< السورة السابقة | فهرس السور | السورة التالية >
surah033
Al-Ahzaab (33)
The Clans, madinah, 73 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ ٱتَّقِ ٱللَّهَ وَلَا تُطِعِ ٱلْكَٰفِرِينَ وَٱلْمُنَٰفِقِينَ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًۭا ١
නබියේ! ඔබ අල්ලාහ්ට බිය වනු. ප්‍රතික්ෂේප කරන්නන්ටද, වංචනිකයින්ටද (බිය වී ඔවුන්ට) අවනත නොවනු. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَٱتَّبِعْ مَا يُوحَىٰٓ إِلَيْكَ مِن رَّبِّكَ ۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًۭا ٢
(නබියේ!) ඔබගේ දෙවියන් විසින් ඔබට වහී මගින් දැනුම් දෙන ලද දැයම ඔබ අනුගමනය කරනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.
وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًۭا ۳
(නබියේ!) ඔබ අල්ලාහ්වම සම්පූර්ණයෙන් විශ්වාස කරනු. අල්ලාහ්ම ඔබට ප්‍රමාණවත් ආරක්ෂකයෙකි.
مَّا جَعَلَ ٱللَّهُ لِرَجُلٍۢ مِّن قَلْبَيْنِ فِى جَوْفِهِۦ ۚ وَمَا جَعَلَ أَزْوَٰجَكُمُ ٱلَّٰٓـِٔى تُظَٰهِرُونَ مِنْهُنَّ أُمَّهَٰتِكُمْ ۚ وَمَا جَعَلَ أَدْعِيَآءَكُمْ أَبْنَآءَكُمْ ۚ ذَٰلِكُمْ قَوْلُكُم بِأَفْوَٰهِكُمْ ۖ وَٱللَّهُ يَقُولُ ٱلْحَقَّ وَهُوَ يَهْدِى ٱلسَّبِيلَ ٤
අල්ලාහ් කිසිම මිනිසෙකුගේ පපුවෙහි හෘදයන් දෙකක් ඇති කළේ නැත. (ස්වභාවික අන්දමට මිනිසුන් අතරේ ඇති වන සම්බන්ධයන්ම සත්‍ය සම්බන්ධයන් වන්නේය. මුවින් පවසන සම්බන්ධයන් සියල්ල සත්‍ය ඒවා නොව. එබැවින් විශ්වාසවන්තයිනි! ඔබ එක්තරා වර්ගයක දික්කසාදයක් අදහස් කරමින්) ඔබගේ භාර්යයාවන්ගෙන් යම් කිසිවෙකුට ඔබ, ඔබගේ මව යයි පැවසීමෙන් (අල්ලාහ්) ඔවුන්ව ඔබගේ (සත්‍ය) මව බවට පත් නොකරන්නේය. (එසේම ඔබට දාව නොඉපදුණ කිසිවෙකුත් ඔබගේ දරුවන් යයි) ඔබ හදා වඩා ගැනීමෙන් ඔවුන්ව ඔබගේ (සත්‍ය) දරුවන් බවට පත් කරන්නේ නැත. මේවා සියල්ල ඔබගේ මුවින් පවසන (පුහු) වදන් (මිස, සත්‍යය නොව!). නමුත් අල්ලාහ් සත්‍යයම පවසා ඔහු (ඔබට) ඍජු මාර්ගය දැනුම් දෙන්නේය.
ٱدْعُوهُمْ لِءَابَآئِهِمْ هُوَ أَقْسَطُ عِندَ ٱللَّهِ ۚ فَإِن لَّمْ تَعْلَمُوٓا۟ ءَابَآءَهُمْ فَإِخْوَٰنُكُمْ فِى ٱلدِّينِ وَمَوَٰلِيكُمْ ۚ وَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌۭ فِيمَآ أَخْطَأْتُم بِهِۦ وَلَٰكِن مَّا تَعَمَّدَتْ قُلُوبُكُمْ ۚ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًا ٥
එබැවින් ඔබ (හදා වඩා ගත්) ඔවුන්ව, ඔවුන්ගේ (සත්‍ය වූ) පියවරුන්ගේ නම් පවසා අඞ ගසනු. එයම අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉතාමත් සාධාරණ වශයෙන් ඇත්තේය. ඔවුන්ගේ පියවරුන්ව ඔබ නොදැනුවත් වුවහොත් නම්, (ඔවුන්) ඔබගේ ධර්මයේ වූ සහෝදරයින් වශයෙන්ද, ඔබගේ ධර්මයේ වූ මිතුරන් වශයෙන්ද, සිටින්නාහ. (එබැවින් ඔවුන්ගේ වයසට සරිලන සේ ඔවුන්ව සහෝදරයින් යයි හෝ නැතහොත් මිතුරන් යයි හෝ අඞ ගසනු. මීට පෙර) මෙහි ඔබ යම්කිසි වරදක් කර තිබුණහොත් (ඒ ගැන) ඔබ කෙරෙහි වරදක් නැත. නමුත් ඔබගේ මනස සිතන දැයම (වරදක් වන්නේය). අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.
ٱلنَّبِىُّ أَوْلَىٰ بِٱلْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِمْ ۖ وَأَزْوَٰجُهُۥٓ أُمَّهَٰتُهُمْ ۗ وَأُو۟لُوا۟ ٱلْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍۢ فِى كِتَٰبِ ٱللَّهِ مِنَ ٱلْمُؤْمِنِينَ وَٱلْمُهَٰجِرِينَ إِلَّآ أَن تَفْعَلُوٓا۟ إِلَىٰٓ أَوْلِيَآئِكُم مَّعْرُوفًۭا ۚ كَانَ ذَٰلِكَ فِى ٱلْكِتَٰبِ مَسْطُورًۭا ٦
විශ්වාසවන්තයින්ට ඔවුන්ගේ පණටත් වඩා (අපගේ දූතයා වන) නබිම ඉතාමත් වැදගත් කෙනෙකි. ඔහුගේ භාර්යයාවන් නම්, ඔවුන්ගේ මව්වරුන් වන්නාහ. (එක් මුස්ලිම්වරයෙකුගේ වස්තුව අත් කර ගැනීම සඳහා අනිත්) විශ්වාසවන්තයින්ටත් වඩාද, හිජ්රත් කරන්නන්ටත් වඩාද, එක් (මුස්ලිම්වරයෙකුගේ) ඥාතීන්ම අල්ලාහ්ගේ (මෙම) ධර්මයෙහි ඇති ප්‍රකාර සමීප (උරුමය ඇති) අය වන්නාහ. (එබැවින් ඔවුනොවුන්ගේ ප්‍රතිශතයට අනුව වස්තුව ඥාතීන් අතරේ ඛෙදා දිය යුතුය). එහෙත් ඔබගේ මිතුරන් වෙත, ඔබ ගෞරවණීය අන්දමට හැසිරිය යුතුය. මේ ආකාරයටම ධර්මයෙහි සැලසුම් කරනු ලැබ ඇත්තේය.
وَإِذْ أَخَذْنَا مِنَ ٱلنَّبِيِّۦنَ مِيثَٰقَهُمْ وَمِنكَ وَمِن نُّوحٍۢ وَإِبْرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَى ٱبْنِ مَرْيَمَ ۖ وَأَخَذْنَا مِنْهُم مِّيثَٰقًا غَلِيظًۭا ۷
(නබියේ! අපගේ දූත මෙහෙවර ගෙනහැර දක්වන මෙන්, සාමාන්‍යයෙන්) නබිවරුන් වෙතද, (ඉතාමත් උසස් ලෙස) ඔබ වෙතද, නූහ්, ඉබ්රාහීම්, මූසා, මර්යම්ගේ පුත් ඊසා වෙතද, පොරොන්දු ලබා ගත් අවස්ථාවෙදී ඉතාමත් ස්ථීර වූ පොරොන්දුවම ඔවුන් වෙතින් අපි ලබාගෙන ඇත්තෙමු (යන්න මොවුන්ට මතක් කර දෙනු).
لِّيَسْـَٔلَ ٱلصَّٰدِقِينَ عَن صِدْقِهِمْ ۚ وَأَعَدَّ لِلْكَٰفِرِينَ عَذَابًا أَلِيمًۭا ۸
එබැවින් ඇත්ත කියන (දූතයින් වන) ඔවුන් වෙත, ඔවුන් (පැවසූ දූත මෙහෙවරේ) සත්‍යය ගැන (දෙවියන් ඔවුන්වද) ප්‍රශ්න (ගණනය) කරනු ඇත. (ඔවුන්ව) ප්‍රතික්ෂේප කළ අයට වේදනා ගෙන දෙන දඬුවම් ඔහු පිලියෙල කර තබා ඇත්තේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ جَآءَتْكُمْ جُنُودٌۭ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًۭا وَجُنُودًۭا لَّمْ تَرَوْهَا ۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا ۹
විශ්වාසවන්තයිනි! ඔබ කෙරෙහි අල්ලාහ් ලබා දී ඇති දයාව (වරප්රසාදයන් ගැන) සිතා බලනු. ඔබ කෙරෙහි (සතුරන්ගේ) සේනාවන් (කණ්ඩායම් කණ්ඩායම් වශයෙන්) පැමිණි අවස්ථාවේදී (සුළි) සුළඟද, ඔබගේ ඇස්වලට නොපෙණුන සේනාවන්ද, ඔවුන් කෙරෙහි අපි (පොළඹවා) එව්වෙමු. (ඒ අවස්ථාවේදී) ඔබ කළ දැය අල්ලාහ් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටියේය.
إِذْ جَآءُوكُم مِّن فَوْقِكُمْ وَمِنْ أَسْفَلَ مِنكُمْ وَإِذْ زَاغَتِ ٱلْأَبْصَٰرُ وَبَلَغَتِ ٱلْقُلُوبُ ٱلْحَنَاجِرَ وَتَظُنُّونَ بِٱللَّهِ ٱلظُّنُونَا۠ ١۰
ඔබට ඉහළින්ද පහළින්ද (ඔබව වට කරගෙන) ඔවුන් පැමිණි අවස්ථාවේදී (ඔබගේ) ඇරී තිබුණු ඇස් ඒ ආකාරයෙන්ම ඇරී තිඛෙණ සේ තිබියදී (ඔබගේ) හෘදයන් ඔබගේ උගුරු (දණ්ඩ) දක්වා පැමිණ (ඔබ අන්ද මන්ද වී) අල්ලාහ් ගැන ඔබ (වැරදි ආකාරයට) විවිධ අන්දමට සිතූ අවස්ථාවද ඔබ සිතා බලනු.
هُنَالِكَ ٱبْتُلِىَ ٱلْمُؤْمِنُونَ وَزُلْزِلُوا۟ زِلْزَالًۭا شَدِيدًۭا ١١
ඒ ස්ථානයේදී විශ්වාසවන්තයින් (ඉමහත්) පිරික්සුමට ලක් වූ අතර ඉමහත් දැඩි ලෙස සසළ කරනු ලැබූහ.
وَإِذْ يَقُولُ ٱلْمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ مَّا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥٓ إِلَّا غُرُورًۭا ١٢
“අල්ලාහ්ද ඔහුගේ දූතයාද අපට (කුමන්ත්‍රණ කර) රැවටීම සඳහාම (ජයග්‍රහණය අපටම ලැඛෙන්නේය යයි) පොරොන්දු දුන්හ” යයි ඔවුන්ගේ හෘදයන්හි අසනීපයක් තිබුණේද ඔවුන්ද, වංචනිකයින්ද පැවසීමට ඉදිරිපත් වීම ගැන සිතා බලනු.
وَإِذْ قَالَت طَّآئِفَةٌۭ مِّنْهُمْ يَٰٓأَهْلَ يَثْرِبَ لَا مُقَامَ لَكُمْ فَٱرْجِعُوا۟ ۚ وَيَسْتَـْٔذِنُ فَرِيقٌۭ مِّنْهُمُ ٱلنَّبِىَّ يَقُولُونَ إِنَّ بُيُوتَنَا عَوْرَةٌۭ وَمَا هِىَ بِعَوْرَةٍ ۖ إِن يُرِيدُونَ إِلَّا فِرَارًۭا ١۳
ඔවුන්ගෙන් එක් සමූහයක් (මදීනාවාසීන්ට) “ඕ යත්රීබ්වාසීනි! (සතුරන්ට එරෙහිව) ඔබට සිටීමට නොහැකිය. එබැවින් ඔබ ආපසු හැරී යනු” යයි පැවසීමද, ඔවුන්ගෙන් (තවත්) සමූහයක් “නියත වශයෙන්ම අපගේ නිවෙස් අනාරක්ෂිත තත්වයෙහි ඇත්තේය” යයි ඒවා අනාරක්ෂිත තත්වයෙහි නොතිබියදීද, එසේ පවසා (යුද පිටියෙන් ආපසු යාමට) නබිවරයාගෙන් අනුමැතිය ඉල්ලා සිටීමද, සිතා බලනු. මොවුන් (යුද පිටියෙන් බේරී) දිව යාම මිස, (වෙන කිසිවක්) කැමති වූයේ නැත.
وَلَوْ دُخِلَتْ عَلَيْهِم مِّنْ أَقْطَارِهَا ثُمَّ سُئِلُوا۟ ٱلْفِتْنَةَ لَءَاتَوْهَا وَمَا تَلَبَّثُوا۟ بِهَآ إِلَّا يَسِيرًۭا ١٤
එහි විවිධ ප්‍රදේශවලින්ද ඔවුන් කෙරෙහි සේනාවන් පැමිණ (ඒ අවස්ථාවේදී) කළබල ඇති කරන මෙන් මොවුන්ව පොළඹවා සිටියේ නම්, මොවුන් එය අනිවාර්යයෙන්ම කරන්නට ඉඩ තිබුණි. තවද (එයින්ද ඉතාමත්) සුළු (කාලයක්) මිස, ඔවුන් ස්ථීර වී නොසිටින්නාහ.
وَلَقَدْ كَانُوا۟ عَٰهَدُوا۟ ٱللَّهَ مِن قَبْلُ لَا يُوَلُّونَ ٱلْأَدْبَٰرَ ۚ وَكَانَ عَهْدُ ٱللَّهِ مَسْـُٔولًۭا ١٥
ඔවුන් (යුද්ධයේදී) පසුපස හරවා දුවන්නේ නැතැයි අල්ලාහ් වෙත මීට පෙර නියත වශයෙන්ම පොරොන්දු දී තිබුණි. අල්ලාහ් වෙත දී තිබුණු පොරොන්දුව (ඔවුන් කඩ කිරීම) ගැන (පරලොවදී) විමසනු ලබන්නාහ.
قُل لَّن يَنفَعَكُمُ ٱلْفِرَارُ إِن فَرَرْتُم مِّنَ ٱلْمَوْتِ أَوِ ٱلْقَتْلِ وَإِذًۭا لَّا تُمَتَّعُونَ إِلَّا قَلِيلًۭا ١٦
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මරණය අත්හැර, නැතහොත් කපනු ලැබීම අත්හැර, ඔබ (කොහේ) දිව්වා වුවද, (ඔබගේ) දිවීම ඔබට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. මේ අතර (ඔබ බේරුනා වුවද, ඉතාමත්) සුළුවෙන් මිස, (කවදාවත්) ඔබ සුවය විඳින්නේ නැත!”
قُلْ مَن ذَا ٱلَّذِى يَعْصِمُكُم مِّنَ ٱللَّهِ إِنْ أَرَادَ بِكُمْ سُوٓءًا أَوْ أَرَادَ بِكُمْ رَحْمَةًۭ ۚ وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيًّۭا وَلَا نَصِيرًۭا ١۷
(නබියේ! තවද) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් ඔබට විපතක් කිරීමට අදහස් කළහොත් ඔහුගෙන් ඔබව ආරක්ෂා කර ගන්නා කවරෙක්ද? නැතහොත් ඔහු ඔබට දයාව පහළ කිරීමට අදහස් කළහොත් (එය ඔබට වළක්වා හරින්නේ කවරෙක්ද?)”. අල්ලාහ් හැර, ඔවුන්ට උදව් කරන්නන්ද, ආරක්ෂා කරන්නන්ද ඔවුන් නොදකින්නාහ.
۞ قَدْ يَعْلَمُ ٱللَّهُ ٱلْمُعَوِّقِينَ مِنكُمْ وَٱلْقَآئِلِينَ لِإِخْوَٰنِهِمْ هَلُمَّ إِلَيْنَا ۖ وَلَا يَأْتُونَ ٱلْبَأْسَ إِلَّا قَلِيلًا ١۸
ඔබගෙන් (යුද්ධයට යන අයව) වළක්වන්නන්ම, තමන්ගේ සහෝදරයින්ට “ඔබ (යුද්ධයට නොගොස්) අප වෙත පැමිණෙනු” යයි පවසන්නන්වද නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දැනගෙනම සිටින්නේය. තවද (ඔවුන්) සුළු කාලයක්ම යුද්ධ කිරීමට පැමිණෙන්නාහ.
أَشِحَّةً عَلَيْكُمْ ۖ فَإِذَا جَآءَ ٱلْخَوْفُ رَأَيْتَهُمْ يَنظُرُونَ إِلَيْكَ تَدُورُ أَعْيُنُهُمْ كَٱلَّذِى يُغْشَىٰ عَلَيْهِ مِنَ ٱلْمَوْتِ ۖ فَإِذَا ذَهَبَ ٱلْخَوْفُ سَلَقُوكُم بِأَلْسِنَةٍ حِدَادٍ أَشِحَّةً عَلَى ٱلْخَيْرِ ۚ أُو۟لَٰٓئِكَ لَمْ يُؤْمِنُوا۟ فَأَحْبَطَ ٱللَّهُ أَعْمَٰلَهُمْ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًۭا ١۹
(ඔවුන්) ඔබගේ කාරණාවෙහි මසුරුකම අත් කරගෙන සිටින්නාහ. (නබියේ! යම්කිසි) බියක් හමු වන විට, මරණ මංචකයේදී සිහි මූර්ඡා වී සිටින්නන් මෙන් ඔවුන්ගේ ඇස් කැරකෙමින් ඔබව බලාගෙනම සිටිනු ඔබ දකින්නෙහිය. එම බිය පහ වී (විශ්වාසවන්තයින්ට ජයග්‍රහණය අත්) වුවහොත් නම්, දරුණු වදන් මගින් ඔබගේ අඩුපාඩුකම් පවසා (යුද්ධයේදී ලැබුණු) වස්තූන් මත ඉමහත් ආශාවන් ඇති කර ගන්නාහ. මෙවැන්නන් සත්‍ය විශ්වාසවන්තයින් නොව. එබැවින් ඔවුන් කර තිබුණු (දැහැමි) ක්‍රියාවන් අල්ලාහ් විනාශ කර දැමුවේය. මෙය අල්ලාහ්ට ඉතාමත් පහසු දැයකි.
يَحْسَبُونَ ٱلْأَحْزَابَ لَمْ يَذْهَبُوا۟ ۖ وَإِن يَأْتِ ٱلْأَحْزَابُ يَوَدُّوا۟ لَوْ أَنَّهُم بَادُونَ فِى ٱلْأَعْرَابِ يَسْـَٔلُونَ عَنْ أَنۢبَآئِكُمْ ۖ وَلَوْ كَانُوا۟ فِيكُم مَّا قَٰتَلُوٓا۟ إِلَّا قَلِيلًۭا ٢۰
(මුද්‍රා තබා තිබුණු සතුරන් මුද්‍රා තැබීම ගෙන ගිය පසුව වුවද, එම විරුද්ධවාදී) සේනාව (තවමත්) ගියේ නැතැයිම මොවුන් අදහස් කරමින් සිටින්නාහ. (එම සතුරු) සේනාව (ආපසු) පැමිණියේ නම්, (යම්කිසි වන රොදකට දිව ගොස් සැඟවී) ගම්බද අරාබිවරුන් සමග (සැඟවී) සිටිමින්ම (ඔබ ජයග්‍රහණය කරන්නෙහුද, පරාජය වන්නෙහුද යයි) ඔබ ගැන වූ පුවත ආරංචි කර ගැනීමටම කැමති වන්නාහ. (එසේ නොගොස්) ඔවුන් ඔබ සමග රැඳී සිටියා වුවද, සුළු කාලයක් මිස, (අධික වශයෙන්) යුද්ධ නොකරන්නාහ.
لَّقَدْ كَانَ لَكُمْ فِى رَسُولِ ٱللَّهِ أُسْوَةٌ حَسَنَةٌۭ لِّمَن كَانَ يَرْجُوا۟ ٱللَّهَ وَٱلْيَوْمَ ٱلْءَاخِرَ وَذَكَرَ ٱللَّهَ كَثِيرًۭا ٢١
අල්ලාහ්වද, අවසාන දිනයද, ස්ථීර වශයෙන් විශ්වාස කරන්නන්ට අයත් අලංකාරවත් පූර්ව ආදර්ශය, නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයා වෙතම ඔබට ඇත්තේය. ඔවුන් (ඔහුව අනුගමනය කර), අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කර (දික්ර්) කරමින් සිටින්නාහ.
وَلَمَّا رَءَا ٱلْمُؤْمِنُونَ ٱلْأَحْزَابَ قَالُوا۟ هَٰذَا مَا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥ وَصَدَقَ ٱللَّهُ وَرَسُولُهُۥ ۚ وَمَا زَادَهُمْ إِلَّآ إِيمَٰنًۭا وَتَسْلِيمًۭا ٢٢
විශ්වාසවන්තයින් (සතුරු) සේනාව දුටු විට, “මෙයම අල්ලාහ්ද, ඔහුගේ දූතයාද, අපට පොරොන්දු වූ දැයයි. අල්ලාහ්ද, ඔහුගේ දූතයාද, සත්‍යයම පැවසුහ” යයි කීහ. තවද (මේවා සියල්ල) අල්ලාහ්ගේ විශ්වාසයද, වත් පිළිවෙත්ද මිස, (වෙන කිසිවක්) ඔවුන්ට වැඩි කර හැරියේ නැත.
مِّنَ ٱلْمُؤْمِنِينَ رِجَالٌۭ صَدَقُوا۟ مَا عَٰهَدُوا۟ ٱللَّهَ عَلَيْهِ ۖ فَمِنْهُم مَّن قَضَىٰ نَحْبَهُۥ وَمِنْهُم مَّن يَنتَظِرُ ۖ وَمَا بَدَّلُوا۟ تَبْدِيلًۭا ٢۳
විශ්වාසවන්තයින්ගෙන් වූ සමහර පිරිමි අයද සිටින්නාහ. ඔවුන් අල්ලාහ් වෙත දුන් පොරොන්දුව සත්‍ය කර තැබූහ. ඔවුන්ගෙන් සමහරෙක් (මරණයට පත් වී ෂහාදත් නමැති) තමන්ගේ පරමාර්ථය අත් කර ගත්හ. (වෙනත්) සමහරෙක් (මරණයට පත් නොවූවද, එය අත් කර ගැනීමේ ආශාවෙන්) බලාපොරොත්තුවෙන්ම සිටින්නාහ. (කුමන ප්‍රශ්නයකට මුහුණ දුන්නද, තමන්ගේ පොරොන්දුවෙන්) ඔවුන් පොඩියක් හෝ වෙනස් වූවේ නැත.
لِّيَجْزِىَ ٱللَّهُ ٱلصَّٰدِقِينَ بِصِدْقِهِمْ وَيُعَذِّبَ ٱلْمُنَٰفِقِينَ إِن شَآءَ أَوْ يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ ٱللَّهَ كَانَ غَفُورًۭا رَّحِيمًۭا ٢٤
සත්යවන්තයින්ට ඔවුන්ගේ සත්‍යයට (සරිලන) ඵලවිපාක අල්ලාහ් අනිවාර්යයෙන්ම ලබා දෙන්නේය. තවද වංචනියින්ට ඔහු අදහස් කළහොත් දඬුවම් දෙන්නේය. නැතහොත් ඔවුන්ව ක්ෂමාව දෙසට හරවා දමන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَرَدَّ ٱللَّهُ ٱلَّذِينَ كَفَرُوا۟ بِغَيْظِهِمْ لَمْ يَنَالُوا۟ خَيْرًۭا ۚ وَكَفَى ٱللَّهُ ٱلْمُؤْمِنِينَ ٱلْقِتَالَ ۚ وَكَانَ ٱللَّهُ قَوِيًّا عَزِيزًۭا ٢٥
ප්‍රතික්ෂේප කරන්නන්ව ඔවුන් තමන්ගේ කෝපයෙහි ගැලී සිටියදීම අල්ලාහ් ඔවුන්ව යටපත් කර දැමුවේය. (මෙම යුද්ධයේදී) ඔවුන් කිසිම යහපතක් අත් කර ගත්තේ නැත. (සියලූම ආකාරයෙන්ම පරාජයම අත් කර ගත්හ. නමුත් විශ්වාසවන්තයින්ව අල්ලාහ්ම ආරක්ෂා කර ගත්තේය). එම (අගල්) යුද්ධයේදී විශ්වාසවන්තයින්ට අල්ලාහ්ම ප්‍රමාණවත් කෙනෙකු වශයෙන් සිටියේය. අල්ලාහ් (සියල්ලන්ටම වඩා) ඉතාමත් ශක්තිවන්තයෙකු වශයෙන් හා බලසම්පන්නයෙකු වශයෙන්ද සිටින්නේය.
وَأَنزَلَ ٱلَّذِينَ ظَٰهَرُوهُم مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ مِن صَيَاصِيهِمْ وَقَذَفَ فِى قُلُوبِهِمُ ٱلرُّعْبَ فَرِيقًۭا تَقْتُلُونَ وَتَأْسِرُونَ فَرِيقًۭا ٢٦
ඔවුන්ට උදව් කළ (බනූ කුරෙයිලා නමැති යුදෙව් සමූහයට අයත්) ධර්මය හිමි අයව ඔවුන්ගේ බලකොටුවලින් බැසීමට සලස්වා ඔවුන්ගේ හෘදයන්හි (තිගැස්සීමද) වෙව්ලීමද, ඇතුළු කර හැරියේය. එබැවින් (යුද නීතියට අනුව ඔවුන්ගෙන්) සමහරෙකුව ඔබ කපා දැමුවෙහුය. (තවත්) එක් සමූහයක්ව ඔබ සිර ගත කළෙහුය.
وَأَوْرَثَكُمْ أَرْضَهُمْ وَدِيَٰرَهُمْ وَأَمْوَٰلَهُمْ وَأَرْضًۭا لَّمْ تَطَـُٔوهَا ۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرًۭا ٢۷
ඔවුන්ගේ භූමියද, ඔවුන්ගේ නිවාසයන්ද, ඔවුන්ගේ වස්තූන්ද, (මෙතෙක්) ඔබ පය නෙතැබූ (ඔවුන්ගේ වෙනත්) භූමීන්ද, (අල්ලාහ්) ඔබට උරුම කර දුන්නේය. අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.
يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ قُل لِّأَزْوَٰجِكَ إِن كُنتُنَّ تُرِدْنَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا وَزِينَتَهَا فَتَعَالَيْنَ أُمَتِّعْكُنَّ وَأُسَرِّحْكُنَّ سَرَاحًۭا جَمِيلًۭا ٢۸
නබියේ! ඔබගේ භාර්යයාවන්ට ඔබ මෙසේ පවසනු: “ඔබ මෙලොව ජීවිතයද, එහි අලංකාරයද (පමණක්ම) කැමති වන්නෙහු නම් එනු; ඔබගේ ජීවිතයට (අයත් දැය) ලබා දී හොඳ අන්දමට (තලාක් පවසා) ඔබලාව පහ කර හරින්නෙමි”.
وَإِن كُنتُنَّ تُرِدْنَ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلدَّارَ ٱلْءَاخِرَةَ فَإِنَّ ٱللَّهَ أَعَدَّ لِلْمُحْسِنَٰتِ مِنكُنَّ أَجْرًا عَظِيمًۭا ٢۹
“තවද ඔබ අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, අවසාන නිවසද, කැමත්තන් වන්නෙහු නම්, නියත වශයෙන්ම අල්ලාහ් ඔබගෙන් වූ (මෙවැනි) හොඳක් අදහස් කරන්නන්ට ඉමහත් වූ ඵලවිපාක සැලසුම් කර තබා ඇත්තේය”.
يَٰنِسَآءَ ٱلنَّبِىِّ مَن يَأْتِ مِنكُنَّ بِفَٰحِشَةٍۢ مُّبَيِّنَةٍۢ يُضَٰعَفْ لَهَا ٱلْعَذَابُ ضِعْفَيْنِ ۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًۭا ۳۰
නබිවරයාගේ භාර්යයාවෙනි! ඔබගෙන් කවුරුන් හෝ ප්‍රකට අවමන් ගෙන දෙන ක්‍රියාවක් කරන්නෙහු නම්, එයට අයත් දඬුවම, ඇයට දෙගුණයක් බවට වැඩි කරනු ලැබේ. මෙය අල්ලාහ්ට ඉතාමත් පහසු දැයකි!
۞ وَمَن يَقْنُتْ مِنكُنَّ لِلَّهِ وَرَسُولِهِۦ وَتَعْمَلْ صَٰلِحًۭا نُّؤْتِهَآ أَجْرَهَا مَرَّتَيْنِ وَأَعْتَدْنَا لَهَا رِزْقًۭا كَرِيمًۭا ۳١
තවද ඔබගෙන් කවුරුන් හෝ අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද අවනත වී දැහැමි ක්‍රියාවන් කළහොත්, එයට අයත් පළවිපාකය ඔහුට අපි දෙගුණයක් වශයෙන් ලබා දෙන්නෙමු. තවද ඉතාමත් ගෞරවණීය ආහාරයද ඔහුට අපි සැලසුම් කර තබා ඇත්තෙමු.
يَٰنِسَآءَ ٱلنَّبِىِّ لَسْتُنَّ كَأَحَدٍۢ مِّنَ ٱلنِّسَآءِ ۚ إِنِ ٱتَّقَيْتُنَّ فَلَا تَخْضَعْنَ بِٱلْقَوْلِ فَيَطْمَعَ ٱلَّذِى فِى قَلْبِهِۦ مَرَضٌۭ وَقُلْنَ قَوْلًۭا مَّعْرُوفًۭا ۳٢
නබිවරයාගේ භාර්යයාවෙනි! ඔබ කාන්තාවන්ගෙන් අනිත් (සාමාන්‍ය) කාන්තාවන් මෙන් නොව. ඔබ (අල්ලාහ්ට) බිය වන්නන් වන්නෙහු නම්, (අන්‍යයන් සමග කතා කරන අවස්ථාවේදී) ප්‍රසන්නවත් අන්දමට කතා නොකරනු. මන්දයත් කවුරුන්ගේ සිතෙහි (පාපතර) අසනීපය ඇත්තේද, ඔවුන් (වැරදි) ආශාවන් ඇති කර ගත හැකිය. එබැවින් ඔබ (කුමක් කතා කළා වුවද) ඍජුවම කතා කරනු.
وَقَرْنَ فِى بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ ٱلْجَٰهِلِيَّةِ ٱلْأُولَىٰ ۖ وَأَقِمْنَ ٱلصَّلَوٰةَ وَءَاتِينَ ٱلزَّكَوٰةَ وَأَطِعْنَ ٱللَّهَ وَرَسُولَهُۥٓ ۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُذْهِبَ عَنكُمُ ٱلرِّجْسَ أَهْلَ ٱلْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًۭا ۳۳
(නබිවරයාගේ භාර්යයාවෙනි!) ඔබ, ඔබගේ (නිවෙස්වලින් පිටව ගොස් නොගැවසී) නිවෙස් තුළ රැඳී සිටිනු. පෙර සිටි නොදැනුවත් ජනයා (තමන්ව අලංකාරවත් කරගෙන, පිටත ගොස්) සැරි සරමින් සිටියාක් මෙන් ඔබත් නොඇවිදිනු. සලාතය නොකඩවා ඉටු කරනු. සකාත්ද ගෙවමින් සිටිනු. අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද අවනත වී කටයුතු කරනු. (නබිවරයාගේ) නිවැසියෙනි! ඔබගෙන් සියලූ අපිරිසිදු දැයද පහ කර, ඔබව සම්පූර්ණයෙන්ම පරිශුද්ධ කර හරින්නටම අල්ලාහ් කැමති වන්නේය.
وَٱذْكُرْنَ مَا يُتْلَىٰ فِى بُيُوتِكُنَّ مِنْ ءَايَٰتِ ٱللَّهِ وَٱلْحِكْمَةِ ۚ إِنَّ ٱللَّهَ كَانَ لَطِيفًا خَبِيرًا ۳٤
ඔබගේ නිවෙස්වල සමුදීරණය කරනු ලබන අල්ලාහ්ගේ ආයාවන්ද, ඥානවන්ත (වදන්)ද මතකයේ තබා ගනු. (ඒවා මගින් හොඳ වැටහීමක් ලබා ගනු). නියත වශයෙන්ම අල්ලාහ් තියුණු බුද්ධියකින් යුත්තෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
إِنَّ ٱلْمُسْلِمِينَ وَٱلْمُسْلِمَٰتِ وَٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ وَٱلْقَٰنِتِينَ وَٱلْقَٰنِتَٰتِ وَٱلصَّٰدِقِينَ وَٱلصَّٰدِقَٰتِ وَٱلصَّٰبِرِينَ وَٱلصَّٰبِرَٰتِ وَٱلْخَٰشِعِينَ وَٱلْخَٰشِعَٰتِ وَٱلْمُتَصَدِّقِينَ وَٱلْمُتَصَدِّقَٰتِ وَٱلصَّٰٓئِمِينَ وَٱلصَّٰٓئِمَٰتِ وَٱلْحَٰفِظِينَ فُرُوجَهُمْ وَٱلْحَٰفِظَٰتِ وَٱلذَّٰكِرِينَ ٱللَّهَ كَثِيرًۭا وَٱلذَّٰكِرَٰتِ أَعَدَّ ٱللَّهُ لَهُم مَّغْفِرَةًۭ وَأَجْرًا عَظِيمًۭا ۳٥
නියත වශයෙන්ම මුස්ලීම්වරුන් වන පිරිමින්ද, ගැහැනුන්ද, විශ්වාසීන් වන පිරිමින්ද, ගැහැනුන්ද, (දෙවියන්ට) අවනත වන පිරිමින්ද, ගැහැනුන්ද, සත්‍යයම පවසන පිරිමින්ද, ගැහැනුන්ද, ඉවසීමෙන් යුතු පිරිමින්ද, ගැහැනුන්ද, (අල්ලාහ්ට) බිය වී කටයුතු කරන පිරිමින්ද, ගැහැනුන්ද, දානමාන කරන පිරිමින්ද, ගැහැනුන්ද, උපවාසයේ යෙදෙන පිරිමින්ද, ගැහැනුන්ද, තමන්ගේ පතිවත ආරක්ෂා කර ගන්නා පිරිමින්ද, ගැහැනුන්ද, අල්ලාහ්ව අධික වශයෙන් සුවි ශුද්ධ කරන පිරිමින්ද, ගැහැනුන්ද, ආදී මොවුන්ට අල්ලාහ් සමාවද, ඉමහත් වූ ඵලවිපාකද සැලසුම් කර තබා ඇත්තේය.
وَمَا كَانَ لِمُؤْمِنٍۢ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى ٱللَّهُ وَرَسُولُهُۥٓ أَمْرًا أَن يَكُونَ لَهُمُ ٱلْخِيَرَةُ مِنْ أَمْرِهِمْ ۗ وَمَن يَعْصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدْ ضَلَّ ضَلَٰلًۭا مُّبِينًۭا ۳٦
අල්ලාහ්ද, ඔහුගේ දූතයාද යම්කිසි කාරණාවක් ගැන නියෝග කිරීමෙන් අනතුරුව, එම කාරණාවෙහි (එයට වෙනස් අන්දමින් වෙනත්) අභිප්රායන් දැරීමට විශ්වාසීන් වන කිසිම පිරිමියෙකුට හෝ ගැහැනියකට හෝ අයිතියක් නැත. (එහි) අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද කවුරුන් හෝ වෙනස්කමක් කළහොත් නියත වශයෙන්ම ඔවුන් ප්‍රකට දුර් මාර්ගයෙහිම සිටින්නාහ.
وَإِذْ تَقُولُ لِلَّذِىٓ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَٱتَّقِ ٱللَّهَ وَتُخْفِى فِى نَفْسِكَ مَا ٱللَّهُ مُبْدِيهِ وَتَخْشَى ٱلنَّاسَ وَٱللَّهُ أَحَقُّ أَن تَخْشَىٰهُ ۖ فَلَمَّا قَضَىٰ زَيْدٌۭ مِّنْهَا وَطَرًۭا زَوَّجْنَٰكَهَا لِكَىْ لَا يَكُونَ عَلَى ٱلْمُؤْمِنِينَ حَرَجٌۭ فِىٓ أَزْوَٰجِ أَدْعِيَآئِهِمْ إِذَا قَضَوْا۟ مِنْهُنَّ وَطَرًۭا ۚ وَكَانَ أَمْرُ ٱللَّهِ مَفْعُولًۭا ۳۷
අල්ලාහ් කවුරුන් හට දයාව පහළ කර, ඔබත් ඇය කෙරෙහි කරුණාව, දයාව දක්වමින් වට කරගෙන සිටියෙහිද, ඇය වෙත ඔබ අල්ලාහ්ට බිය වී (සයිනබ් වන) ඔබගේ භාර්යයාව (විවාහ බන්ධනයෙන් පහ නොකර) ඔබ වෙතම නවතා තබා ගනු” යයි පැවසූ අවස්ථාවේදී අල්ලාහ් එළිදරව් කිරීමට තිබූ දැය, මිනිසුන්ට බිය වී ඔබ, ඔබගේ මනසෙහි සඟවා තැබුවෙහිය. ඔබ බිය වීමට ඉතාමත් සුදුස්සා අල්ලාහ්ය. (මිනිසුන් නොව). සෙයිද් (නමැත්තාගේ සිත වෙනස් වී තම බිරිඳ වන) ඇයව තලාක් පැවසීමෙන් පසු, අපි ඇයව ඔබට විවාහ කර තැබුවෙමු. මන්දයත් විශ්වාසවන්තයින් විසින් (දරුකමට ගෙන) හදා වඩා ගනු ලැබූ අය, තමන්ගේ භාර්යයාවන්ව තලාක් පැවසුවහොත්, (ඔවුන්ව හදා වඩා ගත්) විශ්වාසවන්තයින්ට එම කාන්තාවන්ව විවාහ කර ගැනීමේදී කිසිම බාධාවක් ඇති නොවිය යුතුය යන්න සඳහාම (මෙය) අනිවාර්යයෙන්ම සිදු විය යුතුය යන අල්ලාහ්ගේ නියෝගයක් වශයෙන් තිබුණි.
مَّا كَانَ عَلَى ٱلنَّبِىِّ مِنْ حَرَجٍۢ فِيمَا فَرَضَ ٱللَّهُ لَهُۥ ۖ سُنَّةَ ٱللَّهِ فِى ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلُ ۚ وَكَانَ أَمْرُ ٱللَّهِ قَدَرًۭا مَّقْدُورًا ۳۸
අල්ලාහ් නබි කෙරෙහි නියම කළ කුමන නියෝගයක් වුවද, ඉටු කිරීමෙහි ඔහු කෙරෙහි කිසිම වරදක් නැත. මෙයට පෙර සිටි (අය වන නබිවරුන්)ට අල්ලාහ් ඇති කළ මාර්ගයද මෙයයි. අල්ලාහ්ගේ නියෝගයන් කළින්ම නිර්මාණය කරනු ලැබ ඇත්තේය.
ٱلَّذِينَ يُبَلِّغُونَ رِسَٰلَٰتِ ٱللَّهِ وَيَخْشَوْنَهُۥ وَلَا يَخْشَوْنَ أَحَدًا إِلَّا ٱللَّهَ ۗ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبًۭا ۳۹
ඔවුන් අල්ලාහ්ගේ (මෙවැනි) නියෝගයන් අනිවාර්යයෙන්ම ගෙනහැර දක්වන්නාහ. ඔහු (එක් කෙනෙකුටම) බිය වන්නාහ. අල්ලාහ් හැර, වෙන කිසිවෙකුටත් බිය නොවන්නාහ. (එබැවින් නබියේ! ඔබත් වෙන කිසිවෙකුටත් බිය නොවනු. මේ ගැන ඔවුන් වෙතින් ප්‍රශ්න) ගණනය කිරීමට අල්ලාහ් (එක් කෙනෙකුම) ප්‍රමාණවත් කෙනෙකි.
مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٍۢ مِّن رِّجَالِكُمْ وَلَٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّۦنَ ۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمًۭا ٤۰
ඔබගේ පිරිමින්ගෙන් කිසිවෙකුටත් මුහම්මද් (නබි තුමාණන්) පියා වශයෙන් සිටියේ නැත. (එබැවින් ඔහු සෙයිද්ට කෙසේ නම් පියා විය හැකිද?) නමුත් ඔහු නම් අල්ලාහ්ගේ දූතයා වශයෙන්ද, නබිවරුන්ට (අවසන්) මුද්‍රාව වශයෙන්ද, (අවසාන නබිවරයා වශයෙන්ද) සිටින්නේය. (එබැවින් ඔහුගෙන් පසු කිසිම දූතයෙකු යැව්වේ නැත). අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ ٱللَّهَ ذِكْرًۭا كَثِيرًۭا ٤١
විශ්වාසවන්තයිනි! (විටින් විට) අධික වශයෙන් අල්ලාහ්ව සුවි ශුද්ධ කරනු.
وَسَبِّحُوهُ بُكْرَةًۭ وَأَصِيلًا ٤٢
උදේ සවස ඔහුව සුවි ශුද්ධ කරමින් සිටිනු.
هُوَ ٱلَّذِى يُصَلِّى عَلَيْكُمْ وَمَلَٰٓئِكَتُهُۥ لِيُخْرِجَكُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ ۚ وَكَانَ بِٱلْمُؤْمِنِينَ رَحِيمًۭا ٤۳
ඔහුම ඔබව (විවිධ වර්ගයේ පාප) අන්ධකාරයන්ගෙන් (ඉකුත් කර) ආලෝකය දෙසට ගෙනැවිත් (ඔබ කෙරෙහි දයාව) පහළ කරන්නේය. ඔහුගේ මලායිකාවරුන්ද ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නාහ. අල්ලාහ් විශ්වාසවන්තයින් (වන ඔබ) කෙරෙහි ඉතාමත් කරුණාවන්ත-යෙකු වශයෙන් සිටින්නේය.
تَحِيَّتُهُمْ يَوْمَ يَلْقَوْنَهُۥ سَلَٰمٌۭ ۚ وَأَعَدَّ لَهُمْ أَجْرًۭا كَرِيمًۭا ٤٤
ඔහුව ඔවුන් හමු වන දිනදී “(ඔබට) ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයි ඔවුන්ව ආශීර්වාද කරන්නාහ. තවද ඔවුන් වෙනුවෙන් ඉතාමත් ගෞරවණීය ඵලවිපාකද ඔහු සැලසුම් කර තබා ඇත්තේය.
يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ إِنَّآ أَرْسَلْنَٰكَ شَٰهِدًۭا وَمُبَشِّرًۭا وَنَذِيرًۭا ٤٥
නබියේ! නියත වශයෙන්ම අපි ඔබව (මිනිසුන්ට) සාක්ෂි වශයෙන්ද, ශුභාරංචි පවසන්නෙකු වශයෙන්ද, බිය ගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ද යවා ඇත්තෙමු.
وَدَاعِيًا إِلَى ٱللَّهِ بِإِذْنِهِۦ وَسِرَاجًۭا مُّنِيرًۭا ٤٦
තවද අල්ලාහ්ගේ අනුමැතියට අනුව (ජනයාව ඔබ) ඔහු දෙසට ආරාධනා කරන්නෙකු වශයෙන්ද, ආලෝකය විහිදුවන (මිණි) පහනක් වශයෙන්ද (සිටින්නෙහිය).
وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ بِأَنَّ لَهُم مِّنَ ٱللَّهِ فَضْلًۭا كَبِيرًۭا ٤۷
එබැවින් (නබියේ!) විශ්වාසවන්තයින්ට අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉමහත් වරප්රසාදයන් තිඛෙණ බවට ඔබ ඔවුන්ට ශුභාරංචි පවසනු.
وَلَا تُطِعِ ٱلْكَٰفِرِينَ وَٱلْمُنَٰفِقِينَ وَدَعْ أَذَىٰهُمْ وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًۭا ٤۸
ප්‍රතික්ෂේප කරන්නන්ටද, වංචනිකයින්ටද, ඔබ අවනත නොවනු. ඔවුන් විසින් (ඔබට) ඇති වන දුක් ගැහැට ඔබ ප්‍රතික්ෂේප කර දමනු. (ඔබගේ සියලූ කාරණාවන්ද) අල්ලාහ්වම විශ්වාස කර බාර දෙනු. අල්ලාහ්ම (ඔබට) ප්‍රමාණවත් ආරක්ෂකයෙකු වන්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا نَكَحْتُمُ ٱلْمُؤْمِنَٰتِ ثُمَّ طَلَّقْتُمُوهُنَّ مِن قَبْلِ أَن تَمَسُّوهُنَّ فَمَا لَكُمْ عَلَيْهِنَّ مِنْ عِدَّةٍۢ تَعْتَدُّونَهَا ۖ فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحًۭا جَمِيلًۭا ٤۹
විශ්වාසවන්තයිනි! ඔබ විශ්වාසය තැබූ කාන්තාවන්ව විවාහ කර, ඔවුන් සමග ඔබ එක්කාසු වීමට ප්‍රථම තලාක් පවසා (ඔවුන්ව පහ) කර හැරියහොත් (තලාක් පවසනු ලැබූ වෙනත් කාන්තාවන්ගේ) ගණනයට අනුව ඉද්දා සිටින සේ ඔවුන්ව වළක්වා ගැනීමට ඔබට කිසිම අයිතියක් නැත. (එනම් ඔවුන් ඉද්දා සිටිය යුතු අවශ්‍යතාවයක් නැත). ඔබ ඔවුන්ට යම්කිසි (වස්තුවක්) දී අලංකාරවත් අන්දමට (විවාහ බන්ධනයෙන්) ඔවුන්ව පහ කර හරිනු.
يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ إِنَّآ أَحْلَلْنَا لَكَ أَزْوَٰجَكَ ٱلَّٰتِىٓ ءَاتَيْتَ أُجُورَهُنَّ وَمَا مَلَكَتْ يَمِينُكَ مِمَّآ أَفَآءَ ٱللَّهُ عَلَيْكَ وَبَنَاتِ عَمِّكَ وَبَنَاتِ عَمَّٰتِكَ وَبَنَاتِ خَالِكَ وَبَنَاتِ خَٰلَٰتِكَ ٱلَّٰتِى هَاجَرْنَ مَعَكَ وَٱمْرَأَةًۭ مُّؤْمِنَةً إِن وَهَبَتْ نَفْسَهَا لِلنَّبِىِّ إِنْ أَرَادَ ٱلنَّبِىُّ أَن يَسْتَنكِحَهَا خَالِصَةًۭ لَّكَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ ۗ قَدْ عَلِمْنَا مَا فَرَضْنَا عَلَيْهِمْ فِىٓ أَزْوَٰجِهِمْ وَمَا مَلَكَتْ أَيْمَٰنُهُمْ لِكَيْلَا يَكُونَ عَلَيْكَ حَرَجٌۭ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۭا ٥۰
(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ භාර්යයාවන්ගෙන් කවුරුන් හට ඔවුන්ගේ මහර් ලබා දී (ඔබ විවාහ කර ගෙන) සිටින්නෙහිද ඔවුන්වද, අල්ලාහ් ඔබට යුද්ධයේදී ලබා දී ඔබගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්වද, අපි ඔබට අනුමත (හලාල්) කර ඇත්තෙමු. තවද ඔබගේ පියාගේ සහෝදරවරුන්ගේ ගැහැනු දරුවන්, ඔබගේ පියාගේ සහෝදරියන්ගේ ගැහැනු දරුවන්, ඔබගේ (මව් පාර්ශවයේ) මාමාගේ ගැහැනු දරුවන්, ඔබගේ මවගේ සහෝදරියන්ගේ ගැහැනු දරුවන්, ආදී මොවුන්ගෙන් කවුරුන් (මක්කාව අත්හැර) ඔබ සමග හිජ්රත් කරමින් පැමිණියෝද ඔවුන්වද, (මහර් ගෙවා ඔබට විවාහ කර ගැනීමට අපි ඔබට අනුමත කර තබා ඇත්තෙමු). තවද විශ්වාසය තැබූ යම්කිසි කාන්තාවක් තමන්ව (මහර් නොමැතිවම) නබිවරයාට කැප කර, නබිවරයාද ඇයව විවාහ කර ගැනීමට කැමති වුවහොත් ඇයවද, (ඔබට අනුමත කර තබා ඇත්තෙමු. නබියේ! මෙය) ඔබට (අපි ලබා දෙන) විශේෂ අයිතිවාසිකමක් වන්නේය. අනිත් විශ්වාසවන්තයින්ට නොව. (අනිත් විශ්වාසවන්තයින් නම්), ඔවුන්ගේ භාර්යයාවන්ගේ කාරණාවෙහිද, ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ගේ කාරණාවෙහිද, අපි ඔවුන් කෙරෙහි නියම කර ඇති නියෝගයන් අපි හොඳින් දනිමු. (එය ඔවුන් අනිවාර්යයෙන්ම ඉටු කළ යුතුය). ඔබට එවැනි බලකිරීම් ඇති නොවනු පිණිස, (එම නියමයන්ගෙන් ඔබව නිදහස් කළෙමු). අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.
۞ تُرْجِى مَن تَشَآءُ مِنْهُنَّ وَتُـْٔوِىٓ إِلَيْكَ مَن تَشَآءُ ۖ وَمَنِ ٱبْتَغَيْتَ مِمَّنْ عَزَلْتَ فَلَا جُنَاحَ عَلَيْكَ ۚ ذَٰلِكَ أَدْنَىٰٓ أَن تَقَرَّ أَعْيُنُهُنَّ وَلَا يَحْزَنَّ وَيَرْضَيْنَ بِمَآ ءَاتَيْتَهُنَّ كُلُّهُنَّ ۚ وَٱللَّهُ يَعْلَمُ مَا فِى قُلُوبِكُمْ ۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَلِيمًۭا ٥١
(නබියේ! ඔබගේ භාර්යයාවන් වන) ඔවුන්ගෙන් ඔබ කැමති අයව (කැමති කාලයක් දක්වා) වෙන්කර තැබිය හැකිය. ඔබ කැමති අයව (කැමති කාලයක් දක්වා) ඔබ සමග සිටීමට සැලැස්විය හැකිය. ඔබ වෙන්කර තැබූ අයගෙන් ඔබ කැමති අයවද ඔබ සමග එක්කාසු කර ගත හැකිය. (මේවා ගැන) ඔබ කෙරෙහි කිසිම වරදක් නැත. ඔවුන්ගේ ඇස් පිනා යාම සඳහාද, ඔබ ඔවුන්ගෙන් සෑම කෙනෙකුටම ලබා දුන් දැය ගැන (ඔවුන් සියල්ලන්ම) තෘප්තියට පත් වී කණගාටු නොවී සිටීම සඳහාද, මෙය ඉතාමත් පහසු (මාර්ගයක් වශයෙන්) ඇත්තේය. ඔබගේ හෘදයන්හි ඇති දැය අල්ලාහ් හොඳින් දන්නේය. අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඉවසිලිවන්තයෙකු වශයෙන්ද සිටින්නේය.
لَّا يَحِلُّ لَكَ ٱلنِّسَآءُ مِنۢ بَعْدُ وَلَآ أَن تَبَدَّلَ بِهِنَّ مِنْ أَزْوَٰجٍۢ وَلَوْ أَعْجَبَكَ حُسْنُهُنَّ إِلَّا مَا مَلَكَتْ يَمِينُكَ ۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ رَّقِيبًۭا ٥٢
(නබියේ! දැනට ඇති ඔබගේ භාර්යයාවන්ගෙන්) පසු (ඔබ විවාහ කර ගැනීමට වෙනත්) කිසිම කාන්තාවක් ඔබට අනුමත කෙනෙකු නොව. තවද ඔවුන්ගේ අලංකාරය ඔබව ආකර්ෂණය කළා වුවද, (ඔබගේ) භාර්යයාවන්ගෙන් කිසිවෙකුත් පහ කර, ඒ වෙනුවට ඇයව ගැනීමද, (ඔබට අනුමත නැත). ඔබගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන් හැර. (ඔවුන් ඔබට අනුමත අයයි!) අල්ලාහ් සියල්ල අවධානය කර බලන්නෙකු වශයෙන් සිටින්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَدْخُلُوا۟ بُيُوتَ ٱلنَّبِىِّ إِلَّآ أَن يُؤْذَنَ لَكُمْ إِلَىٰ طَعَامٍ غَيْرَ نَٰظِرِينَ إِنَىٰهُ وَلَٰكِنْ إِذَا دُعِيتُمْ فَٱدْخُلُوا۟ فَإِذَا طَعِمْتُمْ فَٱنتَشِرُوا۟ وَلَا مُسْتَـْٔنِسِينَ لِحَدِيثٍ ۚ إِنَّ ذَٰلِكُمْ كَانَ يُؤْذِى ٱلنَّبِىَّ فَيَسْتَحْىِۦ مِنكُمْ ۖ وَٱللَّهُ لَا يَسْتَحْىِۦ مِنَ ٱلْحَقِّ ۚ وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَٰعًۭا فَسْـَٔلُوهُنَّ مِن وَرَآءِ حِجَابٍۢ ۚ ذَٰلِكُمْ أَطْهَرُ لِقُلُوبِكُمْ وَقُلُوبِهِنَّ ۚ وَمَا كَانَ لَكُمْ أَن تُؤْذُوا۟ رَسُولَ ٱللَّهِ وَلَآ أَن تَنكِحُوٓا۟ أَزْوَٰجَهُۥ مِنۢ بَعْدِهِۦٓ أَبَدًا ۚ إِنَّ ذَٰلِكُمْ كَانَ عِندَ ٱللَّهِ عَظِيمًا ٥۳
විශ්වාසවන්තයිනි! ඔබව (ඔබගේ නබි) භෝජණ සංග්‍රහයකට ආරාධනා කළහොත් මිස, එය පිළියෙල වීම බලාපොරොත්තු-වෙන් (කළින්ම අනුමැතියෙන් තොර) නබිවරයාගේ නිවෙසට ඇතුළු නොවනු. ඔබව ආරාධනා කරනු ලැබුවහොත් ඇතුළු වනු. තවද ඔබ ආහාර අනුභව කළහොත් (එවෙලේම) එතැනින් පිටවී යනු. (එහි රැඳී සිටිමින්ම පුහු) කතා බහේ ගැලී නොයනු. (එසේ කළහොත්) නියත වශයෙන්ම එය නබිවරයාට කරදරයක් වනු ඇත. (මෙය) ඔබ වෙත (පැවසීමට) ඔහුට ලැජ්ජා ඇති විය හැක. එහෙත් සත්‍යය පැවසීමට අල්ලාහ් ලැජ්ජා වන්නේ නැත. (නබිවරයාගේ භාර්යයාවන් වන) ඔවුන් වෙත යම්කිසි භාණ්ඩයක් ඔබට ඉල්ලීමට (සිදු වුවහොත්) ඔබ තිරයෙන් පිටත සිටිමින්ම ඔවුන් වෙතින් ඉල්ලනු. මෙය ඔබගේ හෘදයන්ද, ඔවුන්ගේ හෘදයන්ද පරිශුද්ධ කර තබන්නේය. අල්ලාහ්ගේ දූතයාට ඔබ කරදර දීම, ඔබට සුදුසු දැයක් නොව. තවද ඔහුගේ භාර්යයාවන්ව ඔහුගෙන් පසු කිසි කලෙක ඔබ විවාහ කර ගැනීම වැරදිය. නියත වශයෙන්ම මෙය අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉතාමත් ඉමහත් වූ (පාපතර) ක්‍රියාවකි.
إِن تُبْدُوا۟ شَيْـًٔا أَوْ تُخْفُوهُ فَإِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَىْءٍ عَلِيمًۭا ٥٤
ඔබ කුමන කාරණාවක් එළිදරව් කළා වුවද, නැතහොත් එය සඟවා ගත්තා වුවද, නියත වශයෙන්ම අල්ලාහ් සියලූ කාරණාවන්ම හොඳින් දැන ගන්නේය.
لَّا جُنَاحَ عَلَيْهِنَّ فِىٓ ءَابَآئِهِنَّ وَلَآ أَبْنَآئِهِنَّ وَلَآ إِخْوَٰنِهِنَّ وَلَآ أَبْنَآءِ إِخْوَٰنِهِنَّ وَلَآ أَبْنَآءِ أَخَوَٰتِهِنَّ وَلَا نِسَآئِهِنَّ وَلَا مَا مَلَكَتْ أَيْمَٰنُهُنَّ ۗ وَٱتَّقِينَ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدًا ٥٥
(නබිවරයාගේ භාර්යයාවන් වන) ඔවුන් තමන්ගේ පියවරුන් ඉදිරියේද, තමන්ගේ පිරිමි දරුවන් ඉදිරියේද, තමන්ගේ සහෝදරයන් ඉදිරියේද, තමන්ගේ සහෝදරයින්ගේ පිරිමි දරුවන් ඉදිරියේද, තමන්ගේ සහෝදරියන්ගේ පිරිමි දරුවන් ඉදිරියේද, තමන්ගේ (වාර්ගිකයින් වන විශ්වාසවන්තයින්ගේ) කාන්තාවන් ඉදිරියේද, තමන්ගේ දකුණත් හිමි කර ගත් අය (වන වහල් ස්ත්‍රීන්)ගේ ඉදිරියේද, (පැමිණීමෙහි) ඔවුන් කෙරෙහි කිසිම වරදක් නැත. (මොවුන් හැර අන් අය ඉදිරියට පැමිණීම ගැන, නබිවරයාගේ භාර්යයාවෙනි!) ඔබ අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ලටම සාක්ෂි වශයෙන් සිටින්නේය.
إِنَّ ٱللَّهَ وَمَلَٰٓئِكَتَهُۥ يُصَلُّونَ عَلَى ٱلنَّبِىِّ ۚ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ صَلُّوا۟ عَلَيْهِ وَسَلِّمُوا۟ تَسْلِيمًا ٥٦
නියත වශයෙන්ම අල්ලාහ්ද, ඔහුගේ මලායිකාවරුන්ද, නබි කෙරෙහි සලවාත් පවසන්නාහ. (එබැවින්) විශ්වාසවන්තයිනි! ඔබත් ඔහු කෙරෙහි සලවාත් පවසා සලාම්ද පවසමින් සිටිනු.
إِنَّ ٱلَّذِينَ يُؤْذُونَ ٱللَّهَ وَرَسُولَهُۥ لَعَنَهُمُ ٱللَّهُ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًۭا مُّهِينًۭا ٥۷
කවුරුන් අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද කරදර කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අල්ලාහ් මෙලොවදීද, පරලොවදීද ශාප කරන්නේය. තවද අවමන් ගෙන දෙන දඬුවම්ද ඔවුන්ට පිළියෙල කර ඇත්තේය.
وَٱلَّذِينَ يُؤْذُونَ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ بِغَيْرِ مَا ٱكْتَسَبُوا۟ فَقَدِ ٱحْتَمَلُوا۟ بُهْتَٰنًۭا وَإِثْمًۭا مُّبِينًۭا ٥۸
කවුරුන් විශ්වාසය තැබූ පිරිමින්වද, ගැහැනුන්වද, ඔවුන් නොකළ (වැරැද්දක් කළා යයි) පවසා කරදර කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම (ඉමහත්) අපවාදයද, ප්‍රකට පාපයද උසුලන්නාහ.
يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ قُل لِّأَزْوَٰجِكَ وَبَنَاتِكَ وَنِسَآءِ ٱلْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِن جَلَٰبِيبِهِنَّ ۚ ذَٰلِكَ أَدْنَىٰٓ أَن يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۭا ٥۹
(නබියේ! ඔබගේ භාර්යයාවන්ටද, ඔබගේ ගැහැනු දරුවන්ටද, විශ්වාසවන්තයින්ගේ ගැහැනුන්ටද, ඔවුන් තමන්ගේ හිස් වස්නා සලූවෙන් (තමන්ගේ මුහුණු වලට පොඩියක්) පහත් කර ගන්නා මෙන් ඔබ පවසනු මැනව! එමගින් ඔවුන් (ගෞරවණීය අය යයි) දැන ගෙන, කිසිවෙකුගේ වේදනාවකට හෝ ඔවුන් ලක් නොවී සිටීමට මෙය ඉතාමත් පහසු (මාර්ගයක්) වන්නේය. අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.
۞ لَّئِن لَّمْ يَنتَهِ ٱلْمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ وَٱلْمُرْجِفُونَ فِى ٱلْمَدِينَةِ لَنُغْرِيَنَّكَ بِهِمْ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَآ إِلَّا قَلِيلًۭا ٦۰
(නබියේ!) වංචනිකයින්ද, හෘදයන්හි (පාපතර) අසනීපයෙන් පෙළෙන්නන්ද, මදීනාවෙහි බොරු ප්‍රචාර කරන්නන්ද, (තමන්ගේ නපුරෙන් මින් පසුව හෝ) ඈත් නොවුවහොත් නියත වශයෙන්ම අපි ඔබලාව ඔවුන් කෙරෙහි පොළඹවා අත්හැර දමන්නෙමු. පසුව ඉතාමත් ටික දිනක් මිස, එහි ඔබගේ සමීපයෙහි ඔවුන්ට වාසය කිරීමට නොහැක.
مَّلْعُونِينَ ۖ أَيْنَمَا ثُقِفُوٓا۟ أُخِذُوا۟ وَقُتِّلُوا۟ تَقْتِيلًۭا ٦١
ඔවුන්ට ශාප කරනු ලබන්නාහ. (එබැවින්) ඔවුන් කොහේ දුටුවා වුවද, අල්ලා ගනු ලබන්නෙහුය. කපා විනාශ කර දමනු ලබන්නෙහුය.
سُنَّةَ ٱللَّهِ فِى ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلُ ۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبْدِيلًۭا ٦٢
අල්ලාහ් ඇති කළ මාර්ගය, මීට පෙර ඉකුත් වී ගිය අයටද මෙයයි. එබැවින් (නබියේ!) ඔබ අල්ලාහ්ගේ මාර්ගයෙහි කිසිම වෙනස් වීමක් නොදකින්නෙහිය.
يَسْـَٔلُكَ ٱلنَّاسُ عَنِ ٱلسَّاعَةِ ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِندَ ٱللَّهِ ۚ وَمَا يُدْرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ تَكُونُ قَرِيبًا ٦۳
(නබියේ!) අවසාන කාලය ගැන (එය කවදා එන්නේදැයි) මිනිසුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “(එය කවදා එන්නේද යන) එහි ඥානය අල්ලාහ් වෙත (පමණක්)ම ඇත්තේය. ඔබ දන්නෙහුද? එය ඉතාමත් සමීපයෙහිම පැමිණීමට ඉඩ ඇත!”
إِنَّ ٱللَّهَ لَعَنَ ٱلْكَٰفِرِينَ وَأَعَدَّ لَهُمْ سَعِيرًا ٦٤
ඇත්තෙන්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ට ශාප කර, දළු ලා දැවෙන ගින්දර ඔවුන්ට පිළියෙල කර තබා ඇත්තේය.
خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۖ لَّا يَجِدُونَ وَلِيًّۭا وَلَا نَصِيرًۭا ٦٥
ඔවුන් සදාකල් එහිම රැඳී සිටිනු ඇත. (ඔවුන්ව) බේරා ගන්නන්ද, (ඔවුන්ට) උදව් කරන්නන්ද (එහි) ඔවුන් දකින්නේ නැත.
يَوْمَ تُقَلَّبُ وُجُوهُهُمْ فِى ٱلنَّارِ يَقُولُونَ يَٰلَيْتَنَآ أَطَعْنَا ٱللَّهَ وَأَطَعْنَا ٱلرَّسُولَا۠ ٦٦
ඔවුන්ගේ මුහුණු පෙරල පෙරලා ගින්නෙන් දවා හරින දිනදී “අපගේ විනාශයයි! අපි අල්ලාහ්ට අවනත වී සිටියා නම් නොවෙද? (ඔහුගේ) දූතයාටද, අවනත වී සිටියා නම් නොවෙද!” යයි ෙදාඩවන්නාහ.
وَقَالُوا۟ رَبَّنَآ إِنَّآ أَطَعْنَا سَادَتَنَا وَكُبَرَآءَنَا فَأَضَلُّونَا ٱلسَّبِيلَا۠ ٦۷
තවද “අපගේ දෙවියනේ! නියත වශයෙන්ම අපි අපගේ ප්රධානීන්ටද, අපගේ වැඩිහිටියන්ටද අවනත වුනෙමු. ඔවුන් අපිව වැරදි මාර්ගයෙහි ඇතුළු කර දැමූහ”.
رَبَّنَآ ءَاتِهِمْ ضِعْفَيْنِ مِنَ ٱلْعَذَابِ وَٱلْعَنْهُمْ لَعْنًۭا كَبِيرًۭا ٦۸
“(එබැවින්) අපගේ දෙවියනේ! ඔබ ඔවුන්ට දඬුවම දෙගුණයක් වශයෙන් දී ඔවුන් කෙරෙහි ඉමහත් වූ ශාපයද ලබා දෙනු” යයි පවසන්නාහ.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَكُونُوا۟ كَٱلَّذِينَ ءَاذَوْا۟ مُوسَىٰ فَبَرَّأَهُ ٱللَّهُ مِمَّا قَالُوا۟ ۚ وَكَانَ عِندَ ٱللَّهِ وَجِيهًۭا ٦۹
විශ්වාසවන්තයිනි! මූසා (ගැන බොරු අපවාද පවසා ඔහුව) කරදර කළාක් මෙන් ඔබත් එසේ පත් නොවනු. ඔවුන් පැවසූ දැයෙන් ඔහුව පරිශුද්ධ කර හැරියේය. ඔහු අල්ලාහ් වෙත ඉතාමත් ගෞරවණීය කෙනෙකු වශයෙන්ම සිටියේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَقُولُوا۟ قَوْلًۭا سَدِيدًۭا ۷۰
(එබැවින්) විශ්වාසවන්තයිනි! ඔබත් අල්ලාහ්ට බිය වී (සත්‍යවූත්, ඍජුවූත්), තැනට ඔබින වචනම පවසනු.
يُصْلِحْ لَكُمْ أَعْمَٰلَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا ۷١
ඔහු ඔබගේ කාරණාවන් ඔබට නියමිත පිළිවෙළකට තබා ඔබගේ වැරදි වලටද සමාව දෙනු ඇත. අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද කවුරුන් අවනත වන්නේද, ඔහු නියත වශයෙන්ම ඉමහත් වූ භාග්‍යය අත් කර ගන්නේය.
إِنَّا عَرَضْنَا ٱلْأَمَانَةَ عَلَى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَٱلْجِبَالِ فَأَبَيْنَ أَن يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا ٱلْإِنسَٰنُ ۖ إِنَّهُۥ كَانَ ظَلُومًۭا جَهُولًۭا ۷٢
නියත වශයෙන්ම “(අපගේ) වගකීම උසුලාගන්නෙහුද?”යි අපි අහස්, භූමිය හා කඳු ආදියෙන් විමසුවෙමු. එයට ඒවා, ඒ ගැන බිය වී එය උසුලා නොගෙන ඈත් වූවේය. එවැන්නක්ම මිනිසා උසුලා ගත්තේය. (එබැවින්) නියත වශයෙන්ම ඔහු නොදැනුවත්කම නිසා තමන්ට තමන්ම හානියක් කර ගත්හ.
لِّيُعَذِّبَ ٱللَّهُ ٱلْمُنَٰفِقِينَ وَٱلْمُنَٰفِقَٰتِ وَٱلْمُشْرِكِينَ وَٱلْمُشْرِكَٰتِ وَيَتُوبَ ٱللَّهُ عَلَى ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۢا ۷۳
(එවැනි වගකීමක් බාරගෙන එයට වෙනස් ආකාරයකින් කටයුතු කරන) වංචනික පිරිමින්ටද, ගැහැනුන්ටද, සමානයන් තබා නමදින පිරිමින්ටද, ගැහැනුන්ටද නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් කරනු ඇත. (එම වගකීම සැලකිල්ලට ගෙන කටයුතු කරන) විශ්වාසවන්තයින් වන පිරිමින්ටද, ගැහැනුන්ටද, (ඔවුන්ගේ වැරදිවලට සමාව දී) ඔවුන් දෙසට දයාවෙන් යුතුව බලන්නේය. අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකුද වශයෙන් සිටින්නේය.