< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓمٓر ۚ تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ۗ وَٱلَّذِىٓ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ٱلْحَقُّ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ ۝١

අලිෆ්. ලාම්. මීම්. රා. මේවා මෙම ධර්මයෙහි (සමහර) ආයාවන් වන්නේය. (නබියේ!) ඔබගේ දෙවියන් විසින් ඔබට පහළ කරනු ලබන මෙය සම්පුණයෙන්ම සත්‍යය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) විශ්වාස කරන්නේ නැත.

ٱللَّهُ ٱلَّذِى رَفَعَ ٱلسَّمَٰوَٰتِ بِغَيْرِ عَمَدٍۢ تَرَوْنَهَا ۖ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۖ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّۭ يَجْرِى لِأَجَلٍۢ مُّسَمًّۭى ۚ يُدَبِّرُ ٱلْأَمْرَ يُفَصِّلُ ٱلْءَايَٰتِ لَعَلَّكُم بِلِقَآءِ رَبِّكُمْ تُوقِنُونَ ۝٢

අහස් කුළුණු නොමැතිවම ඔසවන ලද්දේ අල්ලාහ්ය! එය ඔබ, (ඔබගේ ඇස්වලින්) දකින්නෙහුය. තවද අර්ෂ් මත ඔහු තම රාජ්‍ය්‍යය ස්ථාපිත කර ඇත්තේය. ඔහුම සූයදැයාද, චන්ද්‍රයාද තම පාලනය යටතේ තබා ඇත්තේය. (මේවා) සෑම දැයක්ම (ඒවාට) නියමිත කාල පරාසයට අනුව ගමන් කරමින් සිටින්නේය. (ඒවායෙහි සිදුවන) සියලූ කාරණාවන්ද ඔහුම සැලසුම් කරන්නේය. ඔබ (මරණයට පත් වූ පසු නැවත පණ ලැබී) ඔබගේ දෙවියන්ව හමු වීම ස්ථීර කර ගැනීම පිණිස (තමන්ගේ) ආයාවන් (මෙසේ ඔබට) විවරණය කර (දැනුම්) දෙන්නේය.

وَهُوَ ٱلَّذِى مَدَّ ٱلْأَرْضَ وَجَعَلَ فِيهَا رَوَٰسِىَ وَأَنْهَٰرًۭا ۖ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ ٱثْنَيْنِ ۖ يُغْشِى ٱلَّيْلَ ٱلنَّهَارَ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَتَفَكَّرُونَ ۝۳

ඔහුම භූමිය දිග හැර එහි ස්ථීර වූ (අති විශාල) කඳුද (දීර්ඝ) ගං`ගාවන්ද නිර්මාණය කළේය. සෑම පලතුරු වර්ගයකම (ගස්ද; ගැහැණු පිරිමි වශයෙන් වූ ජෝඩු) ජෝඩුද නිර්මාණය කළේය. රාත්‍රිය මගින් දහවල වසා දමන්නේය. සිතන්නට හැකි ජනතාවට නියත වශයෙන්ම මෙහි සාධකයන් බොහොමයක් ඇත්තේය.

وَفِى ٱلْأَرْضِ قِطَعٌۭ مُّتَجَٰوِرَٰتٌۭ وَجَنَّٰتٌۭ مِّنْ أَعْنَٰبٍۢ وَزَرْعٌۭ وَنَخِيلٌۭ صِنْوَانٌۭ وَغَيْرُ صِنْوَانٍۢ يُسْقَىٰ بِمَآءٍۢ وَٰحِدٍۢ وَنُفَضِّلُ بَعْضَهَا عَلَىٰ بَعْضٍۢ فِى ٱلْأُكُلِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَعْقِلُونَ ۝٤

භූමියෙහි විවිධ ප්‍රදේශයන් එකට එක්කාසු කළාක් මෙන් නිර්මාණය කර (එහි) මිදි වතුද, ධාන්‍ය ගොවි බිම්ද, ඉඳි ගස්ද නිර්මාණය කළේය. අතු ඇති හා අතු නොමැති ගස්ද (උත්පාදනය කරන්නේය. මේවා සියල්ලට) එකම විදිහේ ජලය පොවනු ලැබුවා වුවද, සමහර දැයට වඩා සමහරක් දැය අපි රසයෙන් උසස් කර තැබුවෙමු. මෙහි බුද්ධිය ඇති ජනතාවට නියත වශයෙන්ම සාධකයන් බොහොයක් ඇත්තේය.

۞ وَإِن تَعْجَبْ فَعَجَبٌۭ قَوْلُهُمْ أَءِذَا كُنَّا تُرَٰبًا أَءِنَّا لَفِى خَلْقٍۢ جَدِيدٍ ۗ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ ۖ وَأُو۟لَٰٓئِكَ ٱلْأَغْلَٰلُ فِىٓ أَعْنَاقِهِمْ ۖ وَأُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ ۝٥

(නබියේ! මෙම ප්‍රතික්ෂේප කරන්නන් ඔබව බොරු කිරීම ගැන) ඔබ පුදුම වන්නෙහි නම්, “අපි (මිය යාමෙන් පසු, දිරා පත් වී) පස් බවට පත් වූවායින් පසුවද, අළුතින් අපි උත්පාදනය කරනු ලබන්නෙමුද?”යි ඔවුන්ගේ පැවසීම (මීටත් වඩා) ඉතාමත් පුදුමාකාර දැයක් නොවෙද! මොවුන් තමන්ව උත්පාදනය කර, පෝෂණය කර, පරිපාලනය කරන්නාවම ප්‍රතික්ෂේප කරන්නන්ය. (එබැවින් පරලොවදී) මොවුන්ගේ ඛෙල්ලෙහි දම්වැල් වලින් බැඳ දමනු ලැබේ. ඔවුන් නිරාවාසීන්ය. එහි සදාකල් මොවුන් රැඳී සිටිනු ඇත.

وَيَسْتَعْجِلُونَكَ بِٱلسَّيِّئَةِ قَبْلَ ٱلْحَسَنَةِ وَقَدْ خَلَتْ مِن قَبْلِهِمُ ٱلْمَثُلَٰتُ ۗ وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍۢ لِّلنَّاسِ عَلَىٰ ظُلْمِهِمْ ۖ وَإِنَّ رَبَّكَ لَشَدِيدُ ٱلْعِقَابِ ۝٦

(නබියේ!) හොඳක් පැමිණීමට පෙරම නරකක් ගෙන්වා ගැනීමට මොවුන් ඔබ වෙත ඉක්මන් කරන්නාහ. මෙවැනි විවිධ කාරණාවන් මොවුන්ගෙන් පෙරද නියත වශයෙන්ම සිදු වී ඇත්තේය. ඔවුන් වැරදිකරුවන් වුවද ඔබගේ දෙවියන් මිනිසුන්ව ක්ෂමා කරන්නෙකු වශයෙන් සිටින්නේය. (එසේම) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් දඬුවම් කිරීමෙහිද ඉතාමත් දරුණු කෙනෙකු වශයෙන්ම සිටින්නේය.

وَيَقُولُ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌۭ مِّن رَّبِّهِۦٓ ۗ إِنَّمَآ أَنتَ مُنذِرٌۭ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ ۝۷

(නබියේ!) මෙම ප්‍රතික්ෂේප කරන්නන් (ඔබ ගැන) “මොහු කෙරෙහි මොහුගේ දෙවියන්ගෙන් (අපි කැමති ආකාරයට) එක් සාධකයක් පහළ කළ යුතු නොවේද?” යයි පවසන්නාහ. (නබියේ!) ඔබ, බිය ගන්වා අනතුරු අඟවන්නාම (මිස, වෙන කිසිවකු නොව. එබැවින් ඔවුන් කැමති ආකාරයටම ඔබ කළ යුතුය යන්න ඔබගේ යුතුකමක් නොව). තවද සෑම සමූහයන්ටම (ඔබ) එක් මාර්ගෝපදේශකයෙකු(ද වන්නෙහිය).

ٱللَّهُ يَعْلَمُ مَا تَحْمِلُ كُلُّ أُنثَىٰ وَمَا تَغِيضُ ٱلْأَرْحَامُ وَمَا تَزْدَادُ ۖ وَكُلُّ شَىْءٍ عِندَهُۥ بِمِقْدَارٍ ۝۸

සෑම ගැහැනියක්ම (ගර්භයෙහි) උසුළාගෙන සිටින්නේ (පිරිමිද ගැහැනුද යන්න)ද අල්ලාහ් හොඳින් දන්නේය. ගර්භාෂයන්හි (ගැබ් ගන්නා අවස්ථාවේදී) හැකිළීමද (ප්‍රසූත කරන විට) ඒවා විවර වීමද ඔහු දන්නේය. (ගර්භයන්හි ඇති) සෑම දැයක්ම (එම ගර්භයන්හි රැඳී සිටිය යුතු) කාලය ඔහු වෙත සඳහන්වම ඇත්තේය.

عَٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ ٱلْكَبِيرُ ٱلْمُتَعَالِ ۝۹

(මෙපමණක්ද! අනිත් සියල්ලෙහි) රහස්ද, නොරහස්ද ඔහු හොඳින් දන්නෙකි. ඔහු ඉතාමත් විශාලවන්තයෙකි. ඉතාමත් උසස් වන්තයෙකි.

سَوَآءٌۭ مِّنكُم مَّنْ أَسَرَّ ٱلْقَوْلَ وَمَن جَهَرَ بِهِۦ وَمَنْ هُوَ مُسْتَخْفٍۭ بِٱلَّيْلِ وَسَارِبٌۢ بِٱلنَّهَارِ ۝١۰

ඔබගෙන් කවුරුන් හෝ (තම) වදන රහසින් තබා ගත්තද, නැතහොත් එය ප්‍රසිද්ධියේ පැවසුවද, ඔහුට (ඒ දෙකම) එක සමානය! (එසේම ඔබගෙන් වූ) කවුරුන් හෝ රාත්‍රියෙහි තමන් කරන දැය සඟවා ගත්තද, නැතහොත් දහවලෙහි ප්‍රසිද්ධියේ කළා වුවද, (ඔහුට එය එක සමානය! සියල්ලන්ගේ ක්‍රියාවන්ම ඔහු හොඳින් දන්නේය).

لَهُۥ مُعَقِّبَٰتٌۭ مِّنۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِۦ يَحْفَظُونَهُۥ مِنْ أَمْرِ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا۟ مَا بِأَنفُسِهِمْ ۗ وَإِذَآ أَرَادَ ٱللَّهُ بِقَوْمٍۢ سُوٓءًۭا فَلَا مَرَدَّ لَهُۥ ۚ وَمَا لَهُم مِّن دُونِهِۦ مِن وَالٍ ۝١١

(මිනිසා කුමන තත්වයක සිටියදී වුවද) ඔහුට ඉදිරියෙන්ද, පසුපසින්ද නොකඩවා පැමි‚ය හැකි (මලායිකාවරුන්) කිහිප දෙනෙකු සිටින්නාහ. ඔවුන් අල්ලාහ්ගේ නියෝගයන් මගින් ඔහුව ආරක්ෂා කරන්නාහ. මිනිසුන් (තමන්ගේ නපුරු ගති ගුණයන්ගෙන්) තමන්ව වෙනස් නොකර ගන්නා තුරු, නියත වශයෙන්ම අල්ලාහ්ද (ඔවුන්ට පහළ කළ වරප්‍රසාදයන්) වෙනස් කර හරින්නේ නැත. අල්ලාහ් කුමන සමුහයන්ට හෝ හානියක් කිරීමට අදහස් කළහොත් එය වළක්වන්නන් කිසිවෙකුත් නැත. ඔවුන්ට උදව් කරන්නන්ද ඔහු මිස, වෙන කිසිවෙකුත් නැත.

هُوَ ٱلَّذِى يُرِيكُمُ ٱلْبَرْقَ خَوْفًۭا وَطَمَعًۭا وَيُنشِئُ ٱلسَّحَابَ ٱلثِّقَالَ ۝١٢

(ඔබට) බියද, ලාභයද ලබා දිය හැකි විදුලිය ඔහුම ඔබ ඉදිරියේ බැබලීමට සලස්වන්නේය. (වැස්ස උසුළන) ඝන වලාකුළුද ඔහුම ඉකුත් කරන්නේය.

وَيُسَبِّحُ ٱلرَّعْدُ بِحَمْدِهِۦ وَٱلْمَلَٰٓئِكَةُ مِنْ خِيفَتِهِۦ وَيُرْسِلُ ٱلصَّوَٰعِقَ فَيُصِيبُ بِهَا مَن يَشَآءُ وَهُمْ يُجَٰدِلُونَ فِى ٱللَّهِ وَهُوَ شَدِيدُ ٱلْمِحَالِ ۝١۳

හෙණ හඞද ඔහුගේ ප්‍රශංසාව ගායනා කරන්නේය. (එසේම) ඔහුට බිය වී අනිත් මලායිකාවරුන්ද ඔහුව සුවිශූද්ධ කරමින් ප්‍රශංසා කරන්නාහ. ඔහුම හෙණ වැදීමට සලස්වා එමගින් ඔහු අදහස් කරන අයට පහර දෙන්නේය. (මෙසේ තිබියදී) ඔවුන් අල්ලාහ් ගැන (ඔබ වෙත) තර්ක කරන්නාහ. ඔහු නම්, (ඔවුන්ට දඬුවම් කිරීමට අදහස් කළහොත් ඔවුන්ව) ලෙස්සා යාමට ඉඩ නොදී ඉතාමත් ශක්තිමත් ලෙස අල්ලා ගන්නෙකි.

لَهُۥ دَعْوَةُ ٱلْحَقِّ ۖ وَٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِۦ لَا يَسْتَجِيبُونَ لَهُم بِشَىْءٍ إِلَّا كَبَٰسِطِ كَفَّيْهِ إِلَى ٱلْمَآءِ لِيَبْلُغَ فَاهُ وَمَا هُوَ بِبَٰلِغِهِۦ ۚ وَمَا دُعَآءُ ٱلْكَٰفِرِينَ إِلَّا فِى ضَلَٰلٍۢ ۝١٤

(අපි ප්‍රාර්ථනා කර) ආරාධනා කිරීමට සුදුස්සා ඔහුය. කවුරුන් ඔහුව මිස, (අනිත් ව්‍යාජ දෙවිවරුන්ට ප්‍රාර්ථනා කර) ආරාධනා කරන්නෝද, ඔවුන්ට ඒවා කිසිම පිළිතුරක් දෙන්නේ නැත. (අල්ලාහ් හැර, අනිත් දැය ආරාධනා කරන්නන්ගේ උපමාව) ජලය (ඉබේ) තමන්ගේ කටට යා යුතුය යයි අදහස් කර තමන්ගේ දෑත් (දිගහැර දෝතින් ගෙන නොබී) දිගහැරගෙනම සිටින්නෙකු මෙන් ඇත්තේය. (එය ඔහු තමන්ගේ අත්වලින් ගෙන නොබොන තුරු ඔහුගේ) කටට එය ළඟා වන්නේ නැත. (ව්‍යාජ දෙවිවරුන් වෙත) ප්‍රතික්ෂේප කරන්නන් කරන ප්‍රාර්ථනාවන් (මෙවැනි) දුර්මාර්ගයක් වශයෙන්ම ඇත්තේය.

وَلِلَّهِ يَسْجُدُ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ طَوْعًۭا وَكَرْهًۭا وَظِلَٰلُهُم بِٱلْغُدُوِّ وَٱلْءَاصَالِ ۩ ۝١٥

අහස්හිද භූමියෙහිද ඇති දෑ සියල්ල (ඒවා) කැමති වුවද, අකමැති වුවද, අල්ලාහ්ට හිස නවා (අනිවායදැයෙන්ම අවනතම) වන්නේය. උදේද, සවසද ඒවායේ සෙවණැලිද (ඔහුගේ අණට අවනතව ඉදිරියෙන් හා පසුපසින් ගමන් කරන්නේය).

قُلْ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ قُلِ ٱللَّهُ ۚ قُلْ أَفَٱتَّخَذْتُم مِّن دُونِهِۦٓ أَوْلِيَآءَ لَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ نَفْعًۭا وَلَا ضَرًّۭا ۚ قُلْ هَلْ يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ أَمْ هَلْ تَسْتَوِى ٱلظُّلُمَٰتُ وَٱلنُّورُ ۗ أَمْ جَعَلُوا۟ لِلَّهِ شُرَكَآءَ خَلَقُوا۟ كَخَلْقِهِۦ فَتَشَٰبَهَ ٱلْخَلْقُ عَلَيْهِمْ ۚ قُلِ ٱللَّهُ خَٰلِقُ كُلِّ شَىْءٍۢ وَهُوَ ٱلْوَٰحِدُ ٱلْقَهَّٰرُ ۝١٦

(නබියේ! ඔවුන්ට) “අහස්ද, භූමියද උත්පාදනය කර පරිපාලනය කරන්නා කවරෙක්ද?”යි ඔබ විමසනු. (එයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද?) ඔබම (ඔවුන්ට) “අල්ලාහ්ය” යයි පවසනු. (එසේ තිබියදී) “ඔහුව හැර (ව්‍යාජ දෙවිවිරුන්ව) ආරක්ෂකයින් වශයෙන් ඔබ ඇර ගන්නෙහුද? ඒවා තමන්ටම කිසිම හොඳක් හෝ නරකක් හෝ කිරීමට ශක්තියක් නොමැත්තන් වශයෙන් සිටින්නාහ” යයිද පවසනු. (පසුව ඔවුන්ට) “අන්ධයින්ද, ඇස් පෙණෙන්නන්ද සමාන වන්නෙහුද? නැතහොත් අන්ධකාරයද ආලෝකයද සම වන්නේද?”යි විමසනු. නැතහොත් “ඔවුන් අල්ලාහ්ට සමානයන් කරමින් සිටින දෙවිවරුන් ඔහු උත්පාදනය කර ඇති දැය මෙන් දැයක් උත්පාදනය කර ඇත්තෙහුද?” (යයිද විමසනු මැනව!) එසේ නම්, (මෙලොව) උත්පාදනය කළ අය (කවුරුන්ද යන්න) ඔවුන් අතරේ සැක ඇති වී තිඛෙන්නට ඉඩ ඇත. (එසේද, නැත නොවෙද! එබැවින් ඔවුන්ගෙන්) ඔබ මෙසේ විමසනු: “(මෙලොවෙහි ඇති) සෑම දැයක්ම උත්පාදනය කළ අය අල්ලාහ්ය. ඔහු එක් කෙනෙකි! (ඔහුට සමානයක් හෝ සහායයෙක් හෝ නැත). ඔහුම (ලොවෙහි ඇති සියල්ල) යටහත් පහත් කර පාලනය කරන්නාය”.

أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَسَالَتْ أَوْدِيَةٌۢ بِقَدَرِهَا فَٱحْتَمَلَ ٱلسَّيْلُ زَبَدًۭا رَّابِيًۭا ۚ وَمِمَّا يُوقِدُونَ عَلَيْهِ فِى ٱلنَّارِ ٱبْتِغَآءَ حِلْيَةٍ أَوْ مَتَٰعٍۢ زَبَدٌۭ مِّثْلُهُۥ ۚ كَذَٰلِكَ يَضْرِبُ ٱللَّهُ ٱلْحَقَّ وَٱلْبَٰطِلَ ۚ فَأَمَّا ٱلزَّبَدُ فَيَذْهَبُ جُفَآءًۭ ۖ وَأَمَّا مَا يَنفَعُ ٱلنَّاسَ فَيَمْكُثُ فِى ٱلْأَرْضِ ۚ كَذَٰلِكَ يَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَالَ ۝١۷

ඔහුම වලාකුළෙන් වැස්ස වැසීමට සලස්වන්නේය. (එය වසින) ජලයට සරිලන සේ (කුඩා හා විශාල) ඇළ, ෙදාළවල් සේ ගලා බසින්නේය. (එම ඇළ මාර්ගයන්හි) ගංවතුරවල පෙණ, පාවෙන සේ ඔසවාගෙන ගමන් කරන්නේය. (මෙසේම) ආභරණ සඳහා හෝ නැතහොත් වෙනත් භාණ්ඩ සඳහා හෝ (ලෝහ වර්ග) ගිණ්නෙහි තබා උණු කරන විටදීද එවැනි (අපවිත්‍ර) පෙණ පාවෙන්නේය. සත්‍යයටද අසත්‍යයටද අල්ලාහ් මෙය උපමාවක් වශයෙන් පවසන්නේය. මන්දයත් (අපවිත්‍ර) පෙණ නම්, ප්‍රයෝජනයක් නොමැතිව (ඇති බැවින්) විනාශ වී (සැඟවී) යන්නේය. මිනිසුන්ට ප්‍රයෝජනයක් අත් කර දෙන දැයම භූමියෙහි (ඒකරාශී කර තබා) ස්ථීරව ඇත්තේය. මෙසේම (අවිශ්වාසවන්තයින්ව අපවිත්‍ර පෙණ වලටද, විශ්වාසවන්තයින්ව භූමියෙහි ඒකරාශී කර තබා ඇති ප්‍රයෝජනයක් ගෙන දෙන වස්තූන්ටද උපමා කර) අල්ලාහ් උදාහරණයන් පවසන්නේය.

لِلَّذِينَ ٱسْتَجَابُوا۟ لِرَبِّهِمُ ٱلْحُسْنَىٰ ۚ وَٱلَّذِينَ لَمْ يَسْتَجِيبُوا۟ لَهُۥ لَوْ أَنَّ لَهُم مَّا فِى ٱلْأَرْضِ جَمِيعًۭا وَمِثْلَهُۥ مَعَهُۥ لَٱفْتَدَوْا۟ بِهِۦٓ ۚ أُو۟لَٰٓئِكَ لَهُمْ سُوٓءُ ٱلْحِسَابِ وَمَأْوَىٰهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ ٱلْمِهَادُ ۝١۸

කවුරුන් තමන්ගේ දෙවියන්ගේ ආරාධනාව බාර ගන්නෝද, ඔවුන්ට (එය) සම්පූර්ණයෙන්ම හොඳක් වන්නේය. තවද කවුරුන් ඔහුගේ ආරාධනාවට පිළිතුරු නොදෙන්නෝද, එය ඔවුන්ට (නපුරක් වනු ඇත. මන්දයත්) භූමියෙහි ඇති වස්තූන් සියල්ල අයිතිව තිබී ඒ සමග එවැනි තවත් පංගුවක්ද (ඔවුන් වෙත) තිබී, (පරලොවදී ඔවුන්ට ලැබිය හැකි දඬුවමෙන් බේරීමට) මේ සියල්ල තමන් වෙනුවෙන් වන්දි වශයෙන් දෙන්නටම කැමති වන්නාහ. (එහෙත් එය සිදු වන කාරණාවක් නොව! තවද) ඔවුන් වෙත ඉතාමත් දරුණු ලෙස ප්‍රශ්න කරනු ලබනු ඇත. ඔවුන් රැෙඳන ස්ථානය නිරයයි. එය ඉතාමත් නපුරු වාසස්ථානයකි.

۞ أَفَمَن يَعْلَمُ أَنَّمَآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ٱلْحَقُّ كَمَنْ هُوَ أَعْمَىٰٓ ۚ إِنَّمَا يَتَذَكَّرُ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ ۝١۹

ඔබගේ දෙවියන් විසින් ඔබට පහළ කරන ලද (ධර්මය, එය) සත්‍යය යයි ස්ථීර වශයෙන් විශ්වාස කරන්නා (ඇස් පෙණීම සිඳී ගිය) අන්ධයාට සම වන්නේද? (එසේ වන්නේ නැත). නියත වශයෙන්ම (මෙමගින්) හොඳ ඔවදන් ලබා ගන්නන් බුද්ධිමතුන්ය.

ٱلَّذِينَ يُوفُونَ بِعَهْدِ ٱللَّهِ وَلَا يَنقُضُونَ ٱلْمِيثَٰقَ ۝٢۰

ඔවුන් (කෙබන්ඳන්දයත්) අල්ලාහ් වෙත දුන් පොරොන්දුව පූරණ වශයෙන් ඉටු කරනවා මිස, (තමන් කර ගත්) ගිවිසුම බිඳ දමන්නේ නැත.

وَٱلَّذِينَ يَصِلُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوٓءَ ٱلْحِسَابِ ۝٢١

තවද ඔවුන් අල්ලාහ් ඒකරාශී කර තබන්නට යයි අණ කරන ලද දැයද, ඒකරාශී කර තබනු ඇත. තමන්ගේ දෙවියන්ට බිය වී ද කටයුතු කරනු ඇත. (විනිශ්චය දිනදී විමසනු ලබන) දරුණු ප්‍රශ්න ගැන (සෑම විටම) බිය වෙමින්ම සිටිනු ඇත.

وَٱلَّذِينَ صَبَرُوا۟ ٱبْتِغَآءَ وَجْهِ رَبِّهِمْ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَأَنفَقُوا۟ مِمَّا رَزَقْنَٰهُمْ سِرًّۭا وَعَلَانِيَةًۭ وَيَدْرَءُونَ بِٱلْحَسَنَةِ ٱلسَّيِّئَةَ أُو۟لَٰٓئِكَ لَهُمْ عُقْبَى ٱلدَّارِ ۝٢٢

තවද ඔවුන් තම දෙවියන්ගේ සොම්නස ඉල්ලා (කුමන දුක් ගැහැට වුවද, ඉවසීමෙන් යුතුව) විඳ දරා ගනු ඇත. සලාතයද නොකඩවා ඉටු කරනු ඇත. අපි ඔවුන්ට ලබා දුන් දැයෙන් රහසින්ද, ප්‍රසිද්ධියේද (දැහැමි මාර්ගයෙහි) වියදම් කරනු ඇත. පින් ඇති දැය අත් කරගෙන, පාපතර දැයෙන් වැළකී සිටිනු ඇත. මෙවැන්නන්ට (පරලොවදී) හොඳ වාසස්ථාන ඇත. (එනම් ස්ථීර වූ ස්වර්ගය ඵලවිපාක වශයෙන් ලැඛෙනු ඇත).

جَنَّٰتُ عَدْنٍۢ يَدْخُلُونَهَا وَمَن صَلَحَ مِنْ ءَابَآئِهِمْ وَأَزْوَٰجِهِمْ وَذُرِّيَّٰتِهِمْ ۖ وَٱلْمَلَٰٓئِكَةُ يَدْخُلُونَ عَلَيْهِم مِّن كُلِّ بَابٍۢ ۝٢۳

ස්ථීර වූ ස්වර්ගයන්හි මොවුන්ද, හොඳ ගති පැවතුම් ඇති මොවුන්ගේ පියවරුන්ද, මොවුන්ගේ වල්ලභයන්ද, මොවුන්ගේ පරම්පරාවේ දරුවන්ද ඇතුළු වනු ඇත. සෑම ෙදාරටුවකින්ම මලායිකාවරුන් මොවුන් වෙත පැමිණ-

سَلَٰمٌ عَلَيْكُم بِمَا صَبَرْتُمْ ۚ فَنِعْمَ عُقْبَى ٱلدَّارِ ۝٢٤

(මොවුන්ට) “ඔබ (ඔබගේ ජීවිත කාලයෙහි අමාරුකම්) විඳ දරාගත් හේතුවෙන් ඔබට ශාන්තිය හා සමාදානයද අත් වේවා! (ඔබගේ මෙම) අවසන් නිවස ඉතාමත් හොඳ එකක් බවට පත් විය” (යයි පවසනු ඇත).

وَٱلَّذِينَ يَنقُضُونَ عَهْدَ ٱللَّهِ مِنۢ بَعْدِ مِيثَٰقِهِۦ وَيَقْطَعُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِى ٱلْأَرْضِ ۙ أُو۟لَٰٓئِكَ لَهُمُ ٱللَّعْنَةُ وَلَهُمْ سُوٓءُ ٱلدَّارِ ۝٢٥

කවුරුන් අල්ලාහ් වෙත දුන් පොරොන්දුව -එය ස්ථීර කළ පසුද- කඩ කරන්නෝද ඔවුන්ටද, කවුරුන් අල්ලාහ් ඒකරාශී කර තබන ලෙසට අණ කරන ලැබූ දැය වෙන්කර දමන්නෝද ඔවුන්ටද, කවුරුන් භූමියෙහි අපරාධ කරමින් සැරි සරන්නෝද ඔවුන්ටද, (දෙවියන්ගේ) ශාපයම අත් වනු ඇත. තවද ඔවුන්ට ඉතාමත් නපුරු නිවෙසද (පිළියෙල කර) ඇත්තේය.

ٱللَّهُ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ وَفَرِحُوا۟ بِٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا فِى ٱلْءَاخِرَةِ إِلَّا مَتَٰعٌۭ ۝٢٦

අල්ලාහ් තමන් කැමති අයට අප්‍රමාණව ලබා දෙන්නේය. (තමන් කැමති අයට) සීමා සහිතවද ලබා දෙන්නේය. එහෙත් (ප්‍රතික්ෂේප කරන්නන්) මෙලොව ජීවිතය මගින්ම සතුටට පත් වන්නාහ. මෙලොව ජීවිතය නම්, පරලොව සමග (සසඳා බලන විට) ඉතාමත් අල්ප දැයක් මිස, වෙන කිසිවක් නැත.

وَيَقُولُ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌۭ مِّن رَّبِّهِۦ ۗ قُلْ إِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهْدِىٓ إِلَيْهِ مَنْ أَنَابَ ۝٢۷

(නබියේ!) මෙම ප්‍රතික්ෂේප කරන්නන් (අපගේ දුතයා වන ඔබව ගෙනහැර දක්වමින්) “මොහු කෙරෙහි මොහුගේ දෙවියන් වෙතින් (අපි කැමති ආකාරයට) කුමක් හෝ සාධකයක් පහළ කළ යුතු නොවේද?”යි පවසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම අල්ලාහ් (දඬුවම් කිරීමට) අදහස් කරන අයව, වැරදි මාර්ගයෙහි අත්හැර දමන්නේය. සම්පුර්ණයෙන්ම ඔහු දෙසටම සිටින්නන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය”.

ٱلَّذِينَ ءَامَنُوا۟ وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ ٱللَّهِ ۗ أَلَا بِذِكْرِ ٱللَّهِ تَطْمَئِنُّ ٱلْقُلُوبُ ۝٢۸

ඇත්තෙන්ම විශ්වාසය තබා සිටින්නන් ඔවුන්ය. (ඔවුන් ඉදිරියේ) අල්ලාහ්ගේ ශූද්ධ වූ නාමය මතක් කරනු ලැබුවහොත් ඔවුන්ගේ හෘදයන් සෑහීමට පත් වන්නේය. (මන්දයත්) අල්ලාහ්ගේ ශූද්ධ වූ නාමය මතක් කිරීම මගින් (සත්‍ය විශ්වාසවන්තයින්ගේ) හෘදයන් නියත වශයෙන්ම තෘප්තියට පත් වනු ඇත යන්න (නබියේ! ඔබ) දැන ගනු (මැනව!)

ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ طُوبَىٰ لَهُمْ وَحُسْنُ مَـَٔابٍۢ ۝٢۹

කවුරුන් විශ්වාසය තබමින් සිටින අතර දැහැමි ක්‍රියාවන්ද කරමින් සිටින්නෝද, ඔවුන්ටම හොඳ භාග්‍යයද, හොඳ වාසස්ථානද ඇත.

كَذَٰلِكَ أَرْسَلْنَٰكَ فِىٓ أُمَّةٍۢ قَدْ خَلَتْ مِن قَبْلِهَآ أُمَمٌۭ لِّتَتْلُوَا۟ عَلَيْهِمُ ٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ وَهُمْ يَكْفُرُونَ بِٱلرَّحْمَٰنِ ۚ قُلْ هُوَ رَبِّى لَآ إِلَٰهَ إِلَّا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ مَتَابِ ۝۳۰

(නබියේ! මීට පෙර අපි දූතයින් බොහොමයක් දෙනාව යැවූ) මේ අන්දමටම ඔබවද අපි (අපගේ දුතයා වශයෙන්) එක් සමුහයක් වෙත යැවුවෙමු. මොවුන්ගෙන් පෙරද (මොවුන්ගෙන්) විවිධ සමුහයන් ඉකුත්ව ගොස් ඇත්තාහ. (දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් වෙත කිසිම දුතයෙකු නොපැමි‚යේය). එබැවින් අපි ඔබට වහී මගින් දැනුම් දෙන දැය මොවුන්ට ඔබ සමුදීරණය කර පෙන්වා දෙනු. එහෙත් මොවුන් නම්, (ඔබව ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව, තමන් කෙරෙහි අනේක වරප්‍රසාදයන් පහළ කරන ලද අසීමිත දයාළු වන) රහ්මාන්වම ප්‍රතික්ෂේප කරන්නාහ! ඔබ (ඔවුන්ට) මෙසේ පවසනු: “ඔහුය මගේ දෙවියන්; ඔහු හැර නැමදුමට යුත්තෙකු වෙන කිසිවෙකුත් නැත. ඔහුවම මා විශ්වාස කරන්නෙමි. ඔහු වෙතම මා ආපසු යන්නෙමි”.

وَلَوْ أَنَّ قُرْءَانًۭا سُيِّرَتْ بِهِ ٱلْجِبَالُ أَوْ قُطِّعَتْ بِهِ ٱلْأَرْضُ أَوْ كُلِّمَ بِهِ ٱلْمَوْتَىٰ ۗ بَل لِّلَّهِ ٱلْأَمْرُ جَمِيعًا ۗ أَفَلَمْ يَا۟يْـَٔسِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَن لَّوْ يَشَآءُ ٱللَّهُ لَهَدَى ٱلنَّاسَ جَمِيعًۭا ۗ وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُوا۟ تُصِيبُهُم بِمَا صَنَعُوا۟ قَارِعَةٌ أَوْ تَحُلُّ قَرِيبًۭا مِّن دَارِهِمْ حَتَّىٰ يَأْتِىَ وَعْدُ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ لَا يُخْلِفُ ٱلْمِيعَادَ ۝۳١

(නබියේ! අපි මොවුන්ට මෙය හැර වෙන) යම්කිසි කුර්ආනයක් පහළ කර, එමගින් කඳු සෙළවීමට හෝ නැතහොත් එමගින් භූමිය කෑලි කෑලිවලට කැඩී යාමට හෝ නැතහොත් මිය ගිය අයව කතා කිරීමට සලස්වා හෝ තිබුණා වුවද, (මොවුන් විශ්වාස කරන්නේම නැත). එහෙත් සියලූ කාරණාවන් අල්ලාහ්ටම අයිතිය! එබැවි අල්ලාහ් අදහස් කර තිබුනේ නම්, මිනිසුන් සියල්ලන්වම ඍජු මාර්ගයෙහි ඇතුළු කිරීමට ඉඩ තිබුණි යන්න ගැන විශ්වාසවන්තයින් සෑහීමට පත් වුයේ නැද්ද? ප්‍රතික්ෂේප කරන්නන්ව ඔවුන්ගේ (නපුරු) කාරණාවන්ගේ හේතුවෙන් (ඔවුන් තිගැස්සෙන සුළු) යම්කිසි (වේදනා ගෙන දෙන) සිදුවීමක් ඔවුන් වෙත අනිවායදැයෙන්ම පැමිණ සේන්දු වනු ඇත. නැතහොත් ඔවුන්ගේ වාසස්ථානය සමීපයෙහි හෝ (එවැනි සිදුවීම්) සිදු වෙමින්ම පැවතෙමින් තිබියදී (‘ඔබ ජයග්‍රහණය කරන්නෙහුය’ යයි ඔබට කියනු ලැබූ) අල්ලාහ්ගේ පොරොන්දුව අනිවායදැයෙන්ම ඉටු වනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් (තමන්ගේ) පොරොන්දුවෙහි වැරද යන්නේ නැත.

وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍۢ مِّن قَبْلِكَ فَأَمْلَيْتُ لِلَّذِينَ كَفَرُوا۟ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ ۝۳٢

(නබියේ!) ඔබට පෙර (පැමි‚ අපගේ) දූතයින් බොහොමයක් දෙනාද (මේ අන්දමටම) නියත වශයෙන්ම සමච්චලයට ලක් කරනු ලැබූහ. (ඔවුන්ව) ප්‍රතික්ෂේප කළ අයවද (එවෙලේම දඬුවම් නොකර) මා කල් දී අත්හැර දැමුවෙමි. එහෙත් පසුව මා ඔවුන්ව අල්ලා ගත්තෙමි. (අපගේ) දඬුවම කෙසේ තිබුණේද (යන්න සිතා බලනු මැනව!)

أَفَمَنْ هُوَ قَآئِمٌ عَلَىٰ كُلِّ نَفْسٍۭ بِمَا كَسَبَتْ ۗ وَجَعَلُوا۟ لِلَّهِ شُرَكَآءَ قُلْ سَمُّوهُمْ ۚ أَمْ تُنَبِّـُٔونَهُۥ بِمَا لَا يَعْلَمُ فِى ٱلْأَرْضِ أَم بِظَٰهِرٍۢ مِّنَ ٱلْقَوْلِ ۗ بَلْ زُيِّنَ لِلَّذِينَ كَفَرُوا۟ مَكْرُهُمْ وَصُدُّوا۟ عَنِ ٱلسَّبِيلِ ۗ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍۢ ۝۳۳

ඔහු නම්, සෑම ආත්මයක්ම කරන සෑම දැයක්ම හොඳින් දන්නෙකි. ඔවුන් නම්, (ව්‍යාජ දෙවිවරුන්ව) අල්ලාහ්ට සමානයන් වශයෙන් තබන්නාහ! (මෙවැනි වැරදිකරුවන්ව දඬුවම් නොකර අත්හැර දමනු ඇත්ද? නබියේ! ඔබ ඔවුන්ට “ඔබ පවසන දෙවිවරුන් ඇත්තෙන්ම ඔහුට සමානයන් වශයෙන් තිබුණේ නම්) ඒවායේ නම් ඔබ පවසනු. නැතහොත් භූමියෙහි (ඔහුට සමානයන් වශයෙන් දැයක් තිබී එය) ඔහු නොදැනුවත්ව තිබී, ඒ ගැන ඔබ ඔහුට දැනුම් දෙන්නෙහුද? නැතහොත් (ඔබ පවසන දැය, සත්‍යයෙන් තොර) පුහු වදන් පමණක්ද?”යි විමසනු. මෙවායෙන් කිසිවක් නැත! මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට ඔවුන්ගේ කුමන්ත්‍රණයන්ම අලංකාරවත් කර පෙන්වන ලදී. (එබැවින්ම ඔවුන්) ඍජු මාර්ගයෙන්ද වළක්වනු ලැබූහ. කවුරුන්ව (ඔහුගේ පාපයන්හි හේතුවෙන්) අල්ලාහ් වැරදි මාර්ගයෙහි අත්හැර දැමුවේද, ඔහුව ඍජු මාර්ගයෙහි ඇතුළු කළ හැකි කිසිවෙකුත් නැත.

لَّهُمْ عَذَابٌۭ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَلَعَذَابُ ٱلْءَاخِرَةِ أَشَقُّ ۖ وَمَا لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٍۢ ۝۳٤

ඔවුන්ට මෙලොව ජීවිතයෙහිද දඬුවම් ඇත. (පරලොවෙහිද දඬුවම් ඇත. එහෙත් ඔවුන්ට) පරලොවදී ලැඛෙන දඬුවම් නම්, ඉතාමත් දරුණුය. අල්ලාහ් වෙතින් ඔවුන්ව බේරා ගන්නන් කිසිවෙකුත් නැත.

۞ مَّثَلُ ٱلْجَنَّةِ ٱلَّتِى وُعِدَ ٱلْمُتَّقُونَ ۖ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۖ أُكُلُهَا دَآئِمٌۭ وَظِلُّهَا ۚ تِلْكَ عُقْبَى ٱلَّذِينَ ٱتَّقَوا۟ ۖ وَّعُقْبَى ٱلْكَٰفِرِينَ ٱلنَّارُ ۝۳٥

පරිශූද්ධවන්තයින්ට පොරොන්දු දෙන ලද ස්වර්ගයෙහි තත්වය නම්, එහි දිය දහරා සදාකල් ගලමින්ම ඇත්තේය. එහි (ඔවුන්ට) ලැඛෙන ආහාර (කිසිදාක නොවැළැක්වෙන) ස්ථීර ඒවාය. එහි සෙවණැලි (ඒ අකාරයටම ස්ථීරය). මෙයයි භය භක්තිකයින්ගේ අවසානය වන්නේ. ප්‍රතික්ෂේප කරන්නන්ගේ අවසානය නම් නිරයයි!

وَٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ يَفْرَحُونَ بِمَآ أُنزِلَ إِلَيْكَ ۖ وَمِنَ ٱلْأَحْزَابِ مَن يُنكِرُ بَعْضَهُۥ ۚ قُلْ إِنَّمَآ أُمِرْتُ أَنْ أَعْبُدَ ٱللَّهَ وَلَآ أُشْرِكَ بِهِۦٓ ۚ إِلَيْهِ أَدْعُوا۟ وَإِلَيْهِ مَـَٔابِ ۝۳٦

(නබියේ! පෙර) අපි කවුරුන් හට ධර්ම දී ඇත්තෙමුද, ඔවුන් ඔබට පහළ කරන ලද (මෙම ධර්මය) ගැන සතුටට පත් වන්නාහ. එහෙත් මෙම (ධර්මයෙහි) සමහරක් ප්‍රතික්ෂේප කරන සමුහයන්ද ඔවුන්ගෙන් ඇත. එබැවින් ඔබ (ඔවුන්ගෙන්) “අල්ලාහ්ට කිසිවක් සමානයන් නොතබා ඔහු එක් කෙනෙකුවම මා නමදින මෙන් අණ කරනු ලැබ ඇත්තේය. (ඔබව) මා ඔහු වෙතම ආරාධනා කරන්නෙමි. මමත් ඔහු වෙතම යන්නෙමි” යයි පවසනු මැනව!

وَكَذَٰلِكَ أَنزَلْنَٰهُ حُكْمًا عَرَبِيًّۭا ۚ وَلَئِنِ ٱتَّبَعْتَ أَهْوَآءَهُم بَعْدَمَا جَآءَكَ مِنَ ٱلْعِلْمِ مَا لَكَ مِنَ ٱللَّهِ مِن وَلِىٍّۢ وَلَا وَاقٍۢ ۝۳۷

(නබියේ! ඔබ හොඳින් දැන ගනු පි‚ස) අරාබි (බසින්) නීති රීති අඩංගු එකක් වශයෙන් එය (විවරණය කර) පහළ කළෙමු. එබැවින් (වහී මගින්) ඔබට (ශූද්ධ වූ කුර්ආනය) ඥානය ලැබුණායින් පසුවද, ඔබ ඔවුන්ගේ කැමැත්ත අනුගමනය කළහොත් අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඔබව බේරා ගැනීමට හෝ (ඔබට) උදව් කිරිමට හෝ කිසිවෙකු නොමැත!

وَلَقَدْ أَرْسَلْنَا رُسُلًۭا مِّن قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَٰجًۭا وَذُرِّيَّةًۭ ۚ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأْتِىَ بِـَٔايَةٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۗ لِكُلِّ أَجَلٍۢ كِتَابٌۭ ۝۳۸

(නබියේ!) නියත වශයෙන්ම අපි ඔබට පෙරද දූතයින් බොහොමයක් දෙනාව යවා ඇත්තෙමු. (ඔබ මෙන්ම) ඔවුන්ටද අඹු දරුවන්ද දී තිබුනෙමු. (එබැවින් ඔබට අඹු දරුවන් තිබීම ගැන මොවුන් දෝස් පවරන්නට ඉඩ නැත). තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර කිසිම දූතයෙකු කිසිම සාධකයක් ගෙන ඒමට ඉඩ නැත. (ඔහු මනක්කල්පිත කර තිබූ) සෑම දැයකටම කාල අවකාශයක් (සඳහන් කර) ලියනු ලැබ ඇත්තේය. (එය නියමිත කාල අවකාශයට කළින් පැමිණෙන්නේද නැත; පසුව පැමිණෙන්නේද නැත).

يَمْحُوا۟ ٱللَّهُ مَا يَشَآءُ وَيُثْبِتُ ۖ وَعِندَهُۥٓ أُمُّ ٱلْكِتَٰبِ ۝۳۹

එහෙත් ඔහු (එහි) අදහස් කළ දැය විනාශ කර දමනු ඇත. (ඔහු අදහස් කළ දැය) ස්ථීර කරද හරිනු ඇත. (සියල්ලටම) මූලික සටහන ඔහුගේ සන්නිධානයෙහි ඇත. (ඒ අනුව සියලූ කාරණාවන් නොවැරදී සිදු වනු ඇත).

وَإِن مَّا نُرِيَنَّكَ بَعْضَ ٱلَّذِى نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِنَّمَا عَلَيْكَ ٱلْبَلَٰغُ وَعَلَيْنَا ٱلْحِسَابُ ۝٤۰

(නබියේ!) ඔවුන්ට (පැමිණෙනු ඇත යයි) අපි පොරොන්දු දෙන ලද (දඬුවම් වලින්) සමහරක් (ඔබ ජීවතුන් අතර සිටියදීම) ඔබගේ දෑස්වලින් දකින සේ සිදු කළා වුවද, නැතහොත් (එය පැමිණීමට පෙර) අපි ඔබව අත්පත් කර ගත්තා වුවද, (ඒ ගැන ඔබ දුක් නොවනු!) ඔබගේ යුතුකම නම්, දූත මෙහෙවර ගෙන ගොස් සේන්දු කිරීමය! (ඔවුන් වෙතින් එහි) ගණනය කිරීම අපගේ යුතුකම වන්නේය.

أَوَلَمْ يَرَوْا۟ أَنَّا نَأْتِى ٱلْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ وَٱللَّهُ يَحْكُمُ لَا مُعَقِّبَ لِحُكْمِهِۦ ۚ وَهُوَ سَرِيعُ ٱلْحِسَابِ ۝٤١

(ඔවුන් වාසය කරන) භූමියෙහි වර්ග ප්‍රමාණය ඒවායේ අවට ප්‍රදේශයෙන් නියත වශයෙන්ම අපි (ක්‍රම ක්‍රමයෙන්) අඩු කරමින් සිටිනු ඔවුන් නොදැක්කෙහුද? අල්ලාහ්ම තීන්දුව දිය හැකි අයයි. ඔහුගේ තීන්දුව වැළැක්විය හැකි කිසිවෙකුත් නැත. ඔහු ප්‍රශ්න කිරීමෙහි ඉතාමත් කඩිසරවන්තයෙකි.

وَقَدْ مَكَرَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَلِلَّهِ ٱلْمَكْرُ جَمِيعًۭا ۖ يَعْلَمُ مَا تَكْسِبُ كُلُّ نَفْسٍۢ ۗ وَسَيَعْلَمُ ٱلْكُفَّٰرُ لِمَنْ عُقْبَى ٱلدَّارِ ۝٤٢

(නබියේ!) මොවුන්ට පෙර සිටියවුන්ද (අපගේ දුතයින්ට විරුද්ධව මේ අන්දමටම) කුමන්ත්‍රණ බොහොමයක් කරමින් සිටියහ. එහෙත් කුමන්ත්‍රණ සියල්ල අල්ලාහ් වෙත පැටළී යනු ඇත. (මන්දයත්) සෑම ආත්මයක්ම කරනු ලබන (කුමන්ත්‍රණ) සියල්ල ඔහු (නියත වශයෙන්ම) හොඳින් දන්නේය. එබැවින් අවසාන තීන්දුව කා හට (හොඳක් වශයෙන් ඇත්තේදැයි) යන්න මෙම ප්‍රතික්ෂේප කරන්නන් ඉතාමත් ඉක්මනින් දැන ගන්නාහ.

وَيَقُولُ ٱلَّذِينَ كَفَرُوا۟ لَسْتَ مُرْسَلًۭا ۚ قُلْ كَفَىٰ بِٱللَّهِ شَهِيدًۢا بَيْنِى وَبَيْنَكُمْ وَمَنْ عِندَهُۥ عِلْمُ ٱلْكِتَٰبِ ۝٤۳

(නබියේ!) “ඔබ (දෙවියන් විසින්) යවනු ලැබූ දූතයෙකු නොව” යයි මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ. (එයට ඔවුන්ට “මේ ගැන) මටත් ඔබටත් අතරේ අල්ලාහ්ද, ධර්ම ඥානය හිමි අයද ප්‍රමාණවත් සාක්ෂිකරුවන් වන්නාහ” යයි පවසනු මැනව!