< السورة السابقة | فهرس السور | السورة التالية >
surah002
Al-Baqara (2)
The Cow, madinah, 286 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓمٓ ١
අලිෆ්. ලාම්. මීම්.
ذَٰلِكَ ٱلْكِتَٰبُ لَا رَيْبَ ۛ فِيهِ ۛ هُدًۭى لِّلْمُتَّقِينَ ٢
(අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් ජිබ්රීල් අෙලෙහිස්සලාම් තුමාගේ මාර්ගයෙන් නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් හට පහළ කරන ලද පරිශුද්ධ වූ කුර්ආනය වන) මෙය ධර්ම පුස්තකයයි; මෙහි කිසිම සැකයක් නැත. භය භක්තිකයින්ට (මෙය) ඍජු මාර්ගය පෙන්වන්නේය.
ٱلَّذِينَ يُؤْمِنُونَ بِٱلْغَيْبِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ ۳
(භය භක්තියෙන් පිරි) ඔවුන්, ගුප්ත දැය (ඇත්තේය යයි) විශ්වාස කරන්නාහ. සලාතයද (නැමදුමද) නොකඩවා ඉටු කරන්නාහ. අපි ඔවුන්ට ලබා දුන් (මුදල්, වස්තුව ආදී) දැයෙන් (දානමාන වශයෙන්) වියදම් කරන්නාහ.
وَٱلَّذِينَ يُؤْمِنُونَ بِمَآ أُنزِلَ إِلَيْكَ وَمَآ أُنزِلَ مِن قَبْلِكَ وَبِٱلْءَاخِرَةِ هُمْ يُوقِنُونَ ٤
තවද (නබියේ!) ඔවුන් ඔබට පහළ කරන ලද (මෙම ධර්මය)ද, ඔබට පෙර (විසූ නබිවරුන්ට) පහළ කරන ලද දැයද විශ්වාස කරන්නාහ. (විනිශ්චය දිනය වන) පරලොවද (සත්යය යයි) ඔවුන් ස්ථීර වශයෙන් විශ්වාස කරන්නාහ.
أُو۟لَٰٓئِكَ عَلَىٰ هُدًۭى مِّن رَّبِّهِمْ ۖ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ٥
මෙවැන්නන්ම තම දෙවියන්ගේ ඍජු මාර්ගයෙහි සිටින්නාහ. මොවුන්ම නියත වශයෙන්ම ජයග්රාහකයන්ය.
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ سَوَآءٌ عَلَيْهِمْ ءَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ ٦
(නබියේ!) ඇත්තෙන්ම කවුරුන් (මෙම ධර්මය සිතට විරුද්ධව) ප්රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට ඔබ බියගන්වා අනතුරු ඇඟවීමද, ඔවුන්ට ඔබ බියගන්වා අනතුරු අඟවා නොසිටීමද, ඔවුන්ට එක සමානය. ඔවුන් විශ්වාස කරන්නේම නැත.
خَتَمَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَعَلَىٰ سَمْعِهِمْ ۖ وَعَلَىٰٓ أَبْصَٰرِهِمْ غِشَٰوَةٌۭ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌۭ ۷
(ඔවුන් සිතට විරුද්ධව ප්රතික්ෂේප කිරීමේ හේතුවෙන්) ඔවුන්ගේ හෘදයන් මතද, සවන ඉන්ද්රියන් මතද, අල්ලාහ් මුද්රා තබා හැරියේය. ඔවුන්ගේ පෙනීම මතද තිරයක් දමනු ලැබීය. තවද ඔවුන්ට ඉමහත් වූ දඬුවම්ද ඇත.
وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلْيَوْمِ ٱلْءَاخِرِ وَمَا هُم بِمُؤْمِنِينَ ۸
(නබියේ!) ‘අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස කර ඇත්තෙමු’ යයි පවසන්නන්ද මිනිසුන්ගෙන් සමහරෙක් ඇත. නමුත් (ඇත්තෙන්ම) ඔවුන් විශ්වාසය තැබූවන් නොව.
يُخَٰدِعُونَ ٱللَّهَ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَمَا يَخْدَعُونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ ۹
ඔවුන් (මෙසේ පවසා), අල්ලාහ්වද විශ්වාසය තැබූවන්වද රවටන්නට (අදහස්) කරන්නාහ. නමුත් (මෙමගින්) ඔවුන් තමන්වම රවටා ගන්නාහ. (මෙය) ඔවුන් වටහා නොගන්නාහ.
فِى قُلُوبِهِم مَّرَضٌۭ فَزَادَهُمُ ٱللَّهُ مَرَضًۭا ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۢ بِمَا كَانُوا۟ يَكْذِبُونَ ١۰
(මන්දයත්) ඔවුන්ගේ හෘදයන්හි (වංචනිකභාවය නමැති) අසනීපයක් ඇත. ඔවුන්ට (එම) අසනීපය අල්ලාහ් වැඩි කර හැරියේය. (මෙසේ) ඔවුන් බොරු කීමෙන් ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම්ද ඇත.
وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ قَالُوٓا۟ إِنَّمَا نَحْنُ مُصْلِحُونَ ١١
ඔවුන්ට “ඔබ භූමියෙහි නපුර (කරමින් කටයුතු) නොකරනු” යයි පවසනු ලැබුවහොත්, (එයට) ඔවුන් “අපි සමාදානය ඇති කරන්නන්ම වන්නෙමු! (නපුර කරන්නන් නොව)” යයි පවසන්නාහ.
أَلَآ إِنَّهُمْ هُمُ ٱلْمُفْسِدُونَ وَلَٰكِن لَّا يَشْعُرُونَ ١٢
නියත වශයෙන්ම ඔවුන් නපුර කරන්නන්ම නොවෙද? නමුත් (තමන්ම නපුර කරන්නන් යන්න) ඔවුන් වටහා නොගන්නාහ.
وَإِذَا قِيلَ لَهُمْ ءَامِنُوا۟ كَمَآ ءَامَنَ ٱلنَّاسُ قَالُوٓا۟ أَنُؤْمِنُ كَمَآ ءَامَنَ ٱلسُّفَهَآءُ ۗ أَلَآ إِنَّهُمْ هُمُ ٱلسُّفَهَآءُ وَلَٰكِن لَّا يَعْلَمُونَ ١۳
තවද ඔවුන්ට “(අනිත්) මිනිසුන් විශ්වාස කළ ආකාරයටම ඔබත් (සත්ය වශයෙන්ම) විශ්වාස කරනු” යයි පවසනු ලැබුවහොත් (එයට) ඔවුන් “මෝඩයින් විශ්වාස කළ ආකාරයට අපිත් විශ්වාස කරන්නද?”යි විමසන්නාහ. නියත වශයෙන්ම මොවුන් මෝඩයින්ම නොවෙද? නමුත් (තමන්ම මෝඩයින් යන්න) ඔවුන් දැන ගන්නේ නැත.
وَإِذَا لَقُوا۟ ٱلَّذِينَ ءَامَنُوا۟ قَالُوٓا۟ ءَامَنَّا وَإِذَا خَلَوْا۟ إِلَىٰ شَيَٰطِينِهِمْ قَالُوٓا۟ إِنَّا مَعَكُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِءُونَ ١٤
තවද ඔවුන් විශ්වාසවන්තයින්ව හමු වුවහොත් “අපිත් (ඔබලා මෙන්) විශ්වාස කරන්නෙමු” යයිද පවසන්නාහ. නමුත් ඔවුන් (විශ්වාසවන්තයින්ගෙන් ඈත් වී) තමන්ගේ (ප්රධානීන් වන) ෂෙයිතාන්වරුන් සමග තනි වුවහොත් “නියත වශයෙන්ම අපි ඔබත් සමගම සිටින්නෙමු. (නමුත්) අපි (විශ්වාසවන්තයින් සමග එසේ පවසා) සමච්චල් කරන්නෙමු” යයි පවසන්නාහ.
ٱللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِى طُغْيَٰنِهِمْ يَعْمَهُونَ ١٥
(නොඑසේය!) අල්ලාහ්ම ඔවුන්ව, ඔවුන්ගේ කෘෘරකමෙහි (මෙසේ) පරාවර්ථනය වී විනාශ වන්නට ඉඩ හැර සමච්චල් කරන්නේය.
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ ٱشْتَرَوُا۟ ٱلضَّلَٰلَةَ بِٱلْهُدَىٰ فَمَا رَبِحَت تِّجَٰرَتُهُمْ وَمَا كَانُوا۟ مُهْتَدِينَ ١٦
ඍජු මාර්ගය වෙනුවට දුර්මාර්ගය මිලට ගත් අය මොවුන්ය. එබැවින් මොවුන්ගේ (මෙම) ව්යාපාරයෙන් (කිසිම) ලාභයක් ලබා දුන්නේ නැත. තවද මොවුන් ඍජු මාර්ගය අත් කර ගත් අය වූවේද නැත.
مَثَلُهُمْ كَمَثَلِ ٱلَّذِى ٱسْتَوْقَدَ نَارًۭا فَلَمَّآ أَضَآءَتْ مَا حَوْلَهُۥ ذَهَبَ ٱللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِى ظُلُمَٰتٍۢ لَّا يُبْصِرُونَ ١۷
(එබැවින්) මොවුන්ගේ උපමාව නම්, (අන්ධකාරය වටකරගෙන සිටින) කෙනෙකුගේ උපමාවට සම වන්නේය. (එනම් අනතුරුදායක කැලෑවක කොටු වූ කෙනෙකු මග සොයා ගැනීම සඳහා) ගිනි මොළවා, (එමගින්) ඔහු වටා විහිදෙන ආලෝකය ලැබුණු අවස්ථාවේදී (ඔවුන්ගේ නපුරු ක්රියාවන්හි හේතුවෙන්) අල්ලාහ් ඔවුන්ගේ ආලෝකය (ඇස් පෙනුම) පහ කර, බැලීමට නොහැකි ඝන අන්ධකාරයෙහි ඔවුන්ව අත්හැර දැමුවේය.
صُمٌّۢ بُكْمٌ عُمْىٌۭ فَهُمْ لَا يَرْجِعُونَ ١۸
(ඒ සමගම මොවුන් හොඳ දැය නොඅසන) බිහිරන් බවටද, (හොඳ දැය කතා නොකරන) ගොළුවන් බවටද, (හොඳ දැය නොබලන) අන්ධයින් බවටද පත් වූහ. එබැවින් මොවුන් (අනතුරුදායක තත්වයෙන් කිසි විටෙකත්) මිදෙන්නේම නැත.
أَوْ كَصَيِّبٍۢ مِّنَ ٱلسَّمَآءِ فِيهِ ظُلُمَٰتٌۭ وَرَعْدٌۭ وَبَرْقٌۭ يَجْعَلُونَ أَصَٰبِعَهُمْ فِىٓ ءَاذَانِهِم مِّنَ ٱلصَّوَٰعِقِ حَذَرَ ٱلْمَوْتِ ۚ وَٱللَّهُ مُحِيطٌۢ بِٱلْكَٰفِرِينَ ١۹
නැතහොත් (මොවුන්ගේ උපමාව) ඝන අන්ධකාරයෙන්ද, ගිගිරුමෙන්ද, විදුලියෙන්ද යුත් වලාකුළෙන් වසින වර්ෂාවට හසු වුණු (අයගේ උපමාවට සම වන්නේය. එසේ හසු වුණු) මොවුන්, හෙණ හඬින් මරණ බියට පත්ව, තමන්ගේ අතැඟිලි තමන්ගේ කණ්වලට ඇතුළු කර (තද කර, වසා) ගන්නාහ. නමුත් අල්ලාහ්, ප්රතික්ෂේප කරන මොවුන්ව (සෑම විටම) වටකර ගෙනම සිටින්නේය.
يَكَادُ ٱلْبَرْقُ يَخْطَفُ أَبْصَٰرَهُمْ ۖ كُلَّمَآ أَضَآءَ لَهُم مَّشَوْا۟ فِيهِ وَإِذَآ أَظْلَمَ عَلَيْهِمْ قَامُوا۟ ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَٰرِهِمْ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ٢۰
(තවද) එම විදුලි කෙටීම මොවුන්ගේ ඇස් පෙනුම උදුරා ගැනීමට තැත් කරන්නේය. එය මොවුන්ට ආලෝකය ලබා දෙන සෑම අවස්ථාවන්හිදීම, එයින් (එම ආලෝකයෙන්) ඇවිදින්නට (අදහස්) කරන්නාහ. (නමුත් එම විදුලිය නැති වී) ඔවුන්ව අන්ධකාරය වට කර ගතහොත් (මාර්ගය නොදැන තිගැස්සී) නැවතී යන්නාහ. තවද අල්ලාහ් අදහස් කළේ නම්, මොවුන්ගේ සවණ ඉන්ද්රියන්ද, ඇස් පෙනුමද පහ කර හරින්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සෑම දැයක් කෙරෙහිම (ඕනෑම දැයක් කිරීමට තරම්) බලසම්පන්නයෙකි.
يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱعْبُدُوا۟ رَبَّكُمُ ٱلَّذِى خَلَقَكُمْ وَٱلَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ ٢١
මනුෂ්යයිනි! ඔබ, ඔබවද ඔබට පෙර විසූ අයවද උත්පාදනය කළ ඔබගේ දෙවියන්වම නමදිනු. (එමගින්) ඔබ පරිශුද්ධවන්තයින් බවට පත් විය හැකිය.
ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ فِرَٰشًۭا وَٱلسَّمَآءَ بِنَآءًۭ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَخْرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزْقًۭا لَّكُمْ ۖ فَلَا تَجْعَلُوا۟ لِلَّهِ أَندَادًۭا وَأَنتُمْ تَعْلَمُونَ ٢٢
ඔහුම ඔබ වෙනුවෙන් භූමිය වාසස්ථානයක් බවටද, අහස වියණක් බවටද නිර්මාණය කර, වලාකුළෙන් වර්ෂාව වසින්නට සලස්වා, එමගින් ඔබට ආහාර වශයෙන් ගත හැකි පලතුරු වර්ගද ඔබට ඉකුත් කරන්නේය. එබැවින් (මේ සියල්ල) ඔබ (පැහැදිලිව) දැනගෙනම අල්ලාහ්ට (කිසිම) සමානයක් ඇති නොකරනු.
وَإِن كُنتُمْ فِى رَيْبٍۢ مِّمَّا نَزَّلْنَا عَلَىٰ عَبْدِنَا فَأْتُوا۟ بِسُورَةٍۢ مِّن مِّثْلِهِۦ وَٱدْعُوا۟ شُهَدَآءَكُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَٰدِقِينَ ٢۳
(අපගේ දූතයා වන මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් නමැති) අපගේ වහලාට අපි පහළ කළ මෙහි (මෙම ධර්මයෙහි), ඔබ සැක සිතා ‘(මෙය දෙවියන් වහන්සේ විසින් පහළ කළ දැයක් නොව’ යයි පවසන) ඔබ සත්යවන්තයින් වශයෙන් සිටින්නෙහු නම් (ඔබත්) අල්ලාහ් හැර ඔබව ස්ථීර කරන්නන්වද (ඔබට උදව්වට) ඔබ කැඳවාගෙන (ඔවුන් සමග එක්කාසු වී) එමගින් මෙවැනි පරිච්ඡේදයක් (නිර්මාණය කර) ගෙන එනු!
فَإِن لَّمْ تَفْعَلُوا۟ وَلَن تَفْعَلُوا۟ فَٱتَّقُوا۟ ٱلنَّارَ ٱلَّتِى وَقُودُهَا ٱلنَّاسُ وَٱلْحِجَارَةُ ۖ أُعِدَّتْ لِلْكَٰفِرِينَ ٢٤
ඔබ (එසේ) නොකරන්නේ නම්, -ඔබලා විසින් කිසි විටෙකත් (එසේ) කිරීමටම නොහැකිය.- මිනිසුන්ද, ගල්ද භාවිතා කර ගන්නා (නිරා) ගින්නට බිය වනු. එය (මෙම ධර්මය) ප්රතික්ෂේප කරන්නන් වෙනුවෙන්ම සම්පාදනය කර ඇත්තේය.
وَبَشِّرِ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۖ كُلَّمَا رُزِقُوا۟ مِنْهَا مِن ثَمَرَةٍۢ رِّزْقًۭا ۙ قَالُوا۟ هَٰذَا ٱلَّذِى رُزِقْنَا مِن قَبْلُ ۖ وَأُتُوا۟ بِهِۦ مُتَشَٰبِهًۭا ۖ وَلَهُمْ فِيهَآ أَزْوَٰجٌۭ مُّطَهَّرَةٌۭ ۖ وَهُمْ فِيهَا خَٰلِدُونَ ٢٥
(නබියේ!) “කවුරුන් (මෙම ධර්මය) විශ්වාස කර, (මෙහි සඳහන්ව ඇති අන්දමට) දැහැමි ක්රියාවන් කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම (ස්වර්ගයෙහි) දිය දහරා සදාකල් ගලමින් ඇති උයන් වතු ඇත” යයි ඔබ සුභාරංචි දෙනු මැනව! ඒවායෙන් (ඔවුන්ට) පලතුරක් කෑමට ලබා දෙන සෑම විටම “කළින් අපට ලබා දෙනු ලැබුවේද මේවා නොවෙද!”යි (විමතියට පත්වෙමින්) පවසන්නාහ. (මන්දයත් බැලු බැල්මට) එකම විදිහේ පෙනුමක් ඇති දැයම දෙනු ලබන්නාහ. (එහෙත් ඒවා රසයෙන් විවිධව ඇත). ශුද්ධ වූ වල්ලභයන්ද එහි ඔවුන්ට ඇත. තවද ඔවුන් එහි සදාකල් රැඳී සිටින්නාහ.
۞ إِنَّ ٱللَّهَ لَا يَسْتَحْىِۦٓ أَن يَضْرِبَ مَثَلًۭا مَّا بَعُوضَةًۭ فَمَا فَوْقَهَا ۚ فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ فَيَعْلَمُونَ أَنَّهُ ٱلْحَقُّ مِن رَّبِّهِمْ ۖ وَأَمَّا ٱلَّذِينَ كَفَرُوا۟ فَيَقُولُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلًۭا ۘ يُضِلُّ بِهِۦ كَثِيرًۭا وَيَهْدِى بِهِۦ كَثِيرًۭا ۚ وَمَا يُضِلُّ بِهِۦٓ إِلَّا ٱلْفَٰسِقِينَ ٢٦
මැස්සෙකු නැතහොත් ඊටත් වඩා (අල්පයෙහි) උසස් යම් කිසිවක් උපමාවක් වශයෙන් පැවසීමට අල්ලාහ් නියත වශයෙන්ම ලැජ්ජා වන්නේ නැත. එබැවින් ඔවුන් (ඇත්තෙන්ම) විශ්වාස කර සිටින්නෝද, ඔවුන් නියත වශයෙන්ම එය තම දෙවියන්ගේ සත්යය (වූ උපමාවක්) යයිම (ස්ථීර වශයෙන්) දැන ගන්නාහ. එහෙත් (මෙම ධර්මය) ප්රතික්ෂේප කරන්නන් නම් “මෙය උපමාවක් කිරීම මගින් අල්ලාහ් කුමක් නම් අපේක්ෂා කරන්නෙහිද?”යි විමසන්නාහ. මෙමගින් ඔහු අනේක අය දුර්මාර්ගයෙහි වන්නට සලස්වන්නේය; මෙමගින් අනේක අය ඍජු මාර්ගය අත් කර ගැනීමටද සලස්වන්නේය. (නමුත් මෙම ධර්මය සිතට විරුද්ධව ප්රතික්ෂේප කරන) පාපතරයන් හැර, (අන් කිසිවෙකුත්) මෙමගින් මාර්ගය වැරද යාමට ඔහු සලස්වන්නේ නැත.
ٱلَّذِينَ يَنقُضُونَ عَهْدَ ٱللَّهِ مِنۢ بَعْدِ مِيثَٰقِهِۦ وَيَقْطَعُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِى ٱلْأَرْضِ ۚ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ ٢۷
(තවද එම පාපතරයන්) අල්ලාහ් වෙත (මොවුන්ගේ මුතුන් මිත්තන්) කළ ගිවිසුම මොවුන් ස්ථීර කළ පසුද කඩ කර දමන්නාහ. කුමක් එක්කාසු කර තබන්නට අල්ලාහ් නියෝග කළේද, එය වෙන්කරද හරින්නාහ. ඔවුන් භූමියෙහි නපුර කරමින්ම සිටින්නාහ. මෙවැන්නන් අලාභයම අත් කර ගනු ලැබූවන්ය.
كَيْفَ تَكْفُرُونَ بِٱللَّهِ وَكُنتُمْ أَمْوَٰتًۭا فَأَحْيَٰكُمْ ۖ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ ٢۸
(මනුෂ්යයිනි!) ප්රාණයක් නොමැතිව තිබූ ඔබට ඔහුම පණ දී තිබියදී, ඔබ අල්ලාහ්ව කෙසේ නම් ප්රතික්ෂේප කරන්නෙහුද? ඉන් පසුවද ඔහුම ඔබව මරණයට පත් කරන්නේය; පසුවද ඔහුම ඔබට පණ දෙන්නේය. (ඉන්) පසුවද ඔබ (ඔබගේ කළකම් සඳහා ඵලවිපාක අත් කර ගැනීම සඳහා) ඔහු වෙතම (විනිශ්චය සඳහා) ගෙන එනු ලබන්නෙහුය.
هُوَ ٱلَّذِى خَلَقَ لَكُم مَّا فِى ٱلْأَرْضِ جَمِيعًۭا ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ فَسَوَّىٰهُنَّ سَبْعَ سَمَٰوَٰتٍۢ ۚ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ ٢۹
ඔහුම (භූමියද) භූමියෙහි ඇති සියල්ලද ඔබ වෙනුවෙන් උත්පාදනය කළේය. තවද ඔහු අහස උත්පාදනය කිරීමට අදහස් කළ (අවස්ථාවේදී), ඒවා අහස් හතක් වශයෙන්ද නිර්මාණය කළේය. තවද (ඒවායේ ඇති) සියල්ලද හොඳින් දැන සිටින්නෙකු වශයෙන්ද සිටින්නේය.
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَٰٓئِكَةِ إِنِّى جَاعِلٌۭ فِى ٱلْأَرْضِ خَلِيفَةًۭ ۖ قَالُوٓا۟ أَتَجْعَلُ فِيهَا مَن يُفْسِدُ فِيهَا وَيَسْفِكُ ٱلدِّمَآءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ ۖ قَالَ إِنِّىٓ أَعْلَمُ مَا لَا تَعْلَمُونَ ۳۰
(නබියේ!) ඔබගේ දෙවියන් මලායිකාවරුන්ට “මා භූමියෙහි (මගේ) නියෝජිතයා (ආදම්)ව නිර්මාණය කිරීමට යන්නෙමි” යයි පැවසූ අවස්ථාවේදී, (එයට) ඔවුන් “(භුමියෙහි) නපුරුකම් කරමින් ලේ වගුරවන්නට (පරම්පරාවක් බිහි කිරීමට) යන ඔහුව, එහි (ඔබගේ නියෝජිතයා වශයෙන්) පත් කරන්නෙහිද? අපි නම්, ඔබගේ පරිශුද්ධභාවය පවසමින්, ඔබගේ ප්රශංසාව මගින් ඔබව සුවිශුද්ධ කරමින්ම සිටින්නෙමු” යයි පැවසූහ. (එයට දෙවියන් වහන්සේ) “ඔබ නොදැනුවත් දැය සියල්ල නියත වශයෙන්ම මා හොඳින් දැන සිටින්නෙමි” යයි පැවසුවේය.
وَعَلَّمَ ءَادَمَ ٱلْأَسْمَآءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى ٱلْمَلَٰٓئِكَةِ فَقَالَ أَنۢبِـُٔونِى بِأَسْمَآءِ هَٰٓؤُلَآءِ إِن كُنتُمْ صَٰدِقِينَ ۳١
පසුව (ආදම්ව උත්පාදනය කර), ආදම්ට (භූමියෙහි ඇති) සියලූම (වස්තූන්ගේ) නම්ද (ඒවායේ ගුණාංගයන්ද) උගන්වා දී පසුව ඒවා (එම) මලායිකාවරුන්ගේ ඉදිරියෙහි තබා, “(මලායිකාවරුනි! ආදම්ට මගේ නියෝජිතයා වීමට අයත් සුදුසුකමක් නැතැයි පැවසුවා නොවෙද! මෙහි) ඔබ සත්යවන්තයින් නම්, (මෙන්න ඔබ ඉදිරියේ ඇති) මේවායේ නාමයන් ඔබ මා හට දැනුම් දෙනු” යයි පැවසුවේය.
قَالُوا۟ سُبْحَٰنَكَ لَا عِلْمَ لَنَآ إِلَّا مَا عَلَّمْتَنَآ ۖ إِنَّكَ أَنتَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ ۳٢
(එසේ දැනුම් දීමට නොහැකිව) ඔවුන් (දෙවියන් වහන්සේට) “ඔබ ඉතාමත් පරිශුද්ධවන්ත-යෙකි. ඔබ අපට දැනුම් දුන් දැය හැරෙන්නට, (වෙන කිසිවක්) අපි දන්නේ නැත. නියත වශයෙන්ම ඔබම හොඳින් දන්නෙකුද ඥානවන්තයෙකුද වශයෙන් සිටින්නෙහිය” යයි පැවසූහ.
قَالَ يَٰٓـَٔادَمُ أَنۢبِئْهُم بِأَسْمَآئِهِمْ ۖ فَلَمَّآ أَنۢبَأَهُم بِأَسْمَآئِهِمْ قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّىٓ أَعْلَمُ غَيْبَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنتُمْ تَكْتُمُونَ ۳۳
(පසුව දෙවියන් වහන්සේ) “ඕ ආදම්! ඔබ මේවායේ නාමයන් ඔවුන්ට දැනුම් දෙනු” යයි පැවසුවේය. ඔහු ඔවුන්ට ඒවායේ නම් දැනුම් දුන් අවස්ථාවේදී, ඔහු (මලායිකාවරුන්ට) “භූමියෙහිද අහස්හිද (ඔබට) සඟවා ඇති දැය නියත වශයෙන්ම මා හොඳින් දැන සිටින්නෙකු යයි මා ඔබට පැවසුවේ නැද්ද? එබැවින් ඔබ (ආදම් ගැන) එළිදරව් කළ දැයද, සඟවා ගත් දැයද නියත වශයෙන්ම මා හොඳින් දන්නෙමි” යයි කීවේය.
وَإِذْ قُلْنَا لِلْمَلَٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِءَادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ أَبَىٰ وَٱسْتَكْبَرَ وَكَانَ مِنَ ٱلْكَٰفِرِينَ ۳٤
පසුව අපි මලායිකාවරුන්ට “ආදම්ට ඔබ හිස බිම තබා නැවී (සුජූද්) කරනු” යයි පැවසූ විට, ඔවුන් (සියල්ල) සුජූද් කළහ. ඉබ්ලීස් හැර. ඔහු නම්, උඞගු කමින් ඈත් වී (අපගේ අණ නොතකා) ප්රතික්ෂේප කර හැරියේය.
وَقُلْنَا يَٰٓـَٔادَمُ ٱسْكُنْ أَنتَ وَزَوْجُكَ ٱلْجَنَّةَ وَكُلَا مِنْهَا رَغَدًا حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّٰلِمِينَ ۳٥
පසුව අපි (ආදම්ට සහකාරිය වශයෙන් ඔහුගේ භාර්යයාව උත්පාදනය කර, ආදම්ට) “ඕ ආදම්! ඔබ, ඔබගේ බිරිඳ සමග මෙම උයනෙහි වාසය කරනු. ඔබ දෙදෙනා මෙහි කැමති ස්ථානයක (කැමති දැයක්) ඕනෑ තරම් අනුභව කරනු. නමුත් ඔබ මේ ගසට ළං නොවනු! ළං වුවහොත් ඔබ දෙදෙනාම (ඔබට) නපුරක් කර ගත් අය බවට පත් වන්නෙහුය!” යයි කීවෙමු.
فَأَزَلَّهُمَا ٱلشَّيْطَٰنُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ ۖ وَقُلْنَا ٱهْبِطُوا۟ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّۭ ۖ وَلَكُمْ فِى ٱلْأَرْضِ مُسْتَقَرٌّۭ وَمَتَٰعٌ إِلَىٰ حِينٍۢ ۳٦
නමුත් (ඉබ්ලීස් වන) ෂෙයිතාන් ඒ දෙදෙනාවම (වළක්වන ලද ගසට ළං වී) වරද කරන්නට සලස්වා, එතැනින් ඒ දෙදෙනාම සිටි (උසස්) තත්වයෙන්ද ඔවුන්ව පිටමං කරනු ලැබීමට සලස්වා දැමුවේය. එබැවින් (ඔවුන්ට) “ඔබගෙන් කෙනෙකු අනිත් කෙනාට සතුරු වී (ඇති බැවින් මෙම උයනෙන්) ඔබ බැස යනු! ඔබට භූමියෙහිම වාසය කිරීමට වාසස්ථානයක් ඇත. (එහි) සුළු කාලයක් දක්වා සැප පහසුවද විඳිය හැකිය” යයි අපි කීවෙමු.
فَتَلَقَّىٰٓ ءَادَمُ مِن رَّبِّهِۦ كَلِمَٰتٍۢ فَتَابَ عَلَيْهِ ۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ۳۷
පසුව ආදම් වචන සමහරක් තම දෙවියන්ගෙන් (ලබා ගෙන) ඉගෙන ගත්තේය. (එමගින් ඔහු ප්රාර්ථනා කරමින්ම සිටියේය). එබැවින් ඔහුව (අල්ලාහ්) ක්ෂමා කර හැරියේය. නියත වශයෙන්ම ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද, අසමසම අනුකම්පාවෙන් යුත් කෙනෙකු වශයෙන්ද සිටින්නේය.
قُلْنَا ٱهْبِطُوا۟ مِنْهَا جَمِيعًۭا ۖ فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّى هُدًۭى فَمَن تَبِعَ هُدَاىَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ۳۸
(පසුව) අපි මෙසේ කීවෙමු: “ඔබ සියල්ලන්ම මෙයින් බැස යනු. මගෙන් ඔබට (මගේ දූතයන් මගින්) නියත වශයෙන්ම ඍජු මාර්ගය පැමිණෙනු ඇත. (ඔබගෙන්) කවුරුන් මගේ (එම) ඍජු මාර්ගය අනුගමනය කරන්නෝද, ඔවුන්ට කිසිම බියක් නැත; ඔවුන් දුක් වන්නේද නැත”.
وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ ۳۹
“තවද කවුරුන් (ඍජු මාර්ගය) ප්රතික්ෂේප කර, අපගේ ආයාවන් බොරු කරන්නෝද, ඔවුන් නිරාවාසීන්ම වන්නාහ! ඔවුන් එහි සදාකල් රැඳී සිටිනු ඇත”.
يَٰبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱذْكُرُوا۟ نِعْمَتِىَ ٱلَّتِىٓ أَنْعَمْتُ عَلَيْكُمْ وَأَوْفُوا۟ بِعَهْدِىٓ أُوفِ بِعَهْدِكُمْ وَإِيَّٰىَ فَٱرْهَبُونِ ٤۰
ඉස්රායීල පරම්පරා දරුවනි! ඔබට මා ලබා දුන් මගේ යස ඉසුරු ගැන ඔබ (පොඩියක්) සිතා බලනු. ඔබ මා (වෙත ලබා දුන්) පොරොන්දුව ඉටු කරනු. මමද ඔබගේ පොරොන්දුව ඉටු කරන්නෙමි. මටම ඔබ බිය වනු මැනව!
وَءَامِنُوا۟ بِمَآ أَنزَلْتُ مُصَدِّقًۭا لِّمَا مَعَكُمْ وَلَا تَكُونُوٓا۟ أَوَّلَ كَافِرٍۭ بِهِۦ ۖ وَلَا تَشْتَرُوا۟ بِـَٔايَٰتِى ثَمَنًۭا قَلِيلًۭا وَإِيَّٰىَ فَٱتَّقُونِ ٤١
මා පහළ කළ (මෙම ධර්මය) ඔබ විශ්වාස කරනු. මෙය ඔබ වෙත ඇති දැයද (තව්රාත් නමැති ධර්මයද) සත්යය කර තබන්නේය. මෙය ප්රතික්ෂේප කරන්නන්ගෙන් ඔබ, පළමුවැන්නන් බවට පත් නොවනු. (මෙම ධර්මය ගැන ඔබ වෙත ඇති තව්රාතයෙහි පවසා ඇති) මගේ වදන් (වෙනස් කර), සුළු මුදලකට විකුණා නොදමනු. ඔබ (වෙනත් අයටද බිය නොවී) මටම බිය වනු.
وَلَا تَلْبِسُوا۟ ٱلْحَقَّ بِٱلْبَٰطِلِ وَتَكْتُمُوا۟ ٱلْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ ٤٢
ඔබ සත්යය බොරු සමග අවුල් කරන්න හෝ සත්යය හොඳින් දැන දැනම (එය) සැඟවීම හෝ නොකරනු.
وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَٱرْكَعُوا۟ مَعَ ٱلرَّٰكِعِينَ ٤۳
ඔබ සලාතය නොවරදවා සලාත් කරනු. සකාත්ද (ධර්මයෙහි ඇති දුප්තුන්ගේ බදු) ගෙවාගෙන එනු. සලාතයෙහි (එකට එකතු වී නැවී) රුකූඋ කරන්නන් සමග ඔබත් (නැවී) රුකූඋ කරනු.
۞ أَتَأْمُرُونَ ٱلنَّاسَ بِٱلْبِرِّ وَتَنسَوْنَ أَنفُسَكُمْ وَأَنتُمْ تَتْلُونَ ٱلْكِتَٰبَ ۚ أَفَلَا تَعْقِلُونَ ٤٤
ඔබ (තව්රාත්) ධර්මය කියවමින්ම ඔබට (කරන මෙන් නියෝග කරනු ලැබ ඇති දැය) අමතක කර, (අනිත්) මිනිසුන්ට දැහැමි දැය කරන මෙන් ඔබ අණ කරන්නෙහුද? (මෙතරම් දැයක්වත්) ඔබ දැන ගත යුතු නොවේද?
وَٱسْتَعِينُوا۟ بِٱلصَّبْرِ وَٱلصَّلَوٰةِ ۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى ٱلْخَٰشِعِينَ ٤٥
(කෙතරම් අමාරුකමකදී වුවද) ඔබ ඉවසීමෙන් යුතුව සලාත් කර, (දෙවියන් වහන්සේ වෙතින්) උදව් උපකාර පතනු. නමුත් නියත වශයෙන්ම මෙය භය භක්තිකයින්ට මිස, (අන් අයට) ඉතාමත් අමාරුකමක් වශයෙන්ම තිඛෙණු ඇත.
ٱلَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَٰقُوا۟ رَبِّهِمْ وَأَنَّهُمْ إِلَيْهِ رَٰجِعُونَ ٤٦
(සිත් තුළ භය භක්තිය ඇති) ඔවුන් නම්, තම දෙවියන්ව නියත වශයෙන්ම හමු වන්නෙමු යයිද, ඔහු වෙතම නියත වශයෙන්ම යන්නෙමු යයිද (ස්ථීර වශයෙන්ම) විශ්වාස කරන්නාහ.
يَٰبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱذْكُرُوا۟ نِعْمَتِىَ ٱلَّتِىٓ أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّى فَضَّلْتُكُمْ عَلَى ٱلْعَٰلَمِينَ ٤۷
ඉස්රායීල පරම්පරා දරුවෙනි! (පෙර කලදී) මා ඔබට ලබා දී තිබූ මගේ යස ඉසුරුද, ලෝකවාසී සියල්ලන්ටම වඩා ඔබව මා උසස් කර තැබීමද (පොඩියක්) සිතා බලනු.
وَٱتَّقُوا۟ يَوْمًۭا لَّا تَجْزِى نَفْسٌ عَن نَّفْسٍۢ شَيْـًۭٔا وَلَا يُقْبَلُ مِنْهَا شَفَٰعَةٌۭ وَلَا يُؤْخَذُ مِنْهَا عَدْلٌۭ وَلَا هُمْ يُنصَرُونَ ٤۸
ඔබ එක් දිනයක් ගැනද බිය වනු. (එදින) කුමන ආත්මයක් හෝ අනිත් ආත්මයකට කිසිම ප්රයෝජනයක් අත් කර දීමට නොහැක. ඒ වෙනුවෙන් (ඔහු) මැදිහත් වී කතා කිරීමද බාර ගනු නොලැබේ. තවද ඔවුන් (කිසිවෙකුගෙන් කිසිම) උදව්වක් කරනු නොලබන්නාහ.
وَإِذْ نَجَّيْنَٰكُم مِّنْ ءَالِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوٓءَ ٱلْعَذَابِ يُذَبِّحُونَ أَبْنَآءَكُمْ وَيَسْتَحْيُونَ نِسَآءَكُمْ ۚ وَفِى ذَٰلِكُم بَلَآءٌۭ مِّن رَّبِّكُمْ عَظِيمٌۭ ٤۹
තවද ඔබව නපුරු වේදනා කරමින් සිටි ෆිර්අවුන්ගේ සමූහයෙන් අපි ඔබව බේරා ගත්තෙමු. ඔවුන් ඔබගේ පිරිමි දරුවන්ව මරා දමා, ඔබගේ ගැහැනු (දරුවන්)ව (පමණක්) පණ පිටින් ජීවත් වීමට ඉඩ හරිමින් සිටියහ. එහි ඔබට ඔබගේ දෙවියන්ගේ ඉමහත් වූ පිරික්සුමම ඇති වී තිබුණි.
وَإِذْ فَرَقْنَا بِكُمُ ٱلْبَحْرَ فَأَنجَيْنَٰكُمْ وَأَغْرَقْنَآ ءَالَ فِرْعَوْنَ وَأَنتُمْ تَنظُرُونَ ٥۰
තවද ඔබ වෙනුවෙන් මුහුද දෙබෑ කර, අපි ඔබව බේරාගෙන (ඔබ පිටුපසින් එළවාගෙන පැමිණි) ෆිර්අවුන්ගේ සමූහය ඔබ බලාගෙන සිටියදීම ගිල්වා දැමුවෙමු.
وَإِذْ وَٰعَدْنَا مُوسَىٰٓ أَرْبَعِينَ لَيْلَةًۭ ثُمَّ ٱتَّخَذْتُمُ ٱلْعِجْلَ مِنۢ بَعْدِهِۦ وَأَنتُمْ ظَٰلِمُونَ ٥١
තවද (තව්රාත් ධර්මය ලබා දීමට) මූසාට අපි රාත්රීන් හතළිහක් පොරොන්දු වී තිබුනෙමු. (ඒ සඳහා ඔහු ගිය) පසු (ඔහු ආපසු හැරී ඒමට පෙරම) ඔබ සීමාව ඉක්මවා වසු පැටවෙකු (දෙවියන් වශයෙන්) ගෙන තිබුනෙහුය.
ثُمَّ عَفَوْنَا عَنكُم مِّنۢ بَعْدِ ذَٰلِكَ لَعَلَّكُمْ تَشْكُرُونَ ٥٢
ඔබ කෘතඥ වනු ඇතැයි මින් පසුවද අපි ඔබව ක්ෂමා කළෙමු.
وَإِذْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ وَٱلْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ ٥۳
ඔබ ඍජු මාර්ගය ලබා ගනු පිණිස මූසාට එක් ධර්මයක්ද, වෙන් කර දැනුම් දිය හැකි (නීති රීතිය)ද අපි එහි ලබා දුන්නෙමු.
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِۦ يَٰقَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنفُسَكُم بِٱتِّخَاذِكُمُ ٱلْعِجْلَ فَتُوبُوٓا۟ إِلَىٰ بَارِئِكُمْ فَٱقْتُلُوٓا۟ أَنفُسَكُمْ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ عِندَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ ۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ٥٤
පසුවත් (පොඩියක් සිතා බලනු): මූසා තම සමූහයට “මගේ සමූහයිනි! ඔබ වසු පැටවා (දෙවියෙකු වශයෙන්) ගත් බැවින් (බුද්ධිමත් භාවයෙන් පිරි) ඔබ (ලැජ්ජ නැද්ද? සතෙකු නැමද), ඇත්තෙන්ම ඔබට නපුරම කර ගත්තෙහුය. ඔබ සිත් තැවී ඔබව උත්පාදනය කළ දෙවියන් වෙත නැවතත් ඔබව (ඔබගෙන් සිටින සීමාව ඉක්මවූවන්ව) ඔබම වද දී මරා දමනු. මෙයම ඔබගේ උත්පාදකයා වන දෙවියන් වෙතින් ඔබට පින් අයිති වන්නේය” යයි පැවසුවේය. එබැවින් (ඒ අන්දමින්ම ඔබද කළ බැවින්) ඔබව ඔහු ක්ෂමා කර හැරියේය. නියත වශයෙන්ම ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා අසමසම අනුකම්පාවෙන් යුත්තෙකු වශයෙන් සිටින්නේය.
وَإِذْ قُلْتُمْ يَٰمُوسَىٰ لَن نُّؤْمِنَ لَكَ حَتَّىٰ نَرَى ٱللَّهَ جَهْرَةًۭ فَأَخَذَتْكُمُ ٱلصَّٰعِقَةُ وَأَنتُمْ تَنظُرُونَ ٥٥
තවද ඔබ (මූසාට) “ඕ මූසා! අපි අල්ලාහ්ව ප්රත්යක්ෂ වශයෙන් දකිනා තුරු ඔබව අපි විශ්වාස නොකරන්නෙමු” යයි පැවසූ අවස්ථාවේදී ඔබ බලා සිටියදීම ඔබව හෙණ හඞ අල්ලා ගත්තේය.
ثُمَّ بَعَثْنَٰكُم مِّنۢ بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ ٥٦
ඔබ හොඳින් දැන ගැනීම පිණිස, ඔබ (හෙණ හඬින්) මරණයට පත් වූ පසුද, ඔබට අපි පණ දුන්නෙමු.
وَظَلَّلْنَا عَلَيْكُمُ ٱلْغَمَامَ وَأَنزَلْنَا عَلَيْكُمُ ٱلْمَنَّ وَٱلسَّلْوَىٰ ۖ كُلُوا۟ مِن طَيِّبَٰتِ مَا رَزَقْنَٰكُمْ ۖ وَمَا ظَلَمُونَا وَلَٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ ٥۷
තවද අපි ඔබට (ඔබගේ මුතුන් මිත්තන්ට) ස්වේත වර්ණ වලාකුළු වලින් සෙවණ ලබා දීමට සලස්වා, ඔබ වෙනුවෙන් ‘මන්නු’, ‘සල්වා’ද පහළ කර, (ඔවුන්ට) “අපි ඔබට ලබා දෙමින් තිඛෙන පරිශුද්ධ වූ මේවා අනුභව කරමින් සිටිනු” (යයි නියෝග කර සිටියෙමු. එහෙත් අපගේ අණ කඩ කළ) ඔවුන් අපට කිසිම හානියක් කර දැමුවේ නැත. එහෙත් ඔවුන් තමන්ට, තමන්ම නපුරක් කර ගත්හ.
وَإِذْ قُلْنَا ٱدْخُلُوا۟ هَٰذِهِ ٱلْقَرْيَةَ فَكُلُوا۟ مِنْهَا حَيْثُ شِئْتُمْ رَغَدًۭا وَٱدْخُلُوا۟ ٱلْبَابَ سُجَّدًۭا وَقُولُوا۟ حِطَّةٌۭ نَّغْفِرْ لَكُمْ خَطَٰيَٰكُمْ ۚ وَسَنَزِيدُ ٱلْمُحْسِنِينَ ٥۸
තවද (ඔබගේ මුතුන් මිත්තන්ට) “ඔබ මෙම නගරයට ගොස් එහි ඔබට කැමති තැනකින් (කැමති දැයක්) ඕනතරම් අනුභව කරනු. එහි ෙදාරටුවෙන් (ඇතුළු වන විට) හිස නවා ඇතුළු වනු. ‘හිත්තතුන්’ - (අපගේ පාපයන්ගේ බර පහ කරනු මැනව!)- යයිද පවසනු. ඔබගේ පාපයන් අපි ක්ෂමා කර හරින්නෙමු. දැහැමි දැය කළ අයට (එහි ඵලවිපාක) වැඩි කරද දෙන්නෙමු” යයි අපි පවසා තිබුනෙමු.
فَبَدَّلَ ٱلَّذِينَ ظَلَمُوا۟ قَوْلًا غَيْرَ ٱلَّذِى قِيلَ لَهُمْ فَأَنزَلْنَا عَلَى ٱلَّذِينَ ظَلَمُوا۟ رِجْزًۭا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُوا۟ يَفْسُقُونَ ٥۹
නමුත් සීමාව ඉක්මවමින් සිටි ඔවුන්, තමන්ට පවසනු ලැබූ වදන වෙනස් කර, (හිත්තතුන් -ගෝදම්බු වර්ගයක් යයි) නොපවසන ලද දැයක් පැවසූහ. ඔවුන් මේ අන්දමින් (වෙනස් කර පවසා) පාපයන් කළ බැවින් සීමාව ඉක්මවූ ඔවුන් කෙරෙහි අහසින් දඬුවම් පහළ කළෙමු.
۞ وَإِذِ ٱسْتَسْقَىٰ مُوسَىٰ لِقَوْمِهِۦ فَقُلْنَا ٱضْرِب بِّعَصَاكَ ٱلْحَجَرَ ۖ فَٱنفَجَرَتْ مِنْهُ ٱثْنَتَا عَشْرَةَ عَيْنًۭا ۖ قَدْ عَلِمَ كُلُّ أُنَاسٍۢ مَّشْرَبَهُمْ ۖ كُلُوا۟ وَٱشْرَبُوا۟ مِن رِّزْقِ ٱللَّهِ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ ٦۰
මූසා තම වාර්ගිකයින් සමග (තීහ් නමැති ප්රදේශයෙහි ගමන් කරමින් සිටි අවස්ථාවේදී වතුර නොලැබී පිපාසයෙන් පීඩාවට පත් වී සිටි) ඔවුන්ට වතුර සොයමින් සිටි අවස්ථාවේදී, අපි (ඔහුට) “ඔබ, ඔබගේ සැරයටියෙන් මෙම ගලට ගසනු” යයි පැවසුවෙමු. (ඔහු එසේ ගැසූ විට) එවෙලේම එයින් උල්පත් ෙදාළහකින් ජලය වෑහෙන්නට විය. (ඔහුගේ සමූහයේ කොටස් ෙදාළහක) මිනිසුන් සියල්ල තමන් පානය කළ යුතු (ජල) තටාකය පැහැදිලිව දැන ගත්හ. (ඒ අවස්ථාවේදී අපි ඔවුන්ට “ඔබට) අල්ලාහ් ලබා දුන් (මන්නු, සල්වා නමැති අහාර) දැයෙන් අනුභව කරනු. (ගලෙන් උතුරා වෑහෙන මෙම වතුර) පානය කරනු. නමුත් භූමියෙහි නපුර කරමින් (ඒ මේ අත) නොහැසිරෙනු” (යයි පැවසුවෙමු).
وَإِذْ قُلْتُمْ يَٰمُوسَىٰ لَن نَّصْبِرَ عَلَىٰ طَعَامٍۢ وَٰحِدٍۢ فَٱدْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنۢبِتُ ٱلْأَرْضُ مِنۢ بَقْلِهَا وَقِثَّآئِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَا ۖ قَالَ أَتَسْتَبْدِلُونَ ٱلَّذِى هُوَ أَدْنَىٰ بِٱلَّذِى هُوَ خَيْرٌ ۚ ٱهْبِطُوا۟ مِصْرًۭا فَإِنَّ لَكُم مَّا سَأَلْتُمْ ۗ وَضُرِبَتْ عَلَيْهِمُ ٱلذِّلَّةُ وَٱلْمَسْكَنَةُ وَبَآءُو بِغَضَبٍۢ مِّنَ ٱللَّهِ ۗ ذَٰلِكَ بِأَنَّهُمْ كَانُوا۟ يَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلنَّبِيِّۦنَ بِغَيْرِ ٱلْحَقِّ ۗ ذَٰلِكَ بِمَا عَصَوا۟ وَّكَانُوا۟ يَعْتَدُونَ ٦١
නමුත් ඔබ (මූසාට), ඕ මූසා! එකම (විදිහේ) ආහාර අනුභව කරමින් සිටීමට අපට නොහැක. භූමියෙහි වැඩෙන්නට හැකි පලා වර්ග, තියඹරා, ගොදම්බු, පරිප්පු, ළුනු (ආදිය) සොයා දෙන මෙන් ඔබගේ දෙවියන්ට අප වෙනුවෙන් ඔබ ඉල්ලා සිටිනු” යයි ඔහු වෙතින් ඉල්ලා සිටියහ. එයට (මූසා), “උසස් දැය වෙනුවට බාල දැය මාරු කර ගැනීමට (අදහස්) කරන්නෙහුද? (එසේ නම්) ඔබ කුමක් හෝ නගරයක බැස ගනු. ඔබ ඉල්ලා සිටින දැය නියත වශයෙන්ම (එහිම) ඔබට ලැඛෙනු ඇත” යයි පැවසුවේය. එබැවින් පහත වැටීමද, අවමානයද ඔවුන් කෙරෙහි නියම වී ගියේය. අල්ලාහ්ගේ කෝපයෙහිද ඔවුන් සෙන්දු වී ගියේය. ඇත්තෙන්ම ඔවුන් අල්ලාහ්ගේ ආයාවන් ප්රතික්ෂේප කරමින්ද, අසාධාරණයේ නබිවරුන්ව ඝාතනය කරමින්ද සිටීමම මෙයට හේතුව වේ. මෙයට (මෙතරම් විශාල පාපයන් කරන මෙන් පත් වීමට) හේතුව වූයේ, ඔවුන් (අල්ලාහ්ගේ නියෝගයන් විටින් විට) කඩ කර පාපයන් කරමින් සිටීමය.
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَٱلَّذِينَ هَادُوا۟ وَٱلنَّصَٰرَىٰ وَٱلصَّٰبِـِٔينَ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَعَمِلَ صَٰلِحًۭا فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ٦٢
විශ්වාසවන්තයින් වුවද, යුදෙව්වන් වුවද, ක්රිස්තියානුවන් වුවද, සාබියීන්වරුන් වුවද, -ඔවුන් අල්ලාහ්වද, අවසාන දිනයද, ඇත්ත වශයෙන්ම විශ්වාස කර, දැහැමි ක්රියාවන් කළෝද, ඔවුන්ට ඔවුන්ගේ ඵලවිපාක ඔවුන්ගේ දෙවියන් වෙත නියත වශයෙන්ම ඇත. තවද ඔවුන්ට කිසිම බියක්ද නැත. ඔවුන් දුක් වන්නේද නැත.
وَإِذْ أَخَذْنَا مِيثَٰقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ ٱلطُّورَ خُذُوا۟ مَآ ءَاتَيْنَٰكُم بِقُوَّةٍۢ وَٱذْكُرُوا۟ مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ ٦۳
අපි ඔබ කෙරෙහි (තූර් නමැති) කන්ද ඔසවා ඔබ වෙතින් පොරොන්දු ලබා ගත් අවස්ථාවේදී “අපි ඔබට ලබා දුන් (තව්රාත් නමැති ධර්මය) ස්ථීර වශයෙන් ඉටු කරනු. (සෑම විටම) එහි ඇති දැය මතකයේ තබා ගනු. (එමගින්) ඔබ පරිශුද්ධවූවන් බවට පත් වන්නෙහුය” (යයි පැවසුවෙමු).
ثُمَّ تَوَلَّيْتُم مِّنۢ بَعْدِ ذَٰلِكَ ۖ فَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ لَكُنتُم مِّنَ ٱلْخَٰسِرِينَ ٦٤
මින් පසුවද ඔබ (පොරොන්දු වලින්) වෙනස් වූවෙහුය. නමුත් ඔබ කෙරෙහි අල්ලාහ්ගේ ආදරයද කරුණාවද නොතිබුණි නම්, ඔබ (සම්පූර්ණයෙන්ම) අලාභවූවන් බවට පත්ව සිටින්නෙහුය.
وَلَقَدْ عَلِمْتُمُ ٱلَّذِينَ ٱعْتَدَوْا۟ مِنكُمْ فِى ٱلسَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُوا۟ قِرَدَةً خَٰسِـِٔينَ ٦٥
තවද (විවේක දිනය වන) සෙනසුරාදා දිනයන්හි (මාළු ඇල්ලීම තහනම් යයි තිබුණු සීමාව) ඔබගෙන් කවුරුන් කඩ කළෙහුද යන්නද, ඒ වෙනුවෙන් අපි ඔවුන්ට “ඔබ දීන වූ වඳුරන් බවට පත් වනු!” යයි පැවසීම යන්නද, ඔබ පැහැදිලිව දැනගෙනම සිටින්නෙහුය.
فَجَعَلْنَٰهَا نَكَٰلًۭا لِّمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةًۭ لِّلْمُتَّقِينَ ٦٦
මෙය (ඒ කාලයේදී) ඔවුන් ඉදිරියේ සිටින්නන්ටද, ඔවුන්ට පසු (කාලයේදී) පැමිණෙන්නන්ටද පාඩමක් වශයෙන්ද, භය භක්තිකයින්ට හොඳ ඔවඳනක් වශයෙන්ද අපි පත් කළෙමු.
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِۦٓ إِنَّ ٱللَّهَ يَأْمُرُكُمْ أَن تَذْبَحُوا۟ بَقَرَةًۭ ۖ قَالُوٓا۟ أَتَتَّخِذُنَا هُزُوًۭا ۖ قَالَ أَعُوذُ بِٱللَّهِ أَنْ أَكُونَ مِنَ ٱلْجَٰهِلِينَ ٦۷
තවද “ඔබ ගවයෙකුගේ ඛෙල්ල කපා (කුර්බාන්) කරන මෙන් ඇත්තෙන්ම අල්ලාහ් ඔබට අණ කරන්නේය” යයි මූසා තම ජනතාව (වන ඔබගේ මුතුන් මිත්තන්) වෙත පැවසූ විට, ඔවුන් “(ඕ මූසා!) ඔබ අපට සමච්චල් කරන්නෙහිද?”යි විමසූහ. (එයට) ඔහු “මා (සමච්චල් කරන) අඥානයින්ගෙන් ඈත් කර (තබන මෙන්) අල්ලාහ් වෙතින් ආරක්ෂාව පතන්නෙමි” යයි කීවේය.
قَالُوا۟ ٱدْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِىَ ۚ قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٌۭ لَّا فَارِضٌۭ وَلَا بِكْرٌ عَوَانٌۢ بَيْنَ ذَٰلِكَ ۖ فَٱفْعَلُوا۟ مَا تُؤْمَرُونَ ٦۸
“උගේ (වයස) කොපමණදැයි අපට දැනුම් දෙන මෙන් අප වෙනුවෙන් ඔබගේ දෙවියන්ගෙන් ඔබ විමසනු” යයි පැවසූහ. (එයට මූසා), “නියත වශයෙන්ම එක් ගවයෙකි. වයස්ගත එකෙකුත් නොව; කුඩා පැටවෙකුත් නොව. මේ අතර ඇති නාඹර ගවයෙකු යයි ඔහු පවසන්නේය” යයි පවසා, “ඔබට දෙනු ලැබූ නියෝගය ඔබ ඉටු කරනු” යයි පැවසුවේය.
قَالُوا۟ ٱدْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا لَوْنُهَا ۚ قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٌۭ صَفْرَآءُ فَاقِعٌۭ لَّوْنُهَا تَسُرُّ ٱلنَّٰظِرِينَ ٦۹
එයට ඔවුන් “උගේ පාට කුමක්දැයි දැනුම් දෙන මෙන් අප වෙනුවෙන් ඔබ, ඔබගේ දෙවියන්ගෙන් විමසනු” යයි පැවසූහ. (එයට මූසා) “ඌ බලන්නෙකුගේ සිත් ඇද ගන්නා සුළු, කළවම් නොවූ කහ පැහැති ගවයෙකු යයි ඔහු පවසන්නේය” යයි කීවේය.
قَالُوا۟ ٱدْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِىَ إِنَّ ٱلْبَقَرَ تَشَٰبَهَ عَلَيْنَا وَإِنَّآ إِن شَآءَ ٱللَّهُ لَمُهْتَدُونَ ۷۰
එයට ඔවුන් “එම ගවයා අපව සැකයෙහි ගිල්වා දමන්නේය. ඌ කිමෙක්ද, -(වැඩට හුරු එකෙක්ද නැද්ද?)යි අපට විස්තර කර දැනුම් දෙන මෙන් ඔබගේ දෙවියන්ගෙන් ඔබ, අප වෙනුවෙන් විමසනු. අල්ලාහ් අදහස් කළහොත්, මින් පසු නියත වශයෙන්ම අපි (මෙම කාරණාවෙහි) ඍජු මාර්ගය අත් කර ගන්නෙමු” යයි පැවසූහ.
قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٌۭ لَّا ذَلُولٌۭ تُثِيرُ ٱلْأَرْضَ وَلَا تَسْقِى ٱلْحَرْثَ مُسَلَّمَةٌۭ لَّا شِيَةَ فِيهَا ۚ قَالُوا۟ ٱلْـَٰٔنَ جِئْتَ بِٱلْحَقِّ ۚ فَذَبَحُوهَا وَمَا كَادُوا۟ يَفْعَلُونَ ۷١
(එයට මූසා) “ඌ භූමියෙහි සීසා හෝ ගොයමට වතුර ඇද හෝ වියකර තබා හෝ නොමැති හොඳ (තත්වයේ එකෙකි). -කිසිම අඩුපාඩුවක් නැති පරිපූරණ ගවයෙකි- යයි ඔහු පවසන්නේය” යයි කීවේය. (එයට) ඔවුන් “දැනුයි ඔබ නිවැරදි විස්තරයක් ගෙන ආවේ” යයි පැවසීමෙන් අනතුරුව, එතරම් කැමැත්තක් නොදක්වමින්ම ඔවුන් උගේ ඛෙල්ල කපා (කුර්බාන්) කළහ.
وَإِذْ قَتَلْتُمْ نَفْسًۭا فَٱدَّٰرَْٰٔتُمْ فِيهَا ۖ وَٱللَّهُ مُخْرِجٌۭ مَّا كُنتُمْ تَكْتُمُونَ ۷٢
ඔබ කෙනෙකුව ඝාතනය කිරීමෙන් අනතුරුව (එයින් බේරීමට) ඒ ගැන ඔබ තර්ක කරමින් සිටි අවස්ථාවේදී (එම ගවයා කුර්බාන් කරන මෙන් අණ කරන ලදී. ඝාතනය සම්බන්ධයෙන්) ඔබ සඟවා ගැනීමට අදහස් කළ දැය අල්ලාහ් එළිදරව් කරන්නේය.
فَقُلْنَا ٱضْرِبُوهُ بِبَعْضِهَا ۚ كَذَٰلِكَ يُحْىِ ٱللَّهُ ٱلْمَوْتَىٰ وَيُرِيكُمْ ءَايَٰتِهِۦ لَعَلَّكُمْ تَعْقِلُونَ ۷۳
එබැවින් (ඔවුන්ට) “ඔබ (ඌව කුර්බාන් කර) එයින් එක් කොටසක් ගෙන, (ඝාතනය කරනු ලැබූ) ඔහුට ගසනු” යයි අපි කීවෙමු. (එසේ ගැසූ සැනින්, මරණයට පත් වූ අය පණ ලැබී නැගිට මිනීමරුවා කවුරුන්දැයි දැනුම් දුන්නේය. ඔහු පණ ලැබූ) මේ ආකාරයටම මරණයට පත් වූවන්ව අල්ලාහ් පණ දෙන්නේය යන්න ඔබ දැන ගැනීම පිණිස ඔහු තමන්ගේ (බල මහිමය දැනුම් දෙන සේ) සාධකයන් ඔබට පෙන්වූවේය.
ثُمَّ قَسَتْ قُلُوبُكُم مِّنۢ بَعْدِ ذَٰلِكَ فَهِىَ كَٱلْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةًۭ ۚ وَإِنَّ مِنَ ٱلْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ ٱلْأَنْهَٰرُ ۚ وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ ٱلْمَآءُ ۚ وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ ٱللَّهِ ۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعْمَلُونَ ۷٤
මින් පසුවද ඔබගේ සිත් දැඩි වී ගියේය. ඒවා ගල් පරයන් මෙන් නැතහොත් ඒවාටත් වඩා දැඩි ඒවා වශයෙන් ඇත්තේය. (මන්දයත්) ගල් පරයන්ගෙන්ද සදාකල් (ස්වයංව) උල්පත් ඇති වී ජලය වෑහෙමින් තිඛෙණු නියත වශයෙන්ම ඇත. පැලී (ගියහොත්) ඒවායෙන් ජලය ඉකුත් වී වෑහෙන ඒවාද ඒවායේ ඇත. අල්ලාහ්ගේ බියෙන් (කඳු මත තිබී) වැටී පෙරලී යන දැයද ඒවායේ ඇත. (නමුත් යුදෙව්වනි! ඔබ තමන් විසින්ම නිවැරදි වූවේද නැත; නබිවරුන්ගේ දේශනාවන්ට සවන් දුන්නේද නැත. අල්ලාහ්ට බිය වූවේද නැත). ඔබගේ වැඩ කටයුතු ගැන අල්ලාහ් නොසැළකිලිමත්ව සිටින්නේ නැත.
۞ أَفَتَطْمَعُونَ أَن يُؤْمِنُوا۟ لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌۭ مِّنْهُمْ يَسْمَعُونَ كَلَٰمَ ٱللَّهِ ثُمَّ يُحَرِّفُونَهُۥ مِنۢ بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ ۷٥
(විශ්වාසවන්තයිනි!) අල්ලාහ්ගේ ආයාවන්ට සවන් දී එය හොඳින් දැන ගැනීමෙන් පසුවද, උවමනාවෙන්ම එය පෙරලා දමන එක් කොටසක්ද ඔවුන්ගෙන් සිටියදී, ඔබ වෙනුවෙන් (ඔබගේ වදන) ඔවුන් විශ්වාස කරනු ඇතැයි ඔබ අපේක්ෂා කරන්නෙහුද?
وَإِذَا لَقُوا۟ ٱلَّذِينَ ءَامَنُوا۟ قَالُوٓا۟ ءَامَنَّا وَإِذَا خَلَا بَعْضُهُمْ إِلَىٰ بَعْضٍۢ قَالُوٓا۟ أَتُحَدِّثُونَهُم بِمَا فَتَحَ ٱللَّهُ عَلَيْكُمْ لِيُحَآجُّوكُم بِهِۦ عِندَ رَبِّكُمْ ۚ أَفَلَا تَعْقِلُونَ ۷٦
තවද ඔවුන් විශ්වාසවන්තයින්ව මුණ ගැසුණහොත් “(තව්රාතයෙහි ඔබගේ නබිවරයා ගැන සඳහන් කරනු ලැබ ඇත්තේය. එබැවින්) අපිද (ඔහුව) විශ්වාස කරන්නෙමු” යයි පවසන්නාහ. නමුත් ඔවුන්ගෙන් සමහරෙක් තවත් සමහරෙකු සමග තනි වූ විට, “(ඔබගේ ධර්මයෙහි) අල්ලාහ් ඔබට දැනුම් දී ඇති දැය ඔවුන්ට ඔබ දැනුම් දෙන්නෙහුද? ඔබගේ දෙවියන් කළින් පවසා තිබීම මගින් ඔවුන් ඔබත් සමග තර්ක කිරීම සඳහාද -(ඔවුන්ට ඒ ගැන පවසමින් සිටින්නේ?- මෙතරම් දැයක්වත්) ඔබ දැන ගත යුතු නොවේද?”යි පවසන්නාහ.
أَوَلَا يَعْلَمُونَ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۷۷
(නමුත්) ඔවුන් සඟවා ගන්නා දැයද එළිදරව් කරන දැයද අල්ලාහ් හොඳින් දැන සිටින්නේය යන්න ඔවුන් දැන ගත යුතු නොවේද?
وَمِنْهُمْ أُمِّيُّونَ لَا يَعْلَمُونَ ٱلْكِتَٰبَ إِلَّآ أَمَانِىَّ وَإِنْ هُمْ إِلَّا يَظُنُّونَ ۷۸
තවද අධ්යාපන දැනුම නැති අයද ඔවුන්ගෙන් ඇත. ධර්මය ගැන (ආරංචි වී ඇති) පුහු විශ්වාසයන් මිස, (සත්යය) ඔවුන් දැන ගන්නේ නැත. ඔවුන් පුහු සැකයෙහි (ගැලී) සිටින්නන් හැර (වෙන කිසිවක්) නැත.
فَوَيْلٌۭ لِّلَّذِينَ يَكْتُبُونَ ٱلْكِتَٰبَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَٰذَا مِنْ عِندِ ٱللَّهِ لِيَشْتَرُوا۟ بِهِۦ ثَمَنًۭا قَلِيلًۭا ۖ فَوَيْلٌۭ لَّهُم مِّمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌۭ لَّهُم مِّمَّا يَكْسِبُونَ ۷۹
ඔවුන් තමන්ගේ අත් වලින් (මනක්කල්පිතව) ලියන ලද පුස්තකය එක් සුළු මුදලක් ලබා ගැනීම සඳහා ‘මෙය අල්ලාහ්ගේ සන්නිධානයෙන් පහළ වූවකි’ යයි පවසන්නෝද? ඔවුන්ට විනාශයයි! (එය) ඔවුන්ගේ අත්වලින් ලියූ බැවින්ද, ඔවුන්ට විනාශයයි! ඔවුන් (එමගින් මුදල්) හම්බ කිරීම නිසාද ඔවුන්ට විනාශයයි!
وَقَالُوا۟ لَن تَمَسَّنَا ٱلنَّارُ إِلَّآ أَيَّامًۭا مَّعْدُودَةًۭ ۚ قُلْ أَتَّخَذْتُمْ عِندَ ٱللَّهِ عَهْدًۭا فَلَن يُخْلِفَ ٱللَّهُ عَهْدَهُۥٓ ۖ أَمْ تَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ ۸۰
“සමහර දින (කිහිපයක්) හැර ගින්න අපව ස්පර්ශ කරන්නේම නැත” යයි ඔවුන් පවසන්නාහ. (එයට නබියේ! ඔවුන්ගෙන්) ඔබ මෙසේ විමසනු: අල්ලාහ් වෙතින් (එසේ) යම්කිසි පොරොන්දුවක් ඔබ ලබා ඇත්තෙහුද? එසේ නම් නියත වශයෙන්ම අල්ලාහ් තමන්ගේ පොරොන්දුව කඩ නොකරන්නෙහිය. නැතහොත් ඔබ නොදැනුවත් දැය අල්ලාහ් මත (බොරු ගොතා) පවසන්නෙහුද?”
بَلَىٰ مَن كَسَبَ سَيِّئَةًۭ وَأَحَٰطَتْ بِهِۦ خَطِيٓـَٔتُهُۥ فَأُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ ۸١
නොඑසේය! ඔවුන් පාපයම හම්බ කරමින් සිට, ඔවුන්ගේ පාපයන් ඔවුන්ව වට කර ගත්තේද; ඔවුන් (කවුරුන් වුවද) නිරාවාසීන්ය! ඔවුන් එහි සදාකල් රැඳී සිටිනු ඇත.
وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَنَّةِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ ۸٢
නමුත් ඔවුන් (මෙම ධර්මය) ඇත්තෙන්ම විශ්වාස කර, දැහැමි ක්රියාවන් කරන්නෝද, ඔවුන් ස්වර්ගවාසීන්ය! ඔවුන් එහි සදාකල් රැඳී සිටිනු ඇත.
وَإِذْ أَخَذْنَا مِيثَٰقَ بَنِىٓ إِسْرَٰٓءِيلَ لَا تَعْبُدُونَ إِلَّا ٱللَّهَ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَانًۭا وَذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينِ وَقُولُوا۟ لِلنَّاسِ حُسْنًۭا وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ ثُمَّ تَوَلَّيْتُمْ إِلَّا قَلِيلًۭا مِّنكُمْ وَأَنتُم مُّعْرِضُونَ ۸۳
තවද (පොඩියක් සිතා බලනු): ඉස්රායීල පරම්පරා දරුවන් වෙත “ඔබ අල්ලාහ් හැර (වෙන කිසිවක්) නොනමදිනු. දෙමව්පියන්ටද, ඥාතීන්ටද, අනාථයින්ටද, දුප්පතුන්ටද, හොඳක්ම කරනු. සෑම මිනිසුන්ටම හොඳ (වදනම) පවසනු. සලාතය නොවරදවා ඉටු කරනු. සකාත් -(ධර්මයෙහි වූ දුප්පතුන්ගේ බදු)- ගෙවමින් සිටිනු” යයි අපි පොරොන්දු ලබා ගත් අවස්ථාවේදී, ඔබගෙන් සමහරෙකු හැර (අන් සියල්ලන්ම) ප්රතික්ෂේප කර, (මාරු) වූවෙහුය. (සෑම විටම මේ ආකාරයටම) ඔබ ප්රතික්ෂේප කරමින්ම සිටියෙහුය.
وَإِذْ أَخَذْنَا مِيثَٰقَكُمْ لَا تَسْفِكُونَ دِمَآءَكُمْ وَلَا تُخْرِجُونَ أَنفُسَكُم مِّن دِيَٰرِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنتُمْ تَشْهَدُونَ ۸٤
තවද “ඔබ, ඔබගේ (මිනිසුන්ගේ) ලේ නොවගුරවනු. ඔබගේ නිවෙස්වලින් ඔබගේ මිනිසුන්ව පිටමං නොකරනු” යයිද ඔබ(ගේ මුතුන් මිත්තන්)ගෙන් අපි පොරොන්දු ලබා ගැනීම ඔබත් (සිත ඇතිවම) එකඟ වී ස්ථීර කරමින් සිටින්නෙහුය.
ثُمَّ أَنتُمْ هَٰٓؤُلَآءِ تَقْتُلُونَ أَنفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقًۭا مِّنكُم مِّن دِيَٰرِهِمْ تَظَٰهَرُونَ عَلَيْهِم بِٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ وَإِن يَأْتُوكُمْ أُسَٰرَىٰ تُفَٰدُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ ۚ أَفَتُؤْمِنُونَ بِبَعْضِ ٱلْكِتَٰبِ وَتَكْفُرُونَ بِبَعْضٍۢ ۚ فَمَا جَزَآءُ مَن يَفْعَلُ ذَٰلِكَ مِنكُمْ إِلَّا خِزْىٌۭ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَيَوْمَ ٱلْقِيَٰمَةِ يُرَدُّونَ إِلَىٰٓ أَشَدِّ ٱلْعَذَابِ ۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعْمَلُونَ ۸٥
(මෙසේ ස්ථීර කරනු ලැබීමෙන්) පසුවද ඔබ, ඔබ(ගේ මිනිසුන්)ව ඝාතනය කර දමන්නෙහුය. ඔබගෙන් බොහොමයක් දෙනාව ඔවුන් නිවෙස්වලින්ද පිටමං කර දමන්නෙහුය. ඔවුන්ට විරුද්ධකම් කිරීමට පාපයද අපරාධයද යන කාරණාවන්හි (ඔවුන්ගේ විරුද්ධවාදීන්ට) ඔබ උදව් උපකාරද කරන්නෙහුය. නමුත් (ඔබ පිටමං කළ) ඔවුන් (සතුරන්ගේ අතට කොටුවී) සිරකරුවන් බවට පත් වී, ඔබ වෙත (උදව් බලාපොරොත්තුවෙන්) පැමිණියහොත්, ඔවුන් වෙනුවෙන් ඔබ (වස්තුව) වන්දි වශයෙන් ලබා දී (ඔවුන්ව බේරා) හරින්නෙහුය. එහෙත් ඔවුන්ව (ඔවුන්ගේ නිවෙස්වලින්) පිටමං කිරීමම ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය. (මෙසේ කරන) ඔබ, ධර්මයෙහි (ඇති) සමහර නියෝගයන් විශ්වාස කර, සමහර නියෝගයන් ප්රතික්ෂේප කරන්නෙහුද? ඔබගෙන් කවුරුන් මෙසේ කරන්නෝද, ඔවුන්ට මෙලොව ජීවිතයෙහි අවමානය මිස, (වෙන කිසිවක්) ඵලවිපාක වශයෙන් ලැඛෙන්නේ නැත. විනිශ්චය දිනදී ඔවුන් දරුණු දඬුවම දෙසට එළවා දමනු ලබන්නාහ. ඔබ කරන දැය ගැන අල්ලාහ් නොසැළකිලිමත්ව සිටින්නේ නැත.
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ ٱشْتَرَوُا۟ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا بِٱلْءَاخِرَةِ ۖ فَلَا يُخَفَّفُ عَنْهُمُ ٱلْعَذَابُ وَلَا هُمْ يُنصَرُونَ ۸٦
මෙවැන්නන්ම (පරලොව) අතීත (ජීවිතය) වෙනුවට මෙලොව ජීවිතය මිලට ගත් අය වන්නාහ. එබැවින් ඔවුන්ට (දෙනු ලබන) දඬුවම පොඩියක් හෝ පහසු කරනු ලබන්නේ නැත. ඔවුන් කිසිම උදව්වක් ලබන්නේද නැත.
وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ وَقَفَّيْنَا مِنۢ بَعْدِهِۦ بِٱلرُّسُلِ ۖ وَءَاتَيْنَا عِيسَى ٱبْنَ مَرْيَمَ ٱلْبَيِّنَٰتِ وَأَيَّدْنَٰهُ بِرُوحِ ٱلْقُدُسِ ۗ أَفَكُلَّمَا جَآءَكُمْ رَسُولٌۢ بِمَا لَا تَهْوَىٰٓ أَنفُسُكُمُ ٱسْتَكْبَرْتُمْ فَفَرِيقًۭا كَذَّبْتُمْ وَفَرِيقًۭا تَقْتُلُونَ ۸۷
තවද (යුදෙව්වනි!) නියත වශයෙන්ම අපි මූසාට (එක්) ධර්මයක් ලබා දුන්නෙමු. ඔහුගෙන් පසු දිගටම දූතයන් බොහොමයක් දෙනාද අපි යැව්වෙමු. මර්යම්ගේ පුත් ඊසාට පැහැදිලි සාධකයන් ලබා දී (ජිබ්රීල් නමැති) පරිශුද්ධ ආත්මය මගින්ද ඔහුව ශක්තිමත් කර තැබුවෙමු. (නමුත්) ඔබගේ සිත් අකමැති කිසිවක් (අපගේ) කුමන රසූල්වරයෙකු ඔබ වෙත ගෙන ආවා වුවද, ඔබ ගර්විතව (ඈත් වී) නොගියෙහුද? තවද (එම නබිවරුන්ගෙන්) සමහරෙකුව ඔබ බොරු කර, සමහරෙකුව ඝාතනය කරද හැරියෙහුය!
وَقَالُوا۟ قُلُوبُنَا غُلْفٌۢ ۚ بَل لَّعَنَهُمُ ٱللَّهُ بِكُفْرِهِمْ فَقَلِيلًۭا مَّا يُؤْمِنُونَ ۸۸
අපගේ හෘදයන් මත තිර දමනු ලැබ ඇත්තේය” යයි ඔවුන් (සමච්චලයෙන්) පවසන්නාහ. එපමණක් නොව, ඔවුන්ගේ ප්රතික්ෂේපයේ හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව ශාප කර හැරියේය. එබැවින් ඔවුන් විශ්වාස කිරීම ඉතාමත් අල්පය!
وَلَمَّا جَآءَهُمْ كِتَٰبٌۭ مِّنْ عِندِ ٱللَّهِ مُصَدِّقٌۭ لِّمَا مَعَهُمْ وَكَانُوا۟ مِن قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى ٱلَّذِينَ كَفَرُوا۟ فَلَمَّا جَآءَهُم مَّا عَرَفُوا۟ كَفَرُوا۟ بِهِۦ ۚ فَلَعْنَةُ ٱللَّهِ عَلَى ٱلْكَٰفِرِينَ ۸۹
අල්ලාහ් වෙතින් ඔවුන්ට එක් ධර්මයක් පහළ විය. එය ඔවුන් වෙත ඇති ධර්මය සත්යය කරද තබන්නේය. මීට පෙර නම්, ඔවුන් ප්රතික්ෂේප කරන්නන් මත (තමන්ට) ජයග්රහණය ලබා දෙන මෙන් (මෙම ධර්මයේ මහිමය මගින් දෙවියන් වහන්සේ වෙත) ප්රාර්ථනා කරමින් සිටියහ. නමුත් ඔවුන් හොඳින් දැන (පැමිණේවි යයි බලා) සිටි (මෙම ධර්මය) ඔවුන් වෙත පැමිණි අවස්ථාවේදී, මෙය ඔවුන් ප්රතික්ෂේප කරන්නාහ. එබැවින් එම ප්රතික්ෂේප කරන්නන් මත අල්ලාහ්ගේ ශාපය අත් වේවා!
بِئْسَمَا ٱشْتَرَوْا۟ بِهِۦٓ أَنفُسَهُمْ أَن يَكْفُرُوا۟ بِمَآ أَنزَلَ ٱللَّهُ بَغْيًا أَن يُنَزِّلَ ٱللَّهُ مِن فَضْلِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۖ فَبَآءُو بِغَضَبٍ عَلَىٰ غَضَبٍۢ ۚ وَلِلْكَٰفِرِينَ عَذَابٌۭ مُّهِينٌۭ ۹۰
(මෙම ශුද්ධ වූ කුර්ආනය තමන් වෙත පහළ නොකර) අල්ලාහ් තමන්ගේ වහලූන්ගෙන් තමන් කැමත්තන් වෙත තමන්ගේ දයාව මගින් පහළ කිරීම ගැන ඊර්ෂ්යා කර, අල්ලාහ් පහළ කළ මෙයම ප්රතික්ෂේප කිරීම මගින් ඔවුන් තමන්ව විකුණා කුමක් මිලදී ගත්තෝද, එය (ඉතාමත්) නපුරුය. (කුර්ආනය තමන් වෙත පහළ කළේ නැතැයි) කෝපයෙන් (මෙම ධර්මය ප්රතික්ෂේප කර, අල්ලාහ්ගේ) කෝපයෙහි ඔවුන් සේන්දු වූහ. එබැවින් එම ප්රතික්ෂේප කරන්නන්ට අවමන් ගෙන දෙන දඬුවම් ඇත.
وَإِذَا قِيلَ لَهُمْ ءَامِنُوا۟ بِمَآ أَنزَلَ ٱللَّهُ قَالُوا۟ نُؤْمِنُ بِمَآ أُنزِلَ عَلَيْنَا وَيَكْفُرُونَ بِمَا وَرَآءَهُۥ وَهُوَ ٱلْحَقُّ مُصَدِّقًۭا لِّمَا مَعَهُمْ ۗ قُلْ فَلِمَ تَقْتُلُونَ أَنۢبِيَآءَ ٱللَّهِ مِن قَبْلُ إِن كُنتُم مُّؤْمِنِينَ ۹١
“අල්ලාහ් පහළ කළ මෙය, ඔබ විශ්වාස කරනු” යයි ඔවුන්ට කියනු ලැබුවහොත් “අපගේ (නබිවරුන්) වෙත පහළ කරනු ලැබූ දැය (පමණක්) විශ්වාස කරමු” යයි පවසා ඒවා මිස, මෙය (මෙම ධර්මය) ප්රතික්ෂේප කර හරින්නාහ. නමුත් මෙය නම්, ඔවුන් වෙත ඇති දැය (තව්රාතය) සත්යය කර තබන සත්ය (ධර්මය) වශයෙන් ඇත්තේය. (නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ කියනු: “(ඔබගේ ධර්මයම) ඇත්තෙන්ම ඔබ විශ්වාස කළවුන් වශයෙන් සිටින්නේ නම්, (ඔබගෙන් ඉකුත් වූ) අල්ලාහ්ගේ නබිවරුන්ව මීට පෙර ඔබ කුමක් නිසා ඝාතනය කළෙහුද?”
۞ وَلَقَدْ جَآءَكُم مُّوسَىٰ بِٱلْبَيِّنَٰتِ ثُمَّ ٱتَّخَذْتُمُ ٱلْعِجْلَ مِنۢ بَعْدِهِۦ وَأَنتُمْ ظَٰلِمُونَ ۹٢
“(ඉස්රායීල පරම්පරා දරුවනි!) නියත වශයෙන්ම මූසා ඔබ වෙත පැහැදිලි සාධකයන්ම ගෙනැවිත් තිබුණේය. නමුත් ඔබ නම්, ඉන් පසුවද වසු පැටවෙකු (දෙවියෙකු වශයෙන්) ගත්තෙහුය. (මෙසේ සෑම කාරණාවන්හිම) ඔබ සීමාව ඉක්මවූවන් වශයෙන්ම සිටින්නෙහුය”
وَإِذْ أَخَذْنَا مِيثَٰقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ ٱلطُّورَ خُذُوا۟ مَآ ءَاتَيْنَٰكُم بِقُوَّةٍۢ وَٱسْمَعُوا۟ ۖ قَالُوا۟ سَمِعْنَا وَعَصَيْنَا وَأُشْرِبُوا۟ فِى قُلُوبِهِمُ ٱلْعِجْلَ بِكُفْرِهِمْ ۚ قُلْ بِئْسَمَا يَأْمُرُكُم بِهِۦٓ إِيمَٰنُكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ ۹۳
ඔබ, (ඔබගේ මුතුන් මිත්තන්) වෙතින් අපි පොරොන්දු ලබා ගත් අවස්ථාවේදී, ඔබ කෙරෙහි (තූර් නමැති) කන්ඳ ඔසවා “ඔබට අපි ලබා දුන් (තව්රාතය) ස්ථීර වශයෙන් ඉටු කරනු. (එයට) සවන් දෙනු” (යයි පැවසීමට ඔවුන් “ඔබ පැවසූ දැය) සවන් දුන්නෙමු. (නමුත් එයට) වෙනස්කම් කරමු” යයි පැවසූහ. එබැවින් ඔවුන් (අපගේ නියෝගයන්) ප්රතික්ෂේප කර, (වෙනස්කම්) කිරීමේ හේතුවෙන් ඔවුන්ගේ හෘදයන්හි වසු පැටවෙකු(ගේ කැමැත්ත) ඇතුළු කරනු ලැබීය. (මෙසේ තිබියදී) ඔබ (තව්රාතය) විශ්වාස කළවුන් යයි (ඔබම පවසා ගන්නෙහු) නම්, මෙසේ කරන මෙන් ඔබව පොළඹවන ඔබගේ විශ්වාසය (ඉතාමත්) නපුරුය” යයි (නබියේ!) ඔබ පවසනු මැනව!
قُلْ إِن كَانَتْ لَكُمُ ٱلدَّارُ ٱلْءَاخِرَةُ عِندَ ٱللَّهِ خَالِصَةًۭ مِّن دُونِ ٱلنَّاسِ فَتَمَنَّوُا۟ ٱلْمَوْتَ إِن كُنتُمْ صَٰدِقِينَ ۹٤
“(යුදෙව්වනි!) අල්ලාහ් වෙත ඇති පරලොව (ස්වර්ග) නිවස (අන්) මිනිසුන්ට නොව, ඔබටම අයත් යයි (පවසන) ඔබ සත්යය ප්රකාශ කරන්නන් බවට සිටින්නෙහු නම්, (ඔබට අයත් එම නිවසට යාම සඳහා) ඔබ මරණයට කැමති වනු” යයි (නබියේ!) ඔබ පවසනු (මැනව!)
وَلَن يَتَمَنَّوْهُ أَبَدًۢا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلظَّٰلِمِينَ ۹٥
(නමුත්) ඔවුන්ගේ අත්වලින් (කර) එවන ලද (පාපයන්ගේ) හේතුවෙන් ඔවුන් එය කිසි කලෙකත් කැමති වන්නේම නැත. මෙම අපරාධකරුවන්ව අල්ලාහ් හොඳින් දන්නේය.
وَلَتَجِدَنَّهُمْ أَحْرَصَ ٱلنَّاسِ عَلَىٰ حَيَوٰةٍۢ وَمِنَ ٱلَّذِينَ أَشْرَكُوا۟ ۚ يَوَدُّ أَحَدُهُمْ لَوْ يُعَمَّرُ أَلْفَ سَنَةٍۢ وَمَا هُوَ بِمُزَحْزِحِهِۦ مِنَ ٱلْعَذَابِ أَن يُعَمَّرَ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِمَا يَعْمَلُونَ ۹٦
තවද (නබියේ! යුදෙව්වන් වන) ඔවුන් අන් මිනිසුන්ට වඩාද (උසස් වශයෙන් සමානයන් තබා නමදින) ‘මුෂ්රික්වරුන්ට වඩාද (අධික කාලයක්) පණ පිටින් (ජීවත් වී) සිටීමෙහි ඉතාමත් ආශාවක් ඇත්තන් වශයෙන් සිටිනු නියත වශයෙන්ම ඔබ දකින්නෙහිය! ඔවුන්ගෙන් සෑම කෙනෙකුම තමන් අවුරුදු දහසක් ජීවත් වී සිටිය යුතු නෙවේදැයි කැමති වන්නාහ. (එසේ අධික කාලයක්) ඔහු ජීවත්ව සිටියත් එය දඬුවමෙන් පොඩියක් හෝ ඔහුව බේරා ගැනීමට නොහැකිය. අල්ලාහ් ඔවුන් කරන දැය ඉතා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.
قُلْ مَن كَانَ عَدُوًّۭا لِّجِبْرِيلَ فَإِنَّهُۥ نَزَّلَهُۥ عَلَىٰ قَلْبِكَ بِإِذْنِ ٱللَّهِ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ وَهُدًۭى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ ۹۷
“(ඔබගෙන්) කවුරුන් ජිබ්රීල්ට සතුරෙකුද?”යි (නබියේ! ඔබ යුදෙව්වන්ගෙන්) විමසනු. නියත වශයෙන්ම ඔහු අල්ලාහ්ගේ නියෝගයන් අනුවම ඔබගේ සිත්හි මෙය දැඩි ලෙස තැබුවේය. (මෙය) තමන්ට පෙර ඇති (ධර්මයන්) සත්යය කරන්නක් වශයෙන්ද, ඍජු මාර්ගය දැනුම් දෙන්නක් වශයෙන්ද, විශ්වාසවන්තයින්ට ශුභාරංචියක් වශයෙන්ද ඇත්තේය.
مَن كَانَ عَدُوًّۭا لِّلَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَرُسُلِهِۦ وَجِبْرِيلَ وَمِيكَىٰلَ فَإِنَّ ٱللَّهَ عَدُوٌّۭ لِّلْكَٰفِرِينَ ۹۸
(ඔබගෙන්) කවුරුන් හෝ අල්ලාහ්ටද, ඔහුගේ මලායිකාවරුන්ටද, ඔහුගේ රසූල්වරුන්ටද, ජිබ්රීල්ටද, මීකායීල්ටද, සතුරෙකු වශයෙන් සිටිමින් (ඔවුන්ව ප්රතික්ෂේප කර) හැරියහොත්, එම ප්රතික්ෂේප කරන්නන්ට නියත වශයෙන්ම අල්ලාහ්ද සතුරෙකු වශයෙන්ම සිටිනු ඇත.
وَلَقَدْ أَنزَلْنَآ إِلَيْكَ ءَايَٰتٍۭ بَيِّنَٰتٍۢ ۖ وَمَا يَكْفُرُ بِهَآ إِلَّا ٱلْفَٰسِقُونَ ۹۹
(නබියේ!) නියත වශයෙන්ම ඉතාමත් පැහැදිලි ආයාවන්ම අපි ඔබ වෙත පහළ කර ඇත්තෙමු. එබැවින් පාපතරයන් මිස, (වෙන කිසිවෙකුත්) ඒවා ප්රතික්ෂේප කරන්නේ නැත.
أَوَكُلَّمَا عَٰهَدُوا۟ عَهْدًۭا نَّبَذَهُۥ فَرِيقٌۭ مِّنْهُم ۚ بَلْ أَكْثَرُهُمْ لَا يُؤْمِنُونَ ١۰۰
ඔවුන් (තමන්ගේ නබිවරයා වෙත) කුමන ගිවිසුමක් ඇති කර ගත්තද, ඔවුන්ගෙන් එක් කොටසක් එය (ඉටු නොකර), ඇරන් වීසි කර දැමුවේ නැද්ද? එබැවින් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙයද) විශ්වාස කරන්නේ නැත.
وَلَمَّا جَآءَهُمْ رَسُولٌۭ مِّنْ عِندِ ٱللَّهِ مُصَدِّقٌۭ لِّمَا مَعَهُمْ نَبَذَ فَرِيقٌۭ مِّنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ كِتَٰبَ ٱللَّهِ وَرَآءَ ظُهُورِهِمْ كَأَنَّهُمْ لَا يَعْلَمُونَ ١۰١
අල්ලාහ් වෙතින් (අපගේ) දූතයා (වන ඔබ) ඔවුන් වෙත පැමිණ, ඔවුන් වෙත ඇති (ධර්මය) සත්යය කරනු ලැබූවද, (පෙර තිබූ) ධර්මයට අයත් ඔවුන්ගෙන් එක් කොටසක් අල්ලාහ්ගේ (මෙම අළුත්) ධර්මයම තමන් නොදන්නාක් මෙන් තමන්ගේ පිටුපසින් වීසි කර දමන්නාහ.
وَٱتَّبَعُوا۟ مَا تَتْلُوا۟ ٱلشَّيَٰطِينُ عَلَىٰ مُلْكِ سُلَيْمَٰنَ ۖ وَمَا كَفَرَ سُلَيْمَٰنُ وَلَٰكِنَّ ٱلشَّيَٰطِينَ كَفَرُوا۟ يُعَلِّمُونَ ٱلنَّاسَ ٱلسِّحْرَ وَمَآ أُنزِلَ عَلَى ٱلْمَلَكَيْنِ بِبَابِلَ هَٰرُوتَ وَمَٰرُوتَ ۚ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّىٰ يَقُولَآ إِنَّمَا نَحْنُ فِتْنَةٌۭ فَلَا تَكْفُرْ ۖ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِۦ بَيْنَ ٱلْمَرْءِ وَزَوْجِهِۦ ۚ وَمَا هُم بِضَآرِّينَ بِهِۦ مِنْ أَحَدٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلَا يَنفَعُهُمْ ۚ وَلَقَدْ عَلِمُوا۟ لَمَنِ ٱشْتَرَىٰهُ مَا لَهُۥ فِى ٱلْءَاخِرَةِ مِنْ خَلَٰقٍۢ ۚ وَلَبِئْسَ مَا شَرَوْا۟ بِهِۦٓ أَنفُسَهُمْ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ ١۰٢
තවද (යුදෙව්වන් වන) ඔවුන් සුලෙයිමාන්ගේ රාජ්යය ගැන (ඔවුන්ට) ෂෙයිතාන්වරුන් කියවා (උගන්වා) දී තිබුණු (සූනියම් ආදී) දැය අනුගමනය කළහ. නමුත් සුලෙයිමාන් නම් කාෆිර් කෙනෙකු වශයෙන් සිටියේ නැත. ඇත්තෙන්ම එම ෂෙයිතාන්වරුන්ම කාෆිර්වරුන් වශයෙන් සිටියහ. (මන්දයත්) ඔවුන් මිනිසුන්ට සූනියමද බැබිලෝනියාව (නමැති නගරයෙන්) හාරූත්, මාරූත් නමැති මලායිකාවරුන් දෙදෙනාට පහළ කරනු ලැබ තිබුණි (යයි පවසා), බොහොමයක් දැයද උගන්වා දෙමින් සිටියහ. (තවද ඔවුන් මෙසේ පැවසූහ): ඒ දෙදෙනා නම්, (ඔවුන්ගෙන් සූනියම් ඉගෙන ගෙන ගිය මිනිසුන්ට) “අපි පිරික්සුමක් බවට සිටින්නෙමු. (මෙය ඉගෙන ගතහොත් ඔබ කාෆීර්වරුන් බවට පත් වන්නෙහුය. එබැවින් මෙය ඉගෙන ගෙන) ඔබ කාෆීර්වරුන් බවට පත් නොවනු” යයි පවසන තෙක්, ඔවුන් එය කිසිවෙකුටත් උගන්වා දෙන්නේම නැත (යයිද, මෙසේ පැවසීමෙන් පසුවද, මෙය ඉගෙන ගැනීමට කැමැත්තන්) ස්වාමිපුරුෂයාටත් බිරිඳටත් අතරේ වෙන්වීමක් ඇති කිරීමට සමත් උපාය මාර්ගය, මෙම දෙදෙනාගෙන් ඉගෙන ගන්නාහ (යයිද, පවසමින් සිටියහ). අල්ලාහ්ගේ නියෝගයක් නොමැතිව එමගින් ඔවුන් කිසිවෙකුටත් නපුරක් කළ නොහැකිය. තවද ඔවුන්ට කිසිම ප්රයෝජනයක් ගෙන නොදී නපුරක් කළ හැක්කේ කුමක්ද? එයම ඔවුන් ඉගෙන ගන්නාහ. තවද (විශ්වාසය වෙනුවට) එය (එම සූනියම) කවුරුන් මිලට ගත්තේද, ඔහුට පරලොවදී කිසිම භාග්යයක් නැත යන්න පැහැදිලිව සැකයෙන් තොර දැන ගෙන සිටින්නාහ. තවද තමන්වම විකුණා ඔවුන් කුමක් මිලදී ගත්තෝද, එය (ඉතාමත්) නපුරුය. ඔවුන් (මෙය) දැන ගත යුතු නොවේද?
وَلَوْ أَنَّهُمْ ءَامَنُوا۟ وَٱتَّقَوْا۟ لَمَثُوبَةٌۭ مِّنْ عِندِ ٱللَّهِ خَيْرٌۭ ۖ لَّوْ كَانُوا۟ يَعْلَمُونَ ١۰۳
එබැවින් ඔවුන් (මෙම ධර්මය) විශ්වාස කර, (එම සූනියම් අතහැර) ඈත් වුවහොත් (ඔවුන්ට) අල්ලාහ් වෙතින් ලැඛෙන ත්යාග නියත වශයෙන්ම ඉතාමත් උසස් වශයෙන් ඇත. (මෙය) ඔවුන් දැන ගත යුතු නොවේද?
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَقُولُوا۟ رَٰعِنَا وَقُولُوا۟ ٱنظُرْنَا وَٱسْمَعُوا۟ ۗ وَلِلْكَٰفِرِينَ عَذَابٌ أَلِيمٌۭ ١۰٤
විශ්වාසවන්තයිනි! ඔබ (නබ්වරයාට) රායිනා යයි නොකියනු. (ඒ වෙනුවට “ආදරයෙන් බලනු මැනව!” යයි අර්ථය ගෙන දෙන වචනය වන) උල්ලූර්නා යයි පවසා (නබිවරයාට) ඔබ සවන් දෙනු. (මෙයට වෙනස් වශයෙන් පවසන) ප්රතික්ෂේප කරන්නන්ට ඉමහත් වේදනා ගෙන දෙන දඬුවම් ඇත.
مَّا يَوَدُّ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْ أَهْلِ ٱلْكِتَٰبِ وَلَا ٱلْمُشْرِكِينَ أَن يُنَزَّلَ عَلَيْكُم مِّنْ خَيْرٍۢ مِّن رَّبِّكُمْ ۗ وَٱللَّهُ يَخْتَصُّ بِرَحْمَتِهِۦ مَن يَشَآءُ ۚ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ ١۰٥
(විශ්වාසවන්තයිනි!) ධර්මය අයත් අයගෙන් (මෙම ධර්මය) ප්රතික්ෂේප කරන්නන්ද, සමානයන් තබා නමදින්නන්ද, (තමන් අත ඇති දැයට වඩා) උසස් දැයක් ඔබගේ දෙවියන් ඔබ වෙත පහළ කිරීම ගැන කැමති වන්නේ නැත. නමුත් අල්ලාහ් තමන් කැමති අයට තම වරප්රසාදය අත් කර දෙන්නේය. අල්ලාහ් ඉමහත් වූ දයාළුය.
۞ مَا نَنسَخْ مِنْ ءَايَةٍ أَوْ نُنسِهَا نَأْتِ بِخَيْرٍۢ مِّنْهَآ أَوْ مِثْلِهَآ ۗ أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ١۰٦
(නබියේ! පෙර ධර්මයන්හි තිබූ) යම්කිසි වදනක් අපි වෙනස් කර හරින්නෙමු නම් හෝ නැතහොත් එය අමතක කර දමන්නෙමු නම් හෝ එයට සැසෙඳන නැතහොත් ඊටත් වඩා උසස් දැයක් (මෙම ධර්මය මගින්) අපි ගෙන එන්නෙමු. අල්ලාහ් සියල්ලට නියත වශයෙන්ම බලසම්පන්නයෙකු යන්න ඔබ දැන ගත්තේ නැද්ද?
أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّۢ وَلَا نَصِيرٍ ١۰۷
භූමිය හා අහස්හි පාලනය අල්ලාහ්ටම අයිතිය යන්න ඔබ දැන ගත්තේ නැද්ද? (විශ්වාසවන්තයිනි!) අල්ලාහ් හැර, ඔබට ආරක්ෂකයෙකු නැත. උදව් කරන්නෙකුද නැත.
أَمْ تُرِيدُونَ أَن تَسْـَٔلُوا۟ رَسُولَكُمْ كَمَا سُئِلَ مُوسَىٰ مِن قَبْلُ ۗ وَمَن يَتَبَدَّلِ ٱلْكُفْرَ بِٱلْإِيمَٰنِ فَقَدْ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ ١۰۸
(විශ්වාසවන්තයිනි!) මීට පෙර මූසා වෙතින් (ඔහුගේ ජනතාව පුහු ප්රශ්න) ඇසුවාක් මෙන් ඔබත්, ඔබගේ රසූල්වරයාගෙන් විමසන්නට කැමති වන්නෙහුද? කවුරුන් (මෙවැනි ප්රශ්න අසා තමන්ගේ) විශ්වාසය ප්රතික්ෂේපය මගින් වෙනස් කර ගන්නේද, ඔහු ඍජු මාර්ගයෙන් නියත වශයෙන්ම වැරද ගියේය.
وَدَّ كَثِيرٌۭ مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ لَوْ يَرُدُّونَكُم مِّنۢ بَعْدِ إِيمَٰنِكُمْ كُفَّارًا حَسَدًۭا مِّنْ عِندِ أَنفُسِهِم مِّنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْحَقُّ ۖ فَٱعْفُوا۟ وَٱصْفَحُوا۟ حَتَّىٰ يَأْتِىَ ٱللَّهُ بِأَمْرِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ١۰۹
ධර්මය අයත් අයගෙන් වැඩි දෙනෙකු, ඔබගේ විශ්වාසයෙන් පසු, ඔබව ප්රතික්ෂේප කරන්නන් බවට වෙනස් කර නොහරින්නෙමුදැයි කැමති වන්නාහ. ඔවුන්ට ඇත්ත (කුමක්ද යන්න ගැන) පැහැදිලිව දැන ගැනීමෙන් පසුත් ඔවුන්ට (ඔබ මත) ඇති ඊර්ෂ්යාවේ හේතුවෙන්ම -(මෙසේ ඔවුන් කැමති වන්නාහ).- එබැවින් අල්ලාහ්ගේ (වෙනත්) නියෝගයක් ලැඛෙන තුරු (ඔවුන්ට) ඔබ සමාව දී ප්රතික්ෂේප කරමින් සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් සෑම දැයක් කෙරෙහිම ඉතාමත් බලසම්පන්නයෙකි.
وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ ۚ وَمَا تُقَدِّمُوا۟ لِأَنفُسِكُم مِّنْ خَيْرٍۢ تَجِدُوهُ عِندَ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ ١١۰
තවද ඔබ සලාතය නොවරදවා ඉටු කරද, සකාතය ගෙවමින්ද සිටිනු. (මන්දයත් මරණයට) පෙර ඔබ වෙනුවෙන් ඔබ කුමන පිනක් කර යවන්නෙහුද, එයම අල්ලාහ් වෙත (විනිශ්චය දිනදී) අත් කර ගන්නෙහුය. (එබැවින් මිය යෑමට පෙරම හැකි පමණ දැහැමි දැය කර ගනු). නියත වශයෙන්ම අල්ලාහ්, ඔබ කරන දැය ඉතා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.
وَقَالُوا۟ لَن يَدْخُلَ ٱلْجَنَّةَ إِلَّا مَن كَانَ هُودًا أَوْ نَصَٰرَىٰ ۗ تِلْكَ أَمَانِيُّهُمْ ۗ قُلْ هَاتُوا۟ بُرْهَٰنَكُمْ إِن كُنتُمْ صَٰدِقِينَ ١١١
(නබියේ!) ක්රිස්තියානුවෙකු වශයෙන් හෝ යුදෙව්වෙකු වශයෙන් හෝ සිටින්නන් හැර, (වෙන කිසිවෙකුත්) ස්වර්ගයට ඇතුළු වන්නේම නැත යයි ඔවුන් (ඔවුනොවුන්ට) පවසන්නාහ. මෙය ඔවුන්ගේ පුහු විශ්වාසයක් මිස, (ඇත්තක් නොව. එබැවින් ඔවුන්ට නබියේ!) ඔබ මෙසේ කියනු. “ඔබ ඇත්ත පවසන්නන් බවට සිටින්නෙහු නම් ඔබගේ (මෙම වදනට වූ) සාධකයන් ගෙන එනු”.
بَلَىٰ مَنْ أَسْلَمَ وَجْهَهُۥ لِلَّهِ وَهُوَ مُحْسِنٌۭ فَلَهُۥٓ أَجْرُهُۥ عِندَ رَبِّهِۦ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ١١٢
(සත්යය) එසේ නොව! කවුරුන් (අල්ලාහ් වෙනුවෙන්) දැහැමි ක්රියාවන් කර, තමන්ව (සම්පූර්ණයෙන්ම) අල්ලාහ් වෙනුවෙන් කැප කරන්නේද, ඔහුටම ඔහුගේ හොඳ ඵලවිපාක දෙවියන්ගේ සන්නිධානයෙන් ඇත. තවද මෙවැන්නන්ට කිසිම බියක්ද නැත. ඔවුන් දුක් වන්නේද නැත.
وَقَالَتِ ٱلْيَهُودُ لَيْسَتِ ٱلنَّصَٰرَىٰ عَلَىٰ شَىْءٍۢ وَقَالَتِ ٱلنَّصَٰرَىٰ لَيْسَتِ ٱلْيَهُودُ عَلَىٰ شَىْءٍۢ وَهُمْ يَتْلُونَ ٱلْكِتَٰبَ ۗ كَذَٰلِكَ قَالَ ٱلَّذِينَ لَا يَعْلَمُونَ مِثْلَ قَوْلِهِمْ ۚ فَٱللَّهُ يَحْكُمُ بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ ١١۳
තවද ‘ක්රිස්තියානුවන් (කිසිම ධර්මයක) නැත’යි යුදෙව්වන් පවසන්නාහ. (එසේම) ‘යුදෙව්වන් (කිසිම ධර්මයක) නැත’යි ක්රිස්තියානුවන් පවසන්නාහ. නමුත් මොවුන් (තමන්ගේ මෙම කියමනට සාධකයන් වශයෙන් බයිබලයේ ‘පැරණි තෙස්තමේන්තුව’ නම් වූ තව්රාත් නමැති එකම) ධර්මයම කියවන්නාහ! මොවුන් පවසා ගන්නා ආකාරයටම (ධර්මය) දැන නොගත් (සමානයන් තබා නමදින්නන්) අය “(යුදෙව්වන්ද ක්රිස්තියානුවන්ද කිසිම ධර්මයකට අයත් අය නොවන්නාහ” යයි) පවසන්නාහ. නමුත් මොවුන් තර්ක කරමින් සිටින (මෙම කාරණාවන්) මේ ගැන විනිශ්චය දිනදී අල්ලාහ් මොවුන් අතරේ තීන්දුවක් දෙනු ඇත.
وَمَنْ أَظْلَمُ مِمَّن مَّنَعَ مَسَٰجِدَ ٱللَّهِ أَن يُذْكَرَ فِيهَا ٱسْمُهُۥ وَسَعَىٰ فِى خَرَابِهَآ ۚ أُو۟لَٰٓئِكَ مَا كَانَ لَهُمْ أَن يَدْخُلُوهَآ إِلَّا خَآئِفِينَ ۚ لَهُمْ فِى ٱلدُّنْيَا خِزْىٌۭ وَلَهُمْ فِى ٱلْءَاخِرَةِ عَذَابٌ عَظِيمٌۭ ١١٤
තවද අල්ලාහ්ගේ මස්ජිද්වල ඔහුගේ (ශුද්ධ වූ) නාමය සුවිශුද්ධ කිරීම වළක්වා, ඒවා අපතේ හැරීමට උත්සාහ කරන්නන්ට වඩා ඉමහත් අපරාධකරුවන් කවරෙක්ද? බිය බැතිමත්භාවයෙන් මිස, ඒවායේ ඇතුළු වීමට ඔවුන්ට අයිතියක්ම නැත. (එසේ තිබියදී එයට විරුද්ධව කටයුතු කරන) ඔවුන්ට මෙලොවෙහි අවමානයයි. තවද පරලොවදීද ඔවුන්ට ඉමහත් වූ දඬුවම් ඇත.
وَلِلَّهِ ٱلْمَشْرِقُ وَٱلْمَغْرِبُ ۚ فَأَيْنَمَا تُوَلُّوا۟ فَثَمَّ وَجْهُ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ وَٰسِعٌ عَلِيمٌۭ ١١٥
නැගෙනහිරද බස්නාහිරද අල්ලාහ්ටම (අයිතිය). එබැවින් ඔබ (සලාත් කරන විට) කුමන දිශාවකට මුහුණ ලා සිටියද, එය අල්ලාහ්ගේ දිශාවයි! නියත වශයේම අල්ලාහ් අති විශාලවන්තයෙකි. ඉතාමත් හොඳින් දන්නෙකි.
وَقَالُوا۟ ٱتَّخَذَ ٱللَّهُ وَلَدًۭا ۗ سُبْحَٰنَهُۥ ۖ بَل لَّهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ كُلٌّۭ لَّهُۥ قَٰنِتُونَ ١١٦
“අල්ලාහ් (තමන්ට) දරුවන් ඇති කර ගත්තේය” යයි ඔවුන් පවසන්නාහ. ඔහු නම් (මෙම කියමනෙන්) ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. තවද අහස්හිද, භූමියෙහිද ඇති (සියල්ල) ඔහුට අයිති දැයයි! මේ සියල්ල ඔහුට යටහත් පහත් වී කටයුතු කරනවා (මිස, දරුවන් බවට පත් කර ගන්නා තරම් සුදුසු කිසිවක් නැත).
بَدِيعُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَإِذَا قَضَىٰٓ أَمْرًۭا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ١١۷
තවද) ඔහුම අහස්ද භූමියද පෙර නිදසුනක් නොමැතිව උත්පාදනය කළ කෙනෙකි. ඔහු කුමක් හෝ (උත්පාදනය කිරීමට අදහස් කර), තීරණයක් කළහොත් ‘වනු!’ යයි කීම පමණකින්ම එවෙලේම එය සිදු වන්නේය.
وَقَالَ ٱلَّذِينَ لَا يَعْلَمُونَ لَوْلَا يُكَلِّمُنَا ٱللَّهُ أَوْ تَأْتِينَآ ءَايَةٌۭ ۗ كَذَٰلِكَ قَالَ ٱلَّذِينَ مِن قَبْلِهِم مِّثْلَ قَوْلِهِمْ ۘ تَشَٰبَهَتْ قُلُوبُهُمْ ۗ قَدْ بَيَّنَّا ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يُوقِنُونَ ١١۸
තවද අධ්යාපන (දැනුම) නැති අය “අල්ලාහ් අප සමග (කෙළින්) කතා කළ යුතු නොවේද? නැතහොත් (ලියන ලද) වදනක් (කෙළින්ම) අපට පැමිණිය යුතු නොවේද?”යි විමසන්නාහ. මොවුන් ඉල්ලන ආකාරයටම මොවුන්ට පෙර සිටියවුන්ද (මූසා නබි වෙතින්) විමසූහ. (ඔවුන්ගේ හෘදයන්) මොවුන්ගේ හෘදයන්ට සම වන්නේය. (සත්යය) ස්ථීර කරන ජනතාවට අපගේ සාධකයන් නියත වශයෙන්ම අපි පැහැදිලි කර ඇත්තෙමු.
إِنَّآ أَرْسَلْنَٰكَ بِٱلْحَقِّ بَشِيرًۭا وَنَذِيرًۭا ۖ وَلَا تُسْـَٔلُ عَنْ أَصْحَٰبِ ٱلْجَحِيمِ ١١۹
(නබියේ! දැහැමි දැය කරන්නන්ට) මෙම සත්යය මගින් ඔබ සුභාරංචි දෙන ලෙසටද, (පාපතරයන්ට) බිය ගන්වා අනතුරු අඟවන ලෙසටද (පමණක්ම) අපි ඔබව යවා ඇත්තෙමු. එබැවින් (ඔවුන් ඔබගේ වදන ප්රතික්ෂේප කර නිරයට ගියහොත්, එම) නිරාවාසීන් ගැන ඔබගෙන් විමසනු නොලබන්නෙහිය.
وَلَن تَرْضَىٰ عَنكَ ٱلْيَهُودُ وَلَا ٱلنَّصَٰرَىٰ حَتَّىٰ تَتَّبِعَ مِلَّتَهُمْ ۗ قُلْ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلْهُدَىٰ ۗ وَلَئِنِ ٱتَّبَعْتَ أَهْوَآءَهُم بَعْدَ ٱلَّذِى جَآءَكَ مِنَ ٱلْعِلْمِ ۙ مَا لَكَ مِنَ ٱللَّهِ مِن وَلِىٍّۢ وَلَا نَصِيرٍ ١٢۰
(නබියේ!) යුදෙව්වන් වුවද (කම් නැත), ක්රිස්තියානුවන් වුවද (කම් නැත), ඔබ ඔවුන්ගේ ධර්මය අනුගමනය නොකර සිටින තුරු, ඔබ ගැන ඔවුන් සෑහීමට පත් වන්නේම නැත. (එබැවින් ඔවුන්ට) “අල්ලාහ්ගේ මාර්ගයම (වන ඉස්ලාමය) නියත වශයෙන්ම ඍජු මාර්ගය වේ. (මෙයම අනුගමනය කරන්නෙමි)” යයි පවසනු. තවද ඔබට (සත්ය) ඥානය පැමිණි පසුද, ඔවුන්ගේ කැමැත්ත අනුගමනය කරන්නෙහි නම්, අල්ලාහ් වෙතින් (ඒ සඳහා විනිශ්චය කරනු ලබන දිනදී) ඔබව බේරා ගන්නෙකුද නැත; (ඔබට) උදව් කරන්නෙකුද නැත.
ٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ يَتْلُونَهُۥ حَقَّ تِلَاوَتِهِۦٓ أُو۟لَٰٓئِكَ يُؤْمِنُونَ بِهِۦ ۗ وَمَن يَكْفُرْ بِهِۦ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ ١٢١
(නබියේ!) අපගේ ධර්මයන් ලබා දුන් අයගෙන්, කවුරුන් එය සමුදීරණය කළ යුතු ආකාරයට සමුදීරණය කර, (දැන) ගෙන (අනුගමනය) කරන්නෝද, ඔවුන් (ශුද්ධ වූ කුර්ආනය වන) මෙයද (අනිවාර්යයෙන්ම) විශ්වාස කරන්නාහ. නමුත් (ඔවුන්ගෙන්) කවුරුන් හෝ මෙය ප්රතික්ෂේප කළහොත් ඔවුන් නියත වශයෙන්ම පරාජිතයින්ම වන්නාහ!
يَٰبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱذْكُرُوا۟ نِعْمَتِىَ ٱلَّتِىٓ أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّى فَضَّلْتُكُمْ عَلَى ٱلْعَٰلَمِينَ ١٢٢
ඉස්රායීල පරම්පරා දරුවනි! මා ඔබට ලබා දී තිබුණු මගේ සැප සම්පත්ද, උත්පාදනයන්ගෙන් ඔබව මා ඉතාමත් ශ්රේෂ්ඨ බවට පත් කර තිබීම ගැනද ඔබ සිතා බලනු.
وَٱتَّقُوا۟ يَوْمًۭا لَّا تَجْزِى نَفْسٌ عَن نَّفْسٍۢ شَيْـًۭٔا وَلَا يُقْبَلُ مِنْهَا عَدْلٌۭ وَلَا تَنفَعُهَا شَفَٰعَةٌۭ وَلَا هُمْ يُنصَرُونَ ١٢۳
තවද එක් දිනයක් ගැනද බිය වනු. (එදින) කුමන හෝ ආත්මයක් තවත් ආත්මයකට කිසිම ප්රයෝජනයක් ලබා දෙන්නේ නැත. එයින් කිසිම වන්දියක් බාර ගන්නේද නැත. ඒ වෙනුවෙන් කිසිවෙකු මැදිහත් වී කතා කිරීම ප්රයෝජනයක් අත් කර දෙන්නේද නැත. තවද ඔවුන්ට (කවුරුන්ගෙන්වත් කිසිම) උදව්වක් කරනු ලබන්නේද නැත.
۞ وَإِذِ ٱبْتَلَىٰٓ إِبْرَٰهِۦمَ رَبُّهُۥ بِكَلِمَٰتٍۢ فَأَتَمَّهُنَّ ۖ قَالَ إِنِّى جَاعِلُكَ لِلنَّاسِ إِمَامًۭا ۖ قَالَ وَمِن ذُرِّيَّتِى ۖ قَالَ لَا يَنَالُ عَهْدِى ٱلظَّٰلِمِينَ ١٢٤
තවද ඉබ්රාහීම්ව ඔහුගේ දෙවියන් (ඉමහත් පිරික්සුම් වන) විවිධ නියෝගයන් නිකුත් කර, පිරික්සුමට ලක් කළ අවස්ථාවේදී, ඔහු ඒ සියල්ල පූරණ වශයෙන්ම ඉටු කළේය. (එබැවින් දෙවියන් වහන්සේ ඔහුට) “නියත වශයෙන්ම මා ඔබව මිනිසුන්ට (ඍජු මාර්ගය පෙන්වීමට හැකි) ප්රධානියෙකු බවට පත් කරන්නෙමි” යයි පැවසුවේය. එයට (ඉබ්රාහීම්) “මගේ පරම්පරාවේ දරුවන්වත් (ප්රධානීන් බවට පත් කරන්නෙහිද)?”යි විමසුවේය. (එයට “ඔබගේ දරුවන්ගෙන් වූ) අපරාධකරුවන්ට මගේ (මෙම) පොරොන්දුව අත් වන්නේ නැත” යයි පැවසුවේය.
وَإِذْ جَعَلْنَا ٱلْبَيْتَ مَثَابَةًۭ لِّلنَّاسِ وَأَمْنًۭا وَٱتَّخِذُوا۟ مِن مَّقَامِ إِبْرَٰهِۦمَ مُصَلًّۭى ۖ وَعَهِدْنَآ إِلَىٰٓ إِبْرَٰهِۦمَ وَإِسْمَٰعِيلَ أَن طَهِّرَا بَيْتِىَ لِلطَّآئِفِينَ وَٱلْعَٰكِفِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ ١٢٥
(මක්කාවෙහි ඉබ්රාහීම් ඉදි කළ කඃබා නමැති) නිවස මිනිසුන් සේන්දු වන ස්ථානයක් වශයෙන්ද, (ඔවුන්ට) ආරක්ෂාව සපයා දෙන (ස්ථානයක්) බවටද, අපි පත් කළ අවස්ථාවේදී “(විශ්වාසවන්තයිනි!) (එහි) ඉබ්රාහීම් සිටගෙන සිටි ස්ථානය ඔබ නමදින ස්ථානය බවට තබා ගනු” (යයි නියෝග කළෙමු). තවද “(හජ් කිරීමට එහි පැමිණ), එය වටා ගමන් (තවාෆ්) කරන්නන්ටද, දෙවියන්ව සිහි කිරීමට (එහි) රැඳී සිටින්නන්ටද, නැවී හිස නවා (එහි නමදි)න්නන්ටද මගේ (එම) නිවස පරිශුද්ධ ස්ථානයක් බවට පත් කර තබනු” යයි ඉබ්රාහීම් වෙතින්ද ඉස්මායීල් වෙතින්ද අපි පොරොන්දු ලබා ගත්තෙමු.
وَإِذْ قَالَ إِبْرَٰهِۦمُ رَبِّ ٱجْعَلْ هَٰذَا بَلَدًا ءَامِنًۭا وَٱرْزُقْ أَهْلَهُۥ مِنَ ٱلثَّمَرَٰتِ مَنْ ءَامَنَ مِنْهُم بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ ۖ قَالَ وَمَن كَفَرَ فَأُمَتِّعُهُۥ قَلِيلًۭا ثُمَّ أَضْطَرُّهُۥٓ إِلَىٰ عَذَابِ ٱلنَّارِ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ ١٢٦
තවද ඉබ්රාහීම් (දෙවියන් වහන්සේට) “මගේ දෙවියනේ! (මක්කාව වන) මෙය ආරක්ෂාව ලබා දෙන නගරයක් බවට පත් කර, මෙහි ජීවත් වන අයගෙන් කවුරුන් අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස කරන්නේද, ඔහුට ආහාර වශයෙන් විවිධ වර්ගයේ පලතුරුද ලබා දෙනු මැනව!” යයි පැවසීමට, (දෙවියන් “මාව විශ්වාස කරන්නාට ආහාර ලබා දෙන සේම මාව) ප්රතික්ෂේප කරන්නාටද (ආහාර ලබා දී) ඔහුවද ටික කාලයක් (එහි) සුවය විඳීමට අත් හැර දමන්නෙමි. පසුව නිරා දඬුවම දෙසට (යන ලෙසට) ඔහුට බල කරන්නෙමි. ඔහු යන (එම) ස්ථානය (ඉතාමත්) නපුරුය” යයි පැවසුවේය.
وَإِذْ يَرْفَعُ إِبْرَٰهِۦمُ ٱلْقَوَاعِدَ مِنَ ٱلْبَيْتِ وَإِسْمَٰعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّآ ۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ١٢۷
ඉබ්රාහීම්ද, ඉස්මායිල්ද එම නිවසේ අත්තිවාරම ගොඩ නැගූ අවස්ථාවේදී “අපගේ දෙවියනේ! (ඔබව නැමදීම සඳහා අපි ඉදි කළ මෙම නිවස) අපගෙන් බාර ගනු මැනව! නියත වශයෙන් ඔබම (අපගේ මෙම ප්රාර්ථනාව) සවන් දෙන්නෙකු වශයෙන්ද හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නෙහුය” (යයිද)-
رَبَّنَا وَٱجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ وَمِن ذُرِّيَّتِنَآ أُمَّةًۭ مُّسْلِمَةًۭ لَّكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَيْنَآ ۖ إِنَّكَ أَنتَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ١٢۸
“අපගේ දෙවියනේ! අප දෙදෙනාවම (ඔබව සම්පූර්ණයෙන්ම නමදින) මුස්ලීම්වරුන් වශයෙන්ද අපගේ පරම්පරාවෙන්ද එක් සමූහයක් මුස්ලීම්වරුන් බවට පත් කර තබනු මැනව! (හජ් කාලයෙහි අපි කළ යුතු) ඔබගේ නැමදුම්ද දැනුම් දෙනු මැනව! (අපි වැරදි කළද), අපට ඔබ සමාව දෙනු මැනව! නියත වශයෙන් ඔබම ඉතාමත් සමාව දෙන්නෙකු හා අසමසම අනුකම්පාවෙන් යුත්තෙකු වශයෙන් සිටින්නෙහිය” (යයිද)
رَبَّنَا وَٱبْعَثْ فِيهِمْ رَسُولًۭا مِّنْهُمْ يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَٰتِكَ وَيُعَلِّمُهُمُ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَيُزَكِّيهِمْ ۚ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ١٢۹
“අපගේ දෙවියනේ! (අපගේ පරම්පරාවෙන් වූ) ඔවුන්ට ඔබගේ ආයාවන් සමුදීරණය කර පෙන්වා, ධර්මයද ඥානයද ඔවුන්ට උගන්වා දී, ඔවුන්ව පරිශුද්ධ කර තැබිය හැකි රසූල්වරයෙකු ඔවුන්ගෙන්ම ඔවුන් අතරේ ඉකුත් වීමට සලස්වනු මැනව! නියත වශයෙන් ඔබම ඉමහත් බල සම්පන්නයෙකු හා ඉතාමත් නුවනැත්තෙකුද වශයෙන් සිටින්නෙහිය” (යයිද ප්රාර්ථනා කළහ).
وَمَن يَرْغَبُ عَن مِّلَّةِ إِبْرَٰهِۦمَ إِلَّا مَن سَفِهَ نَفْسَهُۥ ۚ وَلَقَدِ ٱصْطَفَيْنَٰهُ فِى ٱلدُّنْيَا ۖ وَإِنَّهُۥ فِى ٱلْءَاخِرَةِ لَمِنَ ٱلصَّٰلِحِينَ ١۳۰
තමන්ව තමන් විසින්ම මොඩයෙකු බවට පත් කර ගත්තෙකු හැර, ඉබ්රාහීම්ගේ (ඉස්ලාම්) ධර්මය ප්රතික්ෂේප කරන්නා කවරෙක්ද? නියත වශයෙන්ම අපි ඔහුව මෙලොවෙහි තෝරා ගත්තෙමු. පරලොවෙහිද නියත වශයෙන්ම ඔහු හොඳ වහලූන් සමග සිටිනු ඇත.
إِذْ قَالَ لَهُۥ رَبُّهُۥٓ أَسْلِمْ ۖ قَالَ أَسْلَمْتُ لِرَبِّ ٱلْعَٰلَمِينَ ١۳١
(තවද) ඔහුට ඔහුගේ දෙවියන් “ඔබ (මට) අවනත වනු!” යයි පැවසූ අවස්ථාවේදී, ඔහු (කිසිම පැකිලීමක් නොමැතිව) “සකල ලෝකයන්හිම රබ්බු (වන) ඔබට (මෙන්න) මා අවනත වුනෙමි” යයි පැවසුවේය.
وَوَصَّىٰ بِهَآ إِبْرَٰهِۦمُ بَنِيهِ وَيَعْقُوبُ يَٰبَنِىَّ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰ لَكُمُ ٱلدِّينَ فَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسْلِمُونَ ١۳٢
මෙයම ඉබ්රාහීම් තමන්ගේ පරම්පරාවේ අයටද නියම කළේය. තවද යාකූබ්ද (මේ ආකාරයටම නියම කළ අතර තමන්ගේ පරම්පරාවේ අයට) “මාගේ පරම්පරාවේ දරුවනි! ඔබ වෙනුවෙන් අල්ලාහ් මෙම ධර්මය (ඉස්ලාමය)ම තෝරාගෙන ඇත්තේය. එබැවින් ඔබ සත්ය මුස්ලීම්වරුන් වශයෙන් මිස, මරණයට පත් නොවනු!” (යයි පැවසුවේය).
أَمْ كُنتُمْ شُهَدَآءَ إِذْ حَضَرَ يَعْقُوبَ ٱلْمَوْتُ إِذْ قَالَ لِبَنِيهِ مَا تَعْبُدُونَ مِنۢ بَعْدِى قَالُوا۟ نَعْبُدُ إِلَٰهَكَ وَإِلَٰهَ ءَابَآئِكَ إِبْرَٰهِۦمَ وَإِسْمَٰعِيلَ وَإِسْحَٰقَ إِلَٰهًۭا وَٰحِدًۭا وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ ١۳۳
(යුදෙව්වනි!) යාකූබ්ට මරණ මංචකය ළඟා වූ අවස්ථාවේදී (ඔහු) සමීපයෙහි ඔබ සිටියෙහුද? ඔහු තම දරුවන්ට “මගෙන් පසු ඔබ කුමක් නම් නමදින්නෙහුද?”යි විමසූ විට, “ඔබගේ දෙවියන්ද, ඔබගේ මුතුන් මිත්තන් වන ඉබ්රාහීම්, ඉස්මායීල්, ඉස්හාක් ආදීන්ගේ දෙවියන්ද, වන එකම දෙවියන්ව අපි නමදින්නෙමු! ඔහුට සම්පූර්ණයෙන්ම අවනත වූ මුස්ලීම්වරුන් වශයෙන්ම සිටින්නෙමු” යයිද පැවසූහ.
تِلْكَ أُمَّةٌۭ قَدْ خَلَتْ ۖ لَهَا مَا كَسَبَتْ وَلَكُم مَّا كَسَبْتُمْ ۖ وَلَا تُسْـَٔلُونَ عَمَّا كَانُوا۟ يَعْمَلُونَ ١۳٤
(ඉහත සඳහන් නබිවරුන් වන) ඔවුන් ඉකුත් වී ගිය එක් (දැහැමි) සමූහයකි. ඔවුන් කළ දැහැමි ක්රියාවන් ඔවුන්ටද, ඔබ කළ දැහැමි ක්රියාවන් ඔබටද (හොඳ ඵලවිපාක ලබා දෙන්නේය). ඔවුන් කුමක් කරමින් සිටියෝදැයි ඔබව විමසනු නොලබන්නෙහුය.
وَقَالُوا۟ كُونُوا۟ هُودًا أَوْ نَصَٰرَىٰ تَهْتَدُوا۟ ۗ قُلْ بَلْ مِلَّةَ إِبْرَٰهِۦمَ حَنِيفًۭا ۖ وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ ١۳٥
(විශ්වාසවන්තයින්ට) ඔවුන් “ඔබ යුදෙව්වන් නැතහොත් ක්රිස්තියානුවන් බවට පත් වනු. (එවිට ඔබ) ඍජු මාර්ගය අත් කර ගනු ලබන්නෙහුය” යයි පවසන්නාහ. (එයට) “එසේ නොව, ඍජු මාර්ගයට අයත් ඉබ්රාහීම්ගේ ධර්මයම (අනුගමනය කරන්නෙමු). ඔහු (ඔබ මෙන්) සමානයන් තබා නැමදූ අයෙකු නොව” යයි (පවසන මෙන් විශ්වාසවන්තයින්ට නබියේ!) ඔබ පවසනු (මැනව!)
قُولُوٓا۟ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيْنَا وَمَآ أُنزِلَ إِلَىٰٓ إِبْرَٰهِۦمَ وَإِسْمَٰعِيلَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ وَٱلْأَسْبَاطِ وَمَآ أُوتِىَ مُوسَىٰ وَعِيسَىٰ وَمَآ أُوتِىَ ٱلنَّبِيُّونَ مِن رَّبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍۢ مِّنْهُمْ وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ ١۳٦
(විශ්වාසවන්තයිනි!) ඔබත් මෙසේ පවසනු: “අල්ලාහ්වද අපට පහළ කරන ලද (මෙම ධර්මය)ද ඉබ්රාහීම්, ඉස්මායීල්, ඉස්හාක්, යාකූබ් ආදීන්ටද මොවුන්ගේ පරම්පරාවටද පහළ කරන ලද සියල්ලද, මූසාටද, ඊසාටද, ලබා දෙනු ලැබූ දැයද, අනිත් නබිවරුන්ට ඔවුන් දෙවියන් වෙතින් ලබා දෙනු ලැබූ දැයද, අපි විශ්වාස කරන්නෙමු. ඔවුන්ගෙන් කිසිවෙකුත් (නබිවරුන් නොව යයි) අපි වෙන්කර නොහරින්නෙමු. තවද ඔහුටම අපි සම්පූර්ණයෙන්ම අවනත වෙමු”
فَإِنْ ءَامَنُوا۟ بِمِثْلِ مَآ ءَامَنتُم بِهِۦ فَقَدِ ٱهْتَدَوا۟ ۖ وَّإِن تَوَلَّوْا۟ فَإِنَّمَا هُمْ فِى شِقَاقٍۢ ۖ فَسَيَكْفِيكَهُمُ ٱللَّهُ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ١۳۷
(විශ්වාසවන්තයිනි!) ඔබ කුමක් කෙරෙහි විශ්වාසය තැබූවෙහුද, ඒ ආකාරයටම ඔවුන්ද විශ්වාස කළහොත් නියත වශයෙන්ම ඔවුන් ඍජු මාර්ගය අත් කර ගන්නෙහුය. ඔවුන් ප්රතික්ෂේප කර හැරියහොත් නියත වශයෙන්ම (පුහු) මුරණ්ඩුකමෙහිම සිටින්නාහ. ඔවුන් ගැන ඔබට (කිසි බියක් අවශ්ය නැත!) අල්ලාහ් ප්රමාණවත්ය. තවද ඔහු (ඔවුන්ගේ කුමන්ත්රණකාරී වදන්) සවන් දෙන්නෙකු හා (ඔවුන්ගේ වංචනිකභාවය) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය.
صِبْغَةَ ٱللَّهِ ۖ وَمَنْ أَحْسَنُ مِنَ ٱللَّهِ صِبْغَةًۭ ۖ وَنَحْنُ لَهُۥ عَٰبِدُونَ ١۳۸
“අල්ලාහ්ගේ වර්ණයන් (මගින් ඥාන ස්නානය) අත් කර ගන්නෙමු. අල්ලාහ්ට වඩා අලංකාරවත් වර්ණයන්ගෙන් යුත්තා කවරෙක්ද? අපි ඔහුවම නමදින්නෙමු!” (යයිද පවසනු මැනව!)
قُلْ أَتُحَآجُّونَنَا فِى ٱللَّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمْ وَلَنَآ أَعْمَٰلُنَا وَلَكُمْ أَعْمَٰلُكُمْ وَنَحْنُ لَهُۥ مُخْلِصُونَ ١۳۹
“ඔබ අල්ලාහ් ගැන අප වෙත තර්ක කරන්නෙහුද? අපව පෝෂණය කරන්නාද, ඔබව පෝෂණය කරන්නාද ඔහුමය! අපගේ කළකම් අපටය; ඔබගේ කළකම් ඔබටය. අපි ඔහුට (සමානයන් නොතබා) සම්පූර්ණයෙන්ම ඔහුටම අයත් අය වශයෙන් සිටින්නෙමු” (යයිද පවසනු මැනව!)
أَمْ تَقُولُونَ إِنَّ إِبْرَٰهِۦمَ وَإِسْمَٰعِيلَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ وَٱلْأَسْبَاطَ كَانُوا۟ هُودًا أَوْ نَصَٰرَىٰ ۗ قُلْ ءَأَنتُمْ أَعْلَمُ أَمِ ٱللَّهُ ۗ وَمَنْ أَظْلَمُ مِمَّن كَتَمَ شَهَٰدَةً عِندَهُۥ مِنَ ٱللَّهِ ۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعْمَلُونَ ١٤۰
”ඉබ්රාහීම්, ඉස්මායිල්, ඉස්හාක්, යාකූබ් ද ඔවුනොවුන්ගේ පරම්පරාවද යුදෙව්වන් නැතහොත් ක්රිස්තියානුවන් වශයෙන් සිටියෙහුය යයි නියත වශයෙන්ම පවසන්නෙහුද? (මෙය) හොඳින් දැන සිටින්නා ඔබද නැතහොත් අල්ලාහ්ද?”යි (නබියේ!) ඔබ විමසනු (මැනව!) තවද (මේ ගැන) තමන් වෙත ඇති අල්ලාහ්ගේ සාක්ෂිය සඟවන්නාට වඩා ඉමහත් අපරාධකරුවා කවරෙක්ද? ඔබ කරන දැය ගැන අල්ලාහ් නොසැළකිලිමත්ව සිටින්නේ නැත!” (යයිද පවසනු මැනව!)
تِلْكَ أُمَّةٌۭ قَدْ خَلَتْ ۖ لَهَا مَا كَسَبَتْ وَلَكُم مَّا كَسَبْتُمْ ۖ وَلَا تُسْـَٔلُونَ عَمَّا كَانُوا۟ يَعْمَلُونَ ١٤١
(ඉහත සඳහන් නබිවරුන් වන) ඔවුන් ඉකුත් වී ගිය එක් (දැහැමි) සමූහයකි. ඔවුන් කළ දැහැමි ක්රියාවන් ඔවුන්ටද; ඔබ කරනා දැහැමි ක්රියාවන් ඔබටද (ප්රයෝජනවත් වනු ඇත). ඔවුන් කුමක් කරමින් සිටියෙහුදයි ඔබව විමසනු නොලබන්නෙහුය.
۞ سَيَقُولُ ٱلسُّفَهَآءُ مِنَ ٱلنَّاسِ مَا وَلَّىٰهُمْ عَن قِبْلَتِهِمُ ٱلَّتِى كَانُوا۟ عَلَيْهَا ۚ قُل لِّلَّهِ ٱلْمَشْرِقُ وَٱلْمَغْرِبُ ۚ يَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ١٤٢
(නබියේ! “මුස්ලිම්වරුන් කළින්) බලමින් සිටි කිබ්ලාවෙන් ඔවුන්ව හරවා දැමුවේ කුමක්ද?”යි මිනිසුන්ගෙන් අඥානයින් සමහරෙකු විමසන්නට පටන් ගන්නාහ. (එයට) ඔබ මෙසේ කියනු: “නැගෙනහිරද, බස්නාහිරද අල්ලාහ්ටම අයිතිය! ඔහු කැමැත්තන්ව (උසස් වූ) ඍජු මාර්ගයෙහි ඇතුළු කරනු ඇත”.
وَكَذَٰلِكَ جَعَلْنَٰكُمْ أُمَّةًۭ وَسَطًۭا لِّتَكُونُوا۟ شُهَدَآءَ عَلَى ٱلنَّاسِ وَيَكُونَ ٱلرَّسُولُ عَلَيْكُمْ شَهِيدًۭا ۗ وَمَا جَعَلْنَا ٱلْقِبْلَةَ ٱلَّتِى كُنتَ عَلَيْهَآ إِلَّا لِنَعْلَمَ مَن يَتَّبِعُ ٱلرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَىٰ عَقِبَيْهِ ۚ وَإِن كَانَتْ لَكَبِيرَةً إِلَّا عَلَى ٱلَّذِينَ هَدَى ٱللَّهُ ۗ وَمَا كَانَ ٱللَّهُ لِيُضِيعَ إِيمَٰنَكُمْ ۚ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٌۭ رَّحِيمٌۭ ١٤۳
(විශ්වාසවන්තයිනි!) එසේම (උස් පහත් භේදයක් නැති) මධ්යස්ථ සමූහයක් වශයෙන්ද, අපි ඔබව පත් කළෙමු. එබැවින් ඔබ (අන්) මිනිසුන්ට (ඍජු මාර්ගය පෙන්විය හැකි) සාක්ෂියක් වශයෙන් සිටිනු. (අපගේ) රසූල්, ඔබට (මග පෙන්විය හැකි) සාක්ෂියක් වශයෙන් සිටිනු ඇත. (නබියේ!) ඔබ (මෙතෙක්) දිශාවක් බලා (සලාත්) කරමින් සිටි (බයිතුල් මක්දිස්හි) දිශාව (වෙනස් නොකර ඔබ ඒ දෙසම බලා සලාත් කරමින් සිටින ලෙසට මෙතෙක්) අපි නියම කර තිබූ දැය නම්, (එය වෙනස් කළ පසු අපගේ) රසූල්වරයා අනුගමනය කරන්නාව (අනුගමනය නොකර) තමන්ගේ විළුඹ දෙසට ආපසු හැරී යන්නන්ගෙන් අපි වෙන්කර හඳුනා ගැනීමටය. නමුත් කවුරුන්ව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේද, ඔවුන් හැරය. අන් අයට එය (කිබ්ලාව වෙනස් කිරීම) නියත වශයෙන්ම ඉතාමත් බරපතල දැයකි. තවද (විශ්වාසවන්තයිනි! මෙයට පෙර ඔබ බයිතුල් මක්දිසය දෙස බලා සලාත් කරමින් සිටීමේ) ඔබගේ විශ්වාසයද අල්ලාහ් අපතේ හරින්නේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් මිනිසුන් වෙත ඉමහත් කරුණාවෙන්ද අපරිමිත ආදරයෙන්ද යුත්තෙකි.
قَدْ نَرَىٰ تَقَلُّبَ وَجْهِكَ فِى ٱلسَّمَآءِ ۖ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةًۭ تَرْضَىٰهَا ۚ فَوَلِّ وَجْهَكَ شَطْرَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ ۚ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّوا۟ وُجُوهَكُمْ شَطْرَهُۥ ۗ وَإِنَّ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ لَيَعْلَمُونَ أَنَّهُ ٱلْحَقُّ مِن رَّبِّهِمْ ۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا يَعْمَلُونَ ١٤٤
(නබියේ!) ඔබගේ මුහුණ (ප්රාර්ථනා කරමින්) විටින් විට අහස දෙසට බැල්ම හෙලීම අපි දකින්නෙමු. එබැවින් ඔබ කැමති වන කිබ්ලාව (වන මක්කාව) දෙසටම අපි ඔබව නියත වශයෙන්ම හරවන්නෙමු. එබැවින් ඔබ (සලාත් කරන විට මක්කාවේ ඇති) මස්ජිදුල් හරාම් දෙසටම ඔබගේ මුහුණ හරවනු මැනව! (විශ්වාසවන්තයිනි!) ඔබත් කොහි සිටියද (සලාතයෙහිදී) ඒ දෙසටම ඔබගේ මුහුණු හරවනු මැනව! ධර්මය ලබා දෙනු ලැබූ (යුදෙව්වන්ද, ක්රිස්තියානුවන්ද) යන අය (ඔබ මක්කාව දෙසට හැරවූ) “මෙය තමන්ගේ දෙවියන් වෙතින් (පැමිණි) සත්යය වූ දැයකි (නියෝගයකි)” යයි නියත වශයෙන්ම දැන ගන්නාහ. (මන්දයත් ඒ ආකාරයටම ඔවුන්ගේ ධර්මයෙහි සඳහන්ව ඇත්තේය. එබැවින් සත්යය වසන් කරන) ඔවුන් කරන දැය ගැන අල්ලාහ් නොසැළකිලිමත්ව සිටින්නේ නැත.
وَلَئِنْ أَتَيْتَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ بِكُلِّ ءَايَةٍۢ مَّا تَبِعُوا۟ قِبْلَتَكَ ۚ وَمَآ أَنتَ بِتَابِعٍۢ قِبْلَتَهُمْ ۚ وَمَا بَعْضُهُم بِتَابِعٍۢ قِبْلَةَ بَعْضٍۢ ۚ وَلَئِنِ ٱتَّبَعْتَ أَهْوَآءَهُم مِّنۢ بَعْدِ مَا جَآءَكَ مِنَ ٱلْعِلْمِ ۙ إِنَّكَ إِذًۭا لَّمِنَ ٱلظَّٰلِمِينَ ١٤٥
එබැවින් (නබියේ!) ධර්මය ලබා දෙනු ලැබූ ඔවුන්ට (තෘප්තිය ලබා දීම පිණිස) සෑම වර්ගයේ සාධකයන්ම ඔබ ගෙන ආවද, ඔවුන් ඔබගේ කිබ්ලාව අනුගමනය කරන්නට යන්නේ නැත. ඔබත් ඔවුන්ගේ කිබ්ලාව අනුගමනය කරන්නට යන්නේද නැත. තවද (ධර්මය ලබා දෙනු ලැබූ) ඔවුන්ගෙන්ද සමහරෙකු තවත් සමහරෙකුගේ කිබ්ලාව අනුගමනය කරන්නට යන්නේද නැත. (එබැවින් මක්කාව බලා සලාත් කරන මෙන්) ඔබට (වහී මගින්) ඥානය පැමිණි පසුද, ඔවුන්ගේ කැමැත්ත ඔබ අනුගමනය කරන්නෙහි නම්, නියත වශයෙන්ම ඔබ සීමාව ඉක්මවූ අයගෙන් කෙනෙකු (බවට අදහස් කරනු ලබන්නෙහිය).
ٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ يَعْرِفُونَهُۥ كَمَا يَعْرِفُونَ أَبْنَآءَهُمْ ۖ وَإِنَّ فَرِيقًۭا مِّنْهُمْ لَيَكْتُمُونَ ٱلْحَقَّ وَهُمْ يَعْلَمُونَ ١٤٦
කවුරුන් හට අපි ධර්මය ලබා දී ඇත්තෙමුද, ඔවුන් තමන්ගේ ජනතාව (සැකයෙන් තොරව) හඳුනා ගන්නාක් මෙන් එය (එම මක්කාවෙහි දිසාවට මුහුණ ලා ඔබ සලාත් කරන්නෙහිය) යන්න දැන ගන්නාහ. නමුත් ඔවුන්ගෙන් එක් කොටසක් නියත වශයෙන්ම හොඳින් දැනගෙනම (මෙම) සත්යය වසන් කරන්නාහ.
ٱلْحَقُّ مِن رَّبِّكَ ۖ فَلَا تَكُونَنَّ مِنَ ٱلْمُمْتَرِينَ ١٤۷
(නබියේ! කිබ්ලාව ගැන වූ) මෙම සත්යය ඔබගේ දෙවියන්ගෙන්ම (පැමිණෙන්නේය). එබැවින් සැක සිතන්නන්ගෙන් කෙනෙකු බවට ඔබ පත් නොවනු.
وَلِكُلٍّۢ وِجْهَةٌ هُوَ مُوَلِّيهَا ۖ فَٱسْتَبِقُوا۟ ٱلْخَيْرَٰتِ ۚ أَيْنَ مَا تَكُونُوا۟ يَأْتِ بِكُمُ ٱللَّهُ جَمِيعًا ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ١٤۸
(විශ්වාසවන්තයිනි!) සෑම (සමූහයකට අයත්) අයටම ඔවුනොවුන් (නැමදුම් කිරීම සඳහා) මුහුණ ලා සිටීමට එක් දිසාවක් ඇත. එබැවින් (ඒවායෙන්) උසස් දැයට ඉක්මන් වනු. ඔබ කොහි සිටියද (මෙමගින්) ඔබ සියල්ලන්වම අල්ලාහ් එකට එක්කාසු කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහිද බලසම්පන්නයෙකු (වන්නේය).
وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ ۖ وَإِنَّهُۥ لَلْحَقُّ مِن رَّبِّكَ ۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعْمَلُونَ ١٤۹
එබැවින් (නබියේ!) ඔබ කොහි සිට පිටත් වුවද, (සලාත් කරන විට) මක්කාවෙහි ඇති) මස්ජිදුල් හරාම් දෙසටම ඔබගේ මුහුණ හරවනු මැනව! නියත වශයෙන්ම මෙය ඔබ දෙවියන්ගේ සත්යය (වූ නියෝගයක්) වන්නේය. (එබැවින් මේ ගැන පුහු තර්කයන් කරමින් සිටින්ණෙනි!) ඔබ කරන දැය ගැන අල්ලාහ් නොසැලකිලිමත්ව සිටින්නේ නොවේ.
وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ ۚ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّوا۟ وُجُوهَكُمْ شَطْرَهُۥ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَيْكُمْ حُجَّةٌ إِلَّا ٱلَّذِينَ ظَلَمُوا۟ مِنْهُمْ فَلَا تَخْشَوْهُمْ وَٱخْشَوْنِى وَلِأُتِمَّ نِعْمَتِى عَلَيْكُمْ وَلَعَلَّكُمْ تَهْتَدُونَ ١٥۰
තවද (නබියේ!) ඔබ කොහි සිට පිටත් වුවද, (සලාත් කරන විට) මස්ජිදුල් හරාම් දෙසටම ඔබගේ මුහුණ හරවනු මැනව! (විශ්වාසවන්තයිනි!) ඔවුන්ගෙන් සීමාව ඉක්මවූවන් හැර, අන් මිනිසුන් ඔබ සමග (පුහු) තර්ක කිරීමට ඉඩ ලබා නොදෙනු පිණිස, ඔබ කොහි සිටියත් ඒ දෙසටම ඔබගේ මුහුණ හරවනු මැනව! තවද ඔවුන්ට ඔබ බිය නොවනු. මටම ඔබ බිය වනු. (කිබ්ලාව ගැන මෙම නියෝගය මගින්) මගේ වරප්රසාදයන් මා ඔබ කෙරෙහි පූරණය කර තබන්නෙමි. (එබැවින්) ඔබ ඍජු මාර්ගය අත්කර ගත හැකිය.
كَمَآ أَرْسَلْنَا فِيكُمْ رَسُولًۭا مِّنكُمْ يَتْلُوا۟ عَلَيْكُمْ ءَايَٰتِنَا وَيُزَكِّيكُمْ وَيُعَلِّمُكُمُ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَيُعَلِّمُكُم مَّا لَمْ تَكُونُوا۟ تَعْلَمُونَ ١٥١
එසේම ඔබට අපගේ ආයාවන් සමුදීරණය කර පෙන්වා, ඔබව පරිශුද්ධ කර තැබීමටද, ඔබට ධර්මයන්ද, (ඒවායේ ඇති) ඥානයද උගන්වා දී, ඔබ නොදත් (අන්) දැයද ඔබට උගන්වා දීමට හැකි එක් දූතයෙකු ඔබගෙන්ම, ඔබ අතරේ අපි යවා ඇත්තෙමු.
فَٱذْكُرُونِىٓ أَذْكُرْكُمْ وَٱشْكُرُوا۟ لِى وَلَا تَكْفُرُونِ ١٥٢
ඔබ මාව (සිතමින්) භාවනා කරනු. මම ඔබව සිතා (දයාව පහළ කරමින්) සිටින්නෙමි. ඔබ මා හට කෘතඥ වෙමින් සිටිනු. (මා හට ස්තූති නොකරන) ප්රතික්ෂේප කරන්නන් බවට පත් නොවනු.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱسْتَعِينُوا۟ بِٱلصَّبْرِ وَٱلصَّلَوٰةِ ۚ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّٰبِرِينَ ١٥۳
විශ්වාසවන්තයිනි! (ඔබ, ඔබගේ උත්සාහයන්හි ජයග්රහණය කිරීම පිණිස) ඉවසීම මගින්ද, සලාතය මගින්ද උදව් උපකාර පතනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග සිටින්නේය.
وَلَا تَقُولُوا۟ لِمَن يُقْتَلُ فِى سَبِيلِ ٱللَّهِ أَمْوَٰتٌۢ ۚ بَلْ أَحْيَآءٌۭ وَلَٰكِن لَّا تَشْعُرُونَ ١٥٤
තවද අල්ලාහ්ගේ මාර්ගයෙහි (යුද්ධ කර, සතුරන් විසින්) ඝාතනය කරනු ලැබූවන්ව, මරණයට පත් වූවන් යයි නොකියනු. එසේ නොව, (ඔවුන්) පණ පිටින් සිටින්නාහ. නමුත් (මෙය) ඔබ වටහා නොගන්නෙහුය.
وَلَنَبْلُوَنَّكُم بِشَىْءٍۢ مِّنَ ٱلْخَوْفِ وَٱلْجُوعِ وَنَقْصٍۢ مِّنَ ٱلْأَمْوَٰلِ وَٱلْأَنفُسِ وَٱلثَّمَرَٰتِ ۗ وَبَشِّرِ ٱلصَّٰبِرِينَ ١٥٥
(විශ්වාසවන්තයිනි!) තරමක බියෙන්ද, කුස ගින්නෙන්ද, වස්තූන්, ජීවිත, අස්වැන්න ආදියෙහි පාඩුවෙන්ද නියත වශයෙන්ම අපි ඔබව පිරික්සුමට ලක් කරන්නෙමු. එහෙත් (නබියේ! මෙම පිරික්සුම්වලින් ඇතිවන අමාරුකම්) විඳ දරාගෙන සිටින්නන්ට ඔබ සුභාරංචි දෙනු මැනව!
ٱلَّذِينَ إِذَآ أَصَٰبَتْهُم مُّصِيبَةٌۭ قَالُوٓا۟ إِنَّا لِلَّهِ وَإِنَّآ إِلَيْهِ رَٰجِعُونَ ١٥٦
(පිරික්සුමට ලක් වන) ඔවුන් තමන්ට මොන තරම් අමාරුකම් සිදු වුවත් “නියත වශයෙන්ම අපි අල්ලාහ් වෙනුවෙන්ම සිටින්නෙමු. නියත වශයෙන්ම අපි ඔහු වෙතම යළි පැමිණෙන්නෙමු” යයි පවසන්නාහ.
أُو۟لَٰٓئِكَ عَلَيْهِمْ صَلَوَٰتٌۭ مِّن رَّبِّهِمْ وَرَحْمَةٌۭ ۖ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُهْتَدُونَ ١٥۷
මෙවැන්නන් කෙරෙහිම ඔවුන්ගේ දෙවියන්ගේ ආශීර්වාදයද දයාවද ඇති වන්නේය. තවද මොවුන්ම ඍජු මාර්ගයද අත්වූවන් වන්නාහ.
۞ إِنَّ ٱلصَّفَا وَٱلْمَرْوَةَ مِن شَعَآئِرِ ٱللَّهِ ۖ فَمَنْ حَجَّ ٱلْبَيْتَ أَوِ ٱعْتَمَرَ فَلَا جُنَاحَ عَلَيْهِ أَن يَطَّوَّفَ بِهِمَا ۚ وَمَن تَطَوَّعَ خَيْرًۭا فَإِنَّ ٱللَّهَ شَاكِرٌ عَلِيمٌ ١٥۸
ඇත්තෙන්ම සෆා (කන්ද ද) මර්වා (කන්ද ද) අල්ලාහ්ගේ ධර්ම සළකුණු වලින් වූ දැය වන්නේය. එබැවින් ඔවුන් (කඃබාව නමැති) එම නිවස හජ් නැතහොත් උම්රා කරන්නෝද, ඔවුන් ඒ දෙක වටා ගමන් කිරීමෙහි වරදක් නැත. එබැවින් කවුරුන් හෝ තමන් විසින්ම දැහැමි ක්රියාවන් කළහොත් නියත වශයෙන්ම අල්ලාහ් කළ ගුණ දන්නෙකු වශයෙන්ද (ඔවුන්ගේ ක්රියාවන්) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය.
إِنَّ ٱلَّذِينَ يَكْتُمُونَ مَآ أَنزَلْنَا مِنَ ٱلْبَيِّنَٰتِ وَٱلْهُدَىٰ مِنۢ بَعْدِ مَا بَيَّنَّٰهُ لِلنَّاسِ فِى ٱلْكِتَٰبِ ۙ أُو۟لَٰٓئِكَ يَلْعَنُهُمُ ٱللَّهُ وَيَلْعَنُهُمُ ٱللَّٰعِنُونَ ١٥۹
ඍජු මාර්ගයද පැහැදිලි සාධකයන්ද අපි පහළ කර, ඒවා මිනිසුන් වෙනුවෙන් ධර්මයෙහි පැහැදිලි කර, (පැවසූ) පසුවද, කවුරුන් (ඒවා) සඟවන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අල්ලාහ්ද ශාප කරන්නේය. (තවද) ශාප කරන්නන්ද ඔවුන්ට ශාප කරන්නාහ.
إِلَّا ٱلَّذِينَ تَابُوا۟ وَأَصْلَحُوا۟ وَبَيَّنُوا۟ فَأُو۟لَٰٓئِكَ أَتُوبُ عَلَيْهِمْ ۚ وَأَنَا ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ١٦۰
එහෙත් ඔවුන්ගෙන් කවුරුන් පසුතැවිලි වී (තමන්ගේ ධර්මයන්හි සඟවා තබා ඇති දැය) ප්රතිසංස්කරණය කර, (ඒවා මිනිසුන්ට) පැහැදිලිව ගෙනහැර දක්වන්නෝද, ඔවුන්ව මා ක්ෂමා කර හරින්නෙමි. මමද ඉතාමත් ක්ෂමා කරනනෙකු හා අසීමිත දයාබරවන්තයෙකි.
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَمَاتُوا۟ وَهُمْ كُفَّارٌ أُو۟لَٰٓئِكَ عَلَيْهِمْ لَعْنَةُ ٱللَّهِ وَٱلْمَلَٰٓئِكَةِ وَٱلنَّاسِ أَجْمَعِينَ ١٦١
(තවද) ඔවුන් (තමන්ගේ ධර්මයෙහි ඇති සත්යය සඟවා) ප්රතික්ෂේප කිරීමෙන් අනතුරුව ප්රතික්ෂේප කරමින්ම මරණයටද පත් වන්නෝද, ඔවුන් කෙරෙහි අල්ලාහ්, මලායිකාවරුන්, මිනිසුන් ආදී සියල්ලන්ගේ ශාපය නියත වශයෙන්ම අත් වන්නේය.
خَٰلِدِينَ فِيهَا ۖ لَا يُخَفَّفُ عَنْهُمُ ٱلْعَذَابُ وَلَا هُمْ يُنظَرُونَ ١٦٢
(තවද ඔවුන්) එ(ම ශාපයෙ)හි සැමදා රැඳී සිටින්නාහ. (පරලොවදී) ඔවුන් වෙනුවෙන් දඬුවම් ලිහිල් කරනු ලබන්නේද නැත. ඔවුන්ට විවේකයක් දෙනු ලබන්නේද නැත.
وَإِلَٰهُكُمْ إِلَٰهٌۭ وَٰحِدٌۭ ۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَ ٱلرَّحْمَٰنُ ٱلرَّحِيمُ ١٦۳
(මිනිසුනේ!) ඔබගේ නැමදුමට යුත්තා, නැමදුමට අයත් (අල්ලාහ්) එක් කෙනෙකි. අසීමිත දයාවද, අසමසම ආදරයද හිමි ඔහු හැර, නැමදුමට අයත් වෙන කිසිවෙකුත් නැත.
إِنَّ فِى خَلْقِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَٱخْتِلَٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ وَٱلْفُلْكِ ٱلَّتِى تَجْرِى فِى ٱلْبَحْرِ بِمَا يَنفَعُ ٱلنَّاسَ وَمَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلسَّمَآءِ مِن مَّآءٍۢ فَأَحْيَا بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٍۢ وَتَصْرِيفِ ٱلرِّيَٰحِ وَٱلسَّحَابِ ٱلْمُسَخَّرِ بَيْنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَعْقِلُونَ ١٦٤
ඔහු අහස්ද, භූමියද, උත්පාදනය කර තිබීමෙහිද, රාත්රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමෙහිද, මිනිසුන්ට ප්රයෝජනයක් අත් කර දීම මගින් සාගරයන්හි යාත්රා කරන නැව්හිද, (කර්කශක වී) මැරී ගිය භූමියට පණ දීමට (සශ්රීක කිරීමට) අල්ලාහ් අහසින් වැසීමට සලස්වන වර්ෂාවද, සියලූම වර්ගයේ සතුන්ද භූමියෙහි විසිරී සිටීමද, සුළඟ විවිධ දිශාවන්ට (හරව) හරවා යැවීමෙහිද, අහසට හා භූමියට අතර පාලනය කරනු ලැබ ඇති ඝන වලාකුළෙහිද, (මිනිසුන්ට ඇති ඵල ප්රයෝජන ගැන පර්යේෂණය කර) සිතන ජනතාවට (ඔහුගේ දයාවද, ආදරයද දැනුම් දෙනු ලබන අනේක) සාධකයන් නියත වශයෙන්ම ඇත්තේය.
وَمِنَ ٱلنَّاسِ مَن يَتَّخِذُ مِن دُونِ ٱللَّهِ أَندَادًۭا يُحِبُّونَهُمْ كَحُبِّ ٱللَّهِ ۖ وَٱلَّذِينَ ءَامَنُوٓا۟ أَشَدُّ حُبًّۭا لِّلَّهِ ۗ وَلَوْ يَرَى ٱلَّذِينَ ظَلَمُوٓا۟ إِذْ يَرَوْنَ ٱلْعَذَابَ أَنَّ ٱلْقُوَّةَ لِلَّهِ جَمِيعًۭا وَأَنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعَذَابِ ١٦٥
(එසේ තිබියදී) අල්ලාහ් නොවන දැය ඔහුට සමානයන් වශයෙන් ගනිමින් අල්ලාහ්ව ප්රිය කරන්නාක් මෙන් ඒවාද ප්රිය කරන්නන් මිනිසුන්ගෙන් බොහොමයක් දෙනා ඇත්තාහ. එහෙත් විශ්වාසවන්තයින් නම්, අල්ලාහ්වම අධික වශයෙන් ප්රිය කරන්නාහ. තවද මෙම අපරාධකරුවන් (පොඩියක්) සිතා බැලිය යුතු නොවේද? මොවුන් තම දඬුවම් (තම දෑසින්) දකින විට දඬුවම් කිරීමෙහි අල්ලාහ් ඉතාමත් දැඩි වශයෙන් සිටින අතර සියලූම බල පුළුවන්කාරකමද (තමන් කැමැත්තක් දක්වන දැයට හැර) නියත වශයෙන් අල්ලාහ්ටම ඇත්තේය (යයිද දැන ගන්නාහ).
إِذْ تَبَرَّأَ ٱلَّذِينَ ٱتُّبِعُوا۟ مِنَ ٱلَّذِينَ ٱتَّبَعُوا۟ وَرَأَوُا۟ ٱلْعَذَابَ وَتَقَطَّعَتْ بِهِمُ ٱلْأَسْبَابُ ١٦٦
(මොවුන්ව වැරද යන) මෙම මාර්ගය පෙන්වූ අයද (පරලොවදී) දඬුවම (දෑසින්) දුටු වහාම, (තමන්ව) අනුගමනය කළ මොවුන්ව (සම්පූර්ණයෙන්ම) අත්හැර දමා ඈත් වන්නාහ. ඔවුන්ටද (ඔවුන්ව අනුගමනය කළ මොවුන්ටද අතරේ) තිබුණු සම්බන්ධකම් (සියල්ල) බිඳී යනු ඇත.
وَقَالَ ٱلَّذِينَ ٱتَّبَعُوا۟ لَوْ أَنَّ لَنَا كَرَّةًۭ فَنَتَبَرَّأَ مِنْهُمْ كَمَا تَبَرَّءُوا۟ مِنَّا ۗ كَذَٰلِكَ يُرِيهِمُ ٱللَّهُ أَعْمَٰلَهُمْ حَسَرَٰتٍ عَلَيْهِمْ ۖ وَمَا هُم بِخَٰرِجِينَ مِنَ ٱلنَّارِ ١٦۷
තවද (ඔවුන්ව) අනුගමනය කළ මොවුන් “තවත් වතාවක් අපව (ලොවට) ආපසු යාමට හැකි වුවහොත් (අපට මග පෙන්වූ) ඔවුන් (දැන් සම්පූර්ණයෙන්ම) අපව අත්හැර දමා ඈත් වූ ආකාරයටම අපිත් ඔවුන්ගෙන් නියත වශයෙන්ම ඈත් වන්නෙමු” යයි පවසන්නාහ. (ඔවුන්ගේ ශරීරයන් වේදනා විඳින්නේය). මේ ආකාරයටම ඔවුන්ගේ (හෘදයන්ද වේදනා විඳ) ශෝකයට පත් වීම සඳහා ඔවුන්ගේ (නපුරු) ක්රියාවන් අල්ලාහ් ඔවුන්ට ගෙනහැර දක්වනු ඇත. තවද ඔවුන් (නිරා) ගින්නෙන් මිදෙන්නේම නැත.
يَٰٓأَيُّهَا ٱلنَّاسُ كُلُوا۟ مِمَّا فِى ٱلْأَرْضِ حَلَٰلًۭا طَيِّبًۭا وَلَا تَتَّبِعُوا۟ خُطُوَٰتِ ٱلشَّيْطَٰنِ ۚ إِنَّهُۥ لَكُمْ عَدُوٌّۭ مُّبِينٌ ١٦۸
මිනිසුනේ! භූමියෙහි ඇති දැයෙන් (අනුභව කිරීමට) අනුමැතිය ලබා දී ඇති පරිශුද්ධ වූ දැයම අනුභව කරනු. (මෙයට වෙනස්කම් කරන මෙන් ඔබව පොළඹවන) ෂෙයිතාන්ගේ පා සටහන් අනුගමනය නොකරනු. නියත වශයෙන්ම ඔහු ඔබට ප්රකට සතුරෙකි.
إِنَّمَا يَأْمُرُكُم بِٱلسُّوٓءِ وَٱلْفَحْشَآءِ وَأَن تَقُولُوا۟ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ ١٦۹
ඔහු ඔබව පොළඹවන දැය නම්, පාපයද අවමන් ගෙනදෙන කාරණාවන්ද (කරන මෙන් හා) ඔබ නොදන්නා දැය (මගින්) අල්ලාහ් මත (බොරු ගොතා) පවසන මෙන්ය.
وَإِذَا قِيلَ لَهُمُ ٱتَّبِعُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ قَالُوا۟ بَلْ نَتَّبِعُ مَآ أَلْفَيْنَا عَلَيْهِ ءَابَآءَنَآ ۗ أَوَلَوْ كَانَ ءَابَآؤُهُمْ لَا يَعْقِلُونَ شَيْـًۭٔا وَلَا يَهْتَدُونَ ١۷۰
තවද ‘අල්ලාහ් පහළ කරන මෙම (ධර්මය) අනුගමනය කරනු’ යයි ඔවුන්ට කියනු ලැබුවහොත් (ඔවුන්) “එසේ නොව, කුමක් මත අපගේ මුතුන් මිත්තන් (සිටිමින්, ඔවුන් කුමක් කරමින්) සිටිනු අපි දුටුවෙමුද, එයම අපි අනුගමනය කරන්නෙමු” යයි පවසන්නාහ. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් නොදන්නා අය වශයෙන්ද, ඍජු මාර්ගය අත් නොකර ගත් අය වශයෙන්ද සිටියත් වුවද, (ඔවුන්ව අනුගමනය කරන්නෙහුද)?
وَمَثَلُ ٱلَّذِينَ كَفَرُوا۟ كَمَثَلِ ٱلَّذِى يَنْعِقُ بِمَا لَا يَسْمَعُ إِلَّا دُعَآءًۭ وَنِدَآءًۭ ۚ صُمٌّۢ بُكْمٌ عُمْىٌۭ فَهُمْ لَا يَعْقِلُونَ ١۷١
(අන්ධයින් මෙන් තමන්ගේ මුතුන් මිත්තන්ව අනුගමනය කරන) එම කාෆිර්වරුන්ගේ උපමාව නම්, (අර්ථය වටහා නොගෙන) කෑකෝ ගැසීමද, විලාපයද මිස, වෙන කිසිවක් වටහා නොගත හැකි දැය (ගමේ සතුන්ව) කැඳවීමට ශබ්ද නගන කෙනෙකු (එඬේරෙකු)ගේ උපමාවට සමාන වන්නේය. (තවද ඔවුන් කිසිවක් ඇසීමට නොහැකි) බිහිරන් වශයෙන්ද, (කිසිවක් කීමට නොහැකි) ගොළුවන් වශයෙන්ද, (කිසිවක් දැකීමට නොහැකි) අන්ධයින් වශයෙන්ද සිටින්නාහ. එබැවින් ඔවුන් (කිසිවක්) දැන ගන්නේම නැත.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُلُوا۟ مِن طَيِّبَٰتِ مَا رَزَقْنَٰكُمْ وَٱشْكُرُوا۟ لِلَّهِ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ ١۷٢
විශවාසවන්තයිනි! අපි ඔබට ලබා දුන් දැයින් පරිශුද්ධ දැයම අනුභව කරනු. ඔබ (නැමදුමට යුතු) ඔහුවම නමදින්නන් වන්නෙහු නම්, අල්ලාහ්ට කෘතඥ වෙමින් සිටිනු.
إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ ٱلْمَيْتَةَ وَٱلدَّمَ وَلَحْمَ ٱلْخِنزِيرِ وَمَآ أُهِلَّ بِهِۦ لِغَيْرِ ٱللَّهِ ۖ فَمَنِ ٱضْطُرَّ غَيْرَ بَاغٍۢ وَلَا عَادٍۢ فَلَآ إِثْمَ عَلَيْهِ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ ١۷۳
(විශ්වාසවන්තයිනි! අනුභවයට) ඔබට වළක්වන ලද දැය නම්, (ඉබේ) මරණයට පත් වූ දැයද, ලේද, ඌරන්ගේ මස් මාංශද, (කුර්බාන් කරන විට) අල්ලාහ් නොවන (වෙනත්) නාමයක් කියන ලද දැයද වන්නේය. එබැවින් කවුරුන් හෝ සීමාව ඉක්මවා නොයාද, පාපයක් කිරීමේ අදහසක් නොමැතිවද සිටියදී, (මේවා අනුභව කිරීමට) බල කරනු ලැබුවහොත් (එය), ඔහු කෙරෙහි වරදක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද, අසීමිත දයාබරවද සිටින්නේය.
إِنَّ ٱلَّذِينَ يَكْتُمُونَ مَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلْكِتَٰبِ وَيَشْتَرُونَ بِهِۦ ثَمَنًۭا قَلِيلًا ۙ أُو۟لَٰٓئِكَ مَا يَأْكُلُونَ فِى بُطُونِهِمْ إِلَّا ٱلنَّارَ وَلَا يُكَلِّمُهُمُ ٱللَّهُ يَوْمَ ٱلْقِيَٰمَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ ١۷٤
කවුරුන් ධර්මයෙහි අල්ලාහ් පහළ කරන ලද දැය සඟවාගෙන ඒ වෙනුවෙන් සුළු මුදලක් ලබා ගන්නෝද, ඔවුන් නියත වශයෙන්ම තම කුසෙහි ගින්දර මිස, වෙන කිසිවක් පුරවා ගන්නේ නැත. තවද විනිශ්චය දිනදී අල්ලාහ් ඔවුන් සමග කතා කරන්නේද නැත. ඔවුන්ට (සමාව දී) පරිශුද්ධ කර හරින්නේද නැත. ඔවුන්ට (ඉතාමත්) වේදනා ගෙන දෙන දඬුවම්ද ඇත.
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ ٱشْتَرَوُا۟ ٱلضَّلَٰلَةَ بِٱلْهُدَىٰ وَٱلْعَذَابَ بِٱلْمَغْفِرَةِ ۚ فَمَآ أَصْبَرَهُمْ عَلَى ٱلنَّارِ ١۷٥
මොවුන්ම ඍජු මාර්ගය වෙනුවට අයහමගද, ක්ෂමාව වෙනුවට දඬුවමද මිලට ගත් අය වන්නාහ. (නිරා) ගින්න (මෙසේ) ඔවුන් (විඳ) දරා ගැනීමට සැලසුවේ කුමක්ද?
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ نَزَّلَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ ۗ وَإِنَّ ٱلَّذِينَ ٱخْتَلَفُوا۟ فِى ٱلْكِتَٰبِ لَفِى شِقَاقٍۭ بَعِيدٍۢ ١۷٦
මෙහි හේතුව නියත වශයෙන්ම අල්ලාහ් (සම්පූර්ණයෙන්ම) මෙම ධර්මය පහළ කර තිබියදී (සුළු මුදලක් ලබා ගැනීම සඳහා එහි ආයාවන් සැ`ගවීමම) වන්නේය. තවද ධර්මය වෙනස් කරන්නන් නියත වශයෙන්ම (ඍජු මාර්ගයෙන්) වෙන් වී ඉතාමත් ඈතින් සිටින්නාහ.
۞ لَّيْسَ ٱلْبِرَّ أَن تُوَلُّوا۟ وُجُوهَكُمْ قِبَلَ ٱلْمَشْرِقِ وَٱلْمَغْرِبِ وَلَٰكِنَّ ٱلْبِرَّ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَٱلْمَلَٰٓئِكَةِ وَٱلْكِتَٰبِ وَٱلنَّبِيِّۦنَ وَءَاتَى ٱلْمَالَ عَلَىٰ حُبِّهِۦ ذَوِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينَ وَٱبْنَ ٱلسَّبِيلِ وَٱلسَّآئِلِينَ وَفِى ٱلرِّقَابِ وَأَقَامَ ٱلصَّلَوٰةَ وَءَاتَى ٱلزَّكَوٰةَ وَٱلْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَٰهَدُوا۟ ۖ وَٱلصَّٰبِرِينَ فِى ٱلْبَأْسَآءِ وَٱلضَّرَّآءِ وَحِينَ ٱلْبَأْسِ ۗ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ صَدَقُوا۟ ۖ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُتَّقُونَ ١۷۷
බස්නාහිරට හෝ නැගෙනහිරට හෝ ඔබගේ මුහුණු ඔබ හැරවීමෙන් (පමණක්) දැහැමි දැය (කළ බවට) පත් වන්නේ නැත. එහෙත් (ඔබගෙන්) කවුරුන් අල්ලාහ්වද, අවසාන දිනයද, මලායිකාවරුන්වද, ධර්මයන්ද, නබිවරුන්වද, ඇත්තෙන්ම විශ්වාස කර, වස්තුව (එය කෙතරම් ආශා කළා වුවද) ඔහුගේ කැමැත්ත අත් කර ගැනීම සඳහා ඥාතීන්ටද, අනාථයින්ටද, දුප්පතුන්ටද, මැඟියන්ටද, හිඟන්නන්ටද, නිදහස කැමති වන (වහලූන්, ණයකාරයින් ආදී) අයටද, ලබා දී (උදව් උපකාර කර), සලාතයද නොකඩවා ඉටු කර, සකාතයද (ධර්මයේ නියම කර ඇති දුප්පතුන්ගේ බද්ද) ගෙවමින් සිටින්නේද, ඔහුද; පොරොන්දු ලබා දුන් අවස්ථාවේදී තමන්ගේ පොරොන්දුව (නියමිත ආකාරයට) ඉටු කරන්නන්ද; පරාජයෙහිද, අමාරුකමෙහිද දරුණු යුද සමයෙහිද, ඉවසීමෙන් විඳ දරා ගත් අයද; ආදී මොවුන්ම ඉතාමත් හොඳ අයයි. තවද මොවුන්ම සත්යවන්තයින්ය; භය භක්තිකයින්ය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُتِبَ عَلَيْكُمُ ٱلْقِصَاصُ فِى ٱلْقَتْلَى ۖ ٱلْحُرُّ بِٱلْحُرِّ وَٱلْعَبْدُ بِٱلْعَبْدِ وَٱلْأُنثَىٰ بِٱلْأُنثَىٰ ۚ فَمَنْ عُفِىَ لَهُۥ مِنْ أَخِيهِ شَىْءٌۭ فَٱتِّبَاعٌۢ بِٱلْمَعْرُوفِ وَأَدَآءٌ إِلَيْهِ بِإِحْسَٰنٍۢ ۗ ذَٰلِكَ تَخْفِيفٌۭ مِّن رَّبِّكُمْ وَرَحْمَةٌۭ ۗ فَمَنِ ٱعْتَدَىٰ بَعْدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٌۭ ١۷۸
විශ්වාසවන්තයිනි! ඝාතනය සඳහා පළි ගැනීම ඔබ කෙරෙහි නියම කරනු ලැබ ඇත්තේය. (එබැවින් මිනිමරුවා) නිදහස් මිනිසෙකු වුවහොත් නිදහස් ඔහුවම -වහලෙකු වශයෙන් සිටියහොත් එම වහලාවම, කාන්තාවක් වුවහොත් එම කාන්තාවම- (ඔබ ඝාතනය කර දමනු. එහෙත් පළි ගන්නා පාර්ශවය) එක් සුළුවෙන් හෝ (එම ඝාතනය කරනු ලැබූවාගේ) සහෝදර (පාර්ශවය) මගින් කවුරුන් හෝ සමාව දෙනු ලැබුවහොත් ඉතාමත් ගෞරවණීය ආකාරයට අනුගමනය කර, (ඔහුව ඝාතනය නොකර අත්හැර) දැමිය යුතුය. (පළි ගැනීම වෙනුවට මිනිමරුවා මුදලක් දෙන බවට බාර ගෙන තිබුණහොත් එම වන්දි මුදල කිසිම පැකිළීමක් නොමැතිව) ඉතාමත් ස්තූති පූර්වකව ඔහු ගෙවා දැමිය යුතුය. මෙය (මෙවැනි වන්දි මුදලක් අනුමත කර තිබීම) ඔබගේ දෙවියන්ගේ සහාය හා දයාවද වන්නේය. මින් පසු (මෙසේ වන්දි මුදල ලබා ගත්තායින් පසු, නැතහොත් වන්දි මුදලක් ලබා දෙන බවට බාර ගැනීමෙන් පසු) කවුරුන් හෝ සීමාව ඉක්මවා (වන්දි මුදල ගෙවූ මිනීමරුවාට වේදනා ගෙන දුන්නහොත් හෝ නැතහොත් වන්දි මුදල ගෙවීම ප්රතික්ෂේප කරන්නේ නම් හෝ) ඔහුට (පරලොවදී ඉතාමත්) දැඩි වේදනා ගෙන දෙන දඬුවම් ඇත.
وَلَكُمْ فِى ٱلْقِصَاصِ حَيَوٰةٌۭ يَٰٓأُو۟لِى ٱلْأَلْبَٰبِ لَعَلَّكُمْ تَتَّقُونَ ١۷۹
ඥානවන්තයිනි! (ඝාතනය සඳහා) පළි ගැනීමෙහි ඔබට ජීවිතයක් ඇත. (මන්දයත් පළි ගන්නවා ඇතැයි යන බියෙන් ඝාතනය කිරීමට අදහස් කරන්නාද, ඔහු විසින් ඝාතනය කරනු ලැබීමට අදහස් වූ අයද ආදී) ඔබ (දෙපළම) බේරීමට ඉඩ ඇත.
كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ ٱلْمَوْتُ إِن تَرَكَ خَيْرًا ٱلْوَصِيَّةُ لِلْوَٰلِدَيْنِ وَٱلْأَقْرَبِينَ بِٱلْمَعْرُوفِ ۖ حَقًّا عَلَى ٱلْمُتَّقِينَ ١۸۰
(විශ්වාසවන්තයිනි!) ඔබගෙන් යම් කිසිවෙකුට මරණය ළඟා වුවහොත් ඔහු වස්තුව (දේපළ) අත්හැර දමා (මරණයට පත් වන්නෙකු වශයෙන්ද) සිටියහොත් (ඔහු තමන්ගේ) දෙමව්පියන්ටද, ඥාතීන්ටද, සාධාරණ අන්දමින් (දේපළ සේන්දු වන සේ) අන්තිම කැමැත්ත (මරණ ශාසනය කීමට) නියම කරනු ලැබ ඇත්තේය. (මෙය) භය භක්තිකයින් මත අනිවාර්යය යුතුකමකි.
فَمَنۢ بَدَّلَهُۥ بَعْدَمَا سَمِعَهُۥ فَإِنَّمَآ إِثْمُهُۥ عَلَى ٱلَّذِينَ يُبَدِّلُونَهُۥٓ ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌۭ ١۸١
(අන්තිම කැමැත්ත) එය ඇසීමෙන් පසු කවුරුන් හෝ එය වෙනස් කර හැරියහොත් එහි පාපයන් නම්, එය වෙනස් කළ අය මතම (සේන්දු වන්නේය). නියත වශයෙන්ම අල්ලාහ් (මරණයට පත් වන්නා පවසන අන්තිම කැමැත්ත) සවන් දෙන්නෙකුද (එය වෙනස් කරන පාපතරයන්ගේ ක්රියාව) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය.
فَمَنْ خَافَ مِن مُّوصٍۢ جَنَفًا أَوْ إِثْمًۭا فَأَصْلَحَ بَيْنَهُمْ فَلَآ إِثْمَ عَلَيْهِ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ١۸٢
නමුත් අන්තිම කැමැත්ත (මරණ ශාසනය) පැවසූ අයගේ (කැමැත්ත) පාපය නැතහොත් වැරැද්දක් කවුරුන් හෝ (දැනගෙන) එයට බිය වී ඔවුන් (එම අන්තිම කැමැත්තේ දේපළ අත් වන අය) අතරේ සමාදානය ඇති කර, (එය වෙනස්) කර හැරියහොත් ඔහු කෙරෙහි වරදක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද අසමසම දයාබරවද සිටින්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُتِبَ عَلَيْكُمُ ٱلصِّيَامُ كَمَا كُتِبَ عَلَى ٱلَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ ١۸۳
විශ්වාසවන්තයිනි! ඔබට පෙර විසූවන් කෙරෙහි නියම කර තිබූ ආකාරයටම ඔබ කෙරෙහිද උපවාසයේ යෙදීම නියම කර ඇත්තේය. (එමගින්) ඔබට පරිශුද්ධ විය හැකිය.
أَيَّامًۭا مَّعْدُودَٰتٍۢ ۚ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوْ عَلَىٰ سَفَرٍۢ فَعِدَّةٌۭ مِّنْ أَيَّامٍ أُخَرَ ۚ وَعَلَى ٱلَّذِينَ يُطِيقُونَهُۥ فِدْيَةٌۭ طَعَامُ مِسْكِينٍۢ ۖ فَمَن تَطَوَّعَ خَيْرًۭا فَهُوَ خَيْرٌۭ لَّهُۥ ۚ وَأَن تَصُومُوا۟ خَيْرٌۭ لَّكُمْ ۖ إِن كُنتُمْ تَعْلَمُونَ ١۸٤
නියමිත දිනයන්හිම (උපවාසයේ යෙදීම අනිවාර්යය වන්නේය). එහෙත් (ඒ දිනයන්හි) ඔබගෙන් කවුරුන්ට හෝ අසනීපකාරයෙකු වශයෙන් හෝ නැතහොත් සංචාරයෙහි හෝ සිටින්නෙහි නම්, (ඔහු උපවාසයේ යෙදීමට අවශ්යය නැත. එය රමලාන් නොවන) වෙනත් දිනයන්හි ගණනය (කර, උපවාසයේ) යෙදෙනු. තවද (කුමන හෝ හේතුවක් නිසා උපවාසයේ යෙදීමට අපහසුතාවයක් ඇති වූවන්ගෙන්) ශක්තිවන්තයින් (එයට) වන්දි වශයෙන් එක් දුප්පතෙකුට ආහාර ලබා දීම අනිවාර්යය වන්නේය. කවුරුන් හෝ පින් ලබා ගැනීමේ අදහසින් (වන්දිවශයෙන් දිය යුතු ප්රමාණයට වඩා වැඩියෙන් දානමාන) කළහොත් එය ඔහුටම පින් අයිති වන්නේය. එහෙත් (කෙතරම් වුවද, වන්දි වශයෙන් දානය දීමට වඩා) ඔබ උපවාසයේ යෙදීමම ඔබට පින් අයත් වන්නේය (යන්න) ඔබ නුවනැත්තන් වශයෙන් සිටින්නෙහු නම්, (දැන ගන්නෙහුය).
شَهْرُ رَمَضَانَ ٱلَّذِىٓ أُنزِلَ فِيهِ ٱلْقُرْءَانُ هُدًۭى لِّلنَّاسِ وَبَيِّنَٰتٍۢ مِّنَ ٱلْهُدَىٰ وَٱلْفُرْقَانِ ۚ فَمَن شَهِدَ مِنكُمُ ٱلشَّهْرَ فَلْيَصُمْهُ ۖ وَمَن كَانَ مَرِيضًا أَوْ عَلَىٰ سَفَرٍۢ فَعِدَّةٌۭ مِّنْ أَيَّامٍ أُخَرَ ۗ يُرِيدُ ٱللَّهُ بِكُمُ ٱلْيُسْرَ وَلَا يُرِيدُ بِكُمُ ٱلْعُسْرَ وَلِتُكْمِلُوا۟ ٱلْعِدَّةَ وَلِتُكَبِّرُوا۟ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ ١۸٥
රමලාන් මාසය; කොපමණ (ශ්රේෂ්ඨ)දයත් එහිම මිනිසුන්ට මාර්ගෝපදේශය වශයෙන්ද, ඍජු මාර්ගය පැහැදිලි කළ හැකි වන්නක් වශයෙන්ද, පින් පව් දෙක වෙන් කර දැනුම් දිය හැකි දැයක් වශයෙන්ද වූ ශුද්ධ වූ කුර්ආනය (නමැති මෙම ධර්මය) පහළ කරනු ලැබුවේය. එබැවින් ඔබගෙන් කවුරුන් එම මාසය අත් කර ගන්නේද, ඔහු එහි උපවාසයේ යෙදෙනු. නමුත් (එම කාලයේදී ඔබගෙන්) කවුරුන් හෝ රෝගියෙකු වශයෙන් හෝ නැතහොත් සංචාරයෙහි යෙදී හෝ සිටියහොත් (රමලාන් නොවන) වෙනත් දිනයන්හි (අත්හැරුණු දිනයන්හි උපවාසය) ගණන් බලා (උපවාසයේ) යෙදෙනු. අල්ලාහ් ඔබට පහසු (නියෝග) කිරීමට කැමති වනවා මිස, ඔබට අමාරුකමක් (ඇති කිරීමට) කැමති වන්නේ නැත. (තවද වැරදුනු දිනයන් ගණනය කරන මෙන් නියෝග කිරීම නම්, ඔබ කෙරෙහි අනිවාර්යය වශයෙන් වූ එක් මාසයක උපවාසයෙන්) ගණනය ඔබ පූරණය කර, අල්ලාහ් ඔබව ඍජු මාර්ගයෙහි ගමන් කිරීමට සැලැස්වීම වෙනුවෙන් (ඔහුව) ඔබ ආඩම්බර කිරීම සඳහාද, (අසනීප, සංචාරය වැනි අවස්ථාවන්හි උපවාසයේ නොයෙදී සිටීමට ඔබට අනුමැතිය ලබා දීම නම්), ඔබ (අල්ලාහ්ට) තෘතඥ වීම සඳහාමය!
وَإِذَا سَأَلَكَ عِبَادِى عَنِّى فَإِنِّى قَرِيبٌ ۖ أُجِيبُ دَعْوَةَ ٱلدَّاعِ إِذَا دَعَانِ ۖ فَلْيَسْتَجِيبُوا۟ لِى وَلْيُؤْمِنُوا۟ بِى لَعَلَّهُمْ يَرْشُدُونَ ١۸٦
(නබියේ!) ඔබ වෙත මගේ වහලූන් මා ගැන විමසුවහොත් (එයට ඔබ මෙසේ කියනු): “නියත වශයෙන්ම මා සමීපයෙහිම සිටින්නෙමි. (කවුරුන් හෝ) මාව ආරාධනා කළහොත් එම ආරාධනා කරන්නන්ගේ ආරාධනාවට මා පිළිතුරු දෙන්නෙමි”. එබැවින් ඔවුන් මා වෙතම ප්රාර්ථනා කළ යුතුය. මාව විශ්වාස කළ යුතුය. (එමගින්) ඔවුන් ඍජු මාර්ගය අත් කර ගන්නාහ.
أُحِلَّ لَكُمْ لَيْلَةَ ٱلصِّيَامِ ٱلرَّفَثُ إِلَىٰ نِسَآئِكُمْ ۚ هُنَّ لِبَاسٌۭ لَّكُمْ وَأَنتُمْ لِبَاسٌۭ لَّهُنَّ ۗ عَلِمَ ٱللَّهُ أَنَّكُمْ كُنتُمْ تَخْتَانُونَ أَنفُسَكُمْ فَتَابَ عَلَيْكُمْ وَعَفَا عَنكُمْ ۖ فَٱلْـَٰٔنَ بَٰشِرُوهُنَّ وَٱبْتَغُوا۟ مَا كَتَبَ ٱللَّهُ لَكُمْ ۚ وَكُلُوا۟ وَٱشْرَبُوا۟ حَتَّىٰ يَتَبَيَّنَ لَكُمُ ٱلْخَيْطُ ٱلْأَبْيَضُ مِنَ ٱلْخَيْطِ ٱلْأَسْوَدِ مِنَ ٱلْفَجْرِ ۖ ثُمَّ أَتِمُّوا۟ ٱلصِّيَامَ إِلَى ٱلَّيْلِ ۚ وَلَا تُبَٰشِرُوهُنَّ وَأَنتُمْ عَٰكِفُونَ فِى ٱلْمَسَٰجِدِ ۗ تِلْكَ حُدُودُ ٱللَّهِ فَلَا تَقْرَبُوهَا ۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ ءَايَٰتِهِۦ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَّقُونَ ١۸۷
(විශ්වාසවන්තයිනි!) උපවාස (දිනයන්හි) රාත්රීන්හි ඔබ ඔබගේ භාර්යයාවන් සමග එකතු වීමට ඔබට අනුමැතිය දී ඇත්තේය. ඔවුන් ඔබට වස්ත්රයන් බවටද, ඔබ ඔවුන්ට වස්ත්රයන් බවටද සිටින්නෙහුය. (උපවාස කාලයෙහි ඉෂාවෙන් පසු, ඔබගේ භාර්යයාවන් සමග එකතු නොවීද, කිසිම වස්තුවක් අනුභව නොකරද සිට), ඇත්තෙන්ම ඔබ ඔබව වේදනාවට ලක් කර ගත්තෙහුය යන්න අල්ලාහ් දැනගෙන, ඔබ මත ආදර කරුණාව පහළ වී ඔබගේ අමාරුකමෙන් පහ කළේය. එබැවින් මින් පසු ඝන අඳුර දුරු වී අළුයම් කාලය අත් වූවේය යයි ඔබට පැහැදිලි වන තුරු අනුභව කරනු; පානය කරනු. (නෝම්බියෙහි රාත්රී කාලයන්හි ඔබගේ භාර්යයාවන් මගින්) නියම කර ඇති දැය සොයා ගනු. එහෙත් (නැගෙනහිරෙන් යාම්තම් එළිය වැටුන) පසු රාත්රිය (ආරම්භ වන) තුරු (ඉහත සඳහන් දැයෙන් මිදී) උපවාසයේ (යෙදී) පූරණය කර ගනු. එහෙත් ඔබ (දෙවියන් වහන්සේ සිහිපත් කිරීමට) නැමදුම්පළවල්හි රැඳී (ඉඃතිකාෆ්හි) සිටින විට, ඔබගේ භාර්යයාවන් වන) ඔවුන් සමග එකතු නොවනු. මේවා අල්ලාහ්ගේ ස්ථීර වූ නීති සීමාවන් වන්නේය. එබැවින් ඒවා (කඩ කිරීමට) ඔබ ළං නොවනු. මිනිසුන් පරිශුද්ධවන්තයින් වීම පිණිස අල්ලාහ් තමන්ගේ ආයාවන් ඔවුන්ට මෙසේ පැහැදිලි කරන්නේය.
وَلَا تَأْكُلُوٓا۟ أَمْوَٰلَكُم بَيْنَكُم بِٱلْبَٰطِلِ وَتُدْلُوا۟ بِهَآ إِلَى ٱلْحُكَّامِ لِتَأْكُلُوا۟ فَرِيقًۭا مِّنْ أَمْوَٰلِ ٱلنَّاسِ بِٱلْإِثْمِ وَأَنتُمْ تَعْلَمُونَ ١۸۸
තවද ඔබ, ඔබ අතරේ කෙනෙකු අනිත් කෙනාගේ වස්තූන් වැරදි ආකාරයෙන් අනුභව නොකරනු. (ඔබගේ පාර්ශවය බොරු යයි) ඔබ දැන සිටියදී (අනිත්) මිනිසුන්ගේ වස්තුවෙන් කිසිවක් පාපතර මාර්ගයෙන් ගිල දැමීම පිණිස (අල්ලස් දීමට) ඒ සමග අධිකාරීවරුන් වෙත නොයනු.
۞ يَسْـَٔلُونَكَ عَنِ ٱلْأَهِلَّةِ ۖ قُلْ هِىَ مَوَٰقِيتُ لِلنَّاسِ وَٱلْحَجِّ ۗ وَلَيْسَ ٱلْبِرُّ بِأَن تَأْتُوا۟ ٱلْبُيُوتَ مِن ظُهُورِهَا وَلَٰكِنَّ ٱلْبِرَّ مَنِ ٱتَّقَىٰ ۗ وَأْتُوا۟ ٱلْبُيُوتَ مِنْ أَبْوَٰبِهَا ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ ١۸۹
(නබියේ! මාස් පතා වැඩෙන හා ගෙවීද උපදින නව) සඳ ගැන ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “ඒවා මිනිසුන්ට (සෑම මාසයක්ම) කාලයන්ද හජ්ද දැනුම් දිය හැකි දැයයි”. තවද (විශ්වාසවන්තයිනි! ඉහ්රාම් හැඳ සිටින) ඔබ (ඔබගේ) නිවෙස්වලට ඒවායේ පිටුපස පැත්තෙන් යාම මගින් හොඳ අය බවට පත් නොවන්නෙහුය. කවුරුන් අල්ලාහ්ට බිය වී කටයුතු කරන්නේද, ඔහුම හොඳ අයයි. එබැවින් ඔබ, (ඔබගේ) නිවෙස්වලට ඒවායේ ප්රධාන ෙදාරටුව මාර්ගයෙන්ම ඇතුළු වනු. අල්ලාහ්ට බිය වී කටයුතු කරනු. (මෙමගින්) ඔබට ජයග්රහණය අත් කර ගත හැකිය.
وَقَٰتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ ٱلَّذِينَ يُقَٰتِلُونَكُمْ وَلَا تَعْتَدُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْمُعْتَدِينَ ١۹۰
අල්ලාහ්ගේ මාර්ගයෙහි (ඔබ යාම වළක්වා) ඔබට විරුද්ධවූවන් සමග ඔබත් යුද්ධ කරනු. නමුත් ඔබ සීමාව ඉකමවා නොයනු. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් සීමාව ඉක්මවන්නන් ආදරය කරන්නේ නැත.
وَٱقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأَخْرِجُوهُم مِّنْ حَيْثُ أَخْرَجُوكُمْ ۚ وَٱلْفِتْنَةُ أَشَدُّ مِنَ ٱلْقَتْلِ ۚ وَلَا تُقَٰتِلُوهُمْ عِندَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ حَتَّىٰ يُقَٰتِلُوكُمْ فِيهِ ۖ فَإِن قَٰتَلُوكُمْ فَٱقْتُلُوهُمْ ۗ كَذَٰلِكَ جَزَآءُ ٱلْكَٰفِرِينَ ١۹١
එබැවින් (ඔබට විරුද්ධව යුද්ධ කිරීමට ඉදිරිපත් වූ) ඔවුන්ව දුටු තැන කපා දමනු. ඔබව (ඔබගේ රටින්) ඔවුන් පිටමං කළ ආකාරයටම ඔබත් ඔවුන්ව පිටමං කර දමනු. (ඔවුන් කරන) කළබලය ඝාතනයට වඩා ඉතාමත් නපුරුය. නමුත් (ඔවුන්ගෙන්) කවුරුන් හෝ (ආරක්ෂාව පතා) මස්ජිදුල් හරාම්හි සිටියහොත් එහිදී ඔවුන් ඔබට විරුද්ධව යුද්ධ කිරීමට ඉදිරිපත් වන තුරු ඔබ ඔවුන්ව කපා නොදමනු. (ඒ ස්ථානයේදීද) ඔවුන් ඔබට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියහොත් ඔබත් ඔවුන්ව කපා දමනු. එම ප්රතික්ෂේප කරන්නන්ට අයත් ඵලවිපාකය මෙයයි!
فَإِنِ ٱنتَهَوْا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ١۹٢
(මින්) පසුවද ඔවුන් (ඔබට විරුද්ධව යුද්ධ නොකර) ඈත් වුවහොත් (ඔබ ඔවුන්ව නොකපනු). නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද, අධික දයාබරවද සිටින්නේය.
وَقَٰتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌۭ وَيَكُونَ ٱلدِّينُ لِلَّهِ ۖ فَإِنِ ٱنتَهَوْا۟ فَلَا عُدْوَٰنَ إِلَّا عَلَى ٱلظَّٰلِمِينَ ١۹۳
තවද (ඉස්ලාමයට විරුද්ධව කටයුතු කරන) ආරවුල (සම්පූර්ණයෙන්ම) පහ වී ධර්මය අල්ලාහ්ට අයත්ය යයි ස්ථීර වන තුරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරනු. නමුත් ඔවුන් (ආරවුල් නොකර) ඈත් වුවහොත් (ඔවුන්ගෙන්ද) අපරාධ කරන්නන් හැර, (අන් අයට වේදනා කර) සීමාව ඉක්මවා නොයනු.
ٱلشَّهْرُ ٱلْحَرَامُ بِٱلشَّهْرِ ٱلْحَرَامِ وَٱلْحُرُمَٰتُ قِصَاصٌۭ ۚ فَمَنِ ٱعْتَدَىٰ عَلَيْكُمْ فَٱعْتَدُوا۟ عَلَيْهِ بِمِثْلِ مَا ٱعْتَدَىٰ عَلَيْكُمْ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ مَعَ ٱلْمُتَّقِينَ ١۹٤
(යුද්ධ කිරීම වළක්වනු ලැබ ඇති රජබ්, දුල් කඅදා, දුල් හජ්, මුහර්රම් ආදී මාසයන්හි) උසස් කරන ලද මාසයන් සඳහා, උසස් කරන ලද මාසයයි. එබැවින් උසස් දැයට (සම වන) දැය ඇත. එබැවින් කවුරුන් හෝ සීමාව ඉක්මවා ඔබ කෙරෙහි (එම මාසයන්හි යුද්ධ කිරීමට) පැමිණියහොත් ඔහු ඔබ කෙරෙහි සීමාව ඉක්මවූ ආකාරයටම ඔබත් ඔහු කෙරෙහි සීමාව ඉක්මවා (යුද්ධයට) යනු. නමුත් ඔබ අල්ලාහ්ට බිය වී (එම මාසයන්හි යුද්ධය ආරම්භ නොකර) සිටිනු. අල්ලාහ් භය භක්තිකයින් සමග සිටින්නේය යන්නද ස්ථීර වශයෙන් ඔබ දැන ගනු.
وَأَنفِقُوا۟ فِى سَبِيلِ ٱللَّهِ وَلَا تُلْقُوا۟ بِأَيْدِيكُمْ إِلَى ٱلتَّهْلُكَةِ ۛ وَأَحْسِنُوٓا۟ ۛ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُحْسِنِينَ ١۹٥
ඔබ අල්ලාහ්ගේ මාර්ගයෙහි (ඕනෑතරම්) වියදම් කරනු. තවද (යුද්ධය වැනි අවස්ථාවන්හි වියදම් නොකර) ඔබ, ඔබවම අනතුරට භාජනය කර නොගනු. තවද (අන් අයට උදව්ද) හොඳ දැයද කරනු. නියත වශයෙන්ම අල්ලාහ් (අන් අයට) හොඳ දැය කරන්නන්ව ආදරය කරන්නේය.
وَأَتِمُّوا۟ ٱلْحَجَّ وَٱلْعُمْرَةَ لِلَّهِ ۚ فَإِنْ أُحْصِرْتُمْ فَمَا ٱسْتَيْسَرَ مِنَ ٱلْهَدْىِ ۖ وَلَا تَحْلِقُوا۟ رُءُوسَكُمْ حَتَّىٰ يَبْلُغَ ٱلْهَدْىُ مَحِلَّهُۥ ۚ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوْ بِهِۦٓ أَذًۭى مِّن رَّأْسِهِۦ فَفِدْيَةٌۭ مِّن صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍۢ ۚ فَإِذَآ أَمِنتُمْ فَمَن تَمَتَّعَ بِٱلْعُمْرَةِ إِلَى ٱلْحَجِّ فَمَا ٱسْتَيْسَرَ مِنَ ٱلْهَدْىِ ۚ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٍۢ فِى ٱلْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ ۗ تِلْكَ عَشَرَةٌۭ كَامِلَةٌۭ ۗ ذَٰلِكَ لِمَن لَّمْ يَكُنْ أَهْلُهُۥ حَاضِرِى ٱلْمَسْجِدِ ٱلْحَرَامِ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ ١۹٦
අල්ලාහ් වෙනුවෙන් (ආරම්භ කරන ලද) හජ්ද, උම්රාවද, ඔබ පූරණය කරනු. නමුත් (මක්කාවට යාමට නොහැකි ආකාරයට) ඔබව වළක්වනු ලැබ (හජ් පූරණය කිරීමට නොහැකි) වුවහොත් හද්යු (නමැති එළු, බැටළු, ගව, ඔටුවන් ආදී) දැයෙන් (ඔබට) සුදුසු දැයක් වන්දි වශයෙන් වන්නේය. තවද එම හද්යූන් තමන් යා යුතු (මක්කාවෙහි ඇති හරම් නමැති) ස්ථානයට ළඟා වන තුරු ඔබ, ඔබගේ හිසකෙස් බූ-නොගානු. එහෙත් (ඉහ්රාම් හැඳ සිටින) ඔබගෙන් කවුරුන් හෝ අසනීපකාරයෙකු වශයෙන් හෝ නැතහොත් හිසෙහි (උකුනෝ, තුවාල, කැක්කුම ආදී දැයෙන්) පීඩිත වී සිටින්නෙකු වශයෙන් හෝ සිට, (හිස බූගා) ගතහොත් එයට වන්දි වශයෙන් (ඔහු දින දහයක්) උපවාසයේ යෙදිය යුතුය. නැතහොත් (දුප්පතුන් හය දෙනෙකුට ආහාර) දාන වශයෙන් දිය යුතුය. නැතහොත් (එක් එළුවෙකු) කුර්බාන් කළ යුතුය. තවද (ඉහ්රාම් හැඳ සිටින) ඔබ, (කිසිම බාධාවක් නොමැතිව හජ් කිරීමට) පහසුකම් ඇති කෙනෙකු වශයෙන් සිට, (මක්කාවට ගිය පසු ඔබගෙන්) කවුරුන් හෝ උම්රාව (පමණක් කිරීමෙන්) අනතුරුව හජ් වලට කළින්ම (හජ් සමයෙහි වළක්වන ලද) සුවය විඳිනු ලැබුවහොත් (එයට) වන්දි වශයෙන් හද්යූන් වලින් හැකි දැයක් දිය යුතුය. නමුත් (හද්යූන් වලින් කිසිවක්) සොයා ගත නොහැක්කා, හජ් සමයෙහිදී දින තුනක්ද, (තම වාසස්ථානයට) ආපසු පැමිණි පසු දින හතක්ද වශයෙන් පූරණ වශයෙන් (දින) දහයක් උපවාසයේ යෙදිය යුතුය. (වළක්වන ලද සුවය විඳින) මෙය, (මෙම අයිතිය ඇති) ඔහුගේ පවුල මස්ජිදුල් හරාම්හි (මක්කාවෙහි) වාසය නොකරන්නේද ඔහුටය. එබැවින් ඔබ අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් (වැරදිකරුවන්ට) දඬුවම් කිරීමෙහි ඉතාමත් දරුණුය යන්නද ස්ථීර වශයෙන් දැන ගනු.
ٱلْحَجُّ أَشْهُرٌۭ مَّعْلُومَٰتٌۭ ۚ فَمَن فَرَضَ فِيهِنَّ ٱلْحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِى ٱلْحَجِّ ۗ وَمَا تَفْعَلُوا۟ مِنْ خَيْرٍۢ يَعْلَمْهُ ٱللَّهُ ۗ وَتَزَوَّدُوا۟ فَإِنَّ خَيْرَ ٱلزَّادِ ٱلتَّقْوَىٰ ۚ وَٱتَّقُونِ يَٰٓأُو۟لِى ٱلْأَلْبَٰبِ ١۹۷
හජ් (එයටම යයි) විශේෂිත (ෂව්වාල්, දුල් කඅදා, දුල් හජ් ආදී) මාසයන්ය. එබැවින් ඒවායේ කවුරුන් හෝ (ඉහ්රාම් හැඳ) හජ් (තමන් වෙත) අනිවාර්යය කර ගතහොත්, හජ් (මාසයෙහි දහ වැනි දින) දක්වා (අඹු සැමියන් සේ) සම්බන්ධ වීම, පරුෂ වචන භාවිතය, ආරවුල් ඇති කර ගැනීම ආදිය නොකළ යුතුය. (මේවායෙන් වැළකී) ඔබ කුමන දැහැමි දැයක් කළා වුවද, නියත වශයෙන්ම අල්ලාහ් එය දැන, එයට අයත් ඵලවිපාක දෙනු ඇත. තවද (හජ් වන්ඳනාවට අවශ්ය) ආහාර ද්රව්යය (කළින්ම ලක) ලැහැස්ති කර ගනු. නමුත් (ඔබ) ලක ලැහැස්ති කර ගත් දැයෙන් නම්, ඉතාමත් උසස් දැය වන්නේ, නියත වශයෙන්ම පරිශුද්ධභාවයයි. එබැවින් බුද්ධිමතුනි! ඔබ (විශේෂයෙන් හජ් සමයෙහිදී) මා හට බිය වී (ඉතාමත් භයභක්තියෙන්ම) කටයුතු කරනු!
لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَبْتَغُوا۟ فَضْلًۭا مِّن رَّبِّكُمْ ۚ فَإِذَآ أَفَضْتُم مِّنْ عَرَفَٰتٍۢ فَٱذْكُرُوا۟ ٱللَّهَ عِندَ ٱلْمَشْعَرِ ٱلْحَرَامِ ۖ وَٱذْكُرُوهُ كَمَا هَدَىٰكُمْ وَإِن كُنتُم مِّن قَبْلِهِۦ لَمِنَ ٱلضَّآلِّينَ ١۹۸
(හජ් වන්ඳනාවේදී) ඔබ (වෙළහෙළඳාමක් කර), ඔබගේ දෙවියන්ගේ දයාව (මගින් ලැඛෙන ලාභය) සොයා ගැනීම ඔබ කෙරෙහි වරදක් නැත. තවද (හජ් සඳහා ගිය) ඔබ, අරෆා සිට ආපසු හැරුණහොත් මෂ්අරුල් හරාම් නමැති ස්ථානයෙහි අල්ලාහ්ට දික්ර් කරනු. තවද ඔබ මීට පෙර, මාර්ගය වැරද ගිය අය වශයෙන් සිටියදී ඔබට ඔහු ඍජු මාර්ගය දැනුම් දීම සඳහා, පසුවද ඔහුට දික්ර් කරනු.
ثُمَّ أَفِيضُوا۟ مِنْ حَيْثُ أَفَاضَ ٱلنَّاسُ وَٱسْتَغْفِرُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ١۹۹
පසුව මිනිසුන් ආපසු හැරෙණ (මුස්තලිෆා නමැති) ස්ථානයෙන් ඔබ (මිනාවට) හැරී ආපසු පැමිණ, අල්ලාහ්ගේ සමාව ඉල්ලා සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු වශයෙන්ද, ඉමහත් දයාබරවද සිටින්නේය.
فَإِذَا قَضَيْتُم مَّنَٰسِكَكُمْ فَٱذْكُرُوا۟ ٱللَّهَ كَذِكْرِكُمْ ءَابَآءَكُمْ أَوْ أَشَدَّ ذِكْرًۭا ۗ فَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ رَبَّنَآ ءَاتِنَا فِى ٱلدُّنْيَا وَمَا لَهُۥ فِى ٱلْءَاخِرَةِ مِنْ خَلَٰقٍۢ ٢۰۰
(හජ් සඳහා ගිය) ඔබ, ඔබගේ (හජ්හි) වත් පිළිවෙත් ඉටු කර හැරියහොත් ඔබ (ඉස්ලාමයට පෙර) ඔබගේ පියවරුන්ගේ (නාමයන් ශබ්ද නගා ඉතාමත් ආඩම්බර ලීලාවෙන්) පවසා මතක් කරන්නාක් සේම නැතහොත් ඊටත් වඩා ශබ්ද නගා අල්ලාහ්ව දික්ර් (කර, ඔබට අවශ්ය දැයද ඔහුගෙන් ඉල්ලා ප්රාර්ථනා) කරනු. (ප්රාර්ථනාවේදී) “අපගේ දෙවියනේ! අපට (අවශ්ය දැය සියල්ල) මෙලොවදීම ලබා දෙනු මැනව!” යයි ඉල්ලා සිටින්නන්ද මිනිසුන්ගෙන් ඇත. නමුත් මොවුන්ට (මෙවැන්නන්ට) පරලොවදී කිසිම භාග්යයක් නැත.
وَمِنْهُم مَّن يَقُولُ رَبَّنَآ ءَاتِنَا فِى ٱلدُّنْيَا حَسَنَةًۭ وَفِى ٱلْءَاخِرَةِ حَسَنَةًۭ وَقِنَا عَذَابَ ٱلنَّارِ ٢۰١
තවද “අපගේ දෙවියනේ! අපට ඔබ මෙලොවදීද, හොඳක්ම ලබා දෙනු මැනව! පරලොවදීද හොඳක්ම ලබා දෙනු මැනව! (නිරා) ගින්නේ දඬුවමෙන් අපව ඔබ ආරක්ෂා කරනු මැනව!” යයි ඉල්ලා සිටින්නන්ද ඔවුන්ගෙන් ඇත.
أُو۟لَٰٓئِكَ لَهُمْ نَصِيبٌۭ مِّمَّا كَسَبُوا۟ ۚ وَٱللَّهُ سَرِيعُ ٱلْحِسَابِ ٢۰٢
ඔබ (දැහැමි) ක්රියාවන්හි (ඵලවිපාක මෙලොවදීද, පරලොවදීද අත් කර ගැනීමේ) භාග්යය මොවුන්ටම ඇත. තවද අල්ලාහ් ගණනය කිරීමෙහි ඉතාමත් තීව්ර වන්නේය.
۞ وَٱذْكُرُوا۟ ٱللَّهَ فِىٓ أَيَّامٍۢ مَّعْدُودَٰتٍۢ ۚ فَمَن تَعَجَّلَ فِى يَوْمَيْنِ فَلَآ إِثْمَ عَلَيْهِ وَمَن تَأَخَّرَ فَلَآ إِثْمَ عَلَيْهِ ۚ لِمَنِ ٱتَّقَىٰ ۗ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱعْلَمُوٓا۟ أَنَّكُمْ إِلَيْهِ تُحْشَرُونَ ٢۰۳
(විශ්වාසවන්තයිනි! දුල් හජ් මාසයෙහි) සඳහන්ව ඇති දින (තුනක්) දක්වා (මිනා නමැති ස්ථානයෙහි නැවතී සිට), අල්ලාහ්ව දික්ර් කරනු. නමුත් කවුරුන් හෝ දෙවැනි දිනදී හදිසි වී (පිටත්) වුවහොත් ඔහු කෙරෙහි වරදක් නැත. කවුරුන් හෝ (දින තුනකින්) පසු (පිටත්) වුවහොත් ඔහු කෙරෙහිද වරදක් නැත. ඔහු භය භක්තිකයෙකු වශයෙන් (සිට හජ් සමයෙහිදී වළක්වන ලද දැයෙන් ඈත් වී) සිටියහොත් (පමණක්) ප්රමාණවත්ය. එබැවින් (විශ්වාසවන්තයිනි!) නියත වශයෙන්ම ඔබ අල්ලාහ්ට බිය වී කටයුතු කරනු. තවද අල්ලාහ් වෙතම (සාධාරණ විනිශ්චය සඳහා නැගිටුවා) ගෙන එනු ලබන්නෙහුය යන්න සිථීර වශයෙන් දැන ගනු.
وَمِنَ ٱلنَّاسِ مَن يُعْجِبُكَ قَوْلُهُۥ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَيُشْهِدُ ٱللَّهَ عَلَىٰ مَا فِى قَلْبِهِۦ وَهُوَ أَلَدُّ ٱلْخِصَامِ ٢۰٤
(නබියේ! ඔබගෙන්) මෙලොව ජීවිතය ගැන (කතා කරන විට) තමන්ගේ (සූක්ෂම බුද්ධියෙන් පිරි) වදන් මගින් ඔබව පුදුමයට පත් කරවන සුළු (ඇග්නස් ඉබ්නු ෂරීක් වැනි) කෙනෙකු ඒ මිනිසුන්ගෙන් ඇත. ඔහු (ඔබ කෙරෙහි ආදරය අත් කරගෙන ඇත්තෙකු බවට දන්වා) තම සිතෙහි ඇති දැයට (දිව්රා) අල්ලාහ්ව සාක්ෂියට තබනු ඇත. (ඇත්තෙන්ම) ඔහුම (ඔබට) දරුණු සතුරෙකි.
وَإِذَا تَوَلَّىٰ سَعَىٰ فِى ٱلْأَرْضِ لِيُفْسِدَ فِيهَا وَيُهْلِكَ ٱلْحَرْثَ وَٱلنَّسْلَ ۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلْفَسَادَ ٢۰٥
ඔහු (ඔබගෙන්) ඈත් වුවහොත් භූමියෙහි නපුර කර, (ඔබගේ) ගොවිතැනද ගමේ සතුන්වද විනාශ කර දැමීමට උත්සාහ කරන්නේය. නපුර අල්ලාහ් ප්රිය කරන්නේ නැත.
وَإِذَا قِيلَ لَهُ ٱتَّقِ ٱللَّهَ أَخَذَتْهُ ٱلْعِزَّةُ بِٱلْإِثْمِ ۚ فَحَسْبُهُۥ جَهَنَّمُ ۚ وَلَبِئْسَ ٱلْمِهَادُ ٢۰٦
තවද “ඔබ අල්ලාහ්ට බිය වනු! (නපුර නොකරනු!)” යයි ඔහුට කියනු ලැබුවහොත් (ඔහුගේ) ආඩම්බරය ඔහුව (නපුර කර), පාපය කරන මෙන්ම (ඇද) බැඳ ගන්නේය. එබැවින් ඔහුට නිරයම සුදුසු වන්නේය. නියත වශයෙන්ම (එය) රැෙඳන ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරුය.
وَمِنَ ٱلنَّاسِ مَن يَشْرِى نَفْسَهُ ٱبْتِغَآءَ مَرْضَاتِ ٱللَّهِ ۗ وَٱللَّهُ رَءُوفٌۢ بِٱلْعِبَادِ ٢۰۷
ආල්ලහ්ගේ (ශුද්ධ වූ) සොම්නස ලබා ගැනීම සඳහා තමන්ගේ ජීවිතයම පරිත්යාග කරන (ෂුහෙයිබ්, රූමි වැනි) අයද මිනිසුන්ගෙන් ඇත. අල්ලාහ් (මෙවැනි) වහලූන් කෙරෙහි ඉතාමත් දයාබරය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱدْخُلُوا۟ فِى ٱلسِّلْمِ كَآفَّةًۭ وَلَا تَتَّبِعُوا۟ خُطُوَٰتِ ٱلشَّيْطَٰنِ ۚ إِنَّهُۥ لَكُمْ عَدُوٌّۭ مُّبِينٌۭ ٢۰۸
විශ්වාසවන්තයිනි! ඔබ (දෙගිඩියාවෙන් නොසිටිනු). ඉස්ලාමය තුළට සම්පූර්ණයෙන් ඇතුළු වනු. තවද (මෙය වළක්වන) ෂෙයිතාන්ගේ පා සටහන් අනුගමනය නොකරනු. නියත වශයෙන්ම ඔහු, ඔබට ප්රකට සතුරෙකි.
فَإِن زَلَلْتُم مِّنۢ بَعْدِ مَا جَآءَتْكُمُ ٱلْبَيِّنَٰتُ فَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ ٢۰۹
(මිනිසුනේ! සැකයෙන් තොර) පැහැදිලි සාධකයන් ඔබ වෙත පැමිණි පසුද, ඔබ (ඉස්ලාමයෙහි ස්ථීර නොවී) ලෙස්සා ගියහොත් (ඔබට දඬුවම් කිරීමට) නියත වශයෙන්ම අල්ලාහ් බලසම්පන්නයෙකු වශයෙන්ද, (ඔබව කුමන ආකාරයකින් හැසිරවිය යුතුද යන්න හොඳින් දැන සිටින) ඥානවන්තයෙකු වශයෙන්ද සිටින්නේය යන්න ඔබ ස්ථීර වශයෙන් දැන ගනු.
هَلْ يَنظُرُونَ إِلَّآ أَن يَأْتِيَهُمُ ٱللَّهُ فِى ظُلَلٍۢ مِّنَ ٱلْغَمَامِ وَٱلْمَلَٰٓئِكَةُ وَقُضِىَ ٱلْأَمْرُ ۚ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ ٢١۰
(නබියේ! මෙතරම් පැහැදිලි ආයාවන්ද ප්රතික්ෂේප කරන මොවුන්), අල්ලාහ්ද මලායිකාවරුන්ද (ස්වේත වර්ණ) වලාකුළුවල සෙවණෙහි ඔවුන් වෙත පැමිණ (විනාශ කර, ඔවුන්ගේ) වැඩ කටයුත්ත අවසන් කරනවා මිස, (වෙන කිසිවක්) ඔවුන් බලාපොරොත්තු වන්නෙහුද? (ඔවුන්ගේ) සකල කාරණාවන්ද (විනිශ්චය දිනදී) අල්ලාහ් වෙතම (විනිශ්චය සඳහා) ගෙන එනු ලැබේ.
سَلْ بَنِىٓ إِسْرَٰٓءِيلَ كَمْ ءَاتَيْنَٰهُم مِّنْ ءَايَةٍۭ بَيِّنَةٍۢ ۗ وَمَن يُبَدِّلْ نِعْمَةَ ٱللَّهِ مِنۢ بَعْدِ مَا جَآءَتْهُ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ ٢١١
(නබියේ!) ඉස්රායීල පරම්පරා දරුවන්ගෙන් ඔබ මෙසේ විමසනු: කොපමණදෝ පැහැදිලි සාධකයන් අපි ඔවුන්ට ලබා දී ඇත්තෙමු. (එසේ තිබියදී) කවුරුන් හෝ ඒවා තමන් වෙත පැමිණි පසුද, අල්ලාහ්ගේ සාධකයන් වන (එම) වරප්රසාදයන් වෙනස් කර දමන්නේ නම්, (ඔහුට) දඬුවම් කිරීමෙහි නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් දරුණු කෙනෙකි.
زُيِّنَ لِلَّذِينَ كَفَرُوا۟ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا وَيَسْخَرُونَ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ ۘ وَٱلَّذِينَ ٱتَّقَوْا۟ فَوْقَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ وَٱللَّهُ يَرْزُقُ مَن يَشَآءُ بِغَيْرِ حِسَابٍۢ ٢١٢
ප්රතික්ෂේප කරන්නන්ට මෙලොව ජීවිතයම අලංකාරවත් ආකාරයට (සිතෙන සේ) පත් කරනු ලැබ ඇත්තේය. එබැවින් ඔවුන් (දුප්පතුන් වශයෙන් සිටින) විශ්වාසවන්තයින්ව සමච්චල් කරන්නාහ. නමුත් (විශ්වාසවන්තයින් වන) පරිශුද්ධවන්තයින් නම්, විනිශ්චය දිනදී ඔවුන්ට වඩා (අපමණ තරම්) උසස්ව සිටිනු ඇත. තවද අල්ලාහ් කැමැත්තන්ට ගණනය නොකරම ලබා දෙන්නේය.
كَانَ ٱلنَّاسُ أُمَّةًۭ وَٰحِدَةًۭ فَبَعَثَ ٱللَّهُ ٱلنَّبِيِّۦنَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ لِيَحْكُمَ بَيْنَ ٱلنَّاسِ فِيمَا ٱخْتَلَفُوا۟ فِيهِ ۚ وَمَا ٱخْتَلَفَ فِيهِ إِلَّا ٱلَّذِينَ أُوتُوهُ مِنۢ بَعْدِ مَا جَآءَتْهُمُ ٱلْبَيِّنَٰتُ بَغْيًۢا بَيْنَهُمْ ۖ فَهَدَى ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ لِمَا ٱخْتَلَفُوا۟ فِيهِ مِنَ ٱلْحَقِّ بِإِذْنِهِۦ ۗ وَٱللَّهُ يَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍ ٢١۳
(ආරම්භයෙහි) මිනිසුන් (සියල්ල) එකම සමුහයක් වශයෙන්ම සිටියහ. (ඔවුන් ඍජු මාර්ගයෙහි යනු පිණිස දැහැමි දැය කරන්නන්ට) සුභාරංචි දෙන ලෙසටද, (පාපයන් කරන්නන්ට) බිය ගන්වා අනතුරු අඟවන ලෙසටද, අල්ලාහ් නබිවරුන්ව පහළ කළේය. තවද එම මිනිසුන් අතරේ ඇති වන ප්රශ්න නිරාකරණය කිරීම පිණිස ඔවුන් සමග සත්ය ධර්මයද පහළ කළේය. මෙසේ පැහැදිලි සාධකයන් (ඇති ධර්මය) පැමිණි පසුද, එය ලබා ගත් ඔවුන්, තමන් තුළ ඇති වූ ඊර්ෂ්යාවේ හේතුවෙන්ම (එම සත්ය ධර්මයට) වෙනස්කම් (කිරීමට ඉදිරිපත්) වූහ. එහෙත් ඔවුන් වෙනස්කම් කර, ප්රතික්ෂේප කර දැමූ එම සත්යය දෙසට යන මෙන් විශ්වාසවන්තයින්ට අල්ලාහ් තම වරප්රසාදයන් මගින් (ඍජු) මාර්ගය පෙන්වූවේය. තවද (මේ ආකාරයටම) තමන් කැමැත්තන්ව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය.
أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُوا۟ ٱلْجَنَّةَ وَلَمَّا يَأْتِكُم مَّثَلُ ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلِكُم ۖ مَّسَّتْهُمُ ٱلْبَأْسَآءُ وَٱلضَّرَّآءُ وَزُلْزِلُوا۟ حَتَّىٰ يَقُولَ ٱلرَّسُولُ وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ مَتَىٰ نَصْرُ ٱللَّهِ ۗ أَلَآ إِنَّ نَصْرَ ٱللَّهِ قَرِيبٌۭ ٢١٤
(විශ්වාසවන්තයිනි!) ඔබට පෙර ඉකුත්ව ගිය අයට සිදු වූවාක් මෙන් (ඉතාමත් අමාරුකම් වූ) තත්වයක් ඔබට නොපැමිණම ඔබ ස්වර්ගයට ඇතුළු විය හැකිය යයි සිතා ගත්තෙහුද? දූතයාවද ඔහු සමග විශ්වාස කළ ඔවුන්වද දුක් කරදර වලින් පීඩිතව (ඔවුන් පසුතැවිලි වී තමන්ගේ දුක්ගැහැට වලින් පහ කරන්නට) ‘අල්ලාහ්ගේ පිහිට කවදා (ලැඛෙන්නේද? කවදා ලැඛෙන්නේද)?’යි විමසීමට “අල්ලාහ්ගේ පිහිට නියත වශයෙන්ම (මෙන්න) ඉතාමත් සමීපයෙහි ඇත්තේය” යයි (අපි සැනසුම් වදන්) පවසන තෙක් ඔවුන්ව හොල්ලා තබනු ලැබූහ.
يَسْـَٔلُونَكَ مَاذَا يُنفِقُونَ ۖ قُلْ مَآ أَنفَقْتُم مِّنْ خَيْرٍۢ فَلِلْوَٰلِدَيْنِ وَٱلْأَقْرَبِينَ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينِ وَٱبْنِ ٱلسَّبِيلِ ۗ وَمَا تَفْعَلُوا۟ مِنْ خَيْرٍۢ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٌۭ ٢١٥
(නබියේ! වස්තූන්ගෙන්) “කුමක් වියදම් කළ යුතුද? (කවුරුන්ට දිය යුතුද?)”යි ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “(පින් බලාපොරොත්තුවෙන්) ඔබ කුමන වස්තුවක් වියදම් කළද, (එය) දෙමව්පියන්, අසල්වැසියන්, අනාථයින්, දුප්පතුන්, මැගියන් ආදීන්ට ලබා දෙනු. තවද ඔබ (වෙන) කුමන පිනක් කළා වුවද, එය නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් (දැන, එයට නියමිත ඵලවිපාක දෙනු) ඇත.
كُتِبَ عَلَيْكُمُ ٱلْقِتَالُ وَهُوَ كُرْهٌۭ لَّكُمْ ۖ وَعَسَىٰٓ أَن تَكْرَهُوا۟ شَيْـًۭٔا وَهُوَ خَيْرٌۭ لَّكُمْ ۖ وَعَسَىٰٓ أَن تُحِبُّوا۟ شَيْـًۭٔا وَهُوَ شَرٌّۭ لَّكُمْ ۗ وَٱللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ ٢١٦
(විශ්වාසවන්තයිනි!) යුද්ධ කිරීම ඔබට පිළිකුලක් වශයෙන් තිබියදී (ඔබවද, ඔබගේ ධර්මයද ආරක්ෂා කර ගැනීම පිණිස) එය ඔබ කෙරෙහි අනිවාර්යය කර ඇත. එක් වස්තුවක් ඔබට හොඳක් වශයෙන් තිබියදී එය ඔබ පිළිකුල් කරන්නට ඉඩ ඇත. එක් වස්තුවක් ඔබට හානිදායකව තිබියදී එය ඔබ කැමති වන්නට ඉඩ ඇත. (ඒවා ඔබට හොඳක් ගෙන දෙන්නේද, නපුරක් ගෙන දෙන්නේද යන්න) අල්ලාහ් දන්නවා මිස, ඔබ දන්නේ නැත.
يَسْـَٔلُونَكَ عَنِ ٱلشَّهْرِ ٱلْحَرَامِ قِتَالٍۢ فِيهِ ۖ قُلْ قِتَالٌۭ فِيهِ كَبِيرٌۭ ۖ وَصَدٌّ عَن سَبِيلِ ٱللَّهِ وَكُفْرٌۢ بِهِۦ وَٱلْمَسْجِدِ ٱلْحَرَامِ وَإِخْرَاجُ أَهْلِهِۦ مِنْهُ أَكْبَرُ عِندَ ٱللَّهِ ۚ وَٱلْفِتْنَةُ أَكْبَرُ مِنَ ٱلْقَتْلِ ۗ وَلَا يَزَالُونَ يُقَٰتِلُونَكُمْ حَتَّىٰ يَرُدُّوكُمْ عَن دِينِكُمْ إِنِ ٱسْتَطَٰعُوا۟ ۚ وَمَن يَرْتَدِدْ مِنكُمْ عَن دِينِهِۦ فَيَمُتْ وَهُوَ كَافِرٌۭ فَأُو۟لَٰٓئِكَ حَبِطَتْ أَعْمَٰلُهُمْ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ ۖ وَأُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ ٢١۷
(නබියේ! දුල් කඅදා, දුල් හජ්ජි, මුහර්රම්, රජබ් ආදී මෙම) ශුද්ධ වූ මාසයන්හි යුද්ධ කිරීම ගැන ඔබගෙන් ඔවුන් (එම ප්රතික්ෂේප කරන්නන්) විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “ඒවායෙහි යුද්ධ කිරීම ඉමහත් පාපයකි! නමුත් (මිනිසුන්) අල්ලාහ්ගේ ධර්මයෙහි (එක්කාසු) වීම (ඔබ) වැළැක්වීමද, ඔහුව ඔබ ප්රතික්ෂේප කිරීමද, (හජ් වලට පැමිණෙන්නන්ව) මස්ජිදුල් හරාම් වලට (යාමට නොදී වැළැක්වීමද) එහි වාසය කරන්නන්ගෙන් (විශ්වාසය තැබූවන්ව) එහි සිට පිටමං කිරීමද, අල්ලාහ් වෙතින් (ඊටත් වඩා) ඉතාමත් විශාල පාපයන් වශයෙන් ඇත්තේය. තවද (විශ්වාසවන්තයින්ට ඔබ කරමින් සිටින) නපුර, ඝාතනය ආදියටත් වඩා ඉතාමත් දරුණුය. තවද (විශ්වාසවන්තයිනි! කාෆිර්වරුන් වන) ඔවුන්ට හැකි වුවහොත් ඔබව ඔබගේ ධර්මයෙන් හරවා දමන තෙක් ඔබ සමග නිමක් නැතිව යුද්ධ කරමින්ම සිටිනු ඇත. එබැවින් ඔබගෙන් කවුරුන් හෝ තමන්ගේ ධර්මය (ප්රතික්ෂේප කර) දමා වෙනස්ව (එය එසේ) ප්රතික්ෂේප (කිරීම ගැන පසුතැවිලි වී මිදෙන්නෙකු) බවට සිටියහොත් මෙවැන්නන්ගේ (දැහැමි) ක්රියාවන් සියල්ල මෙලොවදීද, පරලොවදීද විනාශ වී යනු ඇත. ඔවුන්ම නිරාවාසීන්ය. සදාකල් ඔවුන් එහි රැඳී සිටිනු ඇත.
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَٱلَّذِينَ هَاجَرُوا۟ وَجَٰهَدُوا۟ فِى سَبِيلِ ٱللَّهِ أُو۟لَٰٓئِكَ يَرْجُونَ رَحْمَتَ ٱللَّهِ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ٢١۸
ඇත්තෙන්ම විශ්වාසය තැබූවන්ද, (කාෆීර්වරුන්ගේ අඩන්තේට්ටම් වලින් ‘මක්කාව’ වන) තමන්ගේ ගමෙන් පිටමං වී (හිජ්රත් කර) අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ (ජිහාද්) කරන්නන්ටම අල්ලාහ්ගේ දයාව නියත වශයෙන්ම බලාපොරොත්තු විය හැකිය. තවද අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා ඉමහත් දයාබරවද සිටින්නේය.
۞ يَسْـَٔلُونَكَ عَنِ ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ ۖ قُلْ فِيهِمَآ إِثْمٌۭ كَبِيرٌۭ وَمَنَٰفِعُ لِلنَّاسِ وَإِثْمُهُمَآ أَكْبَرُ مِن نَّفْعِهِمَا ۗ وَيَسْـَٔلُونَكَ مَاذَا يُنفِقُونَ قُلِ ٱلْعَفْوَ ۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْءَايَٰتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ ٢١۹
(නබියේ!) සුරාව ගැනද, සූදුව ගැනද ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “මේ දෙකෙහිම විශාල පාපයන් ඇත්තේය. මිනිසුන්ට (සමහර) ප්රයෝජනද ඇත්තේය. නමුත් ඒ දෙකෙහි ඇති පාපය, ඒ දෙකෙහි ඇති ප්රයෝජනයට වඩා අති විශාලය”. තවද (නබියේ! “දානමානය සඳහා) කුමක් වියදම් කළ යුතුද?”යි ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ “(අත්යාවශ්ය කාරණාවන්ට අවශ්ය ප්රමාණය අත්හැර) ඉතිරිව ඇති දැය (වියදම් කරනු)” යයි පවසනු මැනව! (විශ්වාසවන්තයිනි!) ඔබ සිතා වටහා ගැනීම පිණිස, ඔබට අල්ලාහ් (තමන්ගේ ආයාවන්) මෙසේ පැහැදිලි කරන්නේය.
فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ ۗ وَيَسْـَٔلُونَكَ عَنِ ٱلْيَتَٰمَىٰ ۖ قُلْ إِصْلَاحٌۭ لَّهُمْ خَيْرٌۭ ۖ وَإِن تُخَالِطُوهُمْ فَإِخْوَٰنُكُمْ ۚ وَٱللَّهُ يَعْلَمُ ٱلْمُفْسِدَ مِنَ ٱلْمُصْلِحِ ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَأَعْنَتَكُمْ ۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌۭ ٢٢۰
(එබැවින්) මෙලොව, පරලොව (සිදු වන යහපත ගැන ඔබ සිතා බලනු මැනව! නබියේ!) අනාථයින්ව (පරිපාලනය කිරීම) ගැනද ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු මැනව! “ඔවුන්ව ප්රතිසංස්කරණය කිරීම ඉතාමත් අගනේය! තවද ඔබ ඔවුන් සමග එක්කාසු වී (ජීවත් වීමට) සිදු වුවහොත් (ඔවුන්) ඔබගේ සහෝදරයින්ය. (එබැවින් ඔවුන්ගේ දේපළින් අවශ්ය පමණට ඔබ වෙනුවෙන්ද වියදම් කර ගත හැකිය). නමුත් ‘හොඳක්ම කරන්නෙමු’ යයි (පවසමින්) පාපයන් කරන්නන්ව අල්ලාහ් හොඳින් දන්නේය. අල්ලාහ් අදහස් කළහොත් ඔබව (මිදෙන්නට නොහැකි) දුක් ගැහැට වලට ඇතුළු කර දමනු ඇත. අල්ලාහ් (ඕනෑම අන්දමේ දැයක් කිරීමට) බලසම්පන්නයෙකු හා තියුණු බුද්ධියක් ඇත්තෙකු වශයෙන්ද සිටින්නේය. (එබැවින් අනාථයින්ගේ කාරණාවෙහි නපුරක් නොකර ඉතාමත් අනුකම්පාවෙන් යුතුවද ඉතාමත් සාධාරණවද කටයුතු කරනු).
وَلَا تَنكِحُوا۟ ٱلْمُشْرِكَٰتِ حَتَّىٰ يُؤْمِنَّ ۚ وَلَأَمَةٌۭ مُّؤْمِنَةٌ خَيْرٌۭ مِّن مُّشْرِكَةٍۢ وَلَوْ أَعْجَبَتْكُمْ ۗ وَلَا تُنكِحُوا۟ ٱلْمُشْرِكِينَ حَتَّىٰ يُؤْمِنُوا۟ ۚ وَلَعَبْدٌۭ مُّؤْمِنٌ خَيْرٌۭ مِّن مُّشْرِكٍۢ وَلَوْ أَعْجَبَكُمْ ۗ أُو۟لَٰٓئِكَ يَدْعُونَ إِلَى ٱلنَّارِ ۖ وَٱللَّهُ يَدْعُوٓا۟ إِلَى ٱلْجَنَّةِ وَٱلْمَغْفِرَةِ بِإِذْنِهِۦ ۖ وَيُبَيِّنُ ءَايَٰتِهِۦ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ ٢٢١
(විශ්වාසවන්තයිනි!) සමානයන් තබා නමදින කාන්තාවන්ව ඔවුන් විශ්වාස කරන තුරු ඔබ විවාහ කර නොගනු. (මන්දයත්) විශ්වාසවන්ත වහලියක්, සමානයන් තබා නමදින කාන්තාවකට වඩා - ඇය ඔබ ආකර්ෂණය කිරීමට හැකි කෙනෙකු වශයෙන් සිටියදනියත වශයෙන්ම උසස්වන්තියකි. (එසේම) සමානයන් තබා නමදින පිරිමින් විශ්වාස කරන තුරු, (ඔවුන්ට විශ්වාසවන්ත කාන්තාවන්ව) ඔබ විවාහ කර නොදෙනු. විශ්වාසවන්ත වහලෙකු සමානයන් තබා නමදින පිරිමියෙකුට වඩා ඔහු ඔබව ආකර්ෂණය කරන්නෙකු බවට සිටියද, නියත වශයෙන්ම උසස් කෙනෙකි. මොවුන් සියල්ල නිරයට ආරාධනා කරන්නාහ. නමුත් අල්ලාහ් නම්, තම දයාව මගින් ස්වර්ගයටද, (තමන්ගේ) ක්ෂමාවටද (ඔබව) ආරාධනා කරන්නේය. මිනිසුන්ට -ඔවුන් සිතට (ගෙන) කටයුතු කරනු පිණිස- තමන්ගේ ආයාවන් (වැඩිදුරටත්) විවරණය කරන්නේය.
وَيَسْـَٔلُونَكَ عَنِ ٱلْمَحِيضِ ۖ قُلْ هُوَ أَذًۭى فَٱعْتَزِلُوا۟ ٱلنِّسَآءَ فِى ٱلْمَحِيضِ ۖ وَلَا تَقْرَبُوهُنَّ حَتَّىٰ يَطْهُرْنَ ۖ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ ٱللَّهُ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلتَّوَّٰبِينَ وَيُحِبُّ ٱلْمُتَطَهِّرِينَ ٢٢٢
(නබියේ!) මාස් සුද්ධිය ගැනද ඔවුන් ඔබගෙන් විමසන්නාහ. ඔබ මෙසේ පවසනු (මැනව!): “එය (අපිරිසිදු) අබාධයකි. එබැවින් මාස් සුද්ධිය සමයෙහි කාන්තාවන්ගෙන් ඈත් වී, ඔවුන් පිරිසිදු වන තුරු ඔවුන්ට ළං නොවනු. ඔවුන් පිරිසිදු වී ගියහොත්, අල්ලාහ් ඔබට නියම කර ඇති අන්දමට ඔවුන් වෙත යනු. නියත වශයෙන්ම අල්ලාහ් (පාපයෙන් මිදී) පසුතැවිලි වී මිදෙන්නන්වද පරිශුද්ධවන්තයින්වද කැමති වන්නේය”.
نِسَآؤُكُمْ حَرْثٌۭ لَّكُمْ فَأْتُوا۟ حَرْثَكُمْ أَنَّىٰ شِئْتُمْ ۖ وَقَدِّمُوا۟ لِأَنفُسِكُمْ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱعْلَمُوٓا۟ أَنَّكُم مُّلَٰقُوهُ ۗ وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ ٢٢۳
ඔබගේ භාර්යයාවන් ඔබට අයත් කෙතකි. එබැවින් ඔබගේ කෙතට ඔබ කැමති අන්දමට ගොස්, ඔබට (අවශ්යය දරු සම්පතද හොඳ දැයද සොයා ගැනීමට) ඉදිරිපත් වනු. අල්ලාහ්ට බිය වනු. තවද නියත වශයෙන්ම ඔබ ඔහුව හමු වන්නේය යන්නද ස්ථීර වශයෙන් දැන ගනු. (නබියේ! ඍජුභාවයෙන් යුත්) විශ්වාසවන්තයින්ට ශුභාරංචි දෙනු මැනව!
وَلَا تَجْعَلُوا۟ ٱللَّهَ عُرْضَةًۭ لِّأَيْمَٰنِكُمْ أَن تَبَرُّوا۟ وَتَتَّقُوا۟ وَتُصْلِحُوا۟ بَيْنَ ٱلنَّاسِ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌۭ ٢٢٤
ඔබ දැහැමි දැය කිරීමට හෝ පරිශුද්ධවන්තයින් බවට පත් වීමට හෝ මිනිසුන් අතරේ සාමාදානය කර තැබීමට හෝ ඔබට බාධාවක් වශයෙන් පත් විය හැකි අන්දමට (ඔබ කරන) ඔබගේ දිව්රුමට අල්ලාහ්ව ඈඳා නොගනු. අල්ලාහ් (දිව්රුමට) සවන් දෙන්නෙකු වශයෙන්ද, (සිත්හි ඇති දැය) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය.
لَّا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغْوِ فِىٓ أَيْمَٰنِكُمْ وَلَٰكِن يُؤَاخِذُكُم بِمَا كَسَبَتْ قُلُوبُكُمْ ۗ وَٱللَّهُ غَفُورٌ حَلِيمٌۭ ٢٢٥
(විටින් විට කරන) ඔබගේ පුහු දිව්රුම ගැන අල්ලාහ් ඔබව වැරැද්දට හසු කරන්නේ නැත. නමුත් (කෙනෙකුට හානියක් කරන්නක් වැනි දැය ගැන හා) ඔබගේ හෘදයන් (කැමැත්තෙන්) සොයා ගන්නා දැය ගැන ඔබව හසු කරනු ඇත. පසුවද (එයින් ඈත් වුවහොත්) අල්ලාහ් සමාව දෙන්නෙකු වශයෙන්ද, අධික ලෙස ඉවසිලිවන්තයෙකු වශයෙන්ද සිටින්නේය.
لِّلَّذِينَ يُؤْلُونَ مِن نِّسَآئِهِمْ تَرَبُّصُ أَرْبَعَةِ أَشْهُرٍۢ ۖ فَإِن فَآءُو فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ٢٢٦
තමන්ගේ බිරිඳ සමග එක්කාසු නොවන්නේය යයි දිව්රූ අයට මාස හතරක ප්රමාද කාලයක් ඇත. එබැවින් (මේ තුළදී) ඔවුන් නැවතත් (එක්කාසු) වුවහොත් නියත වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නෙකු හා ඉතාමත් දයාබරවද සිටින්නේය.
وَإِنْ عَزَمُوا۟ ٱلطَّلَٰقَ فَإِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌۭ ٢٢۷
නමුත් ඔවුන් (ප්රමාද කාලය තුළ එක්කාසු නොවී) දික්කසාද වීම ස්ථීර කර ගතහොත් නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුන්ගේ දිව්රුමට) සවන් දෙන්නෙකු වශයෙන්ද, (ඔවුන් අදහස් කරන තලාකය) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය. (එබැවින් එම ප්රමාද කාලයෙන් පසු තලාකය ක්රියාත්මක වනු ඇත).
وَٱلْمُطَلَّقَٰتُ يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ ثَلَٰثَةَ قُرُوٓءٍۢ ۚ وَلَا يَحِلُّ لَهُنَّ أَن يَكْتُمْنَ مَا خَلَقَ ٱللَّهُ فِىٓ أَرْحَامِهِنَّ إِن كُنَّ يُؤْمِنَّ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ ۚ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِى ذَٰلِكَ إِنْ أَرَادُوٓا۟ إِصْلَٰحًۭا ۚ وَلَهُنَّ مِثْلُ ٱلَّذِى عَلَيْهِنَّ بِٱلْمَعْرُوفِ ۚ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌۭ ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ ٢٢۸
තලාක් කියනු ලැබූ කාන්තාවන්, තමන්ට (මාස) තුනක මාස් සුද්ධිය පැමිණෙන කාලය තෙක් බලාපොරොත්තුවෙන් සිටිය යුතුය. ඔවුන් අල්ලාහ්වද අවසාන දිනයද ස්ථීර කර ගත් අය බවට සිටියහොත් අල්ලාහ් ඔවුන්ගේ ගර්භයන්හි ඇති (ළදරුවන්ව) උත්පාදනය කර තිබී සඟවා ගැනීම ඔවුන්ට යුතු දැයක් නොව. තවද (රජයී වන තලාකය කියනු ලැබූ) කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයින් පසුවද (එක්කාසු වී ජීවත් වීමට අදහස් කර, ප්රමාද කාලය තුළදී) සමාදානය කැමති වුවහොත් ඔවුන්ව (භාර්යයාවන් වශයෙන්) හරවා ගැනීමට ස්වාමිපුරුෂයින්ට අධික අයිතියක් ඇත්තන් වන්නාහ. (එබැවින් නැවතත් විවාහ නොවීම, බිරිඳ බවට පත් කර ගත හැකිය. පිරිමින්ට) නත්යානුකූලව කාන්තාවන් කෙරෙහි ඇති අයිතිය මෙන්ම (පිරිමින් කෙරෙහි) කාන්තාවන්ටද ඇත. එහෙත් පිරිමින්ට කාන්තාවන් කෙරෙහි එක් උසස් පදවියක් ඇත. අල්ලාහ් බලවන්තයෙකු හා තියුණු බුද්ධිමතෙකු වශයෙන් සිටින්නේය.
ٱلطَّلَٰقُ مَرَّتَانِ ۖ فَإِمْسَاكٌۢ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌۢ بِإِحْسَٰنٍۢ ۗ وَلَا يَحِلُّ لَكُمْ أَن تَأْخُذُوا۟ مِمَّآ ءَاتَيْتُمُوهُنَّ شَيْـًٔا إِلَّآ أَن يَخَافَآ أَلَّا يُقِيمَا حُدُودَ ٱللَّهِ ۖ فَإِنْ خِفْتُمْ أَلَّا يُقِيمَا حُدُودَ ٱللَّهِ فَلَا جُنَاحَ عَلَيْهِمَا فِيمَا ٱفْتَدَتْ بِهِۦ ۗ تِلْكَ حُدُودُ ٱللَّهِ فَلَا تَعْتَدُوهَا ۚ وَمَن يَتَعَدَّ حُدُودَ ٱللَّهِ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ ٢٢۹
(රජයී වන) මෙම තලාකය දෙආකාරයකි (යයි කිව හැකිය). පසුවද (ප්රමාද කාලය තුළ) නියම ආකාරයට වළක්වා (භාර්යයාවන් වශයෙන්) තබා ගත හැකිය. නැතහොත් (ඔවුන් කෙරෙහි කිසිම වරදක් නොපටවා) ස්තූතිපූර්වකව අත්හැර දැමිය හැකිය. තවද ඔබ ඔවුන්ට (වටිනා දැයක් වශයෙන් හෝ මහර් වශයෙන් හෝ) ලබා දුන් දැයෙන් කිසිවක් ඇරගැනීම ඔබට සුදුසු දැයක් නොව. (තවද දෙදෙනාම එකතු වී ජීවිකාව ගෙන යාමට ඉදිරිපත් වුවද) අල්ලාහ් නියම කර ඇති සීමාවන් වැඩි කල් ස්ථීර වී තිබීමට නොහැකි යයි ඔවුන් දෙදෙනාම බිය වන අවස්ථාවේදී (මෙයට පංචායත්වරුන් බවට පත් වූ අයවළුනි!) ඔබ ඇත්තෙන්ම එසේ) ඔවුන් දෙදෙනාම අල්ලාහ් ඇති කළ සීමාවන් තුළ වැඩිකල් ස්ථීරව සිටීමට නොහැකි යයි බිය වුවහොත් ඇය (ස්වාමිපුරුෂයාගෙන්) ලබා ගත් දැයෙන් යම් කිසිවක් (තමන්ව විවාහ බන්ධනයෙන් පහ කිරීමට) වන්දි වශයෙන් දීමෙහිද, (ඔහු එය බාර ගැනීමෙහිද), ඒ දෙදෙනා කෙරෙහිම වරදක් නැත. මේවා අල්ලාහ් විසින් නියම කරන ලද සීමාවන් වන්නේය. එබැවින් ඔබ මේවා කඩ නොකරනු. කවුරුන් හෝ අල්ලාහ්ගේ සීමාවන් කඩ කළහොත් නියත වශයෙන්ම ඔවුන්ම අපරාධකරුවන්ය.
فَإِن طَلَّقَهَا فَلَا تَحِلُّ لَهُۥ مِنۢ بَعْدُ حَتَّىٰ تَنكِحَ زَوْجًا غَيْرَهُۥ ۗ فَإِن طَلَّقَهَا فَلَا جُنَاحَ عَلَيْهِمَآ أَن يَتَرَاجَعَآ إِن ظَنَّآ أَن يُقِيمَا حُدُودَ ٱللَّهِ ۗ وَتِلْكَ حُدُودُ ٱللَّهِ يُبَيِّنُهَا لِقَوْمٍۢ يَعْلَمُونَ ٢۳۰
(තලාක් දෙකක් පැවසූ) පසු (තුන්වැන්න වශයෙන්ද), ඇයව ඔහු තලාක් කර හැරියහොත් ඔහු නොවන (වෙනත්) ස්වාමිපුරුෂයෙකු විවාහ කර ගන්නා තුරු ඇය ඔහුට සුදුසු තැනැත්තියක් නොව. (නමුත් ඔහු නොවන වෙනත් කෙනෙකු ඇයව විවාහ කරගෙන) ඔහුද ඇයව තලාක් කීවහොත් ඉන්පසුව (ඇයද පළමු ස්වාමිපුරුෂයාද ආදී) දෙදෙනාම (එක්කාසු වී) අල්ලාහ් ඇති කරන ලද සීමාවන් ස්ථීර කර ගත හැකිය යයි සිතුවහොත් ඔවුන් දෙදෙනාම (නැවත වරක් විවාහ වී විවාහ දිවියෙහි) නැවතත් ඇතුළු වීමෙහි ඔවුන් දෙදෙනා කෙරෙහි වරදක් නැත. මේවා අල්ලාහ්ගේ සීමාවන් වන්නේය. බුද්ධිමත් ජනතාවට ඔහු මේවා මෙසේ විවරණය කරන්නේය.
وَإِذَا طَلَّقْتُمُ ٱلنِّسَآءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ سَرِّحُوهُنَّ بِمَعْرُوفٍۢ ۚ وَلَا تُمْسِكُوهُنَّ ضِرَارًۭا لِّتَعْتَدُوا۟ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهُۥ ۚ وَلَا تَتَّخِذُوٓا۟ ءَايَٰتِ ٱللَّهِ هُزُوًۭا ۚ وَٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ وَمَآ أَنزَلَ عَلَيْكُم مِّنَ ٱلْكِتَٰبِ وَٱلْحِكْمَةِ يَعِظُكُم بِهِۦ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ ٢۳١
(ඔබගේ) භාර්යයාවන්ව ඔබ (රජයී වන) තලාක් පවසා ඔවුන් තම (ගැබ් ගැනීම දැන ගන්නා කාලය වන ඉද්දාවෙහි) ප්රමාද කාලයෙහි සිටියහොත් (එම ප්රමාද කාලය අවසන් වීමට පෙර) ඔවුන්ව නියමිත අන්දමට (භාර්යයන් වශයෙන්ම) රඳවා තබා ගනු. නැතහොත් (ඉද්දාවේ ප්රමාද කාලය අවසන් කරගෙන) නියමිත අන්දමින් (ඔවුන් නිදහස් වීමට) අත්හැර දමනු. නමුත් ඔබ අසාධාරණයේ වේදනා කිරීම සඳහා ඔවුන්ව වළක්වා නොතබනු. මේ අන්දමට කවුරුන් හෝ කළහොත් නියත වශයෙන්ම ඔහු තමන්ට තමන්ම හානියක් කර ගත්තෙකු වන්නේය. එබැවින් ඔබ අල්ලාහ්ගේ ආයාවන්, (ආයාවන්හි පවසන ලද කාරණාවන්) සමච්චලයට ලක් කර නොගනු. ඔබ කෙරෙහි අල්ලාහ් ලබා දී ඇති වරප්රසාදයන්ද, ඔබ කෙරෙහි ඔහු පහළ කරන ලද ධර්මයද, ඥානයද සිතා (පර්යේෂණය කර) බලනු. ඔහු මෙමගින් ඔබට ඔවදන් දෙන්නේය. අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල හොඳින් දන්නේය යන්නද ස්ථීර වශයෙන් දැන ගනු.
وَإِذَا طَلَّقْتُمُ ٱلنِّسَآءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَلَا تَعْضُلُوهُنَّ أَن يَنكِحْنَ أَزْوَٰجَهُنَّ إِذَا تَرَٰضَوْا۟ بَيْنَهُم بِٱلْمَعْرُوفِ ۗ ذَٰلِكَ يُوعَظُ بِهِۦ مَن كَانَ مِنكُمْ يُؤْمِنُ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ ۗ ذَٰلِكُمْ أَزْكَىٰ لَكُمْ وَأَطْهَرُ ۗ وَٱللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ ٢۳٢
(ඔබගේ) භාර්යයාවන්ව ඔබ තලාක් කර, ඔවුන් තමන්ගේ (ඉද්දාවෙහි) ප්රමාද කාලය පූරණය කළ පසු ඔවුන් තමන්ගේ සහායකයන් සමග -ඔවුන් දෙදෙනා සිත ඇතිවම- නියමිත ආකාරයට විවාහ කර ගැනීම ඔබ නොවළක්වනු. ඔබගෙන් කවුරුන් අල්ලාහ්වද, අවසාන දිනයද විශ්වාස කර සිටින්නේද, ඔහු මෙමගින් දේශනා කරනු ලබන්නේය. මෙය ඔබව ඉතාමත් පිරිසිදු කරන්නක් වශයෙන්ද, ඉතාමත් පරිශුද්ධ කරන්නක් වශයෙන්ද ඇත්තේය. (මෙහි ඇති පින්) අල්ලාහ් දන්නවා මිස, ඔබ නොදන්නෙහිය.
۞ وَٱلْوَٰلِدَٰتُ يُرْضِعْنَ أَوْلَٰدَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ ۖ لِمَنْ أَرَادَ أَن يُتِمَّ ٱلرَّضَاعَةَ ۚ وَعَلَى ٱلْمَوْلُودِ لَهُۥ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِٱلْمَعْرُوفِ ۚ لَا تُكَلَّفُ نَفْسٌ إِلَّا وُسْعَهَا ۚ لَا تُضَآرَّ وَٰلِدَةٌۢ بِوَلَدِهَا وَلَا مَوْلُودٌۭ لَّهُۥ بِوَلَدِهِۦ ۚ وَعَلَى ٱلْوَارِثِ مِثْلُ ذَٰلِكَ ۗ فَإِنْ أَرَادَا فِصَالًا عَن تَرَاضٍۢ مِّنْهُمَا وَتَشَاوُرٍۢ فَلَا جُنَاحَ عَلَيْهِمَا ۗ وَإِنْ أَرَدتُّمْ أَن تَسْتَرْضِعُوٓا۟ أَوْلَٰدَكُمْ فَلَا جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُم مَّآ ءَاتَيْتُم بِٱلْمَعْرُوفِ ۗ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ ٢۳۳
කවුරුන් හෝ (තලාක් පවසන ලද භාර්යයාවන් වෙත තමන්ට ඉපදුනු ළදරුවන්ට තලාක් කියන ලද භාය්යයාවන් මගින්) කිරි දීම පූරණය කිරීමට කැමති වුවහොත් මව්වරුන් තමන්ගේ ළදරුවන්ට (ඒවා ඉපදුනු දා පටන්) අවුරුදු දෙකක් දක්වා පූරණ වශයෙන් කිරි දිය යුතුය. තවද (එම මව්වරුන් කිරි දෙන තෙක්) ඔවුන්ට ඇඳුම්ද, ආහාරද වේතනයක් වශයෙන් ලබා දීම, ළදරුවාගේ පියා කෙරෙහි අනිවාර්යය වන්නේය. කිසිම ආත්මයක් එහි ශක්තියට වඩා (කරන මෙන්) බල කරනු ලබන්නේ නැත. (එබැවින්) තම ළදරුවා වෙනුවෙන් (තමන්ට අවශ්ය ආහාර නොමැතිවම කිරි දෙන මෙන්) එහි මව හෝ නැතහොත් එයගේ පියාව හෝ වේදනා නොකළ යුතුය. තවද මෙසේම (ළදරුවාගේ පියා මරණයට පත් වුවහොත් එය පරිපාලනය කිරීම) උරුමක්කාරයින්ට අනිවාර්යය වන්නේය. (ළදරුවාගේ දෙමව්පියන්) දෙදෙනාම සාකච්ඡා කර, කැමති වී (ළදරුවාගේ) කිරි දීම (අවුරුදු දෙකක් තුළ) නතර කර දැමීම හෝ (නැතහොත් මවගෙන් ළදරුවා ඈත් කර දැමීම හෝ) අදහස් කළහොත් (එසේ කිරීමෙහි) ඒ දෙදෙනා කෙරෙහි වරදක් නැත. තවද ඔබ, ඔබගේ ළදරුවන්ට කිරිමව්වරුන්ගේ මාර්ගයෙන් කිරි දීමට අදහස් කර, ඔබ දිය යුතු දැය මුදල් වශයෙන් ලබා දුන්නහොත් (එසේ කිරි දීම) ඔබ කෙරෙහි වරදක් වන්නේ නැත. (මේවායෙහි) ඔබ අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය යන්න ස්ථීර වශයෙන් දැන ගනු.
وَٱلَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَٰجًۭا يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍۢ وَعَشْرًۭا ۖ فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِىٓ أَنفُسِهِنَّ بِٱلْمَعْرُوفِ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ ٢۳٤
ඔබගෙන් කවුරුන් හෝ භාර්යයාවන්ව අත්හැර දමා මිය ගියහොත් ඔවුන් මාස හතරකුත් දවස් දහයක් බලාපොරොත්තුවෙන් සිටිනු. (මෙයට මරණ ඉද්දා යයි කියනු ලැබේ). එබැවින් ඔවුන් තමන්ගේ (ඉද්දාවෙහි) ප්රමාද කාලය අවසන් කළහොත් (ඔවුන්ගෙන් නැවත විවාහ වීමට කැමැත්තන්) තමන්ව නියමිත ආකාරයට (අලංකාර) කිසිවක් කර ගැනීම ගැන ඔබ කෙරෙහි වරදක් නැත. ඔබ කරන දැය අල්ලාහ් හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.
وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا عَرَّضْتُم بِهِۦ مِنْ خِطْبَةِ ٱلنِّسَآءِ أَوْ أَكْنَنتُمْ فِىٓ أَنفُسِكُمْ ۚ عَلِمَ ٱللَّهُ أَنَّكُمْ سَتَذْكُرُونَهُنَّ وَلَٰكِن لَّا تُوَاعِدُوهُنَّ سِرًّا إِلَّآ أَن تَقُولُوا۟ قَوْلًۭا مَّعْرُوفًۭا ۚ وَلَا تَعْزِمُوا۟ عُقْدَةَ ٱلنِّكَاحِ حَتَّىٰ يَبْلُغَ ٱلْكِتَٰبُ أَجَلَهُۥ ۚ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا فِىٓ أَنفُسِكُمْ فَٱحْذَرُوهُ ۚ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٌۭ ٢۳٥
(ඉද්දාවෙහි සිටින කිසිම කාන්තාවක් ඔබ විවාහ කර ගැනීමට අදහස් කළහොත්, ඔබ අතර) විවාහ කැමැත්ත ඔබ ගුප්ත ආකරයකට දැනුම් දීමෙන් හෝ නැතහොත් ඔබගේ සිතෙහි සඟවා තබා ගැනීමෙන් හෝ ඔබ කෙරෙහි වරදක් නැත. (මන්දයත් ඔබ, ඔබගේ අදහස ඉද්දා අවසන් වූ වහාම) ඔවුන් වෙත නියත වශයෙන්ම දැනුම් දෙන්නෙහි යන්න අල්ලාහ් හොඳින් දන්නේය. එබැවින් ඔබ ගෞරවණීය අන්දමින් (ගුප්ත ආකාරයට) පැවසීම මිස, (ඉද්දා සමයෙහි විවාහය ගැන) ඔවුන් සමග රහසින් පොරොන්දු ඇති කර නොගනු. තවද ඉද්දාවෙහි ප්රමාද කාලය අවසන් වීමට පෙර (ඇයව) විවාහ කර ගැනීමටද අදහස් නොකරනු. ඔබගේ මනසෙහි ඇති දැය නියත වශයෙන්ම අල්ලාහ් දන්නේය යන්න ඔබ ස්ථීර වශයෙන් දැනගෙන, ඔහුට බිය වනු. (මෙවැනි අදහස් වළක්වා ගතහොත්) නියත වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නෙකු වශයෙන්ද, ඉවසිලිවන්තයෙකු වශයෙන්ද සිටින්නේය යන්න දැන ගනු.
لَّا جُنَاحَ عَلَيْكُمْ إِن طَلَّقْتُمُ ٱلنِّسَآءَ مَا لَمْ تَمَسُّوهُنَّ أَوْ تَفْرِضُوا۟ لَهُنَّ فَرِيضَةًۭ ۚ وَمَتِّعُوهُنَّ عَلَى ٱلْمُوسِعِ قَدَرُهُۥ وَعَلَى ٱلْمُقْتِرِ قَدَرُهُۥ مَتَٰعًۢا بِٱلْمَعْرُوفِ ۖ حَقًّا عَلَى ٱلْمُحْسِنِينَ ٢۳٦
කාන්තාවන්ගේ මහර් සඳහන් නොකර හෝ (විවාහ කර) ඔවුන්ව ඔබ ළං නොවී හෝ (සිටියදී) තලාක් කීවහොත් වුවද, ඔබ කෙරෙහි වරදක් නැත. එහෙත් ඔවුන්ට යම් කිසිවක් දී ප්රයෝජනයක් අත් කර දෙනු. ධනවතා තම තත්වයට සරිලන ආකාරයටද, දුප්පතා තම ශක්ති පමණින්ද ගෞරවණීය අන්දමින්ද (ඔවුන්ට ලබා දී ප්රයෝජනයක් අත් කර දීම) හොඳ අය කෙරෙහි ඇති යුතුකමකි.
وَإِن طَلَّقْتُمُوهُنَّ مِن قَبْلِ أَن تَمَسُّوهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِيضَةًۭ فَنِصْفُ مَا فَرَضْتُمْ إِلَّآ أَن يَعْفُونَ أَوْ يَعْفُوَا۟ ٱلَّذِى بِيَدِهِۦ عُقْدَةُ ٱلنِّكَاحِ ۚ وَأَن تَعْفُوٓا۟ أَقْرَبُ لِلتَّقْوَىٰ ۚ وَلَا تَنسَوُا۟ ٱلْفَضْلَ بَيْنَكُمْ ۚ إِنَّ ٱللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ ٢۳۷
නමුත් ඔවුන්ගේ මහර් ඔබ සඳහන් කර, (විවාහ කරගෙන) තිබී, ඔවුන්ට ළං වීමට පෙරම තලාක් කීවේ නම්, කවුරුන් අත විවාහ බන්ධනය තිඛෙන්නේද, ඔහු (ස්වාමිපුරුෂයා) නැතහොත් ඇය (බිරිඳ) අත්හැර දැමුවහොත් මිස, ඔබ (මහර් වශයෙන්) සඳහන් කර තිබූ දැයෙන් අඩක් ඇත. එහෙත් ඔබ, (ඔබ තුළ) අතහැර සහයෝගය දීම භක්ති විශ්වාසයට ඉතාමත් සමීප වන්නේය. එබැවින් ඔබ තුළ පරෝපකාරී භාවය අමතක කර නොදමනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.
حَٰفِظُوا۟ عَلَى ٱلصَّلَوَٰتِ وَٱلصَّلَوٰةِ ٱلْوُسْطَىٰ وَقُومُوا۟ لِلَّهِ قَٰنِتِينَ ٢۳۸
(විශ්වාසවන්තයිනි!) සලාතයන්ද (උසස් අන්දමින් අසර් සලාතය වන) මධ්ය කාල සලාතයද, (කාලය නොවරදා සලාත් කර), ආරක්ෂා කර ගනු. තවද (සලාතයෙහි) අල්ලාහ්ට (බිය වී) ඉතාමත් සිත් තුළ බිය බැතිමත්ව සිටිනු.
فَإِنْ خِفْتُمْ فَرِجَالًا أَوْ رُكْبَانًۭا ۖ فَإِذَآ أَمِنتُمْ فَٱذْكُرُوا۟ ٱللَّهَ كَمَا عَلَّمَكُم مَّا لَمْ تَكُونُوا۟ تَعْلَمُونَ ٢۳۹
නමුත් (සලාතයේ වේලාව පැමිණ, සතුරන් ආදී කුමක් හෝ යම්කිසි කාරණාවක් නිසා එකම ස්ථානයක නැවතී සලාත් කිරීමට) ඔබ බිය වුවහොත් ගමන් කරමින් හෝ නැතහෙත් වාහනය මත හිඳිමින් හෝ (සලාත් කරනු). තවද (ඔබගේ බිය පහ වී) ඔබ බියෙන් තොර කෙනෙකු බවට පත් වුවහොත් ඔබ නොදැනුවත්ව තිබුණු දැය (සලාතයන්) ඔහු ඔබට උගන්වා දුන් අන්දමට (සලාත් කර) අල්ලාහ්ව දික්ර් කරනු.
وَٱلَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَٰجًۭا وَصِيَّةًۭ لِّأَزْوَٰجِهِم مَّتَٰعًا إِلَى ٱلْحَوْلِ غَيْرَ إِخْرَاجٍۢ ۚ فَإِنْ خَرَجْنَ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِى مَا فَعَلْنَ فِىٓ أَنفُسِهِنَّ مِن مَّعْرُوفٍۢ ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌۭ ٢٤۰
භාර්යයාවන්ව අත්හැර දමා මරණයට පත් වන ඔබගෙන් වූ අය, තමන්ගේ භාර්යයාවන්ව (නිවසින්) පිටමං කර නොදමා එක් වසරක් දක්වා පෝෂණය කරන මෙන් (උරුමක්කාරයින්ට) අන්තිම කැමැත්ත දන්වා සිටිනු. නමුත් ඔවුන් (වසරක් තුළ තමන් විසින්ම) පිටතට ගොස් තමන්ට නියමිත අන්දමින් (විවාහය ආදී) යම් කිසිවක් කර ගැනීමෙහි ඔබ කෙරෙහි වරදක් නැත. අල්ලාහ් බලවන්තයෙකු හා තියුණු බුද්ධියෙන් යුක්තවද සිටින්නේය.
وَلِلْمُطَلَّقَٰتِ مَتَٰعٌۢ بِٱلْمَعْرُوفِ ۖ حَقًّا عَلَى ٱلْمُتَّقِينَ ٢٤١
තවද තලාක් කියන ලද කාන්තාවන්ට (ඔවුන්ගේ ඉද්දාවෙහි ප්රමාද කාලය දක්වා) පුරුද්දට අනුව (ස්වාමිපුරුෂයාගේ දේපළ වලින්ම) පරිපාලනය ලබා ගැනීමට අයිතියක් ඇත. (එසේ ඔවුන්ව පරිපාලනය කිරීම) භය භක්තිකයින් කෙරෙහි අනිවාර්යය වන්නේය.
كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ ءَايَٰتِهِۦ لَعَلَّكُمْ تَعْقِلُونَ ٢٤٢
ඔබ දැන ගැනීම පිණිස තමන්ගේ ආයාවන් අල්ලාහ් ඔබට මෙසේ පැහැදිලිව විවරණය කරන්නේය.
۞ أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ خَرَجُوا۟ مِن دِيَٰرِهِمْ وَهُمْ أُلُوفٌ حَذَرَ ٱلْمَوْتِ فَقَالَ لَهُمُ ٱللَّهُ مُوتُوا۟ ثُمَّ أَحْيَٰهُمْ ۚ إِنَّ ٱللَّهَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَشْكُرُونَ ٢٤۳
(නබියේ!) මරණයට බයේ තමන්ගේ නිවෙස් අත්හැර දමා දහස් ගණනින් පිටත් වූවන්ව ඔබ අවධානය නොකළෙහිද? අල්ලාහ් ඔවුන්ට “ඔබ මැරී යනු” යයි පවසා (මරණයට පත් කර) පසුව ඔවුන්ට පණ දුන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් මිනිසුන් කෙරෙහි අනුකම්පාව ඇත්තෙකු වශයෙන් සිටින්නේය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු ස්තූති කරන්නේ නැත.
وَقَٰتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌۭ ٢٤٤
(විශ්වාසවන්තයිනි!) ඔබ අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරනු. නියත වශයෙන්ම අල්ලාහ් (ඔබගේ ප්රාර්ථනාවන්ට) සවන් දෙන්නෙකු වශයෙන්ද (ඔබගේ අමාරුකම්) දන්නෙකු වශයෙන්ද සිටින්නේය යන්නද ස්ථීර වශයෙන් දැන ගනු.
مَّن ذَا ٱلَّذِى يُقْرِضُ ٱللَّهَ قَرْضًا حَسَنًۭا فَيُضَٰعِفَهُۥ لَهُۥٓ أَضْعَافًۭا كَثِيرَةًۭ ۚ وَٱللَّهُ يَقْبِضُ وَيَبْصُۜطُ وَإِلَيْهِ تُرْجَعُونَ ٢٤٥
(අමාරුකමෙහි සිටින්නන්ට) අලංකාරවත් ණය අල්ලාහ් වෙනුවෙන් ණය දෙන්නන් කවරෙක්ද? එය ඔහු, ඔහුට අනේක ගුණයක් වැඩි වන ලෙසට සලස්වන්නේය. අල්ලාහ් (වස්තුව සමහරෙකුට) හකුලාද අල්ලා ගනු ඇත. (සමහරෙකුට) වැඩි කරද දෙන්නේය. තවද ඔහු වෙතම ඔබ නැවතත් ගෙන එනු ලබන්නෙහුය!
أَلَمْ تَرَ إِلَى ٱلْمَلَإِ مِنۢ بَنِىٓ إِسْرَٰٓءِيلَ مِنۢ بَعْدِ مُوسَىٰٓ إِذْ قَالُوا۟ لِنَبِىٍّۢ لَّهُمُ ٱبْعَثْ لَنَا مَلِكًۭا نُّقَٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ ۖ قَالَ هَلْ عَسَيْتُمْ إِن كُتِبَ عَلَيْكُمُ ٱلْقِتَالُ أَلَّا تُقَٰتِلُوا۟ ۖ قَالُوا۟ وَمَا لَنَآ أَلَّا نُقَٰتِلَ فِى سَبِيلِ ٱللَّهِ وَقَدْ أُخْرِجْنَا مِن دِيَٰرِنَا وَأَبْنَآئِنَا ۖ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ ٱلْقِتَالُ تَوَلَّوْا۟ إِلَّا قَلِيلًۭا مِّنْهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلظَّٰلِمِينَ ٢٤٦
(නබියේ!) මූසාගෙන් පසුව ඉස්රායීල්වරුන්ගේ පරම්පරා දරුවන්ගෙන් වූ ප්රධානීන්ව ඔබ අවධානය නොකළෙහිද? ඔවුන් “අල්ලාහ්ගේ මාර්ගයෙහි අපි යුද්ධ කිරීමට අපට (ප්රධානත්වය දැරීමට) එක් රජෙකු යවනු (මැනව!)” යයි තමන්ගේ නබි වෙත පැවසූ අවස්ථාවේදී, ඔහු “යුද්ධ කළ යුතුය යයි ඔබට නියම කරනු ලැබුවහොත්, ඔබ යුද්ධ නොකර (ඈත් වී) සිටින්නෙහුද?”යි විමසුවේය. (එයට) ඔවුන් “අපගේ ජනතාවද, අපගේ නිවෙස්ද, අත්හැර අපිව පිටමං කරනු ලැබ සිටියදී (අපව පිටමං කළ) ඔවුන් සමග අල්ලාහ්ගේ මාර්ගයෙහි අපි යුද්ධ නොකර සිටීමට අපට කුමන (බාධාවක්ද)?”යි විමසූහ. නමුත් යුද්ධ කරන මෙන් නියෝග කරනු ලැබූ විට, ඔවුන්ගෙන් සමහරෙකු හැර, (අන් අය යුද්ධ නොකර) පසුබැස නැවතුනාහ. (මෙවැනි) අපරාධකරුවන්ව අල්ලාහ් හොඳින් දන්නේය.
وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ ٱللَّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًۭا ۚ قَالُوٓا۟ أَنَّىٰ يَكُونُ لَهُ ٱلْمُلْكُ عَلَيْنَا وَنَحْنُ أَحَقُّ بِٱلْمُلْكِ مِنْهُ وَلَمْ يُؤْتَ سَعَةًۭ مِّنَ ٱلْمَالِ ۚ قَالَ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰهُ عَلَيْكُمْ وَزَادَهُۥ بَسْطَةًۭ فِى ٱلْعِلْمِ وَٱلْجِسْمِ ۖ وَٱللَّهُ يُؤْتِى مُلْكَهُۥ مَن يَشَآءُ ۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌۭ ٢٤۷
තවද ඔවුන්ගේ නබි ඔවුන්ට “නියත වශයෙන්ම අල්ලාහ් තාලුත්ව ඔබට රජෙකු වශයෙන් යවා ඇත්තේය” යයි පැවසීමට, ඔවුන් “අප කෙරෙහි ඔහුට කෙසේ නම් රාජ-උරුමය අත් වන්නේද? ඔහුට වඩා අපිම රජ කිරීමට ඉතාමත් සුදුස්සන් වන්නෙමු. (රජ කිරීමට අවශ්යය වූ) ඉමහත් ධනයද ඔහු අත් කර ගත්තේ නැත” යයි පැවසූහ. (එයට ඔවුන්ගේ නබි වන) ඔහු “නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කෙරෙහි (රජ කිරීමට) ඔහුව තෝරාගෙන ඇත්තේය. තවද (යුද) අධ්යාපනයෙහිද, දේහ (විශාලත්වයෙන්ද), ශක්තියෙන්ද, ඔබට වඩා ඔහුව වැඩි කර ඇත්තේය. අල්ලාහ් තමන් කැමැත්තන්ටම තම රාජ-උරුමය ලබා දෙන්නේය. අල්ලාහ් (දානමාන කිරීමෙහි) අති මහත්ය. (රජ කිරීමට සුදුස්සන්ව) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය” යයි කීවේය.
وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ ءَايَةَ مُلْكِهِۦٓ أَن يَأْتِيَكُمُ ٱلتَّابُوتُ فِيهِ سَكِينَةٌۭ مِّن رَّبِّكُمْ وَبَقِيَّةٌۭ مِّمَّا تَرَكَ ءَالُ مُوسَىٰ وَءَالُ هَٰرُونَ تَحْمِلُهُ ٱلْمَلَٰٓئِكَةُ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ ٢٤۸
පසුව ඔවුන්ගේ නබි ඔවුන්ට “ඔහුගේ රාජ-උරුමයට සළකුණ නම්, ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් ඇත්තෙන්ම මලායිකාවරුන් ඔසවමින් මංජුසාවක් ඔබ වෙත ගෙන එනු ඇත. එහි ඔබට සෑහීමට පත් විය හැකි දැයද, මූසා, හාරූන්ගේ පරම්පරාවේ දරුවන් අත්හැර දමා ගිය දැයෙන් ඉතිරිව ඇති දැයද තිඛෙනු ඇත. ඇත්තෙන්ම ඔබ විශ්වාසවන්තයින් වශයෙන් සිටින්නෙහු නම් නියත වශයෙන්ම ඔබට මෙහි එක් සාධකයක් ඇත (යන්න දකින්නෙහුය)” යයි කීවේය.
فَلَمَّا فَصَلَ طَالُوتُ بِٱلْجُنُودِ قَالَ إِنَّ ٱللَّهَ مُبْتَلِيكُم بِنَهَرٍۢ فَمَن شَرِبَ مِنْهُ فَلَيْسَ مِنِّى وَمَن لَّمْ يَطْعَمْهُ فَإِنَّهُۥ مِنِّىٓ إِلَّا مَنِ ٱغْتَرَفَ غُرْفَةًۢ بِيَدِهِۦ ۚ فَشَرِبُوا۟ مِنْهُ إِلَّا قَلِيلًۭا مِّنْهُمْ ۚ فَلَمَّا جَاوَزَهُۥ هُوَ وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ قَالُوا۟ لَا طَاقَةَ لَنَا ٱلْيَوْمَ بِجَالُوتَ وَجُنُودِهِۦ ۚ قَالَ ٱلَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَٰقُوا۟ ٱللَّهِ كَم مِّن فِئَةٍۢ قَلِيلَةٍ غَلَبَتْ فِئَةًۭ كَثِيرَةًۢ بِإِذْنِ ٱللَّهِ ۗ وَٱللَّهُ مَعَ ٱلصَّٰبِرِينَ ٢٤۹
පසුව තාලුත් සේනාව කැටුව පිටත් වූ අවස්ථාවේදී ඔහු (තම සේනාවට) “නියත වශයෙන්ම (ඔබ යන ගමන් මාර්ගයෙහි) අල්ලාහ් එක් ගංඟාවක් මගින් ඔබව පිරික්සුමට ලක් කරන්නේය. (ඔබගෙන්) කවුරුන් එයින් තම (දෝත් පමණට) වඩා වැඩියෙන් ජලය නොබිව්වේද, ඔහුම මට අයත් කෙනෙකි. කවුරුන් එයින් (ඊට වඩා වැඩියෙන්) බොන්නේද, ඔහු මට අයත් කෙනෙකු නොව” යයි පැවසුවේය. නමුත් (ග`ගට ළඟා වූ වහාම) ඔවුන්ගෙන් සමහරෙකු හැර (වැඩි දෙනෙකු) එයින් (අධික වශයෙන් ජලය) පානය කළහ. පසුව ඔහු තමන් සමග සිටි විශ්වාසවන්තයින් සමග එය තරනය කර ගිය විට, (වැඩියෙන් පානය කළ ඔවුන්) ජාලුත් සමගද ඔහුගේ සේනාව සමගද, අද දින (යුද්ධ කිරීමට) අපට ශක්තියක් නැතැයි පවසා (ඈත් වී) ගියහ. (නමුත් ඔවුන්ගෙන්) කවුරුන් නියත වශයෙන්ම අල්ලාහ්ව හමු වෙමු යයි ස්ථීර වී සිටියෝද, ඔවුන් (අන් අයට “කොපමණදෝ) විශාල සමූහයන්ව, කොපමණදෝ කුඩා සමුහයන් විසින් අල්ලාහ්ගේ උදව් උපකාරය මගින් ජයග්රහණය කර ඇත්තාහ. අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග සිටින්නේය” යයි පැවසූහ.
وَلَمَّا بَرَزُوا۟ لِجَالُوتَ وَجُنُودِهِۦ قَالُوا۟ رَبَّنَآ أَفْرِغْ عَلَيْنَا صَبْرًۭا وَثَبِّتْ أَقْدَامَنَا وَٱنصُرْنَا عَلَى ٱلْقَوْمِ ٱلْكَٰفِرِينَ ٢٥۰
තවද ඔවුන් ජාලුත්වද, ඔහුගේ සේනාවද (යුද පිටියේදී) විරුද්ධව සටන් කළ අවස්ථාව්දී, “අපගේ දෙවියනේ! ඔබ අප කෙරෙහි ඉවසිලිභාවය පහළ කරනු මැනව! අපගේ පාදයන් ස්ථීර කර තබනු මැනව! තවද ප්රතික්ෂේප කරන මෙම ජනතාව කෙරෙහි (ජයග්රහණය අත් කර ගැනීමට) අපට ඔබ උදව් කරනු මැනව!” යයි ප්රාර්ථනා කළහ.
فَهَزَمُوهُم بِإِذْنِ ٱللَّهِ وَقَتَلَ دَاوُۥدُ جَالُوتَ وَءَاتَىٰهُ ٱللَّهُ ٱلْمُلْكَ وَٱلْحِكْمَةَ وَعَلَّمَهُۥ مِمَّا يَشَآءُ ۗ وَلَوْلَا دَفْعُ ٱللَّهِ ٱلنَّاسَ بَعْضَهُم بِبَعْضٍۢ لَّفَسَدَتِ ٱلْأَرْضُ وَلَٰكِنَّ ٱللَّهَ ذُو فَضْلٍ عَلَى ٱلْعَٰلَمِينَ ٢٥١
එබැවින් ඔවුන් අල්ලාහ්ගේ උදව් උපකාරය මගින් ඔවුන්ව පරාජය කර දැමුහ. මෙහි (සතුරන්ගේ රජු වන) ජාලුත්ව (තාලුත්ගේ සේනාවෙහි සිටි) දාවූද් කපා දැමුවේය. පසුව ඔහුට අල්ලාහ් රාජ-උරුමයද ඥානයද ලබා දී (යුද සන්නාහ නිපදවීම වැනි) තමන් කැමති දෑ සියල්ල ඔහුට උගන්වා දුන්නේය. (මෙසේ) මිනිසුන්ගේ නපුර කරන සමහරෙකුව ඔවුන්ගෙන් සමහරෙකු මගින්ම අල්ලාහ් නොවැළැක්වුවහොත්, මෙම භූමිය අනිවාර්යයෙන්ම විනාශ වී ඇත. එහෙත් නියත වශයෙන්ම අල්ලාහ් සකල ලෝකවාසීන් කෙරෙහි ඉතාමත් කරුණාවන්තව සිටින්නේය.
تِلْكَ ءَايَٰتُ ٱللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِٱلْحَقِّ ۚ وَإِنَّكَ لَمِنَ ٱلْمُرْسَلِينَ ٢٥٢
(නබියේ!) මේවා අල්ලාහ්ගේ ආයාවන් වන්නේය. අපි ඒවා ඔබ කෙරෙහි සත්යය මගින්ම සමුදීරණය කරමු. තවද නියත වශයෙන්ම ඔබද (අපි විසින්) එවන ලද දූතයින්ගෙන් කෙනෙකි.
۞ تِلْكَ ٱلرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلَىٰ بَعْضٍۢ ۘ مِّنْهُم مَّن كَلَّمَ ٱللَّهُ ۖ وَرَفَعَ بَعْضَهُمْ دَرَجَٰتٍۢ ۚ وَءَاتَيْنَا عِيسَى ٱبْنَ مَرْيَمَ ٱلْبَيِّنَٰتِ وَأَيَّدْنَٰهُ بِرُوحِ ٱلْقُدُسِ ۗ وَلَوْ شَآءَ ٱللَّهُ مَا ٱقْتَتَلَ ٱلَّذِينَ مِنۢ بَعْدِهِم مِّنۢ بَعْدِ مَا جَآءَتْهُمُ ٱلْبَيِّنَٰتُ وَلَٰكِنِ ٱخْتَلَفُوا۟ فَمِنْهُم مَّنْ ءَامَنَ وَمِنْهُم مَّن كَفَرَ ۚ وَلَوْ شَآءَ ٱللَّهُ مَا ٱقْتَتَلُوا۟ وَلَٰكِنَّ ٱللَّهَ يَفْعَلُ مَا يُرِيدُ ٢٥۳
(අප විසින් එවන ලද) එම දූතයින් (සියල්ලන්ම එකම පදවියට අයත් අය නොව). ඔවුන්ගෙන් සමහරෙකුව, සමහරෙකුට වඩා අපි උසස් කර ඇත්තෙමු. ඔවුන්ගෙන් සමහරෙකු සමග අල්ලාහ් කතා කර ඇත්තේය. ඔවුන්ගෙන් සමහරෙකුව (සමහරෙකුට වඩා) පදවි වලින් උසස් කරද ඇත්තේය. තවද මර්යම්ගේ පුත් ඊසාට අපි පැහැදිලි සාධකයන් ලබා දී, (ජිබ්රීල් නමැති) ‘පරිශුද්ධ ආත්මය’ මගින් ඔහුට උදව් කළෙමු. (කෙනෙකුට කෙනෙකු සටන් කර, ඝාතනය නොකළ යුතුය යයි) අල්ලාහ් අදහස් කර තිබුණේ නම්, (අපි යවනු ලැබූ දූතයින් වන) ඔවුන්ගෙන් පසු පැමිණි අය, තමන් වෙත පැහැදිලි සාධකයන් පැමිණි පසුද (තමන් තුළ) සන්ඩු සරුවල් කර නොගන්නාහ. නමුත් ඔවුන් නම්, (තමන් තුළ) හිතුවක්කාර වී, ඔවුන්ගෙන් සමහරෙක් (අපවද, අපගේ ආයාවන්ද) විශ්වාස කළහ. ඔවුන්ගෙන් සමහරෙක් ප්රතික්ෂේප කර දැමූහ. එබැවින් අල්ලාහ් අදහස් කර තිබුණේ නම් (මෙසේ) ඔවුන් සණ්ඩු සරුවල් කර නොගන්නාහ. නමුත් අල්ලාහ් තමන් අදහස් කළ දැය කරන්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَنفِقُوا۟ مِمَّا رَزَقْنَٰكُم مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌۭ لَّا بَيْعٌۭ فِيهِ وَلَا خُلَّةٌۭ وَلَا شَفَٰعَةٌۭ ۗ وَٱلْكَٰفِرُونَ هُمُ ٱلظَّٰلِمُونَ ٢٥٤
විශ්වාසවන්තයිනි! කේවලයද, මිත්රකමක්ද, මැදිහත්වීමක්ද නොමැති (සාධාරණ විනිශ්චයේ) එක් දිනයක් පැමිණීමට පෙර, ඔබට අපි ලබා දුන් දැයෙන් (දැහැමි මාර්ගයෙහි) වියදම් කරනු. (මෙය) ප්රතික්ෂේප කරන්නන් තමන්ට තමන්ම නපුර කර ගන්නාහ.
ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْحَىُّ ٱلْقَيُّومُ ۚ لَا تَأْخُذُهُۥ سِنَةٌۭ وَلَا نَوْمٌۭ ۚ لَّهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ مَن ذَا ٱلَّذِى يَشْفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذْنِهِۦ ۚ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۖ وَلَا يُحِيطُونَ بِشَىْءٍۢ مِّنْ عِلْمِهِۦٓ إِلَّا بِمَا شَآءَ ۚ وَسِعَ كُرْسِيُّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ ۖ وَلَا يَـُٔودُهُۥ حِفْظُهُمَا ۚ وَهُوَ ٱلْعَلِىُّ ٱلْعَظِيمُ ٢٥٥
අල්ලාහ් (කෙතරම් ශ්රේෂ්ඨයෙකු වන්නේදයත්) ඔහු හැර, වෙන කිසිම දෙවියෙක් (ඇත්තේම) නැත. (ඔහු) අමරණීයයි. (කවදත්) ස්ථීරවන්තයි. ඔහුව තද නින්ද හෝ (සාමාන්ය) නිද්ද හෝ පීඩාවට පත් කරන්නේ නැත. අහස් හා භූමියෙහි ඇති දෑ සියල්ල ඔහුටම අයත්ය! ඔහුගේ අනුමැතියෙන් තොර ඔහු වෙත (කවරෙකුවත්) කවුරුන්ට නම් මැදිහත් වී කතා කළ හැකිද? ඔවුන් ඉදිරියේ ඇති දැයද, වෙන්ව ඈතින් තිඛෙණ දැයද ඔහු හොඳින් දන්නේය. ඔහුගේ කැමැත්තෙන් තොර, ඔහු දන්නා දැයෙන් කිසිවක් (වෙන කිසිවෙකුටත්, තමන්ගේ දැනුමෙන්) දැන ගත නොහැක. ඔහුගේ රාජ්යය අහස්හිද, භූමියෙහිද පැතිරී ඇත. ඒ දෙකම (බේරාගෙන) ආරක්ෂා කිරීම ඔහුට ආයාසයක් නැත. තවද ඔහු ඉතාමත් ශ්රේෂ්ඨයෙකු හා ඉමහත්ය.
لَآ إِكْرَاهَ فِى ٱلدِّينِ ۖ قَد تَّبَيَّنَ ٱلرُّشْدُ مِنَ ٱلْغَىِّ ۚ فَمَن يَكْفُرْ بِٱلطَّٰغُوتِ وَيُؤْمِنۢ بِٱللَّهِ فَقَدِ ٱسْتَمْسَكَ بِٱلْعُرْوَةِ ٱلْوُثْقَىٰ لَا ٱنفِصَامَ لَهَا ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ٢٥٦
(ඉස්ලාම්) ධර්මයෙහි බල කිරීමක් නැත. (මන්දයත්) අයහමගෙහි සිට (ඈත් වී) ඍජු මාර්ගය (අත් කර ගන්නේ කෙසේද යන්න) පැහැදිලි වී ගියේය. එබැවින් කවුරුන් ෂෙයිතාන්ව ප්රතික්ෂේප කර දමා, අල්ලාහ්ව විශ්වාස කරන්නේද, ඔහු නියත වශයෙන්ම කැඩී නොයන ශක්තිමත් කඹයක් අල්ලා ගත්තේය. අල්ලාහ් සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
ٱللَّهُ وَلِىُّ ٱلَّذِينَ ءَامَنُوا۟ يُخْرِجُهُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ ۖ وَٱلَّذِينَ كَفَرُوٓا۟ أَوْلِيَآؤُهُمُ ٱلطَّٰغُوتُ يُخْرِجُونَهُم مِّنَ ٱلنُّورِ إِلَى ٱلظُّلُمَٰتِ ۗ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ ٢٥۷
(තවද) අල්ලාහ් විශ්වාසවන්තයින්ගේ ආරක්ෂකයාය. ඔවුන්ව අන්ධකාරයෙන් (පිටතට ගෙන) ඉමහත් ආලෝකය දෙසට ඇතුළු කරන්නේය. නමුත් ප්රතික්ෂේප කරන්නන්ට නම්, ඔවුන්ගේ ආරක්ෂකයින් ෂෙයිතාන්වරුන්ය. ඒවා ඔවුන්ව ඉමහත් ආලෝකයෙන් (පහ කර) අන්ධකාරය දෙසට ඇතුළු කරන්නේය. (තවද) ඔවුන් නිරාවාසීන්ය. (තවද) ඔවුන් එහි සදහටම රැඳී සිටිනු ඇත.
أَلَمْ تَرَ إِلَى ٱلَّذِى حَآجَّ إِبْرَٰهِۦمَ فِى رَبِّهِۦٓ أَنْ ءَاتَىٰهُ ٱللَّهُ ٱلْمُلْكَ إِذْ قَالَ إِبْرَٰهِۦمُ رَبِّىَ ٱلَّذِى يُحْىِۦ وَيُمِيتُ قَالَ أَنَا۠ أُحْىِۦ وَأُمِيتُ ۖ قَالَ إِبْرَٰهِۦمُ فَإِنَّ ٱللَّهَ يَأْتِى بِٱلشَّمْسِ مِنَ ٱلْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ ٱلْمَغْرِبِ فَبُهِتَ ٱلَّذِى كَفَرَ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ ٢٥۸
(නබියේ!) ඔබ කෙනෙකුව අවධානය කළෙහිද? ඔහුට අල්ලාහ් රාජ්යය ලබා දීම නිසා ඔහු (ගර්විත වී) ඉබ්රාහීම් වෙත ඔහුගේ දෙවියන් ගැන තර්ක කළේය. ඒ අවස්ථාවේදී ඉබ්රාහීම් “කවුරුන් පණ දෙන්නටද, මරණයට පත් කරන්නටද සලස්වන්නේද ඔහුය, මගේ දෙවියන්” යයි පැවසීමට, ඔහු “මමද පණ දෙන්නෙමි. මරණයට පත් කිරීමද කරන්නෙමි” යයි පැවසුවේය. (එයට) ඉබ්රාහීම් “එසේ නම්, නියත වශයෙන්ම අල්ලාහ් සූර්යයා නැගෙනහිරින් උදා කරන්නේය. ඔබ එය බස්නාහිරෙන් උදා කරනු!” යයි පැවසුවේය. එබැවින් (අල්ලාහ්ව) ප්රතික්ෂේප කළ ඔහුගේ කට (කිසිම පිළිතුරක් දීමට නොහැකිව තිගැස්සී) වැසී ගියේය. අල්ලාහ් අපරාධකාර ජනතාවට (පිළිතුරු දීමට) මග පෙන්වන්නේ නැත.
أَوْ كَٱلَّذِى مَرَّ عَلَىٰ قَرْيَةٍۢ وَهِىَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا قَالَ أَنَّىٰ يُحْىِۦ هَٰذِهِ ٱللَّهُ بَعْدَ مَوْتِهَا ۖ فَأَمَاتَهُ ٱللَّهُ مِا۟ئَةَ عَامٍۢ ثُمَّ بَعَثَهُۥ ۖ قَالَ كَمْ لَبِثْتَ ۖ قَالَ لَبِثْتُ يَوْمًا أَوْ بَعْضَ يَوْمٍۢ ۖ قَالَ بَل لَّبِثْتَ مِا۟ئَةَ عَامٍۢ فَٱنظُرْ إِلَىٰ طَعَامِكَ وَشَرَابِكَ لَمْ يَتَسَنَّهْ ۖ وَٱنظُرْ إِلَىٰ حِمَارِكَ وَلِنَجْعَلَكَ ءَايَةًۭ لِّلنَّاسِ ۖ وَٱنظُرْ إِلَى ٱلْعِظَامِ كَيْفَ نُنشِزُهَا ثُمَّ نَكْسُوهَا لَحْمًۭا ۚ فَلَمَّا تَبَيَّنَ لَهُۥ قَالَ أَعْلَمُ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ٢٥۹
නැතහොත් එක් ග්රාමයක් වෙත ගිය කෙනෙකු මෙන් කෙනෙකු, (නබියේ! ඔබ දැක තිබේද? ඔහු, එහි (විනාශ වී) ඇති (නිවෙස් වල) මුදුන් වහල සියල්ල කඩා වැටී (පාළුවට වී) තිඛෙණු (දැක) “මේ ගමේ (ජනතාව මේ අන්දමට විනාශ වී) මිය ගිය පසු අල්ලාහ් මෙය කෙසේ නම්, පණ දෙන්නේද?”යි විමසුවේය. එබැවින් (ඔහුගේ සැකය නිරාකරණය කිරීම පිණිස) අල්ලාහ් ඔහුව අවුරුදු සියයක් දක්වා මැරී සිටීමට සලස්වා, පසුව ඔහුට පණ දී (ඔහුගෙන් “මේ තත්වයෙහි) ඔබ කොපමණ කලක් සිටියෙහිද?”යි විමසූ විට, “දිනක් නැතහොත් එක දවසක සුළු කොටසක් සිටියෙමි”යි පැවසුවේය. (එයට ඔහු) “නොඑසේය! ඔබ අවුරුදු සියයක් (මෙම තත්වයෙහි) සිටියෙහිය. (මෙන්න!) ඔබගේ ආහාරයද, ඔබගේ පානයද බලනු. ඒවා (මේ දක්වා) නරක් වූයේ නැත. නමුත් ඔබගේ බූරුවා දෙස බලනු. (එය මැරී, දිරා පත් වී ඇට කටු බවට පත්ව ඇත). තවත් ඔබ (මෙන් සැක සිතන) මිනිසුන්ට එක් සාධකයක් බවට පත් කිරීම සඳහා (බූරුවාගේ) ඇට කටු දිහා බලනු. කෙසේ එම ඇට කටු, සැකිල්ලක් බවට පත් කර, ඒවා මත මස්, තැන්පත් කරන්නෙමුද”යි පවසා (ඒ ආකාරයටම පණ දී) පෙන්වූවේය. (මේ සියල්ල) ඔහු ඉදිරියේ පැහැදිලිව සිදු වූ අවස්ථාවේදී (ඔහු) “නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකු යන්න මා ස්ථීර වශයෙන් දැන ගත්තෙමි” යයි පැවසුවේය.
وَإِذْ قَالَ إِبْرَٰهِۦمُ رَبِّ أَرِنِى كَيْفَ تُحْىِ ٱلْمَوْتَىٰ ۖ قَالَ أَوَلَمْ تُؤْمِن ۖ قَالَ بَلَىٰ وَلَٰكِن لِّيَطْمَئِنَّ قَلْبِى ۖ قَالَ فَخُذْ أَرْبَعَةًۭ مِّنَ ٱلطَّيْرِ فَصُرْهُنَّ إِلَيْكَ ثُمَّ ٱجْعَلْ عَلَىٰ كُلِّ جَبَلٍۢ مِّنْهُنَّ جُزْءًۭا ثُمَّ ٱدْعُهُنَّ يَأْتِينَكَ سَعْيًۭا ۚ وَٱعْلَمْ أَنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌۭ ٢٦۰
තවද ඉබ්රාහීම් (දෙවියන් වහන්සේට) “මගේ දෙවියනේ! මිය ගිය අයව ඔබ කෙසේ පණ දෙන්නෙහිද? (එය) ඔබ මට පෙන්වනු (මැනව!)” යයි පැවසූ අවස්ථවේදී, ඔහු “(මෙය) ඔබ විශ්වාස කළේ නැද්ද?”යි විමසුවේය. (එයට) “ඇත්තය. (මා විශ්වාස කරගෙනම සිටින්නෙමි). එහෙත් (එය මගේ දෑසින් දැක) මගේ සිත තෘප්තියට පත්වීම පිණිස, (එය පෙන්වනු මැනව!)” යයි ඔහු පැවසුවේය. (එයට ඔහු) “පක්ෂීන් හතර දෙනෙකු අල්ලා ඔබ ඔවුන්ව පුහුණු කර, පසුව (ඒවා කෑලි කෑලිවලට කපා) ඒවායෙන් එක් එක් කොටස සෑම කන්දක් මතම තැබීමෙන් අනතුරුව (මැද සිටගෙන) ඒවාට අඞගසනු. ඒවා ඔබ වෙත පියාසර කර විත් සේන්දු වනු ඇත” (යයි පවසා, ඒ අන්දමට සිදු කර පෙන්වා) “නියත වශයෙන්ම අල්ලාහ් බලසම්පන්නව හා තියුණු බුද්ධියෙන් යුත්තෙකු වශයෙන් සිටින්නේය යන්නද ඔබ ස්ථීර වශයෙන් දැන ගනු” යයි කීවේය.
مَّثَلُ ٱلَّذِينَ يُنفِقُونَ أَمْوَٰلَهُمْ فِى سَبِيلِ ٱللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنۢبَتَتْ سَبْعَ سَنَابِلَ فِى كُلِّ سُنۢبُلَةٍۢ مِّا۟ئَةُ حَبَّةٍۢ ۗ وَٱللَّهُ يُضَٰعِفُ لِمَن يَشَآءُ ۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ ٢٦١
(නබියේ!) අල්ලාහ්ගේ මාර්ගයෙහි තමන්ගේ වස්තූන් වියදම් කරන අයගේ (වස්තුවෙහි) උපමාව නම්, එක් බීජයක උපමාවට සම වන්නේය. එය (එම බීජය) කරල් හතක් ලබා දුන්නේය. සෑම කරලකම ධාන්ය ඇට සියයකි! (එබැවින් ධාන්ය ඇට හත්සියයක් එම එක බීජයකින් උත්පාදනය විය). අල්ලාහ් තමන් කැමති අයට (මින් පසුවද) දෙගුණයක් කර දෙන්නේය. මන්දයත් අල්ලාහ් (දාන-මානයෙන්) ඉතාමත් විශාලවන්තයෙකු හා දැනුවත්වද සිටින්නේය.
ٱلَّذِينَ يُنفِقُونَ أَمْوَٰلَهُمْ فِى سَبِيلِ ٱللَّهِ ثُمَّ لَا يُتْبِعُونَ مَآ أَنفَقُوا۟ مَنًّۭا وَلَآ أَذًۭى ۙ لَّهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ٢٦٢
කවුරුන් තමන්ගේ වස්තූන් අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් කර, (එම වස්තූන් ලබා ගත් අයට), තමන් එය ලබා දීම ගැන කියා පෑමක් හෝ හිත රිදවීමක් හෝ (ඒ සමග) එක්කාසු නොකළෝද, ඔවුන්ට, ඔවුන්ගේ ඵලවිපාක ඔවුන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙහි ඇත. තවද ඔවුන්ට කිසිම බියක්ද නැත. ඔවුන් දුක් වන්නේද නැත.
۞ قَوْلٌۭ مَّعْرُوفٌۭ وَمَغْفِرَةٌ خَيْرٌۭ مِّن صَدَقَةٍۢ يَتْبَعُهَآ أَذًۭى ۗ وَٱللَّهُ غَنِىٌّ حَلِيمٌۭ ٢٦۳
(දානමාන කර, එය ලබා ගත් අයට) හිත් රිදවීම තව දුරටත් දීර්ඝ වන (අන්දමට කරන) දානමානයට වඩා (ආදරයෙන් කියන) හොඳ වදනද, සමාවද ඉතාමත් උසස්ය. තවද අල්ලාහ් වස්තූන් අවශ්ය නොවන්නෙකු වශයෙන් හා ඉවසිලිවන්තයෙකු වශයෙන් සිටින්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُبْطِلُوا۟ صَدَقَٰتِكُم بِٱلْمَنِّ وَٱلْأَذَىٰ كَٱلَّذِى يُنفِقُ مَالَهُۥ رِئَآءَ ٱلنَّاسِ وَلَا يُؤْمِنُ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ ۖ فَمَثَلُهُۥ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌۭ فَأَصَابَهُۥ وَابِلٌۭ فَتَرَكَهُۥ صَلْدًۭا ۖ لَّا يَقْدِرُونَ عَلَىٰ شَىْءٍۢ مِّمَّا كَسَبُوا۟ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَٰفِرِينَ ٢٦٤
විශ්වාසවන්තයිනි! අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස නොකර, (තමන් දානපතියෙක් යයි අන්) මිනිසුන්ට දැන්වීම පිණිස තම වස්තුව වියදම් කර, (අපතේ) හැරිය කෙනෙකු මෙන්, ඔබ ඔබගේ දානමානය (ලබා ගත් අයට) කියා පෑමද, හිත් රිදවීමද (කිරීම) මගින් (එහි ඵලවිපාකය) අපතේ නොහරිනු. ඔහුගේ උපමාව තට්ටෙ පෑදුනු ගල් පරයකට සම වන්නේය. තමන් මත පස් වැටී, එහෙත් විශාල වර්ෂාවකට එය (සෝදා ගොස්) තනිකර ගල් පරයක් බවට පත් විය. (මෙසේම ඔහු කළ දානමානය ඔහුගේ ආඩම්බරය මගින් විනාශ වී ගියේය). එබැවින් ඔවුන් (දානමාන) කිරීමෙන් කිසිම ඵල ප්රයෝජනයක් (පරලොවදී) අත් කර ගන්නේ නැත. තවද අල්ලාහ් (තමන්ව) ප්රතික්ෂේප කරන ජනතාව (ඔවුන්ගේ නපුරු ක්රියාවන්ගේ හේතුවෙන්) ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.
وَمَثَلُ ٱلَّذِينَ يُنفِقُونَ أَمْوَٰلَهُمُ ٱبْتِغَآءَ مَرْضَاتِ ٱللَّهِ وَتَثْبِيتًۭا مِّنْ أَنفُسِهِمْ كَمَثَلِ جَنَّةٍۭ بِرَبْوَةٍ أَصَابَهَا وَابِلٌۭ فَـَٔاتَتْ أُكُلَهَا ضِعْفَيْنِ فَإِن لَّمْ يُصِبْهَا وَابِلٌۭ فَطَلٌّۭ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ ٢٦٥
කවුරුන් තමන්ගේ වස්තුව අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස බලාපොරොත්තුවෙන් තමන්ගේ සිත් ස්ථීරභාවයෙන් වියදම් කරන්නෝද, ඔවුන්ගේ (දානමානයට) උපමාව, උසස් භූමිය (වන කන්ඳක්) මත තිඛෙන එක් වත්තකට සම වන්නේය. එහි විශාල වර්ෂාවක් පහළ වුවහොත් ඵල ප්රයෝජන දෙගුණයක් ලැඛෙන්නේය. වැස්ස නොලැබුණා වුවද, සිසිල් මද සුළඟම එයට ප්රමාණවත් වන්නේය. තවද අල්ලාහ් ඔබ කරන දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.
أَيَوَدُّ أَحَدُكُمْ أَن تَكُونَ لَهُۥ جَنَّةٌۭ مِّن نَّخِيلٍۢ وَأَعْنَابٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ لَهُۥ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَأَصَابَهُ ٱلْكِبَرُ وَلَهُۥ ذُرِّيَّةٌۭ ضُعَفَآءُ فَأَصَابَهَآ إِعْصَارٌۭ فِيهِ نَارٌۭ فَٱحْتَرَقَتْ ۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْءَايَٰتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ ٢٦٦
ඔබගෙන් කවුරුන් නම් (මෙය) කැමති වනු ඇත්ද? කෙනෙකුට ඉඳි, මිදි වත්තක් ඇත්තේය. එහි දිය දහරා සදා ගලමින් ඇත්තේය. එයින් සෑම වර්ගයකම පලතුරුද ඔහුට ලැඛෙමින් පවතින්නේය. ඔහුද මහළු වියට පත් වූවේය. (හරි හම්භ කිරීමට) නොහැකි කුඩා දරුවන් කිහිප දෙනෙකුද ඔහුට ඇත්තේය. (මෙවැනි තත්වයක් යටතේ) ගින්නක් ඇති කළ හැකි සුළි සුළඟක් හමා එය පුළුස්සා දැමුවේය. (මෙවැනි තත්වයක් කවුරුන් නම් කැමති වන්නේද?) ඔබ සිතා වටහා ගැනීම පිණිස අල්ලාහ් තමන්ගේ ආයාවන් ඔබට මෙසේ (උදාහරණයන් මගින්) පැහැදිලි කරන්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَنفِقُوا۟ مِن طَيِّبَٰتِ مَا كَسَبْتُمْ وَمِمَّآ أَخْرَجْنَا لَكُم مِّنَ ٱلْأَرْضِ ۖ وَلَا تَيَمَّمُوا۟ ٱلْخَبِيثَ مِنْهُ تُنفِقُونَ وَلَسْتُم بِـَٔاخِذِيهِ إِلَّآ أَن تُغْمِضُوا۟ فِيهِ ۚ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ غَنِىٌّ حَمِيدٌ ٢٦۷
විශ්වාසවන්තයිනි! (දානමාන කිරීමට අදහස් කළහොත්) ඔබ හරිහම්භ කළ දැයෙන්ද, අපි ඔබට භූමියෙහි ඉකුත් කළ (ධාන්ය, පලතුරු ආදී) දැයෙන්ද, හොඳ දැයම (දානමානය වශයෙන්) වියදම් කරනු. ඒවායෙන් නරක් වූ දැය දීමට කැමති නොවනු. (මන්දයත් නරක් වූ භාණ්ඩ ඔබට කෙනෙකු ලබා දුන්නහොත්) ඒවා ඔබ (පිළිකුලෙන් යුතුව) ඇස් පියවී ගිය අය වශයෙන් මිස, ලබා ගන්නේ නැත! (එබැවින් ඔබ කැමති නොවන භාණ්ඩ අන් අයට දානමානය වශයෙන් නොදෙනු). නියත වශයෙන්ම අල්ලාහ් වස්තුව අවශ්ය නොවන්නෙකු හා ඉමහත් ප්රශංසාවට අයත් කෙනෙකු වශයෙන් සිටින්නේය යන්න ඔබ ස්ථීර වශයෙන් දැන ගනු.
ٱلشَّيْطَٰنُ يَعِدُكُمُ ٱلْفَقْرَ وَيَأْمُرُكُم بِٱلْفَحْشَآءِ ۖ وَٱللَّهُ يَعِدُكُم مَّغْفِرَةًۭ مِّنْهُ وَفَضْلًۭا ۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌۭ ٢٦۸
(ඔබ දානමාන කළහොත්) ෂෙයිතාන් ඔබට දුගීභාවය මගින් බිය ගන්වා අවමන් ගෙන දෙන (මසුරුකම්) කරන මෙන් ඔබව පොළඹවනු ඇත. නමුත් අල්ලාහ් නම්, (ඔබ දානමාන කළහොත්) තමන්ගේ සමාවද, සැප සම්පත්ද, (ඔබට ලබා දෙන බවට) පොරොන්දු වන්නේය. තවද අල්ලාහ් ඉතාමත් විශාලවන්ත හා සියල්ල දන්නෙකු වශයෙන් සිටින්නේය.
يُؤْتِى ٱلْحِكْمَةَ مَن يَشَآءُ ۚ وَمَن يُؤْتَ ٱلْحِكْمَةَ فَقَدْ أُوتِىَ خَيْرًۭا كَثِيرًۭا ۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ ٢٦۹
(අල්ලාහ්) තමන් කැමති වන්නන්ටම (අධ්යාපන) ඥානය ලබා දෙන්නේය. එබැවින් කවුරුන් (අධ්යාපන) ඥානය ලබා ගනු ලබන්නේද, ඔහු නියත වශයෙන්ම අනේක හොඳ අත් කර ගන්නේය. නමුත් (මෙම ඥාන අධ්යාපනය මගින්) බුද්ධිමතුන් මිස, (වෙන කිසිවෙකුත්) හැඟීමක් අත් කර ගන්නේ නැත.
وَمَآ أَنفَقْتُم مِّن نَّفَقَةٍ أَوْ نَذَرْتُم مِّن نَّذْرٍۢ فَإِنَّ ٱللَّهَ يَعْلَمُهُۥ ۗ وَمَا لِلظَّٰلِمِينَ مِنْ أَنصَارٍ ٢۷۰
(පින් අයිති කර ගැනීම සඳහා ඔබගේ) වස්තුවෙන් කුමක් වියදම් කළා වුවද, නැතහොත් ඔබ කුමක් බාරහාර වුවද, නියත වශයෙන්ම අල්ලාහ් එය හොඳින් දන්නේය. (තවද බාරහාර වූ පසු එය ඔප්පු නොකළ) අපරාධකරුවන්ට උදව් කරන්නන් (කිසිවෙකුත්) නැත.
إِن تُبْدُوا۟ ٱلصَّدَقَٰتِ فَنِعِمَّا هِىَ ۖ وَإِن تُخْفُوهَا وَتُؤْتُوهَا ٱلْفُقَرَآءَ فَهُوَ خَيْرٌۭ لَّكُمْ ۚ وَيُكَفِّرُ عَنكُم مِّن سَيِّـَٔاتِكُمْ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ ٢۷١
(ඔබ කරන) දානමානය ඔබ එළිදරව් කළහොත් එයත් අගනේය. (මන්දයත් අන් අයවද දානමාන කිරීමට පෙළඹවිය හැකිය). එහෙත් එය ඔබ ස`ගවා ගතහොත් එයත් දුප්පතුන්ට ලබා දීමෙන් ඔබට ඉතාමත් පින් (ලැඛෙන්නේය). තවද එය ඔබගේ සමහර පාප කර්මයන්හි (ඵලවිපාකයන්) ඔබගෙන් පහ කරනු ඇත. ඔබ කරන දැය අල්ලාහ් හොඳින් දන්නේය.
۞ لَّيْسَ عَلَيْكَ هُدَىٰهُمْ وَلَٰكِنَّ ٱللَّهَ يَهْدِى مَن يَشَآءُ ۗ وَمَا تُنفِقُوا۟ مِنْ خَيْرٍۢ فَلِأَنفُسِكُمْ ۚ وَمَا تُنفِقُونَ إِلَّا ٱبْتِغَآءَ وَجْهِ ٱللَّهِ ۚ وَمَا تُنفِقُوا۟ مِنْ خَيْرٍۢ يُوَفَّ إِلَيْكُمْ وَأَنتُمْ لَا تُظْلَمُونَ ٢۷٢
(නබියේ! මිනිසුන්ට ඍජු මාර්ගය පෙන්වීමම ඔබගේ යුතුකම වන්නේය). ඍජු මාර්ගයෙහි ඔවුන්ව ඇතුළු කිරීම ඔබගේ යුතුකම නොව. එහෙත් තමන් අදහස් කරන අයවම අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. (විශ්වාසවන්තයිනි!) හොඳ දැයෙන් ඔබ කුමක් වියදම් කළා වුවද, (එය) ඔබටම (හොඳය). අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස සොයා ගැනීම සඳහා මිස, (ආඩම්බරය සඳහා) ඔබ වියදම් නොකරනු. (අහංකාරය බලාපොරොත්තු නොවී, පින් අත් කර ගැනීම සඳහා) හොඳ දැයෙන් ඔබ කුමක් වියදම් කළා වුවද, (එහි) ඵලවිපාක ඔබ පූරණ වශයෙන් අත් කර ගන්නවා මිස, (එහි පොඩියක් හෝ) ඔබ අසාධාරණය අත් කර ගන්නේ නැත.
لِلْفُقَرَآءِ ٱلَّذِينَ أُحْصِرُوا۟ فِى سَبِيلِ ٱللَّهِ لَا يَسْتَطِيعُونَ ضَرْبًۭا فِى ٱلْأَرْضِ يَحْسَبُهُمُ ٱلْجَاهِلُ أَغْنِيَآءَ مِنَ ٱلتَّعَفُّفِ تَعْرِفُهُم بِسِيمَٰهُمْ لَا يَسْـَٔلُونَ ٱلنَّاسَ إِلْحَافًۭا ۗ وَمَا تُنفِقُوا۟ مِنْ خَيْرٍۢ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٌ ٢۷۳
(විශ්වාසවන්තයිනි! එවැනි දානමාන සමහරක්) දුප්පතුන්ටම (අයත් වන්නේය!) ඔවුන් අල්ලාහ්ගේ ධර්මය වෙනුවෙන්ම යයි තමන්ව (සම්පූර්ණයෙන්ම කැප කර), පැත්තකට වීම නිසා (තමන්ගේ පෞද්ගලික ජීවිතයට පවා) භූමියෙහි ඒ මේ අත දුවා ඇවිදින්නට සුදුසු තත්වයක් නොලැබූවන් වශයෙන් සිටින්නාහ. (තවද ඔවුන්) හිඟා නොකන බැවින් (ඔවුන්ගේ දුක්ඛිත තත්වය) නොදන්නවුන් ඔවුන් ධනපතියන් යයි අදහස් කර ගන්නාහ. ඔවුන්ගේ (දුගී භාවයේ) සළකුණු (වන ඇඳුම් ආදිය) මගින් ඔබ ඔවුන්ව දැන ගත හැකිය. ඔවුන් මිනිසුන් වෙතින් බැගෑපත් වී ඉල්ලන්නේද නැත. (මෙවැනි දුප්පතුන්ට) ඔබ හොඳ දැයෙන් කුමක් වියදම් කළද, නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දැන, (එයට අයත් ඵලවිපාක ලබා) දෙන්නේය.
ٱلَّذِينَ يُنفِقُونَ أَمْوَٰلَهُم بِٱلَّيْلِ وَٱلنَّهَارِ سِرًّۭا وَعَلَانِيَةًۭ فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ٢۷٤
(විශ්වාසවන්තයිනි!) කවුරුන් තමන්ගේ වස්තුව (දානමාන වශයෙන්) රාත්රියෙහිද, දහවලෙහිද, රහසින්ද, ප්රසිද්ධියේද, වියදම් කරන්නෝද, ඔවුන්ට ඔවුන්ගේ ඵලවිපාක ඔවුන්ගේ දෙවියන්ගෙන් ඇත. තවද ඔවුන්ට (පරලොවදී) කිසිම බියක්ද නැත. ඔවුන් දුක් වන්නේද නැත.
ٱلَّذِينَ يَأْكُلُونَ ٱلرِّبَوٰا۟ لَا يَقُومُونَ إِلَّا كَمَا يَقُومُ ٱلَّذِى يَتَخَبَّطُهُ ٱلشَّيْطَٰنُ مِنَ ٱلْمَسِّ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوٓا۟ إِنَّمَا ٱلْبَيْعُ مِثْلُ ٱلرِّبَوٰا۟ ۗ وَأَحَلَّ ٱللَّهُ ٱلْبَيْعَ وَحَرَّمَ ٱلرِّبَوٰا۟ ۚ فَمَن جَآءَهُۥ مَوْعِظَةٌۭ مِّن رَّبِّهِۦ فَٱنتَهَىٰ فَلَهُۥ مَا سَلَفَ وَأَمْرُهُۥٓ إِلَى ٱللَّهِ ۖ وَمَنْ عَادَ فَأُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ ٢۷٥
පොළිය (ගෙන) වැජඹෙන අය ෂෙයිතාන්ට කොටු වී පිස්සුවෙන් නැගිටින්නන් වශයෙන් මිස, (වෙන ක්රමයකට පරලොවදී) නැගිටින්නේ නැත. මන්දයත් ‘වෙළෙඳාමද පොළිය මෙන්ම වන්නේය. (එබැවින් පොළිය ගැනීමෙහි වරදක් නැතැ)’යි මොවුන් පැවසූහ. නමුත් අල්ලාහ් (ඔබගෙන්) කවුරුන් හෝ තම දෙවියන්ගෙන් පැමිණි, (පොළිය නොගත යුතුය යන) අවවාදයට අනුව (එය අත්හැර දමා) ඈත් වුවහොත්, (එයට) පෙර (ඔහු ලබා ගත්) කළින් දැය ඔහුටම අයත්ය. (මීට පෙර පොළිය ලබා ගත්) ඔහුගේ කාරණාව අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඇත්තේය. (අල්ලාහ්ගේ නියෝගය පැමිණි පසු, පොළිය අත්හැර දැමූ බැවින් අල්ලාහ් ඔහුව ක්ෂමා කර හැරිය හැකිය). තවද (මෙම නියෝගය ලැබුණු පසු) කවුරුන් හෝ පසුවද (පොළිය ගැනීමට) ඉදිරිපත් වුවහොත්, ඔවුන් නිරාවාසීන්ය! එහි ඔවුන් සදහටම රැඳී සිටිනු ඇත.
يَمْحَقُ ٱللَّهُ ٱلرِّبَوٰا۟ وَيُرْبِى ٱلصَّدَقَٰتِ ۗ وَٱللَّهُ لَا يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ ٢۷٦
අල්ලාහ් පොළිය විනාශ කර දමා දානමානය විස්තීරණය කරන්නේය. තවද (තම නියෝගය) ප්රතික්ෂේප කරමින්ම සිටින පාපතරයන් කිසිවෙකුත් අල්ලාහ් ප්රිය කරන්නේ නැත.
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ٢۷۷
කවුරුන් විශ්වාස කර දැහැමි ක්රියාවන් කර, සලාතය නොකඩවා ඉටු කරද, සකාත් (දුප්පතුන් වෙනුවෙන් වූ බද්ද)ද ගෙවමින් සිටින්නෝද, ඔවුන්ට ඔවුන්ගේ ඵලවිපාක නියත වශයෙන්ම ඔවුන්ගේ දෙවියන් වෙත ඇත. තවද ඔවුන්ට (පරලොවදී) කිසිම බියක්ද නැත. ඔවුන් දුක් වන්නේද නැත.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَذَرُوا۟ مَا بَقِىَ مِنَ ٱلرِّبَوٰٓا۟ إِن كُنتُم مُّؤْمِنِينَ ٢۷۸
විශ්වාසවන්තයිනි! ඔබ (ඇත්තෙන්ම) විශ්වාසවන්තයින් වශයෙන් සිටින්නෙහු නම් අල්ලාහ්ට බිය වී පොළිය (මෙතෙක් ලබා ගත් දැය හැරෙන්නට) ඉතිරිව ඇති දැය (නොගෙන) අත්හැර දමනු.
فَإِن لَّمْ تَفْعَلُوا۟ فَأْذَنُوا۟ بِحَرْبٍۢ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦ ۖ وَإِن تُبْتُمْ فَلَكُمْ رُءُوسُ أَمْوَٰلِكُمْ لَا تَظْلِمُونَ وَلَا تُظْلَمُونَ ٢۷۹
මෙසේ ඔබ කටයුතු නොකළහොත් අල්ලාහ් සමගද, ඔහුගේ දූතයා සමගද, යුද්ධ කිරීමට සුදානම් වනු. එහෙත් ඔබ (පොළිය ගැනීම ගැන සිත් තැවුල් වී) මිදුනහොත් ඔබගේ මුදලින් මුල් මුදල ඔබට ඇත. ඔබ අපරාධ නොකරනු. (එසේම) ඔබටද අපරාධ කරනු නොලබන්නෙහුය!
وَإِن كَانَ ذُو عُسْرَةٍۢ فَنَظِرَةٌ إِلَىٰ مَيْسَرَةٍۢ ۚ وَأَن تَصَدَّقُوا۟ خَيْرٌۭ لَّكُمْ ۖ إِن كُنتُمْ تَعْلَمُونَ ٢۸۰
තවද (ණය ලබා ගත් අය, එය නියමිත වාරිකයට ගෙවා ගත නොහැකිව) ඔහු අමාරුකමෙහි සිටියහොත්, (ඔහුට ගෙවා ගැනීමට) වත්කමක් ලැඛෙණ තුරු බලාපොරොත්තුවෙන් සිටිනු. තවද (මෙහි ඇති පින්) ඔබ දන්නෙකු වශයෙන් සිටියහොත්, (එය ඔහුටම) ඔබ දානය වශයෙන් දීම (අන් අයට දානය දීමට වඩා) ඔබට ඉතාමත් පින් (අයිති වනු ඇත).
وَٱتَّقُوا۟ يَوْمًۭا تُرْجَعُونَ فِيهِ إِلَى ٱللَّهِ ۖ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفْسٍۢ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ ٢۸١
තවද එක් දිනයක් ගැන බිය වනු. එදින (ණය ලබා ගත් අයද, දුන් අයද ආදී) ඔබ (සියල්ලන්ම) අල්ලාහ් වෙත ගෙන එනු ලබන්නෙහුය. සෑම ආත්මයකටම, එය කළකම් වලට පූරණ වශයෙන් (ඵලවිපාක) දෙනු ලබනු ඇත. තවද ඒවාට අපරාධ කරනු නොලැබේ.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا تَدَايَنتُم بِدَيْنٍ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى فَٱكْتُبُوهُ ۚ وَلْيَكْتُب بَّيْنَكُمْ كَاتِبٌۢ بِٱلْعَدْلِ ۚ وَلَا يَأْبَ كَاتِبٌ أَن يَكْتُبَ كَمَا عَلَّمَهُ ٱللَّهُ ۚ فَلْيَكْتُبْ وَلْيُمْلِلِ ٱلَّذِى عَلَيْهِ ٱلْحَقُّ وَلْيَتَّقِ ٱللَّهَ رَبَّهُۥ وَلَا يَبْخَسْ مِنْهُ شَيْـًۭٔا ۚ فَإِن كَانَ ٱلَّذِى عَلَيْهِ ٱلْحَقُّ سَفِيهًا أَوْ ضَعِيفًا أَوْ لَا يَسْتَطِيعُ أَن يُمِلَّ هُوَ فَلْيُمْلِلْ وَلِيُّهُۥ بِٱلْعَدْلِ ۚ وَٱسْتَشْهِدُوا۟ شَهِيدَيْنِ مِن رِّجَالِكُمْ ۖ فَإِن لَّمْ يَكُونَا رَجُلَيْنِ فَرَجُلٌۭ وَٱمْرَأَتَانِ مِمَّن تَرْضَوْنَ مِنَ ٱلشُّهَدَآءِ أَن تَضِلَّ إِحْدَىٰهُمَا فَتُذَكِّرَ إِحْدَىٰهُمَا ٱلْأُخْرَىٰ ۚ وَلَا يَأْبَ ٱلشُّهَدَآءُ إِذَا مَا دُعُوا۟ ۚ وَلَا تَسْـَٔمُوٓا۟ أَن تَكْتُبُوهُ صَغِيرًا أَوْ كَبِيرًا إِلَىٰٓ أَجَلِهِۦ ۚ ذَٰلِكُمْ أَقْسَطُ عِندَ ٱللَّهِ وَأَقْوَمُ لِلشَّهَٰدَةِ وَأَدْنَىٰٓ أَلَّا تَرْتَابُوٓا۟ ۖ إِلَّآ أَن تَكُونَ تِجَٰرَةً حَاضِرَةًۭ تُدِيرُونَهَا بَيْنَكُمْ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَلَّا تَكْتُبُوهَا ۗ وَأَشْهِدُوٓا۟ إِذَا تَبَايَعْتُمْ ۚ وَلَا يُضَآرَّ كَاتِبٌۭ وَلَا شَهِيدٌۭ ۚ وَإِن تَفْعَلُوا۟ فَإِنَّهُۥ فُسُوقٌۢ بِكُمْ ۗ وَٱتَّقُوا۟ ٱللَّهَ ۖ وَيُعَلِّمُكُمُ ٱللَّهُ ۗ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ ٢۸٢
විශ්වාසවන්තයිනි! ඔබ එක් නියමිත වාරිකයක් මත (ඔබ තුළ) ණය ගනුදෙනු කර ගතහොත් එය ලියා තබනු. තවද (ණය දුන් අයද, නැතහොත් ලබා ගත් අයද) ඔබගෙන් කවුරුන් ලියා තැබූවද, එය) ලියන්නා සාධාරණ ලෙස ලියා තැබිය යුතුය. (ඒ දෙදෙනාම ලිවීමට නොහැකිව ලියන්නාගෙන් ඉල්ලා සිටියහොත්) ලියන්නා (සාධාරණ ලෙස ලිවිය යුතුය යයි) අල්ලාහ් ඔහුට දැනුම් දී ඇති ආකාරයට ලියා දීම ප්රතික්ෂේප නොකළ යුතුය. ඔහු ලියා දිය යුතුය. තවද ණය ලබා ගත් අයම (ණය පත්රයෙහි) වදන පැවසිය යුතුය. (වදන පැවසීමද, එය ලිවීමද) තම දෙවියන් වන අල්ලාහ්ට බිය විය යුතුය. එබැවින් එහි කිසිවක් අඩුකර නොදමනු. (වදන පැවසිය යුතු) ණය ගත් අය, මන්ද-බුද්ධික වශයෙන් හෝ නැතහොත් (වදන පැවසීමට) නොහැකි (මහළු අය වශයෙන් හෝ කුඩා) දරුවෙකු වශයෙන් හෝ තමන් විසින්ම වදන පැවසීමට ශක්තියක් නැති (ගොළුවෙකු වැනි) අයෙකු වශයෙන් හෝ සිටියහොත් ඔහුගේ ආරක්ෂකයා සාධාරණ වශයෙන් වදන පැවසිය යුතුය. තවද ඔබ සාක්ෂි වශයෙන් (බාර ගත) හැකි ඔබගේ පිරිමින්ගෙන් (අවංක) දෙදෙනෙකු (එම ණයට) සාක්ෂි බවට පත් කරනු. එසේම (සාක්ෂි බවට පත් කළ යුතු) දෙදෙනාම පිරිමි වශයෙන් නොලැබුණහොත්, එක් පිරිමියෙකු සමග ඔබ සාක්ෂි වශයෙන් බාර ගත හැකි ගැහැනුන් දෙදෙනෙකු (සාක්ෂි වශයෙන් ගත යුතුය. මන්දයත් ගැහැණුන් වැඩි වශයෙන් ගනුදෙනු සම්බන්ධයෙන් එතරම් දැනුම නොතිඛෙණ බැවින්) ඒ දෙදෙනාගෙන් කෙනෙකු වැරද ගියද, අනිත් ගැහැනු කෙනා ඇයට (එය) මතක් කර දෙනු පිණිස (එසේ කළ යුතුය). සාක්ෂීන් (ඔවුන් දන්නා දැය පැවසීමට) කැඳවනු ලබන විට, (සාක්ෂි කීම) ප්රතික්ෂේප නොකළ යුතුය. තවද (ණය), කුඩා වුවද, ලොකු වුවද (එවෙලෙ එවෙලේම ලියා තැබිය යුතුය. එහි) වාරිකය පැමිණෙන තුරු එය නොලියා කම්මැලි වී නොසිටිනු. (ණය නියමිත ආකාරයට ලියා තබනු). මෙය අල්ලාගේ සන්නිධානයෙහි ඉතාමත් සාධාරණ දැයක් වන්නේය. සාක්ෂියට ඉතාමත් ස්ථීර දැයක් වශයෙන්ද (ණය මුදල හෝ නැතහොත් වාරිකය ගැන හෝ) ඔබ සැක නොසිතා සිටින්නට (මෙය) ඉතාමත් ප්රයෝජනවත් වනු ඇත. නමුත් ඔබ, ඔබ අතරේ මුදලින් කර ගන්නා ගනුදෙනුවක් වුවහොත් එය ඔබ නොලියා තැබූවද ඔබ කෙරෙහි වරදක් නැත. නමුත් (මුදලින්) ඔබ ගනුදෙනුවක් කර ගතහොත් වුවද, එයටත් සාක්ෂි තබා ගනු! තවද (වැරදි ආකාරයෙන් ලියා ගන්නා ලෙස) ලියන්නා හෝ (බොරු කියන ලෙස) සාක්ෂිකරුවන්ව හෝ වේදනා නොකළ යුතුය. ඔබ (වේදනා කර) ඒ අන්දමට කළහොත්, නියත වශයෙන්ම එය ඔබට (ඉමහත්) පාපයක් වන්නේය. එබැවින් අල්ලාහ්ට බිය වනු. අල්ලාහ් (ගනුදෙනුව ගැන තමන්ගේ නියමයන්) ඔබට (මෙන්න මේ අන්දමට) උගන්වා දෙන්නේය. තවද අල්ලාහ් සියල්ල ඉතාමත් හොඳින් දන්නෙකි.
۞ وَإِن كُنتُمْ عَلَىٰ سَفَرٍۢ وَلَمْ تَجِدُوا۟ كَاتِبًۭا فَرِهَٰنٌۭ مَّقْبُوضَةٌۭ ۖ فَإِنْ أَمِنَ بَعْضُكُم بَعْضًۭا فَلْيُؤَدِّ ٱلَّذِى ٱؤْتُمِنَ أَمَٰنَتَهُۥ وَلْيَتَّقِ ٱللَّهَ رَبَّهُۥ ۗ وَلَا تَكْتُمُوا۟ ٱلشَّهَٰدَةَ ۚ وَمَن يَكْتُمْهَا فَإِنَّهُۥٓ ءَاثِمٌۭ قَلْبُهُۥ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌۭ ٢۸۳
තවද ඔබ සංචාරයේ සිටිමින් (ඒ අවස්ථාවේදී ගනුදෙනුවක් කිරීමට අවශ්යතාවයක් ඇති වී) ලියන්නාවද ඔබ සොයා ගත නොහැකි වුවහොත් (ණය පත්රිකාව වෙනුවට) සින්නක්කර ගැනීමට (හැකි යම්කිසි වස්තුවක්) ලබා ගනු. (මෙහි) ඔබගෙන් කෙනෙකු (උකසක් නොමැතිව ණය දීමට හෝ මිල අධික වස්තුවක් සුළු මුදලකට උකසට තැබීමට හෝ අනිත්) කෙනාව විශ්වාස කළහොත්, විශ්වාස කරනු ලැබූ තැනැත්තා තමන් වෙත ඇති විශ්වාසහරිත වස්තුව (නියමිත අන්දමින්) ආපසු ලබා දිය යුතුය. තවද තමන්ගේ දෙවියන් වන අල්ලාහ්ට (ඉමහත් සේ) බිය වී (සාධාරණ ලෙස කටයුතු) කළ යුතුය. තවද (විශ්වාසහරිත වස්තුවට කවුරුන් හෝ වංචාවක් කිරීමට අදහස් කළහොත්, ඔබගේ) සාක්ෂිය ඔබ නොසැඟවිය යුතුය. කවුරුන් හෝ එය සඟවා ගතහොත් ඔහුගේ හෘදය නියත වශයෙන්ම පාපය තුළට ඇතුළු කර හරින්නේය. (මිනිසුනේ!) ඔබ කරන සියල්ලම අල්ලාහ් හොඳින් දන්නේය.
لِّلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَإِن تُبْدُوا۟ مَا فِىٓ أَنفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُم بِهِ ٱللَّهُ ۖ فَيَغْفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ٢۸٤
(මන්දයත්) අහස්හිද, භූමියෙහිද ඇති (සියල්ල) අල්ලාහ්ට අයත් දැයයි! ඔබ සිතෙහි ඇති දැය ඔබ එළිදරව් කළද, ඒවා සඟවා ගත්තද, ඒවා ගැනද අල්ලාහ් ඔබගෙන් විභාග කරනු ඇත. අල්ලාහ් කැමති අයට දඬුවම් කරන්නේය. තවද අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නය.
ءَامَنَ ٱلرَّسُولُ بِمَآ أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِۦ وَٱلْمُؤْمِنُونَ ۚ كُلٌّ ءَامَنَ بِٱللَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍۢ مِّن رُّسُلِهِۦ ۚ وَقَالُوا۟ سَمِعْنَا وَأَطَعْنَا ۖ غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ ٱلْمَصِيرُ ٢۸٥
(මිනිසුනේ! අපගේ) රසූල් තම දෙවියන්ගෙන් තමන්ට පහළ කරන ලද (ධර්මය) ඇත්තෙන්ම විශ්වාස කරන්නේය. (එසේම අනිත්) විශ්වාසවන්තයින්ද (විශ්වාස කරන්නාහ. මොවුන්) සියල්ලන්ම අල්ලාහ්වද, ඔහුගේ මලායිකාවරුන්වද, ඔහුගේ ධර්මයන්ද, ඔහුගේ නබිවරුන්වද, විශ්වාස කරන්නාහ. තවද “ඔහුගේ නබිවරුන්ගේ කිසිවෙකුත් (නබිවරුන් නොව යයි) අපි වෙන් කර (ප්රතික්ෂේප කර) නොහරින්නෙමු”. තවද “(දෙවියනේ! ඔබගේ ධර්ම ආයාවන්) අපි සවන් දුන්නෙමු! (ඔබගේ නියෝගයන්ට) අපි අවනත වුනෙමු! අපගේ දෙවියනේ! අපි ඔබගේ සමාව ඇයද සිටින්නෙමු! ඔබ වෙතම (අපි) සේන්දු විය යුතුව ඇත්තෙමු” යයි පවසන්නාහ.
لَا يُكَلِّفُ ٱللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا ۚ لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا ٱكْتَسَبَتْ ۗ رَبَّنَا لَا تُؤَاخِذْنَآ إِن نَّسِينَآ أَوْ أَخْطَأْنَا ۚ رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَآ إِصْرًۭا كَمَا حَمَلْتَهُۥ عَلَى ٱلَّذِينَ مِن قَبْلِنَا ۚ رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِۦ ۖ وَٱعْفُ عَنَّا وَٱغْفِرْ لَنَا وَٱرْحَمْنَآ ۚ أَنتَ مَوْلَىٰنَا فَٱنصُرْنَا عَلَى ٱلْقَوْمِ ٱلْكَٰفِرِينَ ٢۸٦
(අල්ලාහ් කිසිම ආත්මයකට එහි ශක්තියට වඩා බල කරනු ලබන්නේ නැත. එය සොයා ගත් පින් එයටම (ප්රයෝජනවත් වේ. එසේම) එය සොයා ගත් පාපයන් එයටම (හානියක් අත් කර දෙනු ඇත). ‘අපගේ දෙවියනේ! අපි (අපගේ යුතුකම් ඉටු කිරීමට) අමතක කර හැරියද, නැතහොත් (එහි) වරදක් කළද, (ඒ ගැන) ඔබ අපව (වරදට හසු) නොකරනු (මැනව!) අපගේ දෙවියනේ! ඔබ අප කෙරෙහි (දැඩි නියෝගයන් නියම කර), ඉමහත් බර නොපටවනු (මැනව!) අපට පෙර විසූ අය කෙරෙහි (දැඩි නියෝගයන්) ඔබ පැටවූවාක් මෙන් (නොපටවනු මැනව!) අපගේ දෙවියනේ! අපට දරා ගත නොහැකි අමාරුකම් අප කෙරෙහි පටවා නොදමනු (මැනව!). (අපගේ පාපයන්ට) සමාව දෙනු මැනව! අපව ඉවසනු මැනව! අප කෙරෙහි දයාව පහළ කරනු මැනව! ඔබමය අපගේ උත්පාදකයා! එබැවින් (ඔබව) ප්රතික්ෂේප කරන ජනතාවට එරෙහිව (ජයග්රහණය අත් කර ගැනීමට) ඔබ අපට උදව් උපකාර කරනු මැනව!’ (යයි ප්රාර්ථනා කරනු මැනව!)