< السورة السابقة | فهرس السور | السورة التالية >
surah040
Ghafir (40)
The Forgiver, makkah, 85 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ حمٓ ١
හා. මීම්.
تَنزِيلُ ٱلْكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ ٢
(මෙය, සියල්ලන්ටම) බලසම්පන්නයෙකුද, (සියල්ල) හොඳින් දන්නෙකුද වන අල්ලාහ් පහළ කරන ලද ධර්මයයි.
غَافِرِ ٱلذَّنۢبِ وَقَابِلِ ٱلتَّوْبِ شَدِيدِ ٱلْعِقَابِ ذِى ٱلطَّوْلِ ۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ إِلَيْهِ ٱلْمَصِيرُ ۳
ඔහු පාපයන්ට සමාව දෙන්නෙකි. (වැරදිකරුවන්ගේ) සමාව ඉල්ලීම බාර ගන්නෙකි. (නොපිට අන්දමින් වැරදි කරන පාපතරයන්ව) දඬුවම් දීමෙහිද දරුණු කෙනෙකි. (හොඳ අය කෙරෙහි) වරප්‍රසාදයන් ලබා දෙන්නෙකි. ඔහු හැර (නැමදුමට යුත්තෙකු) වෙන කිසිම දෙවියෙකු නැත. ඔහු වෙතම (සියල්ලන්ම විනිශ්චය සඳහා) යා යුතුව ඇත්තේය.
مَا يُجَٰدِلُ فِىٓ ءَايَٰتِ ٱللَّهِ إِلَّا ٱلَّذِينَ كَفَرُوا۟ فَلَا يَغْرُرْكَ تَقَلُّبُهُمْ فِى ٱلْبِلَٰدِ ٤
(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන් හැර, (වෙන කිසිවෙකුත්) අල්ලාහ්ගේ ආයාවන් ගැන (නිකරුණේ) තර්ක කරන්නේ නැත. එබැවින් (නබියේ! නිකරුණේ තර්ක කරන) ඔවුන්, විවිධ නගරයන්හිද (ඉතාමත් ආඩම්බරයෙන් යුතුව සැප පහසුවෙන්) ඒ මේ අත සැරිසරනු ඔබව රවටා නොදැමිය යුතුය.
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍۢ وَٱلْأَحْزَابُ مِنۢ بَعْدِهِمْ ۖ وَهَمَّتْ كُلُّ أُمَّةٍۭ بِرَسُولِهِمْ لِيَأْخُذُوهُ ۖ وَجَٰدَلُوا۟ بِٱلْبَٰطِلِ لِيُدْحِضُوا۟ بِهِ ٱلْحَقَّ فَأَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ ٥
(මේ අන්දමටම) මොවුන්ට පෙර නුහුගේ ජනතාවද, ඔවුන්ගෙන් පසු පැමිණි (සෑම) සමුහයක්ද (අපගේ ආයාවන්) බොරු කළහ. තවද (ඔවුන්ගෙන්) සෑම ජනතාවක්ම තමන් වෙත පැමිණි දූතයින්ව (ඝාතනය කිරීමටද, සිරබාරයට) ගැනීමටද අදහස් කළහ. තවද සත්‍යය විනාශ කර දැමීම සඳහා බොරු කාරණාවන් මගින් (ඔවුන් සමග) තර්ක කළහ. එබැවින් ඔවුන්ව (දඬුවම මගින්) අපි අල්ලා ගත්තෙමු. එබැවින් (ඔවුන්ට නියම කරන ලද) මගේ දඬුවම කෙසේ තිබුණේද (යන්න අවධානය කරනු මැනව!)
وَكَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّهُمْ أَصْحَٰبُ ٱلنَّارِ ٦
මේ අන්දමටම මෙම ප්‍රතික්ෂේප කරන්නන් කෙරෙහිද, නියත වශයෙන්ම මොවුන් නිරාවාසීන්ම යන ඔබ දෙවියන්ගේ පොරොන්දුව ඉටු විය.
ٱلَّذِينَ يَحْمِلُونَ ٱلْعَرْشَ وَمَنْ حَوْلَهُۥ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِۦ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ ءَامَنُوا۟ رَبَّنَا وَسِعْتَ كُلَّ شَىْءٍۢ رَّحْمَةًۭ وَعِلْمًۭا فَٱغْفِرْ لِلَّذِينَ تَابُوا۟ وَٱتَّبَعُوا۟ سَبِيلَكَ وَقِهِمْ عَذَابَ ٱلْجَحِيمِ ۷
අර්ෂ් උසුළාගෙන සිටින්නන්ද, එය වටා සිටින්නන්ද, තමන්ගේ දෙවියන්ගේ ප්‍රශංසාව මගින් (ඔහුව) සුවිශුද්ධ කරන්නාහ. ඔහුව විශ්වාස කරන්නාහ. විශ්වාසය තැබූවන්ගේ වැරදි වලට සමාව දෙන මෙන්ද ඉල්ලා සිටින්නාහ. “අපගේ දෙවියනේ! ඔබ (ඔබගේ) ඥානයෙන්ද, දයාවෙන්ද සියල්ල වට කරගෙන සිටින්නෙහිය. එබැවින් (පාපයන්ගෙන්) ඈත් වී ඔබගේ මාර්ගය අනුගමනය කරන්නන්ට සමාව දී ඔවුන්ව නිරා දඬුවමෙන් ඔබ බේරා ගනු මැනව!”
رَبَّنَا وَأَدْخِلْهُمْ جَنَّٰتِ عَدْنٍ ٱلَّتِى وَعَدتَّهُمْ وَمَن صَلَحَ مِنْ ءَابَآئِهِمْ وَأَزْوَٰجِهِمْ وَذُرِّيَّٰتِهِمْ ۚ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ۸
“අපගේ දෙවියනේ! ඔබ ඔවුන්ට පොරොන්දු වන ලද, ස්ථීරවූ ස්වර්ගයන්හි ඔවුන්ගෙන්ද, ඔවුන්ගේ මුතුන් මිත්තන්ගෙන්ද, ඔවුන්ගේ භාර්යයාවන්ගෙන්ද, ඔවුන්ගේ පරම්පරාවේ දරුවන්ගෙන්ද වූ හොඳ අයවද ඇතුළු කරනු මැනව! නියත වශයෙන්ම ඔබම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා (සියල්ල දන්නා) ඥානවන්තයෙකු වශයෙන් සිටින්නෙහිය”.
وَقِهِمُ ٱلسَّيِّـَٔاتِ ۚ وَمَن تَقِ ٱلسَّيِّـَٔاتِ يَوْمَئِذٍۢ فَقَدْ رَحِمْتَهُۥ ۚ وَذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ۹
“(සියලූ) විපත්වලින්ම ඔවුන්ව බේරා ගනු මැනව! එදින කවුරුන්ව ඔබ (සියලූ) විපත්වලින් බේරා ගත්තෙහිද, ඔහු කෙරෙහි නියත වශයෙන්ම ඔබ ඉමහත් වූ වරප්‍රසාදයන් ලබා දුන්නෙහිය. මෙයම ඉමහත් වූ භාග්‍යයක් වන්නේය!” (යයි ප්‍රාර්ථනා කරන්නාහ).
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يُنَادَوْنَ لَمَقْتُ ٱللَّهِ أَكْبَرُ مِن مَّقْتِكُمْ أَنفُسَكُمْ إِذْ تُدْعَوْنَ إِلَى ٱلْإِيمَٰنِ فَتَكْفُرُونَ ١۰
“(අද දින පසුතැවිලි වී) ඔබව, ඔබම නින්දා කර ගැනීමට වඩා අල්ලාහ්ගේ අවමානය(ද කෝපයද) ඉතාමත් විශාලව තිඛෙණු ඇත. මන්දයත් ඔබ විශ්වාසය දෙසට ආරාධනා කරනු ලැබූ අවස්ථාවේදී, (එය) ප්‍රතික්ෂේප කර හැරියෙහුය” යයි නියත වශයෙන්ම කවුරුන් (අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කර හැරියෝද, ඔවුන්ට කියනු ලැබේ.
قَالُوا۟ رَبَّنَآ أَمَتَّنَا ٱثْنَتَيْنِ وَأَحْيَيْتَنَا ٱثْنَتَيْنِ فَٱعْتَرَفْنَا بِذُنُوبِنَا فَهَلْ إِلَىٰ خُرُوجٍۢ مِّن سَبِيلٍۢ ١١
එයට ඔවුන් “අපගේ දෙවියනේ! දෙවරක් ඔබ අපව මරණයට පත් කළෙහිය. දෙවරක් ඔබ අපට පණ දුන්නෙහිය. (දැන්) අපි අපගේ වැරදි බාරගෙන, ආයාචනා කරන්නෙමු. එබැවින් (මෙයින් අපි) පිටමං වීමට කුමක් හෝ මාර්ගයක් ඇත්ද?”යි විමසන්නාහ.
ذَٰلِكُم بِأَنَّهُۥٓ إِذَا دُعِىَ ٱللَّهُ وَحْدَهُۥ كَفَرْتُمْ ۖ وَإِن يُشْرَكْ بِهِۦ تُؤْمِنُوا۟ ۚ فَٱلْحُكْمُ لِلَّهِ ٱلْعَلِىِّ ٱلْكَبِيرِ ١٢
(එයට දෙවියන් “ඔබට) මෙහි (මෙම දඬුවම ලැබීමට) හේතුව නම්, “අල්ලාහ් එක් කෙනෙකි’යයි කියනු ලැබූ විට, (එය) ඔබ ප්‍රතික්ෂේප කළෙහුය. ඔහුට (යම් කිසිවෙකු) සමානයක් කළ විට, (එය) ඔබ විශ්වාස කළෙහුය! එබැවින් (අද දින ඔබට ලැබී ඇති) මෙම තීන්දුව ඉතාමත් විශාලවන්ත හා උසස්වන්තයා වන අල්ලාහ්ටම අයත්ය” (යයි පවසනු ඇත).
هُوَ ٱلَّذِى يُرِيكُمْ ءَايَٰتِهِۦ وَيُنَزِّلُ لَكُم مِّنَ ٱلسَّمَآءِ رِزْقًۭا ۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ ١۳
ඔහුම තමන්ගේ සාධකයන් ඔබට පෙන්වා, අහස්හි සිට ඔබට ආහාරයද පහළ කර තබන්නේය. (සෑම කාරණාවකදීම ඔහුවම) බලන්නන්ව හැර, අන් සියල්ලන්ම (මෙමගින්) හොඳ වැටහීමක් ලබා ගනු නොලබන්නාහ.
فَٱدْعُوا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ وَلَوْ كَرِهَ ٱلْكَٰفِرُونَ ١٤
එබැවින් (විශ්වාසවන්තයිනි! ඔබව) ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළා වුවද, ඔබ සම්පුර්ණයෙන්ම ඔහුටම අවනත වී පරිශුද්ධ වූ මනසින් යුතුව අල්ලාහ් එක් කෙනෙකුවම (ප්‍රාර්ථනා කර), ආරාධනා කරමින් සිටිනු.
رَفِيعُ ٱلدَّرَجَٰتِ ذُو ٱلْعَرْشِ يُلْقِى ٱلرُّوحَ مِنْ أَمْرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ لِيُنذِرَ يَوْمَ ٱلتَّلَاقِ ١٥
(ඔහු) ඉතාමත් උසස් පදවීන්ගෙන් යුක්ත කෙනෙකි. අර්ෂ් වලටද අයිතිකරුය. (තමන්ව) හමුවන දිනය ගැන (ඔහු මිනිසාට) බිය ගන්වා අනතුරු අඟවනු පිණිස, තම වහලූන්ගෙන් තමන් කැමති අය කෙරෙහි තම නියෝගයන් වහී මගින් පහළ කර තබන්නේය.
يَوْمَ هُم بَٰرِزُونَ ۖ لَا يَخْفَىٰ عَلَى ٱللَّهِ مِنْهُمْ شَىْءٌۭ ۚ لِّمَنِ ٱلْمُلْكُ ٱلْيَوْمَ ۖ لِلَّهِ ٱلْوَٰحِدِ ٱلْقَهَّارِ ١٦
(මරණයට පත් වූ) ඔවුන් (සොහොන් වලින්) පිටමං වී (තම දෙවියන්) ඉදිරියට පැමිණ සිට ගන්නා දිනදී, ඔවුන්ගේ කිසිම කාරණාවක් අල්ලාහ්ට සඟවා තබන්නට නැත. “රාජ්‍යය අද කා හට නම් අයිතිද?”යි (විමසනු ලැබ, එයට පිළිතුරු වශයෙන් “සියල්ලන්වම) යටහත් පහත් කර පාලනය කරන්නා වන අල්ලාහ්ටම අයිතිය!” (යයි කියනු ලැබේ).
ٱلْيَوْمَ تُجْزَىٰ كُلُّ نَفْسٍۭ بِمَا كَسَبَتْ ۚ لَا ظُلْمَ ٱلْيَوْمَ ۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ ١۷
“අද දින සෑම ආත්මයකටම එය සොයා ගත් විපත් වලට සරිලන ඵලවිපාක දෙනු ලැබේ. අද දින කිසිම අපරාධයක් සිදු වන්නේ නැත. අල්ලාහ් (ප්‍රශ්න) ගණනය කර, (තීන්දු) දීමෙහි ඉතාමත් තීව්‍රව සිටින්නෙකි” (යයිද කියනු ලැබේ).
وَأَنذِرْهُمْ يَوْمَ ٱلْءَازِفَةِ إِذِ ٱلْقُلُوبُ لَدَى ٱلْحَنَاجِرِ كَٰظِمِينَ ۚ مَا لِلظَّٰلِمِينَ مِنْ حَمِيمٍۢ وَلَا شَفِيعٍۢ يُطَاعُ ١۸
(නබියේ!) ළඟා වෙමින් ඇති (විනිශ්චය) දිනය ගැන ඔබ ඔවුන්ට බිය ගන්වා අනතුරු අඟවනු. (එදිනදී ඔවුන්ගේ) ශෝකයෙන් හෘදයන් උගුරු වසා ගනු ඇත. අපරාධ කරන්නන් හට උදව් කරන්නෙකුද (එදිනදී) කිසිවෙකුත් නොසිටිනු ඇත. අනුමැතිය ලැබුණු මැදිහත් වන්නෙකුද නොසිටිනු ඇත.
يَعْلَمُ خَآئِنَةَ ٱلْأَعْيُنِ وَمَا تُخْفِى ٱلصُّدُورُ ١۹
(මිනිසුන්ගේ) ඇස් වලින් හෙළන හොර බැල්මද, හෘදයන්හි සඟවා ගන්නා දැයද ඔහු හොඳින් දන්නේය.
وَٱللَّهُ يَقْضِى بِٱلْحَقِّ ۖ وَٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِۦ لَا يَقْضُونَ بِشَىْءٍ ۗ إِنَّ ٱللَّهَ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ ٢۰
එබැවින් සම්පූර්ණයෙන්ම සාධාරණ ලෙසටම අල්ලාහ් තීන්දු දෙනු ඇත. මොවුන් (දෙවියන් යයි) ආරාධනා කරන ඔහු, අල්ලාහ් නොවන දැය නම්, (එයට වෙනස්ව) කිසිම (තීන්දුවක්) දිය නොහැකිය. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලට) සවන් දෙන්නෙකු හා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.
۞ أَوَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ كَانُوا۟ مِن قَبْلِهِمْ ۚ كَانُوا۟ هُمْ أَشَدَّ مِنْهُمْ قُوَّةًۭ وَءَاثَارًۭا فِى ٱلْأَرْضِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ وَمَا كَانَ لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٍۢ ٢١
(නබියේ!) මොවුන් භූමියෙහි සංචාරය කළේ නැද්ද? (සංචාරය කර තිබුණේ නම්), මොවුන්ට පෙර විසූවන්ගේ අවසානය කෙසේ වූවේද යන්න දැක ගනු ඇත. (පෙර විසූ) ඔවුන් නම්, ශක්තියෙන්ද, භූමියෙහි අත්හැර දමා ගිය (පුරාණ) සළකුණු වලින්ද, මොවුන්ට වඩා බලසම්පන්නයන් වශයෙන්ම සිටියහ. (එහෙත්) ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන් ඔවුන්ව අල්ලාහ් අල්ලා ගත්තේය. අල්ලාහ්ගේ (ග්‍රහණයෙන්) ඔවුන්ව බේරා ගැනීමට කිසිවෙකුත් සිටියේ නැත.
ذَٰلِكَ بِأَنَّهُمْ كَانَت تَّأْتِيهِمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ فَكَفَرُوا۟ فَأَخَذَهُمُ ٱللَّهُ ۚ إِنَّهُۥ قَوِىٌّۭ شَدِيدُ ٱلْعِقَابِ ٢٢
මෙහි හේතුව නම්, නියත වශයෙන්ම මොවුන් වෙත (සාධකයන්ගෙන්) පැහැදිලි ඒවා සමග මොවුන්ගේ දූතයින් පැමණෙමින් තිබුණි. නමුත් (ඔවුන්ව) මොවුන් ප්‍රතික්ෂේප කර හැරියහ. එබැවින් අල්ලාහ් මොවුන්ව අල්ලා ගත්තේය. නියත වශයෙන්ම ඔහු ඉතාමත් බලසම්පන්නයෙකු හා (පාපතරයින්ව) දඬුවම් කිරීමෙහි ඉතාමත් දරුණු කෙනෙකුද වන්නේය.
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَٰتِنَا وَسُلْطَٰنٍۢ مُّبِينٍ ٢۳
ඇත්තෙන්ම අපි මූසාට අපගේ ආයාවන්ද, පැහැදිලි සාධකයන්ද ලබා දී යැව්වෙමු.
إِلَىٰ فِرْعَوْنَ وَهَٰمَٰنَ وَقَٰرُونَ فَقَالُوا۟ سَٰحِرٌۭ كَذَّابٌۭ ٢٤
ෆිර්අව්න්, හාමාන්, කාරූන් ආදීන් වෙත (ඔහුව යැව්වෙමු). නමුත් ඔවුන් නම්, “ඉමහත් බොරු කියන සූනියම්කරුවෙකු” යයි (මූසාට) පැවසුහ.
فَلَمَّا جَآءَهُم بِٱلْحَقِّ مِنْ عِندِنَا قَالُوا۟ ٱقْتُلُوٓا۟ أَبْنَآءَ ٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ وَٱسْتَحْيُوا۟ نِسَآءَهُمْ ۚ وَمَا كَيْدُ ٱلْكَٰفِرِينَ إِلَّا فِى ضَلَٰلٍۢ ٢٥
ඔහු ඔවුන් වෙත අපගේ සත්‍යය (වූ ප්‍රාතිහාර්යයන්) ගෙන ගිය සෑම විටම එයට ඔවුන් “කවුරුන් (මූසා වන) ඔහු සමග විශ්වාසය තබන්නෝද, ඔවුන්ගේ පිරිමි දරුවන්ව වද දී, ඔවුන්ගේ ගැහැණු දරුවන්ව පණ පිටින් ජීවත් වන්නට ඉඩ හරිනු” යයි පැවසූහ. එබැවින් මෙම ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණය දුර්මාර්ගයේ මිස, (වෙන කිසිවක) ගියේ නැත.
وَقَالَ فِرْعَوْنُ ذَرُونِىٓ أَقْتُلْ مُوسَىٰ وَلْيَدْعُ رَبَّهُۥٓ ۖ إِنِّىٓ أَخَافُ أَن يُبَدِّلَ دِينَكُمْ أَوْ أَن يُظْهِرَ فِى ٱلْأَرْضِ ٱلْفَسَادَ ٢٦
තවද ෆිර්අව්න් (තම ජනතාවට) මෙසේ පැවසීය: “මූසාව මරා දැමීමට මට ඉඩ හරිනු. ඔහු (තමන්ව බේරා ගැනීමට) තම දෙවියන්ව ආරාධනා කරත්වා. නියත වශයෙන්ම ඔහු ඔබගේ ධර්මයම වෙනස් කර හරිනු ඇත. නැතහොත් භූමියෙහි නපුර විසුරුවා හරින්නට ඉඩ ඇත යයි මා බිය වන්නෙමි” (යයි පැවසුවේය).
وَقَالَ مُوسَىٰٓ إِنِّى عُذْتُ بِرَبِّى وَرَبِّكُم مِّن كُلِّ مُتَكَبِّرٍۢ لَّا يُؤْمِنُ بِيَوْمِ ٱلْحِسَابِ ٢۷
එයට මූසා (ඔහුට “ප්‍රශ්න) ගණනය (කරනු ලබන) දිනය විශ්වාස නොකරන, උඞඟූ වූ (නපුරු අය වන ඔබගේ) සියල්ලන්ම හැර, මගේ දෙවියන්ද, ඔබගේ දෙවියන්ද වන ඔහු වෙතම නියත වශයෙන්ම මා ආරක්ෂාව පතන්නෙමි” යයි පැවසුවේය.
وَقَالَ رَجُلٌۭ مُّؤْمِنٌۭ مِّنْ ءَالِ فِرْعَوْنَ يَكْتُمُ إِيمَٰنَهُۥٓ أَتَقْتُلُونَ رَجُلًا أَن يَقُولَ رَبِّىَ ٱللَّهُ وَقَدْ جَآءَكُم بِٱلْبَيِّنَٰتِ مِن رَّبِّكُمْ ۖ وَإِن يَكُ كَٰذِبًۭا فَعَلَيْهِ كَذِبُهُۥ ۖ وَإِن يَكُ صَادِقًۭا يُصِبْكُم بَعْضُ ٱلَّذِى يَعِدُكُمْ ۖ إِنَّ ٱللَّهَ لَا يَهْدِى مَنْ هُوَ مُسْرِفٌۭ كَذَّابٌۭ ٢۸
විශ්වාසය තබා, තමන්ගේ විශ්වාසය සඟවාගෙන සිටිය අය වන ෆිර්අව්න්ගේ පවුලේ උදවිය තුළ වූ එක් මිනිසෙකු (ඒ අවස්ථාවේදී ඔහුට) “අල්ලාහ්ම මගේ දෙවියන් යයි මිනිසෙකු කීම සඳහා ඔහුව මරා දැමිය හැකිද? ඇත්තෙන්ම ඔහු නම්, ඔබගේ දෙවියන් වෙතින් පැහැදිලි (ප්‍රාතිහාර්යයන් බොහොමයක්) ඔබ වෙත ගෙනැවිත් ඇත්තේය. ඔහු බොරු කියන්නෙකු වශයෙන් සිටින්නෙහි නම්, ඔහුගේ බොරුවේ විනාශය ඔහු මතම (පැටවේ! එමගින් ඔබට කිසිම පාඩුවක් නැත. දඬුවම පැමිණේවි යයි කීමෙහි) ඔහු සත්‍යවන්තයෙකු වුවහොත් නම්, ඔහු ඔබට පොරොන්දු වූ දැයෙන් සමහර (දඬුවම්) ඔබ වෙත පැමිණ සේන්දු වනු ඇත! කවුරුන් සීමාව ඉක්මවමින් බොරුකාරයා වශයෙන් සිටින්නේද, ඔහුව නියත වශයෙන්ම අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත” යයි කිවේය.
يَٰقَوْمِ لَكُمُ ٱلْمُلْكُ ٱلْيَوْمَ ظَٰهِرِينَ فِى ٱلْأَرْضِ فَمَن يَنصُرُنَا مِنۢ بَأْسِ ٱللَّهِ إِن جَآءَنَا ۚ قَالَ فِرْعَوْنُ مَآ أُرِيكُمْ إِلَّا مَآ أَرَىٰ وَمَآ أَهْدِيكُمْ إِلَّا سَبِيلَ ٱلرَّشَادِ ٢۹
(තවද) මගේ ජනතාවෙනි! අද දින රාජ්‍යය ඔබ වෙතම ඇත්තේය. මෙරටේ (ඔබම) බලසම්පන්නයෙකු වශයෙන්ද සිටින්නෙහිය. එහෙත් අල්ලාහ්ගේ දඬුවම අපට පැමිණියහොත්, (එය වළක්වා) අපට උදව් කරන්නා කවරෙක්ද?” (යයිද කිවේය). එයට ෆිර්අව්න් (තම ජනතාවට) “මා (නිවැරදි යයි) දුටු දැයම මිස, (වෙන කිසිවක්) මා ඔබට දැනුම් දුන්නේ නැත. ඍජු මාර්ගය මිස, වෙන කිසිවක් මා ඔබට පෙන්වූවේ නැත” යයි කීවේය.
وَقَالَ ٱلَّذِىٓ ءَامَنَ يَٰقَوْمِ إِنِّىٓ أَخَافُ عَلَيْكُم مِّثْلَ يَوْمِ ٱلْأَحْزَابِ ۳۰
එයට විශ්වාසය තබා (තමන්ගේ විශ්වාසය සඟවාගෙන) සිටි ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! (විනාශ වී ගිය වෙනත්) සමුහයන්ගේ (නපුරු) දවස් වැනි දැය ඔබ වෙත පැමිණෙනු ඇතැයි නියත වශයෙන්ම මා බිය වන්නෙමි”.
مِثْلَ دَأْبِ قَوْمِ نُوحٍۢ وَعَادٍۢ وَثَمُودَ وَٱلَّذِينَ مِنۢ بَعْدِهِمْ ۚ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلْمًۭا لِّلْعِبَادِ ۳١
“(මෙයට පෙර විසූ) නුහුගේ ජනතාවටද, ආද්(ගේ ජනතාවට)ද, සමූද්(ගේ ජනතාවට)ද, ඔවුන්ගෙන් පසු පැමිණි අයටද සිදු වූ වැනි (විපත් ඔබටත් සිදු වනු ඇතැයි මා බිය වන්නෙමි), අල්ලාහ් තම වහලූන්ට අපරාධයක් කිරීමට කැමති වන්නේ නැත” යයි පැවසුවේය.
وَيَٰقَوْمِ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ يَوْمَ ٱلتَّنَادِ ۳٢
“මගේ ජනතාවෙනි! (ඵලවිපාක ලබා දීමට) කැඳවනු ලබන (විනිශ්චය) දිනය ගැනද, ඔබ වෙනුවෙන් නියත වශයෙන්ම මා බිය වන්නෙමි”.
يَوْمَ تُوَلُّونَ مُدْبِرِينَ مَا لَكُم مِّنَ ٱللَّهِ مِنْ عَاصِمٍۢ ۗ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍۢ ۳۳
“ඔබ (දඬුවමට බිය වී) පිටුපස හරවා දුවන එදිනදී අල්ලාහ් හැර ඔබව බේරා ගැනීමට හැකි කෙනෙකු කිසිවෙකුත් නැත. අල්ලාහ් කවුරුන්ව දුර්මාර්ගයෙහි අත්හැර දමන්නේද, ඔහුව ඍජු මාර්ගයෙහි ඇතුළු කළ හැකි කෙනෙකු කිසිවෙකුත් නැත”.
وَلَقَدْ جَآءَكُمْ يُوسُفُ مِن قَبْلُ بِٱلْبَيِّنَٰتِ فَمَا زِلْتُمْ فِى شَكٍّۢ مِّمَّا جَآءَكُم بِهِۦ ۖ حَتَّىٰٓ إِذَا هَلَكَ قُلْتُمْ لَن يَبْعَثَ ٱللَّهُ مِنۢ بَعْدِهِۦ رَسُولًۭا ۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَنْ هُوَ مُسْرِفٌۭ مُّرْتَابٌ ۳٤
“මීට පෙරද, යූසුෆ් (නබි) ඇත්තෙන්ම පැහැදිලි (සාධකයන් බොහොමයක්) ඔබ වෙත ගෙන ආවේය. ඔහු මරණයට පත් වන තුරු ඔහු ඔබ වෙත ගෙන ආ දැය ගැන ඔබ සැක කරමින්ම සිටියෙහුය. (ඔහු මරණයට පත් වූ පසු නම්, ඔහුව ප්‍රශංසා මුඛයෙන් වර්ණනා කර, මෙවැනි) යම්කිසි දූතයෙකු ඔහුගෙන් පසු අල්ලාහ් යවන්නේම නැත” යයි පැවසුවෙහුය. (ඔබ වැනි) කවුරුන් සීමාව ඉක්මවා සැක කරන්නේද, ඔහුව මේ අන්දමටම අල්ලාහ් දුර්මාර්ගයෙහි අත්හැර දමන්නේය.
ٱلَّذِينَ يُجَٰدِلُونَ فِىٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيْرِ سُلْطَٰنٍ أَتَىٰهُمْ ۖ كَبُرَ مَقْتًا عِندَ ٱللَّهِ وَعِندَ ٱلَّذِينَ ءَامَنُوا۟ ۚ كَذَٰلِكَ يَطْبَعُ ٱللَّهُ عَلَىٰ كُلِّ قَلْبِ مُتَكَبِّرٍۢ جَبَّارٍۢ ۳٥
“(දෙවියන්ගේ සන්නිධානයෙන්) තමන්ට පැමිණි යම්කිසි සාක්ෂියක් නොමැතිවම අල්ලාහ්ගේ ආයාවන් ගැන (නිකරුණේ) තර්ක කිරීම අල්ලාහ් වෙතින්ද, විශ්වාසය තැබූවන් වෙතද, ඉතාමත් පිළිකුල් සහගතය. මේ ආකාරයටම ආඩම්බරයෙන්ද, උඞඟූකමෙන්ද යුතු සෑම හෘදයන්හිම අල්ලාහ් මුද්‍රා තබා හරින්නේය” (යයිද ඔහු පැවසුවේය).
وَقَالَ فِرْعَوْنُ يَٰهَٰمَٰنُ ٱبْنِ لِى صَرْحًۭا لَّعَلِّىٓ أَبْلُغُ ٱلْأَسْبَٰبَ ۳٦
(එයට ෆිර්අව්න්, තමන්ගේ ඇමති හාමාන්ට) “ඕ හාමාන්! ඉතාමත් උස කුළුණක් මා වෙනුවෙන් ඉදි කරනු. එමගින් මා මාර්ගෝපායන් දැන ගත යුතුය.
أَسْبَٰبَ ٱلسَّمَٰوَٰتِ فَأَطَّلِعَ إِلَىٰٓ إِلَٰهِ مُوسَىٰ وَإِنِّى لَأَظُنُّهُۥ كَٰذِبًۭا ۚ وَكَذَٰلِكَ زُيِّنَ لِفِرْعَوْنَ سُوٓءُ عَمَلِهِۦ وَصُدَّ عَنِ ٱلسَّبِيلِ ۚ وَمَا كَيْدُ فِرْعَوْنَ إِلَّا فِى تَبَابٍۢ ۳۷
(එසේය!) අහස් වලට ළඟා විය හැකි මාර්ගෝපායන්ය! (ඒ මාර්ගය ඔස්සේ ගොස්) මූසාගේ දෙවියන්ව මා බැලිය යුතුය. ඔහු බොරු කියන්නෙහි යයිම නියත වශයෙන්ම මා අදහස් කරන්නෙමි” යයි කීවේය. මේ අන්දමටම ෆිර්අව්න්ට ඔහුගේ නපුරු කාරණාවන් අලංකාරවත් (ලෙස පෙන්වනු) ලැබ, (ඍජු) මාර්ගයෙන්ද ඔහුව වළක්වා දමනු ලැබීය. ෆිර්අව්න්ගේ කුමන්ත්‍රණයන් සියල්ල (පුහු) විනාශයන්හි මිස, (වෙන කිසිම ආකාරයකට) අවසන් වූයේ නැත.
وَقَالَ ٱلَّذِىٓ ءَامَنَ يَٰقَوْمِ ٱتَّبِعُونِ أَهْدِكُمْ سَبِيلَ ٱلرَّشَادِ ۳۸
එයට ඔවුන්ගෙන් වූ විශ්වාසය (තබා තම විශ්වාසය සඟවාගෙන) සිටි අයෙකු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! මාව අනුගමනය කරනු. මා ඔබට ඍජු මාර්ගය පෙන්වන්නෙමි”.
يَٰقَوْمِ إِنَّمَا هَٰذِهِ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا مَتَٰعٌۭ وَإِنَّ ٱلْءَاخِرَةَ هِىَ دَارُ ٱلْقَرَارِ ۳۹
“මගේ ජනතාවෙනි! නියත වශයෙන්ම මෙලොව ජීවිතය නම්, (ස්ථීරයෙන් තොර) සැප පහසුවකි. නියත වශයෙන්ම පරලොව නම්, -එය ස්ථීර වූ (සැප පහසුව දෙන)- නිවසයි”.
مَنْ عَمِلَ سَيِّئَةًۭ فَلَا يُجْزَىٰٓ إِلَّا مِثْلَهَا ۖ وَمَنْ عَمِلَ صَٰلِحًۭا مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌۭ فَأُو۟لَٰٓئِكَ يَدْخُلُونَ ٱلْجَنَّةَ يُرْزَقُونَ فِيهَا بِغَيْرِ حِسَابٍۢ ٤۰
“නපුර කරන කිසිවෙකුටත් ඒ අන්දමටම මිස, (එයට අධික වශයෙන්) ඔහුට ඵලවිපාක දෙනු ලබන්නේ නැත. තවද දැහැමි ක්‍රියාවන් කරන කිසිවෙකුත් සත්‍ය විශ්වාසවන්තයින් වශයෙන් සිටියහොත් පිරිමි වුවද, ගැහැනු වුවද නියත වශයෙන්ම ස්වර්ගයෙහි ඇතුළු වන්නාහ. එහි අප්‍රමාණවම (ඉල්ලන සියල්ල) දෙනු ලබන්නාහ”.
۞ وَيَٰقَوْمِ مَا لِىٓ أَدْعُوكُمْ إِلَى ٱلنَّجَوٰةِ وَتَدْعُونَنِىٓ إِلَى ٱلنَّارِ ٤١
“මගේ ජනතාවෙනි! මට කිමෙක්ද, (පුදුමයකට ඇත්තේ!). මා නම්, ඔබව ගළවා ගැනීමටම ආරාධනා කරන්නෙමි. ඔබ මාව නිරයට ආරාධනා කරන්නෙහුය!”
تَدْعُونَنِى لِأَكْفُرَ بِٱللَّهِ وَأُشْرِكَ بِهِۦ مَا لَيْسَ لِى بِهِۦ عِلْمٌۭ وَأَنَا۠ أَدْعُوكُمْ إِلَى ٱلْعَزِيزِ ٱلْغَفَّٰرِ ٤٢
“තවද මා අල්ලාහ්ව ප්‍රතික්ෂේප කරන්නටද, -(දෙවියන් යයි මා විශ්වාස නොකරන දැය)- මා නොදැනුවත් දැය, ඔහුට සමානයන් වශයෙන් තැබීමටම ඔබ මාව ආරාධනා කරන්නෙහුය. මා නම්, (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඉතාමත් ක්ෂමාවෙන් යුත්තෙකු වන ඔහු වෙතටම ඔබව ආරාධනා කරන්නෙමි”.
لَا جَرَمَ أَنَّمَا تَدْعُونَنِىٓ إِلَيْهِ لَيْسَ لَهُۥ دَعْوَةٌۭ فِى ٱلدُّنْيَا وَلَا فِى ٱلْءَاخِرَةِ وَأَنَّ مَرَدَّنَآ إِلَى ٱللَّهِ وَأَنَّ ٱلْمُسْرِفِينَ هُمْ أَصْحَٰبُ ٱلنَّارِ ٤۳
“මාව ඔබ කුමක් දෙසට ආරාධනා කරන්නෙහුද, එය මෙලොවදී හෝ පරලොවදී හෝ (දෙවියන් යයි) ආරාධනා කිරීමට නියත වශයෙන්ම පොඩියක් හෝ සුදුසු නැති දැයක් යන්නෙහි කිසිම සැකයක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් වෙතම අපි (සියල්ලන්ම) ආපසු යන්නෙමු. සීමාව ඉක්මවන්නන් නියත වශයෙන්ම නිරාවාසීන්ය”.
فَسَتَذْكُرُونَ مَآ أَقُولُ لَكُمْ ۚ وَأُفَوِّضُ أَمْرِىٓ إِلَى ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ بَصِيرٌۢ بِٱلْعِبَادِ ٤٤
“මා ඔබට (සත්‍යය යයි) පවසන දැය නියත වශයෙන්ම ඉතාමත් ඉක්මනින් ඔබ (දැනගෙන) සිතා බලනු ඇත. මගේ කාරණාව අල්ලාහ් වෙතම බාර කරන්නෙමි. නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ව අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය” (යයිද කීවේය).
فَوَقَىٰهُ ٱللَّهُ سَيِّـَٔاتِ مَا مَكَرُوا۟ ۖ وَحَاقَ بِـَٔالِ فِرْعَوْنَ سُوٓءُ ٱلْعَذَابِ ٤٥
එබැවින් ඔවුන් කළ කුමන්ත්‍රණයන්ගෙන් (රහසින් විශ්වාසය තබා තිබූ) ඔහුව අල්ලාහ් බේරා ගත්තේය. ෆිර්අව්න්ගේ ජනතාව නපුරු දඬුවමෙන් වට කර ගත්තේය.
ٱلنَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّۭا وَعَشِيًّۭا ۖ وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ أَدْخِلُوٓا۟ ءَالَ فِرْعَوْنَ أَشَدَّ ٱلْعَذَابِ ٤٦
උදේ සවස ඔවුන් නිරා ගින්න බලා යනු ලබන්නාහ. (විනිශ්චය) කාලය සිදු වන දිනදී නම්, “ෆිර්අව්න්ගේ ජනතාව දරුණු දඬුවමෙහි ඇතුළු කරනු” (යයි කියනු ලැබේ).
وَإِذْ يَتَحَآجُّونَ فِى ٱلنَّارِ فَيَقُولُ ٱلضُّعَفَٰٓؤُا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوٓا۟ إِنَّا كُنَّا لَكُمْ تَبَعًۭا فَهَلْ أَنتُم مُّغْنُونَ عَنَّا نَصِيبًۭا مِّنَ ٱلنَّارِ ٤۷
නිරයෙහි ඔවුන් තමන් තුළ තර්ක කරමින් (ඔවුන්ගෙන් වූ) ඛෙලහීනයන්, ආඩම්බර බස් ෙදාඩමින් සිටි (ප්‍රධානීන්ට) “ඇත්තෙන්ම අපි ඔබවම අනුගමනය කරමින් සිටියෙමු. (අද දින) නිරා (දඬුව)මෙන් එක් (සුළු) කොටසක් හෝ අපගෙන් ඔබට වළක්වා දැමිය හැකිද?”යි විමසනු ඇත.
قَالَ ٱلَّذِينَ ٱسْتَكْبَرُوٓا۟ إِنَّا كُلٌّۭ فِيهَآ إِنَّ ٱللَّهَ قَدْ حَكَمَ بَيْنَ ٱلْعِبَادِ ٤۸
එයට ආඩම්බර බස් ෙදාඩමින් සිටි ඔවුන් (ඔවුන්ගේ ප්‍රධානීන්), “ඇත්තෙන්ම අපි සියල්ලන්ම මෙහිම සිටින්නෙමු. නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන් අතරේ (කරන්නට තිබුණු) තීන්දුව කර හැරියේය. (එබැවින් ඔබ වෙනුවෙන් අපට කිසිවක් කරන්නට දැයක් නම් නැත)” යයි පවසනු ඇත.
وَقَالَ ٱلَّذِينَ فِى ٱلنَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ٱدْعُوا۟ رَبَّكُمْ يُخَفِّفْ عَنَّا يَوْمًۭا مِّنَ ٱلْعَذَابِ ٤۹
පසුව නිරයෙහි සිටින අය, නිරයේ ආරක්ෂකයින්ට “දඬුවම දවසකට හෝ අපට ලෙහෙසි කර දෙන මෙන් ඔබගේ දෙවියන්ගෙන් ඉල්ලා සිටිනු” යයි පවසනු ඇත.
قَالُوٓا۟ أَوَلَمْ تَكُ تَأْتِيكُمْ رُسُلُكُم بِٱلْبَيِّنَٰتِ ۖ قَالُوا۟ بَلَىٰ ۚ قَالُوا۟ فَٱدْعُوا۟ ۗ وَمَا دُعَٰٓؤُا۟ ٱلْكَٰفِرِينَ إِلَّا فِى ضَلَٰلٍ ٥۰
එයට ඔවුන් (මොවුන්ට) “ඔබ වෙත පැමිණි (දෙවියන්ගේ) දූතයින් පැහැදිලි (සාධකයන් බොහොමයක්) සමග ඔබ වෙත පැමිණියේ නැද්ද?”යි විමසනු ඇත. එයට මොවුන් “එසේය! (ඇත්තය. පැමිණියහ)” යයි පවසනු ඇත. එයට ඔවුන් “එසේ නම්, (අපට දෙවියන්ගෙන් ඉල්ලීමට යමක් නැත). ඔබම ඉල්ලා ගනු” යයි පවසා හරින්නාහ. (එසේ ඔවුන් ප්‍රාර්ථනා කළා වුවද), මෙම ප්‍රතික්ෂේප කරන්නන්ගේ ප්‍රාර්ථනාවන් නරකක් මිස, (යහපතක්) ලබා නොදෙනු ඇත.
إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُوا۟ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَيَوْمَ يَقُومُ ٱلْأَشْهَٰدُ ٥١
නියත වශයෙන්ම අපි අපගේ දූතයින්ටද, විශ්වාසය තැබූවන්ටද, මෙලොව ජීවිතයේද, (මොවුන්ට උදව්වක් වශයෙන්) සාක්ෂීන් සිදු වන (විනිශ්චය) දිනදීද උදව් කරන්නෙමු.
يَوْمَ لَا يَنفَعُ ٱلظَّٰلِمِينَ مَعْذِرَتُهُمْ ۖ وَلَهُمُ ٱللَّعْنَةُ وَلَهُمْ سُوٓءُ ٱلدَّارِ ٥٢
එදිනදී අපරාධකාරයින්ට ඔවුන් පවසන ප්‍රශංසාවන් (කිසිවකින්) ප්‍රයෝජනයක් අත් වන්නේ නැත. තවද ඔවුන්ට (දෙවියන්ගේ) ශාපයද ඇත. ඔවුන්ට නපුරු වාසස්ථානද ඇත.
وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْهُدَىٰ وَأَوْرَثْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ ٱلْكِتَٰبَ ٥۳
නියත වශයෙන්ම මූසාට (තව්රාත් ධර්මය නමැති) ඍජු මාර්ගය ලබා දී ඉස්රායීල පරම්පරාවේ දරුවන්ව එම ධර්මයට උරුමක්කාරයින් බවට අපි පත් කර තැබුවෙමු.
هُدًۭى وَذِكْرَىٰ لِأُو۟لِى ٱلْأَلْبَٰبِ ٥٤
(එය) ඍජු මාර්ගය වශයෙන්ද, බුද්ධිමතුන්ට හොඳ ඔවදනක් වශයෙන්ද, තිබුණි. (එහෙත් එය ඔවුන් හරියාකාරව අනුගමනය කළේ නැත).
فَٱصْبِرْ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ وَٱسْتَغْفِرْ لِذَنۢبِكَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ بِٱلْعَشِىِّ وَٱلْإِبْكَٰرِ ٥٥
(නබියේ!) ඔබ (දුක් ගැහැට විඳ දරාගෙන) ඉවසිලිමත්ව සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව ඇත්තකි. ඔබ, ඔබගේ වැරදිවලට සමාව ඉල්ලා සිටිමින්ද, උදේ සවස ඔබගේ දෙවියන්ව ප්‍රශංසා කර, සුවිශුද්ධ කරමින්ද සිටිනු මැනව!
إِنَّ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِىٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيْرِ سُلْطَٰنٍ أَتَىٰهُمْ ۙ إِن فِى صُدُورِهِمْ إِلَّا كِبْرٌۭ مَّا هُم بِبَٰلِغِيهِ ۚ فَٱسْتَعِذْ بِٱللَّهِ ۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ ٥٦
නියත වශයෙන්ම තමන් වෙත පැමිණි අල්ලාහ්ගේ ආයාවන් ගැන කිසිම සාධකයක් නොමැතිව තර්ක කරන්නෝද, ඔවුන්ගේ හෘදයන්හි (පුහු) ආඩම්බරයම ඇත. එය ඔවුන් අත්කර ගන්නේද නැත. එබැවින් (එවැනි ආඩම්බරකාරයින්ගෙන්) ඔබ අල්ලාහ් වෙතින්ම ආරක්ෂාව පතනු. නියත වශයෙන්ම ඔහු (සියල්ලට) සවන් දෙන්නෙකු වශයෙන් හා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද සිටින්නේය.
لَخَلْقُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ أَكْبَرُ مِنْ خَلْقِ ٱلنَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ٥۷
අහස්ද, භූමියද උත්පාදනය කිරීම, (මිය ගිය) මිනිසුන්ව (නැවත වරක්) උත්පාදනය කිරීමට වඩා නියත වශයෙන්ම ඉතාමත් විශාල වැඩකි. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙතරම් දැයක්වත්) දැන ගන්නේ නැත.
وَمَا يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَلَا ٱلْمُسِىٓءُ ۚ قَلِيلًۭا مَّا تَتَذَكَّرُونَ ٥۸
අන්ධයාද, ඇස් පෙනීම ඇත්තාද සමාන වන්නේ නැත. (එසේම) විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නන්ද, (විශ්වාසය නොතබා) පාපයන් කරන්නන්ද සමාන වන්නේ නැත. ඔබ ඉතාමත් අල්ප වශයෙන්ම (මෙමගින්) හොඳ වැටහීමක් ලබා ගන්නෙහුය.
إِنَّ ٱلسَّاعَةَ لَءَاتِيَةٌۭ لَّا رَيْبَ فِيهَا وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ ٥۹
(විනිශ්චය) කාලය අනිවාර්යයෙන්ම පැමිණෙනු ඇත. එහි කිසිම සැකයක් නැත. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) විශ්වාස කරන්නේ නැත.
وَقَالَ رَبُّكُمُ ٱدْعُونِىٓ أَسْتَجِبْ لَكُمْ ۚ إِنَّ ٱلَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِى سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ ٦۰
ඔබගේ දෙවියන් මෙසේ පවසන්නේය: ඔබ (ඔබට අවශ්‍ය දැය සියල්ල ඉල්ලා සිටීමට) මාවම ආරාධනා කරනු. මා ඔබට, (ඔබගේ ප්‍රාර්ථනාවන්ට) පිළිතුරු දෙන්නෙමි. කවුරුන් මාව නොනැමද ආඩම්බර බස් ෙදාඩන්නෝද, ඔවුන් නියත වශයෙන්ම දීනවූ අය වශයෙන් නිරයට ඇතුළු වනු ඇත.
ٱللَّهُ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلَّيْلَ لِتَسْكُنُوا۟ فِيهِ وَٱلنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ ٱللَّهَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَشْكُرُونَ ٦١
අල්ලාහ්ම ඔබට (විඩාව සන්සිඳවා) සුවදායක (නින්දක්) විඳීම සඳහා රාත්‍රියද, (ආලෝකයෙන් විවිධ දැය) ඔබට බලා ගැනීම සඳහා දහවලද උත්පාදනය කළේය. නියත වශයෙන්ම අල්ලාහ් මිනිසුන් කෙරෙහි ඉමහත් වරප්‍රසාදයන් පහළ කරන්නේය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු කෘතඥ වන්නේ නැත.
ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ خَٰلِقُ كُلِّ شَىْءٍۢ لَّآ إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ ٦٢
මෙම අල්ලාහ්ම ඔබව උත්පාදනය කර, පෝෂණය කර, සංරක්ෂණය කරන්නෙකි. (අනිත්) වස්තූන් සියල්ලද උත්පාදනය කළ අයයි. ඔහු හැර, වෙන කිසිම දෙවියෙකු නැත. එබැවින් (ඔහු අත්හැර දමා) ඔබ කොහේ නම් දුවන්නෙහුද?
كَذَٰلِكَ يُؤْفَكُ ٱلَّذِينَ كَانُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ يَجْحَدُونَ ٦۳
අල්ලාහ්ගේ ආයාවන් ප්‍රතික්ෂේප කරමින් (පෙර) සිටි අයද, මේ ආකාරයටම දිව යන්නට සලස්වනු ලැබූහ.
ٱللَّهُ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ قَرَارًۭا وَٱلسَّمَآءَ بِنَآءًۭ وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ ۖ فَتَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلْعَٰلَمِينَ ٦٤
අල්ලාහ්ම ඔබට භූමිය ස්ථීරවත් වාසස්ථානයක් බවටද, අහස වියනක් බවටද පත් කර, ඔබව නිර්මාණය කර, අලංකාරවත් හැඩරුව ඇතිවද ඔබව පත් කළේය. තවද ඔහුම ඔබට උසස් ආහාරයන්ද ලබා දෙන්නේය. මෙම අල්ලාහ්ම ඔබගේ දෙවියන්ය. (සකල) ලෝකයන්හි දෙවියන් වන අල්ලාහ් ඉතාමත් භාග්‍යවන්තයෙකි.
هُوَ ٱلْحَىُّ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱدْعُوهُ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ ۗ ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ ٦٥
ඔහුම අමරණීයයි. ඔහු හැර, වෙන කිසිම දෙවියෙකු නැත. එබැවින් “(මිනිසුනේ!) ඔබ සම්පූර්ණයෙන්ම පරිශුද්ධ මනසින් යුතුව ඔහුව ආරාධනා කරනු මැනව! (මන්දයත්) නැමදුම් පිළිවෙත් සියල්ල ඔහුටම අයත්ය. (සකල) ලෝකයන්ද උත්පාදනය කර, පෝෂණය කර, සංරක්ෂණය කරන අල්ලාහ්ටම සියලූ ප්‍රශංසා අයත්ය” (යයිද පවසනු මැනව!)
۞ قُلْ إِنِّى نُهِيتُ أَنْ أَعْبُدَ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ لَمَّا جَآءَنِىَ ٱلْبَيِّنَٰتُ مِن رَّبِّى وَأُمِرْتُ أَنْ أُسْلِمَ لِرَبِّ ٱلْعَٰلَمِينَ ٦٦
(නබියේ!) ඔබ මෙසේ පවසනු: ‘මගේ දෙවියන්ගේ සන්නිධානයෙන් පැහැදිලි දැය (සාධකයන්) මා වෙත පැමිණි පසු අල්ලාහ් හැර, ඔබ (දෙවියන් යයි) ආරාධනා කරන දැය මා නැමදිය යුතු නැතැයි නියත වශයෙන්ම මා වළක්වනු ලැබ ඇත්තෙමි. තවද ලෝකයන්හි දෙවියන් (වන අල්ලාහ්)ටම මා සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන මෙන්ද, මා නියෝග කරනු ලැබ ඇත්තෙමි”.
هُوَ ٱلَّذِى خَلَقَكُم مِّن تُرَابٍۢ ثُمَّ مِن نُّطْفَةٍۢ ثُمَّ مِنْ عَلَقَةٍۢ ثُمَّ يُخْرِجُكُمْ طِفْلًۭا ثُمَّ لِتَبْلُغُوٓا۟ أَشُدَّكُمْ ثُمَّ لِتَكُونُوا۟ شُيُوخًۭا ۚ وَمِنكُم مَّن يُتَوَفَّىٰ مِن قَبْلُ ۖ وَلِتَبْلُغُوٓا۟ أَجَلًۭا مُّسَمًّۭى وَلَعَلَّكُمْ تَعْقِلُونَ ٦۷
ඔහුම ඔබව (ආරම්භයේදී) මැටිවලින් උත්පාදනය කළේය. පසුව එක් ඉන්ද්‍රිය බිඳකින්ද, පසුව ලේ කැටියෙන්ද, (නිර්මාණය කර) ඔබව ළදරුවන් වශයෙන්ද, ඉකුත් කරන්නේය. පසුව (පිළිවෙලින්) ඔබ, ඔබගේ තරුණ වියට පත් වී, පසුව ඔබ මහළු වියට පත් වන්නෙහුය. මීට පෙරද ඔබගෙන් සමහරෙක් මරණයට පත් වන්නෙහුය. එහෙත් ඔබ, නියමිත කාල අවකාශය (අනිවාර්යයෙන්ම) අත් කර ගන්නෙහුය. (මෙයින්) ඔබ දැනුම ලබා ගනු මැනව!
هُوَ ٱلَّذِى يُحْىِۦ وَيُمِيتُ ۖ فَإِذَا قَضَىٰٓ أَمْرًۭا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ٦۸
ඔහුම පණ දෙන්නේය. මරණයට පත් වීමටද සලස්වන්නේය. යම්කිසි දැයක් (උත්පාදනය කිරීමට) ඔහු තීරණය කළහොත් එය ‘වනු’යයි පැවසූ වහාම (එය) සිදු වන්නේය.
أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ يُجَٰدِلُونَ فِىٓ ءَايَٰتِ ٱللَّهِ أَنَّىٰ يُصْرَفُونَ ٦۹
(නබියේ!) අල්ලාහ්ගේ ආයාවන් ගැන (නිකරුණේ) තර්ක කරන්නන් කොහේ නම් දුවන්නෙහුද යන්න ඔබ දුටුවේ නැද්ද?
ٱلَّذِينَ كَذَّبُوا۟ بِٱلْكِتَٰبِ وَبِمَآ أَرْسَلْنَا بِهِۦ رُسُلَنَا ۖ فَسَوْفَ يَعْلَمُونَ ۷۰
කවුරුන් (අපගේ) මෙම ධර්මයද, අපගේ (අනිත්) දූතයින් ගෙන ආ (ධර්මයන්) ද බොරු කරන්නෝද, ඔවුන් පසුව (එහි සත්‍යය නියත වශයෙන්ම) දැන ගන්නෙහුය.
إِذِ ٱلْأَغْلَٰلُ فِىٓ أَعْنَٰقِهِمْ وَٱلسَّلَٰسِلُ يُسْحَبُونَ ۷١
ඔවුන්ගේ ඛෙල්ලෙහි (දමන ලද) දම්වැල් සමගද, විළංගු සමගද, ඔවුන්ට (දඬුවම් කිරීමට) ඇදගෙන එනු ලැබ-
فِى ٱلْحَمِيمِ ثُمَّ فِى ٱلنَّارِ يُسْجَرُونَ ۷٢
(පළමුවෙන්) උතුරන ලෝදියෙහිද, පසුව නිරයෙහිද ඇතුළු කරනු ලබන්නෙහුය.
ثُمَّ قِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تُشْرِكُونَ ۷۳
පසුව ඔවුන්ට “අල්ලාහ් හැර, ඔබ ඔහුට සමානයන් වශයෙන් කරගෙන සිටි දැය කොහේද?”යි විමසනු ලැබේ.
مِن دُونِ ٱللَّهِ ۖ قَالُوا۟ ضَلُّوا۟ عَنَّا بَل لَّمْ نَكُن نَّدْعُوا۟ مِن قَبْلُ شَيْـًۭٔا ۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ ٱلْكَٰفِرِينَ ۷٤
එයට ඔවුන් “ඒවා අපිව (අත්හැර) දමා යන්න ගියහ. නමුත් මෙයට පෙර අපි (අල්ලාහ් නොවන) කිසිවක් (දෙවියන් යයි) ආරාධනා කරමින් සිටියේ නැත!” යයි (බොරු) කියන්නාහ. මෙසේ ප්‍රතික්ෂේප කරන්නන්ව (සිහි බුද්ධිය) සසළ වන සේ අල්ලාහ් සලස්වා හරින්නේය.
ذَٰلِكُم بِمَا كُنتُمْ تَفْرَحُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَبِمَا كُنتُمْ تَمْرَحُونَ ۷٥
(පසුව ඔවුන්ට) “භූමියෙහි ඔබ සත්‍යය නොවන කාරණාවන්හි (ප්‍රමාණය ඉක්ම වූ) සතුටෙහි පිනා ගොස්, අහංකාරයෙන් යුතුව සිටීම නිසා මෙයම ඔබට (සරිලන ඵලවිපාක වන්නේය)” යයිද-
ٱدْخُلُوٓا۟ أَبْوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَا ۖ فَبِئْسَ مَثْوَى ٱلْمُتَكَبِّرِينَ ۷٦
“ඔබ නිරා ෙදාරොටු මගින් ඇතුළු වනු. එහි සදාකල් රැඳී සිටිනු” (යයිද කියනු ලැබේ). උඞඟූ වූ මොවුන් රැඳී සිටින ස්ථානය ඉතාමත් නපුරුය.
فَٱصْبِرْ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ ۚ فَإِمَّا نُرِيَنَّكَ بَعْضَ ٱلَّذِى نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا يُرْجَعُونَ ۷۷
(නබියේ!) ඔබ ඉවසිලිමත්ව (ස්ථීරව) සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයකි. ඔවුන්ට පොරොන්දු දෙන ලද (දඬුවමෙහි) සමහරක් දැය (ඔබගේ ජීවිත කාලයේදී) අපි ඔබට පෙන්වූවා වුවද, නැතහොත් (ඒවා පැමිණීමට පෙරම) අපි ඔබව අත්පත් කරගෙන (ඔබ මරණයට පත්) වුවද, (කුමන ආකාරයකින් හෝ) ඔවුන් අප වෙතම ගෙන එනු ලබන්නාහ.
وَلَقَدْ أَرْسَلْنَا رُسُلًۭا مِّن قَبْلِكَ مِنْهُم مَّن قَصَصْنَا عَلَيْكَ وَمِنْهُم مَّن لَّمْ نَقْصُصْ عَلَيْكَ ۗ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأْتِىَ بِـَٔايَةٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ فَإِذَا جَآءَ أَمْرُ ٱللَّهِ قُضِىَ بِٱلْحَقِّ وَخَسِرَ هُنَالِكَ ٱلْمُبْطِلُونَ ۷۸
(නබියේ!) නියත වශයෙන්ම අපි ඔබට පෙරද දූතයින් (බොහොමයක් දෙනා) යවා ඇත්තෙමු. ඔවුන්ගෙන් සමහරෙකුගේ ඉතිහාසයන්ම ඔබට පවසා ඇත්තෙමු. ඔවුන්ගෙන් බොහොමයක් දෙනාගේ ඉතිහාසයන් අපි ඔබට පැවසුවේ නැත. (මෙම දෙකොට්ටාශයෙන්) කුමන දූතයින් වුවද කම් නැත, අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව යම්කිසි ප්‍රාතිහාර්යයක් ගෙන ඒම ඔවුන්ට හැකි දැයක් නොව. අල්ලාහ්ගේ නියෝගය පැමිණෙන අවස්ථාවේදී, (ඔවුන්ට) සාධාරණ ලෙසටම තීන්දු ලබා දෙනු ඇත. (එය) බොරු කරන්නන් ඒ අවස්ථාවේදී පරාජයටම ඇතුළු වනු ඇත.
ٱللَّهُ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَنْعَٰمَ لِتَرْكَبُوا۟ مِنْهَا وَمِنْهَا تَأْكُلُونَ ۷۹
අල්ලාහ්ම (එළු, ගව, ඔටුවන් වැනි) සතුන් -ඒවායෙහි සමහරක් මත ඔබ ගමන් කිරීමටද, ඒවායෙන් සමහරක් ඔබ අනුභව කිරීමටද- ඔබ වෙනුවෙන් ඇති කර ඇත්තෙමු.
وَلَكُمْ فِيهَا مَنَٰفِعُ وَلِتَبْلُغُوا۟ عَلَيْهَا حَاجَةًۭ فِى صُدُورِكُمْ وَعَلَيْهَا وَعَلَى ٱلْفُلْكِ تُحْمَلُونَ ۸۰
ඒවායෙහි ඔබට වෙනත් බොහෝ) ප්‍රයෝජනයන්ද ඇත්තේය. ඔබගේ සිත්හි ඇති ඉල්ලීම් ඒවා මගින් ඔබ අත් කර ගැනීම පිණිස, ඒවා මතද, නැව් මතද, (බොහොමයක් තැන් වලටද) ඔබව උසුළාගෙන යනු ලබන්නෙහුය.
وَيُرِيكُمْ ءَايَٰتِهِۦ فَأَىَّ ءَايَٰتِ ٱللَّهِ تُنكِرُونَ ۸١
තමන් ගැන (දැනුම් දිය හැකි) සාධකයන් (තවත්) ඔබට පෙන්වනු ඇත. අල්ලාහ්ගේ (එම) සාධකයන්ගෙන් ඔබ කුමක් නම් ප්‍රතික්ෂේප කරන්නෙහුද?
أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَانُوٓا۟ أَكْثَرَ مِنْهُمْ وَأَشَدَّ قُوَّةًۭ وَءَاثَارًۭا فِى ٱلْأَرْضِ فَمَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يَكْسِبُونَ ۸٢
(ප්‍රතික්ෂේප කරන) මොවුන් භූමියෙහි සංචාරය කර (බැලූවේ නැද්ද? එසේ සංචාරය කළේ) නම්, ඔවුන්ට පෙර සිටි අයගේ අවසානය කෙසේ වූවේද යන්න ඔවුන් දැක ගනු ඇත. ඔවුන් නම්, මොවුන්ට වඩා (ජනගහනයෙන්) වැඩි ප්‍රමාණයක් වශයෙන්ද, ශක්තිසම්පන්න කමෙන්ද, භූමියේ අත්හැර දමා ගිය (ඉපැරණි) සළකුණු වලින්ද, (ඔවුන්ට වඩා) උසස් අය වශයෙන්ම සිටියහ. එහෙත් ඔවුන් සොයා (එක්කාසු කර) තබා තිබූ දැයෙන් කිසිවක් ඔවුන්ට ප්‍රයෝජනයක් වූවේ නැත.
فَلَمَّا جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ فَرِحُوا۟ بِمَا عِندَهُم مِّنَ ٱلْعِلْمِ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ۸۳
ඔවුන් වෙත ඔවුන්ගේ දූතයින් (ප්‍රාතිහාර්යයන්ගෙන්) පැහැදිලි දැය ගෙන ආ අවස්ථාවන්හිදී, (ඒවාට ඔවුන් සමච්චල් කර, ප්‍රතික්ෂේප කර දමා, මෙලොව ජීවිතය සම්බන්ධයෙන්) තමන් වෙත ඇති අධ්‍යාපනය (වෘත්තීමය නිපුණතාවයන්) ගැන ඉමහත් සතුටට පත්ව සිටියහ. එහෙත් ඔවුන් සමච්චල් කරමින් සිටීමම ඔවුන්ව වට කර ගත්තේය.
فَلَمَّا رَأَوْا۟ بَأْسَنَا قَالُوٓا۟ ءَامَنَّا بِٱللَّهِ وَحْدَهُۥ وَكَفَرْنَا بِمَا كُنَّا بِهِۦ مُشْرِكِينَ ۸٤
අපගේ දඬුවම ඔවුන් දුටු අවස්ථාවේදී ඔවුන් “අල්ලාහ් එක් කෙනෙකුවම විශ්වාස කර, අපි සමානයන් වශයෙන් තැබූ දෙවිවරුන්ව ප්‍රතික්ෂේප කරන්නෙමු” යයි පැවසූහ.
فَلَمْ يَكُ يَنفَعُهُمْ إِيمَٰنُهُمْ لَمَّا رَأَوْا۟ بَأْسَنَا ۖ سُنَّتَ ٱللَّهِ ٱلَّتِى قَدْ خَلَتْ فِى عِبَادِهِۦ ۖ وَخَسِرَ هُنَالِكَ ٱلْكَٰفِرُونَ ۸٥
එහෙත් අපගේ දඬුවම දුටු වහාම ඔවුන් තැබූ විශ්වාසය ඔවුන්ට ප්‍රයෝජනයක් ගෙන දුන්නේ නැත. (මෙයම) අල්ලාහ්ගේ මාර්ගයයි. (මීට පෙරද) ඔහුගේ වහලූන්ගෙන් (මේ අන්දමටම) සිදු වී ඇත්තේය. එබැවින් (දඬුවම පහළ වූ) එම අවස්ථාවේදී, ප්‍රතික්ෂේප කරන්නන් පාඩුවම අත් කර ගත්හ.