖ وَأَوْرَثْنَٰهَا قَوْمًا ءَاخَرِينَ ۝٢۸

මේ අන්දමටම (සිදු විය). ඒවා වෙනත් ජනතාවන් උරුමක්කාරයන් බවට පත් කළෙමු.

فَمَا بَكَتْ عَلَيْهِمُ ٱلسَّمَآءُ وَٱلْأَرْضُ وَمَا كَانُوا۟ مُنظَرِينَ ۝٢۹

(විනාශ වී ගිය) ඔවුන් ගැන අහස් හෝ භූමිය හෝ (කිසිවක් දුක් වී) හැඬුවේ නැත! (බේරීමටද) ඔවුන්ට අවකාශයක් ලබා දෙනු ලැබුවේ නැත.

وَلَقَدْ نَجَّيْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ مِنَ ٱلْعَذَابِ ٱلْمُهِينِ ۝۳۰

ෆිර්අව්න් දුන් අවමන් ගෙන දෙන දඬුවමෙන් ඉස්රායීල පරම්පරාවේ දරුවන්ව ඇත්තෙන්ම අපි බේරා ගත්තෙමු.

مِن فِرْعَوْنَ ۚ إِنَّهُۥ كَانَ عَالِيًۭا مِّنَ ٱلْمُسْرِفِينَ ۝۳١

නියත වශයෙන්ම ඔහු නම්, සීමාව ඉක්මවා (වේදනා ගෙන දෙන්නෙකු) වශයෙන් සිටියේය.

وَلَقَدِ ٱخْتَرْنَٰهُمْ عَلَىٰ عِلْمٍ عَلَى ٱلْعَٰلَمِينَ ۝۳٢

(මෙසේ ෆිර්අව්න්ව ගිල්වා දැමූ පසු, ඉස්රායීල පරම්පරාවේ දරුවන් වන) ඔවුන්ව දැනගෙනම, ලෝකවාසී සියල්ලන්ගෙන්ම තෝරා ගත්තෙමු.

وَءَاتَيْنَٰهُم مِّنَ ٱلْءَايَٰتِ مَا فِيهِ بَلَٰٓؤٌۭا۟ مُّبِينٌ ۝۳۳

තවද ඔවුන්ට (මන්නු, සල්වා වැනි විවිධ) සාධකයන්ද අපි ලබා දුන්නෙමු. ඒවායෙන් ඔවුන්ට ඉමහත් පිරික්සුමක් තිබුණි.

إِنَّ هَٰٓؤُلَآءِ لَيَقُولُونَ ۝۳٤

(එහෙත්) නියත වශයෙන්ම (මක්කාවාසී කාෆිර්වරුන් වන) මොවුන් මෙසේ පැවසූහ:

إِنْ هِىَ إِلَّا مَوْتَتُنَا ٱلْأُولَىٰ وَمَا نَحْنُ بِمُنشَرِينَ ۝۳٥

“(මෙලොවදී) අපි මරණයට පත් වන මෙම මරණය හැර, වෙන කිසිවක් නැත. (මරණයට පත් වූ පසු) අපට පණ දී නැගිට්ටවනු නොලබන්නෙමු” (යයි පවසන අතර),

فَأْتُوا۟ بِـَٔابَآئِنَآ إِن كُنتُمْ صَٰدِقِينَ ۝۳٦

(විශ්වාසවන්තයි-න්ට) “ඔබ ඇත්ත කියන්නන් වන්නෙහු නම්, (මිය ගිය) අපගේ මුතුන් මිත්තන්ව ගෙන එනු” (යයි පැවසූහ).

أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍۢ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ أَهْلَكْنَٰهُمْ ۖ إِنَّهُمْ كَانُوا۟ مُجْرِمِينَ ۝۳۷

(නබියේ!) මොවුන් උසස්වන්තයින්ද? නැතහොත් (දකුණු අරාබියාවේ ඇති යෙමන් රාජ වංශයේ වූ) තුබ්බඋ නමැති ජනතාවද, ඔවුන්ට පෙර විසූ අයද, උසස්වන්තයින් වන්නේ? ඔවුන්ව පවා අපි විනාශ කර දැමුවෙමු. මන්දයත් නියත වශයෙන්ම ඔවුන්ද පාපයන් කරන්නන් වශයෙන්ම සිටියහ.

وَمَا خَلَقْنَا ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا لَٰعِبِينَ ۝۳۸

අහස්ද, භූමියද, ඒ අතර ඇති දැයද, සෙල්ලමකට අපි උත්පාදනය කළේ නැත.

مَا خَلَقْنَٰهُمَآ إِلَّا بِٱلْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ۝۳۹

(නියත වශයෙන්ම) නියමිත හේතුවක් සඳහාම මිස, මේවා අපි උත්පාදනය කළේ නැත. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත.

إِنَّ يَوْمَ ٱلْفَصْلِ مِيقَٰتُهُمْ أَجْمَعِينَ ۝٤۰

නියත වශයෙන්ම (සාධාරණ) විනිශ්චය දිනයම ඔවුන් සියල්ලන්ටම (නියමිත) කාල අවකාශය වන්නේය.

يَوْمَ لَا يُغْنِى مَوْلًى عَن مَّوْلًۭى شَيْـًۭٔا وَلَا هُمْ يُنصَرُونَ ۝٤١

එදිනදී එක් මිතුරෙකු තවත් මිතුරෙකුට කිසිම (උදව්වක් කර) ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. තවද ඔවුන් උදව් කරනු ලබන්නේද නැත.

إِلَّا مَن رَّحِمَ ٱللَّهُ ۚ إِنَّهُۥ هُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ۝٤٢

(එහෙත්) කවුරුන් කෙරෙහි අල්ලාහ් දයාව පහළ කළේද, ඔවුන් හැර. (ඔවුන්ට සියලූ උදව් උපකාරද ලැඛෙනු ඇත). නියත වශයෙන්ම ඔහු (සියල්ලන්ටම වඩා) ශ්‍රේෂ්ඨයෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය.

إِنَّ شَجَرَتَ ٱلزَّقُّومِ ۝٤۳

නියත වශයෙන්ම (නිරයෙහි ඇති) සක්කුම් නමැති ගසම;

طَعَامُ ٱلْأَثِيمِ ۝٤٤

පාපතරයින්ගේ ආහාරය වන්නේය.

كَٱلْمُهْلِ يَغْلِى فِى ٱلْبُطُونِ ۝٤٥

(එය) උතුරා දිය වන තඹ මෙන් (ඔවුන්ගේ) කුසෙහි උතුරනු ඇත.

كَغَلْىِ ٱلْحَمِيمِ ۝٤٦

උණු දිය උතුරන්නාක් මෙන් (එය පෙන මෙන් උතුරා යනු ඇත).

خُذُوهُ فَٱعْتِلُوهُ إِلَىٰ سَوَآءِ ٱلْجَحِيمِ ۝٤۷

“ඔවුන්ව අල්ලා ඇදගෙන නිරය මැදට ගෙන යනු!

ثُمَّ صُبُّوا۟ فَوْقَ رَأْسِهِۦ مِنْ عَذَابِ ٱلْحَمِيمِ ۝٤۸

ඔවුන්ගේ හිසට උඩින් උතුරා (නටන) වතුර වත් කර දඬුවම් කරනු!” (යයි කියනු ලබන අතර, ඔවුන්ට සමච්චලයෙන්)

ذُقْ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْكَرِيمُ ۝٤۹

“නියත වශයෙන්ම ඔබ ඉතාමත් ගෞරවණීය හා වැදගත් අයයි.

إِنَّ هَٰذَا مَا كُنتُم بِهِۦ تَمْتَرُونَ ۝٥۰

එබැවින් ඔබ (මෙම දඬුවම පොඩියක්) විඳ බලනු. නියත වශයෙන්ම මෙයම ඔබ සැක කරමින් සිටි දැයයි” (යයිද කියනු ලැබේ).

إِنَّ ٱلْمُتَّقِينَ فِى مَقَامٍ أَمِينٍۢ ۝٥١

භය භක්තිකයින් නම්, නියත වශයෙන්ම බියෙන් තොර ස්ථානයක, එයත් ස්වර්ගයන්හි,

فِى جَنَّٰتٍۢ وَعُيُونٍۢ ۝٥٢

(උද්‍යානයන්හි), උල්පත් අතරේද,

يَلْبَسُونَ مِن سُندُسٍۢ وَإِسْتَبْرَقٍۢ مُّتَقَٰبِلِينَ ۝٥۳

ඉතාමත් සිහින් හා ශක්තිමත් වූ (ඔවුන් කැමැත්තක් දක්වන) පට ඇඳුම් හැඳ, කෙනෙකුට කෙනෙකු මුහුණට මුහුණ ලා (වාඩි වී ඉතාමත් සතුටින් කතා බස් කරමින්) සිටිනු ඇත.

كَذَٰلِكَ وَزَوَّجْنَٰهُم بِحُورٍ عِينٍۢ ۝٥٤

මෙසේම (සැකයෙන් තොරව සිදු වනු ඇත). තවද හූරුල්ඊන් (නමැති අලංකාරවත් කන්‍යාවන්)ද අපි ඔවුන්ට විවාහ කර තබන්නෙමු.

يَدْعُونَ فِيهَا بِكُلِّ فَٰكِهَةٍ ءَامِنِينَ ۝٥٥

බිය නොමැත්තන් වශයෙන් (ඔවුන් කැමති) පලතුරු වර්ගද, එහිදී ඉල්ලා (ගෙන අනුභව) කරමින්ද සිටින්නාහ.

لَا يَذُوقُونَ فِيهَا ٱلْمَوْتَ إِلَّا ٱلْمَوْتَةَ ٱلْأُولَىٰ ۖ وَوَقَىٰهُمْ عَذَابَ ٱلْجَحِيمِ ۝٥٦

පළමු මරණය මිස, එහි ඔවුන් වෙන කිසිම මරණයක් විඳින්නේ නැත. (එනම් නොමැරී සදාකල් ජීවත්ව සිටින්නාහ). එබැවින් ඔවුන්ව නිරා දඬුවමෙන් (දෙවියන්) බේරා ගත්තේය.

فَضْلًۭا مِّن رَّبِّكَ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ۝٥۷

(නබියේ! මෙය) ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයකි. මෙය අති විශාල භාග්‍යයකි.

فَإِنَّمَا يَسَّرْنَٰهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ ۝٥۸

(නබියේ!) ඔවුන් (දැනගෙන) හොඳ වැටහීමක් ලබා ගැනීම පිණිසම මෙය (මෙම ධර්මය), අපි ඔබගේ භාෂාවෙන් පහසු කර ඇත්තෙමු.

فَٱرْتَقِبْ إِنَّهُم مُّرْتَقِبُونَ ۝٥۹

(මෙමගින් ඔවුන් හොඳ වැටහීමක් ලබා නොගතහොත් ඔවුන්ට පැමිණිය හැකි විපත) ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම ඔවුන්ද බලාපොරොත්තුවෙන්ම සිටිනු ඇත.