< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ طه ۝١

තා. හා.

مَآ أَنزَلْنَا عَلَيْكَ ٱلْقُرْءَانَ لِتَشْقَىٰٓ ۝٢

ඔබ දුක් විඳීම සඳහා මෙම කුර්ආනය අපි ඔබ කෙරෙහි පහළ කළේ නැත

إِلَّا تَذْكِرَةًۭ لِّمَن يَخْشَىٰ ۝۳

(නබියේ! දෙවියන්ට) බිය වන්නන් (භය භක්තිකයින්)ට එක් හොඳ ඔවදනක් වශයෙන්ම (මෙය පහළ කර ඇත්තේය මිස), .

تَنزِيلًۭا مِّمَّنْ خَلَقَ ٱلْأَرْضَ وَٱلسَّمَٰوَٰتِ ٱلْعُلَى ۝٤

උසස් අහස්ද, භූමියද නිර්මාණය කළ අය විසින්ම (මෙය) පහළ කර ඇත්තේය.

ٱلرَّحْمَٰنُ عَلَى ٱلْعَرْشِ ٱسْتَوَىٰ ۝٥

(ඒවා උත්පාදනය කළ) රහ්මාන්, අර්ෂ් මත තම රාජ්‍යය පිහිටෙව්වේය.

لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ ٱلثَّرَىٰ ۝٦

අහස්හිද, භූමියෙහිද, ඇති දැයද, මේවා මධ්‍යයෙහි ඇති දැයද, භූමියෙහි වැළලී ඇති දැයද ඔහුටම අයත්ය.

وَإِن تَجْهَرْ بِٱلْقَوْلِ فَإِنَّهُۥ يَعْلَمُ ٱلسِّرَّ وَأَخْفَى ۝۷

(නබියේ!) ඔබ (පහත් හඬින්, නැතහොත්) ශබ්ද නගා පැවසුවා වුවද, (දෙකම ඔහුට එක සමානය. මන්දයත්) නියත වශයෙන්ම ඔහු රහසද දන්නේය. ඊටත් වඩා සැඟවී (මනසෙහි) ඇති දැයද දන්නේය.

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ لَهُ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ ۝۸

අල්ලාහ්! ඔහු හැර නැමදුමට යුතු වෙන කිසිම දෙවියෙකු නැත. ඔහුට අලංකාරවත් (බොහෝ) ශුද්ධ වූ නාමයන් ඇත. (එවායෙන් කුමක් භාවිතා කරමින් හෝ ඔහුව ආරාධනා කරනු).

وَهَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ ۝۹

(නබියේ!) මූසාගේ ඉතිහාසය ඔබ වෙත පැමිණ ඇත්තේද?

إِذْ رَءَا نَارًۭا فَقَالَ لِأَهْلِهِ ٱمْكُثُوٓا۟ إِنِّىٓ ءَانَسْتُ نَارًۭا لَّعَلِّىٓ ءَاتِيكُم مِّنْهَا بِقَبَسٍ أَوْ أَجِدُ عَلَى ٱلنَّارِ هُدًۭى ۝١۰

(ඔහු තම පවුලේ උදවිය සමග ගිය අවස්ථාවේදී, තමන් යා යුතු මාර්ගය නොදැනුවත්ව සිටියදී තූර් නමැති කන්ද මත) ඔහු ගින්නක් දුටු විට, තම පවුලේ උදවියට “ඔබ (මෙහි පොඩියක්) නතර වී සිටිනු. ඇත්තෙන්ම මා ගින්දර දකින්නෙමි. එයින් එක් ගිනි පෙණෙල්ලක් හෝ ගෙන, ඔබ වෙත එන්නෙමි. නැතහොත් ගින්නෙහි (එළිය) මගින් (අපි යා යුතු) මාර්ගය දැන ගන්නෙමි” යයි කීවේය.

فَلَمَّآ أَتَىٰهَا نُودِىَ يَٰمُوسَىٰٓ ۝١١

ඔහු එතැනට පැමිණි වහාම (ඔහුට) “ඕ මූසා!” යයි ශබ්ද නගා ආමන්ත්‍රණය කර, (මා මෙසේ පැවසුවෙමි).

إِنِّىٓ أَنَا۠ رَبُّكَ فَٱخْلَعْ نَعْلَيْكَ ۖ إِنَّكَ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًۭى ۝١٢

“නියත වශයෙන්ම මා ඔබගේ දෙවියන්ය. ඔබගේ පාවහන් යුවළ ගලවා දමනු. නියත වශයෙන්ම ඔබ තුවා මිටියාවත වන පරිශුද්ධ වූ තලයෙහි සිටින්නෙහිය”.

وَأَنَا ٱخْتَرْتُكَ فَٱسْتَمِعْ لِمَا يُوحَىٰٓ ۝١۳

“මා ඔබව (මගේ දූතයා වශයෙන්) තෝරාගෙන ඇත්තෙමි. එබැවින් වහී මගින් (ඔබට) දැනුම් දෙනු ලබන දැයට ඔබ සවන් දෙනු”.

إِنَّنِىٓ أَنَا ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعْبُدْنِى وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكْرِىٓ ۝١٤

“නියත වශයෙන්ම මා අල්ලාහ්ය. මා හැර වෙන කිසිම දෙවියෙකු නැත. මාවම ඔබ නමදිනු. මාව සිහිපත් කරමින් සිටිනු පිණිස සලාතය නොකඩවා ඉටු කරනු”.

إِنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَىٰ كُلُّ نَفْسٍۭ بِمَا تَسْعَىٰ ۝١٥

“නියත වශයෙන්ම විනිශ්චය දින අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. සෑම ආත්මයක්ම තම ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක අත් කර ගැනීම පිණිස එය, මා (මිනිසුන්ට) සඟවා තැබීමට අදහස් කරමි”.

فَلَا يَصُدَّنَّكَ عَنْهَا مَن لَّا يُؤْمِنُ بِهَا وَٱتَّبَعَ هَوَىٰهُ فَتَرْدَىٰ ۝١٦

“එබැවින් එය විශ්වාස නොකර තම (ශරීර) සුවය අනුගමනය කරන්නා, (ඒ දිනය ගැන ඔබ දුක් නොවීමට) ඔබව වළක්වා නොගත යුතුය. එසේ වුවහොත් ඔබ විනාශ වන්නෙහිය! (යයි පවසා)”-

وَمَا تِلْكَ بِيَمِينِكَ يَٰمُوسَىٰ ۝١۷

“ඕ මූසා! ඔබගේ දකුණු අතේ කුමක් නම් ඇත්තේද?”යි විමසුවේය.

قَالَ هِىَ عَصَاىَ أَتَوَكَّؤُا۟ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِى وَلِىَ فِيهَا مَـَٔارِبُ أُخْرَىٰ ۝١۸

එයට ඔහු “මෙය මගේ සැරයටියයි. මේ මත මා ඇල වන්නෙමි. මෙමගින් මගේ එළුවන්ට (කොළ) අතු ආදිය කඩා ගන්නෙමි. තවද මෙහි වෙනත් විවිධ ප්‍රයෝජනයන් ඇත” යයි පැවසුවේය.

قَالَ أَلْقِهَا يَٰمُوسَىٰ ۝١۹

එයට (දෙවියන්) “ඕ මූසා! ඔබ එය (බිමට) වීසි කර දමනු” යයි පැවසුවේය.

فَأَلْقَىٰهَا فَإِذَا هِىَ حَيَّةٌۭ تَسْعَىٰ ۝٢۰

ඔහු එය වීසි කළ වහාම එය විශාල නාගයෙක් බවට පත් වී බඩ ගාන්නට විය.

قَالَ خُذْهَا وَلَا تَخَفْ ۖ سَنُعِيدُهَا سِيرَتَهَا ٱلْأُولَىٰ ۝٢١

(එයට දෙවියන්) “ඔබ එය අල්ලනු. බිය නොවනු. එවෙලේම එය පෙර මෙන් (සැරයටිය) බවට පත් කරන්නෙමි” යයි කීවේය.

وَٱضْمُمْ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍ ءَايَةً أُخْرَىٰ ۝٢٢

“ඔබගේ අත ඔබගේ කිහිල්ලෙහි රුවා (පිටතට ගනු). එය ඉතාමත් ආලෝකවත්ව නපුරෙන් තොර සුදු වර්ණයෙන් බැබලෙමින් එළියට එනු ඇත. (එය) තවත් සාධකයක් වනු ඇත”.

لِنُرِيَكَ مِنْ ءَايَٰتِنَا ٱلْكُبْرَى ۝٢۳

“(මෙසේ) අපගේ ඉමහත් සාධකයන්ගෙන් සමහරක් ඔබට පෙන්වීමට (අදහස්) කරමු”.

ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ ۝٢٤

“ඔබ ෆිර්අව්න් වෙත යනු. නියත වශයෙන්ම ඔහු (මා හට) වෙනස්කම් කරමින් සිටින්නේය” (යයිද පැවසුවේය).

قَالَ رَبِّ ٱشْرَحْ لِى صَدْرِى ۝٢٥

(එයට මූසා) මෙසේ පැවසුවේය: “මගේ දෙවියනේ! මගේ හෘදය (ශක්තිමත් කර), විස්තීරණය කර තබනු”.

وَيَسِّرْ لِىٓ أَمْرِى ۝٢٦

“(මා කළ යුතු) මගේ කාරණාවන් මට පහසු කර දෙනු”.

وَٱحْلُلْ عُقْدَةًۭ مِّن لِّسَانِى ۝٢۷

“මගේ දිවෙහි ඇති ගැට ගැසීම ලෙහා දමනු”.

يَفْقَهُوا۟ قَوْلِى ۝٢۸

“මගේ වදන (ජනතාව) පැහැදිලිව දැන ගන්නා සේ පත් කරනු මැනව!”

وَٱجْعَل لِّى وَزِيرًۭا مِّنْ أَهْلِى ۝٢۹

“මගේ පවුලේ කෙනෙකුව සමීප සහායයෙකු වශයෙන් පත් කරනු”.

هَٰرُونَ أَخِى ۝۳۰

“ඔහු මගේ සහෝදරයා වන හාරූන් වශයෙන්ම වන්නේ නම් මැනවි”.

ٱشْدُدْ بِهِۦٓ أَزْرِى ۝۳١

“ඔහු මගින් මාව ස්ථීර කර තබනු (මැනව!)”.

وَأَشْرِكْهُ فِىٓ أَمْرِى ۝۳٢

“මගේ කාරණාවන්හි ඔහුව මිතුරෙකු බවට පත් කරනු (මැනව!)”.

كَىْ نُسَبِّحَكَ كَثِيرًۭا ۝۳۳

“අපි ඔබව අධික වශයෙන් සුවි ශුද්ධ කරමින් ප්‍රශංසා කරමු”.

وَنَذْكُرَكَ كَثِيرًا ۝۳٤

“(පසුවත්) ඔබව අධික වශයෙන්ම මෙනෙහි කරමින් නමදින්නෙමු”.

إِنَّكَ كُنتَ بِنَا بَصِيرًۭا ۝۳٥

“ඔබ අපිව අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නෙහුය” (යයි මූසා නබි ප්‍රාර්ථනා කළේය).

قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَٰمُوسَىٰ ۝۳٦

(එයට දෙවියන්) “ඕ මූසා! ඔබ ඉල්ලු සියල්ල නියත වශයෙන්ම ඔබට ලබා දී ඇත්තේය” යයිද-

وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَىٰٓ ۝۳۷

“(මීට පෙර) වෙනත් වතාවක්ද නියත වශයෙන්ම අපි ඔබට ඉමහත් වරප්‍රසාදයන් දී ඇත්තෙමු”. (එනම්) -

إِذْ أَوْحَيْنَآ إِلَىٰٓ أُمِّكَ مَا يُوحَىٰٓ ۝۳۸

“ඔබගේ මවට වහී මගින් අපි දැනුම් දුන් අවස්ථාවේදී”.

أَنِ ٱقْذِفِيهِ فِى ٱلتَّابُوتِ فَٱقْذِفِيهِ فِى ٱلْيَمِّ فَلْيُلْقِهِ ٱلْيَمُّ بِٱلسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّۭ لِّى وَعَدُوٌّۭ لَّهُۥ ۚ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةًۭ مِّنِّى وَلِتُصْنَعَ عَلَىٰ عَيْنِىٓ ۝۳۹

“(ඔබගේ වාර්ගිකයින්ගෙන් පිරිමි දරුවන්ව ෆිර්අව්න් වද දී මරා දැමුවේය. එබැවින් ඔබ ගැන ඔබගේ මව දුක් වෙමින් සිටියාය. එබැවින් කුඩා ළදරුවෙකු වූ ඔබව) ‘පෙට්ටියක බහා (නයිල්) නදියෙහි වීසි කර දමනු. එම නදිය වෙරළට සේන්දු කරනු ඇත. මටත් ඇයටත් සතුරා වශයෙන් සිටින්නාම එය ඇරගනු ඇත’ යයිද (ඔබගේ මවට දැනුම් දුන්නෙමු). ඔබ මගේ බැල්මෙහි පෝෂණය වීම සඳහාම, ඔබ කෙරෙහි මගේ කරුණාව දයාව පහළ කර, (ඔබව දුටුවන් කැමති වන බවට පත්) කළෙමු”.

إِذْ تَمْشِىٓ أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَىٰ مَن يَكْفُلُهُۥ ۖ فَرَجَعْنَٰكَ إِلَىٰٓ أُمِّكَ كَىْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ ۚ وَقَتَلْتَ نَفْسًۭا فَنَجَّيْنَٰكَ مِنَ ٱلْغَمِّ وَفَتَنَّٰكَ فُتُونًۭا ۚ فَلَبِثْتَ سِنِينَ فِىٓ أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَىٰ قَدَرٍۢ يَٰمُوسَىٰ ۝٤۰

“ඔබගේ සහෝදරිය (නදියේ පාවෙමින් ගිය ඔබ සමග වෙරළ දිගේ) පයින් ගොස් (ඔබව ඇරගත් අය වෙත) ‘මෙම දරුවාට (කිරි දෙන) වග කීම බාර ගත හැකි (කිරි) මවකු මා ඔබට දැනුම් දෙන්නද?’යි පවසන ලෙසට සලස්වා, (ඔබගේ) මව දුක් නොවී ඇයගේ ඇස් පිනා යාම පිණිස ඔබගේ මව වෙතම ඔබව ගෙනැවිත් (සේන්දු) කළෙමු. (මින්) පසුව ඔබ මිනිසෙකුව ඝාතනය කර දැමුවෙහිය. (ඒ සඳහා) ඔබ මැරූ දුකෙන් ඔබව බේරාගෙන, ඔබව විවිධ ආකාරයෙන් පිරික්සුමට ලක් කළෙමු. මදියන්වාසීන් වෙතද ඔබ අවුරුදු ගණනාවක් රැඳී සිටියෙහිය. ඕ මූසා! (මින්) පසුවම ඔබ (අපගේ දූතයා වන) සුදුසු තත්වයකට පත් වූවෙහිය”.

وَٱصْطَنَعْتُكَ لِنَفْسِى ۝٤١

“මා වෙනුවෙන් ඔබව මා තෝරාගෙන ඇත්තෙමි”.

ٱذْهَبْ أَنتَ وَأَخُوكَ بِـَٔايَٰتِى وَلَا تَنِيَا فِى ذِكْرِى ۝٤٢

“(එබැවින් ඔබත් ඔබගේ සහෝදරයාත්, මගේ ප්‍රාතිහාර්යයන් ගෙන යනු. ඔබ දෙදෙනා මා මෙනෙහි කර නැමදීමෙහි කම්මැලි නොවනු”.

ٱذْهَبَآ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ ۝٤۳

“ඔබ දෙදෙනාම ෆිර්අව්න් වෙත යනු. නියත වශයෙන්ම ඔහු ඉතාමත් සීමාව ඉක්මවා ගියේය”.

فَقُولَا لَهُۥ قَوْلًۭا لَّيِّنًۭا لَّعَلَّهُۥ يَتَذَكَّرُ أَوْ يَخْشَىٰ ۝٤٤

“ඔබ ඔහුට හොඳ සුමුදු ලෙසම දේශනා කරනු. එමගින් ඔහු හොඳ වැටහීමක් අත් කර ගත හැකිය. නැතහොත් වෙව්ලන්නටද පුළුවන” යයිද පැවසුවෙමු.

قَالَا رَبَّنَآ إِنَّنَا نَخَافُ أَن يَفْرُطَ عَلَيْنَآ أَوْ أَن يَطْغَىٰ ۝٤٥

එයට ඔවුන් දෙදෙනා “අපගේ දෙවියනේ! ඔහු අප කෙරෙහි (සීමාව) ඉක්මවා වද දී වේදනා කළ හැකිය. නැතහොත් නපුරක් කරාවි යයි අපි බිය වන්නෙමු” යයි පැවසූහ.

قَالَ لَا تَخَافَآ ۖ إِنَّنِى مَعَكُمَآ أَسْمَعُ وَأَرَىٰ ۝٤٦

(එයට) ඔහු (දෙවියන්) මෙසේ පැවසීය: “නියත වශයෙන්ම බිය නොවනු. මා ඔබ සමග සිටිමින් (සියල්ල) සවන් දෙමින්ද, බලමින්ද සිටින්නෙමි”.

فَأْتِيَاهُ فَقُولَآ إِنَّا رَسُولَا رَبِّكَ فَأَرْسِلْ مَعَنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ وَلَا تُعَذِّبْهُمْ ۖ قَدْ جِئْنَٰكَ بِـَٔايَةٍۢ مِّن رَّبِّكَ ۖ وَٱلسَّلَٰمُ عَلَىٰ مَنِ ٱتَّبَعَ ٱلْهُدَىٰٓ ۝٤۷

“එබැවින් ඔබ දෙදෙනා ඔහු වෙත ගොස් මෙසේ පවසනු: ‘අපි ඔබගේ දෙවියන්ගේ දූතයින්. ඉස්රායීල් පරම්පරාවේ දරුවන්ව අප සමග යවනු. ඔවුන්ට වේදනා නොකරනු. ඇත්තෙන්ම අපි ඔබ දෙවියන්ගේ සාධකයන් ඔබ වෙත ගෙනැවිත් ඇත්තෙමු. ඍජු මාර්ගය අනුගමනය කරන්නන් කෙරෙහි ශාන්තිය අත් වනු ඇත”.

إِنَّا قَدْ أُوحِىَ إِلَيْنَآ أَنَّ ٱلْعَذَابَ عَلَىٰ مَن كَذَّبَ وَتَوَلَّىٰ ۝٤۸

“(ඔබව) කවුරුන් බොරු කර, ප්‍රතික්ෂේප කරන්නේද, ඔහු කෙරෙහි ඇත්තෙන්ම දඬුවම් ඇති වනු ඇතැයි අපට වහී මගින් දැනුම් දෙනු ලැබ ඇත්තේය”.

قَالَ فَمَن رَّبُّكُمَا يَٰمُوسَىٰ ۝٤۹

(ඔවුන් එසේ ෆිර්අව්න් වෙත ගොස් පැවසූ වහාම, එයට) ඔහු “ඕ මූසා! (හාරූන්!) ඔබගේ දෙවියන් කවරෙක්ද?”යි විමසුවේය.

قَالَ رَبُّنَا ٱلَّذِىٓ أَعْطَىٰ كُلَّ شَىْءٍ خَلْقَهُۥ ثُمَّ هَدَىٰ ۝٥۰

එයට මූසා “කවුරුන් සෑම වස්තුවකටම එයට අයත් ස්වභාවය දී, (එයට අයත්) මාර්ගයද දැනුම් දුන්නේද, ඔහුය අපගේ දෙවියන්” යයි කීවේය.

قَالَ فَمَا بَالُ ٱلْقُرُونِ ٱلْأُولَىٰ ۝٥١

එයට ඔහු “පෙර ඉකුත්ව ගිය (පිළිරූ ආරාධනා කරමින් සිටි) බොහොමයක් සමූහයන්ගේ ඉරණම කුමක් විය හැකිදැ?”යි විමසුවේය.

قَالَ عِلْمُهَا عِندَ رَبِّى فِى كِتَٰبٍۢ ۖ لَّا يَضِلُّ رَبِّى وَلَا يَنسَى ۝٥٢

එයට ඔහු “එය මගේ දෙවියන් වෙත තිඛෙණ සටහන් පුස්තකයෙහි ඇත්තේය. මගේ දෙවියන් (එහි කිසිවක්) වැරදී අත්හැර දමන්නේ නැත. අමතක කර දමන්නේද නැත” යයි පවසා.

ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ مَهْدًۭا وَسَلَكَ لَكُمْ فِيهَا سُبُلًۭا وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَخْرَجْنَا بِهِۦٓ أَزْوَٰجًۭا مِّن نَّبَاتٍۢ شَتَّىٰ ۝٥۳

“ඔහුම භූමිය ඔබට වාසස්ථානයක් වශයෙන් නිර්මාණය කර, (ඔබට යා හැකි) මාර්ගයද එහි නිර්මාණය කර, වලාකුළෙන් වර්ෂාවද වසින්නට සලස්වන්නේය” (යයි පිළිතුරු දුන්හ. තවද දෙවියන් පැවසුවේය යයි මෙසේ පැවසූහ: “මා පහළ කර තබන එකම ආකාරයේ වර්ෂා) ජලය මගින් (ගුණයෙන්ද, රසයෙන්ද) විවිධ වර්ගයේ ගස් වැල් (පිරිමි, ගැහැණු) ජෝඩු ජෝඩු වශයෙන් අපි ඉකුත් කරන්නෙමු”.

كُلُوا۟ وَٱرْعَوْا۟ أَنْعَٰمَكُمْ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّأُو۟لِى ٱلنُّهَىٰ ۝٥٤

“(මේවා) ඔබත් අනුභව කර, ඔබගේ (එළු, ගව ආදී) ගමේ සතුන්වද උලා කෑමට ඉඩ හරිනු. දැනුම ඇත්තන්ට නියත වශයෙන්ම මෙහි බොහොමයක් සාධකයන් ඇත”.

۞ مِنْهَا خَلَقْنَٰكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَىٰ ۝٥٥

“භූමියෙන්ම අපි ඔබව උත්පාදනය කළෙමු. පසුව එහිම අපි ඔබව සේන්දු කර හරින්නෙමු. තවත් වරක්ද (ඔබට පණ දී) එයින්ම අපි ඔබව ඉකුත් කරන්නෙමු” (යයි පැවසුවේය යයි ඔහුට පවසන ලෙසට සැලැස්සුවෙමු).

وَلَقَدْ أَرَيْنَٰهُ ءَايَٰتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَىٰ ۝٥٦

මෙසේ අපගේ සාධකයන් සියල්ල ඔහුට පෙන්වූවෙමු. එහෙත් ඔහු නම්, (මේවා සියල්ල) බොරු යයි කියා (විශ්වාස නොකර) ඈත් වූවේය.

قَالَ أَجِئْتَنَا لِتُخْرِجَنَا مِنْ أَرْضِنَا بِسِحْرِكَ يَٰمُوسَىٰ ۝٥۷

(තවද) “ඕ මූසා! ඔබ, ඔබගේ සූනියම මගින් අපව අපගේ රටින් පිටමං කිරීමටද අප වෙත පැමිණියේ?”

فَلَنَأْتِيَنَّكَ بِسِحْرٍۢ مِّثْلِهِۦ فَٱجْعَلْ بَيْنَنَا وَبَيْنَكَ مَوْعِدًۭا لَّا نُخْلِفُهُۥ نَحْنُ وَلَآ أَنتَ مَكَانًۭا سُوًۭى ۝٥۸

“මෙවැනි සූනියමක් අපිත් ඔබට කර පෙන්වන්නෙමු. අප හෝ නැතහොත් ඔබ හෝ වැරදී නොවී සිටීමට හැකි වන සේ එක් මධ්‍යස්ථ ස්ථානයක අපටත් ඔබටත් අතරේ එක් නියමිත කාලයක් සඳහන් කරනු” යයි පැවසුවේය.

قَالَ مَوْعِدُكُمْ يَوْمُ ٱلزِّينَةِ وَأَن يُحْشَرَ ٱلنَّاسُ ضُحًۭى ۝٥۹

(එයට මූසා “ඔබගේ) උත්සව දිනයම ඔබට නියමිත කාලය වන්නේය. නමුත් ජනතාව සියල්ල පෙරවරුවේම රැස්විය යුතුය” යයි පැවසුවේය.

فَتَوَلَّىٰ فِرْعَوْنُ فَجَمَعَ كَيْدَهُۥ ثُمَّ أَتَىٰ ۝٦۰

පසුව ෆිර්අව්න් ඔහුගෙන් වෙන් වී ආපසු හැරී (තමන්ගේ වාසස්ථානයට ගොස් සූනියමට අවශ්‍ය) තමන්ගේ (සියලූම) කුමන්ත්‍රණද එක්රැස් කරගෙන, (නියමිත දින, නියමිත ස්ථානයට) පැමිණියේය.

قَالَ لَهُم مُّوسَىٰ وَيْلَكُمْ لَا تَفْتَرُوا۟ عَلَى ٱللَّهِ كَذِبًۭا فَيُسْحِتَكُم بِعَذَابٍۢ ۖ وَقَدْ خَابَ مَنِ ٱفْتَرَىٰ ۝٦١

මූසා (එහි වාසය කළ) ඔවුන්ට “ඔබට කුමන වින්නැහියක්ද? අල්ලාහ් මත අමූලික බොරු ගොතා මනක්කල්පිත කර නොපවසනු. (එසේ පැවසුවහොත්) ඔහු (තම) දඬුවම මගින් ඔබව විනාශ කර දමනු ඇත. බොරු කියූ සියල්ල විනාශ වී ගියහ” යයි පැවසුවේය.

فَتَنَٰزَعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ وَأَسَرُّوا۟ ٱلنَّجْوَىٰ ۝٦٢

(මෙය ඇසූ) ඔවුන්, තමන් තුළ මේ ගැන තර්ක කරමින් රහසින්ම සාකච්ඡා කර, (එක් තීරණයකට) එළඹුනාහ.

قَالُوٓا۟ إِنْ هَٰذَٰنِ لَسَٰحِرَٰنِ يُرِيدَانِ أَن يُخْرِجَاكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِمَا وَيَذْهَبَا بِطَرِيقَتِكُمُ ٱلْمُثْلَىٰ ۝٦۳

ඔවුන් (ජනතාවට) “නියත වශයෙන්ම මේ දෙදෙනාම සූනියම්කරුවන්ය! තමන්ගේ සූනියම මගින් ඔබව ඔබගේ මෙම රට අත්හැර පිටමං කර දමනු ඇත. ඔබගේ උසස් ධර්මය විනාශ කර දමන්නට අදහස් කරන්නාහ”.

فَأَجْمِعُوا۟ كَيْدَكُمْ ثُمَّ ٱئْتُوا۟ صَفًّۭا ۚ وَقَدْ أَفْلَحَ ٱلْيَوْمَ مَنِ ٱسْتَعْلَىٰ ۝٦٤

“එබැවින් ඔබගේ සූනියම් සියල්ල ඒකරාශී කරගෙන, (ඔහුට එරෙහිව) කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් එනු. අද දින කවුරුන්ගේ කාරණාවන් ජයග්‍රහණය කරන්නේද, ඔහුම නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේය” යයි පැවසූහ.

قَالُوا۟ يَٰمُوسَىٰٓ إِمَّآ أَن تُلْقِىَ وَإِمَّآ أَن نَّكُونَ أَوَّلَ مَنْ أَلْقَىٰ ۝٦٥

පසුව (සූනියම් ඉදිරිපත් කිරීමට පැමිණි) ඔවුන් (මූසාට) “ඕ මූසා! ඔබ වීසි කරනවාද? නැතහොත් පළමුවෙන් අපි වීසි කරන්නද?”යි විමසූහ.

قَالَ بَلْ أَلْقُوا۟ ۖ فَإِذَا حِبَالُهُمْ وَعِصِيُّهُمْ يُخَيَّلُ إِلَيْهِ مِن سِحْرِهِمْ أَنَّهَا تَسْعَىٰ ۝٦٦

එයට ඔහු “ඔබ (පළමුවෙන්) වීසි කරනු” යයි පැවසුවේය. (ඔවුන් වීසි කළ වහාම, වීසි කළ) ඔවුන්ගේ කඹද, ඔවුන්ගේ පොලූද ඔවුන්ගේ සූනියමෙහි හේතුවෙන් ඇත්තෙන්ම ඒවා (නාගයින් බවට පත් වී) දුවන්නාක් මෙන් මොහුට දිස් විය.

فَأَوْجَسَ فِى نَفْسِهِۦ خِيفَةًۭ مُّوسَىٰ ۝٦۷

එබැවින් මූසාගේ මනසෙහි බිය හොල්මන් කරන්නට විය.

قُلْنَا لَا تَخَفْ إِنَّكَ أَنتَ ٱلْأَعْلَىٰ ۝٦۸

(ඒ අතර ඔහුට) අපි මෙසේ කීවෙමු: “ඔබ බිය නොවනු. නියත වශයෙන්ම ඔබ මෙහිදී ඉදිරියට එන්නෙහිය”.

وَأَلْقِ مَا فِى يَمِينِكَ تَلْقَفْ مَا صَنَعُوٓا۟ ۖ إِنَّمَا صَنَعُوا۟ كَيْدُ سَٰحِرٍۢ ۖ وَلَا يُفْلِحُ ٱلسَّاحِرُ حَيْثُ أَتَىٰ ۝٦۹

“ඔබගේ දකුණතෙහි ඇති දැය ඔබ වීසි කරනු. ඔවුන් කළ (සූනියම්) සියල්ල එය ගිල දමනු ඇත. ඔවුන් කළ දෑ සියල්ල සූනියම්කරුවන්ගේ (පුහු) කුමන්ත්‍රණ (මිස, ඇත්තක් නොව). සූනියම්කරුවන් කොහේ ගියා වුවද, ජයග්‍රහණය කරන්නේම නැත” (යයිද පැවසුවෙමු).

فَأُلْقِىَ ٱلسَّحَرَةُ سُجَّدًۭا قَالُوٓا۟ ءَامَنَّا بِرَبِّ هَٰرُونَ وَمُوسَىٰ ۝۷۰

(මූසා තම සැරයටිය වීසි කළ වහාම, එය විශාල නාගයෙක් බවට පත් වී, ඔවුන් කර තිබූ සූනියම් සියල්ල ගිල දැමුවේය. එය දැක ඇත්ත වටහා ගත්) එම සූනියම්කරුවන් සුජූද් කරන්නන් වශයෙන් බිම ඇද වැටී “අපිත් මූසා, හාරූන් ආදී මේ දෙදෙනාගේ දෙවියන්ව විශ්වාස කළෙමු” යයි පැවසූහ.

قَالَ ءَامَنتُمْ لَهُۥ قَبْلَ أَنْ ءَاذَنَ لَكُمْ ۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِى عَلَّمَكُمُ ٱلسِّحْرَ ۖ فَلَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَٰفٍۢ وَلَأُصَلِّبَنَّكُمْ فِى جُذُوعِ ٱلنَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَآ أَشَدُّ عَذَابًۭا وَأَبْقَىٰ ۝۷١

(මෙය දුටු ෆිර්අව්න්) “මා ඔබට අනුමැතිය ලබා දීමට කළින්ම ඔබ ඔහුව විශ්වාස කළෙහිය. නියත වශයෙන්ම ඔහු ඔබට සූනියම් උගන්වා දුන් ඔබගේ ප්‍රධානියා (මෙන් හැෙඟන්නේය). එබැවින් ඔබගේ අත් හා පා මාරුවෙන් මාරුවට කපා, නියත වශයෙන්ම ඔබලාව ඉඳී ගස්වල එල්ලා දමන්නෙමි. ස්ථීර වූ දඬුවම් දීමෙහි අපගෙන් දරුණු තැනැත්තා කවුරුන්ද යන්නද නියත වශයෙන්ම ඔබ දැන ගන්නෙහුය” යයි පැවසුවේය.

قَالُوا۟ لَن نُّؤْثِرَكَ عَلَىٰ مَا جَآءَنَا مِنَ ٱلْبَيِّنَٰتِ وَٱلَّذِى فَطَرَنَا ۖ فَٱقْضِ مَآ أَنتَ قَاضٍ ۖ إِنَّمَا تَقْضِى هَٰذِهِ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَآ ۝۷٢

එයට ඔවුන ් (ෆිර්අව්න්ට) “අප වෙත පැහැදිලි සාධකයන් පැමිණි පසු, අපව නිර්මාණය කළ අයව ප්‍රතික්ෂේප කර දමා ඔබට අපි කිසි කලෙක කැමති වන්නේම නැත. ඔබට පුළුවන් දැයක් ඔබ කර ගනු. ඔබ කරන සෑම දැයක්ම මෙලොව ජීවිතයෙහි පමණකි”.

إِنَّآ ءَامَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَٰيَٰنَا وَمَآ أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ ٱلسِّحْرِ ۗ وَٱللَّهُ خَيْرٌۭ وَأَبْقَىٰٓ ۝۷۳

“නියත වශයෙන්ම අපි (සත්‍ය) අපගේ දෙවියන්වම විශ්වාස කරමු. අපගේ වැරදිද ඔබගේ බල කිරීම මගින් අපි කළ සූනියම් (සූනියමේ වැරදි වලට)ද ඔහු අපට සමාව දෙනු ඇත. අල්ලාහ්ම (ඔබටත් වඩා) ඉතාමත් උසස්වන්තයෙකු යයිද, ස්ථීරවන්තයෙකු වන්නේය” යයිද පැවසූහ.

إِنَّهُۥ مَن يَأْتِ رَبَّهُۥ مُجْرِمًۭا فَإِنَّ لَهُۥ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ ۝۷٤

ඇත්තෙන්ම කවුරුන් වැරදිකරුවෙකු වශයෙන් තම දෙවියන් වෙත පැමිණෙන්නේද, ඔහුට නියත වශයෙන්ම නිරයම (ඵලවිපාක වනු ඇත). එහි ඔහු මැරෙන්නේද නැත. (සුවයෙන් යුතුව) ජීවත් වන්නේද නැත. (දඬුවම හා දහදුක විඳිමින්ම සිටිනු ඇත).

وَمَن يَأْتِهِۦ مُؤْمِنًۭا قَدْ عَمِلَ ٱلصَّٰلِحَٰتِ فَأُو۟لَٰٓئِكَ لَهُمُ ٱلدَّرَجَٰتُ ٱلْعُلَىٰ ۝۷٥

කවුරුන් විශ්වාසය තැබූවන් වශයෙන්ද, දැහැමි ක්‍රියාවන් කරන්නන් වශයෙන්ද, (තම දෙවියන් වෙත) පැමිණෙන්නෝද එවැන්නන්ට උසස් පදවීන් ඇත්තේය.

جَنَّٰتُ عَدْنٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَآءُ مَن تَزَكَّىٰ ۝۷٦

(පරලොවදී නම්, ඔවුන්ට) ස්ථීර වූ ස්වර්ගයන් ඇත. ඒවායෙහි දිය දහරා සදාකල් ගලා බසිමින්ම ඇත. ඒවායෙහි සදාකල් රැඳී සිටිනු ඇත. මෙය පරිශුද්ධවන්තයින්ගේ ඵලවිපාක වනු ඇත.

وَلَقَدْ أَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنْ أَسْرِ بِعِبَادِى فَٱضْرِبْ لَهُمْ طَرِيقًۭا فِى ٱلْبَحْرِ يَبَسًۭا لَّا تَخَٰفُ دَرَكًۭا وَلَا تَخْشَىٰ ۝۷۷

නියත වශයෙන්ම අපි මූසාට වහී මගින් මෙසේ දැනුම් දුන්නෙමු: “ඔබ අපගේ වහලූන්ව කැඳවාගෙන, රාත්‍රිය්දීම පිටත්ව යනු. (මගදී හරස්වන) මුහුදෙහි (ඔබගේ සැරයටියෙන්) ගසා වියළී ගිය මාර්ගය ඔවුන්ට ඇති කරනු. (ඔබව සතුරන්) ළඟා වේවි යයි ඔබ බිය නොවනු. (එම මුහුදෙහි ඔබගේ ජනතාව ගිලී යනු ඇතැයිද) ඔබ බිය නොවනු” (යයිද දැනුම් දුන්නෙමු).

فَأَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُودِهِۦ فَغَشِيَهُم مِّنَ ٱلْيَمِّ مَا غَشِيَهُمْ ۝۷۸

(ඒ අන්දමටම මූසා නබි ඉස්රායීල්වරුන්ව කැඳවාගෙන ගිය වහාම) ෆිර්අව්න් තම සේනාව සමග ඔවුන් පසුපස ගියේය. මුහුදු (ජලය මොවුන්ගෙන් කිසිවෙකුත් නොබේරෙන සේ) ඔවුන්ව ගිල්වා දැමිය යුතු අන්දමට ගිල්වා දැමීය.

وَأَضَلَّ فِرْعَوْنُ قَوْمَهُۥ وَمَا هَدَىٰ ۝۷۹

ෆිර්අව්න් තම ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු නොකර, වැරදි මාර්ගයෙහිම ඇතුළු කළේය.

يَٰبَنِىٓ إِسْرَٰٓءِيلَ قَدْ أَنجَيْنَٰكُم مِّنْ عَدُوِّكُمْ وَوَٰعَدْنَٰكُمْ جَانِبَ ٱلطُّورِ ٱلْأَيْمَنَ وَنَزَّلْنَا عَلَيْكُمُ ٱلْمَنَّ وَٱلسَّلْوَىٰ ۝۸۰

ඉස්රායීල පරම්පරාවේ දරුවනි! නියත වශයෙන්ම අපි ඔබව ඔබගේ සතුරන්ගෙන් බේරාගෙන, තූර් නමැති කන්ෙඳහි දකුණු දෙසට (පැමිණියහොත් ඔබට තව්රාත්) ධර්මය (ලබා දෙන බවට) පොරොන්දු දී, (ආහාර නොලැඛෙණ කාන්තාරයෙහි) ඔබට මන්නු සල්වා ද පහළ කළෙමු.

كُلُوا۟ مِن طَيِّبَٰتِ مَا رَزَقْنَٰكُمْ وَلَا تَطْغَوْا۟ فِيهِ فَيَحِلَّ عَلَيْكُمْ غَضَبِى ۖ وَمَن يَحْلِلْ عَلَيْهِ غَضَبِى فَقَدْ هَوَىٰ ۝۸١

“අපි ඔබට ලබා දුන් දැයෙන් හොඳ දැය අනුභව කරමින් සිටිනු. එහි ඔබ සීමාව ඉක්මවා නොයනු. (සීමාව ඉක්මවවුවහොත්) ඔබ කෙරෙහි මගේ කෝපය පහළ වනු ඇත. කවුරුන් කෙරෙහි මගේ කෝපය පහළ වන්නේද, ඔහු නියත වශයෙන්ම විනාශ වී යනු ඇත”.

وَإِنِّى لَغَفَّارٌۭ لِّمَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحًۭا ثُمَّ ٱهْتَدَىٰ ۝۸٢

“එහෙත් කවුරුන් පසුතැවිලි වී (පාපයන්ගෙන්) ඈත් වී විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කර, ඍජු මාර්ගයෙහි ස්ථීරව සිටින්නේද, ඔහුට මා ඉතාමත් සමාව දෙන්නෙකු වශයෙන්ම සිටින්නෙමි”.

۞ وَمَآ أَعْجَلَكَ عَن قَوْمِكَ يَٰمُوسَىٰ ۝۸۳

(මූසා තූර්, සිනායි කන්ඳට පැමිණි අවස්ථාවේදී ඔහුට දෙවියන්) “ඕ මූසා! ඔබ, ඔබගේ ජනතාව අත්හැර දමා මෙතරම් ඉක්මන් කළේ කිමෙක්ද?”යි (විමසුවේය).

قَالَ هُمْ أُو۟لَآءِ عَلَىٰٓ أَثَرِى وَعَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضَىٰ ۝۸٤

එයට ඔහු “ඔවුන් මෙන්න, මා පසුපසින්ම එන්නාහ. මගේ දෙවියනේ! ඔබව තෘප්තියට පත් කිරීම සඳහා ඉතාමත් ඉක්මනින් ඔබ වෙත (කළින්ම) පැමණියෙමි”.

قَالَ فَإِنَّا قَدْ فَتَنَّا قَوْمَكَ مِنۢ بَعْدِكَ وَأَضَلَّهُمُ ٱلسَّامِرِىُّ ۝۸٥

එයට (දෙවියන්) “ඔබ පැමිණි පසු අපි ඔබගේ ජනතාව එක් පිරික්සුමකට ලක් කළෙමු. සාමිරී නමැත්තා ඔවුන්ව මාර්ගය වැරද යාමට සැලැස්සුවේය” යයි පැවසුවේය.

فَرَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوْمِهِۦ غَضْبَٰنَ أَسِفًۭا ۚ قَالَ يَٰقَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا ۚ أَفَطَالَ عَلَيْكُمُ ٱلْعَهْدُ أَمْ أَرَدتُّمْ أَن يَحِلَّ عَلَيْكُمْ غَضَبٌۭ مِّن رَّبِّكُمْ فَأَخْلَفْتُم مَّوْعِدِى ۝۸٦

(එවෙලේම) මූසා ඉතාමත් දුකෙන් හා කෝපයට පත් වූ කෙනෙකු වශයෙන් තමන්ගේ ජනතාව වෙත ආපසු පැමිණ “මගේ ජනතාවෙනි! ඔබගේ දෙවියන් ඔබට (තව්රාත් නමැති ධර්මය ලබා දෙන බවට) අලංකාරවත් පොරොන්දුවක් ලබා දුන්නේ නැද්ද? ඔහු පොරොන්දුවක් දී අධික දින සංඛ්‍යාවක් ගත වූයේද? නැතහොත් ඔබ කෙරෙහි ඔබගේ දෙවියන්ගේ කෝපය පහළ විය යුතුය යයි ඔබ කැමැත්තෙන්ම ඔබ මට ලබා දුන් පොරොන්දුවට වෙනස්කම් කළෙහුද?”යි විමසුවේය.

قَالُوا۟ مَآ أَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلَٰكِنَّا حُمِّلْنَآ أَوْزَارًۭا مِّن زِينَةِ ٱلْقَوْمِ فَقَذَفْنَٰهَا فَكَذَٰلِكَ أَلْقَى ٱلسَّامِرِىُّ ۝۸۷

එයට ඔවුන් “ඔබට ලබා දුන් පොරොන්දුවට අපගේ කැමැත්තට අපි වෙනස්කම් කළේ නැත. නමුත් අපි උසුළාගෙන පැමිණි (ෆිර්අව්න්ගේ) ජනතතාවගේ රණ් ආභරණ (ගින්නෙහි වීසි කරන මෙන් බල කරනු ලැබ), එහි ඒවා අපි වීසි කළෙමු. ඒ ආකාරයටම සාමිරීද (තමන් වෙත තිබූ ආභරණ) වීසි කළේය”.

فَأَخْرَجَ لَهُمْ عِجْلًۭا جَسَدًۭا لَّهُۥ خُوَارٌۭ فَقَالُوا۟ هَٰذَآ إِلَٰهُكُمْ وَإِلَٰهُ مُوسَىٰ فَنَسِىَ ۝۸۸

“පසුව ඔහු, වසු පැටවෙකුගේ පිළිරුවක් (ජනතාව ඉදිරියේ) එළිදැක්වූවේය. එයට (වසු පැටවෙකුගේ ශබ්දයට සමාන අර්ථයක් නැති) ශබ්දයක්ද තිබුණි. (මෙය දුටු) සමහරෙක් ‘මෙය ඔබගේද, මූසාගේද දෙවියන් වන්නේය. (මෙය) අමතක වී (මූසා කන්ඳට) ගියේය” යයි පැවසූහ.

أَفَلَا يَرَوْنَ أَلَّا يَرْجِعُ إِلَيْهِمْ قَوْلًۭا وَلَا يَمْلِكُ لَهُمْ ضَرًّۭا وَلَا نَفْعًۭا ۝۸۹

(මොන පුදුමයක්ද!) ඔවුන්ට (ඔවුන්ගේ ප්‍රශ්නවලට) එය කිසිම පිළිතුරක් නොදී තිබීමද, ඔවුන්ට හොඳක් හෝ නරකක් හෝ කිරීමට ශක්තියක් නොමැතිව තිබීමද ඔවුන් අවධානය කර බැලිය යුතු නොවේද?

وَلَقَدْ قَالَ لَهُمْ هَٰرُونُ مِن قَبْلُ يَٰقَوْمِ إِنَّمَا فُتِنتُم بِهِۦ ۖ وَإِنَّ رَبَّكُمُ ٱلرَّحْمَٰنُ فَٱتَّبِعُونِى وَأَطِيعُوٓا۟ أَمْرِى ۝۹۰

මෙයට පෙරම හාරූන් ඔවුන්ට “මගේ ජනතාවෙනි! (මෙම පිළිරුව නැමද) ඔබ මාර්ගය වැරද ගියෙහුය. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් රහ්මාන්ය. (මෙය නොව), මාව අනුගමනය කරනු. මගේ නියෝගයට අවනත වනු” යයි පැවසුවේය.

قَالُوا۟ لَن نَّبْرَحَ عَلَيْهِ عَٰكِفِينَ حَتَّىٰ يَرْجِعَ إِلَيْنَا مُوسَىٰ ۝۹١

එයට ඔවුන් “මූසා අප වෙත ආපසු පැමිණෙන තුරු මෙම ආරාධනාව අපි අත්හරින්නේ නැත” යයි පැවසූහ.

قَالَ يَٰهَٰرُونُ مَا مَنَعَكَ إِذْ رَأَيْتَهُمْ ضَلُّوٓا۟ ۝۹٢

(මූසා පැමිණි පසු හාරූන්ට) “ඕ හාරූන්! මොවුන් මාර්ගය වැරද ගියහ යයි ඔබ දැන ගත් අවස්ථාවේදී, මාව ඔබ අනුගමනය කර කටයුතු කිරීම, ඔබව වැළැක්වූයේ කුමකින්ද?

أَلَّا تَتَّبِعَنِ ۖ أَفَعَصَيْتَ أَمْرِى ۝۹۳

ඔබ මගේ අණට වෙනස්කම් කිරීමට ඉදිරිපත් වූවෙහිද?”යි (පවසා, ඔහුගේ යටි රැවුලද, හිස කෙස්ද අල්ලා ඇද්දේය).

قَالَ يَبْنَؤُمَّ لَا تَأْخُذْ بِلِحْيَتِى وَلَا بِرَأْسِىٓ ۖ إِنِّى خَشِيتُ أَن تَقُولَ فَرَّقْتَ بَيْنَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَلَمْ تَرْقُبْ قَوْلِى ۝۹٤

එයට ඔහු “මගේ මවගේ පුතුනේ! මගේ හිසද යටි රැවුලද අල්ලා (නො)අදිනු. (මා ඒ අවස්ථාවේදී ඔවුන්ගෙන් ඈත් වී තිබුණේ නම්), ‘ඉස්රායීල පරම්පරාවේ දරුවන් අතරේ ඔබ ඛෙදීමක් ඇති කර දැමුවෙහිය. ඔබ මගේ වදනට සැලකුවේ නැත’ යයි ඔබ මා සමග කෝප වනු ඇතැයි නියත වශයෙන්ම බිය වී (ඔවුන් සමග) සිටියෙමි” යයි පැවසුවේය.

قَالَ فَمَا خَطْبُكَ يَٰسَٰمِرِىُّ ۝۹٥

(පසුව මූසා සාමිරීට) “ඕ සාමිරී! ඔබගේ කාරණාව කුමක්ද? (කුමක් නිසා ඔබ මෙසේ කළෙහිද?)”යි විමසුවේය.

قَالَ بَصُرْتُ بِمَا لَمْ يَبْصُرُوا۟ بِهِۦ فَقَبَضْتُ قَبْضَةًۭ مِّنْ أَثَرِ ٱلرَّسُولِ فَنَبَذْتُهَا وَكَذَٰلِكَ سَوَّلَتْ لِى نَفْسِى ۝۹٦

එයට ඔහු “ඔවුන් නොදුටු දැයක් මා දුටුවෙමි. දූතයාගේ පාදයට යටින් (වැලි) මිටක් ගෙන, එහි වීසි කළෙමි. මෙසේ (කරන මෙන්) මගේ මනස මාව පෙළඹවූවේය” යයි පැවසුවේය.

قَالَ فَٱذْهَبْ فَإِنَّ لَكَ فِى ٱلْحَيَوٰةِ أَن تَقُولَ لَا مِسَاسَ ۖ وَإِنَّ لَكَ مَوْعِدًۭا لَّن تُخْلَفَهُۥ ۖ وَٱنظُرْ إِلَىٰٓ إِلَٰهِكَ ٱلَّذِى ظَلْتَ عَلَيْهِ عَاكِفًۭا ۖ لَّنُحَرِّقَنَّهُۥ ثُمَّ لَنَنسِفَنَّهُۥ فِى ٱلْيَمِّ نَسْفًا ۝۹۷

එයට මූසා (ඔහුට “මෙතැනින්) ඈත් වනු. නියත වශයෙන්ම ඔබ (කවුරුන්ව දුටුවා වුවද) “මා හට ළං නොවනු. (මට ළං නොවනු. මට ළං වුවහොත් ඔබටත් මටත් උණ වැළෙඳනු ඇත)’ යයි පවසමින් ඒ මේ අත සැරි සැරීමම මෙලොවෙහි ඔබට අයත් දඬුවම වන්නේය. (පරලොවෙහි නම්), නියත වශයෙන්ම ඔබට පොරොන්දු දෙන ලද දඬුවම ඇත. ඔබ එයින් බේරෙන්නේම නැත. මෙන්න ඔබ ආරාධනා කරමින් සිටි දෙවියන්ව බලනු. නියත වශයෙන්ම මා එය ගින්නෙහි දවා (උණු කර අළු කර) මුහුදෙහි විසිරුවා හරින්නෙමි” යයිද.

إِنَّمَآ إِلَٰهُكُمُ ٱللَّهُ ٱلَّذِى لَآ إِلَٰهَ إِلَّا هُوَ ۚ وَسِعَ كُلَّ شَىْءٍ عِلْمًۭا ۝۹۸

“ඔබගේ දෙවියන් අල්ලාහ් එක් කෙනෙකි. ඔහු හැර, නැමදුමට යුත්තෙකු වෙන කිසිවෙකුත් නැත. ඔහු සියල්ල දැන ගත හැකි ඉමහත් දැනුමක් ඇත්තෙකි” යයිද පැවසුවේය.

كَذَٰلِكَ نَقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآءِ مَا قَدْ سَبَقَ ۚ وَقَدْ ءَاتَيْنَٰكَ مِن لَّدُنَّا ذِكْرًۭا ۝۹۹

(නබියේ!) මෙසේම (ඔබට) පෙර ඉකුත් වී ගිය අයගෙන් වූ ඉතිහාසයන් (නැවතත්) අපි ඔබට පවසන්නෙමු. අප වෙතින් හොඳ ඔවදන් (වලින් යුත් මෙම ධර්මය) නියත වශයෙන්ම අපි ඔබට ලබා දුන්නෙමු.

مَّنْ أَعْرَضَ عَنْهُ فَإِنَّهُۥ يَحْمِلُ يَوْمَ ٱلْقِيَٰمَةِ وِزْرًا ۝١۰۰

කවුරුන් එය ප්‍රතික්ෂේප කරන්නේද, ඔහු විනිශ්චය දිනදී නියත වශයෙන්ම (විශාල වූ) පාපයක්ම උසුළනු ඇත.

خَٰلِدِينَ فِيهِ ۖ وَسَآءَ لَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ حِمْلًۭا ۝١۰١

එහි ඔහු සැමදා (එය උසුළාගෙනම) සිටිනු ඇත. විනිශ්චය දිනදී ඔවුන් උසුළන මෙම බර, ඉතාමත් නපුරුය.

يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ ۚ وَنَحْشُرُ ٱلْمُجْرِمِينَ يَوْمَئِذٍۢ زُرْقًۭا ۝١۰٢

කුමන කාලයකදී (සූර් නමැති නලාව) පිඹිණු ලැබ, වැරදිකරුවන්ව අපි ඒකරාශී කරන දිනදී (බියෙන්) ඔවුන්ගේ ඇස් නිල් වී යනු ඇත.

يَتَخَٰفَتُونَ بَيْنَهُمْ إِن لَّبِثْتُمْ إِلَّا عَشْرًۭا ۝١۰۳

ඔවුන් තමන් තුළ ඉතාමත් පහත් හඬින් (කතා කරමින්) “ඔබ එක් (දින) දහයකට අධික වශයෙන් (ලොවෙහි) රැඳී සිටියේ නැත” (යයි පවසනු ඇත).

نَّحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ إِذْ يَقُولُ أَمْثَلُهُمْ طَرِيقَةً إِن لَّبِثْتُمْ إِلَّا يَوْمًۭا ۝١۰٤

ඔවුන් කුමක් කතා කරන්නෝද යන්න අපි හොඳින් දන්නෙමු. ඔවුන්ගෙන් ඉතාමත් විනීත ප්‍රධානියා (ඔවුන්ට) “එකම දවසක් මිස, ඔබ රැඳී සිටියේ නැත” යයි පවසනු ඇත.

وَيَسْـَٔلُونَكَ عَنِ ٱلْجِبَالِ فَقُلْ يَنسِفُهَا رَبِّى نَسْفًۭا ۝١۰٥

(නබියේ!) ඔබ වෙතින් ඔවුන් කඳු ගැන (ලෝක විනාශයේදී එහි ඉරණම කුමක් සිදු වන්නේදැයි) විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “මගේ දෙවියන් ඒවා සුණු විසුණු කර, (සී සීකඩ විසුරුවා) හරිනු ඇත”.

فَيَذَرُهَا قَاعًۭا صَفْصَفًۭا ۝١۰٦

“ඒවා සමතලා කර හරිනු ඇත”.

لَّا تَرَىٰ فِيهَا عِوَجًۭا وَلَآ أَمْتًۭا ۝١۰۷

“ඒවායෙහි පොඩියක් හෝ කඳු පල්ලම් ඔබ නොදකින්නෙහුය”.

يَوْمَئِذٍۢ يَتَّبِعُونَ ٱلدَّاعِىَ لَا عِوَجَ لَهُۥ ۖ وَخَشَعَتِ ٱلْأَصْوَاتُ لِلرَّحْمَٰنِ فَلَا تَسْمَعُ إِلَّا هَمْسًۭا ۝١۰۸

“එදිනදී (සියල්ලන්ම, සැමදා) කැඳවන්නාගේ ශබ්දයම අනුගමනය කර යන්නාහ. එහි කිසිම වරදක් ඇති වන්නේ නැත. රහ්මාන්ට බිය වී සියලූ ශබ්දයන් අඩු වී යනු ඇත. (පහත් හඬින් වූ) අඩි ශබ්දය මිස, (වෙන කිසිවක්) ඔබ නොඅසන්නෙහිය”.

يَوْمَئِذٍۢ لَّا تَنفَعُ ٱلشَّفَٰعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَٰنُ وَرَضِىَ لَهُۥ قَوْلًۭا ۝١۰۹

එදිනදී රහ්මාන් කවුරුන් හට අනුමැතිය දී ඔවුන්ගේ වදන අසන්නට අදහස් කරන්නේද, ඔවුන්ව හැර, වෙන කිසිවෙකුගේ මැදිහත් වීම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත.

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِهِۦ عِلْمًۭا ۝١١۰

ඔවුන්ට ඉදිරියෙන් ඇති දැයද, පසුපසින් ඇති දැයද, ඔහු හොඳින් දන්නේය. එහෙත් ඔවුන්ට ඔහුව (තමන්ගේ) අධ්‍යාපන දැනුම මගින් දැන ගත නොහැකිය.

۞ وَعَنَتِ ٱلْوُجُوهُ لِلْحَىِّ ٱلْقَيُّومِ ۖ وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًۭا ۝١١١

(එදිනදී) සදා අමරණීය ස්ථීර වන්නා වූ (දෙවියන්) ඉදිරියේ සියල්ලන්ගේ මුහුණුද බිමට පහත් වනු ඇත. කවුරුන් අපරාධය උසුළා ගත්තේද, ඔහු පරාජිත වන්නේය.

وَمَن يَعْمَلْ مِنَ ٱلصَّٰلِحَٰتِ وَهُوَ مُؤْمِنٌۭ فَلَا يَخَافُ ظُلْمًۭا وَلَا هَضْمًۭا ۝١١٢

කවුරුන් විශ්වාසය තැබූවන් වශයෙන් සිටිමින් දැහැමි ක්‍රියාවන් කරන්නේද, ඔහු (තමන්ගේ හොඳ ඵලවිපාක පොඩියක් හෝ) විනාශ වී යනු ඇතැයි හෝ අඩු වී යනු ඇතැයි හෝ බිය නොවන්නේය.

وَكَذَٰلِكَ أَنزَلْنَٰهُ قُرْءَانًا عَرَبِيًّۭا وَصَرَّفْنَا فِيهِ مِنَ ٱلْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًۭا ۝١١۳

(මෙහි ඇති) මේ අන්දමටම මෙම කුර්ආනය අරාබි භාෂාවෙන් අපි පහළ කර තැබුවෙමු. ඔවුන් හොඳ වැටහීම් අත් කරගෙන, (පාපයන්ගෙන්) ඈත් වනු පිණිස, මෙහි අපි (අපගේ) දඬුවම ගැන ඔවුන්ට බිය ගන්වා අනතුරු අඟවන්නෙමු.

فَتَعَٰلَى ٱللَّهُ ٱلْمَلِكُ ٱلْحَقُّ ۗ وَلَا تَعْجَلْ بِٱلْقُرْءَانِ مِن قَبْلِ أَن يُقْضَىٰٓ إِلَيْكَ وَحْيُهُۥ ۖ وَقُل رَّبِّ زِدْنِى عِلْمًۭا ۝١١٤

සත්‍ය රජු වන අල්ලාහ්ම ඉතාමත් උසස්වන්තයෙකි. (නබියේ!) කුර්ආනය ගැන ඔබට වහී දැනුම් දෙනු ලැබ, එය අවසන් වීමට පෙරම (එය සමුදීරණය කිරීමට) ඔබ ඉක්මන් නොවනු. එහෙත් “මගේ දෙවියනේ! මගේ අධ්‍යාපන දැනුම නැවත (නැවතත්) වැඩි කරනු” යයි ඔබ ප්‍රාර්ථනා කරනු මැනව!.

وَلَقَدْ عَهِدْنَآ إِلَىٰٓ ءَادَمَ مِن قَبْلُ فَنَسِىَ وَلَمْ نَجِدْ لَهُۥ عَزْمًۭا ۝١١٥

මෙයට (බොහෝ කලකට) පෙර ආදම් වෙතින් නියත වශයෙන්ම අපි පොරොන්දු ලබාගෙන තිබුණෙමු. එහෙත් (එය) ඔහු අමතක කර දැමුවේය. නමුත් එයට වෙනස්කම් කරන අදහස අපි ඔහුගෙන් දුටුවේ නැත.

وَإِذْ قُلْنَا لِلْمَلَٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِءَادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ أَبَىٰ ۝١١٦

මලායිකාවරුන්ට “ඔබ ආදම්ට සුජූද් කරනු” යයි අපි පැවසූ අවස්ථාවේදී ඉබ්ලීස් හැර, ඔවුන් සියල්ලන්ම සුජූද් කළහ. ඔහු (සුජූද් නොකර) ඈත් වූවේය.

فَقُلْنَا يَٰٓـَٔادَمُ إِنَّ هَٰذَا عَدُوٌّۭ لَّكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ ٱلْجَنَّةِ فَتَشْقَىٰٓ ۝١١۷

(එබැවින් අපි ආදම්ට) “ඕ ආදම්! නියත වශයෙන්ම මොහු ඔබටත් ඔබගේ බිරිඳටත් සතුරෙකු වනු ඇත. ඔබ දෙදෙනාවම මෙම උයන් වත්තෙන් ඔහු පිටමං නොකර සිටීමට ඔබ (ප්‍රවේසමෙන්) සිටිනු. නැතහොත් ඔබ අමාරුවේ වැටෙන්නෙහුය” යයි පැවසුවෙමු.

إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَىٰ ۝١١۸

“නියත වශයෙන්ම ඔබ මෙහි කුස ගින්නෙන් හෝ නිර්වස්ත්‍රව හෝ නොසිටින්නෙහුය”.

وَأَنَّكَ لَا تَظْمَؤُا۟ فِيهَا وَلَا تَضْحَىٰ ۝١١۹

“නියත වශයෙන්ම ඔබ මෙහි පිපාසයක් නොමතිවද, අව්වෙන් පහර නොවැදීද සිටින්නෙහුය” (යයි පැවසුවෙමු).

فَوَسْوَسَ إِلَيْهِ ٱلشَّيْطَٰنُ قَالَ يَٰٓـَٔادَمُ هَلْ أَدُلُّكَ عَلَىٰ شَجَرَةِ ٱلْخُلْدِ وَمُلْكٍۢ لَّا يَبْلَىٰ ۝١٢۰

එහෙත් ෂෙයිතාන් ඔවුන්ව සසළ කර “ඕ ආදම්! විනාශයක් නැති රාජ්‍යයක්ද, (අමරණීය ජීවිතයකටද අවශ්‍ය) නිත්‍ය ජීවයද මා ඔබට දැනුම් දෙන්නද?”යි විමසුවේය.

فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْءَٰتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ ٱلْجَنَّةِ ۚ وَعَصَىٰٓ ءَادَمُ رَبَّهُۥ فَغَوَىٰ ۝١٢١

(අවසානයේදී) ඒ දෙදෙනාම (තහනම් කරනු ලැබූ) එය අනුභව කළහ. එවෙලේම (ඒ දෙදෙනාම නිර්වස්ත්‍ර වී) ඒ දෙදෙනාගේ රහස් අවයවයන් එළිදරව් වීමත් සමගම එම උයනේ කොළ අතු මගින් තමන්ව ආවරණය කර ගැනීමට ඉදිරිපත් වූහ. එබැවින් ආදම් (ඉබ්ලීස්ගේ උගුලට පැටළී වැරදි කර), තම දෙවියන්ට වෙනස්කම් කර, මාර්ගය වැරද ගියේය.

ثُمَّ ٱجْتَبَٰهُ رَبُّهُۥ فَتَابَ عَلَيْهِ وَهَدَىٰ ۝١٢٢

පසුව (ඔහු සමාව ඉල්ලා සිටි විට), ඔහුගේ දෙවියන් ඔහුගේ වැරදි වලට සමාව දී ඔහුව තෝරාගෙන, ඍජු මාර්ගයෙහි ඇතුළු කළේය.

قَالَ ٱهْبِطَا مِنْهَا جَمِيعًۢا ۖ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّۭ ۖ فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّى هُدًۭى فَمَنِ ٱتَّبَعَ هُدَاىَ فَلَا يَضِلُّ وَلَا يَشْقَىٰ ۝١٢۳

(තවද මේ දෙදෙනාට) “ඔබ දෙදෙනා මෙතැනින් පිටමං වනු. ඔබ (ඔබගේ පරම්පරාවේ දරුවන්)ගෙන් සමහරෙක් සමහරෙකුට සතුරන් වශයෙන් පත් වන්නාහ. ඒ අතර නියත වශයෙන්ම මගේ ඍජු මාර්ගය ඔබ වෙත පැමිණෙනු ඇත. කවුරුන් මගේ ඍජු මාර්ගය අනුගමනය කරන්නේද, ඔහු මාර්ගය වැරද යන්නේම නැත. පරාජිත වන්නේද නැත”.

وَمَنْ أَعْرَضَ عَن ذِكْرِى فَإِنَّ لَهُۥ مَعِيشَةًۭ ضَنكًۭا وَنَحْشُرُهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ أَعْمَىٰ ۝١٢٤

“කවුරුන් මගේ හොඳ ඔවදන් ප්‍රත්කෂේප කරන්නේද, ඔහුගේ ජීවිතය නියත වහයෙන්ම ඉතාමත් දුක් ගැහැට වලින් පිරි එකක් වශයෙන්ම තිඛෙණු ඇත. විනිශ්චය දිනදී නම්, අපි ඔහුව අන්ධයෙකු වශයෙන්ම නැගිට්ටවන්නෙමු” යයි පැවසුවේය.

قَالَ رَبِّ لِمَ حَشَرْتَنِىٓ أَعْمَىٰ وَقَدْ كُنتُ بَصِيرًۭا ۝١٢٥

(එසේ විනිශ්චය දිනදී අන්ධයෙකු වශයෙන් නැගිට්ටවනු ලබන) ඔහු “මගේ දෙවියනේ! ඔබ කුමක් නිසා මාව අන්ධයෙකු වශයෙන් නැගිට්ටෙව්වෙහිද? මෙ(ලොවෙහි) ඇස් පෙනෙන්නෙකු වශයෙන් සිටියා නොවෙද!”යි විමසනු ඇත.

قَالَ كَذَٰلِكَ أَتَتْكَ ءَايَٰتُنَا فَنَسِيتَهَا ۖ وَكَذَٰلِكَ ٱلْيَوْمَ تُنسَىٰ ۝١٢٦

(එයට) “මෙසේ (අන්ධයෙකු වශයෙන්ම ඔබගේ කාරණාවන් සියල්ල තිබුණි). අපගේ ආයාවන් ඔබ වෙත පැමිණියේය. ඔබ ඒවා (සැළකිල්ලෙහි නොතබා) අමතක කර දැමුවේය. ඒ අන්දමටම අද දින ඔබවත් (සැලකිල්ලට නොගෙන) අමතක කරනු ලැබීය” යයි පවසනු ඇත.

وَكَذَٰلِكَ نَجْزِى مَنْ أَسْرَفَ وَلَمْ يُؤْمِنۢ بِـَٔايَٰتِ رَبِّهِۦ ۚ وَلَعَذَابُ ٱلْءَاخِرَةِ أَشَدُّ وَأَبْقَىٰٓ ۝١٢۷

එබැවින් කවුරුන් සීමාව ඉක්මවා තම දෙවියන්ගේ ආයාවන් විශ්වාස නොකර (සීමාව ඉක්මවා) කටයුතු කරන්නේද, ඔහුටත් මේ අන්දමටම අපි ඵලවිපාක දෙන්නෙමු. (ඔහුට ලැඛෙණ) පරලොව දඬුවම නම්, ඉතාමත් දරුණු හා ස්ථීරවද වන්නේය.

أَفَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ ٱلْقُرُونِ يَمْشُونَ فِى مَسَٰكِنِهِمْ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّأُو۟لِى ٱلنُّهَىٰ ۝١٢۸

මොවුන්ට පෙර විසූ කොපමණදෝ සමූහයන්ව අපි විනාශ කර දැමුවෙමු යන කාරණාව මොවුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කළේ නැද්ද? (විනාශ වී ගිය) ඔවුන් වාසය කළ ස්ථානයන්ට සමීපයෙන්ම මොවුන්ද ගමන් කරන්නාහ. බුද්ධිය ඇති අයට නියත වශයෙන්ම එහි සාධකයන් බොහොමයක් ඇත.

وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ لَكَانَ لِزَامًۭا وَأَجَلٌۭ مُّسَمًّۭى ۝١٢۹

(නබියේ! ඔවුන්ගේ දඬුවමට අයත් කාලය විනිශ්චය දිනය යයි) එක් කාල අවකාශයක් ගැන සඳහන් කරනු ලැබ ඇති ඔබගේ දෙවියන්ගේ පොරොන්දුව කළින්ම ඇති වී නොතිබුණේ නම්, (ඒ අවස්ථාවේදීම) දඬුවම ඔවුන්ව අල්ලා ගනු ලැබ ඇත්තේය.

فَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ ٱلشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا ۖ وَمِنْ ءَانَآئِ ٱلَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ ٱلنَّهَارِ لَعَلَّكَ تَرْضَىٰ ۝١۳۰

එබැවින් ඔවුන් (ඔබව අවමන් කර) කතා කිරීම ගැන ඔබ ඉවසීමෙන් යුතුව විඳ දරා ගනු (මැනව!). සූර්ය උදාවට පෙරද , සූය්‍ය_ අස්ථමයට පෙරද රාත්‍රී කාලයන්හිද , ඔබගේ දෙවියන්ව ප්‍රශංසා කර, සුවිශුද්ධ කරමින් සිටිනු මැනව! (මෙසේ) දහවලේ දෙකෙළවරෙහිද (දෙවියන්ව ප්‍රශංසා කර, සුවිශුද්ධ කරමින් සිටිනු මැනව! මෙමගින්) ඔබට (ආධ්‍යාත්මික්) තෘප්තියක් අත් කර ගත හැකිය.

وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِۦٓ أَزْوَٰجًۭا مِّنْهُمْ زَهْرَةَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا لِنَفْتِنَهُمْ فِيهِ ۚ وَرِزْقُ رَبِّكَ خَيْرٌۭ وَأَبْقَىٰ ۝١۳١

(නබියේ!) ඔවුන්ගෙන් සමහරෙකුට සුවය විඳීමට අපි ලබා දී ඇති දැය දෙසට ඔබ, ඔබගේ බැල්ම නොහෙළනු. (මේවා සියල්ල) මෙලොව ජීවිතයෙහි අලංකාරයන්ය! ඔවුන්ව පිරික්සුමට ලක් කිරීම සඳහාම (අපි ඒවා ඔවුන්ට ලබා දී ඇත්තෙමු). නමුත් ඔබගේ දෙවියන් (ඔබට) ලබා දී තිඛෙණ දැය නම්, ඉතාමත් උසස් හා ස්ථීරවත් දැයයි.

وَأْمُرْ أَهْلَكَ بِٱلصَّلَوٰةِ وَٱصْطَبِرْ عَلَيْهَا ۖ لَا نَسْـَٔلُكَ رِزْقًۭا ۖ نَّحْنُ نَرْزُقُكَ ۗ وَٱلْعَٰقِبَةُ لِلتَّقْوَىٰ ۝١۳٢

(නබියේ!) සලාත් කරමින් සිටින මෙන් ඔබ, ඔබගේ පවුලේ උදවිය පොළඹවනු (මැනව!) ඔබත් ඒ කෙරෙහි ස්ථීරව සිටිනු (මැනව!) අපි ඔබගෙන් කිසිවක් ඉල්ලූවේ නැත. එහෙත් ඔබට අවශ්‍යය සෑම දැයක්ම අපිම ලබා දෙමින් සිටින්නෙමු. අවසාන යහපත, පරිශුද්ධ ගති ගුණය උදෙසාය.

وَقَالُوا۟ لَوْلَا يَأْتِينَا بِـَٔايَةٍۢ مِّن رَّبِّهِۦٓ ۚ أَوَلَمْ تَأْتِهِم بَيِّنَةُ مَا فِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ ۝١۳۳

“තමන්ගේ දෙවියන්ගෙන් (අපි ආශා කරන අන්දමට) එක් සාධකයක් (ප්‍රාතිහාර්යයක්) ඔහු අප වෙත ගෙන ආ යුතු නොවේද?”යි ඔවුන් පවසන්නාහ. කිමෙක්ද, පෙර ධර්මයන්හි වූ පැහැදිලි සාධකයන් ඔවුන් වෙත පැමිණියේ නැද්ද? (පැමිණ ඇත්තේය).

وَلَوْ أَنَّآ أَهْلَكْنَٰهُم بِعَذَابٍۢ مِّن قَبْلِهِۦ لَقَالُوا۟ رَبَّنَا لَوْلَآ أَرْسَلْتَ إِلَيْنَا رَسُولًۭا فَنَتَّبِعَ ءَايَٰتِكَ مِن قَبْلِ أَن نَّذِلَّ وَنَخْزَىٰ ۝١۳٤

(අපගේ දූතයා වන) මොහු පැමිණීමට පෙරම අපි මොවුන්ව දඬුවම් කර විනාශ කර තිබුනේ නම්, “අපගේ දෙවියනේ! ඔබ අපට එක් දූතයෙකු යැවිය යුතු නොවේද? (එසේ යවා තිබුනේ නම්) අපි මෙම අවමානයටද, නින්දාවටද ලක් වීමට කළින්ම ඔබගේ ආයාවන් අනුගමනය කර ඇත්තෙමු” යයි පවසන්නාහ.

قُلْ كُلٌّۭ مُّتَرَبِّصٌۭ فَتَرَبَّصُوا۟ ۖ فَسَتَعْلَمُونَ مَنْ أَصْحَٰبُ ٱلصِّرَٰطِ ٱلسَّوِىِّ وَمَنِ ٱهْتَدَىٰ ۝١۳٥

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “සෑම කෙනෙකුම බලාපොරොත්තුවෙන් සිටින්නන්ය! එබැවින් ඔබත්, (ඔබට පැමිණිය යුතු දැය ගැන) බලාපොරොත්තුවෙන් සිටිනු. ඍජු මාර්ගයෙහි සිටින්නන් කවරෙක්ද? (දුර්මාර්ගයෙහි සිටින්නන් කවරෙක්ද?) ඍජු මාර්ගය අත් කර ගත් අය කවරෙක්ද? යන්න පසුව ඔබ නියත වශයෙන්ම හොඳින් දැනගන්නෙහුය”.