< السورة السابقة | فهرس السور | السورة التالية >
surah004
An-Nisaa (4)
The Women, madinah, 176 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُوا۟ رَبَّكُمُ ٱلَّذِى خَلَقَكُم مِّن نَّفْسٍۢ وَٰحِدَةٍۢ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًۭا كَثِيرًۭا وَنِسَآءًۭ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِى تَسَآءَلُونَ بِهِۦ وَٱلْأَرْحَامَ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًۭا ١
මිනිසුනේ! ඔබ ඔබගේ දෙවියන්ට බිය වී (කටයුතු) කරනු. ඔහු ඔබ සියල්ලන්වම එකම ආත්මයකින් උත්පාදනය කළේය. (ආරම්භයේදී එම එක්කෙනාව උත්පාදනය කර) ඔහුගෙන්, ඔහුගේ බිරිඳ උත්පාදනය කළේය. පසුව ඒ දෙදෙනාගෙන් බොහෝ පිරිමි, ගැහැනු (ඉකුත් කර) විසිරී යාමට සැලැස්සුවේය. එබැවින් එම අල්ලාහ්ට ඔබ බිය වී (කටයුතු) කරනු. ඔහු මගින්ම (ඔබ, ඔබ අතරේ) කෙනෙකුට කෙනෙකු (අවශ්‍ය දැය) ඉල්ලා ගන්නෙහුය. තවද (අල්ලාහ්ට බිය වී) ලේ මිශ්‍ර ඥාතීන්ටද (ගෞරව කරනු). නියත වශයෙන්ම අල්ලාහ් ඔබව අවධානය කරන්නෙකු වශයෙන්ම සිටින්නේය.
وَءَاتُوا۟ ٱلْيَتَٰمَىٰٓ أَمْوَٰلَهُمْ ۖ وَلَا تَتَبَدَّلُوا۟ ٱلْخَبِيثَ بِٱلطَّيِّبِ ۖ وَلَا تَأْكُلُوٓا۟ أَمْوَٰلَهُمْ إِلَىٰٓ أَمْوَٰلِكُمْ ۚ إِنَّهُۥ كَانَ حُوبًۭا كَبِيرًۭا ٢
ඔබ අනාථයින්ගේ වස්තූන් (ඔවුන් වැඩි වියට පත් වූ පසු අඩුවක් නොකර) ඔවුන්ට ලබා දෙනු. (එහි ඇති) හොඳ දැය වෙනුවට නරක දැය මාරු කර නොදමනු. ඔවුන්ගේ වස්තූන්, ඔබගේ වස්තූන් සමග එකතු කර ගිල නොදමනු. නියත වශයෙන්ම එය ඉමහත් පාපයක් වන්නේය!
وَإِنْ خِفْتُمْ أَلَّا تُقْسِطُوا۟ فِى ٱلْيَتَٰمَىٰ فَٱنكِحُوا۟ مَا طَابَ لَكُم مِّنَ ٱلنِّسَآءِ مَثْنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَ ۖ فَإِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُوا۟ فَوَٰحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَٰنُكُمْ ۚ ذَٰلِكَ أَدْنَىٰٓ أَلَّا تَعُولُوا۟ ۳
අනාථ (කාන්තාවන්ව විවාහ කරගෙන) ඔවුන්ගේ කාරණාවෙහි සාධාරණ ලෙස කටයුතු කිරීමට නොහැකි යයි ඔබ බිය වුවහොත් අනිත් කාන්තාවන්ගෙන් ඔබ කැමැත්තන්ව දෙදෙන දෙදෙනා වශයෙන් හෝ තුන්දෙනා තුන්දෙනා වශයෙන් හෝ හතරදෙනා හතරදෙනා වශයෙන් හෝ ඔබට විවාහ කර ගත හැකිය (එසේ කිහිප දෙනෙකු විවාහ කර ගතහොත් ඒ අවස්ථාවේදීද ඔවුන් අතරේ ඔබ සාධාරණ ලෙස කටයුතු කළ යුතුය. එසේ) ඔබ සාධාරණව කටයුතු කිරීමට නොහැකි වේ යයි බිය වුවහොත් එක කාන්තාවක්ම නැතහොත් ඔබගේ පාලනය යටතේ සිටින (වහල්) ස්ත්‍රියක්ම (විවාහ කර) ගත යුතුය. ඔබ භේද කර නොගැනීමට මෙයම ඉතාමත් පහසු (මාර්ගයක්) වන්නේය.
وَءَاتُوا۟ ٱلنِّسَآءَ صَدُقَٰتِهِنَّ نِحْلَةًۭ ۚ فَإِن طِبْنَ لَكُمْ عَن شَىْءٍۢ مِّنْهُ نَفْسًۭا فَكُلُوهُ هَنِيٓـًۭٔا مَّرِيٓـًۭٔا ٤
ඔබ (විවාහ කර ගත්) කාන්තාවන්ට ඔවුන්ගේ මහර් (විවාහ දීමනාවන්) ගෞරවාන්විත අන්දමට ගෙවා දමනු. එයින් සුළු කොටසක් ඔවුන් (තමන්ගේ) එක සිතින් ඔබට අත්හැර දැමුවහොත්, එය ඔබ ඉතාමත් සතුටින් යුතුව අනුභව කරනු.
وَلَا تُؤْتُوا۟ ٱلسُّفَهَآءَ أَمْوَٰلَكُمُ ٱلَّتِى جَعَلَ ٱللَّهُ لَكُمْ قِيَٰمًۭا وَٱرْزُقُوهُمْ فِيهَا وَٱكْسُوهُمْ وَقُولُوا۟ لَهُمْ قَوْلًۭا مَّعْرُوفًۭا ٥
(අනාථයින්ගේ දේපළවලට භාරකාරයෙකු වශයෙන් පත් වූ ඔබ, එම අනාථයින්) බුද්ධිය අඩු අය වශයෙන් සිටියහොත් ජීවනාධාර වශයෙන් අල්ලාහ් ඇති කරන ඔබ වෙත ඇති (ඔවුන්ගේ) වස්තූන් ඔවුන් වෙත බාර නොදෙනු. එහෙත් ඔවුන්ට (ප්‍රමාණවත්) ආහාරද, ඔවුන්ට (අවශ්‍ය) ඇඳුම් පැළඳුම්ද එයින් ලබා දී, ඔවුන්ට ආදරවන්ත වදන් පවසා (හොඳදැනුම ලබා දෙමින්) සිටිනු මැනව!
وَٱبْتَلُوا۟ ٱلْيَتَٰمَىٰ حَتَّىٰٓ إِذَا بَلَغُوا۟ ٱلنِّكَاحَ فَإِنْ ءَانَسْتُم مِّنْهُمْ رُشْدًۭا فَٱدْفَعُوٓا۟ إِلَيْهِمْ أَمْوَٰلَهُمْ ۖ وَلَا تَأْكُلُوهَآ إِسْرَافًۭا وَبِدَارًا أَن يَكْبَرُوا۟ ۚ وَمَن كَانَ غَنِيًّۭا فَلْيَسْتَعْفِفْ ۖ وَمَن كَانَ فَقِيرًۭا فَلْيَأْكُلْ بِٱلْمَعْرُوفِ ۚ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَٰلَهُمْ فَأَشْهِدُوا۟ عَلَيْهِمْ ۚ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبًۭا ٦
තවද අනාථයින් (අනාථ දරුවන්)ව ඔවුන් විවාහ වයස අත් කර ගන්නා තුරු (රක්ෂාව, වැඩ කටයුතු ආදියෙහි යොදවා පුරුදු පුහුණු කර, අධ්‍යාපනයද ලබා දී) අවධානයෙන් යුතුව සිටිනු. (තමන්ගේ දේපළ පාලනය කරන්නට හැකි) බුද්ධියක් ඔවුන් වෙත ඇති බවට ඔබ දුටුවහොත් ඔවුන්ගේ දේපළ ඔවුන් වෙත බාර දෙනු. ඔවුන් වැඩි වියට පත් වී (තමන්ගේ දේපළ ලබා ගෙන) යනු ඇතැයි (සිතා) ඔවුන්ගේ දේපළ ඉක්මන් ඉකමන් වීද, සීමාව ඉක්මවාද ඔබ කා නොදමනු. (අනාථයින්ගේ දේපළට භාරකාරයින් වන) ඔහු, ධනපතියෙකු වශයෙන් සිටියහොත් (අනාථයින්ගේ දේපළවලින් තමන් වෙනුවෙන් කිසිවක් ප්‍රයෝජනයට නොගෙන එය පාලනය කිරීම සඳහා දීමනාවක් ලබා නොගෙන) වැළකී සිටිනු. ඔහු දුප්පතෙකු වශයෙන් සිටියහොත් නම්, සාධාරණ ප්‍රමාණයකින් (එයින්) ඔහුත් අනුභව කරනු. ඔවුන්ගේ දේපළ ඔවුන්ට බාර දෙන විට, ඔවුන් වෙනුවෙන් සාක්ෂි පත් කර ගනු. (සත්‍ය) ගිණුම් දැන ගැනීමට අල්ලාහ් ප්‍රමාණවත් කෙනෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් ඔවුන්ගේ ගිණුම්හි වංචාවන් කිසිවක් නොකරනු).
لِّلرِّجَالِ نَصِيبٌۭ مِّمَّا تَرَكَ ٱلْوَٰلِدَانِ وَٱلْأَقْرَبُونَ وَلِلنِّسَآءِ نَصِيبٌۭ مِّمَّا تَرَكَ ٱلْوَٰلِدَانِ وَٱلْأَقْرَبُونَ مِمَّا قَلَّ مِنْهُ أَوْ كَثُرَ ۚ نَصِيبًۭا مَّفْرُوضًۭا ۷
(මිය ගිය) දෙමව්පියන් හෝ සමීප ඥාතීන් හෝ අත්හැර ගිය දේපළවලින් ඒවා අධික වශයෙන් හෝ සුළු වශයෙන් හෝ වුවද, පිරිමින්ට පංගුවක් ඇත. (එසේම) දෙමව්පියන් හෝ සමීප ඥාතීන් හෝ අත්හැර ගිය දේපළවලින් (ඒවා අධික වශයෙන් හෝ සුළු වශයෙන් හෝ වුවද) කාන්තාවන්ටද පංගුවක් ඇත. (මෙය අල්ලාහ් විසින්) නියම කරන ලද පංගු වේ.
وَإِذَا حَضَرَ ٱلْقِسْمَةَ أُو۟لُوا۟ ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينُ فَٱرْزُقُوهُم مِّنْهُ وَقُولُوا۟ لَهُمْ قَوْلًۭا مَّعْرُوفًۭا ۸
(පංගු) ඛෙදා ගැනීමේ ස්ථානයට (දේපළට අයිතියක් නැති) ඥාතීන් හෝ අනාථයින් හෝ දුප්පතුන් හෝ පැමිණියහොත් ඔවුන්ට එයින් (යම්කිසිවක්) දී, ඔවුන්ට ආදරවන්ත වදන් (මගින් සිත් සැහැල්ලූව) පවසා යවනු.
وَلْيَخْشَ ٱلَّذِينَ لَوْ تَرَكُوا۟ مِنْ خَلْفِهِمْ ذُرِّيَّةًۭ ضِعَٰفًا خَافُوا۟ عَلَيْهِمْ فَلْيَتَّقُوا۟ ٱللَّهَ وَلْيَقُولُوا۟ قَوْلًۭا سَدِيدًا ۹
(මන්දයත්) මොවුන් තමන්ගෙන් පසු (තමන්ගේ කාරණාවන් පාලනය කිරීමට) ශක්තියක් නැති දරුවන්ව අත්හැර (දමා මරණයට පත්) වන්නේ නම්, ඔවුන් ගැන මොවුන් කණගාටු නොවන්නෙහුද (යන්න අවධානය කර) අල්ලාහ්ට බිය වී (ඔවුන්ට) සරිලන වදනම පවසනු.
إِنَّ ٱلَّذِينَ يَأْكُلُونَ أَمْوَٰلَ ٱلْيَتَٰمَىٰ ظُلْمًا إِنَّمَا يَأْكُلُونَ فِى بُطُونِهِمْ نَارًۭا ۖ وَسَيَصْلَوْنَ سَعِيرًۭا ١۰
කවුරුන් අනාථයින්ගේ දේපළ අසාධාරණ ලෙස ගිල දමන්නෝද, ඔවුන් තමන්ගේ කුසෙහි නියත වශයෙන්ම ගින්දරම දමා ගන්නාහ. පසුව (පරලොවදී) දළු ලා දැවෙන ගින්නෙහි ඇතුළු වන්නාහ.
يُوصِيكُمُ ٱللَّهُ فِىٓ أَوْلَٰدِكُمْ ۖ لِلذَّكَرِ مِثْلُ حَظِّ ٱلْأُنثَيَيْنِ ۚ فَإِن كُنَّ نِسَآءًۭ فَوْقَ ٱثْنَتَيْنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَ ۖ وَإِن كَانَتْ وَٰحِدَةًۭ فَلَهَا ٱلنِّصْفُ ۚ وَلِأَبَوَيْهِ لِكُلِّ وَٰحِدٍۢ مِّنْهُمَا ٱلسُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُۥ وَلَدٌۭ ۚ فَإِن لَّمْ يَكُن لَّهُۥ وَلَدٌۭ وَوَرِثَهُۥٓ أَبَوَاهُ فَلِأُمِّهِ ٱلثُّلُثُ ۚ فَإِن كَانَ لَهُۥٓ إِخْوَةٌۭ فَلِأُمِّهِ ٱلسُّدُسُ ۚ مِنۢ بَعْدِ وَصِيَّةٍۢ يُوصِى بِهَآ أَوْ دَيْنٍ ۗ ءَابَآؤُكُمْ وَأَبْنَآؤُكُمْ لَا تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَكُمْ نَفْعًۭا ۚ فَرِيضَةًۭ مِّنَ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًۭا ١١
ඔබගේ දරුවන්ගෙන් (පිරිමින්ද ගැහැනුන්ද සිටියහොත් එක්) පිරිමියෙකුට ගැහැනුන් දෙදෙනෙකුට අයත් දැය මෙන් පංගුවක් ඇතැයි අල්ලාහ් ඔබට නියෝග කරන්නේය. (ඔබගේ දරුවන් වන) ඔවුන් (පිරිමින් නොමැතිව) කාන්තාවන් වශයෙන් පමණක් සිට, ඔවුන් (දෙදෙනෙකු වශයෙන්ද නැතහොත්) දෙදෙනෙකුට වඩා වැඩියෙන් සිටියහොත් (කී දෙනෙකු වශයෙන් සිටියා වුවද) ඔහු, (මිය ගිය අය) අත්හැර දමා ගිය දේපළවලින් තුනෙන් දෙකක කොටසක්ම (තමන් තුළ සමාන වශයෙන් අයත් වන්නේය). එකම එක කාන්තාවක් සිටියහොත් හෝ ඇයට (මිය ගිය අය අත්හැර දමා ගිය දේපළවලින්) අඩක් ඇත. (ඔබගෙන් මිය ගිය) ඔහුට, දරුවන්ද තිබී, ඔහුගේ (දෙමව්පියන්ද සිටියහොත්) මව, පියා යන දෙදෙනාටම (මිය ගිය අය) අත්හැර දමා ගිය දේපළවලින් හයෙන් එක් පංගුවක් ඇත. (මිය ගිය) ඔහුට දරුවන් කිසිවෙකු නොමැතිව සිටියදී, දෙමව්පියන් (පමණක්) ඔහුට උරුමක්කාරයින් වශයෙන් වුවහොත් ඔහුගේ මවට තුනෙන් එක් පංගුවකි. (අනිත් පංගු දෙකම පියාට අත් වන්නේය. මෙවැනි තත්වයකදී මිය ගිය) ඔහුට, සහෝදරයින් (කිහිප) දෙනෙකු සිටියහොත් මවට හයෙන් එක් පංගුවකි. (ඉතිරිය පියාට අයත් වන්නේය. එක් සහෝදරයෙකු නැතහොත් එක් සහෝදරියක් පමණක් සිටියහොත් මවට තුනෙන් එක් පංගුවකි. මේ සියල්ල) මරණ ශාසනය (හෙවත් අන්තිම කැමැත්ත)ද, ණය බරද, නිදහස් කිරීමෙන් පසුවම (ඉතිරිව ඇති දේපළවලින් අත් කර ගත යුතුය). ඔබගේ පියා හෝ නැතහොත් ඔබගේ දරුවන් හෝ මොවුන්ගෙන් ඔබට ප්‍රයෝජන ගෙන දෙන්නන්ගෙන් ඉතාමත් සමීප වන්නන් කවුරුන්දැයි යන්න ඔබ නොදන්නෙහුය. (එබැවින් මේවා) අල්ලාහ් විසින් (ඔබ කෙරෙහි) නියම කර ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් ඔහු නියම කළ ආකාරයටම ඛෙදා ගනු).
۞ وَلَكُمْ نِصْفُ مَا تَرَكَ أَزْوَٰجُكُمْ إِن لَّمْ يَكُن لَّهُنَّ وَلَدٌۭ ۚ فَإِن كَانَ لَهُنَّ وَلَدٌۭ فَلَكُمُ ٱلرُّبُعُ مِمَّا تَرَكْنَ ۚ مِنۢ بَعْدِ وَصِيَّةٍۢ يُوصِينَ بِهَآ أَوْ دَيْنٍۢ ۚ وَلَهُنَّ ٱلرُّبُعُ مِمَّا تَرَكْتُمْ إِن لَّمْ يَكُن لَّكُمْ وَلَدٌۭ ۚ فَإِن كَانَ لَكُمْ وَلَدٌۭ فَلَهُنَّ ٱلثُّمُنُ مِمَّا تَرَكْتُم ۚ مِّنۢ بَعْدِ وَصِيَّةٍۢ تُوصُونَ بِهَآ أَوْ دَيْنٍۢ ۗ وَإِن كَانَ رَجُلٌۭ يُورَثُ كَلَٰلَةً أَوِ ٱمْرَأَةٌۭ وَلَهُۥٓ أَخٌ أَوْ أُخْتٌۭ فَلِكُلِّ وَٰحِدٍۢ مِّنْهُمَا ٱلسُّدُسُ ۚ فَإِن كَانُوٓا۟ أَكْثَرَ مِن ذَٰلِكَ فَهُمْ شُرَكَآءُ فِى ٱلثُّلُثِ ۚ مِنۢ بَعْدِ وَصِيَّةٍۢ يُوصَىٰ بِهَآ أَوْ دَيْنٍ غَيْرَ مُضَآرٍّۢ ۚ وَصِيَّةًۭ مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ عَلِيمٌ حَلِيمٌۭ ١٢
ඔබගේ භාර්යයාවන් (මිය ගිය ඔවුන්)ට දරුවන් කිසිවෙකුත් නොතිබුණහොත් ඔවුන් අත්හැර දමා ගිය දැයෙන් ඔබට පංගුවක් ඇත. ඔවුන්ට දරුවන් සිටියහොත්, ඔවුන් අත්හැර දමා ගිය දැයෙන් ඔබට හතරෙන් එක් පංගුවක්ම (ලැඛෙන්නේය). එයත් ඔවුන්ගේ අන්තිම කැමැත්තද, ණය බරද ගෙවුවායින් පසුවය! ඔබට දරුවන් නොමැතිව සිටියදී (ඔබ මිය ගියහොත් හෝ ඔබගේ භාර්යයාවන් වන) ඔවුන්ට ඔබ අත්හැර දමා ගිය දේපළවලින් හතරෙන් එක් පංගුවක් (ලැඛෙන්නේය). ඔබට දරුවන් සිටියහොත් හෝ ඔබ අත්හැර දමා ගිය දැයෙන් අටෙන් එක් පංගුවක්ම ඔවුන්ට ඇත. එයත් (ඔබගේ) අන්තිම කැමැත්තද, ණයද ගෙවීමෙන් පසුවය! (පියා, සීයා, දරුවා, මුණුබුරා ආදී) උරුමක්කාරයින් නොමැති එක් පිරිමියෙකු හෝ නැතහොත් එක් කාන්තාවක් හෝ මිය ගොස් (ඔවුන්ට එකම මවකගේ) එක සහෝදරයෙකු නැතහොත් (එකම මවකගේ) එක සහෝදරියක් සිටියහොත් ඔවුන්ගෙන් සෑම කෙනෙකුටම (මිය ගිය අය අත්හැර දමා ගිය දැයෙන්) හයෙන් එක් පංගුවක් ඇත. මීට වැඩියෙන් (එනම්, කෙනෙකුට වැඩි එක් සහෝදරයෙකුද, එක් සහෝදරියක්ද, නැතහොත් සහෝදරයින් දෙදෙනෙකුද, නැතහොත් සහෝදරියන් දෙදෙනෙකුද) සිටියහොත් (දේපළවලින්) තුනෙන් එක් පංගුවකින් ඔවුන් (සියල්ලන්ම) සමාන කොටස්කරුවන්ය. මෙයත් (ඔහුගේ) අන්තිම කැමැත්ත හා ණය ආදිය ගෙවීමෙන් පසුවය! එහෙත් (අන්තිම කැමැත්ත මගින් උරුමක්කාරයින්ගෙන් කිසිවෙකුටත්) පාඩුවක් ඇති නොකරන්නෙකු වශයෙන් සිටිය යුතුය. (මෙය) අල්ලාහ්ගේ නියෝගයක් වන්නේය. අල්ලාහ් හොඳින් දන්නෙකු හා ඉතාමත් ඉවසිලිවන්තයෙකුද වශයෙන් සිටින්නේය.
تِلْكَ حُدُودُ ٱللَّهِ ۚ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدْخِلْهُ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ١۳
මේවා අල්ලාහ්ගේ සීමාවන් වන්නේය. කවුරුන් (මෙම කාරණාවන්හි) අල්ලාහ්ටද, ඔහුගේ රසූල්වරයාටද අවනත වී කටයුතු කරන්නෝද, ඔවුන්ව දිය දහරා සදා ගලමින් ඇති ස්වර්ගයන්හි ඔහු සේන්දු කරන්නේය. ඒවායේම ඔවුන් සදහටම රැඳී සිටිනු ඇත. මෙය ඉමහත් වූ භාග්‍යයක් වන්නේය.
وَمَن يَعْصِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَتَعَدَّ حُدُودَهُۥ يُدْخِلْهُ نَارًا خَٰلِدًۭا فِيهَا وَلَهُۥ عَذَابٌۭ مُّهِينٌۭ ١٤
කවුරුන් (මෙම කාරණාවෙහි) අල්ලාහ්ටද ඔහුගේ රසූල්වරයාටද වෙනස්කම් කර, ඔහු (ඇති කළ) සීමාවන් ඉක්මවා යන්නේද, ඔහුව, ඔහු (අල්ලාහ්) නිරයෙහි ඇතුළු කර දමන්නේය. එහි ඔවුන් සදහටම රැඳී සිටිනු ඇත. තවද අවමන් ගෙනදෙන දඬුවම්ද (එහි) ඔවුන්ට ඇත.
وَٱلَّٰتِى يَأْتِينَ ٱلْفَٰحِشَةَ مِن نِّسَآئِكُمْ فَٱسْتَشْهِدُوا۟ عَلَيْهِنَّ أَرْبَعَةًۭ مِّنكُمْ ۖ فَإِن شَهِدُوا۟ فَأَمْسِكُوهُنَّ فِى ٱلْبُيُوتِ حَتَّىٰ يَتَوَفَّىٰهُنَّ ٱلْمَوْتُ أَوْ يَجْعَلَ ٱللَّهُ لَهُنَّ سَبِيلًۭا ١٥
ඔබගේ කාන්තාවන්ගෙන් කවුරුන් හෝ අවමානයෙන් යුතු ක්‍රියාවක් කළහොත් (කළාය යයි චෝදනා කරනු ලැබුවහොත්) ඇය කෙරෙහි (එම චෝදනාව ඔප්පු කිරීමට) ඔබගෙන් සාක්ෂීන් හතරක් කැඳවනු. ඔවුන් (එය සත්‍යය කර) සාක්ෂි දැරුවහොත් මරණය ඔවුන්ගේ කාරණාව අවසන් කර දමන තෙක් නැතහොත් අල්ලාහ් ඔවුන්ට මාර්ගයක් සලස්වන තුරු ඔවුන්ව නිවෙස් තුළ වළක්වා තබනු.
وَٱلَّذَانِ يَأْتِيَٰنِهَا مِنكُمْ فَـَٔاذُوهُمَا ۖ فَإِن تَابَا وَأَصْلَحَا فَأَعْرِضُوا۟ عَنْهُمَآ ۗ إِنَّ ٱللَّهَ كَانَ تَوَّابًۭا رَّحِيمًا ١٦
ඔබගෙන් (ඔබගේ පිරිමින්) දෙදෙනෙකු මෙවැනි කාරණාවක් කළහොත් ඒ දෙදෙනාවම (නින්දා කර, නැතහොත් පහර දී හෝ) වේදනා කරනු. ඒ දෙදෙනාම (තමන්ගේ වැරැද්දට) පසුතැවිලි වී (එයින් ඈත් වී) හොඳින් කටයුතු කළහොත් ඔවුන්ව (වේදනා නොකර) අත්හැර දමනු. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමා කරන්නෙකු හා දයාබරවද සිටින්නේය.
إِنَّمَا ٱلتَّوْبَةُ عَلَى ٱللَّهِ لِلَّذِينَ يَعْمَلُونَ ٱلسُّوٓءَ بِجَهَٰلَةٍۢ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍۢ فَأُو۟لَٰٓئِكَ يَتُوبُ ٱللَّهُ عَلَيْهِمْ ۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًۭا ١۷
කවුරුන් (තමන්ගේ) මෝඩකම නිසා පාපයන් කර, (එය පාපයක් යයි දැන ගත්තායින්) පසු පසුතැවිලි වී ඉතාමත් සීඝ්රයෙන් (එයින්) ඈත් වන්නෝද, එවැන්නන්ට සමාව දීම අල්ලාහ් කෙරෙහි අනිවාර්යය යුතුකමක් බවට පත් වන්නේය. එබැවින් අල්ලාහ් ඔවුන්ව ආදරයෙන් යුතුව බලන්නේය. අල්ලාහ් හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَلَيْسَتِ ٱلتَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ حَتَّىٰٓ إِذَا حَضَرَ أَحَدَهُمُ ٱلْمَوْتُ قَالَ إِنِّى تُبْتُ ٱلْـَٰٔنَ وَلَا ٱلَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ ۚ أُو۟لَٰٓئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًۭا ١۸
පාපයන් කරමින් සිටින ඔවුන්ගෙන් කෙනෙකුට මරණය ළඟා වූ විට, “මෙන්න! මා (මගේ පාපයන්ට) පස්චාතාප වන්නෙමි” යයි පවසන්නේද ඔහුටද, කවුරුන් (විශ්වාසය නොතබා ප්‍රතික්ෂේප කර) ප්රතික්ෂේපය මතම සිටින්නෝද ඔවුන්ටද, පව් ක්ෂමාවක් නැත! මෙවැන්නන්ට වේදනා ගෙන දෙන දඬුවමම පිළියෙල කර ඇත්තෙමු.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا يَحِلُّ لَكُمْ أَن تَرِثُوا۟ ٱلنِّسَآءَ كَرْهًۭا ۖ وَلَا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا۟ بِبَعْضِ مَآ ءَاتَيْتُمُوهُنَّ إِلَّآ أَن يَأْتِينَ بِفَٰحِشَةٍۢ مُّبَيِّنَةٍۢ ۚ وَعَاشِرُوهُنَّ بِٱلْمَعْرُوفِ ۚ فَإِن كَرِهْتُمُوهُنَّ فَعَسَىٰٓ أَن تَكْرَهُوا۟ شَيْـًۭٔا وَيَجْعَلَ ٱللَّهُ فِيهِ خَيْرًۭا كَثِيرًۭا ١۹
විශ්වාසවන්තයිනි! කාන්තාවන්ව (ඔවුන් ඔබව කැමති නොවී පිළිකුල් කර සිටියදී, මිය ගිය අයගේ දේපළවලින් ගණන් ගනිමින් ඔවුන්ව) බලෙන් අත් කර ගැනීම ඔබට සුදුසු නැත. තවද ප්‍රසිද්ධියේ යම්කිසි අවමන් ගෙන දෙන ක්‍රියාවක් කළහොත් මිස, (ඔබගේ) කාන්තාවන්ට ඔබ දුන් දැයෙන් කිසිවක් ගැනීම පිණිස ඔවුන්ව (ඔබගේ නිවසෙහි) ඔබ, සිර කර නොතබනු. තවද ඔවුන් සමග ගෞරවනීය අන්දමින්ද, (සැහැල්ලූවෙන්ද) කටයුතු කරනු. ඔවුන්ව ඔබ පිළිකුල් කළා වුවද කම් නැත! මන්දයත් ඔබ පිළිකුල් කරන දැයෙහි අල්ලාහ් අනේක හොඳ තබා තිබිය හැකිය.
وَإِنْ أَرَدتُّمُ ٱسْتِبْدَالَ زَوْجٍۢ مَّكَانَ زَوْجٍۢ وَءَاتَيْتُمْ إِحْدَىٰهُنَّ قِنطَارًۭا فَلَا تَأْخُذُوا۟ مِنْهُ شَيْـًٔا ۚ أَتَأْخُذُونَهُۥ بُهْتَٰنًۭا وَإِثْمًۭا مُّبِينًۭا ٢۰
එක් භාර්යයාවක් (පහ කර, ඇය) වෙනුවට වෙනත් කාන්තාවක් (විවාහ කර ගැනීමට) ඔබ අදහස් කළහොත් (පහ කරන්නට අදහස් කරන) එම පෙර සිටි බිරිඳට ඔබ එක් (රන්) පොදියක් දී තිබුණද, එයින් කිසිවක් ඔබ නොගනු. අසාධාරණයේද, ප්රසිද්ධියේද වරදක් පටවා එය (ඇයට ඔබ දුන් දැය) ඔබට උදුරා ගත හැකිද?
وَكَيْفَ تَأْخُذُونَهُۥ وَقَدْ أَفْضَىٰ بَعْضُكُمْ إِلَىٰ بَعْضٍۢ وَأَخَذْنَ مِنكُم مِّيثَٰقًا غَلِيظًۭا ٢١
එය ඔබ කෙසේ නම් ඇර ගත හැකිද? ඔබ වෙතින් ස්ථීර වූ පොරොන්දුවක් (බොහොමයක් දෙනා දන්නා අන්දමින්) ඇය ලබාගෙන, ඔබගෙන් කෙනෙකු තවත් කෙනෙකු (එක්කාසු වී) කළවම් කර හැරියා නොවෙද!
وَلَا تَنكِحُوا۟ مَا نَكَحَ ءَابَآؤُكُم مِّنَ ٱلنِّسَآءِ إِلَّا مَا قَدْ سَلَفَ ۚ إِنَّهُۥ كَانَ فَٰحِشَةًۭ وَمَقْتًۭا وَسَآءَ سَبِيلًا ٢٢
පෙර සිදු වී ගිය සිදුවීම් මිස ඔබ, ඔබගේ පියවරුන් විවාහ කර ගත් කාන්තාවන්ගෙන් කිසිවෙකුත් (ඔවුන් මිය යාමෙන් පසු, නැවත) විවාහ කර නොගනු. නියත වශයෙන්ම මෙය අවමන් ගෙන දෙන එකක් වශයෙන්ද, පිළිකුල් සහගත එකක් වශයෙන්ද, නපුරු මාර්ගයක් වශයෙන්ද ඇත්තේය.
حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَٰتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَٰتُكُمْ وَعَمَّٰتُكُمْ وَخَٰلَٰتُكُمْ وَبَنَاتُ ٱلْأَخِ وَبَنَاتُ ٱلْأُخْتِ وَأُمَّهَٰتُكُمُ ٱلَّٰتِىٓ أَرْضَعْنَكُمْ وَأَخَوَٰتُكُم مِّنَ ٱلرَّضَٰعَةِ وَأُمَّهَٰتُ نِسَآئِكُمْ وَرَبَٰٓئِبُكُمُ ٱلَّٰتِى فِى حُجُورِكُم مِّن نِّسَآئِكُمُ ٱلَّٰتِى دَخَلْتُم بِهِنَّ فَإِن لَّمْ تَكُونُوا۟ دَخَلْتُم بِهِنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ وَحَلَٰٓئِلُ أَبْنَآئِكُمُ ٱلَّذِينَ مِنْ أَصْلَٰبِكُمْ وَأَن تَجْمَعُوا۟ بَيْنَ ٱلْأُخْتَيْنِ إِلَّا مَا قَدْ سَلَفَ ۗ إِنَّ ٱللَّهَ كَانَ غَفُورًۭا رَّحِيمًۭا ٢۳
ඔබගේ මව්වරුන්ද, ඔබගේ දියණියන්ද, ඔබගේ සහෝදරියන්ද, ඔබගේ පියාගේ සහෝදරියන්ද, ඔබගේ මවගේ සහෝදරියන්ද, ඔබගේ සහෝදරයින්ගේ දියණියන්ද, ඔබගේ සහෝදරියගේ දියණියන්ද, ඔබට කිරි දුන් ඔබගේ කිරි මව්වරුන්ද, ඔබගේ කිරි මෙන් වූ සහෝදරියන්ද, ඔබගේ භාර්යයාවන්ගේ මව්වරුන්ද, (ආදී මොවුන්ව ඔබ විවාහ කර ගැනීම) ඔබට තහනම් කරනු ලැබ ඇත. (ඔබ එක් කාන්තාවක් විවාහ කරගෙන) එසේම (ඔබ විවාහ කර ගත් අයගෙන්) ඔබ එක්කාසු වූ බිරිඳගේ පෙර සිටි ස්වාමිපුරුෂයාට දාව උපන් හා ඔබ වෙත හැදී වැඩෙන (බිරිඳගේ) දියණියද (ඔබට විවාහ කර ගැනීම තහනම්ය). නමුත් (ඔබ විවාහ කරගෙන) ඇය සමග එක්කාසු නොවී සිටියහොත් හෝ (ඇයව පහ කර, ඇයට පෙර සිටි ස්වාමිපුරුෂයාට දාව උපන් දියණිය විවාහ කර ගැනීමෙහි) ඔබ කෙරෙහි වරදක් නැත. ඔබට උපන් ඔබගේ පුතුන්ගේ භාර්යයාවන්ද (ඔබට විවාහ කර ගැනීම තහනම් කරනු ලැබ ඇත්තේය). සහෝදරියන් දෙදෙනෙකු (එකම සමයෙහි භාර්යයාවන් වශයෙන්) එකට එක්කාසු කර තැබීමද (තහනම් කරනු ලැබ ඇත්තේය). මීට පෙර ඉකුත් වී ගිය දැය හැර. (නොදැනුවත්ව සිටියදී ඔබ පෙර කර තිබූ වැරදි ගැන) නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමා කරන්නෙකු හා දයාබරවද සිටින්නේය.
۞ وَٱلْمُحْصَنَٰتُ مِنَ ٱلنِّسَآءِ إِلَّا مَا مَلَكَتْ أَيْمَٰنُكُمْ ۖ كِتَٰبَ ٱللَّهِ عَلَيْكُمْ ۚ وَأُحِلَّ لَكُم مَّا وَرَآءَ ذَٰلِكُمْ أَن تَبْتَغُوا۟ بِأَمْوَٰلِكُم مُّحْصِنِينَ غَيْرَ مُسَٰفِحِينَ ۚ فَمَا ٱسْتَمْتَعْتُم بِهِۦ مِنْهُنَّ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةًۭ ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَٰضَيْتُم بِهِۦ مِنۢ بَعْدِ ٱلْفَرِيضَةِ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًۭا ٢٤
සැමියන් සිටින කාන්තාවන්වද (ඔබට විවාහ කර ගැනීම තහනම් කර ඇත්තේය. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් සමග සිදු වූ යුද්ධයෙන් ත් අඩංගුවට ගනු ලැබ) ඔබගේ යටතෙහි සිටින (වහල්) ස්ත්‍රීන් හැර. (මෙසේ) අල්ලාහ් ඔබ කෙරෙහි නියම කර ඇත්තේය. මොවුන් හැර, අනිත් කාන්තාවන්ව වැරදි අන්දමින් සුවය නොවිඳ, (විවාහ දීමනාව වන) මහර් නියම කර, (නීති ප්‍රකාර විවාහය මගින්) සොයා ගැනීම ඔබට අනුමත කරනු ලැබ ඇත්තේය. එබැවින් (මෙසේ විවාහ කර නොගත් කාන්තාවන් වන) ඔවුන් වෙත ඔබ සුවය වින්ඳහොත්, ඔවුන්ට නියම කරන ලද මහර් ඔවුන් වෙත (අඩුපාඩුවකින් තොරව) ඔබ ගෙවා දමනු. එහෙත් මහර් නියම කිරීමෙන් පසු, (එය අඩු කිරීමට හෝ වැඩි කිරීමට හෝ) දෙදෙනාම කැමති වුවහොත් එයින් ඔබ කෙරෙහි කිසිම වරදක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් (ඔබගේ ක්‍රියාවන්) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන්ද සිටින්නේය.
وَمَن لَّمْ يَسْتَطِعْ مِنكُمْ طَوْلًا أَن يَنكِحَ ٱلْمُحْصَنَٰتِ ٱلْمُؤْمِنَٰتِ فَمِن مَّا مَلَكَتْ أَيْمَٰنُكُم مِّن فَتَيَٰتِكُمُ ٱلْمُؤْمِنَٰتِ ۚ وَٱللَّهُ أَعْلَمُ بِإِيمَٰنِكُم ۚ بَعْضُكُم مِّنۢ بَعْضٍۢ ۚ فَٱنكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَءَاتُوهُنَّ أُجُورَهُنَّ بِٱلْمَعْرُوفِ مُحْصَنَٰتٍ غَيْرَ مُسَٰفِحَٰتٍۢ وَلَا مُتَّخِذَٰتِ أَخْدَانٍۢ ۚ فَإِذَآ أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَٰحِشَةٍۢ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى ٱلْمُحْصَنَٰتِ مِنَ ٱلْعَذَابِ ۚ ذَٰلِكَ لِمَنْ خَشِىَ ٱلْعَنَتَ مِنكُمْ ۚ وَأَن تَصْبِرُوا۟ خَيْرٌۭ لَّكُمْ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ٢٥
ඔබගෙන් කවුරුන්ට නිදහස් විශ්වාසවන්ත කාන්තාවන්ව විවාහ කර ගැනීමට ශක්තියක් නොමැත්තේද, ඔහු විශ්වාසවන්ත කාන්තාවන්ගෙන් ඔබගේ යටතෙහි සිටින (වහල්) ස්ත්‍රියක් (විවාහය මගින්) ලබා ගත හැකිය. අල්ලාහ් ඔබගේ විශ්වාසය හොඳින් දැනගෙනම සිටින්නේය. (මෙවැනි කාන්තාවන්ව අවමානයෙන් යුතුව නොසිතනු. විශ්වාසවන්තයින් වන) ඔබගෙන් කවුරුන් වුවත් අන් කෙනෙකුට සම වන්නේය. එබැවින් (විශ්වාසය තැබූ වහල් ස්ත්‍රීන්වද), ඔවුන්ගේ හාම්පුතාගේ අනුමැතිය ලබා ගෙන, නීති ප්‍රකාර ඔවුන්ට අයත් මහර්ද ඔවුන් වෙත ලබා දීමෙන් අනතුරුව, ඔබ ඔවුන්ව විවාහ කර ගත යුතුය. (එම කාන්තාවන්) වශ්යාවන් වශයෙන් හෝ අපචාරයේ හැසිරෙන්නන් වශයෙන් හෝ සිටිය නොයුතුය. (නැතහොත් අනියම් බිරියක් වශයෙන්ද ඔබ ඔවුන් සමග සම්බන්ධකම් නොපැවැත්විය යුතුය. මෙසේ) විවාහ කර ගනු ලැබූ (වහල්) ස්ත්‍රිය අපචාරයෙහි යෙදුනහොත්, ඇයට (මෙවැනි වැරැද්දක් කළ වහල් නොවන) විවාහ වූ අයිතිය ඇති කාන්තාවන්ට නියම කරනු ලබන දඬුවමෙන් අඩක් නියම කරනු ලැබේ. (තවද) ඔබගෙන් කවුරුන් (බිරිඳක් නොමැතිව සිටියහොත් තමන් විසින්) පාපයක් සිදු විය හැකිය යයි බිය වන්නෙහුද, ඔවුන්ටම මෙය (වලංගු වන්නේය). එහෙත් ඔබ (විවාහය නොමැතිවම) ඉවසා සිටීමට (හැකි නම්, එයම) ඔබට අගනේය. අල්ලාහ් (වැරදි වලට) සමාව දෙන්නෙකු වශයෙන් හා ඉතාමත් දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය.
يُرِيدُ ٱللَّهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ ٱلَّذِينَ مِن قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ ٢٦
අල්ලාහ් (තමන්ගේ නියෝගයන්) ඔබට පැහැදිලි කර, ඔබට පෙර විසූ (දැහැමියන්) ගිය ඍජු මාර්ගයන්හි ඔබවද ඇතුළු කර, (ඔබගේ පාපයන්ට සමාව දී) ඔබ කෙරෙහි ආදර කරුණාව අත් කර දීමටම කැමති වන්නේය. අල්ලාහ් හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَٱللَّهُ يُرِيدُ أَن يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلشَّهَوَٰتِ أَن تَمِيلُوا۟ مَيْلًا عَظِيمًۭا ٢۷
එබැවින් ඔබ පාපයන්ගෙන් මිදී සිටීමම අල්ලාහ් කැමති වන්නේය. එහෙත් (සම්පූර්ණයෙන්ම කායික) සුවයම අනුගමනය කරමින් කටයුතු කරන්නන් නම්, ඔබ (ඍජු මාර්ගයෙන්) සම්පූර්ණයෙන්ම ඈත් වී (පාපයන්හි ගැලී) සිටීමම (අල්ලාහ්) කැමති වන්නේය.
يُرِيدُ ٱللَّهُ أَن يُخَفِّفَ عَنكُمْ ۚ وَخُلِقَ ٱلْإِنسَٰنُ ضَعِيفًۭا ٢۸
(තවද) අල්ලාහ් (තම නියෝගයන්) ඔබට පහසු කිරීමටම කැමති වන්නේය. මන්දයත් මිනිසා ඛෙලහීනයන් වශයෙන්ම උත්පාදනය කරනු ලැබ ඇත්තේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَأْكُلُوٓا۟ أَمْوَٰلَكُم بَيْنَكُم بِٱلْبَٰطِلِ إِلَّآ أَن تَكُونَ تِجَٰرَةً عَن تَرَاضٍۢ مِّنكُمْ ۚ وَلَا تَقْتُلُوٓا۟ أَنفُسَكُمْ ۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُمْ رَحِيمًۭا ٢۹
විශ්වාසවන්තයිනි! ඔබ තුළ කැමැත්තට අනුව සිදු වන වෙළහෙළඳාමකට අනුව මිස, ඔබගෙන් කෙනෙකු අනිත් කෙනාගේ වස්තූන් වැරදි අන්දමින් ගිල නොදැමිය යුතුය. තවද (මේ සඳහා) ඔබගෙන් කෙනෙකුට කෙනෙකු (ආරවුල් ඇති කරගෙන) කපා කොටා නොගනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කෙරෙහි ඉතාමත් දයාබරව සිටින්නේය.
وَمَن يَفْعَلْ ذَٰلِكَ عُدْوَٰنًۭا وَظُلْمًۭا فَسَوْفَ نُصْلِيهِ نَارًۭا ۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًا ۳۰
කවුරුන් හෝ (අල්ලාහ්ගේ) සීමාවන් ඉක්මවා අපරාධ වශයෙන් මේ අන්දමට කළහොත් අපි ඔහුව (පරලොවදී) නිරයෙහි සේන්දු කර හරින්නෙමු. මෙසේ කිරීම අල්ලාහ්ට ඉතාමත් පහසු දැයකි!
إِن تَجْتَنِبُوا۟ كَبَآئِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَنُدْخِلْكُم مُّدْخَلًۭا كَرِيمًۭا ۳١
ඔබට තහනම් කරන ලද ඉමහත් පාපතර කාරණාවන්ගෙන් ඔබ ඈත් වුවහොත් ඔබගේ (අනිත් සුළු) පාපයන්ට (එය) වන්දි වශයෙන් ගෙන, ඔබට (සමාව දී ඉතාමත්) ගෞරවනීය ෙදාරටුවෙන් ඇතුළු කරන්නෙමු.
وَلَا تَتَمَنَّوْا۟ مَا فَضَّلَ ٱللَّهُ بِهِۦ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍۢ ۚ لِّلرِّجَالِ نَصِيبٌۭ مِّمَّا ٱكْتَسَبُوا۟ ۖ وَلِلنِّسَآءِ نَصِيبٌۭ مِّمَّا ٱكْتَسَبْنَ ۚ وَسْـَٔلُوا۟ ٱللَّهَ مِن فَضْلِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَىْءٍ عَلِيمًۭا ۳٢
ඔබගෙන් සමහරෙකුව සමහරෙකු මත අල්ලාහ් උසස් කර (දයාව පහළ කර) තිබීම ගැන ඔබ තන්හාව අති කර නොගනු. පිරිමින්ට ඔවුන් හරි හම්බ කර ගත් දැයෙන් (වරප්රසාදයෙන්ද, වස්තූන්ගෙන්ද) කොටසක් අයිතිය. (එසේම) කාන්තාන්ටද ඔවුන් හරි හම්බ කර ගත් දැයෙන් කොටසක් අයිතිය. එබැවින් (පිරිමි, ගැහැනු සෑම කෙනෙකුම දැහැමි ක්‍රියාවන් මගින්) අල්ලාහ්ගේ වරප්රසාදයන් ඔහු වෙතින්ම ඉල්ලා සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් (තම වරප්රසාදයන් කවුරුන්ට කොපමණ දිය යුතුද යන්න වැනි) සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
وَلِكُلٍّۢ جَعَلْنَا مَوَٰلِىَ مِمَّا تَرَكَ ٱلْوَٰلِدَانِ وَٱلْأَقْرَبُونَ ۚ وَٱلَّذِينَ عَقَدَتْ أَيْمَٰنُكُمْ فَـَٔاتُوهُمْ نَصِيبَهُمْ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدًا ۳۳
සෑම කෙනෙකුටම (ඔවුන්ගේ) දෙමව්පියන්, කිට්ටු ඥාතීන් (ආදීන්) අත්හැර දමා ගිය දේපළවලට (ප්‍රතිශතයට අනුව ඔවුන්ගේ දේපළ අත් කර ගත හැකි) උරුමක්කාරයින්ව අපි ඇති කර ඇත්තෙමු. (එසේම) ඔබ ගිවිසුම් ඇති කර ගත් අයටද (නියම කර ඇත්තෙමු). එබැවින් ඔවුන්ගේ පංගුව ඔවුන්ට ලබා දෙනු. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ලටම සාක්ෂි වශයෙන් සිටින්නේය.
ٱلرِّجَالُ قَوَّٰمُونَ عَلَى ٱلنِّسَآءِ بِمَا فَضَّلَ ٱللَّهُ بَعْضَهُمْ عَلَىٰ بَعْضٍۢ وَبِمَآ أَنفَقُوا۟ مِنْ أَمْوَٰلِهِمْ ۚ فَٱلصَّٰلِحَٰتُ قَٰنِتَٰتٌ حَٰفِظَٰتٌۭ لِّلْغَيْبِ بِمَا حَفِظَ ٱللَّهُ ۚ وَٱلَّٰتِى تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَٱهْجُرُوهُنَّ فِى ٱلْمَضَاجِعِ وَٱضْرِبُوهُنَّ ۖ فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُوا۟ عَلَيْهِنَّ سَبِيلًا ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيًّۭا كَبِيرًۭا ۳٤
කාන්තාවන්ගේ පරිපාලකයන් වශයෙන් පිරිමින්ම සිටින්නාහ. මන්දයත් ඔවුන්ගෙන් කෙනෙකුට වඩා අනිත් කෙනාව අල්ලාහ් උසස් කර තබා ඇත්තේය. හැරත් (පිරිමින් වන) ඔවුන්, තමන්ගේ වස්තුව කාන්තාවන් වෙනුවෙන් වියදම් කරන්නාහ. එබැවින් හොඳ සීලාචාර ගති පැවතුම් ඇති කාන්තාවන් (අල්ලාහ්ටද, තමන්ගේ ස්වාමිපුරුෂයාටද) යටහත් පහත් වී කටයුතු කරන්නාහ. (තමන්ගේ ස්වාමිපුරුෂයා) ඉදිරියේ නොසිටින අවස්ථාවන්හිදී ආරක්ෂා කර ගත යුතුය යන අල්ලාහ් කැමති වන දැය (-තමන්වද, ස්වාමිපුරුෂයාගේ අනිත් වස්තූන්ද) ඉතාමත් ප්‍රවේසමෙන් ආරක්ෂා කර ගන්නාහ. කවුරුන් හෝ (ස්වාමිපුරුෂයාට) වෙනස්කම් කරනු ඇතැයි ඔබ බිය වුවහොත්, ඇයට හොඳ ඔවදන් ලබා දෙනු. (ඇය නිවැරදි නොවුවහොත්) යහනාවෙන් ඇයව ඈත් කර තබනු. (එයිනුත් ඇය පිළිසකර නොවුවහොත්) ඇයට (ලිහිල් අන්දමට) ගසනු. එමගින් ඇය ඔබට අවනත වුවහොත් ඇය කෙරෙහි (වෙනත් වැරදි පැටවීමට) කිසි මාර්ගයක් නොසොයනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ශ්‍රේෂ්ඨවන්තයෙකු හා අති විශාලවන්තයෙකුද වශයෙන් සිටින්නේය.
وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَٱبْعَثُوا۟ حَكَمًۭا مِّنْ أَهْلِهِۦ وَحَكَمًۭا مِّنْ أَهْلِهَآ إِن يُرِيدَآ إِصْلَٰحًۭا يُوَفِّقِ ٱللَّهُ بَيْنَهُمَآ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا خَبِيرًۭا ۳٥
(අඹු සැමියන් වන) දෙදෙනා අතරේ (ආරවුලක් ඇති වී) වෙන්වීමක් ඇති වේවිදෝ යයි ඔබ බිය වුවහොත්, ඔහුගේ පවුලේ අයගෙන් කෙනෙකුව මධ්‍යස්ථයෙකු වශයෙන්ද, ඇයගේ පවුලේ අයගෙන් කෙනෙකුව මධ්‍යස්ථයෙකු වශයෙන්ද ඔබ පත් කරනු. ඒ දෙදෙනාම (මොවුන් අතරේ) සමාදානයක් ඇති කිරීමට කැමැත්තක් දක්වා (උත්සාහ කළහොත්) අල්ලාහ් මේ දෙදෙනාව එකමුතු කර හරිණු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලන්වම) හොඳින් දන්නෙකු හා අවධානය කරන්නෙකු වශයෙන් සිටින්නේය.
۞ وَٱعْبُدُوا۟ ٱللَّهَ وَلَا تُشْرِكُوا۟ بِهِۦ شَيْـًۭٔا ۖ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَٰنًۭا وَبِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينِ وَٱلْجَارِ ذِى ٱلْقُرْبَىٰ وَٱلْجَارِ ٱلْجُنُبِ وَٱلصَّاحِبِ بِٱلْجَنۢبِ وَٱبْنِ ٱلسَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَٰنُكُمْ ۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ مُخْتَالًۭا فَخُورًا ۳٦
අල්ලාහ්වම නමදිනු. ඔහුට කිසිවක් සමානයන් වශයෙන් නොතබනු. දෙමව්පියන්ට කෘතඥ වනු. (එසේම) ඥාතීන්ටද, අනාථයින්ටද, දුප්පතුන්ටද, අසල්වැසි ඥාතීන්ටද, අසල්වැසි අන්‍යයන්ටද, (සෑමවිටම) ඔබ සමග සිටින මිතුරන්ටද, මැගියන්ටද, ඔබ යටතේ සිටින්නන්ටද (ආදරයෙන් යුතුව කෘතඥ වනු). කවුරුන් ගර්විතව ආඩම්බරයෙන් යුතුව හැසිරෙන්නේද, ඔහුව නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත.
ٱلَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ ٱلنَّاسَ بِٱلْبُخْلِ وَيَكْتُمُونَ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ ۗ وَأَعْتَدْنَا لِلْكَٰفِرِينَ عَذَابًۭا مُّهِينًۭا ۳۷
(හැරත්) මසුරුකම් කරන්නන්වද, (අනිත්) මිනිසුන්ව මසුරුකම් කරන මෙන් පොළඹවන්නන්වද අල්ලාහ් තම දයාවෙන් තමන්ට ලබා දුන් දැයද (අන් අයට නොදී) සඟවා ගන්නා අයවද (අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත). ප්‍රතික්ෂේප කරන්නන්ට අවමන් ගෙන දෙන දඬුවම්ම අපි පිළියෙල කර තබා ඇත්තෙමු.
وَٱلَّذِينَ يُنفِقُونَ أَمْوَٰلَهُمْ رِئَآءَ ٱلنَّاسِ وَلَا يُؤْمِنُونَ بِٱللَّهِ وَلَا بِٱلْيَوْمِ ٱلْءَاخِرِ ۗ وَمَن يَكُنِ ٱلشَّيْطَٰنُ لَهُۥ قَرِينًۭا فَسَآءَ قَرِينًۭا ۳۸
තවද කවුරුන් (උඩඟුකම බලාපොරොත්තුවෙන්) මිනිසුන්ට පෙන්වීම සඳහා තමන්ගේ මුදල් (වස්තූන්) වියදම් කරමින් අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස නොකර සිටින්නෝද, (ඔවුන්වද අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත. ඔවුන්ට ෂෙයිතාන්ම මිතුරාය). කවුරුන් හට ෂෙයිතාන් මිතුරෙකු වශයෙන් සිටින්නේද, ඔහු ඉතාමත් නපුරු මිතුරෙකි.
وَمَاذَا عَلَيْهِمْ لَوْ ءَامَنُوا۟ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَأَنفَقُوا۟ مِمَّا رَزَقَهُمُ ٱللَّهُ ۚ وَكَانَ ٱللَّهُ بِهِمْ عَلِيمًا ۳۹
අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස කර, අල්ලාහ් මොවුන්ට ලබා දී ඇති දැයෙන් දානමාන කරමින් සිටියහොත්, එමගින් මොවුන්ට කුමන පාඩුවක් නම් ඇති විය හැකිද? අල්ලාහ් මොවුන්ව හොඳින් දැන සිටින්නේය.
إِنَّ ٱللَّهَ لَا يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍۢ ۖ وَإِن تَكُ حَسَنَةًۭ يُضَٰعِفْهَا وَيُؤْتِ مِن لَّدُنْهُ أَجْرًا عَظِيمًۭا ٤۰
නියත වශයෙන්ම අල්ලාහ් (කිසිවෙකුටත් ඔවුන්ගේ පාපයන්ට අධික වශයෙන් දඬුවම් ලබා දී) එක් අනු ප්‍රමාණයකින්වත් අපරාධයක් කරන්නේ නැත. එහෙත් (එක් අනු ප්‍රමාණයක) පිනක් තිබුණහොත් (වුවද) එය දෙගුණයක් කර, තම දයාව මගින් (පසුවද එයට) ඉමහත් වූ ඵලවිපාක ලබා දෙන්නේය.
فَكَيْفَ إِذَا جِئْنَا مِن كُلِّ أُمَّةٍۭ بِشَهِيدٍۢ وَجِئْنَا بِكَ عَلَىٰ هَٰٓؤُلَآءِ شَهِيدًۭا ٤١
(නබියේ!) සෑම ජනතාවන්ගෙන්ම (ඔවුන්ගේ නබිවරයා වන) සාක්ෂිය අපි ගෙන එන විට, (ඔබව ප්‍රතික්ෂේප කරන) මොවුන් සියල්ලන්ටම (ප්රතිවරුද්ධ) සාක්ෂියක් වශයෙන් ඔබව අපි ගෙන ආවහොත්, (ඔබව ප්‍රතික්ෂේප කළ මොවුන්ගේ තත්වය) කෙබඳු එකක් වන්නට ඉඩ ඇත්ද?
يَوْمَئِذٍۢ يَوَدُّ ٱلَّذِينَ كَفَرُوا۟ وَعَصَوُا۟ ٱلرَّسُولَ لَوْ تُسَوَّىٰ بِهِمُ ٱلْأَرْضُ وَلَا يَكْتُمُونَ ٱللَّهَ حَدِيثًۭا ٤٢
(මෙසේ අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කර, (අල්ලාහ්ගේ) දූතයාට වෙනස්කම් කළ අය, භූමිය තමන්ව ජීරණය කර ගත්තා නම් අගනේය යයි එදින කැමති වන්නාහ. මොවුන්ට අල්ලාහ් වෙත කිසිම කාරණාවක් සඟවා ගත නොහැක.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَقْرَبُوا۟ ٱلصَّلَوٰةَ وَأَنتُمْ سُكَٰرَىٰ حَتَّىٰ تَعْلَمُوا۟ مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِى سَبِيلٍ حَتَّىٰ تَغْتَسِلُوا۟ ۚ وَإِن كُنتُم مَّرْضَىٰٓ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَآءَ أَحَدٌۭ مِّنكُم مِّنَ ٱلْغَآئِطِ أَوْ لَٰمَسْتُمُ ٱلنِّسَآءَ فَلَمْ تَجِدُوا۟ مَآءًۭ فَتَيَمَّمُوا۟ صَعِيدًۭا طَيِّبًۭا فَٱمْسَحُوا۟ بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَفُوًّا غَفُورًا ٤۳
විශ්වාසවන්තයිනි! ඔබ පවසන දැය අසවල් දැය යයි ඔබට දැන ගත නොහැකි වන සේ ඔබ මත්ව සිටින විට, සලාත් කිරීමට නොයනු. තවද ඔබ කිළ්ලට හසු වී සිටියහොත් ස්නානය කරන තුරු (සලාතයට නොයනු). එහෙත් ගමනෙහි යෙදී සිටියහොත් හැර. එබැවින් ඔබ රෝගියෙකු වශයෙන් හෝ ගමනෙහි හෝ මළ ජල පහ කිරීමෙන් හෝ කාන්තාවන්ට ළං වී (එක්කාසු වී) සිටියහොත් හෝ (පිරිසිදු කර ගැනීමට) ඔබට ජලයද ලබා ගත නොහැකි වී (සලාතයේ කාලයද පැමිණියහොත්, ඒ සඳහා ඔබ සලාතය කල් දැමීමට අවශ්‍යය නැත), පිරිසිදු වැලි ස්පර්ශ කර, ඔබගේ මුහුණුද, ඔබගේ අත්ද, පිස දමා තයම්මම් කර ගනු. (පසුව සලාත් කරනු). නියත වශයෙන්ම අල්ලාහ් (වැරදි) ඉවසා දරා ගන්නෙකු හා (පාපයන්ට) සමාව දෙන්නෙකු වශයෙන් සිටින්නේය.
أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُوا۟ نَصِيبًۭا مِّنَ ٱلْكِتَٰبِ يَشْتَرُونَ ٱلضَّلَٰلَةَ وَيُرِيدُونَ أَن تَضِلُّوا۟ ٱلسَّبِيلَ ٤٤
(නබියේ!) ධර්මයෙහි එක් කොටසක් දෙනු ලැබූ අයව ඔබ අවධානය කළේ නැද්ද? ඔවුන් (තමන්) දුර්මාර්ගය මිලදී ගත් අතර ඔබද, මාර්ගය වැරද යා යුතුය යයිම අදහස් කරන්නාහ.
وَٱللَّهُ أَعْلَمُ بِأَعْدَآئِكُمْ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَلِيًّۭا وَكَفَىٰ بِٱللَّهِ نَصِيرًۭا ٤٥
ඔබගේ (මෙම) සතුරන්ව අල්ලාහ් හොඳින් දන්නේය. (අල්ලාහ් ඔබට) උදව් උපකාර කිරීමටද ප්‍රමාණවත් කෙනෙකු වන්නේය.
مِّنَ ٱلَّذِينَ هَادُوا۟ يُحَرِّفُونَ ٱلْكَلِمَ عَن مَّوَاضِعِهِۦ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَٱسْمَعْ غَيْرَ مُسْمَعٍۢ وَرَٰعِنَا لَيًّۢا بِأَلْسِنَتِهِمْ وَطَعْنًۭا فِى ٱلدِّينِ ۚ وَلَوْ أَنَّهُمْ قَالُوا۟ سَمِعْنَا وَأَطَعْنَا وَٱسْمَعْ وَٱنظُرْنَا لَكَانَ خَيْرًۭا لَّهُمْ وَأَقْوَمَ وَلَٰكِن لَّعَنَهُمُ ٱللَّهُ بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًۭا ٤٦
යුදෙව්වන්ගෙන් සමහරෙක් (ධර්ම) වදන් (ඒවායේ අර්ථයන්) වෙනස් වන සේ පෙරලා හරිණ අතර, (නබියේ! ඔබට “ඔබ කියූ දැයට) අපි සවන් දුන්නෙමු. එහෙත් අපි (එයට) වෙනස්කම් කරන්නෙමු” (යයි පවසා ඔබගේ) ධර්මයෙහි වැරදි කීමට “(නබියේ! මෙතෙක්) ඔබට ඇසීමට නොහැකි දැය ඔබ අසනු” යයිද පවසා රායිනා යයි මුව ඇද කර, ෙදාඩවන්නාහ. (රායිනා යන වචනයට අරාබි බසින් “අපට උදව් කරනු (සලකනු) මැනව!” යයි අර්ථය වේ. එහෙත් යුදෙව්වන්ගේ බසින් නම්, “මෝඩයා!” යයි අර්ථය වේ. එබැවින් මේ අන්දමට ඔවුන් නොකියා, ඒ වෙනුවට ඔවුන් ඔබට “නබියේ! ඔබ කියූ දැයට) අපි සවන් දුන්නෙමු. (ඔබට) අපි අවනත වුනෙමු. (අපි කියන දැය) ඔබ අසනු” (යයි කියා රායිනා යන වචනය වෙනුවට) උන්ලූර්නා (අපව ආදරයෙන් යුතුව බලනු මැනව!)” යයිද පවසා තිබුණේ නම්, එය ඔවුන්ටම ඉතාමත් හොඳක් වශයෙන්ද, ඍජු එකක් වශයෙන්ද තිඛෙන්නට තිබුණි. එහෙත් ඔවුන්ගේ ප්රතික්ෂේපයේ හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව ශාප කර හැරියේය. එබැවින් (ඔවුන්ගේ) සමහරෙකු හැර, (වැඩි දෙනෙකු) විශ්වාසවන්තයින් වන්නේම නැත.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ ءَامِنُوا۟ بِمَا نَزَّلْنَا مُصَدِّقًۭا لِّمَا مَعَكُم مِّن قَبْلِ أَن نَّطْمِسَ وُجُوهًۭا فَنَرُدَّهَا عَلَىٰٓ أَدْبَارِهَآ أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّآ أَصْحَٰبَ ٱلسَّبْتِ ۚ وَكَانَ أَمْرُ ٱللَّهِ مَفْعُولًا ٤۷
ධර්මය දෙනු ලැබූවනි! ඔබ වෙත ඇති (ධර්මය) සත්‍යය කරන අපි පහළ කරන ලද (මෙම ධර්මය මත) විශ්වාසය තබනු. නොඑසේ නම්, (ඔවුන්ගේ) මුහුණු වෙනස් කර, ඒවා පිටුපස පැත්තට හරවා හරින්නෙමු. නැතහොත් (සෙනසුරාදා දිනයන්හි සීමාව ඉක්මවූ අය වන) අස්හාබුස් සබත් (නමැති අයව) අපි ශාප කළ අන්දමට ඔවුන්වද අපි ශාප කර දමමු! අල්ලාහ්ගේ අණ අනිවාර්යයෙන්ම සිදු වන්නේය!
إِنَّ ٱللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِۦ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُ ۚ وَمَن يُشْرِكْ بِٱللَّهِ فَقَدِ ٱفْتَرَىٰٓ إِثْمًا عَظِيمًا ٤۸
නියත වශයෙන්ම අල්ලාහ් තමන්ට සමානයන් තැබීමට සමාව දෙන්නේම නැත. මෙය හැර, (අන්) කිසිවක් වුවත්, තමන් අදහස් කරන්නන්ට සමාව දෙන්නේය. කවුරුන් අල්ලාහ්ට සමානයන් තබන්නෝද, ඔවුන් නියත වශයෙන්ම අති විශාල පාපයම මනක්කල්පිත කරන්නාහ.
أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ يُزَكُّونَ أَنفُسَهُم ۚ بَلِ ٱللَّهُ يُزَكِّى مَن يَشَآءُ وَلَا يُظْلَمُونَ فَتِيلًا ٤۹
(නබියේ!) තමන්ට තමන්ම පරිශුද්ධභාවය උගන්වන්නන්ව ඔබ දුටුවේ නැද්ද? (ඔවුන් පවසන දැය නිවැරදි) නොව. අල්ලාහ් තමන් කැමති (හොඳ) අයව පරිශුද්ධ කර තබන්නේය. (මෙම කාරණාවෙහි) කිසිවෙකුත් එක් අනු ප්‍රමාණයකින් හෝ අසාධාරණයක් කරනු නොලබන්නාහ.
ٱنظُرْ كَيْفَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ ۖ وَكَفَىٰ بِهِۦٓ إِثْمًۭا مُّبِينًا ٥۰
(නබියේ!) අල්ලාහ්ට (සමානයන් ඇත යයි) ඔවුන් අමූලික බොරු කෙසේ නම් මනක්කල්පිත කරන්නෝද යන්න ඔබ අවධානය කර බලනු. ප්‍රකට පාපයන්ට එයම ප්‍රමාණවත් (උදාහරණයක් වශයෙන්) ඇත්තේය.
أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُوا۟ نَصِيبًۭا مِّنَ ٱلْكِتَٰبِ يُؤْمِنُونَ بِٱلْجِبْتِ وَٱلطَّٰغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُوا۟ هَٰٓؤُلَآءِ أَهْدَىٰ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ سَبِيلًا ٥١
(නබියේ!) ධර්මයෙහි එක් කොටසක් දෙනු ලැබූවන්ව ඔබ දුටුවේ නැද්ද? ඔවුන් පිළිරූද, දේව පැටවුන්වද විශ්වාස කර, (අනිත්) ප්‍රතික්ෂේප කරන්නන්ව ගෙනහැර දක්වා “මොවුන්ම සත්‍ය විශ්වාසයින්ට වඩා ඉතාමත් ඍජු මාර්ගයෙහි සිටින්නෝය” යයි පවසන්නාහ.
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ ۖ وَمَن يَلْعَنِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ نَصِيرًا ٥٢
මොවුන්වම අල්ලාහ් ශාප කරන්නේය. කවුරුන්ව අල්ලාහ් ශාප කර දැමුවේද, ඔවුන්ට උදව් කරන කිසිවෙකුත් ඔබ නොදකින්නෙහිය.
أَمْ لَهُمْ نَصِيبٌۭ مِّنَ ٱلْمُلْكِ فَإِذًۭا لَّا يُؤْتُونَ ٱلنَّاسَ نَقِيرًا ٥۳
(මෙලොව) රජකම් (පාලනය) කිරීමෙහි මොවුන්ට සුළු පංගුවක් හෝ ඇත්තේද? එසේ තිඛෙන්නේ නම්, ඔවුන් (එයින්) මිනිසුන්ට එක් අබ ඇටයක ප්‍රමාණයක් හෝ දෙන්නේ නැත.
أَمْ يَحْسُدُونَ ٱلنَّاسَ عَلَىٰ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ ۖ فَقَدْ ءَاتَيْنَآ ءَالَ إِبْرَٰهِيمَ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَءَاتَيْنَٰهُم مُّلْكًا عَظِيمًۭا ٥٤
අල්ලාහ් තම වරප්‍රසාදයන්ගෙන් ඔවුන්ට දෙනු ලැබීම ගැන, මිනිසුන් කෙරෙහි මොවුන් ඊර්ෂ්‍යා කරන්නෝද? නියත වශයෙන්ම අපි ඉබ්රාහීම්ගේ පරම්පරාවේ දරුවන්ට ධර්මයද, ඥානයද ලබා දී ඒ සමග ඉමහත් වූ රාජ්‍යයද ඔවුන්ට දුන්නෙමු.
فَمِنْهُم مَّنْ ءَامَنَ بِهِۦ وَمِنْهُم مَّن صَدَّ عَنْهُ ۚ وَكَفَىٰ بِجَهَنَّمَ سَعِيرًا ٥٥
එසේ තිබියදී ඔවුන්ගෙන් සමහරෙක් පමණක්ම එම ධර්මය විශ්වාස කළහ. අන් අය ප්‍රතික්ෂේප කර දැමූහ. (ප්‍රතික්ෂේප කළ ඔවුන්ට) දළු ලා දැවෙන නිරයම සරිලන (ඵලවිපාක) වන්නේය.
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًۭا كُلَّمَا نَضِجَتْ جُلُودُهُم بَدَّلْنَٰهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُوا۟ ٱلْعَذَابَ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَزِيزًا حَكِيمًۭا ٥٦
කවුරුන් අපගේ (මෙම ධර්ම) පුස්තකයන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අපි (පරලොවදී) නිරයෙහි සේන්දු කර හරින්නෙමු. ඔවුන් දඬුවම සදා විඳීම සඳහා ඔවුන්ගේ හම දැවී අඟූරු වී යන සෑමවිටම වෙනත් අළුත් හමක් මාරු කරමින්ම සිටින්නෙමු. නියත වශයෙන්ම අල්ලාහ් ඉමහත් බලසම්පන්නව හා ඥානවන්තවද සිටින්නේය.
وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ سَنُدْخِلُهُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۖ لَّهُمْ فِيهَآ أَزْوَٰجٌۭ مُّطَهَّرَةٌۭ ۖ وَنُدْخِلُهُمْ ظِلًّۭا ظَلِيلًا ٥۷
(ඔවුන්ගෙන්) කවුරුන් (ඇත්තෙන්ම) විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ව ස්වර්ගයන්හි ඇතුළු කරන්නෙමු. ඒවායෙහි දිය දහරා සදා ගලමින්ම ඇත්තේය. ඔවුන් ඒවායෙහි සදහටම රැඳී සිටින්නාහ. පරිශුද්ධ වූ වල්ලභයන්ද ඔවුන්ට ඇත. ඝන වූ (පහ නොවන) සෙවණෙහිද ඔවුන්ව අපි වාඩි වීමට සලස්වන්නෙමු.
۞ إِنَّ ٱللَّهَ يَأْمُرُكُمْ أَن تُؤَدُّوا۟ ٱلْأَمَٰنَٰتِ إِلَىٰٓ أَهْلِهَا وَإِذَا حَكَمْتُم بَيْنَ ٱلنَّاسِ أَن تَحْكُمُوا۟ بِٱلْعَدْلِ ۚ إِنَّ ٱللَّهَ نِعِمَّا يَعِظُكُم بِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ كَانَ سَمِيعًۢا بَصِيرًۭا ٥۸
(විශ්වාසවන්තයිනි! ඔබ වෙත විශ්වාසය තබා බාර දෙන ලද) විශ්වාසහරිත වස්තූන් ඒවායේ අයිතිකරුවන් වෙත ඔබ බාර දෙන ලෙසටද, මිනිසුන් අතරේ ඔබ විනිශ්චය ලබා දුන්නහොත් (පක්ෂපාතී නොවී) සාධාරණ ලෙස තීන්දු දෙන ලෙසටද නියත වශයෙන්ම අල්ලාහ් ඔබට නියෝග කරන්නේය. ඔබට අල්ලාහ් ලබා දෙන මෙම උපදේශය ඇත්තෙන්ම ඉතාමත් අගනේය. නියත වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නෙකු වශයෙන්ද අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද සිටින්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَأُو۟لِى ٱلْأَمْرِ مِنكُمْ ۖ فَإِن تَنَٰزَعْتُمْ فِى شَىْءٍۢ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ ۚ ذَٰلِكَ خَيْرٌۭ وَأَحْسَنُ تَأْوِيلًا ٥۹
විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ට අවනත වී කටයුතු කරනු. (එසේම අල්ලාහ්ගේ) දූතයාටද (රසූල්වරයාටද), ඔබගේ ප්‍රධානියාටද අවනත වී කටයුතු කරනු. (විශ්වාසවන්තයිනි!) ඔබ තුළ යම්කිසි කාරණාවකදී භේදයක් ඇති වුවහොත් එය අල්ලාහ් වෙතද, (ඔහුගේ) දූතයා වෙතද, බාර කර හරිනු. ඇත්තෙන්ම ඔබ අල්ලාහ්වද, අවසාන දිනය මතද විශ්වාසය තැබූවන් වශයෙන් සිටින්නෙහු නම්, (ඔවුන්ගේ තීන්දුව ඔබ තෘප්තියෙන් යුතුවම බාර ගනු). මෙයම ඉතාමත් හොඳක් වශයෙන්ද ඉතාමත් අලංකාරවත් තීරණයක් වශයෙන්ද තිඛෙණු ඇත.
أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ ءَامَنُوا۟ بِمَآ أُنزِلَ إِلَيْكَ وَمَآ أُنزِلَ مِن قَبْلِكَ يُرِيدُونَ أَن يَتَحَاكَمُوٓا۟ إِلَى ٱلطَّٰغُوتِ وَقَدْ أُمِرُوٓا۟ أَن يَكْفُرُوا۟ بِهِۦ وَيُرِيدُ ٱلشَّيْطَٰنُ أَن يُضِلَّهُمْ ضَلَٰلًۢا بَعِيدًۭا ٦۰
(නබියේ!) ඔබ කෙරෙහි පහළ කරන ලද දැයද (මෙම ධර්මයද), ඔබට පෙර පහළ කරන ලද සියල්ල (ධර්මයන්)ද, ඇත්තෙන්ම තමන් විශ්වාස කරන බවට ඔප්පු කරන සමහරෙකුව ඔබ දුටුවේ නැද්ද? ඔවුන් ප්‍රතික්ෂේප කර දැමිය යුතු යන අපරාධකරුවෙකුව ඔවුන් (තමන්ට) විනිශ්චය දෙන්නෙකු බවට පත් කර ගැනීමට කැමති වන්නාහ. (අපරාධකරුවා වන) එම ෂෙයිතාන් නම්, ඔවුන්ව ඉතාමත් ඈතින් වූ දුර්මාර්ගයෙහි ඇතුළු කර හැරීමටම කැමති වන්නේය.
وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا۟ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ رَأَيْتَ ٱلْمُنَٰفِقِينَ يَصُدُّونَ عَنكَ صُدُودًۭا ٦١
“(සාධාරණය අත් කර ගැනීමට) අල්ලාහ් පහළ කරන ලද (ධර්මය) දෙසටද, (ඔහුගේ) දූතයා දෙසටද, ඔබ එනු (මැනව!). (එම ෂෙයිතාන් වෙත නොයනු)” යයි ඔවුන් හට කියනු ලැබුවහොත්, එම වංචනිකයින් ඔබගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී යාමම ඔබ දකින්නෙහිය.
فَكَيْفَ إِذَآ أَصَٰبَتْهُم مُّصِيبَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ثُمَّ جَآءُوكَ يَحْلِفُونَ بِٱللَّهِ إِنْ أَرَدْنَآ إِلَّآ إِحْسَٰنًۭا وَتَوْفِيقًا ٦٢
(නබියේ!) ඔවුන්ගේ අත් සොයා ගත් (නපුරු) ක්‍රියාවන් හේතුවෙන් ඔවුන්ට එක් අමාරුකමක් ඇති වූ අවස්ථාවේදී (එයට ප්‍රතිකාරයක් සොයා ගත නොහැකි වූ ඔවුන්ගේ පහත් තත්වය) කෙසේ තිබුනේදැයි (යන්න ඔබ අවධානය කර බලනු). පසුව ඔවුන් ඔබ වෙතම පැමිණ “(අපි ඔවුන් වෙත ගියේ) හොඳක් හා එකමුතුකමක් බලාපොරොත්තුවෙන් මිස, වෙන කිසිවක් අපි අදහස් කරමින් නොව” යයි අල්ලාහ්ගේ නාමයෙන් දිව්රන්නාහ.
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ يَعْلَمُ ٱللَّهُ مَا فِى قُلُوبِهِمْ فَأَعْرِضْ عَنْهُمْ وَعِظْهُمْ وَقُل لَّهُمْ فِىٓ أَنفُسِهِمْ قَوْلًۢا بَلِيغًۭا ٦۳
මෙවැන්නන්ගේ හෘදයන්හි ඇති දැය අල්ලාහ් හොඳින් දැනගෙනම සිටින්නේය. එබැවින් (නබියේ!) ඔබ ඔවුන්ව (ඔවුන්ගේ වැරදි) ප්‍රතික්ෂේප කර, ඔවුන්ට හොඳ ඔවදන් දෙනු (මැනව!). තවද (ඔවුන් සතුව ඇති නපුරුකම් ගැන) ඔවුන්ගේ සිත් තුළ පතිත වන සේ පැහැදිලිව ගෙනහැර දක්වනු මැනව!
وَمَآ أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ ٱللَّهِ ۚ وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُوٓا۟ أَنفُسَهُمْ جَآءُوكَ فَٱسْتَغْفَرُوا۟ ٱللَّهَ وَٱسْتَغْفَرَ لَهُمُ ٱلرَّسُولُ لَوَجَدُوا۟ ٱللَّهَ تَوَّابًۭا رَّحِيمًۭا ٦٤
අල්ලාහ්ගේ නියෝගයන්ට අවනත වීම සඳහා මිස, (මිනිසුන් වෙත) අපි කිසිම දූතයෙකු එවුවේ නැත. එබැවින් (මෙයට වෙනස්කම් කර) ඔවුන් තමන්ට තමන්ම අපරාධ කර ගත් අවස්ථාවේදී ඔබ වෙත පැමිණ අල්ලාහ් වෙතින් පව් ක්ෂමාව ඉල්ලා සිටිමින් ඔවුන් වෙනුවෙන් (අල්ලාහ්ගේ) දූතයාද (දූතයා වන ඔබත්) පව් ක්ෂමාව ඉල්ලා සිටියේ නම්, දයාබරවන්තයෙකු හා ක්ෂමා කරන්නෙකු වශයෙන්ද අල්ලාහ්ව ඔවුන් දකින්නට තිබුණි.
فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا۟ فِىٓ أَنفُسِهِمْ حَرَجًۭا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُوا۟ تَسْلِيمًۭا ٦٥
නමුත් ඔබගේ දෙවියන් මත සත්තකින්ම! ඔවුන් තමන් තුළ ඇති ආරවුලේදී ඔබව විනිශ්චයකරුවෙකු ලෙස බාර ගෙන, ඔබ ලබා දෙන තීන්දුව තම මනස තුළ කිසිම තිගැස්සීමක් නොමැතිව සම්පූර්ණයෙන්ම අවනත වන තුරු ඔවුන් සත්‍ය විශ්වාසවන්තයින් නොවන්නාහ.
وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنِ ٱقْتُلُوٓا۟ أَنفُسَكُمْ أَوِ ٱخْرُجُوا۟ مِن دِيَٰرِكُم مَّا فَعَلُوهُ إِلَّا قَلِيلٌۭ مِّنْهُمْ ۖ وَلَوْ أَنَّهُمْ فَعَلُوا۟ مَا يُوعَظُونَ بِهِۦ لَكَانَ خَيْرًۭا لَّهُمْ وَأَشَدَّ تَثْبِيتًۭا ٦٦
නමුත් “(ප්‍රතික්ෂේප කරන) ඔවුන්ව (ඔබගේ ජනතාව) ඔබ කපා දමනු. නැතහොත් ඔබ, ඔබගේ නිවසින් (පිට රටකට) පිටත්ව යනු”යයි අපි ඔවුන්ට නියම කර තිබුණහොත් ඔවුන්ගෙන් සමහරෙකු හැර, (වැඩි දෙනෙකු) මෙසේ කරන්නේම නැත. එහෙත් ඔවුන් සියල්ලන්ම තමන්ට උපදෙස් දී ඇති පරිදි කර තිබුණේ නම්, එය ඔවුන්ටම ඉතාමත් අගනා දැයක් බවට පත්ව තිඛෙන්නට ඉඩ තිබුණි. තවද (විශ්වාසයෙහි ඔවුන්ව) ස්ථීර කරන්නටද ඉඩ තිබුණි.
وَإِذًۭا لَّءَاتَيْنَٰهُم مِّن لَّدُنَّآ أَجْرًا عَظِيمًۭا ٦۷
ඒ අතරම ඔවුන්ට අප සන්නිධානයෙන් (ඊටත් වඩා වැඩි) ඉමහත් වූ එක් ඵලවිපාකයක්ද නියත වශයෙන්ම අපි ලබා දී ඇත්තෙමු.
وَلَهَدَيْنَٰهُمْ صِرَٰطًۭا مُّسْتَقِيمًۭا ٦۸
තවද ඔවුන්ව අපි ඍජු මාර්ගයෙහිද ඇතුළු කර ඇත්තෙමු.
وَمَن يُطِعِ ٱللَّهَ وَٱلرَّسُولَ فَأُو۟لَٰٓئِكَ مَعَ ٱلَّذِينَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِم مِّنَ ٱلنَّبِيِّۦنَ وَٱلصِّدِّيقِينَ وَٱلشُّهَدَآءِ وَٱلصَّٰلِحِينَ ۚ وَحَسُنَ أُو۟لَٰٓئِكَ رَفِيقًۭا ٦۹
එබැවින් කවුරුන් ඇත්තෙන්ම අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද (මෙසේ) අවනත වන්නෝද, ඔවුන් අල්ලාහ්ගේ වරප්රසාදයන් ලබා ගත් නබිවරුන්, සත්‍යවන්තයින්, (රටගම අත්හැර) ගිය වාසස්ථාන පිදූවන්, හොඳ ගතිපැවතුම් ඇත්තවුන් ආදීන් සමග (පරලාවදී) වාසය කරනු ඇත. මොවුන්ම ඉතාමත් අලංකාරවත් සහායයන් වන්නාහ.
ذَٰلِكَ ٱلْفَضْلُ مِنَ ٱللَّهِ ۚ وَكَفَىٰ بِٱللَّهِ عَلِيمًۭا ۷۰
මෙය අල්ලාහ්ගේ (ඉමහත් වූ) වරප්රසාදයන් වන්නේය. (මොවුන්ගේ කල්ක්රියාවන්) දැන ගැනීමෙහි අල්ලාහ් ප්‍රමාණවත් කෙනෙකු වශයෙන් සිටින්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ خُذُوا۟ حِذْرَكُمْ فَٱنفِرُوا۟ ثُبَاتٍ أَوِ ٱنفِرُوا۟ جَمِيعًۭا ۷١
විශ්වාසවන්තයිනි! ඔබ (යුද්ධයට ගියහොත් ආත්මආරක්ෂාවට අයත්) ආම්පන්න ඇර ගනු. පසුව සේනාංක සේනාංක වශයෙන් ගමන් කරනු. නැතහොත් තනි සේනාවක් වශයෙන් ගමන් කරනු.
وَإِنَّ مِنكُمْ لَمَن لَّيُبَطِّئَنَّ فَإِنْ أَصَٰبَتْكُم مُّصِيبَةٌۭ قَالَ قَدْ أَنْعَمَ ٱللَّهُ عَلَىَّ إِذْ لَمْ أَكُن مَّعَهُمْ شَهِيدًۭا ۷٢
(යුද්ධයට නොගොස්) පසුබැස සිටින අයද නියත වශයෙන්ම ඔබ අතරේ සමහරෙක් ඇත. (ඔවුන් වංචනිකයින්ය! මන්දයත් යුද්ධයට ගිය) ඔබට යම්කිසි අමාරුකමක් ඇති වුවහොත් නම්, ඔහු (ඔවුන්ගෙන් කෙනෙකු) “මා ඔවුන් සමග (එහි) නොගියේ, අල්ලාහ් මා කෙරෙහි පහළ කළ දයාවකි” යයි පවසන්නේය.
وَلَئِنْ أَصَٰبَكُمْ فَضْلٌۭ مِّنَ ٱللَّهِ لَيَقُولَنَّ كَأَن لَّمْ تَكُنۢ بَيْنَكُمْ وَبَيْنَهُۥ مَوَدَّةٌۭ يَٰلَيْتَنِى كُنتُ مَعَهُمْ فَأَفُوزَ فَوْزًا عَظِيمًۭا ۷۳
අල්ලාහ්ගේ වරප්රසාදයන් ඔබට ලැබුනේ නම්, “මමත් ඔවුන් සමග සිටිය යුතු නොවේද? එසේ සිටියේ නම්, ඉමහත් වූ භාග්‍යයක් මමත් අත් කර ගන්නවා නොවෙද!”යි ඔබටත් ඔහුටත් අතරේ කිසිම බැඳියාවක් නොතිබුණාක් මෙන් ඔවුන් පවසන්නාහ.
۞ فَلْيُقَٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ ٱلَّذِينَ يَشْرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا بِٱلْءَاخِرَةِ ۚ وَمَن يُقَٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ فَيُقْتَلْ أَوْ يَغْلِبْ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًۭا ۷٤
පරලොව (ජීවිතය) සඳහා මෙලොව ජීවිතය පුදන්නන් අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කළ යුතුය! කවුරුන් හෝ අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කර කපනු ලැබුවහොත් වුවද, නැතහොත් ජයග්‍රහණය කරනු ලැබුවහොත් වුවද, අපි ඔහුට නියත වශයෙන්ම ඉතාමත් ඉක්මනින් ඉමහත් වූ ඵලවිපාක දෙන්නෙමු.
وَمَا لَكُمْ لَا تُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ وَٱلْمُسْتَضْعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلْوِلْدَٰنِ ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ أَخْرِجْنَا مِنْ هَٰذِهِ ٱلْقَرْيَةِ ٱلظَّالِمِ أَهْلُهَا وَٱجْعَل لَّنَا مِن لَّدُنكَ وَلِيًّۭا وَٱجْعَل لَّنَا مِن لَّدُنكَ نَصِيرًا ۷٥
ඛෙලහීන වූ පිරිමින් සඳහාද, ගැහැනුන් සඳහාද, කුඩා දරුවන් සඳහාද, (මොවුන්ව ආරක්ෂා කර ගැනීම සඳහාද) අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබ යුද්ධ නොකර සිටීමට ඔබට කුමක් නම් සිදු වී ඇත්ද? ඔවුන් නම්, (දෙවියන්ගෙන්) “අපගේ දෙවියනේ! අපරාධකරුවන් වාසය කරන මෙම රටින් අපව පිටමං කර හරිනු (මැනව!) ඔබ අපට ඔබගේ සන්නිධානයෙන් එක් ආරක්ෂකයෙකුද පහළ කරනු (මැනව!) ඔබ අපට ඔබගේ සන්නිධානයෙන් එක් උදව්කරුවෙකුද පහළ කරනු (මැනව!)” යයි ප්‍රාර්ථනා (කරමින්ම) සිටින්නාහ.
ٱلَّذِينَ ءَامَنُوا۟ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ ۖ وَٱلَّذِينَ كَفَرُوا۟ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱلطَّٰغُوتِ فَقَٰتِلُوٓا۟ أَوْلِيَآءَ ٱلشَّيْطَٰنِ ۖ إِنَّ كَيْدَ ٱلشَّيْطَٰنِ كَانَ ضَعِيفًا ۷٦
(එබැවින් මෙවැනි අවස්ථාවන්හි සත්‍ය) විශ්වාසවන්තයින් අල්ලාහ්ගේ මාර්ගයෙහි (අනිවාර්යයෙන්ම) යුද්ධ කරන්නාහ. ප්‍රතික්ෂේප කරන්නන් නම්, (මොවුන්ට විරුද්ධව) ෂෙයිතාන්ගේ මාර්ගයෙහිම යුද්ධ කරන්නාහ. එබැවින් ෂෙයිතාන්ගේ මිතුරන් සමග ඔබත් යුද්ධ කරනු. (ඔවුන්ගේ ප්‍රමාණය අධික වශයෙන් තිබීම ගැන සැක නොසිතනු). නියත වශයෙන්ම ෂෙයිතාන්ගේ කුමන්ත්‍රණය ඉතාමත් ඛෙලහීනය!
أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ قِيلَ لَهُمْ كُفُّوٓا۟ أَيْدِيَكُمْ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ ٱلْقِتَالُ إِذَا فَرِيقٌۭ مِّنْهُمْ يَخْشَوْنَ ٱلنَّاسَ كَخَشْيَةِ ٱللَّهِ أَوْ أَشَدَّ خَشْيَةًۭ ۚ وَقَالُوا۟ رَبَّنَا لِمَ كَتَبْتَ عَلَيْنَا ٱلْقِتَالَ لَوْلَآ أَخَّرْتَنَآ إِلَىٰٓ أَجَلٍۢ قَرِيبٍۢ ۗ قُلْ مَتَٰعُ ٱلدُّنْيَا قَلِيلٌۭ وَٱلْءَاخِرَةُ خَيْرٌۭ لِّمَنِ ٱتَّقَىٰ وَلَا تُظْلَمُونَ فَتِيلًا ۷۷
“ඔබගේ අත් (දැනට යුද්ධ නොකර) වළක්වමින්ද, සලාතය (ස්ථීර වශයෙන්) ඉටු කරමින්ද, සකාතය ගෙවමින්ද සිටිනු” යයි කවුරුන් හට කියනු ලැබුවේද, ඔවුන්ව (නබියේ!) ඔබ දුටුවේ නැද්ද? යුද්ධ කරනු යයි ඔවුන්ට නියෝග කරනු ලැබූ විට, ඔවුන්ගෙන් එක් සමුහයක් නම්, අල්ලාහ්ට බිය වන්නාක් මෙන්, නැතහොත් ඊටත් වඩා වැඩියෙන් මිනිසුන්ට බිය වී “අපගේ දෙවියනේ! ඇයි අප කෙරෙහි යුද්ධය නියම කරන්නේ? තවත් ටික දවසකට (මෙය) කල් දැමිය යුතු නොවේද?”යි පැවසූහ. (මෙයට නබියේ!) ඔබ මෙසේ පවසනු: “මෙලොව ජීවිතය ඉතාමත් අල්පය! කවුරුන් (අල්ලාහ්ට) බිය වී කටයුතු කරන්නේද, ඔහුට පරලොව (ජීවිතය)ම ඉතාමත් අගනේය. (ඔබගේ පින් අඩු කර හෝ පාපය වැඩි කර හෝ) ඔබ එක් අනු ප්‍රමාණයකින්වත් අපරාධ කරනු නොලබන්නෙහුය”.
أَيْنَمَا تَكُونُوا۟ يُدْرِككُّمُ ٱلْمَوْتُ وَلَوْ كُنتُمْ فِى بُرُوجٍۢ مُّشَيَّدَةٍۢ ۗ وَإِن تُصِبْهُمْ حَسَنَةٌۭ يَقُولُوا۟ هَٰذِهِۦ مِنْ عِندِ ٱللَّهِ ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌۭ يَقُولُوا۟ هَٰذِهِۦ مِنْ عِندِكَ ۚ قُلْ كُلٌّۭ مِّنْ عِندِ ٱللَّهِ ۖ فَمَالِ هَٰٓؤُلَآءِ ٱلْقَوْمِ لَا يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًۭا ۷۸
ඔබ කොහි සිටියා වුවද, මරණය ඔබව අනිවාර්යයෙන් වැළඳ ගන්නේය. -ඉතාමත් ශක්තිමත් උස (බලකොටුවේ)- කුළුණු මත ඔබ සිටියා වුවද කම් නැත! (නබියේ! ඔබගේ නියෝගයට අනුව යුද්ධයට ගිය) ඔවුන්ව යම්කිසි හොඳක් ලැඛෙන අවස්ථාවන්හිදී මෙය අල්ලාහ් වෙතින් (අපට) ලැබුනේය යයි පවසන්නාහ. ඔවුන්ට යම්කිසි විපතක් සිදු වුවහොත් නම්, (නබියේ!) මෙය ඔබ නිසාම (අපට ඇති වූවේය) යයි පවසන්නාහ. (එබැවින්) ඔබ මෙසේ පවසනු: “(මවිසින් මගේ තනි කැමැත්තට යුද්ධ කරන මෙන් ඔබට අණ කළේ නැත. අල්ලාහ් දැනුම් දුන් අන්දමටම මා ඔබට අණ කළෙමි. එබැවින්) සියල්ල අල්ලාහ්ගේ සන්නිධානයෙන්ම ලැඛෙන්නේය”. මෙම ජනතාවට කුමක් නම් සිදු වී ඇත්ද? කිසිම කාරණාවක් මොවුන්ට දැන ගන්නට හැකි වන්නේ නැත නොවෙද!
مَّآ أَصَابَكَ مِنْ حَسَنَةٍۢ فَمِنَ ٱللَّهِ ۖ وَمَآ أَصَابَكَ مِن سَيِّئَةٍۢ فَمِن نَّفْسِكَ ۚ وَأَرْسَلْنَٰكَ لِلنَّاسِ رَسُولًۭا ۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًۭا ۷۹
(තවද මෙසේ පවසන්නාට) “ඔබට යම්කිසි හොඳක් සිදු වුවහොත් (එය) අල්ලාහ්ගෙන් සිදු වූවේය” යයිද “ඔබට යම්කිසි විපතක් සිදු වුවහොත් (ඔබ කළ වැරදිවල හේතුව නිසා) ඔබගෙන්ම ලැබුණි” යයිද (නබියේ! ඔබ පවසනු මැනව!). අපි ඔබව දූතයෙකු වශයෙන්ම මිනිසුන් වෙත යවා ඇත්තෙමු. (මෙයට) අල්ලාහ්ම ප්‍රමාණවත් සාක්ෂි වශයෙන් සිටින්නේය.
مَّن يُطِعِ ٱلرَّسُولَ فَقَدْ أَطَاعَ ٱللَّهَ ۖ وَمَن تَوَلَّىٰ فَمَآ أَرْسَلْنَٰكَ عَلَيْهِمْ حَفِيظًۭا ۸۰
කවුරුන් (අල්ලාහ්ගේ) දූතයාට (සම්පූර්ණයෙන්ම) අවනත වී කටයුතු කරන්නේද, ඔහු නියත වශයෙන්ම අල්ලාහ්ටම අවනත වුනේය. එබැවින් (නබියේ! ඔබව) කවුරුන් හෝ ප්‍රතික්ෂේප කළහොත් (ඒ වෙනුවෙන් ඔබ දුක් නොවනු). ඔවුන්ව අවධානය කිරීම සඳහා අපි ඔබව යැවුවේ නැත.
وَيَقُولُونَ طَاعَةٌۭ فَإِذَا بَرَزُوا۟ مِنْ عِندِكَ بَيَّتَ طَآئِفَةٌۭ مِّنْهُمْ غَيْرَ ٱلَّذِى تَقُولُ ۖ وَٱللَّهُ يَكْتُبُ مَا يُبَيِّتُونَ ۖ فَأَعْرِضْ عَنْهُمْ وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا ۸١
(නබියේ! “ඔබට අපි සම්පූර්ණයෙන්ම) අවනත වුනෙමු” යයි ඔවුන් (තම මුවින්) පවසන්නාහ. එහෙත් ඔවුන් ඔබගේ සමූහයෙන් පිට වී ගියහොත් නම්, ඔවුන්ගෙන් එක් සමුහයක්, (නබියේ!) ඔබ පැවසු දැයට වෙනස් වන සේ රාත්‍රිය පුරා සාකච්ඡා (කුමන්ත්‍රණ) කරමින්ම සිටින්නාහ. ඔවුන් රාත්‍රීන් පුරා සාකච්ඡා කළ දැය අල්ලාහ් සටහන් කර තබන්නේය. එබැවින් ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කර, අල්ලාහ්වම විශ්වාස කරනු. (ඔබව) ආරක්ෂා කර ගැනීමට අල්ලාහ් ප්‍රමාණවත් වන්නේය.
أَفَلَا يَتَدَبَّرُونَ ٱلْقُرْءَانَ ۚ وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ ٱللَّهِ لَوَجَدُوا۟ فِيهِ ٱخْتِلَٰفًۭا كَثِيرًۭا ۸٢
මෙම කුර්ආනය ඔවුන් ගැඹුරින් අවධානය කළ යුතු නොවේද? මෙය අල්ලාහ් නොවන කෙනෙකුගෙන් පැමිණ තිබුනේ නම්, මෙහි අනන්තවත් (වැරදිද) භේදයන්ද ඔවුන් දකිනු ඇත.
وَإِذَا جَآءَهُمْ أَمْرٌۭ مِّنَ ٱلْأَمْنِ أَوِ ٱلْخَوْفِ أَذَاعُوا۟ بِهِۦ ۖ وَلَوْ رَدُّوهُ إِلَى ٱلرَّسُولِ وَإِلَىٰٓ أُو۟لِى ٱلْأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ ٱلَّذِينَ يَسْتَنۢبِطُونَهُۥ مِنْهُمْ ۗ وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ لَٱتَّبَعْتُمُ ٱلشَّيْطَٰنَ إِلَّا قَلِيلًۭا ۸۳
බිය නැතහොත් (පොදු ජන) ආරක්ෂාව ගැන යම්කිසි පුවතක් ඔවුන් වෙත ළඟා වුවහොත් (එවෙලේම) ඔවුන් එය (පිටතදී) පතුරවන්නට (පටන්) ගන්නාහ. (එසේ නොකර) එය (අල්ලාහ්ගේ) දූතයා වෙතද, ඔවුන්ගේ අධිකාරීන් වෙතද (පමණක්) දැනුම් දුන්නේ නම්, එයින් ඇත්ත නැත්ත සොයා ගත හැකි ඔවුන් (එහි) සත්‍යය හොඳින් දැන, (එයට සරිලන තීරණයක්) ගනු ඇත. (විශ්වාසවන්තයිනි!) අල්ලාහ්ගේ දයාවද, ඔහුගේ අනුකම්පාවද ඔබ කෙරෙහි නොතිබුනේ නම් (ඔබගෙන්) සමහරෙකු හැර, ඔබ සියල්ලන්ම ෂෙයිතාන්වම අනුගමනය කරන්ට ඉඩ තිබුණි.
فَقَٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ لَا تُكَلَّفُ إِلَّا نَفْسَكَ ۚ وَحَرِّضِ ٱلْمُؤْمِنِينَ ۖ عَسَى ٱللَّهُ أَن يَكُفَّ بَأْسَ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ وَٱللَّهُ أَشَدُّ بَأْسًۭا وَأَشَدُّ تَنكِيلًۭا ۸٤
(නබියේ!) ඔබ අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරනු මැනව! ඔබ, ඔබව හැර (වෙනත් කිසිවෙකුත් යුද්ධයට යන ලෙස) බල කිරීමට අවශ්‍යය නැත. (එහෙත්) විශ්වාසවන්තයින්ව (යුද්ධයට යන ලෙසට) පොළඹවනු මැනව! ප්‍රතික්ෂේප කරන්නන්ගේ විරුද්ධත්වය අල්ලාහ් වළක්වා හරින්නේය. (මන්දයත්) අල්ලාහ් (ඔවුන්ව පරාජය කළ හැකි) බලපරාක්රමයෙන් පිරී ඇත්තෙකු වශයෙන්ද, දඬුවම් කිරීමෙහි දරුණු කෙනෙකු වශයෙන්ද සිටින්නේය.
مَّن يَشْفَعْ شَفَٰعَةً حَسَنَةًۭ يَكُن لَّهُۥ نَصِيبٌۭ مِّنْهَا ۖ وَمَن يَشْفَعْ شَفَٰعَةًۭ سَيِّئَةًۭ يَكُن لَّهُۥ كِفْلٌۭ مِّنْهَا ۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ مُّقِيتًۭا ۸٥
කවුරුන් හෝ යම්කිසි දැහැමි කාරණාවක් සඳහා පොළඹවනු ලැබූවහොත් එයින් එක් පංගුවක් ඔහුටද ඇත. (එසේම) යම්කිසි නපුරු කාරණාවකට කවුරුන් හෝ පොළඹවනු ලැබුවහොත් එයින්ද ඔහුට එක් පංගුවක් ඇත. අල්ලාහ් සියල්ලම නියමිත අන්දමට අවධානය කරන්නෙකු වශයෙන් සිටින්නේය.
وَإِذَا حُيِّيتُم بِتَحِيَّةٍۢ فَحَيُّوا۟ بِأَحْسَنَ مِنْهَآ أَوْ رُدُّوهَآ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَىْءٍ حَسِيبًا ۸٦
(කවුරුන් විසින් හෝ) ඔබට සුභ පැතුම් (සලාම්) කියනු ලැබුවහොත් (එයට පිළිතුරු වශයෙන්) ඊටත් වඩා අලංකාරවත් (වදනක්) කියනු. නැතහොත් එයම ආපසු කියනු. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල හොඳින් ගණනය කරන්නෙකු වශයෙන් සිටින්නේය.
ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ لَا رَيْبَ فِيهِ ۗ وَمَنْ أَصْدَقُ مِنَ ٱللَّهِ حَدِيثًۭا ۸۷
අල්ලාහ් -ඔහු මිස, වෙන කිසිම දෙවියෙකු නැත- ඔහු නියත වශයෙන්ම ඔබ සියල්ලන්වම විනිශ්චය දිනදී ඒකරාශී කරන්නේය. මෙහි කිසිම සැකයක් නැත. පුවත් දැනුම් දීමෙහි අල්ලාහ්ට වඩා සත්‍යවන්තයා කවරෙක්ද?
۞ فَمَا لَكُمْ فِى ٱلْمُنَٰفِقِينَ فِئَتَيْنِ وَٱللَّهُ أَرْكَسَهُم بِمَا كَسَبُوٓا۟ ۚ أَتُرِيدُونَ أَن تَهْدُوا۟ مَنْ أَضَلَّ ٱللَّهُ ۖ وَمَن يُضْلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلًۭا ۸۸
(විශ්වාසවන්තයිනි!) වංචනිකයින් ගැන ඔබ කුමක් නිසා දෙආකාරයක (අදහස්) දරන්නෙහුද? ඔවුන් කළ (නපුරු) ක්‍රියාවන් හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව හිස නමන්නට සැලැස්සුවේය. කවුරුන්ව අල්ලාහ් වැරදි මාර්ගයෙහි යාමට අත්හැර දමන්නේද, ඔවුන්ව ඔබ ඍජු මාර්ගයෙහි ඇතුළු කිරීමට අදහස් කරන්නෙහිද? (එය කළ නොහැකි කාරණාවකි! මන්දයත් නබියේ!) කවුරුන්ව අල්ලාහ් වැරදි මාර්ගයෙහි යාමට සැලැස්සුවේද, ඔහුව (බේරා හැරීමට) කිසිම මගක් ඔබ නොදකින්නෙහිය!
وَدُّوا۟ لَوْ تَكْفُرُونَ كَمَا كَفَرُوا۟ فَتَكُونُونَ سَوَآءًۭ ۖ فَلَا تَتَّخِذُوا۟ مِنْهُمْ أَوْلِيَآءَ حَتَّىٰ يُهَاجِرُوا۟ فِى سَبِيلِ ٱللَّهِ ۚ فَإِن تَوَلَّوْا۟ فَخُذُوهُمْ وَٱقْتُلُوهُمْ حَيْثُ وَجَدتُّمُوهُمْ ۖ وَلَا تَتَّخِذُوا۟ مِنْهُمْ وَلِيًّۭا وَلَا نَصِيرًا ۸۹
(විශ්වාසවන්තයිනි!) ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූ ආකාරයටම, ඔබත් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වී (ඔවුන්ට) සමාන වීම ඔවුන් කැමති වන්නාහ. එබැවින් ඔවුන් (තමන්ගේ) නිවෙස් අත්හැර දමා අල්ලාහ්ගේ මාර්ගයෙහි පිටත්ව යන තුරු, ඔබ ඔවුන්ව මිතුරන් බවට පත් කර නොගනු. (නිවෙස් වලින් පිටමං වී යා යුතුය යන නියෝගය) ඔවුන් ප්‍රතික්ෂේප කර හැරියහොත්, දුටු තැන ඔවුන්ව (සිරකරුවන් බවට) අත් අඩංගුවට ගනු. (අත් අඩංගුවට පත් නොවී විරුද්ධව සටන් කරන්නන්ව) කපා දමනු. තවද ඔවුන්ගෙන් කිසිවෙකුත් (ඔබට) මිතුරන් බවටද, සහායයන් බවටද පත් කර නොගනු.
إِلَّا ٱلَّذِينَ يَصِلُونَ إِلَىٰ قَوْمٍۭ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَٰقٌ أَوْ جَآءُوكُمْ حَصِرَتْ صُدُورُهُمْ أَن يُقَٰتِلُوكُمْ أَوْ يُقَٰتِلُوا۟ قَوْمَهُمْ ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَسَلَّطَهُمْ عَلَيْكُمْ فَلَقَٰتَلُوكُمْ ۚ فَإِنِ ٱعْتَزَلُوكُمْ فَلَمْ يُقَٰتِلُوكُمْ وَأَلْقَوْا۟ إِلَيْكُمُ ٱلسَّلَمَ فَمَا جَعَلَ ٱللَّهُ لَكُمْ عَلَيْهِمْ سَبِيلًۭا ۹۰
එහෙත් ඔබ සමග (සාම) ගිවිසුමක් ඇති කර ගත් අය සමග ගිය අයවද, ඔබට විරුද්ධව යුද්ධ කිරීමට සිත නොදී (ඔබගේ සතුරන්ව අත්හැර දමා වෙන් වී) ඔබ වෙත පැමිණි අයවද, තමන්ගේ ගෝත්‍රිකයින්ට විරුද්ධව යුද්ධ කිරීමට (සිත නොදී ඔබ වෙතින් වෙන් වූ) අයවද, (කපා නොදමනු. සිරභාරයට නොගනු. මන්දයත්) අල්ලාහ් අදහස් කළහොත් ඔබව ඔවුන් ජයග්‍රහණය කර, (ඔවුන්) ඔබව කපන මෙන් සලස්වන්නට ඉඩ තිබුණි. එබැවින් (මෙවැන්නන්) ඔබ සමග යුද්ධ නොකර ඈත් වී සිට, ඔබ වෙතින් සමාදානය ඉල්ලා සිටියහොත් (එය බාර ගනු. මන්දයත්) මෙවැන්නන් සමග (යුද්ධ කිරීමට) අල්ලාහ් ඔබට කිසිම මගක් තැබුවේ නැත.
سَتَجِدُونَ ءَاخَرِينَ يُرِيدُونَ أَن يَأْمَنُوكُمْ وَيَأْمَنُوا۟ قَوْمَهُمْ كُلَّ مَا رُدُّوٓا۟ إِلَى ٱلْفِتْنَةِ أُرْكِسُوا۟ فِيهَا ۚ فَإِن لَّمْ يَعْتَزِلُوكُمْ وَيُلْقُوٓا۟ إِلَيْكُمُ ٱلسَّلَمَ وَيَكُفُّوٓا۟ أَيْدِيَهُمْ فَخُذُوهُمْ وَٱقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ ۚ وَأُو۟لَٰٓئِكُمْ جَعَلْنَا لَكُمْ عَلَيْهِمْ سُلْطَٰنًۭا مُّبِينًۭا ۹١
(විශ්වාසවන්තයිනි!) වෙනත් සමහරෙකුද ඔබ දකින්නෙහිය; ඔවුන් ඔබ වෙතින් ආරක්ෂාව ලබා ගන්නා අතර, (ඔබගේ සතුරන් වන) තමන්ගේ ගෝත්‍රිකයින් වෙතින්ද ආරක්ෂාව ලබා ගැනීමට කැමැත්තක් දක්වන්නාහ. එහෙත් කිසිම නපුරකට මොවුන්ව කැඳවනු ලැබුවහොත් එහි (ඇස් පියා මුණින්) අතට වැටී යන්නාහ. මෙවැන්නන් ඔබගේ විරුද්ධවාදිකමින් ඈත් නොවීද, ඔබ වෙතින් සමාදානය ඉල්ලා නොසිටද, තමන්ගේ අත් (ඔබට හානියක් කිරීමෙන්) වැළකී නොසිටියහොත්, මොවුන්ව ඔබ දුටු තැන අල්ලා (සිර භාරයේ තබනු. සිර භාරයට පත් නොවී යුද්ධ කරන්නන්ව) කපා දමනු. මෙවැන්නන් සමග (යුද්ධ කිරීමට) ඔබට පැහැදිලි අනුමැතියක් ලබා දුන්නෙමු.
وَمَا كَانَ لِمُؤْمِنٍ أَن يَقْتُلَ مُؤْمِنًا إِلَّا خَطَـًۭٔا ۚ وَمَن قَتَلَ مُؤْمِنًا خَطَـًۭٔا فَتَحْرِيرُ رَقَبَةٍۢ مُّؤْمِنَةٍۢ وَدِيَةٌۭ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهْلِهِۦٓ إِلَّآ أَن يَصَّدَّقُوا۟ ۚ فَإِن كَانَ مِن قَوْمٍ عَدُوٍّۢ لَّكُمْ وَهُوَ مُؤْمِنٌۭ فَتَحْرِيرُ رَقَبَةٍۢ مُّؤْمِنَةٍۢ ۖ وَإِن كَانَ مِن قَوْمٍۭ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَٰقٌۭ فَدِيَةٌۭ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهْلِهِۦ وَتَحْرِيرُ رَقَبَةٍۢ مُّؤْمِنَةٍۢ ۖ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ تَوْبَةًۭ مِّنَ ٱللَّهِ ۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًۭا ۹٢
කිසිම විශ්වාසවන්තයෙකු ඝාතනය කිරීම කිසිම විශ්වාසවන්තයෙකුට සුදුසු නැත; වැරදීමකින් මිස. (ඔබගෙන්) කවුරුන් හෝ යම්කිසි විශ්වාසවන්තයෙකුව ඝාතනය කර දැමුවහොත් (එයට වන්දි වශයෙන්) විශ්වාසවන්ත එක් වහලෙකු නිදහස් කළ යුතුය. ඒ සමගම මරණයට පත් වූවාගේ පවුලේ උදවිය (සමාව දී) දයාබරව අත්හැර දැමුවහොත් මිස, එයට සරිලන වන්දි මුදලක්ද ඔවුන් වෙත ගෙවිය යුතුය. (මෙයට) ඔහු, ඔබගේ සතුරු ගෝත්‍රිකයින් වශයෙන් සිට, විශ්වාසවන්තයෙකු වශයෙනුත් සිටියහොත්, විශ්වාසවන්තයෙකු වන වහලෙකු නිදහස් කළහොත් ප්රමාණවත්ය. (වන්දි ගෙවීමට අවශ්‍යය නැත. මෙයට) ඔහු ඔබ සමග ගිවිසුම් කර ගත් ගෝත්රිකයින්ගෙන් සිටින්නෙකු වශයෙන් සිටියහොත් ඔහුගේ පවුලේ උදවියට වන්දි මුදල ගෙවිය යුතු අතර විශ්වාසවන්තයෙකු වන එක් වහලෙකු නිදහස්ද කළ යුතුය. (මෙසේ වන්දි වශයෙන් ගෙවිය යුතු මුදල) කවුරුන් හෝ අත් කර නොගතහොත් ඔහු අල්ලාහ් වෙත (තම වරදට) සමාව ඉල්ලා මාස දෙකක් නොකඩවා උපවාසයේ යෙදිය යුතුය. අල්ලාහ් හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَمَن يَقْتُلْ مُؤْمِنًۭا مُّتَعَمِّدًۭا فَجَزَآؤُهُۥ جَهَنَّمُ خَٰلِدًۭا فِيهَا وَغَضِبَ ٱللَّهُ عَلَيْهِ وَلَعَنَهُۥ وَأَعَدَّ لَهُۥ عَذَابًا عَظِيمًۭا ۹۳
කවුරුන් හෝ යම්කිසි විශ්වාසවන්තයෙකුව (ඔහු විශ්වාසවන්තයෙකු යයි හොඳින් දැන සිටියදීම) උවමනාවෙන්ම මරා දැමුවහොත් ඔහුට නියමිත දඬුවම නිරයයි. එහි ඔහු (සදාකල්) රැඳී සිටින්නේය. (මෙය) හැර, ඉමහත් වූ දඬුවම්ද ඔහුට පිළියෙල කර ඇත්තේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا ضَرَبْتُمْ فِى سَبِيلِ ٱللَّهِ فَتَبَيَّنُوا۟ وَلَا تَقُولُوا۟ لِمَنْ أَلْقَىٰٓ إِلَيْكُمُ ٱلسَّلَٰمَ لَسْتَ مُؤْمِنًۭا تَبْتَغُونَ عَرَضَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا فَعِندَ ٱللَّهِ مَغَانِمُ كَثِيرَةٌۭ ۚ كَذَٰلِكَ كُنتُم مِّن قَبْلُ فَمَنَّ ٱللَّهُ عَلَيْكُمْ فَتَبَيَّنُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًۭا ۹٤
විශ්වාසවන්තයිනි! අල්ලාහ්ගේ මාර්ගයෙහි (යුද්ධ කිරීම සඳහා) ඔබ ගියහොත් (යුද බිමෙහි ඔබ හමු වන අය විශ්වාසවන්තයින්ද, ප්‍රතික්ෂේප කරන්නන්ද යන්න) පැහැදිලිව දැන ගනු. (ඔවුන්ගෙන්) කවුරුන් හෝ (තමන්ව විශ්වාසවන්තයින් යයි ඔබට දැන්වීම පිණිස) ඔබට සලාම් කීවහොත් (ඔවුන් වෙත ඇති) මෙලොව ජීවිතයට අයත් (අල්ප) වස්තුව ඔබ සතු කර ගැනීමට අදහස් කර “ඔබ විශ්වාසවන්තයෙකු නොව” යයි පවසා (ඔහුව කපා) නොදමනු. අල්ලාහ්ගේ සන්නිධානයෙහි විශාල වස්තූන් කන්දරාවක් ඇත. (ඒවා ඔබට අත් කර ගත හැකිය). මෙයට පෙර ඔබත් මේ ආකාරයටම (බිය වෙමින්ම ඉස්ලාමය එළිදරව් කරමින්) සිටියෙහිය. අල්ලාහ් ඔබ කෙරෙහි දයාව පහළ කළේය. (ඉන් පසුවම ඔබ සත්‍ය විශ්වාසවන්තයින් බවට පත් විය. එබැවින් යුද්ධ කිරීමට කළින්ම ඔබ ඉදිරියේ සිටින්නන් විශ්වාසවන්තයින්ද, නැද්ද යන්න) පැහැදිලිව දැන ගනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
لَّا يَسْتَوِى ٱلْقَٰعِدُونَ مِنَ ٱلْمُؤْمِنِينَ غَيْرُ أُو۟لِى ٱلضَّرَرِ وَٱلْمُجَٰهِدُونَ فِى سَبِيلِ ٱللَّهِ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ ۚ فَضَّلَ ٱللَّهُ ٱلْمُجَٰهِدِينَ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ عَلَى ٱلْقَٰعِدِينَ دَرَجَةًۭ ۚ وَكُلًّۭا وَعَدَ ٱللَّهُ ٱلْحُسْنَىٰ ۚ وَفَضَّلَ ٱللَّهُ ٱلْمُجَٰهِدِينَ عَلَى ٱلْقَٰعِدِينَ أَجْرًا عَظِيمًۭا ۹٥
විශ්වාසවන්තයින්ගෙන්, අසනීප වැනි (නියමිත) හේතුවකින් මිස, (යුද්ධයට නොගොස්) නැවතී සිටියවුන් (යුද්ධයට ගොස්) තමන්ගේ වස්තූන්ද, ජීවිතද අල්ලාහ්ගේ මාර්ගයෙහි පුද කළ අයට සමාන නොවන්නාහ. (මන්දයත්) තමන්ගේ වස්තූන්ද, ජීවිතද පූජා කර, (යුද්ධ කළ) අයගේ පදවිය (යුද්ධයට නොගොස්) රැඳී සිටියවුන්ට වඩා අල්ලාහ් උසස් කර තබා ඇත්තේය. එහෙත් (මේ කොටස් දෙකම විශ්වාසවන්ත-යින් වශයෙන්ම සිටින බැවින්) මොවුන් සියල්ලන්ටම හොඳක්ම අල්ලාහ් පොරොන්දු වී ඇත්තේය. එහෙත් යුද්ධ කරන්නන්ට ඉමහත් වූ ඵලවිපාකද පහළ කර, (යුද්ධයට නොගොස්) නැවතී සිටියවුන්ට වඩා උසස් කර තබන්නේය.
دَرَجَٰتٍۢ مِّنْهُ وَمَغْفِرَةًۭ وَرَحْمَةًۭ ۚ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًا ۹٦
(තවද ඔවුන්ට) තම සන්නිධානයේ ඇති (ඉමහත් වූ) පදවීන්ද, ක්ෂමාවද, දයාවද පහළ කරන්නේය. (මන්දයත්) අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු වශයෙන් හා (මෙවැන්නන් කෙරෙහි) දයාබරවද සිටින්නේය.
إِنَّ ٱلَّذِينَ تَوَفَّىٰهُمُ ٱلْمَلَٰٓئِكَةُ ظَالِمِىٓ أَنفُسِهِمْ قَالُوا۟ فِيمَ كُنتُمْ ۖ قَالُوا۟ كُنَّا مُسْتَضْعَفِينَ فِى ٱلْأَرْضِ ۚ قَالُوٓا۟ أَلَمْ تَكُنْ أَرْضُ ٱللَّهِ وَٰسِعَةًۭ فَتُهَاجِرُوا۟ فِيهَا ۚ فَأُو۟لَٰٓئِكَ مَأْوَىٰهُمْ جَهَنَّمُ ۖ وَسَآءَتْ مَصِيرًا ۹۷
කවුරුන් (තමන්ගේ ධර්ම නියමයන් නිසියාකාරව ඉටු කළ නොහැකි සේ ප්‍රතික්ෂේප කරන්නන්ගේ රටෙහි සිටිමින්) තමන්ට තමන්ම අපරාධ කර ගන්නෝද, ඔවුන්ගේ පණ මලායිකාවරුන් අත්පත් කර ගන්නා අවස්ථාවේදී, (ඔවුන්ගෙන් “ධර්ම නියමයන් ඉටු කළ නොහැකි රටෙහි) ඔබ කෙසේ නම් ජීවත් වූවෙහුද?”යි විමසන්නාහ. (එයට) ඔවුන් “එම භූමියෙහි අපි ඛෙලහීනයන් වශයෙන්ම සිටියෙමු” යයි (පිළිතුරු) දෙන්නාහ. (එයට මලායිකාවරුන්) “අල්ලාහ්ගේ භූමිය ඉතාමත් විශාලවත්ව ඇත්තේ නොවෙද? ඔබ (සිටි) එය (එම ස්ථානය) අත්හැර දමා පිටමං වී යායුතු නොවේද?”යි විමසන්නාහ. මෙවැන්නන් රැෙඳන ස්ථානය නිරයයි. යන ස්ථානයන්ගෙන් එය ඉතාමත් නරකය.
إِلَّا ٱلْمُسْتَضْعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلْوِلْدَٰنِ لَا يَسْتَطِيعُونَ حِيلَةًۭ وَلَا يَهْتَدُونَ سَبِيلًۭا ۹۸
එහෙත් (ඇත්තෙන්ම) පිරිමි, ගැහැනු, දරුවන් ආදීන්ගෙන් වූ ඛෙලහීනයන් කිසිම පිළිසරණක් සොයා ගැනීමට ශක්තියක් නොමැතිව (එය අත්හැර දමා පිටමං වීමටද) මගක් නොදුටුවහොත්-
فَأُو۟لَٰٓئِكَ عَسَى ٱللَّهُ أَن يَعْفُوَ عَنْهُمْ ۚ وَكَانَ ٱللَّهُ عَفُوًّا غَفُورًۭا ۹۹
එවැන්නන්ට අල්ලාහ් සමාව දිය හැකිය. (මන්දයත්) අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු වශයෙන් හා වැරදි ඉවසා දරා ගන්නෙකු වශයෙන්ද සිටින්නේය.
۞ وَمَن يُهَاجِرْ فِى سَبِيلِ ٱللَّهِ يَجِدْ فِى ٱلْأَرْضِ مُرَٰغَمًۭا كَثِيرًۭا وَسَعَةًۭ ۚ وَمَن يَخْرُجْ مِنۢ بَيْتِهِۦ مُهَاجِرًا إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ ثُمَّ يُدْرِكْهُ ٱلْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُۥ عَلَى ٱللَّهِ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۭا ١۰۰
(මෙසේ තිබියදී) අල්ලාහ්ගේ මාර්ගයෙහි කවුරුන් (තමන් උන් හිටි ස්ථානය අත්හැර දමා) පිටමං වී යන්නේද, ඔහු භූමියෙහි සැප පහසු අපමණ ස්ථානයන්ද, විවිධ සැප සම්පත්ද අත් කර ගන්නේය. කවුරුන් හෝ තම නිවස අත්හැර දමා පිටමං වී අල්ලාහ් දෙසටද, ඔහුගේ දූතයා දෙසටද යන මාර්ගයෙහි මිය ගියහොත් ඔහුගේ වටිනා ඵලවිපාක නියත වශයෙන්ම අල්ලාහ් කෙරෙහි අනිවාර්යය වන්නේය. (මන්දයත් මෙවැන්නන්ට) අල්ලාහ් ඉතාමත් පව් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද, දයාව පහළ කරන්නෙකු වශයෙන්ද සිටින්නේය.
وَإِذَا ضَرَبْتُمْ فِى ٱلْأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَقْصُرُوا۟ مِنَ ٱلصَّلَوٰةِ إِنْ خِفْتُمْ أَن يَفْتِنَكُمُ ٱلَّذِينَ كَفَرُوٓا۟ ۚ إِنَّ ٱلْكَٰفِرِينَ كَانُوا۟ لَكُمْ عَدُوًّۭا مُّبِينًۭا ١۰١
(විශ්වාසවන්තයිනි!) ඔබ භූමියෙහි සංචාරය කරන කාලයෙහි (ඔබ සලාත් කරමින් සිටින අවස්ථාවේදී) ප්‍රතික්ෂේප කරන්නන් ඔබට විපතක් කරනු ඇතැයි බිය වුවහොත් ඔබ (කසර් සලාතය ඉටු කිරීම, එනම් ඔබගේ) සලාතය කෙටි කර ගැනීමෙහි ඔබ කෙරෙහි වරදක් නැත. මන්දයත් ප්‍රතික්ෂේප කරන්නන් ඔබට ප්‍රකට සතුරන් වශයෙන්ම සිටින්නාහ.
وَإِذَا كُنتَ فِيهِمْ فَأَقَمْتَ لَهُمُ ٱلصَّلَوٰةَ فَلْتَقُمْ طَآئِفَةٌۭ مِّنْهُم مَّعَكَ وَلْيَأْخُذُوٓا۟ أَسْلِحَتَهُمْ فَإِذَا سَجَدُوا۟ فَلْيَكُونُوا۟ مِن وَرَآئِكُمْ وَلْتَأْتِ طَآئِفَةٌ أُخْرَىٰ لَمْ يُصَلُّوا۟ فَلْيُصَلُّوا۟ مَعَكَ وَلْيَأْخُذُوا۟ حِذْرَهُمْ وَأَسْلِحَتَهُمْ ۗ وَدَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْ تَغْفُلُونَ عَنْ أَسْلِحَتِكُمْ وَأَمْتِعَتِكُمْ فَيَمِيلُونَ عَلَيْكُم مَّيْلَةًۭ وَٰحِدَةًۭ ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ إِن كَانَ بِكُمْ أَذًۭى مِّن مَّطَرٍ أَوْ كُنتُم مَّرْضَىٰٓ أَن تَضَعُوٓا۟ أَسْلِحَتَكُمْ ۖ وَخُذُوا۟ حِذْرَكُمْ ۗ إِنَّ ٱللَّهَ أَعَدَّ لِلْكَٰفِرِينَ عَذَابًۭا مُّهِينًۭا ١۰٢
(නබියේ! යුද බිමෙහි) ඔබත් ඔවුන් සමග සිට, ඔවුන්ට සලාතය මෙහෙයවීමට ඔබ (ඉමාම් වශයෙන්) ඉදිරියෙන් සිටියහොත් ඔවුන්ගෙන් එක් කණ්ඩායමක් (පමණක්) තමන්ගේ ආයුධ අතැතිවම ඔබ සමග සලාත් කළ යුතුය. මොවුන් ඔබ සමග (සලාත් කර) සජදා කළහොත්, ඔවුන් (සලාත් කරන කණ්ඩායමෙන් ඈත් වී) ඔබගේ පසුපසින් (ඔබව ආරක්ෂා කරමින්) මුර කළ යුතුය. (එසේම) සලාත් නොකර සිටි තවත් කණ්ඩායමක් පැමිණ ඔබ සමග එක්කාසු වී සලාත් කළ යුතුය. එහෙත් ඔවුන්ද තමන්ගේ ආයුධ අතැතිවම තමන් කෙරෙහි ඉතාමත් ප්‍රවේසම් සහිතව සිටිය යුතුය. (මන්දයත්) ඔබ, ඔබගේ වස්තූන්ගෙන්ද ඔබගේ ආයුධවලින්ද නොසැලකිලිමත් වුවහොත් ඔබ කෙරෙහි එක පහරින් (ඒ සියල්ල) අත් කර ගත යුතුය යයි එම ප්‍රතික්ෂේප කරන්නන් කැමති වන්නාහ. මෙසේ තිබියදී වර්ෂාවේ අපහසුතාවයෙන් නැතහොත් ඔබ අසනීපයෙන් සිටීම නිසා හෝ ඔබගේ ආයුධ (අතින් අල්ලා ගැනීමට නොහැකි වුවහොත්) බිම තැබීමෙහි ඔබ කෙරෙහි වරදක් නැත. එහෙත් ඔබ, (ඔබගේ ආත්මාරක්ෂාව සඳහා) සුදානමින්ම සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ට අවමන් ගෙන දෙන දඬුවම පිළියෙල කර තබා ඇත්තේය.
فَإِذَا قَضَيْتُمُ ٱلصَّلَوٰةَ فَٱذْكُرُوا۟ ٱللَّهَ قِيَٰمًۭا وَقُعُودًۭا وَعَلَىٰ جُنُوبِكُمْ ۚ فَإِذَا ٱطْمَأْنَنتُمْ فَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ ۚ إِنَّ ٱلصَّلَوٰةَ كَانَتْ عَلَى ٱلْمُؤْمِنِينَ كِتَٰبًۭا مَّوْقُوتًۭا ١۰۳
(විශ්වාසවන්තයිනි! මෙසේ) ඔබ (සලාත් කර), සලාතය අවසන් කර ගතහොත් ඔබ සිටගෙන සිටියදීද, වාඩි වී සිටියදීද, හාන්සි වී සිටියදීද, අල්ලාහ්ව දික්ර් කරමින්ම සිටිනු. (සතුරන්ගේ එදිරිවාදිකමින්) ඔබ බිය පහ වී, බිය නොමැත්තන් බවට පත් වුවහොත් (නිසියාකාරව) සලාත් කරනු. මන්දයත් නියත වශයෙන්ම සලාතය නියමිත වේලාවන්හි (නොවරදවා) ඉටු කළ යුතු අනිවාර්යය යුතුකමක් වශයෙන්ම විශ්වාසවන්තයින් කෙරෙහි නියම කර ඇත්තේය.
وَلَا تَهِنُوا۟ فِى ٱبْتِغَآءِ ٱلْقَوْمِ ۖ إِن تَكُونُوا۟ تَأْلَمُونَ فَإِنَّهُمْ يَأْلَمُونَ كَمَا تَأْلَمُونَ ۖ وَتَرْجُونَ مِنَ ٱللَّهِ مَا لَا يَرْجُونَ ۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا ١۰٤
ජනතාව (සතුරන්) සොයා යාමේදී ඔබ (පොඩියක් හෝ) කම්මැලි නොවනු. (එයින්) ඔබට අමාරුකමක් ඇති වුවද (එය එතරම් ගණනයට නොගනු. මන්දයත්) ඔබ අමාරුකම විඳින්නාක් මෙන්ම ඔවුන්ද අමාරුකම විඳින අතර, ඔවුන් බලාපොරොත්තු විය නොහැකි (ජයද, හොඳ ඵලවිපාකද) ඔබ අල්ලාහ් වෙතින් බලාපොරොත්තු වන්නෙහුය. අල්ලාහ් ඉතාමත් හොඳින් දන්නෙකු වශයෙන් හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
إِنَّآ أَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ لِتَحْكُمَ بَيْنَ ٱلنَّاسِ بِمَآ أَرَىٰكَ ٱللَّهُ ۚ وَلَا تَكُن لِّلْخَآئِنِينَ خَصِيمًۭا ١۰٥
(නබියේ!) සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් පිරි මෙම ධර්මය අපිම ඔබ වෙත පහළ කර ඇත්තෙමු. එබැවින් අල්ලාහ් ඔබට දැනුම් දුන් දැය මගින් මිනිසුන් අතරේ ඔබ විනිශ්චය දෙනු මැනව! ඔබ කුමන්ත්රණකරුවන්ට (පක්ෂපාතීව) තර්ක කරන්නෙකු බවට නොසිටිනු.
وَٱسْتَغْفِرِ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ كَانَ غَفُورًۭا رَّحِيمًۭا ١۰٦
(මෙහිදී කුමක් හෝ වැරැද්දක් ඇති වුවහොත් ඒ වෙනුවෙන්) ඔබ අල්ලාහ් වෙතින් සමාව ඉල්ලා සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් පව් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ම සිටින්නේය.
وَلَا تُجَٰدِلْ عَنِ ٱلَّذِينَ يَخْتَانُونَ أَنفُسَهُمْ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ خَوَّانًا أَثِيمًۭا ١۰۷
(නබියේ!) කවුරුන් (මිනිසුන්ට නපුර සිදු කර) තමන්ට තමන්ම කුමන්ත්‍රණ කර ගත්තෝද, ඔවුන් වෙනුවෙන් (මා වෙත සමාව ඇයද) ඔබ තර්ක නොකරනු. මන්දයත් කවුරුන් කුමන්ත්‍රණ කරන පාපතරයෙක් වශයෙන් සිටින්නේද, ඔහුව නියත වශයෙන්ම අල්ලාහ් පි‍්‍රය කරන්නේ නැත.
يَسْتَخْفُونَ مِنَ ٱلنَّاسِ وَلَا يَسْتَخْفُونَ مِنَ ٱللَّهِ وَهُوَ مَعَهُمْ إِذْ يُبَيِّتُونَ مَا لَا يَرْضَىٰ مِنَ ٱلْقَوْلِ ۚ وَكَانَ ٱللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطًا ١۰۸
මොවුන් (කුමන්ත්‍රණ කරන තමන්ගේ වැරැද්ද) මිනිසුන්ට සඟවන්නාහ. එහෙත් ඔවුන් (එය) අල්ලාහ්ට සඟවා දැමීමට නොහැක. ඔහු කැමති නැති කාරණාවන් මගින් මොවුන් රාත්‍රිය පුරා කතා කර, සාකච්ඡා (කුමන්ත්‍රණ) කරන අවස්ථාවේදී ඔහු, ඔවුන් සමගම සිටින්නේය. අල්ලාහ් ඔවුන්ගේ (කුමන්ත්‍රණ) ක්‍රියාවන් (තම ඥානයෙන්) වටකර ගෙන සිටින්නේය.
هَٰٓأَنتُمْ هَٰٓؤُلَآءِ جَٰدَلْتُمْ عَنْهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا فَمَن يُجَٰدِلُ ٱللَّهَ عَنْهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ أَم مَّن يَكُونُ عَلَيْهِمْ وَكِيلًۭا ١۰۹
(විශ්වාසවන්තයිනි!) කිමෙක්ද! මොවුන් (මොවුන්ට උදව් කරන්නන්) වෙනුවෙන්ද ඔබ මෙලොව ජීවිතයෙහි තර්ක කරමින් සිටින්නේ? විනිශ්චය දිනදී මොවුන් වෙනුවෙන් අල්ලාහ් සමග තර්ක කරන්නේ කවරෙක්ද? නැතහොත් (එදින) මොවුන් උදෙසා කතා කරන්නා කවරෙක්ද?
وَمَن يَعْمَلْ سُوٓءًا أَوْ يَظْلِمْ نَفْسَهُۥ ثُمَّ يَسْتَغْفِرِ ٱللَّهَ يَجِدِ ٱللَّهَ غَفُورًۭا رَّحِيمًۭا ١١۰
කවුරුන් හෝ යම්කිසි පාපයක් කිරීමෙන් අනතුරුව, නැතහොත් තමන්ට තමන්ම නපුරක් කර ගෙන පසුව (එයින් ඈත් වී ඇත්තෙන්ම පශ්චාත්තාප වී) අල්ලාහ්ගෙන් පව් ක්ෂමාව ඉල්ලා සිටියහොත් (ඔහුගේ පාපයන්ට) ඉතාමත් සමාව දෙන ආදරයෙන් බර කෙනෙකු වශයෙන්ම අල්ලාහ්ව ඔහු දකිනු ඇත.
وَمَن يَكْسِبْ إِثْمًۭا فَإِنَّمَا يَكْسِبُهُۥ عَلَىٰ نَفْسِهِۦ ۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًۭا ١١١
කවුරුන් පාපයන් හම්බ කරන්නේද, ඔහු නියත වශයෙන්ම තමන්ට නපුරක් වශයෙන්ම එය හම්බ කරන්නේය. අල්ලාහ් (සියල්ලම) ඉතාමත් හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَمَن يَكْسِبْ خَطِيٓـَٔةً أَوْ إِثْمًۭا ثُمَّ يَرْمِ بِهِۦ بَرِيٓـًۭٔا فَقَدِ ٱحْتَمَلَ بُهْتَٰنًۭا وَإِثْمًۭا مُّبِينًۭا ١١٢
කවුරුන් හෝ යම්කිසි වැරැද්දක් හෝ නැතහොත් පාපයක් හෝ සිදු කර, (එය තමන් කළේ නැතැයි සඟවා) වැරැද්දක් නැති (වෙනත්) කෙනෙකු මත එය පැටවුවහොත්, නියත වශයෙන්ම ඔහු අමූලික බොරුවක්ද, ප්‍රකට පාපයක්ද (තමන් මත) පටවා ගන්නේය.
وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكَ وَرَحْمَتُهُۥ لَهَمَّت طَّآئِفَةٌۭ مِّنْهُمْ أَن يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمْ ۖ وَمَا يَضُرُّونَكَ مِن شَىْءٍۢ ۚ وَأَنزَلَ ٱللَّهُ عَلَيْكَ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُن تَعْلَمُ ۚ وَكَانَ فَضْلُ ٱللَّهِ عَلَيْكَ عَظِيمًۭا ١١۳
(නබියේ!) ඔබ කෙරෙහි අල්ලාහ්ගේ දයාවද, ඔහුගේ කරුණාවද නොතිබුනේ නම්, (ඔබ වැරදි කරන්නට ඉඩ තිබුණි. මන්දයත් කෙසේ හෝ) ඔබව මාර්ගය වැරද යාමට සැලැස්විය යුතුය යයි ඔවුන්ගේ එක් සමුහයක් තීරණය කර තිබුණි. එහෙත් ඔවුන් තමන්වම මිස, (ඔබව) මාර්ගය වැරද යාමට සැලැස්විය නොහැක. ඔවුන් ඔබට කිසිම හානියක් කිරීමටද නොහැක. අල්ලාහ් මෙම ධර්මයද ඥානයද ඔබ වෙත පහළ කර ඔබ නොදැනුවත්ව සිටි දැයද, ඔබට උගන්වා දී ඇත්තේය. ඔබ කෙරෙහි අල්ලාහ්ගේ වරප්රසාදයන් අති ශ්‍රේෂ්ඨ වශයෙන්ම ඇත්තේය.
۞ لَّا خَيْرَ فِى كَثِيرٍۢ مِّن نَّجْوَىٰهُمْ إِلَّا مَنْ أَمَرَ بِصَدَقَةٍ أَوْ مَعْرُوفٍ أَوْ إِصْلَٰحٍۭ بَيْنَ ٱلنَّاسِ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ ٱبْتِغَآءَ مَرْضَاتِ ٱللَّهِ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًۭا ١١٤
(නබියේ!) ඔවුන් කතා කරන රහස්වලින් වැඩි හරියක් කිසිම හොඳක් ඇත්තේ නැත. එහෙත් දානමාන කිරීම ගැන හෝ දැහැමි දැය ගැන හෝ මිනිසුන් අතරේ සමාදානය ඇති කිරීම ගැන හෝ ඔවුන් පොළඹවන දැය හැර. එබැවින් කවුරුන් හෝ අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස බලාපොරොත්තුවෙන් මෙසේ කළහොත් අපි ඔවුන්ට ඉමහත් වූ (හොඳ) ඵලවිපාක දෙන්නෙමු.
وَمَن يُشَاقِقِ ٱلرَّسُولَ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُ ٱلْهُدَىٰ وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ ٱلْمُؤْمِنِينَ نُوَلِّهِۦ مَا تَوَلَّىٰ وَنُصْلِهِۦ جَهَنَّمَ ۖ وَسَآءَتْ مَصِيرًا ١١٥
ඍජු මාර්ගය මෙය යයි තමන්ට පැහැදිලි වූවායින් පසුවද කවුරුන් (අල්ලාහ්ගේ) මෙම දූතයාව අත්හැර දමා වෙන් වී විශ්වාසවන්තයින්ගෙන් නොවන මාර්ගයෙහි ගමන් කරන්නේද, ඔහුව අපි ඔහු ගමන් කරන (වැරදි) මාර්ගයෙහිම යන්නට ඉඩ දී, (පසුව) ඔහුව නිරයෙහි සේන්දු කර හරින්නෙමු. එය යන ස්ථානයන්ගෙන් ඉතාමත් නරකය.
إِنَّ ٱللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِۦ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُ ۚ وَمَن يُشْرِكْ بِٱللَّهِ فَقَدْ ضَلَّ ضَلَٰلًۢا بَعِيدًا ١١٦
නියත වශයෙන්ම අල්ලාහ් තමන්ට සමානයන් තැබීමට සමාව දෙන්නේම නැත. මෙය නොවන දැයට (වෙනත් වැරදි වලට, එයත්) තමන් කැමති අයටම සමාව දෙන්නේය. එබැවින් කවුරුන් හෝ අල්ලාහ්ට සමානයන් තැබුවහොත් ඔහු ඉතාමත් ඈත් වූ දුර්මාර්ගයෙහිම සිටින්නේය.
إِن يَدْعُونَ مِن دُونِهِۦٓ إِلَّآ إِنَٰثًۭا وَإِن يَدْعُونَ إِلَّا شَيْطَٰنًۭا مَّرِيدًۭا ١١۷
අල්ලාහ් හැර ඔවුන් (දෙවිවරුන් වශයෙන්) ආරාධනා කරන දැය ගැහැනු (නාමයන්ගෙන් යුත්) දැය මිස, වෙන කිසිවක් නැත. දුෂ්ඨ ෂෙයිතාන්ව මිස, (වෙන කිසිවක්) ඔවුන් ආරාධනා කළේ නැත.
لَّعَنَهُ ٱللَّهُ ۘ وَقَالَ لَأَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَصِيبًۭا مَّفْرُوضًۭا ١١۸
(ඔවුන්ව වැරදි මාර්ගයෙහි ඇතුළු කරන ෂෙයිතාන් වන) ඔහුව අල්ලාහ් ශාප කළේය. (එයට) ඔහු “ඔබගේ වහලූන්ගෙන් එක් නියමිත කොටසක් නියත වශයෙන්ම මා ඇර ගන්නෙමි” යයි පැවසුවේය.
وَلَأُضِلَّنَّهُمْ وَلَأُمَنِّيَنَّهُمْ وَلَءَامُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ ءَاذَانَ ٱلْأَنْعَٰمِ وَلَءَامُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ ٱللَّهِ ۚ وَمَن يَتَّخِذِ ٱلشَّيْطَٰنَ وَلِيًّۭا مِّن دُونِ ٱللَّهِ فَقَدْ خَسِرَ خُسْرَانًۭا مُّبِينًۭا ١١۹
(තවද) “නියත වශයෙන්ම මා ඔවුන්ව මාර්ගය වැරද යාමට සලස්වන්නෙමි. ඔවුන්ට (පුහු) විශ්වාසයන් ඇති කර, (යක්ෂයින් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු ලැබූ එළු, ගව, ඔටුවන් ආදී) සතුන්ගේ කණ් කපා දමන ලෙසටද ඔවුන්ව පොළඹවන්නෙමි. අල්ලාහ්ගේ උත්පාදනයන් ගැන භේද ඇති කරවන ලෙසටද නියත වශයෙන්ම මා ඔවුන්ව පොළඹවන්නෙමි” (යයිද කීවේය). එබැවින් කවුරුන් අල්ලාහ් මිස, (මෙවැනි) ෂෙයිතානවරුන්ව (තමන්ට) ආරක්ෂකයින් බවට පත් කර ගන්නේද, ඔහු නියත වශයෙන්ම පැහැදිලි පාඩුවම අත් කර ගන්නේය.
يَعِدُهُمْ وَيُمَنِّيهِمْ ۖ وَمَا يَعِدُهُمُ ٱلشَّيْطَٰنُ إِلَّا غُرُورًا ١٢۰
(ෂෙයිතාන් වන) ඔහු ඔවුන්ට පොරොන්දු දෙන්නේය. ඔවුන්ට (බොරු) විශ්වාසයද ඇති කරවන්නේය. එහෙත් රැවටීමට මිස, ෂෙයිතාන් ඔවුන්ට පොරොන්දු දෙන්නේ නැත.
أُو۟لَٰٓئِكَ مَأْوَىٰهُمْ جَهَنَّمُ وَلَا يَجِدُونَ عَنْهَا مَحِيصًۭا ١٢١
මෙවැන්නන් රැෙඳන ස්ථානය නිරයයි. ඔවුන් එයින් බේරීමට කිසිම මාර්ගයක් දකින්නේ නැත.
وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ سَنُدْخِلُهُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۖ وَعْدَ ٱللَّهِ حَقًّۭا ۚ وَمَنْ أَصْدَقُ مِنَ ٱللَّهِ قِيلًۭا ١٢٢
කවුරුන් (මෙවැනි ෂෙයිතාන්වරුන්ව ප්‍රතික්ෂේප කර දමා අල්ලාහ් මත) විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ව (පරලොවදී) අපි ස්වර්ගයන්හි ඇතුළු කරන්නෙමු. ඒවායෙහි දිය දහරා සදා ගලමින්ම ඇත්තේය. ඔවුන් ඒවායෙහි සදාකල් රැඳී සිටිනු ඇත. අල්ලාහ්ගේ (මෙම) පොරොන්දුව (සම්පූර්ණයෙන්ම) සත්‍යයකි! අල්ලාහ්ට වඩා ඇත්ත කියන්නේ කවරෙක්ද?
لَّيْسَ بِأَمَانِيِّكُمْ وَلَآ أَمَانِىِّ أَهْلِ ٱلْكِتَٰبِ ۗ مَن يَعْمَلْ سُوٓءًۭا يُجْزَ بِهِۦ وَلَا يَجِدْ لَهُۥ مِن دُونِ ٱللَّهِ وَلِيًّۭا وَلَا نَصِيرًۭا ١٢۳
(විශ්වාසවන්තයිනි! පරලොවදී) ඔබගේ කැමැත්තට අනුව හෝ ධර්මය හිමි අයගේ කැමැත්තට අනුව හෝ (කාරණාවන් සිදු වන්නේ) නැත. කවුරුන් පාපයන් කරන්නේද, ඔහුට එයට සරිලන දඬුවම දෙනු ලබන්නේය. ඔහු අල්ලාහ් හැර තමන්ට උදව්කරන්නෙකු හෝ නැතහොත් සහායක් දෙන්නෙකු හෝ (එහිදී) දකින්නේ නැත.
وَمَن يَعْمَلْ مِنَ ٱلصَّٰلِحَٰتِ مِن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌۭ فَأُو۟لَٰٓئِكَ يَدْخُلُونَ ٱلْجَنَّةَ وَلَا يُظْلَمُونَ نَقِيرًۭا ١٢٤
එබැවින් පිරිමි වුවද, ගැහැනු වුවද, ඔවුන් ඇත්තෙන්ම විශ්වාසය තබා, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ම ස්වර්ගයට යන්නාහ. ඔවුන්ට පොඩියක් හෝ අසාධාරණයක් කරනු නොලබන්නාහ.
وَمَنْ أَحْسَنُ دِينًۭا مِّمَّنْ أَسْلَمَ وَجْهَهُۥ لِلَّهِ وَهُوَ مُحْسِنٌۭ وَٱتَّبَعَ مِلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًۭا ۗ وَٱتَّخَذَ ٱللَّهُ إِبْرَٰهِيمَ خَلِيلًۭا ١٢٥
කවුරුන් අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වී, දැහැමි ක්‍රියාවන්ද කර, ඉබ්රාහීම්ගේ (මෙම) ඍජු ධර්මයම අනුගමනය කරන්නේද, ඔහුට වඩා අලංකාරවත් ධර්මය හිමි අය කවරෙක්ද? අල්ලාහ් ඉබ්රාහීම්ව (තමන්ගේ) සහායයෙකු වශයෙන් ඇර ගත්තේය.
وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍۢ مُّحِيطًۭا ١٢٦
අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල අල්ලාහ්ටම අයත්ය! අල්ලාහ් සියල්ල (තම ඥානය මගින්) වට කරගෙන ඇත්තෙකු වශයෙන් සිටින්නේය.
وَيَسْتَفْتُونَكَ فِى ٱلنِّسَآءِ ۖ قُلِ ٱللَّهُ يُفْتِيكُمْ فِيهِنَّ وَمَا يُتْلَىٰ عَلَيْكُمْ فِى ٱلْكِتَٰبِ فِى يَتَٰمَى ٱلنِّسَآءِ ٱلَّٰتِى لَا تُؤْتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرْغَبُونَ أَن تَنكِحُوهُنَّ وَٱلْمُسْتَضْعَفِينَ مِنَ ٱلْوِلْدَٰنِ وَأَن تَقُومُوا۟ لِلْيَتَٰمَىٰ بِٱلْقِسْطِ ۚ وَمَا تَفْعَلُوا۟ مِنْ خَيْرٍۢ فَإِنَّ ٱللَّهَ كَانَ بِهِۦ عَلِيمًۭا ١٢۷
(නබියේ!) ඔබ වෙත ඔවුන් කාන්තාවන් ගැන වූ ධර්ම නීති රීති ගැන විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “ඔවුන් ගැන අල්ලාහ් ඔබට මෙසේ අණ කරන්නේය. (මෙයට පෙර කාන්තාවන් ගැන) ධර්මයෙහි ඔබට සමුදීරණය කර පෙන්වන ලද්දේ, අනාථ කාන්තාවන් ගැනය. ඔවුන්ට සඳහන් කරනු ලැබූ -(පංගුව, මහර් ආදී)- දැය ඔබ ඔවුන්ට ලබා නොදී ඔවුන්ව විවාහ කර ගැනීමට කැමති වීම ගැනද, (ඔවුන්ගෙන් වූ) ඛෙලහීන දරුවන් ගැනද, (එහිදී පවසමින්) “අනාථයින්ගේ කාරණාවෙහි ඔබ සාධාරණ ලෙස කටයුතු කරනු” යයිද (සඳන්ව තිබුණි). එබැවින් (ඔවුන්ට) ඔබ කුමන හොඳක් කළා වුවද, නියත වශයෙන්ම අල්ලාහ් එය දැන ගන්නේය”.
وَإِنِ ٱمْرَأَةٌ خَافَتْ مِنۢ بَعْلِهَا نُشُوزًا أَوْ إِعْرَاضًۭا فَلَا جُنَاحَ عَلَيْهِمَآ أَن يُصْلِحَا بَيْنَهُمَا صُلْحًۭا ۚ وَٱلصُّلْحُ خَيْرٌۭ ۗ وَأُحْضِرَتِ ٱلْأَنفُسُ ٱلشُّحَّ ۚ وَإِن تُحْسِنُوا۟ وَتَتَّقُوا۟ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًۭا ١٢۸
කුමන කාන්තාවක් හෝ තම ස්වාමිපුරුෂයා තමන්ව (දුෂ්ඨ අන්දමින්) කරදර කරනු ඇතැයි හෝ නැතහොත් ප්‍රතික්ෂේප කර දමනු ඇතැයි හෝ බිය වුවහොත් ඔවුන් දෙදෙනා (එකඟ වී) තමන් තුළ සමාදාන තීරණයක් ඇති කර ගැනීමෙහි ඔවුන් දෙදෙනා කෙරෙහි කිසිම වරදක් නැත. (කෙසේ වුවද, දෙදෙනාම එකඟ වූ) සමාදානයම ඉතාමත් උසස්ය. (මෙවැනි අවස්ථාවන්හිදී යම්කිසි වස්තුවක් දෙන බවට පත් වුවහොත් සාමාන්‍යයෙන්) මිනිසුන් මසුරුකමට ඇතුළු වී යන්නාහ. එබැවින් ඔබ (මසුරුකමට ඇතුළු නොවී සෑම කෙනෙකුම අනිත් කෙනාට) උපකාර කරන්නෙකු වශයෙන් හිඳිමින් (අල්ලාහ්ට) බිය වී (කටයුතු) කළහොත්, නියත වශයෙන්ම අල්ලාහ් ඔබගේ වැඩ කටයුතු හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.
وَلَن تَسْتَطِيعُوٓا۟ أَن تَعْدِلُوا۟ بَيْنَ ٱلنِّسَآءِ وَلَوْ حَرَصْتُمْ ۖ فَلَا تَمِيلُوا۟ كُلَّ ٱلْمَيْلِ فَتَذَرُوهَا كَٱلْمُعَلَّقَةِ ۚ وَإِن تُصْلِحُوا۟ وَتَتَّقُوا۟ فَإِنَّ ٱللَّهَ كَانَ غَفُورًۭا رَّحِيمًۭا ١٢۹
(විශ්වාසවන්තයිනි! ඔබට භාර්යයාවන් කිහිප දෙනෙකු සිටියහොත්) ඔබ (ඔබගේ) භාර්යයාවන් අතරේ (සම්පූර්ණ වශයෙන්ම) සාධාරණ ලෙස කටයුතු කළ යුතුය යයි (කොපමණ දුරට) කැමති වුවද, (එය) ඔබට ප්‍රායෝගික වන්නේ නැත. නමුත් (එකම භාය්‍ය_යාව දෙසට) ඔබ සම්පූර්ණයෙන්ම සේන්දු වී අන් අයව (අතරමං කර), ඒ මේ අත පැද්දෙන්නන් බවට පත් නොකරනු! ඔබ (අල්ලාහ්ට) බිය වී (ඔබ අතරේ) සාධාරණව හැසිරුණහොත් නියත වශයෙන්ම අල්ලාහ් (ඔබගේ වැරදි වලට) සමාව දී දයාව පහළ කරන්නෙකු වශයෙන් සිටින්නේය.
وَإِن يَتَفَرَّقَا يُغْنِ ٱللَّهُ كُلًّۭا مِّن سَعَتِهِۦ ۚ وَكَانَ ٱللَّهُ وَٰسِعًا حَكِيمًۭا ١۳۰
(සමාදානව එක්කාසු වී ජීවත් වීමට නොහැකිව) ඒ දෙදෙනා වෙන්වුවහොත් වුවද, අල්ලාහ් තම වරප්රසාදයන් මගින් (ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට) සම්පූර්ණයෙන්ම අවශ්‍යතාවයක් නොවන්නකු බවට පත් කරන්නේය. (දානමාන කිරීමෙහි) අල්ලාහ් අති විශාලවන්තයෙකු වශයෙන් හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَلَقَدْ وَصَّيْنَا ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ مِن قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ ٱتَّقُوا۟ ٱللَّهَ ۚ وَإِن تَكْفُرُوا۟ فَإِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَكَانَ ٱللَّهُ غَنِيًّا حَمِيدًۭا ١۳١
(මන්දයත්) අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද අල්ලාහ්ටම අයිතිය! (විශ්වාසවන්තයිනි!) “අල්ලාහ්ටම බිය වනු” යයි ඔබට පෙර ධර්මය පහළ කරනු ලැබූවන්ටද, (එසේම) ඔබටද, හොඳ ඔවදන් දෙන්නෙමු. එබැවින් (ඔහුට) ඔබ වෙනස්කම් කළහොත් -(එමගින් ඔහුට කිසිම පාඩුවක් වන්නේ නැත).- නියත වශයෙන්ම අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද අල්ලාහ්ට අයිති දැය වශයෙන්ම ඇත්තේය. අල්ලාහ් ඉමහත් වූ ස්වයංප්රභූමය වශයෙන් හා (සියල්ලන්ගේ) පැසසුමට ලක් වූවෙකු වශයෙන්ම සිටින්නේය.
وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا ١۳٢
අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද අල්ලාහ්ටම අයිතිය! (ඔබව) ආරක්ෂා කිරීමට අල්ලාහ් (කෙනෙකුම) ප්රමාණවත්ය.
إِن يَشَأْ يُذْهِبْكُمْ أَيُّهَا ٱلنَّاسُ وَيَأْتِ بِـَٔاخَرِينَ ۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ ذَٰلِكَ قَدِيرًۭا ١۳۳
මිනිසුනේ! ඔහු කැමති වුවහොත් ඔබව විනාශ කර දමා (ඔබ වෙනුවට) අන් අයව ගෙනැවිත් (ඔබගේ ස්ථානයෙහි තබා) හරින්නේය. අල්ලාහ් මෙසේ කිරීමට බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.
مَّن كَانَ يُرِيدُ ثَوَابَ ٱلدُّنْيَا فَعِندَ ٱللَّهِ ثَوَابُ ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ ۚ وَكَانَ ٱللَّهُ سَمِيعًۢا بَصِيرًۭا ١۳٤
(විශ්වාසවන්තයිනි!) මෙලොව ඵලවිපාක පමණක් කවුරුන් නම් කැමති වන්නෙහුද? අල්ලාහ්ගේ සන්නිධානයෙහි නම්, මෙලොව හා පරලොව ඵලවිපාක ඇත්තේය. අල්ලාහ් (සෑම කෙනාගේම ප්‍රාර්ථනාවන්) සවන් දෙන්නෙකු වශයෙන්ද, (සෑම කෙනෙකුගේම සිත්) අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද සිටින්නේය.
۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُونُوا۟ قَوَّٰمِينَ بِٱلْقِسْطِ شُهَدَآءَ لِلَّهِ وَلَوْ عَلَىٰٓ أَنفُسِكُمْ أَوِ ٱلْوَٰلِدَيْنِ وَٱلْأَقْرَبِينَ ۚ إِن يَكُنْ غَنِيًّا أَوْ فَقِيرًۭا فَٱللَّهُ أَوْلَىٰ بِهِمَا ۖ فَلَا تَتَّبِعُوا۟ ٱلْهَوَىٰٓ أَن تَعْدِلُوا۟ ۚ وَإِن تَلْوُۥٓا۟ أَوْ تُعْرِضُوا۟ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًۭا ١۳٥
විශ්වාසවන්තයිනි! ඔබ සාධාරණය මතම ස්ථීර වී සිටිනු. (ඔබ සාක්ෂි කියන්නෙහු නම්), ඔබට හෝ නැතහොත් ඔබගේ දෙමව්පියන්ට හෝ නැතහොත් (ඔබගේ) සමීප ඥාතීන්ට හෝ විරුද්ධව තිබුනා වුවද, අල්ලාහ් වෙනුවෙන් (සත්‍යයම) සාක්ෂි වශයෙන් කියනු. (ඔබ කවුරුන් වෙනුවෙන් සාක්ෂි දරන්නේද), ඔවුන් ධනවතුන් වශයෙන් සිටියා වුවද කම් නැත, දුප්පතුන් වශයෙන් සිටියා වුවද කම් නැත, (සත්‍යයම පවසනු. මන්දයත්) අල්ලාහ් ඒ දෙපක්ෂයටම ඉතාමත් සමීපයෙකු වශයෙන්ම සිටින්නේය. එබැවින් ඔබ, (ඔබගේ) ශරීර සුවය අනුගමනය කිරීමට සීමාව ඉක්මවා නොයනු! (තද ආශාවන් නිසා හෝ නැතහොත් වෛරය නිසා හෝ එය මුල් කරගෙන) ඔබ බොරු (සාක්ෂි) කීවා වුවද, නැතහොත් (සාක්ෂි) කීම ප්‍රතික්ෂේප කළා වුවද, නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ ءَامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلْكِتَٰبِ ٱلَّذِى نَزَّلَ عَلَىٰ رَسُولِهِۦ وَٱلْكِتَٰبِ ٱلَّذِىٓ أَنزَلَ مِن قَبْلُ ۚ وَمَن يَكْفُرْ بِٱللَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ فَقَدْ ضَلَّ ضَلَٰلًۢا بَعِيدًا ١۳٦
විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, ඔහු තමන්ගේ (මෙම) දූතයා කෙරෙහි පහළ කළ මෙම ධර්මයද, මෙයට පෙර ඔහු පහළ කළ ධර්මයන්ද විශ්වාස කරනු. කවුරුන් අල්ලාහ්වද, ඔහුගේ මලායිකාවරුන්වද, ඔහුගේ ධර්මයන්ද, ඔහුගේ දූතයින්වද, අවසාන දිනයද, ප්‍රතික්ෂේප කරන්නේද, ඔහු නියත වශයෙන්ම ඉතාමත් ඈත් වූ දුර්මාර්ගයෙහිම ගමන් කරන්නේය.
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ ثُمَّ كَفَرُوا۟ ثُمَّ ءَامَنُوا۟ ثُمَّ كَفَرُوا۟ ثُمَّ ٱزْدَادُوا۟ كُفْرًۭا لَّمْ يَكُنِ ٱللَّهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ سَبِيلًۢا ١۳۷
කවුරුන් විශ්වාසය තැබීමෙන් අනතුරුව ප්රතික්ෂේපය (අත්) කරගෙන, පසුව විශ්වාස කර, (ඉන්) පසුවද ප්රතික්ෂේපය අත් කරගෙන (එම) ප්රතික්ෂේපයේම නැවත (නැවතත්) ස්ථීරව සිටින්නෝද, ඔවුන්ව (ඔවුන්ගේ වැරදිවලට) නියත වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නේම නැත. හැරත් (ඔවුන්ගේ නපුරු ක්‍රියාවන්ගේ හේතුවෙන්) ඔවුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේද නැත.
بَشِّرِ ٱلْمُنَٰفِقِينَ بِأَنَّ لَهُمْ عَذَابًا أَلِيمًا ١۳۸
(නබියේ! මෙවැනි) වංචනිකයින්ට වේදනා ගෙන දෙන දඬුවම් නියත වශයෙන්ම ඇත යයි ඔබ ඔවුන්ට සුභාරංචි දෙනු මැනව!
ٱلَّذِينَ يَتَّخِذُونَ ٱلْكَٰفِرِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ ۚ أَيَبْتَغُونَ عِندَهُمُ ٱلْعِزَّةَ فَإِنَّ ٱلْعِزَّةَ لِلَّهِ جَمِيعًۭا ١۳۹
මොවුන් විශ්වාසවන්තියින්ව හැර, ප්‍රතික්ෂේප කරන්නන්වම (තමන්ගේ) ආරක්ෂකයින් වශයෙන්ද ඇර ගත්හ. මොවුන් ඔවුන්ගෙන් ගෞරවය (අත් කර ගැනීමට) අදහස් කරන්නෙහුද? නියත වශයෙන්ම ගෞරවයන් සියල්ල අල්ලාහ්ටම අයත්ය! (ඔවුන්ට අයත් දැය නොව).
وَقَدْ نَزَّلَ عَلَيْكُمْ فِى ٱلْكِتَٰبِ أَنْ إِذَا سَمِعْتُمْ ءَايَٰتِ ٱللَّهِ يُكْفَرُ بِهَا وَيُسْتَهْزَأُ بِهَا فَلَا تَقْعُدُوا۟ مَعَهُمْ حَتَّىٰ يَخُوضُوا۟ فِى حَدِيثٍ غَيْرِهِۦٓ ۚ إِنَّكُمْ إِذًۭا مِّثْلُهُمْ ۗ إِنَّ ٱللَّهَ جَامِعُ ٱلْمُنَٰفِقِينَ وَٱلْكَٰفِرِينَ فِى جَهَنَّمَ جَمِيعًا ١٤۰
නියත වශයෙන්ම (අල්ලාහ් වන) ඔහු, මෙම ධර්මයෙහි ඔබට මෙසේ පහළ කර ඇත්තේය: අල්ලාහ්ගේ ආයාවන් (කවුරුන් විසින් හෝ) ප්‍රතික්ෂේප කරනු ලැබීම හෝ නැතහොත් සමච්චල් කරනු ලැබීම හෝ ඔබ සවන් දුන්නහොත් ඔවුන් මෙයින් වැළකී වෙනත් කාරණාවකට ප්‍රවේශ වන තුරු ඔබ ඔවුන් සමග වාඩි නොවිය යුතුය. (එසේ වාඩි වුවහොත්) ඒ අවස්ථාවේදී නියත වශයෙන්ම ඔබත් ඔවුන් ලෙසටම (පත් වන්නෙහිය). නියත වශයෙන්ම අල්ලාහ් මෙම වංචනිකයින් හා එම ප්‍රතික්ෂේප කරන්නන් ආදී සියල්ලන්වම නිරයෙහි එකට ඒකරාශී කර හරින්නේය.
ٱلَّذِينَ يَتَرَبَّصُونَ بِكُمْ فَإِن كَانَ لَكُمْ فَتْحٌۭ مِّنَ ٱللَّهِ قَالُوٓا۟ أَلَمْ نَكُن مَّعَكُمْ وَإِن كَانَ لِلْكَٰفِرِينَ نَصِيبٌۭ قَالُوٓا۟ أَلَمْ نَسْتَحْوِذْ عَلَيْكُمْ وَنَمْنَعْكُم مِّنَ ٱلْمُؤْمِنِينَ ۚ فَٱللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ وَلَن يَجْعَلَ ٱللَّهُ لِلْكَٰفِرِينَ عَلَى ٱلْمُؤْمِنِينَ سَبِيلًا ١٤١
(වංචනිකයින් වන) මොවුන් ඔබව අවධානය කරමින්ම සිටින්නාහ. අල්ලාහ් මගින් (ඔහුගේ උදව්වෙන්) ඔබට ජයග්‍රහණය ලැබුණහොත්, (ඔබ වෙත පැමිණ) “අපිත් ඔබ සමග සිටියේ නැද්ද?”යි පවසන්නාහ. ප්‍රතික්ෂේප කරන්නන් හට යම්කිසි ජයග්‍රහණයක් ලැබුණහොත් (ඔවුන් වෙත ගොස්) “අපි (විශ්වාසවන්තයින්ට උදව් උපකාර කර), ඔබව ජයග්‍රහණය කිරීමට හැකිව තිබියදී, විශ්වාසය තැබූවන්ගෙන් අපි ඔබව ආරක්ෂා කර ගත්තේ නැද්ද?”යි පවසන්නාහ. ඔබ අතරේ අල්ලාහ් විනිශ්චය දිනදී විනිශ්චය දෙනු ඇත. එම ප්‍රතික්ෂේප කරන්නන් හට විශ්වාසවන්තයින්ගෙන් ජයග්‍රහණය අත් කර ගැනීමට අල්ලාහ් කිසිම මගක් තබන්නේ නැත.
إِنَّ ٱلْمُنَٰفِقِينَ يُخَٰدِعُونَ ٱللَّهَ وَهُوَ خَٰدِعُهُمْ وَإِذَا قَامُوٓا۟ إِلَى ٱلصَّلَوٰةِ قَامُوا۟ كُسَالَىٰ يُرَآءُونَ ٱلنَّاسَ وَلَا يَذْكُرُونَ ٱللَّهَ إِلَّا قَلِيلًۭا ١٤٢
නියත වශයෙන්ම (ප්‍රතික්ෂේප කරන) මෙම වංචනිකයින් අල්ලාහ්ව මුළා (කරන්නට අදහස්) කරන්නාහ. එහෙත් ඔහු නම්, ඔවුන්ව මුළා කර හරින්නේය. ඔවුන් සලාතයට සිට ගත්තහොත්, කම්මැළියන් වශයෙන් සිටිමින් මිනිසුන්ට පෙන්වන්නට (අදහස්) කරන්නාහ. ඔවුන් ඉතාමත් සුළුවෙන් මිස, අල්ලාහ්ව මතක් කර පවසන්නේ නැත.
مُّذَبْذَبِينَ بَيْنَ ذَٰلِكَ لَآ إِلَىٰ هَٰٓؤُلَآءِ وَلَآ إِلَىٰ هَٰٓؤُلَآءِ ۚ وَمَن يُضْلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلًۭا ١٤۳
මොවුන්, ඔවුන් (ප්‍රතික්ෂේප කරන්නන්) සමගද නැත. මොවුන් (වංචනිකයින්) සමගද නැත. මේ දෙක මධ්‍යයේ පැද්දෙමින් සිටින්නාහ. අල්ලාහ් කවුරුන්ව මාර්ගය වැරද යාමට අත්හැර දමන්නේද, ඔහුට (නබියේ!) කිසිම මගක් ඔබ දකින්නේ නැත.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ ٱلْكَٰفِرِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ ۚ أَتُرِيدُونَ أَن تَجْعَلُوا۟ لِلَّهِ عَلَيْكُمْ سُلْطَٰنًۭا مُّبِينًا ١٤٤
විශ්වාසවන්තයිනි! ඔබ විශ්වාසවන්තයින්ව අත්හැර දමා ප්‍රතික්ෂේප කරන්නන්ව (ඔබට) ආරක්ෂකයින් වශයෙන් පත් කර නොගනු. (මෙමගින් ඔබව දඬුවම් කිරීමට) අල්ලාහ්ට එක් පැහැදිලි සාධකයක් ඇති කර හැරීමට ඔබ කැමති වන්නෙහුද?
إِنَّ ٱلْمُنَٰفِقِينَ فِى ٱلدَّرْكِ ٱلْأَسْفَلِ مِنَ ٱلنَّارِ وَلَن تَجِدَ لَهُمْ نَصِيرًا ١٤٥
නියත වශයෙන්ම මෙම වංචනිකයින් නිරයෙහි ඉතාමත් පහත් කොටසෙහිම සිටිනු ඇත. (එහි) ඔවුන්ට උදව් කරන සිවෙකුත් ඔබ දකින්නේ නැත.
إِلَّا ٱلَّذِينَ تَابُوا۟ وَأَصْلَحُوا۟ وَٱعْتَصَمُوا۟ بِٱللَّهِ وَأَخْلَصُوا۟ دِينَهُمْ لِلَّهِ فَأُو۟لَٰٓئِكَ مَعَ ٱلْمُؤْمِنِينَ ۖ وَسَوْفَ يُؤْتِ ٱللَّهُ ٱلْمُؤْمِنِينَ أَجْرًا عَظِيمًۭا ١٤٦
එහෙත් (ඔවුන්ගෙන්) කවුරුන් (තමන්ගේ පාපයන් වෙනුවෙන් පසුතැවිලි වී එයින්) ඈත් වී පිළිසකර කරගෙන, අල්ලාහ්ව - (ඔහුගේ නියෝගයන්) ස්ථීර වශයෙන් අල්ලාගෙන තමන්ගේ ධර්මය අල්ලාහ් වෙනුවෙන් මිශ්‍ර නොවූ එකක් බවට පත් කර ගන්නෝද, ඔවුන් (සත්‍ය) විශ්වාසවන්තයින් සමගම (ස්නෙහවන්තව) සිටිනු ඇත. මෙවැනි (සත්‍ය) විශ්වාසවන්තයින්ට (පරලොවදී) අල්ලාහ් ඉමහත් වූ (හොඳ) ඵලවිපාක දෙන්නේය.
مَّا يَفْعَلُ ٱللَّهُ بِعَذَابِكُمْ إِن شَكَرْتُمْ وَءَامَنتُمْ ۚ وَكَانَ ٱللَّهُ شَاكِرًا عَلِيمًۭا ١٤۷
ඔබ (මෙසේ) අල්ලාහ්ව විශ්වාස කර, ඔහුට ස්තූති කරමින් සිටියහොත් ඔබට දඬුවම් කර, ඔහු කුමන (ලාභයක් නම්) අත් කර ගන්නට යන්නෙහිද? අල්ලාහ් නම්, කළ ගුණ දන්නෙකු වශයෙන් හා සියල්ල හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.
۞ لَّا يُحِبُّ ٱللَّهُ ٱلْجَهْرَ بِٱلسُّوٓءِ مِنَ ٱلْقَوْلِ إِلَّا مَن ظُلِمَ ۚ وَكَانَ ٱللَّهُ سَمِيعًا عَلِيمًا ١٤۸
අපරාධයට ඇතුළුවූවන් හැර, (වෙන කිසිවෙකුත් යම් කිසිවෙකු ගැන ප්‍රසිද්ධියේ) නපුරු වදන් පවසා කෑකෝ ගැසීම අල්ලාහ් ප්‍රිය කරන්නේම නැත. අල්ලාහ් (සියල්ල) සවන් දෙන්නෙකු හා දන්නෙකු වශයෙන්ම සිටින්නේය.
إِن تُبْدُوا۟ خَيْرًا أَوْ تُخْفُوهُ أَوْ تَعْفُوا۟ عَن سُوٓءٍۢ فَإِنَّ ٱللَّهَ كَانَ عَفُوًّۭا قَدِيرًا ١٤۹
ඔබ (කෙනෙකුට කරන) යම්කිසි හොඳක් එළිදරව් කළද, නැතහොත් එය සඟවා ගත්තද, නැතහොත් (කෙනෙකු ඔබට කළ) යම්කිසි නපුරක් සඳහා ඔබ සමාව දුන්නද, (එය ඔබටම ඉතාමත් අගනේය. මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් (වැරදි වලට) ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන් හා (දඬුවම් කිරීමට) බලසම්පන්නයෙකු වශයෙන්ද සිටින්නේය.
إِنَّ ٱلَّذِينَ يَكْفُرُونَ بِٱللَّهِ وَرُسُلِهِۦ وَيُرِيدُونَ أَن يُفَرِّقُوا۟ بَيْنَ ٱللَّهِ وَرُسُلِهِۦ وَيَقُولُونَ نُؤْمِنُ بِبَعْضٍۢ وَنَكْفُرُ بِبَعْضٍۢ وَيُرِيدُونَ أَن يَتَّخِذُوا۟ بَيْنَ ذَٰلِكَ سَبِيلًا ١٥۰
නියත වශයෙන්ම කවුරුන් අල්ලාහ්වද ඔහුගේ දූතයින්වද ප්‍රතික්ෂේප කර දමා, අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද අතරේ වෙන්වීමක් ඇති කිරීමට අදහස් කර, “(දූතයින්ගෙන්) සමහරෙකුව විශ්වාස කරන්නෙමු. සමහරෙකුව ප්‍රතික්ෂේප කරන්නෙමු” යයිද පවසා, (ප්රතික්ෂේපය, විශ්වාසය ආදී) මේවා මධ්‍යයේ එක් මාර්ගයක් ඇති කිරීමට අදහස් කරන්නෝද;
أُو۟لَٰٓئِكَ هُمُ ٱلْكَٰفِرُونَ حَقًّۭا ۚ وَأَعْتَدْنَا لِلْكَٰفِرِينَ عَذَابًۭا مُّهِينًۭا ١٥١
එවැන්නන් නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන්ය. ප්‍රතික්ෂේප කරන්නන්ට අපි අවමන් ගෙන දෙන දඬුවම්ම පිළියෙල කර තබා ඇත්තෙමු.
وَٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ وَلَمْ يُفَرِّقُوا۟ بَيْنَ أَحَدٍۢ مِّنْهُمْ أُو۟لَٰٓئِكَ سَوْفَ يُؤْتِيهِمْ أُجُورَهُمْ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۭا ١٥٢
කවුරුන් අල්ලාහ්වද ඔවුන්ගේ දූතයින්වද විශ්වාස කර, ඔවුන්ගෙන් කවුරුන් අතරේ හෝ වෙන්කිරීමක් නොකර සිටින්නෝද, ඔවුන්ට, ඔවුන්ගේ ඵලවිපාක (අල්ලාහ් පරලොවදී) ලබා දෙන්නේය. අල්ලාහ් (වැරදි වලට) ඉතාමත් සමාව දෙන්නෙකු වශයෙන්ද දයාව පහළ කරන්නෙකු වශයෙන්ද සිටින්නේය.
يَسْـَٔلُكَ أَهْلُ ٱلْكِتَٰبِ أَن تُنَزِّلَ عَلَيْهِمْ كِتَٰبًۭا مِّنَ ٱلسَّمَآءِ ۚ فَقَدْ سَأَلُوا۟ مُوسَىٰٓ أَكْبَرَ مِن ذَٰلِكَ فَقَالُوٓا۟ أَرِنَا ٱللَّهَ جَهْرَةًۭ فَأَخَذَتْهُمُ ٱلصَّٰعِقَةُ بِظُلْمِهِمْ ۚ ثُمَّ ٱتَّخَذُوا۟ ٱلْعِجْلَ مِنۢ بَعْدِ مَا جَآءَتْهُمُ ٱلْبَيِّنَٰتُ فَعَفَوْنَا عَن ذَٰلِكَ ۚ وَءَاتَيْنَا مُوسَىٰ سُلْطَٰنًۭا مُّبِينًۭا ١٥۳
(නබියේ!) ධර්මය හිමි අය (තමන් කැමති වන අන්දමට) අහසින් තමන් වෙත එක් ධර්මයක් පහළ කරන මෙන් ඔබගෙන් විමසන්නාහ. නියත වශයෙන්ම මීටත් වඩා ලොකු දැයක් මූසා වෙතින් ඔවුන් ඉල්ලා “අල්ලාහ්ව අපට ප්රත්යක්ෂව පෙන්වනු” යයි පැවසූහ. එබැවින් ඔවුන්ගේ අපරාධයේ හේතුවෙන් ඔවුන්ව හෙණ හඞ අල්ලා ගත්තේය. (මෙපමණක්ද?) ඔවුන් වෙත පැහැදිලි (විවිධ) සාධකයන් පැමිණි පසුද, වසු පැටවකු (දෙවියෙකු බවට) පත් කර ගත්හ. මෙයද අපි ක්ෂමා කර, (ඔවුන්ගේ නබි) මූසාට (ඉන් පසුවද) පැහැදිලි සාධකයක් ලබා දුන්නෙමු.
وَرَفَعْنَا فَوْقَهُمُ ٱلطُّورَ بِمِيثَٰقِهِمْ وَقُلْنَا لَهُمُ ٱدْخُلُوا۟ ٱلْبَابَ سُجَّدًۭا وَقُلْنَا لَهُمْ لَا تَعْدُوا۟ فِى ٱلسَّبْتِ وَأَخَذْنَا مِنْهُم مِّيثَٰقًا غَلِيظًۭا ١٥٤
ඔවුන්ගෙන් පොරොන්දු ලබා ගැනීම සඳහා (තූර් සිනායි නමැති) කන්ද ඔවුන් මත එසෙව්වෙමු. තවද “(මෙම නගරයේ) ෙදාරටුවෙහි හිස නමා නමදින්නන් වශයෙන්ම ඇතුළු වනු” යයි අපි ඔවුන්ට කීවෙමු. තවද (මසුන් දඞයමෙහි) “සෙනසුරාදා දිනයන්හි ඔබ සීමාව නොඉක්මවනු” යයිද අපි ඔවුන්ට පවසා, (මේවා සඳහාද) ස්ථීර වූ පොරොන්දුවක් අපි ඔවුන්ගෙන් ලබා තිබුනෙමු. (එහෙත් ඔවුන් වෙනස් වූහ).
فَبِمَا نَقْضِهِم مِّيثَٰقَهُمْ وَكُفْرِهِم بِـَٔايَٰتِ ٱللَّهِ وَقَتْلِهِمُ ٱلْأَنۢبِيَآءَ بِغَيْرِ حَقٍّۢ وَقَوْلِهِمْ قُلُوبُنَا غُلْفٌۢ ۚ بَلْ طَبَعَ ٱللَّهُ عَلَيْهَا بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًۭا ١٥٥
එබැවින් ඔවුන් තමන්ගේ පොරොන්දු වලට වෙනස්කම් කිරීමේ හේතුවෙන්ද, අල්ලාහ්ගේ වදන් ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන්ද, අසාධාරණයේ නබිවරුන්ව ඝාතනය කරමින් සිටි හේතුවෙන්ද, - (අපි ඔවුන්ව ශාප කර හැරියෙමු)-තවද “අපගේ හෘදයන් මත තිරයක් දමනු ලැබ ඇත්තේය. (එබැවින් කිසිවෙකුගේ ඔවදන් හෝ ඒ තුළට යන්නේ නැත)” යයිද ඔවුන් පැවසූහ. එසේ නොව; ඔවුන්ගේ ප්රතික්ෂේපයේ හේතුවෙන් ඔවුන්ගේ හෘදයන් මත මුද්‍රා තබනු ලැබීය. එබැවින් (ඔවුන්ගෙන්) සමහරෙකු හැර, (අන් අය) විශ්වාස කරන්නේම නැත.
وَبِكُفْرِهِمْ وَقَوْلِهِمْ عَلَىٰ مَرْيَمَ بُهْتَٰنًا عَظِيمًۭا ١٥٦
ඔවුන්ගේ (මෙවැනි) ප්රතික්ෂේපයේ හේතුවෙන්ද, මර්යම් මත ඔවුන් අමූලික අපවාද පැවසීමේ හේතුවෙන්ද (ඔවුන්ට ශාප කළෙමු).
وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا ٱلْمَسِيحَ عِيسَى ٱبْنَ مَرْيَمَ رَسُولَ ٱللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِن شُبِّهَ لَهُمْ ۚ وَإِنَّ ٱلَّذِينَ ٱخْتَلَفُوا۟ فِيهِ لَفِى شَكٍّۢ مِّنْهُ ۚ مَا لَهُم بِهِۦ مِنْ عِلْمٍ إِلَّا ٱتِّبَاعَ ٱلظَّنِّ ۚ وَمَا قَتَلُوهُ يَقِينًۢا ١٥۷
තවද “අල්ලාහ්ගේ දූතයා, මර්යම්ගේ පුත් ඊසා මසීහ්ව නියත වශයෙන්ම අපි (කුරුසයෙහි තබා ඇණ ගසා) ඝාතනය කර දැමුවෙමු” යයි ඔවුන් පැවසීමේ හේතුවෙන්ද (ඔවුන්ට ශාප කළෙමු). ඔහුව, ඔවුන් කපා දැමුවේ නැත. ඔහුව, ඔවුන් කුරුසයෙහි තබා ඇණ ගැසුවේද නැත. (ඔහු සිටි කාමරය තුළට ඔහුව සොයා ගිය කෙනාව ඔහුගේ හැඩරුව මෙන් බවට පත් කර හැරියේය. සොයා ගිය අනිත් අය, ඔහුවම කුරුසයෙහි තබා ඇණ ගැසූහ. මෙබැවින්) ඔවුන්ව සැකයෙහි ඇතුළු කරනු ලැබූහ. එබැවින් කවුරුන් මෙයට වෙනස් වූ අදහස් දරන්නෝද, ඔවුන් අනවශ්‍ය සැකයෙහිම ගැලී ගියහ. අනවශ්‍ය සැකයෙහි අනුගමනය කරනවා මිස, එහි ඔවුන්ට සත්‍ය ඥානය (සාධකයන්) ඇත්තේ නැත. නියත වශයෙන්ම ඔවුන් ඔහුව කපා දැමුවේම නැත.
بَل رَّفَعَهُ ٱللَّهُ إِلَيْهِ ۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًۭا ١٥۸
එහෙත් අල්ලාහ් ඔහුව තමා වෙතට (තම සන්නිධානයට) ම ඔසවා ගත්තේය. අල්ලාහ් (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු වශයෙන්ද, ඥානවන්තයෙකු වශයෙන්ද සිටින්නේය.
وَإِن مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ إِلَّا لَيُؤْمِنَنَّ بِهِۦ قَبْلَ مَوْتِهِۦ ۖ وَيَوْمَ ٱلْقِيَٰمَةِ يَكُونُ عَلَيْهِمْ شَهِيدًۭا ١٥۹
ධර්මය හිමි අයගෙන් සෑම කෙනෙකුම ඔහු මිය යාමට පෙර ඔහුව විශ්වාස නොකර සිටින්නේ නැත. එහෙත් විනිශ්චය දිනදී මොවුන්ට විරුද්ධවම ඔහු සාක්ෂි දරනු ඇත.
فَبِظُلْمٍۢ مِّنَ ٱلَّذِينَ هَادُوا۟ حَرَّمْنَا عَلَيْهِمْ طَيِّبَٰتٍ أُحِلَّتْ لَهُمْ وَبِصَدِّهِمْ عَن سَبِيلِ ٱللَّهِ كَثِيرًۭا ١٦۰
යුදෙව්වන්ගේ (මෙවැනි) අපරාධයන්හි හේතුවෙන් ඔවුන්ට (කළින්) අනුමැතිය දෙනු ලැබූ දැයෙන් හොඳ දැය අපි ඔවුන්ට වළක්වා දැමුවෙමු. (එසේම) අල්ලාහ්ගේ මාර්ගයෙහි (යාමට නොහැකි වන සේ) බොහොමයක් දෙනාව වළක්වා දැමීමේ හේතුවෙන්ද (ඔවුන්ව වළක්වා දැමුවෙමු).
وَأَخْذِهِمُ ٱلرِّبَوٰا۟ وَقَدْ نُهُوا۟ عَنْهُ وَأَكْلِهِمْ أَمْوَٰلَ ٱلنَّاسِ بِٱلْبَٰطِلِ ۚ وَأَعْتَدْنَا لِلْكَٰفِرِينَ مِنْهُمْ عَذَابًا أَلِيمًۭا ١٦١
ඔවුන්ට පොළිය තහනම් කරනු ලැබ තිබියදී එය ඔවුන් ලබා ගනිමින් සිටි හේතුවෙන්ද, මිනිසුන්ගේ වස්තූන් ඔවුන් අසාධාරණයේ ගිල දමමින් සිටි හේතුවෙන්ද, (අපි ඔවුන්ට ශාප කළෙමු. පරලොවදී නම්) ඔවුන්ගෙන් (මෙවැනි) ප්‍රතික්ෂේප කරන්නන්ට වේදනා ගෙන දෙන දඬුවම ම අපි පිළියෙල කර තබා ඇත්තෙමු.
لَّٰكِنِ ٱلرَّٰسِخُونَ فِى ٱلْعِلْمِ مِنْهُمْ وَٱلْمُؤْمِنُونَ يُؤْمِنُونَ بِمَآ أُنزِلَ إِلَيْكَ وَمَآ أُنزِلَ مِن قَبْلِكَ ۚ وَٱلْمُقِيمِينَ ٱلصَّلَوٰةَ ۚ وَٱلْمُؤْتُونَ ٱلزَّكَوٰةَ وَٱلْمُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ أُو۟لَٰٓئِكَ سَنُؤْتِيهِمْ أَجْرًا عَظِيمًا ١٦٢
එහෙත් (නබියේ!) ඔවුන්ගෙන් අධ්‍යාපන දැනුමෙන් අග තැන්පත් අයද, (සත්‍ය) විශ්වාසවන්තයින්ද, ඔබ කෙරෙහි පහළ කරන ලද දැයද (මෙම ධර්මයද), ඔබට පෙර පහළ කරන ලද සියල්ල (ධර්මයන්)ද, (ඇත්තෙන්ම) විශ්වාස කර, සලාතයද නොකඩවා සලාත් කරන්නාහ. සකාත්ද ගෙවමින් සිටින්නාහ. අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස කරන්නාහ. මොවුන්ට (පරලොවදී) ඉමහත් වූ ඵලවිපාකම අපි දෙන්නෙමු.
۞ إِنَّآ أَوْحَيْنَآ إِلَيْكَ كَمَآ أَوْحَيْنَآ إِلَىٰ نُوحٍۢ وَٱلنَّبِيِّۦنَ مِنۢ بَعْدِهِۦ ۚ وَأَوْحَيْنَآ إِلَىٰٓ إِبْرَٰهِيمَ وَإِسْمَٰعِيلَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ وَٱلْأَسْبَاطِ وَعِيسَىٰ وَأَيُّوبَ وَيُونُسَ وَهَٰرُونَ وَسُلَيْمَٰنَ ۚ وَءَاتَيْنَا دَاوُۥدَ زَبُورًۭا ١٦۳
(නබියේ!) නූහ්ටද ඔහුගෙන් පසු පැමිණි නබිවරුන්ටද අපි වහී දැනුම් දුන් අන්දමටම ඔබටත් නියත වශයෙන්ම අපි වහී දැනුම් දුන්නෙමු. තවද ඉබ්රාහීම්, ඉස්මායීල්, ඉස්හාක්, යාකූබ් ආදීන්ටද, ඔවුන්ගේ පරම්පරාවේ දරුවන්ටද, ඊසා, අයියූබ්, යූනුස්, හාරූන්, සුලෙයිමාන් ආදීන්ටද (මේ අන්දමටම) අපි වහී දැනුම් දී ඇත්තෙමු. දාවූද්ට සබූර් නමැති ධර්මය අපිම ලබා දුන්නෙමු.
وَرُسُلًۭا قَدْ قَصَصْنَٰهُمْ عَلَيْكَ مِن قَبْلُ وَرُسُلًۭا لَّمْ نَقْصُصْهُمْ عَلَيْكَ ۚ وَكَلَّمَ ٱللَّهُ مُوسَىٰ تَكْلِيمًۭا ١٦٤
(මොවුන් මෙන් තවත් වෙනත්) නබිවරුන් බොහොමයක්ද (අපි යවා ඇත්තෙමු). ඔවුන්ගේ ඉතිහාසයන්ද මීට පෙර අපි ඔබට පවසා ඇත්තෙමු. වෙනත් නබිවරුන් බොහොමයක්ද (අපි යවා ඇත්තෙමු. එහෙත්) ඔවුන්ගේ ඉතිහාසයන් අපි ඔබට පැවසුවේ නැත. මූසා (මූසාට වහී දැනුම් දීමත්) සමග අල්ලාහ් කතා කරද ඇත්තේය.
رُّسُلًۭا مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى ٱللَّهِ حُجَّةٌۢ بَعْدَ ٱلرُّسُلِ ۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًۭا ١٦٥
අල්ලාහ් මත (ෙදාස් පවරන්නට) මිනිසුන්ට කිසිම මාර්ගයක් නොතිබීම පිණිස මෙම දූතයින්ගෙන් පසුවද (සැකරීයියා, යහ්යා වැනි) දූතයින් බොහොමයක් දෙනාව (ස්වර්ගය මගින්) ශුභාරංචි පවසන්නන් වශයෙන්ද (නිරය මගින්) බිය ගන්වා අනතුරු අඟවන්නන් වශයෙන්ද (අපි යවා ඇත්තෙමු). අල්ලාහ් (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
لَّٰكِنِ ٱللَّهُ يَشْهَدُ بِمَآ أَنزَلَ إِلَيْكَ ۖ أَنزَلَهُۥ بِعِلْمِهِۦ ۖ وَٱلْمَلَٰٓئِكَةُ يَشْهَدُونَ ۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًا ١٦٦
(නබියේ! මොවුන් ඔබව ප්‍රතික්ෂේප කර හැරීම නිසා කුමක් නම් සිදු වන්නේද?) ඔහු ඔබට පහළ කළ (ශුද්ධ වූ කුර්ආනය වන) මෙයට අල්ලාහ්ම සාක්ෂි දරන්නේය. ඔහු තම ඥානය මගින්ම එය (ඔබ කෙරෙහි) පහළ කර ඇත්තේය. හැරත් (මෙයට) මලායිකාවරුන්ද සාක්ෂි දරන්නාහ. තවද සාක්ෂි දැරීමට අල්ලාහ්ම ප්‍රමාණවත් වන්නේය.
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ قَدْ ضَلُّوا۟ ضَلَٰلًۢا بَعِيدًا ١٦۷
(නබියේ! ඔබව) කවුරුන් ප්‍රතික්ෂේප කර (අන් අයවද) අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා හැරියෝද, ඔවුන් නියත වශයෙන්ම ඉතාමත් ඈත් වූ දුර්මාර්ගයෙහිම ගියහ.
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَظَلَمُوا۟ لَمْ يَكُنِ ٱللَّهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ طَرِيقًا ١٦۸
(නබියේ!) කවුරුන් (ඔබව) ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව අපරාධ කරන්නෝද, ඔවුන්ව අල්ලාහ් ක්ෂමා කරන්නේම නැත. හැරත් වෙනත් ඍජු මාර්ගයක ඔහු ඔවුන්ව ඇතුළු කරන්නේද නැත.
إِلَّا طَرِيقَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًۭا ١٦۹
නිරයේ මාර්ගය හැර. එහිම ඔවුන් සැමදා රැඳී සිටිනු ඇත. මෙය (මෙසේ කිරීම) අල්ලාහ්ට ඉතාමත් ලෙහෙසිය!
يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَكُمُ ٱلرَّسُولُ بِٱلْحَقِّ مِن رَّبِّكُمْ فَـَٔامِنُوا۟ خَيْرًۭا لَّكُمْ ۚ وَإِن تَكْفُرُوا۟ فَإِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًۭا ١۷۰
මිනිසුනේ! ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් සත්‍යය සමග (එවන ලද) එක් දූතයෙකු නියත වශයෙන්ම ඔබ වෙත පැමිණ ඇත්තේය. එබැවින් ඔබ (ඔහුව) විශ්වාස කරනු. (එය) ඔබටම ඉතාමත් හොඳය. ඔබ (ඔහුව) ප්‍රතික්ෂේප කර දැමුවහොත් (අල්ලාහ්ට කිසිම අඩුවක් වන්නේ නැත. මන්දයත්) අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල නියත වශයෙන්ම අල්ලාහ්ටම අයිතිය. අල්ලාහ් (සියල්ලන්වම) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لَا تَغْلُوا۟ فِى دِينِكُمْ وَلَا تَقُولُوا۟ عَلَى ٱللَّهِ إِلَّا ٱلْحَقَّ ۚ إِنَّمَا ٱلْمَسِيحُ عِيسَى ٱبْنُ مَرْيَمَ رَسُولُ ٱللَّهِ وَكَلِمَتُهُۥٓ أَلْقَىٰهَآ إِلَىٰ مَرْيَمَ وَرُوحٌۭ مِّنْهُ ۖ فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ ۖ وَلَا تَقُولُوا۟ ثَلَٰثَةٌ ۚ ٱنتَهُوا۟ خَيْرًۭا لَّكُمْ ۚ إِنَّمَا ٱللَّهُ إِلَٰهٌۭ وَٰحِدٌۭ ۖ سُبْحَٰنَهُۥٓ أَن يَكُونَ لَهُۥ وَلَدٌۭ ۘ لَّهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًۭا ١۷١
ධර්මය හිමි අයවළුනි! ඔබගේ ධර්මයෙහි ඔබ ප්‍රමාණය ඉක්මවා නොයනු. තවද අල්ලාහ් ගැන ඇත්ත මිස, (වෙන කිසිවක්) නොපවසනු. නියත වශයෙන්ම මර්යම්ගේ පුත් ඊසා මසීහ් අල්ලාහ්ගේ (එක්) දූතයෙකි. (ඔහුගේ පුතෙකු නොව). හැරත් ඔහුගේ (“කුන්” නමැති) වදනින් (ඉපදුනු කෙනෙකු වශයෙන්ද) සිටින්නේය. අල්ලාහ් (තමන්ගේ එම) පොරොන්දුව මර්යම්ට ලබා දුන්නේය. (අනිත් ආත්මයන් මෙන් ඔහුද) ඔහුගේ සන්නිධානයෙන් පැමිණි එක් ආත්මයකි. එබැවින් අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද ඔබ විශ්වාස කරනු. (දෙවිවරුන්) “තිදෙනෙකු” යයිද නොපවසනු. (මෙසේ කීම) අත්හැර දමනු. (එය) ඔබටම ඉතාමත් හොඳය. මන්දයත් නැමදුමට යුත්තා අල්ලාහ් (එකම) එක්කෙනෙකි. ඔහු දරුවන්ගෙන් ඈත්ව ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. අහස් හා භූමියෙහි ඇති සියල්ලද ඔහුට අයත් දැයයි! (ඔබ සියල්ලන්ව) ආරක්ෂා කිරීමට අල්ලාහ් (කෙනෙකුම) ප්‍රමාණවත් කෙනෙකි. (ඊසා මසීහ් අවශ්‍යය නැත).
لَّن يَسْتَنكِفَ ٱلْمَسِيحُ أَن يَكُونَ عَبْدًۭا لِّلَّهِ وَلَا ٱلْمَلَٰٓئِكَةُ ٱلْمُقَرَّبُونَ ۚ وَمَن يَسْتَنكِفْ عَنْ عِبَادَتِهِۦ وَيَسْتَكْبِرْ فَسَيَحْشُرُهُمْ إِلَيْهِ جَمِيعًۭا ١۷٢
මසීහ්ද, ශ්‍රේෂ්ඨත්වයෙන් පිරි මලායිකාවරුන්ද අල්ලාහ්ට වහලූන් වශයෙන් සිටීම ගැන මදිපාඩුවක් වශයෙන් ගණන් ගනු ලබන්නේ නැත. කවුරුන් ගර්විතව අල්ලාහ්ට වහලූන් වශයෙන් සිටීම මදිපාඩුවක් වශයෙන් දකින්නෝද, ඔවුන් සියල්ලන්වම (විනිශ්චය දිනදී) ඔහු තමන් වෙතම ගෙන ඒමට සලස්වන්නේය!
فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَيَزِيدُهُم مِّن فَضْلِهِۦ ۖ وَأَمَّا ٱلَّذِينَ ٱسْتَنكَفُوا۟ وَٱسْتَكْبَرُوا۟ فَيُعَذِّبُهُمْ عَذَابًا أَلِيمًۭا وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيًّۭا وَلَا نَصِيرًۭا ١۷۳
එබැවින් කවුරුන් (ඇත්තෙන්ම) විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ගේ ඵලවිපාකයන් ඔහු, ඔවුන්ට පූරණ වශයෙන් ලබා දී, තම දයාවෙන් නැවත (නැවතත්) ඔවුන්ට වැඩි කරනු ඇත. කවුරුන් ගර්විතව (අල්ලාහ්ට වහලූන් වශයෙන් සිටීම) අඩුපාඩුවක් වශයෙන් දකින්නෝද, ඔවුන්ව වේදනා ගෙන දෙන දඬුවම මගින් ඔහු දඬුවම් කරන්නේය. අල්ලාහ්ම මිස, තමන්ට මිතුරන්ද, උදව් කරන්නන්ද (එහිදී) ඔවුන් නොදකින්නාහ!
يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَكُم بُرْهَٰنٌۭ مِّن رَّبِّكُمْ وَأَنزَلْنَآ إِلَيْكُمْ نُورًۭا مُّبِينًۭا ١۷٤
මිනිසුනේ! ඔබගේ දෙවියන් වෙතින් (ප්‍රමාණවත්) සාධකයන් නියත වශයෙන්ම ඔබ වෙත පැමිණ ඇත. පැහැදිලි ඉමහත් වූ ආලෝකයම (ශුද්ධ වූ කුර්ආනය) අපි ඔබට පහළ කර ඇත්තෙමු.
فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَٱعْتَصَمُوا۟ بِهِۦ فَسَيُدْخِلُهُمْ فِى رَحْمَةٍۢ مِّنْهُ وَفَضْلٍۢ وَيَهْدِيهِمْ إِلَيْهِ صِرَٰطًۭا مُّسْتَقِيمًۭا ١۷٥
එබැවින් කවුරුන් (ඇත්තෙන්ම) අල්ලාහ්ව විශ්වාස කර, ඔහුව (ඔහුගේ මාර්ගය) තදින් අල්ලා ගන්නෝද, ඔවුන්ව ඔහු තමන්ගේ ආදරයෙහිද, දයාවෙහිද ඇතුළු කර හරින්නේය. තවද (තමන් වෙත පැමීණීමට ඇති) ඍජු මාර්ගයෙහිද ඔවුන්ව ඇතුළු කරන්නේය.
يَسْتَفْتُونَكَ قُلِ ٱللَّهُ يُفْتِيكُمْ فِى ٱلْكَلَٰلَةِ ۚ إِنِ ٱمْرُؤٌا۟ هَلَكَ لَيْسَ لَهُۥ وَلَدٌۭ وَلَهُۥٓ أُخْتٌۭ فَلَهَا نِصْفُ مَا تَرَكَ ۚ وَهُوَ يَرِثُهَآ إِن لَّمْ يَكُن لَّهَا وَلَدٌۭ ۚ فَإِن كَانَتَا ٱثْنَتَيْنِ فَلَهُمَا ٱلثُّلُثَانِ مِمَّا تَرَكَ ۚ وَإِن كَانُوٓا۟ إِخْوَةًۭ رِّجَالًۭا وَنِسَآءًۭ فَلِلذَّكَرِ مِثْلُ حَظِّ ٱلْأُنثَيَيْنِ ۗ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ أَن تَضِلُّوا۟ ۗ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۢ ١۷٦
(නබියේ!) ධර්ම නීති රීති (කලාලා) ගැන ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: කලාලා -(එනම් පියා, සීයා, දරුවා, මුණුබුරා ආදී උරුමක්කාරයින් නොමැති දේපළ) ගැන අල්ලාහ් ඔබට මෙසේ නියෝග කරන්නේය: පරම්පරාවේ දරුවන් නොමැති මිනිසෙකු මරණයට පත් වීමෙන්, ඔහුට (එකම පියෙකුගෙන් එන) එක් සහෝදරියක් (පමණක්) සිටියහොත් ඇයට, ඔහු අත්හැර දමා ගිය දැයෙන් (දේපළින්) අඩක් ලැඛෙන්නේය. (මෙයට වෙනස්ව කාන්තාවක් මිය යාමෙන්) ඇයට දරුවන් නොමැතිව තිබී, (එකම පියෙකුගෙන් වූ එකම එක සහෝදරයෙකු පමණක්) සිටියහොත් ඇය අත්හැර දමා ගිය සියල්ල ඔහුට අත් වන්නේය. (පිරිමියෙකු නැතිව) කාන්තාවන් දෙදෙනෙකු (පමණක්) සිටියහොත් ඇය අත්හැර දමා ගිය දැයෙන් තුනෙන් දෙපංගුවක් මේ දෙදෙනාට අයිති වේ. තවද පිරිමිද, ගැහැනුද (වශයෙන් කිහිප දෙනෙකු) සහෝදරයින් වශයෙන් සිටියහොත් (මිය ගිය අය අත්හැර දමා ගිය දැයෙන්) පිරිමියාට, කාන්තාවට තිඛෙන්නාක් මෙන් පංගු දෙකක් ඇත. (එනම් කාන්තාවට එක් පංගුවක්ද, පිරිමියාට පංගු දෙකක්ද ලැඛෙන්නේය). ඔබ මාර්ගය වැරද නොගොස් සිටීමට (මේවා) අල්ලාහ් ඔබට (මෙසේ) පැහැදිලිව විවරණය කරන්නේය. අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.