< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِنَّآ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦٓ أَنْ أَنذِرْ قَوْمَكَ مِن قَبْلِ أَن يَأْتِيَهُمْ عَذَابٌ أَلِيمٌۭ ۝١

නියත වශයෙන්ම නූහුව ඔහුගේ ජනතාව වෙත (අපගේ) දූතයා වශයෙන් යවා (ඔහුට), “ඔබ, ඔබගේ ජනතාවට වේදනා ගෙන දෙන දඬුවම පැමිණීමට පෙරම ඔවුන්ට (ඒ ගැන) බියගන්වා අනතුරු අඟවනු” යයි නියෝග කළෙමු.

قَالَ يَٰقَوْمِ إِنِّى لَكُمْ نَذِيرٌۭ مُّبِينٌ ۝٢

(ඔහුද ඒ අන්දමටම ඔවුන්ට) “මගේ ජනතාවෙනි! නියත වශයෙන්ම මා ඔබට ප්‍රසිද්ධියේම බියගන්වා අනතුරු අඟවන්නෙමි.

أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱتَّقُوهُ وَأَطِيعُونِ ۝۳

අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔහුටම ඔබ බිය වනු. මා හට ඔබ අවනත වී කටයුතු කරනු.

يَغْفِرْ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرْكُمْ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّى ۚ إِنَّ أَجَلَ ٱللَّهِ إِذَا جَآءَ لَا يُؤَخَّرُ ۖ لَوْ كُنتُمْ تَعْلَمُونَ ۝٤

(එසේ ඔබ කටයුතු කළහොත් අල්ලාහ්) ඔබගේ වැරදිවලට ඔබට සමාව දී නියමිත කාලයක් දක්වා ඔබව (සමාදානයෙන් ජීවත් වීමට) අත්හැර තබනු ඇත. නියත වශයෙන්ම (දඬුවම සඳහා නියම කරන ලද) අල්ලාහ්ගේ වාරය පැමිණෙන අවස්ථාවේදී, එය පොඩියක් හෝ ප්‍රමාද වන්නේ නැත. (මෙය) ඔබ දැන ගත යුතු නොවේද?”යි පැවසුවේය.

قَالَ رَبِّ إِنِّى دَعَوْتُ قَوْمِى لَيْلًۭا وَنَهَارًۭا ۝٥

(එසේ ඔහු කොපමණදෝ කාලයක් තිස්සේ පැවසුවද, ඔවුන් එයට විරුද්ධ වී ඔහුව ප්‍රතික්ෂේප කර දැමූ වහාම ඔහු තම දෙවියන්ට) “මගේ දෙවියනේ! නියත වශයෙන්ම මා මගේ ජනයාව (ඔබගේ මාර්ගයෙහි) රෑ දහවල් තිස්සේ ආරාධනා කළෙමි.

فَلَمْ يَزِدْهُمْ دُعَآءِىٓ إِلَّا فِرَارًۭا ۝٦

වේගයෙන් දිව යාම මිස, (වෙන කිසිවක්) මගේ ආරාධනාවෙන් ඔවුන්ට අධික කළේ නැත.

وَإِنِّى كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوٓا۟ أَصَٰبِعَهُمْ فِىٓ ءَاذَانِهِمْ وَٱسْتَغْشَوْا۟ ثِيَابَهُمْ وَأَصَرُّوا۟ وَٱسْتَكْبَرُوا۟ ٱسْتِكْبَارًۭا ۝۷

ඔබ ඔවුන්ට සමාව දීමට (ඔබ දෙසට) මා ඔවුන්ව ආරාධනා කළ සෑමවිටම, තමන්ගේ කණ්වල තමන්ගේ ඇඟිලි දමා වසාගෙන, (මාව නොබලා) තමන්ගේ ඇඳුම් මගින්ද තමන්ව ආවරණය කර ගත්හ. ඉමහත් අහංකාරයෙන් (තමන්ගේ වැරදි කෙරෙහිම හිතුවක්කාරකමින්) ස්ථීරව සිටියහ.

ثُمَّ إِنِّى دَعَوْتُهُمْ جِهَارًۭا ۝۸

තවද නියත වශයෙන්ම මා ඔවුන්ව ශබ්ද නගාද (බල කරමින්ද) අ`ඩගැසුවෙමි.

ثُمَّ إِنِّىٓ أَعْلَنتُ لَهُمْ وَأَسْرَرْتُ لَهُمْ إِسْرَارًۭا ۝۹

“තවද මා ඔවුන්ට ප්‍රසිද්ධියේද පැවසුවෙමි. රහසින්ද ඔවුන්ට පැවසුවෙමි.

فَقُلْتُ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ إِنَّهُۥ كَانَ غَفَّارًۭا ۝١۰

“ඔබගේ දෙවියන් වෙත සමාව අයදිනු. නියත වශයෙන්ම ඔහු ඉතාමත් සමාවෙන් යුත්තෙකි” යයි පැවසුවෙමි.

يُرْسِلِ ٱلسَّمَآءَ عَلَيْكُم مِّدْرَارًۭا ۝١١

“(එසේ කරන්නෙහු නම්, වළක්වන ලද) වර්ෂාව ඔබට නොකඩවා වසින්නට සලස්වනු ඇත.

وَيُمْدِدْكُم بِأَمْوَٰلٍۢ وَبَنِينَ وَيَجْعَل لَّكُمْ جَنَّٰتٍۢ وَيَجْعَل لَّكُمْ أَنْهَٰرًۭا ۝١٢

වස්තුවද, දරුවන්ද ලබා දී ඔබට උදව් කරනු ඇත. ඔබට වතුද උත්පාදනය කර, (ඒවායෙහි) ගංඟාවන්ද ඔබ වෙනුවෙන් ගළන්නට සලස්වනු ඇත.

مَّا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًۭا ۝١۳

ඔබට කුමක් සිදු වී ඇත්තේද? අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වය ඔබ සිතුවේ නැද්ද?”

وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا ۝١٤

“ඔබව විවිධවද ඔහු උත්පාදනය කර ඇත්තේය.

أَلَمْ تَرَوْا۟ كَيْفَ خَلَقَ ٱللَّهُ سَبْعَ سَمَٰوَٰتٍۢ طِبَاقًۭا ۝١٥

අහස් හතද, තට්ටු මත තට්ටුව වශයෙන් කෙසේ නම් අල්ලාහ් උත්පාදනය කර ඇත්තේද, යන්න ඔබ අවධානය කළේ නැද්ද?

وَجَعَلَ ٱلْقَمَرَ فِيهِنَّ نُورًۭا وَجَعَلَ ٱلشَّمْسَ سِرَاجًۭا ۝١٦

ඔහුම ඒවායෙහි චන්ද්‍රයාව (පරාවර්ථනය වන) ආලෝකයක් වශයෙන්ද, සූර්යයා එක් (දීප්තිමත්) පහණක් වශයෙන්ද නිර්මාණය කළේය”.

وَٱللَّهُ أَنۢبَتَكُم مِّنَ ٱلْأَرْضِ نَبَاتًۭا ۝١۷

“අල්ලාහ්ම ඔබව (ගස් කොළන් මෙන්) භූමියෙහි වැඩෙන්නට සැලැස්සුවේය.

ثُمَّ يُعِيدُكُمْ فِيهَا وَيُخْرِجُكُمْ إِخْرَاجًۭا ۝١۸

තවද එහිම ඔබව (මරණයට පත් කිරීමටද සලස්වා එහි) ඒකරාශී කර හරින්නේය. (එයින්ම) තවත් වරක්ද ඔබව ඉකුත් කරන්නේය.

وَٱللَّهُ جَعَلَ لَكُمُ ٱلْأَرْضَ بِسَاطًۭا ۝١۹

අල්ලාහ්ම ඔබට භූමිය පලස් ඇතිරිල්ලක් වශයෙන් නිර්මාණය කළේය.

لِّتَسْلُكُوا۟ مِنْهَا سُبُلًۭا فِجَاجًۭا ۝٢۰

එහි (විවිධ ප්‍රදේශයන්ට) ඔබ සංචාරය කරනු පිණිස පළල්වූ මංමාවත්ද නිර්මාණය කළේය (යනුවෙන් ඔහු තම ජනතාවට පැවසුවේය).

قَالَ نُوحٌۭ رَّبِّ إِنَّهُمْ عَصَوْنِى وَٱتَّبَعُوا۟ مَن لَّمْ يَزِدْهُ مَالُهُۥ وَوَلَدُهُۥٓ إِلَّا خَسَارًۭا ۝٢١

(නැවතත් නූහු නබි තම දෙවියන්ට) “මගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔවුන් මට වෙනස්කම් කරන්නාහ. තවද වස්තූන්ද, දරුවන්ද කවුරුන් හට අමාරුකම මිස, (වෙන කිසිවක්) අධික කළේ නැද්ද, ඔවුන්වම අනුගමනය කරන්නාහ.

وَمَكَرُوا۟ مَكْرًۭا كُبَّارًۭا ۝٢٢

අති විශාල කුමන්ත්‍රණද (මට) කරන්නාහ.

وَقَالُوا۟ لَا تَذَرُنَّ ءَالِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّۭا وَلَا سُوَاعًۭا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًۭا ۝٢۳

තවද (ඔවුන්ගෙන් වූ අය තමන්ගෙන් වූ අන් අයට) ‘ඔබ, ඔබගේ දෙවිවරුන්ව අත්හැර නොදමනු. ‘වද්’ (නමැති පිළිරුව)ද (අත්හැර නොදමනු). ‘සුවාඋ, යඌස, නස්ර්’ (ආදී පිළිරූ)ද අත්හැර නොදමනු” යයි ඔවුන් පවසා-

وَقَدْ أَضَلُّوا۟ كَثِيرًۭا ۖ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا ضَلَٰلًۭا ۝٢٤

“නියත වශයෙන්ම බොහොමයක් දෙනාව මාර්ගය වැරද යාමට සැලැස්වූහ. (එබැවින් මගේ දෙවියනේ!) මෙම අපරාධකාරයින්ට දුර්මාර්ගයම මිස, ඔබ අධික කර නොතබනු!” (යයිද ප්‍රාර්ථනා කළේය).

مِّمَّا خَطِيٓـَٰٔتِهِمْ أُغْرِقُوا۟ فَأُدْخِلُوا۟ نَارًۭا فَلَمْ يَجِدُوا۟ لَهُم مِّن دُونِ ٱللَّهِ أَنصَارًۭا ۝٢٥

එබැවින් ඔවුන් කරමින් සිටි පාපයන්හි හේතුවෙන් (ජල ගැල්මෙහි) ඔවුන්ව ගිල්වා දමනු ලැබ, පසුව නිරයෙහිද ඇතුළු කරනු ලැබූහ. අල්ලාහ් හැර, ඔවුන්ට උදව් කරන්නන්ව ඔවුන් දුටුවේ නැත.

وَقَالَ نُوحٌۭ رَّبِّ لَا تَذَرْ عَلَى ٱلْأَرْضِ مِنَ ٱلْكَٰفِرِينَ دَيَّارًا ۝٢٦

නැවතත් නූහු (නබි තම දෙවියන්ට) “මගේ දෙවියනේ! භූමියෙහි එම ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් කිසිවෙකුවත් වාසය කිරීමට ඔබ අත්හැර නොදමනු!

إِنَّكَ إِن تَذَرْهُمْ يُضِلُّوا۟ عِبَادَكَ وَلَا يَلِدُوٓا۟ إِلَّا فَاجِرًۭا كَفَّارًۭا ۝٢۷

ඔබ ඔවුන්ව අත්හැර දමා තබන්නේ නම්, ඔබගේ (අනිත්) වහලූන්වද නියත වශයෙන්ම ඔවුන් මාර්ගය වැරද යාමටම සලස්වන්නාහ. පාපතරයන්වද, ප්‍රතික්ෂේප කරන්නන්වද මිස, (වෙන කිසිවෙකුත් දරුවන් වශයෙන්) ඔවුන් ප්‍රසූත කරන්නේද නැත.

رَّبِّ ٱغْفِرْ لِى وَلِوَٰلِدَىَّ وَلِمَن دَخَلَ بَيْتِىَ مُؤْمِنًۭا وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا تَبَارًۢا ۝٢۸

මගේ දෙවියනේ! මගේ දෙමව්පියන්ටද, විශ්වාසය තැබූවන් වශයෙන් මගේ නිවසෙහි ඇතුළු වූ අයටද, (නිවසෙහි ඇතුළු නොවූ අනිත්) විශ්වාසය තැබූ පිරිමින්ටද, විශ්වාසය තැබූ ගැහැනුන්ටද, ඔබ සමාව දෙනු මැනව! මෙම අපරාධකාරයින්ට විනාශයම මිස, ඔබ අධික නොකරනු මැනව!” (යයිද ප්‍රාර්ථනා කළේය).