< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْغَٰشِيَةِ ۝١

(නබියේ! සියල්ලන්වම) වටකර ගත හැකි (විනිශ්චය දිනය ගැන වූ) පුවත ඔබට ලැබුනේද?

وُجُوهٌۭ يَوْمَئِذٍ خَٰشِعَةٌ ۝٢

එදිනදී සමහර මුහුණු අවමානයට ලක්ව-

عَامِلَةٌۭ نَّاصِبَةٌۭ ۝۳

බියෙන් මළානික වී දුබළව තිඛෙණු ඇත.

تَصْلَىٰ نَارًا حَامِيَةًۭ ۝٤

දළු ලා දැවෙන ගින්නට ඒවා යනු ඇත.

تُسْقَىٰ مِنْ عَيْنٍ ءَانِيَةٍۢ ۝٥

(ඔවුන්ට පිපාසය ඇති වුවහොත්) උණු වී නටන එක් උල්පතක ජලය බොන්නට සලස්වනු ඇත.

لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍۢ ۝٦

එහි ඔවුන්ට (තිත්ත අත්තන) කටු හැර, වෙන කිසිවක් ආහාර වශයෙන් ලැඛෙන්නේ නැත.

لَّا يُسْمِنُ وَلَا يُغْنِى مِن جُوعٍۢ ۝۷

(එමගින් ඔවුන්ගේ ශරීරය) වැඩෙන්නේද නැත. (ඔවුන්ගේ) කුස ගින්න නිවෙන්නේද නැත.

وُجُوهٌۭ يَوْمَئِذٍۢ نَّاعِمَةٌۭ ۝۸

(එහෙත්) එදිනදී වෙනත් සමහර මුහුණු නම්, ඉතාමත් ප්‍රබෝදමත්ව ඇත්තේය.

لِّسَعْيِهَا رَاضِيَةٌۭ ۝۹

(මෙලොවදී) තමන් කළ (හොඳ) කාරණාවන් ගැන තෘප්තියට පත්ව-

فِى جَنَّةٍ عَالِيَةٍۢ ۝١۰

උසස් වූ ස්වර්ගයෙහි සිටිනු ඇත.

لَّا تَسْمَعُ فِيهَا لَٰغِيَةًۭ ۝١١

එහි කිසිම පුහු වදනකට සවන් දෙන්නේ නැත.

فِيهَا عَيْنٌۭ جَارِيَةٌۭ ۝١٢

එහි (මොවුන්ට පානය කිරීමට) සදාකල් ගලමින් ඇති (පැහැදිලි) එක් උල්පතක් ඇත.

فِيهَا سُرُرٌۭ مَّرْفُوعَةٌۭ ۝١۳

එහි (මොවුන්ට වාඩි වීමට) උසස් ආසනයන් ඇත.

وَأَكْوَابٌۭ مَّوْضُوعَةٌۭ ۝١٤

(විවිධ වර්ගයේ පානයන් පිරි) බඳුන් (මොවුන් ඉදිරියේ) තිඛෙනු ඇත.

وَنَمَارِقُ مَصْفُوفَةٌۭ ۝١٥

(මොවුන්ට හාන්සි වී සිටීමට) පුළුන් කොට්ට පේළියට තබන්නට යෙදී තිඛෙණු ඇත.

وَزَرَابِىُّ مَبْثُوثَةٌ ۝١٦

උසස් ඇතිරිළි (මොවුන්ගේ යටින්) අතුරා තිඛෙණු ඇත. (මෙවැනි සැප සම්පත් වලින් යුත් ස්ථානයන්හි හොඳ වහලූන් සිටිනු ඇත).

أَفَلَا يَنظُرُونَ إِلَى ٱلْإِبِلِ كَيْفَ خُلِقَتْ ۝١۷

(නබියේ! මෙම ප්‍රතික්ෂේප කරන්නන් - තමන් වෙත ඇති) ඔටුවා හෝ (ඔවුන් අවධානය කළ යුතු නොවේද?) එය කෙසේ නම් උත්පාදනය කර ඇත්තේද?

وَإِلَى ٱلسَّمَآءِ كَيْفَ رُفِعَتْ ۝١۸

(ඔවුන්ට ඉහළින් ඇති) අහසද, (ඔවුන් අවධානය කළ යුතු නොවේද?) එය කෙසේ නම්, උඩට ඔසවා ඇත්තේද?

وَإِلَى ٱلْجِبَالِ كَيْفَ نُصِبَتْ ۝١۹

(ඔවුන් ඉදිරියේ දිස්වන) කඳුද (ඔවුන් අවධානය කළ යුතු නොවේද?) ඒවා කෙසේ නම් සිටවනු ලැබ ඇත්තේද?

وَإِلَى ٱلْأَرْضِ كَيْفَ سُطِحَتْ ۝٢۰

(ඔවුන් වාසය කරන) භූමියද (ඔවුන් අවධානය කළ යුතු නොවේද?) එය කෙසේ නම් දිග හරිනු ලැබ ඇත්තේද?

فَذَكِّرْ إِنَّمَآ أَنتَ مُذَكِّرٌۭ ۝٢١

එබැවින් (නබියේ! මේවා ඔවුන්ට ගෙනහැර දක්වා මේවා උත්පාදන කළ අයගේ වරප්‍රසාදයන් ඔවුන්ට ඔබ පවසා) හොඳ ඔවදන් දෙනු මැනව! (මෙමගින් ඔවුන් හොඳ වැටහීමක් ලබා නොගතහොත් ඒ වෙනුවෙන් ඔබ කණගාටු නොවනු. මන්දයත්) නියත වශයෙන්ම ඔබ ඔවුන්ට හොඳ ඔවදන් ලබා දෙන කෙනෙකි.

لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ ۝٢٢

(ඒ අන්දමටම කටයුතු කරන මෙන්) ඔවුන්ට ඔබ බල කරන්නට හැකි කෙනෙකු නොව.

إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ ۝٢۳

එහෙත් කවුරුන් ඈත් වී ප්‍රතික්ෂේප කරන්නේද-

فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلْعَذَابَ ٱلْأَكْبَرَ ۝٢٤

ඔහුට අල්ලාහ් ඉමහත් දඬුවම් දෙනු ඇත.

إِنَّ إِلَيْنَآ إِيَابَهُمْ ۝٢٥

නියත වශයෙන්ම ඔවුන් සියල්ලන්ම අප වෙතම පැමිණිය යුතුව ඇත්තේය.

ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُم ۝٢٦

පසුව නියත වශයෙන්ම ඔවුන්ගෙන් ප්‍රශ්න ගණනය කිරීමද අපගේ යුතුකමක් වශයෙන් ඇත්තේය.