< السورة السابقة | فهرس السور | السورة التالية >
surah027
An-Naml (27)
The Ant, makkah, 93 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ طسٓ ۚ تِلْكَ ءَايَٰتُ ٱلْقُرْءَانِ وَكِتَابٍۢ مُّبِينٍ ١
තා. සීන්. මේවා ශුද්ධ වූ කුර්ආනයේ සමහර ආයාවන් වන්නේය. තවද (මෙම ශුද්ධ වූ කුර්ආනය) පැහැදිලි ධර්මය වන්නේය.
هُدًۭى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ ٢
විශ්වාසය තැබූවන්ට (මෙය) එක් ඍජු මාර්ගයක් වශයෙන්ද, ශුභාරංචියක් වශයෙන්ද ඇත්තේය.
ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلْءَاخِرَةِ هُمْ يُوقِنُونَ ۳
ඔවුන් සලාතය නොකඩවා ඉටු කරන්නාහ. සකාත්ද ගෙවමින් සිටින්නාහ. තවද ඔවුන් පරලොවද ස්ථීර වශයෙන් විශ්වාස කරන්නාහ.
إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ زَيَّنَّا لَهُمْ أَعْمَٰلَهُمْ فَهُمْ يَعْمَهُونَ ٤
කවුරුන් පරලොව නියත වශයෙන්ම විශ්වාස නොකළෝද, ඔවුන්ට (ඔවුන්ගේ ප්‍රතික්ෂේපයේ හේතුවෙන්) අපි ඔවුන්ගේ (නපුරු) කාරණාවන් අලංකාරවත් කර හැරියෙමු. එබැවින් ඔවුන් (එහි) මං මුළාවී ඒ මේ අත සැරිසරන්නාහ.
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ لَهُمْ سُوٓءُ ٱلْعَذَابِ وَهُمْ فِى ٱلْءَاخِرَةِ هُمُ ٱلْأَخْسَرُونَ ٥
මෙවැන්නන්ට නපුරු දඬුවමම (බලාපොරොත්තුවෙන්) ඇත්තේය. විනිශ්චය දිනදී නම්, ඔවුන් ඉමහත් පරාජිතයින් වශයෙන්ම සිටින්නාහ.
وَإِنَّكَ لَتُلَقَّى ٱلْقُرْءَانَ مِن لَّدُنْ حَكِيمٍ عَلِيمٍ ٦
(නබියේ!) නියත වශයෙන්ම ඉතාමත් ඥානවන්ත හා (සියල්ල) හොඳින් දන්න අය මගින් මෙම කුර්ආනය ඔබට ලබා දෙන ලදී.
إِذْ قَالَ مُوسَىٰ لِأَهْلِهِۦٓ إِنِّىٓ ءَانَسْتُ نَارًۭا سَـَٔاتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ ءَاتِيكُم بِشِهَابٍۢ قَبَسٍۢ لَّعَلَّكُمْ تَصْطَلُونَ ۷
මූසා (තූර් නමැති කන්ඳ අසළින් යමින් සිටියදී) තම පවුලේ උදවියට “නියත වශයෙන්ම මා එක් ගින්නක් දකින්නෙමි. (ඔබ ටිකක් නැවතී සිටිනු. මා ගොස් අපගේ මාර්ගය ගැන) යම්කිසි කාරණාවක් එහි සිට දැනගෙන එන්නෙමි. නැතහොත් ශීතයට ගිනි තැපීමට ගිනි පෙණෙල්ලක් හෝ ගෙන එන්නෙමි” යයිද කීවේය.
فَلَمَّا جَآءَهَا نُودِىَ أَنۢ بُورِكَ مَن فِى ٱلنَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَٰنَ ٱللَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ ۸
ඔහු ඒ අසළට පැමිණි අවස්ථාවේදී “ගින්නෙහි සිටින්නා (මලායිකාවරයා) මතද, ඒ අසළ සිටින්නා (මූසා) මතද, ඉමහත් භාග්‍යය ලබා දෙන ලදී” යයි (දෙවියන්ගේ සන්නිධානයෙන් ශබ්ද නගා පවසන) ලද අතර “ලෝකයන් සියල්ල පෝෂණය කර, පරිපාලනය කරන අල්ලාහ් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි” යයි පවසන ලදී.
يَٰمُوسَىٰٓ إِنَّهُۥٓ أَنَا ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ۹
(තවද) “ඕ මූසා! නියත වශයෙන්ම මා අල්ලාහ්ය. මා සියල්ලන්ටම බලසම්පන්නයෙකි. (සියල්ල හොඳින් දන්නා) ඥානවන්තයෙකි”යයි පවසන ලදී.
وَأَلْقِ عَصَاكَ ۚ فَلَمَّا رَءَاهَا تَهْتَزُّ كَأَنَّهَا جَآنٌّۭ وَلَّىٰ مُدْبِرًۭا وَلَمْ يُعَقِّبْ ۚ يَٰمُوسَىٰ لَا تَخَفْ إِنِّى لَا يَخَافُ لَدَىَّ ٱلْمُرْسَلُونَ ١۰
“ඔබ, ඔබගේ සැරයටිය වීසි කරනු” යයිද, පවසන ලදී. එසේ ඔහු එය වීසි කළ විට), නාගයෙකු මෙන් සෙළවීම දැක (බිය වී) ඔහු ආපසු හැරී නොබලා (උගෙන්) ඈත් වී දිව්වේය. (එබැවින් අපි මූසාට) “ඕ මූසා! ඔබ බිය නොවනු. නියත වශයෙන්ම මා වෙත කිසිම දූතයෙකු බිය නොවන්නාහ.
إِلَّا مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْنًۢا بَعْدَ سُوٓءٍۢ فَإِنِّى غَفُورٌۭ رَّحِيمٌۭ ١١
එහෙත් වැරදි කළ අය හැර. (එහෙත්) ඔහුද (තමන්ගේ) වැරැද්ද (වටහාගෙන එය) හොඳක් බවට පරිවර්තනය කර ගතහොත් නියත වශයෙන්ම මා (ඔහුවද) ක්ෂමා කර කරුණාව දක්වන්නෙකු වශයෙන්ම සිටින්නෙමි”.
وَأَدْخِلْ يَدَكَ فِى جَيْبِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍۢ ۖ فِى تِسْعِ ءَايَٰتٍ إِلَىٰ فِرْعَوْنَ وَقَوْمِهِۦٓ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمًۭا فَٰسِقِينَ ١٢
“(ඕ මූසා!) ඔබ, ඔබගේ අත, ඔබගේ ලපැත්තෙහි ඇති (කමිස සාක්කුවෙහි) දමනු. එය නපුරෙන් තොර ස්වේත වර්ණයෙන් (ආලෝකමත් වී දීප්තිමත්ව) එළියට එනු ඇත. (මෙම සාධකයන් දෙකම) ෆිර්අව්න්ටද, ඔහුගේ ජනතාවටද (ඔබ ගෙන යාමට) අයත් සාධකයන් නවයෙන් ඇති ඒවා වන්නේය. ඇත්තෙන්ම ඔවුන් පාපයන් කරන ජනතාව වශයෙන් සිටින්නාහ”යයි පවසන ලදී.
فَلَمَّا جَآءَتْهُمْ ءَايَٰتُنَا مُبْصِرَةًۭ قَالُوا۟ هَٰذَا سِحْرٌۭ مُّبِينٌۭ ١۳
(මූසාට ලබා දෙන ලද) අපගේ පැහැදිලි ප්‍රාතිහාර්යයන් ඔවුන් වෙත පැමිණි විට, “මෙය පැහැදිලි සූනියමකි” යයි ඔවුන් පැවසූහ.
وَجَحَدُوا۟ بِهَا وَٱسْتَيْقَنَتْهَآ أَنفُسُهُمْ ظُلْمًۭا وَعُلُوًّۭا ۚ فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُفْسِدِينَ ١٤
ඔවුන්ගේ හෘදයන් එය (සත්‍යය යයි) ස්ථීරවත් වුවද, උඞඟූ වී අපරාධයක් වශයෙන් එය ප්‍රතික්ෂේප කළහ. එබැවින් මෙම අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වූවේදැයි යන්න (නබියේ!) ඔබ අවධානය කර බලනු.
وَلَقَدْ ءَاتَيْنَا دَاوُۥدَ وَسُلَيْمَٰنَ عِلْمًۭا ۖ وَقَالَا ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى فَضَّلَنَا عَلَىٰ كَثِيرٍۢ مِّنْ عِبَادِهِ ٱلْمُؤْمِنِينَ ١٥
දාවූද්ටද, සුලෙයිමාන්ටද නියත වශයෙන්ම අපි (මෙලොවදීද, පරලොවදීද ප්‍රයෝජනවත් වන) අධ්‍යාපනය ලබා දුන්නෙමු. එයට ඒ දෙදෙනාම “ප්‍රශංසා සියල්ල අල්ලාහ්ටම අයත්ය. ඔහුම විශ්වාසය තැබූ තමන්ගේ (හොඳ) වහලූන්ගෙන් බොහොමයක් දෙනාට වඩා අපව උසස් කර තැබුවේය” යයි පවසා (කෘතඥ) වූහ.
وَوَرِثَ سُلَيْمَٰنُ دَاوُۥدَ ۖ وَقَالَ يَٰٓأَيُّهَا ٱلنَّاسُ عُلِّمْنَا مَنطِقَ ٱلطَّيْرِ وَأُوتِينَا مِن كُلِّ شَىْءٍ ۖ إِنَّ هَٰذَا لَهُوَ ٱلْفَضْلُ ٱلْمُبِينُ ١٦
පසුව සුලෙයිමාන්, දාවූද්ට උරුමක්කාරයා කර, “මිනිසුනේ! පක්ෂීන්ගේ භාෂාව අපිට උගන්වා දෙනු ලැබ ඇත්තේය. අපට (අවශ්‍ය) සියලූ වස්තූන්ද, (අප්‍රමාණවම) දෙනු ලැබ ඇත්තේය. නියත වශයෙන්ම මෙය (දෙවියන්ගේ) ඉතාමත් පැහැදිලි වරප්‍රසාදයකි” යයි පවසා (කෘතඥද) වූවේය.
وَحُشِرَ لِسُلَيْمَٰنَ جُنُودُهُۥ مِنَ ٱلْجِنِّ وَٱلْإِنسِ وَٱلطَّيْرِ فَهُمْ يُوزَعُونَ ١۷
ජින්වරුන්, මිනිසුන්, පක්ෂීන් ආදීන්ගෙන් යුත් සුලෙයිමාන්ගේ යුධ සේනාව ඔහු ඉදිරියේ ඒකරාශී කර, විවිධ ජාතීන්ට අනුව පෙළගස්වන ලදී.
حَتَّىٰٓ إِذَآ أَتَوْا۟ عَلَىٰ وَادِ ٱلنَّمْلِ قَالَتْ نَمْلَةٌۭ يَٰٓأَيُّهَا ٱلنَّمْلُ ٱدْخُلُوا۟ مَسَٰكِنَكُمْ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمَٰنُ وَجُنُودُهُۥ وَهُمْ لَا يَشْعُرُونَ ١۸
ඒවා කුහුඹුවන් වාසය කරන එක් ඇළක් අසළින් පැමිණි අවස්ථාවේදී (ඒවායෙහි) එක් ගැහැනු කුහුඹුවෙකු (අනිත් කුහුඹුවන්ට) “ඕ කුහුඹුවණි! ඔබ, ඔබගේ නිවෙස් තුළට ඇතුළු වනු. සුලෙයිමාන්ද, ඔහුගේ යුධ සේනාවද, (ඔබ සිටිනු) නොදැනුවත්ව ඔබව (තමන්ගේ කකුල්වලින්) පාගා නොදැමිය යුතුය” යයි පැවසීය.
فَتَبَسَّمَ ضَاحِكًۭا مِّن قَوْلِهَا وَقَالَ رَبِّ أَوْزِعْنِىٓ أَنْ أَشْكُرَ نِعْمَتَكَ ٱلَّتِىٓ أَنْعَمْتَ عَلَىَّ وَعَلَىٰ وَٰلِدَىَّ وَأَنْ أَعْمَلَ صَٰلِحًۭا تَرْضَىٰهُ وَأَدْخِلْنِى بِرَحْمَتِكَ فِى عِبَادِكَ ٱلصَّٰلِحِينَ ١۹
උගේ වදනට සවන් දුන් සුලෙයිමාන් මද සිනහවක් පාමින්, “මගේ දෙවියනේ! ඔබ මා කෙරෙහිද, මගේ දෙමව්පියන් කෙරෙහිද, ලබා දුන් ඔබගේ වරප්‍රසාදයන්ට (ඔබට) මා කෘතඥ වීමට දයාව පහළ කරනු මැනව! ඔබ සෑහීමට පත් විය හැකි දැහැමි කාරණාවන්ද මට කළ (හැකි භාග්‍යය මා හට ලබා දී) දයාව පහළ කර, ඔබගේ දයාව මගින් ඔබගේ හොඳ වහලූන්ගෙන් මාවද එකතු කර හරිනු මැනව!” යයි ප්‍රාර්ථනා කළේය.
وَتَفَقَّدَ ٱلطَّيْرَ فَقَالَ مَا لِىَ لَآ أَرَى ٱلْهُدْهُدَ أَمْ كَانَ مِنَ ٱلْغَآئِبِينَ ٢۰
ඔහු පක්ෂීන්ව පිරික්සුමට ලක් කළ අවස්ථාවේදී “කිමෙක්ද කාරණාව? මා හට හූද් හූද් (නමැති පක්ෂියාව) දක්නට නැත්තේ! (එය පක්ෂීන්ගේ තද බදයෙන්) සැඟවී ඇත්තේද? (නැතහොත් මගේ අනුමැතියෙන් තොරව කොහේ හෝ ගියේද?
لَأُعَذِّبَنَّهُۥ عَذَابًۭا شَدِيدًا أَوْ لَأَا۟ذْبَحَنَّهُۥٓ أَوْ لَيَأْتِيَنِّى بِسُلْطَٰنٍۢ مُّبِينٍۢ ٢١
(එසේ නම්) නියත වශයෙන්ම මා ඌට දරුණු ලෙස දඬුවම් කරන්නෙමි. නැතහොත් උගේ ඛෙල්ල කපා දමන්නෙමි. (මෙයට) පැහැදිලි නිදහසට කරුණක් ඌ (මා ඉදිරියේ) නොගෙනාවහොත්” යයි පැවසුවේය.
فَمَكَثَ غَيْرَ بَعِيدٍۢ فَقَالَ أَحَطتُ بِمَا لَمْ تُحِطْ بِهِۦ وَجِئْتُكَ مِن سَبَإٍۭ بِنَبَإٍۢ يَقِينٍ ٢٢
(මෙසේ පවසා) වැඩි වේලාවක් ගියේ නැත. (ඒ අතර හූද් හූද් නමැති එම පක්ෂියා ඉදිරියට විත්) “ඔබ නොදත් කාරණාවක් මා දැන ගත්තෙමි. සබා ගැන නියත වශයෙන්ම (සත්‍ය) පුවත ගෙනැවිත් ඇත්තෙමි”.
إِنِّى وَجَدتُّ ٱمْرَأَةًۭ تَمْلِكُهُمْ وَأُوتِيَتْ مِن كُلِّ شَىْءٍۢ وَلَهَا عَرْشٌ عَظِيمٌۭ ٢۳
“ඇත්තෙන්ම ඔවුන්ව (එම රටවැසියන්ව) එක් කාන්තාවක් පාලනය කරනු මා දුටුවෙමි. සියලූ සැප සම්පත් ඈ ලබාගෙන ඇත්තීය. ශ්‍රේෂ්ඨ සිංහාසණයක්ද ඇයට ඇත්තේය.
وَجَدتُّهَا وَقَوْمَهَا يَسْجُدُونَ لِلشَّمْسِ مِن دُونِ ٱللَّهِ وَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَٰنُ أَعْمَٰلَهُمْ فَصَدَّهُمْ عَنِ ٱلسَّبِيلِ فَهُمْ لَا يَهْتَدُونَ ٢٤
ඇයද, ඇයගේ (රට)වැසියන්ද අල්ලාහ් හැර, සූය්‍යයාට (නළල බිම තබා) සුජූද් කර නමදිනු මා දුටුවෙමි. ඔවුන්ගේ මෙම කාරණාව ෂෙයිතාන් ඔවුන්ට අලංකාරවත් කර පෙන්වා, ඔවුන්ව ඍජු මාර්ගයෙන් වළක්වා දැමුවේය. එබැවින් ඔවුන් ඍජු මාර්ගය අත් කර ගත්තේ නැත”.
أَلَّا يَسْجُدُوا۟ لِلَّهِ ٱلَّذِى يُخْرِجُ ٱلْخَبْءَ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَيَعْلَمُ مَا تُخْفُونَ وَمَا تُعْلِنُونَ ٢٥
“අහස්හිද, භූමියෙහිද, සැඟවී ඇති දැය එළිදරව් කළ හැකි අල්ලාහ්ට ඔවුන් සුජූද් කර නැමදිය යුතු නොවේද? තවද ඔහු ඔබ සඟවා ගන්නා දැයද, ඔබ එළිදරව් කරන දැයද හොඳින් දැන ගන්නේය.
ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْعَظِيمِ ۩ ٢٦
එම අල්ලාහ් හැර, නැමදුමට යුතු හිමියෙකු වෙන කිසිත් නැත. ඔහුම ශ්‍රේෂ්ඨ අර්ෂ් වලට අයත් දෙවියන්” යයි පැවසුවේය.
۞ قَالَ سَنَنظُرُ أَصَدَقْتَ أَمْ كُنتَ مِنَ ٱلْكَٰذِبِينَ ٢۷
(එයට සුලෙයිමාන්) “ඔබ ඇත්ත කියන්නෙහිද? නැතහොත් බොරු කියන්නෙහිදැයි යන්න ඉතා ඉක්මනින් දැක ගන්නෙමු.
ٱذْهَب بِّكِتَٰبِى هَٰذَا فَأَلْقِهْ إِلَيْهِمْ ثُمَّ تَوَلَّ عَنْهُمْ فَٱنظُرْ مَاذَا يَرْجِعُونَ ٢۸
මගේ මෙම ලිපිය ගෙන ගොස් ඔවුන් ඉදිරියේ දැමීමෙන් අනතුරුව, ඈත් වී (සැඟවී සිටිමින්) ඔවුන් කුමන තීරණයකට එළඹෙන්නේදැයි ඔබ අවධානය (කර බලා එනු)” යයි පැවසුවේය.
قَالَتْ يَٰٓأَيُّهَا ٱلْمَلَؤُا۟ إِنِّىٓ أُلْقِىَ إِلَىَّ كِتَٰبٌۭ كَرِيمٌ ٢۹
(ඒ අන්දමටම එහි ගොස් ඔවුන් ඉදිරියේ එම ලිපිය වීසි කළ විට, එය දුටු එම රැජිණ තම ප්‍රධානීන්ට) “ප්‍රධානියෙණි! (ඉතාමත්) ගෞරවණීය ලිපියක් මා ඉදිරියේ දමනු ලැබ ඇත්තේය.
إِنَّهُۥ مِن سُلَيْمَٰنَ وَإِنَّهُۥ بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ۳۰
ඇත්තෙන්ම එය සුලෙයිමාන්ගෙන් පැමිණ ඇත. නියත වශයෙන්ම එහි (ආරම්භයේ) ‘බිස්මිල්ලා හිර් රහ්මානිර්රහීම්’ (යයි ලියනු ලැබ ඇති අතර)
أَلَّا تَعْلُوا۟ عَلَىَّ وَأْتُونِى مُسْلِمِينَ ۳١
ඔබ (උඞඟූ වී) මා වෙත අඩම්බර බස් නොදොඩුනු. (දෙවියන්ට) සම්පූර්ණයෙන්ම අවනත වූවන් වශයෙන් මා වෙත එනු’ යයි (ලියනු ලැබ) ඇත්තේය” යයි ඇය පැවසුවාය.
قَالَتْ يَٰٓأَيُّهَا ٱلْمَلَؤُا۟ أَفْتُونِى فِىٓ أَمْرِى مَا كُنتُ قَاطِعَةً أَمْرًا حَتَّىٰ تَشْهَدُونِ ۳٢
“ප්‍රධානීන්වරුණි! අපගේ (මෙම) කාරණාවෙහි ඔබ, (ඔබගේ) අදහස් උදහස් පවසනු. මගේ සමූහයෙන් ඔබ (කෙළින්ම) පැමිණ (අභිප්‍රායන්) නොපැවසුවහොත් මා කිසිම කාරණාවක තීරණයක් ගන්නෙකු නොවන්නෙමි” යයි ඇය පැවසුවාය.
قَالُوا۟ نَحْنُ أُو۟لُوا۟ قُوَّةٍۢ وَأُو۟لُوا۟ بَأْسٍۢ شَدِيدٍۢ وَٱلْأَمْرُ إِلَيْكِ فَٱنظُرِى مَاذَا تَأْمُرِينَ ۳۳
එයට ඔවුන් “අපි බලසම්පන්නයන් වශයෙන්ද, දරුණු යුද්ධ කරන්නට හැකි අය වශයෙන්ද සිටින්නෙමු. (යුද්ධ කරන්නේද, සාමය රකින්නේද යන) මෙම කාරණාව (ගැන තීරණයක් ගැනීම) ඔබ සතුය. එබැවින් ඔබ නියෝග කිරීමෙහි (ඇති වාසි අවාසිය) ඔබ හොඳින් අවධානය කර බලනු” යයි පවැසූහ.
قَالَتْ إِنَّ ٱلْمُلُوكَ إِذَا دَخَلُوا۟ قَرْيَةً أَفْسَدُوهَا وَجَعَلُوٓا۟ أَعِزَّةَ أَهْلِهَآ أَذِلَّةًۭ ۖ وَكَذَٰلِكَ يَفْعَلُونَ ۳٤
එයට ඇය “රජවරුන් යම්කිසි රටකට ඇතුළු වුවහොත් නියත වශයෙන්ම එය විනාශ කර දමන්නාහ. තවද එහි සිටින ගෞරණීය අය (අවමන් කර) නින්දිතයින් බවට පත් කරන්නාහ. (එබැවින්) මොවුන්ද, මෙසේ කරනු ඇත”.
وَإِنِّى مُرْسِلَةٌ إِلَيْهِم بِهَدِيَّةٍۢ فَنَاظِرَةٌۢ بِمَ يَرْجِعُ ٱلْمُرْسَلُونَ ۳٥
“එබැවින් මා එතුමා වෙත (උසස් භාණ්ඩවලින් පිරි) එක් තුටු පඬුරක් යවා, (එය ගෙන යන) දූතයින් (එතුමා වෙතින්) කුමන පිළිතුරක් ගෙන එන්නේද යන්න මා බලාපොරොත්තුවෙන් සිටින්නෙමි” යයි පවසා (ඒ අන්දමටම යැවුවාය).
فَلَمَّا جَآءَ سُلَيْمَٰنَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٍۢ فَمَآ ءَاتَىٰنِۦَ ٱللَّهُ خَيْرٌۭ مِّمَّآ ءَاتَىٰكُم بَلْ أَنتُم بِهَدِيَّتِكُمْ تَفْرَحُونَ ۳٦
ඔවුන් (එම දූතයින්) සුලෙයිමාන් වෙත පැමිණි විට, (ඔවුන්ට සුලෙයිමාන්) “ඔබ භාණ්ඩ මගින් මට උදව් (කිරීමට අදහස්) කරන්නෙහුද? අල්ලාහ් මට ලබා දී ඇති දැය ඔබට ලබා දී ඇති දැයට වඩා (අධික වශයෙන් හා) උසස් දැය වශයෙන්ම ඇත්තේය. ඔබගේ (මෙම) තුටු පඬුර මගින් ඔබම සතුටට පත් වනු” යයිද,
ٱرْجِعْ إِلَيْهِمْ فَلَنَأْتِيَنَّهُم بِجُنُودٍۢ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخْرِجَنَّهُم مِّنْهَآ أَذِلَّةًۭ وَهُمْ صَٰغِرُونَ ۳۷
“ඔබ ඇය වෙත ආපසු යනු. කිසිවෙකු විසින් විරුද්ධ විය නොහැකි යුද සේනාවක් සමග නියත වශයෙන්ම අපි ඔවුන් වෙත එන්නෙමු. ඔවුන්ව අවමන් කර, එම රටින් පන්නා දමන්නෙමු. ඇයද අවමානයට ලක් වනු ඇත” යයිද පවසා (ආපසු යැවීමෙන් අනතරුව)-
قَالَ يَٰٓأَيُّهَا ٱلْمَلَؤُا۟ أَيُّكُمْ يَأْتِينِى بِعَرْشِهَا قَبْلَ أَن يَأْتُونِى مُسْلِمِينَ ۳۸
(සුලෙයිමාන් තම ප්‍රධානීන්ට) “ප්‍රධානීන්වරුනි! ඔවුන් අවනත වූවන් වශයෙන් මා වෙත පැමිණ සේන්දු වීමට පෙරම ඇයගේ සිංහාසණය මා වෙත ගෙන එන්නා ඔබගෙන් කවරෙක්ද?”යි විමසුවේය.
قَالَ عِفْرِيتٌۭ مِّنَ ٱلْجِنِّ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبْلَ أَن تَقُومَ مِن مَّقَامِكَ ۖ وَإِنِّى عَلَيْهِ لَقَوِىٌّ أَمِينٌۭ ۳۹
එයට ජින්වරුන්ගෙන් වූ ඉෆ්රීත් (නමැති වීරයෙකු) “ඔබ, ඔබගේ ස්ථානයෙන් නැගී සිටීමට පෙරාතුවම එය මා ගෙන එන්නෙමි. නියත වශයෙන්ම මා මෙයට ශක්තිවන්තයෙකි. (ඉතාමත්) විශ්වාසයෙන් යුත්තෙකුද වන්නෙමි” යයි පැවසුවේය.
قَالَ ٱلَّذِى عِندَهُۥ عِلْمٌۭ مِّنَ ٱلْكِتَٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ ۚ فَلَمَّا رَءَاهُ مُسْتَقِرًّا عِندَهُۥ قَالَ هَٰذَا مِن فَضْلِ رَبِّى لِيَبْلُوَنِىٓ ءَأَشْكُرُ أَمْ أَكْفُرُ ۖ وَمَن شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِۦ ۖ وَمَن كَفَرَ فَإِنَّ رَبِّى غَنِىٌّۭ كَرِيمٌۭ ٤۰
(එහෙත් ඔවුන්ගෙන්) ධර්ම ඥානය ලැබූ කෙනෙකු (සිටියේය. ඔහු සුලෙයිමාන් නබිට) “ඔබ ඇස් පිල්ලම් ගැසීම තරම් නිමේෂයකින් එය මා ඔබ වෙත ගෙන එන්නෙමි” යයි පවසා (එසේම ගෙනැවිත් තැබුවේය). එය තමන් ඉදිරියේ තබා තිබීම (සුලෙයිමාන්) දුටු වහාම “මෙය මගේ දෙවියන්, මා ඔහුට කෘතඥ වනවාද, නැද්ද යනුවෙන් මාව පිරික්සීම සඳහා (මා හට) පහළ කළ ඉමහත් වරප්‍රසාදයකි. කවුරුන් (දෙවියන්ට) කෘතඥ වන්නේද ඔහු, තමන්ටම යහපතක් කර ගන්නේය. කවුරුන් කෘතඥ වීම ප්‍රතක්ෂේප කරන්නේද, (ඔහු තමන්ටම හානියක් සොයා ගන්නේය. එබැවින් දෙවියන්ට කිසිම පාඩුවක් නැත). නියත වශයෙන්ම මගේ දෙවියන් (කිසිවෙකුගේ) අවශ්‍යතාවයක් නොවන්නෙකු හා ඉතාමත් ගෞරවවන්ත-යෙකු වශයෙන් සිටින්නේය” යයි පවසා, තමන්ගේ වැඩකාරයින්ට-
قَالَ نَكِّرُوا۟ لَهَا عَرْشَهَا نَنظُرْ أَتَهْتَدِىٓ أَمْ تَكُونُ مِنَ ٱلَّذِينَ لَا يَهْتَدُونَ ٤١
“ඇයගේ සිංහාසණය වෙනස් කර නිර්මාණය කර හරිනු. ඇය එය (තමන්ගේය යයි) දැන ගන්නේද, නැතහොත් දැන ගන්නට නොහැකි තැනැත්තියක් වශයෙන් සිටින්නේදැයි බලමු” යයි පැවසුවේය.
فَلَمَّا جَآءَتْ قِيلَ أَهَٰكَذَا عَرْشُكِ ۖ قَالَتْ كَأَنَّهُۥ هُوَ ۚ وَأُوتِينَا ٱلْعِلْمَ مِن قَبْلِهَا وَكُنَّا مُسْلِمِينَ ٤٢
ඇය පැමිණ සේන්දු වූ විට, (ඇයට) “ඔබගේ සිංහාසණය මෙවැන්නක් සේ (ඇත්තේද)?”යි විමසුවේය. (එයට) ඇය “මෙය සම්පූර්ණයෙන්ම ඒ වාගේම ඇත්තේය. මීට පෙරම (ඔබගේ ශ්‍රේෂ්ඨත්වය ගැන වූ කාරණාව) අපට දැනුම් දෙනු ලැබීය. අපි සම්පූර්ණයෙන්ම (ඔබට) අවනත වී පැමිණ ඇත්තෙමු” යයි කීවාය.
وَصَدَّهَا مَا كَانَت تَّعْبُدُ مِن دُونِ ٱللَّهِ ۖ إِنَّهَا كَانَتْ مِن قَوْمٍۢ كَٰفِرِينَ ٤۳
(මෙතෙක් විශ්වාස නොකර) ඇයව වළක්වා සිටියේ අල්ලාහ් හැර, ඇය නමදිමින් සිටි (බොරු) දෙවියන්ය. මන්දයත් ඇය (අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කරන ජනතාවගෙන් වූ කෙනෙකු වශයෙන් සිටියාය.
قِيلَ لَهَا ٱدْخُلِى ٱلصَّرْحَ ۖ فَلَمَّا رَأَتْهُ حَسِبَتْهُ لُجَّةًۭ وَكَشَفَتْ عَن سَاقَيْهَا ۚ قَالَ إِنَّهُۥ صَرْحٌۭ مُّمَرَّدٌۭ مِّن قَوَارِيرَ ۗ قَالَتْ رَبِّ إِنِّى ظَلَمْتُ نَفْسِى وَأَسْلَمْتُ مَعَ سُلَيْمَٰنَ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ ٤٤
පසුව ඇයට “මෙම මාලිගාවට ඇතුළු වනු” යයි කියනු ලැබුවාය. ඇය එය දුටු අවස්ථාවේදී (පොලොවෙහි පතිත කර තිබූ පළිඟූ), ජලය යයි සිතා ඇඳුම (නොතෙමී සිටිනු පිණිස) වළලූකරෙන් (පොඩියක්) ඔසවා ගත්තාය. (සුලෙයිමාන් “එය වතුර නොව) පළිඟූ පතිත කර ඇති මාලිගාවකි” යයි පැවසුවේය. එයට ඇය “මගේ දෙවියනේ! නියත වශයෙන්ම මා මටම හානියක් කර ගනිමින් සිටියෙමි. ලෝකයන්හි දෙවියන් වන අල්ලාහ්ට, සුලෙයිමාන් සමග මමත් සම්පූර්ණයෙන්ම අවනත වන්නෙමි” යයි පැවසුවාය.
وَلَقَدْ أَرْسَلْنَآ إِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَٰلِحًا أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ فَإِذَا هُمْ فَرِيقَانِ يَخْتَصِمُونَ ٤٥
නියත වශයෙන්ම අපි සමූද් (නමැති ජනතාව වෙත) ඔවුන්ගේ සහෝදර සාලිහ්ව යැව්වෙමු. ඔහු (ඔවුන්ට) “ඔබ අල්ලාහ් එක් කෙනෙකුවම නමදිනු” (යයි පැවසුවේය). ඒ අතර ඔවුන් කොටස් දෙකකට ඛෙදී, තමන් තුළ තර්ක කර ගත්හ.
قَالَ يَٰقَوْمِ لِمَ تَسْتَعْجِلُونَ بِٱلسَّيِّئَةِ قَبْلَ ٱلْحَسَنَةِ ۖ لَوْلَا تَسْتَغْفِرُونَ ٱللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ ٤٦
(එයට සාලිහ්) “මගේ ජනතාවෙනි! ඔබ කුමක් නිසා යහපතට වඩා කළින් දඬුවම සොයා ගන්නෙහුද? අල්ලාහ් වෙතින් ඔබ සමාව ඉල්ලා සිටිය යුතු නොවේද? ඔබට කරුණාව දක්වනු ලබන්නෙහුය!” යයි පැවසුවේය.
قَالُوا۟ ٱطَّيَّرْنَا بِكَ وَبِمَن مَّعَكَ ۚ قَالَ طَٰٓئِرُكُمْ عِندَ ٱللَّهِ ۖ بَلْ أَنتُمْ قَوْمٌۭ تُفْتَنُونَ ٤۷
එයට ඔවුන් “ඔබත්, ඔබ සමග සිටින්නන්වද අපි දුර්නිමිති වශයෙන් අදහස් කරන්නෙමු”යයි පැවසූහ. එයට ඔහු “අල්ලාහ්ගේ සන්නිධානයෙ-න්ම දුර්නිමිති පැමිණියේය. ඔබ (ඉතා ඉක්මනින් අල්ලාහ්ගේ) පිරික්සුමට ලක් විය යුතු ජනතාවක් වශයෙන් සිටින්නෙහුය” යයි පැවසුවේය.
وَكَانَ فِى ٱلْمَدِينَةِ تِسْعَةُ رَهْطٍۢ يُفْسِدُونَ فِى ٱلْأَرْضِ وَلَا يُصْلِحُونَ ٤۸
එරටේ (අපරාධයන්ට ප්‍රධානීන් වශයෙන්) මිනිසුන් නව දෙනෙකු සිටියහ. ඔවුන් එම රටේද, (ඒ අවට ප්‍රදේශයන්හිද) හොඳක් නොකර අපරාධයන් කරමින්ම සැරි සැරූහ.
قَالُوا۟ تَقَاسَمُوا۟ بِٱللَّهِ لَنُبَيِّتَنَّهُۥ وَأَهْلَهُۥ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِۦ مَا شَهِدْنَا مَهْلِكَ أَهْلِهِۦ وَإِنَّا لَصَٰدِقُونَ ٤۹
ඔවුන් “සාලිහ්වද, ඔහුගේ පවුලේ උදවියවද ‘අපි රාත්‍රියේදීම විනාශ කර දමන්නෙමු. (මෙය කිසිවෙකුටත් පවසන්නේ නැත)’ යයි අල්ලාහ් මත දිව්රා ගනු මැනව! පසුව ‘ඔහුගේ පුවලේ උදවිය කපා දමන ලද ස්ථානයට පැමිණියේම නැත. නියත වශයෙන්ම අපි ඇත්තම කියන්නෙමු’ යයි ඔහුගේ ආරක්ෂකයින්ට කියමු” යයි (තමන් තුළ) කියා ගත්හ.
وَمَكَرُوا۟ مَكْرًۭا وَمَكَرْنَا مَكْرًۭا وَهُمْ لَا يَشْعُرُونَ ٥۰
(මෙසේ) ඔවුන් කුමන්ත්‍රණයක් කළහ. අපිත් කුමන්ත්‍රණයක් කළෙමු. ඔවුන්ට (එය) වටහා ගත නොහැකිය විය.
فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ مَكْرِهِمْ أَنَّا دَمَّرْنَٰهُمْ وَقَوْمَهُمْ أَجْمَعِينَ ٥١
එබැවින් ඔවුන්ගේ කුමන්ත්‍රණයේ අවසානය කෙසේ වූවේද යන්න (නබියේ!) ඔබ අවධානය කර බලනු. නියත වශයෙන්ම අපි ඔවුන්වද, ඔවුන්ගේ ජනතාව සියල්ලන්වද සහමුලින්ම විනාශ කර දැමුවෙමු.
فَتِلْكَ بُيُوتُهُمْ خَاوِيَةًۢ بِمَا ظَلَمُوٓا۟ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لِّقَوْمٍۢ يَعْلَمُونَ ٥٢
ඔවුන් කරමින් සිටි අපරාධයන්හි හේතුවෙන් (විනාශ වී ගිය) ඔවුන්ගේ නිවාසයන් පාළුවට පත් වී ඇත්තේය. වටහා ගත හැකි ජනතාවට නියත වශයෙන්ම මෙහි (හොඳ) පාඩමක් ඇත්තේය.
وَأَنجَيْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ ٥۳
(ඔවුන්ගෙන්) කවුරුන් විශ්වාසය තබා, (අල්ලාහ්ට) බිය වී සිටියෝද, ඔවුන්ව අපි බේරා ගත්තෙමු.
وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِۦٓ أَتَأْتُونَ ٱلْفَٰحِشَةَ وَأَنتُمْ تُبْصِرُونَ ٥٤
ලුත්වද (අපි, අපගේ දූතයා වශයෙන් යැව්වෙමු). ඔහු තම ජනතාවට “(පාපතර ක්‍රියාවන් යයි) දැනගෙනම අවමන් ගෙන දෙන (ක්‍රියාවන් කිසි ආවරණයකින් තොරව) ඔබ කරන්නෙහුය.
أَئِنَّكُمْ لَتَأْتُونَ ٱلرِّجَالَ شَهْوَةًۭ مِّن دُونِ ٱلنِّسَآءِ ۚ بَلْ أَنتُمْ قَوْمٌۭ تَجْهَلُونَ ٥٥
ඔබ ගැහැනුන් අතහැර පිරිමින් මත කාම ආශාවෙන් යුතුව පැමිණෙනවා නොවෙද! ඔබ සම්පූර්ණයෙන්ම මෝඩ ජනතාවක් වශයෙන් සිටින්නෙහුය” යයි පැවසුවේය.
۞ فَمَا كَانَ جَوَابَ قَوْمِهِۦٓ إِلَّآ أَن قَالُوٓا۟ أَخْرِجُوٓا۟ ءَالَ لُوطٍۢ مِّن قَرْيَتِكُمْ ۖ إِنَّهُمْ أُنَاسٌۭ يَتَطَهَّرُونَ ٥٦
එයට ඔහුගේ ජනතාව (තම ජනතාවට) “ලුත්ගේ පවුල සම්පූර්ණයෙන්ම ඔබගේ රටින් ඔබ එළවා දමනු. නියත වශයෙන්ම ඔවුන් ඉතාමත් පරිශුද්ධ මිනිසුන් (මෙන් කතා කරන්නාහ)” යයි (සමච්චලයෙන් මෙන්) පැවසුවා මිස, වෙන කිසිම පිළිතුරක් දුන්නේ නැත.
فَأَنجَيْنَٰهُ وَأَهْلَهُۥٓ إِلَّا ٱمْرَأَتَهُۥ قَدَّرْنَٰهَا مِنَ ٱلْغَٰبِرِينَ ٥۷
එබැවින් ඔහුවද, ඔහුගේ පවුලේ උදවියද අපි බේරා ගත්තෙමු. එහෙත් ඔහුගේ භාර්යයාව හැර. (මන්දයත්) ඇය (එම පාපතරයන් සමග) රැඳී සිටිය යුතුය යයි (දැනටමත්) තීන්දුවක් දී තිබුණෙමු.
وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًۭا ۖ فَسَآءَ مَطَرُ ٱلْمُنذَرِينَ ٥۸
එබැවින් ඔවුන් මත (ගෙන්දගම්) ගල් වරුසාවක් අපි වසින්නට සැලැස්සුවෙමු. බිය ගන්වන ලද (ඔවුන් මත වසින්නට සැලැස්වූ ගෙන්දගම්) ගල් වරුසාව ඉතාමත් නපුරුය.
قُلِ ٱلْحَمْدُ لِلَّهِ وَسَلَٰمٌ عَلَىٰ عِبَادِهِ ٱلَّذِينَ ٱصْطَفَىٰٓ ۗ ءَآللَّهُ خَيْرٌ أَمَّا يُشْرِكُونَ ٥۹
එබැවින් (නබියේ!) “ප්‍රශංසා සියල්ල අල්ලාහ්ටම අයත්ය. තමන්ගේ වහලූන්ගෙන් ඔහු තෝරා ගත් අය කෙරෙහි ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයිද “අල්ලාහ් උසස්වන්තයෙක්ද, නැතහොත් ඔවුන් (ඔහුට) සමානයන් තබන්නන්ද?” යයිද පවසනු මැනව!
أَمَّنْ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَأَنزَلَ لَكُم مِّنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَنۢبَتْنَا بِهِۦ حَدَآئِقَ ذَاتَ بَهْجَةٍۢ مَّا كَانَ لَكُمْ أَن تُنۢبِتُوا۟ شَجَرَهَآ ۗ أَءِلَٰهٌۭ مَّعَ ٱللَّهِ ۚ بَلْ هُمْ قَوْمٌۭ يَعْدِلُونَ ٦۰
(තවද) අහස්ද, භූමියද උත්පාදනය කර, වලාකුළෙන් ඔබ වෙනුවෙන් වැස්ස වසින්නට සලස්වන්නා කවරෙක්ද? අපිම එමගින් (ඇස් පිනා යාම පිණිස) අලංකාරවත් වතුද වැවෙන්නට සලස්වන්නෙමු. අපගේ (උදව්වෙන් තොර) එහි තිඛෙණ ගස් වැවෙන්නට සැලැස්වීමට ඔබට නොහැකිය. එබැවින් අල්ලාහ් සමග නැමදුමට යුතු (වෙන කෙනෙකු) සිටින්නෙහිද? නැත. (මෙසේ තිබියදී) මොවුන් (තමන්ගේ මනක්කල්පිත දෙවිවරුන්ව දෙවියන්ට) සම කරන ජනතාවක් වශයෙන් සිටින්නාහ.
أَمَّن جَعَلَ ٱلْأَرْضَ قَرَارًۭا وَجَعَلَ خِلَٰلَهَآ أَنْهَٰرًۭا وَجَعَلَ لَهَا رَوَٰسِىَ وَجَعَلَ بَيْنَ ٱلْبَحْرَيْنِ حَاجِزًا ۗ أَءِلَٰهٌۭ مَّعَ ٱللَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ٦١
භූමිය ස්ථීර වූ වාසස්ථානයක් වශයෙන් නිර්මාණය කර එහි මධ්‍යයෙහි ගංඟාවන්ද, ඒ සඳහා ස්ථීර වූ කඳුද නිර්මාණය කළේ කවරෙක්ද? මුහුදු දෙකක් අතරේ බාධකයක් ඇති කළේ කවරෙක්ද? (මේවා කළ) අල්ලාහ් සමග නැමදුමට යුත්තෙකු (වෙන කෙනෙකු) සිටින්නෙහිද? (ඇත්තේම) නැත. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙයද) නොදැනුවත් අය වශයෙන්ම සිටින්නාහ.
أَمَّن يُجِيبُ ٱلْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ ٱلسُّوٓءَ وَيَجْعَلُكُمْ خُلَفَآءَ ٱلْأَرْضِ ۗ أَءِلَٰهٌۭ مَّعَ ٱللَّهِ ۚ قَلِيلًۭا مَّا تَذَكَّرُونَ ٦٢
(විපතක පැටළී) දඟලමින් සිටින අය (ආරක්ෂාව පතා) ආරාධනා කළහොත් (ඔවුන්ට) පිළිතුරු දී, ඔවුන්ගේ අමාරුකම් පහ කරන්නේ කවරෙක්ද? භූමියෙහි ඔබව (තමන්ගේ) නියෝජිතයින් වශයෙන් පත් කළේ කවරෙක්ද? (මෙවැනි) අල්ලාහ් සමග නැමදුමට යුතු (වෙන කෙනෙකු) සිටින්නෙහිද? (ඇත්තේම නැත). ඔබ (මේ ගැන) සිතන්නේ ඉතාමත් අල්පයකි.
أَمَّن يَهْدِيكُمْ فِى ظُلُمَٰتِ ٱلْبَرِّ وَٱلْبَحْرِ وَمَن يُرْسِلُ ٱلرِّيَٰحَ بُشْرًۢا بَيْنَ يَدَىْ رَحْمَتِهِۦٓ ۗ أَءِلَٰهٌۭ مَّعَ ٱللَّهِ ۚ تَعَٰلَى ٱللَّهُ عَمَّا يُشْرِكُونَ ٦۳
මුහුදෙහි හෝ ගොඩ බිමෙහි හෝ අන්ධකාරයෙහි හෝ ඔබට මාර්ගය පෙන්වන්නේ කවරෙක්ද? ඔහුගේ වරප්‍රසාදයන්ට පෙර (සිසිල්) සුළඟ ශුභාරංචියක් වශයෙන් යවන්නා කවරෙක්ද? අල්ලාහ් සමග නැමදුමට යුතු (වෙන කෙනෙකු) සිටින්නෙහිද? (ඇත්තේම නැත). ඔවුන් සමානයන් තැබීමෙන් අල්ලාහ් ඉතාමත් උසස්වන්තයෙකි.
أَمَّن يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ وَمَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۗ أَءِلَٰهٌۭ مَّعَ ٱللَّهِ ۚ قُلْ هَاتُوا۟ بُرْهَٰنَكُمْ إِن كُنتُمْ صَٰدِقِينَ ٦٤
ආරම්භයේදී (කිසිම නිදසුනක් නොමැතිවම) උත්පාදනයන් නිර්මාණය කළේ කවරෙක්ද? (එසේම නැවත) නැවතත් උත්පාදනය කරමින් සිටින්නේ කවරෙක්ද? වලාකුළෙන් (වැස්ස පහළ කර) භූමියෙහි (ධාන්‍ය ආදිය වැඩීමට සලස්වා) ඔබට ආහාර ලබා දෙන්නේ කවරෙක්ද? අල්ලාහ් සමග නැමදුමට යුතු (වෙන කෙනෙකු) සිටින්නේද? “ඔබ ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (මෙයට) ඔබගේ සාධකයන් ගෙන එනු” යයි (නබියේ!) ඔබ පවසනු (මැනව!)
قُل لَّا يَعْلَمُ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ٱلْغَيْبَ إِلَّا ٱللَّهُ ۚ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ ٦٥
(තවද) ඔබ මෙසේ පවසනු: “අහස්හි හෝ භූමියෙහි හෝ සැඟවී ඇති දැය අල්ලාහ් හැර, වෙන කිසිවෙකු දැන ගන්නේ නැත. (මරණයට පත් වූවන්) කවදා නැගිට්ටවනු ලබන්නෙහුද යන්නද මොවුන් දැන ගන්නේ නැත”.
بَلِ ٱدَّٰرَكَ عِلْمُهُمْ فِى ٱلْءَاخِرَةِ ۚ بَلْ هُمْ فِى شَكٍّۢ مِّنْهَا ۖ بَلْ هُم مِّنْهَا عَمُونَ ٦٦
පරලොව ගැන මොවුන්ගේ දැනුම නම්, සම්පූර්ණයෙන්ම ශුන්‍ය වී ගියේය. එහි (එම කාරණාවෙහි) නැවතත් ඔවුන් (ඉමහත්) සැකයෙහිම සිටින්නාහ. එපමණක්ද! ඔවුන්ගේ ඥාන ඇස් අන්ධය!
وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَءِذَا كُنَّا تُرَٰبًۭا وَءَابَآؤُنَآ أَئِنَّا لَمُخْرَجُونَ ٦۷
“(මරණයට පත් වී දිරාපත්ව) පස් බවට පත් වූ පසු අපිත් අපගේ මුතුන් මිත්තන්ද (පණ දී) නැගිට්ටවනු ලබන්නෙමුද?”යි මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ.
لَقَدْ وُعِدْنَا هَٰذَا نَحْنُ وَءَابَآؤُنَا مِن قَبْلُ إِنْ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ ٦۸
(තවද) “නියත වශයෙන්ම අපිත් මීට පෙර අපගේ මුතුන් මිත්තන්ද, මෙසේ (පොරොන්දු ලබා දී) බිය ගන්වනු ලැබුවෙමු. මෙය පෙර විසූවන්ගේ ප්‍රබන්ධ කතා මිස, වෙන කිසිවක් නැත” (යයි පවසන්නාහ).
قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُجْرِمِينَ ٦۹
(එබැවින් නබියේ!) ඔබ මෙසේ පවසනු: “භූමියෙහි සංචාරය කළ (ඔබ වැනි) වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වූයේදැයි යන්න (අවධානය කර) බලනු”.
وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُن فِى ضَيْقٍۢ مِّمَّا يَمْكُرُونَ ۷۰
(නබියේ!) ඔවුන් ගැන ඔබ කණගාටු නොවනු. ඔවුන්ගේ කුමන්ත්‍රණ ගැනද ඔබගේ මනස බිඳී නොයායුතුය.
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ ۷١
(විශ්වාසවන්තයින්ට, ප්‍රතික්ෂේප කරන) ඔවුන් “ඇත්තෙන්ම ඔබ ඇත්ත පවසන්නන් වශයෙන් සිටින්නෙහු නම් මෙම පොරොන්දුව (දඬුවම) කවදා එන්නේද?”යි විමසන්නාහ.
قُلْ عَسَىٰٓ أَن يَكُونَ رَدِفَ لَكُم بَعْضُ ٱلَّذِى تَسْتَعْجِلُونَ ۷٢
(එයට නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ ඉක්මන් වන දැයෙන් සමහරක් දැන්මම ඔබ පසුපස එන්නටද පුළුවන”.
وَإِنَّ رَبَّكَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ ۷۳
එහෙත් නියත වශයෙන්ම ඔබගේ දෙවියන් මිනිසුන් කෙරෙහි ඉතාමත් කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් දඬුවම ප්‍රමාද කර ඇත්තේය). එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙයට) කෘතඥ වන්නේ නැත.
وَإِنَّ رَبَّكَ لَيَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ ۷٤
නියත වශයෙන්ම අල්ලාහ් මිනිසුන්ගේ හෘදයන්හි සඟවා ඇති දැයද, (ඊට වෙනස්ව) ඔවුන් එළිදරව් කරන දැයද හොඳින් දන්නේය.
وَمَا مِنْ غَآئِبَةٍۢ فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ إِلَّا فِى كِتَٰبٍۢ مُّبِينٍ ۷٥
අහස්හි හෝ භූමියෙහි හෝ සැඟවී ඇති කිසිවක් (ලව්හුල් මහ්ෆූල් නමැති) ඔහුගේ පැහැදිලි වූ (සටහන්) පුස්තකයෙහි සටහන් නොවී නැත.
إِنَّ هَٰذَا ٱلْقُرْءَانَ يَقُصُّ عَلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ أَكْثَرَ ٱلَّذِى هُمْ فِيهِ يَخْتَلِفُونَ ۷٦
නියත වශයෙන්ම මෙම කුර්ආනය, ඉස්රායීල පරම්පරාවේ දරුවන්, කුමන කාරණාවන්හි භේද බින්න වී (තර්ක) කරමින් සිටින්නෝද, ඒවායෙන් වැඩි හරියක් දැය ඔවුන්ට විවරණය කර පවසන්නේය.
وَإِنَّهُۥ لَهُدًۭى وَرَحْمَةٌۭ لِّلْمُؤْمِنِينَ ۷۷
නියත වශයෙන්ම මෙය විශ්වාසය තැබූවන්ට ඍජු මාර්ගය වශයෙන්ද, වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය.
إِنَّ رَبَّكَ يَقْضِى بَيْنَهُم بِحُكْمِهِۦ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْعَلِيمُ ۷۸
නියත වශයෙන්ම ඔබගේ දෙවියන් තමන්ගේ නියෝගය මගින් ඔවුන් අතරේ (ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන්) විනිශ්චය දෙන්නේය. ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
فَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۖ إِنَّكَ عَلَى ٱلْحَقِّ ٱلْمُبِينِ ۷۹
එබැවින් (නබියේ!) ඔබ අල්ලාහ්වම විශ්වාස කරනු. නියත වශයෙන්ම ඔබ පැහැදිලි සත්‍යය මතම සිටින්නෙහිය.
إِنَّكَ لَا تُسْمِعُ ٱلْمَوْتَىٰ وَلَا تُسْمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوْا۟ مُدْبِرِينَ ۸۰
(නබියේ!) මරණයට පත් වුවන්ට ඇසෙන්නට සැලැස්වීමට ඔබට නොහැකිය. (එසේම ඔබට) පිටුපස හරවා යන බිහිරන්ටද ඔබ ආරාධනා කරන (ඔබගේ) ශබ්දය ඇසීමට සැලැස්වීමටද ඔබට නොහැකිය.
وَمَآ أَنتَ بِهَٰدِى ٱلْعُمْىِ عَن ضَلَٰلَتِهِمْ ۖ إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِـَٔايَٰتِنَا فَهُم مُّسْلِمُونَ ۸١
අන්ධයින්වද, ඔවුන්ගේ දුර්මාර්ගයෙන් ඍජු මාර්ගයට ගෙන ඒමටද ඔබට නොහැකිය. කවුරුන් අපගේ ආයාවන් විශ්වාස කරන්නෝද, ඔවුන්ටම ඔබ (අපගේ ආයාවන්ට) සවන් දීමට සැලැස්විය හැකිය. ඔවුන් (එයට) සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන්නාහ.
۞ وَإِذَا وَقَعَ ٱلْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَآبَّةًۭ مِّنَ ٱلْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ ٱلنَّاسَ كَانُوا۟ بِـَٔايَٰتِنَا لَا يُوقِنُونَ ۸٢
(අවසාන දිනය ගැන වූ) පොරොන්දුව ඔවුන්ට ළඟා වූ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් භූමියෙන් එක් සතෙකු අපි ඉකුත් කරන්නෙමු. එය නියත වශයෙන්ම (කුමන) මිනිසුන් අපගේ ආයාවන් විශ්වාස නොකළෝද, යන්න ඔවුන්ට කියා පානු ඇත.
وَيَوْمَ نَحْشُرُ مِن كُلِّ أُمَّةٍۢ فَوْجًۭا مِّمَّن يُكَذِّبُ بِـَٔايَٰتِنَا فَهُمْ يُوزَعُونَ ۸۳
සෑම සමූහයකින්ම අපගේ ආයාවන් බොරු කරමින් සිටි අයව එක් සේනාවක කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් අපි ඒකරාශී කරන දිනදී,
حَتَّىٰٓ إِذَا جَآءُو قَالَ أَكَذَّبْتُم بِـَٔايَٰتِى وَلَمْ تُحِيطُوا۟ بِهَا عِلْمًا أَمَّاذَا كُنتُمْ تَعْمَلُونَ ۸٤
ඔවුන් සියල්ලන්ම (තමන්ගේ දෙවියන් වෙත) පැමිණෙන අවස්ථාවේදී (ඔවුන්ට දෙවියන්) “ඔබ අපගේ ආයාවන් වටහා නොගෙන සිටියදී එය බොරු කර දැමුවෙහුද? (එසේ නොවූවේ නම්), පසුවත් ඔබ කුමක් නම් කරමින් සිටියෙහුද?”යි විමසනු ඇත.
وَوَقَعَ ٱلْقَوْلُ عَلَيْهِم بِمَا ظَلَمُوا۟ فَهُمْ لَا يَنطِقُونَ ۸٥
ඔවුන් කරමින් සිටි අපරාධයන්හි හේතුවෙන් ඔවුන් මත (දඬුවම ගැන වූ) පොරොන්දුව ක්‍රියාත්මක විය. ඒ අවස්ථාවේදී ඔවුන්ට කතා කිරීමටද නොහැක.
أَلَمْ يَرَوْا۟ أَنَّا جَعَلْنَا ٱلَّيْلَ لِيَسْكُنُوا۟ فِيهِ وَٱلنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يُؤْمِنُونَ ۸٦
නියත වශයෙන්ම අපිම ඔවුන්ට සැප පහසුව ලබා ගැනීමට රාත්‍රියද, (සියල්ල) හොඳින් දැක බලා ගැනීමට දහවලද, ඇති කළෙමු යන්න ඔවුන් (අවධානය කර) බැලූවේ නැද්ද? නියත වශයෙන්ම මෙහි විශ්වාසය තැබූ ජනතාවට බොහෝ සාධකයන් ඇත්තේය.
وَيَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ فَفَزِعَ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ إِلَّا مَن شَآءَ ٱللَّهُ ۚ وَكُلٌّ أَتَوْهُ دَٰخِرِينَ ۸۷
සූර් (නමැති හොරණෑව කවදා හෝ) පිඹිනු ලබන දිනදී, අල්ලාහ් (බේරා ගැනීමට) අදහස් කරන අය හැර, අහස්හිද, භූමියෙහිද, සිටින සියල්ලන්ම තිගැස්සී වෙව්ලමින් හිස නවා ගත් අය වශයෙන් ඔහු වෙත පැමිණ සේන්දු වනු ඇත.
وَتَرَى ٱلْجِبَالَ تَحْسَبُهَا جَامِدَةًۭ وَهِىَ تَمُرُّ مَرَّ ٱلسَّحَابِ ۚ صُنْعَ ٱللَّهِ ٱلَّذِىٓ أَتْقَنَ كُلَّ شَىْءٍ ۚ إِنَّهُۥ خَبِيرٌۢ بِمَا تَفْعَلُونَ ۸۸
ඔබ දකින කඳු, ඒවා ඉතාමත් ස්ථීරව සිටින බවට අදහස් කරමින් සිටින්නෙහුය. (එහෙත් එදිනදී) ඒවා වලාකුළු මෙන් (අහසෙහි) විසිරී පියාඹා යනු ඇත. සෑම වස්තුවක්ම (උත්පාදනය කර), ස්ථීර වශයෙන් පිළිවෙලකට තැබූ අල්ලාහ්ගේ කලාවට අනුව (එසේ සිදු වනු ඇත). නියත වශයෙන්ම ඔහු, ඔබ කරමින් සිටින සියල්ල හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.
مَن جَآءَ بِٱلْحَسَنَةِ فَلَهُۥ خَيْرٌۭ مِّنْهَا وَهُم مِّن فَزَعٍۢ يَوْمَئِذٍ ءَامِنُونَ ۸۹
කවුරුන් හෝ හොඳක් කළහොත් එයට සරිලන (ඵලවිපාක වලට වඩා) උසස් දැයම ඔවුන්ට ලැඛෙන්නේය. තවද එදිනදී තිගැස්සීමෙන්ද ඔවුන්ගේ බිය පහ වී යන්නේය.
وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِى ٱلنَّارِ هَلْ تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ ۹۰
කවුරුන් හෝ පාපයන් කළහොත් ඔවුන් නිරයෙහි මුණින් අතට තල්ලූ කරනු ලැබ “ඔබ කරමින් සිටි දැයට මිස, (වෙන කිසිවකට) ඔබට ඵලවිපාක දෙනු ලබයිද?” (යයි විමසනු ලබනු ඇත).
إِنَّمَآ أُمِرْتُ أَنْ أَعْبُدَ رَبَّ هَٰذِهِ ٱلْبَلْدَةِ ٱلَّذِى حَرَّمَهَا وَلَهُۥ كُلُّ شَىْءٍۢ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ ٱلْمُسْلِمِينَ ۹١
(නබියේ! ඔබ මෙසේ පවසනු): “ඉතාමත් ගෞරවයෙන් පිරි මෙම නිරයේ (අධිපති වන) දෙවියන්වම (දෙවියන් එක් කෙනෙකුවම) නමදින මෙන් මා නියෝග කරනු ලැබ ඇත්තෙමි. සියලූ වස්තූන් ඔහුටම අයත්ය! තවද ඔහුටම සම්පූර්ණයෙන්ම අවනත වූවෙකු වශයෙන් සිටින මෙන්ද මා නියෝග කරනු ලැබ ඇත්තෙමි”.
وَأَنْ أَتْلُوَا۟ ٱلْقُرْءَانَ ۖ فَمَنِ ٱهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِى لِنَفْسِهِۦ ۖ وَمَن ضَلَّ فَقُلْ إِنَّمَآ أَنَا۠ مِنَ ٱلْمُنذِرِينَ ۹٢
තවද ශුද්ධ වූ කුර්ආනය මා (සියල්ලන්ටම) සමුදීරණය කර පෙන්වන මෙන්ද (නියෝග කරනු ලැබ ඇත්තෙමි. එමගින්) කවුරුන් ඍජු මාර්ගය අත් කර ගන්නේද, ඔහු තම පෞද්ගලික වාසිය තකාම ඍජු මාර්ගයෙහි යන්නේය. කවුරුන් හෝ (මෙයින්) ඈත් වුවහොත් (නබියේ! ඔබ ඒ ගැන කණගාටු නොවනු). “නියත වශයෙන්ම මා බිය ගන්වා අනතුරු අඟවන්නෙකු පමණි. (බල කරන්නෙකු නොව)” යයි පවසනු.
وَقُلِ ٱلْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ ءَايَٰتِهِۦ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا تَعْمَلُونَ ۹۳
“සියලූ ප්‍රශංසා අල්ලාහ්ටම අයත්ය. (ඔහු විනිශ්චය දින පැමිණීමට අයත්) තමන්ගේ සාධකයන් ඉතාමත් ඉක්මනින් ඔබට පෙන්වනු ඇත. ඒ අතර ඒවා ඔබ (සත්‍යය යයි) දැන ගන්නෙහුය” යයි (නබියේ!) ඔබ පවසනු මැනව! (දැනට) ඔබ කරමින් සිටින දැය ගැන (නබියේ!) ඔබගේ දෙවියන් නොසැලකිලිමත්ව නොවේ.