< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَيْلٌۭ لِّلْمُطَفِّفِينَ ۝١

මිණුමෙහි වංචා කරන්නන්ට විනාශයයි!

ٱلَّذِينَ إِذَا ٱكْتَالُوا۟ عَلَى ٱلنَّاسِ يَسْتَوْفُونَ ۝٢

ඔවුන් මිනිසුන් වෙතින් මැණ ලබා ගන්නේ නම්, පිරෙන්නට මැණ ගන්නාහ.

وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ ۝۳

ඔවුන් අන් අයට මැණ ලබා දෙන්නේ නම් අඩු කර, (ඔවුන්ට පාඩු කර) දමන්නාහ.

أَلَا يَظُنُّ أُو۟لَٰٓئِكَ أَنَّهُم مَّبْعُوثُونَ ۝٤

ශ්‍රේෂ්ඨ වූ දිනකදී

لِيَوْمٍ عَظِيمٍۢ ۝٥

නියත වශයෙන්ම ඔවුන්ට (පණ දී) නැගිට්ටවනු ලබන්නාහ යන්න ඔවුන් විශ්වාස කළේ නැද්ද?

يَوْمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلْعَٰلَمِينَ ۝٦

එදිනදී මිනිසුන් සියල්ලන්ම ලෝකයන්හි දෙවියන් ඉදිරියේ (විනිශ්චය සඳහා) සිටගෙන සිටිනු ඇත.

كَلَّآ إِنَّ كِتَٰبَ ٱلْفُجَّارِ لَفِى سِجِّينٍۢ ۝۷

එහෙත් නියත වශයෙන්ම පාපතරයින්ගේ ලයිස්තුව සිජ්ජීන්හි ඇත්තේය.

وَمَآ أَدْرَىٰكَ مَا سِجِّينٌۭ ۝۸

(නබියේ!) සිජ්ජීන් යනු කිමෙක්දැයි ඔබ දන්නෙහිද?

كِتَٰبٌۭ مَّرْقُومٌۭ ۝۹

(එය එක්තරා සටහන්) පොතකි. (දඬුවම් කරනු ලැබිය යුතු අයගේ නම් සියල්ල එහි) සටහන් කරනු ලැබ ඇත්තේය.

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ۝١۰

(මෙය) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි!

ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ ٱلدِّينِ ۝١١

ඔවුන් (මෙය පමණක්ද බොරු කරන්නේ?) ඵලවිපාක ලබා දෙන දිනයද බොරු කරන්නාහ.

وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ ۝١٢

සීමාව ඉක්මවූ පාපතරයින් සියල්ලන්ම හැර (වෙන කිසිවෙකුත්) එය බොරු කරන්නේ නැත.

إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ ۝١۳

ඔහුට අපගේ ආයාවන් කියවා පෙන්වනු ලැබුවහොත් මෙය පෙර සිටියවුන්ගේ ප්‍රබන්ධ කතා යයි ඔහු පවසන්නේය.

كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُوا۟ يَكْسِبُونَ ۝١٤

නියත වශයෙන්ම එසේ නොව. ඔවුන් කරමින් සිටි (නපුරු) ක්‍රියාවන්ම ඔවුන්ගේ හෘදයන්හි මලකඩ කැලලක් මෙන් පතිත විය. (එබැවින්ම මෙසේ පවසන්නාහ).

كَلَّآ إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍۢ لَّمَحْجُوبُونَ ۝١٥

(විනිශ්චය සඳහා ගෙන එනු ලබන) එදිනදී නියත වශයෙන්ම ඔවුන් තම දෙවියන්ගේ (වරප්‍රසාදයන්)ගෙන් ඈත්ව වළක්වනු ලබන්නාහ.

ثُمَّ إِنَّهُمْ لَصَالُوا۟ ٱلْجَحِيمِ ۝١٦

පසුව නියත වශයෙන්ම මොවුන් නිරයෙහි වැටෙනු ඇත.

ثُمَّ يُقَالُ هَٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ ۝١۷

පසුව (මොවුන්ට) “ඔබ බොරු කරමින් සිටි දැය මෙයයි” යයි කියනු ලැබේ.

كَلَّآ إِنَّ كِتَٰبَ ٱلْأَبْرَارِ لَفِى عِلِّيِّينَ ۝١۸

නියත වශයෙන්ම පින් කරන අයගේ ලැයිස්තුව ඉල්ලියියූන් නමැති (උසස්) ස්ථානයෙහි ඇත්තේය.

وَمَآ أَدْرَىٰكَ مَا عِلِّيُّونَ ۝١۹

(නබියේ!) ඉල්ලියියූන් යනු කිමෙක්දැයි යන්න ඔබට දැනුම් දෙන්නේ කුමක්ද?

كِتَٰبٌۭ مَّرْقُومٌۭ ۝٢۰

එය එක්තරා සටහන් පොතකි. එහි (හොඳ අයගේ නම් සියල්ල) සටහන් වී ඇත්තේය.

يَشْهَدُهُ ٱلْمُقَرَّبُونَ ۝٢١

මුකර්රබ් වන මලායිකාවරුන් එය (රැක) බලාගෙන සිටින්නාහ.

إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍ ۝٢٢

එබැවින් නියත වශයෙන්ම හොඳ අය (එදිනදී) ස්වර්ගයේ සුව සැපයෙහි-

عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ ۝٢۳

(උසස් ආසනයන් මත) හාන්සි වී (ස්වර්ගයෙහි සිදුවීම්) බලමින් සිටිනු ඇත.

تَعْرِفُ فِى وُجُوهِهِمْ نَضْرَةَ ٱلنَّعِيمِ ۝٢٤

(නබියේ!) ඔවුන්ගේ මුහුණු මගින්ම ඔවුන්ගේ ස්වභාවයේ සශ්‍රීකත්වය ඔබ දැනගන්නෙහිය.

يُسْقَوْنَ مِن رَّحِيقٍۢ مَّخْتُومٍ ۝٢٥

මුද්‍රා තබනු ලැබ ඇති කළවම් නොවුන මිදි යුෂ ඔවුන්ට පානය කිරීමට සලස්වනු ලැබේ.

خِتَٰمُهُۥ مِسْكٌۭ ۚ وَفِى ذَٰلِكَ فَلْيَتَنَافَسِ ٱلْمُتَنَٰفِسُونَ ۝٢٦

එය කස්තුරි වලින් මුද්‍රා තබනු ලැබ ඇත. (පානය කිරීමට) උත්සාහ දරන්නන් එයම උත්සාහ කරත්වා!

وَمِزَاجُهُۥ مِن تَسْنِيمٍ ۝٢۷

එහි තස්නීම් නමැති පානයද කළවම් කර තිඛෙණු ඇත.

عَيْنًۭا يَشْرَبُ بِهَا ٱلْمُقَرَّبُونَ ۝٢۸

(තස්නීම් යනු පෞද්ගලිකව අල්ලාහ්ට) සමීපස්තයන්ගේ පානය සඳහා යයි ඇති වී තිඛෙණ එක්තරා උල්පතක ජලය වන්නේය.

إِنَّ ٱلَّذِينَ أَجْرَمُوا۟ كَانُوا۟ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ يَضْحَكُونَ ۝٢۹

නියත වශයෙන්ම වැරදිකරුවන් නම්, (අද දින) විශ්වාසය තැබූවන්ව දැක සිනාසෙන්නාහ.

وَإِذَا مَرُّوا۟ بِهِمْ يَتَغَامَزُونَ ۝۳۰

ඔවුන් ළඟින් ගියහොත් (සමච්චලයෙන් මෙන් තමන් තුළ) කෙනෙකුට කෙනෙකු ඇසි පිළ්ලම් ගසා ඉඟි කර ගන්නාහ.

وَإِذَا ٱنقَلَبُوٓا۟ إِلَىٰٓ أَهْلِهِمُ ٱنقَلَبُوا۟ فَكِهِينَ ۝۳١

(ඔවුන්ගෙන් ඈත් වී) තමන්ගේ පවුලේ උදවිය වෙත ගියා වුවද, (නැවතත්) ඔවුන්ගේ කාරණාවෙහි (සමච්චල් කර කතා කරමින්) සතුටට පත් වන්නාහ.

وَإِذَا رَأَوْهُمْ قَالُوٓا۟ إِنَّ هَٰٓؤُلَآءِ لَضَآلُّونَ ۝۳٢

(අතර මගදී) ඔවුන් මොවුන්ව දුටුවහොත් (මොවුන්ව ගෙනහැර දක්වා) “නියත වශයෙන්ම මොවුන් මාර්ගය වැරද ගියහ” යයිද පවසන්නාහ.

وَمَآ أُرْسِلُوا۟ عَلَيْهِمْ حَٰفِظِينَ ۝۳۳

(විශ්වාසවන්තයින් ගැන කුමක් නිසා නම් මොවුන් මෙතරම් දුක් වන්නෙහුද?) මොවුන් ඔවුන් කෙරෙහි ආරක්ෂකයින් වශයෙන් යවනු ලැබුවේ නැත නොවෙද!

فَٱلْيَوْمَ ٱلَّذِينَ ءَامَنُوا۟ مِنَ ٱلْكُفَّارِ يَضْحَكُونَ ۝۳٤

එහෙත් (විනිශ්චය දිනය වන) අද දින විශ්වාසය තැබූවන් එම ප්‍රතික්ෂේප කරන්නන්ව දැක සිනාසෙන්නාහ.

عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ ۝۳٥

(ස්වර්ගයෙහි ඇති උසස්) ආසනයන් මත (හාන්සි වී) සිටිමින් (මෙම පාපතරයින් විඳින දඬුවම) බලමින්-

هَلْ ثُوِّبَ ٱلْكُفَّارُ مَا كَانُوا۟ يَفْعَلُونَ ۝۳٦

“(විනිශ්චය දිනය) ප්‍රතික්ෂේප කළ මොවුන්ට, මොවුන්ගේ ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක දෙනු ලැබුවේද?” (යයිද විමසනු ඇත).