< السورة السابقة | فهرس السور | السورة التالية >
surah031
Luqman (31)
Luqman, makkah, 34 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓمٓ ١
අලිෆ්. ලාම්. මීම්.
تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْحَكِيمِ ٢
මේවා ඥානයෙන් පිරි (මෙම) ධර්මයේ සමහර ආයාවන් වන්නේය.
هُدًۭى وَرَحْمَةًۭ لِّلْمُحْسِنِينَ ۳
(මෙය) හොඳ දැය කරන්නන්ට එක් ඍජු මාර්ගය පෙන්වන්නනක් වශයෙන්ද, එක් වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය.
ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلْءَاخِرَةِ هُمْ يُوقِنُونَ ٤
ඔවුන් (කෙබඳු අයදයත්) සලාතය නොකඩවා සලාත් කරන්නාහ. සකාත්ද ගෙවමින් සිටින්නාහ. පරලොවද ඔවුන් ස්ථීර වශයෙන් විශ්වාස කරන්නාහ.
أُو۟لَٰٓئِكَ عَلَىٰ هُدًۭى مِّن رَّبِّهِمْ ۖ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ٥
මෙවැන්නන් තමන්ගේ දෙවියන්ගේ ඍජු මාර්ගයෙහි සිටින්නාහ. ජයග්‍රහණය කරන්නන්ද මොවුන්ය.
وَمِنَ ٱلنَّاسِ مَن يَشْتَرِى لَهْوَ ٱلْحَدِيثِ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِ بِغَيْرِ عِلْمٍۢ وَيَتَّخِذَهَا هُزُوًا ۚ أُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌۭ مُّهِينٌۭ ٦
(මොවුන් හැර) මිනිසුන්ගෙන් සමහරෙක් සිටින්නාහ. ඔවුන් (බොරු ප්‍රබන්ධ කතා ආදී) පුහු පුවත් මිලට ගෙන, (ඒවා මිනිසුන්ට කියවා පෙන්වා) අල්ලාහ්ගේ මාර්ගයෙන්, නොදැනුවත් (ජනතාව) මාර්ගය වැරද යාමට සලස්වා, එය සමච්චලයටද ලක් කර ගන්නාහ. මෙවැන්නන්ට අවමන් ගෙන දෙන දඬුවම් නියත වශයෙන්ම ඇත.
وَإِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَٰتُنَا وَلَّىٰ مُسْتَكْبِرًۭا كَأَن لَّمْ يَسْمَعْهَا كَأَنَّ فِىٓ أُذُنَيْهِ وَقْرًۭا ۖ فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ ۷
(එවැනි) ඔහුටද අපගේ ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත් එය ඔහු නොඇසුනාක් මෙන්ද, තමන්ගේ කණ් දෙකේම බිහිරිභාවය ඇත්තාක් මෙන්ද, උඞඟූව ඈත් වී යන්නේය. එබැවින් (නබියේ!) ඔහුට වේදනා ගෙන දෙන දඬුවම මගින් ඔබ ශුභාරංචි දෙන මැනව!
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُمْ جَنَّٰتُ ٱلنَّعِيمِ ۸
(එහෙත් මිනිසුන්ගෙන්) කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට ඉතාමත් සතුට ගෙන දෙන ස්වර්ගයන් ඇත.
خَٰلِدِينَ فِيهَا ۖ وَعْدَ ٱللَّهِ حَقًّۭا ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ۹
එහි ඔවුන් සදාකල් රැඳී සිටිනු ඇත. අල්ලාහ්ගේ (මෙම) පොරොන්දුව සත්‍යයකි! ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
خَلَقَ ٱلسَّمَٰوَٰتِ بِغَيْرِ عَمَدٍۢ تَرَوْنَهَا ۖ وَأَلْقَىٰ فِى ٱلْأَرْضِ رَوَٰسِىَ أَن تَمِيدَ بِكُمْ وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٍۢ ۚ وَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍۢ كَرِيمٍ ١۰
ඔහුම අහස්, කුළුණු නොමැතිවම නිර්මාණය කර ඇත්තේය. එය ඔබත් බලන්නෙහුය. භූමිය ඔබව නොසැළී සිටීම පිණිස (ස්ථීරවූ) කඳු (එහි) සිටුවා තබා විවිධ වර්ගයේ ජීවීන්වද විසුරුවා හැරියේය. (මිනිසුනේ! අල්ලාහ් වන) අපිම වලාකුළෙන් වර්ෂාව වැසීමට සලස්වා එමගින්ම උසස් වූ විවිධ වර්ගයේ ගස් වැල් පැලෑටි ජෝඩු ජෝඩු වශයෙන් වැඩෙන්නට සලස්වන්නෙමු.
هَٰذَا خَلْقُ ٱللَّهِ فَأَرُونِى مَاذَا خَلَقَ ٱلَّذِينَ مِن دُونِهِۦ ۚ بَلِ ٱلظَّٰلِمُونَ فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ ١١
(එබැවින් නබියේ! ඔබ ඔවුන්ට මෙසේ පවසනු): මේවා (සියල්ල) අල්ලාහ්ගේ උත්පාදනයන් වන්නේය. ඔහු හැර, (ඔබ දෙවිවරුන් යයි පවසන) ඒවා කුමක් නම් උත්පාදනය කර ඇත්තේද යන්න ඔබ මට පෙන්වනු. (එසේ කිසිවක්) නැත. (අල්ලාහ් හැර අන් දැය නමදින මෙම) අපරාධකරුවන් ප්‍රකට දුර්මාර්ගයෙහිම සිටින්නාහ.
وَلَقَدْ ءَاتَيْنَا لُقْمَٰنَ ٱلْحِكْمَةَ أَنِ ٱشْكُرْ لِلَّهِ ۚ وَمَن يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِۦ ۖ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِىٌّ حَمِيدٌۭ ١٢
නියත වශයෙන්ම අපි ලූක්මාන්ට ඥානය ලබා දුන්නෙමු. “ඔබ අල්ලාහ්ට කෘතඥ වනු. මන්දයත් කවුරුන් කෘතඥ වන්නේද, ඔහු තමන්ගේ යහපතක් වෙනුවෙන්ම කෘතඥ වන්නේය. කවුරුන් (ඔහුව) ප්‍රතික්ෂේප කරන්නේද, (ඔහු තමන්ටම නපුර සොයා ගන්නේය. එමගින් අල්ලාහ්ට කිසිම පාඩුවක් නැත. මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් අවශ්‍යතාවයක් නැත්තෙකු හා ප්‍රශංසාවන් හිමි කෙනෙකු වශයෙන් සිටින්නේය” (යයි පැවසුවෙමු).
وَإِذْ قَالَ لُقْمَٰنُ لِٱبْنِهِۦ وَهُوَ يَعِظُهُۥ يَٰبُنَىَّ لَا تُشْرِكْ بِٱللَّهِ ۖ إِنَّ ٱلشِّرْكَ لَظُلْمٌ عَظِيمٌۭ ١۳
ලූක්මාන් තම පුතුට හොඳ ඔවදන් දුන් අවස්ථාවේදී “මගේ ආදරණීය පුතුනේ! ඔබ අල්ලාහ්ට සමානයන් නොතබනු! (මන්දයත්) නියත වශයෙන්ම සමානයන් තැබීම ඉමහත් වූ අපරාධයකි” යයි පැවසුවේය.
وَوَصَّيْنَا ٱلْإِنسَٰنَ بِوَٰلِدَيْهِ حَمَلَتْهُ أُمُّهُۥ وَهْنًا عَلَىٰ وَهْنٍۢ وَفِصَٰلُهُۥ فِى عَامَيْنِ أَنِ ٱشْكُرْ لِى وَلِوَٰلِدَيْكَ إِلَىَّ ٱلْمَصِيرُ ١٤
තමන්ගේ දෙමව්පියන්ට (කෘතඥ වීම) ගැන මිනිසාට අපි හොඳ ඔවදන් දුන්නෙමු. ඔහුගේ මව දුක් කරදර මත දුක් ගැහැට විඳිමන් (ගර්භයෙහි) ඔහුව ඉසිලූවාය. (ඔහු ඉපදුණු) පසුද, අවුරුදු දෙකකට පසුවම ඔහුට කිරි දීම නතර කළාය. (එබැවින් මිනිසුනේ!) ඔබ මටත් ඔබගේ දෙමව්පියන්ටත් කෘතඥ වෙමින් සිටිනු. (අවසානයේදී ඔබ) මා වෙතම පැමිණ සේන්දු වීමට ඇත්තේය.
وَإِن جَٰهَدَاكَ عَلَىٰٓ أَن تُشْرِكَ بِى مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌۭ فَلَا تُطِعْهُمَا ۖ وَصَاحِبْهُمَا فِى ٱلدُّنْيَا مَعْرُوفًۭا ۖ وَٱتَّبِعْ سَبِيلَ مَنْ أَنَابَ إِلَىَّ ۚ ثُمَّ إِلَىَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ١٥
එහෙත් (දෙවියන් යයි) ඔබ නොදන්නා දැය මා හට සමානයන් වශයෙන් තබන මෙන් ඔවුන් ඔබට බල කළහොත් (එම කාරණාවෙහි) ඔබ ඒ දෙදෙනාට අවනත නොවනු. එහෙත් මෙලොවෙහි (දැහැමි කාරණාවන්හි) ඔබ ඒ දෙදෙනා සමග ඉතාමත් ආදරයෙන් යුතුව කටයුතු කරනු. (සෑම කාරණාවකදීම) මා දෙසම බලා සිටින්නන්ගේ මාර්ගයෙහි ඔබ අනුගමනය කර කටයුතු කරමින් සිටිනු. පසුව ඔබ (සියල්ලන්ම) මා වෙතම පැමිණ සේන්දු විය යුතුව ඇත්තේය. ඔබ කරමින් සිටි දැය ගැන (ඒ අතර) මා ඔබට උපදෙස් දෙන්නෙමි.
يَٰبُنَىَّ إِنَّهَآ إِن تَكُ مِثْقَالَ حَبَّةٍۢ مِّنْ خَرْدَلٍۢ فَتَكُن فِى صَخْرَةٍ أَوْ فِى ٱلسَّمَٰوَٰتِ أَوْ فِى ٱلْأَرْضِ يَأْتِ بِهَا ٱللَّهُ ۚ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٌۭ ١٦
(නැවතත් ලූක්මාන් තම පුතුට) “මගේ දයාබර පුතුනේ! (හොඳ හෝ නරක හෝ) එය එක් අබ ඇටයක ප්‍රමාණයක් වුවත් (කම් නැත) එය එක් (කළු ගල්) තලාවක හෝ අහස්හි හෝ භූමියෙහි හෝ (සැඟවී) තිබුණා වුවද, (ගණනය කරන විට) නියත වශයෙන්ම අල්ලාහ් එයද ගෙනැවිත් තබනු ඇත. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් තියුණු බුද්ධියකින් යුක්ත කෙනෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය”.
يَٰبُنَىَّ أَقِمِ ٱلصَّلَوٰةَ وَأْمُرْ بِٱلْمَعْرُوفِ وَٱنْهَ عَنِ ٱلْمُنكَرِ وَٱصْبِرْ عَلَىٰ مَآ أَصَابَكَ ۖ إِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ ٱلْأُمُورِ ١۷
“මගේ දයාබර පුතුනේ! ඔබ සලාතය නොකඩවා ඉටු කරමින් සිටිනු. දැහැමි ක්‍රියාවන් මගින් පොළඹවා පාපතර ක්‍රියාවන්ගෙන් (මිනිසුන්ව) ඈත් කර තබනු. ඔබට ඇති වන දුක් ගැහැට ඔබ ඉවසිලිවන්තව විඳ දරා ගනු. ක්‍රියාවන්ගෙන් මෙය ඉතාමත් වීර ක්‍රියාවකි”.
وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِى ٱلْأَرْضِ مَرَحًا ۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍۢ فَخُورٍۢ ١۸
“(උඞඟූ වී) ඔබගේ මුහුණ මිනිසුන්ගෙන් ඈතට නොහරවනු! භූමියෙහි ආඩම්බර බස් ෙදාඩමින්ද කටයුතු නොකරනු! උඞඟූ වී ආඩම්බර බස් ෙදාඩන සියල්ලන්වම නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත”.
وَٱقْصِدْ فِى مَشْيِكَ وَٱغْضُضْ مِن صَوْتِكَ ۚ إِنَّ أَنكَرَ ٱلْأَصْوَٰتِ لَصَوْتُ ٱلْحَمِيرِ ١۹
“ඔබගේ ගමනෙහි (ආඩම්බරයද, උඞඟූභාවයද නොමැතිව) මධ්‍යස්ථභාවයම ප්‍රිය කරනු. ඔබගේ කටහඞද පහත් කර ගනු. (මන්දයත්) නියත වශයෙන්ම කටහඞවල් සියල්ලගෙන් ඉතාමත් පිළිකුල් සහගත වන්නේ, බූරුවාගේ (කර්කශක) කටහඞයි!” (යයි පැවසුවේය).
أَلَمْ تَرَوْا۟ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُۥ ظَٰهِرَةًۭ وَبَاطِنَةًۭ ۗ وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍۢ وَلَا هُدًۭى وَلَا كِتَٰبٍۢ مُّنِيرٍۢ ٢۰
(මිනිසුනේ!) අහස්හිද, භූමියෙහිද, ඇති දැය නියත වශයෙන්ම අල්ලාහ් ඔබට වසඟ කර දී ඇත්තේය යන්නද, ඔහු තම වරප්‍රසාදයන් ගුප්තවද, ප්‍රසිද්ධියේද, ඔබ කෙරෙහි පහළ කර ඇත්තේය යන්නද, ඔබ දුටුවේ නැද්ද? (මේ සියල්ල මෙසේ තිබියදී) මිනිසුන්ගෙන් සමහරෙක් අධ්‍යාපන දැනුම හෝ (තර්කානුකූල) ඍජු මාර්ගය හෝ ආලෝකමත් ධර්ම (ග්‍රන්ථයෙහි සාධකයන්) හෝ නොමැතිව අල්ලාහ් ගැන (නිකරුණේ) තර්ක කරන්නාහ.”
وَإِذَا قِيلَ لَهُمُ ٱتَّبِعُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ قَالُوا۟ بَلْ نَتَّبِعُ مَا وَجَدْنَا عَلَيْهِ ءَابَآءَنَآ ۚ أَوَلَوْ كَانَ ٱلشَّيْطَٰنُ يَدْعُوهُمْ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ ٢١
අල්ලාහ් පහළ කළ (මෙම ධර්මය) අනුගමනය කරනු” යයි ඔවුන්ට කියනු ලැබුවහොත් එයට ඔවුන් “නොඑසේය! අපගේ මුතුන් මිත්තන් කුමක් කෙරෙහි සිටියෝදැයි අපි දුටුවෙමුද, එයම අනුගමනය කරන්නෙමු” යයි පවසන්නාහ. (කිමෙක්ද!) ඔවුන් (මුතුන් මිත්තන්)ව ෂෙයිතාන් දළු ලා දැවෙන දඬුවම දෙසට ආරාධනා කර, (ඔවුන්ද ගොස්) සිටියා වුවද, (මොවුන් ඔවුන්ව අනුගමනය කර යන්නෙහුද)?
۞ وَمَن يُسْلِمْ وَجْهَهُۥٓ إِلَى ٱللَّهِ وَهُوَ مُحْسِنٌۭ فَقَدِ ٱسْتَمْسَكَ بِٱلْعُرْوَةِ ٱلْوُثْقَىٰ ۗ وَإِلَى ٱللَّهِ عَٰقِبَةُ ٱلْأُمُورِ ٢٢
කවුරුන් තමන්ගේ මුහුණ සම්පූර්ණයෙන්ම අල්ලාහ් දෙසට හරවා දැහැමි දැයද කරමින් සිටින්නේද, ඔහු නියත වශයෙන්ම (නොකැපෙන) ඉතාමත් ශක්තිමත් කඹයක් අල්ලාගෙන සිටින්නේය. සියලූ කාරණාවන්ගේ අවසානයද අල්ලාහ් වෙතම ඇත්තේය.
وَمَن كَفَرَ فَلَا يَحْزُنكَ كُفْرُهُۥٓ ۚ إِلَيْنَا مَرْجِعُهُمْ فَنُنَبِّئُهُم بِمَا عَمِلُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ٢۳
(නබියේ!) කවුරුන් හෝ (ඔබව) ප්‍රතික්ෂේප කර හැරියහොත් ඔහුගේ ප්‍රතික්ෂේපය ඔබව දුකෙහි ගැලී යා නොයුතුය. ඔවුන් අප වෙතම පැමිණිය යුතුව ඇත්තේය. ඒ අතර ඔවුන්ගේ (මෙම) ක්‍රියාව ගැන අපි ඔවුන්ට උපදෙස් දෙන්නෙමු. නියත වශයෙන්ම අල්ලාහ් (මිනිසුන්ගේ) හෘදයන්හි ඇති දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
نُمَتِّعُهُمْ قَلِيلًۭا ثُمَّ نَضْطَرُّهُمْ إِلَىٰ عَذَابٍ غَلِيظٍۢ ٢٤
(මේ අතර) පොඩියක් සුවය විඳින සේ ඔවුන්ව අපි අත්හැර දමා සිටින්නෙමු. පසුවද, දරුණ දඬුවම දෙසට (යන ලෙසට) අපි ඔවුන්ව බල කර හරින්නෙමු.
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ ٱللَّهُ ۚ قُلِ ٱلْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ٢٥
(නබියේ!) “අහස්ද, භූමියද උත්පාදනය කළේ කවරෙක්ද?”යි ඔබ ඔවුන්ගෙන් විමසන්නේ නම්, එයට ඔවුන් “අල්ලාහ්” යයි නියත වශයෙන්ම පවසනු ඇත. (එයට “මෙතරම් දුරට හෝ දැනුම තිබීම ගැන) සියලූ ප්‍රශංසා අල්ලාහ්ටය” යයි පවසනු මැනව! එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (දෙවියන්ව මෙසේ ප්‍රශංසා කර සුවි ශුද්ධ කිරීමට) දැන ගන්නේ නැත.
لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ إِنَّ ٱللَّهَ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ ٢٦
අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල අල්ලාහ්ටම අයත්ය! (එහෙත්) නියත වශයෙන්ම (මේවායෙන් කිසිවක්) අවශ්‍ය නොවන්නෙකු වශයෙන් හා ප්‍රශංසාවෙන් පිරි කෙනෙකු වශයෙන් සිටින්නා අල්ලාහ්ය.
وَلَوْ أَنَّمَا فِى ٱلْأَرْضِ مِن شَجَرَةٍ أَقْلَٰمٌۭ وَٱلْبَحْرُ يَمُدُّهُۥ مِنۢ بَعْدِهِۦ سَبْعَةُ أَبْحُرٍۢ مَّا نَفِدَتْ كَلِمَٰتُ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌۭ ٢۷
පොළොවෙහි ඇති ගස් කොලන් සියල්ල පෑන් බවටද, මුහුදු සියල්ලේ (ජලය තීන්ත බවට)ද තිබී, (එය ඉවර වී) නැවතත් සාගරයන් හත (තීන්ත බවට) තිබී (ලිවීමට) උපකාර වූවා වුවද, අල්ලාහ්ගේ ආයාවන් නියත වශයෙන්ම (ලියා) නිම කළ නොහැක. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලට) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
مَّا خَلْقُكُمْ وَلَا بَعْثُكُمْ إِلَّا كَنَفْسٍۢ وَٰحِدَةٍ ۗ إِنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌ ٢۸
(මිනිසුනේ! ආරම්භයේදී) ඔබව (අළුතින්) නිර්මාණය කිරීමද, (මරණයට පත් වූ පසු) ඔබට පණ දී නැගිටීමට සැලැස්වීමද, (ඔබගෙන්) කෙනෙකුව නිර්මාණය කිරීම (නිර්මාණය කර පණ දීම) මෙන්ම මිස, වෙන කිසිවක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ල) සවන් දෙන්නෙකු හා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ كُلٌّۭ يَجْرِىٓ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى وَأَنَّ ٱللَّهَ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ ٢۹
(නබියේ!) නියත වශයෙන්ම අල්ලාහ් රාත්‍රිය දහවලෙහි ඇතුළු වීමට සලස්වන්නේය. දහවල රාත්‍රියෙහි ඇතුළු වීමට සලස්වන්නේය. සූර්යයාද, චන්ද්‍රයාද, (තමන්ගේ පාලන බලය තුළ) යටපත් කර තබන්නේය යන්න ඔබ දුටුවේ නැද්ද? (මෙවායෙන්) සෑම දැයක්ම (එය, එයට ඔහු) නියම කර ඇති කාල අවකාශයට අනුව කටයුතු කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِ ٱلْبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلْعَلِىُّ ٱلْكَبِيرُ ۳۰
මේවා සියල්ල නියත වශයෙන් අල්ලාහ්ම සත්‍ය දෙවියන් යන්නටද, ඔහු හැර ඔවුන් (දෙවිවරුන් යයි) ආරාධනා කරන දැය බොරු දැය යන්නටද, නියත වශයෙන් අල්ලාහ්ම ඉතාමත් විශාලවන්තයෙකු හා උසස්වන්තයෙකුද වන්නේය යන්නටද (සාධකයන් වශයෙන් ඇත්තේය).
أَلَمْ تَرَ أَنَّ ٱلْفُلْكَ تَجْرِى فِى ٱلْبَحْرِ بِنِعْمَتِ ٱللَّهِ لِيُرِيَكُم مِّنْ ءَايَٰتِهِۦٓ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّكُلِّ صَبَّارٍۢ شَكُورٍۢ ۳١
අල්ලාහ්ගේ වරප්‍රසාදයන්ගෙන් මුහුදෙහි යාත්‍රා කරන නැව්ද ඔහුගේ සාධයන් ඔබට දැනුම් දිය හැකි දැයක් වශයෙන් තිඛෙණු (නබියේ!) ඔබ අවධානය කර බැලූවේ නැද්ද? ඉවසිලිවන්තව (දුක් කරදර) විඳ දරාගෙන සිටිමින් ඔහුට කෘතඥ වන සියල්ලන්ටම නියත වශයෙන්ම මෙහි සාධකයන් (බොහොමයක්) ඇත.
وَإِذَا غَشِيَهُم مَّوْجٌۭ كَٱلظُّلَلِ دَعَوُا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمْ إِلَى ٱلْبَرِّ فَمِنْهُم مُّقْتَصِدٌۭ ۚ وَمَا يَجْحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا كُلُّ خَتَّارٍۢ كَفُورٍۢ ۳٢
(නැවේ ගමන් කරන) ඔවුන්ව (සුළි සුළං හමා, හැම පැත්තෙන්ම) රළ මුදුන් වහල මෙන් වටකර ගත් අවස්ථාවේදී අල්ලාහ්ට අවනත වී කළවම් නොවුන මනසින් යුතුව ඔහුට ආරාධනා කර, ප්‍රාර්ථනා කරන්නාහ. ඔහු ඔවුන්ව වෙරළෙහි ගොඩ බස්සවා බේරා ගත්තේ නම්, ඔවුන්ගෙන් සමහරෙක්ම ඉතාමත් ශාන්ත ලීලාවෙන් කටයුතු කරන්නාහ. (වැඩි දෙනෙකු සීමාව ඉක්මවා කටයුතු කරන්නාහ). ඉතාමත් ගුණමකු අපරාධකරුවන් හැර, (වෙන කිසිවෙකුත්) අපගේ සාධකයන් (මෙසේ) ප්‍රතික්ෂේප කරන්නේ නැත.
يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُوا۟ رَبَّكُمْ وَٱخْشَوْا۟ يَوْمًۭا لَّا يَجْزِى وَالِدٌ عَن وَلَدِهِۦ وَلَا مَوْلُودٌ هُوَ جَازٍ عَن وَالِدِهِۦ شَيْـًٔا ۚ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ ۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلْغَرُورُ ۳۳
මිනිසුනේ! ඔබගේ දෙවියන්ට බිය වනු. එක් දිනයක් ගැන බිය වනු. (එදිනදී) පියා දරුවාට උදව් කරන්නේ නැත. දරුවා පියාට කිසිම උදව්වක් කරන්නේ නැත. (සෑම දෙනෙකුම තමන්වම බේරා ගැනීමට ප්‍රයත්න දරමින් සිටින දිනයකි). නියත වශයෙන්ම (එදින පැමිණෙනු ඇත යන) අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයකි. එබැවින් මෙලොව ජීවිතය ඔබව රවටා දැමිය යුතු නැත. (ෂෙයිතාන් වන) මායාකාරයාද අල්ලාහ් ගැන ඔබව රවටා දැමිය යුතු නැත.
إِنَّ ٱللَّهَ عِندَهُۥ عِلْمُ ٱلسَّاعَةِ وَيُنَزِّلُ ٱلْغَيْثَ وَيَعْلَمُ مَا فِى ٱلْأَرْحَامِ ۖ وَمَا تَدْرِى نَفْسٌۭ مَّاذَا تَكْسِبُ غَدًۭا ۖ وَمَا تَدْرِى نَفْسٌۢ بِأَىِّ أَرْضٍۢ تَمُوتُ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٌۢ ۳٤
නියත වශයෙන්ම (යුග අවසාන) කාලය ගැන වූ ඥානය අල්ලාහ්ගේ සන්නිධානයේ (පමණක්)ම ඇත්තේය. ඔහුම වර්ෂාව පහළ කරන්නේය. ඔහුම ගර්භයන්හි ඇති දැයද දන්නේය. (ඔහු හැර) කිසිවෙකුත් හෙට දින ඔහු කුමක් කරන්නේද යන්න නොදන්නේය. ඔහු කුමන භූමියක මරණයට පත් වන්නේද යන්නද (ඔහු හැර) කිසිවෙකුත් නොදන්නේය. නියත වශයෙන්ම අල්ලාහ්ම (මේවා) හොඳින් දන්නෙකු හා දැනුවත් කෙනෙකු වශයෙන්ම සිටින්නේය.