< السورة السابقة | فهرس السور | السورة التالية >
surah037
As-Saaffaat (37)
Those drawn up in Ranks, makkah, 182 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلصَّٰٓفَّٰتِ صَفًّۭا ١
පෙළ ගැසී සිටින්නන් මත සත්තකින්ම!
فَٱلزَّٰجِرَٰتِ زَجْرًۭا ٢
(නපුර) ඉතා දැඩි ලෙස එළවාගෙන යන්නන් මත සත්තකින්ම!
فَٱلتَّٰلِيَٰتِ ذِكْرًا ۳
(දෙවියන්ගේ) ධර්මය සමුදීරණය කරන්නන් මත සත්තකින්ම!
إِنَّ إِلَٰهَكُمْ لَوَٰحِدٌۭ ٤
නියත වශයෙන්ම ඔබගේ දෙවියන් එකම එක්කෙනෙකි.
رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ ٱلْمَشَٰرِقِ ٥
අහස්ද, භූමියද, ඒවා මධ්‍යයෙහි ඇති දැයද උත්පාදනය කර, පෝෂණය කරන්නා, පහත දිසා (වන් හා ඉහළ දිසා) වන්හි දෙවියන්ය.
إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِزِينَةٍ ٱلْكَوَاكِبِ ٦
නියත වශයෙන්ම ඔබගේ (දෙවියන් වන) අපි (මෙම භූමියට ඉතාමත් ළඟින්) පහතින් ඇති අහසෙහි බැබළෙන තාරකාවන් මගින් අලංකාරවත් කර තබා ඇත්තෙමු.
وَحِفْظًۭا مِّن كُلِّ شَيْطَٰنٍۢ مَّارِدٍۢ ۷
(එය අලංකාරවත් ලෙස තිඛෙණ අතර) නපුරන් වන සියලූම ෂෙයිතාන්වරුන්ටද බාධකයක් වශයෙන්ද (ඇත්තේය).
لَّا يَسَّمَّعُونَ إِلَى ٱلْمَلَإِ ٱلْأَعْلَىٰ وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍۢ ۸
ශ්‍රේෂ්ඨ (උත්තරීතර ඉහළ සභාවේ) වදන් (ෂෙයිතාන්වරුන්ට) සවන් දීමට නොහැක.
دُحُورًۭا ۖ وَلَهُمْ عَذَابٌۭ وَاصِبٌ ۹
(මන්දයත් එයට ළඟා වන සෑම කෙනෙකුටම) විවිධ දිශාවන්ගෙන් (ගින්නෙන්) පහර දෙනු ලැබ, එළවා දමනු ලබන්නාහ. ඔවුන්ට ස්ථීර වූ දඬුවම් ඇත.
إِلَّا مَنْ خَطِفَ ٱلْخَطْفَةَ فَأَتْبَعَهُۥ شِهَابٌۭ ثَاقِبٌۭ ١۰
(යම්කිසි විදිහකින් වැරදීමකින් හෝ යම් වදනක්) හොරෙන් ඇසීමට ළං වුවහොත් එවෙලේම ඔහුව ගිණි පුපුරු වීසි වන ගින්න මගින් එළවනු ලැබේ.
فَٱسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَم مَّنْ خَلَقْنَآ ۚ إِنَّا خَلَقْنَٰهُم مِّن طِينٍۢ لَّازِبٍۭ ١١
(නබියේ!) උත්පාදනයන්ගෙන් ඉතාමත් ශක්තිවන්තයින් ඔවුන්ද? නැතහොත් අපි උත්පාදනය කර ඇති දැය (වන අහස්, භූමිය, තාරකාවන් ආදී) දැයද? (යයි ප්‍රතික්ෂේප කරන්නන් වන) මොවුන්ගෙන් විමසනු. නියත වශයෙන්ම අපි ඔවුන්ව (ලැජ්ජයි) ඇලෙන සුළු කිරිමැටියෙන්ම උත්පාදනය කර ඇත්තෙමු.
بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ ١٢
(නබියේ!) ඔබ (අල්ලාහ්ගේ ප්‍රාතිහාර්යයන් දැක) විමතියට පත් වන්නෙහිය. ඔවුන් නම්, (එය) සමච්චල් කරන්නෙහුය!
وَإِذَا ذُكِّرُوا۟ لَا يَذْكُرُونَ ١۳
තවද ඔවුන්ට හොඳ ඔවදන් පවසනු ලැබූවා වුවද, එය ඔවුන් අවධානය කරන්නේ නැත.
وَإِذَا رَأَوْا۟ ءَايَةًۭ يَسْتَسْخِرُونَ ١٤
කුමන සාධකයක් දුටුවා වුවද, ඔවුන් සමච්චල් කරන්නාහ.
وَقَالُوٓا۟ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌ ١٥
තවද “මෙය ප්‍රකට සූනියමක් මිස, වෙන කිසිවක් නැත” යයිද පවසන්නාහ.
أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا وَعِظَٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ ١٦
“අපි මරණයට පත් වී (දිරා ගොස්) පස් බවටද, ඇට බවටද පත් වූ පසු, ඇත්තෙන්ම අපි නැගිටිටවනු ලබන්නෙමුද?” (යයිද)
أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ ١۷
“(එසේම) අපගේ මුතුන් මිත්තන්ද නැගිටවනු ලබන්නෙහුද?” යයිද- (සමච්චලයෙන් පවසන්නාහ).
قُلْ نَعَمْ وَأَنتُمْ دَٰخِرُونَ ١۸
එයට (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඇත්තය. (නැගිටවනු ලබන්නෙහුය). ඒ අතර ඔබ දීනවූ අය බවටද සිටින්නෙහුය”
فَإِنَّمَا هِىَ زَجْرَةٌۭ وَٰحِدَةٌۭ فَإِذَا هُمْ يَنظُرُونَ ١۹
එකම එක තිගැස්සෙන සුළු ශබ්දයක් පමණක්ම (ඇති වනු ඇත). එවෙලේම ඔවුන් (නැගිට අන්ද මන්ද වී) ඇහැරෙන්නාහ.
وَقَالُوا۟ يَٰوَيْلَنَا هَٰذَا يَوْمُ ٱلدِّينِ ٢۰
“අපි ඇසුවෙමු! මෙය ඵලවිපාක දෙන දවස වූවා නොවෙද!” යයිද ඔවුන් පවසනු ඇත.
هَٰذَا يَوْمُ ٱلْفَصْلِ ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ ٢١
(එයට ඔවුන්ට) “ඔබ බොරු කරමින් සිටි විනිශ්චය දිනය අදයි” (යයි කියනු ලැබේ).
۞ ٱحْشُرُوا۟ ٱلَّذِينَ ظَلَمُوا۟ وَأَزْوَٰجَهُمْ وَمَا كَانُوا۟ يَعْبُدُونَ ٢٢
“අපරාධ කළ අයවද, ඔවුන්ගේ සහකාරියන්වද;
مِن دُونِ ٱللَّهِ فَٱهْدُوهُمْ إِلَىٰ صِرَٰطِ ٱلْجَحِيمِ ٢۳
- අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටි දැයද, ඒකරාශී කර, ඔවුන්ව නිරයේ මාර්ගයෙහි ඇදගෙන යනු” (යයිද)
وَقِفُوهُمْ ۖ إِنَّهُم مَّسْـُٔولُونَ ٢٤
“(එහි) ඔවුන්ව නවතා තබනු. නියත වශයෙන්ම ඔවුන්ගෙන් (ප්‍රශ්න ගණනය) කරනු ලැබිය යුතුව ඇත්තේය” (යයිද කියනු ලැබේ).
مَا لَكُمْ لَا تَنَاصَرُونَ ٢٥
“ඔබට කුමක් සිදු වූයේද? (ලොවෙහි ඔබ කෙනෙකුට කෙනෙකු උදව් කරමින් සිටි අන්දමට මෙහිදී) ඔබ කුමක් නිසා කෙනෙකුට කෙනෙකු උදව් කර නොගත්තේද?” (යයිද විමසනු ලැබේ).
بَلْ هُمُ ٱلْيَوْمَ مُسْتَسْلِمُونَ ٢٦
එහෙත් එදින ඔවුන්ගේ හිස බිමට නවා ගත් අය වශයෙන්ම සිටිනු ඇත.
وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ يَتَسَآءَلُونَ ٢۷
ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනා සමග තර්ක කිරීමට ඉදිරිපත් වී
قَالُوٓا۟ إِنَّكُمْ كُنتُمْ تَأْتُونَنَا عَنِ ٱلْيَمِينِ ٢۸
(සමහරෙක් තමන්ගේ ප්‍රධානීන්ට) “නියත වශයෙන්ම ඔබ අප වෙත බලෙන්ම පැමිණ, (ඔබට අවනත වන මෙන් අපට බල) කළෙහුය” යයි පවසනු ඇත.
قَالُوا۟ بَل لَّمْ تَكُونُوا۟ مُؤْمِنِينَ ٢۹
එයට ඔවුන් (එම ප්‍රධානීන්) එසේ නොව. (අපි ඔබව වළක්වා ගත්තේ නැත). ඔබම විශ්වාස කළේ නැත.
وَمَا كَانَ لَنَا عَلَيْكُم مِّن سُلْطَٰنٍۭ ۖ بَلْ كُنتُمْ قَوْمًۭا طَٰغِينَ ۳۰
“අපට ඔබ කෙරෙහි කිසිම බලයක් තිබුනේ නැත. එහෙත් ඔබම අපරාධ කරන ජනතාවක් බවට සිටියෙහුය”.
فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَآ ۖ إِنَّا لَذَآئِقُونَ ۳١
“එබැවින් (දඬුවම ගැන වූ) අපගේ දෙවියන්ගේ පොරොන්දුව සත්‍යය කර හැරියේය. නියත වශයෙන්ම අපි (සියල්ලන්ම දඬුවම) විඳිය යුතු අයයි”.
فَأَغْوَيْنَٰكُمْ إِنَّا كُنَّا غَٰوِينَ ۳٢
“(එසේය!) ඔබව අපි මාර්ගය වැරද යාමට සැලැස්සුවෙමු. මන්දයත් නියත වශයෙන්ම අපිත් දුර්මාර්ගයෙහිම සිටියෙමු” යයි පවසනු ඇත.
فَإِنَّهُمْ يَوْمَئِذٍۢ فِى ٱلْعَذَابِ مُشْتَرِكُونَ ۳۳
එබැවින් නියත වශයෙන්ම ඔවුන් (සියල්ලන්ම) එදින දඬුවමේ හවුල්කරුවන් වශයෙන් සිටිනු ඇත.
إِنَّا كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ ۳٤
නියත වශයෙන්ම අපි වැරදිකරුවන්ව මේ අන්දමටම කටයුතු කරවන්නෙමු.
إِنَّهُمْ كَانُوٓا۟ إِذَا قِيلَ لَهُمْ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ يَسْتَكْبِرُونَ ۳٥
”අල්ලාහ් හැර, (ඔබට) වෙන කිසිම හිමියෙකු නැත! (ඔහුවම ඔබ නමදිනු)” යයි ඔවුන්ට පවසනු ලැබුවහොත්; නියත වශයෙන්ම ඔවුන් උඞඟූ වී-
وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓا۟ ءَالِهَتِنَا لِشَاعِرٍۢ مَّجْنُونٍۭ ۳٦
“කිමෙක්ද! අපි පිස්සු හැදුනු කවියෙකු වෙනුවෙන් ඇත්තෙන්ම අපගේ දෙවිවරුන්ව අපි අත්හැර දමන්නෙමුද?”යි ඔවුන් පවසන්නාහ.
بَلْ جَآءَ بِٱلْحَقِّ وَصَدَّقَ ٱلْمُرْسَلِينَ ۳۷
“(ඔහු පිස්සෙකු) නොව. ඔහු සත්‍යයම ගෙන ආවේය. (තමන්ට පෙර පැමිණි) නබිවරුන්වද, ඔහු සත්‍ය කර තැබුවේය.
إِنَّكُمْ لَذَآئِقُوا۟ ٱلْعَذَابِ ٱلْأَلِيمِ ۳۸
(මේ සියල්ල ඔබ බොරු කර හැරියෙහුය. එබැවින්) නියත වශයෙන්ම ඔබ වේදනා ගෙන දෙන දඬුවම ම විඳිය යුතුව ඇත්තේය”.
وَمَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ ۳۹
“ඔබ කරමින් සිටි දැයට මිස, ඔබට ඵලවිපාක දෙනු ලැබුවේ නැත” (යයිද කියනු ලැබේ).
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ٤۰
නමුත් කළවම් නොවුන හොඳ හිත ඇති අල්ලාහ්ගේ වහලූන් නම්,
أُو۟لَٰٓئِكَ لَهُمْ رِزْقٌۭ مَّعْلُومٌۭ ٤١
ඔවුන්ට (උසස් වූ) ආහාරයක් පිළියෙල කරනු ලැබ ඇත්තේය.
فَوَٰكِهُ ۖ وَهُم مُّكْرَمُونَ ٤٢
එය (ඉතාමත් රසවත්) පලතුරු වර්ගයි. තවද ඔවුන්වම ගෞරව කරනු ලබන්නාහ.
فِى جَنَّٰتِ ٱلنَّعِيمِ ٤۳
සැපත ලබා දෙන ස්වර්ගයන්හි (ඇති) සිංහාසණයන්හි;
عَلَىٰ سُرُرٍۢ مُّتَقَٰبِلِينَ ٤٤
කෙනෙකු අනිත් කෙනාට මුහුණ ලා වාඩි වී (ඉතාමත් සතුටු සාමීචියේ යෙදී) සිටින්නාහ.
يُطَافُ عَلَيْهِم بِكَأْسٍۢ مِّن مَّعِينٍۭ ٤٥
(ඉතාමමත් පැහැදිලි) උල්පත්හි පානයන්ගෙන් පිරි කුසලාන ඔවුන් වටා කැරකෙමින් ගෙන එනු ලබනු ඇත.
بَيْضَآءَ لَذَّةٍۢ لِّلشَّٰرِبِينَ ٤٦
(එය) ඉතාමත් ස්වේත වර්ණයෙන්ද, පානය කරන්නන්ට ඉතාමත් රසයක් ගෙන දෙන්නක් වශයෙන්ද, තිඛෙණු ඇත.
لَا فِيهَا غَوْلٌۭ وَلَا هُمْ عَنْهَا يُنزَفُونَ ٤۷
එහි මතක්ද නැත. එමගින් ඔවුන්ට බීමත් ගතියක්ද ඇති නොවේ.
وَعِندَهُمْ قَٰصِرَٰتُ ٱلطَّرْفِ عِينٌۭ ٤۸
ඔවුන් වෙත බිම බලා ගත් (ඉතාමත් යටත් පහත්) බැල්මෙන් යුතු (හුරුල්ඊන් නමැති) නිර්මල කන්‍යාවන්ද සිටිනු ඇත.
كَأَنَّهُنَّ بَيْضٌۭ مَّكْنُونٌۭ ٤۹
ඔවුන් (අත්තටු වල) සඟවන ලද (ගිනි කුකුලන්ගේ ලා කහ පැහැයෙන් යුත්) බිත්තර මෙන් වන්නාහ.
فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ يَتَسَآءَلُونَ ٥۰
ඔවුන්ගෙන් කෙනෙකු අන් අයට “(මෙලොවදී සිදු වූ දැය ගැන ඉතාමත් සතුටින්) කතා කරමින් සිටින්නාහ.
قَالَ قَآئِلٌۭ مِّنْهُمْ إِنِّى كَانَ لِى قَرِينٌۭ ٥١
ඔවුන්ගෙන් කෙනෙකු මෙසේ පවසනු ඇත: “(මෙලොවදී) නියත වශයෙන්ම මට එක් මිතුරෙකු සිටියේය.
يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلْمُصَدِّقِينَ ٥٢
ඔහු (මට) ‘නියත වශයෙන්ම ඔබ මෙය විශ්වාස කරන්නෙහිද?
أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا وَعِظَٰمًا أَءِنَّا لَمَدِينُونَ ٥۳
කිමෙක්ද! අපි මරණයට පත් වී (දිරාපත්ව) ඇට කටු හා පස් බවට පත් වූ පසු (නැගිට්ටවනු ලබන්නෙමුද?) නියත වශයෙන්ම (අපගේ අපරාධයන්ට සරිලන) ඵලවිපාක දෙනු ලබන්නෙමුද?”යි (සමච්චලයෙන් මෙන්) පවසමින් සිටියේය.
قَالَ هَلْ أَنتُم مُّطَّلِعُونَ ٥٤
“(එබැවින් ඔහුව) ඔබ බලන්නට කැමති වන්නෙහුද?”යි පවසා
فَٱطَّلَعَ فَرَءَاهُ فِى سَوَآءِ ٱلْجَحِيمِ ٥٥
ඔහුව එබී බලා ඔහු නිරය මධ්‍යයේ සිටිනු දැක
قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرْدِينِ ٥٦
(ඔහුට) “අල්ලාහ් මත සත්තකින්ම! ඔබ මාව විනාශ කර දමන්නටම අදහස් කළෙහිය”.
وَلَوْلَا نِعْمَةُ رَبِّى لَكُنتُ مِنَ ٱلْمُحْضَرِينَ ٥۷
“මගේ දෙවියන්ගේ දයාව මා හට (ලැබී) නොතිබුණේ නම්, මමත් (නිරයට) ගෙන එනු ලබන්නනගෙන් කෙනෙකු වශයෙන් සිටින්නට ඉඩ තිබුණි”.
أَفَمَا نَحْنُ بِمَيِّتِينَ ٥۸
“(තවත් වරක්ද) අපි මරණයට පත් වන්නෙමුද?”
إِلَّا مَوْتَتَنَا ٱلْأُولَىٰ وَمَا نَحْنُ بِمُعَذَّبِينَ ٥۹
“(නැවතත් පණ ලැබී ඇති) අපට කළින් මරණයට වඩා වෙන කිසිවක් නැත. (මින් පසු අපි කිසිදාක මැරෙන්නේම නැත. ස්වර්ගයෙහි සිටින) අපි දඬුවමට ඇතුළු කරනු ලබන්නේද නැත” යයි පවසනු ඇත.
إِنَّ هَٰذَا لَهُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ٦۰
“නියත වශයෙන්ම මෙයම ඉමහත් වූ භාග්‍යයක් වන්නේය”.
لِمِثْلِ هَٰذَا فَلْيَعْمَلِ ٱلْعَٰمِلُونَ ٦١
“යම්කිසි හොඳක් කළ හැකි අය සියල්ලන්ම මෙවැනි (භාග්‍යය අත් කර ගැනීම) සඳහා මහන්සි විය යුතුය”.
أَذَٰلِكَ خَيْرٌۭ نُّزُلًا أَمْ شَجَرَةُ ٱلزَّقُّومِ ٦٢
(අල්ලාහ්ගේ සන්නිධානයෙන් ලැඛෙණ) මෙය උසස් වූ (භෝජණ) සංග්‍රහයද? නැතහොත් (නිරයෙහි ඇති) සක්කුම් නමැති (තිත්ත දුගඳ වෑහෙණ) ගසද?
إِنَّا جَعَلْنَٰهَا فِتْنَةًۭ لِّلظَّٰلِمِينَ ٦۳
(මිනිසුනේ!) නියත වශයෙන්ම අපි මෙම අපරාධකාරයින්ට එක් පිරික්සුමක් බවටම පත් කර ඇත්තෙමු.
إِنَّهَا شَجَرَةٌۭ تَخْرُجُ فِىٓ أَصْلِ ٱلْجَحِيمِ ٦٤
ඇත්තෙන්ම එය නිරයෙහි යට මට්ටමේ සිට ඉකුත් වන ගසකි.
طَلْعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَٰطِينِ ٦٥
එහි අතු නයින්ගේ පෙනය මෙන් ඇත්තේය.
فَإِنَّهُمْ لَءَاكِلُونَ مِنْهَا فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ ٦٦
නියත වශයෙන්ම ඔවුන් (තමන්ගේ කුස-ගින්නේ දරුණුභාවය නිසා) එයද අනුභව කරන්නාහ. එමගින් ඔවුන්ගේ කුස පුරවා ගන්නාහ. (නමුත් ඔවුන්ගේ කුස-ගින්න නිවෙන්නේ නැත).
ثُمَّ إِنَّ لَهُمْ عَلَيْهَا لَشَوْبًۭا مِّنْ حَمِيمٍۢ ٦۷
පසුව, නියත වශයෙන්ම උතුරණ සැරව මිශ්‍ර (ලෝදිය) එහිදී ඔවුන්ට (පානයක් වශයෙන්) දෙනු ලැබේ.
ثُمَّ إِنَّ مَرْجِعَهُمْ لَإِلَى ٱلْجَحِيمِ ٦۸
පසුවත් ඔවුන් යන තැන නියත වශයෙන්ම නිරයයි.
إِنَّهُمْ أَلْفَوْا۟ ءَابَآءَهُمْ ضَآلِّينَ ٦۹
මොවුන් තමන්ගේ මුතුන් මිත්තන්ව ඇත්තෙන්ම දුර්මාර්ගිකයින් වශයෙන්ම දුටුවහ.
فَهُمْ عَلَىٰٓ ءَاثَٰرِهِمْ يُهْرَعُونَ ۷۰
(එසේ තිබියදී) ඔවුන්ගේ පා සටහන්ම අනුගමනය කරමින් දිව්වාහ.
وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ أَكْثَرُ ٱلْأَوَّلِينَ ۷١
මොවුන්ට පෙරද, පෙර විසූ අයගෙන් බොහොමයක් දෙනා නියත වශයෙන්ම (මේ අන්දමටම) මාර්ගය වැරද ගියහ.
وَلَقَدْ أَرْسَلْنَا فِيهِم مُّنذِرِينَ ۷٢
නියත වශයෙන්ම අපි ඔවුන්ටද බිය ගන්වා අනතුරු අඟවන (අපගේ) දූතයින්ව යැව්වෙමු.
فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُنذَرِينَ ۷۳
එබැවින් බිය ගන්වා අනතුරු අඟවන ලද මොවුන්ගේ අවසානය කෙසේ වූයේද යන්න (නබියේ!) ඔබ බලනු.
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ۷٤
පරිශුද්ධ වූ අදහස් ඇති අල්ලාහ්ගේ වහලූන් මිස, (අන් අය සියල්ලන්ම අපගේ දඬුවමට ලක් වන්නාහ).
وَلَقَدْ نَادَىٰنَا نُوحٌۭ فَلَنِعْمَ ٱلْمُجِيبُونَ ۷٥
නූහ් (නබි උදව් උපකාර ඉල්ලා ප්‍රාර්ථනා කර) අපව ආරාධනා කළේය. අපිම (ප්‍රාර්ථනාවන්ට) පිළිතුරු දෙන්නන්ගෙන් ඉතාමත් උසස්වන්තයෙකි.
وَنَجَّيْنَٰهُ وَأَهْلَهُۥ مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ ۷٦
එබැවින් ඔහුවද, ඔහුගේ පවුලේ උදවියද ඉමහත් වූ අමාරුකමෙන් බේරා ගත්තෙමු.
وَجَعَلْنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلْبَاقِينَ ۷۷
ඔවුන්ගේ දරුවන්වම (මහා ජල ගැල්මෙන් බේරී පසු කලකදී සැමදා) ස්ථීර වන සේ පත් කළෙමු.
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْءَاخِرِينَ ۷۸
ඔහු වෙනුවෙන් (ඔහුගේ කීර්ති නාමයද) පසු පැමිණෙන්නන්ගෙන් ස්ථීර වීමට සැලැස්සුවෙමු.
سَلَٰمٌ عَلَىٰ نُوحٍۢ فِى ٱلْعَٰلَمِينَ ۷۹
“ශාන්තිය හා සමාදානයද ලෝකයන් කොහේ වුවද, නූහුට අත් වේවා!” (යයි කියනු ලැබීය).
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ۸۰
මේ අන්දමටම හොඳක් කරන්නන්ට අපි ඵලවිපාක දෙන්නෙමු.
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ ۸١
(මන්දයත් ඔහු) විශ්වාසය තැබූ අපගේ වහලූන්ගෙන් (කෙනෙකු වශයෙන්ම) සිටියේය.
ثُمَّ أَغْرَقْنَا ٱلْءَاخَرِينَ ۸٢
(එබැවින් ඔහුවද, ඔහුව අනුගමනය කළ අයවද හැර) අන් අයව (මහා ජල ගැල්මෙහි) අපි ගිල්වා දැමුවෙමු.
۞ وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبْرَٰهِيمَ ۸۳
නියත වශයෙන්ම ඉබ්රාහීම්ද, නුහ් (නබි)ගේ (මාර්ගය අනුගමනය කරන) සමූහයින්ගෙන් කෙනෙකි.
إِذْ جَآءَ رَبَّهُۥ بِقَلْبٍۢ سَلِيمٍ ۸٤
ඔහු (අවංක) පරිශුද්ධ සිතකින් යුතුව තම දෙවියන් වෙත පැමිණි අවස්ථාවේදී
إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَاذَا تَعْبُدُونَ ۸٥
ඔහු තම පියාටද, තම ජනතාවටද “ඔබ කුමක් නම් නමදින්නෙහුද?”යි විමසා
أَئِفْكًا ءَالِهَةًۭ دُونَ ٱللَّهِ تُرِيدُونَ ۸٦
“ඔබ අල්ලාහ් හැර, බොරු දෙවිවරුන්වම කැමති වන්නෙහුද?
فَمَا ظَنُّكُم بِرَبِّ ٱلْعَٰلَمِينَ ۸۷
(එසේ නම්) ලෝකවාසීන්ව උත්පාදනය කර, පෝෂණය කරමින් සිටින දෙවියන් ගැන ඔබගේ අදහස කුමක්ද?”යි (විමසුවේය).
فَنَظَرَ نَظْرَةًۭ فِى ٱلنُّجُومِ ۸۸
පසුව තාරකාවන් දෙස බලා;
فَقَالَ إِنِّى سَقِيمٌۭ ۸۹
“නියත වශයෙන්ම මා රෝගාතුරව සිටින්නෙමි” යයි පැවසූ වහාම,
فَتَوَلَّوْا۟ عَنْهُ مُدْبِرِينَ ۹۰
ඔවුන් ඔහුව අත්හැර දමා (අළුත් අවුරුදු උත්සවය සැමරීමට) ගියහ.
فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمْ فَقَالَ أَلَا تَأْكُلُونَ ۹١
පසුව ඔහු කෝවිල තුළට ගියේය. එහි (පිළිරූ වලට විවිධ වර්ගයේ ආහාර පූජා කර තිබීම දැක), ඔවුන්ගේ පිළිරූවලට “ඔබ (මේවා) කුමක් නිසා නොකන්නේද?
مَا لَكُمْ لَا تَنطِقُونَ ۹٢
ඔබට කුමක් නම් (සිදු වී ඇත්ද?) ඔබ කුමක් නිසා කතා නොකරන්නේද?”යි විමසා
فَرَاغَ عَلَيْهِمْ ضَرْبًۢا بِٱلْيَمِينِ ۹۳
(පිළිතුරු නොලැබුණෙන්) ඒවාට වැරෙන් පහර දී (කුඩු කර දමා පිටතට) යන්න ගියේය.
فَأَقْبَلُوٓا۟ إِلَيْهِ يَزِفُّونَ ۹٤
(අළුත් අවුරුදු සමරන්නට ගිය අය, ආපසු පැමිණීමෙන් පසු මෙය දුටු වහාම), ඉබ්රාහීම් වෙත දිවැවිත් (ඒ ගැන විමසූ විට)
قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ ۹٥
ඔහු (ඔවුන්ට “ඔබගේ අත්වලින්) ඔබ විසින්ම අඹන ලද දැය, ඔබ නමදින්නෙහුද?
وَٱللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ ۹٦
ඔබත්, ඔබ අඹන ලද දැයත් අල්ලාහ්ම උත්පාදනය කළේය” යයි කීවේය.
قَالُوا۟ ٱبْنُوا۟ لَهُۥ بُنْيَٰنًۭا فَأَلْقُوهُ فِى ٱلْجَحِيمِ ۹۷
(එයට ඔවුන් පිළිතුරු දීමට මගක් නොමැතිව කෝපයට පත් වී) “මොහු වෙනුවෙන් විශාල (ගිනි) වළක් නිර්මාණය කර, එම ගින්නෙහි ඔහුව වීසි කර දමනු” යයි පැවසූහ.
فَأَرَادُوا۟ بِهِۦ كَيْدًۭا فَجَعَلْنَٰهُمُ ٱلْأَسْفَلِينَ ۹۸
(මෙසේ) ඔවුන් ඔහුට හානියක් කිරීමට අදහස් කළහ. එහෙත් අපි ඔවුන්වම අවමන් කර හැරියෙමු.
وَقَالَ إِنِّى ذَاهِبٌ إِلَىٰ رَبِّى سَيَهْدِينِ ۹۹
(පසුව, ඉබ්රාහීම් එම රට අත්හැර දමා පිටමං වී) “නියත වශයෙන්ම මා මගේ දෙවියන් වෙතම යන්නෙමි. ඔහු ඉතා ඉක්මනින් මා හට ඍජු මාර්ගය පෙන්වනු ඇත” (යයි කියා),
رَبِّ هَبْ لِى مِنَ ٱلصَّٰلِحِينَ ١۰۰
“මගේ දෙවියනේ! හොඳ අයගෙන් (කෙනෙකුව) ඔබ මා හට (දරුවෙකු වශයෙන්) ලබා දෙනු මැනව!” යයි කීවේය.
فَبَشَّرْنَٰهُ بِغُلَٰمٍ حَلِيمٍۢ ١۰١
එමගින් ඉතාමත් ඉවසිලිවන්ත (ඉස්මායීල් නමැති) පුතෙකු මගින් ඔහුට සුභාරංචි දුන්නෙමු.
فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعْىَ قَالَ يَٰبُنَىَّ إِنِّىٓ أَرَىٰ فِى ٱلْمَنَامِ أَنِّىٓ أَذْبَحُكَ فَٱنظُرْ مَاذَا تَرَىٰ ۚ قَالَ يَٰٓأَبَتِ ٱفْعَلْ مَا تُؤْمَرُ ۖ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰبِرِينَ ١۰٢
(ඔහුගේ එම පුතා) ඔහු සමග පා ගමනින් ඇවිදිය හැකි වයස අත් වූ විට, ඔහු (තම පුතාට) “මගේ දයාබර පුතුනේ! ඇත්තෙන්ම මා ඔබව (මගේ අතින්) ඛෙල්ල කපා බිලි දෙන බවට, මා (මගේ) සිහිනෙන් දුටුවෙමි. (මේ ගැන) ඔබ කුමන අදහසක් දරන්නෙහිද?”යි විමසුවේය. එයට ඔහු “මගේ (දයාබර) පියාණෙනි! ඔබට දෙන ලද නියෝගයට අනුවම ඔබ කරනු. අල්ලාහ් අදහස් කළහොත් (එය විඳ දරාගෙන) ස්ථීර වශයෙන් සිටින්නෙකු බවට, ඔබ මාව දකින්නෙහිය” යයි පැවසුවේය.
فَلَمَّآ أَسْلَمَا وَتَلَّهُۥ لِلْجَبِينِ ١۰۳
එබැවින් ඒ දෙදෙනාම (දෙවියන්ගේ නියෝගයට) සම්පූර්ණයෙන්ම අවනත වී (ඉබ්රාහීම් වන) ඔහු (ඉස්මායීල් වන) ඔහුව (ඛෙල්ල කපා බිලි දීමට) මුනින් අතට බිම හෙළුවේය.
وَنَٰدَيْنَٰهُ أَن يَٰٓإِبْرَٰهِيمُ ١۰٤
ඒ අවස්ථාවේදී අපි ඔහුව අඞගසා මෙසේ පැවසුවෙමු: “ඕ ඉබ්රාහීම්!
قَدْ صَدَّقْتَ ٱلرُّءْيَآ ۚ إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ١۰٥
ඇත්තෙන්ම ඔබ, (ඔබගේ) සිහිනය සැබෑ කර තැබුවෙහිය. නියත වශයෙන්ම හොඳක් කරන අයට අපි මේ අන්දමටම ඵලවිපාක දෙන්නෙමු”.
إِنَّ هَٰذَا لَهُوَ ٱلْبَلَٰٓؤُا۟ ٱلْمُبِينُ ١۰٦
“නියත වශයෙන්ම මෙය පැහැදිලි ඉමහත් පිරික්සුමක් වන්නේය” (යයිද කීවෙමු).
وَفَدَيْنَٰهُ بِذِبْحٍ عَظِيمٍۢ ١۰۷
එබැවින් (ඔහු වෙනුවට එක් නාඹර එළුවෙකු බිලි දෙන්නට සලස්වා) ඉමහත් වූ පරිත්‍යාගය මගින් ඔහුව නිදහස් කළෙමු.
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْءَاخِرِينَ ١۰۸
ඔහු වෙනුවෙන් (ඔහුගේ කීර්ති නාමය) පසු පැමිණෙන්නන්ගෙන්ද ස්ථීරවත් කළෙමු.
سَلَٰمٌ عَلَىٰٓ إِبْرَٰهِيمَ ١۰۹
(එබැවින් ලොවෙහි ඇති සියල්ලන්ම) “ඉබ්රාහීම්ට ශාන්තිය හා සමාදානය අත් වේවා!” (යයි පවසන්නාහ).
كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ١١۰
මේ අන්දමටම හොඳක් කරන්නන්ට අපි ඵලවිපාක දෙන්නෙමු.
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ ١١١
නියත වශයෙන්ම ඔහු ඉතාමත් විශ්වාසවන්ත අපගේ වහලෙකු වශයෙන්ම සිටියේය.
وَبَشَّرْنَٰهُ بِإِسْحَٰقَ نَبِيًّۭا مِّنَ ٱلصَّٰلِحِينَ ١١٢
(මින් පසුව) හොඳ වහලූන්ගෙන් කෙනෙකු වශයෙන් සිටි ඉස්හාක් නබිව ඔහුට (තවත් පුතෙකු වශයෙන් දෙන බවට) සුභාරංචි දුන්නෙමු.
وَبَٰرَكْنَا عَلَيْهِ وَعَلَىٰٓ إِسْحَٰقَ ۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحْسِنٌۭ وَظَالِمٌۭ لِّنَفْسِهِۦ مُبِينٌۭ ١١۳
ඔහු කෙරෙහිද, ඉස්මායීල් කෙරෙහිද, අපි අපගේ භාග්‍යයන් පහළ කළෙමු. ඔවුන්ගේ පරම්පරාවේ දරුවන්ගෙන් හොඳ අයද සිටින්නාහ. ප්‍රසිද්ධියේ තමන්ට තමන්ම නපුර කර ගත් (නපුරු) අයද සිටින්නාහ.
وَلَقَدْ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ ١١٤
නියත වශයෙන්ම අපි මූසා කෙරෙහිද, හාරූන් කෙරෙහිද දයාව පහළ කළෙමු.
وَنَجَّيْنَٰهُمَا وَقَوْمَهُمَا مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ ١١٥
ඒ දෙදෙනාවම ඔවුන්ගේ ජනතාවද, ඉමහත් වූ විපතකින් බේරා ගෙන ඔවුන්ට උදව් කළෙමු.
وَنَصَرْنَٰهُمْ فَكَانُوا۟ هُمُ ٱلْغَٰلِبِينَ ١١٦
එබැවින් (තමන්ගේ සතුරන් මත) ඔවුන්ම ජයග්‍රහණය කළහ.
وَءَاتَيْنَٰهُمَا ٱلْكِتَٰبَ ٱلْمُسْتَبِينَ ١١۷
ඒ දෙදෙනාට (සත්‍යය) පැහැදිලි කරන ධර්මයද අපි දුන්නෙමු.
وَهَدَيْنَٰهُمَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ ١١۸
ඒ දෙදෙනාවම ඍජු මාර්ගයෙහිද අපි ඇතුළු කළෙමු.
وَتَرَكْنَا عَلَيْهِمَا فِى ٱلْءَاخِرِينَ ١١۹
ඒ දෙදෙනා වෙනුවෙන් (ඒ දෙදෙනාගේ කීර්ති නාමයන්) පසු පැමිණෙන්නන්ගෙන්ද ස්ථීරවත් කළෙමු.
سَلَٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ ١٢۰
(එබැවින් ලෝකවාසීන්) මූසාටද, හාරූන්ටද ශාන්තිය හා සමාදානය අත් වේවා! (යයි පවසන්නාහ).
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ١٢١
නියත වශයෙන්ම අපි හොඳක් කරන්නන්ට මේ අන්දමටම ඵලවිපාක දෙන්නෙමු.
إِنَّهُمَا مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ ١٢٢
නියත වශයෙන්ම ඒ දෙදෙනාම විශ්වාසය තැබූ අපගේ වහලූන්ගෙන් වූහ.
وَإِنَّ إِلْيَاسَ لَمِنَ ٱلْمُرْسَلِينَ ١٢۳
නියත වශයෙන්ම ඉල්යාස්ද (අපගේ) දූතයින්ගෙන් කෙනෙකි.
إِذْ قَالَ لِقَوْمِهِۦٓ أَلَا تَتَّقُونَ ١٢٤
ඔහු තම ජනතාවට “ඔබ (අල්ලාහ්ට) බිය විය යුතු නොවේද?”යි පැවසූ අවස්ථාවේදී
أَتَدْعُونَ بَعْلًۭا وَتَذَرُونَ أَحْسَنَ ٱلْخَٰلِقِينَ ١٢٥
“උත්පාදකයින්ගෙන් ඉතාමත් ශ්‍රේෂ්ඨවන්තයාව ප්‍රතික්ෂේප කර, බඅල් (නමැති) පිළිරුව නමදින්නෙහුද?
ٱللَّهَ رَبَّكُمْ وَرَبَّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ ١٢٦
අල්ලාහ්ම ඔබගේ දෙවියන් හා පෙර ඉකුත්ව ගිය ඔබගේ මුතුන් මිත්තන්ගේ දෙවියන්ද වන්නේය” (යයි පැවසුවේය).
فَكَذَّبُوهُ فَإِنَّهُمْ لَمُحْضَرُونَ ١٢۷
එහෙත් ඔවුන් ඔහුව බොරුකාරයා කර හැරියහ. එබැවින් නියත වශයෙන්ම ඔවුන් (පරලොවදී අප වෙත දඬුවම සඳහා) ගෙන එනු ලබන්නාහ.
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ١٢۸
අල්ලාහ්ගේ පරිශුද්ධ වූ වහලූන්ව හැර. (හොඳ වහලූන්ට හොඳ පරිත්‍යාගයන් ඇත).
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْءَاخِرِينَ ١٢۹
ඔහු වෙනුවෙන් (ඔහුගේ කීර්ති නාමය) පසු පැමිණෙන්නන්ගෙන්ද ස්ථීරවත් කරන්නෙමු.
سَلَٰمٌ عَلَىٰٓ إِلْ يَاسِينَ ١۳۰
(එබැවින් ලෝකවාසීන්) “ඉල්යාස්ට ශාන්තිය හා සමාදානය අත් වේවා!” (යයි පවසන්නාහ).
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ١۳١
නියත වශයෙන්ම හොඳක් කරන්නන්ට අපි මේ අන්දමටම ඵලවිපාක දෙන්නෙමු.
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ ١۳٢
ඇත්තෙන්ම ඔහු විශ්වාසය තැබූ අපගේ වහලූන්ගෙන් (කෙනෙකු වශයෙන්ම) සිටියේය.
وَإِنَّ لُوطًۭا لَّمِنَ ٱلْمُرْسَلِينَ ١۳۳
නියත වශයෙන්ම ලුත්ද (අපගේ) දූතයින්ගෙන් කෙනෙකි.
إِذْ نَجَّيْنَٰهُ وَأَهْلَهُۥٓ أَجْمَعِينَ ١۳٤
ඔහුවද, ඔහුගේ පවුලේ උදවිය ආදී සියල්ලන්වම බේරා ගත්තෙමු.
إِلَّا عَجُوزًۭا فِى ٱلْغَٰبِرِينَ ١۳٥
(එහෙත් ඔහුගේ) නාකි (බිරිඳ) හැර. ඇය (එම පාපතරයන් සමග) රැඳී සිටියාය.
ثُمَّ دَمَّرْنَا ٱلْءَاخَرِينَ ١۳٦
(ඇය සමග පාපයන් කළ) අන් අයවද අපි විනාශ කර දැමුවෙමු.
وَإِنَّكُمْ لَتَمُرُّونَ عَلَيْهِم مُّصْبِحِينَ ١۳۷
එබැවින් (මක්කාවාසීනී! ඔබ ෂාම් රටට වෙළෙඳාමට යන විට හා එන විට) උදේ හෝ සවස හෝ නියත වශයෙන්ම ඔබ (විනාශ වී ගිය) ඔවුන්ගේ (නගරය) හරහා ගමන් කරන්නෙහුය.
وَبِٱلَّيْلِ ۗ أَفَلَا تَعْقِلُونَ ١۳۸
(මෙමගින් ඔබ) හොඳ දැනුමක් අත් කර ගත යුතු නොවේද?
وَإِنَّ يُونُسَ لَمِنَ ٱلْمُرْسَلِينَ ١۳۹
නියත වශයෙන්ම යුනුස්ද (අපගේ) දූතයින්ගෙන් කෙනෙකි.
إِذْ أَبَقَ إِلَى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ ١٤۰
(ජනයාගෙන්) පිරි නැව දෙසට ඔහු (බේරී) දිව ගිය අවස්ථාවේදී (එහි නැග ගත්තේය).
فَسَاهَمَ فَكَانَ مِنَ ٱلْمُدْحَضِينَ ١٤١
ඔවුන් (ඒ නැවේ සිටි අය අතර) කුසපත් ඇදි අවස්ථාවේදී මොහු (මුහුදට) වීසි කර දැමිය යුතු කෙනෙකු බවට පත් වූවේය.
فَٱلْتَقَمَهُ ٱلْحُوتُ وَهُوَ مُلِيمٌۭ ١٤٢
(එසේ ඔවුන් මොහුව වීසි කළ විට), මාළුවෙකු ඔහුව ගිල දැමුවේය. ඒ අවස්ථාවේදී ඔහු (තමන්ට තමන්ම) නින්දා කර ගනිමින් සිටියේය.
فَلَوْلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلْمُسَبِّحِينَ ١٤۳
ඇත්තෙන්ම ඔහු (අපව) සුවිශුද්ධ කරමින්ම නොසිටියා නම්,
لَلَبِثَ فِى بَطْنِهِۦٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ ١٤٤
(පරලොවදී ඔහුව) නැගිට්ටවනු ලබන දින (පැමිණෙන) තුරු ඔහු උගේ කුසෙහි රැඳී සිටින්නට ඉඩ තිබුණි.
۞ فَنَبَذْنَٰهُ بِٱلْعَرَآءِ وَهُوَ سَقِيمٌۭ ١٤٥
(ඔහු සුවිශුද්ධ කරමින් සිටි හේතුවෙන්) එළිමහන් භූමියක (මාළුවාගේ බඩෙන්) ඔහුව අපි එළියට හෙළන්නට සැලැස්සුවෙමු. ඒ අවස්ථාවේදී ඔහු නම්, ඉතාමත් වෙහෙසට පත්ව සිටියේය.
وَأَنۢبَتْنَا عَلَيْهِ شَجَرَةًۭ مِّن يَقْطِينٍۢ ١٤٦
එබැවින් ඔහු (ට සෙවණ ලබා දීම) සඳහා ලබු වැළක් වැවෙන්නට සැලැස්සුවෙමු.
وَأَرْسَلْنَٰهُ إِلَىٰ مِا۟ئَةِ أَلْفٍ أَوْ يَزِيدُونَ ١٤۷
පසුව අපි ඔහුව සියක් දහසක්, නැතහොත් ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් මිනිසුන් වෙත (අපගේ දූතයා වශයෙන්) යැව්වෙමු.
فَـَٔامَنُوا۟ فَمَتَّعْنَٰهُمْ إِلَىٰ حِينٍۢ ١٤۸
ඔවුන් (සියල්ලන්ම) විශ්වාස කළහ. එබැවින් අපිත් ඔවුන්ව එක් (දීර්ඝ) කාලයක් දක්වා සුවසේ ජීවත් වීමට සැලැස්සුවෙමු.
فَٱسْتَفْتِهِمْ أَلِرَبِّكَ ٱلْبَنَاتُ وَلَهُمُ ٱلْبَنُونَ ١٤۹
(නබියේ!) ඔබ ඔවුන්ගෙන් විමසනු: (ඔවුන් පිළිකුල් කරන ගැහැණු දරුවන්ව ඔබගේ දෙවියන්ටද, ඔවුන්ට පිරිමි දරුවන්වද, (මනක්කල්පිත කරන්නෙහුද?)
أَمْ خَلَقْنَا ٱلْمَلَٰٓئِكَةَ إِنَٰثًۭا وَهُمْ شَٰهِدُونَ ١٥۰
නැතහොත් අපි මලායිකාවරුන්ව ගැහැනුන් වශයෙන් නිර්මාණය කළාය (යයි කියනවා නොවෙද?) ඔවුන් එය බලාගෙන සිටියෙහුද?
أَلَآ إِنَّهُم مِّنْ إِفْكِهِمْ لَيَقُولُونَ ١٥١
නියත වශයෙන්ම ඔවුන් බොරුවට මනක්කල්පිත කර ගොතා පවසන්නක් යන්න ඔබ දැන ගනු (මැනව!)
وَلَدَ ٱللَّهُ وَإِنَّهُمْ لَكَٰذِبُونَ ١٥٢
“අල්ලාහ් (දරුවන්) ප්‍රසූත කළේය” යයි පැවසීම නියත වශයෙන්ම ඔවුන් බොරුකාරයින්ය.
أَصْطَفَى ٱلْبَنَاتِ عَلَى ٱلْبَنِينَ ١٥۳
(එයිනුත්) පිරිමි (දරුවන්ට) වඩා ගැහැනු (දරුවන්වද, ඔහු තෝරා ගත්තේ?
مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ ١٥٤
(මෙසේ පැවසීමට) ඔබට කුමන (සාධාරණයක් නම් ඇත්තේද?) කුමක් නිසා ඔබ මෙසේ (බොරු) කියන්නෙහුද?
أَفَلَا تَذَكَّرُونَ ١٥٥
ඔබ (මෙය අවධානය කර) සිතා බැලිය යුතු නොවේද?
أَمْ لَكُمْ سُلْطَٰنٌۭ مُّبِينٌۭ ١٥٦
නැතහොත් ඔබට (මේ වෙනුවෙන් යම්කිසි) පැහැදිලි සාක්ෂීන් මොකුත් ඇත්තේද?
فَأْتُوا۟ بِكِتَٰبِكُمْ إِن كُنتُمْ صَٰدِقِينَ ١٥۷
(එසේ) ඔබ (පැවසීමෙහි) ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (එයට) ඔබගේ ධර්ම (සාධකයක්) ගෙන එනු.
وَجَعَلُوا۟ بَيْنَهُۥ وَبَيْنَ ٱلْجِنَّةِ نَسَبًۭا ۚ وَلَقَدْ عَلِمَتِ ٱلْجِنَّةُ إِنَّهُمْ لَمُحْضَرُونَ ١٥۸
(නබියේ!) මොවුන් ඔහුටත්, ජින්වරුන්ටත් අතරේ ඥාති බන්ධනයක් ගැන මනක්කල්පිත කරන්නාහ. නමුත් ජින්වරුන් නම්, (තමන් වැරදි කළහොත් දඬුවම සඳහා) නියත වශයෙන්ම (අල්ලාහ් වෙත) ගෙන එනු ලබන්නාහ යයි ඔවුන් දැනගෙන සිටින්නාහ.
سُبْحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ١٥۹
ඔවුන් පවසන මෙම වර්ණාවන්ගෙන් අල්ලාහ් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි.
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ١٦۰
පිරිසිදු සිතුවිල්ලෙන් පිරි අල්ලාහ්ගේ වහලූන් හැර, (අන් අය දඬුවම සඳහා දෙවියන් ඉදිරියට පමුණුවනු ලබන්නාහ).
فَإِنَّكُمْ وَمَا تَعْبُدُونَ ١٦١
(නබියේ! ඔබ මෙසේ පවසනු): “නියත වශයෙන්ම ඔබත්, ඔබ නමදින (ජින්වරුන් වන) මේවාද,
مَآ أَنتُمْ عَلَيْهِ بِفَٰتِنِينَ ١٦٢
(එකට එක්කාසු වූවද, කිසිවෙකුත් අල්ලාහ් වන) ඔහුට එරෙහිව ඔබව කළඹා දැමිය නොහැකිය.
إِلَّا مَنْ هُوَ صَالِ ٱلْجَحِيمِ ١٦۳
නිරයට යා හැකි අය හැර”.
وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٌۭ مَّعْلُومٌۭ ١٦٤
(මලායිකාවරුන් මෙසේ පවසන්නාහ): “අපගෙන් සෑම කෙනෙකුටම නියමිත තැනක් ඇත.
وَإِنَّا لَنَحْنُ ٱلصَّآفُّونَ ١٦٥
නියත වශයෙන්ම අපි (නියෝගය ඉටු කිරීමට අල්ලාහ්ගේ අණ බලාපොරොත්තුවෙන්) කණ්ඩායම් (වශයෙන්) පෙළ ගැසී සිටින්නෙමු.
وَإِنَّا لَنَحْنُ ٱلْمُسَبِّحُونَ ١٦٦
නියත වශයෙන්ම අපි (ඔහුව) ප්‍රශංසා කර, සුවි ශුද්ධ කරමින්ම සිටින්නෙමු”.
وَإِن كَانُوا۟ لَيَقُولُونَ ١٦۷
(නබියේ! මීට පෙර මක්කාවාසීන් වන) ඔවුන් මෙසේ පවසමින් සිටියහ:
لَوْ أَنَّ عِندَنَا ذِكْرًۭا مِّنَ ٱلْأَوَّلِينَ ١٦۸
“පෙර විසූ අයගෙන් (දෙවියන්ව) මතක් කරන යම්කිසි ධර්මයක් අපි ලබා තිබුනේ නම්,
لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ ١٦۹
නියත වශයෙන්ම අපි අල්ලාහ්ගේ ශුද්ධ වූ වහලූන් බවට පත්ව සිට ඇත්තෙමු” (යයි පැවසූහ).
فَكَفَرُوا۟ بِهِۦ ۖ فَسَوْفَ يَعْلَمُونَ ١۷۰
(එහෙත් මෙසේ පවසමින් සිටි මොවුන් වෙත මෙම ධර්මය පැමිණි විට), එය මොවුන් ප්‍රතික්ෂේප කරන්නාහ. ඉතාමත් ඉක්මනින් (මෙහි ඵලවිපාක) මොවුන් දැන ගනු ඇත.
وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلْمُرْسَلِينَ ١۷١
(අපගේ) දුතයින් වන අපගේ වහලූන්ට කලින්ම අපගේ පොරොන්දුව නියත වශයෙන්ම ඇති වී ගියේය.
إِنَّهُمْ لَهُمُ ٱلْمَنصُورُونَ ١۷٢
ඔවුන්ට උදව් කරනු ලැබීම නියතයි.
وَإِنَّ جُندَنَا لَهُمُ ٱلْغَٰلِبُونَ ١۷۳
අපගේ යුද සේනාවන් (වන විශ්වාසවන්තයින්ම) ජයග්‍රහණය කරන්නාහ.
فَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍۢ ١۷٤
එබැවින් (නබියේ!) ටික කලක් දක්වා ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කර දමා සිටිනු.
وَأَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُونَ ١۷٥
(ඔවුන් කෙසේ නම් දඬුවමට ලක් වන්නාහ යන්න දැන ගැනීමට) ඔවුන්ව බලාගෙන සිටිනු. ඉතා ඉක්මනින් ඔවුන්ද (එය) දැක ගනු ඇත.
أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ ١۷٦
(කිමෙක්ද!) අපගේ දඬුවම වෙනුවෙන්ද මොවුන් මෙතරම් ඉක්මන් වන්නේ?
فَإِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَآءَ صَبَاحُ ٱلْمُنذَرِينَ ١۷۷
(අපගේ දඬුවම) ඔවුන් මධ්‍යයට පහළ වන විට, බිය ගන්වා අනතුරු අඟවන ලද ඔවුන්ගේ අලූයම් කාලය ඉතාමත් නපුරු වනු ඇත.
وَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍۢ ١۷۸
(නබියේ!) ඔවුන්ව ඔබ ටික කලක් ප්‍රතික්ෂේප කර දමා සිටිනු.
وَأَبْصِرْ فَسَوْفَ يُبْصِرُونَ ١۷۹
(ඔවුන්ට දඬුවම පැමිණීම) ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. ඔවුන්ද (එය) නියත වශයෙන්ම දකිනු ඇත.
سُبْحَٰنَ رَبِّكَ رَبِّ ٱلْعِزَّةِ عَمَّا يَصِفُونَ ١۸۰
ඔවුන්ගේ (වැරදි) වර්ණනාවන්ගෙන් ගෞරවණීය ඔබගේ දෙවියන් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි.
وَسَلَٰمٌ عَلَى ٱلْمُرْسَلِينَ ١۸١
(ඔහු විසින්) යවන ලද දූතයින් (සියල්ලන්) කෙරෙහිම (ඔහුගේ) ශාන්තිය හා සමාදානය අත් වේවා!
وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ ١۸٢
සියලූ ප්‍රශංසා ලෝකයන් සියල්ල උත්පාදනය කර, පෝෂණය කර, පරිපාලනය කරන්නා වූ අල්ලාහ්ටම අයිති දැයයි.