< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِّسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلتِّينِ وَٱلزَّيْتُونِ ۝١

අත්තික්කා මතද, සෙයිතූන් (ඔලිව්) මතද, සත්තකින්ම!

وَطُورِ سِينِينَ ۝٢

සිනායි කන්ද මතද සත්තකින්ම!

وَهَٰذَا ٱلْبَلَدِ ٱلْأَمِينِ ۝۳

(මක්කාව වන) ආරක්ෂාව ලබා දෙන මෙම නගරය මතද සත්තකින්ම!

لَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ فِىٓ أَحْسَنِ تَقْوِيمٍۢ ۝٤

නියත වශයෙන්ම අපි මිනිසාව ඉතාමත් අලංකාරවත් හැඩයකට උත්පාදනය කර ඇත්තෙමු.

ثُمَّ رَدَدْنَٰهُ أَسْفَلَ سَٰفِلِينَ ۝٥

(ඔහුගේ නපුරු ක්‍රියාවන්හි හේතුවෙන්) පසුව ඔහුව දීනවූවන්ගෙනුත් දීන වූවෙකු බවට අපි පත් කර හරින්නෙමු.

إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍۢ ۝٦

එහෙත් කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරමින් සිටින්නෝද, ඔවුන් හැර. (ඔවුන් උසස් ගතිගුණයන්ගෙන් යුතුව සිටින අතර) ඔවුන්ට (සදාකල්ම) නොවැළැක්වෙන (හොඳ) ඵලවිපාක ඇත.

فَمَا يُكَذِّبُكَ بَعْدُ بِٱلدِّينِ ۝۷

මෙම තීන්දුවෙන් පසු (නබියේ!) ඔබව කවුරුන්ට නම් බොරු කළ හැකිද?

أَلَيْسَ ٱللَّهُ بِأَحْكَمِ ٱلْحَٰكِمِينَ ۝۸

විනිශ්චය කරන්නන් සියල්ලගෙන් අල්ලාහ් ඉතාමත් උසස් විනිශ්චයකරුවා නොවෙද?