< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓمٓ ۝١

අලිෆ්. ලාම්. මීම්.

غُلِبَتِ ٱلرُّومُ ۝٢

(නබියේ!) රෝමවාසීන් සමීපයෙහි ඇති භූමියෙහි (දැනටමත්) පරාජයට පත් වී ඇත.

فِىٓ أَدْنَى ٱلْأَرْضِ وَهُم مِّنۢ بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ ۝۳

ඔවුන් (අද දින) පරාජයට පත් වුවද, ඉතාමත් ඉක්මනින් ඔවුන් ජයග්‍රහණය කරනු ඇත.

فِى بِضْعِ سِنِينَ ۗ لِلَّهِ ٱلْأَمْرُ مِن قَبْلُ وَمِنۢ بَعْدُ ۚ وَيَوْمَئِذٍۢ يَفْرَحُ ٱلْمُؤْمِنُونَ ۝٤

(එයත්) වසර කිහිපයක් ඇතුළතදීම (ජය පැරදුම ලබා දෙන) බලය මීට පෙරත් පසුවත් අල්ලාහ්ටම අයත්ය. (ඔවුන් ජයග්‍රහණය කරන) එදිනදී, විශ්වාසවන්තයින් අල්ලාහ්ගේ උදව්ව දැක සතුටට පත් වන්නාහ.

بِنَصْرِ ٱللَّهِ ۚ يَنصُرُ مَن يَشَآءُ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ۝٥

ඔහු තමන් කැමති අයට උදව් කරන්නේය. ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.

وَعْدَ ٱللَّهِ ۖ لَا يُخْلِفُ ٱللَّهُ وَعْدَهُۥ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ۝٦

(මෙය) අල්ලාහ්ගේ පොරොන්දුවයි. අල්ලාහ් තමන්ගේ පොරොන්දුවෙන් වෙනස් වන්නේ නැත. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත.

يَعْلَمُونَ ظَٰهِرًۭا مِّنَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَهُمْ عَنِ ٱلْءَاخِرَةِ هُمْ غَٰفِلُونَ ۝۷

ඔවුන් මෙලොව ජීවිතයෙහි ඇති පිටස්තර දැයම දැන (අවධානය) කරන්නාහ. නමුත් පරලොව ගැන ඔවුන් සම්පූර්ණයෙන්ම නොසැලකිලිමත්ව සිටින්නාහ.

أَوَلَمْ يَتَفَكَّرُوا۟ فِىٓ أَنفُسِهِم ۗ مَّا خَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ وَأَجَلٍۢ مُّسَمًّۭى ۗ وَإِنَّ كَثِيرًۭا مِّنَ ٱلنَّاسِ بِلِقَآئِ رَبِّهِمْ لَكَٰفِرُونَ ۝۸

(මෙය) ඔවුන් තමන් තුළම අවධානය කළ යුතු නොවේද? අහස්ද, භූමියද, මේවා අතර ඇති දැයද, සාධාරණ හේතුවක් නොමැතිවද, නියමිත කාල අවකාශයක් නොමැතිවද, අල්ලාහ් උත්පාදනය කළේ නැත. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු දෙවියන්ගේ හමු වීමද ප්‍රතික්ෂේප කරන්නාහ.

أَوَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَانُوٓا۟ أَشَدَّ مِنْهُمْ قُوَّةًۭ وَأَثَارُوا۟ ٱلْأَرْضَ وَعَمَرُوهَآ أَكْثَرَ مِمَّا عَمَرُوهَا وَجَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ ۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ ۝۹

මොවුන් භූමියෙහි සංචාරය කර, මොවුන්ට පෙර සිටි අයගේ අවසානය කෙසේ වූවේද යන්න බැලිය යුතු නොවේද? (පෙර විසූ) ඔවුන් මොවුන්ට වඩා ශක්තිසම්පන්නයන් වශයෙන්ද, මොවුන් කොපමණ ප්‍රමාණයට භූමිය සීසා සංවර්ධනය කළෝද, ඊටත් වඩා අධික වශයෙන් (භූමිය) සීසා සංවර්ධනය කළ අය වශයෙන්ද, ඔවුන් සිටියහ. (මෙසේ තිබියදී සාධකයන්ගෙන්) පැහැදිලි ඒවා සමගම ඔවුන්ගේ දූතයින් ඔවුන් වෙත පැමිණියහ. අල්ලාහ් ඔවුන්ට කිසි විටෙකත් හානියක් කරන්නේ නැත. එහෙත් ඔවුන් (එම නබිවරුන්ව බොරුකාරයින් කර) තමන්ට තමන්ම නපුරක් කර ගත්හ.

ثُمَّ كَانَ عَٰقِبَةَ ٱلَّذِينَ أَسَٰٓـُٔوا۟ ٱلسُّوٓأَىٰٓ أَن كَذَّبُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ وَكَانُوا۟ بِهَا يَسْتَهْزِءُونَ ۝١۰

නපුර කරමින් සිටි ඔවුන්ගේ අවසානයද නපුරක් වශයෙන්ම අවසන් විය. එහෙත් ඔවුන් අල්ලාහ්ගේ ආයාවන් බොරු කර ඒවා ගැන සමච්චල් කරමින් සිටියහ.

ٱللَّهُ يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ ۝١١

(මිනිසුනේ!) අල්ලාහ් (පෙර නිදසුණක් නොමැතිවම) උත්පාදනයන් නිර්මාණය කර, ඔහුම (ඒවා මරණයට පත් වූ පසුද) ඒවා පුනරුත්ථානය කරන්නේය. පසුව (මිනිසුනේ!) ඔබ (සියල්ලන්ම) ඔහු වෙතම ගෙන එනු ලබන්නෙහුය.

وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يُبْلِسُ ٱلْمُجْرِمُونَ ۝١٢

විනිශ්චය කාලය සිදු වන දිනදී වැරදිකරුවන්ගේ විශ්වාසය බිඳී යනු ඇත.

وَلَمْ يَكُن لَّهُم مِّن شُرَكَآئِهِمْ شُفَعَٰٓؤُا۟ وَكَانُوا۟ بِشُرَكَآئِهِمْ كَٰفِرِينَ ۝١۳

(මන්දයත්) ඔවුන් සමානයන් තබා නමදින දැයෙන් කිසිවක් ඔවුන්ට මැදිහත් වී කතා නොකරනු ඇත. (සමානයන් තැබූ) ඔවුන්වද, තමන් සමානයන් වශයෙන් තැබූ දැයම ප්‍රතික්ෂේප කර හරින්නාහ.

وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يَوْمَئِذٍۢ يَتَفَرَّقُونَ ۝١٤

විනිශ්චය කාලය සිදු වන දින, -එදිනදී- ඔවුන් (හොඳ අය, නපුරු අය යනුවෙන්) ඛෙදා වෙන් කර හරිනු ලබන්නාහ.

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَهُمْ فِى رَوْضَةٍۢ يُحْبَرُونَ ۝١٥

නමුත් කවුරුන් විශ්වාසය තබා දැහැමි කාරණාවන් කරන්නෝද, ඔවුන් (පරලොව ස්වර්ගයෙහි ඇති) උසස් උයන් වතුවල සතුටින් ගැලී යාමට සලස්වනු ලබන්නාහ.

وَأَمَّا ٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَلِقَآئِ ٱلْءَاخِرَةِ فَأُو۟لَٰٓئِكَ فِى ٱلْعَذَابِ مُحْضَرُونَ ۝١٦

කවුරුන් (අපව) ප්‍රතික්ෂේප කර, අපගේ ආයාවන්ද, පරලොව හමුවීමද බොරු කරන්නෝද, ඔවුන් (විනිශ්චය දිනදී) දඬුවම් දීමට ගෙන එනු ලබන්නාහ.

فَسُبْحَٰنَ ٱللَّهِ حِينَ تُمْسُونَ وَحِينَ تُصْبِحُونَ ۝١۷

එබැවින් (විශ්වාසවන්තයිනි!) ඔබ සූර්යයා උදා වන විටද, සූර්යයා බසින විටද අල්ලාහ්ව සුවිශුද්ධ කරමින් සිටිනු.

وَلَهُ ٱلْحَمْدُ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَعَشِيًّۭا وَحِينَ تُظْهِرُونَ ۝١۸

ඉදිරි රාත්‍රියේද, මධ්‍යහ්නයේද, අහස්හිද, භූමියෙහිද (ඇති සියල්ල සුවිශුද්ධ කර ප්‍රශංසා කරන) ප්‍රශංසා සියල්ල අල්ලාහ්ටම අයත්ය!

يُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَيُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ وَيُحْىِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ وَكَذَٰلِكَ تُخْرَجُونَ ۝١۹

ඔහුම මළ දැයෙන් පණ ඇති දැය ඉකුත් කරන්නේය. ඔහුම පණ ඇති දැයෙන් මළ දැය ඉකුත් කරන්නේය. ඔහුම මිය ගිය පොළොවද සශ්‍රීක කරන්නේය. මෙසේම (මරණයට පත් වූ පසු පරලොවදී) ඔබව ඉකුත් කරනු ලබන්නෙහුය.

وَمِنْ ءَايَٰتِهِۦٓ أَنْ خَلَقَكُم مِّن تُرَابٍۢ ثُمَّ إِذَآ أَنتُم بَشَرٌۭ تَنتَشِرُونَ ۝٢۰

ඔහු ඔබව පස්වලින් උත්පාදනය කළේය. පසුව ඔබ මිනිසුන් බවට පත් වී (භූමියෙහි විවිධ ප්‍රදේශයන්හි) විසිරී යාමට හැරීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි.

وَمِنْ ءَايَٰتِهِۦٓ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَٰجًۭا لِّتَسْكُنُوٓا۟ إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةًۭ وَرَحْمَةً ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَتَفَكَّرُونَ ۝٢١

(ඔබ එක්කාසු වී ජීවත් විය හැකි ඔබගේ) භාර්යයාවන්ව ඔබ ඔවුන් වෙත හිත සුව ලැබීම පිණිස ඔබගෙන්ම ඔහු නිර්මාණය කර, ඔබ අතරේ ආදරයද කරුණාවද ඇති කර තිබීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. සිතා වටහා ගත හැකි ජනතාවට මෙහිද නියත වශයෙන්ම (එකක් නොව, බොහොමයක්) සාධකයන් ඇත.

وَمِنْ ءَايَٰتِهِۦ خَلْقُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَٱخْتِلَٰفُ أَلْسِنَتِكُمْ وَأَلْوَٰنِكُمْ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّلْعَٰلِمِينَ ۝٢٢

අහස්ද භූමියද උත්පාදනය කර තිබීමද, ඔබගේ භාෂාවන්ද, වර්ණයන්ද වෙනස් වී තිබීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. මෙහිද බුද්ධිමත් අයට නියත වශයෙන්ම (බොහොමයක්) සාධකයන් ඇත්තේය.

وَمِنْ ءَايَٰتِهِۦ مَنَامُكُم بِٱلَّيْلِ وَٱلنَّهَارِ وَٱبْتِغَآؤُكُم مِّن فَضْلِهِۦٓ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَسْمَعُونَ ۝٢۳

රාත්‍රියේද, දහවලේද, නිදාගෙන (විඩාව නිවා ගැනීම)ද, (භූමියෙහි විවිධ ප්‍රදේශයන්ට ගොස්) ඔබ ඔහුගේ වරප්‍රසාදයන් සොයා ගැනීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. සවන් දෙන ජනතාවට මෙහිද නියත වශයෙන්ම (බොහොමයක්) සාධකයන් ඇත.

وَمِنْ ءَايَٰتِهِۦ يُرِيكُمُ ٱلْبَرْقَ خَوْفًۭا وَطَمَعًۭا وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَيُحْىِۦ بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَآ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَعْقِلُونَ ۝٢٤

ලාභයද, බියද ලබා දිය හැකි සේ විදුලිය ඔහු ඔබට පෙන්වීමද, වලාකුළෙන් වර්ෂාව වැසීමට සලස්වා එමගින් මිය ගිය පොළොව සශ්‍රීක කිරීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. බුද්ධිමත් ජනතාවට නියත වශයෙන්ම මෙහි (එකක් නොව, බොහොමයක්) සාධකයන් ඇත්තේය.

وَمِنْ ءَايَٰتِهِۦٓ أَن تَقُومَ ٱلسَّمَآءُ وَٱلْأَرْضُ بِأَمْرِهِۦ ۚ ثُمَّ إِذَا دَعَاكُمْ دَعْوَةًۭ مِّنَ ٱلْأَرْضِ إِذَآ أَنتُمْ تَخْرُجُونَ ۝٢٥

අහස්ද, භූමියද, ඔහුගේ නියෝගයට අනුව ස්ථීරව තිබීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. (ඔබට නියම කරනු ලැබූ කාලය දක්වා ඔබ එහි ජීවත් වී මරණයට පත් වූ පසු භූමියෙහි භූමදානය කරනු ලැබීමෙන්) පසුද ඔහු ඔබව කැඳවුවහොත් එකම එක ශබ්දයකින් එවෙලේම ඔබ භූමියෙන් ඉකුත් වනු ලබන්නෙහුය.

وَلَهُۥ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ كُلٌّۭ لَّهُۥ قَٰنِتُونَ ۝٢٦

අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල ඔහුට අයත් දැයයි! මේවා සියල්ල ඔහුට අවනත වී කටයුතු කරන්නේය.

وَهُوَ ٱلَّذِى يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ وَهُوَ أَهْوَنُ عَلَيْهِ ۚ وَلَهُ ٱلْمَثَلُ ٱلْأَعْلَىٰ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ۝٢۷

ඔහුම උත්පාදනයන් (පෙර නිදසුණක් නොමැතිවම ආරම්භයේදී) නිර්මාණය කරන්නේය. ඔහුම (ඒවා මරණයට පත් වූ පසුද, පණ දී) ඒවා පුනරුත්ථානය කරන්නේය. මෙය ඔහුට ඉතාමත් පහසුය. අහස්හිද, භූමියෙහිද ඉතාමත් උසස් උපමාවන් ඔහුටම අයිතිය. ඔහු (සියල්ලට) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

ضَرَبَ لَكُم مَّثَلًۭا مِّنْ أَنفُسِكُمْ ۖ هَل لَّكُم مِّن مَّا مَلَكَتْ أَيْمَٰنُكُم مِّن شُرَكَآءَ فِى مَا رَزَقْنَٰكُمْ فَأَنتُمْ فِيهِ سَوَآءٌۭ تَخَافُونَهُمْ كَخِيفَتِكُمْ أَنفُسَكُمْ ۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَعْقِلُونَ ۝٢۸

(මිනිසුනේ! ඔබ ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය දැන ගැනීම පිණිස) ඔබ තුළම ඔහු එක් උදාහරණයක් ඔබට පවසන්නේය. ඔබගේ ‘දකුණත් හිමි කර ගත් අය’ගෙන් කවුරුන්ව හෝ අපි ඔබට ලබා දුන් වස්තූන්ගෙන් ඔබ සමග මිතුරන් කරගෙන, ඔබ සමානත්වය සම්බන්ධයෙන් දස්කම් පාන්නෙහුද? ඔබ ඔබව ගණනයට ගන්නාක් මෙන් ඔවුන්වද ගණනයට ගන්නෙහුද? (ගණනයට නොගන්නවා නොවෙද! එසේ තිබියදී මගේ උත්පාදනයන්ව ඔබ මා හට සමානයන් වශයෙන් කළ හැකිද?) බුද්ධිමත් ජනතාවට (අපගේ) ආයාවන් මෙසේ විවරණය කර පවසන්නෙමු.

بَلِ ٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَهْوَآءَهُم بِغَيْرِ عِلْمٍۢ ۖ فَمَن يَهْدِى مَنْ أَضَلَّ ٱللَّهُ ۖ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ ۝٢۹

එහෙත් අපරාධකාරයින් කිසිම දැනුමක් නැතිවම තමන්ගේ සිත් (තුළ ඇතිවන) ආශාවන් අනුගමනය කරමින් කටයුතු කරන්නාහ. අල්ලාහ් කවුරුන්ව දුර් මාර්ගයෙහි අත්හැර දැමුවේද, ඔවුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කළ හැකි අය කවරෙක්ද? තවද ඔවුන්ට උදව් කරන්නන් කිසිවෙකුත් නැත.

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًۭا ۚ فِطْرَتَ ٱللَّهِ ٱلَّتِى فَطَرَ ٱلنَّاسَ عَلَيْهَا ۚ لَا تَبْدِيلَ لِخَلْقِ ٱللَّهِ ۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ۝۳۰

(නබියේ!) ඔබ, ඔබගේ මුහුණ (ඉස්ලාමීය) ධර්මය දෙසටම සම්පූර්ණයෙන්ම (හරවා) ස්ථීරවත් කරනු මැනව! අල්ලාහ් මිනිසුන්ව උත්පාදනය කළ මාර්ගයම ඔහුගේ ස්වභාවික මාර්ගය වේ. අල්ලාහ්ගේ උත්පාදනයන්හි කිසිම වෙනසක් නැත. මෙයම (නිවැරදි) ස්ථීරවත් මාර්ගය වේ. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු මෙය දැන ගන්නේ නැත.

۞ مُنِيبِينَ إِلَيْهِ وَٱتَّقُوهُ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَلَا تَكُونُوا۟ مِنَ ٱلْمُشْرِكِينَ ۝۳١

(විශ්වාසවන්තයිනි! ඔබ සියල්ලන්ම) ඔහු දෙසටම හැරී සිටිය යුතු අය වශයෙන් සිටින්නෙහුය. එබැවින් ඔහුට බිය වී සලාතයද නොකඩවා ඉටු කරනු. සමානයන් තබා නමදින්නන්ගෙන් වූ අය බවට ඔබත් පත් නොවනු.

مِنَ ٱلَّذِينَ فَرَّقُوا۟ دِينَهُمْ وَكَانُوا۟ شِيَعًۭا ۖ كُلُّ حِزْبٍۭ بِمَا لَدَيْهِمْ فَرِحُونَ ۝۳٢

ඔවුන් තමන්ගේ ධර්මයෙහි ඛෙදීමක් ඇති කර, (විවිධ) කොටස් වශයෙන් ඛෙදා හැරියහ. (ඔවුන්) සෑම පන්තියේ අයම තමන් වෙත ඇති (වැරදි) දැය මගින් සතුටට පත් වන්නාහ.

وَإِذَا مَسَّ ٱلنَّاسَ ضُرٌّۭ دَعَوْا۟ رَبَّهُم مُّنِيبِينَ إِلَيْهِ ثُمَّ إِذَآ أَذَاقَهُم مِّنْهُ رَحْمَةً إِذَا فَرِيقٌۭ مِّنْهُم بِرَبِّهِمْ يُشْرِكُونَ ۝۳۳

මිනිසුන්ට කුමක් හෝ විපතක් ළඟා වන විට, ඔවුන් තමන්ගේ දෙවියන් දෙසට මුහුණ හරවා ඔහු වෙතින් ප්‍රාර්ථනා කරන්නාහ. පසුව ඔහු (එය පහ කර) ඔවුන්ව තමන්ගේ වරප්‍රසාදයන් විඳින සේ සැලැස්සුවහොත් ඔවුන්ගෙන් එක් කොටසක් තමන්ගේ දෙවියන්ටම සමානයන් තබන්නාහ.

لِيَكْفُرُوا۟ بِمَآ ءَاتَيْنَٰهُمْ ۚ فَتَمَتَّعُوا۟ فَسَوْفَ تَعْلَمُونَ ۝۳٤

අපි ඔවුන්ට පහළ කළ දැය, ඔවුන් ප්‍රතික්ෂේප කරනු ඇත. ඔබ (ඔබගේ කැමැත්තට අනුව පොඩියක්) සුවය විඳිනු. (ඔබගේ නපුරේ ඵලවිපාක) ඉතා ඉක්මනින් ඔබ දැන ගන්නෙහුය.

أَمْ أَنزَلْنَا عَلَيْهِمْ سُلْطَٰنًۭا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُوا۟ بِهِۦ يُشْرِكُونَ ۝۳٥

ඔවුන් සමානයන් තබා නැමදීමට සාක්ෂි වශයෙන් පවසන්නට හැකි යම්කිසි සාධකයක් අපි ඔවුන්ට ලබා දී ඇත්තෙමුද? (එසේ කිසිවක් නැත).

وَإِذَآ أَذَقْنَا ٱلنَّاسَ رَحْمَةًۭ فَرِحُوا۟ بِهَا ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ إِذَا هُمْ يَقْنَطُونَ ۝۳٦

මිනිසුන් (අපගේ) වරප්‍රසාදයන් විඳින සේ අපි සැලැස්සුවහොත් එමගින් ඔවුන් සතුටට පත් වන්නාහ. එහෙත් ඔවුන්ගේ ආත්ම (සොයා) යැවූ (නපුරු) ක්‍රියාවන්හි හේතුවෙන් ඔවුන්ට යම්කිසි විපතක් ඇති වන විට, එවෙලේම ඔවුන්ගේ විශ්වාසය බිඳී යන්නේය.

أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يُؤْمِنُونَ ۝۳۷

නියත වශයෙන්ම අල්ලාහ් තමන් අදහස් කරන අයට ආහාර විස්තීරණ කර දෙන්නේය. (තමන් අදහස් කරන අයට) සීමා සහිතව ලබා දෙන්නේය යන්න ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? විශ්වාසය තැබූ ජනතාවට නියත වශයෙන්ම මෙහි සාධකයන් (බොහොමයක්) ඇත්තේය.

فَـَٔاتِ ذَا ٱلْقُرْبَىٰ حَقَّهُۥ وَٱلْمِسْكِينَ وَٱبْنَ ٱلسَّبِيلِ ۚ ذَٰلِكَ خَيْرٌۭ لِّلَّذِينَ يُرِيدُونَ وَجْهَ ٱللَّهِ ۖ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ۝۳۸

(නබියේ! ඔබගේ වස්තුවෙන්) ඥාතීන්ට උරුම වූ දැය ඔවුන්ට ලබා දෙමින් (සිටිනු). (එසේම) දුප්පතුන්ටද, මැගියන්ටද, (ඔවුන්ට උරුම දැය ලබා දෙමින් සිටිනු). කවුරුන් අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස කැමති වන්නෝද, ඔවුන්ට මෙයම ඉතාමත් අගනේය. මෙවැන්නන්ම නියත වශයෙන්ම ජයග්‍රහණය අත් කර ගත හැකි අයයි.

وَمَآ ءَاتَيْتُم مِّن رِّبًۭا لِّيَرْبُوَا۟ فِىٓ أَمْوَٰلِ ٱلنَّاسِ فَلَا يَرْبُوا۟ عِندَ ٱللَّهِ ۖ وَمَآ ءَاتَيْتُم مِّن زَكَوٰةٍۢ تُرِيدُونَ وَجْهَ ٱللَّهِ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُضْعِفُونَ ۝۳۹

අනිත් මිනිසුන්ගේ වස්තුවත් සමග එක්කාසු කර, (ඔබගේ වස්තුවද) අධික කර ගැනීම සඳහා පොළියට ඔබ දෙන මුදල් අල්ලාහ්ගේ සන්නිධානයෙහි අධික වන්නේ නැත. එහෙත් අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස තකා සකාත් වශයෙන් යම් කිසිවක් ඔබ දුන්නහොත් හෝ (එය අල්ලාහ්ගේ සන්නිධානයෙහි අධික වන්නේය). මෙවැන්නන්ම (ඵලවිපාක) දෙගුණයක් වශයෙන් අත් කර ගත හැකි අයයි.

ٱللَّهُ ٱلَّذِى خَلَقَكُمْ ثُمَّ رَزَقَكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۖ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَفْعَلُ مِن ذَٰلِكُم مِّن شَىْءٍۢ ۚ سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ ۝٤۰

අල්ලාහ්ම ඔබව උත්පාදනය කළ අයයි. ඔබට ආහාර ලබා දෙන්නාද ඔහුය. පසුව ඔහුම ඔබව පණ ගන්වන්නේය. මේවායෙන් යම් කිසිවක් කළ හැකි දැය ඔබගේ දෙවිවරුන්ගෙන් යම් කිසිවෙක් ඇත්තේද? ඔවුන් තබන සමානයන්ගෙන් ඔහු ඉතාමත් උසස්වන්තයෙකු හා ඉතාමත් පරිශුද්ධවන්තයෙකි.

ظَهَرَ ٱلْفَسَادُ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِى ٱلنَّاسِ لِيُذِيقَهُم بَعْضَ ٱلَّذِى عَمِلُوا۟ لَعَلَّهُمْ يَرْجِعُونَ ۝٤١

මිනිසුන්ගේ අත් සොයා ගත් (නපුරු) ක්‍රියාවන්හි හේතුවෙන් මුහුදෙහිද, ගොඩ බිමෙහිද, අපරාධයන් ඇති විය. (ඒවායෙන්) ඔවුන් ඈත් වනු පිණිස, ඔවුන්ගේ (නපුරු) ක්‍රියාවන්ගෙන් සමහරක් ඔවුන් (මෙලොවදීම) විඳින සේ ඔහු සලස්වන්නේය.

قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلُ ۚ كَانَ أَكْثَرُهُم مُّشْرِكِينَ ۝٤٢

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “භූමියෙහි ඔබ සංචාරය කර බලනු. (ඔබට) පෙර සිටි අයගේ අවසානය කෙසේ වූයේද? (පෙර සිටි) ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සමානයන් තබා නමදින්නන් වශයෙන්ම සිටියහ”.

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ ٱلْقَيِّمِ مِن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌۭ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِ ۖ يَوْمَئِذٍۢ يَصَّدَّعُونَ ۝٤۳

(එබැවින් (නබියේ!) අල්ලාහ් වෙතින් බේරීමට පෙරම ඔබ, ඔබගේ මුහුණ ස්ථීර වූ ධර්මය දෙසට (හරවා) ස්ථීරවත් කර ගනු මැනව! එදිනදී (හොඳ අය, නපුරු අය වෙන් වෙන් වශයෙන්) වෙන්කර හරිනු ලැබේ.

مَن كَفَرَ فَعَلَيْهِ كُفْرُهُۥ ۖ وَمَنْ عَمِلَ صَٰلِحًۭا فَلِأَنفُسِهِمْ يَمْهَدُونَ ۝٤٤

කවුරුන් අල්ලාහ්ව ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන් සිටින්නේද, ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුටම නපුරක් වශයෙන් අවසන් වනු ඇත. කවුරුන් දැහැමි ක්‍රියාවන් කරන්නේද, ඔහු (එය පරලොවදී) තමන්ට හොඳක් වශයෙන්ම සලස්වා ගන්නේය.

لِيَجْزِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ مِن فَضْلِهِۦٓ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْكَٰفِرِينَ ۝٤٥

විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නන්ටම ඔහු තම වරප්‍රසාදයන්ගෙන් ඵලවිපාක ලබා දෙන්නේය. (මන්දයත්) නියත වශයෙන්ම ඔහු ප්‍රතික්ෂේප කරන්නන්ව ප්‍රිය කරන්නේ නැත.

وَمِنْ ءَايَٰتِهِۦٓ أَن يُرْسِلَ ٱلرِّيَاحَ مُبَشِّرَٰتٍۢ وَلِيُذِيقَكُم مِّن رَّحْمَتِهِۦ وَلِتَجْرِىَ ٱلْفُلْكُ بِأَمْرِهِۦ وَلِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ ۝٤٦

ඔහුගේ වරප්‍රසාදයන් ඔබ විඳින සේ සැලැස්වීමටද, ඔහුගේ නියෝගයට අනුව නැව් යාත්‍රා කිරීමටද, (එමගින් විවිධ රටවල්වලට ගොස්) ඔබ, ඔහුගේ වරප්‍රසාදය සොයා ගැනීමටද, (වැස්සට පෙර ශීත) සුළං ශුභාරංචි වශයෙන් ඔහු යැවීමද, ඔහුගේ සාධකයන්ගෙන් එකක් වන්නේය. (මේ වෙනුවෙන්) ඔබ කෘතඥ වන්නෙහුද?

وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَآءُوهُم بِٱلْبَيِّنَٰتِ فَٱنتَقَمْنَا مِنَ ٱلَّذِينَ أَجْرَمُوا۟ ۖ وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ ٱلْمُؤْمِنِينَ ۝٤۷

(නබියේ!) නියත වශයෙන්ම අපි ඔබට පෙරද බොහොමයක් දූතයින්ව ඔවුන්ගේ ජනතාව වෙත යැව්වෙමු. ඔවුන්ද ඔවුන් වෙත පැහැදිලි වූ දැය (වන සාධකයන්) ගෙන ආවාහ. (එහෙත් ඒවා ඔවුන් ප්‍රතික්ෂේප කර දැමූහ). එබැවින් (ඒවා ප්‍රතික්ෂේප කළ) වැරදිකරුවන් වෙත අපි පළි ගත්තෙමු. (මන්දයත් මෙසේ පළි ගෙන) විශ්වාසවන්තයින්ට උදව් කිරීම අප කෙරෙහි අනිවාර්යය යුතුකමක් වශයෙන් තිබුණි.

ٱللَّهُ ٱلَّذِى يُرْسِلُ ٱلرِّيَٰحَ فَتُثِيرُ سَحَابًۭا فَيَبْسُطُهُۥ فِى ٱلسَّمَآءِ كَيْفَ يَشَآءُ وَيَجْعَلُهُۥ كِسَفًۭا فَتَرَى ٱلْوَدْقَ يَخْرُجُ مِنْ خِلَٰلِهِۦ ۖ فَإِذَآ أَصَابَ بِهِۦ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦٓ إِذَا هُمْ يَسْتَبْشِرُونَ ۝٤۸

අල්ලාහ්ම සුළං යවන්නේය. ඒවා වලාකුළු දක්කාගෙන යන්නේය. ඔහු කැමති ප්‍රකාර එය අහසෙහි විසිරී යාමට සලස්වා කඩින් කඩ සිටීමට සලස්වන්නේය. ඒ මැදින් වැස්ස වසිනු ඔබ දකින්නෙහුය. තම වහලූන්ගෙන් ඔහු කැමති අයව එය පැමිණ සේන්දු වීමට සැලැස්සුවහොත් ඔවුන් සතුටින් පිනා යන්නාහ.

وَإِن كَانُوا۟ مِن قَبْلِ أَن يُنَزَّلَ عَلَيْهِم مِّن قَبْلِهِۦ لَمُبْلِسِينَ ۝٤۹

නමුත් ඔවුන් මත වැස්ස වැසීමට පෙරද -ඊට පෙරද- ඔවුන්ගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳී ගිය අය වශයෙන්ම සිටියහ.

فَٱنظُرْ إِلَىٰٓ ءَاثَٰرِ رَحْمَتِ ٱللَّهِ كَيْفَ يُحْىِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَآ ۚ إِنَّ ذَٰلِكَ لَمُحْىِ ٱلْمَوْتَىٰ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ۝٥۰

(නබියේ! මෙසේ) අල්ලාහ්ගේ දයාවෙන් ඇති වූ සළකුණු (වන ඵලවිපාක) ඔබ අවධානය කර බලනු! මැරී ගිය භූමිය කෙසේ නම් සශ්‍රීක කරන්නේද! නියත වශයෙන්ම මේ අන්දමටම මරණයට පත් වූ අයවද පණ දීමට සලස්වන්නේය. ඔහු සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකි.

وَلَئِنْ أَرْسَلْنَا رِيحًۭا فَرَأَوْهُ مُصْفَرًّۭا لَّظَلُّوا۟ مِنۢ بَعْدِهِۦ يَكْفُرُونَ ۝٥١

(වැස්ස නැති වියළී ගිය) සුළඟ අපි යවා (එමගින් තමන්ගේ භෝගයන් වියළී ගොස්) කහ වී තිබීම ඔවුන් දුටුවහොත් (ඉන්) පසුවද, (අපි ඔවුන්ට කළින් කළගුණ අමතක වී) ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන්ම සිටින්නාහ.

فَإِنَّكَ لَا تُسْمِعُ ٱلْمَوْتَىٰ وَلَا تُسْمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوْا۟ مُدْبِرِينَ ۝٥٢

(නබියේ!) මරණයට පත් වූවන්ව සවන් දීමට සැලැස්වීමට නියත වශයෙන්ම ඔබට නොහැක. ඔබව ප්‍රතික්ෂේප කර යන බිහිරන්ටද ශබ්දය ඇසීමට සැලැස්වීමටද ඔබට නොහැක.

وَمَآ أَنتَ بِهَٰدِ ٱلْعُمْىِ عَن ضَلَٰلَتِهِمْ ۖ إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِـَٔايَٰتِنَا فَهُم مُّسْلِمُونَ ۝٥۳

අන්ධයින්වද ඔවුන්ගේ දුර්මාර්ගයෙන් ඍජු මාර්ගයෙහි ඇතුළු කිරීමටද ඔබට නොහැක. සම්පූර්ණයෙන්ම අවනත වූවන් වශයෙන් අපගේ ආයාවන් මත විශ්වාසය තැබූවන් හැර, (අන් කිසිවෙකුත් ඔබගේ හොඳ ඔවදන් වලට) සවන් දෙන සේ ඔබ සැලැස්වීමටද (ඔබට නොහැක).

۞ ٱللَّهُ ٱلَّذِى خَلَقَكُم مِّن ضَعْفٍۢ ثُمَّ جَعَلَ مِنۢ بَعْدِ ضَعْفٍۢ قُوَّةًۭ ثُمَّ جَعَلَ مِنۢ بَعْدِ قُوَّةٍۢ ضَعْفًۭا وَشَيْبَةًۭ ۚ يَخْلُقُ مَا يَشَآءُ ۖ وَهُوَ ٱلْعَلِيمُ ٱلْقَدِيرُ ۝٥٤

අල්ලාහ් ඔබව (ආරම්භයේදී) ඛෙලහීන වූ තත්වයක උත්පාදනය කරන්නේය. (එම) ඛෙලහීනයෙන් පසු, ඔහුව (තරුණ) ශක්තියද ලබා දෙන්නේය. (එම) ශක්තියෙන් පසු (ඉදුණු කෙස් වලින් යුතු) මහළුභාවයද, ඛෙලහීනත්වයද ලබා දෙන්නේය. ඔහු තමන් කැමති ප්‍රකාර එසේ (ඔබව) උත්පාදනය කරන්නේය. ඔහු (සියල්ල) හොඳින් දන්නෙකු හා ඉතාමත් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.

وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يُقْسِمُ ٱلْمُجْرِمُونَ مَا لَبِثُوا۟ غَيْرَ سَاعَةٍۢ ۚ كَذَٰلِكَ كَانُوا۟ يُؤْفَكُونَ ۝٥٥

(විනිශ්චය) කාලය සිදු වන දින, වැරදිකරුවන් තමන් (මෙලොවෙහි) දිනක පමණ කාලයක් මිස, (අධික දින ගණනක්) රැඳී සිටියේ නැත යයි දිව්රන්නාහ. මෙසේම (මෙලොවෙහිද) ඔවුන් බොරුවම දොඩවමින් සිටියහ.

وَقَالَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ وَٱلْإِيمَٰنَ لَقَدْ لَبِثْتُمْ فِى كِتَٰبِ ٱللَّهِ إِلَىٰ يَوْمِ ٱلْبَعْثِ ۖ فَهَٰذَا يَوْمُ ٱلْبَعْثِ وَلَٰكِنَّكُمْ كُنتُمْ لَا تَعْلَمُونَ ۝٥٦

එහෙත් අධ්‍යාපන දැනුමද, විශ්වාසයද ලබා දුන් අය, (එය ප්‍රතික්ෂේප කර) “අල්ලාහ්ගේ (සටහන්) පොතෙහි ඇති සේ ඔබ පණ ලැබී නැගිටින (මෙ)දින දක්වා (භූමියෙහි) රැඳී සිටියෙහුය. මෙය (මරණයට පත් වූවන්) පණ ලැබී නැගිටින දිනයයි. නියත වශයෙන්ම ඔබ (මෙය) දැන නොගත් අය වශයෙන්ම සිටියෙහුය” යයි පවසන්නාහ.

فَيَوْمَئِذٍۢ لَّا يَنفَعُ ٱلَّذِينَ ظَلَمُوا۟ مَعْذِرَتُهُمْ وَلَا هُمْ يُسْتَعْتَبُونَ ۝٥۷

නමුත් අපරාධ කළ අය (පවසන) නිදහසට කරුණු එදිනදී ඔවුන්ට ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. තවද ඔවුන්ට (දෙවියන්ව) තෘප්තියට පත් කිරීමටද මගක් නොතිඛෙණු ඇත.

وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِى هَٰذَا ٱلْقُرْءَانِ مِن كُلِّ مَثَلٍۢ ۚ وَلَئِن جِئْتَهُم بِـَٔايَةٍۢ لَّيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ أَنتُمْ إِلَّا مُبْطِلُونَ ۝٥۸

මිනිසුන්ව (තෘප්තියට පත් කිරීමට) අවශ්‍ය උදාහරණයන් සියල්ල මෙම කුර්ආනයයෙහි නියත වශයෙන්ම අපි පවසා ඇත්තෙමු. (මෙය බාර නොගත් ඔවුන් කැමති වන) කුමන සාධකයක් ඔබ ඔවුන් වෙත ගෙන ගියා වුවද, (නබියේ!) “ඔබත් (ඔබට ලැදි අයත්) බොරුකාරයින්ම මිස, වෙන කිසිවෙකු නොව” යයි මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ.

كَذَٰلِكَ يَطْبَعُ ٱللَّهُ عَلَىٰ قُلُوبِ ٱلَّذِينَ لَا يَعْلَمُونَ ۝٥۹

මෙසේම මෙම මෝඩයින්ගේ හෘදයන් මත අල්ලාහ් මුද්‍රා තබා ඇත්තේය.

فَٱصْبِرْ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ ۖ وَلَا يَسْتَخِفَّنَّكَ ٱلَّذِينَ لَا يُوقِنُونَ ۝٦۰

එබැවින් (නබියේ!) ඔබ (විඳ දරාගෙන) ඉවසිලිමත්ව සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයකි. (එබැවින් අවසානයේදී, නබියේ! ඔබම ජය ගන්නෙහුය. පරලොව) ස්ථීර වශයෙන් විශ්වාස නොකළ මොවුන් නියත වශයෙන්ම ඔබව (ඔබගේ විශ්වාසයෙන්) සසළ නොකෙරෙත්වා!