< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَسْـَٔلُونَكَ عَنِ ٱلْأَنفَالِ ۖ قُلِ ٱلْأَنفَالُ لِلَّهِ وَٱلرَّسُولِ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَصْلِحُوا۟ ذَاتَ بَيْنِكُمْ ۖ وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥٓ إِن كُنتُم مُّؤْمِنِينَ ۝١

(නබියේ!) අන්ෆාල් (නමැති යුද පිටියේදී ලැබුණු වස්තූන්) ගැන ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: අන්ෆාල් අල්ලාහ්ටද, (අල්ලාහ්ගේ) දූතයාටද අයිති දැයයි. එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී (එහි කිසි දැයක් නොස`ගවා) ඔබ අතරේ නියම ආකාරයට කටයුතු කරනු. ඇත්තෙන්ම ඔබ සත්‍ය විශ්වාසවන්තයින් නම්, අල්ලාහ්ටද, අල්ලාහ්ගේ දූතයාටද අවනත වී කටයුතු කරනු.

إِنَّمَا ٱلْمُؤْمِنُونَ ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ ءَايَٰتُهُۥ زَادَتْهُمْ إِيمَٰنًۭا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ ۝٢

ඇත්තෙන්ම විශ්වාසවන්තයින් කවුරුන්දයත් අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය, (ඔවුන් ඉදිරියේ) කියනු ලැබුවහොත්, ඔවුන්ගේ හෘදයන් බිය වී වෙව්ලනු ඇත. ඔහුගේ ආයාවන් ඔවුන්ට සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත් විශ්වාසය ඔවුන්ට නැවතත් අධික වනු ඇත. ඔවුන් තම දෙවියන්වම සම්පූර්ණයෙන්ම විශ්වාසයෙන් යුතුව සිටිනු ඇත.

ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ ۝۳

ඔවුන් සලාතයද නොකඩවා සලාත් කරනු ඇත. අපි ඔවුන්ට ලබා දුන් වස්තුවෙන් (දානමාන වශයෙන්) වියදම් කරනු ඇත.

أُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُؤْمِنُونَ حَقًّۭا ۚ لَّهُمْ دَرَجَٰتٌ عِندَ رَبِّهِمْ وَمَغْفِرَةٌۭ وَرِزْقٌۭ كَرِيمٌۭ ۝٤

මෙවැන්නන්ය ඇත්තෙන්ම විශ්වාසවන්තයින්. ඔවුන්ට ඔවුන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙන් පදවීන්ද, ක්ෂමාවද ඇත. තවද ගෞරවණීය ආහාරද ඇත.

كَمَآ أَخْرَجَكَ رَبُّكَ مِنۢ بَيْتِكَ بِٱلْحَقِّ وَإِنَّ فَرِيقًۭا مِّنَ ٱلْمُؤْمِنِينَ لَكَٰرِهُونَ ۝٥

(නබියේ!) ඔබගේ දෙවියන් ඔබගේ නිවසින් සත්‍යය මගින් ඔබව ඉකුත් කළ අවස්ථාවේදී, විශ්වාසවන්තයින්ගෙන් එක් සමූහයක් (බද්රු යුද්ධයේදී ඔබ සමග යාමට) කැමති නොවූවාක් සේම

يُجَٰدِلُونَكَ فِى ٱلْحَقِّ بَعْدَمَا تَبَيَّنَ كَأَنَّمَا يُسَاقُونَ إِلَى ٱلْمَوْتِ وَهُمْ يَنظُرُونَ ۝٦

(යුද්ධ කිරීම අනිවාර්යය යයි) ඔවුන් පැහැදිලිව දැන ගත් පසුවද -මෙම සත්‍ය කාරණාවෙහිද- ඔවුන්, ඔබ සමග තර්ක කරන්නාහ. තමන්ගේ ඇස්වලින් දකින මරණය දෙසටම ඔවුන්ව දක්කාගෙන යනු ලබන්නාක් මෙන්ය!

وَإِذْ يَعِدُكُمُ ٱللَّهُ إِحْدَى ٱلطَّآئِفَتَيْنِ أَنَّهَا لَكُمْ وَتَوَدُّونَ أَنَّ غَيْرَ ذَاتِ ٱلشَّوْكَةِ تَكُونُ لَكُمْ وَيُرِيدُ ٱللَّهُ أَن يُحِقَّ ٱلْحَقَّ بِكَلِمَٰتِهِۦ وَيَقْطَعَ دَابِرَ ٱلْكَٰفِرِينَ ۝۷

(සතුරන්ගෙන්) සමූහයන් දෙකකින් එකක් නියත වශයෙන්ම ඔබ සමග එක්කාසු වනු ඇතැයි අල්ලාහ් ඔබට පොරොන්දු දුන් අවස්ථාවේදී, ඔබ (ඒ දෙකෙන්) ශක්තියෙන් අඩු (වෙළෙඳ) සමුහය (අත් කර ගැනීමට) කැමති වූවෙහිය. එහෙත් අල්ලාහ් නම්, තම පොරොන්දුවට අනුව සත්‍යය ස්ථාවර කර ප්‍රතික්ෂේප කරන්නන්ව මුලින් උපුටා දැමීමටම අදහස් කළේය.

لِيُحِقَّ ٱلْحَقَّ وَيُبْطِلَ ٱلْبَٰطِلَ وَلَوْ كَرِهَ ٱلْمُجْرِمُونَ ۝۸

එබැවින් ඔහු පාපතරයන් පිළිකුල් කළද, බොරුව විනාශ කර දමා (මෙසේ) සත්‍යය ස්ථීර කළේය.

إِذْ تَسْتَغِيثُونَ رَبَّكُمْ فَٱسْتَجَابَ لَكُمْ أَنِّى مُمِدُّكُم بِأَلْفٍۢ مِّنَ ٱلْمَلَٰٓئِكَةِ مُرْدِفِينَ ۝۹

(ඔබව) ආරක්ෂා කර ගන්නා මෙන් ඔබ, ඔබගේ දෙවියන්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී “බළ ඇණි, බළ ඇණි වශයෙන් (ඔබව අනුගමනය කර පැමිණිය හැකි) මලායිකාවරුන් දහසක් මගින් නියත වශයෙන්ම මා ඔබට උදව් කරන්නෙමි” යයි ඔහු ඔබට පිළිතුරු දුන්නේය.

وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشْرَىٰ وَلِتَطْمَئِنَّ بِهِۦ قُلُوبُكُمْ ۚ وَمَا ٱلنَّصْرُ إِلَّا مِنْ عِندِ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ ۝١۰

ඔබගේ හෘදයන් මෙමගින් තෘප්තියට පත් වීම පිණිස එක් ශුභාරංචියක් වශයෙන්ම මෙය අල්ලාහ් (ඔබට) පත් කර ඇත්තේය. අල්ලාහ්ගේ සන්නිධානයෙන් මිස, (ඔබට) මෙම උදව්ව ලැබුණේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

إِذْ يُغَشِّيكُمُ ٱلنُّعَاسَ أَمَنَةًۭ مِّنْهُ وَيُنَزِّلُ عَلَيْكُم مِّنَ ٱلسَّمَآءِ مَآءًۭ لِّيُطَهِّرَكُم بِهِۦ وَيُذْهِبَ عَنكُمْ رِجْزَ ٱلشَّيْطَٰنِ وَلِيَرْبِطَ عَلَىٰ قُلُوبِكُمْ وَيُثَبِّتَ بِهِ ٱلْأَقْدَامَ ۝١١

(විශ්වාසවන්තයිනි! ඔබගේ සිත) ශාන්තියට පත් වීම සඳහා දෑසට නින්ද ඔබව වෙළා ගන්නට සැලැස්වීම, (දෙවියන්) තම සන්නිධානයෙන් ඇති කිරීම ගැන සිතා බලනු මැනව! තවද (ඒ අතර) ඔබව පරිශුද්ධ කර ගැනීමටද, ඔබගෙන් ෂෙයිතාන්ගේ පැල්ලම පහ කිරීම සඳහාද, ඔබගේ හෘදයන් ශක්තිමත් කර, ඔබගේ පාදයන් ස්ථීර කර තැබීමටද (ඔහුම) අහසින් ඔබ කෙරෙහි වර්ෂාවද වැසීමට සැලැස්සුවේය.

إِذْ يُوحِى رَبُّكَ إِلَى ٱلْمَلَٰٓئِكَةِ أَنِّى مَعَكُمْ فَثَبِّتُوا۟ ٱلَّذِينَ ءَامَنُوا۟ ۚ سَأُلْقِى فِى قُلُوبِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلرُّعْبَ فَٱضْرِبُوا۟ فَوْقَ ٱلْأَعْنَاقِ وَٱضْرِبُوا۟ مِنْهُمْ كُلَّ بَنَانٍۢ ۝١٢

(නබියේ!) ඔබගේ දෙවියන් මලායිකාවරුන්ට “නියත වශයෙන්ම මා ඔබ සමග සිටින්නෙමි. එබැවින් ඔබ විශ්වාසවන්තයින්ව ස්ථීර කරනු” (යයි නියෝග කර) “ප්‍රතික්ෂේප කරන්නන්ගේ හෘදයන්හි අපි බිය ඇති කරන්නෙමු” (යයි පවසා, විශ්වාසවන්තයින්ට) “ඔබ ඔවුන්ගේ පිටි ඛෙල්ලට උඩින් කපා දමනු. ඔවුන්ව හන්ඳිවලින් කෑලි කෑලි වලට කපා දමනු” යයි දැනුම් දීම ගැන සිතා බලනු මැනව!

ذَٰلِكَ بِأَنَّهُمْ شَآقُّوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ ۚ وَمَن يُشَاقِقِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ ۝١۳

මෙයට හේතුව නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද වෙනස්කම් කිරීමය. කවුරුන් හෝ අල්ලාහ්ටද ඔහුගේ දුතයාටද වෙනස්කම් කළහොත් නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුන්ව) දඬුවම් කිරීමෙහි දරුණු කෙනෙකු වශයෙන්ම සිටින්නේය.

ذَٰلِكُمْ فَذُوقُوهُ وَأَنَّ لِلْكَٰفِرِينَ عَذَابَ ٱلنَّارِ ۝١٤

“(ප්‍රතික්ෂේප කරන්නෙනි! ඔබ අත් කර ගන්නට යන දඬුවම) මෙන්න! මෙය ඔබ පොඩියක් විඳ බලනු. තවද (ඔබ වැනි) ප්‍රතික්ෂේප කරන්නන්ට (විනිශ්චය දිනදී) නියත වශයෙන්ම නිරා දඬුවම ඇත” (යයි කියනු ලැබේ).

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُوا۟ زَحْفًۭا فَلَا تُوَلُّوهُمُ ٱلْأَدْبَارَ ۝١٥

විශ්වාසවන්තයිනි! යුද්ධ කිරීමට සේනාව එක්රැස් කරමින් සිටින ප්‍රතික්ෂේප කරන්නන්ව ඔබ මුණ ගැසුණහොත් ඔබ ඔවුන්ට පිටුපස හරවා නොදුවනු.

وَمَن يُوَلِّهِمْ يَوْمَئِذٍۢ دُبُرَهُۥٓ إِلَّا مُتَحَرِّفًۭا لِّقِتَالٍ أَوْ مُتَحَيِّزًا إِلَىٰ فِئَةٍۢ فَقَدْ بَآءَ بِغَضَبٍۢ مِّنَ ٱللَّهِ وَمَأْوَىٰهُ جَهَنَّمُ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ ۝١٦

(පසුපසට ගිය සතුරාව) කපා දැමීමට හෝ නැතහොත් (තම) සමුහය සමග එක්කාසු වීමට හෝ මිස, කවුරුන් හෝ ඒ අවස්ථාවේදී පිටුපස හැරී (දිව) ගියහොත් නියත වශයෙන්ම ඔහු අල්ලාහ්ගේ කෝපයට ඇතුළු වනු ඇත. ඔහු රැෙඳන ස්ථානය නිරයයි. එය ඉතාමත් නපුරු වාසස්ථානයයි.

فَلَمْ تَقْتُلُوهُمْ وَلَٰكِنَّ ٱللَّهَ قَتَلَهُمْ ۚ وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَٰكِنَّ ٱللَّهَ رَمَىٰ ۚ وَلِيُبْلِىَ ٱلْمُؤْمِنِينَ مِنْهُ بَلَآءً حَسَنًا ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌۭ ۝١۷

(විශ්වාසවන්තයිනි! යුද්ධ කර) ඒ අතර ඔබ ඔවුන්ව කපා දැමුවේ නැත. එහෙත් අල්ලාහ්ම ඔවුන්ව කපා දැමුවේය. (නබියේ! සතුරන් කෙරෙහි) ඔබ (කඩුව) වීසි කළ විට, (එය) ඔබ වීසි කළේ නැත. අල්ලාහ්ම (එය) වීසි කළේය. විශ්වාසවන්තයින්ව අලංකාරවත් අන්දමට පිරික්සීම සඳහාම (මෙසේ කළේය). නියත වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නෙකු හා ඉතාමත් හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

ذَٰلِكُمْ وَأَنَّ ٱللَّهَ مُوهِنُ كَيْدِ ٱلْكَٰفِرِينَ ۝١۸

ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණය අවමන් කර දැමීමටම නියත වශයෙන්ම අල්ලාහ් මෙසේ කළේය.

إِن تَسْتَفْتِحُوا۟ فَقَدْ جَآءَكُمُ ٱلْفَتْحُ ۖ وَإِن تَنتَهُوا۟ فَهُوَ خَيْرٌۭ لَّكُمْ ۖ وَإِن تَعُودُوا۟ نَعُدْ وَلَن تُغْنِىَ عَنكُمْ فِئَتُكُمْ شَيْـًۭٔا وَلَوْ كَثُرَتْ وَأَنَّ ٱللَّهَ مَعَ ٱلْمُؤْمِنِينَ ۝١۹

(මක්කාවේ වාසය කරන කාෆිර්වරුනි!) ඔබ සොයන ජයග්‍රහණය නම්, එම ජයග්‍රහණය ඔබ ඉදිරියට පැමිණ ඇත. (එහෙත් එය ඔබට නොව. විශ්වාසවන්තයින් වන අපටය! අපිම ඔබට එරෙහිව ජයග්‍රහණය අත් කර ගත්තෙමු. එබැවින් නපුර කිරීමෙන්) මින් පසුව හෝ ඔබ ඈත් වුවහොත් එය ඔබටම හොඳය. මින් පසුවත් ඔබ (නපුර කිරීමට) ඉදිරිපත් වුවහොත්, අපිත් ඉදිරිපත් වන්නෙමු. ඔබගේ සමූහය කොපමණ විශාල වුවද, (එය) ඔබට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාසවන්තයින් සමග සිටින්නේය.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَوَلَّوْا۟ عَنْهُ وَأَنتُمْ تَسْمَعُونَ ۝٢۰

විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද අවනත වනු. ඔබ (ඔහුගේ දේශනාවන්ට) සවන් දී (පසුව) ඔහුගෙන් ඈත් නොවනු.

وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ قَالُوا۟ سَمِعْنَا وَهُمْ لَا يَسْمَعُونَ ۝٢١

(විශ්වාසවන්තයිනි! සිත ඇතිවම) සවන් නොදී “අපි සවන් දුන්නෙමු” යයි (කටින් පමණක්) පවසන්නන් මෙන් ඔබත් පත් නොවනු.

۞ إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلصُّمُّ ٱلْبُكْمُ ٱلَّذِينَ لَا يَعْقِلُونَ ۝٢٢

නියත වශයෙන්ම අල්ලාහ් වෙතින් ඉතාමත් දීන වූ සතුන් (කුමක්දයත්), දැනුමක් නැති බිහිරන් හා ගොළුවන්ය.

وَلَوْ عَلِمَ ٱللَّهُ فِيهِمْ خَيْرًۭا لَّأَسْمَعَهُمْ ۖ وَلَوْ أَسْمَعَهُمْ لَتَوَلَّوا۟ وَّهُم مُّعْرِضُونَ ۝٢۳

ඔවුන් වෙත යම්කිසි හොඳක් ඇත්තේය යයි අල්ලාහ් දැන සිටියේ නම්, ඔහු ඔවුන්ව සවන් දීමට සලස්වා ඇත. (ඔවුන් වෙත කිසිම හොඳක් නොමැති බැවින්) ඔහු, ඔවුන්ව සවන් දීමට සලස්වා තිබුණද, ඔවුන් (එය) ප්‍රතික්ෂේප කර ලෙස්සා යනු ඇත.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱسْتَجِيبُوا۟ لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ ۖ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَحُولُ بَيْنَ ٱلْمَرْءِ وَقَلْبِهِۦ وَأَنَّهُۥٓ إِلَيْهِ تُحْشَرُونَ ۝٢٤

විශ්වාසවන්තයිනි! ඔබට පුනර්ජීවය ලබා දීම දෙසට (දේව දූතයා වන) ඔහු, ඔබව ආරාධනා කළහොත් අල්ලාහ්ටද, (ඔහුගේ) දූතයාටද පිළිතුරු දෙනු. නියත වශයෙන්ම අල්ලාහ් මිනිසුන්වද, ඔහුගේ හෘදයද වටකර ගෙන ඇත්තේය යන්නද, නියත වශයෙන්ම ඔබ ඔහු වෙතම (ගෙන එනු ලැබ) ඒකරාශී කරනු ලබන්නෙහුය යන්නද, ඔබ ස්ථීර වශයෙන් දැන ගනු.

وَٱتَّقُوا۟ فِتْنَةًۭ لَّا تُصِيبَنَّ ٱلَّذِينَ ظَلَمُوا۟ مِنكُمْ خَآصَّةًۭ ۖ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ ۝٢٥

ඔබ දඬුවමට බිය වනු. එය ඔබගෙන් වූ අපරාධකරුවන් පමණක්ම අල්ලා ගනු ඇතැයි යන්න නොව, (එය ඔබවද වටකර ගත හැකිය). නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි දරුණුය යන්නද ඔබ ස්ථීර වශයෙන් දැන ගනු.

وَٱذْكُرُوٓا۟ إِذْ أَنتُمْ قَلِيلٌۭ مُّسْتَضْعَفُونَ فِى ٱلْأَرْضِ تَخَافُونَ أَن يَتَخَطَّفَكُمُ ٱلنَّاسُ فَـَٔاوَىٰكُمْ وَأَيَّدَكُم بِنَصْرِهِۦ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِ لَعَلَّكُمْ تَشْكُرُونَ ۝٢٦

ඔබ භූමියෙහි (මක්කාවෙහි) ඛෙලහීන වූ ඉතාමත් සුළුතරයක් වශයෙන් සිට, ඔබව කවුරුන් හෝ මිනිසෙකු (කුමන වේලාවකදී හෝ බලෙන්) අල්ලාගෙන යාවි යයි ඔබ බියෙන් (වෙව්ලමින්) සිටි අවස්ථාවේදී, ඔහු ඔබට (මදීනාවෙහි) ඉඩ ලබා දී තම උදව්වෙන් ඔබව ශක්තිමත් කර, පිරිසිදු ආහාර ඔබට ලබා දීම ගැනද සිතා බලනු. (මෙයට) ඔබ කෘතඥ වනු මැනව!

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَخُونُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ وَتَخُونُوٓا۟ أَمَٰنَٰتِكُمْ وَأَنتُمْ تَعْلَمُونَ ۝٢۷

විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ටද, (ඔහුගේ) දුතයාටද, හානියක් නොකරනු. තවද ඔබ (කරන්නේ අපරාධයක් යයි) දැන දැනම ඔබ වෙත ඇති විශ්වාසයට තබා ඇති වස්තූන්ද වංචා නොකරනු.

وَٱعْلَمُوٓا۟ أَنَّمَآ أَمْوَٰلُكُمْ وَأَوْلَٰدُكُمْ فِتْنَةٌۭ وَأَنَّ ٱللَّهَ عِندَهُۥٓ أَجْرٌ عَظِيمٌۭ ۝٢۸

තවද ඔබගේ වස්තුවෙන්ද, ඔබගේ පරම්පරා දරුවන්ගෙන්ද (ඔබට) ඉමහත් වූ පිරික්සුමක් ඇත්තේය යන්නද, නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙහිම (ඔබට) ඉමහත් වූ ඵලවිපාක ඇත්තේය යන්නද ඔබ ස්ථීර වශයෙන් දැන ගනු.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تَتَّقُوا۟ ٱللَّهَ يَجْعَل لَّكُمْ فُرْقَانًۭا وَيُكَفِّرْ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ ۝٢۹

විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ට බිය වන්නෙහු නම්, ඔහු ඔබට ගෞරවය ලබා දෙනු ඇත. තවද (එය) ඔබගේ පාපයන්ට වන්දි වශයෙන් ගෙන, ඔබට සමාව දෙනු ඇත. මන්දයත් අල්ලාහ් ඉතාමත් ඉමහත් වූ වරප්‍රසාදයන්ගෙන් යුක්තය.

وَإِذْ يَمْكُرُ بِكَ ٱلَّذِينَ كَفَرُوا۟ لِيُثْبِتُوكَ أَوْ يَقْتُلُوكَ أَوْ يُخْرِجُوكَ ۚ وَيَمْكُرُونَ وَيَمْكُرُ ٱللَّهُ ۖ وَٱللَّهُ خَيْرُ ٱلْمَٰكِرِينَ ۝۳۰

(නබියේ!) ඔබව සිරගත කිරීමට හෝ නැතහොත් ඔබව ඝාතනය කිරීමට හෝ නැතහොත් ඔබව (රටින්) පිටුවහල් කිරීමට හෝ ඔබට විරුද්ධව ප්‍රතික්ෂේප කරන්නන් කුමන්ත්‍රණ කරමින් සිටි (අවස්ථාව) ගැන සිතා බලනු. ඔවුන්ද කුමන්ත්‍රණ කරමින් සිටියහ. (ඔවුන්ට විරුද්ධව) අල්ලාහ්ද කුමන්ත්‍රණ කරමින් සිටියේය. නමුත් කුමන්ත්‍රණ කරන්නන් සියල්ලන්ටම වඩා අල්ලාහ් ඉතාමත් උසස්ය.

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا قَالُوا۟ قَدْ سَمِعْنَا لَوْ نَشَآءُ لَقُلْنَا مِثْلَ هَٰذَآ ۙ إِنْ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ ۝۳١

අපගේ ආයාවන් ඔවුන්ට සමුදීරණය කර පෙන්වනු ලබන්නේ නම්, එයට ඔවුන් “නියත වශයෙන්ම අපි (මෙය කළින්ම) සවන් දී ඇත්තෙමු. අපි කැමති නම්, මෙවැනි වදන් අපිත් පවසන්නෙමු. මේවා පෙර සිටියවුන්ගේ ප්‍රබන්ධ කතා මිස, වෙන කිසිවක් නැත” යයි පැවසූහ.

وَإِذْ قَالُوا۟ ٱللَّهُمَّ إِن كَانَ هَٰذَا هُوَ ٱلْحَقَّ مِنْ عِندِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةًۭ مِّنَ ٱلسَّمَآءِ أَوِ ٱئْتِنَا بِعَذَابٍ أَلِيمٍۢ ۝۳٢

තවද (එම ප්‍රතික්ෂේප කරන්නන්) “ඕ අල්ලාහ්! ඔබ වෙතින් පැමිණි මෙය ඇත්ත නම්, අප වෙත අහසින් ගල් වරුසාවක් වසින්නට සලස්වනු. නැතහොත් වේදනා ගෙන දෙන (එක්) දඬුවමක් අපට ගෙන එනු!” යයි ඔවුන් පැවසීමද (නබියේ!) ඔබ සිතා බලනු.

وَمَا كَانَ ٱللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ ۚ وَمَا كَانَ ٱللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ ۝۳۳

නමුත් ඔබ ඔවුන් අතරේ සිටින තුරු අල්ලාහ් ඔවුන්ව දඬුවම් නොකරනු ඇත. තවද ඔවුන් සමාව ඉල්ලා සිටිමින් සිටින තුරුද අල්ලාහ් ඔවුන්ට දඬුවම් නොකරනු ඇත.

وَمَا لَهُمْ أَلَّا يُعَذِّبَهُمُ ٱللَّهُ وَهُمْ يَصُدُّونَ عَنِ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ وَمَا كَانُوٓا۟ أَوْلِيَآءَهُۥٓ ۚ إِنْ أَوْلِيَآؤُهُۥٓ إِلَّا ٱلْمُتَّقُونَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ۝۳٤

(මෙම කාරණාවන් දෙක නොතිබුණේ නම්), අල්ලාහ් ඔවුන්ව දඬුවම් නොකර සිටීමට කුමන (බාධාවක්ද?) මන්දයත් ඔවුන් නම්, එහි ආරක්ෂකයින් වශයෙන් නොසිටියදී (ජනතාව) ශුද්ධ වූ මස්ජිදයට ඇතුළු වීම වළකවන්නාහ. පරිශුද්ධවන්තයින් මිස, වෙන කිසිවෙකුත් එහි ආරක්ෂකයින් වශයෙන් සිටීමට නොහැකිය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත.

وَمَا كَانَ صَلَاتُهُمْ عِندَ ٱلْبَيْتِ إِلَّا مُكَآءًۭ وَتَصْدِيَةًۭ ۚ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ ۝۳٥

එම නැමදුම්පළෙහි ඔවුන් කරන නැමදුම් සියල්ල නම්, හුරුළුවම් බෑම, අත් පොළසන් නාද කිරීම මිස, වෙන කිසිවක් නැත! (එබැවින් පරලොවදී ඔවුන්ට) “ඔබ ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් (අද දින) දඬුවම (පොඩියක්) විඳ බලනු” (යයි කියනු ලැබේ).

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يُنفِقُونَ أَمْوَٰلَهُمْ لِيَصُدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ ۚ فَسَيُنفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرَةًۭ ثُمَّ يُغْلَبُونَ ۗ وَٱلَّذِينَ كَفَرُوٓا۟ إِلَىٰ جَهَنَّمَ يُحْشَرُونَ ۝۳٦

නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් කවුරුන් තමන්ගේ වස්තූන් අල්ලාහ්ගේ මාර්ගයෙහි (ජනතාවගේ) යාම වළක්වා දැමීමට වියදම් කරන්නෝද, ඔවුන් (නැවත) නැවතත් මේ අන්දමටම වියදම් කරන මෙන් සිදු වී අවසානයේදී එය ඔවුන්ටම දුකක් බවට පත් වී යනු ඇත! පසුව ඔවුන්ට එරෙහිව ජයග්‍රහණය කරනු ලබයි. (මෙවැනි) ප්‍රතික්ෂේප කරන්නන් (පරලොවදී) නිරය දෙසටම පදවාගෙන යනු ලබන්නාහ.

لِيَمِيزَ ٱللَّهُ ٱلْخَبِيثَ مِنَ ٱلطَّيِّبِ وَيَجْعَلَ ٱلْخَبِيثَ بَعْضَهُۥ عَلَىٰ بَعْضٍۢ فَيَرْكُمَهُۥ جَمِيعًۭا فَيَجْعَلَهُۥ فِى جَهَنَّمَ ۚ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ ۝۳۷

අල්ලාහ් හොඳ අයගෙන් නරක අයව වෙන්කර ගැනීම සඳහාද, නපුරු අය කෙනෙකු මත කෙනෙකු වශයෙන් අසුරනු ලැබ, එක් ගොඩකට දැමීමෙන් පසු නිරයට උස්සා වීසි කර දැමීම සඳහාද (මේ අන්දමට කරන්නේය). මෙවැන්නන් සම්පූර්ණයෙන්ම පරාජිතයින්ය.

قُل لِّلَّذِينَ كَفَرُوٓا۟ إِن يَنتَهُوا۟ يُغْفَرْ لَهُم مَّا قَدْ سَلَفَ وَإِن يَعُودُوا۟ فَقَدْ مَضَتْ سُنَّتُ ٱلْأَوَّلِينَ ۝۳۸

(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන්ට ඔබ මෙසේ පවසනු. මින් පසුව හෝ ඔවුන් (නපුර නොකර) ඈත් වුවහොත් (ඔවුන්ගේ) පෙර තිබූ වැරදිවලට ඔවුන්ට සමාව දෙනු ලැබේ. (එසේ නොමැතිව නපුර කිරීමටම) ඉදිරිපත් වන්නෙහු නම්, පෙර ඉකුත් වූවන්ගේ (මෙවැන්නන්ගේ) මාර්ගයම ඇති වනු ඇත. (ඔවුන්ට සිදු වූ දැයම මොවුන්ටත් සිදු වනු ඇත).

وَقَٰتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌۭ وَيَكُونَ ٱلدِّينُ كُلُّهُۥ لِلَّهِ ۚ فَإِنِ ٱنتَهَوْا۟ فَإِنَّ ٱللَّهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌۭ ۝۳۹

(විශ්වාසවන්තයිනි! මෙම ප්‍රතික්ෂේප කරන්නන්ගේ) නපුරුකම් සම්පූර්ණයෙන්ම පහ වී අල්ලාහ්ගේ ධර්මය සම්පූර්ණයෙන්ම ස්ථාවර වන තුරු (මක්කාවාසීන් වන ප්‍රතික්ෂේප කරන) ඔවුන් සමග යුද්ධ කරනු. (නපුරුකම් කිරීමෙන්) ඔවුන් ඈත් වුවහොත් නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් කරන දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය.

وَإِن تَوَلَّوْا۟ فَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ مَوْلَىٰكُمْ ۚ نِعْمَ ٱلْمَوْلَىٰ وَنِعْمَ ٱلنَّصِيرُ ۝٤۰

ඔවුන් වෙනස්කම් කළහොත් නියත වශයෙන්ම අල්ලාහ් ඔබගේ ආරක්ෂකයා යන්න ඔබ ස්ථීර වශයෙන් දැන ගනු. (ඔහු) ආරක්ෂා කිරීමෙහිද ඉතාමත් ශ්‍රේෂ්ඨය. උදව් කිරීමෙහිද ඉතාමත් ශ්‍රේෂ්ඨය.

۞ وَٱعْلَمُوٓا۟ أَنَّمَا غَنِمْتُم مِّن شَىْءٍۢ فَأَنَّ لِلَّهِ خُمُسَهُۥ وَلِلرَّسُولِ وَلِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينِ وَٱبْنِ ٱلسَّبِيلِ إِن كُنتُمْ ءَامَنتُم بِٱللَّهِ وَمَآ أَنزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ ٱلْفُرْقَانِ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ۝٤١

(විශ්වාසවන්තයිනි!) ඔ බ ස්ථීර වශයෙන් දැන ගනු: ඔබට යුද්ධයේදී ලැබුණු සෑම වස්තුවකින්ම පහෙන් එක් පංගුවක් අල්ලාහ්ටද (ඔහුගේ) දූතයාටද, (ඔහුගේ) ඥාතීන්ටද, අනාථයින්ටද, දුප්පතුන්ටද, මැගියන්ටද අයත් වන්නේය. (ඇත්තෙන්ම) ඔබ අල්ලාහ්වද, (විශ්වාස කරන අතර) සේනාවන් දෙක එකිනෙකට මුණ ගැසී (අවසන් වූ) තීන්දුවක් දුන් (බද්රු යුද්ධ) දිනදී අපි අපගේ වහලා කෙරෙහි පහළ කර තැබූ (උදව්ව, ඔහුම පහළ කළේය යන්න)ද ඔබ විශ්වාස කරන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (ස්ථීර වශයෙන් දැන ගනු): නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.

إِذْ أَنتُم بِٱلْعُدْوَةِ ٱلدُّنْيَا وَهُم بِٱلْعُدْوَةِ ٱلْقُصْوَىٰ وَٱلرَّكْبُ أَسْفَلَ مِنكُمْ ۚ وَلَوْ تَوَاعَدتُّمْ لَٱخْتَلَفْتُمْ فِى ٱلْمِيعَٰدِ ۙ وَلَٰكِن لِّيَقْضِىَ ٱللَّهُ أَمْرًۭا كَانَ مَفْعُولًۭا لِّيَهْلِكَ مَنْ هَلَكَ عَنۢ بَيِّنَةٍۢ وَيَحْيَىٰ مَنْ حَىَّ عَنۢ بَيِّنَةٍۢ ۗ وَإِنَّ ٱللَّهَ لَسَمِيعٌ عَلِيمٌ ۝٤٢

ඔබ (බද්රු යුද පිටියේ සිට මදීනාවට) සමීපව ඇති මිටියාවතේද, ඔවුන් (ඔබට ඉදිරිපසින් ඇති) ඈතින් පිහිටි මිටියාවතේද, (ව්‍යාපාරිකයින් වන) තවලම්කරුවන් ඔබට පහතින් සිටීම ගැනද ඔබ සිතා බලනු. ඔබ කෙනෙකුට කෙනෙකු (හමු වන කාලයද, ස්ථානයද සඳහන් කර) පොරොන්දු ඇති කරගෙන සිටියද, (ඔබ සඳහන් කළ කාලයේදී එහි පැමිණ සේන්දු වී) එම පොරොන්දුව ඉටු කර තැබීමෙහි ඔබ (යම්කිසි) වැරැද්දක් කරම ඇත්තෙහිය. එහෙත් අල්ලාහ් මනක්කල්පිත කළ කාරණාව ඉෂ්ඨ වීම සඳහා (ඔබ සියල්ලන්වම එකම වේලාවකදී ඔහු ඒකරාශී කළේය). විනාශ වී ගිය අය, පැහැදිලි කාරණාවකට විනාශ වීම සඳහාද, (බේරී) ජීවත් වූවන් පැහැදිලි කාරණාවක් මගින්ම (බේරී) ජීවත් වීම සඳහාද (අල්ලාහ් මේ අන්දමට සැලසුම් කළේය). නියත වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.

إِذْ يُرِيكَهُمُ ٱللَّهُ فِى مَنَامِكَ قَلِيلًۭا ۖ وَلَوْ أَرَىٰكَهُمْ كَثِيرًۭا لَّفَشِلْتُمْ وَلَتَنَٰزَعْتُمْ فِى ٱلْأَمْرِ وَلَٰكِنَّ ٱللَّهَ سَلَّمَ ۗ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ۝٤۳

(නබියේ!) ඔබගේ සිහිනෙන් අල්ලාහ් (ගණනයෙන්) ඔවුන්ව අඩු කර පෙන්වීමද, ඔබ සිතා බලනු. ඔවුන්ව (ගණනයෙන්) අධික කර, ඔබට පෙන්වා තිබුණේ නම් ඔබ ධෛර්යය බිඳී, යුද්ධ කිරීම ගැන ඔබ තුළ තර්ක කරමින් සිටින්නෙහුය. එහෙත් අල්ලාහ් (ඔබව) ආරක්ෂා කර ගත්තේය. නියත වශයෙන්ම ඔහු හෘදයන්හි ඇති දැය හොඳින් දන්නෙකි.

وَإِذْ يُرِيكُمُوهُمْ إِذِ ٱلْتَقَيْتُمْ فِىٓ أَعْيُنِكُمْ قَلِيلًۭا وَيُقَلِّلُكُمْ فِىٓ أَعْيُنِهِمْ لِيَقْضِىَ ٱللَّهُ أَمْرًۭا كَانَ مَفْعُولًۭا ۗ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ ۝٤٤

ඔවුන්ද, ඔබද හමු වූ අවස්ථාවේදී ඔවුන්ගේ ගණනය ඔබගේ ඇස්වලට අඩු කරද, ඔබගේ ගණනය ඔවුන්ගේ ඇස්වලට අඩු කරද, පෙන්වූයේ අල්ලාහ් මනක්කල්පිත කළ කාරණාව ඉෂ්ඨ වී, අනිවාර්යයෙන්ම (ඔවුන්ව විනාශ කර) දැමීමට (යන්න ඔබ දැන ගනු). අල්ලාහ්ගේ සන්නිධානයෙහිම සියලූ කාරණාවන් ගොස් අවසන් වන්නේය.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا لَقِيتُمْ فِئَةًۭ فَٱثْبُتُوا۟ وَٱذْكُرُوا۟ ٱللَّهَ كَثِيرًۭا لَّعَلَّكُمْ تُفْلِحُونَ ۝٤٥

විශ්වාසවන්තයිනි! ඔබ (යුද්ධයේදී සතුරන්ගේ) සමූහය හමු වුවහොත් (බිය නොවී) ස්ථීර වශයෙන් (විරුද්ධව) සිටිමින් “(අල්ලාහු අක්බර්’ යයි) අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය ඔබ අධික වශයෙන් (ශබ්ද නගා) පවසනු. (එයින්) ඔබ ජයග්‍රහණය අත් කර ගනු ඇත.

وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَنَٰزَعُوا۟ فَتَفْشَلُوا۟ وَتَذْهَبَ رِيحُكُمْ ۖ وَٱصْبِرُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّٰبِرِينَ ۝٤٦

තවද අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද අවනත වී (ඔබ තුළ එකමුතුව) සිටිනු. ඔබ තුළ තර්ක නොකර ගනු. එසේ වුවහොත් ඔබ ධෛර්යය බිඳී ඔබගේ ශක්තිය දුබළ වනු ඇත. එබැවින් ඔබ (දුක් ගැහැට විඳ දරාගෙන) ඉවසීමෙන් යුතුව සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග සිටින්නේය.

وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ خَرَجُوا۟ مِن دِيَٰرِهِم بَطَرًۭا وَرِئَآءَ ٱلنَّاسِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ ۚ وَٱللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطٌۭ ۝٤۷

ආඩම්බරය සඳහාද, මිනිසුන්ට පෙන්වීම සඳහාද, තමන්ගේ නිවෙස්වලින්ද, (මුස්ලිම්වරුන්ට එරෙහිව බද්රු යුද්ධයට) පිටත් වීද, අල්ලාහ්ගේ මාර්ගයෙහි (ජනතාව) යාම වළක්වමින්ද සිටිය අය මෙන් ඔබත් පත් නොවිය යුතුය. අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් වට කරගෙන සිටින්නේය.

وَإِذْ زَيَّنَ لَهُمُ ٱلشَّيْطَٰنُ أَعْمَٰلَهُمْ وَقَالَ لَا غَالِبَ لَكُمُ ٱلْيَوْمَ مِنَ ٱلنَّاسِ وَإِنِّى جَارٌۭ لَّكُمْ ۖ فَلَمَّا تَرَآءَتِ ٱلْفِئَتَانِ نَكَصَ عَلَىٰ عَقِبَيْهِ وَقَالَ إِنِّى بَرِىٓءٌۭ مِّنكُمْ إِنِّىٓ أَرَىٰ مَا لَا تَرَوْنَ إِنِّىٓ أَخَافُ ٱللَّهَ ۚ وَٱللَّهُ شَدِيدُ ٱلْعِقَابِ ۝٤۸

ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ට අලංකාරවත් කර පෙන්වා, “කිසිම මිනිසෙකු විසින් අද ඔබව ජයග්‍රහණය කළ නොහැකිය. නියත වශයෙන්ම මමත් ඔබට උදව්වට සිටින්නෙමි” යයි පවසමින් සිටීම ගැනද (නබියේ!) ඔබ සිතා බලනු. (මෙසේ පවසමින් සිටි) ඔහු සේනාවන් දෙක එකට එක මුණ ගැසුණු වහාම පිටුපස හරවා දිව ගොස් “නියත වශයෙන්ම මා ඔබගෙන් ඈත් වූවෙමි. ඔබට දැකිය නොහැකි දැයක් මා බලන්නෙමි. නියත වශයෙන්ම මා අල්ලාහ්ට බිය වන්නෙමි. දඬුවම් කිරීමෙහි අල්ලාහ් ඉතාමත් දරුණු කෙනෙකි” යයි පැවසුවේය.

إِذْ يَقُولُ ٱلْمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ غَرَّ هَٰٓؤُلَآءِ دِينُهُمْ ۗ وَمَن يَتَوَكَّلْ عَلَى ٱللَّهِ فَإِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌۭ ۝٤۹

(ඇතුළත එකක් තබාගෙන පිටත එකක් කතා කරන) වංචනිකයින්ද, හෘදයන්හි (ප්‍රතික්ෂේපය නමැති) රෝගයෙන් පෙළෙන්නන්ද, (විශ්වාසවන්තයින්ව ගෙනහැර දක්වා) “මොවුන්ව මොවුන්ගේ ධර්මය රවටා දැමුවේය” යයි පවසමින් සිටීම ගැනද (නබියේ!) ඔබ සිතා බලනු. කවුරුන් අල්ලාහ්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්නේද, (ඔහුම ජයග්‍රහණය අත් කර ගත් අයයි). මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

وَلَوْ تَرَىٰٓ إِذْ يَتَوَفَّى ٱلَّذِينَ كَفَرُوا۟ ۙ ٱلْمَلَٰٓئِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَٰرَهُمْ وَذُوقُوا۟ عَذَابَ ٱلْحَرِيقِ ۝٥۰

මලායිකාවරුන් ප්‍රතික්ෂේප කරන්නන්ව (ඔවුන්ගේ පණ) අත්පත් කර ගන්නා අවස්ථාවේදී ඔවුන්ගේ මුහුණුවලටද, පිට කොඳු වලටද, පහර දී (නිරයට දක්කාගෙන ගොස්) “දවාලන (නිරා) දඬුවම (පොඩියක්) විඳ බලනු” යයි පැවසීම ඔබ බැලිය යුතු නොවේද?

ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ ٱللَّهَ لَيْسَ بِظَلَّٰمٍۢ لِّلْعَبِيدِ ۝٥١

(තවද මලායිකාවරුන් ඔවුන්ට) “පෙර ඔබගේ අත් (හම්බ කර) යැවූ දැයෙහි හේතුවෙන්ම මෙය (මෙම දඬුවම ඔබට) ඇති විය. නියත වශයෙන්ම අල්ලාහ් (තම) වහලූන්ගෙන් කිසිවෙකුටත් පොඩියක් හෝ අපරාධයක් කරන්නේම නැත” (යයිද පවසනු ඇත).

كَدَأْبِ ءَالِ فِرْعَوْنَ ۙ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَفَرُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ ۗ إِنَّ ٱللَّهَ قَوِىٌّۭ شَدِيدُ ٱلْعِقَابِ ۝٥٢

“ෆිර්අවුන්ගේ ජනතාවගේ තත්වයද, ඔවුන්ට පෙර විසූවන්ගේ තත්වය මෙන්ම (මොවුන්ගේ තත්වයද) ඇත්තේය. ඔවුන්ද අල්ලාහ්ගේ ආයාවන් ප්‍රතික්ෂේප කරමින්ම සිටියහ. එබැවින් ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව අල්ලා ගත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ශක්තිසම්පන්නයෙකු හා දඬුවම් දීමෙහි ඉතාමත් දරුණු කෙනෙකු වශයෙන් සිටින්නේය.

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ لَمْ يَكُ مُغَيِّرًۭا نِّعْمَةً أَنْعَمَهَا عَلَىٰ قَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا۟ مَا بِأَنفُسِهِمْ ۙ وَأَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌۭ ۝٥۳

කුමන ජනතාවක් හෝ තමන්ගේ තත්වය වෙනස් නොකර ගන්නා තුරු නියත වශයෙන්ම අල්ලාහ්ද ඔවුන්ට ලබා දුන් වරප්‍රසාදයන් වෙනස් කර හරින්නේ නැත (යයි තිබුණද, ඔවුන් තමන්ගේ තත්වය වෙනස් කර ගත් බැවින් මෙම දඬුවම ඇති විය). නියත වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නෙකු හා ඉතාමත් හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

كَدَأْبِ ءَالِ فِرْعَوْنَ ۙ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَّبُوا۟ بِـَٔايَٰتِ رَبِّهِمْ فَأَهْلَكْنَٰهُم بِذُنُوبِهِمْ وَأَغْرَقْنَآ ءَالَ فِرْعَوْنَ ۚ وَكُلٌّۭ كَانُوا۟ ظَٰلِمِينَ ۝٥٤

“ෆිර්අවුන්ගේ ජනතාවගේ තත්වයද, ඔවුන්ට පෙර විසූවන්ගේ තත්වය මෙන්ම (මොවුන්ගේ) තත්වයද ඇත්තේය. ඔවුන්ද (මොවුන් මෙන්ම) තමන්ගේ දෙවියන්ගේ සාධකයන් බොරු කරමින් සිටියහ. එබැවින් ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන් අපි (විවිධ වර්ගයේ දඬුවම් මගින් ෆිර්අවුන්ට පෙර විසූ) ඔවුන්ව විනාශ කර දැමූ අතර, ෆිර්අවුන්ගේ ජනතාවද ගිල්වා දැමුවෙමු. මොවුන් සියල්ල අපරාධකරුවන් වශයෙන්ම සිටියහ.

إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلَّذِينَ كَفَرُوا۟ فَهُمْ لَا يُؤْمِنُونَ ۝٥٥

නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙහි සතුන් සියල්ලගෙන් ඉතාමත් නපුරු (දැය කුමක්දයත්) ප්‍රතික්ෂේප කරන්නන්ය. එබැවින් ඔවුන් විශ්වාසම නොකරන්නාහ.

ٱلَّذِينَ عَٰهَدتَّ مِنْهُمْ ثُمَّ يَنقُضُونَ عَهْدَهُمْ فِى كُلِّ مَرَّةٍۢ وَهُمْ لَا يَتَّقُونَ ۝٥٦

මොවුන්ගෙන් කවුරුන් සමග ඔබ ගිවිසුම් ඇති කර ගත්තද, එම ගිවිසුම් සෑම අන්දමටම කඩ කරමින්ම සිටින්නාහ. ඔවුන් (අල්ලාහ්ට) බිය වන්නේම නැත.

فَإِمَّا تَثْقَفَنَّهُمْ فِى ٱلْحَرْبِ فَشَرِّدْ بِهِم مَّنْ خَلْفَهُمْ لَعَلَّهُمْ يَذَّكَّرُونَ ۝٥۷

යුද්ධයේදී ඔබ ඔවුන්ව හමු වුවහොත් ඔවුන්ට පිටුපසින් සිටින්නන්වද, (තිගැස්සී) බිය වී දිව යන ලෙසට ඔවුන්ව සීසීකඩ කර හරිනු. (මෙමගින්) ඔවුන්ට පාඩමක් උගත හැකිය.

وَإِمَّا تَخَافَنَّ مِن قَوْمٍ خِيَانَةًۭ فَٱنۢبِذْ إِلَيْهِمْ عَلَىٰ سَوَآءٍ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْخَآئِنِينَ ۝٥۸

(ඔබ සමග ගිවිසුම් ඇති කරගෙන සිටින) කුමන සමූහයක් හෝ කුමන්ත්‍රණ කරාවි යයි ඔබ බිය වුවහොත් (එයට) සමාන වන පරිදි (එම ගිවිසුම) ඔවුන් වෙත වීසි කර දමනු. නියත වශයෙන්ම අල්ලාහ් කුමන්ත්‍රණකරුවන්ව ප්‍රිය කරන්නේ නැත.

وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ سَبَقُوٓا۟ ۚ إِنَّهُمْ لَا يُعْجِزُونَ ۝٥۹

ප්‍රතික්ෂේප කරන්නන් තමන් බේරුනාය යයි ඔවුන් නොසිතිය යුතුය. නියත වශයෙන්ම ඔවුන් (අපව) පරාජය කළ නොහැක.

وَأَعِدُّوا۟ لَهُم مَّا ٱسْتَطَعْتُم مِّن قُوَّةٍۢ وَمِن رِّبَاطِ ٱلْخَيْلِ تُرْهِبُونَ بِهِۦ عَدُوَّ ٱللَّهِ وَعَدُوَّكُمْ وَءَاخَرِينَ مِن دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ ٱللَّهُ يَعْلَمُهُمْ ۚ وَمَا تُنفِقُوا۟ مِن شَىْءٍۢ فِى سَبِيلِ ٱللَّهِ يُوَفَّ إِلَيْكُمْ وَأَنتُمْ لَا تُظْلَمُونَ ۝٦۰

ඔවුන්ට එරෙහි වන බවට (ආයුධ) බලයද, (හුරු පුරුදු) යුද අශ්වයින්ද, ඔබට ප්‍රමාණවත් අන්දමට ඔබ (සෑමවිටම) සූදානම් කර තබනු. මෙමගින් අල්ලාහ්ගේ සතුරාවද, ඔබගේ සතුරාවද ඔබට බිය ගැන්විය හැකිය. මොවුන් හැර (සතුරන්ගේ) වෙනත් සමහරෙක් සිටින්නාහ; ඔවුන්ව ඔබ හඳුනන්නේ නැත. අල්ලාහ්ම ඔවුන්ව හඳුනන්නේය. (මෙමගින් ඔවුන්වද ඔබට තිග්ගැස්සීමට පත් කළ හැකිය. මේ සඳහා) අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබ කුමක් වියදම් කළද, (එහි ඵලවිපාක) ඔබට පූරණ වශයෙන්ම ලබා දෙනු ඇත. (එහි) පොඩියක් හෝ ඔබට අසාධාරණයක් කරනු නොලැබේ.

۞ وَإِن جَنَحُوا۟ لِلسَّلْمِ فَٱجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ۝٦١

ඔවුන් සමාදානය දෙසට ඇල වුවහොත් ඔබත් ඒ දෙසට ඇල වනු. අල්ලාහ්වද විශ්වාස කරනු. නියත වශයෙන්ම ඔහු සවන් දෙන්නෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

وَإِن يُرِيدُوٓا۟ أَن يَخْدَعُوكَ فَإِنَّ حَسْبَكَ ٱللَّهُ ۚ هُوَ ٱلَّذِىٓ أَيَّدَكَ بِنَصْرِهِۦ وَبِٱلْمُؤْمِنِينَ ۝٦٢

(නබියේ!) ඔවුන් ඔබට කුමන්ත්‍රණ කිරීමට අදහස් කළහොත් (ඔබව ආරක්ෂා කර ගැනීමට) නියත වශයෙන්ම අල්ලාහ් ඔබට ප්‍රමාණවත් කෙනෙකු වශයෙන් සිටින්නේය. ඔහුම ඔබව තම උදව්ව මගින්ද විශ්වාසවන්තයින් මගින්ද ශක්තිමත් කරන්නේය.

وَأَلَّفَ بَيْنَ قُلُوبِهِمْ ۚ لَوْ أَنفَقْتَ مَا فِى ٱلْأَرْضِ جَمِيعًۭا مَّآ أَلَّفْتَ بَيْنَ قُلُوبِهِمْ وَلَٰكِنَّ ٱللَّهَ أَلَّفَ بَيْنَهُمْ ۚ إِنَّهُۥ عَزِيزٌ حَكِيمٌۭ ۝٦۳

ඔවුන්ගේ හෘදයන්හි (ඉස්ලාමය මගින්) ආදර කරුණාව ඇතුළු කර (සීසීකඩව සිටි ඔවුන්ව) ඒකරාශී කළේය. භූමියෙහි ඇති සියල්ල ඔබ වියදම් කළද, ඔවුන්ගේ හෘදයන්හි ආදර කරුණාව ඇතුළු කිරීමට ඔබට නොහැකිය. එහෙත් අල්ලාහ්ම ඔවුන්ව ආදරය මගින් ඒකරාශී කළේය. නියත වශයෙන්ම ඔහු (සියල්ලට) බලසම්පන්යෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ حَسْبُكَ ٱللَّهُ وَمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْمُؤْمِنِينَ ۝٦٤

නබියේ! අල්ලාහ්ද, විශ්වාසවන්තයින්ගෙන් ඔබව අනුගමනය කරන්නන්ම ඔබට ප්‍රමාණවත් අයයි.

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ حَرِّضِ ٱلْمُؤْمِنِينَ عَلَى ٱلْقِتَالِ ۚ إِن يَكُن مِّنكُمْ عِشْرُونَ صَٰبِرُونَ يَغْلِبُوا۟ مِا۟ئَتَيْنِ ۚ وَإِن يَكُن مِّنكُم مِّا۟ئَةٌۭ يَغْلِبُوٓا۟ أَلْفًۭا مِّنَ ٱلَّذِينَ كَفَرُوا۟ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَفْقَهُونَ ۝٦٥

(තවද) නබියේ! ඔබ විශ්වාසවන්තයින්ව යුද්ධයට (සූදානම් කරන මෙන්) පොළඹවනු මැනව! ඔබගෙන් (ඉවසීමද) විඳ දරා ගන්නා හැකියාවක් ඇති විසි දෙනෙකු සිටියහොත් දෙසිය දෙනෙකුගෙන් ජයග්‍රහණය අත් කර ගනු ඇත. ඔබගෙන් (එවැනි) සිය දෙනෙකු සිටියහොත් ප්‍රතික්ෂේප කරන්නන් දාහක් දෙනෙකුගෙන් ජයග්‍රහණය අත් කර ගනු ඇත. නියත වශයෙන්ම මොවුන් දැනුමක් නැති ජනතාවක් වශයෙන් සිටීමම මෙයට හේතුව වේ.

ٱلْـَٰٔنَ خَفَّفَ ٱللَّهُ عَنكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًۭا ۚ فَإِن يَكُن مِّنكُم مِّا۟ئَةٌۭ صَابِرَةٌۭ يَغْلِبُوا۟ مِا۟ئَتَيْنِ ۚ وَإِن يَكُن مِّنكُمْ أَلْفٌۭ يَغْلِبُوٓا۟ أَلْفَيْنِ بِإِذْنِ ٱللَّهِ ۗ وَٱللَّهُ مَعَ ٱلصَّٰبِرِينَ ۝٦٦

එහෙත් නියත වශයෙන්ම ඔබ වෙත දුබළතාවය ඇති බව අල්ලාහ් හොඳින් දැනගෙන, දැනට (එය) ඔබට පහසු කර හැරියේය. එබැවින් ඔබගෙන් (ඉවසීමද), විඳ දරාගත හැකි සිය දෙනෙකු සිටියහොත් (අනිත් අය) දෙසිය දෙනෙකුගෙන් ජයග්‍රණය අත් කර ගනු ඇත. (මෙවැනි) දහසක් දෙනෙකු ඔබගෙන් සිටියහොත් අල්ලාහ්ගේ පිහිටෙන් (අනිත් අය) දෙහසක් දෙනෙකුගෙන් ජයග්‍රහණය අත් කර ගනු ඇත. අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග සිටින්නේය.

مَا كَانَ لِنَبِىٍّ أَن يَكُونَ لَهُۥٓ أَسْرَىٰ حَتَّىٰ يُثْخِنَ فِى ٱلْأَرْضِ ۚ تُرِيدُونَ عَرَضَ ٱلدُّنْيَا وَٱللَّهُ يُرِيدُ ٱلْءَاخِرَةَ ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌۭ ۝٦۷

(සතුරන්ගේ නපුර පාලනය කරන අන්දමින් ඔවුන්ගේ) ලේ මියෙහි ඇලෙන තුරු (ඔවුන්ව පණ පිටින්) සිර ගත කිරීම කිසිම නබිවරයෙකුට සුදුසු නැත. ඔබ මෙලොව වස්තූන්ට ආශා කරන්නෙහුය. අල්ලාහ් නම්, (ඔබගේ) පරලොව (ජීවිතය) කැමති වන්නේය. අල්ලාහ් බලසම්පන්නයෙකු වන අතර ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

لَّوْلَا كِتَٰبٌۭ مِّنَ ٱللَّهِ سَبَقَ لَمَسَّكُمْ فِيمَآ أَخَذْتُمْ عَذَابٌ عَظِيمٌۭ ۝٦۸

අල්ලාහ්ගේ සන්නිධානයෙහි (ඔබගේ සමාව) දැනටමත් සැලසුම් කර නොතිබුණා නම්, ඔබ (සිරකරුවන්ගේ වන්දි මුදල් බද්රු යුද්ධයේදී) ඇර ගත් හේතුව නිසා ඉමහත් වූ දඬුවමක් ඔබව අල්ලා ගන්නට ඉඩ තිබුණි. (එහෙත් දෙවියන් ඔබට සමාව දුන්නේය).

فَكُلُوا۟ مِمَّا غَنِمْتُمْ حَلَٰلًۭا طَيِّبًۭا ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ۝٦۹

එබැවින් (සතුරන්ගෙන්) ඔබට යුද්ධයේදී ලැබුණු දැය හොඳ අනුමැතිය ඇති වස්තූන් වශයෙන්ම (සිතා) අනුභව කරනු. (මින් පසු මෙවැනි කාරණාවන්හි) අල්ලාහ්ට බිය වී (කටයුතු) කරනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන්ම සිටින්නේය.

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ قُل لِّمَن فِىٓ أَيْدِيكُم مِّنَ ٱلْأَسْرَىٰٓ إِن يَعْلَمِ ٱللَّهُ فِى قُلُوبِكُمْ خَيْرًۭا يُؤْتِكُمْ خَيْرًۭا مِّمَّآ أُخِذَ مِنكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ۝۷۰

නබියේ! ඔබ වෙත සිර ගත වී සිටින්නන්ට මෙසේ පවසනු: “ඔබගේ හෘදයන්හි හොඳ සිතුවිල්ලක් ඇති බව අල්ලාහ් දැන ගතහොත් ඔබගෙන් ඇර ගත් දැයට වඩා ඉතාමත් උසස් දැය ඔබට ලබා දී ඔබගේ වැරදිවලටද ඔහු සමාව දෙනු ඇත. මන්දයත් අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකුද වශයෙන් සිටින්නේය.

وَإِن يُرِيدُوا۟ خِيَانَتَكَ فَقَدْ خَانُوا۟ ٱللَّهَ مِن قَبْلُ فَأَمْكَنَ مِنْهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ۝۷١

(නබියේ!) ඔවුන් ඔබට කුමන්ත්‍රණ කරන්නට අදහස් කළහොත් (ඒ ගැන ඔබ කණගාටු නොවනු). මෙයට පෙර ඔවුන් අල්ලාහ්ට කුමන්ත්‍රණ කිරීමට අදහස් කළහ. එබැවින්ම ඔවුන්ව සිර ගත කිරීමට (ඔබට) පහසුකම් සැලැස්සුවේය. අල්ලාහ් (සියල්ල) ඉතාමත් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَهَاجَرُوا۟ وَجَٰهَدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ فِى سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَوا۟ وَّنَصَرُوٓا۟ أُو۟لَٰٓئِكَ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍۢ ۚ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَلَمْ يُهَاجِرُوا۟ مَا لَكُم مِّن وَلَٰيَتِهِم مِّن شَىْءٍ حَتَّىٰ يُهَاجِرُوا۟ ۚ وَإِنِ ٱسْتَنصَرُوكُمْ فِى ٱلدِّينِ فَعَلَيْكُمُ ٱلنَّصْرُ إِلَّا عَلَىٰ قَوْمٍۭ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَٰقٌۭ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ ۝۷٢

නියත වශයෙන්ම කවුරුන් විශ්වාසය තබා (තමන්ගේ) රට ගම අත්හැර අල්ලාහ්ගේ මාර්ගයෙහි තමන්ගේ පණද වස්තූන්ද පූජා කර, යුද්ධ කළෝද ඔවුන්ද, කවුරුන් ඔවුන්ට (තමන්ගේ නිවෙස්හි) ඉඩ ලබා දී තබා ගෙන, උදව් උපකාර කළෝද ඔවුන්ද, ආදී මෙවැන්නන් කෙනෙකුට කෙනෙකු සුහදතාවයෙහි ඉතාමත් සමීපයින් වශයෙන් සිටින්නාහ. එහෙත් විශ්වාසය තැබූවන්ගෙන් කවුරුන් තවත් (තමන්ගේ) රට ගම අත්හැර පිටත් නොවී සිටින්නෝද, ඔවුන් (තමන්ගේ) රට ගම අත්හැර පිටත්ව යන තුරු ඔබ ඔවුන්ගේ කිසිම කාරණාවකට හෝ වගකිව යුත්තෙකු නොව. එහෙත් ඔවුන් ධර්ම කාරණාවන්හි ඔබගෙන් උදව් උපකාර ඉල්ලා සිටියහොත් හෝ (ඔවුන්ට) උදව් කිරීම ඔබ කෙරෙහි අනිවාර්යය යුතුකමක් වන්නේය. එහෙත් ඔබ සමග ගිවිසුම් ඇති කරගෙන සිටින එක් සමූහයකට විරුද්ධව (ඔවුන්ට උදව් කිරීම) නොකළ යුතුය. අල්ලාහ් ඔබ කරන දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.

وَٱلَّذِينَ كَفَرُوا۟ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍ ۚ إِلَّا تَفْعَلُوهُ تَكُن فِتْنَةٌۭ فِى ٱلْأَرْضِ وَفَسَادٌۭ كَبِيرٌۭ ۝۷۳

ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් සමහරෙක් ඔවුන්ගෙන් සමහරෙකුට ඉතාමත් සමීපයින්ය! (එබැවින් ඔවුන්ගෙන් සමහරෙකු සමහරෙකුගේ වස්තූන් නිදහසේ ලබා ගැනීමට අත්හැර දමනු. මෙසේ ඔබ නොකළහොත් භූමියෙහි ඉමහත් කලබැගෑනියක් හා ආරවුල්ද ඇති විය හැකිය.

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَهَاجَرُوا۟ وَجَٰهَدُوا۟ فِى سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَوا۟ وَّنَصَرُوٓا۟ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُؤْمِنُونَ حَقًّۭا ۚ لَّهُم مَّغْفِرَةٌۭ وَرِزْقٌۭ كَرِيمٌۭ ۝۷٤

කවුරුන් විශ්වාසය තබා (තමන්ගේ) රටගම අත්හැර දමා පිටත්ව ගොස් අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරන්නෝද ඔවුන්ද, කවුරුන් මොවුන්ට ඉඩ ලබා දී, (තමන්ගේ නිවෙස්හි) තබා ගෙන, (මොවුන්ට) උදව් උපකාර කරන්නෝද ඔවුන්ද, සත්‍යය විශ්වාසවන්තයින්ය. ඔවුන්ට සමාවද ඇත. ගෞරවණීය ආහාරද ඇත.

وَٱلَّذِينَ ءَامَنُوا۟ مِنۢ بَعْدُ وَهَاجَرُوا۟ وَجَٰهَدُوا۟ مَعَكُمْ فَأُو۟لَٰٓئِكَ مِنكُمْ ۚ وَأُو۟لُوا۟ ٱلْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍۢ فِى كِتَٰبِ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌۢ ۝۷٥

මින් පසුවද (මක්කාවාසීන්ගෙන්) කවුරුන් විශ්වාසය තබා (තමන්ගේ) රටගම අත්හැර දමා පිටත්ව ගොස්, ඔබ සමග එක්කාසු වී (සතුරන්ට එරෙහිව) යුද්ධ කරන්නෝද, ඔවුන්ද ඔබට අයත් අයයි! (ඉතින්) අල්ලාහ්ගේ ධර්ම නියමයන්ට අනුව (ඔබගේ) ඥාතින්ගෙන් ඇති අයගෙන්ම කෙනෙකු අනිත් කෙනාට (අයිතිවාසිකමෙන්) ඉතාමත් සමීපයන් වන්නාහ. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.