< السورة السابقة | فهرس السور | السورة التالية >



حدد حجم خط الآيات
()


بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلْعَٰدِيَٰتِ ضَبْحًۭا ۝١

හුස්ම හිර වෙන තරමට අධික වේගයෙන් දුවන අශ්වයින් මතද-

فَٱلْمُورِيَٰتِ قَدْحًۭا ۝٢

(දුවන වේගයෙන්ම කුර ගැටෙන්නට සලස්වා) ගිනි පුපුරු වීසි වන්නට සලස්වන දැය මතද-

فَٱلْمُغِيرَٰتِ صُبْحًۭا ۝۳

තවද උදේ පාන්දර (සතුරන් කෙරෙහි) පැන දුවන දැය මතද-

فَأَثَرْنَ بِهِۦ نَقْعًۭا ۝٤

(එසේ වේගයෙන් දුවන විට, වලාකුළු මෙන්) එමගින් දූවිලි අවුස්සා දමන දැය මතද-

فَوَسَطْنَ بِهِۦ جَمْعًا ۝٥

පසුව (සතුරන්ගේ සේනාව) මධ්‍යයෙහි ඒ හේතුවෙන් අතුළු වන දැය මතද සත්තකින්ම!

إِنَّ ٱلْإِنسَٰنَ لِرَبِّهِۦ لَكَنُودٌۭ ۝٦

නියත වශයෙන්ම මිනිසා තම දෙවියන්ට කෙළෙහිගුණ නොදක්වන්නෙකු වශයෙන් සිටින්නේය.

وَإِنَّهُۥ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌۭ ۝۷

නියත වශයෙන්ම ඔහුම මෙයට සාක්ෂි වශයෙන්ද සිටින්නේය.

وَإِنَّهُۥ لِحُبِّ ٱلْخَيْرِ لَشَدِيدٌ ۝۸

නියත වශයෙන්ම ඔහු ඉතාමත් දැඩි වශයෙන්ම වස්තුවට ආදරය කරන්නේය.

۞ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِى ٱلْقُبُورِ ۝۹

සොහොන් (කබ්රු) වල ඇති දැය පිටතට වීසි කරනු ලැබ,

وَحُصِّلَ مَا فِى ٱلصُّدُورِ ۝١۰

සිත්හි ඇති දැය එළිදරව් කරනු ලබන අවස්ථාවේදී-

إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍۢ لَّخَبِيرٌۢ ۝١١

නියත වශයෙන්ම (මිනිසුන් වන) ඔවුන්ගේ දෙවියන් (නපුරු අය කවරෙක්ද? හොඳ අය කවරෙක්ද?යි) ඔවුන්ව එදිනදී හොඳින් දැන ගන්නේය යනුවෙන් ඔහු දැන ගත්තේ නැද්ද?