< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يسٓ ۝١

යා. සීන්.

وَٱلْقُرْءَانِ ٱلْحَكِيمِ ۝٢

සම්පුර්ණයෙන්ම ඥානයෙන් පිරි මෙම කුර්ආනය මත සත්තකින්ම!

إِنَّكَ لَمِنَ ٱلْمُرْسَلِينَ ۝۳

(නබියේ!) නියත වශයෙන්ම ඔබ අපගේ දූතයින්ගෙන් කෙනෙකි.

عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ۝٤

(ඔබ) ඍජු මාර්ගයෙහි සිටින්නෙහිය.

تَنزِيلَ ٱلْعَزِيزِ ٱلرَّحِيمِ ۝٥

(මෙය සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු විසින් පහළ කර ඇත්තේය.

لِتُنذِرَ قَوْمًۭا مَّآ أُنذِرَ ءَابَآؤُهُمْ فَهُمْ غَٰفِلُونَ ۝٦

(යම්කිසි දූතයෙකු විසින්) තමන්ගේ මුතුන් මිත්තන්ට අනතුරු ඇඟවීම නොකරන ලද බැවින් (පරලොව ගැන) සම්පුර්ණයෙන්ම දුකක් නැතිව සිටින (අරාබිවරුන් වන මෙම) ජනතාවට බිය ගන්වා අනතුරු අඟවනු මැනව!

لَقَدْ حَقَّ ٱلْقَوْلُ عَلَىٰٓ أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ ۝۷

නියත වශයෙන්ම මොවුන්ගෙන් වැඩි දෙනෙකු කෙරෙහි (ඔවුන් නිරාවාසීන්ය යයි දෙවියන්ගේ) පොරොන්දුව සත්‍යය වී ගියේය. එබැවින් ඔවුන් විශ්වාස කරන්නේම නැත.

إِنَّا جَعَلْنَا فِىٓ أَعْنَٰقِهِمْ أَغْلَٰلًۭا فَهِىَ إِلَى ٱلْأَذْقَانِ فَهُم مُّقْمَحُونَ ۝۸

නියත වශයෙන්ම අපි ඔවුන්ගේ ඛෙල්ලෙහි නිකට දක්වා දම්වැල් විළංගු දැම්මෙමු. එබැවින් ඔවුන්ගේ හිස් (නැවීමට නොහැකි වන සේ) කෙළින් වී ගියේය.

وَجَعَلْنَا مِنۢ بَيْنِ أَيْدِيهِمْ سَدًّۭا وَمِنْ خَلْفِهِمْ سَدًّۭا فَأَغْشَيْنَٰهُمْ فَهُمْ لَا يُبْصِرُونَ ۝۹

ඔවුන් ඉදිරියෙන් බාධකයක්ද, පසුපසින් බාධකයක්ද වශයෙන් ඇති කර අපි ඔවුන්ව වසා දැමුවෙමු. එබැවින් ඔවුන්ට (කිසිවක්) බැලීමට නොහැකිය.

وَسَوَآءٌ عَلَيْهِمْ ءَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ ۝١۰

ඔවුන්ට ඔබ බිය ගන්වා අනතුරු ඇඟවීමද, අනතුරු නොඅඟවා සිටීමද, එක සමානය! ඔවුන් විශ්වාස කරන්නේම නැත.

إِنَّمَا تُنذِرُ مَنِ ٱتَّبَعَ ٱلذِّكْرَ وَخَشِىَ ٱلرَّحْمَٰنَ بِٱلْغَيْبِ ۖ فَبَشِّرْهُ بِمَغْفِرَةٍۢ وَأَجْرٍۢ كَرِيمٍ ۝١١

ඔබ බිය ගන්වා අනතුරු අඟවන්නේ, කවුරුන් හොඳ ඔවදන් අනුගමනය කර, රහසින්ද රහ්මාන්ට බිය වී කටයුතු කරන්නෝද, ඔවුන්ටය. එබැවින් මෙවැන්නන්ට සමාව මගින්ද, ගෞරවණීය ඵලවිපාක මගින්ද, ඔබ ශුභාරංචි දෙනු මැනව!

إِنَّا نَحْنُ نُحْىِ ٱلْمَوْتَىٰ وَنَكْتُبُ مَا قَدَّمُوا۟ وَءَاثَٰرَهُمْ ۚ وَكُلَّ شَىْءٍ أَحْصَيْنَٰهُ فِىٓ إِمَامٍۢ مُّبِينٍۢ ۝١٢

නියත වශයෙන්ම අපිම මරණයට පත් වූවන්ව (පරලොවදී) පණ දී නැගිට්ටවන්නෙමු. ඔවුන් කරමින් යැවූ දැයද, ඔවුන් අත්හැර දමා ගිය දැයද, අපි ලියන්නෙමු. මේවා සෑම දැයක්ම (ලව්හුල් මව්ෆූල් නමැති) පැහැදිලි පිටුවෙහි සටහන් කර තබා ඇත්තෙමු.

وَٱضْرِبْ لَهُم مَّثَلًا أَصْحَٰبَ ٱلْقَرْيَةِ إِذْ جَآءَهَا ٱلْمُرْسَلُونَ ۝١۳

(නබියේ!) අපගේ දූතයින් පැමිණි එක් රටවැසියන්ව ඔවුන්ට උදාහරණයක් වශයෙන් පවසනු. අපි ඔවුන් වෙත (යහ්යා, ඊසා, ආදී) දූතයින් දෙදෙනෙකු යැවූ අවස්ථාවේදී ඒ දෙදෙනාවම ඔවුන් බොරුකාරයින් කළහ. එබැවින් (ෂමඌන් නමැති) තුන්වැනි දූතයා මගින් (ඒ දෙදෙනාටම) උදව් කළෙමු.

إِذْ أَرْسَلْنَآ إِلَيْهِمُ ٱثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍۢ فَقَالُوٓا۟ إِنَّآ إِلَيْكُم مُّرْسَلُونَ ۝١٤

එබැවින් මොවුන් (තිදෙනාම ඔවුන්ට) “ඇත්තෙන්ම අපි ඔබ වෙත යවන ලද (දෙවියන්ගේ) දූතයින් වන්නෙමු” යයි පැවසූහ.

قَالُوا۟ مَآ أَنتُمْ إِلَّا بَشَرٌۭ مِّثْلُنَا وَمَآ أَنزَلَ ٱلرَّحْمَٰنُ مِن شَىْءٍ إِنْ أَنتُمْ إِلَّا تَكْذِبُونَ ۝١٥

එයට ඔවුන් “ඔබ අප වැනි මිනිසුන්ම (මිස, දෙවියන්ගේ දූතයින් නොව). රහ්මාන් (ඔබ කෙරෙහි) යම්කිසිවක් පහළ කළේ නැත. ඔබ බොරු කියන්නන්ම මිස, වෙන කිසිවෙකු නොව” යයි පැවසූහ.

قَالُوا۟ رَبُّنَا يَعْلَمُ إِنَّآ إِلَيْكُمْ لَمُرْسَلُونَ ۝١٦

එයට ඔවුන් “නියත වශයෙන්ම අපි ඔබ වෙත යවන ලද දූතයින්ම යන්න අපගේ දෙවියන්ම හොඳින් දන්නේය” යයි පැවසූ අතර;

وَمَا عَلَيْنَآ إِلَّا ٱلْبَلَٰغُ ٱلْمُبِينُ ۝١۷

“අපගේ දූත මෙහෙවර ප්‍රසිද්ධියේම ගෙනහැර දැක්වීම මිස, (ඔබට බල කිරීම) අප කෙරෙහි යුතුකමක් නොව” යයිද පැවසූහ.

قَالُوٓا۟ إِنَّا تَطَيَّرْنَا بِكُمْ ۖ لَئِن لَّمْ تَنتَهُوا۟ لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٌۭ ۝١۸

එයට ඔවුන් “නියත වශයෙන්ම අපි ඔබලාගේ පැමිණීම දුර්නිමිත්තක් වශයෙන්ම ගණන් ගන්නෙමු. ඔබ (මෙයින්) ඈත් නොවුවහොත් නියත වශයෙන්ම ඔබට ගල් ගසා මරා දමන්නෙමු. තවද අපගේ වේදනා ගෙන දෙන දඬුවමද ඔබව අල්ලා ගනු ඇත” යයි පැවසූහ.

قَالُوا۟ طَٰٓئِرُكُم مَّعَكُمْ ۚ أَئِن ذُكِّرْتُم ۚ بَلْ أَنتُمْ قَوْمٌۭ مُّسْرِفُونَ ۝١۹

එයට (අපගේ දුතයින්) “ඔබගේ දුර්නිමිති ඔබ වෙතම ඇත්තේය. ඔබට හොඳ බුද්ධිය ලබා දීම නිසාද (අපව දුර්නිමිති යයි පවසන්නේ?) ඔබම සීමාව ඉක්මවා ගිය ජනයා” යයි පැවසූහ.

وَجَآءَ مِنْ أَقْصَا ٱلْمَدِينَةِ رَجُلٌۭ يَسْعَىٰ قَالَ يَٰقَوْمِ ٱتَّبِعُوا۟ ٱلْمُرْسَلِينَ ۝٢۰

(මේ අතර) එම නගරයේ කඩමණ්ඩියේ සිටි (හබීබුන් නජ්ජාර් නමැති) මිනිසෙකු දිවැවිත් (එම නගරවාසීන්ට) මෙසේ පැවසීය: “මගේ ජනතාවෙනි! ඔබ මෙම දූතයින්ව (අනිවාර්යයෙන්ම) අනුගමනය කරනු

ٱتَّبِعُوا۟ مَن لَّا يَسْـَٔلُكُمْ أَجْرًۭا وَهُم مُّهْتَدُونَ ۝٢١

ඔබගෙන් කිසිම කුලියක් නොඉල්ලු (මොවුන් ඍජු මාර්ගය දේශනා කරන්නන් පමණක් නොව) මොවුන්ම (දෙවියන් විසින්) ඍජු මාර්ගයෙහි ඇතුළු කරනු ලැබූවන්ය.

وَمَا لِىَ لَآ أَعْبُدُ ٱلَّذِى فَطَرَنِى وَإِلَيْهِ تُرْجَعُونَ ۝٢٢

“මාව උත්පාදනය කළ අයව මා නොනැමද සිටීමට මට කුමක් නම් (සිදු වී ඇත්ද? විනිශ්චය සඳහා) ඔහු වෙතම ඔබව ආපසු ගෙන එනු ලබන්නෙහුය”.

ءَأَتَّخِذُ مِن دُونِهِۦٓ ءَالِهَةً إِن يُرِدْنِ ٱلرَّحْمَٰنُ بِضُرٍّۢ لَّا تُغْنِ عَنِّى شَفَٰعَتُهُمْ شَيْـًۭٔا وَلَا يُنقِذُونِ ۝٢۳

“ඔහු හැර, (වෙන කිසිවක්) මා දෙවියන් වශයෙන් ඇර ගන්නෙමිද? රහ්මාන් මට යම්කිසි විපතක් කිරීමට අදහස් කළහොත් මේවායේ මැදිහත් වීම (එහි) කිසිවක් මගෙන් වළක්වා නොහරිනු ඇත. (එයින්) මාව මේවා විසින් බේරා ගැනීමටද නොහැක”.

إِنِّىٓ إِذًۭا لَّفِى ضَلَٰلٍۢ مُّبِينٍ ۝٢٤

“(ඔහු කෙනෙකුවම මා නොනැමදුවහොත්) එවිට, නියත වශයෙන්ම මා ප්‍රකට දුර්මාර්ගයෙහි යන්නෙමි”.

إِنِّىٓ ءَامَنتُ بِرَبِّكُمْ فَٱسْمَعُونِ ۝٢٥

“නියත වශයෙන්ම මා ඔබව උත්පාදනය කර, පෝෂණය කරන්නාවම විශ්වාස කර ඇත්තෙමි. (වෙන කිසිවෙකුත් නොව). එබැවින් ඔබ මා හට සවන් දෙනු” (යයි පැවසුවේය).

قِيلَ ٱدْخُلِ ٱلْجَنَّةَ ۖ قَالَ يَٰلَيْتَ قَوْمِى يَعْلَمُونَ ۝٢٦

(එහෙත් ජනයා ඔහුගේ හොඳ දේශනාවන්ට කණ් නොදී ඔහුව ඝාතනය කර දැමූහ. එබැවින් දෙවියන්ගේ සන්නිධානයෙන් ඔහුට) “ඔබ ස්වර්ගයට ඇතුළු වනු මැනව!” යයි කියනු ලැබීය. (ස්වර්ගයට ඇතුළු වූ) ඔහු “මගේ ජනතාව දැන ගත යුතු නොවේද?”

بِمَا غَفَرَ لِى رَبِّى وَجَعَلَنِى مِنَ ٱلْمُكْرَمِينَ ۝٢۷

“මගේ දෙවියන් මට සමාව දී ඉතාමත් ගෞරවණීය අයගෙන් කෙනෙකු බවට මාව පත් කිරීම ගැන” යයි පැවසුවේය.

۞ وَمَآ أَنزَلْنَا عَلَىٰ قَوْمِهِۦ مِنۢ بَعْدِهِۦ مِن جُندٍۢ مِّنَ ٱلسَّمَآءِ وَمَا كُنَّا مُنزِلِينَ ۝٢۸

එයට (ඔහුව ඝාතනය කළ) පසු ඔහුගේ ජනතාව (විනාශ කර දැමීමට ඔවුන්ට) අහසින් යම්කිසි සේනාවක් අපි පහළ කළේ නැත. එසේ පහළ කිරීමට අපට අවශ්‍යතාවයක් (ඇති වූවේද) නැත.

إِن كَانَتْ إِلَّا صَيْحَةًۭ وَٰحِدَةًۭ فَإِذَا هُمْ خَٰمِدُونَ ۝٢۹

එකම එක ශබ්දයක්ම ඇති විය! එවෙලේම ඔවුන් (සියල්ලන්ම මිය ගොස් විනාශ වී සියල්ල) අළු බවට පත් වූහ.

يَٰحَسْرَةً عَلَى ٱلْعِبَادِ ۚ مَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ۝۳۰

(අහෝ! මගේ වහලූනි! මගේ) වහලූන් ගැන වූ ශෝකයයි! ඔවුන් වෙත (අපගේ) කුමන දූතයෙකු පැමිණියා වුවද, ඔවුන් ඔහුව සමච්චල් නොකර සිටියේ නැත.

أَلَمْ يَرَوْا۟ كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ ٱلْقُرُونِ أَنَّهُمْ إِلَيْهِمْ لَا يَرْجِعُونَ ۝۳١

ඔවුන්ට පෙර කොපමණදෝ සමූහයන්ව අපි විනාශ කර දැමුවෙමු යන්න ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? (විනාශ වී ගිය) ඔවුන්, නියත වශයෙන්ම ඔවුන් වෙත ආපසු එන්නේම නැත.

وَإِن كُلٌّۭ لَّمَّا جَمِيعٌۭ لَّدَيْنَا مُحْضَرُونَ ۝۳٢

ඔවුන් සියල්ලන්ම අප වෙතම ඒකරාශී කර, ගෙන එනු ලබන්නෙහුය.

وَءَايَةٌۭ لَّهُمُ ٱلْأَرْضُ ٱلْمَيْتَةُ أَحْيَيْنَٰهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّۭا فَمِنْهُ يَأْكُلُونَ ۝۳۳

මරණයට පත් වී වැටී සිටින (ඔවුන් වාසය කළ) භූමියද මොවුන්ට එක් සාධකයක් වන්නේය. එය අපිම (වර්ෂාව මගින්) පණ දී එයින් ධාන්‍ය ඉකුත් කරන්නෙමු. එයින්ම මොවුන් අනුභව කරන්නාහ.

وَجَعَلْنَا فِيهَا جَنَّٰتٍۢ مِّن نَّخِيلٍۢ وَأَعْنَٰبٍۢ وَفَجَّرْنَا فِيهَا مِنَ ٱلْعُيُونِ ۝۳٤

තවද එහි අපි ඉඳි, මිදි, උයන් වතු නිර්මාණය කර, එහි උල්පත් උතුරා දිය දහරා ගලා බසින්නට සලස්වන්නෙමු.

لِيَأْكُلُوا۟ مِن ثَمَرِهِۦ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ ۖ أَفَلَا يَشْكُرُونَ ۝۳٥

මොවුන්ගේ අනුභවය ස`දහා ඒවායේ පලතුරු (වර්ග) යන් (අපි උත්පාදනය කරනවා මිස), ඔවුන්ගේ අත් මෙය කරන්නේ නැත. (මෙයට පවා) මොවුන් කෘතඥ වන්නේ නැද්ද?

سُبْحَٰنَ ٱلَّذِى خَلَقَ ٱلْأَزْوَٰجَ كُلَّهَا مِمَّا تُنۢبِتُ ٱلْأَرْضُ وَمِنْ أَنفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ ۝۳٦

භූමිය වැඩෙන්නට සලස්වන (පැලෑටි, ගස් කොලන්) සියල්ලද, මොවුන්වද, ජෝඩු ජෝඩු වශයෙන් උත්පාදනය කර, මොවුන් (මේ දක්වා) නොදත් (අනිත්) දැයද, උත්පාදනය කරන්නා ඉතාමත් පරිශුද්ධවන්තයෙකි.

وَءَايَةٌۭ لَّهُمُ ٱلَّيْلُ نَسْلَخُ مِنْهُ ٱلنَّهَارَ فَإِذَا هُم مُّظْلِمُونَ ۝۳۷

රාත්‍රියද මොවුන්ට එක් සාධකයකි. එයින්ම අපි දහවල ඉකුත් කරන්නෙමු. එසේ නොමැති නම් මොවුන් අන්ධකාරයෙහි ගිලී යනු ඇත.

وَٱلشَّمْسُ تَجْرِى لِمُسْتَقَرٍّۢ لَّهَا ۚ ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ ۝۳۸

තමන්ගේ සීමාව තුළ (නොවැරදී) ගමන් කරන සූර්යයාද, (එක් සාධකයකි).

وَٱلْقَمَرَ قَدَّرْنَٰهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَٱلْعُرْجُونِ ٱلْقَدِيمِ ۝۳۹

මේවා (සියල්ල) හොඳින් දන්නෙකු හා බලසම්පන්නයා විසින් නියම කරන ලද දැයයි. (වියළී නැවී ගිය) පරණ ඉඳි අත්තක් මෙන් (තිබී පූරණ සඳක් වශයෙන්) පත් වන තුරු, චන්ද්‍රයාට අපි හැඩරූ ගණනාවක් ඇති කර ඇත්තෙමු.

لَا ٱلشَّمْسُ يَنۢبَغِى لَهَآ أَن تُدْرِكَ ٱلْقَمَرَ وَلَا ٱلَّيْلُ سَابِقُ ٱلنَّهَارِ ۚ وَكُلٌّۭ فِى فَلَكٍۢ يَسْبَحُونَ ۝٤۰

සූර්යයා චන්ද්‍රයාට ළඟා විය නොහැක. රාත්‍රිය දහවල පසු කරන්නට නොහැක. (මෙසේම ග්‍රහයන්ද, තාරකාවන්ද) සෑම එකක්ම (තමන්ගේ) සීමා වටයන් තුළ පිහිනා යන්නේය.

وَءَايَةٌۭ لَّهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ ۝٤١

නැව බොහොමයක් මිනිස් සංහතියන් ඔසවාගෙන යාමට අපි සැලැස්වීමද නියත වශයෙන්ම ඔවුන්ට එක් සාධකයක් වන්නේය.

وَخَلَقْنَا لَهُم مِّن مِّثْلِهِۦ مَا يَرْكَبُونَ ۝٤٢

ඔවුන් නැග යාමට එවැනි (රුවල් නැව් ආදී) දැයද අපි ඔවුන් වෙනුවෙන් උත්පාදනය කර ඇත්තෙමු.

وَإِن نَّشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنقَذُونَ ۝٤۳

අපි කැමති වුවහොත් ඔවුන්ව (මුහුදෙහි) ගිල්වා දමන්නෙමු. ඒ අතර (ආරක්ෂාව පතා ශබ්ද නගන) ඔවුන්ව බේරා ගැනීමට කිසිවෙකුත් නොසිටිනු ඇත. ඔවුන්ව බේරා ගනු නොලබන්නාහ.

إِلَّا رَحْمَةًۭ مِّنَّا وَمَتَٰعًا إِلَىٰ حِينٍۢ ۝٤٤

(එහෙත්) අපගේ දයාවෙන් ටික කලක් ඔවුන්ට සැප සම්පත් විඳින්නට (අත්හැර දැමුවොත් මිස);

وَإِذَا قِيلَ لَهُمُ ٱتَّقُوا۟ مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ ۝٤٥

“(දෙවියන්ගේ) කරුණාව, දයාව ඔබ අත් කර ගැනීමට ඔබ පසුපසින්ද, ඔබ ඉදිරියෙන්ද ඇති දැය (වන මෙලොව, පරලොව දඬුවම්) වලට ඔබ බිය වනු” යයි ඔවුන්ට කියනු ලැබුවහොත් (එය ඔවුන් ගණන් ගන්නේ නැත).

وَمَا تَأْتِيهِم مِّنْ ءَايَةٍۢ مِّنْ ءَايَٰتِ رَبِّهِمْ إِلَّا كَانُوا۟ عَنْهَا مُعْرِضِينَ ۝٤٦

තවද ඔවුන්ගේ දෙවියන්ගේ සාධකයන්ගෙන් කුමන සාධකයක් ඔවුන් වෙත පැමිණියා වුවද, එය ඔවුන් ප්‍රතික්ෂේප නොකර සිටින්නේ නැත.

وَإِذَا قِيلَ لَهُمْ أَنفِقُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ قَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوٓا۟ أَنُطْعِمُ مَن لَّوْ يَشَآءُ ٱللَّهُ أَطْعَمَهُۥٓ إِنْ أَنتُمْ إِلَّا فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ ۝٤۷

“අල්ලාහ් ඔබට ලබා දුන් දැයෙන් (දුප්පතුන්ට) දානමාන කරනු” යයි ඔවුන්ට කියනු ලැබුවහොත් “අල්ලාහ් අදහස් කළහොත් ඔහුම ආහාර ලබා දිය යුතු අයට අපට ආහාර දිය හැකිද? ඔබ ප්‍රකට දුර්මාර්ගයෙහි මිස, වෙන කිසිවක් නැත” යයි විශ්වාසවන්තයින්ට මෙම ප්‍රතික්ෂේප කරන්නන් (සමච්චලයෙන්) පවසන්නාහ.

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ ۝٤۸

තවද “ඇත්තෙන්ම ඔබ ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (අපට ඒවි යයි ඔබ පවසන දඬුවම ගැන) එම පොරොන්දුව කවදා නම් එන්නේද?” යයිද (සමච්චලයෙන්) විමසන්නාහ.

مَا يَنظُرُونَ إِلَّا صَيْحَةًۭ وَٰحِدَةًۭ تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ ۝٤۹

එකම එක ශබ්දයකට මිස, (වෙන කිසිවක් ගැන) ඔවුන් බලාපොරොත්තුවෙන් සිටියේ නැත! (මේ ගැන සමච්චලයෙන්) ඔවුන් තර්ක කරමින් සිටින විටදීම (එය) ඔවුන්ව අල්ලා ගනු ඇත.

فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةًۭ وَلَآ إِلَىٰٓ أَهْلِهِمْ يَرْجِعُونَ ۝٥۰

ඒ අවස්ථාවේදී ඔවුන් අන්තිම කැමැත්ත කීමට හෝ නැතහොත් තමන්ගේ පවුලේ උදවිය වෙත යන්නට හෝ නොහැකි වනු ඇත. (ඒ අතර විනාශ වී යනු ඇත).

وَنُفِخَ فِى ٱلصُّورِ فَإِذَا هُم مِّنَ ٱلْأَجْدَاثِ إِلَىٰ رَبِّهِمْ يَنسِلُونَ ۝٥١

(අනිත් වතාවේදී කවදා) සූර් (නමැති හොරණෑව) පිඹිනු ලබන්නේද, එවෙලේම ඔවුන් සොහොන් වලින් ඉකුත් වී තමන්ගේ දෙවියන් වෙත (ඉතාමත්) වේගයෙන් දිව එන්නාහ.

قَالُوا۟ يَٰوَيْلَنَا مَنۢ بَعَثَنَا مِن مَّرْقَدِنَا ۜ ۗ هَٰذَا مَا وَعَدَ ٱلرَّحْمَٰنُ وَصَدَقَ ٱلْمُرْسَلُونَ ۝٥٢

(තවද) “අපගේ ශෝකයයි! අපව, අපගේ (සොහොන් වන) නිදන ස්ථානයන්ගෙන් නැගිට්ටෙව්වේ කවරෙක්ද?”යි විමසනු ඇත. (එයට මලායිකාවරුන් ඔවුන්ට) “රහ්මාන් (ඔබට) දුන් පොරොන්දුවද, නබිවරුන් (ඔබට) සත්‍යය යයි ගෙනහැර දැක්වූවේද මෙයයි” (යයි පවසන්නාහ).

إِن كَانَتْ إِلَّا صَيْحَةًۭ وَٰحِدَةًۭ فَإِذَا هُمْ جَمِيعٌۭ لَّدَيْنَا مُحْضَرُونَ ۝٥۳

එය එකම එක ශබ්දයක් මිස, (වෙන කිසිවක්) නොතිඛෙණු ඇත. ඒ අතර ඔවුන් සියල්ලන්ම අප වෙත ඒකරාශී කර, ගෙන එනු ලබන්නාහ.

فَٱلْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌۭ شَيْـًۭٔا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ ۝٥٤

තවද එදිනදී කිසිම ආත්මයකට (එයගේ පින් අඩු කර හෝ පාපය වැඩි කර හෝ) කිසිම අපරාධයක් කරනු නොලබන්නාහ. ඔබ කළ දැය මිස, ඔබට ඵලවිපාක දෙනු නොලැබේ.

إِنَّ أَصْحَٰبَ ٱلْجَنَّةِ ٱلْيَوْمَ فِى شُغُلٍۢ فَٰكِهُونَ ۝٥٥

එදිනදී නියත වශයෙන්ම ස්වර්ගවාසීන් සතුටින් පිරී ඉතිරී සිටින්නාහ.

هُمْ وَأَزْوَٰجُهُمْ فِى ظِلَٰلٍ عَلَى ٱلْأَرَآئِكِ مُتَّكِـُٔونَ ۝٥٦

ඔවුන්ද, ඔවුන්ගේ භාර්යයාවන්ද, සෙවනෙහි ඇති යහනාවන්හි (ඉතාමත් සතුටින්) හාන්සි වී (වාඩි වී) සිටින්නාහ.

لَهُمْ فِيهَا فَٰكِهَةٌۭ وَلَهُم مَّا يَدَّعُونَ ۝٥۷

එහි ඔවුන්ට (විවිධ) පලතුරු වර්ග සමග ඔවුන් ඉල්ලන සියල්ල ලැඛෙනු ඇත.

سَلَٰمٌۭ قَوْلًۭا مِّن رَّبٍّۢ رَّحِيمٍۢ ۝٥۸

(ඔවුන්ට) අසමසම අනුකම්පාවෙන් යුතු දෙවියන් විසින් “ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයි කියනු ලැබේ.

وَٱمْتَٰزُوا۟ ٱلْيَوْمَ أَيُّهَا ٱلْمُجْرِمُونَ ۝٥۹

(අනිත් පාපතරයන්ට) “වැරදිකරුවනි! අද දින ඔබ (හොඳ අයගෙන්) වෙන් වී සිටිනු” (යයි කියනු ලැබේ).

۞ أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَٰبَنِىٓ ءَادَمَ أَن لَّا تَعْبُدُوا۟ ٱلشَّيْطَٰنَ ۖ إِنَّهُۥ لَكُمْ عَدُوٌّۭ مُّبِينٌۭ ۝٦۰

“ආදම්ගේ පරම්පරාවේ දරුවෙනි! ඔබ ෂෙයිතාන්ව නොනැමදිය යුතුය. නියත වශයෙන්ම ඔහු ඔබට ප්‍රකට සතුරෙකි යයි මා ඔබ වෙතින් ස්ථීර වූ පොරොන්දුවක් ලබා ගත්තේ නැද්ද?”

وَأَنِ ٱعْبُدُونِى ۚ هَٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ ۝٦١

“ඔබ මාවම නැමදිය යුතුය. මෙයයි ඍජු මාර්ගය’(යයිද මා ඔබ වෙතින් ස්ථීර වූ පොරෙරොන්දුවක් ලබා ගත්තේ නැද්ද?)”

وَلَقَدْ أَضَلَّ مِنكُمْ جِبِلًّۭا كَثِيرًا ۖ أَفَلَمْ تَكُونُوا۟ تَعْقِلُونَ ۝٦٢

“(එසේ තිබියදී) ඔහු ඔබගෙන් විශාල සංඛ්‍යාවක්, නියත වශයෙන්ම මාර්ගය වැරද යැව්වේය. මෙය ඔබ දැන ගත්තේ නැද්ද?”

هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِى كُنتُمْ تُوعَدُونَ ۝٦۳

“ඔබට පොරොන්දු දෙන ලද නිරය මෙයයි”

ٱصْلَوْهَا ٱلْيَوْمَ بِمَا كُنتُمْ تَكْفُرُونَ ۝٦٤

“(මෙය) ඔබ ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් අද දින මෙහි ඔබ ඇතුළු වනු” (යයිද පවසන්නෙමු).

ٱلْيَوْمَ نَخْتِمُ عَلَىٰٓ أَفْوَٰهِهِمْ وَتُكَلِّمُنَآ أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُم بِمَا كَانُوا۟ يَكْسِبُونَ ۝٦٥

එදින අපි ඔවුන්ගේ කටෙහි මුද්‍රා තබා හරින්නෙමු. ඔවුන්ගේ අත් අප වෙත කතා කරනු ඇත. ඔවුන් කරමින් සිටි (පාපතර) කාරණාවන් ගැන ඔවුන්ගේ කකුල්ද සාක්ෂි කියනු ඇත.

وَلَوْ نَشَآءُ لَطَمَسْنَا عَلَىٰٓ أَعْيُنِهِمْ فَٱسْتَبَقُوا۟ ٱلصِّرَٰطَ فَأَنَّىٰ يُبْصِرُونَ ۝٦٦

අපි අදහස් කර තිබුණේ නම් ඔවුන්ගේ ඇස් පෙනීම නැති කර ඇත්තෙමු. (ඒ අතර ඔවුන් බේරී යාමට) මාර්ගයක් සොයා දුවන්නේ නම්, කුමක් නම් බැලිය හැකිද?

وَلَوْ نَشَآءُ لَمَسَخْنَٰهُمْ عَلَىٰ مَكَانَتِهِمْ فَمَا ٱسْتَطَٰعُوا۟ مُضِيًّۭا وَلَا يَرْجِعُونَ ۝٦۷

අපි අදහස් කර තිබුණේ නම්, ඔවුන්ගේ රුව වෙනස් කර, ඔවුන් සිටි ස්ථානයේම සිටින සේ (ගලක් වශයෙන් හෝ නොන්ඩියෙක් වශයෙන් හෝ) කර ඇත්තෙමු. ඒ අතර ඔවුන් විසින් ඉදිරියට යාමටද නොහැකි වන්නට ඉඩ තිබුණි. පසුපසට යාමටද ඉඩ නොතිබිණි.

وَمَن نُّعَمِّرْهُ نُنَكِّسْهُ فِى ٱلْخَلْقِ ۖ أَفَلَا يَعْقِلُونَ ۝٦۸

අපි කවුරුන්ට හෝ දීර්ඝ ජීවිතයක් ලබා දුන්නේ නම්, ඔහුගේ තත්වය උඩ යටිකුරු කර, (කුඩා දරුවෙකු මෙන් පත් කර) හරින්නෙමි. (මෙය) ඔවුන් දැන ගත යුතු නොවේද?

وَمَا عَلَّمْنَٰهُ ٱلشِّعْرَ وَمَا يَنۢبَغِى لَهُۥٓ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌۭ وَقُرْءَانٌۭ مُّبِينٌۭ ۝٦۹

(අපගේ දූතයා වන) ඔහුට අපි කවි (නිර්මාණය කිරීමට) ඉගැන්වූවේ නැත. එය ඔහුට සුදුසු දැයක්ද නොව. මෙය හොඳ ඔවදන්ද (හොඳ, නරක) පැහැදිලි කර දිය හැකි කුර්ආනයක්ම මිස, වෙන කිසිවක් නොව.

لِّيُنذِرَ مَن كَانَ حَيًّۭا وَيَحِقَّ ٱلْقَوْلُ عَلَى ٱلْكَٰفِرِينَ ۝۷۰

(තවද මෙය) පණ පිටින් සිටින්නන්ට බිය ගන්වා අනතුරු අඟවා, (මරණයට පත් වූවන් මෙන්) ප්‍රතික්ෂේප කරන්නන් වෙත (දඬුවම ගැන වූ) පොරොන්දුව ස්ථීර කරන්නේය.

أَوَلَمْ يَرَوْا۟ أَنَّا خَلَقْنَا لَهُم مِّمَّا عَمِلَتْ أَيْدِينَآ أَنْعَٰمًۭا فَهُمْ لَهَا مَٰلِكُونَ ۝۷١

අපගේ අතින්ම නිර්මාණය කළ දැයෙන් ඔවුන් අයිතිවාසිකම් දැරිය හැකි (එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ද ඔවුන් වෙනුවෙන් අපිම උත්පාදනය කළෙමු යන්න ඔවුන් දුටුවේ නැද්ද?

وَذَلَّلْنَٰهَا لَهُمْ فَمِنْهَا رَكُوبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ ۝۷٢

ඒවා ඔවුන්ට යටත් පහත් වන සේ අපි පත් කළෙමු. ඒවායෙන් ඔවුන් (වාහන වශයෙන්) නැග ගත හැකි දැයද ඇත්තේය. ඔවුන් ආහාරයට ගත හැකි දැයද ඒවායේ ඇත්තේය.

وَلَهُمْ فِيهَا مَنَٰفِعُ وَمَشَارِبُ ۖ أَفَلَا يَشْكُرُونَ ۝۷۳

ඔවුන්ට පානය කළ හැකි (කිරි වැනි) දැයද, තවත් බොහෝ ප්‍රයෝජනයන්ද ඒවායෙන් ඇත්තේය. (මේවා සියල්ලට) ඔවුන් කෘතඥ විය යුතු නොවේද?

وَٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ ءَالِهَةًۭ لَّعَلَّهُمْ يُنصَرُونَ ۝۷٤

එහෙත් අල්ලාහ් නොවන දැයෙන්ම තමන්ට උදව් ලැබේවි යයි ඒවා ඔවුන් දෙවිවරුන් වශයෙන් බාර ගන්නාහ.

لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُندٌۭ مُّحْضَرُونَ ۝۷٥

ඒවා විසින් ඔවුන්ට උදව් කළ නොහැක. එහෙත් ඒවා මොවුන්ට (එරෙහිව) සේනාවක් වශයෙන් ගෙන එනු ලැබේ.

فَلَا يَحْزُنكَ قَوْلُهُمْ ۘ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۝۷٦

(නබියේ! ඔබ ගැන ‘ඔබ බොරුකාරයෙකි’ යයිද) ඔවුන්ගේ කියමන ඔබව කණගාටුවට ලක් කළ යුතු නැත. නියත වශයෙන්ම අපි ඔවුන් (තමන්ගේ මනසෙහි) සඟවා ගන්නා දැයද, (ඊට වෙනස්ව තමන්ගේ මුවින්) ඔවුන් එළිදරව් කරන දැයද හොඳින් දන්නෙමු.

أَوَلَمْ يَرَ ٱلْإِنسَٰنُ أَنَّا خَلَقْنَٰهُ مِن نُّطْفَةٍۢ فَإِذَا هُوَ خَصِيمٌۭ مُّبِينٌۭ ۝۷۷

නියත වශයෙන්ම අපි මිනිසාව එක් ඉනිද්‍රිය බිඳකින් උත්පාදනය කළෙමු යන්න ඔවුන් අවධානය කළේ නැද්ද? එසේ තිබියදී ඔහු ප්‍රකට සතුරෙකු බවට පත් වී (අපට වෙනස්කම් කිරීමට ඉදිරිපත්) වන්නේය.

وَضَرَبَ لَنَا مَثَلًۭا وَنَسِىَ خَلْقَهُۥ ۖ قَالَ مَن يُحْىِ ٱلْعِظَٰمَ وَهِىَ رَمِيمٌۭ ۝۷۸

ඔහු තමන්ගේ උත්පාදනය (තමන්ව කෙසේ නිර්මාණය කරනු ලැබුවේද) යන්න අමතක කර දමා, එක් උදාහරණයක් අප වෙත ගෙනහැර දක්වන්නේය. “දිරා පත්ව පස් බවට පත් වූ (මෙම) ඇටසැකිළ්ලට පණ දෙන්නේ කවරෙක්ද?”යි ඔහු විමසනුනේය.

قُلْ يُحْيِيهَا ٱلَّذِىٓ أَنشَأَهَآ أَوَّلَ مَرَّةٍۢ ۖ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ ۝۷۹

(නබියේ! එයට) ඔබ මෙසේ පවසනු: “පළමු වරට එය උත්පාදනය කළේ කවරෙක්ද, ඔහුම මෙයටද පණ දෙන්නේය. ඔහු නම් සියලූ ආකාරයටම උත්පාදනය කිරීමට ඉතාමත් දන්නෙකි.

ٱلَّذِى جَعَلَ لَكُم مِّنَ ٱلشَّجَرِ ٱلْأَخْضَرِ نَارًۭا فَإِذَآ أَنتُم مِّنْهُ تُوقِدُونَ ۝۸۰

“අමු ගසකින් ඔබට ගින්දර නිපදවන්නාද ඔහුය. පසුව එමගින් ඔබ (ඔබට අවශ්‍යය ගින්දර) මොළවා ගන්නෙහුය”.

أَوَلَيْسَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يَخْلُقَ مِثْلَهُم ۚ بَلَىٰ وَهُوَ ٱلْخَلَّٰقُ ٱلْعَلِيمُ ۝۸١

“අහස්ද භූමියද උත්පාදනය කළ අය, ඔවුන් වැනි අයව උත්පාදනය කිරීමට ශක්තියක් නොමැත්තෙකුද? එසේය! නියත වශයෙන්ම ඔහුම (සියලූ ආකාරයෙන්ම) උත්පාදනය කිරීමට හොඳින් දන්නෙකි”.

إِنَّمَآ أَمْرُهُۥٓ إِذَآ أَرَادَ شَيْـًٔا أَن يَقُولَ لَهُۥ كُن فَيَكُونُ ۝۸٢

කිමෙක්ද! ඔහුගේ බලසම්පන්නකමද! ඔහු යම්කිසි වස්තුවක් (උත්පාදනය කිරීමට) අදහස් කළහොත් ඔහු අණ කරන්නේ, “වනු!” යයි පැවසීම පමණකි. (එපමණයි ප්‍රමාදය). එවෙලේම එය සිදු වන්නේය.

فَسُبْحَٰنَ ٱلَّذِى بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَىْءٍۢ وَإِلَيْهِ تُرْجَعُونَ ۝۸۳

සියල්ලෙහි බලය කවුරුන් අත ඇත්තේද, ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔහු වෙතම ආපසු ගෙන එනු ලබන්නෙහුය.