< السورة السابقة | فهرس السور | السورة التالية >
surah052
At-Tur (52)
The Mount, makkah, 49 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلطُّورِ ١
(වහී පහළ කරන ලද) කන්ද මත සත්තකින්ම!
وَكِتَٰبٍۢ مَّسْطُورٍۢ ٢
දිග හැරුණු කඩදාසියේ පේළි පේළි වශයෙන් ලියන ලද-
فِى رَقٍّۢ مَّنشُورٍۢ ۳
ධර්ම පුස්තකය මත සත්තකින්ම!
وَٱلْبَيْتِ ٱلْمَعْمُورِ ٤
බයිතුල් මඃමූර් (නමැති නැමදුම්පළ) මත සත්තකින්ම!
وَٱلسَّقْفِ ٱلْمَرْفُوعِ ٥
උස් වූ මුදුන් වහලය මත සත්තකින්ම!
وَٱلْبَحْرِ ٱلْمَسْجُورِ ٦
ශබ්ද නගන රළ වලින් යුත් මුහුද මත සත්තකින්ම!
إِنَّ عَذَابَ رَبِّكَ لَوَٰقِعٌۭ ۷
(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ගේදඬුවම (ඔවුන්ට) අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය.
مَّا لَهُۥ مِن دَافِعٍۢ ۸
කිසිවෙකුටත් එය වැළැක්විය නොහැක.
يَوْمَ تَمُورُ ٱلسَّمَآءُ مَوْرًۭا ۹
එදිනදී අහසද දඟලමින් ශබ්ද නගනු ඇත.
وَتَسِيرُ ٱلْجِبَالُ سَيْرًۭا ١۰
කඳු (විනාශ වී) පියාඹා දුවනු ඇත.
فَوَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ١١
(නබියේ! ඔබව) බොරුකාරයා කරන මොවුන්ට එදිනදී විනාශයයි!
ٱلَّذِينَ هُمْ فِى خَوْضٍۢ يَلْعَبُونَ ١٢
ඔවුන්ම (පුහු තර්ක විතර්කයන්හි) ගිලී සෙල්ලම් කරමින් සිටින්නාහ.
يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا ١۳
ඔවුන් නිරය දෙසට (පහර දී) එළවාගෙන යන දිනදී
هَٰذِهِ ٱلنَّارُ ٱلَّتِى كُنتُم بِهَا تُكَذِّبُونَ ١٤
(ඔවුන්ට) “ඔබ බොරු කරමින් සිටි (නිරා) ගින්න මෙයයි” (යයි කියනු ලැබේ).
أَفَسِحْرٌ هَٰذَآ أَمْ أَنتُمْ لَا تُبْصِرُونَ ١٥
“මෙය (පුහු) සූනියමක්ද? නැතහොත් (මෙය) ඔබ, (ඔබගේ දෑසින්) බැලූවේ නැද්ද?”
ٱصْلَوْهَا فَٱصْبِرُوٓا۟ أَوْ لَا تَصْبِرُوا۟ سَوَآءٌ عَلَيْكُمْ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ ١٦
“මෙහි (ඇතුළු වී) මුහු වී (ගින්ණෙන් දැවී) යනු. (මෙහි දඬුවම විඳ) දරාගෙන සිටිනු. නැතහොත් විඳ දරා නොගනු. (දෙකම) ඔබට එක සමානය! (දඬුවමෙහි එක් අනු ප්‍රමාණයක් හෝ අඩු කළ නොහැක). ඔබ කළ දැයට අයත් ඵලවිපාකම ඔබට දෙනු ලබන්නේය” (යයිද කියනු ලැබේ).
إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّٰتٍۢ وَنَعِيمٍۢ ١۷
පරිශුද්ධවන්තයින්ද, (අල්ලාහ්ට බිය වී කටයුතු කරන අයද), නියත වශයෙන්ම ස්වර්ගයන්හිද ඉමහත් සන්තෝෂයෙන්ද (කුල්මත් වී) සිටිනු ඇත.
فَٰكِهِينَ بِمَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ وَوَقَىٰهُمْ رَبُّهُمْ عَذَابَ ٱلْجَحِيمِ ١۸
තමන්ගේ දෙවියන් තමන්ට ලබා දී ඇති දැය ගැනද, නිරා දඬුවමෙන් තමන්ගේ දෙවියන් තමන්ව බේරා ගැනීම ගැනද, සතුටට පත් වූවන් වශයෙන් සිටිනු ඇත.
كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ ١۹
(ඔවුන්ට) “ඔබ කළ (පින් ඇති) ක්‍රියාවන් හේතුවෙන් (මෙහි ඇති දැය) ඉතාමත් ඕනෑතරම් අනුභව කරමින්ද, පානය කරමින්ද සිටිනු” (යයිද කියනු ලැබේ).
مُتَّكِـِٔينَ عَلَىٰ سُرُرٍۢ مَّصْفُوفَةٍۢ ۖ وَزَوَّجْنَٰهُم بِحُورٍ عِينٍۢ ٢۰
පේළි පේළි වශයෙන් යහනාවන්හි (ඇති පුළුන් මෙට්ටයන්) මත හාන්සි වී සිටින්නන් වශයෙන් ඔවුන් සිටිනු ඇත. අපි ඔවුන්ට (හූරුල් ඊන් නමැති) අලංකාරවත් (කන්‍යාවන්)ව විවාහ කර දෙන්නෙමු.
وَٱلَّذِينَ ءَامَنُوا۟ وَٱتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُم بِإِيمَٰنٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَآ أَلَتْنَٰهُم مِّنْ عَمَلِهِم مِّن شَىْءٍۢ ۚ كُلُّ ٱمْرِئٍۭ بِمَا كَسَبَ رَهِينٌۭ ٢١
කවුරුන් විශ්වාසය තබා ඔවුන්ගේ පරම්පරාවේ දරුවන්ද, විශ්වාසයෙහි ඔවුන්ව අනුගමනය කළෝද (එවැනි) ඔවුන්ගේ පරම්පරාවේ දරුවන්ද, (එම පරම්පරාවේ දරුවන්ගේ පින් අඩුවෙන් තිබුනා වුවද, ඔවුන්ගේ පියවරුන් තෘප්තියට පත් වනු පිණිස) ඔවුන් සමග (ස්වරගයෙහි) එක්කාසු කර හරින්නෙමු. (මෙනිසා) ඔවුන්ගේ (පියවරුන්ගේ පින් ඇති) ක්‍රියාවන්හි කිසිවක් ඔවුන්ට අපි අඩු කර නොදමන්නෙමු. සෑම මිනිසෙකුම තමන්ගේ ක්‍රියාවන්ට ඇප වශයෙන් සිටින්නේය.
وَأَمْدَدْنَٰهُم بِفَٰكِهَةٍۢ وَلَحْمٍۢ مِّمَّا يَشْتَهُونَ ٢٢
ඔවුන් කැමති (විවිධ වර්ගයේ) පලතුරු වර්ගද, මස් වර්ගද ඔවුන්ට (දිනපතා) අපි (අප්‍රමාණව) ලබා දී උදව් කරන්නෙමු.
يَتَنَٰزَعُونَ فِيهَا كَأْسًۭا لَّا لَغْوٌۭ فِيهَا وَلَا تَأْثِيمٌۭ ٢۳
කෙනෙකුගේ බඳුනක් අනිත් කෙනා එහිදී පරිහරණය කරනු ඇත. (එහි) පුහු කතාබහද නොතිඛෙනු ඇත. නපුරු අදහස් උදහස්ද නොතිඛෙනු ඇත.
۞ وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌۭ لَّهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌۭ مَّكْنُونٌۭ ٢٤
ඔවුන් වෙනුවෙන් ඇති තරුණයින් (බොහොමයක් දෙනා) ඔවුන් වටා කැරකෙමින්ම සිටිනු ඇත. ඔවුන් ආරක්ෂා කරන ලද මුතු මෙන් (බැබළෙන්නාක් සේ දිස් වන්නාහ).
وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ يَتَسَآءَلُونَ ٢٥
ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනා දෙස (බලමින් සතුටින් යුතුව) කතාබහ ආරම්භ කර
قَالُوٓا۟ إِنَّا كُنَّا قَبْلُ فِىٓ أَهْلِنَا مُشْفِقِينَ ٢٦
“මීට පෙර අපි අපගේ පවුලේ උදවිය ගැන (ඔවුන්ගේ ඉරණම කුමක් වේදෝ යයි) ඇත්තෙන්ම බියෙන්ම සිටියෙමු.
فَمَنَّ ٱللَّهُ عَلَيْنَا وَوَقَىٰنَا عَذَابَ ٱلسَّمُومِ ٢۷
නමුත් අල්ලාහ් අප කෙරෙහි දයාව පහළ කර, දරුණු දඬුවමෙන් අපව(ද අපගේ පවුලේ උදවියද) බේරා ගත්තේය.
إِنَّا كُنَّا مِن قَبْلُ نَدْعُوهُ ۖ إِنَّهُۥ هُوَ ٱلْبَرُّ ٱلرَّحِيمُ ٢۸
මීට පෙර (දඬුවමෙන් අපව බේරා ගන්නා මෙන්) ඇත්තෙන්ම අපි ඔහු වෙතින් ප්‍රාර්ථනා කරමින් සිටියෙමු. ඇත්තෙන්ම ඔහු කෘතඥ වන්නෙකු හා ඉතාමත් දයාබරවන්ත-යෙකු වශයෙන් සිටින්නේය” යයිද පවසන්නාහ.
فَذَكِّرْ فَمَآ أَنتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍۢ وَلَا مَجْنُونٍ ٢۹
(නබියේ!) ඔබ දෙවියන්ගේ දයාවෙන් ඔබ පේන කියන්නෙකුද නොව. පිස්සෙකුද නොව යන්න (ප්‍රතික්ෂේප කරන්නන්ට) ඔබ මතක් කර දෙනු.
أَمْ يَقُولُونَ شَاعِرٌۭ نَّتَرَبَّصُ بِهِۦ رَيْبَ ٱلْمَنُونِ ۳۰
(ඔබ ගැන “ඔහු) කවියෙකි. ඔහුගේ ඉරණමේ අවසානය අපි බලාපොරොත්තු-වෙන් සිටිමු” යයි ඔවුන් පවසන්නෙහුද?
قُلْ تَرَبَّصُوا۟ فَإِنِّى مَعَكُم مِّنَ ٱلْمُتَرَبِّصِينَ ۳١
(එබැවින් ඔවුන්ට “එය) ඔබත් බලාපොරොත්තුවෙන් සිටිනු. (කුමක් සිදු වන්නේදැයි) නියත වශයෙන්ම මමත් ඔබ සමග බලාපොරොත්තු-වෙන් සිටින්නෙමි” යයි පවසනු මැනව!
أَمْ تَأْمُرُهُمْ أَحْلَٰمُهُم بِهَٰذَآ ۚ أَمْ هُمْ قَوْمٌۭ طَاغُونَ ۳٢
(නබියේ! ඔබව පේනකාරයෙකු යයිද, පිස්සෙකු යයිද පවසන මෙන්) ඔවුන්ගේ බුද්ධියම මෙසේ ඔවුන්ව පොළඹ වන්නේද? නැතහොත් (ස්වභාවයෙන්ම) ඔවුන් අපරාධකාර ජනයාද?
أَمْ يَقُولُونَ تَقَوَّلَهُۥ ۚ بَل لَّا يُؤْمِنُونَ ۳۳
නැතහොත් “ඔහු (බොරුවටම) එය මනක්කල්පිත කර ගත්තේය” යයි ඔවුන් පවසන්නෙහුද? නැත. (හිතට විරුද්ධවම මෙය) ඔවුන් විශ්වාස කරන්නේ නැත.
فَلْيَأْتُوا۟ بِحَدِيثٍۢ مِّثْلِهِۦٓ إِن كَانُوا۟ صَٰدِقِينَ ۳٤
(නබියේ! මෙය ඔබ බොරුවට මනක්කල්පිත කර ගත්තෙහිය යයි පැවසීමෙහි) ඔවුන් ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (ඔවුන්ද මනක්කල්පිත කරගෙන) මෙවැනි යම්කිසි වදනක් ගෙනෙත්වා!
أَمْ خُلِقُوا۟ مِنْ غَيْرِ شَىْءٍ أَمْ هُمُ ٱلْخَٰلِقُونَ ۳٥
නැතහොත් ඔවුන් කිසිවක් නොමැතිව තමන් විසින්ම ඇති කළෙහුද? නැතහොත් මොවුන් තමන්ට තමන්ම නිර්මාණය කර ගත්තෙහුද?
أَمْ خَلَقُوا۟ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ ۚ بَل لَّا يُوقِنُونَ ۳٦
නැතහොත් අහස්ද, භූමියද ඔවුන් නිර්මාණය කළෙහුද? නැත. (මේ සියල්ල නිර්මාණය කළ අය දෙවියන්ය. ඔහුව) මොවුන් විශ්වාස කරන්නේ නැත.
أَمْ عِندَهُمْ خَزَآئِنُ رَبِّكَ أَمْ هُمُ ٱلْمُصَۣيْطِرُونَ ۳۷
නැතහොත් මොවුන් වෙතම ඔබගේ දෙවියන්ගේ නිධානයන් (සියල්ල) ඇත්තේද? නැතහොත් මොවුන්ම (ඒවායේ) පාලකයන්ද?
أَمْ لَهُمْ سُلَّمٌۭ يَسْتَمِعُونَ فِيهِ ۖ فَلْيَأْتِ مُسْتَمِعُهُم بِسُلْطَٰنٍۢ مُّبِينٍ ۳۸
නැතහොත් මොවුන්ට (අහසට නැගිය හැකි) ඉනිමං තිබී එහි නැග (එහි ගොස් එහි සිදු වන සාකච්ඡාවන්ට) සවන් දී පැමිණෙන්නෙහුද? එසේ නම් (ඒවා) මොවුන් සවන් දී පැමිණීම සම්බන්ධයෙන් වූ පැහැදිලි සාධකයක් ගෙන එනු.
أَمْ لَهُ ٱلْبَنَٰتُ وَلَكُمُ ٱلْبَنُونَ ۳۹
නැතහොත් (ඔබ පවසන අන්දමට අල්ලාහ් වන) ඔහුට ගැහැනු දරුවන්ද, ඔබට (පමණක්) පිරිමි දරුවන්ද?
أَمْ تَسْـَٔلُهُمْ أَجْرًۭا فَهُم مِّن مَّغْرَمٍۢ مُّثْقَلُونَ ٤۰
නැතහොත් ඔබ මොවුන්ගෙන් යම්කිසි කුලියක් ඉල්ලා, එම බර මොවුන්ට උසුළන්නට නොහැකිව සිටින්නෙහුද?
أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ ٤١
නැතහොත් මොවුන් වෙත (අල්ලාහ් වැනි) සැඟවුණු කාරණාවෙහි (ඥානය) තිබී, මොවුන් (එය) ලියමින් සිටින්නෙහුද?
أَمْ يُرِيدُونَ كَيْدًۭا ۖ فَٱلَّذِينَ كَفَرُوا۟ هُمُ ٱلْمَكِيدُونَ ٤٢
නැතහොත් යම්කිසි කුමන්ත්‍රණයක් කිරීමට මොවුන් අදහස් කරන්නෙහුද? එසේ නම්, මෙම ප්‍රතික්ෂේප කරන්නන්ම කුමන්ත්‍රණයට ලක් වන්නාහ.
أَمْ لَهُمْ إِلَٰهٌ غَيْرُ ٱللَّهِ ۚ سُبْحَٰنَ ٱللَّهِ عَمَّا يُشْرِكُونَ ٤۳
නැතහොත් අල්ලාහ් හැර ඔවුන්ට වෙනත් දෙවියෙකු සිටින්නේද? මොවුන් සමානයන් තැබීමෙන් අල්ලාහ් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි.
وَإِن يَرَوْا۟ كِسْفًۭا مِّنَ ٱلسَّمَآءِ سَاقِطًۭا يَقُولُوا۟ سَحَابٌۭ مَّرْكُومٌۭ ٤٤
අහසින් (කැඩී) කැබැල්ලක් කඩා වැටෙනු මොවුන් දෑසින් දුටුවා වුවද, ‘(එය අහස නොව), එය එකට එක්කාසු වී ඝන වූ වලාකුළකි’ යයි පවසන්නාහ.
فَذَرْهُمْ حَتَّىٰ يُلَٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى فِيهِ يُصْعَقُونَ ٤٥
(නබියේ! මොවුන්ගේ මනස දෙදරා) තත්වය වෙනස් වන දිනය මොවුන් හමු වන තුරු ඔබ මොවුන්ව අත්හැර දමනු.
يَوْمَ لَا يُغْنِى عَنْهُمْ كَيْدُهُمْ شَيْـًۭٔا وَلَا هُمْ يُنصَرُونَ ٤٦
එදිනදී මොවුන්ගේ කුමන්ත්‍රණ කිසිවක් මොවුන්ට ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. කිසිවෙකුගෙන් මොවුන් උදව් කරනු නොලබන්නාහ.
وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ عَذَابًۭا دُونَ ذَٰلِكَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ٤۷
නියත වශයෙන්ම මෙම අපරාධකාරයින්ට (පරලොව දඬුවම වන) එය හැර (මෙලොවදී) වෙනත් දඬුවමක්ද ඇත. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත.
وَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا ۖ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ ٤۸
(නබියේ!) ඔබ දෙවියන්ගේ තීන්දුව (බලාපොරොත්තුවෙන් ඉවසා සිටිනු. නියත වශයෙන්ම ඔබ අප ඇස් ඉදිරියේම සිටින්නෙහිය. (එබැවින් ඔවුන් ඔබව තමන්ගේ කැමැත්තට අනුව වේදනා කළ නොහැක). එහෙත් ඔබ (නින්දෙන් පසු) නැගිට්ට විට, ඔබ දෙවියන්ගේ ප්‍රශංසාව පවසා සුවිශුද්ධ කරමින් සිටිනු මැනව!
وَمِنَ ٱلَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَٰرَ ٱلنُّجُومِ ٤۹
රාත්‍රියේ එක් කොටසකදීද, තාරකාවන් සැඟවෙන (අළුයම්) කාලයේදීද ඔහුව සුවිශුද්ධ කරමින් සිටිනු මැනව!