< السورة السابقة | فهرس السور | السورة التالية >
surah017
Al-Israa (17)
The Night Journey, makkah, 111 verses.
حدد حجم خط الآيات
()
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ سُبْحَٰنَ ٱلَّذِىٓ أَسْرَىٰ بِعَبْدِهِۦ لَيْلًۭا مِّنَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ إِلَى ٱلْمَسْجِدِ ٱلْأَقْصَا ٱلَّذِى بَٰرَكْنَا حَوْلَهُۥ لِنُرِيَهُۥ مِنْ ءَايَٰتِنَآ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ ١
(අල්ලාහ්) ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔහු (මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් නමැති) තම වහලාව (කඃබාව වන) ශුද්ධ වූ නැමදුම්පළෙන් (ඉතාමත් ඈතින් පිහිටි බයිතුල් මුකද්දිස්හි ඇති) මස්ජිදුල් අක්සාවට එක් රාත්රියකදී කැඳවාගෙන ගියේය. (එසේ කැඳවාගෙන ගිය) අපි, එය අවට ඇති භූමිය ආශීර්වාද කර ඇත්තෙමු. අපගේ සළකුණු ඔහුට පෙන්වීම පිණිසම (කැඳවාගෙන ගියෙමු). නියත වශයෙන්ම (ඔබගේ දෙවියන් වන) ඔහුම සවන් දෙන්නෙකු වශයෙන්ද, අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද සිටින්නේය.
وَءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ وَجَعَلْنَٰهُ هُدًۭى لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ أَلَّا تَتَّخِذُوا۟ مِن دُونِى وَكِيلًۭا ٢
මූසාට ධර්මයක් අපි ලබා දුන්නෙමු. එය ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට එක් මාර්ගෝපදේශයක් වශයෙන් නිර්මාණය කර “ඔබ මාව මිස, (වෙන කිසිවෙකුත් ඔබගේ) ගැලවුම්කරුවෙකු (හිමියෙකු) වශයෙන් නොගත යුතුය” (යයි ඔවුන්ට නියෝග කළෙමු).
ذُرِّيَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوحٍ ۚ إِنَّهُۥ كَانَ عَبْدًۭا شَكُورًۭا ۳
(ඔබගේ මුතුන් මිත්තන්ව නැවෙහි) අපි නූහු (නබි) සමග උසුළාගෙන (ජල ගැල්මෙන් බේරා) ගනු ලැබූ පරම්පරාවේ දරුවනි! ඔහු නියත වශයෙන්ම (එයට) ඉතාමත් කෘතඥ වහලෙකු වශයෙන්ම සිටියේය. (එසේම ඉස්රායීල පරම්පරාවේ දරුවන් වන ඔබත් මා හට කෘතඥ වනු!)
وَقَضَيْنَآ إِلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ فِى ٱلْكِتَٰبِ لَتُفْسِدُنَّ فِى ٱلْأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّۭا كَبِيرًۭا ٤
ඉස්රායීල පරම්පරාවේ දරුවන් (වන ඔබ) ගැන “නියත වශයෙන්ම ඔබ දෙවරක් භූමියෙහි අපරාධ කරන්නෙහුය” යයිද “නියත වශයෙන්ම ඔබ ඉමහත් ශ්රේෂ්ඨත්වයක් අත් කරගෙන, (අපරාධ) කරන්නෙහුය” යයිද (ඔබට ලබා දුන්) ධර්මයෙහි අපි ලියා ඇත්තෙමු.
فَإِذَا جَآءَ وَعْدُ أُولَىٰهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًۭا لَّنَآ أُو۟لِى بَأْسٍۢ شَدِيدٍۢ فَجَاسُوا۟ خِلَٰلَ ٱلدِّيَارِ ۚ وَكَانَ وَعْدًۭا مَّفْعُولًۭا ٥
ඒ දෙකෙන් පළමු වාරය පැමිණි අවස්ථාවේදී අපගේ වහලා (සිතේ තෙත් ගතියක් නැති) ඉමහත් බලසම්පන්න මිනිසුන්ව ඔබට එරෙහිව පොළඹවා යැව්වෙමු. ඔවුන් (බයිතුල් මුකද්දිස්හි සිට ඔබගේ) නිවෙස් තුළට ඇතුළු වී (තමන්ගේ අතට හසුවන සෑම දැයකින්ම පහර දී විනාශ කර) දැමූහ. (එබැවින් බයිතුල් මුකද්දිස්හි තිබූ නැමදුම්පළද, ඒ රටද කැඩී බිඳී විනාශ වී ගියේය. මෙසේ අපගේ කළින් වූ) පොරොන්දුව ඉටු විය.
ثُمَّ رَدَدْنَا لَكُمُ ٱلْكَرَّةَ عَلَيْهِمْ وَأَمْدَدْنَٰكُم بِأَمْوَٰلٍۢ وَبَنِينَ وَجَعَلْنَٰكُمْ أَكْثَرَ نَفِيرًا ٦
පසුව (ඔබගේ) කාලචක්රය හරවා, ඔබට ජයග්රහණය ලබා දී (බොහෝ) වස්තූන්ද ජනතාවද මගින් අපි ඔබට උදව් උපකාර කර, ඔබව ඉමහත් සමූහයක් බවටද පත් කළෙමු.
إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لِأَنفُسِكُمْ ۖ وَإِنْ أَسَأْتُمْ فَلَهَا ۚ فَإِذَا جَآءَ وَعْدُ ٱلْءَاخِرَةِ لِيَسُۥٓـُٔوا۟ وُجُوهَكُمْ وَلِيَدْخُلُوا۟ ٱلْمَسْجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٍۢ وَلِيُتَبِّرُوا۟ مَا عَلَوْا۟ تَتْبِيرًا ۷
(නැවතත් ඔවුන්ට) ඔබ හොඳක් කළහොත් (එය) ඔබටම හොඳය. ඔබ පව් කළහොත් එය ඔබටම (නපුරක් වනු ඇතැයි අපි කීවෙමු. එහෙත් නැවතත් ඔවුන් අපරාධ කිරීමට ඉදිරිපත් වූහ. එබැවින්) දෙවැනි වාරය (ඔබට) පැමිණි අවස්ථාවේදී (ඔබට වේදනා ගෙන දී) ඔබගේ හැඩරුවම විකෘති කර, කළින් වාරයේදී මස්ජිදුල් අක්සාවට ඇතුළු වූ ආකාරයටම (මේ වාරයේදීද ඒ තුළට) ඇතුළු වී, තමන්ගේ අතට හසුවුනු සියල්ල කඩා බිඳ දමා විනාශ කළ හැකි අය (අපි ඔබ වෙත) පොළඹවා යැව්වෙමු.
عَسَىٰ رَبُّكُمْ أَن يَرْحَمَكُمْ ۚ وَإِنْ عُدتُّمْ عُدْنَا ۘ وَجَعَلْنَا جَهَنَّمَ لِلْكَٰفِرِينَ حَصِيرًا ۸
(ඔබ අපරාධ කිරීම අත්හැර දමා පසුව හෝ එයින් ඈත් වුවහොත්) ඔබගේ දෙවියන් ඔබ කෙරෙහි දයාව දැක්විය හැකිය. (නොඑසේ නම්, ඔබගේ කාරණාව දෙසටම) නැවතත් ඔබ හැරුණහොත් අපිද (ඔබව පෙර මෙන් දඬුවම් දීමට) ඉදිරිපත් වන්නෙමු. තවද (මෙවැනි) කෙළෙහිගුණ නොදත් අයව නිරය වටකර ගන්නා ලෙසටද සලස්වන්නෙමු.
إِنَّ هَٰذَا ٱلْقُرْءَانَ يَهْدِى لِلَّتِى هِىَ أَقْوَمُ وَيُبَشِّرُ ٱلْمُؤْمِنِينَ ٱلَّذِينَ يَعْمَلُونَ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمْ أَجْرًۭا كَبِيرًۭا ۹
නියත වශයෙන්ම මෙම කුර්ආනය (මිනිසුන්ට පැහැදිලි හා) ඉතාමත් ඍජු මාර්ගය දැනුම් දෙන්නේය. තවද විශ්වාසය තබා දැහැමි ක්රියාවන් කරන්නන්ට නියත වශයෙන්ම ඉතාමත් විශාල ඵලවිපාක ඇත යයිද ශුභාරංචි පවසන්නේය.
وَأَنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًۭا ١۰
තවද කවුරුන් පරලොව විශ්වාස නොකළෝද, ඔවුන්ට නියත වශයෙන්ම අපි ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම් පිළියෙල කර තබා ඇත්තෙමු (යයිද බිය ගන්වා අනතුරු අඟවන්නේය).
وَيَدْعُ ٱلْإِنسَٰنُ بِٱلشَّرِّ دُعَآءَهُۥ بِٱلْخَيْرِ ۖ وَكَانَ ٱلْإِنسَٰنُ عَجُولًۭا ١١
පින් ඉල්ලා ප්රාර්ථනා කරන්නාක් මෙන්ම (සමහර අවස්ථාවන්හිදී නොදැනුවත්කම නිසා) පාපයන් ඉල්ලාද ප්රාර්ථනා කරන්නේය. (මන්දයත්) මිනිසා (ස්වභාවයෙන්ම ඉවසීම බිඳී ගිය) ඉක්මන්කාරයෙකු වශයෙන්ම සිටින්නේය.
وَجَعَلْنَا ٱلَّيْلَ وَٱلنَّهَارَ ءَايَتَيْنِ ۖ فَمَحَوْنَآ ءَايَةَ ٱلَّيْلِ وَجَعَلْنَآ ءَايَةَ ٱلنَّهَارِ مُبْصِرَةًۭ لِّتَبْتَغُوا۟ فَضْلًۭا مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُوا۟ عَدَدَ ٱلسِّنِينَ وَٱلْحِسَابَ ۚ وَكُلَّ شَىْءٍۢ فَصَّلْنَٰهُ تَفْصِيلًۭا ١٢
රාත්රියද දහවලද අපි සාධකයන් දෙකක් බවට පත් කළෙමු. (එහි) රාත්රියේ සාධකය මැකී යාමට සැලැස්සුවෙමු. (විවිධ ස්ථානයන්ට ගොස්) ඔබ ඔබගේ දෙවියන්ගේ වරප්රසාදයන් සොයා ගැනීම ස`දහා දහවලේ සාධකය ආලෝකමත් කළෙමු. වර්ෂයන්හි සංඛ්යාවද, (මාසයන්හි) ගණනයද (මෙමගින්) ඔබ දැන ගැනීම සඳහාම (අපි මේ ආකාරයට සැලැස්සුවෙමු). සෑම කාරණාවක්ම පැහැදිලිවම අපි විවරණය කර ඇත්තෙමු.
وَكُلَّ إِنسَٰنٍ أَلْزَمْنَٰهُ طَٰٓئِرَهُۥ فِى عُنُقِهِۦ ۖ وَنُخْرِجُ لَهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ كِتَٰبًۭا يَلْقَىٰهُ مَنشُورًا ١۳
සෑම මිනිසෙකුගේම ක්රියාවන් ගැන (විස්තරාත්මක දෛනික) සටහන ඔහුගේ ඛෙල්ලෙහි එල්ලා ඇත්තෙමු. විනිශ්චය දිනදී එය ඔහුට එක් පුස්තකයක් මෙන් ගෙන දෙන්නෙමු. ඔහු එය දිගහැර බලනු ඇත.
ٱقْرَأْ كِتَٰبَكَ كَفَىٰ بِنَفْسِكَ ٱلْيَوْمَ عَلَيْكَ حَسِيبًۭا ١٤
(ඒ අතර ඔහුට) “අද දින ඔබගේ ගණනය බැලීමට ඔබම ප්රමාණවත්ය. එබැවින් ඔබගේ (සටහන්) පුස්තකය ඔබ කියවා බලනු” (යයි කියන්නෙමු).
مَّنِ ٱهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِى لِنَفْسِهِۦ ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۚ وَلَا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ ۗ وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبْعَثَ رَسُولًۭا ١٥
කවුරුන් ඍජු මාර්ගයෙහි යන්නේද, ඔහු තමන්ගේ හොඳටම ඍජු මාර්ගයෙහි ගමන් කරන්නේය. කවුරුන් වැරදි මාර්ගයෙහි යන්නේද, ඔහු (වැරදි මාර්ගයෙහි ගොස්) තමන්ට හානියක් කර ගන්නේය. කෙනෙකුගේ පව් බර, වෙනත් කෙනෙකු උසුළන්නේ නැත. (බිය ගන්වා අනතුරු අඟවන අපගේ) දුතයාව නොයවන තුරු අපි (කිසිවෙකුටත්) දඬුවම් කරන්නේ නැත.
وَإِذَآ أَرَدْنَآ أَن نُّهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَفِيهَا فَفَسَقُوا۟ فِيهَا فَحَقَّ عَلَيْهَا ٱلْقَوْلُ فَدَمَّرْنَٰهَا تَدْمِيرًۭا ١٦
කුමක් හෝ එක් රටක් (එම රටේ නපුරු ක්රියාවන්හි හේතුවෙන්) අපි විනාශ කර දැමීමට අදහස් කළහොත්, එහි සුවසේ ජීවත් වන්නන්ව අපි පොළඹවන්නෙමු. ඔවුන් එහි අපරාධ කිරීමට ආරම්භ කරනු ඇත. පසුව ඔවුන් කෙරෙහි අපගේ පොරොන්දුව ඇති වනු ඇත. එම රට අපි මුලින් උපුටා විනාශ කර දමන්නෙමු.
وَكَمْ أَهْلَكْنَا مِنَ ٱلْقُرُونِ مِنۢ بَعْدِ نُوحٍۢ ۗ وَكَفَىٰ بِرَبِّكَ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرًۢا بَصِيرًۭا ١۷
නූහුගෙන් පසු (ඉකුත්ව ගිය සියවස් ගණනාවකදී) අපි කොපමණදෝ සමුහයන්ව (ඔවුන්ගේ අපරාධයන්හි හේතුවෙන්) විනාශ කර ඇත්තෙමු. තම වහලූන්ගේ පාපයන් හොඳින් දන්නෙකු හා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද සිටීමට ඔබගේ දෙවියන්ම ප්රමාණවත්ය. (වෙන කිසිවෙකුගේ උදව්වක් අවශ්යය නැත).
مَّن كَانَ يُرِيدُ ٱلْعَاجِلَةَ عَجَّلْنَا لَهُۥ فِيهَا مَا نَشَآءُ لِمَن نُّرِيدُ ثُمَّ جَعَلْنَا لَهُۥ جَهَنَّمَ يَصْلَىٰهَا مَذْمُومًۭا مَّدْحُورًۭا ١۸
කවුරුන් (පරලොව ප්රතික්ෂේප කර දමා) මෙලොව පමණක් කැමති වන්නෝද, ඔවුන්ගෙන් අපි අදහස් කළ අයට, අපි කැමති දැය මෙලොවදීම ලබා දෙන්නෙමු. පසුව (පරලොවදී) නිරයම ඔවුන්ට පිළියෙල කර ඇත්තෙමු. ඔවුන් නින්දා කරනු ලැබූවන් වශයෙන්ද ශාප කරනු ලැබුවන් වශයෙන්ද එහි ඇතුළු වනු ඇත.
وَمَنْ أَرَادَ ٱلْءَاخِرَةَ وَسَعَىٰ لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌۭ فَأُو۟لَٰٓئِكَ كَانَ سَعْيُهُم مَّشْكُورًۭا ١۹
කවුරුන් පරලොව කැමති වී ඒ සඳහා ඉමහත් වූ ප්රයත්නයක්ද දරාගෙන, විශ්වාසයද තබා සිටින්නෝද, එවැන්නන්ගේ ක්රියාවන් (අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉතාමත් ආදරයෙන් යුතුව) බාර ගනු ලැබේ.
كُلًّۭا نُّمِدُّ هَٰٓؤُلَآءِ وَهَٰٓؤُلَآءِ مِنْ عَطَآءِ رَبِّكَ ۚ وَمَا كَانَ عَطَآءُ رَبِّكَ مَحْظُورًا ٢۰
(මෙලොව කැමති වන) ඔවුන්ටද (පරලොව කැමති වන) මොවුන්ටද ආදී සියල්ලන්ටම ඔබගේ දෙවියන් තමන්ගේ වරප්රසාදයන් මගින්ම උදව් කරන්නේය. ඔබගේ දෙවියන්ගේ වරප්රසාදයන් (මේ දෙදෙනාගෙන් කිසිවෙකුටත්) වළක්වා දැමුවේ නැත.
ٱنظُرْ كَيْفَ فَضَّلْنَا بَعْضَهُمْ عَلَىٰ بَعْضٍۢ ۚ وَلَلْءَاخِرَةُ أَكْبَرُ دَرَجَٰتٍۢ وَأَكْبَرُ تَفْضِيلًۭا ٢١
(නබියේ! මෙලොව ජීවිතයෙහි මොවුන්ගෙන්) සමහරෙකුව සමහරෙකු මත කෙසේ නම් උසස් කර ඇත්තේද යන්න ඔබ අවධානය කර බලනු මැනව! පරලොව (ජීවිතය) නම්, පදවීන්ගෙන්ද අති විශාලය. ගෞරවයෙන්ද කොපමණදෝ උසස්ය.
لَّا تَجْعَلْ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَقْعُدَ مَذْمُومًۭا مَّخْذُولًۭا ٢٢
(නබියේ!) අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු (සමාන) නොකරනු. (එසේ කළහොත්) ඔබ නින්දා කරනු ලබූවන් බවටද, උදව් උපකාරයක් නොමැත්තෙකු බවටද හිඳින්නෙහිය.
۞ وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّآ إِيَّاهُ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَٰنًا ۚ إِمَّا يَبْلُغَنَّ عِندَكَ ٱلْكِبَرَ أَحَدُهُمَآ أَوْ كِلَاهُمَا فَلَا تَقُل لَّهُمَآ أُفٍّۢ وَلَا تَنْهَرْهُمَا وَقُل لَّهُمَا قَوْلًۭا كَرِيمًۭا ٢۳
(නබියේ!) ඔබගේ දෙවියන් තමන්ව මිස, (වෙන කිසිවෙකුත්) නැමදිය නොයුතුය යයිද, (අණ කරනු ලැබ ඇති අතර) මව්පියන්ට කෘතඥ වනු යයි අණ කරනු ලැබ ඇත්තේය. ඔවුන්ගෙන් කෙනෙකු හෝ නැතහොත් දෙදෙනාම හෝ මහළු වියට පැමිණියා වුවද, ඔබ වෙතින් එළවා නොදමනු. ඔවුන්ව (නින්දිත අන්දමින්) චී යයි නොපැවසිය යුතුය. ඔවුන් වෙත (කුමක් පැවසුවා වුවද, උරහිස් පහත් කොට) ඉතාමත් ගෞරවාන්විතවද, (ඉතාමත් ආදරයෙන්)ද කතා කරනු.
وَٱخْفِضْ لَهُمَا جَنَاحَ ٱلذُّلِّ مِنَ ٱلرَّحْمَةِ وَقُل رَّبِّ ٱرْحَمْهُمَا كَمَا رَبَّيَانِى صَغِيرًۭا ٢٤
ඔවුන්ට ඉතාමත් ආදරයෙන් යුතුව යටහත් පහත්ව කටයුතු කරනු මැනව! තවද “මගේ දෙවියනේ! මා ළදරුවෙකු වශයෙන් සිටියදී (ඉතාමත් ආදරයෙන්) මාව ඇති දැඩි කර, පෝෂණය කළ ආකාරයටම ඔබත් ඒ දෙදෙනා මත ආදර කරුණාව ලබා දෙනු මැනව!” යයිද ඔබ ප්රාර්ථනා කරනු මැනව!
رَّبُّكُمْ أَعْلَمُ بِمَا فِى نُفُوسِكُمْ ۚ إِن تَكُونُوا۟ صَٰلِحِينَ فَإِنَّهُۥ كَانَ لِلْأَوَّٰبِينَ غَفُورًۭا ٢٥
ඔබගේ මනසෙහි ඇති දැය ඔබගේ දෙවියන්ම ඉතා හොඳින් දන්නේය. ඔබ දැහැමි ගති පැවතුම් ඇත්තවුන් වශයෙන් සිටින්නෙහු නම්, නියත වශයෙන්ම (ඔබගෙන් කවුරුන්) සමාව ඉල්ලූවා (වුවද), ඔවුන්ගේ වැරදිවලට අල්ලාහ් සමාව දෙන්නෙකු වශයෙන්ම සිටින්නේය.
وَءَاتِ ذَا ٱلْقُرْبَىٰ حَقَّهُۥ وَٱلْمِسْكِينَ وَٱبْنَ ٱلسَّبِيلِ وَلَا تُبَذِّرْ تَبْذِيرًا ٢٦
ඥාතීන්ටද, දුප්පතුන්ටද, මැඟියන්ටද, ඔවුනොවුන්ට නියමිත දැය ලබා දෙමින් සිටිනු. (වස්තුව) සීමාව ඉක්මවා පුහු වියදම් නොකරනු.
إِنَّ ٱلْمُبَذِّرِينَ كَانُوٓا۟ إِخْوَٰنَ ٱلشَّيَٰطِينِ ۖ وَكَانَ ٱلشَّيْطَٰنُ لِرَبِّهِۦ كَفُورًۭا ٢۷
මන්දයත් ප්රමාණය ඉක්මවා වියදම් කරන්නන් ෂෙයිතාන්වරුන්ගේ සහෝදරයින් වශයෙන් සිටින්නාහ. ෂෙයිතාන් නම්, තම දෙවියන්ට පවා කෘතඥ නොවී (වෙනස්කම්) කළ අයෙකි.
وَإِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ٱبْتِغَآءَ رَحْمَةٍۢ مِّن رَّبِّكَ تَرْجُوهَا فَقُل لَّهُمْ قَوْلًۭا مَّيْسُورًۭا ٢۸
(නබියේ! ඔබ වෙත වස්තූන් කිසිවක් නොමැතිව ඒ වෙනුවෙන්) ඔබ, ඔබගේ දෙවියන්ගේ වරප්රසාදයන් බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවකදී, (ඔබ වෙත කවුරුන් හෝ පැමිණ) කුමක් හෝ ඉල්ලා ඔවුන්ව ප්රතික්ෂේප කර හැරීමට සිදු වුවහොත් (ඔවුන් සමග කෝපයෙන් යුතුව කතා නොකරනු). ඉතාමත් කරුණාවන්ත වදනම ඔවුන්ට පවසනු මැනව!
وَلَا تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَىٰ عُنُقِكَ وَلَا تَبْسُطْهَا كُلَّ ٱلْبَسْطِ فَتَقْعُدَ مَلُومًۭا مَّحْسُورًا ٢۹
(ඔබගේ වස්තූන්ගෙන් කිසිවක් වියදම් නොකර) ඔබගේ අත් ඛෙල්ලෙහි පටළවා නොගනු! තවද (ඔබ වෙත ඇති දැය සියල්ල දී) ඔබගේ අත් සම්පුර්ණයෙන්ම දිගහැර නොදමනු! එමගින් ඔබ නින්දාවට ලක් වන්නෙකු වශයෙන්ද, හිස් අතින් සිටින්නෙකු වශයෙන්ද හිඳිනු ඇත.
إِنَّ رَبَّكَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرًۢا بَصِيرًۭا ۳۰
නියත වශයෙන්ම ඔබගේ දෙවියන් තමන් කැමති අයට වැඩි වැඩියෙන් විස්තීරණ කර දෙන්නේය. (තමන් කැමති අයට හකුළුවා අඩු කර) සීමා සහිතවද දෙන්නේය. මන්දයත් නියත වශයෙන්ම ඔහු තම වහලූන්ගේ (ගතිගුණ) හොඳින් දන්නෙකු වශයෙන්ද, අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද සිටින්නේය. (එබැවින් සෑම කෙනෙකු-ගේම තත්වයට සරිලන සේ ලබා දෙන්නේය).
وَلَا تَقْتُلُوٓا۟ أَوْلَٰدَكُمْ خَشْيَةَ إِمْلَٰقٍۢ ۖ نَّحْنُ نَرْزُقُهُمْ وَإِيَّاكُمْ ۚ إِنَّ قَتْلَهُمْ كَانَ خِطْـًۭٔا كَبِيرًۭا ۳١
(මිනිසුනේ!) ඔබ දරිද්රතාවයට බිය වී ඔබගේ දරුවන්ව ඝාතනය කර නොදමනු. අපි ඔවුන්ටද ආහාර ලබා දෙන්නෙමු. ඔබටත් (ලබා දෙන්නෙමු). ඔවුන්ව මරා දැමීම නියත වශයෙන්ම විශාල පාපයකි.
وَلَا تَقْرَبُوا۟ ٱلزِّنَىٰٓ ۖ إِنَّهُۥ كَانَ فَٰحِشَةًۭ وَسَآءَ سَبِيلًۭا ۳٢
(විශ්වාසවන්තයිනි!) ඔබ අපචාරයට ළං නොවනු. මන්දයත් නියත වශයෙන්ම එය අවමන් ගෙන දෙන්නක් වශයෙන්ද, නපුරු මාර්ගයක් වශයෙන්ද ඇත්තේය.
وَلَا تَقْتُلُوا۟ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلْحَقِّ ۗ وَمَن قُتِلَ مَظْلُومًۭا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِۦ سُلْطَٰنًۭا فَلَا يُسْرِف فِّى ٱلْقَتْلِ ۖ إِنَّهُۥ كَانَ مَنصُورًۭا ۳۳
(කිසිවෙකුව මරා දැමීම යුතු නැතැයි) අල්ලාහ් තහනම් කර තිබියදී ඔබ කිසිම මිනිසෙකුව අසාධාරණයේ ඝාතනය නොකරනු. කවුරුන්ව හෝ අසාධාරණයේ මරා දමනු ලැබුවහොත් (පළි ගැනීමට) ඔහුගේ උරුමක්කාරයින්ට අපි බලය පවරා ඇත්තෙමු. නමුත් (මිනී මරුවා වන ඔහුව) පළි ගැනීමෙහි සිමාව ඉක්මවා (දරුණු සේ වද දීම) නොකළ යුතුය. නියත වශයෙන්ම ඔහුට (පළි ගැනීම සඳහා) උදව් කරනු ලබන්නේය. (එනම් පළි ගැනීම සඳහා උරුමක්කාරයින්ට උදව් කළ යුතුය).
وَلَا تَقْرَبُوا۟ مَالَ ٱلْيَتِيمِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُۥ ۚ وَأَوْفُوا۟ بِٱلْعَهْدِ ۖ إِنَّ ٱلْعَهْدَ كَانَ مَسْـُٔولًۭا ۳٤
(විශ්වාසවන්තයිනි!) අනාථ දරුවන්ට තරුණ වියට පත් වන තුරු (ඔවුන්ගේ දේපළ ආරක්ෂා කරන්නන් වශයෙන් සිටින) ඔබ, සාධාරණ අන්දමට මිස, ඔවුන්ගේ දේපළවලට ළං නොවනු. (ඔබගේ) පොරොන්දුව ඔබ පරිපූරණ වශයෙන් ඉටු කරනු. මන්දයත් (පරලොවදී) පොරොන්දුව ගැන (ඔබ වෙතින් නියත වශයෙන්ම) ප්රශ්න කරනු ලැබේ.
وَأَوْفُوا۟ ٱلْكَيْلَ إِذَا كِلْتُمْ وَزِنُوا۟ بِٱلْقِسْطَاسِ ٱلْمُسْتَقِيمِ ۚ ذَٰلِكَ خَيْرٌۭ وَأَحْسَنُ تَأْوِيلًۭا ۳٥
ඔබ මැන්නහොත් පූරණ වශයෙන් මනිනු. (කිරුවහොත්) නිවැරදි බරක් මගින් කිරිනු. මෙය (ඔබට) ඉතාමත් හොඳය. ඉතාමත් අලංකාරවත් ඵලවිපාකද ලැඛෙනු ඇත.
وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ ۚ إِنَّ ٱلسَّمْعَ وَٱلْبَصَرَ وَٱلْفُؤَادَ كُلُّ أُو۟لَٰٓئِكَ كَانَ عَنْهُ مَسْـُٔولًۭا ۳٦
(නබියේ!) ඔබ නොදන්නා යම්කිසි කාරණාවක් පසුපස ඔබ නොයනු! මන්දයත් නියත වශයෙන්ම කණ්, ඇස්, හෘදය, ආදී මේ සියල්ලගෙන් (ඒ ඒ දැයගේ ක්රියාවන් ගැන විනිශ්චය දිනදී) ප්රශ්න කරනු ලැබේ.
وَلَا تَمْشِ فِى ٱلْأَرْضِ مَرَحًا ۖ إِنَّكَ لَن تَخْرِقَ ٱلْأَرْضَ وَلَن تَبْلُغَ ٱلْجِبَالَ طُولًۭا ۳۷
භූමියෙහි (ආඩම්බරයෙන්) උඞගුකමින් ඔබ කටයුතු නොකරනු. මන්දයත් නියත වශයෙන්ම භූමිය දෙකඩ කිරීමට හෝ නැතහොත් කඳු මුදුනට ඔසවන්නට හෝ ඔබට කළ නොහැකිය.
كُلُّ ذَٰلِكَ كَانَ سَيِّئُهُۥ عِندَ رَبِّكَ مَكْرُوهًۭا ۳۸
මේවා සියල්ල ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙහි පිළිකුලට ලක් කරනු ලැබූ කාරණාවන්ය.
ذَٰلِكَ مِمَّآ أَوْحَىٰٓ إِلَيْكَ رَبُّكَ مِنَ ٱلْحِكْمَةِ ۗ وَلَا تَجْعَلْ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتُلْقَىٰ فِى جَهَنَّمَ مَلُومًۭا مَّدْحُورًا ۳۹
(නබියේ!) මේවා ඔබගේ දෙවියන් විසින් ඔබට වහී මගින් දැනුම් දෙන ලද ඥානයෙන් පිරි (ඔවදන්) වන්නේය. එබැවින් අල්ලාහ් සමග වෙනත් දෙවියෙකුව (සම) නොකරනු. (එසේ කළහොත්) ඔබ නින්දා කරනු ලැබූවෙකු වශයෙන්ද, ශාප කරනු ලැබූවෙකු වශයෙන්ද නිරයට වීසි කරනු ලබන්නෙහිය.
أَفَأَصْفَىٰكُمْ رَبُّكُم بِٱلْبَنِينَ وَٱتَّخَذَ مِنَ ٱلْمَلَٰٓئِكَةِ إِنَٰثًا ۚ إِنَّكُمْ لَتَقُولُونَ قَوْلًا عَظِيمًۭا ٤۰
(මිනිසුනේ!) ඔබගේ දෙවියන් පිරිමි දරුවන්ව ඔබට පමණක් අයිති කර දී, තමන්ට ගැහැනු දරුවන් වශයෙන් මලායිකාවරුන්ව පත් කර ගත්තෙහිද? (මෙසේ පවසන) ඔබ, නියත වශයෙන්ම ඉමහත් වූ (බොරු) කියමනක්ම පවසන්නෙහුය.
وَلَقَدْ صَرَّفْنَا فِى هَٰذَا ٱلْقُرْءَانِ لِيَذَّكَّرُوا۟ وَمَا يَزِيدُهُمْ إِلَّا نُفُورًۭا ٤١
මොවුන් හොඳ වැටහීමක් ලබා ගනු පිණිස, මෙම කුර්ආනයෙහි නියත වශයෙන්ම අපි විවිධාකාර අන්දමින් (හොඳ ඔවදන්) පවසා ඇත්තෙමු. එහෙත් (මේවා සියල්ල) ඔවුන්ට පිළිකුලම මිස, (වෙන කිසිවක්) අධික කළේ නැත.
قُل لَّوْ كَانَ مَعَهُۥٓ ءَالِهَةٌۭ كَمَا يَقُولُونَ إِذًۭا لَّٱبْتَغَوْا۟ إِلَىٰ ذِى ٱلْعَرْشِ سَبِيلًۭا ٤٢
(එබැවින් නබියේ! ඔවුන්ට) ඔබ, මෙසේ පවසනු: “ඔවුන් කියන අන්දමට අල්ලාහ් සමග වෙනත් දෙවිවරුන් සිටින්නේ නම්, ඒවා අර්ෂ්හි (අල්ලාහ් වන) ඔහු දෙසට යන මාර්ගය සොයාගෙන (ඔහු වෙතම ගොස්) ඇත.
سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يَقُولُونَ عُلُوًّۭا كَبِيرًۭا ٤۳
ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. මොවුන් පවසන මෙයින් (මෙම කියමනෙන්) ඔහු ඉතාමත් ශ්රේෂ්ඨයෙකි.
تُسَبِّحُ لَهُ ٱلسَّمَٰوَٰتُ ٱلسَّبْعُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ ۚ وَإِن مِّن شَىْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِۦ وَلَٰكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ ۗ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًۭا ٤٤
අහස් හතද, භූමියද, මේවායෙහි ඇති සියල්ලද ඔහුව සුවිශුද්ධ කරමින්ම සිටින්නාහ. (මේවායෙන්) ඔහුව සුවිශුද්ධ කරමින් ප්රශංසා නොකරන කිසිවක් නැත. එහෙත් ඒවා සුවිශුද්ධ කරමින් ප්රශංසා කිරීම ඔබ දැන ගන්නේ නැත. නියත වශයෙන්ම ඔහු ඉවසිලිවන්තයෙකු හා ක්ෂමා කරන්නෙකු වශයෙන් සිටින්නේය.
وَإِذَا قَرَأْتَ ٱلْقُرْءَانَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ حِجَابًۭا مَّسْتُورًۭا ٤٥
(නබියේ!) ඔබ කුර්ආනය සමුදීරණය කිරීමට ආරම්භ කළහොත් ඔබටත්, පරලොව විශ්වාස නොකළ අයටත් අතරේ වළක්වා ගත හැකි තිරයක් ඇති කරන්නෙමු.
وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِىٓ ءَاذَانِهِمْ وَقْرًۭا ۚ وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِى ٱلْقُرْءَانِ وَحْدَهُۥ وَلَّوْا۟ عَلَىٰٓ أَدْبَٰرِهِمْ نُفُورًۭا ٤٦
තවද ඔවුන්ගේ හෘදයන්හිද, ඔවුන් එය වටහා නොගන්නා සේ තිරයක් නිර්මාණය කර, ඔවුන්ගේ කණ්ද බිහිරි කර හරින්නෙමු. ශුද්ධ වූ කුර්ආනයෙහි ඔබගේ දෙවියන් කෙනෙකු ගැනම ඔබ පවසමින් සිටියහොත් ඔවුන්ට එපා වී තමන්ගේ පිට කොන්ද (දෙසටම හැරී) යනු ඇත.
نَّحْنُ أَعْلَمُ بِمَا يَسْتَمِعُونَ بِهِۦٓ إِذْ يَسْتَمِعُونَ إِلَيْكَ وَإِذْ هُمْ نَجْوَىٰٓ إِذْ يَقُولُ ٱلظَّٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًۭا مَّسْحُورًا ٤۷
ඔවුන් ඔබට සවන් දුන්නහොත් කුමන අදහසකින් සවන් දෙන්නෝද යන්න අපි හොඳින් දන්නෙමු. ඔවුන් (තමන් තුළ) රහසින් කතා කර ගතහොත් “සූනියමෙන් මනස විකෘති වූ මිනිසෙකු මිස, (වෙන කිසිවෙකුව) ඔබ අනුගමනය කළේ නැත” යයි අපරාධකරුවන් (ඔබ ගැන) පවසන්නාහ (යන්නද අපි හොඳින් දන්නෙමු).
ٱنظُرْ كَيْفَ ضَرَبُوا۟ لَكَ ٱلْأَمْثَالَ فَضَلُّوا۟ فَلَا يَسْتَطِيعُونَ سَبِيلًۭا ٤۸
(නබියේ!) ඔබට කෙබඳු පටබැඳි නම් තබන්නේද යන්න ඔබ අවධානය කර බලනු මැනව! මොවුන් මාර්ගය වැරද ගියහ. (ඍජු) මාර්ගය අත් කර ගැනීමට මොවුන්ට නොහැක.
وَقَالُوٓا۟ أَءِذَا كُنَّا عِظَٰمًۭا وَرُفَٰتًا أَءِنَّا لَمَبْعُوثُونَ خَلْقًۭا جَدِيدًۭا ٤۹
“අපි (මරණයට පත් වී) ඇටසැකිළි බවට පත් වී, (දිරා) දූවිලි බවට පත් වීමෙන් පසු අළුත් නිර්මාණයක් වශයෙන් පණ දෙනු ලබන්නෙමුද?”යි ඔවුන් විමසන්නාහ.
۞ قُلْ كُونُوا۟ حِجَارَةً أَوْ حَدِيدًا ٥۰
(එයට නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ (දිරා පත් වී පස් බවට පත් වුනා වුවද කම් නැත). ගල් බවට හෝ යකඩ බවට හෝ පත් වනු”.
أَوْ خَلْقًۭا مِّمَّا يَكْبُرُ فِى صُدُورِكُمْ ۚ فَسَيَقُولُونَ مَن يُعِيدُنَا ۖ قُلِ ٱلَّذِى فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍۢ ۚ فَسَيُنْغِضُونَ إِلَيْكَ رُءُوسَهُمْ وَيَقُولُونَ مَتَىٰ هُوَ ۖ قُلْ عَسَىٰٓ أَن يَكُونَ قَرِيبًۭا ٥١
“නැතහොත් ඉතාමත් විශාල යයි ඔබ මනසෙහි සිතෙන වෙනත් ඕනෑම වස්තුවක් බවට පත් වනු”. (මෙසේ වෙනස් වූ) පසු “අපව කවුරුන් නම් පණ ගන්වන්නේද?”යි ඔවුන්ගේ විමසුමට, (එසේ විමසුවහොත් නබියේ! ඔබ ඔවුන්ට) “ඔබව පළමුවෙන් කවුරුන් උත්පාදනය කළේද, ඔහුම (ඔබ මරණයට පත් වූ පසුද ඔබව නැගිට්ටවනු ඇත)” යයි පවසනු. එයට ඔවුන් තමන්ගේ හිස ඔබ පැත්තට ඇල කර, “එදින කවදා (එන්නේද)?”යි විමසන්නාහ. (එයට) ඔබ (ඔවුන්ට “එය) ඉතාමත් ඉක්මනින්ද පැමිණිය හැකිය” යයි පවසනු මැනව!
يَوْمَ يَدْعُوكُمْ فَتَسْتَجِيبُونَ بِحَمْدِهِۦ وَتَظُنُّونَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلًۭا ٥٢
“(අද දින ඔබ දෙවියන්ව පිළිකුල් කළා වුවද, ඔහු) ඔබව (ප්රශ්න කිරීම සඳහා) කැඳවන දින ඔබ ඔහුව නමස්කාර කරමින්ම ඔහු වෙත පැමිණෙනු ඇත. (මරණයට පත් වීමෙන් පසු) ඉතාමත් සුළු කාලයක් මිස, රැඳී සිටියේ නැත යයිද (එදින) ඔබ සිතන්නෙහුය!”
وَقُل لِّعِبَادِى يَقُولُوا۟ ٱلَّتِى هِىَ أَحْسَنُ ۚ إِنَّ ٱلشَّيْطَٰنَ يَنزَغُ بَيْنَهُمْ ۚ إِنَّ ٱلشَّيْطَٰنَ كَانَ لِلْإِنسَٰنِ عَدُوًّۭا مُّبِينًۭا ٥۳
(නබියේ! මා හට අවනත වූ) මගේ වහලූන්ට ඔබ මෙසේ පවසනු: “ඔවුන් (එම මිනිසුන් සමග කතා කළා වුවද), කුමක් හොඳද එයම පවසනු මැනව! නියත වශයෙන්ම ෂෙයිතාන් ඔවුන් අතරේ (නරක වචන කියන සේ සලස්වා) නපුරම කරනු ඇත. (මන්දයත්) නියත වශයෙන්ම ෂෙයිතාන් මිනිසුන්ට ප්රකට සතුරෙකු වශයෙන්ම සිටින්නේය. (එබැවින් ඉතාමත් ප්රවේසමෙන් සිටිනු)”.
رَّبُّكُمْ أَعْلَمُ بِكُمْ ۖ إِن يَشَأْ يَرْحَمْكُمْ أَوْ إِن يَشَأْ يُعَذِّبْكُمْ ۚ وَمَآ أَرْسَلْنَٰكَ عَلَيْهِمْ وَكِيلًۭا ٥٤
(මිනිසුනේ!) ඔබව, ඔබගේ දෙවියන් හොඳින් දැනගෙනම සිටින්නේය. ඔහු කැමති වුවහොත් ඔබට වරප්රසාදයන් පහළ කරන්නේය. නැතහොත් ඔහු අදහස් කළහොත් ඔබට දඬුවම් කරන්නේය. එබැවින් (නබියේ!) ඔවුන්ට වගකිවයුත්තෙකු වශයෙන් අපි ඔබව යැව්වේ නැත.
وَرَبُّكَ أَعْلَمُ بِمَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَلَقَدْ فَضَّلْنَا بَعْضَ ٱلنَّبِيِّۦنَ عَلَىٰ بَعْضٍۢ ۖ وَءَاتَيْنَا دَاوُۥدَ زَبُورًۭا ٥٥
අහ්සහිද, භූමියෙහිද කුමන දැය නම් ඇත්තේද යන්න ඔබගේ දෙවියන් හොඳින් දන්නේය. නබිවරුන්ගෙන් සමහරෙකුව සමහරෙක් මත ඇත්තෙන්ම අපි උසස් කර තබා, දාවූද් (නබි)ට සබූර් නමැති ධර්මය අපි ලබා දුන්නෙමු.
قُلِ ٱدْعُوا۟ ٱلَّذِينَ زَعَمْتُم مِّن دُونِهِۦ فَلَا يَمْلِكُونَ كَشْفَ ٱلضُّرِّ عَنكُمْ وَلَا تَحْوِيلًا ٥٦
(නබියේ! සමානයන් තබා නමදින්නන්ට) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් මිස, (වෙනත් දෙවිවරුන් ඇත්තේය යයි) ඔබ අදහස් කරමින් සිටිනවා නොවෙද? ඒවා ඔබ, (ඔබගේ අමාරුකම් පහ කිරීමට) ආරාධනා කරනු. (එසේ ආරාධනා කළහොත්) ඒවා ඔබගේ කිසිම අමාරුකමක් පහ කිරීමට හෝ නැතහොත් (එය) වළක්වා හැරීමට හෝ ශක්තියක් නොමැති දැය (යන්න දැන ගන්නෙහුය)”.
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَىٰ رَبِّهِمُ ٱلْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُۥ وَيَخَافُونَ عَذَابَهُۥٓ ۚ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًۭا ٥۷
මොවුන් (දෙවියන් යයි) ආරාධනා කරන දැයද (තමන් වෙනුවෙන්) තමන්ගේ දෙවියන් වෙත මැදිහත් වී කතා කිරීමට (දෙවියන් වෙත) සමීපව සිටින්නේ කවරෙක්දැයි යන්න සොයාගෙන, ඔහුගේ දයාවම බලාපොරොත්තුවෙන් සිටිමින්, ඔහුගේ දඬුවමටද බිය වන්නාහ. මන්දයත් නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ගේ දඬුවම නම්, ඉතාමත් බිය වන්නට යුතු එකකි.
وَإِن مِّن قَرْيَةٍ إِلَّا نَحْنُ مُهْلِكُوهَا قَبْلَ يَوْمِ ٱلْقِيَٰمَةِ أَوْ مُعَذِّبُوهَا عَذَابًۭا شَدِيدًۭا ۚ كَانَ ذَٰلِكَ فِى ٱلْكِتَٰبِ مَسْطُورًۭا ٥۸
(අපරාධකාරයින් වාසය කරන) කුමන රටක් හෝ විනිශ්චය දිනට පෙර අපි විනාශ කර නොදමා හෝ නැතහොත් දරුණු දඬුවම් නොකර හෝ අත්හැර දමන්නේ නැත. මෙසේම (අප වෙත ඇති සිදුවීම් සටහන වන) ලව්හුල් මහ්ෆූල්හි සැලසුම් කර ඇත්තේය.
وَمَا مَنَعَنَآ أَن نُّرْسِلَ بِٱلْءَايَٰتِ إِلَّآ أَن كَذَّبَ بِهَا ٱلْأَوَّلُونَ ۚ وَءَاتَيْنَا ثَمُودَ ٱلنَّاقَةَ مُبْصِرَةًۭ فَظَلَمُوا۟ بِهَا ۚ وَمَا نُرْسِلُ بِٱلْءَايَٰتِ إِلَّا تَخْوِيفًۭا ٥۹
(අපි යවා ඇති සාධකයන් මොවුන්ට) පෙර විසූවන්ද බොරු කර හැරියා යන්න මිස, (මොවුන් ඉල්ලා සිටින) සාධකයන් යැවීමට වෙන කිසිම බාධාවක් නැත. (මෙයට පෙර) සමූද් නමැති ජනතාවට එක් ඔටු දෙනකු සාධකයක් වශයෙන් දී තිබුණෙමු. ඔවුන් නම්, සීමාව ඉක්මවා ගොස් ඌට හානියක් කර දැමූහ. මෙවැනි සාධකයන් සියල්ල (මිනිසුන්ට) බිය ගන්වනු පිණිස මිස, අපි යැව්වේ නැත.
وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِٱلنَّاسِ ۚ وَمَا جَعَلْنَا ٱلرُّءْيَا ٱلَّتِىٓ أَرَيْنَٰكَ إِلَّا فِتْنَةًۭ لِّلنَّاسِ وَٱلشَّجَرَةَ ٱلْمَلْعُونَةَ فِى ٱلْقُرْءَانِ ۚ وَنُخَوِّفُهُمْ فَمَا يَزِيدُهُمْ إِلَّا طُغْيَٰنًۭا كَبِيرًۭا ٦۰
(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් එම මිනිසුන්ව වට කර ගත්තේය. (ඔවුන් ඔබට හානියක් කිරීමට නොහැකි යයි) අපි ඔබට පැවසූ දැය ඔබ අවධානය කර බලනු. අපි ඔබට සිහිනෙන් පෙන්වූ සාක්ෂිය, ශාප කරන ලද ගස (එය පාපතරයින්ගේ ආහාරය යයි) කුර්ආනයෙහි අපි කියා තිබීමද, මිනිසුන්ව පිරික්සීම සඳහාම මිස, වෙන කිසිවක් නැත. (අපගේ දඬුවම ගැන විටින් විට) ඔවුන්ව බිය ගැන්වීම, නැවත (නැවතත්) ඔවුන්ගේ ඉමහත් වූ අපරාධය වැඩි කර හරින්නේය.
وَإِذْ قُلْنَا لِلْمَلَٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِءَادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ قَالَ ءَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًۭا ٦١
මලායිකාවරුන්ට “ආදම්ට සුජූද් කරනු” යයි අපි පැවසූ අවස්ථාවේදී ඉබ්ලීස් හැර (මලායිකාවරුන් සියල්ල) සුජූද් කළහ. ඔහු නම්, (මා හට) “ඔබ මැටියෙන් නිර්මාණය කළ අයට මා සුජූද් කරන්නද?”යි පැවසුවේය.
قَالَ أَرَءَيْتَكَ هَٰذَا ٱلَّذِى كَرَّمْتَ عَلَىَّ لَئِنْ أَخَّرْتَنِ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ لَأَحْتَنِكَنَّ ذُرِّيَّتَهُۥٓ إِلَّا قَلِيلًۭا ٦٢
(තවද) “මටත් වඩා ඔබ ගෞරව කළ මොහුව ඔබ අවධානය කළෙහිද?”යි (ආදම්ව ඉතාමත් පහත් ලෙස ගෙනහැර දක්වමින්) “ඔබ මාව විනිශ්චය දින දක්වා ප්රමාද කර හැරියහොත්, ඉතාමත් සුළුතරයක් හැර, මොහුගේ පරම්පරාවේ දරුවන් සියල්ලන්වම මා මාර්ගය වැරද යාමට සලස්වා (මුලින් උපුටා) හරින්නෙමි” යයි පැවසුවේය.
قَالَ ٱذْهَبْ فَمَن تَبِعَكَ مِنْهُمْ فَإِنَّ جَهَنَّمَ جَزَآؤُكُمْ جَزَآءًۭ مَّوْفُورًۭا ٦۳
(එයට දෙවියන්) “ඔබත්, ඔහුගේ පරම්පරාවේ දරුවන්ගෙන් ඔබව අනුගමනය කළ අයත්, (අපගේ සන්නිධානයෙන්) පිටමං වී යනු. ඔබට සම්පූර්ණයෙන්ම සරිලන ඵලවිපාකය නියත වශයෙන්ම නිරයයි” යයිද;
وَٱسْتَفْزِزْ مَنِ ٱسْتَطَعْتَ مِنْهُم بِصَوْتِكَ وَأَجْلِبْ عَلَيْهِم بِخَيْلِكَ وَرَجِلِكَ وَشَارِكْهُمْ فِى ٱلْأَمْوَٰلِ وَٱلْأَوْلَٰدِ وَعِدْهُمْ ۚ وَمَا يَعِدُهُمُ ٱلشَّيْطَٰنُ إِلَّا غُرُورًا ٦٤
“ඔබ, ඔබට හැකි පමණින් ශබ්ද නගා කෑගසා, ඔවුන්ව පොළඹවනු. ඔබගේ අශ්ව සේනාවන්ද, පාබල සේනාවන්ද, ඔවුන් කෙරෙහි පොළඹවා යවනු. ඔවුන්ගේ වස්තූන්ගෙන්ද, පරම්පරාවේ දරුවන් වෙතද, ඔබ එක්කාසු වී සිටිමින් ඔවුන්ට (ලාභයද, බියද, පෙන්වා) පොරොන්දු දෙනු” යයිද පැවසුවේය. එබැවින් ෂෙයිතාන් ඔවුන්ට පොරොන්දු දෙන්නේ පුහු බොරුවම මිස, වෙන කිසිවක් නැත.
إِنَّ عِبَادِى لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَٰنٌۭ ۚ وَكَفَىٰ بِرَبِّكَ وَكِيلًۭا ٦٥
“නියත වශයෙන්ම මගේ හොඳ වහලූන් මත (ඕ ෂෙයිතාන්!) ඔබට කිසිම බලයක් නැත” (යයිද පැවසුවේය. එබැවින් ඔවුන්ව) බේරා ගැනීමට ඔබගේ දෙවියන්ම ප්රමාණවත්ය”.
رَّبُّكُمُ ٱلَّذِى يُزْجِى لَكُمُ ٱلْفُلْكَ فِى ٱلْبَحْرِ لِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦٓ ۚ إِنَّهُۥ كَانَ بِكُمْ رَحِيمًۭا ٦٦
(මිනිසුනේ! මුහුදෙහි ඔබ යාත්රා කරන විට), ඔබගේ දෙවියන්ම ඔබ වෙනුවෙන් මුහුදෙහි නැව යාත්රා කිරීමට සලස්වන්නේය. (එමගින් විවිධ රටවල්වලට ගොස්) ඔහුගේ වරප්රසාදයන් ඔබ සොයා ගන්නෙහුය. නියත වශයෙන්ම ඔහු ඔබ කෙරෙහි දයාබරව සිටින්නේය.
وَإِذَا مَسَّكُمُ ٱلضُّرُّ فِى ٱلْبَحْرِ ضَلَّ مَن تَدْعُونَ إِلَّآ إِيَّاهُ ۖ فَلَمَّا نَجَّىٰكُمْ إِلَى ٱلْبَرِّ أَعْرَضْتُمْ ۚ وَكَانَ ٱلْإِنسَٰنُ كَفُورًا ٦۷
ඔබට මුහුදෙහි (යම්කිසි) විපතක් සිදු වන අවස්ථාවේදී අල්ලාහ් හැර, ඔබ (දෙවියන් යයි) ඔබ ආරාධනා කරමින් සිටින සියල්ල සැඟවී යන්නේය. (ඔහු කෙනෙකුම ඔබව බේරා ගන්නේය). ඔහු ඔබව වෙරළට ගෙනැවිත් සේන්දු කර, බේරා ගත්තේ නම්, (ඔහුව) ඔබ ප්රතික්ෂේප කර හරින්නෙහුය! මිනිසා ඉමහත් කෙළෙහිගුණ නොදන්නෙකි.
أَفَأَمِنتُمْ أَن يَخْسِفَ بِكُمْ جَانِبَ ٱلْبَرِّ أَوْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًۭا ثُمَّ لَا تَجِدُوا۟ لَكُمْ وَكِيلًا ٦۸
(වෙරළට සේන්දු වූ) ඔබව භූමිය ගිල නොදමනු ඇත යයි හෝ නැතහොත් ඔබ කෙරෙහි ගල් වරුසාවක් නොවසිනු ඇත යයි හෝ ඔබ නොබිය වූ අය බවට පත් වූවෙහුද? (එසේ සිදු වුවහොත්) ඔබට උදව් කරන්නන් කිසිවෙකුවත් ඔබ නොදකින්නෙහුය.
أَمْ أَمِنتُمْ أَن يُعِيدَكُمْ فِيهِ تَارَةً أُخْرَىٰ فَيُرْسِلَ عَلَيْكُمْ قَاصِفًۭا مِّنَ ٱلرِّيحِ فَيُغْرِقَكُم بِمَا كَفَرْتُمْ ۙ ثُمَّ لَا تَجِدُوا۟ لَكُمْ عَلَيْنَا بِهِۦ تَبِيعًۭا ٦۹
නැතහොත් වෙනත් වාරයකදී ඔබව මුහුදෙහි ගෙන ගොස් දරුණු සුළි සුළං ඔබ කෙරෙහි හැමීමට සලස්වා, ඔබගේ ගුණමකු වීමේ හේතුවෙන් ඔබව ගිල්වා නොදමනු ඇතැයි ඔබ නොබිය වූ අය බවට පත් වූවෙහුද? (ඒ අතර) ඔබ වෙනුවෙන් (මැදිහත්ව කතා කර) අපට චෝදනා කරන්නන් කිසිවෙකුත් ඔබ නොදකින්නෙහුය.
۞ وَلَقَدْ كَرَّمْنَا بَنِىٓ ءَادَمَ وَحَمَلْنَٰهُمْ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ وَرَزَقْنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلْنَٰهُمْ عَلَىٰ كَثِيرٍۢ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلًۭا ۷۰
ආදම්ගේ පරම්පරාවේ දරුවන්ව නියත වශයෙන්ම අපි ගෞරව කළෙමු. වෙරළෙහි (වාහනයන් මතද), මුහුදෙහි (නැව් මතද) අපිම ඔවුන්ව උසුළාගෙන (යාමට) සලස්වන්නෙමු. හොඳ ආහාරයන්ද අපිම ඔවුන්ට ලබා දෙන්නෙමු. අපි උත්පාදනය කළ (වෙනත් ජීවීන්ගෙන්) බොහොමයක් කෙරෙහි (සාමාන්යයෙන්) අපි ඔවුන්ව ඉතාමත් උසස් කර ඇත්තෙමු.
يَوْمَ نَدْعُوا۟ كُلَّ أُنَاسٍۭ بِإِمَٰمِهِمْ ۖ فَمَنْ أُوتِىَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَأُو۟لَٰٓئِكَ يَقْرَءُونَ كِتَٰبَهُمْ وَلَا يُظْلَمُونَ فَتِيلًۭا ۷١
සෑම මිනිසෙකුවම ඔවුන්ගේ ප්රධානීන් සමග (ප්රශ්න කිරීම සඳහා) අපි ආරාධනා කරන දිනදී ඔවුන්ගේ (දෛනික සටහන්) පොත කවුරුන්ගේ දකුණතෙහි දෙනු ලබන්නේද, ඔවුන් තමන්ගේ එම (දෛනික සටහන්) පොත, (ඉතාමත් සතුටින්) කියවනු ඇත. (ඔවුන්ගේ ඵලවිපාකයන්හි) එක් අනු ප්රමාණයකින්වත් (අඩු කර) අපරාධයක් කරනු නොලබන්නාහ.
وَمَن كَانَ فِى هَٰذِهِۦٓ أَعْمَىٰ فَهُوَ فِى ٱلْءَاخِرَةِ أَعْمَىٰ وَأَضَلُّ سَبِيلًۭا ۷٢
කවුරුන් මෙලොවදී (ඍජු මාර්ගය නොදැක) අන්ධයින් බවට පත් වූවෙහුද, ඔවුන් පරලොවදීද අන්ධයින්ය! එබැවින් ඔවුන් මාර්ගය වැරද යනු ඇත.
وَإِن كَادُوا۟ لَيَفْتِنُونَكَ عَنِ ٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ لِتَفْتَرِىَ عَلَيْنَا غَيْرَهُۥ ۖ وَإِذًۭا لَّٱتَّخَذُوكَ خَلِيلًۭا ۷۳
නියත වශයෙන් අපි ඔබට වහී මගින් දැනුම් දුන් දැය, අත්හැර (දමා) එය නොවන දැය, අප මත ඔබ බොරුවට ගොතා මනක්කල්පිතව කියන මෙන් ඔබව ඔවුන් හරවා දැමීමටම සිටියහ. ඒසේ ඔබ කළෙහි නම්, ඔබව ඔවුන් (තමන්ගේ) මිතුරෙකු වශයෙන්ද ගෙන ඇත.
وَلَوْلَآ أَن ثَبَّتْنَٰكَ لَقَدْ كِدتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيْـًۭٔا قَلِيلًا ۷٤
ඔබව අපි ස්ථීර කර නොතැබුවේ නම්, ඔබ පොඩියක් හෝ ඔවුන් දෙසට ඇල වන්නට ඉඩ තිබුණි.
إِذًۭا لَّأَذَقْنَٰكَ ضِعْفَ ٱلْحَيَوٰةِ وَضِعْفَ ٱلْمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيْنَا نَصِيرًۭا ۷٥
එසේ ඔබ ඇල වී තිබුණේ නම්, ඔබ ජීවත්ව සිටියදීද, ඔබ මරණයට පත් වූ පසුද, දෙගුණයක් (දඬුවම්) විඳීමට සලස්වා ඇත්තෙමු. ඉන් පසුව අපට එරෙහිව ඔබට උදව් කරන්නන් කිසිවෙකුත් ඔබ දකින්නේ නැත.
وَإِن كَادُوا۟ لَيَسْتَفِزُّونَكَ مِنَ ٱلْأَرْضِ لِيُخْرِجُوكَ مِنْهَا ۖ وَإِذًۭا لَّا يَلْبَثُونَ خِلَٰفَكَ إِلَّا قَلِيلًۭا ۷٦
(නබියේ! ඔබගේ) රටෙන් ඔබගේ පය ලිස්සා යාමට සලස්වා එයින් ඔබව පිටමං කිරීමටම ඔවුන් තීරණය කර සිටියහ. එසේ ඔවුන් කර තිබුණේ නම්, ඔබගෙන් පසු ඉතාමත් සුළු දින ගණනාවක් මිස, එහි නොසිටින්නෙහුය.
سُنَّةَ مَن قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِن رُّسُلِنَا ۖ وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحْوِيلًا ۷۷
ඔබට පෙර මා යැවූ දූතයින්ටද (මෙයම) පුරුද්දක් වශයෙන් තිබුණි. අපගේ (එම) පුරුද්දෙහි ඔබ කිසිම වෙනසක් නොදකින්නෙහිය.
أَقِمِ ٱلصَّلَوٰةَ لِدُلُوكِ ٱلشَّمْسِ إِلَىٰ غَسَقِ ٱلَّيْلِ وَقُرْءَانَ ٱلْفَجْرِ ۖ إِنَّ قُرْءَانَ ٱلْفَجْرِ كَانَ مَشْهُودًۭا ۷۸
(නබියේ!) සූර්යයා අවරට බැස යාමෙන් රාත්රියේ කළුවර වට කර ගන්නා තෙක් (ලූහර්, අසර්, මග්රිබ්, ඉෂා ආදී කාලයන්හි) සලාතයන් ඉටු කරමින් සිටිනු. ෆජ්ර් සලාතයද සලාත් කරමින් සිටිනු. කුර්ආනයද කියවනු. (මන්දයත්) නියත වශයෙන්ම ෆජ්ර් සලාතය හා කුර්ආනය කියවීම මගින් නම්, (හෘදයන්හි ආලෝකයද), ශාන්තියද ඇති කරන්නේය.
وَمِنَ ٱلَّيْلِ فَتَهَجَّدْ بِهِۦ نَافِلَةًۭ لَّكَ عَسَىٰٓ أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًۭا مَّحْمُودًۭا ۷۹
තහජ්ජත් සලාතය (එය ඔබ කෙරෙහි අනිවාර්යය නොකර තිබුණද, ඔබ නෆීල් වශයෙන් රාත්රියෙහි එක් (සුළු) කොටසකදී සලාත් කරමින් සිටිනු මැනව! (මෙයින් ලැඛෙණ භාග්යයෙන් මකාමේ මහ්මූද් නමැති) ඉතාමත් උතුම් ස්ථානයක ඔබගේ දෙවියන් ඔබව හිඳීමට සලස්වනු ඇත.
وَقُل رَّبِّ أَدْخِلْنِى مُدْخَلَ صِدْقٍۢ وَأَخْرِجْنِى مُخْرَجَ صِدْقٍۢ وَٱجْعَل لِّى مِن لَّدُنكَ سُلْطَٰنًۭا نَّصِيرًۭا ۸۰
තවද “මගේ දෙවියනේ! මාව (මදීනාවෙහි ඇතුළු කළ යුතුය යයි ඔබ අදහස් කළහොත්) හොඳ අන්දමින්ම ඇතුළු වීමට සලස්වනු (මැනව!) (මක්කාවේ සිට මාව පිටමං කළ යුතුය යයි ඔබ අදහස් කළහොත්) හොඳ අන්දමින්ම මාව පිටත් වන්නට සලස්වනු (මැනව!) ඔබ සන්නිධානයේ ඇති ජයග්රහණයක් ඔබ මා හට උදව්වක් වශයෙන් ලබා දෙනු මැනව!” යයි (නබියේ!) ඔබ ප්රාර්ථනා කරනු මැනව!
وَقُلْ جَآءَ ٱلْحَقُّ وَزَهَقَ ٱلْبَٰطِلُ ۚ إِنَّ ٱلْبَٰطِلَ كَانَ زَهُوقًۭا ۸١
තවද “සත්යය පැමිණ ඇත. අසත්යය සැඟවී ගියේය. නියත වශයෙන්ම අසත්යය අනිවාර්යයෙන්ම විනාශ වී යනු ඇත” යයිද පවසනු මැනව!
وَنُنَزِّلُ مِنَ ٱلْقُرْءَانِ مَا هُوَ شِفَآءٌۭ وَرَحْمَةٌۭ لِّلْمُؤْمِنِينَ ۙ وَلَا يَزِيدُ ٱلظَّٰلِمِينَ إِلَّا خَسَارًۭا ۸٢
විශ්වාසය තැබූවන්ට වරප්රසාදයක් වශයෙන්ද, පිලියමක් වශයෙන්ද ඇති දැයම මෙම ශුද්ධ වූ කුර්ආනයෙහි අපි පහළ කර ඇත්තෙමු. එහෙත් අපරාධකරුවන්ට නම්, (මෙය) පාඩුවක්ම මිස, (වෙන කිසිවක්) වැඩි කරන්නේ නැත.
وَإِذَآ أَنْعَمْنَا عَلَى ٱلْإِنسَٰنِ أَعْرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ ۖ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ كَانَ يَـُٔوسًۭا ۸۳
අපි මිනිසුන්ට දයාව පහළ කළහොත්, (එයට ඔහු කෘතඥ වීම වෙනුවට අපව) ප්රතික්ෂේප කර, මුහුණ හරවා ගන්නේය. ඔහුව (යම්කිසි) විපතක් අල්ලා ගතහොත් නම්, විශ්වාසය බිඳී යන්නේය.
قُلْ كُلٌّۭ يَعْمَلُ عَلَىٰ شَاكِلَتِهِۦ فَرَبُّكُمْ أَعْلَمُ بِمَنْ هُوَ أَهْدَىٰ سَبِيلًۭا ۸٤
(එබැවින් නබියේ!) ඔබ මෙසේ පවසනු: සෑම මිනිසෙකුම (හොඳක් යයි) තමන්ට සිතට නැගෙන දැයම කරන්නේය. එබැවින් ඍජු මාර්ගයෙහි යන්නා කවුරුන්ද යන්නද ඔබගේ දෙවියන්ම හොඳින් දන්නේය.
وَيَسْـَٔلُونَكَ عَنِ ٱلرُّوحِ ۖ قُلِ ٱلرُّوحُ مِنْ أَمْرِ رَبِّى وَمَآ أُوتِيتُم مِّنَ ٱلْعِلْمِ إِلَّا قَلِيلًۭا ۸٥
(නබියේ!) රූහ් ගැන (යුදෙව්වන් වන) ඔවුන් ඔබගෙන් විමසන්නාහ. එයට ඔබ “එය අපගේ දෙවියන්ගේ නියෝගයෙන් ඇති වන්නකි. (ඒ ගැන) ඉතාමත් අල්ප ඥානයක් මිස, ඔබට දෙනු ලැබුවේ නැත. (එබැවින් එහි ගැඹුරු අදහස ඔබට දැන ගැනීමට නොහැකිය)” යයි පවසනු මැනව!
وَلَئِن شِئْنَا لَنَذْهَبَنَّ بِٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ ثُمَّ لَا تَجِدُ لَكَ بِهِۦ عَلَيْنَا وَكِيلًا ۸٦
(නබියේ!) අපි අදහස් කළහොත් වහී මගින් ඔබට දැනුම් දුන් කුර්ආනය (වන) මෙය, (ඔබගෙන්) පහ කර හරින්නෙමු. පසුව (මෙය ඔබ වෙත ගෙන ඒමට) අපට එරෙහිව ඔබට උදව් කිරීමට කිසිවෙකු නොදකින්නෙහිය.
إِلَّا رَحْمَةًۭ مِّن رَّبِّكَ ۚ إِنَّ فَضْلَهُۥ كَانَ عَلَيْكَ كَبِيرًۭا ۸۷
නමුත් ඔබගේ දෙවියන්ගේ දයාවේ හේතුවෙන්ම (එසේ සිදු නොවී ඇත්තේය). නියත වශයෙන්ම ඔබ කෙරෙහි ඔහුගේ වරප්රසාදයන් ඉතාමත් විශාල වශයෙන්ම ඇත්තේය.
قُل لَّئِنِ ٱجْتَمَعَتِ ٱلْإِنسُ وَٱلْجِنُّ عَلَىٰٓ أَن يَأْتُوا۟ بِمِثْلِ هَٰذَا ٱلْقُرْءَانِ لَا يَأْتُونَ بِمِثْلِهِۦ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍۢ ظَهِيرًۭا ۸۸
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මිනිසුන්ද, ජින්වරුන්ද, එක්කාසු වී මෙවැනි කුර්ආනයක් ගෙන ඒමට උත්සාහ කර, ඔවුන්ගෙන් සමහරෙක් සමහරෙකුට උදව්වට සිටියා වුවද, මෙවැන්නක් ඔවුන් විසින් (කළ) නොහැකිය.
وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِى هَٰذَا ٱلْقُرْءَانِ مِن كُلِّ مَثَلٍۢ فَأَبَىٰٓ أَكْثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورًۭا ۸۹
මෙම කුර්ආනයෙහි සියලූ උපමාවන් මිනිසුන්ට අපි (නැවත නැවතත්) විවරණය කර පවසා ඇත්තෙමු. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු මෙය ප්රතික්ෂේප නොකර සිටියේ නැත.
وَقَالُوا۟ لَن نُّؤْمِنَ لَكَ حَتَّىٰ تَفْجُرَ لَنَا مِنَ ٱلْأَرْضِ يَنۢبُوعًا ۹۰
(නබියේ!) “මෙම භූමියෙන් එක් උල්පතක් අප වෙනුවෙන් ඉකුත් වුවහොත් මිස, අපි ඔබව විශ්වාස කරන්නේ නැත” යයි ඔවුන් පවසන්නාහ.
أَوْ تَكُونَ لَكَ جَنَّةٌۭ مِّن نَّخِيلٍۢ وَعِنَبٍۢ فَتُفَجِّرَ ٱلْأَنْهَٰرَ خِلَٰلَهَا تَفْجِيرًا ۹١
“නැතහොත් මධ්යයෙහි සදාකල් ගලා බසින්නට හැකි දිය දහරාවලින් යුත් හා මිදි, ඉඳි (ගස්වලින්) පිරි උයනක් ඔබට තිබුණහොත් මිස, (ඔබව විශ්වාස කරන්නේ නැත” යයිද පවසන්නාහ).
أَوْ تُسْقِطَ ٱلسَّمَآءَ كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِىَ بِٱللَّهِ وَٱلْمَلَٰٓئِكَةِ قَبِيلًا ۹٢
“නැතහොත් ඔබ අදහස් කරන ආකාරයට අහස කඩා වැටී, එයින් කැබැල්ලක් අපගේ (හිස) මත වැටුනොත් මිස හෝ නැතහොත් අල්ලාහ්වද මලායිකාවරුන්වද අප ඉදිරියේ ගෙනාවොත් මිස, (ඔබව අපි විශ්වාස කරන්නේ නැත” යයිද පවසන්නාහ).
أَوْ يَكُونَ لَكَ بَيْتٌۭ مِّن زُخْرُفٍ أَوْ تَرْقَىٰ فِى ٱلسَّمَآءِ وَلَن نُّؤْمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيْنَا كِتَٰبًۭا نَّقْرَؤُهُۥ ۗ قُلْ سُبْحَانَ رَبِّى هَلْ كُنتُ إِلَّا بَشَرًۭا رَّسُولًۭا ۹۳
“නැතහොත් (ඉතා අලංකාරවත්) රත්රන්වලින් නිමවුණු මාලිගාවක් ඔබට තිබුණහොත් මිස, (අපි ඔබව විශ්වාස නොකරමු). නැතහොත් ඔබ අහස මත නැග ගත්තා වුවද, (අපි කැමති වන ආකාරයට එක් ධර්මයක් ඔබ පහළ කළහොත් මිස, එහි) ඔබ නැග ගැනීම ගැන අපි විශ්වාස නොකරමු. අපි සමුදීරණය කළ හැකි එක් ධර්මයක් ඔබ (ඍජුවම) පහළ නොකරන තෙක් (ඔබ අහසට නැගීමද විශ්වාස නොකරමු” යයිද පවසන්නාහ. එයට) ඔබ මෙසේ පවසනු: “මගේ දෙවියන් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. මා (ඔබ මෙන්) එක් මිනිසෙකි. එහෙත් (ඔහු විසින් යවන ලද) එක් දූතයෙකු යන්න මිස, මා වෙන කිසිවෙක් වන්නේද?”
وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤْمِنُوٓا۟ إِذْ جَآءَهُمُ ٱلْهُدَىٰٓ إِلَّآ أَن قَالُوٓا۟ أَبَعَثَ ٱللَّهُ بَشَرًۭا رَّسُولًۭا ۹٤
මිනිසුන් වෙත ඍජු මාර්ගය පැමිණි අවස්ථාවේදී “අල්ලාහ් එක් මිනිසෙකුවද (තම) දූතයා වශයෙන් යැවුවේ? යයි කීම මිස, ඔවුන් විශ්වාසය තැබීම වළක්වා හැරීමට කිසිම දැයක් නැත”.
قُل لَّوْ كَانَ فِى ٱلْأَرْضِ مَلَٰٓئِكَةٌۭ يَمْشُونَ مُطْمَئِنِّينَ لَنَزَّلْنَا عَلَيْهِم مِّنَ ٱلسَّمَآءِ مَلَكًۭا رَّسُولًۭا ۹٥
(එයට) ඔබ මෙසේ පවසනු: “භූමියෙහි මලායිකාවරුන්ම වාසය කර, (එහි) ඔවුන් සමාදානයෙන් සැරිසරමින් සිටියේ නම්, අපිත් අහසින් එක් මලායිකාවරයෙක්ම (අපගේ) දූතයා වශයෙන් ඔවුන් වෙත යවා ඇත්තෙමු. (එහෙත් ඔවුන් මිනිසුන් වශයෙන් සිටින බැවින් එක් මිනිසෙකුම ඔවුන්ට දූතයා වශයෙන් යැව්වෙමු)”
قُلْ كَفَىٰ بِٱللَّهِ شَهِيدًۢا بَيْنِى وَبَيْنَكُمْ ۚ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرًۢا بَصِيرًۭا ۹٦
(නැවතත්) ඔබ මෙසේද පවසනු: “මටත් ඔබටත් අතරේ අල්ලාහ් එක්කෙනෙකුම ප්රමාණවත් සාක්ෂියක් වශයෙන් සිටින්නේය. මන්දයත් නියත වශයෙන්ම ඔහුම තම වහලූන්ව හොඳින් දන්නෙකු හා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය”.
وَمَن يَهْدِ ٱللَّهُ فَهُوَ ٱلْمُهْتَدِ ۖ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُمْ أَوْلِيَآءَ مِن دُونِهِۦ ۖ وَنَحْشُرُهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ عَلَىٰ وُجُوهِهِمْ عُمْيًۭا وَبُكْمًۭا وَصُمًّۭا ۖ مَّأْوَىٰهُمْ جَهَنَّمُ ۖ كُلَّمَا خَبَتْ زِدْنَٰهُمْ سَعِيرًۭا ۹۷
කවුරුන්ව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේද, ඔවුන්ම ඍජු මාර්ගය අත් කර ගන්නාහ. කවුරුන්ව (අල්ලාහ්) වැරදි මාර්ගයෙහි අත්හැර දමන්නෝද, එවැන්නන්ට ඔහු හැර උදව් කරන්නන් කිසිවෙකු ඔබ නොදකින්නෙහිය. තවද විනිශ්චය දිනදී ඔවුන්ව අන්ධයින් වශයෙන්ද, ගොළුවන් වශයෙන්ද, බිහිරන් වශයෙන්ද, (පත් කර) ඔවුන් තමන්ගේ මුණින් වැටී බඩගාමින් එන්නට (සලස්වා), ඔවුන්ව ඒකරාශී කරන්නෙමු. ඔවුන් රැඳී සිටින ස්ථානය නිරයයි. ඔවුන්ට අපි (නිරයෙහි අධික උෂණත්වය) අඩු වන සෑම විටම, දළු ලා දැවෙන සේ නැවතත් අධික කරන්නෙමු.
ذَٰلِكَ جَزَآؤُهُم بِأَنَّهُمْ كَفَرُوا۟ بِـَٔايَٰتِنَا وَقَالُوٓا۟ أَءِذَا كُنَّا عِظَٰمًۭا وَرُفَٰتًا أَءِنَّا لَمَبْعُوثُونَ خَلْقًۭا جَدِيدًا ۹۸
ඔවුන් අපගේ ආයාවන් ප්රතික්ෂේප කර දැමූ අතර “අපි (මරණයට පත් වී) ඇටසැකිළි බවටද, දිරා පත් වී පස් බවටද, පත් වූ පසු, ඇත්තෙන්ම අළුත් උත්පාදනයක් වශයෙන් අපි නැගිට්ටවනු ලබන්නෙමුද?” යයිද කියමින් සිටීමම මෙවැනි (දරුණු) දඬුවම ඔවුන්ට අත් වීමට අයත් හේතුවයි.
۞ أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ قَادِرٌ عَلَىٰٓ أَن يَخْلُقَ مِثْلَهُمْ وَجَعَلَ لَهُمْ أَجَلًۭا لَّا رَيْبَ فِيهِ فَأَبَى ٱلظَّٰلِمُونَ إِلَّا كُفُورًۭا ۹۹
නියත වශයෙන්ම අහස්ද, භූමියද නිර්මාණය කළ අල්ලාහ් (නැවත වරක් කළින් තිබුනාක් මෙන්) ඔවුන් මෙන්ම උත්පාදනය කිරීමට බලසම්පන්නයෙකු යන්න ඔවුන් දැන ගත්තේ නැද්ද? (මේ වෙනුවෙන්) ඔවුන්ට එක් කාල අවකාශයක් ඇති කර ඇත්තේය. එහි කිසිම සැකයක් නැත. (මෙසේ තිබියදී) මෙම අපරාධකාරයින් මෙය ප්රතික්ෂේප නොකර සිටින්නේ නැත.
قُل لَّوْ أَنتُمْ تَمْلِكُونَ خَزَآئِنَ رَحْمَةِ رَبِّىٓ إِذًۭا لَّأَمْسَكْتُمْ خَشْيَةَ ٱلْإِنفَاقِ ۚ وَكَانَ ٱلْإِنسَٰنُ قَتُورًۭا ١۰۰
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මගේ දෙවියන්ගේ වරප්රසාද නිධානයන්ට ඔබම උරුමක්කාරයින් වශයෙන් සිටියදී වුවද, එය වියදම් වී යනු ඇතැයි බියෙන් (කිසිවෙකුටත් කිසිම දැයක් නොදී) ඔබ වැළකී සිටින්නෙහුය. මිනිසා ඉමහත් මසුරෙකු වශයෙන් සිටින්නේය”.
وَلَقَدْ ءَاتَيْنَا مُوسَىٰ تِسْعَ ءَايَٰتٍۭ بَيِّنَٰتٍۢ ۖ فَسْـَٔلْ بَنِىٓ إِسْرَٰٓءِيلَ إِذْ جَآءَهُمْ فَقَالَ لَهُۥ فِرْعَوْنُ إِنِّى لَأَظُنُّكَ يَٰمُوسَىٰ مَسْحُورًۭا ١۰١
නියත වශයෙන්ම අපි මූසාට පැහැදිලි ප්රාතිහාර්යයන් නවයක් දී ඇත්තෙමු. (නබියේ! මේ ගැන) ඔබ ඉස්රායීල පරම්පරාවේ දරුවන්ගෙන් විමසා (දැන ගනු මැනව!) (මූසා) ඔවුන් වෙත පැමිණි විට, ෆිර්අවුන් ඔහුට “ඕ මූසා! නියත වශයෙන්ම ඔබ සූනියමෙන් මනස විකෘති වූවෙකු යයි මා ඔබව ගණන් ගන්නෙමි” යයි කීවේය.
قَالَ لَقَدْ عَلِمْتَ مَآ أَنزَلَ هَٰٓؤُلَآءِ إِلَّا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ بَصَآئِرَ وَإِنِّى لَأَظُنُّكَ يَٰفِرْعَوْنُ مَثْبُورًۭا ١۰٢
එයට මූසා (ඔහුට) “අහස්ද, භූමියද නිර්මාණය කළ දෙවියන්ම මෙම සාධකයන් (ඔබට) පාඩමක් වශයෙන් පහළ කර ඇත්තේය යන්න නියත වශයෙන්ම ඔබ දන්නෙහිය. ඕ ෆිර්අවුන්! ඔබ නියත වශයෙන්ම විනාශ මුඛයටම ළං වන්නේය යයි මා අදහස් කරන්නෙමි” යයි පැවසුවේය.
فَأَرَادَ أَن يَسْتَفِزَّهُم مِّنَ ٱلْأَرْضِ فَأَغْرَقْنَٰهُ وَمَن مَّعَهُۥ جَمِيعًۭا ١۰۳
(එයට මූසාවද, ඔහුගේ ජනතාව) සියල්ලද තම රටින් පිටුවහල් කිරීමටම ඔහු අදහස් කළේය. එහෙත් (ඒ අතර) ඔහුවද, ඔහු සමග සිටි (ඔහුගේ ජනතාව) සියල්ලද අපි ගිල්වා දැමුවෙමු.
وَقُلْنَا مِنۢ بَعْدِهِۦ لِبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱسْكُنُوا۟ ٱلْأَرْضَ فَإِذَا جَآءَ وَعْدُ ٱلْءَاخِرَةِ جِئْنَا بِكُمْ لَفِيفًۭا ١۰٤
ඉන් පසුව ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට අපි මෙසේ පැවසුවෙමු: “ඔබ මෙම භූමියෙහි වාසය කරනු. විනිශ්චය දින පොරොන්දුව පැමිණියහොත් ඔබ සියල්ලන්වම (ප්රශ්න කිරීම) සඳහා අප වෙත ගෙන එනු ලැබ, ඒකරාශී කරමු”.
وَبِٱلْحَقِّ أَنزَلْنَٰهُ وَبِٱلْحَقِّ نَزَلَ ۗ وَمَآ أَرْسَلْنَٰكَ إِلَّا مُبَشِّرًۭا وَنَذِيرًۭا ١۰٥
සම්පූර්ණයෙන්ම ඔබ මගින්ම මෙම ධර්මය අපි පහළ කළෙමු. එයත් සත්යය මගින්ම පහළ විය. (නබියේ!) අපි ඔබව ශුභාරංචි පවසන්නෙකු වශයෙන්ද, බිය ගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ද මිස, යැව්වේ නැත.
وَقُرْءَانًۭا فَرَقْنَٰهُ لِتَقْرَأَهُۥ عَلَى ٱلنَّاسِ عَلَىٰ مُكْثٍۢ وَنَزَّلْنَٰهُ تَنزِيلًۭا ١۰٦
මිනිසුන්ට ඔබ ටිකෙන් ටික සමුදීරණය කර පෙන්වීම පිණිස, මෙම කුර්ආනය විවිධ කොටස් වශයෙන් අපි වෙන් කළෙමු. ඒ සඳහාම අපි මෙය ටිකෙන් ටික පහළ කළෙමු.
قُلْ ءَامِنُوا۟ بِهِۦٓ أَوْ لَا تُؤْمِنُوٓا۟ ۚ إِنَّ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ مِن قَبْلِهِۦٓ إِذَا يُتْلَىٰ عَلَيْهِمْ يَخِرُّونَ لِلْأَذْقَانِ سُجَّدًۭا ١۰۷
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “(කුර්ආනය වන) මෙය, ඔබ විශ්වාස කරනු. නැතහොත් විශ්වාස නොකර සිටිනු. (ඒ ගැන අපට කිසිම අඩු පාඩුවක් නැත)”. නියත වශයෙන්ම මීට පෙර (ධර්මයන්හි සත්ය) ඥානය කවුරුන් හට ලබා දී තිබුනේද, ඔවුන් වෙත (මෙම ධර්මය) සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත් ඔවුන් (මෙය විශ්වාස කර) මුණින් අතට වැටී (මා හට) සුජූද් කරන්නාහ.
وَيَقُولُونَ سُبْحَٰنَ رَبِّنَآ إِن كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُولًۭا ١۰۸
තවද ඔවුන් “අපගේ දෙවියන් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. අපගේ දෙවියන්ගේ පොරොන්දුව නියත වශයෙන්ම ඉටු වී ගියේය” යයිද පවසන්නාහ.
وَيَخِرُّونَ لِلْأَذْقَانِ يَبْكُونَ وَيَزِيدُهُمْ خُشُوعًۭا ۩ ١۰۹
තවද ඔවුන් මුණින් අතට වැටී හඞනු ඇත. ඔවුන්ගේ අභ්යන්තර බියද වැඩි වනු ඇත.
قُلِ ٱدْعُوا۟ ٱللَّهَ أَوِ ٱدْعُوا۟ ٱلرَّحْمَٰنَ ۖ أَيًّۭا مَّا تَدْعُوا۟ فَلَهُ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ ۚ وَلَا تَجْهَرْ بِصَلَاتِكَ وَلَا تُخَافِتْ بِهَا وَٱبْتَغِ بَيْنَ ذَٰلِكَ سَبِيلًۭا ١١۰
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ අල්ලාහ් යයි ආරාධනා කරනු. නැතහොත් රහ්මාන් යයි ආරාධනා කරනු. (මේ දෙකෙන්) කුමන නමකින් ඔබ ඔහුව ආරාධනා කළා වුවද, (කම් නැත. ආරාධනා කරනු). ඔහුට අලංකාරවත් (තවත්) බොහොමයක් ශුද්ධ වූ නාමයන් ඇත. (නබියේ!) ඔබගේ නැමදුමෙහි ඔබ ඉතාමත් ශබ්ද නගාද සමුදීරණය නොකරනු (මැනව!) ඉතාමත් පහත් හඬින්ද සමුදීරණය නොකරනු (මැනව!) මේ අතර ඇති මැදි මාර්ගයම අනුගමනය කරනු (මැනව!)”
وَقُلِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى لَمْ يَتَّخِذْ وَلَدًۭا وَلَمْ يَكُن لَّهُۥ شَرِيكٌۭ فِى ٱلْمُلْكِ وَلَمْ يَكُن لَّهُۥ وَلِىٌّۭ مِّنَ ٱلذُّلِّ ۖ وَكَبِّرْهُ تَكْبِيرًۢا ١١١
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “සියලූ ප්රශංසා අල්ලාහ්ටම අයත්ය! ඔහුට කිසිම පරම්පරා දරුවෙකුත් නැත. ඔහුගේ රාජ්යයෙහි මිතුරන් කිසිවෙකුත් නැත. ඔහු ඛෙලහීනයෙකු වශයෙන් සිටින්නේය යයි (පැවසීමට ඉඩක් නැත). ඔහුට උදව්කරුවන් කිසිවෙකුද නැත”. එබැවින් ඔහුව ඉමහත් සේ ආඩම්බරයෙන් යුතුව පවසනු මැනව!