< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ طسٓمٓ ۝١

තා. සීම්, මීම්.

تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْمُبِينِ ۝٢

(නබියේ!) මේවා පැහැදිලි මෙම ධර්මයෙහි ඇති සමහර ආයාවන් වන්නේය.

نَتْلُوا۟ عَلَيْكَ مِن نَّبَإِ مُوسَىٰ وَفِرْعَوْنَ بِٱلْحَقِّ لِقَوْمٍۢ يُؤْمِنُونَ ۝۳

(නබියේ!) විශ්වාසය තැබූ ජනතාව වෙනුවෙන් මූසා, ෆිර්අව්න් ගැන සමහර සත්‍ය කාරණාවන් අපි ඔබට සමුදීරණය කර පෙන්වන්නෙමු.

إِنَّ فِرْعَوْنَ عَلَا فِى ٱلْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعًۭا يَسْتَضْعِفُ طَآئِفَةًۭ مِّنْهُمْ يُذَبِّحُ أَبْنَآءَهُمْ وَيَسْتَحْىِۦ نِسَآءَهُمْ ۚ إِنَّهُۥ كَانَ مِنَ ٱلْمُفْسِدِينَ ۝٤

නියත වශයෙන්ම ෆිර්අව්න් භූමියෙහි ඉතාමත් උඞඟූ වී එහි සිටි අය විවිධ කොටස් වලට ඛෙදා ඔවුන්ගෙන් එක් කොටසක් ඛෙලහීන කිරීම පිණිස, ඔවුන්ගේ පිරිමි දරුවන්ව ඝාතනය කර, ගැහැනු දරුවන්ව (පණ පිටින්) ජීවත් වීමට ඉඩ හරිමින් සිටියේය. ඇත්තෙන්ම ඔහු ඉමහත් අපරාධකාරයෙකු වශයෙන්ම සිටියේය.

وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى ٱلَّذِينَ ٱسْتُضْعِفُوا۟ فِى ٱلْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةًۭ وَنَجْعَلَهُمُ ٱلْوَٰرِثِينَ ۝٥

එහෙත් භූමියෙහි ඔහු ඛෙලහීන කළ අය කෙරෙහි අපි දයාව පහළ කර, ඔවුන්ව ප්‍රධානීන් බවට පත් කර, (බලසම්පන්නයන් වශයෙන් සිටි ඔවුන්ගේ වස්තූන්ටද) මොවුන්වම උරුමක්කාරයින් කිරීමට අදහස් කළෙමු.

وَنُمَكِّنَ لَهُمْ فِى ٱلْأَرْضِ وَنُرِىَ فِرْعَوْنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا مِنْهُم مَّا كَانُوا۟ يَحْذَرُونَ ۝٦

එම භූමියෙහි අපි ඔවුන්ට ආධිපත්‍යය ලබා දී ෆිර්අව්න්ද, හාමාන්ද, ඔවුන්ගේ යුද සේනාවද ඔවුන් වෙතින් කුමක් (වැළැක්විය යුතුද යන්න) ඔවුන් බිය වෙමින් සිටියෝද, එය ඔවුන්ට පෙන්වීමටද (අදහස් කළෙමු).

وَأَوْحَيْنَآ إِلَىٰٓ أُمِّ مُوسَىٰٓ أَنْ أَرْضِعِيهِ ۖ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِى ٱلْيَمِّ وَلَا تَخَافِى وَلَا تَحْزَنِىٓ ۖ إِنَّا رَآدُّوهُ إِلَيْكِ وَجَاعِلُوهُ مِنَ ٱلْمُرْسَلِينَ ۝۷

(එබැවින් ඛෙලහීනයන්ගෙන් මූසාව අපි උත්පාදනය කළෙමු. මූසා ඉපදුණු අවස්ථාවේදී ඛෙලහීනයන් වශයෙන් සිටි මොවුන්ගේ පිරිමි දරුවන්ව ෆිර්අව්න්, වද හින්සා කරමින් සිටියේය. එබැවින් මූසාගේ මව, තමන්ගේ මෙම දරුවාටද, ෆිර්අව්න්, වද දෙනු ඇතැයි බිය වී වෙව්ලන්නීය). එබැවින් (ඒ අතර) මූසාගේ මවට අපි වහී (මගින්) දැනුම් දුන්නෙමු. “(දරුවා ඔබ වෙතම තබාගෙන) ඔහුට කිරි දෙමින් සිටිනු. (ඔබ වෙත තබා ගැනීමෙහි) ඔහු ගැන ඔබ බිය වන්නේ නම් ඔහුව ගෙඟහි වීසි කර දමනු. ඔබ ඔහු ගැන කණගාටු නොවනු! බිය නොවනු! නියත වශයෙන්ම අපි ඔහුව ඔබ වෙතම ගෙනැවිත් සේන්දු කර, ඔහුව (අපගේ) දූතයින්ගෙන් කෙනෙකු වශයෙන්ද පත් කර හරින්නෙමු!”

فَٱلْتَقَطَهُۥٓ ءَالُ فِرْعَوْنَ لِيَكُونَ لَهُمْ عَدُوًّۭا وَحَزَنًا ۗ إِنَّ فِرْعَوْنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا كَانُوا۟ خَٰطِـِٔينَ ۝۸

(එබැවින් මූසාගේ මව ඔහුව පෙට්ටියක තබා ගෙඟහි අත හැරියාය). එම දරුවාව ෆිර්අව්න්ගේ පවුලේ අයගෙන් කෙනෙකු ඇර ගත්තේය. (පසු කලකදී) ඔවුන්ට සතුරන් වී (ඔවුන්ට) දුක් කරදර ගෙන දිය හැකි (එම දරුවා, ඔවුන් ඇර ගත් බැවින්) ෆිර්අව්න්ද, හාමාන්ද, ඔවුන්ගේ යුද සේනාවන්ද, නියත වශයෙන්ම විශාල වැරැද්දක් කළ අය බවට පත් වූහ.

وَقَالَتِ ٱمْرَأَتُ فِرْعَوْنَ قُرَّتُ عَيْنٍۢ لِّى وَلَكَ ۖ لَا تَقْتُلُوهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوْ نَتَّخِذَهُۥ وَلَدًۭا وَهُمْ لَا يَشْعُرُونَ ۝۹

(එම දරුවා දුටු) ෆිර්අව්න්ගේ බිරිඳ (තම ස්වාමිපුරුෂයාට) “මටත් ඔබටත් (මෙය) එක් ඇස් පිනා යාමක් වශයෙන් ඇත්තේය. ඔබ මෙයට වද නොදී සිටිනු! (මෙමගින්) අපි හොඳක් අත් කර ගත හැකිය. නැතහොත් මෙය අපි අපගේ දරුවෙක් ලෙසට හදා වඩා ගත හැකිය” යයි පැවසුවාය. එහෙත් (මොහුගෙන්ම තමන්ට විනාශයක් සිදු වේවි යන්න) ඔවුන් දැන සිටියේ නැත.

وَأَصْبَحَ فُؤَادُ أُمِّ مُوسَىٰ فَٰرِغًا ۖ إِن كَادَتْ لَتُبْدِى بِهِۦ لَوْلَآ أَن رَّبَطْنَا عَلَىٰ قَلْبِهَا لِتَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ ۝١۰

මූසාගේ මවගේ හදවත (ඔහුව ගෙඟ් වීසි කළ පසු දුකෙන්) තැවී ගියේය. ඇය විශ්වාසවන්තයින්ගෙන් (කෙනෙකු වශයෙන්) සිටීම සඳහා ඇයගේ හදවත (අපගේ පොරොන්දුව මගින්) අපි ස්ථීර නොකළේ නම්, ඇය මෙය (මෙම කාරණාව සියල්ලන්ටම) එළිදරව් කරන්නට ඉඩ තිබුණි.

وَقَالَتْ لِأُخْتِهِۦ قُصِّيهِ ۖ فَبَصُرَتْ بِهِۦ عَن جُنُبٍۢ وَهُمْ لَا يَشْعُرُونَ ۝١١

(එම දරුවා පෙට්ටියේ තබා ගෙඟ් අත හැරිය පසු) එම දරුවාගේ සහෝදරියට “ඔබ (ගෙඟ් පාවෙමින් යන) එය අනුගමනය කර පසුපස යනු” යයි පැවසුවාය. (පසුපස අනුගමනය කර ගිය) ඇයද එය (ඇර ගත්) අයට නොදැනෙන සේ (ඒ ගැන කුමක් සිදු වන්නේදැයි) ඈත සිට අවධානය කරමින් සිටියාය.

۞ وَحَرَّمْنَا عَلَيْهِ ٱلْمَرَاضِعَ مِن قَبْلُ فَقَالَتْ هَلْ أَدُلُّكُمْ عَلَىٰٓ أَهْلِ بَيْتٍۢ يَكْفُلُونَهُۥ لَكُمْ وَهُمْ لَهُۥ نَٰصِحُونَ ۝١٢

(දරුවා ඇර ගත් අය, එයට කිරි දීමට බොහොමයක් කිරි මව්වරුන් කැඳවාගෙන පැමිණියාහ). මීට පෙරම එම දරුවා (කිසිවෙකුගේ) කිරිද නොබී වළක්වා හැරියෙමු. (එබැවින් මේ ගැන ඔවුන් අන්ද මන්ද වී සිටි අවස්ථාවේදී මූසාගේ සහෝදරිය, ඔවුන් ඉදිරියට පැමිණ), “ඔබ වෙනුවෙන් (මෙම දරුවාට කිරි මවක් වශයෙන් සිටිමින්) හදා වඩා ගනිමින් වගකීම බාර ගෙන, ඔහුගේ හොඳ නරක බලා කියා ගැනීමට හැකි ගෙහිමියෙකු මා ඔබට දැනුම් දෙන්නද?”යි විමසුවාය.

فَرَدَدْنَٰهُ إِلَىٰٓ أُمِّهِۦ كَىْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَلِتَعْلَمَ أَنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ۝١۳

(එයට ඔවුන් කැමති වූ විට, මූසාගේ මව කැඳවාගෙන පැමිණියාය. මෙසේ) අපි ඔහුව, ඔහුගේ මව වෙතම සේන්දු කර, ඇයගේ ඇස් පිනා යාමටද, (ඇය) දුක් නොවී සිටීමටද සලස්වා, අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය යයි නියත වශයෙන්ම ඇය දැන ගැනීම සඳහාද සැලැස්සුවෙමු. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙහි රහස) දැන ගන්නේ නැත.

وَلَمَّا بَلَغَ أَشُدَّهُۥ وَٱسْتَوَىٰٓ ءَاتَيْنَٰهُ حُكْمًۭا وَعِلْمًۭا ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ۝١٤

ඔහු තරුණ වියට පත් වී (ජීවිතයේ) ඔහු ස්ථාවරත්වයට පත් වූ විට, ඔහුට ඥානයද, අධ්‍යාපනයද අපි ලබා දුන්නෙමු. මෙසේම හොඳ කරන අයට අපි ඵලවිපාක දෙන්නෙමු.

وَدَخَلَ ٱلْمَدِينَةَ عَلَىٰ حِينِ غَفْلَةٍۢ مِّنْ أَهْلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيْنِ يَقْتَتِلَانِ هَٰذَا مِن شِيعَتِهِۦ وَهَٰذَا مِنْ عَدُوِّهِۦ ۖ فَٱسْتَغَٰثَهُ ٱلَّذِى مِن شِيعَتِهِۦ عَلَى ٱلَّذِى مِنْ عَدُوِّهِۦ فَوَكَزَهُۥ مُوسَىٰ فَقَضَىٰ عَلَيْهِ ۖ قَالَ هَٰذَا مِنْ عَمَلِ ٱلشَّيْطَٰنِ ۖ إِنَّهُۥ عَدُوٌّۭ مُّضِلٌّۭ مُّبِينٌۭ ۝١٥

(දිනක් මූසා) ජනතාව නිදාගෙන (නොසැළකිලිමත්ව) සිටි අවස්ථාවේදී එම රට තුළට ගිය විට, තරුණයින් දෙදෙනෙකු පොර බඳිනු එහිදී ඔහු දුටුවේය. කෙනෙකු ඔහුගේ ජාතියට අයත්ය. අනිත් කෙනා ඔහුගේ සතුරන්ට අයත් කෙනෙකි. සතුරාට විරුද්ධව උදව් කරන මෙන් ඔහුගේ ජාතියට අයත් තැනැත්තා ඔහුගෙන් ඉල්ලා සිටියේය. (එයට එකඟ වී) මූසා ඔහුට පහරක් ගැසුවේය. ඔහුගේ කාරණාව අවසන් කර දැමුවේය. (ඔහු මරණයට පත් වූවේය. මෙය දැන ගත් මූසා) “මෙය ෂෙයිතාන්ගේ ක්‍රියාවකි. නියත වශයෙන්ම ඔහු මාර්ගය වැරද යැවිය හැකි ප්‍රකට සතුරෙකි!” යයි පැවසුවේය.

قَالَ رَبِّ إِنِّى ظَلَمْتُ نَفْسِى فَٱغْفِرْ لِى فَغَفَرَ لَهُۥٓ ۚ إِنَّهُۥ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ ۝١٦

(තවද) ඔහු “මගේ දෙවියනේ! නියත වශයෙන්ම මා මටම හානියක් කර ගත්තෙමි. ඔබ මගේ වැරැද්දට සමාව දෙනු මැනව!” යයි ප්‍රාර්ථනා කළේය. එබැවින් (දෙවියන්ද) ඔහුගේ වැරැද්දට සමාව දුන්නේය. මන්දයත් නියත වශයෙන්ම ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාව කරුණාව දක්වන්නෙකු වශයෙන් සිටින්නේය.

قَالَ رَبِّ بِمَآ أَنْعَمْتَ عَلَىَّ فَلَنْ أَكُونَ ظَهِيرًۭا لِّلْمُجْرِمِينَ ۝١۷

(නැවතත් ඔහු තම දෙවියන්ට) “මගේ දෙවියනේ! මා කෙරෙහි ඔබ දයාව පහළ කිරීමේ හේතුවෙන් (මින් පසු) වැරදිකරුවන්ට උදව් කරන්නෙකු වශයෙන් මා කිසි විටෙකත් සිටින්නේ නැත” යයි පැවසුවේය.

فَأَصْبَحَ فِى ٱلْمَدِينَةِ خَآئِفًۭا يَتَرَقَّبُ فَإِذَا ٱلَّذِى ٱسْتَنصَرَهُۥ بِٱلْأَمْسِ يَسْتَصْرِخُهُۥ ۚ قَالَ لَهُۥ مُوسَىٰٓ إِنَّكَ لَغَوِىٌّۭ مُّبِينٌۭ ۝١۸

(පසුදා) උදෑසන එම නගරයෙහි (තමන් ගැන කුමක් සිදු වන්නේදැයි) බිය ගැන්වූවෙකු වශයෙන් අවධානය කරමින් සිටි අවස්ථාවේදී ඊයේ දින උදව් ඉල්ලා සිටි අය (නැවතත් තමන්ට උදව් කරන මෙන්) කෑ ගසා මොහුව ආරාධනා කළේය. එයට මූසා ඔහුට “ඔබ ප්‍රකට කළහකාරයෙකු වශයෙන් සිටින්නෙහිය” යයි (අවමානයෙන් යුතුව) පැවසුවේය.

فَلَمَّآ أَنْ أَرَادَ أَن يَبْطِشَ بِٱلَّذِى هُوَ عَدُوٌّۭ لَّهُمَا قَالَ يَٰمُوسَىٰٓ أَتُرِيدُ أَن تَقْتُلَنِى كَمَا قَتَلْتَ نَفْسًۢا بِٱلْأَمْسِ ۖ إِن تُرِيدُ إِلَّآ أَن تَكُونَ جَبَّارًۭا فِى ٱلْأَرْضِ وَمَا تُرِيدُ أَن تَكُونَ مِنَ ٱلْمُصْلِحِينَ ۝١۹

නැවතත් (ඔහුට උදව් කිරීමට කැමති වී) ඔහුටද, තමන්ටද සතුරෙකු වශයෙන් සිටින්නාව අල්ලා ගැනීමට අදහස් කළේය. (එහෙත් ඔහුගේ ජාතිකයා, ඔහු තමන්වම අල්ලීමට පැමිණෙන්නේය යයි වැරදි ලෙස සිතා) “ඕ මූසා! ඊයේ දින මිනිසෙකු ඝාතනය කළාක් මෙන් මාවත් ඔබ ඝාතනය කිරීමට අදහස් කරන්නෙහිද? මෙරටේ (ඔබ මිනී මරණ) ඉමහත් කළහකාරයෙකු වශයෙන් සිටින්නට අදහස් කරන්නෙහි මිස, හොඳ අයගෙන් වූ කෙනෙකු වශයෙන් සිටීමට ඔබ අදහස් කළේ නැත” යයි කෑගැසුවේය.

وَجَآءَ رَجُلٌۭ مِّنْ أَقْصَا ٱلْمَدِينَةِ يَسْعَىٰ قَالَ يَٰمُوسَىٰٓ إِنَّ ٱلْمَلَأَ يَأْتَمِرُونَ بِكَ لِيَقْتُلُوكَ فَٱخْرُجْ إِنِّى لَكَ مِنَ ٱلنَّٰصِحِينَ ۝٢۰

(මෙම කෑගැසීම ජනයා අතර පැතිරී, ඊයේ මිය ගිය අයව ඝාතනය කළේ මූසා යයි ජනයා දැන ගැනීමෙන් ඔහුගෙන් පළි ගැනීමට සොයන්නට වූහ). ඒ අවස්ථාවේදී නගරයේ ඈත කෙළවරේ සිටි මිනිසෙකු (ඉක්මනින්) දිවැවිත් “ඕ මූසා! ඇත්තෙන්ම ඔබව මරා දැමීමට ප්‍රධානීන් සාකච්ඡා කරමින් සිටින්නාහ. එබැවින් ඔබ (මෙරටින්) පිටමං වී යනු. ඇත්තෙන්ම මා ඔබට යහපතක් අදහස් කරන්නන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙමි” යයි පැවසුවේය.

فَخَرَجَ مِنْهَا خَآئِفًۭا يَتَرَقَّبُ ۖ قَالَ رَبِّ نَجِّنِى مِنَ ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ ۝٢١

එබැවින් ඔහු (තමන් ගැන ජනයා කුමක් කිරීමට අදහස් කරන්නෝද යන්න ගැන කණගාටු වී) බිය වන්නෙකු වශයෙන් ඉතාමත් අවධානයෙන් යුතුව එරටින් පිටමං වී “මගේ දෙවියනේ! අපරාධකාර මෙම ජනයාගෙන් ඔබ මාව ආරක්ෂා කර ගනු මැනව!” යයි ප්‍රාර්ථනා කළේය.

وَلَمَّا تَوَجَّهَ تِلْقَآءَ مَدْيَنَ قَالَ عَسَىٰ رَبِّىٓ أَن يَهْدِيَنِى سَوَآءَ ٱلسَّبِيلِ ۝٢٢

ඔහු මදියාන් දෙසට ගමන් කිරීමට අදහස් කළ අවස්ථාවේදී (එහි මාර්ගය නොදන්නා බැවින්) “මගේ දෙවියන් (එයට අයත්) ඍජු මාර්ගය දැනුම් දෙනු ඇත” යයි පැවසුවේය.

وَلَمَّا وَرَدَ مَآءَ مَدْيَنَ وَجَدَ عَلَيْهِ أُمَّةًۭ مِّنَ ٱلنَّاسِ يَسْقُونَ وَوَجَدَ مِن دُونِهِمُ ٱمْرَأَتَيْنِ تَذُودَانِ ۖ قَالَ مَا خَطْبُكُمَا ۖ قَالَتَا لَا نَسْقِى حَتَّىٰ يُصْدِرَ ٱلرِّعَآءُ ۖ وَأَبُونَا شَيْخٌۭ كَبِيرٌۭ ۝٢۳

(එසේ ගමන් කළ ඔහු), මදියාන් (නගරයට පිටින් පිහිටි) ජල තටාකයට පැමිණි විට, ජනතාවගෙන් එක් කොටසක් (තමන්ගේ එළු, ගව ආදී ගමේ සතුන්ට) වතුර පොවමින් සිටීමද, ඒ අසළ කාන්තාවන් දෙදෙනෙකු (තමන්ගේ එළු පට්ටිය) වට කරගෙන (නවතාගෙන) සිටීමද දැක, (එම කාන්තාවට) “ඔබ දෙදෙනාගේ කාරණාව කුමක්ද? (කුමක් නිසා ඔබ නැවතී සිටින්නෙහුද?)”යි විමසුවේය. එයට ඒ කාන්තාවන් දෙදෙනා “මෙම එඬේරන් (තමන්ගේ සතුන්ට වතුර පෙවීමෙන් අනතුරුව) ඈත් වන තුරු අපි (අපගේ එළුවන්ට) වතුර පෙවීම කළ නොහැක. අපගේ පියාද, මහළු වියට පත් මහල්ලෙකි. (ඔහුට මෙතැනට පැමිණීමට නොහැකි බැවින් අපිම මේවා දක්කාගෙන පැමිණ ඇත්තෙමු)” යයි පැවසූහ.

فَسَقَىٰ لَهُمَا ثُمَّ تَوَلَّىٰٓ إِلَى ٱلظِّلِّ فَقَالَ رَبِّ إِنِّى لِمَآ أَنزَلْتَ إِلَىَّ مِنْ خَيْرٍۢ فَقِيرٌۭ ۝٢٤

(මෙයට සවන් දීමෙන් අනුකම්පාවට පත්) ඔහු, ඔවුන්ගේ සතුන්ට (වතුර ඇද) පෙවීමෙන් අනතුරුව (ගසක් යට) සෙවණට විත් “මගේ දෙවියනේ! කුමන යහපතක් මා හට ලබා දුන්නද, නියත වශයෙන්ම මා (එයට) අවශ්‍යතාවයක් ඇත්තෙකු වශයෙන්ම සිටින්නෙමි” යයි ප්‍රාර්ථනා කළේය.

فَجَآءَتْهُ إِحْدَىٰهُمَا تَمْشِى عَلَى ٱسْتِحْيَآءٍۢ قَالَتْ إِنَّ أَبِى يَدْعُوكَ لِيَجْزِيَكَ أَجْرَ مَا سَقَيْتَ لَنَا ۚ فَلَمَّا جَآءَهُۥ وَقَصَّ عَلَيْهِ ٱلْقَصَصَ قَالَ لَا تَخَفْ ۖ نَجَوْتَ مِنَ ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ ۝٢٥

ඒ අතර එම කාන්තාවන් දෙදෙනාගෙන් කෙනෙකු ඉතාමත් අවංක සිතින් මොහු ඉදිරිපත් වී “ඇත්තෙන්ම ඔබ අපට (අපගේ සතුන්ට) වතුර පෙවීම සඳහා වූ කුලිය ඔබට ලබා දීම පිණිස මගේ පියා ඔබව කැඳවන්නේය” යයි පැවසුවාය. මූසා ඔහු වෙත ගොස් තමන්ගේ දුක පැවසූ විට, ඔහු “(මින් පසු) ඔබ බිය නොවනු. අපරාධකාර ජනයාගෙන් ඔබ බේරී ඇත්තෙහිය” යයි පැවසුවේය.

قَالَتْ إِحْدَىٰهُمَا يَٰٓأَبَتِ ٱسْتَـْٔجِرْهُ ۖ إِنَّ خَيْرَ مَنِ ٱسْتَـْٔجَرْتَ ٱلْقَوِىُّ ٱلْأَمِينُ ۝٢٦

(ඒ අවස්ථාවේදී) එම කාන්තාවන් දෙදෙනාගෙන් කෙනෙකු “මගේ පියාණෙනි! ඔබ මොහුව කුලී වැඩට පත් කර ගනු. නියත වශයෙන්ම (මෙම) විශ්වාසවන්ත ශක්තිසම්පන්නයා ඔබ වැඩට යොදා ගැනීම ඉතාමත් අගනේය” යයි පැවසුවාය.

قَالَ إِنِّىٓ أُرِيدُ أَنْ أُنكِحَكَ إِحْدَى ٱبْنَتَىَّ هَٰتَيْنِ عَلَىٰٓ أَن تَأْجُرَنِى ثَمَٰنِىَ حِجَجٍۢ ۖ فَإِنْ أَتْمَمْتَ عَشْرًۭا فَمِنْ عِندِكَ ۖ وَمَآ أُرِيدُ أَنْ أَشُقَّ عَلَيْكَ ۚ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰلِحِينَ ۝٢۷

එයට ඔහු (මූසා වෙත) මෙසේ පැවසුවේය: “ඔබ මා හට වසර අටක් සේවය කළ යුතුය යන කොන්දේසිය මත, මගේ මෙම දියණියන් දෙදෙනාගෙන් කෙනෙකුව මා ඔබට විවාහ කර දීමට කැමති වන්නෙමි. ඔබ (එය) වසර දහයකින් පූරණය කළහොත් (එය) ඔබගේ කැමැත්තට අනුවය. මා ඔබට (අධික වශයෙන්) අමාරුකමක් දීමට කැමති නැත. අල්ලාහ් අදහස් කළහොත් ඔබ මාව දැහැමියන්ගෙන් කෙනෙකු වශයෙන්ම දකින්නෙහිය” (යයි කීවේය).

قَالَ ذَٰلِكَ بَيْنِى وَبَيْنَكَ ۖ أَيَّمَا ٱلْأَجَلَيْنِ قَضَيْتُ فَلَا عُدْوَٰنَ عَلَىَّ ۖ وَٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌۭ ۝٢۸

එයට (මූසා) “ඔබටත් මටත් අතරේ මෙයම (ගිවිසුමක් වන්නේය). මෙම කොන්දේසි දෙකෙන් කුමක් හෝ ඉටු කළ හැකිය. (අසවල් එක ඉටු කළ යුතුය යයි) මා හට අනිවාර්යය නැත. අපි කතා කරගත් දැයට අල්ලාහ්ම සාක්ෂියකි” යයි පැවසුවේය.

۞ فَلَمَّا قَضَىٰ مُوسَى ٱلْأَجَلَ وَسَارَ بِأَهْلِهِۦٓ ءَانَسَ مِن جَانِبِ ٱلطُّورِ نَارًۭا قَالَ لِأَهْلِهِ ٱمْكُثُوٓا۟ إِنِّىٓ ءَانَسْتُ نَارًۭا لَّعَلِّىٓ ءَاتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ جَذْوَةٍۢ مِّنَ ٱلنَّارِ لَعَلَّكُمْ تَصْطَلُونَ ۝٢۹

මූසා (තමන්ගේ) නියමිත වාරය පූරණය කර, (විවාහ කරගෙන) තමන්ගේ පවුලේ උදවිය සමග (තම රටට) යන අවස්ථාවේදී (දිනක් රාත්‍රියේ මාර්ගය නොදැන අන්දුන් කුන්දුන් වී සිටි අවස්ථාවේදී) තූර් (සිනායි කන්ඳේ) පැත්තක ගින්නක් දැක තම පවුලේ උදවියට “ඔබ (පොඩියක්) නැවතී සිටිනු. නියත වශයෙන්ම මා ගින්නක් දකින්නෙමි. මා (එහි ගොස් අපි යා යුතු) මාර්ගය ගැන වූ පුවතක් ඔබට ගෙන ආ හැකිය. නැතහොත් ඔබ ශීතයට ගිනි තැපීමට හෝ ගිනි පෙනෙල්ලක් ගෙන එන්නෙමි” යයි පැවසුවේය.

فَلَمَّآ أَتَىٰهَا نُودِىَ مِن شَٰطِئِ ٱلْوَادِ ٱلْأَيْمَنِ فِى ٱلْبُقْعَةِ ٱلْمُبَٰرَكَةِ مِنَ ٱلشَّجَرَةِ أَن يَٰمُوسَىٰٓ إِنِّىٓ أَنَا ٱللَّهُ رَبُّ ٱلْعَٰلَمِينَ ۝۳۰

ඔහු එතැනට පැමිණි විට, ඉතාමත් භාග්‍යය ලත් එම මිටියාවතෙහි පිහිටි ඇළෙහි දකුණු පැත්තේ ඇති ගසකින් “ඕ මූසා! නියත වශයෙන්ම ලෝකයන් උත්පාදනය කර, පෝෂණය කරන අල්ලාහ් මමයි” යන ශබ්දය ඇසුණි.

وَأَنْ أَلْقِ عَصَاكَ ۖ فَلَمَّا رَءَاهَا تَهْتَزُّ كَأَنَّهَا جَآنٌّۭ وَلَّىٰ مُدْبِرًۭا وَلَمْ يُعَقِّبْ ۚ يَٰمُوسَىٰٓ أَقْبِلْ وَلَا تَخَفْ ۖ إِنَّكَ مِنَ ٱلْءَامِنِينَ ۝۳١

තවද “ඔබ, ඔබගේ සැරයටිය වීසි කරනු” (යයි ඔහුට කියනු ලැබීය. ඒ අන්දමටම ඔහු එය වීස කළ විට), එය විශාල නාගයෙක් බවට පත් වී සෙළවෙනු දුටු ඔහු (බිය වී), ඌ ඔහු පසුපස නොඑළවා සිටිනු පිණිස, ආපසු හැරී නොබලා දිව්වේය. (ඒ අවස්ථාවේදී ඔහුට) “ඕ මූසා! බිය නොවී ඔබ ඉදිරියට එනු. නියත වශයෙන්ම ඔබ (සෑම ආකාරයකටම) ආරක්ෂා කරනු ලබන අයගෙන් කෙනෙකි”.

ٱسْلُكْ يَدَكَ فِى جَيْبِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍۢ وَٱضْمُمْ إِلَيْكَ جَنَاحَكَ مِنَ ٱلرَّهْبِ ۖ فَذَٰنِكَ بُرْهَٰنَانِ مِن رَّبِّكَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦٓ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمًۭا فَٰسِقِينَ ۝۳٢

“ඔබගේ ලපැත්තෙහි ඇති (කමිස සාක්කුව තුළට) ඔබගේ අත දමනු. එය පාපයෙන් තොර දීප්තිමත් ස්වේත වර්ණයෙන් ඉකුත් වනු ඇත. ඔබ බිය වන අවස්ථාවන්හිදී ඔබගේ අත් ඔබගේ ඉළ ඇට වලට එක්කාසු කර ගනු. මේ දෙකම ෆිර්අව්න්ටද, ඔහුගේ ප්‍රධානීන්ටද, (ඔබ ගෙන යා) යුතු ඔබගේ දෙවියන් ලබා දුන් සාධකයන් දෙකක් වන්නේය. නියත වශයෙන්ම ඔවුන් පාපයන් කරන ජනතාවක් වශයෙන්ම සිටින්නාහ” (යයි ඔහුට කියනු ලැබීය).

قَالَ رَبِّ إِنِّى قَتَلْتُ مِنْهُمْ نَفْسًۭا فَأَخَافُ أَن يَقْتُلُونِ ۝۳۳

එයට ඔහු “මගේ දෙවියනේ! ඇත්තෙන්ම මා ඔවුන්ගෙන් කෙනෙකුව ඝාතනය කර ඇත්තෙමි! එයට (පළි ගැනීමක් වශයෙන්) මාව ඔවුන් කපා දමනු ඇතැයි මා බිය වන්නෙමි. (තවද මගේ දිවෙහි ඇති ගොතයේ හේතුවෙන් මවිසින් පැහැදිලිව කතා කිරීමටද නොහැකිය).

وَأَخِى هَٰرُونُ هُوَ أَفْصَحُ مِنِّى لِسَانًۭا فَأَرْسِلْهُ مَعِىَ رِدْءًۭا يُصَدِّقُنِىٓ ۖ إِنِّىٓ أَخَافُ أَن يُكَذِّبُونِ ۝۳٤

“මගේ සහෝදරයා හාරූන් නම්, මටත් වඩා පැහැදිලිව කතා කළ හැකි කෙනෙකි. ඔහුව ඔබ මට උදව්වට මා සමග යවනු (මැනව!) ඔහු මාව සත්‍යය කර තබනු ඇත. (මා තනිව ගියහොත්) ඔවුන් මාව බොරුකාරයා කර දමනු ඇතැයි මා නියත වශයෙන්ම බිය වන්නෙමි” යයි පැවසුවේය.

قَالَ سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَنَجْعَلُ لَكُمَا سُلْطَٰنًۭا فَلَا يَصِلُونَ إِلَيْكُمَا ۚ بِـَٔايَٰتِنَآ أَنتُمَا وَمَنِ ٱتَّبَعَكُمَا ٱلْغَٰلِبُونَ ۝۳٥

(එයට) දෙවියන් “ඔබගේ සහෝදරයා මගින් ඔබගේ දෑත් අපි ශක්තිමත් කරන්නෙමු. අපි ඔබ දෙපළටම ජයග්‍රහණය අත් කර දෙන්නෙමු. ඔවුන් ඔබට ළං වීමටද නොහැක. ඔබ අපගේ සාධකයන් සමග (කිසි චකිතයක් නැතිව යනු). ඔබත් ඔබ දෙදෙනා අනුගමනය කරන්නන්ම බලසම්පන්නයන් බවට පත් වනු ඇත” යයි පැවසුවේය.

فَلَمَّا جَآءَهُم مُّوسَىٰ بِـَٔايَٰتِنَا بَيِّنَٰتٍۢ قَالُوا۟ مَا هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّفْتَرًۭى وَمَا سَمِعْنَا بِهَٰذَا فِىٓ ءَابَآئِنَا ٱلْأَوَّلِينَ ۝۳٦

මූසා අපගේ පැහැදිලි සාධකයන් සමග ඔවුන් වෙත පැමිණි අවස්ථාවේදී ඔවුන් “මෙය මනක්කල්පිත කරනු ලැබූ සූනියමක් මිස, වෙන කිසිවක් නැත. පෙර විසූ අපගේ මුතුන් මිත්තන් වෙතද මෙය (මෙම කාරණාව) ආරංචි වී නැත” යයි පැවසූහ.

وَقَالَ مُوسَىٰ رَبِّىٓ أَعْلَمُ بِمَن جَآءَ بِٱلْهُدَىٰ مِنْ عِندِهِۦ وَمَن تَكُونُ لَهُۥ عَٰقِبَةُ ٱلدَّارِ ۖ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّٰلِمُونَ ۝۳۷

එයට මූසා “අපගේ දෙවියන්ගෙන් ඍජු මාර්ගය ගෙන ආ අය කවුරුන්ද යන්නද, අවසාන නිවස (ස්වර්ගය) කවුරුන්ට ලැඛෙන්නේද යන්නද මගේ දෙවියන්ම හොඳින් දන්නේය. නියත වශයෙන්ම (සූනියම් කරන) අපරාධකරුවන් ජයග්‍රහණය කරන්නේ නැත” යයි පැවසුවේය.

وَقَالَ فِرْعَوْنُ يَٰٓأَيُّهَا ٱلْمَلَأُ مَا عَلِمْتُ لَكُم مِّنْ إِلَٰهٍ غَيْرِى فَأَوْقِدْ لِى يَٰهَٰمَٰنُ عَلَى ٱلطِّينِ فَٱجْعَل لِّى صَرْحًۭا لَّعَلِّىٓ أَطَّلِعُ إِلَىٰٓ إِلَٰهِ مُوسَىٰ وَإِنِّى لَأَظُنُّهُۥ مِنَ ٱلْكَٰذِبِينَ ۝۳۸

එයට ෆිර්අව්න් (තම ජනතාවගේ ප්‍රධානීන්ට) “ප්‍රධානීන්වරුනි! මා හැර, වෙනත් දෙවියෙකු ඔබට සිටින්නේය යයි මා දන්නේ නැත. තවද ඕ (අමාත්‍ය) හාමාන්! මැටි වලට (එනම් ගඩොල් පෝරණුවට) මා වෙනුවෙන් ගින්දර තබා (එම ගඩොල් වලින් අහස උසට) මාලිගාවක් ඔබ මා වෙනුවෙන් ඉදි කරනු. (එහි නැග) මූසාගේ දෙවියන්ව මා බැලිය යුතුය. (ඔහු තමන්ට වෙනත් දෙවියෙකු සිටින්නේය යයි පවසනවා නොවෙද? එම කාරණාවෙහි) නියත වශයෙන්ම ඔහු බොරු කියන්නේය යයිම මා අදහස් කරමි” යයි ඔහු පැවසුවේය.

وَٱسْتَكْبَرَ هُوَ وَجُنُودُهُۥ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَظَنُّوٓا۟ أَنَّهُمْ إِلَيْنَا لَا يُرْجَعُونَ ۝۳۹

ඔහුත් ඔහුගේ සේනාවන්ද, අසාධාරණයේ භූමියෙහි අඩම්බර බස් දෝඩමින් සිටි අතර, නියත වශයෙන්ම ඔවුන් අප වෙත (විනිශ්චය සඳහා) ගෙන එනු නොලබන්නාහ යයිද අදහස් කර ගත්හ.

فَأَخَذْنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذْنَٰهُمْ فِى ٱلْيَمِّ ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلظَّٰلِمِينَ ۝٤۰

එබැවින් අපි ඔහුවද, ඔහුගේ සේනාවන්ද, අල්ලා ඔවුන්ව මුහුදෙහි වීසි කර (ගිල්වා) දැමුවෙමු. (නබියේ!) මෙම අපරාධකාරයින්ගේ අවසානය කෙසේ වුවේද යන්න ඔබ අවධානය කර බලනු.

وَجَعَلْنَٰهُمْ أَئِمَّةًۭ يَدْعُونَ إِلَى ٱلنَّارِ ۖ وَيَوْمَ ٱلْقِيَٰمَةِ لَا يُنصَرُونَ ۝٤١

(ඔවුන් මෙලෝකයෙහි සිටින තුරු මිනිසුන්ව) නිරයට ආරාධනා කළ හැකි ප්‍රධානීන් වශයෙන්ම අපි ඔවුන්ව තබා තිබුණෙමු. විනිශ්චය දිනදී නම්, ඔවුන්ට කිසිම උදව්වක් කරනු නොලබන්නාහ.

وَأَتْبَعْنَٰهُمْ فِى هَٰذِهِ ٱلدُّنْيَا لَعْنَةًۭ ۖ وَيَوْمَ ٱلْقِيَٰمَةِ هُم مِّنَ ٱلْمَقْبُوحِينَ ۝٤٢

මෙලොවදී (අපගේ) ශාපයම ඔවුන් පසුපස එළවන්නට සැලැස්සුවෙමු. විනිශ්චය දිනදී නම්, ඔවුන් දීනවූවන්ගෙන් සිටිනු ඇත.

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ مِنۢ بَعْدِ مَآ أَهْلَكْنَا ٱلْقُرُونَ ٱلْأُولَىٰ بَصَآئِرَ لِلنَّاسِ وَهُدًۭى وَرَحْمَةًۭ لَّعَلَّهُمْ يَتَذَكَّرُونَ ۝٤۳

(මෙසේ) පෙර විසූ සමූහයන්වද අපි විනාශ කළ පසු (ඔවුන්ගේ ධර්මයන්ද විනාශ වී ගිය බැවින්) නියත වශයෙන්ම අපි මූසාට එක් ධර්මයක් ලබා දුන්නෙමු. (එය) මිනිසුන්ට හොඳ පාඩම් ලබා දිය හැකි එකක් බවටද, ඍජු මාර්ගය වශයෙන්ද, වරප්‍රසාදයක් වශයෙන්ද තිබුණි. ඔවුන් (මෙමගින්) හොඳ වටහා ගැනීමක් අත් කර ගැනීම පිණිසම (ලබා දුන්නෙමු).

وَمَا كُنتَ بِجَانِبِ ٱلْغَرْبِىِّ إِذْ قَضَيْنَآ إِلَىٰ مُوسَى ٱلْأَمْرَ وَمَا كُنتَ مِنَ ٱلشَّٰهِدِينَ ۝٤٤

(නබියේ! තූර් සිනායි නමැති කන්දෙහි) අපි මූසාට (ගල් ලෑල්ලෙහි ලියන ලද මනක්කල්පිත සිතුවිලි දහයක් වන) නියෝගයන් නියම කළ අවස්ථාවේදී ඔබ එහි බටහිර දිසාවෙහි සිටියේ නැත. එය බලා සිටි අයගෙන් ඔබ කෙනෙකුද නොව.

وَلَٰكِنَّآ أَنشَأْنَا قُرُونًۭا فَتَطَاوَلَ عَلَيْهِمُ ٱلْعُمُرُ ۚ وَمَا كُنتَ ثَاوِيًۭا فِىٓ أَهْلِ مَدْيَنَ تَتْلُوا۟ عَلَيْهِمْ ءَايَٰتِنَا وَلَٰكِنَّا كُنَّا مُرْسِلِينَ ۝٤٥

එහෙත් (ඔවුන්ගෙන් පසු) කොපමණදෝ සමූහයන් අපි උත්පාදනය කළෙමු. ඔවුන් කෙරෙහි (විවිධ) යුගයන්ද ගෙවී ගියේය. (එසේ තිබියදී මූසා ගැන මෙතරම් සත්‍යය වූ ඉතිහාසය ඔබ පවසන්නේ, දෙවියන් විසින් ඔබට දැනුම් දෙන ලද බැවින් යයි මොවුන් දැන ගත යුතු නොවේද?) තවද ඔබ මදියන්වාසීන් වෙත රැඳී සිට, ඔවුන්ට අපගේ ආයාවන් සමුදීරණය කර පෙන්වමින්ද සිටියේ නැත. (එහෙත් අපි වහී දැනුම් දීම මතම ඔබ මෙම කාරණාවන් පවසන්නෙහිය. ඔබ වැනි) දූතයින්ව අපිම යවමින් සිටියෙමු.

وَمَا كُنتَ بِجَانِبِ ٱلطُّورِ إِذْ نَادَيْنَا وَلَٰكِن رَّحْمَةًۭ مِّن رَّبِّكَ لِتُنذِرَ قَوْمًۭا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٍۢ مِّن قَبْلِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ ۝٤٦

තවද (තූර් සිනායි නමැති කන්ඳට මූසාව) අපි කැඳවූ අවස්ථාවේදී (එම) තූර් (කන්ඳේ) බෑවුමේද ඔබ සිටියේ නැත. එහෙත් ඔබගේ දෙවියන්ගේ එක් වරප්‍රසාදයක් වශයෙන්ද, ඔබට පෙර බිය ගන්වා අනතුරු අඟවන්නෙකු නොපැමිණි (මෙම අරාබි) ජනතාව හොඳ වැටහීමක් ලබා ගැනීමට ඔබ ඔවුන්ට බිය ගන්වා අනතුරු ඇඟවීම සඳහාම (මෙම කාරණාවන් සියල්ල ඔබට වහී මගින් දැනුම් දෙනු ලැබ ඇත්තේය).

وَلَوْلَآ أَن تُصِيبَهُم مُّصِيبَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَيَقُولُوا۟ رَبَّنَا لَوْلَآ أَرْسَلْتَ إِلَيْنَا رَسُولًۭا فَنَتَّبِعَ ءَايَٰتِكَ وَنَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ ۝٤۷

මොවුන්ගේ අත් කරන ලද (නපුරු) ක්‍රියාවන්හි හේතුවෙන් මොවුන්ව යම්කිසි විපතක් පැමිණ සේන්දු වන විට, “අපගේ දෙවියනේ! අප වෙත (ඔබගේ) එක් දූතයෙකු යැවිය යුතු නොවේද? (එසේ ඔබ යවා තිබුණේ නම්), ඔබගේ ආයාවන් අපි අනුගමනය කර (ඔබට) විශ්වාසය තැබූවන්ගෙන් වූ අය වශයෙන් සිට ඇත්තෙමු” යයි පවසා නොසිටීම පිණිසම, (ඔබව අපගේ දූතයා වශයෙන් මොවුන් වෙත යැව්වෙමු).

فَلَمَّا جَآءَهُمُ ٱلْحَقُّ مِنْ عِندِنَا قَالُوا۟ لَوْلَآ أُوتِىَ مِثْلَ مَآ أُوتِىَ مُوسَىٰٓ ۚ أَوَلَمْ يَكْفُرُوا۟ بِمَآ أُوتِىَ مُوسَىٰ مِن قَبْلُ ۖ قَالُوا۟ سِحْرَانِ تَظَٰهَرَا وَقَالُوٓا۟ إِنَّا بِكُلٍّۢ كَٰفِرُونَ ۝٤۸

එහෙත් මෙවැනි සත්‍ය (කාරණාවන්ගෙන් පිරි සත්‍ය ධර්මය) අපගේ සන්නිධානයෙන් මොවුන් වෙත පැමිණි අවස්ථාවේදී (මෙය විශ්වාස කිරීම වෙනුවට) මොවුන් “මූසාට දෙනූ ලැබූ දැය මෙන් මොහුටත් ලබා දිය යුතු නොවේද?”යි පවසන්නාහ. (කිමෙක්ද!) මීට පෙර මූසාට දෙනු ලැබූ දැයද මොවුන් (මොවුන්ගේ මුතුන් මිත්තන්) ප්‍රතික්ෂේප කර හැරියේ නැද්ද? (තවද ඒවා) එකකට එකක් ස්ථීර කළ හැකි සූනියම් දෙකකැයි (මූසාට පහළ කළ දැයද, මෙම ධර්මයද) මොවුන් පැවසූ අතර “නියත වශයෙන්ම අපි මේවා සියල්ල ප්‍රතික්ෂේප කරන්නෙමු” යයිද පැවසූහ.

قُلْ فَأْتُوا۟ بِكِتَٰبٍۢ مِّنْ عِندِ ٱللَّهِ هُوَ أَهْدَىٰ مِنْهُمَآ أَتَّبِعْهُ إِن كُنتُمْ صَٰدِقِينَ ۝٤۹

එබැවින් (නබියේ! ඔවුන්ට) “ඔබ සත්‍යවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, මේ දෙකටම වඩා ඍජු මාර්ගයක් දැනුම් දිය හැකි (ඉතාමත් උසස්) ධර්මයක් අල්ලාහ් වෙතින් ඔබ ගෙන එනු. මටත් එය අනුගමනය කළ හැකිය” යයි ඔබ පවසනු.

فَإِن لَّمْ يَسْتَجِيبُوا۟ لَكَ فَٱعْلَمْ أَنَّمَا يَتَّبِعُونَ أَهْوَآءَهُمْ ۚ وَمَنْ أَضَلُّ مِمَّنِ ٱتَّبَعَ هَوَىٰهُ بِغَيْرِ هُدًۭى مِّنَ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ ۝٥۰

ඔබට ඔවුන් පිළිතුරු නොදුන්නහොත් නියත වශයෙන්ම ඔවුන් තමන්ගේ සිත් (තුළ නැගෙන) ආශාවන්ම අනුගමනය කරන්නාහ යයි ස්ථීර වශයෙන් ඔබ දැන ගනු. අල්ලාහ්ගේ ඍජු මාර්ගය හැර, තමන්ගේ සිත් ආශාවන්ම අනුගමනය කරන්නාට වඩා දුර්මාර්ගිකයින් කිසිවෙකු හෝ ඇත්ද? නියත වශයෙන්ම අල්ලාහ් (මෙවැනි) අපරාධකාර ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.

۞ وَلَقَدْ وَصَّلْنَا لَهُمُ ٱلْقَوْلَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ ۝٥١

ඔවුන් හොඳ වැටහීමක් ලබා ගනු පිණිස අපගේ (ධර්ම) පොරොන්දුව (නැවත නැවතත්) ඔවුන්ට (පහළ කර) එකතු කරගෙනම සිටියෙමු.

ٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ مِن قَبْلِهِۦ هُم بِهِۦ يُؤْمِنُونَ ۝٥٢

(එබැවින්) මීට පෙර කවුරුන් හට අපි (අපගේ) ධර්මය ලබා දී ඇත්තෙමුද, ඔවුන්ද මෙය (ඇත්තෙන්ම) විශ්වාස කරන්නාහ.

وَإِذَا يُتْلَىٰ عَلَيْهِمْ قَالُوٓا۟ ءَامَنَّا بِهِۦٓ إِنَّهُ ٱلْحَقُّ مِن رَّبِّنَآ إِنَّا كُنَّا مِن قَبْلِهِۦ مُسْلِمِينَ ۝٥۳

ඔවුන් කෙරෙහි (මෙම ධර්මය) සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත් එයට ඔවුන් “මෙයද අපි විශ්වාස කරන්නෙමු. නියත වශයෙන්ම මෙයද අපගේ දෙවියන්ගේ සන්නිධානයෙන් පැමිණි සත්‍ය (ධර්මය) වන්නේය. මීට පෙර නියත වශයෙන්ම අපි (මෙය අපගේ ධර්මය මගින් දැනගෙන, සම්පූර්ණයෙන්ම අවනත වූ) මුස්ලිම්වරුන් වශයෙන් සිටියෙමු” යයි පවසන්නාහ.

أُو۟لَٰٓئِكَ يُؤْتَوْنَ أَجْرَهُم مَّرَّتَيْنِ بِمَا صَبَرُوا۟ وَيَدْرَءُونَ بِٱلْحَسَنَةِ ٱلسَّيِّئَةَ وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ ۝٥٤

මෙවැන්නන් ස්ථීරව සිටි හේතුවෙන් දෙවරක් ඔවුන්ට (හොඳ) ඵලවිපාක දෙනු ලැබේ. මොවුන් නපුරු කාරණාවන් හොඳ දැය මගින්ම වළක්වා ගන්නාහ. තවද අපි ඔවුන්ට ලබා දුන් දැයෙන් ඔවුන් දානමානද කරන්නාහ.

وَإِذَا سَمِعُوا۟ ٱللَّغْوَ أَعْرَضُوا۟ عَنْهُ وَقَالُوا۟ لَنَآ أَعْمَٰلُنَا وَلَكُمْ أَعْمَٰلُكُمْ سَلَٰمٌ عَلَيْكُمْ لَا نَبْتَغِى ٱلْجَٰهِلِينَ ۝٥٥

තවද ඔවුන් පුහු වදන් ඇසුණහොත් (එහි සම්බන්ධ නොවී) එය ප්‍රතික්ෂේප කර දමා “අපගේ කාරණාවන් අපටද, ඔබගේ කාරණාවන් ඔබටද (අගනේය). ඔබට සලාම්! අඥානයින් (සමග තර්ක කිරීමට) අපි කැමති වන්නේ නැත” යයි පවසන්නාහ.

إِنَّكَ لَا تَهْدِى مَنْ أَحْبَبْتَ وَلَٰكِنَّ ٱللَّهَ يَهْدِى مَن يَشَآءُ ۚ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ ۝٥٦

(නබියේ!) ඔබ කැමති අයව ඍජු මාර්ගයෙහි ඇතුළු කිරීමට නියත වශයෙන්ම ඔබට නොහැකිය. එහෙත් අල්ලාහ් තමන් කැමති අයවම ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. ඍජු මාර්ගයෙහි යා හැකි අය කවුරුන්දැයි ඔහුම හොඳින් දන්නේය.

وَقَالُوٓا۟ إِن نَّتَّبِعِ ٱلْهُدَىٰ مَعَكَ نُتَخَطَّفْ مِنْ أَرْضِنَآ ۚ أَوَلَمْ نُمَكِّن لَّهُمْ حَرَمًا ءَامِنًۭا يُجْبَىٰٓ إِلَيْهِ ثَمَرَٰتُ كُلِّ شَىْءٍۢ رِّزْقًۭا مِّن لَّدُنَّا وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ۝٥۷

(නබියේ! මක්කාවාසීන් වන) මොවුන් (ඔබට) “අපි ඔබ සමග (කුර්ආනය වන) මෙම ඍජු මාර්ගය අනුගමනය කළහොත් අපගේ රටින් අපි (පැහැරගෙන) ඔසවාගෙන යනු ලබන්නෙමු” යයි පවසන්නාහ. (මොවුන් මෙසේ සිතා බැලිය යුතු නොවේද?) ආරක්ෂාව ලබා දෙන (ඉතාමත්) ගෞරවණීය ස්ථානයෙහි මොවුන් ආධිපත්‍යය අත් කර ගැනීමට අපි සලස්වා අප සන්නිධානයෙන් (ඔවුන්ට) ආහාර වශයෙන් විවිධ වර්ගයේ පලතුරුද ගෙනැවිත් එහි ගොඩ ගැසීමට සැලැස්සුවේ නැද්ද? එහෙත් (මෙය අපගේ දයාවෙන්ම යන්න) ඔවුන්ගෙන් වැඩි දෙනෙකු දැන ගන්නේ නැත.

وَكَمْ أَهْلَكْنَا مِن قَرْيَةٍۭ بَطِرَتْ مَعِيشَتَهَا ۖ فَتِلْكَ مَسَٰكِنُهُمْ لَمْ تُسْكَن مِّنۢ بَعْدِهِمْ إِلَّا قَلِيلًۭا ۖ وَكُنَّا نَحْنُ ٱلْوَٰرِثِينَ ۝٥۸

(මොවුන් මෙන්) තමන්ගේ ජීවන සැප සම්පත් මගින් තර වී (උඞඟූ බවින්) ජීවත් වූ කොපමණදෝ රටවැසියන්ව අපි විනාශ කර ඇත්තෙමු. මෙන්න! (බලනු). මේවා සියල්ල ඔවුන් වාසය කළ ස්ථානයන්ය. ඔවුන්ගෙන් පසු එහි කිසිවෙකුත් වාසය කළේ නැත. (එහෙත් අතරින් පතර අහුමුලූ වල ඇති) සමහරෙකු හැර. අපිම (ඔවුන්ට) උරුමක්කාරයින් බවට පත් වූවෙමු.

وَمَا كَانَ رَبُّكَ مُهْلِكَ ٱلْقُرَىٰ حَتَّىٰ يَبْعَثَ فِىٓ أُمِّهَا رَسُولًۭا يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَٰتِنَا ۚ وَمَا كُنَّا مُهْلِكِى ٱلْقُرَىٰٓ إِلَّا وَأَهْلُهَا ظَٰلِمُونَ ۝٥۹

(නබියේ!) අපගේ ආයාවන් ඔවුන්ට සමුදීරණය කර පෙන්වීමට එක් දූතයෙකු ඔවුන්ගේ අගනුවරට යවන තුරු එම රටවල් ඔබගේ දෙවියන් කිසි විටෙකත් විනාශ කරන්නෙකු වශයෙන් සිටියේ නැත. තවද කිසි රටවැසියෙකුව ඔවුන් අපරාධ කරමින් සිටියදී මිස, අපි විනාශ කරන්නෙකු වශයෙන් සිටියේද නැත.

وَمَآ أُوتِيتُم مِّن شَىْءٍۢ فَمَتَٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَزِينَتُهَا ۚ وَمَا عِندَ ٱللَّهِ خَيْرٌۭ وَأَبْقَىٰٓ ۚ أَفَلَا تَعْقِلُونَ ۝٦۰

(නබියේ! ඔබ මෙසේ පවසනු): ඔබට ලබා දෙනු ලැබ ඇති සියල්ල මෙලොව ජීවිතයට අවශ්‍ය (අල්ප) සුවය හා ඒවායේ අලංකාරයත් පමණි. නමුත් අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඇති දැය නම්, ඉතාමත් උසස් හා ස්ථීරවත් දැයයි. (මෙතරම් දැයක්වත්) ඔබ දැන ගත යුතු නොවේද?

أَفَمَن وَعَدْنَٰهُ وَعْدًا حَسَنًۭا فَهُوَ لَٰقِيهِ كَمَن مَّتَّعْنَٰهُ مَتَٰعَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ثُمَّ هُوَ يَوْمَ ٱلْقِيَٰمَةِ مِنَ ٱلْمُحْضَرِينَ ۝٦١

(කිමෙක්ද!) කවුරුන් හට අපි හොඳ පොරොන්දුවම පොරොන්දු වී, එය ඔහුද අත් කර ගැනීමට සිටින්නේද ඔහුද, කවුරුන් හට අපි මෙලොව ජීවිතයේ (අල්ප) සුවයන් (පමණක්) ලබා දී (එහිම ඔහු ගැලී ගිය බැවින්) පසුව විනිශ්චය දිනදී (චෝදනා කරනු ලැබ) ගෙන එනු ලබන්නන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නේද ඔහුද, සම වන්නේද? (කිසි විටෙකත් එසේ වන්නේ නැත).

وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَآءِىَ ٱلَّذِينَ كُنتُمْ تَزْعُمُونَ ۝٦٢

ඔහු ඔවුන්ව කැඳවන දිනදී (ඔවුන්ට) “මට සමානයන් යයි ඔබ ස්ථීර වශයෙන් අදහස් කරමින් සිටියා නොවෙද, ඒවා කොහේද?”යි විමසනු ඇත.

قَالَ ٱلَّذِينَ حَقَّ عَلَيْهِمُ ٱلْقَوْلُ رَبَّنَا هَٰٓؤُلَآءِ ٱلَّذِينَ أَغْوَيْنَآ أَغْوَيْنَٰهُمْ كَمَا غَوَيْنَا ۖ تَبَرَّأْنَآ إِلَيْكَ ۖ مَا كَانُوٓا۟ إِيَّانَا يَعْبُدُونَ ۝٦۳

(මිනිසුන්ව සමානයන් තැබීමට සලස්වා මාර්ගය වැරද යාමට සැලැස්වූ අයගෙන්) කවුරුන් මත අපගේ (දඬුවම ගැන වූ) පොරොන්දුව නියම කරනු ලැබුවෝද, ඔවුන් “අපගේ දෙවියනේ! අපව මාර්ගය වැරද යාමට සැලැස්සුවේ මොවුන්ය. (එහෙත් කිසිවෙකුගේ බල කිරීමකින් තොර) කෙසේ අපි දුර්මාර්ගිකයින් වූවෙමුද, ඒ අන්දමටම මොවුන්වද (කිසිම බල කිරීමක් නැතිව) මාර්ගය වැරද යැව්වෙමු. (එබැවින්) ඔබ වෙත (ඔවුන්ගේ වගකීමෙන්) අපි ඈත් වන්නෙමු. ඔවුන් අපව නමදිමින් සිටියේද නැත” යයි පවසනු ඇත.

وَقِيلَ ٱدْعُوا۟ شُرَكَآءَكُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا۟ لَهُمْ وَرَأَوُا۟ ٱلْعَذَابَ ۚ لَوْ أَنَّهُمْ كَانُوا۟ يَهْتَدُونَ ۝٦٤

“පසුව ඔබගේ සමානයන් වන (දෙවිවරුන්ව උදව්වට) කැඳවනු” යයි (ඔවුන්ට) කියනු ලැබ (ඒ අන්දමටම) ඔවුන් ඒවාද ආරාධනා කරන්නාහ. එහෙත් ඒවා මොවුන්ට (කට ඇර) පිළිතුරුද නොදෙන්නේය. (ඒ අතර) මොවුන් (තමන්ගේ) දඬුවම දැක ගනු ඇත. මොවුන් ඍජු මාර්ගයේ ගමන් කර තිබුණේ නම්, (මෙම ඉරණමට ගොදුරු වන්නෙහුද)?

وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ مَاذَآ أَجَبْتُمُ ٱلْمُرْسَلِينَ ۝٦٥

(විනිශ්චය සඳහා) ඔහු ඔවුන්ව කැඳවන දිනදී (ඔවුන්ට “අපගේ ඍජු මාර්ගයට ආරාධනා කිරීමට ඔබ වෙත පැමිණි) අපගේ දූතයින්ට ඔබ කුමන පිළිතුරක් දුන්නෙහුද?”යි විමසනු ලබනු ඇත.

فَعَمِيَتْ عَلَيْهِمُ ٱلْأَنۢبَآءُ يَوْمَئِذٍۢ فَهُمْ لَا يَتَسَآءَلُونَ ۝٦٦

එදිනදී සියලූ කාරණාම ඔවුන්ට අඳුරු කරනු ලැබ, (කිසිවක් ගැන) කෙනෙකු කෙනෙකුගෙන් විමසීමට ශක්තියක් නොමැතිවද යනු ඇත.

فَأَمَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحًۭا فَعَسَىٰٓ أَن يَكُونَ مِنَ ٱلْمُفْلِحِينَ ۝٦۷

එහෙත් (මොවුන්ගෙන්) කවුරුන් පසුතැවිලි වී (පාපයන්ගෙන් ඈත් වී) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් ජයග්‍රාහකයින්ගෙන් වූවන් බවට පත් වන්නාහ.

وَرَبُّكَ يَخْلُقُ مَا يَشَآءُ وَيَخْتَارُ ۗ مَا كَانَ لَهُمُ ٱلْخِيَرَةُ ۚ سُبْحَٰنَ ٱللَّهِ وَتَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ ۝٦۸

(නබියේ!) ඔබගේ දෙවියන් තමන් කැමති අයව උත්පාදනය කර, (තමන්ගේ දූත මෙහෙවර සඳහා ඔවුන්ගෙන් තමන් කැමති අයව) තෝරා ගන්නේය. (එසේ දූතයාව) තෝරා ගැනීමෙහි මොවුන්ට කිසිම අයිතියක් නැත. මොවුන් සමානයන් තබන දැයෙන් අල්ලාහ් ඉතාමත් උසස්වන්තයෙකු හා පරිශුද්ධවන්තයෙකුද වන්නේය.

وَرَبُّكَ يَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ ۝٦۹

ඔබගේ දෙවියන් ඔවුන්ගේ හෘදයන්හි සඟවා තබා ඇති දැයද, (ඊට වෙනස්ව) ඔවුන් එළිදරව් කරන දැයද හොඳින් දන්නේය.

وَهُوَ ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ لَهُ ٱلْحَمْدُ فِى ٱلْأُولَىٰ وَٱلْءَاخِرَةِ ۖ وَلَهُ ٱلْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ ۝۷۰

ඔහු අල්ලාහ්ය. ඔහු හැර, නැමදුමට යුත්තෙකු (ඇත්තේම) නැත. මෙලොවදීද, පරලොවදීද ප්‍රශංසා සියල්ල ඔහුටම අයත්ය! (විනිශ්චය දිනදී තීන්දු දෙන) බලයද ඔහුටම අයත්ය! එබැවින් (විනිශ්චය දිනදී) ඔබ (සියල්ලන්ම) ඔහු වෙතම ගෙන එනු ලබන්නෙහුය.

قُلْ أَرَءَيْتُمْ إِن جَعَلَ ٱللَّهُ عَلَيْكُمُ ٱلَّيْلَ سَرْمَدًا إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ مَنْ إِلَٰهٌ غَيْرُ ٱللَّهِ يَأْتِيكُم بِضِيَآءٍ ۖ أَفَلَا تَسْمَعُونَ ۝۷١

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “රාත්‍රිය විනිශ්චය දින දක්වා දීර්ඝ වී සිටින සේ අල්ලාහ් ඔබට සැලැස්සුවහොත් ඔබට (දහවලෙහි) ආලෝකය ගෙන ඒමට හැකි වෙන කිසිවෙකු හෝ අල්ලාහ් හැර නැමදුමට යුතු වෙන කිසිවෙකු හෝ ඇත්තේදැයි යන්න ඔබ (සිතා) බැලූවේ නැද්ද? (මේ දැයවත්) ඔබ සවන් දිය යුතු නොවේද?

قُلْ أَرَءَيْتُمْ إِن جَعَلَ ٱللَّهُ عَلَيْكُمُ ٱلنَّهَارَ سَرْمَدًا إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ مَنْ إِلَٰهٌ غَيْرُ ٱللَّهِ يَأْتِيكُم بِلَيْلٍۢ تَسْكُنُونَ فِيهِ ۖ أَفَلَا تُبْصِرُونَ ۝۷٢

(පසුවත් නබියේ!) ඔබ මෙසේ පවසනු: “දහවල අවසාන දිනය දක්වා දීර්ඝ වන සේ අල්ලාහ් ඔබට සැලැස්වුවහොත් ඔබ වෙහෙස නිවීමට හැකි රාත්‍රිය ඔබට ගෙන ආ හැකි වෙන කෙනෙකු හෝ අල්ලාහ් හැර නැමදුමට යුතු වෙන කෙනෙකු හෝ ඇත්තේදැයි ඔබ අවධානය කර බැලිය යුතු නොවේද? (මෙය) ඔබ (සිතා) බැලිය යුතු නොවේද?

وَمِن رَّحْمَتِهِۦ جَعَلَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ لِتَسْكُنُوا۟ فِيهِ وَلِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ ۝۷۳

(එසේ නොමැතිව) රාත්‍රියද, දහවලද ඔබ වෙහෙස නිවා ගැනීමටද, ඔබ ඔහුගේ වරප්‍රසාදයන් සොයා ගැනීමටද ඔබට ඔහු ඇති කර තිබීමට ඔහුගේ කරුණාවම හේතුවකි. (මේ සඳහා) ඔබ (ඔහුට) කෘතඥ වනු මැනව!”

وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَآءِىَ ٱلَّذِينَ كُنتُمْ تَزْعُمُونَ ۝۷٤

(නබියේ! දෙවියන්) ඔවුන්ව (විනිශ්චය සඳහා) කැඳවන දිනදී “මට සමානයන් වශයෙන් ඇති දැය යයි ඔබ අදහස් කරමින් සිටියා නොවෙද, ඒවා කොහේද?”යි විමසනු ඇත.

وَنَزَعْنَا مِن كُلِّ أُمَّةٍۢ شَهِيدًۭا فَقُلْنَا هَاتُوا۟ بُرْهَٰنَكُمْ فَعَلِمُوٓا۟ أَنَّ ٱلْحَقَّ لِلَّهِ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ ۝۷٥

සෑම ජනතාවගෙන්ම (අපගේ දූතයින්ව ඔවුන්ට) සාක්ෂි වශයෙන් කැඳවා තබාගෙන, (ඔවුන්ට “මා හැර, දෙවිවරුන් යයි ඔබ ආරාධනා කරමින් සිටියා නොවෙද, එයට අයත්) ඔබගේ සාධකයන් ගෙන එනු” යයි අපි පවසන අවස්ථාවෙදී ඔවුන් බොරුවට මනක්කල්පිතව (දෙවියන් යයි) පවසමින් සිටි දැය සියල්ල ඔවුන්ව අත්හැර දමා සැඟවී, සත්‍ය (වූ දේවත්වය) අල්ලාහ් එක් කෙනෙකුටම නියත වශයෙන්ම අයිතිය යන්න ඔවුන් දැන ගනු ඇත.

۞ إِنَّ قَٰرُونَ كَانَ مِن قَوْمِ مُوسَىٰ فَبَغَىٰ عَلَيْهِمْ ۖ وَءَاتَيْنَٰهُ مِنَ ٱلْكُنُوزِ مَآ إِنَّ مَفَاتِحَهُۥ لَتَنُوٓأُ بِٱلْعُصْبَةِ أُو۟لِى ٱلْقُوَّةِ إِذْ قَالَ لَهُۥ قَوْمُهُۥ لَا تَفْرَحْ ۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْفَرِحِينَ ۝۷٦

කාරූන් (නමැත්තා) මූසාගේ ජනතාවගෙන් කෙනෙකි. එහෙත් ඔවුන් කෙරෙහි ඔහු අපරාධයක් කිරීමට ඉදිරිපත් වූවේය. බොහෝ නිධානයන් අපි ඔහුට ලබා දී තිබුණෙමු. ඒවායේ යතුරු (පමණක්) ශක්තිසම්පන්නයන් වන එක් කණ්ඩායමකට ඉතාමත් අමාරුවෙන් ඔසවාගෙන සිටීමට සිදු වී තිබුණි. (මෙවැනි තත්වයකදී) ඔහුට, ඔහුගේ ජනතාව “ඔබ සතුටට පත් නොවනු! (ගර්විතව) සතුටට පත් වන්නන්ව නියත වශයෙන්ම අල්ලාහ් කැමති වන්නේ නැත” (යයිද)

وَٱبْتَغِ فِيمَآ ءَاتَىٰكَ ٱللَّهُ ٱلدَّارَ ٱلْءَاخِرَةَ ۖ وَلَا تَنسَ نَصِيبَكَ مِنَ ٱلدُّنْيَا ۖ وَأَحْسِن كَمَآ أَحْسَنَ ٱللَّهُ إِلَيْكَ ۖ وَلَا تَبْغِ ٱلْفَسَادَ فِى ٱلْأَرْضِ ۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْمُفْسِدِينَ ۝۷۷

“(ඔබ වෙත ඇති වස්තූන් සියල්ල අල්ලාහ්ම ඔබට ලබා දුන්නේය. එබැවින්) අල්ලාහ් ඔබට ලබා දී ඇති දැයෙන් (දානමාන කර) පරලොව නිවස සොයා ගනු. මෙලොව (දානමාන කර ඔබ සොයා ගන්නා දැයම) ඔබගේ කොටස යන්න ඔබ අමතක කර නොදමනු! අල්ලාහ් ඔබට (වස්තුව ලබා දී) හොඳක් කළ ආකාරයට (එමගින්) ඔබත් (අන් අයටද ලබා දී) පින් කරනු. භූමියෙහි ඔබ අපරාධ කිරීමට කැමති නොවනු! මන්දයත් අපරාධකාරයින්ව නියත වශයෙන්ම අල්ලාහ් කැමති වන්නේ නැත” යයිද පැවසූහ.

قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلْمٍ عِندِىٓ ۚ أَوَلَمْ يَعْلَمْ أَنَّ ٱللَّهَ قَدْ أَهْلَكَ مِن قَبْلِهِۦ مِنَ ٱلْقُرُونِ مَنْ هُوَ أَشَدُّ مِنْهُ قُوَّةًۭ وَأَكْثَرُ جَمْعًۭا ۚ وَلَا يُسْـَٔلُ عَن ذُنُوبِهِمُ ٱلْمُجْرِمُونَ ۝۷۸

එයට ඔහු “(මා වෙත ඇති) වස්තූන් සියල්ල මගේ ස්ව දැනුමෙන් (හා දක්ෂතාවයෙන්)ම මා අත් කර ගත්තෙමි. (මෙහි අල්ලාහ්ගේ දයාව කිසිත් නැත)” යයි (පිළිතුරු) දුන්නේය. ඔහුට පෙර සිටි සමූහයන්ගෙන් මොහුටත් වඩා ශක්තිවන්තයින් වශයෙන්ද, මොහුට වඩා අධික වශයෙන් වස්තුව අයත් අය වශයෙන්ද, සිටි කොපමණදෝ අයවළුන්ව අල්ලාහ් නියත වශයෙන්ම විනාශ කර ඇත්තේය යන්න මොහු දැන ගත්තේ නැද්ද? වැරදිකරුවන් තමන්ගේ පාපයන් ගැන පවසන ප්‍රශංසාවන් (එහිදී අවධානයට) ගනු ලබන්නේ නැත. (එයට අයත් දඬුවමම ඔවුන් අනිවාර්යයෙන්ම අත් කර ගනු නියතය).

فَخَرَجَ عَلَىٰ قَوْمِهِۦ فِى زِينَتِهِۦ ۖ قَالَ ٱلَّذِينَ يُرِيدُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا يَٰلَيْتَ لَنَا مِثْلَ مَآ أُوتِىَ قَٰرُونُ إِنَّهُۥ لَذُو حَظٍّ عَظِيمٍۢ ۝۷۹

ඔහු (දිනක් ඉතාමත් ආඩම්බරයෙන් යුතුව) තම අලංකාරයත් සමග තම ජනතාව වෙත ගියේය. (එය බැලු අයගෙන්) කවුරුන් මෙලොව ජීවිතයම (ලොකු යයි) කැමැත්තක් දක්වන්නන් වශයෙන් සිටියෝද, ඔවුන් “කාරූන්ට ලබා දුන් දැය මෙන් අපටත් (ලබා දිය යුතු) නොවේද? මන්දයත් නියත වශයෙන්ම ඔහු ඉමහත් භාග්‍යවන්තයෙකි” යයි පැවසූහ.

وَقَالَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ وَيْلَكُمْ ثَوَابُ ٱللَّهِ خَيْرٌۭ لِّمَنْ ءَامَنَ وَعَمِلَ صَٰلِحًۭا وَلَا يُلَقَّىٰهَآ إِلَّا ٱلصَّٰبِرُونَ ۝۸۰

එහෙත් (ඔවුන්ගෙන්) කවුරුන් හට (සත්‍ය) ඥානය දෙනු ලැබ තිබුණේද, ඔවුන් (අන් අයට) “ඔබට කුමක් සිදු වී ඇත්ද? (මෙසේ කුමක් නිසා පවසන්නෙහුද?) විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කළ අයට (පරලොවදී) අල්ලාහ් ලබා දෙන පරිත්‍යාග (මීටත් වඩා) ඉතාමත් උසස්ය. එය ඉවසිලිවන්තයින් මිස, (වෙන කිසිවෙකුත්) අත් කර ගන්නේ නැත” යයි පැවසූහ.

فَخَسَفْنَا بِهِۦ وَبِدَارِهِ ٱلْأَرْضَ فَمَا كَانَ لَهُۥ مِن فِئَةٍۢ يَنصُرُونَهُۥ مِن دُونِ ٱللَّهِ وَمَا كَانَ مِنَ ٱلْمُنتَصِرِينَ ۝۸١

ඔහුවද, ඔහුගේ මාලිගයද, භූමිය ගිල දැමීමට සැලැස්සුවෙමු. අල්ලාහ් හැර, ඔහුට උදව් කළ හැකි සමූහයන් කිසිවෙකුත් සිටියේ නැත. නැතහොත් ඔහු තමන්ට තමන්ම (අල්ලාහ්ගේ ග්‍රහණයෙන්) බේරා ගැනීමටද නොහැකි විය.

وَأَصْبَحَ ٱلَّذِينَ تَمَنَّوْا۟ مَكَانَهُۥ بِٱلْأَمْسِ يَقُولُونَ وَيْكَأَنَّ ٱللَّهَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ مِنْ عِبَادِهِۦ وَيَقْدِرُ ۖ لَوْلَآ أَن مَّنَّ ٱللَّهُ عَلَيْنَا لَخَسَفَ بِنَا ۖ وَيْكَأَنَّهُۥ لَا يُفْلِحُ ٱلْكَٰفِرُونَ ۝۸٢

(ඔහුද, ඔහුගේ මාලිගයද භූමියෙහි ගිලා බැසීම දුටු වහාම තිගැස්සී, නුවණ පහළ වී) ඊයේ දින ඔහුගේ තානාන්ථරය කැමති වූ සියල්ල (අද දින) උදේ “කුමක් සිදු වූයේද! නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ගෙන් තමන් කැමති අයට වරප්‍රසාදයන් විශාල වශයෙන් ලබා දෙන්නේය. (මිනිසාගේ දක්ෂතාවයෙන් පමණක් කිසිවක් සිදු වන්නේ නැත!) අල්ලාහ් අප කෙරෙහි දයාව පහළ නොකළා නම්, (ඒ අන්දමටම) නියත වශයෙන්ම අපවද (භූමිය) ගිල දමා ඇත. කුමක් සිදු වූයේද! නියත වශයෙන්ම (දෙවියන්ගේ කළගුණ) ප්‍රතික්ෂේප කරන්නන් ජයග්‍රහණය කරන්නේම නැත” යයි පැවසීමට ඉදිරිපත් වූහ.

تِلْكَ ٱلدَّارُ ٱلْءَاخِرَةُ نَجْعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّۭا فِى ٱلْأَرْضِ وَلَا فَسَادًۭا ۚ وَٱلْعَٰقِبَةُ لِلْمُتَّقِينَ ۝۸۳

(ඉමහත් භාග්‍යය ලත්) එම පරලොව නිවස නම්, භූමියෙහි ආඩම්බරයද, නපුරද කැමති නොවූවන්ටම අපි (අයිතිකර) දෙන්නෙමු. මන්දයත් (හොඳ) අවසානය භය භක්තිකයින්ටම වේ.

مَن جَآءَ بِٱلْحَسَنَةِ فَلَهُۥ خَيْرٌۭ مِّنْهَا ۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجْزَى ٱلَّذِينَ عَمِلُوا۟ ٱلسَّيِّـَٔاتِ إِلَّا مَا كَانُوا۟ يَعْمَلُونَ ۝۸٤

(ඔබගෙන්) කවුරුන් හෝ යම්කිසි හොඳක් (කර)ගෙන ආවහොත් ඔහුට ඊටත් වඩා උසස් ඵලවිපාක ලැඛෙනු ඇත. (ඔබගෙන්) කවුරුන් හෝ යම්කිසි පාපයක් (කර)ගෙන ආවහොත් එවැනි පාපතරයන් ඔවුන් කළ පාපයේ ප්‍රමාණයට මිස, (අධික වශයෙන්) දඬුවම් කරනු ලබන්නේ නැත.

إِنَّ ٱلَّذِى فَرَضَ عَلَيْكَ ٱلْقُرْءَانَ لَرَآدُّكَ إِلَىٰ مَعَادٍۢ ۚ قُل رَّبِّىٓ أَعْلَمُ مَن جَآءَ بِٱلْهُدَىٰ وَمَنْ هُوَ فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ ۝۸٥

(නබියේ!) නියත වශයෙන්ම කවුරුන් (දෙවියන්ගේ නියෝගයන්ගෙන් පිරි) මෙම කුර්ආනය ඔබ කෙරෙහි නියම කර ඇත්තේද, ඔහු නියත වශයෙන්ම ඔබව (මක්කාව වන ඔබගේ) නිවසෙහි ආපසු ගෙන ගොස් එක්කාසු කර හරිනු ඇත. (එබැවින් නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඍජු මාර්ගය මගින් පැමිණ සිටින්නන් කවරෙක්ද? (එය ප්‍රතික්ෂේප කර) ප්‍රකට දුර්මාර්ගයෙහි සිටින්නා කවරෙක්ද? යන්න මගේ දෙවියන් හොඳින් දන්නේය”.

وَمَا كُنتَ تَرْجُوٓا۟ أَن يُلْقَىٰٓ إِلَيْكَ ٱلْكِتَٰبُ إِلَّا رَحْمَةًۭ مِّن رَّبِّكَ ۖ فَلَا تَكُونَنَّ ظَهِيرًۭا لِّلْكَٰفِرِينَ ۝۸٦

(නබියේ!) ඔබ දෙවියන්ගේ දයාවෙන් මිස, මෙම ධර්මය (ඔහුගේ සන්නිධානයෙන්) ඔබට ලබා දෙනු ඇතැයි ඔබ බලාපොරොත්තුවෙන් සිටියේ නැත. (ඔහුගේ දයාවම මෙය ඔබට ලබා දෙනු ලබන්නේය). එබැවින් ඔබ ප්‍රතික්ෂේප කරන්නන්ට උදව්වට නොසිටිනු.

وَلَا يَصُدُّنَّكَ عَنْ ءَايَٰتِ ٱللَّهِ بَعْدَ إِذْ أُنزِلَتْ إِلَيْكَ ۖ وَٱدْعُ إِلَىٰ رَبِّكَ ۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلْمُشْرِكِينَ ۝۸۷

(මෙම ධර්මය) ඔබට පහළ වූ පසු (මෙහි ඇති) අල්ලාහ්ගේ ආයාවන් (දෙසට ඔබ ජනතාවට ආරාධනා) කිරීමෙන් ඔවුන් ඔබව වළක්වා නොදැමිය යුතුය. (එබැවින්) ඔබගේ දෙවියන් දෙසට ඔබ (ඔවුන්ව) ආරාධනා කරමින්ම සිටිනු. නියත වශයෙන්ම ඔබ සමානයන් තබා නමදින්නන්ගෙන් කෙනෙකු බවට පත් නොවිය යුතුය.

وَلَا تَدْعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ ۘ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۚ كُلُّ شَىْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُۥ ۚ لَهُ ٱلْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ ۝۸۸

(නබියේ!) අල්ලාහ් සමග වෙනත් දෙවිවරයෙකු ඔබ ආරාධනා නොකරනු. ඔහු හැර නැමදීමට යුතු වෙනත් දෙවියෙකු (ඇත්තේම) නැත. ඔහු හැර සියලූ වස්තූන්ම විනාශ විය හැකි දැයයි. සියලූ බලයන් ඔහුටම අයත්ය. ඔහු වෙතම (සියල්ලන්ම) ගෙන එනු ලබන්නෙහුය.