< السورة السابقة | فهرس السور | السورة التالية >
surah043
Az-Zukhruf (43)
Ornaments of gold, makkah, 89 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ حمٓ ١
හා. මීම්.
وَٱلْكِتَٰبِ ٱلْمُبِينِ ٢
පැහැදිලි මෙම ධර්මය මත සත්තකින්ම!
إِنَّا جَعَلْنَٰهُ قُرْءَٰنًا عَرَبِيًّۭا لَّعَلَّكُمْ تَعْقِلُونَ ۳
(මක්කාවාසීනී!) ඔබ (පහසුවෙන්) දැන ගැනීම පිණිසම මෙම කුර්ආනය (ඔබ කතා කරන ඔබගේ) අරාබි භාෂාවෙන් සැලැස්සුවෙමු.
وَإِنَّهُۥ فِىٓ أُمِّ ٱلْكِتَٰبِ لَدَيْنَا لَعَلِىٌّ حَكِيمٌ ٤
නියත වශයෙන්ම මෙය අප වෙත ඇති (ලව්හුල්මහ්ෆූල් නමැති) මව් ග්රන්ථයෙහි (සටහන් කරනු ලැබ) ඇත්තේය. (මෙය ධර්මයන්ගෙන්) ඉතාමත් උසස් හා ඥානයෙන් පිරි එකක් වන්නේය.
أَفَنَضْرِبُ عَنكُمُ ٱلذِّكْرَ صَفْحًا أَن كُنتُمْ قَوْمًۭا مُّسْرِفِينَ ٥
ඔබ සීමාව ඉක්මවා ගිය ජනතාවක් බවට පත් වූවෙහුය යන්න සඳහා (ඔබට හොඳ ඔවදන් දෙන ධර්මයෙහි) මතක් කිරීම ඔබගෙන් ඈත්ව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර හරින්නෙමුද?
وَكَمْ أَرْسَلْنَا مِن نَّبِىٍّۢ فِى ٱلْأَوَّلِينَ ٦
(ඔබ වැනි සීමාව ඉක්මවා ගිය ඔබගේ) පෙර විසූ අයගෙන්ද, අපි කොපමණදෝ නබිවරුන්ව යවා ඇත්තෙමු.
وَمَا يَأْتِيهِم مِّن نَّبِىٍّ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ۷
එහෙත් ඔවුන් වෙත කුමන නබිවරයෙකු පැමිණියා වුවද, ඔවුන් ඔහුව සමච්චල් නොකර සිටියේ නැත.
فَأَهْلَكْنَآ أَشَدَّ مِنْهُم بَطْشًۭا وَمَضَىٰ مَثَلُ ٱلْأَوَّلِينَ ۸
මොවුන්ට වඩා ඉතාමත් ශක්තිසම්පන්-නයන් වන ඔවුන් සියල්ලන්ම (ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන්) අපි විනාශ කර දැමුවෙමු. (මීට) පෙර ඉකුත්ව ගිය අයගෙන් (මෙවැනි) උදාහරණයන් (කළින්) ඉකුත්ව ගියේය.
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلْعَزِيزُ ٱلْعَلِيمُ ۹
“අහස්ද, භූමියද උත්පාදනය කළේ කවරෙක්ද?”යි ඔබ ඔවුන්ගෙන් විමසන විට, (සියල්ලටම) ශ්‍රේෂ්ටයෙකු හා ඥානවන්තයෙකු (වන අල්ලාහ්)ම ඒවා උත්පාදනය කළේය යයි නියත වශයෙන්ම ඔවුන් (පිළිතුරු) දෙනු ඇත. (මෙය දැන සිටියදී ඔහුට වෙනස්කම් කරන්නාහ).
ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ مَهْدًۭا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًۭا لَّعَلَّكُمْ تَهْتَدُونَ ١۰
ඔහුම භූමිය ඔබට යහනාවක් බවට පත් කර, එහි ඔබ (කැමති තැනකට) යනු පිණිස මාර්ගයන්ද නිර්මාණය කළේය.
وَٱلَّذِى نَزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۢ بِقَدَرٍۢ فَأَنشَرْنَا بِهِۦ بَلْدَةًۭ مَّيْتًۭا ۚ كَذَٰلِكَ تُخْرَجُونَ ١١
ඔහුම වලාකුළෙන් වර්ෂාව සීමා සහිත ප්‍රමාණයෙන් පහළ කරන්නේය. (මෙසේ කරන අල්ලාහ් වන) අපිම පසුව එමගින් මැරී වියළී ගිය භූමියට පණ දෙන්නෙමු. මෙසේම ඔබත් (මරණයට පත් වූ පසු සොහොන්වලින් පණ දී) ඉකුත් කරනු ලබන්නෙහුය.
وَٱلَّذِى خَلَقَ ٱلْأَزْوَٰجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ ٱلْفُلْكِ وَٱلْأَنْعَٰمِ مَا تَرْكَبُونَ ١٢
ඔහුම සියලූ දැය (පිරිමි ගැහැනු මිශ්‍රව) ජෝඩු ජෝඩු වශයෙන් උත්පාදනය කළේය. තවද නැව්ද ඔබ නැග යා හැකි සතුන්ද ඔබ වෙනුවෙන් නිර්මාණය කළේය.
لِتَسْتَوُۥا۟ عَلَىٰ ظُهُورِهِۦ ثُمَّ تَذْكُرُوا۟ نِعْمَةَ رَبِّكُمْ إِذَا ٱسْتَوَيْتُمْ عَلَيْهِ وَتَقُولُوا۟ سُبْحَٰنَ ٱلَّذِى سَخَّرَ لَنَا هَٰذَا وَمَا كُنَّا لَهُۥ مُقْرِنِينَ ١۳
ඒවායේ පිට කොන්ද මත ඔබ (නැග) වාඩි වීම සඳහා, ඒ මත ඔබ (තෘප්තිමත්ව වන අන්දමට) වාඩි වුවහොත් ඔබගේ දෙවියන් පහළ කළ මෙම වරප්‍රසාදය මතක් කර, (මේ වෙනුවෙන් ඔබ ඔහුව නැමද) “මේ මත (නැගීමට) ශක්තියක් නොමැත්තන් වශයෙන් සිටි අපට මෙය වසඟ කර දුන් අය ඉතාමත් පරිශුද්ධවන්තයෙකි” යයිද-
وَإِنَّآ إِلَىٰ رَبِّنَا لَمُنقَلِبُونَ ١٤
“නියත වශයෙන්ම අපි අපගේ දෙවියන් වෙතම ආපසු යන්නෙමු” යයිද පවසනු මැනව!
وَجَعَلُوا۟ لَهُۥ مِنْ عِبَادِهِۦ جُزْءًا ۚ إِنَّ ٱلْإِنسَٰنَ لَكَفُورٌۭ مُّبِينٌ ١٥
(සමානයන් තබා නමදින) ඔවුන් ඔහුගේ වහලූන්ගෙන් (වූ මලායිකාවරුන්-ගෙන්) එක් පාර්ශවයක් ඔහුට (ගැහැනු දරුවන්) බවට පත් කරන්නාහ. නියත වශයෙන්ම (මෙසේ පවසන) මිනිසා ප්‍රසිද්ධියේම ඉමහත් ගුණමකු අය වන්නේය.
أَمِ ٱتَّخَذَ مِمَّا يَخْلُقُ بَنَاتٍۢ وَأَصْفَىٰكُم بِٱلْبَنِينَ ١٦
(දෙවියන්) තමන් උත්පාදනය කළ (මලායිකාවරුන් වන) මොවුන්ව (තමන්ට) ගැහැනු දරුවන් වශයෙන් ඇර ගෙන (තමන්ට වඩා ඔබව ගෞරව කිරීම සඳහා) ඔබට පිරිමි දරුවන්ව ලබා දුන්නේද?
وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحْمَٰنِ مَثَلًۭا ظَلَّ وَجْهُهُۥ مُسْوَدًّۭا وَهُوَ كَظِيمٌ ١۷
රහ්මාන්ට ඔවුන් උපමා කරන දැය (ගැහැනු දරුවා) මගින් ඔවුන්ගෙන් කෙනෙකුට (ඉපදුණ බවට) සුභාරංචි කියනු ලැබුවහොත් (ගැහැනු දරුවන්ව අවමානයෙන් යුතුව අදහස් කරන) ඔහුට ඇති වන කෝපයෙන් ඔහුගේ මුහුණ කළු වී යන්නේය.
أَوَمَن يُنَشَّؤُا۟ فِى ٱلْحِلْيَةِ وَهُوَ فِى ٱلْخِصَامِ غَيْرُ مُبِينٍۢ ١۸
කිමෙක්ද! තම කාරණාව පැහැදිලිව ගෙනහැර දැක්වීමට ශක්තියක් නැතිව ආභරණයෙන්ද, (හැඩ ගැන්වීමෙන්ද) වැඩී එන, (කාන්තාවන් වන) ඔවුන්වද (ඔහුට දරුවන් යයි පවසන්නේ)?
وَجَعَلُوا۟ ٱلْمَلَٰٓئِكَةَ ٱلَّذِينَ هُمْ عِبَٰدُ ٱلرَّحْمَٰنِ إِنَٰثًا ۚ أَشَهِدُوا۟ خَلْقَهُمْ ۚ سَتُكْتَبُ شَهَٰدَتُهُمْ وَيُسْـَٔلُونَ ١۹
තවද රහ්මාන්ගේ වහලූන් වන මලායිකාවරුන්ව කාන්තාවන් යයි පවසනවා නොවෙද! (අපි) ඔවුන්ව උත්පාදනය කරන අවස්ථාවේදී මොවුන් (අප සමග සිටිමින්) බලාගෙන සිටියෙහුද? මොවුන් (බොරුවට මනක්කල්පිත කර) පවසන මේ සියල්ල (අපගේ සටහන් පොතෙහි) ලියනු ලැබ (ඒ ගැන) ප්‍රශ්න කරනු ලබන්නාහ.
وَقَالُوا۟ لَوْ شَآءَ ٱلرَّحْمَٰنُ مَا عَبَدْنَٰهُم ۗ مَّا لَهُم بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَخْرُصُونَ ٢۰
තවද “රහ්මාන් අදහස් කර තිබුනේ නම්, (ඔහු හැර) අපි ඔවුන්ව නැමද නොසිටින්නෙමු” යයිද ඔවුන් පවසන්නාහ. ඔවුන්ට මේ ගැන කිසිම දැනුමක් නැත. ඔවුන් පුහු මනක්කල්පිත කරන්නන් මිස, වෙන කිසිවක් නොව.
أَمْ ءَاتَيْنَٰهُمْ كِتَٰبًۭا مِّن قَبْلِهِۦ فَهُم بِهِۦ مُسْتَمْسِكُونَ ٢١
නැතහොත් (ඔවුන් පවසන අන්දමට ඇති) කිසියම් ධර්මයක් මීට පෙර අපි ඔවුන්ට ලබා දී තිබී, එය ඔවුන් මෙයට සාධකයක් වශයෙන් තබාගෙන ඇත්තෙහුද?
بَلْ قَالُوٓا۟ إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍۢ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّهْتَدُونَ ٢٢
නැත. මොවුන් (තමන්ට සාධකයක් වශයෙන්) පවසන දැය නම්, “අපි අපගේ මුතුන් මිත්තන්ව එක් මාර්ගයක දුටුවෙමු. ඔවුන්ගේ පා සටහන් අනුගමනය කරමින්ම අපි ගමන් කරන්නෙමු” යනුවෙනි.
وَكَذَٰلِكَ مَآ أَرْسَلْنَا مِن قَبْلِكَ فِى قَرْيَةٍۢ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَآ إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍۢ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّقْتَدُونَ ٢۳
මෙසේම ඔබට පෙරද අපි (අපගේ) දූතයාව කුමන රටවැසියන් වෙත යැව්වෙමුද, ඔවුන්ගෙන් සැප පහසුවෙන් ජීවත් වූ අය “නියත වශයෙන්ම අපි අපගේ මුතුන් මිත්තන්ව එක් මාර්ගයක දුටුවෙමු. නියත වශයෙන්ම ඔවුන්ගේ පා සටහන් ඔස්සේම අනුගමනය කරමින්ම යන්නෙමු” යයි නොකියා සිටියේ නැත.
۞ قَٰلَ أَوَلَوْ جِئْتُكُم بِأَهْدَىٰ مِمَّا وَجَدتُّمْ عَلَيْهِ ءَابَآءَكُمْ ۖ قَالُوٓا۟ إِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَٰفِرُونَ ٢٤
(එයට එම දූතයින් ඔවුන්ට) “ඔබගේ මුතුන් මිත්තන් කුමක් මත සිටිනු ඔබ දුටුවෙහුද, ඊටත් වඩා ඍජු මාර්ගය මා ඔබ වෙත ගෙනැවිත් සිටියදීද, (ඔබගේ මුතුන් මිත්තන්ව ඔබ අනුගමනය කරන්නේ)?” යයි විමසූහ. එයට ඔවුන් “(එසේය! ඔවුන්වම අපි අනුගමනය කරන අතර) ඔබ ගෙන ආ දැයද නියත වශයෙන්ම අපි ප්‍රතික්ෂේප කරන්නෙමු” යයිද පැවසූහ.
فَٱنتَقَمْنَا مِنْهُمْ ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُكَذِّبِينَ ٢٥
එබැවින් අපි ඔවුන්ගෙන් පළි ගත්තෙමු. (නබියේ! අපගේ දූතයින්ව) බොරු කරමින් සිටි අයගේ අවසානය කෙසේ වූවේද යන්න ඔබ අවධානය කර බලනු.
وَإِذْ قَالَ إِبْرَٰهِيمُ لِأَبِيهِ وَقَوْمِهِۦٓ إِنَّنِى بَرَآءٌۭ مِّمَّا تَعْبُدُونَ ٢٦
(නබියේ!) ඉබ්රාහීම් තමන්ගේ පියාටද, ජනයාටද, පැවසූ දැය ගැන සිතා බලනු. “නියත වශයෙන්ම මා ඔබ නමදින දැයෙන් ඈත්වූවෙමි”.
إِلَّا ٱلَّذِى فَطَرَنِى فَإِنَّهُۥ سَيَهْدِينِ ٢۷
“කවුරුන් මාව උත්පාදනය කළේද, ඔහු හැරය. (ඔහුවම මා නමදින්නෙමි). නියත වශයෙන්ම ඔහුම මා හට ඍජු මාර්ගය දැනුම් දෙනු ඇත” (යයිද පැවසුවේය).
وَجَعَلَهَا كَلِمَةًۢ بَاقِيَةًۭ فِى عَقِبِهِۦ لَعَلَّهُمْ يَرْجِعُونَ ٢۸
එබැවින් (ඔහුගේ පරම්පරාවේ දරුවන් වන මෙම අරාබිවරුන්ද අප වෙතම) ආපසු එනු පිණිස, ඔහු තමන්ගේ පරම්පරාවේ දරුවන්ගෙන් මෙය, (මෙම ප්‍රතිපත්තිය) ස්ථීර වූ පොරොන්දුවක් බවට පත් කළේය.
بَلْ مَتَّعْتُ هَٰٓؤُلَآءِ وَءَابَآءَهُمْ حَتَّىٰ جَآءَهُمُ ٱلْحَقُّ وَرَسُولٌۭ مُّبِينٌۭ ٢۹
නමුත් (ඔහුගේ පරම්පරාවේ දරුවන් වන මෙම අරාබිවරුන් නම්, තමන්ගේ පියා වන ඉබ්රාහිම්ගේ හොඳ ඔවදන් අමතක කර, පිළිරූ ආරාධනාවෙහි යෙදුනාහ. එසේ තිබියදී) මොවුන් වෙත (මෙම ධර්මය වන) සත්‍යයද, පැහැදිලි (මගේ මෙම) දූතයාද පැමිණෙන තුරු මොවුන්වද, මොවුන්ගේ මුතුන් මිත්තන්වද, (දඬුවම් නොකර මෙලොවදී) සුවය විඳින ලෙසටම මා අත්හැර දැමුවෙමි.
وَلَمَّا جَآءَهُمُ ٱلْحَقُّ قَالُوا۟ هَٰذَا سِحْرٌۭ وَإِنَّا بِهِۦ كَٰفِرُونَ ۳۰
මොවුන් වෙත මෙම සත්‍ය (ධර්මය) පැමිණි විට, මොවුන් “මෙය සුනියමකි. නියත වශයෙන්ම අපි මෙය ප්‍රතික්ෂේප කරන්නෙමු” යයි පවසන්නාහ.
وَقَالُوا۟ لَوْلَا نُزِّلَ هَٰذَا ٱلْقُرْءَانُ عَلَىٰ رَجُلٍۢ مِّنَ ٱلْقَرْيَتَيْنِ عَظِيمٍ ۳١
තවද “(තායිෆ්, මක්කා ආදී) මෙම නගරයන් දෙකෙහි ඇති යම්කිසි ලොකු මිනිහෙකු වෙත මෙම කුර්ආනය පහළ කර තිබිය යුතු නොවේද? (එසේ වූවේ නම්, අපි එය විශ්වාස කර ඇත්තෙමු)” යයිද පවසන්නාහ.
أَهُمْ يَقْسِمُونَ رَحْمَتَ رَبِّكَ ۚ نَحْنُ قَسَمْنَا بَيْنَهُم مَّعِيشَتَهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍۢ دَرَجَٰتٍۢ لِّيَتَّخِذَ بَعْضُهُم بَعْضًۭا سُخْرِيًّۭا ۗ وَرَحْمَتُ رَبِّكَ خَيْرٌۭ مِّمَّا يَجْمَعُونَ ۳٢
(නබියේ!) ඔබගේ දෙවියන්ගේ වරප්රසාදයන් ඛෙදා දෙන අය ඔවුන් වන්නෙහුද? මෙලොව ජීවිතයෙහි ඔවුන්ගේ ජීවනෝපායට අවශ්‍යතාවයන් ඔවුන් අතරේ අපිම ඛෙදා දී, ඔවුන්ගේ සමහරකගේ පදවීන් සමහරෙකුට වඩා අපිම උසස් කළෙමු. ඔවුන්ගෙන් සමහරෙක්, සමහරෙකුව (සේවකයින් වශයෙන්) එක්කාසු කර ගැනීම සඳහා (නබිත්වය යයිද), ඔබගේ දෙවියන්ගේ වරප්රසාදයන් නම්, ඔවුන් එක්කාසු කර ඇති වස්තූන්ට වඩා ඉතා උසස්ය. (එය ඔහු කැමති තම වහලූන්ටම ලබා දෙන්නේය).
وَلَوْلَآ أَن يَكُونَ ٱلنَّاسُ أُمَّةًۭ وَٰحِدَةًۭ لَّجَعَلْنَا لِمَن يَكْفُرُ بِٱلرَّحْمَٰنِ لِبُيُوتِهِمْ سُقُفًۭا مِّن فِضَّةٍۢ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ ۳۳
(මෙම ප්‍රතික්ෂේප කරන්නන්ගේ වස්තු සම්පත් දැක, ආශාවෙන් තොර) මිනිසුන් (සියල්ලන්ම ඔවුන් මෙන් ප්‍රතික්ෂේප කරන) එකම කොට්ඨාශයක් බවට පත් වන්නෙහු යන්න නොවන්නේ නම්, (අල්ලාහ් වන) රහ්මාන්ව ප්‍රතික්ෂේප කරන්නන්ගේ ගෙවල්වල මුදුන් වහලයද ඒ මත ඔවුන් නැග ගන්නා පඩි පෙළවල් පවා අපි රිදියෙන් නිර්මාණය කර හරින්නෙමු.
وَلِبُيُوتِهِمْ أَبْوَٰبًۭا وَسُرُرًا عَلَيْهَا يَتَّكِـُٔونَ ۳٤
ඔවුන්ගේ නිවෙස්වල ෙදාරටුද, ඔවුන් හාන්සි වී සිටින යහනාවන් පවා (රිදියෙන්) නිර්මාණය කර ඇත්තෙමු.
وَزُخْرُفًۭا ۚ وَإِن كُلُّ ذَٰلِكَ لَمَّا مَتَٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَٱلْءَاخِرَةُ عِندَ رَبِّكَ لِلْمُتَّقِينَ ۳٥
(රිදියෙන් කිමෙක්ද! මේවා) රත්තරනින්ම අලංකාර කර දමන්නෙමු. මන්දයත් මේවා සියල්ල මෙලොව ජීවිතයෙහි ඇති (විනාශ වී ගිය හැකි අල්ප) සුවයන් (සැප සම්පත්) මිස, වෙන කිසිවක් නැත. ඔබගේ දෙවියන් වෙත ඇති පරලොව (ජීවිතය) නම්, (ඉතාමත් උසස් හා ස්ථීරවත් එකක් වන්නේය. එය දෙවියන්ට) බිය වී කටයුතු කරන්නන්ටම අයත් වන්නේය.
وَمَن يَعْشُ عَن ذِكْرِ ٱلرَّحْمَٰنِ نُقَيِّضْ لَهُۥ شَيْطَٰنًۭا فَهُوَ لَهُۥ قَرِينٌۭ ۳٦
කවුරුන් රහ්මාන්ගේ හොඳ ඔවදනින් ඈත්ව ඇස් පියාගෙන සිටින්නේද, ඔහුට අපි එක් ෂෙයිතාන්වරයෙකුව (මිතුරෙකු වශයෙන්) නියම කර හරින්නෙමු. ඔහු, ඔහුට කිසිදාක ඈත් නොවන මිතුරෙකු බවට පත් වන්නේය.
وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ ٱلسَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ ۳۷
නියත වශයෙන්ම (ෂෙයිතාන් වන) ඒවාම ඔවුන්ව ඍජු මාර්ගයෙන් වළක්වා හරින්නාහ. එහෙත් ඔවුන් නම්, තමන් ඍජු මාර්ගයෙහි සිටින්නෝය යයිම අදහස් කර ගන්නාහ.
حَتَّىٰٓ إِذَا جَآءَنَا قَالَ يَٰلَيْتَ بَيْنِى وَبَيْنَكَ بُعْدَ ٱلْمَشْرِقَيْنِ فَبِئْسَ ٱلْقَرِينُ ۳۸
(අප වෙත පැමිණෙන තුරුම එසේ අදහස් කරමින් සිටිනු ඇත). ඔවුන් අප වෙත පැමිණියහොත් නම්, (ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට) “මටත් ඔබටත් අතරේ නැගෙනහිරටත් බටහිරටත් ඇති දුර ප්‍රමාණය තිබුනා නම් අගනේය නොවෙද?” යයිද “(අපව මාර්ගය වැරද යැවූ අපගේ) මෙම මිතුරා ඉතාමත් නපුරු කෙනෙකි” යයිද පවසනු ඇත.
وَلَن يَنفَعَكُمُ ٱلْيَوْمَ إِذ ظَّلَمْتُمْ أَنَّكُمْ فِى ٱلْعَذَابِ مُشْتَرِكُونَ ۳۹
(එයට ඔවුන්ට) “ඔබ (සීමාව ඉක්මවා) අපරාධ කළ හේතුවෙන් අද දින ඔබට (කිසිවක්) ප්‍රයෝජනවත් වන්නේ නැත. නියත වශයෙන්ම ඔබ දඬුවම විඳීමෙහි (එම ෂෙයිතාන්වරුන්ට) හවුල්කරුවන්ය” (යයිද කියනු ලැබේ).
أَفَأَنتَ تُسْمِعُ ٱلصُّمَّ أَوْ تَهْدِى ٱلْعُمْىَ وَمَن كَانَ فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ ٤۰
(නබියේ!) ඔබ බිහිරෙකුට සවන් දෙන ලෙසට සලස්වන්නෙහිද? නැතහොත් අන්ධයාවද, (මනස විකෘතිව) ප්‍රසිද්ධියේම දුර්මාර්ගයෙහි සිටින්නාවද ඍජු මාර්ගයෙහි ඔබ ඇතුළු කරන්නෙහිද?
فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُم مُّنتَقِمُونَ ٤١
(නබියේ! ඔවුන් අතරින්) ඔබව අපි ඇර ගත්තා වුවද, නියත වශයෙන්ම අපි ඔවුන් වෙත අනිවාර්යයෙන්ම පළි ගන්නෙමු.
أَوْ نُرِيَنَّكَ ٱلَّذِى وَعَدْنَٰهُمْ فَإِنَّا عَلَيْهِم مُّقْتَدِرُونَ ٤٢
නැතහොත් අපි ඔවුන්ට පොරොන්දු වූ දැය (දඬුවම) ඔබ, (ඔබගේ දැසින්) දකින ලෙසට පත් කරන්නෙමු. නියත වශයෙන්ම අපි ඔවුන් කෙරෙහි බලය ඇත්තෙකු වශයෙන්ම සිටින්නෙමු.
فَٱسْتَمْسِكْ بِٱلَّذِىٓ أُوحِىَ إِلَيْكَ ۖ إِنَّكَ عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ٤۳
(නබියේ!) වහී මගින් ඔබට දැනුම් දෙන ලද දැය ශක්තිමත් ලෙස අල්ලා ගනු (මැනව!) නියත වශයෙන්ම ඔබ ඍජු මාර්ගයෙහිම සිටින්නෙහිය.
وَإِنَّهُۥ لَذِكْرٌۭ لَّكَ وَلِقَوْمِكَ ۖ وَسَوْفَ تُسْـَٔلُونَ ٤٤
නියත වශයෙන්ම මෙය ඔබටත් ඔබගේ ජනයාටත් එක් හොඳ ඔවදනක් වන්නේය. (මෙහි ඇති අන්දමට ඔබ කටයුතු කළෙහුද යන්න ගැන) පසුව ඔබගෙන් ප්‍රශ්න කරනු ලබන්නෙහුය.
وَسْـَٔلْ مَنْ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رُّسُلِنَآ أَجَعَلْنَا مِن دُونِ ٱلرَّحْمَٰنِ ءَالِهَةًۭ يُعْبَدُونَ ٤٥
(නබියේ!) ඔබට පෙර අපි යැවූ අපගේ දූතයින් ගැන ඔබ විමසනු. නැමදුම් කරනු ලැබීමට රහ්මාන් හැර වෙන දෙවියෙකු අපි නිර්මාණය කළෙමුද?
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَٰتِنَآ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَقَالَ إِنِّى رَسُولُ رَبِّ ٱلْعَٰلَمِينَ ٤٦
නියත වශයෙන්ම මූසාව, අපි අපගේ (විවිධ) ප්රාතිහාර්යයන් සමග ෆිර්අව්න් වෙතද, ඔහුගේ ප්‍රධානීන් වෙතද යැව්වෙමු. ඔහු (ඔවුන්ට) “නියත වශයෙන්ම මා ලෝකයන් සියල්ලෙහි දෙවියන් විසින් යවන ලද එක් දූතයෙකි” යයි කීවේය.
فَلَمَّا جَآءَهُم بِـَٔايَٰتِنَآ إِذَا هُم مِّنْهَا يَضْحَكُونَ ٤۷
ඔහු ඔවුන් වෙත අපගේ ප්රාතිහාර්යයන් ගෙන ආ අවස්ථාවේදී ඔවුන් ඒවා (අවමන් කර) සරදම් කිරීමට ආරම්භ කළහ.
وَمَا نُرِيهِم مِّنْ ءَايَةٍ إِلَّا هِىَ أَكْبَرُ مِنْ أُخْتِهَا ۖ وَأَخَذْنَٰهُم بِٱلْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ ٤۸
අපි ඔවුන්ට පෙන්වූ සෑම ප්රාතිහාර්යයක්ම එකකට එකක් ඉතාමත් විශාලවම තිබුණි. නැවතත් ඔවුන් (පාපයන්) වළක්වා හැරීමට (ආරම්භයේදීම විනාශ කර නොදමා පහසු) දඬුවම් මගින් (පමණක්) අපි ඔවුන්ව අල්ලා ගත්තෙමු.
وَقَالُوا۟ يَٰٓأَيُّهَ ٱلسَّاحِرُ ٱدْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهْتَدُونَ ٤۹
ඒ අවස්ථාවේදී ඔවුන් (මූසාට) “ඕ සූනියම්කාරයා! (ඔබගේ ප්‍රාර්ථනාව බාර ගන්නා බවට) ඔහු ඔබට ලබා දුන් පොරොන්දුව මගින් (මෙම දඬුවම පහ කර), අපට (දයාව පහළ කිරීම) සඳහා ඔබ, ඔබගේ දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරනු මැනව! (එසේ පහ කර හැරියහොත්) නියත වශයෙන්ම අපි (ඔබගේ) ඍජු මාර්ගයට පැමිණෙන්නෙමු” යයි පැවසූහ.
فَلَمَّا كَشَفْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِذَا هُمْ يَنكُثُونَ ٥۰
(එසේ මූසාද ප්‍රාර්ථනා කර), අපි ඔවුන්ගේ දඬුවම පහ කළ අවස්ථාවේදී නැවතත් ඔවුන් (තමන්ගේ පොරොන්දුව) කඩ කර දැමූහ.
وَنَادَىٰ فِرْعَوْنُ فِى قَوْمِهِۦ قَالَ يَٰقَوْمِ أَلَيْسَ لِى مُلْكُ مِصْرَ وَهَٰذِهِ ٱلْأَنْهَٰرُ تَجْرِى مِن تَحْتِىٓ ۖ أَفَلَا تُبْصِرُونَ ٥١
පසුව, ෆිර්අව්න් අපගේ ජනයා වෙත “මගේ ජනතාවෙනි! (මෙම) මිසරය (ඊජිප්තු රටේ) රාජ්‍යය මගේ නොවෙද? (එහි ඇති) මෙම (නයිල්) නදියේ (මෝය), මගේ (පාදය) යටින් ගලා බසිනු ඔබ දුටුවේ නැද්ද?”යි ප්‍රකාශයක් කළේය.
أَمْ أَنَا۠ خَيْرٌۭ مِّنْ هَٰذَا ٱلَّذِى هُوَ مَهِينٌۭ وَلَا يَكَادُ يُبِينُ ٥٢
නැතහොත් “(මූසා වන) දීනවූ මොහුට වඩා මා උසස් කෙනෙකු නොවෙද? පැහැදිලිව කතා කරන්නටද ඔහුට නොහැකිය නොවෙද!” (යයිද)-
فَلَوْلَآ أُلْقِىَ عَلَيْهِ أَسْوِرَةٌۭ مِّن ذَهَبٍ أَوْ جَآءَ مَعَهُ ٱلْمَلَٰٓئِكَةُ مُقْتَرِنِينَ ٥۳
“(ඔහු අපට වඩා උසස් වශයෙන් සිටියහොත් පරිත්‍යාග වශයෙන්) ඔහුට රණ් වළලූ පැළඳවිය යුතු නොවේද? නැතහොත් ඔහු සමග මලායිකාවරුන් (ඒකරාශී වී) සේවක පිරිසක් වශයෙන් පැමිණිය යුතු නොවේද?” (යයිද පවසා)-
فَٱسْتَخَفَّ قَوْمَهُۥ فَأَطَاعُوهُ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمًۭا فَٰسِقِينَ ٥٤
ඔහු තමන්ගේ ජනයාව රවටා දැමුවේය. එබැවින් ඔවුන්ද ඔහුට අවනත වූහ. මන්දයත් ඔවුන් නියත වශයෙන්ම පාපයන් කරන (ගති ගුණයන්ගෙන් යුත්) ජනතාවක් වශයෙන් සිටියහ.
فَلَمَّآ ءَاسَفُونَا ٱنتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَٰهُمْ أَجْمَعِينَ ٥٥
(මෙසේ ඔවුන්) අපව කෝපයට පත් කළ විට, ඔවුන්ගෙන් අපි පළි ගත්තෙමු. තවද ඔවුන් සියල්ලන්වම ගිල්වා දැමුවෙමු.
فَجَعَلْنَٰهُمْ سَلَفًۭا وَمَثَلًۭا لِّلْءَاخِرِينَ ٥٦
තවත් ඔවුන්ව (විනාශ වී) ගිය ජනතාවක් බවට පත් කර, (ඔවුන්ගේ ඉතිහාසය) පසු කාලයක පැමිණෙන්නන්ට උදාහරණයක් බවට පත් කළෙමු.
۞ وَلَمَّا ضُرِبَ ٱبْنُ مَرْيَمَ مَثَلًا إِذَا قَوْمُكَ مِنْهُ يَصِدُّونَ ٥۷
(නබියේ!) මර්යම්ගේ පුතාව උදාහරණයක් බවට පවසනු ලැබූ අවස්ථාවේදී ඒ ගැන ඔබගේ ජනයා උසුළු විසුළු කිරීමට පටන් ගත්හ.
وَقَالُوٓا۟ ءَأَٰلِهَتُنَا خَيْرٌ أَمْ هُوَ ۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلًۢا ۚ بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ ٥۸
“අපගේ දෙවිවරුන් උසස්ද? නැතහොත් ඔහු උසස්ද?”යි විමසන්නට ඉදිරිපත් වූහ. (පුහු) වාද විවාද කිරීමට මිස, ඔබ වෙත ඔවුන් ඔහුව උදාහරණයකට ගත්තේ නැත. කිමෙක්ද! මොවුන් පුහු තර්ක කරන ජනතාවක් වශයෙන් සිටින්නාහ!”
إِنْ هُوَ إِلَّا عَبْدٌ أَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنَٰهُ مَثَلًۭا لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ ٥۹
(ඊසා නම් වූ) ඔහු නම් (අපගේ) වහලෙකි. (ඔහු දෙවියෙකුද නොව. අපගේ පුතාද නොව. ඔහු මෙසේ පැවසුවේද නැත. මෙය ප්‍රතික්ෂේප කර පවසා ඇත්තේය). ඔහු කෙරෙහි අපි දයාව පහළ කර, ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට ඔහුවද එක් ආදර්ශයක් බවට පත් කළෙමු.
وَلَوْ نَشَآءُ لَجَعَلْنَا مِنكُم مَّلَٰٓئِكَةًۭ فِى ٱلْأَرْضِ يَخْلُفُونَ ٦۰
අපි කැමති වුවහොත් ඔබ අතරේ භූමියෙහි මලායිකාවරුන්ව නිර්මාණය කර, (ඔබව විනාශ කර දමා, ඔබ වෙනුවට) ඔවුන්ව (අපගේ) නියෝජිතයින් බවට පත් කර හරින්නෙමු.
وَإِنَّهُۥ لَعِلْمٌۭ لِّلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَٱتَّبِعُونِ ۚ هَٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ ٦١
නියත වශයෙන්ම ඔහු, (පැමිණීමට ඇති විනිශ්චය) කාලයට අයත් සාධකයක් වන්නේය. එබැවින් නියත වශයෙන්ම ඔබ මෙහි සැක නොසිතනු. මාවම අනුගමනය කර කටයුතු කරනු. මෙයම ඍජු මාර්ගය වන්නේය.
وَلَا يَصُدَّنَّكُمُ ٱلشَّيْطَٰنُ ۖ إِنَّهُۥ لَكُمْ عَدُوٌّۭ مُّبِينٌۭ ٦٢
ඔබව ෂෙයිතාන් වළක්වා (අයහපතක්) නොකෙරෙත්වා! නියත වශයෙන්ම ඔහු ඔබට ප්‍රකට සතුරෙකු වශයෙන් සිටින්නේය.
وَلَمَّا جَآءَ عِيسَىٰ بِٱلْبَيِّنَٰتِ قَالَ قَدْ جِئْتُكُم بِٱلْحِكْمَةِ وَلِأُبَيِّنَ لَكُم بَعْضَ ٱلَّذِى تَخْتَلِفُونَ فِيهِ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ٦۳
ඊසා (ප්රාතිහාර්යයන්ගෙන්) පැහැදිලි දැය ගෙන ආ අවස්ථාවේදී (තම ජනතාවට) “ඇත්තෙන්ම ඥානය මා ඔබට ගෙනැවිත් ඇත්තෙමි. ඔබ තර්ක කරමින් සිටින දැය ගැන සමහර දැය ඔබට විවිරණය කර පවසන්නෙමි. එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී මට අවනත වනු” යයිද,
إِنَّ ٱللَّهَ هُوَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ ۚ هَٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ ٦٤
“නියත වශයෙන්ම අල්ලාහ්ම මගේ දෙවියන්ද, ඔබගේ දෙවියන්ද වන්නේය. (මා දෙවියන් නොව). එබැවින් ඔහු (එක් කෙනෙකු)වම ඔබ නමදිනු. (මාව නොනමදිනු). මෙයයි ඍජු මාර්ගය” යයිද පැවසුවේය.
فَٱخْتَلَفَ ٱلْأَحْزَابُ مِنۢ بَيْنِهِمْ ۖ فَوَيْلٌۭ لِّلَّذِينَ ظَلَمُوا۟ مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ ٦٥
එහෙත් (ඔහුගේ) සමුහය (ඔහු ගැන) තමන් තුළ (තර්ක කරමින්) වෙනස් වූහ. එබැවින් මෙම අපරාධකාරයින්ට වේදනා ගෙන දෙන දින දඬුවමේ විනාශයයි!
هَلْ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةًۭ وَهُمْ لَا يَشْعُرُونَ ٦٦
මොවුන් නොදැනුවත් වන අන්දමට හදිසියේම මොවුන් වෙත (විනිශ්චය) කාලය පැමිණීම මිස, (වෙන කිසිවක්) මොවුන් බලාපොරොත්තු වන්නෙහුද?
ٱلْأَخِلَّآءُ يَوْمَئِذٍۭ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا ٱلْمُتَّقِينَ ٦۷
භය භක්තිකයින් මිස, (ප්‍රතික්ෂේප කරන්නන්ගේ) මිතුරන්ම එදිනදී කෙනෙකුට කෙනෙකු සතුරන් බවට පත් වනු ඇත.
يَٰعِبَادِ لَا خَوْفٌ عَلَيْكُمُ ٱلْيَوْمَ وَلَآ أَنتُمْ تَحْزَنُونَ ٦۸
(එදිනදී භය භක්තිකයින්ට) “මගේ වහලූනි! අද දින ඔබට කිසිම බියක්ද නැත. ඔබ දුක් වන්නේද නැත” (යයි කියනු ලැබේ).
ٱلَّذِينَ ءَامَنُوا۟ بِـَٔايَٰتِنَا وَكَانُوا۟ مُسْلِمِينَ ٦۹
මොවුන්ම අපගේ ආයාවන් විශ්වාස කර, (අපට සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු) කරන මුස්ලීම්වරුන්ය.
ٱدْخُلُوا۟ ٱلْجَنَّةَ أَنتُمْ وَأَزْوَٰجُكُمْ تُحْبَرُونَ ۷۰
(එබැවින් පරලොවදී මොවුන්ට) “ඔබද, ඔබගේ භාර්යයාවන්ද ඉතාමත් සතුටින් ස්වර්ගය තුළට ඇතුළු වනු” (යයි කියනු ලැබේ).
يُطَافُ عَلَيْهِم بِصِحَافٍۢ مِّن ذَهَبٍۢ وَأَكْوَابٍۢ ۖ وَفِيهَا مَا تَشْتَهِيهِ ٱلْأَنفُسُ وَتَلَذُّ ٱلْأَعْيُنُ ۖ وَأَنتُمْ فِيهَا خَٰلِدُونَ ۷١
(විවිධ වර්ගයේ ආහාරයන් හා පානයන්ගෙන්ද පිරි) රණ් බන්දේසිද, කුසලාණද, ඔවුන් වටා කැරෙකෙමින් තිඛෙණු ඇත. එහිදී ඔවුන් සිත් ඇලූම් කරන දැයද, ඔවුන්ගේ ඇස් පිනා යන දැයද ඔවුන්ට ලැඛෙනු ඇත. (ඔවුන්ට) “මෙහි සදාකල් ඔබ වාසය කරමින් සිටිනු” (යයිද කියනු ලැබේ).
وَتِلْكَ ٱلْجَنَّةُ ٱلَّتِىٓ أُورِثْتُمُوهَا بِمَا كُنتُمْ تَعْمَلُونَ ۷٢
“ඔබ කළ (පින් ඇති) දැයෙහි හේතුවෙන්ම මෙම ස්වර්ගය ඔබ උරුම කර ගත්තෙහුය”.
لَكُمْ فِيهَا فَٰكِهَةٌۭ كَثِيرَةٌۭ مِّنْهَا تَأْكُلُونَ ۷۳
“ඔබට ආහාරයට ගත හැකි (විවිධ වර්ගයේ) බොහෝ පලතුරු වර්ගද එහි ඔබට ඇත්තේය” (යයිද කියනු ලැබේ).
إِنَّ ٱلْمُجْرِمِينَ فِى عَذَابِ جَهَنَّمَ خَٰلِدُونَ ۷٤
(එහෙත් පාපයන් කළ) වැරදිකරුවන් නියත වශයෙන්ම නිරා දඬුවමෙහි සදාකල් රැඳී සිටිනු ඇත.
لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ ۷٥
ඔවුන්ගේ (දඬුවමෙහි) පොඩියක් හෝ අඩු කරනු ලබන්නේ නැත. එහි ඔවුන් විශ්වාසයද බිඳී යනු ලබන්නාහ.
وَمَا ظَلَمْنَٰهُمْ وَلَٰكِن كَانُوا۟ هُمُ ٱلظَّٰلِمِينَ ۷٦
අපි ඔවුන්ට කිසිම විපතක් කර දැමුවේ නැත. එහෙත් ඔවුන් තමන්ට තමන්ම විපත් කර ගත්හ.
وَنَادَوْا۟ يَٰمَٰلِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ ۖ قَالَ إِنَّكُم مَّٰكِثُونَ ۷۷
(මෙසේ තිබියදී ඔවුන් නිරයේ අධිපතිට) “ඕ මාලික්! ඔබගේ දෙවියන් අපගේ කාරණාව අවසන් කර දමත්වා! (මරණය මගින් හෝ අපට නිදහස ලැබුනාදෙන්!)” යයි ශබ්ද නගන්නාහ. එයට ඔහු “(නොහැක), නියත වශයෙන්ම ඔබ (මේ තත්වයටම දඬුවම විඳිමින්ම නොමැරී) ස්ථීරව සිටිය යුතුය” යයි පවසනු ඇත.
لَقَدْ جِئْنَٰكُم بِٱلْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَٰرِهُونَ ۷۸
(මක්කාවාසී කාෆිර්වරුනි!) නියත වශයෙන්ම අපි ඔබ වෙත සත්‍යය වූ (ධර්මය) ගෙන ඒමට සැලැස්සුවෙමු. එහෙත් ඔබගෙන් වැඩි දෙනෙකු එම සත්‍යය පිළිකුල් කරන්නෙහුය.
أَمْ أَبْرَمُوٓا۟ أَمْرًۭا فَإِنَّا مُبْرِمُونَ ۷۹
(නබියේ! ඔබට කුමන්ත්‍රණ කිරීමට) ඔවුන් කිසියම් තීරණයක් ගනිමින් සිටින්නෙහුද? එසේ නම්, (එයට අයත් පිළියම) අපිද තීරණය කර තබා ඇත්තෙමු.
أَمْ يَحْسَبُونَ أَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَىٰهُم ۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ ۸۰
නැතහොත් ඔවුන් (තමන්ගේ මනසෙහි) සඟවා තබා ඇති දැයද, නැතහොත් (තමන් තුළ) රහසින් කතා කරන දැයද, නියත වශයෙන්ම අපට ළඟා නොවනු ඇතැයි ඔවුන් අදහස් කරමින් සිටින්නෙහුද? නැත. ඔවුන් වෙත ඇති අපගේ මලායිකාවරුන් (සෑම දැයක්ම) සටහන් කරමින්ම සිටින්නාහ.
قُلْ إِن كَانَ لِلرَّحْمَٰنِ وَلَدٌۭ فَأَنَا۠ أَوَّلُ ٱلْعَٰبِدِينَ ۸١
“රහ්මාන්ට දරුවන් ඇති විට, (එය) නමදින්නන්ගෙන් මම ම පළමු වැන්නා වන්නෙමි” යයි (නබියේ!) ඔබ පවසනු (මැනව!).
سُبْحَٰنَ رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ ۸٢
අහස් හා භූමියෙහි දෙවියන් වන ඔහු අර්ෂ්හි අයිතිකරුය. (මොවුන් පවසන) මෙවැනි (බොරු) වර්ණනාවන්ගෙන් ඉතාමත් පරිශුද්වන්තයෙකි.
فَذَرْهُمْ يَخُوضُوا۟ وَيَلْعَبُوا۟ حَتَّىٰ يُلَٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ ۸۳
එබැවින් (නබියේ!) මොවුන්ට පොරොන්දු වන ලද (දඬුවමෙහි) මා මොවුන්ව හමු වන තුරු පුහු තර්කයන්හි ගිලී සෙල්ලම් කරමින් සිටින ලෙස මොවුන්ව අත්හැර දමනු.
وَهُوَ ٱلَّذِى فِى ٱلسَّمَآءِ إِلَٰهٌۭ وَفِى ٱلْأَرْضِ إِلَٰهٌۭ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ ۸٤
අහස්හිද ඔහුම දෙවියන්ය. භූමියෙහිද ඔහුම දෙවියන්ය. (ඊසා නොව). ඔහු නම්, ඉතාමත් ඥානවන්ත හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
وَتَبَارَكَ ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِندَهُۥ عِلْمُ ٱلسَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ ۸٥
අහස් හා භූමිය අතර ඇති දැයෙහි පාලනය (රහ්මාන් වන) ඔහුටම අයත්ය. ඔහු ඉමහත් භාග්‍යවන්තයෙකි. ඔහුගේ සන්නිධානයෙහිම පරලොව ඥානය ඇත්තේය. ඔහු වෙතම ඔබව ආපසු ගෙන යනු ලබන්නෙහුය.
وَلَا يَمْلِكُ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِ ٱلشَّفَٰعَةَ إِلَّا مَن شَهِدَ بِٱلْحَقِّ وَهُمْ يَعْلَمُونَ ۸٦
(අල්ලාහ් වන) ඔහු හැර, කුමක් ඔවුන් (දෙවියන් යයි) ආරාධනා කරන්නෝද, ඒවා (මොවුන් වෙනුවෙන් ඔහු වෙත) මැදිහත් වී කතා කිරීමට ශක්තියක් නොමැත. එහෙත් කවුරුන් සත්‍යය දැන, එය ප්‍රසිද්ධියේම පවසන්නෝද ඔවුන් හැර. (ඔහුගේ අනුමැතිය ලැබුණහොත් ඔවුන් ඔහු වෙත මැදිහත් වී කතා කරනු ඇත.).
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَهُمْ لَيَقُولُنَّ ٱللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ ۸۷
(නබියේ!) ඔවුන්ව උත්පාදනය කළ අය කවුරුන්දැයි ඔවුන්ගෙන් විමසන්නේ නම්, (ඊසා නොව), අල්ලාහ් යයි නියත වශයෙන්ම පවසනු ඇත. එසේ නම්, (ඔහු හැර දමා) මොවුන් කොහේ නම් දුවන්නෙහුද?
وَقِيلِهِۦ يَٰرَبِّ إِنَّ هَٰٓؤُلَآءِ قَوْمٌۭ لَّا يُؤْمِنُونَ ۸۸
“මගේ දෙවියනේ! නියත වශයෙන්ම මොවුන් විශ්වාස නොකළ ජනතාවකි!” යයි (නබියේ! ඔබ) පැවසීමද (අපි දන්නෙමු).
فَٱصْفَحْ عَنْهُمْ وَقُلْ سَلَٰمٌۭ ۚ فَسَوْفَ يَعْلَمُونَ ۸۹
එබැවින් ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කර දමා ‘සලාමුන්’ (ශාන්තිය හා සමාදානය) යයි පවසමින් සිටිනු. පසුව ඔවුන් (මෙහි ඇත්ත) දැන ගනු ඇත.